යුද්දෙන් පස්සෙ ආණ්ඩුව ගහපු තෙල් ටිකෙන් තමයි ඔය සිනමාව දුව දුව තිබුණෙ. ඒත් සංජීවගේ චිත‍්‍රපටියත් එක්ක මේ මහා සිනමාව කාණු පල්ලට වැටුන ගානයි. ආචාර්ය සෝමරත්නලා ජැක්සන්ලා ඉන්නවද වගක් වත් ලංකාවෙ මහා පේ‍්‍රක්‍ෂාගාරයටත් නැතුව ගියා. ත‍්‍රීවීල් දුවන අයියලා පවා ෆ්ලයින් ෆිෂ් කොපියක් හොයා ගන්න කෝල් කළා.
සුළ`ග එනු පිණිස, අක්ෂරය වගේ චිත‍්‍රපටිවලට යම් යම් වාරණ බාධා ආවත් මේ තරම් ඒක කවුරුවත් ඇ`ගට ගත්තෙ නෑ. මට හිතෙන්නෙ සිනමාවෙන් පිටත වෙන සමාජ දේශපාලන ආතතියක් ජනතාව ආණ්ඩුවෙන් පිරිමැහුවා. ආණ්ඩුව කළේ අ`ඩන්න බලන් ඉන්න මිනිහගේ ඇහැට ඇ`ගිල්ලෙන් ඇන්නා වගේ වැඩක්.
ෆ්ලයින් ෆිෂ් ලංකාවෙ සාමාන්‍ය ජනතාවට පෙන්නන්න සුදුසු චිත‍්‍රපටියක් නෙමෙයි. ජනතාව බුද්ධිමත් වගේ දේශපාලන ගොං ටෝක් ආර්ට් වලටත් ගේන ළදරු නිදහස්කාමියො කීපදෙනෙක් මොනවා කිව්වත් මේ ඇතිදැඩි කළ ළමා සමාජයට ෆ්ලයින් ෆිෂ් පෙන්නුවොත් මොනවයින් මොනවා වෙයිද කියල හිතාගන්න බෑ. ඒක හින්ද ආණ්ඩුව ලංකාව ඇතුලෙ මාළුන්ට ඉගිල්ලෙන්න තහනං කරන එකට මං එක`ගයි. ඒකට ආණ්ඩුව එක්ක ආර්ට් නිදහස ගැන කතා කරලා වැඩක් නෑ. මේ රටේ ජනතාව සමස්තයක් විදිහට 18 පහළ. ඒ අයගෙ මානසිකත්වය ආරක්‍ෂා කරන එක ආණ්ඩුවක වගකීම. ආර්ට් වලට ඒ වගකීම ප‍්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ.
ආණ්ඩුව මේ තහනම දාපු වෙලාවයි විදිහයි තමයි වැරැද්ද. සිනමා උළෙලක තෝරා ගත් ආරාධිත පිරිසකට ප‍්‍රදර්ශනය කරපු චිත‍්‍රපටියක් තහනම් කරන්නත් එතනින් නවතින්නෙ නැතුව ඊට සම්බන්ධ අය දේශ ද්‍රෝහීන් කරන්නත් හදිස්සි වෙන එකෙන් ආණ්ඩුව පෙන්නුවෙ රජයක් හැටියෙන් අපරිණතකමක්. රාජ්‍ය තාන්ත‍්‍රික දැනුමක් නැති මං වගේ අදේශපාලනිකයෙක් වුණත් මීට වඩා තාර්කික තීරණයක් ගනීවි. උදා විදිහට මේ චිත‍්‍රපටියේ ඇති අන්තර්ගතය සහ මතවාදය මේ රටේ ජනතාවගේ හෘදය සාක්ෂියට අගෞරවයක් හෝ ඒ වගේ මොකක් හරි ඇති කරන නිසා මේ චිත‍්‍රපටියේ දේශපාලනය හෙළා දකින බවටත් මෙය රට තුල කිසිඳු ප‍්‍රසිද්ධ ප‍්‍රදර්ශනයකට නුසුදුසු වගට තීරණය කරන වගත් නිවේදනයකින් දන්වන්න තිබුණා. වඩාත් පරිණත විදිහට මේ චිත‍්‍රපටියේ ඇගයුම් ලත් කලාත්මක, නිර්මාණාත්මක වටිනාකම් සහ අපේ රටේ තරුණ සිනමාකරුවෙක් හැටියට සංජීව ලත් පිළිගැනීම අගය කරන අතර.... වගේ වාක්‍ය ඛණ්ඩයකුත් එකතු කරන්න තිබුණ. ඒත් අවාසනාවට රාජ්‍ය ප‍්‍රතිපත්තියක් විදිහට ආණ්ඩුව වැඩ කරන්නෙ එක්ස්ටී‍්‍රම්ස් වල විතරයි.
