Sunday, March 4, 2018

ඩයොජිනිස්ගේ කතා



මට අද උදේ ඩයොජිනිස්ව මුනගැහුනා. පහල ගේට්ටුවට හයියෙන් තඩිබබා ඉන්නකොට. ඒ ගෙදර මනුස්සයා දුවගෙන ආවා. ඩයොජිනිස් හිනාවෙලා අතපෑවා. ගෙදර මනුස්සයා බැනලා එලවගත්තා.
නෑ නෑ යනවා යනවා. මෙතන..

ඩයොජිනිස් හයියෙන් හිනාවුනා. හිනාවෙවී පාර දිගේ ආපහු ගියා. දුකක කණස්සල්ලක සේයාවක් වත් තිබුනෙ නෑ. මිනිස්සු ගැන ඊට වඩා හොඳ බලාපොරොත්තුවක් ඩයොජිනිස්ගෙ හිතේ තිබුනෙ නෑ.

ඒ සල්ලි ඉල්ලපු මනුස්සයගෙ නම ඇත්තටම ඩයොජිනිස්ද කියල මං දන්නෙ නෑ. සමහර විට සිමියොන්, අබිලිං, ඒබරං නැත්තං ඩෙස්මන්ඞ්, ලැනරෝල් , පීරිස් ඔය  ඕන එකක් වෙන්න පුළුවන්. ඒත් ඒ මනුස්සයා මට මතක් කළේ සිනෝපයේ ඩයොජිනස්ව.

ඩයොජිනස් කියන්නෙ සිනිසිසම් නැත්තං නරුමවදය කියන එක දර්ශනයක් නම් ඒකෙ ආරම්බකයා. එයා ජීවත් වුනේ ග‍්‍රීසියෙ මාර්කට් එකක් ඇතුලෙ. ඒකෙ බැරල් එකක් තමයි එයාගෙ නිවහන. මාර්කට් එකට එන අයට අතපාලා එයා ජීවත්වෙන්න කීයක් හරි හොයාගත්තා. අතට අහුවෙන, හම්බුවෙන මොනා හරි කාලා මිනිහා ජීවත් වුනා. එකම වත්කම වුනේ වතුර බොන්න පාවිච්චි කරපු පොල්කට්ට. එකදවසක් පොඩි ළමයෙක් නිකම්ම පාරෙ වතුර වලකට කට තියලා තිබහ නිවාගන්නවා දැකලා ඩයොජිවනිස් තමන්ට තිබුන එකම වත්කමත් විසි කරලා දානවා.

මිනිහා නාන්නෙ නැති, ගඳ ගහන, කිළුටු වැරහැලි අඳින, දැකපු ගමන් පිස්සෙක් කියල හිතෙන මිනිහෙක්. ඒත් සියලූ පිලිගැනීම් සහ සම්මතයන් බැහැර කරන අමුම ප‍්‍රකෘතියේ ජීවිතයක් ඩයොජිනිස් අභ්‍යාස කරමින් හිටියා. බුදුන් හෝ වෙනත් ආධ්‍යාත්මික පොරවල් වගේ තමන්ගෙ එකට සැරසිල්ලක්, ආයිත්තමක් එකතු කරන්නවත් ඩයොජිනිස්ට  ඕන වුනේ නෑ. කිසිම දෙයක් ගැන කලින් පිළිසිඳගත් අදහසක් නැතිව එයා හැමදෙයක්ම ප‍්‍රශ්න කරමින් හිටියා.

ජීවත් වෙනවා සහ මැරෙනවා කියන දෙකේ වෙනසක් නෑ කියල එයා කිව්වා.
එහෙම නං තමුසෙ මොකෝ නොමැරි ජීවත් වෙන්නෙ? මිනිස්සු ප‍්‍රශ්න කළා.
ඉතිං වෙනසක් නැති නිසානෙ නොමැරි ඉන්නෙ. ජීවිතේට වඩා මරණය තෝරගන්නවත් මට හේතුවක් නෑ. ඩයොජිනිස් උත්තර දුන්නා.

එයා ඇහුවා හරිම සරල ප‍්‍රශ්නයක්. සරලම විදිහට මිනිහා කියන්නෙ කවුද?
පිහාටු නැති දෙපාවෙක් කියල පන්ඩිත ප්ලේටො උත්තර දුන්නා.

