Saturday, July 27, 2013

අලූත් වීරයෝ පැමිණීම සහ පරණ වීරයෝ කිච වීම

ලංකාවෙ සිනමාවෙ කාලෙකින් වුණු වැදගත්ම සිද්දිය වුණේ සංජීවගේ ෆ්ලයින් ෆිෂ් තහනම් කරපු එක. මෙච්චර කාලයක් මෙහේ සිනමාවෙ (මහින්ද චින්තන සිනමාව) වීරයො වුණේ රජකතා බණකතා කරපු දෙකයි පණහෙ චිත‍්‍රපටිකාරයො ටිකක්. ඒ සිනමාව හදලා දුන්නෙත් මේ ආණ්ඩුව.
යුද්දෙන් පස්සෙ ආණ්ඩුව ගහපු තෙල් ටිකෙන් තමයි ඔය සිනමාව දුව දුව තිබුණෙ. ඒත් සංජීවගේ චිත‍්‍රපටියත් එක්ක මේ මහා සිනමාව කාණු පල්ලට වැටුන ගානයි. ආචාර්ය සෝමරත්නලා ජැක්සන්ලා ඉන්නවද වගක් වත් ලංකාවෙ මහා පේ‍්‍රක්‍ෂාගාරයටත් නැතුව ගියා. ත‍්‍රීවීල් දුවන අයියලා පවා ෆ්ලයින් ෆිෂ් කොපියක් හොයා ගන්න කෝල් කළා.

සුළ`ග එනු පිණිස, අක්ෂරය වගේ චිත‍්‍රපටිවලට යම් යම් වාරණ බාධා ආවත් මේ තරම් ඒක කවුරුවත් ඇ`ගට ගත්තෙ නෑ. මට හිතෙන්නෙ  සිනමාවෙන් පිටත වෙන සමාජ දේශපාලන ආතතියක් ජනතාව ආණ්ඩුවෙන් පිරිමැහුවා. ආණ්ඩුව කළේ අ`ඩන්න බලන් ඉන්න මිනිහගේ ඇහැට ඇ`ගිල්ලෙන් ඇන්නා වගේ වැඩක්.

ෆ්ලයින් ෆිෂ් ලංකාවෙ සාමාන්‍ය ජනතාවට පෙන්නන්න සුදුසු චිත‍්‍රපටියක් නෙමෙයි. ජනතාව බුද්ධිමත් වගේ දේශපාලන ගොං ටෝක් ආර්ට් වලටත් ගේන ළදරු නිදහස්කාමියො කීපදෙනෙක් මොනවා කිව්වත් මේ ඇතිදැඩි කළ ළමා සමාජයට ෆ්ලයින් ෆිෂ් පෙන්නුවොත් මොනවයින් මොනවා වෙයිද කියල හිතාගන්න බෑ. ඒක හින්ද ආණ්ඩුව ලංකාව ඇතුලෙ මාළුන්ට ඉගිල්ලෙන්න තහනං කරන එකට මං එක`ගයි. ඒකට ආණ්ඩුව එක්ක ආර්ට් නිදහස ගැන කතා කරලා වැඩක් නෑ. මේ රටේ ජනතාව සමස්තයක් විදිහට 18 පහළ. ඒ අයගෙ මානසිකත්වය ආරක්‍ෂා කරන එක ආණ්ඩුවක වගකීම. ආර්ට් වලට ඒ වගකීම ප‍්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ.

ආණ්ඩුව මේ තහනම දාපු වෙලාවයි විදිහයි තමයි වැරැද්ද. සිනමා උළෙලක තෝරා ගත් ආරාධිත පිරිසකට ප‍්‍රදර්ශනය කරපු චිත‍්‍රපටියක් තහනම් කරන්නත් එතනින් නවතින්නෙ නැතුව ඊට සම්බන්ධ අය දේශ ද්‍රෝහීන් කරන්නත් හදිස්සි වෙන එකෙන් ආණ්ඩුව පෙන්නුවෙ රජයක් හැටියෙන් අපරිණතකමක්. රාජ්‍ය තාන්ත‍්‍රික දැනුමක් නැති මං වගේ අදේශපාලනිකයෙක් වුණත් මීට වඩා තාර්කික තීරණයක් ගනීවි. උදා විදිහට මේ චිත‍්‍රපටියේ ඇති අන්තර්ගතය සහ මතවාදය මේ රටේ ජනතාවගේ හෘදය සාක්ෂියට අගෞරවයක් හෝ ඒ වගේ මොකක් හරි ඇති කරන නිසා මේ චිත‍්‍රපටියේ දේශපාලනය හෙළා දකින බවටත් මෙය රට තුල කිසිඳු ප‍්‍රසිද්ධ ප‍්‍රදර්ශනයකට නුසුදුසු වගට තීරණය කරන වගත් නිවේදනයකින් දන්වන්න තිබුණා. වඩාත් පරිණත විදිහට මේ චිත‍්‍රපටියේ ඇගයුම් ලත් කලාත්මක, නිර්මාණාත්මක වටිනාකම් සහ අපේ රටේ තරුණ සිනමාකරුවෙක් හැටියට සංජීව ලත් පිළිගැනීම අගය කරන අතර.... වගේ වාක්‍ය ඛණ්ඩයකුත් එකතු කරන්න තිබුණ. ඒත් අවාසනාවට රාජ්‍ය ප‍්‍රතිපත්තියක් විදිහට ආණ්ඩුව වැඩ කරන්නෙ එක්ස්ටී‍්‍රම්ස් වල විතරයි.

