ගිම්හානයේ දවස් පන්සීයක් (500 ඬේස් විත් සමර්) සහ උද්‍යාන ප‍්‍රාන්තය (ගාර්ඞ්න් ස්ටේට්) කියන්නෙ මං හු`ගක් ආස චිත‍්‍රපටි. ඒ චිත‍්‍රපටිවල මං වැඩියෙන් කැමති වෙන්නෙ මොකකටද කියලා හිතදාගෙන යද්දි අන්තිමට මං තේරුම් ගත්තෙ මං ආස වෙන්නෙ චිත‍්‍රපටියෙ සිනමා කාරණාවකට වඩා මේ කතාවල ඉන්න ගෑණු චරිතෙට කියල. ගිම්හානයේ දවස් පන්සීයක් චිත‍්‍රපටියෙ මේ චරිතෙ කරන්නෙ සුයී ඩිස්චැනල්. උද්‍යාන නගරයේ මේ චරිතය නතාලි පෝර්ට්මන්. මේක පසුකාලීනව බටහිර චිත‍්‍රපටි ඇතුලෙ නිර්මාණය වෙන ‘ස්ටොක්’ වර්ගයේ චරිතයක්.
ඒ කියන්නෙ එක්තාරා ෂොනරයක් හොඳින් ඇසුරු කරන අය බැලූබැල්මෙන්ම අඳුර ගන්න විදිහෙ ජීවිත ආකෘතියක්. එක්තරා නිර්මිත හැඩයක්. විකිපීඩියා එකේ විදිහට මේ පෙම්වතියට කියන්නෙ ‘මැනික් පික්සි ඞී‍්‍රම් ගර්ල්’ කියල. දුක්මුසු, හැ`ගීම්බර, පරාජිත ජීවිතයෙන් පලා යන කොල්ලන්ට මුණගැහෙන දේවතාවිය. අපි ‘ආදරයේ අංශූමාත‍්‍රයක්’ කරද්දිත් අපේ ජීවිත උවමනාව (හි`ගය) මේ හීනය දිසාවට අපිව තල්ලූ කළාද කියල දැන් හිතෙනවා. මේ පෙම්වතිය සම්පූර්ණයෙන්ම කැප වෙන්නෙ පෙම්වතාගෙ ජීවිතය ගොඩ දැමීම වෙනුවෙන්. නැවත ජීවිතයට පෙම්බැන්ඳවීම වෙනුවෙන්. ඒ ඇරුණම තමන්ගෙ ජීවිතේ පැත්තෙන් එන උවමනාවන් ආශාවන් සහ ආත්මාර්ථයන් ‘මැනික් පික්සි’ට නෑ. ගොඩක් වෙලාවට මේ ජීවිතේ ආයිමත් නිර්මාණය කරලා දීලා මේ ගෑණු ළමයා යන්න යනවා.
මේ ස්ටොක් කැරැක්ටර් එක මුලින්ම අඳුන්නලා දුන්නෙ ‘නේදන් රේබන්’ කියන විචාරකයා. ඒ ක‍්‍රිස්ටන් ඩන්ස්ට් ‘එලිසබෙත්ටවුන්’ ෆිල්ම් එකේ කරන චරිතෙ දැක්කට පස්සෙ. ‘මේ බුබුළක් වගේ සැහැල්ලූ දේවතාමය පෙම්වතිය පවතින්නේ උණ විකාරෙන් පෙළෙන දුක්මුසු ලේඛක-අධ්‍යක්‍ෂවරුන්ගේ මනස් ඇතුලෙ විතරයි’ එයා කියනවා. මේ චරිතෙ හින්ද පෙම්වතාට සිද්ද වෙන ලොකු අභාග්‍යයක් තියෙනවා. ඒක මේ චිත‍්‍රපටි පෝලිමම බලලත් මට නොතේරුණු තැනක්. තමන්ගෙ ජීවිතේ අර්බුද වලට මූණ නොපාන නිසාම මේ සහමුලින්ම පරාර්ථකාමී ගෑණු චරිතය කතාව පටන් ගත්ත තැන ඉඳන් අවසන් වෙන තැනට වෙනකල්ම නොවැඩෙන චරිතයක්. එකම තැන හිරවුණ ජීවිතයක්. ඒ හින්දම මේ පෙම්වතාගෙ භාව කලාපයන් වර්ධනය වෙන්නෙත් නෑ. සදාතනික හිරිවැටීමක් වගේ කලාපයක එක්ව ගැවසෙමින් මේ යන ගමන පොඩි ඩ‍්‍රග් ටි‍්‍රප් එකක් වගේ.