පරණ ග‍්‍රීසියො කැන්ගරුවො ගිබන්ලා වගේ සත්තු හිටියෙ නෑ. ඉතිං ප්ලේටො හිතුවා වැඬේ ෂේප් කියල. ඒත් ඩයොජිනිස් කුකුලෙක් හොයාගෙන ඌව හමගහලා ප්ලේටොගෙ ඇකඩමියට අරන් ගියා.
ආ මෙන්න මං අපූරු මිනිහෙක් හොයාගත්තා.. කියලා කුකුලව ප්ලේටොට දුන්නා.

මේ විදිහට කොහෙත්ම ආචාරශීලීත්වය වගේ හදාගත්ත කාරණා නම් ඩයොජිනිස්ට තිබුනෙම නෑ. එක සල්ලිකාරයෙක් ඩයොජිනිස්ගෙ ෆෑන් කෙනෙක් වෙලා එයාට ලොකු කට්ටිය එක්ක කෑමකට කතා කළා. ඩයොජිනිස් තමන්ගෙ සුපුරුදු කිළුටු විදිහටම කෑම කනවා දැකලා එතන හිටපු බවතෙක් මළපැනලා එයාට බල්ලා කියල බැන්නා. කොහොමත් සිනික් කියන වචනෙ තේරුම වෙන්නෙම බල්ලා කියන එක. ඒත් බල්ලා කියන සතා නම් කොහෙත්ම සිනික් ගනයට වැටෙන එකෙක් නෙමෙයි.
මේ කතාව ඇහුනම ඩයොජිනිස් කෑම මේසෙන් නැගිටලා අර මිනිහා ළ`ගට ආවා. ඇවිත් බල්ලෙක් වගේම කකුලක් උස්සලා මිනිහගෙ ඇ`ගට චූ කරන්න ගත්තා.

මේ විදිහට අනිත් අයට අපහාස උපහාස කිරීම වගේම ඩයොජිනිස් තමන්ට කරන අපහාස උපහාසත් පඬේකට ගනං ගත්තෙ නෑ. හි`ගා කකා ඉන්න අතරෙදි එතනින් යන එන අය ඩයොජිනිස්ට කෙළ ගැහුවා. කිසිම අපහසුතාවයකට පත් නොවී එයා කෙළ පිහිදගෙන ආයිමත් අත දික්කළා. මේ ගැන පස්සෙ වෙන වෙන හාදයො උසුළු විසුළු කරන්න ගත්තම ඩයොජිනිස් කියනවා,
මිනිස්සු මේ සාලයො ටිකක් අල්ලගන්න මුහුදු ගියාම මුහුදු රැුලි පාරවල් කොයිතරම් කාගෙන ඉන්නවද? ඉතිං මට මගේ කෑම වෙලා හොයාගන්න පොඩි කෙලපාරක් කාගෙන ඉන්න බැරිද?
ඩයොජිනිස්ට ඔය දාර්ශනික මහන්තත්ත කතන්දර පෙන්නන්න බෑ.

එක දවසක් ඔය අපේ ඉන්නවා වගේ තර්කය මුල් කරගත්ත දාර්ශනික ගැටයෙක් ඩයොජිනිස් ළ`ගට ඇවිත් කියනවා, දන්නවද, චලනය කියන්නෙ තනිකරම බොරුවක්. මට ඉඩදෙන්න ඒක ඔප්පු කරන්න කියල.
ඩයොජිනිස් කිසි උත්තරයක් දෙන්නෙ නෑ. ඉක්මනට එතනින් නැගිටලා යන්න යනවා.

තව දවසක ඩයොජිනිස් ගණිකා නිවාසයක් ඉස්සරහට වෙලා කෑ ගහනවා. ගණිකාවක් කියන්නෙ විස ලූ මී බඳුනක්.. ගණිකාවක් කියන්නෙ විසලූ මී බඳුනක්.. ගණිකාවක් කියන්නෙ විස ලූ..
ඉතිං එතනට ඇතුල්වෙන අය මේ මිනිහගේ කට වහන්න කීයක් හරි විසි කරනවා. ඩයොජිනිස් හැන්දෑ වෙනකල් කෑ ගගහා ඉඳලා සල්ලි එකතු වුනාම ගණිකා නිවාසෙ ඇතුලට රිංගනවා.

