යාපනේ ගිහින් ආපු අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා එහෙම්පිටින්ම වෙනස් වෙලා.
‘මේ වවුනියාවෙන් එහාට සිංහල වචනයක් වත් තේරෙන්නෙ නෑ අයියෙ. ඒ ටික උන්ටම දීලා දාන්න තිබුණෙ’
දෙමළ ජනතාවගේ ජීවිතය උගේ ජීවිතය කණපිට පෙරලා ඇත. මටත් දෙමළ මිනිස්සු ගැන පුදුම හිතෙන දේ ඒක. හැම පවුලකින්ම එකෙක් හෝ බිලිවුණු යුද්දෙකින් පස්සෙත් තවමත් දෙවියන් ඉදිරියේ කඳුළු පිරිච්ච ඇස් වලින් ගලාහැලෙන ඒ භක්තිය... ඒ භක්තිය දරන්න පුළුවන් පොලොවෙ ගැඹුරටම මුල් ඇදපු විශාල ජීවිතයකටම විතරයි. හැම ලෞකික ව්‍යසනයක් ඉස්සරහම ආපහු නැගිටින්න පුළුවන් හයිය දෙමළ මිනිස්සුන්ට දුන්නෙ ඒ සදාතනික භක්තිය.. දෙමළ මිනිහෙක් ඉස්සරහදි හැම ඇත්ත සිංහල මිනිහෙක්ම අවුල් වෙන්නෙ ඒ හින්ද. වරදකාරී හැ`ගීම අපේ උරුමය. දෙවියන් ඒ මිනිස්සුන්ගෙ උරුමය.
තර්කොව්ස්කිගෙ චිත‍්‍රපටි ගැන කීප තැනකදිම කතා බහ ඇති වුණා. චිත‍්‍රපටි ඔක්කොම එක දිගට පෙන්නගෙන ගිය උණුසුමත් එක්ක. මට තර්කොව්ස්කි දිරවා ගන්න බැරි වීමත් එක්ක මේ කතා ටිකක් දික්ගැස්සුණා. ‘මාරයි නේ....’ කියල ගන්න ආස්වාදනීය හුස්ම මගේ මොට්ට ආයුදේ හින්ද බාධා වුණා.
’ඒ වුණත් උඹ මොකුත්ම නැතුව උගේ සිනමාව ඇතුලෙ ඔහේ දියවෙලා යන්න ඉඩ ඇරියොත් උඹට ඒක දැනෙයි. උඹේ අදහස් එක්ක ඇතුලට ගිහින් ඒක ගන්න බෑ’
ඩෙනිස් මට කිව්වා. ‘කර්තෘ මැරලා. රෝලන්ඞ් බාත් කිව්වා.
‘ඌ කවුද කියන එක අදාල නෑ කියලයි මං කියන්නෙ. අපි ගන්න ඕන උගේ සිනමාව විතරයි’ ඩෙනිස් අපේ කතාවෙ සීමාවක් ලකුණු කළා.
මට කර්තෘ නැතුව කෘතිය කියවන්න බෑ. කෘතිය ඇතුලෙන්ම කර්තෘව නිර්මාණය කරන නිසා. විශේෂයෙන් තර්කොව්ස්කි වගේ කෙනෙකුගේ කෘතියක්. කර්තෘ මරලා කෘතිය කියවන්න මං එක`ගයි. ඒත් කෘතිය ඇතුලෙ කර්තෘ ක‍්‍රියාකාරීත්වයන් (මැදිහත්වීම්) දැනෙද්දි මං ඒවා ගැනත් කියනවා. ඒක කෘතිය ඉල්ලා සිටින දේශපාලනය. එතනදි ඒ දේශපාලනේ ඉතිහාසෙට මං ඇතුල්වෙනවා. ඒ සමස්ත කෘතිය ඇතුලෙදි මට තර්කොව්ස්කි පේල්. මොකද මට අනුව තර්කොව්ස්කි කියන එකයි කෘතිය. තනි තනි චිත‍්‍රපටි කියන්නෙ ඒ කෘතියෙ කොටස් විතරයි.
කෘතියක් ඇතුලෙන් මං බලාපොරොත්තු වෙන්නෙ කර්තෘගේ ලෝකයේ ඇවිදින්න යන්න. කර්තෘ කෘතියට වඩා විශාල තැනකදි ඒක වැඩියෙන්ම වෙනවා. මට කර්තෘගේ මානසිකත්වයට ඇතුල්වෙන්න යතුරු ඕනි. ඒ යතුරු සම්පාදනය කෘතිය කිරීම වගේම කර්තෘගේ වගකීමක් විදිහටයි මං ගන්නෙ.
