කාලයක් තිස්සෙ කමකට නැති ජෝක් කර කර හිටපු කාලෝ ෆොන්සේකා ටිකක් විතර හිනා යන ජෝක් එකක් ළ`ගදි කරලා තිබුණ. හේතුවාදී සංගමෙන් ලක්ෂ 10ක් දිනන්න හොල්මන් ඇත්ත කියල ඔප්පු කරන අභියෝග දහයක් දොළහක් ඉදිරිපත් කරලා තිබුණ. ඒබ‍්‍රහම් ටී කොවුර් ඉස්සෙල්ලා කරපු වැඬේ පාර්ට් ටූ එක. ලංකාවෙ මේ වෙලාවෙ භූත පිස්සුව හැදීගෙන යන වේගෙට මේ වගේ ප‍්‍රධාන ධාරාවෙ අභියෝගයක් ඉදිරිපත් වීම වැදගත්. මේක පුළුවන් තරම් පබ්ලිසිටි දීලා රට වටේ ගෙනියන එකත් වැදගත්. නැත්තං සතිපතා පත්තර වලින් හොල්මන් හදන වේගෙට, වැඩිවෙන කට්ටඩි, කේන්දරකාර තොගේට මේ කොදෙව්වෙ ඉන්න බැරි වෙනවා සිහියක් ඇති උන්ට.
රටකට එක කාලෙක පිස්සු වැස්සක් වැස්සලූ. ඒ ගැන කලින් දැනගත්ත පොරක් රජාට මේ ගැන කිව්වලූ. ඒ වැස්ස ආවෙත් පට්ට පෑවිල්ලකට පස්සෙලූ. ඉතින් පිස්සු වුණත් රජාටයි රටටයි වැස්ස රත්තරං වගේ වුණාලූ. වැස්ස වැටෙද්දි ඒ ගැන දන්න පොර විතරක් ගේ ඇතුළට වෙලා නොතෙමි ඉද්දි මුලූ රටම වැස්සෙ පිස්සු කෙලින්න ගත්තලූ. අන්තිමට ඔක්කොම පිස්සො මේ සිහියෙන් ඉන්න එකාට හිනාවෙන්න ගත්තලූ. හොඳ වෙලාවට ගෙයි පිළිකන්නෙ එකතු වෙලා තිබ්බ වතුර මුට්ටිය සිය කැමැත්තෙන්ම ඔලූවෙ නමා ගන්නවා ඇරෙන්න පොරට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.
මොනවා වුණත් අර්බුදය තියෙන්නෙ මේ අද්භූත පිස්සුව කාලෝ තමන්ම පෙනී සිටින මහින්ද රාජපක්‍ෂවාදී ජාතිකවාදී සීමිතකමේම ප‍්‍රතිඵලයක් වෙන එක. අපේ කම, අපේ ගම කියන කොදෙව්කරණයෙම අතුරු කතාවක් වෙන එක. කාලෝ විසින් මුග්ධ විදිහට පෙනී ඉන්න මතට තිත ව්‍යාපාරයේ දායකත්වයක් වෙන එක. ප‍්‍රධාන ධාරාවෙ සටනකින් මූණ දෙන්න බැරි ගැටළුවක් ඉතුරු වෙන්නෙ ඒ හින්ද. ලංකාව දූපතක් වීම අපේ භූගෝලීය සීමාවක් නෙමෙයි. ඒක අපේ මානසික සීමාවක්. අන්තර්ජාතික වෙන්න කියල හිතාගෙන අපි ගන්න මාක්ස්වාදී, පශ්චාත් නූතනවාදී කොයිවාදී වුණත් මතවාදයක් සහ නලින්ද සිල්වා වර්ගයේ ජාතිකවාදී මතවාදයක් එක පෙළට ඉඳගෙන බෙදා ගන්න ඇත්ත මේක. උදාහරණයක් විදිහට ලංකාවෙ කොයි බුද්ධිමතෙක් වත් අලූත් තාක්‍ෂණය බාර ගන්න කැමති නෑ. ජාතිකවාදීන් ඒක බටහිර දැනුම