අනිත් අතට ආණ්ඩුවේ මේ වාරණ ගැන ලොකුවට කලබල වෙන්න හේතුවක් මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට කාලයක් ජීවත් වුණු මට නෑ. ලංකාව තහනමක් වත් හරියට ක‍්‍රියාත්මක කරන්න පුළුවන් රටක් නෙමෙයි. ඒක මේ ආණ්ඩුවෙ ආකාර්යක්‍ෂමතාවයක් නෙමෙයි. රටක් විදිහට කොහොමවත් එක සිස්ටම් එකක වැඩ කරන විනයක් ශික්ෂණයක් මේ රටේ ජීවිත වලට නෑ. වෙන විදිහකට කිව්වොත් ඒක අධ්‍යාපනයේ වැරැුද්දක්. හොඳට ළංවෙලා බැලූවොත් පේනවා මේ රටේ හැම කෙනෙක්ම කඩාකප්පල්කාරයෙක්. හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් මේ කඩාකප්පල්කාරීත්වය තමයි රැුඩිකල් වෙන්නෙ. ඒක සාමාන්‍ය ජනතාවගේ පටන් ආණ්ඩුව දක්වාම පොදු යතාර්ථයක්. ඒ අවුල ආරාජිකවාදී වගේ ක්ලැසිකල් තේරුම් වලින් හඳුන්වන්න ගිහින් වැඩක් නෑ. ඒක අපතකමක්.

මේ ළ`ගදි ජපානෙ ස්ටේෂන් එකක කෝච්චියයි වේදිකාවයි අතරෙ පරතරයට හිරවුණු ගෑණු කෙනෙක් බේර ගන්න ඒ කෝච්චියෙම මිනිස්සු එළියට බැහැලා කෝච්චිය උස්සන ප‍්‍රවෘත්තියක් ඉන්ටර්නෙට් එකේ පළ වුණා. මං  ඕක අපේ කොපි ලියන කොල්ලට පෙන්නුවා.

‘අයියෝ  ඕක මීඩියා වලට කරපු බොරුවක්’

ඌ ගත්කටටම කිව්වා. ඒ තමයි ලංකාවෙ හැටි. ඒ වගේ සාමූහිකත්වයක්, මනුස්සකමක් ඇත්තක් විදිහට බාර ගන්න අපේ ලාංකීය මනසෙ ඉඩක් නෑ. අපි ගොඩක් දුප්පත්.

ආණ්ඩුවටත්  ඕන වුණේ කික් එකක්. ප‍්‍රභාකරන්ගෙන් පස්සෙ ආතල් අහිමි ජනතාවට විනෝදය දුන්නෙ ආණ්ඩුවෙ වියදමෙන්. ඒකට කාලෙන් කාලෙට ප‍්‍රශ්න  ඕන වෙනවා. මාළු ඉගිල්ලෙන එකත් ඒ වගේ විනෝද සාධකයක් විතරයි. ඒත් මේ පාර නාඩගම පෙන්නුවෙ  ඕඩියන්ස් හූ කියන්න බලාගෙන ඉන්න වෙලාවක. ඒ මදිවට පිටපත හරියට ලියලා තිබුණෙත් නෑ. අයිටීඑන් එකේ කලා අධ්‍යක්‍ෂණය එහෙමත් අන්තිමයි. ඉතින් නාට්ටිය බංකොලොත්.