වැඩියෙන් දරුණු තත්වෙ වෙන්නෙ අපි වගේ දුක්මුසු පිරිමින්ට මේ චරිතය ලංකාවෙ කොළඹ තැන් තැන් වලදි මුනගැහෙන එක. අපි ඇඳගන්නවාද නැත්තං අන්ඳනවාද කියලා හිතාගන්න බැරි කලාපයක අතරමං වෙන එක. එක්ස් එකේ කලින් දෛව ස්ත‍්‍රිය විදිහට හඳුනාගත්තෙ මේ චරිතයෙ ඒ කාලෙ වර්ෂන් එක. මේ බුබුළු නගින, පිස්සු කෙළින, හුරතල් දේවතාවිය එක එක යුග වලදි වෙන වෙන විදිහට පිරිමින්ට මුනගැහෙනවා ඇති.
මේ ගැහැණිය කෙළි ගති අතින් පරිපූර්ණ අතරෙම එයාට ගතානුගතික සීමාවන් අතික‍්‍රමණය කරන හැසිරීම් රටාවකුත් තියෙනවා. 1938 කරපු ‘බි‍්‍රන්ගින් අප් බේබි’ චිත‍්‍රපටියෙ කැතරින් හෙබන්ස් කරන චරිතයෙ ඉඳන් සිනමාව ඇතුලෙ මේ ගැහැණිය ඇවිදගෙන ආවා කියල විචාරකයො කියනවා. ‘ෆිල්ම් ස්පොටින්’ කියන පොඞ්කාස්ට් එක සිනමාවෙ හොඳම ‘මැනික් පික්සි ඞී‍්‍රම් ගර්ල්ස්ලා’ 5 දෙනා ලැයිස්තුගත කළා. ඒත් නේදන් රේබන් තමන්ගේම වෙනම ලැයිස්තුවක් ඉදිරිපත් කළා. ඒකෙ හැටියට, ‘ජූල්ස් ඇන් ජිම්’ ෆිල්ම් එකේ කැතරින්, ‘ද ලේඩි ඊව්’ ෆිල්ම් එකේ ජීන්, ‘සම් ලයික් ඉට් හොට්’ ෆිල්ම් එකේ සුගර්, ‘පාම් බීච් ස්ටෝරි’ වල ජෙරි ජෙෆර්ස් මේ ගෑණු චරිතෙ විස්තර සම්පූර්ණ කරනවා.
‘ඉටර්නල් සන්ෂයින් ඔන් ස්පොට්ලස් මයින්ඞ්’ කියන තවත් මගේ ආසම චිත‍්‍රපටියක කේට් වින්ස්ලට් මේ මැනික් පික්සි හීන කෙල්ලගේ චරිතයේ දිගුවක් හැටියෙන් හඳුන්වන්න විචාරකයො පෙළඹෙද්දි කේට්ට මළ පැන්නා.
‘ගොඩක් පිරිමි හිතන්නෙ මං කන්සෙප්ට් එකක් කියල. ඒ ගොල්ලොන්ගෙ ජීවිත සම්පූර්ණ කරන අදහසක් කියල. මං ඒ පිරිමින්ව ජීවත් කරන දේවතාවා කියල. ඒත් මාත් මගේ ඇතුලෙ විසඳුමක් හොයාගෙන යන අනිත් හැමෝම වගේ වල්මත් චරිතයක්. කරුනාකරලා මාව ලියාගන්න හදන්න එපා’
කේට් උත්තර දෙනවා.
