මේ ලියවිල්ල අදාල වෙන්නෙ මේ කතා කරන රියැලිටියෙ අත්දැකීම් තියෙන අයට විතරයි. ඒ මැජිකල් මිතිකල් රියැලිටි එකත් ජීවිතේ කොටසක් හැටියෙන් පවත්වාගෙන යන අයට විතරයි. අනිත් අයට මේක විකාරයක් හැටියට ගංජා හීනයක් විදිහට නැත්තං තව නොයෙක් නොයෙක් තමන් දන්න ආතල් ප‍්‍රමානයන්ගෙන් කියවගන්න පුළුවන්.
එක කාලෙක අවුරුදු ගානක පරිච්ෙඡ්දයක් මං සායිබාබා අනුගාමිකයෙක් වෙලා හිටියා. උගත් බුද්දිමත් විචාරශීලී කවවල ගොඩක් වෙලාවට සායිබාබා ආධ්‍යාත්මික පැත්තෙන් සීරියස් විදිහට බාරගන්නෙවත් නෑ. මාල මුදු මවන, අළු මවන, මැජික් දාන සායිබාබාට පිටින් වෙන කිසි දෙයක් නෑ. උදා විදිහට බුදුන්ට, ඕෂොට මේ කතිකා ඇතුලෙ යම් බරක් තියෙනවා. ඒත් හදවතින් තමන්ගේ ධර්මය හරි අත්දැකීම හරි ෂෙයාර් කරගන්න, ඉමෝෂනල් ජර්නි එකක් යෝජනා කරන සායිබාබා නැත්තං ජේසුස් වගේ චරිත දාර්ශනිකව බාරගන්න අමාරු වෙනවා.
එක අතකට එතන තියෙන්න ඕන දේත් ඒකමයි. ඒ අය දාර්ශනික නෑ. ඒ වෙනුවට ක‍්‍රියාවක් හරහා අවබෝධයකට යන මාර්ගයක් ඒ ගොල්ලො කියනවා. මෝඩ අන්ධ විදිහට හඳුන්වන භක්තිය හරහා ලබන ආධ්‍යාත්මික අත්දැකීමක් ගැන ඒ ගොල්ලො කතා කරනවා. විද ්‍යාත්මක මිනිහට මේ භක්තිය කියන කාරනේ දුරයි. ඒත් ඒ තමයි සුවහසක් ජනීජනයාට ආධ්‍යාත්මික අත්දැකීමක් ගන්න තියෙන එකම ප‍්‍රවේශය. ඒ මහා ජනතාවට ඥානයෙන් අවබෝදයට පත්වෙන මාර්ගය දුරයි.
සායිබාබා කියන චරිතයෙ පෙනුමෙන් ඉරියව්වලින් පවා මට කිසිම හැගීමක් දැනෙව්වෙ නෑ. අනිත් පැත්තට මං ලේසියෙන්ම මේකා මිනිස්සු ගසාකන මෝඩ බිස්නස්කාරයෙක් කියල හිතාගත්තා. මොකක් හරි දේකට භක්තියක් ඇතිවෙන්න නම් ඒක තර්කයේ බිත්තිය කඩාගෙන යන්න ඕන. ඒක භාෂාවකින් තොරව එකපාරටම දැනෙන්න ඕන. ඒත් මට සායිබාබා ගැන එහෙම දෙයක් දැනුනෙ නෑ. මං කල්පනා කරලා බැලූවම මට කිසි කෙනෙක් ගැන එහෙම දෙයක් දැනෙන්නෙ නෑ කියල තේරුනා. හැම මිනිහෙකුටම තියෙන අතිසාමාන්‍ය ඉතාම සුන්දර වගේම ලේසියෙන්ම ගැඹුරට තල්ලූ කරන මාර්ගය මට අවහිර වෙලා තිබුනා.
මේ මං ජගත් මාරසිංහ එක්ක දවස් ගනං දිග සාකච්ඡුා සහ ගතකිරීම් කරන කාලෙ. මාරයා ජ්‍යොතිශය භෞතිකයි කියල පෙන්නන්න තනියම සටන් කරන කාලෙ.
‘උඹට ස්වාමිව බාරගන්න බැරි උඹේ මාන්නෙ හින්ද නේද?’