කියල බැහැර කරද්දි මාක්ස්වාදීන් ඒක බටහිර උගුලක් කියල බැහැර කරනවා. අධ්‍යාත්මිකවාදීන් ඒක අල්පේච්ඡු ජීවිතේ කියල බැහැර කරනවා. මේ වෙද්දි ලෝක මනුෂ්‍යයා බුදුවරුන් රහතුන් වහන්සේලා විසින් අධිඥාණ ලබා හිමිකරගත් හැකියාවන් තාක්‍ෂණයෙන් අත්පත් කර ගනිමින් ඉන්නවා. ලෝකෙ මේ කොනේ ඉඳන් එහා කොණට තත්පර දශම ගාණකින් සම්බන්ධ වෙන්න අපිට පුළුවන්. අන්තර්ජාලයේ විවිධ වේශයන්ගෙන් සැරිසරන්න අපිට පුළුවන්. එක තත්පරයකින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අපිට දැනෙන දේ සන්නිවේදනය කරන්න පුළුවන්. එකවර කීප තැනක පෙනී ඉන්න පුළුවන්. දැන් ඇත්තටම අධිඥාණ සමාපත්ති ගැන කතා නයිට් රයිඩර් කාර් එක තරම් පරණයි.
ඒත් ඒ තාක්‍ෂණය බාර ගන්න අපි ලෑස්තිද කියන එක ප‍්‍රශ්නයක්. මේ දූපත් මානසික සීමාවෙන් අපිට ඒ මානව තාක්‍ෂණයේ ආශ්චර්යයන් දකින්න බෑ. අපි ඒ අදහස් හුවමාරුව ඇතුළට යන්නෙ නෑ. මේ වෙද්දි මනුෂ්‍යයා සම්බන්ධ භෞතික පරිණාමය ඉවරයි. ඉතුරු ටික තියෙන්නෙ අදහස් පරිණාමය ඇතුලෙ. ඒත් ඒ සංවාදයට අපි එකතු වෙන්නෙ කොහොමද මේ දූපත් වැට මායිමත් එක්ක? බුදුන්ට පස්සෙ බිහිවුණු කිසිම බුද්ධිමතෙක් බාර ගන්න ලංකාවෙ ඔලූ පරිණත නෑ. අපි සෙක්ස් වලට විරුද්ධයි. ඩ‍්‍රග්ස් වලට විරුද්ධයි... කිසි හේතුවක් නැතුව. අපේ සංස්කෘතිය කියල අපිම කූඩුවක් හදාගෙන. අනාගතය වෙනුවට අපි යන්න ලෑස්ති අතීතෙට.
ටෙඞ් ටෝක්ස් වල මැට් රිඞ්ලි ලස්සන කතාවක් කියනවා. මැට් රිඞ්ලි කියන්නෙ බි‍්‍රතාන්‍ය විද්‍යාඥයෙක්. මාධ්‍යවේදියෙක්. රචකයෙක්. එයා කියනවා ලෝකෙ හැමදාම අනාගතය ගැන අසුබ කතා කීම පැවතුණා කියල. ජනගහණය වැඩිවෙනවා. කැන්සර් ඒඞ්ස් පැතිරෙනවා. කාන්තාර වැඩි වෙනවා. අම්ල වර්ෂා වැටෙනවා. තෙල් ඉවර වෙනවා...හැමදාම මේ වගේ කතා කිව්වා. ඒත් ඇත්තටම මොනවද වුණේ?
අපේ ජීවිත කාලය ඇතුලෙදි ඒක පුද්ගල ආදායම තුන්ගුනේකින් වැඩි වුණා. මිනිස් ආයු කාලය 30%න් වැඩි වුණා. ළදරු මරණ සංඛ්‍යාව 2/3කින් අඩු වුණා. තාක්‍ෂණයත් එක්ක ජීවන තත්වයන් සංවර්ධනය වුණා. ඒත් අපි තාම අනාගතේ ගැන දකින්නෙ භයානක හීන. අතීතෙ අපිට වඩාත් ආරක්‍ෂිතයි කියල හිතෙනව.
