Saturday, December 10, 2011

ROAD TO NOWHERE - ඒ පාර දිගේ මං ගොඩක් දුර ගියා


ශ‍්‍රී පාලියෙ නලින්ගෙ පෙන් ඩ‍්‍රයිව්  එකේ තිබිලා මට ජගා (ජගත් මනුවර්ණ* කරපු ටේ‍්‍රලර් එකක් බලන්න හම්බුණා. ‘රෝඞ් ටු නෝ වෙයාර්’ (කොහෙටවත් නැති පාරක්*, ඒක ජගා ගේ ෆිල්ම් එක ගැන ප‍්‍රමෝ මැටීරියල් එකක්. ඒ කියන්නෙ ෆිල්ම්  එක කරන්න නිෂ්පාදකයෙක් වෙනුවෙන් හදපු එකක්.

සාමාන්‍යයෙන් ටේ‍්‍රලර් එකක් හදන්නෙ ෆිල්ම් එකක් කරල ඉවර වුණාම. අපි සංකගේ ‘ඔබ’ සිංදුවෙ විෂුවල් එකට කලින් ‘මේකින් ඔෆ්’ එක යූ ටියුබ් දැම්මා කියල බූඩි ත් එකපාරක් දොම්නස පළ කලා. නොකරපු ෆිල්ම් එකකට අවශ්‍ය අරමුදල් වෙනුවෙන් ටේ‍්‍රලර් එකක් එලියට දාන එ කමට මුලින්ම මුණගැහුණෙ ටැරන්ටිනෝ සහ රොබර්ට් රොඞ්රිගුඅස් කරපු ‘ග‍්‍රයින්ඞ් හවුස්’ චිත‍්‍රපටියෙදි. ඒ චිත‍්‍රපටිය අතර ප‍්‍රදර්ශනය වෙන තවම නොතැනූ චිත‍්‍රපටි ගැන ටේ‍්‍රලර් එකකින් පේ‍්‍රක්‍ෂකයා උනන්දු කර එතැනදී ලබන ජනප‍්‍රියතාවයේ අනුපිලිවෙලින් චිත‍්‍රපටි හදන්න ඔවුන් බලාපොරොත්තු වුණා. ඒ අනුව ‘මචෙටි’ කියන චිත‍්‍රපටිය එලියට ආවා.

මේක හු`ගක් දියුණු පියවරක්. අපේ රටේ  සම්පූර්ණ පිටපත කියවලා චිත‍්‍රපටිය තේරුම් අරන් සල්ලි දාන නිෂ්පාදකයො අඩුයි. විවිධ වාණිජ කටයුතු අතර ඒ අයට ඒකට වෙලාවකුත් නෑ. ඒ නිසා චිත‍්‍රපටිවලට ආයෝජන අපේ රටේ සිද්ද වෙන්නෙ ඇඳුනුම්කම් මුල් කරගෙන. ඉතින් වෙන්න පුළුවන් විදිහටම ගොඩක් හැදෙන්න ඉඩ තියෙන්නෙ බාල චිත‍්‍රපටි. ඒ චිත‍්‍රපටි හැදෙන්නෙ විධිමත් තරගකාරී කර්මාන්තයක් ඇතුලෙන් නොවෙන හින්ද. චිත‍්‍රපටි හැදෙන්නෙ චිත‍්‍රපටියට පරිබාහිර හු`ගක් කාරණා නිසා හින්ද.

