Sunday, July 24, 2011

ඉගිල්ලෙන මාළුවෝ: Best Director Award @ St Petersburg Film Fest


සංජීව පුෂ්පකුමාර එයාගෙ පළවෙනි චිත‍්‍රපටිය වුණු ‘ඉගිල්ලෙන මාළුවෝ’ වෙනුවෙන් ශාන්ත පීටර්ස්බර්ග් සිනමා උළෙලේදී හොඳම අධ්‍යක්‍ෂවරයාට හිමි සම්මානය දිනා ගත්තා. සංජීව මේ සම්මානය දිනා ගත්තේ චීනය, ඉරානය, ඇමරිකාව, පෝලන්තය, රුසියාව, ස්පාඤ්ඤය ආදී රටවල් 10ක නියෝජනයන් අතරින් ඉදිරියට ඇවිත්. මේ චිත‍්‍රපටිය සංජීව කළේ රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලකින්. ඒ නිෂ්පාදනයට මැදිහත් වීම වෙනුවෙන් මනෝ නානායක්කාර (එහි නිෂ්පාදක* මහතාට විශේෂ ස්තුතියක් හිමිවිය යුත්තෙ ලාභ ඉපැයීම කියන බාල අරමුණට එහා ගිහින් පැහැදිලිවම මතභේදයන්ට තුඩු දෙන මේ වගේ කෘතියක් නිෂ්පාදනය කරන්න ඉදිරිපත් වීම නිසා. ඒ වගේම මේ චිත‍්‍රපටයෙ ප‍්‍රධාන නළු නිළියන් වුණු සම්පත් ජයවීරට හා ගයේෂා පෙරේරාට මේ ගෞරවයෙන් විශාල කොටසක් අයිතියි. ලංකාව වගේ රටක සංස්කෘතික සීමා මායිම් නොතකා කළ චරිත පණගැන්වීම වෙනුවෙන්. චිත‍්‍රපටියෙ කැමරාකරණය කළේ විශ්වජිත් කරුණාරත්න. ඒක එයාගෙ පළවෙනි කැමරා අධ්‍යක්‍ෂණය වුණත් මේ කතාව මේ තරම් ප‍්‍රබලව දැනවුවෙ ඒ රූප රාමු නිසා.

යුද්දෙ ගැන අපේ රටේ ගොඩක් අය චිත‍්‍රපටි කළා. ඒ වෙනත් අයගෙ අත්දැකීම් වලින්. ඒත් සංජීව ‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටියට අරන් ආවෙ එයාගෙ ජීවිතය. සිනමා රූපක, අලංකාර, නිෂ්පාදන වටිනාකම් මොකක් නැති වුණත් ඒ චිත‍්‍රපටිය ඇ`ග හිරිවට්ටගෙන යන්නෙ ඒ ඇත්ත නිසා. ඒ ඇත්ත කැමරාවක් ඉස්සරහට ගේන්න තරම් කොන්දක් තිබීම නිසාම සංජීව චිත‍්‍රපටිකරුවෙක් වශයෙන් ඇගයීමට ලක් විය යුතුමයි.

ශාන්ත පිටර්ස්බර්ග් සිනමා උළෙල පැවැත්වෙන්නෙ රුසියාවෙ. මේ සිනමා උළෙල හඳුන්වන්නෙ ‘උළෙලවල් අතරිනුත් උළෙල’ හැටියට. පිටර්ස්බර්ග් සිනමා උළෙල රුසියාවෙ පැවැත්වෙන දැවැන්තම තරගකාරී නොවෙන චිත‍්‍රපටි උළෙලයි. සංජීව මේ උළෙලේදී ‘new territory’ (නව දිශානතීන්* අංශයෙන් හොඳම අධ්‍යක්‍ෂවරයා හැටියෙන් සම්මානය දිනාගන්නවා. නමුත් හොඳම චිත‍්‍රපටිය හැටියට සම්මාන ගන්නේ චීන අධ්‍යක්‍ෂවරයෙක් විසින් කළ ‘බ්ලැක් බ්ලඞ්’ චිත‍්‍රපටියයි. (මේ හැම කාරණයක්ම පැහැදිලිව ලියා දැක්වූයේ සම්මාන එක්ක අපේ අධ්‍යක්‍ෂවරුන් කරන වංචාව හු`ගක් ජනප‍්‍රිය නිසාමයි*

2 comments:

  1. අපි හිතමු ඉක්මනට බලන්න පුළුවන් කමක් ලැබෙයි කියලා...

    ReplyDelete
  2. Yaluva , Bambarawalalla Gaththa Sammanyai , Me sammanayai venasvenne kohomda ?
    why pahadiliva liyana oya ' Second St. Petersburg International Film Festival “Kinoforum” '' vachana Oyage Rachanayen Kapala danne ?

    ReplyDelete