මාරයා මට කිව්වා. ‘බුද්ධිය ගැන දැනුම ගැන තර්කය ගැන උඹට තියෙන මාන්නෙ.. උඹට අනිත් මිනිහව පේන්නෙ මෝඩයෙක් වගේ...’
ඒ කතාවෙන් මගේ ඇතුලෙ දොරඅගුල් කීපයක් කඩාගෙන යනවා මට දැනුනා. බුද්දිය ගැන තියෙන මාන්නය අභියෝග කරන්න මෝඩකම තරම් ගැලපෙන මුනගැහීමක් තියෙනවද? මගේ දැනුම බුද්දිය විසින් එලියෙ තියෙන දේවල් ගැන මට විනිවිදිය නොහැකි තරමෙ විනිශ්චයන් ගොඩනැගිලා තියෙන වග මං දැක්කා.
හැම මිනිහෙකුගෙම ඇතුලෙ දැනුමට බුද්දියට උගත්කමට හෝ සමාජ තත්වයට එපිටින් ගැඹුරු ආධ්‍යාත්මික අවකාශයක් පවතිනවා කියල මට අමතක වෙලා තිබුනා. අපි අනෙකා සමග සම්බන්ද වෙන්නෙ අපි විසින් තෝරාගන්නා ලද යතාර්ථයක් ඔස්සේ කියල මට මගඇරිලා තිබුනා. අනෙක් අතට මගේ අවබෝධයට අනෙකාගේ බුද්ධත්වය ඇත්තක්ද බොරුවක්ද කියන ප‍්‍රශ්නය කොහොමවත් අදාල නැති වග තේරුම් ගන්න මට බැරිවෙලා තිබුනා.
මේ ගුරුවරයාගෙන් මට ඉගෙනගන්න තියෙන්නෙ මොකක්ද?’ කියන නිහතමානී මොහොත මං අත්දැක්කා.
සායි බජන් අහන්න හැම සිකුරාදම මං යන්න පටන් ගත්තා. බජන් පටන් ගන්නෙ හරිම හෙමින්. ඊට පස්සෙ ඒක ටිකෙන් ටික වේගවත් වෙනවා. අන්තිමට ඇ`ග ඇතුලෙ වයිබ්රේෂන් එකක් දැනෙනකල්ම උස්සලා එක පාරට නතර වෙනවා. ඒ නිහඩතාවයට අපි ඇදන් වැටෙනවා. ඕනම මෝඩයෙකුට බ්ලිස්ෆුල් කියන එක නිමේෂයකට ස්පර්ශ කරන වෙලාවක් ඒක.
බජන් කියද්දි මිනිස්සුන්ගෙ ඇස්වලින් කඳුළු වැක්කෙරෙනවා මං දැකලා තියෙනවා. ඒ අය තමන් ඉස්සරහ දෙවියන් දකිනවා. ගොඩක් වෙලාවට වැඩිපුර සල්ලි, නැත්තං දියුනුව, ලෙඩරෝග වලින් සුවය වගේ දේවල් ඒ අය ප‍්‍රාර්ථනා කරනවා ඇති. ඒත් ඒ අය සම්පූර්ණයෙන්ම තමන්ගේ ආත්මීය සීමාවලින් එලියෙ විශාල පැවැත්මකට සම්බන්ධ වෙලා හිටියා. ඒ ට‍්‍රාන්ස් අත්දැකීම එතන ඉන්න හැම ශරීරයකටම දැනෙන තරමෙ එකක්.
මං සමහර දවස්වල දවල්ට පැය ගනං නිකං සායි ආශ‍්‍රමයෙ ඉඳගෙන ඉඳලා තියෙනවා. ඒ ලොකු ශාලාව ඇතුලෙ නිකං ඉඳන් ඉන්න එකම භාවනාවක්. සැරින් සැරේ එන තව එක්කෙනෙක් දෙන්නෙක් වැඳගෙන සායිබාබා හිඳගෙන ඉන්නවා කියලා විශ්වාස කරන පුටුව දිහා බලාගෙන ඉන්නවා. අපි ඉතාම කුඩා අංශූ තරමට කුඩාවුනු, අපිට වඩා විශාල නොපෙනෙන පැවැත්මක් ඉස්සරහ අපි දණගහගෙන ඉන්න, ඒ වෙලාව මේ ලෝකෙ වෙලාවක් නෙමෙයි. ලෞකික පන්සල්ගත ආකෘතිය ඇතුලෙ දැන් අපිට නැතිවෙලා ගිහින් තියෙන්නෙ මේ ආධ්‍යාත්මික මොහොත.
