Saturday, February 4, 2012

පරණ සබන් කෑල්ලට යන්න කියන්න.



 -ලාංකේය සිනමාවට අවුරුදු 65ක් පිරීම නිමිත්තෙන් -

ලංකාවේ සිනමාවට අවුරුදු 65ක් පිරිලා (මං දැනගත්තෙ පස්සෙ). ඒ වෙද්දි ජාතික චිත‍්‍රපට සංස්ථාවට අවුරුදු 40ක්ලූ. මහින්ද චින්තනය අනුව යමින් ලංකාවෙ සිනමාව නගා සිටුවන්නට චිත‍්‍රපටි සංස්ථාව ඇප කැප වෙනව කියලා එක එක තැන්වල කියනවා මං අහගෙන. මහින්ද චින්තනය අනුව ගිහින් සිනමාව කෙලින් කරන හැටියක් මට නං පේන්නෙ නෑ. අබා, මහින්දාගමනය, දැන් කුස පබා, ඉස්සරහට එන කටේ තියන්න බැරි ‘සුපර් සික්ස්’ වගේ චිත‍්‍රපටි දිහා බලද්දි මේ නගා සිටුවීමේ හැටි ටික ටික පේන්න ගන්නවා. මහින්ද චින්තනය අනුව චිත‍්‍රපටි කරන්න  ඕනෑ යයි කියන කතාව ආපු තැන ඉඳන් චිත‍්‍රපටි වලට කෙළවීම ඒකෙ ස්වභාවයක් විදිහට සහතික වුණා. මේ මගේ සඳයි, තනි තටුව වගේ චිත‍්‍රපටි හදපු හඳගම වි¥ හදන තැනට වැටුණ.

චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කරපු තැන ඉඳන්ම මේ වැරැද්ද සිද්ද වෙනවා. චිත‍්‍රපට සංස්ථාවක් ගැන ඔය කියන අරගලය එන්නෙ චිත‍්‍රපට වලට සම්බන්ධ තැනකින් නෙමෙයි. ඒ වෙනුවට සිංහල බහුතරයක් ඉන්න රටේ සිංහල චිත‍්‍රපටියට තැනක් නෑ වගේ පටු දේශපාලනික තැනකින්. මේක කර්මාන්තමය දැක්මක් ඇති ඉල්ලීමක් නෙමෙයි. පිටරටින් එන චිත‍්‍රපටි නරඹන පේ‍්‍රක්‍ෂාගාරයක් තියෙනවා නම් එතනට දේශපාලනිකව බලහත්කාරෙන් සිංහල චිත‍්‍රපටි ඇතුල් කරන එක මෝඩ වාමාංශික ක‍්‍රියා මාර්ගයක්. අද ගොඩක් අය ‘මාරයි’ කියන ඞීබී නිහාල්සිංහ එදා ගත්ත තීරණය මොළේ ඇති එකක් නෙමෙයි. කර්මාන්තමය සිතීමක් නැති නිසා ගත්ත පටු තීරණයක්. ඒක 56 සිංහල රාජ්‍ය භාෂාව කිරීම තරම්ම පටුයි. (එදා 77%ක්ම පෙන්නුවේ විදේශ චිත‍්‍රපටි. ඒකෙන් 66%ක් දෙමළ චිත‍්‍රපටි. ලංකාවෙ චිත‍්‍රපටි වලට තිබුණු ඉල්ලූම 23%ක් විතර)

ඒ අරගලය කරන්න ඒ කාලෙ ආණ්ඩුව වෙනුවෙන් ස්ටේජ් නැගපු කලාකාරයන්ගෙන් දැන් ඉතුරු වෙලා ඉන්නෙ (නොමැරී) රෝයිද සිල්වා විතරක් වුණ එකත් එක විදිහක ව්‍යාංගාර්තයක්. මේ සංවත්සරේ වෙනුවෙන් සනත් ගුණතිලක තරංගනී එකට  ඇවිත් චිත‍්‍රපටි සංස්ථාව වෙනුවෙන් එයා කරපු කැපකිරීම් ගැන හරි ආවේගයෙන් කතා කළා. තනියම සටන් කරලා තරංගනී හෝල් එක එයා අරන් දීපු හැටි ඔක්කොම කියලා අන්තිමට ගොඩක් වටින කතාවක් කිව්වා.
‘මං මැරුණට පස්සෙ මගේ මිනිය කලා භවනේ තියන්න එපා. ඒක මෙතන තියන්න’
කලා භවන වැඩක් ඇති කාලෙ ඒකෙ තිබුණෙ කලා කටයුතු වලට. ඒක වැඩක් නැති වුණාම ඒකෙ කලාකරුවන් කියන අයගෙ මිනී තියන්න පාවිච්චි කළා. දැන් චිත‍්‍රපටි සංස්ථාවත් ඒ විදිහට මිනී තියන්න පාවිච්චි කරන්න කාලෙ හරි කියලයි සනත් එදා කියනවා මට ඇහුණෙ. ඒක සහතික ඇත්ත.

