Saturday, August 10, 2013

දාං අදින්න ඉඳගන්න

රතුපස්වල ගැන ලියනවද කියල මං කල්පනා කළේ ඒක මොන ලියවිල්ලකටවත් වඩා පැහැදිලි සරල කෙලින් උත්තරයක් හින්ද. බෝදි පූජා තිය තිය අමාරුවෙන් හදපු අලූත් සංකල්ප එලව එලවා ජනතාවට ගහන්න පටන් අරං. රණ විරුවෝ, අපි වෙනුවෙන් අපි, දේශපේ‍්‍රමය ඔක්කොම අංශක 180ක් අනිත් පැත්තට හැරෙන කොටයි අපිට පේන්නෙ මේ වචන පිටිපස්සෙ ඇත්ත තේරුමක් තිබිලා නැති වග. එහෙම නැත්තං ඒ වචන වලට අදාල තේරුම තීරණය කිරීමේ පූර්ණ බලතල තියෙන්නෙ මහජන ඡුන්දයෙන් වත් පත් නොවුණු එක් බලධාරියෙක් අතේ වග. 

බුද්දාගමේ කියන කර්ම ඵල ගැන විශ්වාසයක් මට නැති වුනත් මේ සිද්දයත් එක්ක හේතුඵල සම්බන්දතා ගැටගැහුනෙ ඉබේටම. උතුර මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුමට මුල් වුනෙත් මාවිල් ආරුවෙ වතුර ප‍්‍රශ්නයක්. 

වැලිවේරිය මුදා ගැනීමේ මානුෂීය සටනට මුල් වුනෙත් ඒ වගේම වතුර ප‍්‍රශ්නයක්. ඒ උතුර මුදාගත් වීරෝදාර 58 වෙනි සේනාංකයමයි වැලිවේරිය මුදාගැනීමටත් කැට පහර නොතකා වෙඩි තිබ්බෙ. ඒ උතුර මුදා ගැනීමේ මෙහෙයුමට ආශීර්වාද කළ කැපුවත් නිල්පාට ගම්පහ දිස්ත‍්‍රික් ජනතාවමයි මේ විදිහට යුද්දෙන් රට මුදා ගත් ආණ්ඩුවෙන් සත්කාර ලබන්නෙත්. හොඳ වැඬේ කියල කුහක සතුටක් විඳිනවා හෝ මේ යට තුන්වෙනි බලවේගයක් තියෙනවා වගේ දිනමින කතා කියනවා නෙමෙයි. ඒත් මේ එකම වචන වලින් පැත්ත මාරු වෙවී ගුටි කන එක වෙන ගොඩක් දේවල් තේරුම් කරනවා.
අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා අලූත් කවියක් ලිව්වා.

‘මාවිල්ආරුවෙං ඇවිත්
නන්දිකඩාල් ෆ්ලැට් කළා
ඊට පස්සෙ රණ විරුවන්
වැලිවේරිය වටකළා
වැලිවේරිය අල්ලා.. ගමු කිරිබත් තම්බලා’

ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතීන් වගේ දේශපාලනික නිශ්චිත තේරුම් ඇති අදහස් වෙනුවට දේශපේ‍්‍රමය රකිමු, කුමන්ත‍්‍රණ පරදමු වගේ අදහස් ආණ්ඩුවකට එක`ග වුනේ මේ දකුනේ ජනතාවමයි. අනුන්ගේ අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා වෙනුවට ලාංකේය ජනතාව කැමති වුණේ කෙළවාගැනීමෙන්ම උගෙනීමටයි. ජනාධිපති කෙනෙකුට වඩා රජෙක් ඉල්ලා සිටි අපට ටිකෙන් ටික රාජාණ්ඩුවක තත්වය අත්දැකීමෙන්ම විඳ ගන්න පුළුවන් වෙනවා. ඒක එහෙම නොවී දැනගන්න  ඕන අයට ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ සීරීස් එක බලන්න පටන් ගන්න කියල මං ඉල්ලා සිටිනවා. බල දේශපාලනයේ කුජීතු ගතිකයන් හොඳින්ම තේරුම් ගන්නත් අපේ දුටුගැමුණු ලා පැරකුම්බලා කොයි තරං මානුෂීය මෙහෙයුම් කරන්න ඇද්ද කියල තේරුං ගන්නත් ඒක හොඳ උදාහරණයක්.

