ප‍්‍රසන්නගෙ කර්ම ෆිල්ම් එකේ මං ආසම ටැග් ලයින් එකට. ඒක චිත‍්‍රපටිය සම්බන්දයෙන් කියන කතාව කොහොම වුණත් ප‍්‍රසන්න ගැන කියන කතාව මාර ඇත්ත. මේ චිත‍්‍රපටිය ප‍්‍රසන්නට මග හැර යා නොහැකි වුණු කර්මයක්.
ෆිල්ම් එක ගිහින් බලන්න කියල මං කියපු ගොඩක් එවුන් මට ආපහු ඇවිත් පලූ යන්න බැන්නා.
‘මොකද්ද බං ඒ?’
‘ප‍්‍රසන්නගෙ සංකාර නං පට්ට. මේක නං හරිම අමාරුයි බලන් ඉන්න’
මේ කිසි කතාවක් මං බලාපොරොත්තු නොවුණු ඒවා නෙමෙයි.
‘උඹ ඇයි ඒ ෆිල්ම් එකට හොඳයි කිව්වෙ?’
කර්ම ගැන පෙරවදනක් ලිවීම හින්ද උන් පෙරලා මාව ප‍්‍රශ්න කරනවා. ඒත් කර්ම ‘හොඳ’ චිත‍්‍රපටියක් කියල මං කොතනවත් කිව්වෙ නෑ. කර්ම මං කැමති චිත‍්‍රපටියක්. ඒක සිනමාවට අයිති නැති ඊට වඩා විශාල මං කැමති කලාපයකට චිත‍්‍රපටිය මාව අරගෙන යන හින්ද. ඒ ප‍්‍රසන්නගෙ මග හැර යා නොහැකි කර්ම කලාපයට. මට ප‍්‍රසන්නගෙ සංකාර වලට වඩා අවංක ප‍්‍රකාශනය වෙන්නෙ කර්ම. ඒකෙ සිනමාත්මක කාරණා අයිති කලාත්මක ඉඩට වඩා පැවැත්ම ගැන කාරණා අයිති සාංදෘෂ්ටික කලාපෙකට මං ඇතුල්වෙනවා.
මට අනුව සිනමාකරුවෙක් කියන පරණ කාලෙට අයිති තර්කොව්ස්කි, බර්ග්මාන්, අන්තෝනියෝනි ගුරු වුණු මහා සම්ප‍්‍රදායෙ ආඛ්‍යානයෙදි කෘතියට වඩා ඒ සම්ප‍්‍රදාය විසින් නිර්මාණය කරපු කර්තෘ වැදගත්. උදා විදිහට තර්කොව්ස්කිගෙ චිත‍්‍රපටියකට වඩා මට තර්කොව්ස්කි කියන චරිතය විශාල අත්දැකීමක් දෙනවා. මං කියන්නෙ ඒක ස්වභාවික පුද්ගලික ජීවිතයක් නෙමෙයි. ඒක නිර්මාණයක්. එයාගෙ චිත‍්‍රපටි කියන්නෙ ඒ දැවැන්ත පාර-නිර්මාණය විඳින්න අංශුමාත‍්‍ර විස්තර විතරයි. මේ නූතනවාදී කර්තෘ අවකාශය නිර්මාණය වෙන එක දැන් ඉවරයි. සිනමාකරුවා කියන ආඛ්‍යානය ඉවරයි. එතකොට මේ සාම්ප‍්‍රදායෙ ලංකාවෙ ඛේදජනක අවසාන පරම්පරාව වුණු ප‍්‍රසන්න ජයකොඩි, විතානගේ, හඳගම ආදීන්ගේ කර්තෘ අවකාශ අර්බුදයට යනවා. එතනදි හොඳ නිර්මාණ බිහිවෙනවට වඩා පට්ට ඇත්ත ප‍්‍රකාශන එලියට එනවා. ජයකොඩිගෙ කර්ම වගේම විතානගේ ගේ (ගේ දෙකයි) ආකාස කුසුම් මං කැමති චිත‍්‍රපටි වෙන්නෙ මේ අවකාශය විවෘත කරන හින්ද. ඊළ`ග සිනමාවක් ගැන විෂය අවකාශයක් ඇතුලෙ ඩෙනිස් වගේ අය කෙලින් කර්ම ප‍්‍රශ්න කරන එකට මං එක`ගයි. ඒත් සමහර චූල කාරණා මග ඇරෙන්න දෙන්න නරකයි කියන එකයි මගේ යෝජනාව.