චිත‍්‍රපටි සංස්ථාවක් මොකටද? කර්මාන්තයක් විදිහට සිනමාව ඉස්සරහට ගන්න වෙන වෙළඳ සමාගම් විසින් නොගන්නා වූ පියවර ගන්නයි මේ විදිහෙ සංස්ථාවක් අදට  ඕන වෙන්නෙ. ඒත් අපේ චිත‍්‍රපට සංස්ථාවෙ දැක්ම හරි පටුයි. ඒක එහෙම්පිටින්ම දේශපාලනීකරණය වෙලා ඉවරයි. ලියුම් අත්සන් කරන හම්පඩ රජයේ කාර්යාලයකට වඩා දෙයක් චිත‍්‍රපට සංස්ථාවෙන් වෙන්නෙ නෑ. (සමහර විට අනියම් ලාභ ඉපැයීමේ ක‍්‍රම තියෙනවා නම් ඇරුණම) ඒත් චිත‍්‍රපට සංස්ථාව ආශ්චර්යය කරා අපේ සිනමාව ගෙනියන්න කතා කරනවා.

අපි චිත‍්‍රපටියක් ගැන වැඩකට ළ`ගදි සංස්ථාවට ගියා (ලියුම් වැඩකට). එතනදි අපේ කලින් චිත‍්‍රපටිය (හව් අයි වොන්ඩර්) ගැන කතාවක් මතු වුණා.
‘කෝ කෝ ඒ චිත‍්‍රපටිය?’ සංස්ථාවෙ නිලධාරියා ඇහුව.
‘ඒක ප‍්‍රින්ට් කරන්න සල්ලි නෑ. ඒක හින්ද තැනින් තැන ගිහින් පෙන්නනවා’ අපි කිව්වා.
‘එහෙම කොහොමද? ඒක තහනම්’
‘අපිට රැු`ගුම් පාලක මණ්ඩලෙන් අසීමිත ප‍්‍රදර්ශනය සඳහා අවසර ලැබිලා තියෙනවා’
‘ඒක හරියන්නෙ නෑ. අපි ළ`ගට එන්න  ඕන. අපියි අවසර දෙන්නෙ. පණත ගැන දන්නෙ නැද්ද? රාජ සන්තක කරනවා චිත‍්‍රපටිය’

මේකයි චිත‍්‍රපටි සංස්ථාවෙ ඇත්ත. මේ විදිහටයි චිත‍්‍රපටි සංස්ථාව ආශ්චර්යය කරා අපේ සිනමාව අරගෙන යන්න හදන්නෙ.

මේ සංස්ථාවෙ ඵලදායිතාව කවුරුවත් තක්සේරු කරන්නෙ නෑ. ප‍්‍රායෝගික නැති න්‍යාය විතරක් උගන්නන පංති පවත්වන එකයි, ගම් වල ඉස්කෝලෙ ගානෙ ගිහින් අවුරුදු ගාණක් එකම වැඩමුළුව කරගෙන ය එකයි, ලියුම් කියුම් අත්සන් කරන එකයි ඇරුණම චිත‍්‍රපටි ගැන සංස්ථාවෙන් සිද්ද වෙන්නෙ මොනවද? ඉස්සර බලෙන් සිංහල චිත‍්‍රපටි පෙන්නන්න හරි පුළුවන් වුණාට මේ වෙද්දි සංස්ථාව කියන්නෙ සිනමාවට තියෙන බාධාවක්. මහින්ද චින්තනය වෙනුවෙන් චිත‍්‍රපටි කප්පාදු කිරීම පැවරෙන්නෙ සංස්ථාවට. එදා කතාව මැද්දෙ සංස්ථාවෙ නිලධාරියා අතින් වටිනා අදහසක් මතු වුණා.
‘ඔය වගේ චිත‍්‍රපටි හදන්න එපා (හව් අයි වොන්ඩර් වගේ). කාගෙ හරි සල්ලිනේ. ඔය විමුක්ති වගේ අය කරන්නෙත් ඔය වැඬේමයි. නිෂ්පාදකයෝ අමාරුවෙ’

