”මචං, මං ආස නෑ රිලීජස් (ආගමික) මිනිහෙක් වෙන්න. රිලීජස් වෙනවා කියන්නෙ රිචුවල්ස් වගයකට පුරුදු වෙනවා කියන එකනෙ. උදේම නැගිටින්න ඕනි, භාවනා කරන්න ඕනි, එක එක වතාවත් තියෙනවා, මං ආස නෑ මචං එහෙම ඩිසිප්ලින් වෙන්න. හැබැයි මේ රිලීජස් එකෙන් එලියෙ තියෙන අනිත් එක ඊට වඩා දරුණුයි. ඒක ඉකොනොමිකල්. ඒකෙත් රිචුවල්ස් තියෙනවා. වැඩට යන්න ඕනි, අත්සන් කරන්න ඕනි, ඒක ඔරලෝසුවෙ හැම තත්පරයක්ම රිචුවලයිස් කරනවා. රිලීජස් වෙන්නෙ නෑ කියන කට්ටිය ගොඩක් වෙලාවට මේකට වැටෙනවා. මං කියන්නෙ මට රිලීජස් එකත් එපා, ඉකොනොමිකල් එකත් එපා’’
අජිත් කුමාරසිරි වයින් වීදුරුවක් තොල ගගා විස්කි වගේ කතාවක් කිව්වා.
‘මචං ලංකාව ගූගල් සර්ච්වල සෙක්ස් වැඩියෙන්ම හොයපු රට වෙච්ච එක ගැන උඹ මොකද හිතන්නෙ? අනිත් කලාකාරයො ගොඩක් ඒ ගැන ඒ අය හිතන එව්වා කියලා තිබුණ’ මං අජිත්ගෙන් ඇහුවෙ එහෙම කට්ටියක් පත්තරේකට කියලා තිබ්බ කතා ටිකක් කියවපු හින්ද.
ජැක්සන් ඇන්තනි කියන විදිහට එයා හු`ගක් කණගාටු වෙනවා සහ වැඩිහිටියෙක් විදිහට අවුල් වෙලා තියෙනවා මේ ගූගල් සර්ච් හෙලිදරව්ව හින්ද. ඒ අතරෙ එයා වීරවංසගෙ කුමන්ත‍්‍රණ න්‍යායෙනුත් ටිකක් කළතනවා.
‘ඔය ගූගල් දත්ත කොයි තරං නිවැරදිද කියලා හොයලා බලන්න ඕනි’ ඇන්තනිට ගූගල් එකත් ෂුවර් නෑ.
අශෝක හඳගම කියන විදිහට චීනෙට ජපානෙට නැති ප‍්‍රශ්නයක් අපිට තියෙන එක ගැන හිතන්න ඕනි. චීනෙ ගූගල් පවා නැති එක හඳගමට අමතක වෙනවා. අනික සෙක්ස් අතින් ජපානය ඇත්තට ඉන්නෙ කොහෙද? ඉන්ටර්නෙට් එකේ වැඩිම පර්වර්ට් (විපරීත) පෝර්න් ෂොනරයන් පිරෙන්නෙ ජපන් වීඩියෝ වලින්.
ඉනෝකා සත්‍යාංගනීට අනුව මේක ‘වැඩිහිටියන්ට පමණයි’ කියලා සෙක්ස් ලේබල් වීම හින්ද ඇති වුණු ප‍්‍රශ්නයක්. වහන් ඉන්න හදන එක නිසා වෙච්ච අවුලක්.
‘ මචං උන් සෙක්ස් කියලා රිසර්ච් කරපු හින්ද හොඳයි. ‘ෆක්’ කියලා හෙව්වා නං එහෙම ඕක ඔයිටත් වඩා පුදුම හිතෙන තැනකට එනවා. අපේ අය දන්නෙ වචන දෙකයි. මුලින්ම ෆක් කියලා ගහලා බැලූවා. බැරි වුනාම සෙක්ස් කියල ගහලා බැලූවා’ අජිත් කිව්වෙ අපේ ඉන්ටර්නෙට් බහුතරයකගෙ පෝර්න් සාක්ෂරතාවය ගැන.