”ප‍්‍රසන්නගෙ ඉල්ලීම මත විචාරකයො ලෙස ප‍්‍රසිද්ද ගොඩක් දෙනා කර්ම ෆිල්ම් එක ගැන නරකක් ලිව්වෙ නැහැ.. ෆිල්ම් එක හොදයි කියන අදහස සමාජගත කරන එක කැම්පේන් එකක් විදිහට බාර අරන් සල්ලි වලට ලියපු අය තමයි මෙතනිනුත් බහුතරය උනේ.. සමහරු නරකක් ලිව්වෙ නැත්තෙ මේ වෙලාවෙ කර්මාන්තයක් විදිහට සිනමාව වැටිල තියෙන අර්බුදෙත් එක්ක මොකක් හරි ෆිල්ම් එකක් හැදුනහම ඒක බේර ගන්න ඕන කියන අදහස ඇතිවයි.. ඒත් මටනම් හිතෙන්නෙ මේ අදහස් දෙකම කුඩුකල යුතු අදහස් දෙකක් කියලයි..
ඒකට හේතුව වෙන්නෙ ඒ ක‍්‍රම දෙකෙන්ම තේරුමක් නැති මෝඩ කර්මාන්තමය ආකෘතියක් ගොඩ දාගන්න තමයි අපි මිනිස්සුන්ව මැනිපියුලේට් කරන්න හදන්නෙ. දැනට තියෙන හෝල් වල ෆිල්ම් පෙන්වන ආකෘතියට අනාගතයක් නෑ කියන එක පැහැදිලියි. ඒක ඩිජිටල් වලට මාරු උනාට පස්සෙත් ලොකු වෙනසක් වෙන්නැහැ. ඊට පස්සෙ දැන් ටෙලි නාට්ටි හදන එවුන් ටික ගේමට බැහැල ටෙලි වලට කරපුදේම ඕකටත් කරයි කියන එක මට මාර ෂුවර්..උන් අඩු ගනන් වලට මල ජරාවල් හදන හින්ද බිස්නස් කාරයොත් උඩින්ම උන්ට කැමතිවෙනව. ඒක හින්ද කර්ම වගේ චිැමාද සබඑැකකැජඑම්ක (සියුඩො ඉන්ටලෙක්චුවල්)ෆිල්ම් මරු කියන්න දාන බොරු වෙහෙස වෙනත් සිනමා මාදිලියක් ගොඩ නගන්න පාවිච්චි කලානම් හොදයි කියලයි මට හිතෙන්නෙ. මොකද විචාර මගින් අපි මොන බොරු කියල යැව්වත්, හෝල් එකට ගියාට පස්සෙ මිනිස්සුන්ට දකින්න හම්බවෙන්නෙ කිසි බරක් නැති,ඉමෝෂනල් චැලෙන්ජ් එකක් නැති අමාරුවෙන් අටෝපු බැරිමරගාතෙ ඩිරෙක්ට් කරපු කිසි යුනික්නස් එකක් නැති ප‍්‍රසන්න වගේම නීරස ෆිල්ම් එකක්. කවුරු මොනව කිව්වත් ටිකක් ෆිල්ම් බලපු මිනිස්සු දන්නව කිසි තේරුමක් නැතුව පාවිච්චි කරල තියෙන තර්කොව්ස්කිගෙ ස්ටෝකර් එකේ ඕපනින් ෂොට් එකෙන් පටන් අරන් නොස්ටැල්ජියා එක එන්ඞ් වෙන ෂොට් එකෙන් එන්ඞ් කරන තැනට එනකන් කර්ම එකේ කිසිම නිර්මානශීලී සිනමා භාවිතාවක් සිද්දවෙලා නැති බව.
