Monday, March 25, 2013

ඇයි මාව කලින් දැකලා නැද්ද?


ලසිත් මාලිංග කොළඹ එන්නෙ බෝල ගහන්න. බෝල ගහන එක ලංකාවෙ ජනතාවට ජාතික ප‍්‍රශ්නයක් වුනාට ඒක ලසිත් මාලිංගට අදාල නෑ. එයා කරන්නෙ බෝල විසි කරන එක. ඒත් වැදගත්ම දේ එයාට ස්ටයිල් එකක් තිබුන. බෝල විසි කරන ස්ටයිල් එකක් වගේම එයා වෙන සංස්කෘතික අවුලක් කළා. එයා සිංහයට ඇන්දා. ලංකාවෙ ක‍්‍රිකට් බලන ජනතාව තනකොල පිට්ටනියක් උඩ ජාතික මට්ටමේ  ඕර්ගි (සාමූහිකව කරන රති ක‍්‍රීඩා) එකක් දාලා සුරතාන්තයට පත්වුනා.

ඉස්තෙපාන් කියන විදිහට ක‍්‍රිකට් තමයි ලංකාවෙ හොඳම දේ. එතනදි අපි ජාති ආගම් බේද නැතුව එකට හිතන්න ගන්න හින්ද. ගම් නගර බේද නැතුව එක වෙලාවක ටීවී එක ඉස්සරහ හිට ගන්න විනයක් තියෙන හින්ද. පොලිසිය ජනතාව හැමෝම එක ආතල් එකක් බෙදා ගන්න හින්ද. ක‍්‍රිකට් කියන්නෙ අපේ සිංහල අවුරුද්දට වඩා අපේ ඇත්ත සංස්කෘතික කෑල්ලක් සහ ඒක හොඳයි කියලයි ඌ කියන්නෙ. එකක් අපි ඒ වැඬේදි දක්ෂයි. වෙන මොන වැඩකදිවත් අපි ලෝක මට්ටමේ දක්ෂයන් නෙවෙයි. අපේ අපේ කියන හැම දේකදිමත් ලෝකෙ අනිත් උන් අපිට වඩා දක්ෂයි (උදා කෘෂි වාරි වගේ වැඩ) අනික මේ වැඬේ අපි ලෝකෙ දිහාට ඇරෙන වැඩක්. අපි දූපතක් විදිහට ගුලි වෙනවට වඩා ලෝකෙ තියෙන විනයකට හුරු වෙන වැඩක්. ඒක  ඕපන් එකක් විදහටයි ඌ දකින්නෙ.

ලසිත්ගෙ මේ මාධ්‍යවේදියා ප‍්‍රශ්න කරන තැනදි ක‍්‍රිකට් ඊට වඩා හොඳ ඇරිල්ලක් වුනා කියලයි මට හිතෙන්නෙ. ඒක ඇක්සිඩන්ට් එකක්. උතුරෙදි ජාතික වීරයා වුණු සොල්දාදුවාට කරන්න බැරි වෙච්ච දේ ක‍්‍රිකට් ජාතික වීරයා වෙච්ච ලසිත් කරනවා. රටක් විසින් හදන මිත්‍යාවකට වීරත්වයකට තමන්ගේ පුද්ගලිකත්වය අභිභවා යන්න ඉඩ නොදෙන එක. අන්තිම අවදානම්කාරී වෙලාවක පවා තමන්ගේ ඇත්ත දේ වෙනුවෙන් බය නැතුව පෙනී ඉන්න එක. වඩාත්ම තමන් විසින් ස්ටයිල් එකක් විදිහට ගෙනාපු සිංහයාට තේරුමක් දෙන එක.
ඇයි මාව කලින් දැකලා නැද්ද? නිකං යනවා මනුස්සයො යන්න.

මේකත් එක්ක ලංකාවෙ මහජන ඉරිසියාව සහ කුහකකම මහා පරිමාණෙන් එලියට ආවා.
‘මෙච්චර සල්ලි ගෙවලත් තව ඉල්ලන්න? මුං සෙල්ලං කරන්නෙ රට වෙනුවෙන්ද?’
‘නෑ මං සෙල්ලං කරන්නෙ මගේ ආතල් එකට’ ලසිත්ගෙ උත්තරය වුනේ ඒක. සිංහයෙක් කියල කුක්කෙක් බලාපොරොත්තු වුනු ජනතාව ලසිත්ගේ කනේ පාරට රත් වෙලා ඇහැරුණා.
‘ලසිත් ගෙනාවෙ මාධ්‍ය වලින්. ලසිත් මේ විදිහට මාධ්‍ය වලට කතා කරන එක හරිද?’ මාධ්‍ය වලින් සදාචාරය දේශනා කරන්න පටන් ගත්තා. තමන් මාධ්‍යයට වඩා විශාලයි කියන එක ලසිත් තේරුම් අරං තිබුණ. ඊට පස්සෙ නැවත නැවත මාධ්‍ය බයිට් එකක් නොවෙන්නත් එයාට තේරුමක් තිබුන. කොටින්ම විපක්ෂයක් විදිහට රනිල් වික‍්‍රමසිංහට නැති අවබෝධයක් මේ ගම් ගැටයට තිබුණ.
ලසිත්ට ඇත්ත ස්ටයිල් එකක් තිබුණා.