මට හිතාගන්න බැරි වුනේ සෙක්ස් කියන වචනෙ වැඩියෙන් හොයලා ලංකාව පලවෙනි තැනට ආපු එක අර්බුදයක් වෙන්නෙ කොහොමද කියන එක. ඒක සමාජ පරිහාණියක හෝ සංස්කෘතික සෝදාපාළු තත්වයක් වගේ අරන් කතා කරන පදනම මොකද්ද කියන එක. මට අනුව අපි ආඩම්බර වෙන්න ඕන සෙක්ස් කියන එක වැඩියෙන් හොයපු ජාතියක් වීම ගැන. සෙක්ස් කියන්නෙ පොසිටිව් තත්වයක්. ඉන්ටර්නෙට් එකේ සෙක්ස් බැලීම හින්ද ස්ත‍්‍රී දූෂණ වැඩිවෙනවා වගේ මනස්ගාත වල එල්ලිලා ඉන්නවා නම් ඇරුණම ඒක ජීවිතේ ආශාව පැත්තෙන් හොඳ දෙයක්. අනිත් අතට මේ විවෘත වීමත් එක්ක අපේ ලිංගික කලාප තවත් පුළුල් වෙන්න ගන්නවා. ගෑණු කලවයක් දැකපු ගමන් මඳ කිපෙන සදාචාරවත් ජාතියකට වඩා පරිණත විදිහට ලිංගිකත්වය රස විඳින, නිරුවත කියන එක මැජික් නොවුණු, අන්තර්ජාතික ලිංගිකත්ව වින්දන කලාපයන් හා සමගාමී පරපුරක් ඉන්න එක දියුණු තත්වයක් කියලයි මට හිතෙන්නෙ.
මෑතක ඉන්දියාවෙ වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කිරීමට විරෝධය පාමින් ඉන්දියානු කාන්තාවක් සිරා වචන පේලියක් බෝඞ් එක ලියලා උස්සගෙන හිටියා.
‘අපිට ඇඳුම් අඳින හැටි කියලා දෙන්න එන්න එපා. ඔයාගෙ පුතාට උගන්නන්න ගෑණු දූෂණය නොකර ජීවත් වෙන්න’
මේ පාලනය කළ නොහැකි ලිංගික ප‍්‍රචණ්ඩත්වය ඉන්දියාවට වගේම ලංකාවටත් පොදුයි. වෙනසකට තියෙන්නෙ ස්ත‍්‍රී දූෂණයක් නෙමෙයි ඊට වඩා දෙයක් වෙනුවෙන්වත් පාරට බහින්න ජනතාවක් අපේ රටේ නැති එක. පෝර්න් බලන එක වැඩි වෙන එකෙන් තමන්ගෙ ආශාවන් සයිබර් විශ්වයක මෝචනය කරන්න මේ නොදියුණු ඉන්දු- ලාංකිකයා පුරුදු වෙනවා. ඒක ඇත්තටම වඩා දියුණු සංස්කෘතිකකරණයක්.