එතකොට මේ තත්වය වෙනස් කර ගන්නෙ කොහොමද? (තාම කාටවත් එහෙම එකක්  ඕනද කියල මං දන්නෙ නෑ) උදා විදිහට මං කලින් ලිපියකත් කිව්වා වගේ අනුරාධපුරේ ජනතාව කිසි ගානක් නැතුව කැමැත්තෙන් ආසනික් අනුභව කරමින් සහ ඒ ආසනික් රටටම බෙදා දෙමින් ඉන්නවා. ඇහැට පේන්න ඉක්මන් ප‍්‍රතිඵල නැති හින්ද කවුරුවත් පාරට බහින්නෙවත් කොම්පැණි වලට විරුද්ධව පිකට් කරන්නෙවත් නෑ. ඇසිඞ් වතුර ප‍්‍රශ්නෙ ඇත්තටම ආසනික් පෝර ප‍්‍රශ්නෙට වඩා සැර අඩු ප‍්‍රශ්නයක්. ඒත් ගල් අරක්කු වගේ ළ`ග වදිනවා. ඒක නිසා රතුපස්වලදි ඒ ජනතාව පාරට බහිනවා. මරණය දැක දැක කාලයක් ජීවත් වුණු අනුරාධපුරේදි ඒ ජනතාවම වහ කකා ජීවත් වෙන්න පුරුදු වෙනවා. මට හිතෙන්නෙ ජීවිතය කියල දකුණ දැකපු හීනෙ ටිකෙන් ටික කරදර වෙන්න පටන් අරගෙන. ඒත් ජනතාව විදිහට ඒ කලබල වීමේ ගැඹුරෙ සීමාව වගේම සමාජ- මානසික කලාප විදිහට අපිට මරණය අවශෝෂනය කර ගන්න පුළුවන් සීමාවත් මෙතනදි එලියට එනවා. දැන් මරණය උතුරෙන්, උතුරු මැදින් දකුණ බලා එන්න පටන් අරං. මානුෂීය මෙහෙයුම් වැලිවේරියටත් ඇවිදින්.

මට තව පැත්තක් කල්පනා වුණා. එක පැත්තකින් මේ ආණ්ඩුව අනිත් කවර ආණ්ඩුවකටත් වඩා සෞඛ්‍ය සම්පන්න ජනතාවක් වෙනුවෙන් උනන්දු ආණ්ඩුවක්. එක පැත්තකින් බඩ බස්සන්න ඇවිදින්න තැන් හදනවා. පෝර නොගහපු කාබනික එළවලූ පළතුරු ප‍්‍රමෝට් කරනවා. කෑම වල සීනි අඩු කරනවා. බත් පැකට් පවා අනුමත විදිහට ගේන්න නියම කරනවා. කොටින්ම එළවලූ තැලෙන නිසා ප්ලාස්ටික් කූඩ පවා යෝජනා කරපු ආණ්ඩුවක් මේක. ඒත් වැලිවේරියෙ ජනතාව බොන වතුරෙ ඇසිඞ් කියන එක මේ සෞඛ්‍යයෙන් සපිරි සීමාවට ඇතුලත් නොවුනෙ ඇයි? කොටින්ම ඒක ආණ්ඩුව බාර ගත්තෙ ත‍්‍රස්තවාදයක් විදිහට. එතකොට අපිට සිද්ද වෙනවා රජයේ සෞඛ්‍ය සම්පන්න ජනතාව වශයෙන් සළකන සමාජ- මානසික සීමාව තේරුම් ගන්න. මොකද ඊට පිටින් සෞඛ්‍ය ප‍්‍රශ්නයක් වුණත් කුමන්ත‍්‍රණයක් විදිහට ඇහෙන්න ඉඩ තියෙනවා.

ඉතින් මේක පාරට බැහැලා විතරක් විසඳගන්න පුළුවන් ප‍්‍රශ්නයක්ද? ජේවීපී එක විශ්වාස කරනවා වගේ ජනතාව පෙළගස්සලා මේක වෙනස් කර ගන්න පුළුවන්ද? තව වෙඩි කන්න කලින් මේක ටිකක් තදින් හිතන්න වෙනවා.

මං දැන් කතාව වෙන තැනකින් පටන් ගන්නවා. මේක උදාහරණයක් විතරයි. සාමාන්‍ය කතාවෙදි අපි සරලව නොදැනුවත්වම ලිංගික ශ‍්‍රම විභජනයක් බාර අරගෙන කතා කරන වෙලාවල් තියෙනවා. ‘ගෑනියෙක් වුණහම උයන්න දැන ගන්න එපැයි’ ‘පිරිමියෙක් නේද?’ වගේ කතන්දර එන්නෙ ඒ විදිහෙ අවිඥාණක බාර ගැනීමක් ඇතුලෙ. හැබැයි මේ වෙද්දි තරමක් වෙනස්, මධ්‍යම පාංතික කතිකාවක් ඇතුලෙ ජීවත් වෙන අය මේ වගේ වෙලාවලදී ‘සෙක්සිස්ට්’ කියල එලිපිට නෝ්න්ඩි කරනවා. මං කල්පනා කළේ මේ සෙක්සිස්ට් කියන අදහස ආවෙ කොහොමද කියල. 

