Sunday, January 8, 2012

බොරදිය පොකුණේ පියාඹන මාලුවෝ



”දැන් ෂෙහාන් මිහිරංග හතර කේන්දරේ ගැන සිංදු කියයි. චාපා මෙගා සංගීත වල සිංදු කියා ටීවී සහ තවත් සහන තෑගි දිනයි. මගේ එහා පැත්තේ අවුරුදු විස්සක් වයස කොපි ලියන කොල්ලා දෙවියන් බුදුන් වැඳ හදි හූනියම් වලින් රැුකවරණ පතයි. මං මේ ආණ්ඩුවට කැමති එක හේතුවක් ඒකය. හැමෝගෙම ඇත්ත එලියට එමින් තිබේ. ලංකාවේ තනි ප‍‍්‍රධාන ධාරාවක් නිර්මාණය වෙමින් තිබේ. සියලූ බොරු විකල්පයන් අතුරුදන් වෙමින් යයි.”

ඔය කතාව මං ෆේස් බුක් එකේ දැම්මා. ක‍්‍රිෂාන් රාජපක්ෂ කමෙන්ට් කරල තිබුණ.

‘ඒ අතරතුර චින්තන ඇඕවර්ටයිසිං වලින් විකල්පය සොයයි. බූඩි ‘ලොකු අයියා’ ගැන කතා ලියයි. මං මේ ආණ්ඩුවට කැමති වෙන්න   ඕවත් හේතුය’

වමට බර විදිහටම දේවල් කියවන කි‍්‍රෂාන් ගේ කමෙන්ට් එක මගේ කතාව තව පැත්තකට අරං යනවා. ඒත් මගේ අදහස වුණේ ධනේෂ්වර වාමාංශික කතාවට වඩා වෙන තැනක් ගැන ඇගිල්ලෙන් ඇනලා පෙන්නන්න. රාජ්‍ය තාන්ත‍‍්‍රික දේශපාලනය වෙනුවට ආණ්ඩුව සංස්කෘතික දේශපාලනයක් කරද්දි සමාජය ඒකෙන් යලි ආරෝපණය වීම රටාවක් තේරුම් ගන්න බැරි තරම් ව්‍යාකූලයක් කියල පෙන්නන්න.

”මං නං කියන්නෙ චාපා මෙගා සංගීත් වල සිංදු කියපු එක හොඳයි. ඒකෙන් උගේ   ඕඩියන්ස් එක ලොකු වුණා” විමුක්ති දවසක් මේ කතාව ඇදිච්ච වෙලාවක පිලාවුස් එකේ කොත්තුවක් කකා කිව්වා. එතනදිත් මගේ කතාව ගත්තෙ වැරදියට. චාපා මෙගා සංගීත් වල බැරි නං දැයට කිරුළෙ සිංදු කිව්වත් මට ඒ ගැන විවේචනයක් ඇත්තෙ නැත. මට දුක හිතුණෙ ලොකුවට හදපු චෙක්පත්, ටීවී එකේ දෙද්දි චාපා ට අර ජාතික ලොතරැුයි මණ්ඩලේ දිනුම් ඇදීමකදී වගේම ඔය ටික කැමරා වලට හිනා වෙවී ගන්න වෙච්ච එකටයි. ඒකෙන් චාපා ගේ   ඕඩියන්ස් එක ලොකු වෙනවා වෙනුවට චාපා ගේ තිබ්බ පෞර්ෂයත් නැති වෙන එකටයි. උපකල්පනයක් විදිහට චාපා ප‍‍්‍රසිද්ධියේ ඒ තෑගි බාර ගන්න එක ප‍‍්‍රතික්‍ෂේප කරලා තමන්ගේ දක්ෂතාවයට දිනපු තෑගි ගෙදර එවන්න කියලා ගියා නං අන්න එතනදි තමන්ගේ පෞර්ෂයට චැනල් එක නතු කර ගන්නවා. ඒත් මෙතනදි චාපා ෂෙහාන් මිහිරංගගේ තැනටම ඇදගෙන වැටෙනවා.