වෙබ් එකට නිරුවත් වීඩියෝ ෆොටෝ එන්න පටන් ගත්තම අපේ දූපත් ආණ්ඩුව කළේ ඉන්ටර්නෙට් එක බ්ලොක් කරන්න ද`ගළන එක. අපි වගේම අපේ ආණ්ඩුවත් කොයිතරං ළපටිද? ළ`ගදි ගංජා නීතිගත කිරීම වෙනුවෙන් ඇමරිකාවෙ සමාජ කණ්ඩයම් සටන් කිරීම ගැන ඩොකියුමෙන්ටි‍්‍රයක් බැලූවා. ඇත්තටම මට පුදුම හිතුනෙ මේ අයිතිය දෙනවද නැද්ද කියන කාරණයට වඩා මේක සටනක් විදිහට පිළිගැනීම දක්වා ඒ සමාජය වැඩිමල් වෙලා තියෙන හැටි ගැන. කිසි හේතුවක් හෝ දැනීමක් නැතුව ලංකාවෙ සමස්ත ලාංකිකයා ගංජා සෞඛ්‍යයට අහිතකරයි ඒ නිසා තහනම් කියන ආණ්ඩුවෙ ප‍්‍රවාදය එක්ක එක`ගයි. එහෙනං සිගරට් තහනං නැත්තෙ ඇයි වගේ ගැටළුවක් හිතන්න තරමට අපේ ලාංකිකයා වැඩිමල් වෙලා නෑ. පොලොවෙ කැනීමක් කරද්දි අපායෙ සද්ද ඇහුණ කියලා හාමුදුරු කෙනෙක් බණට කියපු පමණින් ඒක අපේ රටේ විද්‍යාත්මක ඔප්පු කිරීමක් වෙනවා. වැඩියෙන් බය හිතෙන කාරණය ලාංකිකයා එන්න එන්නම නැවත මනස ළමා විය දක්වා ගමන් කරන රෝගයකින් පෙළෙන ගතියක් පෙන්නන එක.
කොහොම වුණත් ඉන්ටර්නෙට් එකට නිරුවත් වීඩියෝ සහ ෆොටෝ එන එක සහ ඒකෙන් වෙන සමාජ හානිය වළක්වන්න තියෙන බුද්ධිමත් විදිහ ඉන්ටර්නෙට් එකේ මුරට කට්ටිය දාන එක නෙමෙයි. අනන්ත සංඛ්‍යාවක් ඒ වගේ රූප වලින් ඉන්ටර්නෙට් එක පිරෙන්න ඉඩ අරින එක. ඒක සාමාන්‍යයක් බවට පත් කරන එක. ඒ වගේ අහම්බයක් හින්ද සිදු විය හැකි දිවි නසා ගැනීම් සහ ඊළ`ගට ඒ ජීවිත දඩයමක් කර ගන්න ද`ගළන සදාචාරවත් ලාංකිකයා මගහැර යන්න තෝරා ගන්න තිබුණු විශාල අවකාශය මේක. ඒත් අපි රටේ ගැලරියෙ විසිල් එකට තීරණ ගත්තා. වාරණය සහ තහනම කියන පරණ තුවක්කු දැන් පත්තු වෙන්නෙ නෑ කියලා තේරුම් ගන්නවත් අපේ ආදිවාසික ඔලූගෙඩිවලට බැරි වුණා.
මට කියන්න ඕන වුනේ සෙක්ස් කිව්වම ලාංකේය මහජනතාවට දැනෙන අවුලම තමයි කලාකාරයො කියන අය ඒ ගැන දීලා තිබ්බ උත්තර වලිනුත් එලියට එන්නෙ. අදහස් අතින් වෙනස් වුණත් ඒ හැමෝම එක මූලික කාරණයකදි එක`ගයි.
‘මේක අර්බුදයක්’
ඒ ගොල්ලො උත්තර දෙන්නෙ එතන ඉඳන්. ගූගල් වලින් සෙක්ස් සර්ච් කරපු රටවල් අතරින් පළමුවැන්නා වෙන එකෙන් කියවෙන ලිංගික කුතුහලයම තමයි මේ කලාකාරයො කරලා තියෙන විස්තර වලින් කියවෙන්නෙත්. වෙන විදිහකට කිව්වොත් ඒ සමීක්‍ෂණයෙ නිවැරදිභාවය තහවුරු කරන ප‍්‍රකාශ ඒවා. එතනින් කියවෙන ඊට වඩා ගැඹුරු සමාජ අවුල වෙන්නෙ සමාජයට අදහස් ගේන සක‍්‍රීය පිරිස් පවා තාමත් සෙක්ස් ගැන මේ ළදරු හැ`ගීමෙන් පෙලීම අපේ අනාගතය ගැන ගොඩක් හීන කුඩුවෙන ඇත්තක් වෙන එක.