ලෝක ජනගහණය වැඩිවෙද්දි කොහොමද සංවර්ධනය වැඩිවෙන්න පටන් ගත්තෙ? මැට් විස්තර කරනවා. මිනිස් මොළ එකතු වෙලා හිතන්න පටන් ගත්ත. අදහස් වැඩි වැඩියෙන් සංසර්ගය කරන්න ගත්තා. මැට් කියන්නෙ අදහස් ලිංගිකව එක්විය යුතුයි කියල. අදහස් තමයි ශරීරය. අපි හැදිලා තියෙන්නෙ අදහස් වලින්. සමේ ෙසෙල ගැන අදහස, මොළයේ ෙසෙල ගැන අදහස මේ විදිහෙ අදහස් සමුදායක් තමයි ලෝකය. මේ අදහස් වැඩි වැඩියෙන් සංසර්ගය වෙමින් තනි මිනිස් මොළයට හිතාගන්නවත් බැරි පරිමාවක නිර්මාණ කරනවා. ඒකට කියන්නෙ හුවමාරුව (එක්ස්චේන්ජ්)
මැට් හෝමෝ ඉරෙක්ටස් විසින් පාවිච්චි කළ පොරොවක් සහ පරිගණක මීයෙක් තිරය මතට ගේනවා. මේ දෙකම මිනිස් අතට ගැලපෙන විදිහට නිර්මාණය කරපු තාක්‍ෂණයන්. ඒ ගල්පතුර ජීවත් වුණු පොලොවට සීමා වුණු තාක්‍ෂණයක්. ඒත් පරිගණක මීයා... පෙට්‍රෝලියම්, ප්ලාස්ටික්, සිලිකන් වගේ ලෝකෙ පුරාම විසිරුණු අදහස් ගණනාවක් එක්තැන් වුණු සංකීර්ණ තාක්‍ෂණයක්. ගල් පතුර ගැන අපිට හිතාගන්න පුළුවන්. ඒ පරිගණක මීයා කියන තාක්‍ෂණය ගැන හිතාගන්නවත් පුළුවන්ද? ඒක සිද්ද වෙන්නෙ ලෝකෙ පුරා අදහස් ලිංගිකව එක්වීමෙන්.
එතකොට ලංකාවෙ අපි ආයිමත් යන්න හදන්නෙ අපිම වවාගෙන කන පරණ තාක්‍ෂණයට. තනි තනි ඔලූ වලින් නිපදවෙන අදහස් වලට. කොකා කෝලා එපා කිය කිය, රාවණා තමයි පොර කිය කිය අපි ඉගිල්ලෙනවා වෙනුවට මීයො වගේ පොලොව යට ගුල් හාරනවා. මේක වුණා තස්මේනියාවට. මුහුදෙන් තස්මේනියාව වටවෙලා ප‍්‍රධාන බිමත් එක්ක සම්බන්ධය නැති වුණාම තස්මේනියාවෙ සියලූ තත්වයන් ආපස්සට යන්න ගත්තා. කිසි අලූත් නිෂ්පාදනයක් අවශ්‍ය වුණේ නෑ. ඒ පොඩි ජනතාව වෙනුවෙන් නිෂ්පාදනය කරන්න යන ශ‍්‍රමය ඵලදායී වුණේ නෑ. හුවමාරුව නතර වුණා. සංවර්ධනය එතනම නතර වුණා. ලංකාවෙ අපි දැන් අත්විඳිමින් ඉන්නෙ ඒ වගේ තත්වයක්. ලෝකෙත් එක්ක අපේ හුවමාරුවක් නෑ. ඇත්තටම අපිට අදහසක් නෑ. එන්න එන්න අතීතෙට යන ජාතියකට අතීත විශ්වාස ආයිමත් මුණගැහෙනවා. අනාගතයේ වෙනුවට අද්භූත ලෝකෙ ජීවත් වෙන්න පටන් ගන්නවා.
