Saturday, September 28, 2013

ප්‍රබුද්ධයන්ට අහිතකර වීමට පුළුවන

උඩින් කිසි තේරුමක් නෑ කියලා පේන සමහර දේවල් දිහා ටිකක් පැත්තකට වෙලා බලන් ඉන්නකොට ප‍්‍රධාන (ධාරාවෙ) තේරුමට පිටින් ඊට වඩා ලොකු විකල්ප තේරුම් පේන්න පටන් ගන්නවා. උදා විදිහට ඉස්කෝලෙ යන එක. ඉස්කෝලෙ උගන්නන දේවල්, ඒ ආකෘතියෙ යල් පැනපු ගතිය සහ එකී නොකී ගොඩක් දුර්වලතා කියන්න පුළුවන් වුණත් ඉස්කෝලෙ ගිය එකෙක් සහ නොගිය එකෙක් අතරෙ වෙනස එක මිනිත්තුවෙන් කියන්න පුළුවන්. ඒක චර්යාමය, බුද්ධිමය සහ හැ`ගීම්මය කියන හැම හැඩගැහීමකටම, හරි විදිහට කිව්වොත් නිර්මාණශීලීත්වයකටම බලපානවා. ඒකෙ ඊටත් වඩා ක්‍ෂුද්‍ර තැන් තියෙනවා.  ඕ-ලෙවල් කරපු සහ ඒ-ලෙවල් කරපු උන් අතරෙ වුණත් මේ හක ළ`ග පංති දෙක අතරෙ වුණත් දැවැන්ත ජීවිතමය පරතරයක් තියෙනවා. ඒක දැනුම පිළිබඳ කාරණයක් නෙමෙයි. ඒ ලෙවල් වල වැඩ හතරම ෆේල් එකෙක් වුණත්  ඕ ලෙවල් වලින් නැවතුණු එකෙකුට වඩා වෙන ජීවිත කලාපයකට ඇතුල් වෙනවා. (මේක න්‍යායක් හෝ අනිවාර්යයක් නෙමෙයි, හුදු අත්දැකීම් සහ නිරීක්‍ෂණ පදනම් කර ගත්තු කතාවක් විතරයි)

එතකොට කාට හරි හිතෙන්න පුළුවන් කොග්ගල මහා ප‍්‍රාඥයා පහේ පංතියට විතරයිනෙ ගියේ කියල. මාත් හිතන්නෙ මාර්ටින් වික‍්‍රමසිංහ මේ වෙනස ගැන හොඳ උදාහරණයක්. මාර්ටින්ගෙ පොත් කියවද්දි ඇත්තටම පේනවා එයා පහේ පංතියට විතරයි ගිහින් තියෙන්නෙ කියල. ඒ හිතීම, ඒ ගොනු කිරීම, ඒ පැවැත්ම, ඒ ගරු කිරීම් සහ දෙකට නැවීම් හැමදෙයක්ම ඒ ඉස්කෝලෙ ගිය නැති එක එලියට කියනවා. වඩාත් මේ කාරණය තේරුම් ගන්න ලේසියි මාර්ටින් එක්ක සයිමන්ගෙ වගේ කෘති තියලා බැලූවොත්. මේක හොඳටම අහුවෙන්නෙ නිර්මාණ වලදි (ප‍්‍රබන්ධ). ජීවිතේ ගැන හිතන පරාසය, ඒ ඇතුලෙන් හොයාගෙන යන දේ, ඒ මනස් සිතියමේ සීමා වගේ ගැඹුරු කාරණා මේ වචන අතරෙ කියවෙන දැනීමට වඩා ගොඩක් දේවල් කියනවා.

මං මේ කාරණේ ගැන හිතාගෙන හිතාගෙන එන්න පටන් ගත්තෙ අපිට එදිනෙදා මුණගැහෙන මිනිස්සුන්ගෙ ජීවිත පරාසවල වෙනස දිහා බලාගෙන ඉඳිද්දි. රස්සාවක් කිරීම, සල්ලි එකතු කිරීම, කසාදයක් බැඳීම, ගෙයක් හැදීම ඊට පස්සෙ ළමයි බමයි... මේ විදිහෙ තනි ඉරේ රේඛාවකට පිටින් ජීවිතේ මොනවා හරි හොයන අය සහ එහෙම කිසි ප‍්‍රශ්නයක් නැති අය කියන දෙවිදියක මිනිස්සු අපිට මුනගැහෙනවා. සීයට බර ගානක් (මගේ ගාන නම් 98ක් විතර) ඉන්නෙ ඒ මොකක් හරි ප්‍රෝග‍්‍රෑම් කරපු එක දේකට යන සෝල්ජර්ස් ලා. ඒ හැම දෙයක්ම මැද්දෙ ඒ සංස්කෘතික ජීවිතේට එලියෙන් තමන්ව තේරුම් ගන්න, තමන්ගෙ පැවැත්ම හොයා ගන්න එක එක විදිහෙ නිර්මාණශීලී දේවල් කරන සීයට කීපයක පිරිසකුත් ඉන්නවා. ඒ අයට තමන් අයිති, තමන් බෙදා හදා ගන්නා සමාජයක් තියෙනවා. අනිත් අයට තියෙන්නෙ තමන් සහ යම් ආයතනයක් (ඔෆිස් එක/පවුල) අතර යම් රේඛීය, කලින් නිර්ණය කරන ලද වැඩ කොටසක් විතරයි. අපි චිත‍්‍රපටියකට හරි, නාට්ටිකට හරි සල්ලි ටිකක් ඉල්ලගන්න මුදලාලි කෙනෙක් ළ`ගට ගියොත් අපි කියන දේ එයාට නොතේරෙන්නෙ සහ එයාට ඒක නොතේරීම අපිට ගැටළුවක් වෙන්නෙ මේ කාණ්ඩ දෙකේ අර්බුදය හින්ද. එයාට එහෙම තමන් අයිති, තමන් අවංක සංවාදයක් පවත්වගන්න සමාජයක් නෑ. එයා එහෙම දෙයක් දන්නෙ නෑ.