දියුණු සමාජයක නම් මේ වගේ සොයාගැනීමකින් පස්සෙ ගොඩක් සමාජ විද්‍යාත්මක කාරණා වැඩ කරන්න ගන්න ඕනි. අපි පිළිගත්තත් නොපිළිගත්තත් ඇත්ත කාරණය වෙන්නෙ තාමත් අපි ඉන්නෙ පශ්චාත් යුධ භ‍්‍රාන්තියක. වැඩි වෙන මිනීමැරුම්, දූෂණ සහ අපරාධ වලින් කියවෙන පොදු කතන්දරය මේක. යුද්දෙන් අපි දැනුවත්ව සහ නොදැනුවත්ව බිඳවැටුණු ගොඩක් දේවල් තියෙනවා. සදාචාර පද්ධතිය කියන්නෙ එයින් එකක්. මානව සදාචාර පද්ධතිය වෙනුවට අපි විපරීත සදාචාර කලාපයකට ඇතුල් වුණා. රට වෙනුවෙන් මිනී මැරීම කුසලයක් වුණු බුදු සමයක්, දෙමළා වීම නිසා මනුස්ස කොන්දේසි කවර වුණත් ඝාතනය යුක්ති සහගත කළ ස්වයං මානසිකත්වයක් ආදී තවත් බොහෝ විපරීත පද්ධතීන්ට ලාංකිකයා අනුගත වුණා. මේ ආතතියේ අනෙක් අන්තය හිස්වී යාම නොහොත් සතුරා අහිමි වීමෙන් පස්සෙ මේ අර්ථයන් පිරෙන්නෙ නෑ. පුද්ගලයන් විදිහට ලාංකිකයා තමන් ඇතුලෙම අර්බුදයට යනවා. හොඳ නරක දෙක එකක් වෙනවා. දෙකට හතරට පැලෙනවා.
උදා විදිහට මුදල් වංචාවන් ගැන නීතිය පැත්තකින් තියෙද්දි අපේ එක්කෙනෙක් හින්ද වෙනම සළකන්න ගිය විදිහක් ජනාධිපති ප‍්‍රසිද්ද මාධ්‍යයේ කියනවා (ශිරානි බන්ඩාරනායකගේ සැමියා ගැන). එතකොට වංචාව දූෂණය ගැන මෙච්චර කාලයක් තිබ්බ ධර්මතා අර්බුදයට යනවා. මේ සමාජ සුලි සුලං තත්වය තමයි පත්තර පිටු පිරෙන්න තලූ මර මර ලියවෙන්නෙ. අපරාධකරු, ලියන්නා සහ එය කියවන්නා යන තුන්දෙනාම එතනදි එක්කෙනෙක්. සෙක්ස් වැඩිපුරම බලපු රට විදිහට අපි ස්ථානගත වෙන්න ඒ ඉන්ටර්නෙට් පේ‍්‍රක්‍ෂකයා සහ පසුව ඒ ගැන කතා කරන කලාකරුවන් යන දෙපිරිසම දායක වෙනවා වගේම.
ලිංගික ප‍්‍රචන්ඩත්වයක් විදිහට මේ අර්බුදය තව තවත් දැඩි වෙමින් ප‍්‍රකාශමාන වෙන වග සහතිකයි. එකම සුබ පණිවුඩය වෙන්නෙ ආතතියෙ වැඩි කොටසක් අන්තර්ජාලය විසින් අවශෝෂණය කර ගනිමින් තියෙන එකයි. සංස්කෘතික අමුඩ ගහලා මේ අතීසාරෙ නවත්තන්න හදනවා වෙනුවට කරන්න ඕන මේ දොරටු තවත් පුළුල්ව ඇරලා තියන එක. මේ තරමෙන් වත් ලිංගික අපරාධ රැුල්ල පාලනය වෙන්න ඉන්ටර්නෙට් එක ආන්ඩුවට වැඩිය විශාල වැඩකොටසක් කරමින් ඉන්නවා.