කලින් ලිපියකදි මං ජෆර් පනාහි මහා සිනමාකරුවෙක් වීමේ ගෞරවයෙන් වැඩි කොටසක් ඉරාන රජයට පුදන්න  ඕන කියල ලිව්වා වගේම ෆ්ලයින් ෆිෂ් මහා චිත‍්‍රපටියක් කිරීමේ ගෞරවය ලංකා ආණ්ඩුවට හිමි වෙන්න  ඕන. ඒ විතරක් නෙමෙයි කෙළ වෙලා ළොඳ නැතුව තිබ්බ විකල්ප සිනමාව ආයිමත් නැගිට්ටීම වෙනුවෙන් ප‍්‍රණාමයත් ආණ්ඩුවට හිමි වෙන්න  ඕන. කොහොමටත් වීරයාගෙ චරිතෙ කරනවට වඩා අමාරුයි දුෂ්ටයාගෙ චරිතෙ කරන එක. ඒ වීරයා ලොකු වෙන තරම තීරණය වෙන්නෙ දුෂ්ටයා ලොකු වෙන තරම මත හින්ද.

මේ හින්ද ෆ්ලයින් ෆිෂ් වෙනුවෙන් රජය දැක්වූ සහයෝගය ගැන මට තියෙන්නෙ ප‍්‍රශංසාවක්. ඒත් මේ පිබීදීම එක්ක විකල්ප සිනමාවෙ හෙළුව තැන තැන එළිවෙන්න පටන් ගත්තා. සංජීවගේ නිර්මාණය වෙනුවෙන් විකල්ප ධාරාවෙ දැවැන්තයො කවුරුවත් ඉස්සරහට ආවෙ නෑ. කුඹුරෙන් වී කරල් අරන් අලව ගන්නවා වගේ ඔලිව් කොල ඇතුලෙ බොරු සම්මාන අලවගෙන ඉස්සරහට ආපු පඹයො ගොඩක් අතරෙ සංජීවගේ චිත‍්‍රපටිය ඇත්තට ප‍්‍රධාන පෙළේ සම්මාන උළෙල වලින් ඇගයීම් ලැබුවා. ලංකාවෙ චිත‍්‍රපටිකාරයෙක් විදිහට අන්තර්ජාතික සිනමාවෙ වැඩිම දුරක් ගියේ සංජීව (තහනම ෆිල්ම් එකට ජෙට් එන්ජිමක් හයි කළා වගේ වුණා). ඒත් ඒ කෘතිය වෙනුවෙන් කෙලින් මැදිහත් වෙන්න මේ දේශපාලනික භාවිතාවක් සහිත මහා විකල්ප පොරවල් මැළි වුනේ සංජීව කොට නිසාද?

එතනදිත් ආණ්ඩුව උදව්වට ආවා. කතාවට ගාමිනී වියන්ගොඩව එකතු කරලා දුන්නා. සංජීවගේ චිත‍්‍රපටිය වෙනුවෙන් කතා කරන්න බැරි විකල්පයො වියන්ගොඩ ගැන ලොකුවට කතා කළා. මේක ප‍්‍රකාශනයේ නිදහස හෝ වෙන පළල් අරමුණක් කියලා කවුරු හරි තේරුම් ගත්තොත් වස වැරැද්දක්. මේක චරිත අතර පුද්ගලික සටනක්.

පත්තරවලින් කරදර කර කර හැමෝගෙන්ම මොනවා හරි ඇහුවා. උත්තර දුන්නත් නහී නොදුන්නත් නහී වගේ තැනකට ප‍්‍රවීනයො පත් වුණා. එතකොට ඇල්ලූවට හපන්න බැරි උත්තර දෙමින් ඒ ගොල්ලො දාර්ශනික වුණා. ආණ්ඩුව තමන්ගෙ හීනෙන් බයට පත්වෙලා චිත‍්‍රපටිය තහනම් කළා කියල හඳයා කිව්වා. ඒත් අඩු තරමෙ චිත‍්‍රපටියෙ නම හරියට කියන්න තරමට වත් ගෞරවයක් ඒ වෙනුවෙන් දෙන්න හඳයා අකමැති වුණා. මගේ චිත‍්‍රපටියෙ නමවත් හරියට කියා ගන්න බැරි හඳගමට වඩා අයිටීඑන් හොඳයි කියල සංජීව ලිව්වා. යකඩ සපත්තුවට නිර්මාණ අයිතිය පෑගෙනවා කියලා හැමදාම කියන කතාව ධර්මසිරි රිපීට් කළා. මේක පිස්සං කොටුවක්ද කියල අයිවන් ඇහුවා. බලාගෙන යද්දි මේ ඔක්කොම බබාලා (උපුටාගැනීම දීප්ති කුමාර ගුණරත්න). අපි ඉන්නෙ බබාලන්තෙක.