මට හිතෙන්නෙ මේ සොල්දාදු ජීවිත බිහි කරන්න ලොකුම හේතුවක් වෙන්නෙ දුප්පත්කම. ගඩොල් කපලා දොස්තර විභාගෙට ඉගෙන ගන්න කෙනෙක් ගොඩක් සල්ලි හම්බුකිරීමට පිටින් දොස්තරකමට තේරුමක් දන්නෙ නැත්තෙ ඒ හින්ද. ජීවිත කාලෙම ඒ දුප්පත්කම විසින් ප්‍රෝග‍්‍රෑම් කරපු ආසාව (ඔබ්සෙෂන්) එක එක මුහුණුවරින් එයාව පෙළන්න පටන් ගන්නවා. ඒ දුප්පත්කම කවදාවත් ඉවර වෙන්නෙ නෑ. මේක සිද්ද වෙන හැටි බලාගෙන යනකොට හොඳටම කැපී පේන එක පරිච්ෙඡ්දයක් තමයි ඒ-ලෙවල් සහ පළවෙනි රස්සාව අතරෙ කාලය. ඒ-ලෙවල් ඉවර කලායින් නොකළායින් රස්සාවකට යන්න වෙන ජීවිත මේ ප්‍රෝග‍්‍රෑම් එකට වැටෙනවා වැඩියි (ඒ සිද්දවීමත් කලින් ඉඳන් එන ප්‍රෝග‍්‍රෑම් එකේ කොටසක්) ඒ ගන්ධබ්බ, අයාලෙ යන, තේරුමක් නැති කාලය ගත නොවීම හින්ද ආකෘතිගත පැවැත්මට එලියෙන් මොකක් හරි තියෙනවද කියල ඒ අය දන්නෙ නෑ. ඒක අහලා තිබිලා වැඩක් නෑ. ඒ පාතාලෙට වැටෙන්න  ඕන.

බෝඩිංකාර, අසහනකාරී ඒ තරුණ වල්මත් බව අපේ ජීවිතේ වෙනස් ගැඹුරක් නිර්මාණය කරනවා. කවදාවත් පද්ධතිගත ජීවිතෙන් තෘප්තිමත් නොවෙන අසහනයකින් අපිව පුරවනවා. මං හිතන්නෙ හැම ඇත්ත සමාජ ක‍්‍රියාකාරිකයෙක් (දුප්පත් හේතු නැති) පිටිපස්සෙම මේ අයාල තාරුණ්‍යය තියෙනවා.
ඉබාගාතෙ දිගේලි වෙච්ච අදහස් පේලියක් දිගේ රෝල් වුණත් කියන්න තිබුනෙ වෙන කතාවක්. දැන් ඒ කතාවට ක්ෂණික ෙඡ්දනයක්.

මං හැත්තෑ හත දිහා බලාගෙන ඉපදුනෙ. හැත්තෑව වගේ කාලෙක ඉපදුනේ නැති එක ගැන මට තියෙන්නෙ ආඩම්බරයක්. මං ඒ තරමට 77 වෙනසට කැමති හින්ද. විවෘත ආර්තිකේ මාර අවුලක් කියාගෙන රටම වමට තල්ලූ කරගෙන ආපු 70 කට්ටිය (56 සිංහල සෙට් එක) හින්ද තමයි මං හිතන්නෙ අපි තාම මේ පරිප්පුව කන්නෙ. ඒකෙ අවසාන නිෂ්පාදන වුනේ මහින්ද රජපක්ෂ, බොදු බල සේනා වගේ තත්ව. ෆැක්චුවල් විදිහට 77 ගැන කතා නොකර මං වෙන ෆන් තැනකින් මේ කාලෙ ගැන මගේ කතාවට එන්නං.