මිනිස් පරිණාමය සිද්ද වෙන්නෙ ලිංගික සංසර්ගයෙන්. ලිංගික සංසර්ගය නොවුණු සත්ත්ව වර්ග සංකීර්ණ තත්ව හමුවේ වඳවෙන්න පටන් ගන්නවා. සෙක්ස් වලදී වෙනස් වෙනස් කලාප වල අදහස් එකතු වෙලා සංකීර්ණ අදහස් ගොඩනැගෙනවා. සෙක්ස් වලින් පුළුවන් සමස්තයක අදහස් ගන්න. ජීව විද්‍යාවෙ ඒක වෙන්නෙ ජාන වලින්. සංස්කෘතියෙ ඒක වෙන්නෙ හුවමාරුවෙන්. ඒකෙන් සංකීර්ණ තත්ව ඉක්මවා වැඩෙන්න මිනිස් අදහසට පුළුවන් වෙනවා.
ඬේවිඞ් රිකාඩෝ මේ එක්ස්චේන්ජ් කියන එකේ වටිනාකම ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඇඩම්ට පැය4න් හෙල්ලක් සහ පැය 3න් පොරොවක් හදන්න පුළුවන් කියල හිතමු. ඕස්ට පැයකින් හෙල්ලක් සහ පැය දෙකකින් පොරොවක් හදන්න පුළුවන්. ඕස්ට හැම එකක්ම ඇඩම්ට් වඩා වේගයෙන් කර ගන්න පුළුවන්. ඒත් ඕස් හෙලි 2ක් සහ ඇඩම් පොරෝ දෙකක් හදන්න එක`ග වුණොත් දෙන්නටම පැයක කාලයක් ඉතුරු වෙනවා. ඒකෙන් ඕස් සහ ඇඩම් හෙලි සහ පොරොව හදන තාක්‍ෂණයේ දියුණුවත් එන්න එන්න වැඩිවෙනවා. රිකාඩෝ මෙහෙම කිව්වට ලංකාවෙ අපි ට‍්‍රයි කරන්නෙම එක්ස්චේන්ජ් එක නවත්තන්න. මාක්ස්වාදීන් ඒකෙ සූරාකෑමක් ගැන කියනවා. ජාතිකවාදීන් අපේ උරුමය රකින්න කියනවා.
මැට් තව උදාහරණයක් කියනවා. ලූවී රජතුමාට තමන්ගෙ හැම දේටම තොග ගණන් සේවකයො හිටියා. එයාගෙ අර හිනා යන ඇඳුම්, විහිළු කොන්ඩෙ මේ ඔක්කොම හදන්න කට්ටිය හිටියා. කෑම උයන්න විතරක් 398ක් හිටියා. ඒත් සාමාන්‍ය ජනතාවගෙන් කාටවත් මේ එකක් වත් තිබ්බෙ නෑ. ඒත් දැන් අපි වෙනුවෙන් මුලූ ලෝකයක ජනතාවක් ඉන්නවා. පරිගණක මීයා එක රටක අදහසක් නෙමෙයි. අපේ රෙස්ටුරන්ට් වල ලූවී ට හිතාගන්නවත් බැරි තරම් රස කෑම ජාති තියෙනවා. අපේ විලාසිතා වෙනුවෙන් ලෝකයක අදහස් එකතු වෙනවා. ඒත් අපි තාම හිතන්නෙ දුටුගැමුණු හරි පැරකුම්බා හරි නැත්තං ඊටත් වඩා එහා රාවණා හරි කාලෙකට යන විදිහක් ගැන.