චිත‍්‍රපටියෙ තහනමට වඩා දැණුනෙ චිත‍්‍රපටි කරන උන්ගෙ කුහකකම. සංජීවගේ චිත‍්‍රපටිය ගැන ආණ්ඩුවෙ තහනමට කලින් ඒ ගැන විවේචනයක් මට තිබුණ. ඒක චිත‍්‍රපටියෙ කලාත්මක භාවිතාවන් සහ චිත‍්‍රපටියක් අන්තර්ජාතික ප‍්‍රමිතිකරණයට ලක්වීම ගැන විෂයික අවුලක්. ඒත් සංජීව කැමරාව තමන්ගෙ ජීවිතේ කැමරාව ඉස්සරහට අරං ආපු ඒ නිර්භීත උත්සාහය ගැන මට තියෙන්නෙ ගෞරවයක්. ලක්ෂ තිස් පහකින් මේ තරං විශාල නිෂ්පාදනයක් කරන්නත් ඒ නිෂ්පාදනය තනියම ලෝකෙ වටේ අරං යන්නත් සංජීවට තිබුණු ශක්තිය මං වෙන කිසිම ලංකාවෙ චිත‍්‍රපටිකාරයෙක්ගෙන් දැකලා නෑ. ‘මං රාජ කුමාරයෙක් නෙමෙයි, මං ගමේ කොල්ලෙක්’ මැදමුලනෙන් ආපු මහින්ද වගේම සංජීවත් කියන්නෙ ඒක.

සංජීව අපේ සිනමාවෙ වීරයෙක්. කන්තලේ යුද්දෙන් ඉරුණු ජීවිතේ අතින් මහගෙන කොළඹ ඇවිත් නොකා නොබී රස්තියාදු වෙමින් චිත‍්‍රපටියක් තැනීම දක්වා කියවෙන්නෙ ඒ වීරත්වයෙ එක කොටසක්. ලංකාවෙ කොයි විදිහකින් වත් පෙන්නන්න බැරි බව දැන දැනත් තමන්ගේ කතාව මහා තිරයක් උඩට ගේන්න ඌ කාපු කට්ට ඒකෙ සිනමාත්මක කොටස. ආණ්ඩුවෙ තහනම් මැද තමන්ගේ ජීවිතෙන් දරන දේශපාලනය වෙනුවෙන් සංජීව අද කරන්නෙ ඒකෙ දේශපාලනික කොටස. සංජීවට අනුව තහනම් වෙන්නෙ චිත‍්‍රපටියක් නෙමෙයි, ඌ අත්විඳපු ඇත්ත ජීවිතය.

එහෙම වීරයෙක් බිහිවීම හින්ද එකපාර විකල්ප සිනමා ධාරාව උඩ පැනලා ඇහැරුණා. කොමඩියක් කරන්න හිත හිත හිටපු උන් පවා මතවාදී සිනමාවට එන්න වීරයෙක් වෙන්න ප‍්‍රාර්ථනා වලින් පිරුණ. මෑතක තිබුණු විමුක්ති ජයසුන්දර සිනමා උළෙල කියන්නෙ මේ නවෝදයේ හොඳ ප‍්‍රකාශනයක් කියල මට හිතෙන්නෙ. කලින් කීප වතාවක් නැරඹූ ඒ චිත‍්‍රපටි හිටගෙනත් බලන්න තරමට පිරුණු පේ‍්‍රක්‍ෂාගාරයේ තිබුණෙ වාරණයේ උණුසුම. ජැක්සන් ඇන්තනි පවා  ඕඩියන්ස් එකේ හිටියා. මාළුන්ට ඉගිල්ලෙන්න කළ තහනමෙන් සිනමා වසන්තයක් ඇති වුණා.

ආයිමත් මං කියන්නෙ මේ ගෞරවයේ වැඩි කොටස නිර්ලෝභීව ආණ්ඩුවට පුද කරන්න  ඕන. හැම වීරයෙක්ම බිහිවෙන්න දුෂ්ටයා විසින් කරන වැඩ කොටස අවතක්සේරු කරන එක අසාධාරණයි. ජුදාස් නොහිටියා නම් ජේසුස් වීරයෙක් වෙන්නෙ නෑ. ප‍්‍රභාකරන් නොහිටියා නම් මහින්ද වීරයෙක් වෙන්නෙත් නෑ. මේ කාලෙ කවුරු හරි පැනපු ගමන් අහන්න පුළුවන් එතකොට බුදුන් කියල. කෙළෙස් සතුරන් පැරදූ, මාරසෙන් එළවූ කිය කිය අපි බණේ හදන්නෙ බුදුන්ගෙත් වීරත්වයම තමයි. නැතුව ගහක් යට ඉඳගෙන ඉල්ලගෙන කකා ජොබ්ලස් කොල්ලො ටිකක් වටකරගෙන කතා කිය කිය හිටපු සාමාන්‍ය මනුස්සයෙක් අපිට එච්චර ලොකු නෑ. මාරයා කිව්වම ඉතින් ඊට වඩා ලොකු දුෂ්ටයෙක් කොයින්ද?

