Monday, January 16, 2012

පරණ යාලූවෝ එක්ක මාතා (නො) බැලීම

අලූත් අවුරුද්දෙ ගොඩක් අය පුරුදු  අත්අරිනවා. ගොඩක් වෙලාවට පුරුදු අත්අරින්නෙ සාමාන්‍ය වෙන්න. ගොඩක් අය එක`ග විදිහෙ කෙනෙක් වෙන්න. සිගරට් බොන එක අත්අරිනවා. අරක්කු බොන එක අත්අරිනවා. ගණිකාවො එක්ක යන එක අත්අරිනවා. ඒත් ඒ පුරුද්දත් එක්ක තවත් අත්ඇරෙන ගොඩක් දේවල් ගැන ඒ අය නොදැනුවත්.

මං උණ ගැනිලා කාලෙකට ගංජා පාවිච්චිය අත්ඇරියා. ‘හොඳ වැඩක් මචං’ කිසි තේරුමක් නැතුව වුණත් මගේ යාලූවො සතුටු වුණා. මට අවුලක් දැණුනෙ නෑ. නිරෝගී ශරීරයක් එක්ක මං සතුටින් ජීවත් වුණා. 

ඒත් උණ හොඳ වුණාට පස්සෙ මට ගොඩක් ප‍්‍රශ්න කල්පනා වෙන්න පටන් ගත්තා. මං ජීවිතේ ගැන හු`ගක් කලබල වුණා. නොදැනුවත්වම දේවල් සැලසුම් කරන්න පටන් අරං තිබුණ. මං එන්න එන්නම ආතතියට පත්වුණා. කිසි කෙනෙකුට ඒක අසාමාන්‍ය වුණේ නෑ. ආතතියෙන් ජීවත් වීම කියන්නෙ ලංකාවෙ සාමාන්‍ය ජීවිතය. මට තේරුම් ගියා ගංජා පාවිච්චියත් එක්ක මං ජීවත් වෙන්න හුරු වෙලා තිබුණු සමාන්තර ජීවිතය මට අහිමි වෙලා විත්තිය. මං සාමාන්‍ය ලෝකෙ ප‍්‍රශ්න ඇතුලට ඇවිත්. ඒ ප‍්‍රශ්න අතර ජීවිතෙන් මම කවුද කියල තීරණය වෙන්න පටන් අරන්. කාලයක් තිස්සෙ මගේ ජීවිතේ අත්දැකීම් මගේ මතකයන් විදිහට තැන්පත් වෙලා තිබුණෙ ගංජා දුම් අතරින් පෙරිලා ඇවිත්. ඒ දේවල් යතාර්ථයකට වඩා වෙනස් විදිහට ප‍්‍රතිනිර්මාණය වෙච්ච දේවල්. ඒ කතා වලින් මම කවුද කියන එක තීරණය වෙලා තිබුණෙ. ගංජා වලින් එලියට එද්දි ඒ මගේ කතා ඇතුලෙ මගේ ජීවිතේ මට අහිමි වෙනවා. මගේ අත්දැකීම්, මා විසින් නිර්මාණය කරපු මාව අහිමි වෙලා මං පොදු සමස්තයක් විදිහට නිර්මාණය කරපු ගුලියක් ඇතුලට වැටෙනවා. ඒකෙන් මාව ප‍්‍රතිනිර්මාණය වෙනවා. ගංජා එක්ක මං අත්ඇරලා තිබුණෙ මාව.