අනිත් අතට ආණ්ඩුවේ මේ වාරණ ගැන ලොකුවට කලබල වෙන්න හේතුවක් මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට කාලයක් ජීවත් වුණු මට නෑ. ලංකාව තහනමක් වත් හරියට ක‍්‍රියාත්මක කරන්න පුළුවන් රටක් නෙමෙයි. ඒක මේ ආණ්ඩුවෙ ආකාර්යක්‍ෂමතාවයක් නෙමෙයි. රටක් විදිහට කොහොමවත් එක සිස්ටම් එකක වැඩ කරන විනයක් ශික්ෂණයක් මේ රටේ ජීවිත වලට නෑ. වෙන විදිහකට කිව්වොත් ඒක අධ්‍යාපනයේ වැරැුද්දක්. හොඳට ළංවෙලා බැලූවොත් පේනවා මේ රටේ හැම කෙනෙක්ම කඩාකප්පල්කාරයෙක්. හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් මේ කඩාකප්පල්කාරීත්වය තමයි රැුඩිකල් වෙන්නෙ. ඒක සාමාන්‍ය ජනතාවගේ පටන් ආණ්ඩුව දක්වාම පොදු යතාර්ථයක්. ඒ අවුල ආරාජිකවාදී වගේ ක්ලැසිකල් තේරුම් වලින් හඳුන්වන්න ගිහින් වැඩක් නෑ. ඒක අපතකමක්.
මේ ළ`ගදි ජපානෙ ස්ටේෂන් එකක කෝච්චියයි වේදිකාවයි අතරෙ පරතරයට හිරවුණු ගෑණු කෙනෙක් බේර ගන්න ඒ කෝච්චියෙම මිනිස්සු එළියට බැහැලා කෝච්චිය උස්සන ප‍්‍රවෘත්තියක් ඉන්ටර්නෙට් එකේ පළ වුණා. මං ඕක අපේ කොපි ලියන කොල්ලට පෙන්නුවා.
‘අයියෝ ඕක මීඩියා වලට කරපු බොරුවක්’
ඌ ගත්කටටම කිව්වා. ඒ තමයි ලංකාවෙ හැටි. ඒ වගේ සාමූහිකත්වයක්, මනුස්සකමක් ඇත්තක් විදිහට බාර ගන්න අපේ ලාංකීය මනසෙ ඉඩක් නෑ. අපි ගොඩක් දුප්පත්.
ආණ්ඩුවටත් ඕන වුණේ කික් එකක්. ප‍්‍රභාකරන්ගෙන් පස්සෙ ආතල් අහිමි ජනතාවට විනෝදය දුන්නෙ ආණ්ඩුවෙ වියදමෙන්. ඒකට කාලෙන් කාලෙට ප‍්‍රශ්න ඕන වෙනවා. මාළු ඉගිල්ලෙන එකත් ඒ වගේ විනෝද සාධකයක් විතරයි. ඒත් මේ පාර නාඩගම පෙන්නුවෙ ඕඩියන්ස් හූ කියන්න බලාගෙන ඉන්න වෙලාවක. ඒ මදිවට පිටපත හරියට ලියලා තිබුණෙත් නෑ. අයිටීඑන් එකේ කලා අධ්‍යක්‍ෂණය එහෙමත් අන්තිමයි. ඉතින් නාට්ටිය බංකොලොත්.