කොහොම වුණත් මේ හැම තත්වයක් ගැනම මැසිවිලි කිය කියා නොඉඳ කැමරාවක් අරන් වැඬේට මුලපුරන්න නිර්මාණශීලී ක‍්‍රමයක් හොයන තැනින්ම ජගා කරන්නෙ ලොකු වැඩක්. නිෂ්පාදකයෙකුට පෙන්නන්න චිත‍්‍රපටියෙ මූඞ් එක, වේගය, කතාව ගලා යන හැටි වගේම තමන්ට යමක් ග‍්‍රහණය කරන්න ඇති හැකියාවත් ‘ටේ‍්‍රලර්’ එකක් ඔප්පු කරනව. තත් තිහක විතර පොඩි කාලයක් ඇතුලෙ නිෂ්පාදකයෙකුට තමන්ගේ ආයෝජනය ගැන තීරණයක් ගන්න පහසු කරනවා. කිසි මුදලක් අතේ නැතුවත් මේ තරම් දෙයක් තමන්ට කළ හැකි යැයි සනාථ කරන අතරම ජගා චිත‍්‍රපටි කර්මාන්තයට නව වෘත්තිමය හැඩයක් එකතු කරනව.
මේ හැම දෙයක්ම අදාල වෙන්නෙ ඒ ටේ‍්‍රලර් එක ඒ තරම්ම හොඳ නිසා.

කරපු චිත‍්‍රපටි ගැන අපි  ඕන තරම්  ලියනව. ඒත් ඒ වෙද්දි චිත‍්‍රපටිය හැදිල ඉවරයි. ඒත් තාම නොහැදුණු නමුත් විශ්මිත බලාපොරොත්තු දල්වන චිත‍්‍රපටි ගැන අපිට ලියන්න පුළුවන් නම් හු`ගක් හොඳ දේවල් වඳ නොවී බේර ගන්න අපිට පුළුවන් වෙයි.
ජගා එක්ක කතා කරද්දි කවදාවත් දකින්න බැරි පරිණතකමක් ජගාගෙ පොඩි පොඩි චිත‍්‍රපටි වැඩ ඇතුලෙ මං දැකල තියෙනව. ඒ දෙක ගලපගන්න බැරුව මං හිතල තියෙනව. ඒක තියෙන්නෙ ජගාගෙ ර`ගපෑම ගැන දැනුම ඇතුලෙ. ඒක නිර්මාණශීලී හැකියාවකට වඩා තියුණු ශිල්පීය හැකියාවක්. ජගා ඇෙ`ගන් දන්නවා යම් සිදුවීමක ‘ටෙම්පො’ එක. චරිතයක් ගොඩනැගෙන්න, සිද්දියක් දැනෙන්න යන වෙලාව. ඒක විවිධ තලයන් වල විවිධ අය එක්ක ර`ගපෑමෙන් ජගා ගත්තු දෙයක් වෙන්න ඇති. ඒ දැනීම සහ ජගා අත්දැකපු ත‍්‍රාසය භීතිය පිරි සැබෑ ජීවිතය ඒ හැම වැඩකම පුදුම පරිණතකමක් දනවල තිබුණ.
වයිට් ලෝටස් (සුදු නෙළුම* ජගාගෙ කෙටි චිත‍්‍රපටිය මං දැක්කෙ අහම්බෙන්. එම්එල්ටීටීඅයි එකේදි. ඒක දැක්කම මාව තිගැස්සුණා. ඒ භය (මහප‍්‍රාණෙන්ම දාන්න  ඕන* ඒ තරම් සරල රූප රාමු ආකෘතියකින් දනවන්න පුළුවන් වීම ‘පට්ට’ වැඩක්. වයිට් ලෝටස් වටා හරිම අවංක විදිහට ජනමාධ්‍ය, සමාජ සහ පාර්ලිමේන්තු දේශපාලනය ගනුදෙනු කරල තිබුණ. ලංකාවෙ ඒ විදිහෙ වැඩක් සිද්ද වුණු එක ගැනම මං මොහොතකට පුදුම වුණා. ඒත් එදා එතන තිබ්බ තරගෙන් ඉස්සරහට එන්න ඒ චිත‍්‍රපටියට බැරි වුණා. ව්‍යවස්ථාවෙන් අනුමත කාලයට වඩා චිත‍්‍රපටිය දික් වෙච්ච හින්ද ඒක අයින් වුණා. ඒ වගේම ජගා මොකද්ද අවුලකින් පත්තරයක් විතර විස්තරයක් චිත‍්‍රපටිය අන්තිමේ දිගඅරින්න පටන් ගත්ත. ආාාාපෝ ඒක වාතයක්.