මට 77 කිව්වම මතක සංසිද්ධි දෙකයි. එකක් ජේ ආර් ජයවර්ධන. මං පොඩි කාලෙ හිතුවෙ ජේආර් තමයි හැමදාම ජනාධිපති කියල. අද වුණත් මට ජනාධිපති කෙනෙක් වගේ පේන්නෙ එයාව විතරයි. ඇත්තටම ඊට පස්සෙ ඒ රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය තියෙන කිසි චරිතයක් රටේ නායකත්වයට ආවෙ නෑ. ඒ වෙනුවට නායකයාගේ පටන් සියලූ මැති ඇමතිවරු කිසි හිරිකිතයක් නැතුව දූෂණ, වංචා, මිනීමැරීම්, මංකොල්ල  ඕන එකක් කරන්න පටන් ගත්ත. ව්‍යවස්ථාවට වඩා ආගම, ජාතිය උඩට ආවා. වාමාංශික යාලූවො මේ වෙලාවෙ කියන්න පුළුවන් ජේ ආර්ගේ ව්‍යවස්තාවෙ අර්බුද. ඒත් මං කතා කරගෙන යන්නෙ සමාජ ව්‍යවස්තාවෙ අර්බුද.

ජේආර් දේශපාලනේ කරන්න ඇන්දෙ සරම. ඒත් එයාගෙ ගෙදර ඇඳුම වුනේ කලිසම. ගෙදර ගිහින් කලිසම මාරු කර ගන්න කල් ජේආර් හිටියෙ පුදුම නොඉවසිල්ලෙන්. අපි මේ වෙනකොට ඉන්නෙ ඊට ප‍්‍රතිවරුද්ද පැත්තෙ. දැන් අපිට ඉන්නෙ අහම්බෙන් කලිසමක් ඇන්ඳත් සරමට මාරුවෙන කල් නොඉවසිල්ලෙන් ඉන්න නායකයො පිරිසක්. මේ අපි බුක්ති විඳිමින් ඉන්නෙ ඒ සරං සංස්කෘතිය (56න් පටන් ගත්තු)

මගේ කතාව ජේආර් ගැන නෙමෙයි. 77 කිව්වම මට මතක් වෙන දෙවෙනි චරිතය ගැන. ඒ තමයි ජිප්සීස් සුනිල් පෙරේරා. ඒ මට ලංකාවෙ ඉන්න අයිකොනික් ආර්ටිස්ට් කෙනෙක් (කලාකරුවෙක් නෙමෙයි). සුනිල් පෙරේරා කියන්නෙ 77 සංස්කෘතික නිෂ්පාදනයක්.

සුනිල් ගැන මට මතක් වුණේ මෑතක ක‍්‍රිකට් බෝර්ඞ් එකේ වෙච්ච අවුලත් එක්ක. ඒ වගේ තැනක, ඒ වගේ පිරිසක් ඉස්සරහ ‘බොන්න වතුර ඉල්ලූවාම වෙඩි තිබ්බේ මොන රටේද?’ වගේ කතා කියන්න පුළුවන් කොන්දක් සුනිල්ට හැමදාම තිබුණ. ලංකාවෙ 77ට කලින් නිර්මාණය වුණු කුහක පැවැත්ම වෙනුවට එලිය සහ ඇතුලත එකක් වුණු දියුණු පුරවැසි පැවැත්මක් වෙනුවෙන් සුනිල් සිංදු කිව්වා. මට තේනුවර අමාරුවෙන් ගොතලා කරන චිත‍්‍ර- මූර්ති ප‍්‍රදර්ශනේකට වඩා සුනිල්ගෙ ප‍්‍රකාශන දේශපාලනික හා සමාජ විරෝධතා විදිහට දැනෙනවා.

ඒ සිංදු ඇතුලෙ එයා අ`ගහරු ලෝකෙන් එන කුරුමිට්ටො එක්ක රටේ තොටේ විස්තර කතා කරනවා. ඊට පස්සෙ කාලෙක ලූනු දෙහි ගැන කතා කියනවා. වැදි පත්තුවෙ ඔජායේ නටනවා. මේ හැම දේකින්ම එයා සමාජ පෙරලියක් කරනවා. ප‍්‍රබුද්ධයන්ට තහනං කලාපෙක සුනිල් තමන්ගෙ කලාව- දේශපාලනය- ජීවිතය විදිහට නොබෙදුණු තනි පැවැත්ම අරගෙන එලියට බහිනවා. ඒ විවෘත බව ලංකාවෙ වෙන කිසි කලාකාරයෙකුට තිබුණෙ නෑ.