ඩයොජිනිස්ගෙ අනුගාමිකයන්ට ඔය අල්ලගෙන ඉඳිල්ල දිගටම අල්ලන් ඉන්න හයිය තිබුනෙ නෑ. ගොඩක් අය කාලෙකදි එයාව අත්ඇරලා ගියා. එයින් එක්කෙනෙක් ඩයොජිනිස්ට තමන් ලියපු පොතක් දුන්නා. ඩයොජිනිස් හිනාවුනා. ”උඹ හරි මෝඩයි.. කාට හරි ඇත්ත පළතුරු දෙනවා මිසක් පළතුරු ඇඳපු චිත‍්‍රයක් දීලා වැඩක් නෑ. දර්ශනය පුහුණු කරන ජීවිතය අත්ඇරලා පොත්වල ලියලා තියෙන දර්ශන කියෙව්වට වැඩක් නෑ..”

ඩයොජිනිස්ගෙන් අනුගාමිකයො ගැලවිලා වෙන ගුරුවරු හොයාගෙන යන එක ගැන හැමෝම වගේ ප‍්‍රශ්න කළා. ඒ ගිය කිසි කෙනෙක් ආපහු ඩයොජිනිස් ළ`ගට ආවෙත් නෑ. ඒ ගැන කිසිම පසුතැවිල්ලක් හෝ කළකිරීමක් ඩයොජිනිස්ට තිබුනෙත් නෑ. ඒත් සමහර වෙලාවට ඒකට උත්තර දෙන්න එයාට සිද්ද වුනා.
‘මිනිහෙක්ව නපුංසකයෙක් කරන්න  ඕන කෙනෙකුට පුළුවන්. යන අය යන්න හේතුව ඒකයි. ඒත් නපුංසකයෙක්ව ආපහු මිනිහෙක් කරන්න කිසි කෙනෙකුට බෑ. ඒක නිසා ගිය අය ආපහු ආවත් වැඩක් වෙන්නෙ නෑ..”

ඩයොජිනිස්ගෙ මේ හි`ගාකෑම ගැනත් මිනිස්සු ප‍්‍රශ්න කළා.
‘මං හි`ගාකන්නෙ මිනිස්සුන්ට වියදම් කරන හැටි කියලා දෙන්න. ඒ අයට ත්‍යාගවන්තබව උගන්නන්න..’
ඩයොජිනිස් කිව්වා.

ඉඳලා හිටලා මිනිස්සු ඩයොජිනිස්ට ප‍්‍රශංසා කළා. ඒ වෙලාවට එයා තමන්ගෙ මුහුණට රිදෙන්න අතුල් පහරක් දීගත්තා. ඊට පස්සෙ අ`ඩා වැළපුනා. ‘ලැජ්ජයි.. මං මොකක් හරි චාටර්ම දෙයක් කරලා වෙන්න  ඕනි...” ප‍්‍රශංසා ගැන එයා පසුතැවිලි වුනා.

ප්ලේටෝ එක්ක ඩයොජිනිස් ගොඩක් වලි දාගත්තා.

සොක‍්‍රටීස් ගැන මොකද හිතන්නෙ? කවුරු හරි ඩයොජිනිස්ගෙන් ඇහුවා.
‘සොක‍්‍රටීස් කියන්නෙ පිස්සෙක්’ ඩයොජිනිස් කිව්වා.
පස්සෙ කාලෙක ඩයොජිනිස් කියන්නෙ කවුද කියල ප්ලේටොගෙන් කවුරු හරි ඇහුවා.
සොක‍්‍රටීස් කෙනෙකුට පිස්සු හැදුනම.. ප්ලේටො කිව්වා.
‘ටියුබ්ලයිට්’ කියල ඩයොජිනිස් එතනදිත් ප්ලේටොව ජෝක් කරනවා.

ඔහොම තව දවසක ප්ලේටො කෝප්ප ටිකක් මේසෙ උඩ තියාගෙන තමන්ගෙ දේවල්වලට ඔබ්බෙන් පවතින සංකල්ප ලෝකය ගැන අදහස පැහැදිලි කරන්න හදනවා.

‘මේ කෝප්ප එකට එක වෙනස්. ඒත් මේ හැම එකකම තියෙනවා ‘කෝප්පීය’ කියන අදහස. ඒක පවතින්නෙ මේ කෝප්පයට කලින්’ ප්ලේටො කියනවා.
‘මට පේනවා මේසෙ උඩ තියෙන කෝප්පය නං.  ඒත් කෝප්පීය කියලා එකක් නං පේන්නෙ නෑ..’ ඩයොජිනිස් උපහාසෙන් කියනවා.

ඒකට මේක තියෙන්න  ඕන කියල ප්ලේටො තමන්ගෙ ඔලූවට තට්ටු කරලා පෙන්නනවා.
‘ඔයාට කෝප්පයට පිටින් කෝප්පීය එක තේරුං ගන්න මොලේ නෑ..’ ප්ලේටො කෝචොක් කරනවා.
ඩයොජිනිස් මේසෙ ළ`ගට ගිහිල්ලා කෝප්පයක් අතට ගන්නවා. ‘මේක හිස්ද ?’
එයා අහනවා. ‘ඔව්’ ප්ලේටො උත්තර දෙනවා.