මානව ඉතිහාසයේ වෙළඳාම කෘෂිකර්මාන්තයට වඩා දහගුණයක් පැරණි වග අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා. ලෝකෙ පුරා තැනින් තැන හමුවෙන සමාන ආයුධ වලින් කියවෙන්නෙ මිනිස්සු ගිය ගමනක් ගැන නෙමෙයි. සිද්ද වුණු වෙළඳාමෙ ප‍්‍රමාණය ගැන. මිනිස් සංවර්ධනය තීරණය වුණේ මේ හුවමාරුවේ ප‍්‍රමාණය උඩ. භාෂාවකින් අපිට කියන්න පුළුවන් වෙන්නෙ අපි දැනටමත් දන්න දෙයක් ගැන විතරයි. ඒත් පරිගණක මීයෙක්..එහෙම නැත්තං පැන්සලක් වුණත් කියන්නෙ තනි මිනිස් මොළයක පරිමාවට වඩා කොයි තරම් ලොකු දේවල්ද? ඒ අදහස් සංසර්ගයේ ප‍්‍රතිඵල
අයිකිව් වලින් මිනිස් මොළයේ තරම මනින එක තේරුමක් නෑ. තනි තනි මිනිස් මොළවලින් දැන් ඇති වැඩක් නෑ. වැදගත් වෙන්නෙ කොයිතරම් අදහස් ප‍්‍රමාණයක් එකතු වෙනවද කියන එකයි. හැම මිනිස් මොළයකම ධාරිතාවන් ගොනුවෙන සාමූහික මොළයක් ඇතුලෙයි අපිට හිතන්න වෙන්නෙ. අපි එතනදි නියුරෝන විතරයි.
ජ්‍යොතිෂයෙන්, අනාවැකි වලින් කියන නරකම දේවල් මනුෂ්‍ය ප‍්‍රජාවට සිද්ද වෙන්න පුළුවන්. ඒත් ඒ වෙද්දි මේ සාමූහික සිතීමෙන් නිර්මාණය වෙන තාක්‍ෂණය ඒ ව්‍යසන මතින් ඉගිල්ලෙන්න අපිට අත්තටු දීලා ඉවරයි. (ලංකාවෙ අපිට නෙමෙයි. අපි වර්තමාන මනුෂ්‍ය සිතීමෙන් හු`ගක් දුර අතීතෙක හුදකලා වෙච්ච කූඹි වගේ මිනිස්සු. වැස්සක් ඕන නෑ. චූ පාරකින් වුණත් අපි හේදිලා යාවි)
-මැට් රිඞ්ලිගේ කතාවක් ඇසුරෙන්
චින්තන ධර්මදාස
ලිංගික ක්‍රියාවලියකදි දීම සහ ගැනීම දෙකම උවමනයි අවසාන ඵලය සාර්ථක වෙන්න. අදහස් සංසර්ගයේදි මිනිස්සු කොයිතරම් ඒ ගණුදෙනුවට ලෑස්තිද කියන ප්‍රශ්ණෙ එනවා. මිනිස්සු ගොඩක් හිතං ඉන්නෙ එයාල හිතන දේවල් උපතින්ම ආව කියල. ඒව එයා ජීවත් වුණ පරිසරය නිසා හිතන්න හුරු වුණ දේවල් කියල මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. ඒ නිසා තමන් දරණ අදහස පරම අදහස කරගෙන අනිත් අය කියන දේවල් නිශ්ප්‍රභ කරනවා. හැමෝටම ඕන පොරක් වෙන්නනේ. එතනදි ගනුදෙනුවක් කෝ? අදහස් කොහොමද සංසර්ගයේ යෙදෙන්නේ?
ReplyDeleteමට හිතෙන්නෙ ඔය පසුබෑමට හේතුව විධියට අපිට තියෙන ලොකුම හේතුව අපි චණ්ඩියො වීම. ඒ නිසාම උවමනාවෙන්ම අනිත් මනුස්සයව මගඇරීම. ඇහුම්කන් නොදීම.
කොවුර්ගේ පෙට්ටගමට ගිනිතියල ඉවරයි
ReplyDeleteමිත්‍යාව යනු කුමක්ද? විද්‍යාව දන්නා බවද? විද්‍යාව නොදන්නා බවද? සැක හැර දැන ගන්න. පහත Facebook පේජ් එකට යන්න.
https://www.facebook.com/JyotishLanka