ගෑණු සහ පිරිමි විදිහට කාණ්ඩ වුණු අදහස වගේම මේ අදහස එන්නෙත් අලූත් වෙන නිෂ්පාදන මාදිලියකට සමගාමීව. තව දුරටත් ගෑනු පිරිමි ශ‍්‍රම විභජනවාදී අදහස් ඇතුලෙ පවතින්න බැරි වෙනවා. මාර්කට් එක (ආර්ථිකය) වෙනස් වෙනවා. කැම්පේන් අලූත් වෙනවා. මේ සමාජ වෙනස වෙනුවෙන් අදහස් නිෂ්පාදනය වෙන්න ගන්නවා. ‘සෙක්සිස්ට්’ කියල පරණ මතය ජෝක් කිරීම එන්නෙ ඒ විදිහට. එතකොට සෙක්සිස්ට් කෙනෙක් වෙන්න ටිකක් ලැජ්ජ හිතෙනවා. සෙක්සිස්ට් තැනින් එහාට යන එක මොඩර්න් වගේ එනවා. 

ඇත්තටම සිද්ද වෙන්නෙ සමාජ වෙනසකට පස්සෙ අදහස්- වචන නිර්මාණය වෙන එකද නැත්තං අදහසට වචනයට අනුව සමාජ වෙනස නිර්මාණය වෙන එකද? මට හිතෙන්නෙ භාෂා වෙනස විසින් සමාජ වෙනස නිර්මාණය වෙන එකයි ලංකාවෙ විදිහ (තුන්වෙනි ලෝකෙරටක් මේක). සමාජ වෙනසකට අනුව භාෂා වෙනසක් (අලූත් අදහසක්) එන එක සිද්ද වෙන්න පුළුවන් වුණත් භාෂා වෙනස ඇතුලෙන් සිද්ද වෙන සමාජ වෙනස වේගවත්. පැතිරෙන සුළුයි. ආසාදනය වෙන වේගය වැඩියි. 

පරණ එක්ස් එකේ කලාපයකට මෙතනදි පොඞ්ඩක් ඇතුල් වෙන්න අවසර දෙන්න. ලැකානියානු ඉමැජිනරි (පරිකල්පික) රෙජිස්ටරයෙන් සිම්බොලික් (පොදු) රෙජිස්ටරයට මාරු වීමේ සහ සෝෂියර්ගේ සංඥා- සංකේත  සහ සංඥාර්ථ ගැන දෙබස මං ආයිමත් මෙතන ලියන්නෙ නෑ (ඔය ටික නැවත නැවත ඒ පරණ සාමාජිකයන් තැන් තැන් වල උගන්නනවා). මට  ඕන වෙන්නෙ භාෂාව ස්වභාවික දෙයක් හෝ භාෂාව විසින් යතාර්ථය අර්ථ නිරූපණය කරනවා කියන එක මුළාවක් කියන තැනට එන්න. ඒ වෙනුවට භාෂාව විසින් යතාර්ථය නිර්මාණය කරනවා. සරල උදාහරණයකින් පෙන්නලා දුන්නොත් දැන් අපේ සිංහල මැද පංතියෙ පවුල් සබඳතා ස්වරූපය තීරණය කරන්නෙ හතහමාරෙ ඉඳන් යන මෙගා ටෙලි වලින්.

මෙතනදි භාෂාව කියන එකේ අදහස කතා කරන ලියන භාෂාව කියන තැනට වඩා පළල්.  අපි ලෝකය කියල නම් කරන හැම දෙයක්මත් සංකේත භාෂා ලෝකයක් මිස ඇත්තට පවතින හෝ මොකක්වත් නෙමෙයි. රෝස මල, මළ කුණ, මේසය, පුටුව, කක්කුස්සිය මේ ඔක්කොම අපි බාහිරය අපිට නතු කර ගන්න ගොඩනගන භාෂා විශ්වයක්. එළියෙ පවතින ඇත්ත දේ ගැන (යථ හෝ මොකක් හෝ එහෙම දෙයක් තියෙනවා නම්) අපේ ඉන්ද්‍රියන්ට ගෝචර අන්දමින් සංස්කරණය වුණු රූපයක් විතරයි අපි දන්නෙ. 

ටෙරන්ස් මැකේනා කියන විදිහට ලෝකය කියන්නෙ භාෂාවට. ලෝකය හැදිලා තියෙන්නෙ භාෂාවෙන්. එයා පෙන්නලා දෙනවා යුරෝපයේ සමස්ත ආගමික සම්ප‍්‍රදායම ගොඩනැගිලා තිියෙන්නෙ හරිම අපූරු වචන පේලියක් උඩ කියල.