ෂෙහාන් මිහිරංග සිරස සුපර් ස්ටාර්  තරගෙට එද්දි අනිත් අයට වඩා වෙනස් ස්වරූපයක් වෙනස් හැඩයක් මතු කරන්න උත්සාහ කළා. උදයා කැමරාව අරගෙන ගිහින් තණකොළ බිස්සෙ ඒ අතට මේ  අතට හරවලා වීඩියෝ එකක් කරන්න පෙළඹුණෙත් ඒ වෙනස හින්දමයි. ඒත් ෂෙහාන් සුපර් ස්ටාර් වලින් ජනප‍‍්‍රිය වුණාට පස්සෙ මොකද වෙන්නෙ? මේ වෙද්දි එයා හතර කේන්දරේ පාළු වෙන එක ගැන සිංදු කියන මට්ටමට ඇවිත්. තව ටික දවසකින් වෙහෙරහේන වගේ පන්සල් ගැන සිංදු කියන්න එයාට සිද්ද වෙයි. ආයිමත් මං මතක් කරන්නෙ, මේ කියන්නෙ ජනප‍‍්‍රිය සංස්කෘතිය ගැනවත්, ඒ පුද්ගල චරිත වල විශේෂ අවුලක් ගැනවත් නෙමෙයි. මේ මොහොතේ අපේ රටේ මහින්ද චින්තනය විසින් ජනප‍‍්‍රියත්වය විතරක් නෙමෙයි විකල්ප, රැුඩිකල් හැම අංශයකටම කරලා තියෙන ක්ෂුද්‍ර බලපෑම ගැන. මේක බැලූබැල්මට කාරණයක් විදිහට පැහැදිලි නෑ. ඒත් අශෝක හඳගම ‘වි¥’ හදන්නෙත්, රාජිත මාර දේශපාලනික ප‍‍්‍රහසනයක් විදිහට බකමූණා වීදි බසින කතාවක් කරන්නෙත්, බල්ලොත් එක්ක බෑ හැටට හැටේ දුවන්නෙත් මේ කියන එකම සංස්කෘතික දේශපාලනයක් ඇතුලෙ.

දවසක් මං කොළඹ කැම්පස් එක ළගින් එද්දි කොල්ලො කෙල්ලො පන්හයසීයක් විතර සුදු ඇඳගෙන සක්මන් භාවනාවෙන් තුන්මුල්ල හන්දිය හරහට පනිනවා. කොහේ හරි සීල ව්‍යාපාරෙකට සෝම හාමුදුරුවන්ගෙ වගේ කට්ටිය එක්කාසු කරගෙන කියල හිතාගෙන මං බස් එකේ නිවාඩුවේ ගියා. පස්සෙ බලද්දි ඒ කැම්පස් එකේ අලූත් ළමයි. ඒ අය සිය කැමැත්තෙන්ම මහා සීල ව්‍යාපාරයක් සංවිධානය කරලා. මට පුදුම හිතුණ. අපි කැම්පස් යනකාලෙ ගෙවල් වල හොරෙන් සිල් ගත්තොත් මිසක් කැම්පස් එකේ  බණපද කිය කිය ඉන්න කාලයක් තිබුණෙ නෑ. එදාට මොකක් හරි සංවාදයක් නැත්තං දේශනයක් හරි සංවිධානය වෙනවා වඩාත් විවෘත මනසක් වෙනුවෙන්. හැමතිස්සෙම කැම්පස් එකක් තිබුණෙ පොදු සමාජ මතයට වඩා වෙනස් තැනක. විකල්ප මතයක. ඒ ගැටුම නිසයි තව තව අලූත් කතිකාවන් නිර්මාණය වුණේ. ඒත් මේ වෙද්දි විශ්ව විද්‍යාල තියෙන්නෙ බාහිර පොදු සමාජ කතිකාවටත් වඩා යටින්. උසස් අධ්‍යාපන ඇමති දන්නෙත් නෑ වහ දීලා මැරුවෙ ගැලීලියෝද, සොක‍්‍රටීස්ද කියල. උසස්පෙළ ප‍‍්‍රතිඵල ගැන මාධ්‍ය සාකච්ඡුාවක් මැද්දෙ එයයි එයාගේ ලේකම් තැනයි වාද කරනවා වහ දීලා මැරුවෙ කාවද කියල.