මේ ස්ටොක් චරිතය නිර්වචනය කිරීම ගැන ගොඩක් කාන්තා සහ කාන්තා පක්ෂපාතී විචාරකයො අවුල් වුනා. ‘මේක ස්ත‍්‍රී විරෝධී, ඒ ජීවිත අවතක්සේරු කරන, එම පැවැත්ම අවම කරන වර්ගයේ නිර්වචනයක්’ ඒ ගොල්ලො කිව්වා. ඒත් 2012 ‘ ඕල් මුවි’ විචාරක කැමිලා කොලර් මේ නිර්වචනය සරල රේඛීය විදිහට ලියැවුණු, පිරිමියාගේ ජීවිතය අල්ලා දීම විතරක්ම අරමුණු කර ගත් ගෑණු චරිත හඳුනාගැනීම සඳහා අර්ථවත් වග එලිපිට කිව්වා. ඒ වගේම මේ චරිත ලේඛකයා විසින් චරිතයට අදාල අවකාශයන් දක්වා වර්ධනය වීමට අවකාශ නොදීමක් හැටියෙනුත් තේරුම් කරලා තිබුණ.
ඇත්ත ප‍්‍රශ්නෙ වෙන්නෙ මේ මැනික් පික්සි ඞී‍්‍රම් ගර්ල් කොයිතරම් සිනමාවෙන් පිටතදි පිරිමින්ට මුණගැහෙනවද කියන එක. කොයි තරම් පිරිමි මේ ගෑණු අවතාරය නිසා සදාකාලික ළමා වියේ පසුවෙනවද කියන එක. මේ හීනෙ ඇතුලෙ කාලෙ ගත වෙනවා. ඒත් වයස යන්නෙ නෑ. ඇහැරිලා බලනකොට හැම විනාසයක්ම වෙලා තියෙන්නෙ අපි නිදි අතරෙ. මං මේ කියන කතාව මගේ පිරිමි යාලූවො කොයිතරම් ගොඩ දෙනෙක් අත්විඳලා තියෙනවද කියල මං දන්නවා.
මැනික් පික්සි ඞී‍්‍රම් ගර්ල් මුනගැහෙන්නෙ නාගරික චරිත වලට. බංකොලොත් රොමාන්තික හුදකලා පිරිමින්ට. කවිකාර දුක්මුසු තරුණයො සමහර වෙලාවට මෝහිනී පවා මැනික් පික්සි ඞී‍්‍රම් ගර්ල් විදිහට දකින්න ඉඩ තියෙනවා.
‘මේ චරිත අමුතුයි අපූරුයි කියන එක බොරුවක්. ඇත්තටම ඒ ගොල්ලොන්ගෙ එහෙම දෙයක් නෑ. මේ චරිත ඒ ගොල්ලොන්ගෙ කිසිම දෙයක් ගැන නොහිතා ඉන්න හින්දම ඇති වෙන ආකර්ශනයක් විතරයි. එහෙම නැත්තං මේ ගොල්ලො එහෙම්පිටින්ම මේන්ස්ටී‍්‍රම්. ලොකු ටැටු එකක් ගහලා හරි ෂවර් එකක් යට හයියෙන් සිංදු කියලා හරි වෙනස් චරිත වෙන්න බෑ’ ජෙසිකා ග්‍රෝස් මූණටම කියල තිබුණ.