‘ආරම්භයේදී වචනය එතන තිබුණි
ඊළ`ගට එය ආලෝකය බවට පෙරළුනි’

හැම ආධ්‍යාත්මික ගවේෂණයක් හරහාම කරන්න  හදන්නෙ මේ වචන ලෝකය තරණය කරන එක. ලෝකයේ ක්ෂීර පථයන් ගැන, අනන්ත විශ්වයන් ගැන, වල්ගා තරු ගැන මේ අතිශය ප‍්‍රාථමික උපකරණ ටිකක් තියාගෙන නම් හදමින් මේ ගොතන කතා විශ්වාස කරන්න තරම් අපි පෙළඹුනේ කොහොමද කියල මැකේනා ප‍්‍රශ්න කරනවා. මේ වචන තමන්ට කැමති පිළිවෙලකට අමුණන්න පුළුවන්. වෙනස් වෙනස් කතන්දර හදන්න පුළුවන්. වචන තමයි සීමාව. ඒක තමයි සංසාරෙ. මේ වචන සංසාරෙන් එහාට තරණය කරනවා කියන එකයි බුදු වෙනවා හරි දෙවියන් හා එක් වෙනවා හරි මොන විදිහකින් වුණත් කියන්න හදන්නෙ.

යතාර්ථය හැදිලා තියෙන්නෙ කාලය සහ අවකාශය උඩ. ඒත් කාලය හා අවකාශය කියන්නෙ ආයිමත් මොකක්ද? ඒක වචන උඩ පදනම් වෙච්ච අදහස් දෙකක් විතරයි. ඒත් ඒ දෙක අක්ෂ විදිහට අරගෙන නිර්මාණය කරන ප‍්‍රස්ථාරයක් අපි යතාර්ථය විදිහට විශ්වාස කරනවා. ඒක ඇතුලෙ හැප්පෙනවා. කවි ලියනවා. ඒත් ඒක එක කතන්දරයක් විතරයි.

මේ ලෝකය විස්තර කරන විධි දෙකක් තියෙනවා. එකක් තමන් අත්දකින ලෝකය. දෙවෙනි එක අනුන් විසින් අත්දකින ලද ලෝකය. ඒත් මේ දෙකම ආපහු ගොඩනගන්නෙ භාෂාවෙන්. ඒ භාෂාව ගොඩනගන්නා වෙන්න තරම් දක්ෂ වුනොත් අපිට පුළුවන් වෙනවා යතාර්ථය අපිට  ඕන විදිහට ආපහු ලියන්න.

ඒ භාෂා ලෝකය තේරුම් ගන්න තරම් සාවධාන වීමයි භාවනාව වෙන්නෙ. ඒ භාවනාවට සයිකඩෙලික් ඩ‍්‍රග්ස් වලින් උදව් ගන්න පුළුවනි. ඒකට හේතුව මේ යතාර්ථය කියන පද්ධතිය එකිනෙක සම්බන්ධිත භාෂා අණු ගානකින් සංයුක්තව හැදිලා තියෙන හින්දත් කාලය අවකාශය දෙක පිළිබඳ දැනීම බිඳහෙලන මාධ්‍යයක් මේ පිම්මට  ඕන වෙන හින්දත්. 

යතාර්ථය කියන ගොඩනැගීම විශ්වය පිළිබඳ ගොඩනැංවීමට වඩා විශාලයි. මේ විශ්වයේ අංශ‍්‍රමාත‍්‍රයක් තරම්වත් නැති අපි වගේ තමයි මේ යතාර්ථය තුල අපිව නිර්මාණය වෙලා තියෙන්නෙ. තමන්ව නිර්මාණය වුණු භාෂා අණු ගැන සවිඥාණක බවක් නැති අයව මැකේනා හඳුන්වන්නේ දාම් ලෑල්ලක් උඩ ඉන්න ඉත්තො පෝලිමක් වගේ. යම් අවිඥාණක හස්තයකින් (අනුන්ගේ යතාර්ථයකින්) ජීවිතය හා මරණය අතර එහාට මෙහාට කපනවා. ඒත් තමන් නිර්මාණය වෙලා තියෙන භාෂා පද්ධතිය ගැන අවධානවත් වුනොත් කෙනෙකුට පවතින යතාර්ථයේ තමන්ට හිමි මේ පරිවාරයේ චරිතය වෙනස් කරන්න පුළුවන්. තමන් වටා කතාව ලියන්න පටන් ගන්න පුළුවන්. එතකොට මේ යතාර්ථයේ තමන් කේන්ද්‍රීය චරිතයක් වෙනවා. යතාර්ථය ලියන්නට දායක වෙන කෙනෙක් වෙනවා. මනුස්ස පැවැත්මේ ඉලක්කය විය යුත්තෙ එයයි කියල මැකේනා විස්තර කරනවා.