වීර කතා බලන හැම වෙලාවකම මට දුක හිතෙන්නෙ දුෂ්ටයා ගැන. ඒක මගේ අවුලක්. උදා විදිහට බුද්ධත්වය වීරත්වයක් කරලා ගන්න කොට අපි දුෂ්ටයා කරගන්න මාරයා කියන්නෙ අපේ ජීවිතය. අපේ ආශාව. අපි.
වීරයා සහ දුෂ්ටයා කියන්නෙ දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක්. වීරයෙක් හදන්න දුෂ්ටයෙක් තමන්ගෙ පැවැත්ම කැප කරනවා. පස්සෙ කාලෙක ඒ වීරයා ආයිමත් දුෂ්ටයෙක් වෙනවා. දුෂ්ටයා විසින් තවත් වීරයෙක් නිර්මාණය කරනවා.

‘උඹ එක්කො වීරයෙක් වගේ මැරෙන්න  ඕන. නැත්තං දුෂ්ටයෙක් වෙන දිහා බලාගෙන විඳව විඳව ජීවත් වෙන්න  ඕන’
ඩාර්ක් නයිට් ෆිල්ම් එකේ හාවි ඩෙන්ට් කියනවා.

එහෙම දුෂ්ටයෙක් වෙන්න තරම් වත් හයියක් නැති වීරයො පස්සෙ කාලෙකදි කුහකයො වෙනවා.

-චින්තන ධර්මදාස

19 comments:

  1. කොහොම උනත් අයෙ සන්ජීවයගෙ ෆිල්ම් ප්ට්ට වෙන්නෙ නැති වෙයි...
    මේක විතරයි අයේ නෑ.

    එදා විමුක්තිගෙ වැඩේ දී, "අහසින් වැටුනා" බලද්දි ජැකා ගේ මූන දැකල මට ෆිල්ම් එක හොන්දට දිරෙව්වා...

    ReplyDelete
    Replies
    1. Are u jealous with Vimukthi ?

      Delete
  2. එදා විමුක්තිගේ වැඩේ වෙන තැනට මාත් ගියා.......නිදන් හිටපු මිනිස්සුන්ට කනට ගහලා තිබුණා.....එකට පින් දෙන ඕනේ උබ කිවූව වගේ ආණ්ඩුවට තමා.......මොකද විකල්පය වෙනුවෙන් මැරෙන්න හදන ගොඩක් එවුන් සන්ජිවගේ මාළුවා වෙනුවෙන් දක්වපු ප්‍රතිචාරය මහ කුජීතයි....

    එත් මේ වැඩෙන් යුද්දේ කියන theme එක මාර්කට් වෙනවා තවත්......

    ReplyDelete
  3. I think Chinthana is a Co writer of the film
    But y not prohibited How I wonder what you are ????..............

    ReplyDelete
  4. ආණ්ඩුවෙ තහනම් මැද තමන්ගේ ජීවිතෙන් දරන දේශපාලනය වෙනුවෙන් සංජීව අද කරන්නෙ ඒකෙ දේශපාලනික කොටස.