තර්කොව්ස්කිගෙ ෂොට් පාවිච්චිකලාට ඒ ස්පිරිචුවල් ඩෙප්ත් එක නැති හින්ද මිනිස්සුන්ව මෙඩිටේටිව් මූඞ් එකකට අරන් යන්න කර්ම එකට පුලූවන් වෙලා නැහැ. ඊට අමතරව මිචෙල්ගෙ ක්ලාස් එකේ ගෑනු සම්බන්දයෙන් ප‍්‍රසන්නගෙ තියෙන හීනමානය ,බය කැත විදිහට මේ ෆිල්ම් එකෙන් එලියට පේනව.. ෆිල්ම් එක ෂූට් කරන අතරතුර දර්ශන තලයෙ සිද්ද් වෙච්ච ප‍්‍රදානම දේ මොකක්ද කියන එක ෆිල්ම් එක බැලූවහම ඕන කෙනෙකුට තෙරෙනව. ඒක තමයි මිචෙල්ලගෙ ක්ලාස් එකේ අය ගාව මොකක්දෝ අමුතු දෙයක් තියෙනවයි කියල හිතන ප‍්‍රසන්න ඇතුලූ පිරිස නිලියට මලකට වගේ සලකල තියෙන එක. ෆිල්ම් එකටත් වැඩිය නිලියට සලකල තියෙනව..ෆිල්ම් එක අවුල් වෙන්න ඒකත් ගොඩක් බලපාල තියෙනව.කෙලින් ලියල තිබ්බ සරල කතාවක් බහුශ‍්‍රැත කරන්න එඩිට් එකේදි නන්ලීනියර් කරපු බවත් මේකෙදි නෝන්ඩි විදිහට පේනව ..ඉතින් මට හිතෙන්නෙ මේ ජාතියෙ බොරු සම්භාව්ය ෆිල්ම් මේ ඇති .මේව ගොඩ දාන්න ට‍්‍රයි කරල වැඩක් නැහැ..ලංකාවෙ හරි වෙන රටවල හරි සම්මාන ඉලක්ක කරනොගත්තු, යුරෝපීය කලාත්මක සිනමාවේ දේශපාලන ගැටයට මෙන්ම ලාන්කීය ජනතාවාදී දේශපාලන ගැටයටද අහු නොවිච්ච කර්මාන්තමය මාදිලියෙ අලූත් සිනමාවක් හදාගන්න ට‍්‍රයි කරමු කියන එකයි මගෙ අදහස”
-ඩෙනිස් පෙරේරා (ෆේස් බුක්)
හෝල් වලට ගිහින් චිත‍්‍රපටි බලන ගොඩක් අය මට කිව්වෙ සංකාර වල තිබ්බ ප‍්‍රසන්නගෙ ගතිය කර්ම වල නෑ කියල. මං කියන්නෙ සංකාර ප‍්‍රසන්න තාත්තා ගැන කරපු චිත‍්‍රපටිය. කර්ම කියන්නෙ ප‍්‍රසන්න අම්මා ගැන කරපු චිත‍්‍රපටිය. අම්මා ගැන කියන්න යද්දි ප‍්‍රසන්න ගොඩක් පැටළෙනවා. ලංකාවෙ පිරිමියෙකුට අමාරු කලාපයක් මේක. විශේෂයෙන් හොරණ බෞද්ධ පරිසරයක හැදිච්ච ප‍්‍රසන්න ජයකොඩිට මේක ඇ`ග ඉරෙන වැඩක්. ඒ අතරෙ මෙච්චර කාලයක් දූවිලි පිරුණු වියලි කලාපෙ කරක්ගහපු ප‍්‍රසන්නගෙ කතා කලාපය නාගරික සිනමාවට මාරු වෙන්න දරුණු තීරණයක් ගන්නවා. එතනදි නාගරික හැඩහුරුකම කියලා ප‍්‍රසන්න ගන්න ගොඩක් තීරණ වරදිනවා. මිෂෙල් හර්ෆට් වගේම නදීක ගුරුගේ කියන්නෙත් එහෙම වැරදිච්ච තීරණ. හැබැයි ඒක තමයි ප‍්‍රසන්නගෙ ඇත්ත. විතානගේ ගේ චිත‍්‍රපටි වල නිම්මි හරස්ගම කියන්නෙත් එහෙම වැරැුද්දක්. ඒ වැරදි අපිව කර්තෘගෙ ජීවිත ලෝකයට අරන් යන විවෘත වීම් විදිහටයි මං දකින්නෙ. කර්ම මට අනුව ප‍්‍රසන්නගෙ ඇත්ත මානසික අරගලයක්. ඒ හින්දම සිද්ද වුණු අර්බුදයක්.
ප‍්‍රසන්න උත්සාහ කරන්නෙ පියයුරු එක්ක එයාගෙ තියෙන සංකීර්ණයට ඇතුල් වෙන්න. ඒකට කලින් ව්‍යසනයක් එතනට ඇතුල් කරනවා. පිළිකාව කියන්නෙ ප‍්‍රසන්න පියයුරු හා සම්බන්ධ සංකීර්ණය තමන් ඇතුලෙ සාධාරණීකරනය කරන මානුෂික මෙහෙයුම. ඒකට රැුවුල් වවාගත් නාගරික සංගීතමය රකුසෙක් නිර්මාණය කරනවා. ඒ රකුසා බයංකාර විදිහට කළල ගැන ගීත ගායනා කරනවා.