මොකක් හරි පුරුද්දක් එක්ක දිගටම ගතවෙන්න කියන තේරුමක් නැති කතාව නෙමෙයි මං කියන්න යන්නෙ. නැත්නම්  ගංජා, අරක්කු, සිගරට් හොඳයි කියන කතාවත් නෙමෙයි. අපි පුරුද්දක් අත්අරිද්දි ඒ පුරුද්ද එක්ක බැඳුණු අපේ ජීවිතයේ අත්දැකීම් ගොඩක් අත්ඇරෙන එක ගැන. අපිට අපෙන් ඒ පුරුද්දට වඩා ලොකු කෑල්ලක් අහිමි වෙන එක ගැන. අරක්කු, සිගරට් නවත්තන්න ආධාර ගන්න ඇඩික් වගේ සංවිධාන මේ ගැන මීට වඩා හිතන්න  ඕන. නිරෝගී ශරීරයක් විතරක් විදිහට මිනිස්සු දිහා බලනවට වඩා ජීවිතයක්, අත්දැකීම් සහ මතක ගංගාවක් විදිහට වටිනාකමක් මිනිස්සුන්ට ලැබෙන්න  ඕන. ලංකාවෙ කොහොමත් ‘මනස’ කියන එකට පැවැත්මක් තියෙන සංස්කෘතියක් තාම නිර්මාණය වෙලා නෑ. ඒක නිසා වඩාත් ප‍්‍රායෝගික වෙන්නෙ අපි පුරුද්දක් ඇති කර ගන්න කලින් කල්පනාකාරී වෙන එක. එතනින් අපි අලූත් ජීවිතේකට ඇතුල් වෙනවා කියන එක ගැන දැනුවත් වෙන එක. ඒකට ලෑස්ති නම් අවුලක් නෑ. ඒත් ආපස්සට හැරෙන්න කිසිම පුරුද්දක් ඇතුලෙ ඉඩක් නෑ.

මං මෙතන ඉඳන් ලියන්න යන කතාව පළවෙනි කතාවට කොහෙත්ම අදාල නෑ. ඒත් ලියාගෙන යද්දි මාව දෙවෙනි කතාවට මාරුවෙන්නයි යන්නෙ.

මට බූඩිගෙන් එස්එම්එස් එකක් ඇවිත් මං ගියා සිනෙසිටියට. මාතා බලන්න. මොකක් හරි හේතුවක් හින්ද යන දිගටම මට මතක් වුණේ ෙඩිව්ඞ් ක්‍රොනන්බර්ග් ගේ ෂෝර්ට් ෆිල්ම් එකක්. ඒකෙ පුංචි ළමයි ටිකක් පරණ කැමරාවක් හොයාගෙන ඇවිත් පරණ නළුවෙක්ව ෂූට් කරන්න හදනවා. ළමයි ටික කැමරාව හයිකරන කල් නළුවා අපිත් එක්ක කතා කරනවා. 

”මේ ළමයි කොහෙන්ද කැමරාවක් හොයාගෙන. කොහෙන් හොයා ගත්තද මං දන්නෙ නෑ. ඒත් කැමරාව හරිම ආකර්ශනීය උපකරණයක්. මං නළුවෙක් වෙලා හිටියා. දැන් මං එච්චර වැඩ කරන්නෙ නෑ. මට කැමරාව ගැන අමුතු හැ`ගීමක් දැනෙනවා. හරිම සීතල විදිහට කිව්වොත් ෆොටොග‍්‍රැෆි කියන්නෙ මරණය. මතකය, ආශාව, වයසට යාම සහ මරණය.  නළුවෙකුට මේක ආකර්ශනීය කාරණයක් නෙමෙයි. ඒක කණ්ණාඩියක් වගේ ඇත්තක්. මං හීනයක් දැක්කා. මගේ යාලූවෙක් එක්ක සිනමා ශාලාවක චිත‍්‍රපටියක් බලනවා. මට එකපාරටම තේරුණා මං වේගයෙන් වයසට යනවා කියල. ඒක චිත‍්‍රපටියක්. ඒත් ඒක රෝගයක් වගේ මගේ ඇතුලට ගිහින් මාව මරණය කරා ඇදගෙන යනවා මට දැණුන. මං බය වෙලා ඇහැරුණා. ඒත් ඒ වෙලාවෙ මට එහෙම දෙයක් වෙලා තිබුණෙ නෑ. ඒත් දැන්... ඒ හීනෙ ඇත්ත වේගෙන එනවා.