ඒත් කෘතිය විතරක් රස විඳින පේ‍්‍රක්‍ෂක උත්තෝමවාදය නරකයි කියල කියන්න බෑ. ඒක ඉතින් වෙන ඉස්කෝලයක්. වෙන සම්ප‍්‍රදායක්. ඒක තමයි අදේශපාලනික විදිහ. පැසිව් වර්ෂන් එක. ගෑණු එක. එතනදී කෘතිය ගැන හෝ කර්තෘ ගැන දේශපාලනික විචාරයකට යන්න පුළුවන්කමක් නෑ. අපි ගිහින් තියෙන්නෙ ආත්මීය චාරිකාවක්. වාස්තවික දෙබසකට එතන ටිකට් නෑ.
මට තර්කොව්ස්කි කියන්නෙ කලාව පරමාදර්ශීයි කියල විශ්වාස කරපු පටු ජීවිතයක් (කෘතියක්). ජීවිතය ඇතුලෙ පරමාදර්ශ ගොඩනගන්න බැරි වෙද්දි අපි අපේ නිර්මාණ ඇතුලෙන් පරමාදර්ශී දේවල් හොයන්න යනවා. කොහොමටත් කලාව කියන්නෙ මරණය පරාජය කරන්න අපි ගන්න ට‍්‍රයි එකක් කියලා ෆුකෝ කියනවා (මිචෙල් ෆුකෝ)
පරමාදර්ශී කලාව කියන්නෙ ඒ යුතොපියානු සිහිනය. අපි මේ කර්තෘගේ ළදරුකම ආධ්‍යාත්මික විදිහට කියවන්න උත්සාහ කරනවා. තර්කොව්ස්කි ‘ස්පිරිචුවල්’ ඩිරෙක්ටර් කෙනෙක් වෙනවා. එයා ගැන දේශපාලනික කියවීම පමා වීමෙන් එතන පරිණත බවක් පෙන්නන්න යන නොණ්ඩි ගහන යුරෝ ක‍්‍රිස්තියානු වාමාංශික කලා විචාරය නොස්තැල්ජියාවක් හදනවා. මේ කල්පිතය-රෝගය- මිත්‍යාව සම්මාන උළෙලවල් හරහා අධිනිශ්චය කරනවා.
ආදරය සහ මානවීයත්වය ගැන ගොඩක් දේවල් ආන්ද්‍රෙයි තර්කොව්ස්කි කියනවා. එයා ආධ්‍යාත්මික ගුරු කෙනෙක් තත්වයේ සිනමාකරුවෙක් කියල හඳුන්වන විචාරකයො ගොඩක් මේ කතා උපුටා දක්වනවා. ඒත් ආන්ද්‍රෙයි රුබලොව් චිත‍්‍රපටිය වෙනුවෙන් තර්කොව්ස්කි කෲර විදිහට අශ්වයෙක් මරා දානවා. කුරුස යුද්දයේ මානසිකත්වයෙන් ආර්ට් වෙනුවෙන් කළ මහා මොකක්ද වගේ සියලූ විචාරකයො ඒක උත්කර්ෂවත් අන්දමින් ඒක බාර ගන්නවා. ඒත් මට එතනදී තර්කොව්ස්කි කියන ඒ කෘතියෙ සෙන්ටර් පොයින්ට් එකක් වෙලා තිබ්බ මානවීයත්වය කොටුවක් ඇතුලෙ හිර වෙනවා. ඬේවිඞ් ලින්ච්, ජිම් ජාර්මුෂ් වගේ අධ්‍යක්‍ෂවරුන් තරම් මාව වස`ගයට ගන්න ආන්ද්‍රෙයිට බැරි වෙනවා.
‘හැම මිනිහෙක්ම කියන දේයි කරන දේයි අතරෙ වෙනසක් තියෙනවා. ඒ වෙනස ප‍්‍රශ්න කරන එක තේරුමක් නෑ කියල මං කියන්නෙ’
ප‍්‍රියන්ත කිව්වා.