සිත පිළිබඳ තේරුම් ගැනීම් හෝ තර්ක කළ හැකි න්‍යායන් හෝ සායිබාබා ධර්මයෙ නෑ. ඒ වෙනුවට හොඳ හිතින් යහපතේ යෙදෙන්න වගේ සරල මාර්ගයක් එතන යෝජනා වෙන්නෙ. බජන් වලට පස්සෙ කවුරු හරි දානයක් දෙනවා. පැනිරස සහ පළතුරුවලින් හැමෝටම සංග‍්‍රහ කරනවා. එකිනෙකා අතර අපි සංස්කෘතිකව පනවාගත් පටු සීමාවලින් එහාට ගිය මනුස්ස ආදරයක, භක්තියක මොහොතක් ස්පර්ශ වෙනවා. ඇත්තටම පූජනීයයි කියන්න පුළුවන් ඒ අත්දැකීම සම්පූර්ණ වෙන්නෙ මේ සාමූහිකත්වයත් එක්ක.
හරිම පුදුම විදිහට ඕනම කෙනෙකුට තමන්ගෙ ඇතුලෙ තියෙන ඒ දිව්‍යමය මොහොත අත්දකින්න පුළුවන් විදිහට ඒ සම්පූර්ණ වන්දනාව නිර්මාණය වෙලා තියෙනවා. මේක සායිබාබා ගැන විතරක් නෙමෙයි. තව ගොඩක් අපි අතිසරල විදිහට බැහැර කරන ආගමික කාරණා ඇතුලෙ තියෙනවා.
උදා විදිහට පහන් පත්තු කරන එක. ගින්දර තරම් අපිව අපේ ප‍්‍රාකෘතික තත්වයට අරන් යන්න පුළුවන් වෙන කිසිම දෙයක් නෑ. ගින්දර කියන්නෙ අපේ සවිඥානය. ඒ පහන් දැල්ල දිහා බලාගෙන ඉන්න අපි ඒ වෙලාවෙදි ගිනිමැලය වටා එකතු වුනු අපේ ආදිතම මානවයා දක්වාම අවිඥානිකව බැඳෙනවා. මොහොතකට අපි අපේ සාමූහික අවිඥානය ෂෙයාර් කරගන්නවා. අපේ ආත්මීය සීමාවලින් මිදෙනවා.
දැනුමත් එක්ක අපේ ජිවිත සීමා වෙනවා. අපේ මිතිකල් පැවැත්ම අපි තාර්කික දැනුම වෙනුවෙන් පාවා දෙනවා. අන්තිම සාමාන්‍ය දෛනික මිනිස් ජීවිතේ ඉඳන් අපේ ශරීරය ඉක්මවූ මහා සමස්තයක් දක්වා ජීවිතේ විඳින්න, පවතින්න තියෙන හැකියාව අපි අහිමි කරගන්නවා. ඇත්තටම කිව්වොත් සම්පූර්ණ ජීවිතයක් කියන එක අපි දන්නෙම නැතුව අපිට නැති වෙනවා.
ඇයි මං මේක ලියන්නෙ කියල මං දන්නෙ නෑ. ඒක හින්දම මේක මෙතනින් ඉවර වෙන්න ඕන කියල තාර්කික අවසානයකුත් මගේ ඔලූවෙ නෑ. ඒත් ළ`ගදි ආපහු මාරසිංහ ගැන කල්පනා කරද්දි ඒ අතීතෙ ගැන දැනිච්ච භක්තිමත් හැගීම මට එලියට දාන්න ඕන වුනා වෙන්න ඇති.
සාමාන්‍ය ජීවිතේ තරම් ශුද්ධ වූ වෙනත් ආධ්‍යාත්මික ජීවිතයක් නෑ.
මෝඩකම තරම් දැනුම කවදාවත් පරිණත නෑ.
mama eda hithuwe mata danuna dewal hudakalawaka marila yayi kiyala' eath ada wana vita thathwaya wenas wela'
ReplyDelete