ඒත් ජගා ගේ ජීවත් වීමේ බය එක්ක එන චිත‍්‍රපටිය ඇත්ත එකක්. ඒක උගේ ජීවිතේ කපාගෙන ඌටත් පාලනය කරන්න බැරි තැනකින් එන ඇත්ත ආවේශයක්. සහ ඒ ආවේශය පළකිරීම සම්බන්ධයෙන් තමන්ට ඇති හැකියාව සහ විනය ඌ ඔප්පු කරනව.

‘රෝඞ් ටු නෝ වෙයාර්’ ජගා ලිව්වෙ මීට හු`ග කාලෙකට කලින්. දවල්ට කන්නෙ කොහොමද කියල දන්නෙ නැති කාලෙක ඒ ගැන නොහිත ජගා චිත‍්‍රපටිය ලිව්ව. බෝඞ් එකක කොල ටිකක් එල්ලගෙන කුරුටු ගගා ඌ සිද්දි ගැලපුවා. ඒක මල්ටි ප්ලොට් කතාවක්. (ඒ කියන්නෙ කතා කීපයක් එක මත එක වැඩෙන ආකෘතියක්* එන එන අයට කතාව කිය කිය ජගා ඒක ටෙස්ට් කළා. මං එදා සීරියස් විදිහට බාර නොගත්ත වැඩක් ගැන මං අද සීරියස් විදිහට කල්පනා කරනව. මේ ලියවිල්ල ඒ හින්ද.

අවුරුදු ගාණක් ජගා ඒ පිටපතත් එක්ක ජීවත් වුණා. එතනින් එහාට ගියේ නෑ. ඒත් ‘ටේ‍්‍රලර්’ එක දකිද්දි  ජගා ඒක ඇතුලෙ හු`ගක් දුර ගිහින් කියල පේනව.