කලින් ලිපියකදි මං ජෆර් පනාහි මහා සිනමාකරුවෙක් වීමේ ගෞරවයෙන් වැඩි කොටසක් ඉරාන රජයට පුදන්න ඕන කියල ලිව්වා වගේම ෆ්ලයින් ෆිෂ් මහා චිත‍්‍රපටියක් කිරීමේ ගෞරවය ලංකා ආණ්ඩුවට හිමි වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි කෙළ වෙලා ළොඳ නැතුව තිබ්බ විකල්ප සිනමාව ආයිමත් නැගිට්ටීම වෙනුවෙන් ප‍්‍රණාමයත් ආණ්ඩුවට හිමි වෙන්න ඕන. කොහොමටත් වීරයාගෙ චරිතෙ කරනවට වඩා අමාරුයි දුෂ්ටයාගෙ චරිතෙ කරන එක. ඒ වීරයා ලොකු වෙන තරම තීරණය වෙන්නෙ දුෂ්ටයා ලොකු වෙන තරම මත හින්ද.
මේ හින්ද ෆ්ලයින් ෆිෂ් වෙනුවෙන් රජය දැක්වූ සහයෝගය ගැන මට තියෙන්නෙ ප‍්‍රශංසාවක්. ඒත් මේ පිබීදීම එක්ක විකල්ප සිනමාවෙ හෙළුව තැන තැන එළිවෙන්න පටන් ගත්තා. සංජීවගේ නිර්මාණය වෙනුවෙන් විකල්ප ධාරාවෙ දැවැන්තයො කවුරුවත් ඉස්සරහට ආවෙ නෑ. කුඹුරෙන් වී කරල් අරන් අලව ගන්නවා වගේ ඔලිව් කොල ඇතුලෙ බොරු සම්මාන අලවගෙන ඉස්සරහට ආපු පඹයො ගොඩක් අතරෙ සංජීවගේ චිත‍්‍රපටිය ඇත්තට ප‍්‍රධාන පෙළේ සම්මාන උළෙල වලින් ඇගයීම් ලැබුවා. ලංකාවෙ චිත‍්‍රපටිකාරයෙක් විදිහට අන්තර්ජාතික සිනමාවෙ වැඩිම දුරක් ගියේ සංජීව (තහනම ෆිල්ම් එකට ජෙට් එන්ජිමක් හයි කළා වගේ වුණා). ඒත් ඒ කෘතිය වෙනුවෙන් කෙලින් මැදිහත් වෙන්න මේ දේශපාලනික භාවිතාවක් සහිත මහා විකල්ප පොරවල් මැළි වුනේ සංජීව කොට නිසාද?
එතනදිත් ආණ්ඩුව උදව්වට ආවා. කතාවට ගාමිනී වියන්ගොඩව එකතු කරලා දුන්නා. සංජීවගේ චිත‍්‍රපටිය වෙනුවෙන් කතා කරන්න බැරි විකල්පයො වියන්ගොඩ ගැන ලොකුවට කතා කළා. මේක ප‍්‍රකාශනයේ නිදහස හෝ වෙන පළල් අරමුණක් කියලා කවුරු හරි තේරුම් ගත්තොත් වස වැරැද්දක්. මේක චරිත අතර පුද්ගලික සටනක්.