ප‍්‍රසන්න ෆේල් වෙන්නෙ මේ ඇත්ත තමන් දිහාට එල්ල නොවී කෘතිය ඇතුලටම ‘කලාත්මක’ හෝ ‘සිනමාත්මක’ හෝ විදිහකින් පරාවර්තනය කරන්න යන එකෙන්. වසන් කිරීම සහ එළි කිරීම අතර ස්වයං මනෝමය සටන කෘතියක් විදිහට කර්ම දුර්වල කරනවා. ප‍්‍රසන්න මේ චරිත ජීවත් කරන්නෙ නෑ. ඒවා මැරිච්ච චරිත. තමන් විදිහට නිරූපණය කරන ජගත් මනුවර්ණට පවා සතුටක් දෙන්න ප‍්‍රසන්න කැමරාව ඇතුලෙ ඉඩක් දෙන්නෙ නෑ. මේ හොරණ ඉඳන් අරන් එන ප‍්‍රසන්නගෙ බෞද්දකම. ආශාව යටපත් කිරීමේ බෞද්ද වෑයම. සංකාර සහ කර්ම දෙකම එකම ප‍්‍රකාශනයක දෙපැත්තක් කියල මං කියන්නෙ මේ සම්මා වායාමයේ සමානකමත් එක්ක.
ප‍්‍රසන්නගෙ නාගරික පිරිමියා ගොරහැඩියෙක්. එයා ගායකයෙක් වුනාට එයා අසුන්දර රකුසෙක්. ඒත් ගමෙන් ඉඳන් එන තරුණයා කුතුහලය පිරුණු තුවාලයක්. ආසා කරන තරුණිය නාන කාමරෙන් නාද්දි කාණුව දිගේ එලියට එන සබන් පෙණ කකුලෙන් හුරතල් කරන තැන වගේ ඒවා මට හරිම නැවුම්. ඒ වගේම ජගත් තමන්ගේ කාමරේට ඇතුල්වෙන්නෙ පඩිපෙලක් බැහැගෙන. කුටීරෙකට වගේ. නාන ටැංකිය ඇතුලෙ රූපකමය සිද්දිය කොයි තරම් නොගැඹුරු වුනත් මේ පොලොව යට අපායට වරින් වර ඇතුල් වෙන තරුණයාට මං කැමතියි.
ඒ වගේම ප‍්‍රසන්නගේ නාගරික ස්ත‍්‍රිය හරි මටසිළුටු ලෙඩ ගෑණියෙක්. නාගරික ශෘංගාරය සහ එය බාර ගන්නා ජීවිතය තමන්ගෙ සිනමාව ඇතුලෙ පිළිගන්න ප‍්‍රසන්නලා දෙන්නටම බෑ. මං යෝජනා කරන්නෙ ආකාස කුසුම් සහ කර්ම එක ළ`ග තියාගෙන මේ කර්තෘ විශ්වයන් ඇතුලෙ කියවන්න කියල. ඒක තිරය උඩ කතාවට වඩා ලංකාවෙ ලොකු නූතනවාදී මානසික අර්බුදයක් ගැන කියනවා.
ප‍්‍රසන්න ජයකොඩි කර්ම ඇතුලෙ තමන්ව එලියට දාන්න ලොකු සටනක් දෙනවා. ශබ්ද ආකෘතිය ගත්තොත් ගොඩක් වෙලාවට එයා පාවිච්චි කරන්නෙ පිටස්තර ශබ්ද වලට වඩා ශරීර අභ්‍යන්තරයෙන් ඇහෙන සද්ද.
‘කන් දෙක වහ ගත්තම ඇහෙන සද්දෙ දෝංකාරය මට ඇහෙන්න ඕන වුනා’
-ප‍්‍රසන්න ජයකොඩි
\
නදීකව සංගීතය සඳහා තෝරා ගන්නෙත් මේ ගුප්ත අන්ධකාරය දනවන්න කියලයි මට හිතෙන්නෙ. මේ ඔක්කොම පසුබිම් කාරණා සකස් කළත් එයා කතාව ගිලිනවා. ඒක කියන්න පසුබානවා. ඉන්ටර්නෙට් එකේ මෝබයිල් ෆෝන් එකකින් කොල්ලා වීඩියෝ කරලා දාපු කෙල්ලෙකුගෙ නිරුවතක් නැරඹීමෙන් සහ ස්වයං වින්දනයෙන් පස්සෙ එන ගිල්ටියකින් කරන කන්ෆෙෂන් එකක් වගේ හැ`ගීමක් මට චිත‍්‍රපටිය පුරාම දැනෙනවා. ඒක නාගරිකතවයේ මානසික අර්බුදය ඉස්සරහ ප‍්‍රසන්න අත්විඳින මානසික ඇත්ත.