ඔය අතරේ මෑතකදී පටන් ගන්න යන ටීවී චැනල් එකක් මගෙන් ඇහුවා ටීවී ගැන හිතන්නෙ මොකක්ද කියල. මං ටීවී බලන එක අත්ඇරලා හුගක් කල්. දැන් ලංකාවෙ ටීවී බලන්නෙ නාකි. ඒ කියන්නෙ වැඩිහිටි පරපුර. රිමෝට් එක ඒගොල්ලොන්ගෙ අතේ, මෙගා එකෙන් එකට මාරු වෙනවා. ටීවී   ඕඩියන්ස් එක නාකියි. තරුණ අය ටීවී එක අත්ඇරලා ඉන්ටර්නෙට් එකට ගිහින්. ඉතිං චැනල් එකකට පුළුවන්ද   ඕඩියන්ස් එකක් වෙනස් කරන්න? මං ඒ ගොල්ලොන්ගෙන් ඇහුවා. ඒ ගොල්ලො මියුසික් වීඩියෝ වගේ වෙන තැනකින් උත්සාහ කරන්නයි යන්නෙ. ඒත් මට දැණුනෙ ඒක කකුල ඉදිමෙනවට පිටේ බෙහෙත් බඳිනවා වගේ වැඩක් කියල. මේක සංස්කෘතික දේශපානයේ තියෙන ප‍‍්‍රශ්නයක්. ඒකට මුහුණ දෙන්න වෙනස් විදිහක් හිතන්න වෙනවා. අලූත් ජීවන රටාවක් නිර්මාණය කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ලයන් බියර් එක සිංහයා නිර්මාණය කළේ බියර් පොවන්න විතරක් නෙමෙයි. ඒකෙන් අලූත් පෞර්ෂ යෝජනාවක්, අලූත් සංස්කෘතික දේශපාලනයක් ගොඩනැගුනා.

දැන් පවතින තත්වය එන්න එන්නම උඩුදුවන්න පටන් අරගෙන. මෑතක ඉඳන් සිරස ටීවී එක ට‍‍්‍රයි කරනවා යූඑන්පී එකක් හදන්න. රටක දේශපාලන පක්ෂයක් එක්ක හැප්පෙන්න මාධ්‍යයකට පුළුවන් වෙනවා කියන්නෙ ඒ පක්ෂයේ විතරක් නෙමෙයි සමස්ත දේශපාලනයේම කඩා වැටීමක්. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ඡුන්දෙන් හැදෙන පක්ෂයක් සහ අනුග‍‍්‍රාහක දැන්වීම් ලාභය මත ගොඩනැගෙන චැනල් එකක් අතර වෙනස කොයි තරම්ද? ඒත් සිරස යූඇන්පියට චැලෙන්ජ් කරනවා. රනිල් ඒකට උත්තර දෙන්න යනවා. මේ මහින්ද චින්තනය යටතේ සිද්ද වෙන අලූත් සංස්කෘතික දේශපාලනයේ ප‍‍්‍රවණතා.

පත්තරයක් විදිහට මේ තත්වය යම්  තරමකින් හරි අල්ලගත්තෙ රන්දිව විතරයි. ඒත් රන්දිව පටන් ගනිද්දි මාත් සමන්ට හිනාවුණා.ි  ඕක හරියන වැඩක් නෙමෙයි. කෙලින්ම හැප්පෙන්නෙ නැත්තං වැඩක් නෑ’ කියල. ඒත් මට වැරදුණා. දිවයින, ලංකාදීප වගේ පත්තර මහින්දගේ සංස්කෘතික දේශපාලනයට රාජ්‍ය තාන්ත‍‍්‍රික ආලවට්ටම් දාන්න දගදාලා නෝන්ඩි වෙද්දි සමන් ඊට වෙනස් තැනකින් සංවාදයට ආවා. පිටු ගාණකම එකිනෙකට වෙනස් සංස්කෘතික කතිකාවන් ගැටෙන්න ඉඩ ඇරලා රාජ්‍ය තාන්ත‍‍්‍රික දේශපාලනය පිටුවට දෙකට බැස්සුවා. දේශපාලන සංවාදයත් සෝෆා එකක් උඩ තේකක් බිබී කරන තැනට ගෙනාවා. වඩාත්ම වැදගත් කතිකාව විදිහට මං දකින්නේ රන්දිවේ පිටි¥වේ සිරිධම්මට දීලා තියෙන ඉඩ. එතනදි සමන් හරියට ලංකාවෙ මේ පවතින දේශපාලනයේ නිලය රිදෙන්න අල්ලනවා. මුද්‍රිත මාධ්‍යයේ රාවය තවමත් විධිමත් නිල දේශපාලනික රාමුවක් ඇතුලෙ ප‍්‍රකාශන උත්සාහය කරද්දි රන්දිව ටැබ්ලොයිඕ වර්ගයේ ප‍‍්‍රවේශයක් ගන්නවා. මට අනුව ඒ ප‍්‍රවේශයේ වැදගත්කම වෙන්නේ  මහින්ද චින්තනය යටතේ මේ පවතින තත්වය හඳුනාගෙන ඒක ඇතුලෙ තමන්ගේ ප‍‍්‍රකාශනය ස්ථානගත කිරීමේ අවශ්‍යතාවය ඒකෙන් සිද්ද වෙන නිසා. උදාහරණයක් විදිහට ධනවාදීද, සමාජවාදීද, මානව අයිතිවාසිකම් කඩ කරනවද වගේ සංවාදයන් හොඳයි, ඒත් මේ වෙලාවෙ සරලවම අදාල නෑ. ඒවා සම්පූර්ණයෙන්ම පිට්ටනියෙන් එලියෙ.