පත්තරවලින් කරදර කර කර හැමෝගෙන්ම මොනවා හරි ඇහුවා. උත්තර දුන්නත් නහී නොදුන්නත් නහී වගේ තැනකට ප‍්‍රවීනයො පත් වුණා. එතකොට ඇල්ලූවට හපන්න බැරි උත්තර දෙමින් ඒ ගොල්ලො දාර්ශනික වුණා. ආණ්ඩුව තමන්ගෙ හීනෙන් බයට පත්වෙලා චිත‍්‍රපටිය තහනම් කළා කියල හඳයා කිව්වා. ඒත් අඩු තරමෙ චිත‍්‍රපටියෙ නම හරියට කියන්න තරමට වත් ගෞරවයක් ඒ වෙනුවෙන් දෙන්න හඳයා අකමැති වුණා. මගේ චිත‍්‍රපටියෙ නමවත් හරියට කියා ගන්න බැරි හඳගමට වඩා අයිටීඑන් හොඳයි කියල සංජීව ලිව්වා. යකඩ සපත්තුවට නිර්මාණ අයිතිය පෑගෙනවා කියලා හැමදාම කියන කතාව ධර්මසිරි රිපීට් කළා. මේක පිස්සං කොටුවක්ද කියල අයිවන් ඇහුවා. බලාගෙන යද්දි මේ ඔක්කොම බබාලා (උපුටාගැනීම දීප්ති කුමාර ගුණරත්න). අපි ඉන්නෙ බබාලන්තෙක.
චිත‍්‍රපටියෙ තහනමට වඩා දැණුනෙ චිත‍්‍රපටි කරන උන්ගෙ කුහකකම. සංජීවගේ චිත‍්‍රපටිය ගැන ආණ්ඩුවෙ තහනමට කලින් ඒ ගැන විවේචනයක් මට තිබුණ. ඒක චිත‍්‍රපටියෙ කලාත්මක භාවිතාවන් සහ චිත‍්‍රපටියක් අන්තර්ජාතික ප‍්‍රමිතිකරණයට ලක්වීම ගැන විෂයික අවුලක්. ඒත් සංජීව කැමරාව තමන්ගෙ ජීවිතේ කැමරාව ඉස්සරහට අරං ආපු ඒ නිර්භීත උත්සාහය ගැන මට තියෙන්නෙ ගෞරවයක්. ලක්ෂ තිස් පහකින් මේ තරං විශාල නිෂ්පාදනයක් කරන්නත් ඒ නිෂ්පාදනය තනියම ලෝකෙ වටේ අරං යන්නත් සංජීවට තිබුණු ශක්තිය මං වෙන කිසිම ලංකාවෙ චිත‍්‍රපටිකාරයෙක්ගෙන් දැකලා නෑ. ‘මං රාජ කුමාරයෙක් නෙමෙයි, මං ගමේ කොල්ලෙක්’ මැදමුලනෙන් ආපු මහින්ද වගේම සංජීවත් කියන්නෙ ඒක.
සංජීව අපේ සිනමාවෙ වීරයෙක්. කන්තලේ යුද්දෙන් ඉරුණු ජීවිතේ අතින් මහගෙන කොළඹ ඇවිත් නොකා නොබී රස්තියාදු වෙමින් චිත‍්‍රපටියක් තැනීම දක්වා කියවෙන්නෙ ඒ වීරත්වයෙ එක කොටසක්. ලංකාවෙ කොයි විදිහකින් වත් පෙන්නන්න බැරි බව දැන දැනත් තමන්ගේ කතාව මහා තිරයක් උඩට ගේන්න ඌ කාපු කට්ට ඒකෙ සිනමාත්මක කොටස. ආණ්ඩුවෙ තහනම් මැද තමන්ගේ ජීවිතෙන් දරන දේශපාලනය වෙනුවෙන් සංජීව අද කරන්නෙ ඒකෙ දේශපාලනික කොටස. සංජීවට අනුව තහනම් වෙන්නෙ චිත‍්‍රපටියක් නෙමෙයි, ඌ අත්විඳපු ඇත්ත ජීවිතය.