(අපේ හිතුවිලි සංස්කෘතියට සැබෑ ඇරිල්ලක් වුණු ලසිත් මාලිංගගේ වචන ටික කල්ට් ලයින් එක වෙන්නෙ ඒ අදහසට ආචාරයක් විදිහට)

3 comments:

  1. සල්ලි වලින් උඩ ගියාම ගෙම්බර් දාන එක හරිද? සල්ලි කාරයෙක් උනාම ඔයත් ගිහිං පුක දෙනවද?

    ස්ටයිල් එක හොදයි, කරපු වැඩේ වැරදියි, නිව්ස් නැතුව වේලි වේලි ඉන්න මාධ්‍ය කරපු වැඩෙත් වැරදියි.

    ReplyDelete
  2. ලංකාවේ ඉස්සරහට යන්න පුළුවන් එකම ක්‍රීඩාව ක්‍රිකට් පමණක් නොවේ .ලෆීර් සහෝදරයා අපට පළමු ලෝක කුසලානය ගෙනාවේ ස්නූකර් ක්‍රීඩාවෙන්.පාපන්දු වලට අපේ රටේ තැනක් දෙන්නේ නැ.දවස් ගණන් නාස්ති කරන ලෝකයේ රටවල් කීපයක් පමණක් ගහන එකක් ක්‍රිකට් .ජාති බෙදා නැතිව සෙල්ලම් කරනවා කියන එක කෙසේවෙතත් පකිස්ථානය දිනන කොට හොඳට රතින්ඥ පත්තුවෙනවා අපේ මුස්ලිම් සහෝදරවරුන්ගේ ගෙවල් වල .අවුලක් නෑ තමන් ගේ ජන්මය අමතක නොකලට පරම්පරා 15කට විතර පස්සෙත්.මාලිංග ක්රීඩා ශිල්පියෙක් වෙන්නේ නැ හරියට හැසිරෙන්න දැන ගත්තේ නැත්නම්.අපේ ටෝකියෝ නුවර ඔලිම්පික් වලට දුවපු කරුණාරත්න මහත්තයා ගේ වීඩියෝ පටය අරන් බලන්න මාලින්ග මහත්තයෝ එතකොට ක්‍රීඩා කරන්නේ මොකටද කියන එක තේරේවි .එත් ඉතින් කෝටි ගණන් ලැබිලත් තව මදිවෙල අපේ රටේ මිනිස්සු ළමයින්ට කිරි පැකට් එකක් බෙහෙත් ටිකක් ගන්න ඔය බොලේ දානවට වඩාත් මහන්සි වෙනකොට තමුන්ගේ ගෑනුන්ට මැච් බලන්න පිටරට යන්න බිස්නස් පන්තියේ ටිකට් ඉල්ලන එක නම් සාදාරන මදි කියල මට හිතෙන්නේ.එහෙනම් ඉතින් හමුදාවල දිවි පරදු කරලා අපිට මැච් එකක් වත් බලන්න සාමය ගෙනාපු ගමෙන් අපු අසරණ බටයින්ට කියක් දෙන්නද මහත්තයෝ?මේ ඔක්කොම කරන්නේ බදු සල්ලි වලින් නොවුනත් ක්‍රිකට් මණ්ඩලයේ සල්ලි වලින් 79% යන්නේ ඔයගොල්ලන්ට.අපේ හිටපු අර්ජුන ,අරවින්ද ,කළුවිතාරණ ,රොෂාන් වගේ අය පෙරේතකම නැතුව තමි මහත්වරු විදියට සෙල්ලම් කලේ.ගමේ කොල්ලෙක් වෙලත් ඔයාට සල්ලිවලට තියෙන පෙරේතකම හරිම භයානකයි

    ReplyDelete
  3. දැකලා නැ.
    maalinga sathya deshanaa kalaa.

    ReplyDelete