ඒත් මේ පෝර්න් ගැන අපේ තියෙන නොදැනුම එලිවීම නං ටිකක් විතර ලැජ්ජ හිතෙන තත්වයක්. හැම සියුම් මාත‍්‍රමය ලිංගික වෙනසක් වෙනුවෙන්ම විවෘත වුනු අනන්ත සංඛ්‍යාත මංතීරු සහිත සයිබර් අවකාශයේ ලිංගික විශ්වය ‘සෙක්ස්’ වගේ පතෝල වචනයක් ඔස්සේ වැඩිම වාර ගාණක් සර්ච් වෙන එක අපි ඒ විෂයෙත් කොයි තරං ළදරුවොද කියලා පෙන්නන සහතිකයක්.
patta
ReplyDeleteනිවී ගිය මිනිසුන්ගේ පහන් ඔබ දල්වනවා, ඔබ නියම මාක්ස්වාදියෙක්.
ReplyDeleteඔය ඉන්දියාවෙ කේස් එකේදි ගෑණු උස්සන් හිටපු බෝඩ් සෑහෙන්න නිර්මාණශීලීයි. මට මතකයි තව එකක්.
ReplyDelete'උඹට මගේ ඇඳුම දැක්කම මාව දූෂණය කරන්න හිතෙනවද?
මට උඹෙ මූණ දැක්කම හොම්බට අනින්න හිතෙනවා'
හැබැයි ඔය සිරා, නිර්මානාත්මක බෝඩ් (මේ ලිපියේ සහ hareගේ කොමෙන්ටුවේ තියෙන දෙක ඇතුලුව ගොඩක් ඒවා) යට තියෙන්නෙ ස්ත්‍රී දූශනයට දඬුවම එල්ලා මැරීමයි කියන ජනප්‍රිය අදහස නේද? එහෙම බලද්දි ඔය පාඨ ඇත්තටම සිරා නැහැ. මතුපිට හුදු විරෝධයක් පමනයි නේද?
Delete- Dimithri
අපුරු ලිපියක්.
ReplyDeleteමම හිතන්නේ අන්තර්ජාලයේ පෝර්න් සයිට් එකක් සර්ච් කරගන්න තේරෙන්නේ නැති පිරිසගෙන් ලංකාව පලවෙනි තැන ගත්ත මිස ලංකාව පොර්නොග්‍රෆි අතින් පලවෙනි තැන කියන එක නෙවෙයි. ඒ වගේම මම ගොඩක් කැමති උනේ අජිත් කුමාරසිරි ගේ වචන ටිකට ("මං කියන්නෙ මට රිලීජස් එකත් එපා, ඉකොනොමිකල් එකත් එපා"). මොකද මට මගේ ඇතුලෙන් ඉල්ලන එක කියාගන්න බැරුව හිටියේ. එක තමයි මට කියාගන්න ඕන වෙලා තිබ්බේ. මට දැනෙන්නේ එක මගේ වචන ටිකක් වගේ. හැබැයි මම මෙතන රිලිජස් කිව්වේ ෆිලොසොෆි එක ගෙනියන්න හදපු කල්චර් එකකට. ඒ කල්චර් එක පොලිටිකල් එකක්. අජිත් රිලිජස් කිව්වේ මොකටද කියන්න මම දන්නේ නැ. කොහොම උනත් සුස්යිඩ් සීන් ඒකෙන් පස්සේ ආපු හොඳ ආර්ටිකල් එකක්. චියර්ස් !
ReplyDelete