එහෙම වීරයෙක් බිහිවීම හින්ද එකපාර විකල්ප සිනමා ධාරාව උඩ පැනලා ඇහැරුණා. කොමඩියක් කරන්න හිත හිත හිටපු උන් පවා මතවාදී සිනමාවට එන්න වීරයෙක් වෙන්න ප‍්‍රාර්ථනා වලින් පිරුණ. මෑතක තිබුණු විමුක්ති ජයසුන්දර සිනමා උළෙල කියන්නෙ මේ නවෝදයේ හොඳ ප‍්‍රකාශනයක් කියල මට හිතෙන්නෙ. කලින් කීප වතාවක් නැරඹූ ඒ චිත‍්‍රපටි හිටගෙනත් බලන්න තරමට පිරුණු පේ‍්‍රක්‍ෂාගාරයේ තිබුණෙ වාරණයේ උණුසුම. ජැක්සන් ඇන්තනි පවා ඕඩියන්ස් එකේ හිටියා. මාළුන්ට ඉගිල්ලෙන්න කළ තහනමෙන් සිනමා වසන්තයක් ඇති වුණා.
ආයිමත් මං කියන්නෙ මේ ගෞරවයේ වැඩි කොටස නිර්ලෝභීව ආණ්ඩුවට පුද කරන්න ඕන. හැම වීරයෙක්ම බිහිවෙන්න දුෂ්ටයා විසින් කරන වැඩ කොටස අවතක්සේරු කරන එක අසාධාරණයි. ජුදාස් නොහිටියා නම් ජේසුස් වීරයෙක් වෙන්නෙ නෑ. ප‍්‍රභාකරන් නොහිටියා නම් මහින්ද වීරයෙක් වෙන්නෙත් නෑ. මේ කාලෙ කවුරු හරි පැනපු ගමන් අහන්න පුළුවන් එතකොට බුදුන් කියල. කෙළෙස් සතුරන් පැරදූ, මාරසෙන් එළවූ කිය කිය අපි බණේ හදන්නෙ බුදුන්ගෙත් වීරත්වයම තමයි. නැතුව ගහක් යට ඉඳගෙන ඉල්ලගෙන කකා ජොබ්ලස් කොල්ලො ටිකක් වටකරගෙන කතා කිය කිය හිටපු සාමාන්‍ය මනුස්සයෙක් අපිට එච්චර ලොකු නෑ. මාරයා කිව්වම ඉතින් ඊට වඩා ලොකු දුෂ්ටයෙක් කොයින්ද?
වීර කතා බලන හැම වෙලාවකම මට දුක හිතෙන්නෙ දුෂ්ටයා ගැන. ඒක මගේ අවුලක්. උදා විදිහට බුද්ධත්වය වීරත්වයක් කරලා ගන්න කොට අපි දුෂ්ටයා කරගන්න මාරයා කියන්නෙ අපේ ජීවිතය. අපේ ආශාව. අපි.
වීරයා සහ දුෂ්ටයා කියන්නෙ දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක්. වීරයෙක් හදන්න දුෂ්ටයෙක් තමන්ගෙ පැවැත්ම කැප කරනවා. පස්සෙ කාලෙක ඒ වීරයා ආයිමත් දුෂ්ටයෙක් වෙනවා. දුෂ්ටයා විසින් තවත් වීරයෙක් නිර්මාණය කරනවා.
‘උඹ එක්කො වීරයෙක් වගේ මැරෙන්න ඕන. නැත්තං දුෂ්ටයෙක් වෙන දිහා බලාගෙන විඳව විඳව ජීවත් වෙන්න ඕන’
ඩාර්ක් නයිට් ෆිල්ම් එකේ හාවි ඩෙන්ට් කියනවා.
එහෙම දුෂ්ටයෙක් වෙන්න තරම් වත් හයියක් නැති වීරයො පස්සෙ කාලෙකදි කුහකයො වෙනවා.
-චින්තන ධර්මදාස