    අනේ බබෝ...ඔයා සංජීවගෙ දේශපාලනේ කොච්චර දුරට දන්නවද? නිකං යන්න මෙයා යන්න. ඔයා දන්නෙ නැති කෙහෙම්මලක් නොකිය ඉන්න අනේ. මොකද ස්ක්‍රිප්ට් එකට ඔයාගෙ දායකත්වයක් තියන නිසාද ඔයා සෙම දාන්නෙ. ඔයාට අහවල් එක නෑනෙ ඔයා මේක ලියන්න සම්මාදම් වුණා කියල කියන්න. අනේද කියන්නෙ. ඔයා සංජීවගෙ දේශපාලනේ ගැන කතාකරන්න ඔයා මොනාද මෙයා සංජීවව දන්නෙ. කන්තලෙන් ඇවිල්ලා මෙහේ අසූහාරදාහක් රෝග සහිතව මීඩියාවල උන්ට දීලා සිස්ටම් එකේ නියම පොන්න චරිතය රඟපාලා බාහිර උපාධිය කරලා පොන්න ක්‍රිකට් පොතක් සල්ලි හොයා ගන්න ගහලා (ඒ පොත උගේ සයිටි එකෙත් නෑ. ඒ අතීත කතා ඔයා දන්නෙ නැතුව ඇති බබා..ඕකා ජීවිතේට මැච් එකක් බලනවද දන්නෙ නෑ. ඉස්සෙල්ලා ඌට ඔප්පු කරන්න කියපං ඌ තනියම ලියපු අකුරු තීනවද කියල ඒකෙ.) උගේ දේශපාලනේ ගැන උඹ කියපං ඌව නොදන්න නැපි අඳින අයට. ඌට ලියන්න ඕන හොඳම එක දීප්ති ලියල තීනවා. පස්සෙ හඳගම ලිව්වා. ඌට වාක්‍යක් කියවල තේරුම් ගන්න බැරි එකෙක්. ඌටයි උඹටයි තියෙන ෆිල්ම් එකේ නම නොකියපු එකට වඩා හඳගම නිවැරදි විග්‍රහය කළා. මොන බම්බුව වුණත් ඒක පෙන්නන්න අයිතිය තියෙන්න ඕන කියලා. ඒත් සංජීවට තියෙන්නෙ ඒ උවමනාව නෙමේ උගේ අහවල් එකේ නම කියන්නෙ නැති එක.
    ඌ ඇයි ඔය මගුල හැදුවෙ කියල ඇතත්ට උත්තරයක් දෙන්න කියපං. දෙයි පොන්න උත්තරයක්. තමන් ඉන්නෙ කොහෙද තමන්ගෙ හතුරො සහ මිතුරො මොක්කුද කියලවත් හරියට ඉරි ගහ ගන්න බැරි එකෙක් දීපු ටෝක්ස් අපි දැක්කා. මුන් තමයි ඉස්සරහට සිනමාව ගැන ටෝක්ස් දෙන්නෙත්. ඔය සබන් බෝලවලට අයි ටී එන් ම සරණ තමයි. තමන්ගේ දේශපාලනය හරියට ලකුණු කර ගනන් බැරි යක්කු පුකේ අමාරුවට ෆිල්ම් කළාට තඹ දොයිතුවක වැඩක් නෑ. එහෙව් පුකේ අමාරු කාරයින්ට දීගෙන යන උන් සයිබර් වෙබ් ටෝක්ස් දුන්නත් ඇති වැඩක් නෑ. ෆිල්ම් එක ගැන හිතාගන්න පුළුවන් පෙන්නන්න කලිංම හදපු එක දීපු කතා ටික. ස්කයිප් වොයිස් රෙකෝඩ් එකක් ඇති බලපං උඹේ සූධීමතාගෙ. කොච්චර පොන්නද කියල හිතෙයි. ඉස්සෙල්ලා ඌ ෆිල්ම් එකෙන් හරි කන්තලෙන් ආපු පුකෙන් හරි පවුලෙ දාහතරවෙනිය වෙච්ච එකෙන් හරි යුද්දෙ දැකපු එකෙන් හරි මෙහේ ඇවිල්ල එක එක උන්ට පුක දීපු එකෙන් හරි සලකුණු කරන උගේ දේශපාලනේ කියන්න කියපං. අනේ යන්න මෙයා යන්න. ඔයා ගංජ එකක් ගහල නිදාගන්න. දේශපාලනේ කියන්නෙ ඇඟෙන් පෙනී ඉන්න එකක්. ගේම් ගහන පොන්න සැලෝලයිඩ් නෙමේ. ඔයා සංජීවගෙ දේශපාලනේ ලියන්න ඇවිල්ලා කෙළවගන්නෙ නැතිව දන්න වචන ටිකක් ලියල ස්වයං වින්දනයක් අරං බූට් එකක් දීලා පැනල ආපු (හිස්ටොරික නංගිව) අලුත බැඳපු එකියත් එකක් ඉන්න.



    ReplyDelete
    Replies
    1. ඈ බං? එතකොට අනුන්ගෙං කකා ඉන්න දීප්තියා ගැන මොකෑ කියන්නෙ?
      අර මිලර්ස් එකේ ෆොටො පේපර් විකුනගන්නත් බැරුව පීචං වෙච්ච දීප්ති කුමා ?ඌ දීපු පුකවල් ගාන උඹට ගැනල දෙන්නද, කල්යාගෙන් අහගන්නවද?

      Delete
    2. පොන්න යන වචනය හත් කෝටි තිස් තුන් ලක්ෂ වතාවක් පාවිච්චි කළ නිසා ලොව ලොකුම පොන්නයා තෝම බව ඔප්පු වුනා. ගොනා උණාට උම්බෑ කියන්න එපා හරකො... චූ කරල නිදා ගනින්! දීප්තිට නොදී...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. අනේ යකෝ දීප්තිට පුක දීගෙන ගියේ තෝ සහ තොපි බව අපි හොඳට දන්නවා. මතක් කර ගනිං 2001,2 ,3,4 වගේ අවුරුදු. දැන් කල්යල එක්ක පොන්න සංගම් හදා ගත්තට තොපේ ෂෝක් තොපිට ෂෝක් විතරයි. නොදකිං තෝ පොන්නයෙක් වගේ සංජීවගෙ දේශපාලනේ ගැන කියන්න ආවනේ. දන්න විදියට බඩුවක් විකුණගෙන බඩුවක් ගහගෙන ඉඳපං. තව ලිව්වොත් තොගේ අතීත පැටිකිරිය සහ ගූහත්තිලව්ව තොගේ කල්ට් එක පුරාම වපුරමි. තෝ වෙනුවෙන් ණයට කහින පාන අල්ලන උන්ටත් කියපිය.