තම තමන්ගේ දැන හැඳුනුම්කම් මත ලෝන් පාස් කර ගැනීමේ විදිහක් තිබුණට අලූතෙන් එන චිත‍්‍රපටකරුවන්ට සංස්ථාව කියන්නෙ තහනමක්. අක්ෂරය චිත‍්‍රපටියෙදි සංස්ථාව ක‍්‍රියාත්මක වුණේ සිනමාව වෙනුවෙන් නෙමෙයි. වාරණය වෙනුවෙන්. ඩිජිටල් තාක්‍ෂණය චිත‍්‍රපටි වලට එද්දි සංස්ථාව විරුද්ද වුණේ තමන් එක්ක ඉන්න පරණ කට්ටිය ආරක්ෂා කරන්න හිතාගෙන. ඒත් තාක්ෂණය ආවා. චිත‍්‍රපටි සංස්ථාවත් ඩිජිටල් වලට එකතු වෙන්න තීරණය කළා. ඒත් ඒ ඔලූ තාම ඇනලොග්.

මේ වෙද්දි එලියෙ සිද්ද වෙන සිනමාව ගැන චිත‍්‍රපටි සංස්ථාවෙ දැනීම බිංදුවයි. වෙන රටවල සිනමා ප‍්‍රවණතා ගැන විතරක් නෙමෙයි ලංකාවෙ මේ වෙද්දි මාක් 5ඞී වලින් කෙරෙන චිත‍්‍රපටි ගැනවත් සංස්ථාව දන්නෙ නෑ. අලූත් ප‍්‍රවණතා වලට උදව් වෙනවා වෙනුවට සංස්ථාව පටන් ගත්ත කෙටි චිත‍්‍රපට උළෙලත් පන්සල් නාට්‍ය මට්ටමට ගෙනාවා. 2005දි මේ කෙටි චිත‍්‍රපට උළෙල පටන් ගත්තෙ අහම්බෙන් අශෝක හඳගම එතන හිටපු හින්ද. ඒක කෙටි චිත‍්‍රපට උළෙලක් නෙමෙයි සැණකෙලියක් විදිහටයි අඳුන්නලා දුන්නෙ. ඒ වාණිජමය තැනකට පොඩි තල්ලූවක් ගන්න. තැන් තැන්වල කූඩාරම් වල බර්ගර් කකා චිත‍්‍රපටි බලන්න පුළුවන් දවස් කීපයක් ඒ අවුරුද්දෙ ගතවුණා. ඒත් දේශපාලනික අරමුණු වලට පටන් ගත්ත චිත‍්‍රපටි සංස්ථාවට වාණිජ ලෝකය ගැන අදහසක් නෑ. ඒ ගොල්ලො ඊළ`ග අවුරුද්දෙ ඉඳන් බල්ලෙකුට කටේ තියන්න බැරි චිත‍්‍රපටි වෙනුවෙන් සංස්කෘතික සම්මාන දෙන්න පටන් ගත්තා.

”ලංකාවෙ සිනමාව ඇත්තටම වැටිලා. ඇත්තටම කිව්වෙ මං හිතන් හිටිය පුංචි හරි පණත් සිනමාවෙ මහගෙදරදී ඇස් පනා පිටම මිය ගිය නිසා. 2011 වසර ලංකාවෙ කෙටි චිත‍්‍රපටකරුවන්ට හු`ගක් වැදගත් අවුරුද්දක් වුණා. හරිහමන් කතිකාවක් නොතිබුණු මාධ්‍යයකට යම් කතිකාවක් ඇතිවුණු අවුරුද්දක්. ඒත් ඒකෙ කෙලවර නම් ඛේදනීයයි. කෙටි චිත‍්‍රපටියක් කියන්නෙ මොකක්ද කියලා නිර්වචන නැති වගේම ලංකාවෙ කෙටි චිත‍්‍රපටියකටත් මොකක්වත් නෑ කියල දෙසැම්බර් 29 හොඳටම තේරුණා. ...
චිත‍්‍රපට උළෙලක් තුල නිශ්චිත තේමාවක්, කාලයක් තිබීම අවශ්‍යය. ඒත් රටක ප‍්‍රධානතම සිනමා උළෙලක් ලෙස ක‍්‍රියාත්මක වීමේදී එලෙස නිර්ණායක ගෙන ඒම තුලින් සිනමාවේ අනාගතයට අංකුර යැයි කියන නිර්මාණකරුවන් බිහිවේද? මෙවැනි ගොන් පාට් වලට හරියන ගොන්පාට් වලින්ම එතන වර්ණවත් වුණා. ආරම්භයේදී ‘ටෙක්’ යනවා වගේ කළු සුදු ඇඳගත් අංකුරයන් ඒමේදී අවසානය ගැන හු`ගක් පැහැදිලි වෙන්න ගත්තා. ජාත්‍යන්තර සිනමාව ජයගත් ලාංකේය ළමා සිනමාකරුවා ප‍්‍රධාන විනිශ්චයකරුවෙක් වීම තුල සිනමා උළෙලම මොන්ටිසෝරියක් ”
- නලින් යාපා (2011 චිත‍්‍රපට සංස්ථාවේ කෙටි චිත‍්‍රපට උළෙල ගැන)