ජගා ගේ සිනමා රූප සංකලනය ඇත්තටම ලංකාව මේ තාක් අත්පත් නොකරගත් සිනමා සෞන්දර්යක් එලි කරනවා. ඇක්ෂන් ෆිල්ම් එකක මේ ‘ටෙම්පො’ එක, මේ පුංචි පුංචි විස්තර පෙන්නන්න තරම් දැනුවත් චිත‍්‍රපටියක් ලංකාවෙ කෙරුණෙ නෑ. ඒක අපේ රටේ කරන්න පුළුවන් වැඩක් කියල මං හිතුවෙත් නෑ. ඒත් ජගා ලංකාවෙ ඇත්ත අත්දැකීම් ඇතුලෙන් ඒ ඇක්ෂන් ‘ත‍්‍රිල’ අරන් එනව. චින්තක සෝමකීර්තිගේ කැමරාව මේ තරම් දියුණු විදිහට මං කිසි තැනක දැකල නෑ. ආලෝක හැසිරීම, කැමරාවෙ වේගය සහ චලනය පුදුම තරම් පරිණතබවක් සහ දැනුමක් පළකරනව. ගම්බද දීර්ඝ දර්ශන සිනමාවෙ ඉඳන් සෝමෙ මේ තරම් එහා පැත්තෙ වැඩක දක්වන සමර්තකම ‘එළ’.
නළු නිළියන් තෝර ගැනීමෙ ඉඳන්ම ජගා අධ්‍යක්‍ෂවරයෙක් විදිහට තමන්ගෙ ‘රසය’ පෙන්නනව. අපි දැකපු දැන් කුරෝලූ වෙලා ගිය නළු නිළියො වෙනුවට ජගා තෝරගන්නෙ අලූත් මූණු. ඒත් උන් හොඳටම ර`ගපානව. ක‍්‍රියාදාම චිත‍්‍රපටයක ර`ගපෑම සාමාන්‍ය චිත‍්‍රපටයක ර`ගපෑමට වඩා වෙනස්. මේ තාක් ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයා විශ්වාස කළ ක‍්‍රියාදාම රංගනය/ විලාසය නතර වෙලා තිබුණෙ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ වගේ තැනක. ජගා මේ සමස්තය වෙනස් කරනව. ‘සිටි ඔෆ් ගෝඞ්’ වගේ චිත‍්‍රපටියක් තරම් ශූර ර`ගපෑමක් ඒ නළුවො කරනව. ‘සංක’ එක තැනක දුවන දර්ශනයක ඒ මූණ මට නැවත නැවත මතක් වෙනව.
ටේ‍්‍රලර් එකට කරන මියුසික් ඇතුලෙන් ජගා තමන් වැඩකරන ෂොනරය සලකුණු කරනව. රොඞ්රිගුඅස්ගෙ ‘ප්ලැනට් ටෙරර්’ ෆිල්ම් එකේ තේමා සංගීතය ඇතුලෙන් ලංකාවෙ ‘සිටි ඔෆ් ගෝඞ් වර්ගයේ’ රූප පෙල මුහුකිරීමෙන් තමන්ගෙ සිනමා හැසිරවීම එයා පැහැදිලිව කියා හිටිනව. ඒ වගේම මුඩුක්කු පැල්පත් ඇතුලෙන් චරිත ලූහුබඳින කැමරාව සහ ඒ චරිත වල භාවයන් සමතුලිතව හැසිරවීම ගැන තමන්ගේ හැකියාව දක්වන රූප පෙලක් ජගා අඩංගු කරනවා. මට මූලිකවම මේ වගේ චිත‍්‍රපටියක් කරන්න හිතීම එක්කම ජගා එක්ක ප‍්‍රතිරෝධයක් මතුවුණේ මේ කාරණය නිසා. මේ වගේ සිද්ධි සමබරව අවශ්‍ය වේගය පවත්වා ගනිමින් නිර්මාණය කරන්න තමන්ට පුළුවන් වග සනාථ නොකර ලොකු බජට් එකක් තමන් වෙනුවෙන් වැය කරන්නැයි අපි කියන්නෙ කොහොමද කියන එකත් එක්ක. ඒත් ජගාට ඒ පුළුවන්කම තිබිල තියෙනව. ඒක අපේ රටේ සුවිශේෂීම සුුදුසුකමක්. ජාත්‍යන්තර චිත‍්‍රපටි එක්ක එකට තියන්න පුළුවන් ඇක්ෂන් ෆිල්ම් මේකර් කෙනෙක් අපිට මුණගැහෙන පළවෙනි වතාව.