      Delete
    5. සංජීව ෆිල්ම් එකක් කරල නාගත්ත ටෝක්ස් දීලා. ඒවට විකාර ද විචාරද කියන ඒව ලියල තව අය නාගන්නවා..

      Delete
    6. 1.ලංකාවේ බහුතරයකට කතෘවරයකුගේ පෞද්ගලික ජීවිතයට අපහාස නොකර කලා කෘතියක් විවරණය කිරීමේ හැකියාව නොපවතී .(මගේ මතකයේ විදිහට චින්තන විසින් විදූ ගැන විචාරයක් කරන්න ගොසින් හඳගමගේ පෞද්ගලික ජීවිතයේ කොටස් ඇදලා ගත්තේය .නිදහස් චින්තයකයෙකු ලෙස ප්‍රසිද්ධ චින්තනගෙන් එවන් දෙයක් කිසිදා බලාපොරොත්තු නොවීමි.)
      2.අනෙක් කරුණ නම් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන විදිහ හෝ අසා නැති පුද්ගලයන් තමන්ගේ මෝඩකම් නොදන්නාකම් ප්‍රදර්ශනය කිරීමට පත්තර පුරවා සිනමා විචාර ලියා දැමීමයි.(සංජීවගේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකට මුදල් ලැබීම විදෙස් කුමන්ත්‍රණයක් ලෙස සලකයි)
      3.යම් කලා කෘතියක් විචාරයට එම කලා කෘතිය ඇතුළතින්ම කොටස් යොදාගැනීම වැනි උසස් විචාර ගති ලක්ෂණ ඔවුන් තුල නැත .4.තමන්ගේ ජීවිතය යනු තමාට අතීතයේ සිදුවූ කතාව පමණක් නොවේ.තමාට ලැබුණු perception එයින් ඉතාම වැදගත් කොටසකි.
      5.ලංකාවේ සිනමා රසිකයන්ගෙන් බහුතරයකට විෂුවල් ආර්ට් පිලිබඳ ඇත්තේ අඩු අවබෝධයකි.එය ඔවුන් රස විඳ ඇති කෘති වල අඩුපාඩුවක් හා අධ්‍යාපනයේ අඩුපාඩුවක් විය හැක.
      6.බහුතර අඥානයන් පිරිසක් නිසා සුළුතර උගත් පිරිසක් අපහසුතාවයට පත්වූ අවස්ථාව මෙය පමණක් නොවේ.
      7.c -u -l -t යනු චින්තනගේ ආණ්ඩුව වේ.එම ආණ්ඩුව නිසා නිදහස් චින්තකයන් හා සංවාද බිහිවීම අපගේ බලාපොරොත්තුවයි.එම ආණ්ඩුව තුල අන්තවාදීන් හොල්මන් කිරීමට ඉඩ නොදීම ඔබගේ වගකීමකි.අන්තවාදීන් ගේ කර්ෂක බැනවදීම් වලට නිසි පිළිතුරු මීළඟ බ්ලොග් සටහනක් තුලින් ඔබ පිළිතුරු දේ වියැ යි අප බලපොරොත්තු වෙමු.

      Delete
    7. පොන්නයා පොන්නයා කියල ඉරිසියාවෙන් පිපිරි පිපිරි බොරුවට බුරන ඇනෝ. උඹ චින්තනයට බැනල වැඩක් නෑ. මේ ලියන්නේ මම. මම කවුද කියලා උඹලාගේ ලොක්කට ම කියල දෙන්නම්. සංජීවගේ දේශපාලනය ගැන කතා කරනවනං ඒ ගැන කියපං. ඌට වාක්‍යයක් කියව ගන්න බෑ වගේ මජර කතා කියල උඹේ හීනමානෙ පෙන්නන්ඩ එපා. උඹේ ලොක්ක, අර මිලර්ස් එකේ ෆොටෝ පේපර් විකුණගන්නවත් බැරි පොන්සි ඩයල් එකට කියහං තමන්ගේ මාන්සියෙං හම්බු කරං කන්ඩ කියල. හෙහ් හෙහ් හී!