මේ හැම දෙයක් අතරෙම රූප අතර හුස්ම ගන්න තියෙන කාලයේ ඉඩ ගැන රිද්මය අතින් මට ඒ පරම්පරාවෙ මුණගැහුනු විශිෂ්ටයා වෙන්නෙ ප‍්‍රසන්න ජයකොඩි. කොයිතරම් අර්බුදයකට ගියත් ඒක මට කර්ම ඇතුලෙත් ප‍්‍රබලව දැනෙනවා. ඒත් ප‍්‍රසන්න තමන්ගේ සිනමා වපසරිය ඇතුලෙන්ම මේ කතාව කියන්න ට‍්‍රයි කළා නම් මීට වඩා දැනෙන තැනකට ගේන්න තිබුණ. නාගරික සිනමා හැඩයක් ඇතුලෙ මේ ග‍්‍රාමීය මානසික අවුල කියන්න යන එකෙන් චිත‍්‍රපටිය පරාරෝපිත තැනකට එනවා. ගොඩක් අයට මේ අත්දැකීම අවුලක් වෙන්නෙ ඒ හින්ද.
ඒත් මං කියන්නෙ මේක ප‍්‍රසන්නට මග හැර යා නොහැකි කර්මයක් කියල.
-චින්තන ධර්මදාස
ඉනි අවන් ගැනත් ලියනවද? කැමතියි ඔබේ අදහස දැනගන්න
ReplyDeleteඅනේ, මන්දා !! මට නං මේවා එච්චර තේරෙන්නේ නෑ. අපෙන් "ෆිල්ම් එකක් ගැන කවුරුහරි ඇහුවොත්, අපි දන්නේ 'ඒක හොඳයි ' නැත්නං 'ඒක නරකයි' කියන්න විතරමයි . අතර මැද්දේ මොකුත්ම දන්නේ නෑ . අනන්ත වු නිහතමාණිකම නිසා නොකිව්වට මට හිතෙනවිදියට ඔයා ඉන්නේ ' අන්ද්‍රේ තර්කොව්ස්කි' ටත් 'ඉන්මාර් බර්ග්මාන්' ටත් වඩා, පොඩ්ඩක් විතර එහායින් වගේ . අපගේ මනදොළ සපිරණු වස්, හා අනෙකුන්ට 'ආදර්ශය' ක් පිනිස ඔබගේ 'සපිරුණු' නිර්මාණයක් එළිදක්වනු මැනවි . මේ එයට කාලයයි. .
ReplyDeleteඅනේ, මන්දා !! මට නං මේවා එච්චර තේරෙන්නේ නෑ. අපෙන් "ෆිල්ම් එකක් ගැන කවුරුහරි ඇහුවොත්, අපි දන්නේ 'ඒක හොඳයි ' නැත්නං 'ඒක නරකයි' කියන්න විතරමයි . අතර මැද්දේ මොකුත්ම දන්නේ නෑ . අනන්ත වු නිහතමාණිකම නිසා නොකිව්වට මට හිතෙනවිදියට ඔයා ඉන්නේ ' අන්ද්‍රේ තර්කොව්ස්කි' ටත් 'ඉන්මාර් බර්ග්මාන්' ටත් වඩා, පොඩ්ඩක් විතර එහායින් වගේ . අපගේ මනදොළ සපිරණු වස්, හා අනෙකුන්ට 'ආදර්ශය' ක් පිනිස ඔබගේ 'සපිරුණු' නිර්මාණයක් එළිදක්වනු මැනවි . මේ එයට කාලයයි. .
ReplyDeleteමම කැමතියි බ්ලොග් කතුවරයා ලෙස ඔබත් මේ අදහස් දැක්වීම් වලට පිළිතුරු දෙනවානම්.
ReplyDeleteනැහැ ඔබ මේවට අදහස් දැක්වීම නොකරන එක හොදයි කියලයි මගේ අදහස.
ReplyDelete