දැන් මේ කතාව අනිත් පැත්තට අරගෙන බැලූවොත් දේශපාලනය කියන්නෙ අපි මේ භාෂා යතාර්ථය ඇතුලෙ ඉත්තො විදිහට කරන සෙල්ලමක් විතරයි. ඒක බලය කියන භාෂා යතාර්ථයෙන් ලියවෙන නැරටිව් එකක්. මේ නැරටිව් එක වෙනස් කරන්න පුළුවන්. වෙනස් වෙනස් නැරටිව් වලින් මේ කතාව ආයි ආයිත් ලියන්න පුළුවන්. ඒත් ලංකාවෙ අපි කරමින් ඉන්නෙ වචන එක්ක හරඹයක් විතරයි කියලයි මට හිතෙන්නෙ. අඩුම ගානෙ ඒ භාෂා කලාපෙ වාක්‍ය ගලපන තැනට වත් අපි පරිණත වෙලා නෑ. එතකොට වෙන්නෙ වතුර ඉල්ලූවම වෙඩි තියනවා වගේ දේවල්. ඒ නැරටිව් එක ඇතුලෙ ඒ සිද්දි පෙලගහන්න  ඕන විදිහ මේ කාලෙ පොත ලියන අය දන්නවා. 

සමාවෙන්න තමන්ව අවබෝධ කර ගැනීමේ ආධ්‍යාත්මික කතාවක් එකපාරට වැලිවේරියට ගෙනැත් අත්ඇරිය එකට. ඒත් වැලිවේරියෙ යතාර්ථය ගොඩනගන භාෂාවේදය ගැන කතාවට ඒ ගැඹුර  ඕන.

ගංගොඩවිල සෝම පටන් සිහළ හෙළ උරුම හරහා ගොඩනගපු යතාර්ථය පිළිබඳ නැරටිව් එකේ කෙළවරකදි ප‍්‍රභාකරන් නන්දිකඩාල් කලපුවෙ මැරිලා වැටෙනවා. මේක මෙගා ටෙලි නාට්‍යයක් විදිහට ගන්න (මෙගා ටෙලි නාට්‍ය කියන්නෙ මේ නැරටිව් එකේදි ජනසන්නිවේදන අමාත්‍යාංශය වගේ) එතනින් කතාව ඉවර වෙන්න  ඕන වුනාට වැඩි ලාබය වෙනුවෙන් තවත් දිගට කොටස් ඇදගෙන යන්න තීරණය වෙනවා.  දුෂ්ටයා අහිමි වුනාට පස්සෙ නන්නත්තාර වෙන කතාව ඇබ්සර්ඞ් යතාර්ථයන්ට ගමන් කරන්න පටන් ගන්නවා. මෙගා ටෙලියකදිත් මේක මේ විදිහටම වෙනවා. චරිත මැරෙනවා ඉපදෙනවා. සමහර වෙලාවට අතුරුදන් වෙනවා. තවත් වෙලාවක රූපාන්තරණය වෙනවා. ඒත් මතක තියාගන්න  ඕන වෙන්නෙ මේක පීරියොඩිකල් නැරටිව් එකක්. දුටුගැමුණු කාලෙක පසල් දනව්වක වැසියෙක් විදිහට හීනෙන් ඇහැරුනාම අත් වෙන භීතියෙන් අපි තැති ගන්නවා. කොච්චර කොටස් ගානක් මේක ඇදෙයිද කියල නිෂ්පාදකයාවත් දන්නෙ නෑ.

ඉස්සෙල්ලා ඇහුව ප‍්‍රශ්නෙ වගේම මේක ජනතාව එක්ක පාරට බැහැලා වෙනස් කරන්න පුළුවන් යතාර්ථයක්ද? දේශපාලනය ගැන ලියන අපේ රටේ විදග්ධයො හැමෝම වගේ පුරාතන සාහිත්‍යය හෝ ප‍්‍රබුද්ධ සාහිත්‍යයට ළ`ග නොතේරෙන සිංහලෙන් ලියන්න වැඩි කැමැත්තක් දක්වන වග මං කලින් ලිපියකත් ලිව්වා. එතනදි අපිට පශ්චාත් නූතන හෝ ඊටත් වඩා නූතන අදහස් ගැන කතා කරන්න පුළුවන්. ඒත් අපේ භාෂාවෙ ඒ යතාර්ථය වෙනස් නොකර. එකම නැරටිව් එකක් ඇතුලෙ. එතකොට කතා කරන වචන වෙනස් වුනාට ආරක්‍ෂා කරන යතාර්ථය එකක්මයි. අපි කියවන්නෙ වෙනසක් වෙනුවෙන් ලිවීමක් නෙමෙයි, පවතින දේ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ලියපු භාෂා ගෙත්තමක්.