මං දන්නෙ නෑ මේ පුංචි ළමයි කොහොම ඒ පරණ කැමරාව හයි කරන්න ඉගෙන ගත්තද කියල. ඔයා දෙයක් රෙකෝඞ්  කරනවා කියන්නෙ ඔයා මැරිච්ච මොහොතක් රෙකෝඞ් කරනවා කියන එක. ළමයි එක්ක මරණය කියන්නෙ හු`ගක් නරක එකතුවක්. මේක මාව අවුල් කරනවා. මං ර`ගපෑවෙ නැත්තං, මං මේකෙ චරිතයක් නෙමෙයි නං මං දන්නෙ නෑ මේ අවුලෙන් මං මොනවා කරන්නද කියල. මේ ළමයි ලොකු සතුටක් ගන්නෙ. මට හිත හදාගන්න බෑ මට හිතෙන ඇත්ත දේ කියන්න. ඒ තමයි, ඔය මළඉලවු කැමරාව ගෙදරින් එලියට විසි කරන්න කියල.  ඕක වහක්.  ඕකෙන් ඔයාගෙ ආත්මය ආයිමත් කවදාවත් හොඳ කරන්න බැරි විදිහට තුවාල කරාවි. කැමරාව කියන්නෙම මරණය...”

කාලෙකට පස්සෙ ආයිමත් සිනෙසිටිය. පරණ යාලූවො ඔක්කොමත් එක්ක. අපි පරණ විදිහටම පිටිපස්සට ගිහින් හෑෂ් කෑල්ලක් ගහලා මාතා බලන්න ඉඳගත්තා. අන්තිම බිංදුව තෙක්ම ශ‍්‍රී ලාංකික කික් කෝලා බෝතලේකුත් බූඩි ගානෙ හම්බුණා. (තෑන්ක් යූ බූ. ඒත් කික් කෝලා නං කටේ තියන්න පුළුවන් බීමක් නෙමෙයි* බූඩි ඇවිත් ලස්සන කතාවකින් පටන් ගත්තා. 

”මේක මට හම්බුණ ලොකු චාන්ස් එකක්. වෝර් ෆිල්ම් එකක් කරන්න ආවම මොන ඩිරෙක්ටර්ද බෑ කියන්නෙ? මං කෑදරකමටම මේක බාර ගත්තා. මේක යුද්දෙ ගැන වාර්තා චිත‍්‍රපටියක් නෙමෙයි. මේක සිනමාවක්. ඒක ඒ විදිහට විඳින්න කියල මං ඉල්ලා සිටිනවා” ඬේවිඞ් ලින්ච් වගේ කොණ්ඩෙ කපලා බූඩි ඉස්සරහට ඇවිත් කතා කරද්දි මරු. ඒ වගේ ලස්සන දේවල් කරන්න පුළුවන් බූඩිටම විතරයි. වෙන කවුරු හරි (මං වුණත්* ඔතනට ආවා නං නිකං බොරු බර කතා කියලා චොර කර ගන්නවා.