වඩා දරුණු විදිහට මේ පාලනයේ චින්තනය පුද්ගලික ජීවිත පවා ආක්‍‍්‍රමණය කරමින් තියෙන්නෙ. සියලූ වින්දන අවකාශ අවහිර වෙලා. චිත‍‍්‍රපටිවල සම්භාව්‍ය පීචං බෙදීම අහෝසි වෙලා දැන් තියෙන්නෙ ‘චින්තනයට එකග නොහොත් සම්භාව්‍ය’ සහ ටෙනිසන් වර්ගයේ කොමඩි විතරයි. ඒ කොමඩි වලට හිනාවෙන්න   ඕන කොයි විදිහටද කියලා හිතා ගන්නත් බෑ. දවසක් මං තෑන්ක් යූ බර්ටි බලලා යන හාදයෙක් ගෙන් ඇහුවා මොකටද බං හිනාවුණේ කියලා. ඌ කියනවා ඒක තමයිලූ ආතල් එක.

මේ ආණ්ඩුව යටතේ පවතින සියලූ  සංස්කෘතික කියවීම්, වින්දන පද්ධතීන් තනි රූපකට අරගෙන එනවා. අපි ඒක්ට මේන් ස්ටී‍‍්‍රම් එකක් කියමු. ඒක මහින්ද රාජපක්ෂගේ වත් වෙන කාගෙවත් තනි උවමනාවක් හින්ද වෙන එකක් නෙමෙයි. මේ රටේ කාලාන්තරයක් තිස්සෙ පැවතුණු ඇත්ත පොදු බහුතරයේ දැනීම් සහ රස සීමාව ඒක. නමුත් විශ්ව විද්‍යාල, මාධ්‍ය, රාජ්‍ය ආයතන කාලාන්තරයක් තිස්සෙ මේ දැනුම්, රස සීමාව වෙනස් කරන්න, දියුණු තලයන් හා සාපේක්‍ෂ කරන්න අසීරු උත්සාහයක් දරමිනුයි හිටියෙ. ඒත් මේ ආණ්ඩුව ‘ඔබෙ සැප මගෙ සතුටයි’ කියන ප‍‍්‍රතිපත්තියට ඇවිත් සියලූ කලා, සංස්කෘතික මතවාද ජනතාසන්තක කළා. මේ වෙද්දි රටේ සීයට හැටක් විතර ඉන්නෙ හැට පැනපු අය. ඒ කියන්නෙ අතීතයක් සහ පරලෝකයක් විතරක් තියෙන අය. අනාගතයක් ගැන අදහසක් ඒ අයට නැහැ. ඉතිං බුඩිස්ට් වගේ චැනල් දවස පුරා ප‍‍්‍රචාරය වෙන්නෙත්, පරණ ශ‍‍්‍රී විභූතිය සහ නානා ප‍‍්‍රකාර බණම අහගෙන ඉන්න වෙන්නෙත් මේ අපලය නිසා. ඒක ජාතික සංස්කෘතිය වෙලා. ගැටෙන්න හෝ වෙනස් කතිකාවකට හෝ විකල්පයක් නෑ. ඒක තනි මේන් ස්ට්රීම් එකක්.