ඒ කතාව ඇත්ත. හැම මිනිහෙක්ගෙම ඒ ගැප් එක තියෙනවා. ඒත් ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙ එහෙම මිනිහෙක් නෙමෙයි. කර්තෘ මැරිලා කියන පෝස්ට් මොඩර්න් දෙබස ඇතුලෙන් එන කතාව ආයිමත් කර්තෘ කියන විශ්වයක් නිර්මාණය කරනවා. රෝලන්ඞ් බාත් කියන අදහසට මිචෙල් ෆුකො වෙනසක් යෝජනා කරන්නෙ ඒකයි. කර්තෘ මැරිලා. ඒක හරි. ෆ්‍රෙඞ්රික් නීට්ෂේත් ඒක කියනවා. ඒත් කර්තෘ එතැනින් වෙන ක‍්‍රියාකාරීත්වයකට මාරු වෙනවා. කෘති හරහා නැවත කර්තෘ කෙනෙක් ගොඩනැංවෙනවා. ඒ කර්තෘ විවිධ මාධ්‍යයන්ගෙන් විශාල විදිහට ප්‍රොජෙක්ට් කරනවා. ඒක දේශපාලනික කරනවා. විශේෂයෙන් තර්කොව්ස්කි වගේ චරිතයක් ඩිස්කර්සිව් චරිත බුදුවරු වගේ. ඒවා ගැන පුද්ගලික දේවල් මොකුත්ම අපි දන්නෙ නෑ. දන්න ඔක්කොම ප‍්‍රබන්ධ. කෘතීන්. සහ ඒ කෘතීන් විසින් දිශානුගත කරන දේශපාලනයක් සහ මතවාදයක් තියෙනවා. කෘතියක් සවිඥාණකව කියවීම කියල මං කියන්නෙ ඒකට. අනිත් එක බෙඞ් ටයිම් ස්ටෝරීස්.
එක්තරා රතු ඉන්දියානු ගෝත‍්‍රික නායකයෙක් මුණගැහෙන්න මාධ්‍යවේදියෙක් යනවා. ගෝත‍්‍ර නායකයා එක්ක කතා කරද්දි එයා ඒ පොලොව ගැන එයා දන්න තරම කියන තැනකට කතාව එනවා.
‘උදැල්ලකින් කොටන ගැඹුරෙ ඉඳන් ලිඳක් හාරන ගැඹුර වෙනකල් මේ පොලොව අපි දන්නවා’ ඉන්දියානු ගෝත‍්‍රිකයා නළල රැුලි කරලා මේ අහන අමුතු ප‍්‍රශ්න ගැන හිත හිත උත්තර දෙනවා.
මේක මාධ්‍යවේදියාගෙ ඔලූවෙ දාර්ශනීකරණය වෙනවා. ඒකට ආධ්‍යාත්මික වගේ එයාගෙ ඔලූවෙ තියෙන ගිල්ටීස් සහ එරියස් එකතු වෙනවා. අන්තිමට මේ ගෝත‍්‍ර නායකයා මාධ්‍යවේදියාගෙ සමාජ දේශපාලන දැනුම ඇතුලෙන් ආධ්‍යාත්මික/සවිඥාණක/ බුදු වගේ තැනකට තල්ලූ වෙනවා.
ඒත් ගෝත‍්‍ර නායකයා කියන්නෙ සරල කතාවක්. එයා උදැල්ලෙන් කොටලා තියෙනවා. ලිඳක් හාරලා තියෙනවා. එයා පොලොව ගැන දන්නෙ එච්චරයි.
මේ විදිහට අපි විසින් කරන දාර්ශනීකරණය කරන ලද කර්තෘට ඇත්ත ලියන්නා හෝ මිනිසා සමග ඇති සම්බන්දයක් නෑ. ඒක කෘතියක්. ඒ කෘතිය කියන්නෙම විෂයක්. තර්කොව්ස්කි සම්බන්දයෙන් මේ අවුල වැඩියෙන් සිද්ද වෙලා තියෙන්නෙ ඒ දාර්ශනීකරණය රුසියානු විප්ලවය සහ ජේසුන් වගේ කොන් දෙකක් සම්බන්ද කරමින් ගොඩනැගෙන නිසා. ඒක කම්බයින් සබ්ජෙක්ට් එකක්.
අපි අත්විඳින කෘතියක් පිළිබඳව ගැඹුරු දැනීමක් අපිට උවමනායි කියල මං හොඳටම විශ්වාස කරනවා. මේ වෙද්දි හුදකලා කෘතීන් නැහැ. ඒවා එකිනෙක සම්බන්දයි. කර්තෘ හා කෘතිය කියන්නෙ දෙකක් නෙමෙයි. එකක්. උදා වදිහට ජැක්සන් ඇන්තනි කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. ඒක කෘතියක්. ඒ කෘතිය තවත් කෘතීන් ගණනාවක් එක්ක සම්බන්දයි. කවුරු හරි ජැක්සන් කියන කෘතිය බාත් කියපු නිසා මගඇරලා ජැක්සන් කරපු වැඩවල ගංජා ආතල් එකක් ගන්න ගියොත්... (ගියාට කමක් නෑ) සහ ඒ ආතල් එක දැනුමක් විදිහට පාවිච්චි කරන්න ගියොත් ලොකු අවුලක් සිද්ද වෙනවා. ඒක රාවණා ආපහු එනකං බලන් ඉන්නවා වගේ අවුලක්. ඉතිහාසය ඇත්ත කියල පිළිගන්නවා වගේ අවුලක්.