මේ විදිහටම වැලිවේරියෙන් පටන් ගත්ත දේ වෙන තැනකදි නොවෙන්න නම් මේ නැරටිව් එක වෙනස් කරන්න  ඕන. ඇෙ`ගන් කරන දේශපාලනය කියන්නෙ එකම යතාර්ථයක් ඇතුලෙ පැති මාරුවක් විතරයි. මේක ඔලූවෙන් කරන දේශපාලනයක් වෙන්න උවමනා ඒකයි. එකින් එක සම්බන්ධිත අදහස් පද්ධතියක් ඇතුලෙන් අලූත් යතාර්ථයක් නිර්මාණය වෙන්න  ඕන. ඒකට අලූත් භාෂාවක් වෙනුවෙන් වැඩ කරන්න  ඕන. 

සරල උදාහරණයකින් කිව්වොත් දේශපේ‍්‍රමය, ජාතිය මූලික සිතීම, ඉතිහාසයේ ජීවත් වීම වගේ මේ නැරටිව් එකේ ප්ලොට් පොයින්ට්ස් වෙනස් කරන්න සිද්ද වෙනවා. ඒක මේක හා ගැටුමෙන් එන තෙවැන්නක් වෙනුවට මං විශ්වාස කරන්නෙ අහසින් වැටෙන්නක් කියල (ඉන්ටර්නෙට් සම්බන්ධතා ගොන්නක්)
කොයි විදිහක යතාර්ථයක් නිර්මාණය වුණත් වැදගත් වෙන්නෙ තමන් ඒ යතාර්ථයේ ක‍්‍රියාකාරී කේන්ද්‍රයක් වෙන එකයි. ඒ කතාව ලියන්න වෙනස් කරන්න සහ අලූතෙන් ලියන්න දායක වෙන කෙනෙක් වෙන එකයි. ඒත් ඒකට තමන් සීමිත වෙලා ඉන්න තමන්ගේ පිටපත කියවගන්න සිද්ද වෙනවා. ඒ පිටපත යලි යලිත් ලියන පරිචය ඇතුලෙ විතරයි අපිට මීට වඩා පළල් යතාර්ථයක් නිර්මාණය කර ගන්න පුළුවන් වෙන්නෙ. 

උදාහරණයක් විදිහට යුද්දෙ එක්ක අපි නිර්මාණය කරපු භාෂා යතාර්ථය ලෝකයේ පවතින දේශපාලන භාෂා විශ්වයන් අතින් අතිශය පටුයි. එකිනෙක කොන් හා ගැටීමෙන් එයම වැනසී යන සුළුයි. ඒත් ඒ භාෂා විශ්වයෙන් අපිටත් නොදැනීම අපි තුල ලියවුණු අපේ පිටපතේ අපිත් ඒ කතාවට සාපේක්ෂවම කුඩායි.

මේ සවිඥාණක අරගලයට අපි එළඹෙන කල් දිගින් දිගට පාරෙ අරගල වල අපි ගුටි වෙඩි කා මියැදීම සිද්ද වෙනු ඇති. ඒවා කුමන්ත‍්‍රණ සහ තෙවෙනි බලවේග විදිහට ඉතිහාස ගතවනුද ඇති.

-චින්තන ධර්මදාස

9 comments:

  1. උඹ කොහොමද බන් මේ වැඩේ කරන්නේ..? රතුපස්වල ගැන ලියපු බොහොමයක් ලිපි පටන් ගන්නේ මහින්දට, ඝෝඨාට බැනගෙන. මම උඩ ඉඩන් පහළට කියෙව්වා, පහළ ඉදන් ඉහලට කියෙව්වා. ඒත් මහින්දවත් ඝෝඨාවත් මේ ලිපියට පාදක වෙන්නේ නෑ. උඹ ලියන්නේ කිසිම දෙයක් පර්සනල් ගන්නේ නැතුව, අනික මේ ලිපිය යන්නේ ටිකක් ඉහළින්. බර්ඩ්ස් අයි විවු එකක්.