‘එතකොට මේ කෝප්පයේ හිස්කමට කලින් තියෙන හිස්කම කොහෙද?’
ප්ලේටො උත්තරයක් හොයාගන්න කලින් ඩයොජිනිස් ඇවිත් එයාගෙ ඔලූවට තට්ටු කරනවා.
‘මං හිතන්නෙ ඒක තියෙන්නෙ ඔයාගෙ ඔලූව ඇතුලෙ වෙන්න  ඕනි’

ඩයොජිනිස් කියන්නෙ තියරිවලට වඩා ප‍්‍රැක්ටිස් එක දර්ශනය කියල බාරගැනීමක්. සියලූ සම්මුතීන් නොපවතින තැනදි තමන් කවුද කියන එක තේරුම් ගන්න බැරුව ලෝකය තේරුම් ගැනීම සහ තේරුම් කිරීම විකාරසහගත යැයි ඔප්පු කරපු ජීවිතයක්. පැවැත්ම කියන දාර්ශනික සම්මතය ඉස්සරහ පවතිමින් ඒක කුඩු කිරීමම දර්ශනය කරගත් වයිරසයක්.

ඩයොජිනිස් ගැන ප‍්‍රසිද්දම කතාව එයාව මුනගැහෙන්න මැසිඩෝනියාවේ ඇලෙක්සැන්ඩර් ආපු එක.
‘මං ඔයාගෙ දරුණුම ෆෑන් කෙනෙක්. මොනාද ඔයාට මගෙන් කෙරෙන්න  ඕනි?’
ඇලෙක්සැන්ඩර් බක්තියෙන් අහනවා. ඩයොජිනිස් හිනාවෙනවා.

‘අනිවාර්යෙන් ඔයාට මං වෙනුවෙන් දෙයක් කරන්න පුලූවන්. ඒ තමයි චුට්ටක් ඔතනින් පැත්තකට වෙන එක. මොකද ඔයා ඔහොම හිටියම මට වැටෙන ඉර එලිය බ්ලොක් වෙනවා’

ඩයොජිනිස් අවුරුදු අසූ නවයක් ජීවත් වෙනවා. එයාව බල්ලෙක් කාලා මැරුනා කියලා කට්ටියක් කියනවා. එයාව පනුවො ගහලා මැරුනා කියල තව කට්ටියක් කියනවා. ඒත් මට හිතෙන්නෙ එයාට ජීවත්වෙන එක බෝරිං වෙලා හුස්ම නොගෙන ඉන්න ඇති කියල. එයා මළාට පස්සෙ තමන්ගෙ මිනිය සත්තුන්ට කන්න කැලේට ගිහිල්ලා දාන්න කියනවා. තමන් නොවෙන කිසිවක් බාරගැනීම ප‍්‍රතික්‍ෂේප කළ බුදුවරයෙක් ඒ විදිහට ග‍්‍රිසියේ බැරල් එකක පිරිනිවන් පානවා.

ගේට්ටුවෙන් ගේට්ටුවට තට්ටු කර කර තාමත් අපේ පාරෙ ඇවිදන් ආපු ඩයොජිනිස් කවුරුවත් තේරුම් නොගන්නා ධර්මය නිහ`ඩව මුනගස්වමින් පාරක් පාරක් ගානෙ යනවා. මට ඩයෝජිනිස්ගෙ ඒ හිනාව ඈතට ඇහෙනවා.


-චින්තන ධර්මදාස




2 comments:

  1. මරු! මරු! ඉස්සර ඉඳන්ම උඩ තට්ටුවේ ඉඳන් ආතල් එකේ බලන් ඉන්න එවුන් තමයි පහළ කුණුබක්කියේ ඉන්න ඩයොජිනිස් ප්ලේටෝව ජෝක් කරපු හැටි ලියලා ආතල් ගත්තේ.... මොකද ඌ අඬ අඬා ගියානම් උඩ තට්ටුවේ එකාට හිතට අමාරුයි. ගිල්ටි ගහනවා. ඒත් ඌ හිනාවෙවී ගියහම එළ! ඉතින් මේ ලෝකෙ අනිත් එවුන් ඔක්කොම ඩයොජිනිස්ලා නම් මරු ඈ.....

    ReplyDelete