අනික් අතට කෘතිය ගැන වාස්තවික දැනුමකින් එහා ආත්මීය අත්විඳීමක් වුණත් මේ තමන්ගේම වූ ආත්මීය චාරිකාවෙන් එහාට යන්න ඕනි කියලයි මං හිතන්නෙ. නැත්තං අපිට එක එක නම් වලින් ආයිමත් ආයිමත් මුණගැහෙන්නෙ අපේ මනෝභාවයන්ම විතරයි. හරියට ඒක පාර්ශ්වික පේ‍්‍රමයක් වගේ. අන්තිමට සිද්ද වෙන්නෙ ස්වයං වින්දනයක් විතරයි.
ඒ වගේ ආත්මීය සුරතාන්තෙක පරිපූර්ණ තෘප්තිය ලබන්න කර්තෘ එක්ක යහන්ගත වීම අනිවාර්යයි කියලයි මං කියන්නෙ. ඒකෙදි කෘතිය සහ කර්තෘ එකට ගන්න වෙනවා. නැත්තං අපි අල්ලන් ඉන්නෙ ජංගියක් විතරයි. කෘතිය ඇතුලෙන් කර්තෘ සමග සංවාසයකට අපි යනවා. ඒ කර්තෘගෙම වෙනත් පොත් අපි කියවනවා. එක තැනකදි එයා අපිව අවුල් කරනවා. ආතල් කඩනවා. අපි ටික ටික එයාව මගඅරිනවා. දැන් මාව අවදි කරන්න තර්කොව්ස්කිට බෑ. ඒත් එයා වෙන අයට මාර පොරක් වෙන්න ඒකෙන් බාධාවක් නෑ.
කර්තෘ කියන ස්වභාවික මිනිහාගේ මරණය සිද්ද වෙන්නෙ ඒක ප‍්‍රකාශනයක් විදිහට නිෂ්පාදනය වෙද්දිමයි. එතැනින් එහාට ඉන්නෙ කෘතියට සාපේක්‍ෂ කර්තෘ කෙනෙක්. ලිජන්ඞ්ස් හැදෙන්නෙ ඒ කර්තෘත්වය එක දිගට තවත් තවත් විශාල අවකාශයන් දක්වා පුළුල් කරන එකෙන්. අන්තිමට එයා පුංචි හිලක් නම් අපි ඒකට හුලං ගහලා මොකටද?
කර්තෘ කියන කාරණය මේ වෙද්දි වඩාත් සංකීර්ණ අවකාශයක් වෙලා කියල ෆුකෝ විස්තර කරනවා (වට් ඉස් ඇන් ඕතර්?) ඒක තවදුරටත් යම් කතිකාවක් නිෂ්පාදනය කිරීම කියන ඍජු කාරණය එක්ක සම්බන්ද නෑ. කර්තෘ තවදුරටත් පුද්ගලයෙක් නෙමෙයි. ඒක පුද්ගල එකතුවක්. කතිකා සමූහයක්. සංකීර්ණයක්. පුද්ගලයා සහ කර්තෘ කියන එක අතර මේ හැම දෙයක්ම තියෙනවා. ෆ්‍රොයිඞ්, මාර්ක්ස් වගේ අය මෙතනදි වැටෙන්නෙ මහා ආඛ්‍යාන ගොඩට. සිනමාවෙදි තර්කොව්ස්කිත් ඒ වගේ කියලයි මගේ අදහස.
කර්තෘ මැරිලා කියන බාත්ගේ අදහසට අවුරුදු දෙකකට පස්සෙ මිචෙල් ෆුකෝ කර්තෘත්වයේ ඉතිහාසය සහ බලය ගැන තමන්ගෙ කතිකාව එලියට ගේනවා. එතනදි කර්තෘ සංකීර්ණයක් වෙනවා. සමහර විට කෘතියට වඩා විශාල සංකීර්ණයක් වෙනවා. කර්තෘ අමතක කර කෘති කියවන්න යාමෙන් මේ සංකීර්ණ අතිවිශාල වෙන්නත් එතනින් බෝවෙන රෝගයක් වෙන්නත් පුළුවන්. තර්කොව්ස්කි සින්ඩ්‍රෝමය දැනටමත් තියෙන්නෙ වසංගත මට්ටමට ටිකක් අඩුවෙන්. වැළඳුණු අය අඩුවෙන් වාර්තා වුණත් වාර්තා නොවූ ආසාදිතයන් ප‍්‍රමාණය විශාලයි.
-චින්තන ධර්මදාස