සුනිල් ගැන කියවගෙන යද්දි අහම්බෙන් ලයිෆ් ටයිම්ස් එකට කරපු ඉන්ටර්විව් එකක් හම්බුණා. ඒක ලියලා තිබුණු ජෙහාන් මෙන්ඩිස් ඉන්ටවිව් එක දවසෙ එයාගෙ කැමරාමන් එක්ක සුනිල් එනකං බලන් ඉන්නවලූ. මේ සදා පෙරලිකාර දැවැන්තයා එලියට බහිද්දි සිංහයෙක් වගේ ෆොටෝ ටිකක් ගන්න බලාපොරොත්තුවෙන්. ඔන්න එතකොට සුනිල් ඇවිත් බැස්සලූ. කොට කලිසමකුයි,  ‘ටේ‍්‍රනී ගයිනොකොලොජිස්ට්’ (පුහුණු වන ප‍්‍රසව හා නාරිවේදී) කියලා හරහට ගහපු ටීෂර්ට් එකකුයි ඇඳගෙන.

අර බලාපොරෙත්තු වුණු දැවැන්ත ප‍්‍රතිරූපෙ එතනම හාන්සියි. මේ කැඩිල්ල, තමන් ගැන ප‍්‍රතිරූපයෙන් නැවත තමන්ම ඇඳ නොගැනීම සුනිල්ගෙ කැපී පේන ලකුණක්. තමන්ගේ ප‍්‍රකෘතිය, තමන්ගේ ජීවිතය විවෘතව ගෙනියන්න තියෙන උවමනාවම සුනිල්ගේ දේශපාලනය වෙනවා. ඒත් අපේ රටේ දේශපාලනයේ සාමාන්‍ය පුළුවන් තරම් තමන්ව වහගන්න එක.

මම නං ගෙ`ග් පනිනවා- වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙන කොට ගොඩ පීනනවා
ජීවිතේ එපා කියනවා- රේල්ලට බෙල්ල තියනවා
කෝච්චිය ළං වෙන කොට අපි නැගිටිනවා..

සුනිල් පෙරේරා පවතින සංගීතයේ කොටසක් වෙන්නෙ නෑ. එයා සුනිල් පෙරේරාගේ සංගීතයක් නිර්මාණය කරනවා. ඒක මට අනුව නූතන ජන සංගීතයක්. ඒක අපේ උරුමයක්. ඒ සංගීතය, ඒ පද මිනිස්සු කටින් කට අරගෙන යනවා. ඒ සිංදු වෙන වෙන අය තැන තැන කියනවා. සල්ලි හොයනවා. ඒත් සුනිල් කියන්නෙ මගේ ළමයි ඇරෙන්න වෙන අය ඒ සිංදු කියනවට මං කැමතියි කියල. නන්දලා ගාව ආරියරත්නලා ගාව නැති නිර්ලෝභී සමාජ ජීවිතයක් සුනිල්ට තියෙනවා.

ආරිය කරවන ආරියරත්නලා අද මෙහි රැස් වෙන්නෙ
ආචාර්යවරු මහාචාර්යවරු ප‍්‍රබුද්දයනුත් ඉන්නේ...

සුනිල්ගේ සිංදු වල තියෙන්නෙ උපහාසය. හාස්‍යය. සීරියස් දේවල් වලින් මිනිස්සුන්ගේ ජීවිත තවත් අවුල් කරන්න සුනිල් අකමැතියි. ඒ වෙනුවට හිනාවෙවී කියන්න, කිය කියා තේරුම් ගන්න සුනිල් ජන ගී කියනවා. සෞන්දර්යය ඇතුලෙ භාෂාව ඇතුලෙ කරන බොරුව එයා කරන්නෙ නෑ. පද ගැලපිලි, තාල රැුකිලි වෙනුවට ඇ`ගට දැනෙන තාලෙට, කටට කියවෙන වචනෙට සුනිල් සිංදු හදනවා. මේ මොඩර්න් ජන සංගීතය කියල මං කියන්නෙ ඒකයි. ඒක ප‍්‍රබුද්දයින්ට අකැපයි කියල එයා කියන කතාව ඇත්ත.
සිංදුවලට අමතරව සුනිල් කරන්නෙ රස කැවිලි හදන එක. (මං හිතන්නෙ ඒක පවුලෙ බිස්නස් එකක්) සුනිල්ගේ ග්ලූකෝරස එකෙන් තමයි අඳුන්නලා දුන්නෙ ‘ජුජුබ්ස්’. ඒ වගේම ‘ටිපි ටිප්’. සැහැල්ලූ, ඒත් මීට කලින් අත් නොවිඳි රසක් සුනිල්ගේ හැම දේකම තියෙනවා.

මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
මං දුන්නෙ කිස් එකයි කිස් එකයි
දුන්නෙ කිස් එකයි හැබැයි ඒක මුල් එකයි
මං දුන්නා තව එකක් දැන් දෙකයි

එපා යන්න- තවත් එන්න
ඇෙ`ග් ඇලි ඇලි ඈ යලි යලි පවසයි...