චිත‍්‍රපටි සංස්ථාව කියන සංකල්පය දැන් පරණ වැඩියි. ඒක දේශපාලනයක් සහිත ආයතනයක් නිසාම කොහොමවත් කර්මාන්තමය දියුණුවකට වැඩක් ගන්න අමාරුයි. අපිට කල්පනා කරන්න වෙලා තියෙන්නෙ එකපාරට අහෝසි කරන්න බැරි නම් අඩු ගානෙ සංස්ථාව බාධාවක් නොවී තියාගන්නෙ කොහොමද කියන එක. අලූත් අදහස් වලට ඉඩක් දෙන්න, අලූත් සිනමාවක් බාර ගන්න සංස්ථාව දැන් නාකියි. ඩිජිටල් යුගය දක්වා ලාංකේය චිත‍්‍රපටි අරගෙන යන්න දැන් සංස්ථාවෙ ඉන්න සභාපතිවරයා අශෝක සේරසිංහ. ”අපිට  ඕනෙ සිකුරු හතේ වගේ චිත‍්‍රපටි” සේරසිංහ දවසක් කතාවක් මැද්දෙදි මට කිව්වා.
”එදා හිටියෙ නිහාල්සිංහ, අද ඉන්නෙ සේරසිංහ. දෙන්නම සිංහයෝ” සනත් එයාගෙ කතවෙදි කිව්වා. වෙන තේරුමකින් වුණත් මේ තරං ඇත්තක් කියවුණේ කොහොමද කියල මං දන්නෙ නෑ. මේ දෙන්නටම සිනමාව ගැන තියෙන්නෙ මතවාද. ඒ මතවාද ඇතුලෙ සිනමාටම වුණත් විරුද්ධව යන්න ඒ ගොල්ලොන්ට පුළුවන්. ඒත් සිනමාව කියන්නෙ මතවාදයක් නෙමෙයි.
ඒත් ඉතිහාසය නැවත නැවත එකම විදිහට සිද්ද වෙනවා. එදා සිරිමාවෝ ආණ්ඩුවට කඬේ ගිහින් චිත‍්‍රපටි සංස්ථාව අටවපු විදිහ ගැන මෙදා ආණ්ඩුවට කඬේ යන සංස්ථාවේ ලොක්කො (එදත් සිරිමා ආණ්ඩුව පත්කරන්නට කලාකාරයන් කියල ස්ටේජ් නගින කට්ටිය සහ මෙදා පොදු පෙරමුණ පත් කරන්නට කලාකාරයො කියල ස්ටේජ් නගින කට්ටිය* ආඩම්බර වෙනවා.
ඒකට කමක් නෑ.
සිනමාවට සුබ උපන් දිනයක්.
සංස්ථාවට ‘සුබ අනාගතයක්’

-චින්තන ධර්මදාස

1 comment:

  1. mamath oya paatamaalawa kala...jathika chithrapati sansthawe dukae aiye...harima dukae..parana deewal a vidihatama thaama athana thanpath wela thiyanawa, aaka katu geyak,,parana deewal pirila,egena ganna kiyala ana aun eeta wada anthae..balala tiyena film gaana vidi karagena kathawata enne..athatama garilla sinamaawata apita eda nadda..mage SHORT FILM script akata mulu clz akama hina una...ada mata harima sathutu dawasak una...

    ReplyDelete