    ""ගංගොඩවිල සෝම පටන් සිහළ හෙළ උරුම හරහා ගොඩනගපු යතාර්ථය පිළිබඳ නැරටිව් එකේ කෙළවරකදි ප‍්‍රභාකරන් නන්දිකඩාල් කලපුවෙ මැරිලා වැටෙනවා. මේක මෙගා ටෙලි නාට්‍යයක් විදිහට ගන්න (මෙගා ටෙලි නාට්‍ය කියන්නෙ මේ නැරටිව් එකේදි ජනසන්නිවේදන අමාත්‍යාංශය වගේ) එතනින් කතාව ඉවර වෙන්න ඕන වුනාට වැඩි ලාබය වෙනුවෙන් තවත් දිගට කොටස් ඇදගෙන යන්න තීරණය වෙනවා. දුෂ්ටයා අහිමි වුනාට පස්සෙ නන්නත්තාර වෙන කතාව ඇබ්සර්ඞ් යතාර්ථයන්ට ගමන් කරන්න පටන් ගන්නවා. මෙගා ටෙලියකදිත් මේක මේ විදිහටම වෙනවා. චරිත මැරෙනවා ඉපදෙනවා. සමහර වෙලාවට අතුරුදන් වෙනවා. තවත් වෙලාවක රූපාන්තරණය වෙනවා. ඒත් මතක තියාගන්න ඕන වෙන්නෙ මේක පීරියොඩිකල් නැරටිව් එකක්. දුටුගැමුණු කාලෙක පසල් දනව්වක වැසියෙක් විදිහට හීනෙන් ඇහැරුනාම අත් වෙන භීතියෙන් අපි තැති ගන්නවා. කොච්චර කොටස් ගානක් මේක ඇදෙයිද කියල නිෂ්පාදකයාවත් දන්නෙ නෑ.""

    Nailed it..!

    ReplyDelete
    Replies
    1. පර්සනල් ගන්නේ නැතුව ලියන එකයි මනෝජ් අභයදීර ලියන එකයි අතරේ වෙනසක් නැහැ,අවසානයේ සැබෑ අපරාධකරුවන් නිදැල්ලේ!!

      Delete
    2. මචන් උඹ කවදහරි දවසක පැටලුනු නූල් බෝලයක පැටලුම් අරින්න ගිහින් තියෙනවද..?

      ගොඩක් වෙලාවට පැටලිලා තියෙනවයි කියන තැන නෙමෙයි හරි පැටලුම තියෙන්නේ, වෙනම තැනක. එතකොට ඒක ලෙහන්න නම් ඒ පැටලුම ගැන සමස්තයක් විදිහට බලන්න වෙනවා. ඕකට ඉන්ග්‍රීසි භාසාවෙන් කියන්නේ හෝලිස්ටිකලි බලනවා කියලද කොහෙද..?

      හැමෝම කාලෙන් කාලෙට මතුවන මානූශීය මෙහෙයුම් ගැන වද වෙද්දි චින්තනලා වගේ චින්තකයෝ [:දිව දොට්ට] මේ සිද්ධිය ගැන හෝලිස්ටිකලි බලලා අපිට කියනවා "මෙන්න මෙතනයි පුතා අවුල" කියලා. මේ සිද්ධියට විසදුම තියෙන්නේ පොල් පිත්තක් අරගෙන විප්ලව කරන්න යන එකේ වත් ෆුල් ආර්ම්ඩ් හමුදාවකට පොල්ලකින් ගහන් එකේ වත් නෙමෙයි [අපෙන් එකෙකි ඒ මිනිසා, ආයෙත් :දිව දොට්ට].

      අන්න ඒකයි මමනම් කියන්නේ පොල් පිති අරන් විප්ලව කරන්න යන පුතුන්ට වඩා "කෝටි ගණන් බිහි වේවා චිනතන වැනි තව පුතුන්" කියලා.

      උඹට තේරුනැයි..?

      Delete
    3. හැබෑවටම මට මේ බ්ලොග් ලිපියේ සහ ඔබේ කොමෙන්ටුවේ සමහර දේවල් තේරුම් ගන්න අසීරුයි.ඒ මගේ දැනුමේ ඌනතාවය මිස වෙනදෙයක් නෙවේ.නමුත් මට දැනෙන දෙය මෙයයි.රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාද්‍ය නිල සහ නිලනොවෙන වාරණයකට ලක්වෙලා තියෙනවා.ජාතික පුවත්පතක මුලින් පලකරන මෙම ලිපියේ සමහර නම් ගම නොලියා ඉන්න වෙනවා.ඉතාම බරපතල තර්ක ඔබ විසින් ගොඩනැඟුවත් අවසානයේ ඉතිරිවෙන කැත ඇත්ත මේකයි.