      Delete
    8. සංජීවටත් පොන්නයා කියල අපහාස කරන චින්තනටත් ඒ විදියටම අපහාස කරන උඹ දන්නවද අර රවිරාජ් මන්ත්‍රී වරයා ඉංග්‍රීසියෙන් කතා කලාම
      දීප්ති "ආ? හෑ?.. යෑස්.. නෝ" ගා ගා ඉඳලා කලිසමේ කක්ක කරගත්තේ ඇයි කියලා??

      Delete
  5. If the sanjeewa is a hero , then
    Who would be the Chinthana Dharmadasa?

    ReplyDelete
  6. Alfred Dick CockJuly 29, 2013 at 7:58 PM

    Any body can explain , What happened to Vimukthi Jayasundara?
    His second n third films were not successful , rubbish .
    Where is he now?
    Is the Sanjeewa going to be same like Vimukthi ? Or not ?
    How I wonder what you are is a film or not ?
    Just thinking ..................................

    ReplyDelete
  7. Alfred Dick CockJuly 29, 2013 at 8:07 PM

    1- ලංකාවෙ චිත‍්‍රපටිකාරයෙක් විදිහට අන්තර්ජාතික සිනමාවෙ වැඩිම දුරක් ගියේ සංජීව (තහනම ෆිල්ම් එකට ජෙට් එන්ජිමක් හයි කළා වගේ වුණා)
    2-ෆ්ලයින් ෆිෂ් ලංකාවෙ සාමාන්‍ය ජනතාවට පෙන්නන්න සුදුසු චිත‍්‍රපටියක් නෙමෙයි

    Is that true?...................

    ReplyDelete
  8. 1.ලංකාවේ බහුතරයකට කතෘවරයකුගේ පෞද්ගලික ජීවිතයට අපහාස නොකර කලා කෘතියක් විවරණය කිරීමේ හැකියාව නොපවතී .(මගේ මතකයේ විදිහට චින්තන විසින් විදූ ගැන විචාරයක් කරන්න ගොසින් හඳගමගේ පෞද්ගලික ජීවිතයේ කොටස් ඇදලා ගත්තේය .නිදහස් චින්තයකයෙකු ලෙස ප්‍රසිද්ධ චින්තනගෙන් එවන් දෙයක් කිසිදා බලාපොරොත්තු නොවීමි.)
    2.අනෙක් කරුණ නම් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන විදිහ හෝ අසා නැති පුද්ගලයන් තමන්ගේ මෝඩකම් නොදන්නාකම් ප්‍රදර්ශනය කිරීමට පත්තර පුරවා සිනමා විචාර ලියා දැමීමයි.(සංජීවගේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකට මුදල් ලැබීම විදෙස් කුමන්ත්‍රණයක් ලෙස සලකයි)
    3.යම් කලා කෘතියක් විචාරයට එම කලා කෘතිය ඇතුළතින්ම කොටස් යොදාගැනීම වැනි උසස් විචාර ගති ලක්ෂණ ඔවුන් තුල නැත .4.තමන්ගේ ජීවිතය යනු තමාට අතීතයේ සිදුවූ කතාව පමණක් නොවේ.තමාට ලැබුණු perception එයින් ඉතාම වැදගත් කොටසකි.
    5.ලංකාවේ සිනමා රසිකයන්ගෙන් බහුතරයකට විෂුවල් ආර්ට් පිලිබඳ ඇත්තේ අඩු අවබෝධයකි.එය ඔවුන් රස විඳ ඇති කෘති වල අඩුපාඩුවක් හා අධ්‍යාපනයේ අඩුපාඩුවක් විය හැක.
    6.බහුතර අඥානයන් පිරිසක් නිසා සුළුතර උගත් පිරිසක් අපහසුතාවයට පත්වූ අවස්ථාව මෙය පමණක් නොවේ.
    7.c -u -l -t යනු චින්තනගේ ආණ්ඩුව වේ.එම ආණ්ඩුව නිසා නිදහස් චින්තකයන් හා සංවාද බිහිවීම අපගේ බලාපොරොත්තුවයි.එම ආණ්ඩුව තුල අන්තවාදීන් හොල්මන් කිරීමට ඉඩ නොදීම ඔබගේ වගකීමකි.අන්තවාදීන් ගේ කර්ෂක බැනවදීම් වලට නිසි පිළිතුරු මීළඟ බ්ලොග් සටහනක් තුලින් ඔබ පිළිතුරු දේ වියැ යි අප බලපොරොත්තු වෙමු.

    ReplyDelete
  9. Some comments very jealous

    ReplyDelete
  10. මචං,

    මෙහෙදී (ආශ්චර්්‍යයේ දූපත් / දුප්පත් රාජ්‍යයේ දී) ගෝනි දියවෙනවා. සිනී දියවෙන්නේ නෑ.

    බලන් කඩතුරා හැර දෑසේ...

    ReplyDelete