අනික එතනදි මට තව හු`ගක් ලස්සන දෙයක් තේරුණා. යුද්දෙ ගැන චිත‍්‍රපටියක් කරනවද, ඒක ආණ්ඩුව කියන විදිහට කරනවද වගේ මතවාදමය කරුණු වෙනුවට බූඩිට වැදගත් වෙන්නෙ වෙන දෙයක්. ඒක සිනමාව ගැන කාරණයක්. වෝර් ෆිල්ම් එකක් සියලූ පහසුකම් සහිතව ෂූට් කරන්න තියෙන ආශාව. මේ ආශාව වලංගු වෙන්නෙ සිනමා සංස්කෘතියක් ඇතුලෙ විතරයි. ලංකාවෙ ඒ විදිහට සිනමාව ඇතුලෙන් සිනමාව කියවා ගන්න සංස්කෘතියක් තාම නිර්මාණය වෙලා නෑ. ඒ වෙනුවට මේ සිනමා ආශාව වෙනත් මතවාදයක් වෙනුවෙන් දේශපාලනිකව පාවිච්චි වෙන්න තියෙන ඉඩකඩත් මෙහේ ගොඩක් වැඩියි. අදේශපාලනික ආර්ට් වැඩකට පවතින්න හු`ගක් දියුණු උපරි ව්‍යුහයක් සහිත රටක්  ඕනි. උදා විදිහට ගොතේ එකේ අපි කරපු සංවාදෙකදි සමාජ යතාර්ථයෙන් එහාට චිත‍්‍රපටි යන්න  ඕන කියන කාරණය පැහැදිලි කරන්න ලොකු වාදෙකට යන්න වුණා. දේශපාලනය නැත්නම් පොදු බවෙන්, පුද්ගලික, අභ්‍යන්තර මනෝභාවයන් කරා සංවර්ධනයක් තාම අපේ ආර්ට් වලට අයිති කරගන්න බැරි වෙලා තියෙනවා. කොහොම වුණත් බූඩි ඒ තනි හීනයක් ඇතුලෙ හරි ඒ සිනමා සංස්කෘතියෙ ජීවත් වෙනවා. ඉන්ටර්නෙට් එකේ අත්හදා බැලීම් කරනවා. අලූත් කොල්ලො කෙල්ලො එක්ක ෂෝනර චිත‍්‍රපටි ප්ලෑන් කරනවා. නිව්යෝර්ක් යාලූවො ගෙන්නගෙන කරන ලොකු චිත‍්‍රපටියක් ගැන ලොකු හීන දකිනවා. ඒ බූඩි. මං බලන් හිටියෙ ඒ බූඩි හදපු ‘මාතා’.

මාතා ෆිල්ම් එක ගැන මං මොකුත් කතා කරන්නෙ නෑ. ඒක බූඩි ගැන මට තියෙන ආදරේ නිසාම බූඩිට වෙන අසාධාරණයක්. මට ඒ ෆිල්ම් එක ඇතුලෙ සිනමාව වෙනුවෙන් කවදාවත් නොසිඳෙන අසීමිත ආදරේකින් තනිවෙච්ච බූඩිව පෙණුන. යුද්දෙවත්, කතා ගැලපීම් හෝ ආඛ්‍යානවත් දකිනවට වඩා මං එතනින් නතර වුණා.

එලියට එද්දි බූඩි ලස්සන කතාවක් කිව්වා.

”ප‍්‍රසන්නට හරි විමුක්තිට හරි මේ වගේ ෆිල්ම් එකක් කරන්න ආවා නං උන් මට වඩා කොන්ට්‍රෝල් එකක් තියාගෙන මේ ෆිල්ම් එක කරයි. මට ඒක කරගන්න බැරි වුණා”

අපි පරණ යාලූවෝ ටික ප්ලේන්ටි බීලා, ආප්ප කාලා ත‍්‍රීවිල් වල නැගලා ගෙවල් බලා ආවා.

‘බූඩි ඉක්මණට ‘නිම්නයක හුදකලාව’ එලියට දැම්මොත් හොඳයි’

හැමෝම එක එක පාරට අසම්බන්ධිත  විදිහට කිව්වා.


-චින්තන ධර්මදාස

1 comment:

  1. kaalekin mama balapu meloma rahka nathi film ekak.ai danne naa film ekata "matha" kiyala danme.kisima story yak naaaa.anee manda munta pissuda kiyala.aparaade magen ticket walata giya salli.aparaade mee film ekata giya salli.advertice karana tharam kik ekak naaaa. aththata melloma rahak naa.

    ReplyDelete