පොඩි වෙලාවක ටේ‍්‍රලර් එකක් වුණත් මතක හිටින රූප රාමු ගණනාවක් නිර්මාණය කරන්න ජගාට පුළුවන් වෙනව. විශේෂයෙන්ම මුඩුක්කුව ආක‍්‍රමණය කරන්න පාතාල දාමරිකයන් බඳු පිරිසක් ඇතුල් වෙන වෙලාව. ඉදිරියේ කිසිවක් නොදන්නා තරුණයන් පිරිසක් වොලිබෝල් ගහනව. කැමරාව කුණු ගොඩක් වටේ ට‍්‍රැක් වෙන අතරෙ එක් එක් චරිතය රූප රාමුවට ඇතුල් වෙන්නෙ ඇ`ග හිරිවැටෙන ත‍්‍රිලක් එක්ක. ඉදිරියට එන එන අයට වෙඩි තබමින් දාමරිකයන් මුඩුක්කුව ඇතුලට ඇදෙද්දි මට මතක් වුණේ ‘ගාමණී’ ව. ඒකෙ ගමක් කොටි විසින් වනසන දර්ශනය සහ ජගා මෙතන නිර්මාණය කරන දර්ශනය අතර පරතරය අනන්තයක්.
මේ හැම දෙයක්ම ජගා අතින් කෙරෙන්නෙ නිෂ්පාදකයෙක් නැතුව. තමන් දන්න අඳුරන අයගෙ උදව් කලමනාකරණය කර ගනිමින්. ඒක ජගා අධ්‍යක්‍ෂවරයෙක් විදිහට තමන්ගෙ අරමුණ වෙනුවෙන් සම්පත් කළමනාකරණය කර ගන්න තමන්ට ඇති දක්ෂතාව කියන තැනක්. සල්ලි වලට වැඩ කරන වෘත්තිමය පදනමකට වඩා හිතවත්කම් වලට වැඩකරන පසුබිමකදී තමන්ගේ අරමුණ වෙනුවෙන්ම යන්න අධ්‍යක්‍ෂවරයෙකුට එන බාධා වැඩියි. ගොඩක් තමන්ට  ඕන දේවල් කැප කරන්න වෙනව. ඒත් තමන්ට අවශ්‍ය දේ දක්වාම හැමදෙයක් අරන් යන්න ජගාට පුළුවන් වෙලා තියෙනව. මට කියන්න  ඕන වුණේ සරල තත්පර කීපයක් ටේ‍්‍රලර් එකකට වඩා මේ වැඬේ කොයි තරම් සීරියස්ද කියන එක. කර්මාන්තමය අතින් නිෂ්පාදන අතින් කොයිතරම් ඉදිරිගාමීද කියන එක. මේ පොඩි දෙයක් ඇතුලෙන් අධ්‍යක්‍ෂවරයෙක් විදිහට තමන් දැක්විය යුතු දක්ෂතා ගේන්න අධ්‍යක්‍ෂවරයෙක් කොයිතරම් හිතන්න  ඕනද කියන එක.
අවශ්‍ය කරන දර්ශන තෝරා ගැනීමේදිත් ජගා කල්පනාකාරී වෙලා තියෙනව. නිකම්ම තමන්ගේ කතාවෙ මූඞ් එක කියන වැඩකට එහා ගිහින් නියම ප්‍රොෆෙෂනල් ටේ‍්‍රලර් එකක් දක්වාම ගිය එක හරිම බුද්ධිමත් තීරණයක්. අපේ චිත‍්‍රපටි ගැන දැනුමක් ඇති අයටවත් ඒ විදිහෙ සුළු දේකින් ලොකු නිර්මාණශීලී දෙයක් මවා ගන්න බෑ. මේ හින්දම ජගාගේ ටේ‍්‍රලර් එක දකින කර්මාන්තමය අරමුණු සහිත නිෂ්පාදකයෙක් මේ වැඬේ ගැන සාකච්ඡුා කරන්න පෙළඹෙනව.

මෙතනින් එහාට තියෙන්නෙ දෙවන තලයේ කාරණා. ඒ කියන්නෙ මේ ටේ‍්‍රලර් එකේ දක්වන තලයෙ චිත‍්‍රපටිය අවසානය දක්වා අරන් යන්න ජගාට පුළුවන්ද? තත්පර කීපයක් ඇතුලෙ දකින මේ ජීවිත පැය එකහමාරකට වඩා දිගහැරෙන්නේ කොහොමද? බජට් එකේ සීමාවන්..මේ ආදී දෙවන පියවරේ වැදගත් කතාවලට පනින්න පුළුවන් හොඳ අරම්භයක් ජගා අරන් තියෙනව.
තනියම හීනයක් එක්ක ඔය තරම් දුර එන්න පුළුවන් වෙච්ච උඹ ඉතුරු ටික දුරත් යන බව මං දන්නව. අඩියෙන් අඩියට අමු කට්ටක් කකා ඔය ගමන උඹට එන්න වුණු එක ගැන මං එක පැත්තකින් කැමතියි. ඒකෙන් ගොඩක් අලූත් දේවල් එලියට එකතු වෙන හින්ද. මේ ටේ‍්‍රලර් එක ඒ වගේ එකක්.

අනික ගමන දුෂ්කර වෙන්න වෙන්න ගමන්කරන්නා තීක්ෂණ සහ පරිණත වෙන හින්ද.


-චින්තන ධර්මදාස

1 comment:

  1. Hey Chintha... where can we watch this trailer and the short film? is it uploaded anywhere??

    ReplyDelete