මේ ලිපියෙ එක තැනකදි සුනිල්ගෙන් සෙක්ස් ගැන අහනවා. එතකොට එයා හරිම ලස්සන උත්තරයක් දෙනවා. ‘මේක ඉංග‍්‍රීසි මැගසින් එකකට හින්ද කියන්න පුළුවන්. ඒත් සිංහල පත්තරේකට කියන්න බෑ. මොකද සෙක්ස් කියන එක ඉංග‍්‍රීසියෙන් දැම්මම ඒකෙ කිසි නරකක් නෑ. ඒත්  ඕක ‘සංසර්ගය’ හරි ‘සම්භෝගය’ හරි මොකක් හරි කියල ලිව්වොත් මිනිස්සු හිතයි මට මානසික රෝගයක් කියල’. සුනිල් සෙක්ස් ගැන කතාවට බහින්නෙ එහෙම.

එයා සෙක්ස් වලට කොච්චර කැමතිද කියලා එළිපිට කියනවා. සෙක්ස් ගැන තියෙන ඞීවීඞී එකක් දැක්කත්, පොතක් දැක්කත් මායි මගේ වයිෆුයි අතරෙ සම්බන්දය තවත් වැඩි කරගන්න මේකෙන් මොනවද ගන්න පුළුවන් කියල ඒ ගැන උනන්දු වෙන වග කියන්න සුනිල් ඇඹරෙන්නෙ නෑ. තමන්ගේ අනියම් සම්බන්ධතා ගැන, ඒකෙන් වුණු වැරදීම් ගැන වෙන කිසි සම්භාව්‍ය කලාකරුවෙකුට නැති සරල, විවෘත දැක්මකින් එයා කියාගෙන යනවා.

‘නෝනා මට සමාවෙන්න  ඕනා
මමත් ලේ මස් වලින් හැදිච්ච මිනිහෙක්
මගේ අතින් වැරදි වුණා තමයි
ගිය දේවල් ගියා- ඒවා ගනං ගන්න එපා
නෝනා මට සමාවෙන්න  ඕනා‘

‘බඳින්න යන කවුරු හරි ඉන්නවා නං මං කියන්නෙ සෙක්ස් ලයිෆ් එක හොඳට තියාගන්න. හොඳ සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා නං ඔයා සම්පූර්ණ මිනිහෙක්. ඔයාට ෆැන්ටසි තියෙනවා නං ඔයා ට‍්‍රයි කරන්න  ඕන කොහොමද ඔයාගෙ වයිෆ් එක්ක ඒ ෆැන්ටසි රියැලිටි එකකට ගේන්නෙ කියල. එලියෙ කාත් එක්කවත් නෙමෙයි..’ -සුනිල් පෙරේරා

සුනිල්ගේ ගෙයි උඩ තට්ටුවෙ තියෙන පොඩි උද්‍යානයක් ගැන මේ ලියුම්කරුවො දෙන්නා වර්ණනා කරනවා, ‘මේක බාබකිව් පාටියකට එහෙම මරු’ කියල. එතකොට සුනිල් කියනවා ඔව්, පාටියකටත් හොඳයි, ඒත් මෙතන පාටියකට වඩා හොඳ හොඳ දේවල් කරන්නත් පුළුවන්’ කියල. මේ විදිහට තමන්ගේ ජීවිතය, තමන් රස විඳින දේ  ඕන මාධ්‍යයක් ඉස්සරහ කෙලින් කියන්න පුළුවන් එකම මනුස්සයා මට මුණගැහුනෙ සුනිල් පෙරේරා. මට හිතෙන්නෙ හැම වතාවකම සුනිල් ඉස්සරහ මාධ්‍ය නිරුවත් වෙනවා (වෙන කලාකාරයො මාධ්‍ය ඉස්සරහ නිරුවත් වෙද්දි*. මං හිතන්නෙ ඒ 77 හින්ද.

‘ඔයාගෙ හැම ෆැන්ටසියක්ම රියැලිටි එකට ගේන්න  ඕන. නැත්තං ඔයා සම්පූර්ණ වෙන්නෙ නෑ. සෙක්ස් වල නරකයි කියල දෙයක් නෑ. දෙන්නම එක`ග නං එතන අසභ්‍ය හෝ විපරීත කිසි දෙයක් නෑ’
-සුනිල් පෙරේරා

ලිපියෙ තව තැනකදි සුනිල්ගෙන් අහනවා අන්‍යාගමිකකරණය ගැන. එයා කතාවක් කියනවා.
‘මගේ පුතා පොල්ගහකට වඳින්න ගත්තා කියන්නකෝ. එයා මට ඇවිත් කියනවා මේ පොල් ආගම මාර හොඳයි, මං ඒක අදහනවා’ කියලා.

එතකොට ඔය පොල් ආගම අදහන තව අය ඉන්නවද? මං අහනවා.
එයා කියනවා, ‘ඔව්, මේ ආගමේ කියන දේවල් හොඳටම ඇත්ත. මං විශ්වාස කරනවා. ඉතිං මං පොල්ගස් වන්දනාවට එකතු වෙනවා’ කියල.