මේ චරිතෙ තියෙන වැදගත්ම ලකුණක් වෙන්නෙ තමන්ට වෙන්වුණු තමන්ගේ ඇතුළතක් නැති එක. තියෙන්නෙ බාහිරයක් විතරයි. මේක තාවකාලිකව සුන්දර අත්දැකීමක්. විශේෂයෙන්ම ලොකු මමත්වයන් සහිත පිරිමි චරිත වලට. අනෙකා වෙනුවෙන් කැපකිරීමක්, දැරීමක්, ඉවසීමක් නැතුව ජීවත් වෙන්න ලැබෙන ඉඩ පහසුව හින්දම. ඒත් අනුන් වෙනුවෙන් තමන්ගේ සතුට කැප කිරීම කියන්නෙ රෝගයක් කියල තේරුම් ගන්න ඒ පිරිමින්ට කාලයක් ගත වෙනවා. එතකොට ඛේදවාචකය පටන් අරන් ඉවරයි.
චිත‍්‍රපටිවල මුණගැහෙන මේ ගෑණු චරිතයෙ තියෙන විශේෂත්වය අපි එයා ගැන හු`ගක් දේවල් දන්නෙ නැති එක. ඒ වෙනුවට අපි කතාව පුරාම යන්නෙ පිරිමි චරිතයෙ යතාර්ථයත් එක්ක. මේ සුන්දර ගෑණු ජීවිතේ ඇත්ත දේවල් හොයන්න අපි පෙළඹෙන්නෙ නෑ. ඒ චිත‍්‍රය ඒ තරම් පරිපූර්ණ නිසා, රොමාන්තික නිසා අපි යතාර්ථය අහලකටවත් වද්දගන්නෙ නෑ. පැය එකහමාරකින් චිත‍්‍රපටියක කතාවක් ඉවර වුණාට ජීවිතේ එහෙම වෙන්නෙ නෑ. අපි අකමැති ඒ විස්තර දිහා ඇස් ඇරන් බලන් ඉන්න අවුරුදු ගානක් ඊට පස්සෙ ගත කරන්න සිද්ද වෙන එක මේ අවතාරය මුණගැසීමේ අහම්බයට පස්සෙ එන අනිවාර්යයක්.
’මෙහෙම ගෑණුන්ට මොන පිරිමියද අකමැති? මේ තමයි ලබාගන්න බැරි, උත්තරීතරම දේවතාවන්. කිසිම ඉල්ලීමක් ඒ ගොල්ලො කරන්නෙ නෑ. වදකාර නෑ. හැම දෙයක්ම ෆැන්ටසියක සීමාවෙ තියා ගන්න ඒ ගොල්ලො දන්නවා. ඒ ගොල්ලො හරියට ‘ද රූල්ස්’ කියවන අතරෙ එලියට් ස්මිත් අහන ගෑණු වගේ. ‘සමර්’ වගේ කෙල්ලෙකුගෙ විදිහ තේරුම් ගන්න අමාරු නෑ. තීරණාත්මක අවස්ථා සහ ප‍්‍රශ්න කලාත්මක විදිහට මග හැර යනවා. ඒවාට එයා ළ`ග උත්තර නෑ’
ඒ වෙනුවට කොහොමද ඇත්තටම එයාගෙ අදහසක් තියෙන පෙම්වතියක්, ඇල්ලූවට හපන්න පුළුවන්ද වගේ සෙල්ලම් නොකරන, තමන්ගේ සිහින සහ බලාපොරොත්තු ගැනත් පැහැදිලි සිතීමක් තියෙන, ඒ වෙනුවෙන් පෙම්වතාගෙ උනන්දුවත් බලාපොරොත්තු වෙන පෙම්වතියක්? ඒ ඉල්ලීම අසාධාරණද?’
ද ඬේලි බීස්ට් වෙබ් ස`ගරාව ප‍්‍රශ්න කරලා තිබුණ.
මේ විදිහෙ මැනික් පික්සිලාගෙ ඇත්තට මුණගැහෙද්දි තමන් ඇතුළෙන් හු`ගක්ම ව්‍යාකූල වුණු චරිත. තමන් කවුද කියල සංස්කරණය කර ගන්න බැරි තරමට. ගොඩක් වෙලාවට තමන්ගෙ අනන්‍යතා අර්බුදය හින්දම මේ ගෑණු චරිත දුක්මුසු රොමාන්තික පිරිමින්ගෙ සිහින වලට අඳිනවා. ඒ සිහින එක්කම අර්බුදයට යනවා. ‘ගලවාගැනීමේ දේව දූතියන්’ එනකං බලන් ඉන්න ඒ රෝගී සිහින විතරක් නෙමෙයි සමස්ත ජීවිතයම ලෙඩ කරලා ඒ දේව දූතියන් ආයිමත් යනවා.