මේ තත්වෙට මං කැමතියි. ජැක්සන් ඇන්තනිලා ප‍‍්‍රමුඛ කලා නඩය විසින් සහ හෙළ උරුමය ප‍‍්‍රමුඛ ජාතික නඩය විසින් ගෙනියන මේ අපූරු සංවාදය නිසා ළඳ බොළඳ විකල්ප සියල්ල අතුරුදන් වීම හොඳක්. ඒ තනි ශක්තිමත් ප‍‍්‍රධාන ධාරාවක් විශේෂයෙන්ම සංස්කෘතික දේශපාලන ප‍‍්‍රවාහයක් පැවතීම වඩාත් සවිඥාණක විකල්පයන් ඇතිවෙන්න ඉඩ හදන නිසයි. බලයට හෝ කැපී පෙනෙන්නට වඩා ඇත්තෙන්ම අදහස් අතින් සමතාවයන් ඇති නිසා ගොඩනැගෙන සංවාද මණ්ඩප මේ නිසා වඩාත් ඇතිවෙන්න තියන ඉඩ වැඩියි. ඒත් මේ සංස්කෘතික දේශපාලනය අපිට දැනුවත්ව සහ නොදැනුවත්ව කරන බලපෑම ගැන අපි වඩාත් සවිඥාණක විය යුතුයි කියන එකයි මගේ අදහස. පිටි¥වේ සිරිධම්ම මේ වෙලාවෙ කරන වැෙඬ් හුගක් දැනුවත් ප‍‍්‍රවේශයක් විදිහට මං දකින්නෙත් ඒ නිසයි. ඒක නිවන හෝ බුදුදහම සම්බන්ධයෙන් ඇත්ත බොරු තත්වයන් පැත්තකින් තිබියදී මේ අතීත සහ පරලොව ප‍‍්‍රමුඛ ආධ්‍යාත්මික කතිකාවට ප‍‍්‍රතිවිරුද්ධව එයා ජීවිතය පැත්තෙන් අලූත් සංවාදයක් මතු කරනවා. ඒක තියුණු සංස්කෘතික දේශපාලනික ආධ්‍යාත්මික ප‍‍්‍රවේශයක් වුණා.

කොහොම වුණත් මේ ආණ්ඩුව යටතේ බස් එකේ යද්දි පිළිමයක් ගානේ පස්ස උස්සන ජනතාව පැහැදිලිවම වැඩි  වුණා. කවදාවත් හිතපු නැති විදිහට හොඳට බොන මගේ එහා පැත්තෙ කොපි ලියන මල්ලිත් සමාව ගන්න පන්සල් යන්න පටන් ගත්ත විතරක් නෙමෙයි කහවතුරෙන් කකුල් හෝදලා ගෙට ඇතුල් වෙන්නත් පුරුදු වුණා. මං පොඩි කාලෙ ඉඳන් කවදාවත් අහපු නැති අරුම පුදුම බණ වලින් ටීවී රේඩියෝ පිරුණ. දැන් ඉස්සර වගේ පන්සලේ හාමුදුරුවො බොනවද ගෑණු පස්සෙ යනවද කියල දායකයො හොයන්නෙ නෑ. ඒගොල්ලො දන්නවා හාමුදුරුවරු එහෙම තමයි කියල. දායකයොත් එහෙම තමයි නිසා දිගටම බණ අහගෙන ඉන්නවා. විමුක්ති කියපු විදිහට චාපාට වැඩිවෙන්නෙ ඔය   ඕඩියන්ස් එක. ෂෙහාන්ට කේන්දරේ බලාගන්න සැලැස්සුවෙත් ඒ   ඕඩියන්ස් එක...
-චින්තන ධර්මදාස

1 comment:

  1. වර්ඩ් වේරිෆිකේෂන් ඉවත්කිරීමෙන් අපට කමෙන්ට් දැමීමට පහසු වේ...කමෙන්ට් අවැසි නැත්නම් ඒ ඇප්ලිකේෂන් එක ඩිලිට් කර දැම්ය හැක..නමුත් වර්ඩ් වේරිෆිකේෂන් නම් බාධාවකි..

    ReplyDelete