මං එයත් එක්ක වාද කරන්න යන්නෙ නෑ. මං ඒකට විරුද්ද වෙන්න යන්නෙත් නෑ. මගේ පුතා මොකක් හරි ආගමක් අදහලා හොඳ මනුස්සයෙක් වෙනවා නං මට  ඕන එච්චරයි. අදහන ආගමෙන් වැඩක් නෑ. ආගම තියෙන්නෙ මිනිහගේ යහපතට, මිනිහව ආරක්‍ෂා කරන්න මිසක් මිනිහා ඉන්නෙ ආගමක් ආරක්‍ෂා කරන්න නෙමෙයි’

ගොඩක් කලාකාරයො හිතන්නවත් බය දේවල් සුනිල් තමන්ගේ ජීවිතේ ඇතුලෙ හෑල්ලූවෙන් කරනවා. එයා කියන සිංදු එහෙම්පිටින්ම වචන වෙනස් කරලා වෙළඳ දැන්වීම් වලට හරවනවා. එයාම ඒවා විකුණනවා. කලා කෘති වගේ කෞතුක වටිනාකම් දෙන එක වෙනුවට පාරිභෝගික භාන්ඩයක් වගේ කටින් කට පාවිච්චි වෙන නිර්මාණ ඇතුලෙන් සුනිල් තමන්ගෙ පනිවුඩය කියනවා. ඒක ජීවිතේ ඇත්ත පනිවුඩයක් නිසා නිර්මාණයේ කන්‍යාභාවය වගේ ගැටළු එයාට නෑ. තාමත් අපේ විකල්ප සංගීත තරුණයො පවා බයෙන් හැංගෙන මීඩියාවලට සුනිල් මූණ දෙන්නෙ කිසි ගානකට නැතුව. මීඩියා වලින් හදන්නවත් නැති කරන්නවත් පුළුවන් ජීවිතයක් නෙමෙයි සුනිල් පෙරේරාට තියෙන්නෙ. ඒ හින්දම විකිණෙනවා, විකුනනවා, නැති වෙනවා, දිය වෙනවා වගේ මනස්ගාත එයාට නෑ.

ලංකාවෙ තාමත් සුනිල් පෙරේරාව දැම්මොත්  ඕන ප්‍රොඩක්ට් එකක් විකුණන්න පුළුවන්. සුනිල් කියන්නෙ භාෂාව, පංතිය, ආගම, ජාතිය අතික‍්‍රමණය කරපු 77 නිෂ්පාදනයක්. තාමත් මේ දාර්ශනිකත්වය තේරුම් ගන්න අපිට කියවීමක් නෑ. මොකද අපේ කියවීම 77ට කලින් හදපු අච්චුවක් හින්ද. ආර්ට් එක, ස්ටයිල් එක, දේශපාලනය සහ ජීවිතය එකක් වුණු  ආර්ටිස්ට් කෙනෙක් ගැන ලංකාවෙ මට තියෙන එකම උදාහරණය වෙන්නෙ සුනිල්.

 77 කියන්නෙ ලංකාවෙ කැරැල්ලක්. ඒ කැරැල්ල, ඒ වෙනස දරන්න තාමත් අපිට බැරි වෙලා තියෙනවා. සුනිල් කියන්නෙ ඒ පොප් කැරැුල්ලෙ කැඳවුම්කරුවෙක්.

-චින්තන ධර්මදාස

Original interview from -
http://ravana.files.wordpress.com/2008/04/interview-with-sunil-perera-for-lt-part-1.pdf
http://ravana.files.wordpress.com/2008/04/interview-with-sunil-perera-for-lt-part-2.pdf

19 comments:

  1. නියමයි චින්තන! 'අපේ කම' කියල රොමෑන්ටිසයිස් කරපු අතීතයට අයිති හීනයක් නිසා අපේ රටේ බහුතරයක් නූතන (contemporary) තරුණ තරුණියන්ට තමන්ගෙ මුල හොයාගන්න බැරිවෙලා ඉන්න වෙලාවක මේ වගේ විවෘත අවංක කතාබහක් පැහැදිලිවම අවශ්‍යයයි...

    ReplyDelete
  2. චින්තා මන් උබෙ කියවිමට කැමති උබ පටන් ගන්නෙම එක කෙරොලකින් හින්දා.....සුනිල් කියන්නෙ මට නම් අභ්‍යන්තරයි බාහිරයි කියලා දෙකක නැති කැරලි කාරයෙක් විදිහට...සුනිල් රෙදි ගලවන්නේ අපෙ මුලු සමාජෙම...එතකොට පේන අපේ හෙලුව දැක දැක අපි නටන්වා...අපි හෙන පිචං වෙන්නෙ අන්න එතනදි...

    ප්‍රබුද්ධයන්ට සුනිල්ව අවුල් වෙන්නෙ අන්න ඒ හෙලුවට තියෙන බය නිසා....