      Delete
    4. මාලන්ගෙන් අහපු දේට මම උත්තර බඳින්ට යන එක චාටර්ද මන්දා.. ඒත් කමක් නෑ ඔන්න ඔහේ ඕපූ කියලා කියන්ට හිතුන එක කියලම දාලා යන්නම්... ඔය ඔයා කියන කැත වැලිවේරියට බොහොම කලින් ඉඳන් තිබුනා.. ඒක අපිට පෙනුන් නෑ.. පෙනුනෙ නෑ කියන්නත් බෑ.. එක පෙනෙමින් තිබුනා.. හරියට පට්ට ලස්සන හීනයක් වගෙ.. මොකද ඒකෙ අපි හිටියෙ නෑ.. එකෙ හිටියෙ රැවුල වවාගත්ත රාස්සයෝ, රාස්සණියෝ උන් එක්ක හටන් කරන අභීත කුමාරවරු වගේ චරිත.. හීනෙ භයානක එකක් වුනත් ඒක බොහෝම ලස්සනට අපට පෙනුනා.. ඒත් ඔන්න හදිස්සියේම වගෙ ටික ටික අපිට පේන්න ගන්නවා යකෝ අපිත් මේ සීන් එකේ පැත්තකට වෙන්න ඉන්නව නේද කියලා.. ඔන්න ඉතින් දැන් අපිත් හීනෙට බයවෙන්න ඕන වගෙ දැනෙනවා.. හැබැයි තවම ෂුවර් නෑ.. මට මතක හැටියට අග්නි දාහය චිත්‍රපටියෙ වෙන්න ඕන ජැක්සන් ඒකේ යකදුරෙකුට සමාන චරිතයක් කරනවා.. දවසක් රෑක හඳ රාහු ගිලිනව වගෙ සීන් එකක් පෙනෙද්දි..(සිද්ධිය හරියටම ෂුවර් නෑ) ජැක්සන්ගෙ බිරින්ඳෑවෙක් මිනිහගෙන් අහනවා අපි බය වෙන්ට ඕනද මගෙ දෙයියො කියලා.. එතනදි ජැකා උත්තර දෙනවා නෑ තොපි බය වෙන්ට ඕන නෑ කියලා.. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගෙ දෙයියොන්ගෙන් අහලම හරි නැත්තම් තනියම හිතලම බය වෙන්ට... බලාපොරොත්තු වුන උත්තරේ මේක නෙවෙයිනම් මාලන් හරි උත්තරෙ අරන් එයි.. එතකල් ඉන්ට..

      Delete
  2. http://www.youtube.com/watch?v=rlgeSG29lMQ

    ReplyDelete
  3. http://www.pathula.com/index.php/archives/5146
    another conversation going outside to the dialog

    ReplyDelete
    Replies
    1. මූට මුලු ලෝකයම පේන්නේ ඇවිදින ශිෂ්ණයක් විදිහටයි. මුට මොලේ කලදක් නෑ තියෙන්නේ ජු*ඩෙක් විතරයි. මූ දිගටම බය වෙලා ඉන්නේ ජු*ඩා පණ නැති වෙයි කියලයි. මොකද මූ දාර්ශණිකයෙක් වෙන්න හිතන් හිටියත් ඇත්තටම මූගේ ඔක්කොම වැඩ තියෙන්නේ ජු*ඩා කෙලින් තියෙනකම් විතරයි. මේ ලගදී එකෙක් මූට කියලා තියෙනවා දිගටම කේරල ගංජා ගහන්න එපා ජු*ඩා පණ නැති වෙනවා කියලා. ඒ නිසා මූ මේ දවස් වල ගංජා ගහන එක ටිකක් අඩු කරලා. ඒත් යන යන තැන සරම අස්සේ ගංජා පොඩ්ඩක් හංගගෙන යනවලු. ඒ ඇයි කියලා ඇහුවම මූ කියන්නේ කියන්නේ, බෑනේ හදිසියේ හරි ඔෆීස් එකේ කවුරු නැති වෙලාවක බඩුවක් සෙට් වුනොත් මේසයක් උඩ දාගෙන හරි ගහන්න පුලුවන්නේ ඒ වෙලාවට ගංජා පොඩ්ඩක් ගැහුවම ඉක්මට බඩු යන්නැති නිසා මාර ආතල් එකක් තියෙනවා කියලා. මූ හිරු ටී.වී එකේ වැඩ සටහන කරන්නේ රේනෝ සිල්වට පොන්නයා වගේ හතරට පහට නැවිලා. එහෙම කරලා කීයක් හරි හොයා ගන්න මේ පොන්නයා තමයි නොදන්න දේශපාලනය ගැන කතා කරන්නේ. අනික මූ කන්න බොන්න හොයා ගන්න හැම සතයක්ම පවා හොයා ගන්නේ අපි සාමුහිකව මහන්සියෙන් ගොඩ නගපු දේශපාලන දැනුම භාවිතා කරලයි.

      Delete
    2. උඩ කමෙන්ට් එක දාපු ඇනෝට:

      පිස්සෝ කලබල වුනාට ඩොක්ට කළබල වෙන්නේ නෑ..!

      Delete