‘දේව දූතියන්ට කන් ඇහෙන්නෙ නෑ. ඒත් ඒ ගොල්ලො ඇහෙනවා වගේ පෙන්නනවා’
- ආදරයේ අංශූමාත‍්‍රයක්
ඒත් අපිට චිත‍්‍රපටි ලෝකෙවත් මේකෙ අනිත් පැත්ත, මැනික් පික්සි ඞී‍්‍රම් ගයිසලා (පිරිමි චරිත) මුණ නොගැහෙන්නෙ ඇයි?
-චින්තන ධර්මදාස
ඒ ගොල්ලො හරියට ‘ද රූල්ස්’ කියවන අතරෙ එලියට් ස්මිත් අහන ගෑණු වගේ. ‘සමර්’ වගේ කෙල්ලෙකුගෙ විදිහ තේරුම් ගන්න අමාරු නෑ. තීරණාත්මක අවස්ථා සහ ප‍්‍රශ්න කලාත්මක විදිහට මග හැර යනවා. ඒවාට එයා ළ`ග උත්තර නෑ’
ReplyDeleteමේ විදිහෙ මැනික් පික්සිලාගෙ ඇත්තට මුණගැහෙද්දි තමන් ඇතුළෙන් හු`ගක්ම ව්‍යාකූල වුණු චරිත. තමන් කවුද කියල සංස්කරණය කර ගන්න බැරි තරමට. ගොඩක් වෙලාවට තමන්ගෙ අනන්‍යතා අර්බුදය හින්දම මේ ගෑණු චරිත දුක්මුසු රොමාන්තික පිරිමින්ගෙ සිහින වලට අඳිනවා. ඒ සිහින එක්කම අර්බුදයට යනවා. ‘ගලවාගැනීමේ දේව දූතියන්’ එනකං බලන් ඉන්න ඒ රෝගී සිහින විතරක් නෙමෙයි සමස්ත ජීවිතයම ලෙඩ කරලා ඒ දේව දූතියන් ආයිමත් යනවා.
ඇත්තම ඇත්ත චින්තනග
(500) Days of Summer, Eternal Sunshine of the Spotless Mind කියන්නෙ මමත් කැමතිම චිත්‍රපට දෙකක්. Garden State බලන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
ReplyDeleteචිත්‍රපට ලයිස්තුවේ wikipedia හෝ imdb ලින්කු දැම්මනම් තමා වැඩිය හොද. එහෙමනම් අපිටත් ඕව හොයාගෙන බලන්න තිබුන....
ReplyDeleteLinks for Torrents:
ReplyDeletehttp://isohunt.com/torrent_details/139315349/%28500%29+Days+of+Summer?tab=summary
http://isohunt.com/torrent_details/107811885/Eternal+Sunshine+of+the+Spotless+Mind?tab=summary
Just search for the movie name. You will get ample of information.
ඔබ මේ බ්‍ලොගයේ නමින්ම පොතක් ලියා ඇති බව දන්නෙ මේ අදයි.
ReplyDeleteසිළුමිණ ,රසඳුන අතිරේකයේ 13 වෙනි පිටුව ඔබ නමින් වෙන්වී තිබෙනු දුටුවා.
ඒත් අපිට චිත‍්‍රපටි ලෝකෙවත් මේකෙ අනිත් පැත්ත, මැනික් පික්සි ඞී‍්‍රම් ගයිසලා (පිරිමි චරිත) මුණ නොගැහෙන්නෙ ඇයි?
ReplyDeleteThe Twilight Saga - Edward Cullen