    ReplyDelete
  3. බොහෝ කාලයකට පසුව කියවන්නට ලැබුනු ඉතාමත් විවෘත ලිපියක්. ජේ ආර්ගේ දේශපාලනය මොහොතකට අමතක කර සුනිල් ගැන මට තියෙන්නෙත් බොහොම පැහැදිලි මතයක්. සුනිල් එක තැනක කියනවා...තොරක් නැති මල් පූජාවලට ලක්ෂ ගානක් මල් කඩනකොට.....බඹරුන්, මීමැස්සන්ට හා පරිසරයට වෙනදේ.
    වටිනා ලිපියක්. පහතින් උපුටා දක්වන කොටස ඉතාම වැදගත්.

    ////‘බඳින්න යන කවුරු හරි ඉන්නවා නං මං කියන්නෙ සෙක්ස් ලයිෆ් එක හොඳට තියාගන්න. හොඳ සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා නං ඔයා සම්පූර්ණ මිනිහෙක්. ඔයාට ෆැන්ටසි තියෙනවා නං ඔයා ට‍්‍රයි කරන්න ඕන කොහොමද ඔයාගෙ වයිෆ් එක්ක ඒ ෆැන්ටසි රියැලිටි එකකට ගේන්නෙ කියල. එලියෙ කාත් එක්කවත් නෙමෙයි..’ -සුනිල් පෙරේරා////

    ReplyDelete
  4. චින්තන සිරා ටෝක්ස් දෙනවා නැලවෙන්න....ඒත් පොර කවදාවත් දාන කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්නේ නෑ.....පොර නං කියන්නේ පොරට කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න කම්මැලියි කියලා....ඒත් මට මුල ඉදන්ම හිතුන දෙයක් තමයි චින්තන ඒක කරන්නේ පොරගේ (බොරු????) පොරත්වය මේන්ටේන් කරන්න කියලා...

    ඒක හින්දම ගිය පොස්ට් එකෙන් මං චින්තනයව පොඩ්ඩක් කොනිත්තලා බැලුවා.....මෙන්න බොලේ ඇනෝ ඇවිල්ලා වෙලාවා නෑ කියපු චින්තනයා ලෙසටම රිප්ලයි කරනවා

    ReplyDelete
    Replies
    1. මෙන්ටල් ඇනෝ ,මම උඹගේ කලින් සඳහන් කල comment වලට පිළිතුරු දී ඇත.උඹ සිරාවටම චින්ත ගැන jealous dial එකක්.ඇත්තටම මොකක්ද චින්ත උඹට ඇඩෙන්න දුන්නු ටෝක.උඹගේ කොටු රාමු ගැලවිලා විසික්වෙන්න ඇති නේද? චින්තාව කොනිත්තන්න ,උඹ හිතුවද චින්ත බබෙක් කියල.අයියෝ පව් එක්කෙනෙක්ට හොඳටම වැදිලා.හූ හූ ......

      Delete
    2. චින්තන එල මචං...ඇනෝ ඇවිල්ලා හරි දාන කමෙන්ට් එකට රිප්ලයි කරහං මචං...බොරු පොරත්වයක් හිතට ගන්නේ නැතුව...

      Delete
  5. Product කියන වචනේ පට්ටගහුව ඇති දැන්

    ReplyDelete
  6. උබලගේත් දවසින් දවස මනස් සිතියම අප් - ඩේට් වෙනවා, ඇයි මේ ඉස්සර ගු ගොඩවල් ( ප‍්‍රධාන ධාරාවෙ) කියපු උන්ගේ ගු වල කැටයම දැකලා දැන් ඇයි බයවෙලා තියෙන්න . උබලගේ හෙලුවත් එතකොට මේකේ තියනවා, ඇති දැන් වත් ඇහැරුනා .

    උබට පුලුවන්ද සුනිල් වගේ අතීතය ටීවී එකේ වමාරන්න , බැ නේ. එකනේ උබලා බ්ලොග් වල හැංගිලා සාරවිට විකුනන්නේත් උන් එළිපිට හෙළුවෙන් යන්නෙත් , 77 ත් කුහක පැවැත්ම තිබිලා , 59 උන්ගේ උකුල උඩ ඉදන් අහපු කවි උබ දැන් සින්දු කරලා පිටකොටුවට විකුනනවා .

    ReplyDelete
  7. ලිපියේ අදහස කෙටියෙන්
    *විවෘර්ත ආර්ථිකය හොදයි(දෙශීය ආර්ථිකයේ මළගම )
    *සීරියස් කතා එපා(ඇත්ත එපා)
    *ආගමක් තියෙන්නෙ අපිව ආරක්ෂා කරන්න අපි ආගම ආරක්ෂා කරන එක වැරදියි(ඒ කියන්නෙ ලොව හටගන්න සියලුම ආගම් ශස්තෘවරයාගෙ කාලයට සීමා විය යුතුයි.)
    *සියලු දෙනාට එකම ආකාරයේ සිතුම් පැතුම්,බුද්ධියක්,දැනුමක් තිබිය යුතුයි.(සුනිල් පෙරේරට වගේ.)
    *මේ රට කාල තියෙන්න සිංහලයො(හදල තියෙන්නෙ සුද්දො )
    *ජේ.ආර් තමයි හොදම ජනාධිපති(මොකද මිනිහ කතෝලික.සුද්දට ගොඩක් පු දීපු කෙනෙක් හරියට මේ ලිපිය දාපු එකා වගේ)
    *සුනිල් ඇවිත් බැස්සලු කොට කලිසමකුයි ට්‍රේයිනී ජයිනකොලජීට් කියල ටී ෂර්ට් එකකුයි ඇදගෙන(ඇත්තටම ලොකු වෙනසක්,සුද්දට කරන්න බැරි උන වෙනස කලු සුද්දෙක්ගෙන්,කතෘට මේක සරලත්වය සහ වෙනස යන්නෙන් අවබෝද වී ඇත.)
    *ලමයින්ට ජුජුබ්ස් ටිපි ටිප් හදුන්වල දුන්න.(කොච්චර ලොකු සේවයක්ද,මට හිතෙන්නෙ දැන් ඉන්න තරුණ පරම්පරාවෙ දියවැඩියා ප්‍රශ්නෙටත් මෙයා දායක උනා කියල.)
    *සෙක්ස්(සුද්ද වැඩියෙන්ම කැමති ඕකට ඉතින් සුනිල් පෙරේර ගැන අහන්න දෙයක්ද.)

    ලැජ්ජාව නැති කම සමාජ වෙනසට හේතුවක් කියල අපේ උන් තේරුම් ගත්තෙ සුනිල් පෙරේරගෙන් ඒත් ඌ ඕක තේරුම් ගත්තෙ සුද්දගෙන්.බලනකොට මූ සුද්දගෙ දෙවෙනි පන්තියෙ කොපියක් මූව කොපි කරන ලිපිය ලියපු වගේ එව්න් තුන්වන පංතියෙ කොපියක්.ඔයිට වඩා හොදයි සරලයි කෙලින්ම සුද්දව ප්‍රමෝට් කරා නම්.නොකිය කියන්නෙ සුද්දගෙ කල්චර් එකයි උන්ගෙ ආගමයි තමයි හොදම එක කියල.ඕව ගිහින් කියාපිය කොන්ඩෙ බැදපු චීනුන්ට.

    ReplyDelete
    Replies
    1. අනේ දන්න හුත්තක් කියපන්. මූ බේබදු සේනාවේ ගොනෙක්.

      Delete
    2. දන්න හුත්තල ටික වෙන්න ඇති මේ පඩි වදන් ටික කියල තියෙන්නෙ.මීගමුවෙ වැල්ල පැත්තෙ අඩියක් ගහන ගමන් වෙරි වෙච්ච සුද්දට පුක දෙන පකයෙක් ලියපු පෝස්ට් එකකට කස්ටිය ආමෙන් කියනව.අනේ පකෝ උබලට කරන්න දෙයක් නැත්නම් අඩුම ගානෙ උබල අවජාතක ජාතියක් ආගමක් නැති කල්ලතෝනිල කියන එක පෙන්නන්නෙ නැතුව හිටපල්ල.
      ජොයින්ට් දාල අඩියක් ගහල හොද සෙක්ස් පොතක් කියාවල ගෑනිට හුකල නිදියපල්ල(මහාචාර්‍ර‍ය-සුනිල් පෙරේර )

      Delete
    3. ආගමක් තියෙන එකෙක් තව එකෙක්ට කුණුහරුපෙන් බැනලා , කුණුහරුප කියලා වින්දනයක් ලබා ගන්නවා.ඔන්න ආගම් කාරයෝ ... මුගේ ආගමත් කුණුහරුප වලින් බැන බැන ඉන්න බේබද්දෝ ඉන්න කුණුහරපයක් වෙන්න ඕන .... දැන් කොහොමත් ඉන්නේ කාගෙහරි ආගම් සාස්තෘවරයෙක් ගේ නම හා දහම විකුණා කන පිරිසක් පමණි.
      මොවුන් කරන්නේ ආගම් සාස්තෘවරුන්ටත් නින්දාවක්....

      Delete
    4. උඩ එකාගෙ කතාව නම් ඇත්ත.හොදින් කතා කරාට පස්සෙ අදාල නැති උත්තරයක් දීල කුනුහර්ප කියවනව.හරියට සුනිල් පෙරේර වගේ උගේ අනුගාමිකයොනෙ

      Delete
  8. යකෝ උ සුද්දෙක්, ඇ යි උබ එක ගැන පුදුම වෙන්නේ ?

    ReplyDelete

  9. මට මේක අහිතකරයි ......

    ReplyDelete