එයා උද්භිද ජීව තාක්‍ෂණය පිළිබඳ මහාචාර්යවරයෙක්. ක්වීන්ස්ලන්ඞ් ඔස්ටේ‍්‍රලියානු විශ්ව විද්‍යාලෙ. එයා ප‍්‍රශ්න කරනවා අපි ඇයි ස්වභාවික දේ හොඳයි කියන්නෙ සහ කෘතිම දේ නරකයි කියන්නෙ කියල. ඒක නිකං බැලූ බැල්මට අහන්නත් දෙයක්ද වගේ. ඒ අදහස් අකුළලා කියනවට වඩා එ විදිහටම ලියාගෙන යන එක ආතල්ජනකයි.
මේ අදහස, ඒ කියන්නෙ ස්වභාවික දේ හොඳයි, කෘතිම දේ නරකයි කියන පිලිගැනීම සම්පූර්ණ රොමැන්තික අදහසක් කියල බොටෙලා කියනවා. ඒක බොරුවක්. කිසි පදනමක් නැති. මිනිස්සු හිතනවා ස්්වභාවික හැමදෙයක්ම හොඳයි කියල. පාවිච්චි කරන ෂැම්පු වර්ගය ස්වභාවික වෙන්න ඕනි. පස්ස පිහින වැසිකිලි කරදාසිය පවා ස්වභාවික නම් වැඩි ඉල්ලූමක් තියෙනවා ඒකට. ඒත් ඇත්ත කාරණය වෙන්නෙ ස්වභාවික දේ හොඳවත් නරක වත් නෙමෙයි. ඒක උදාසීනයි. භූමිකම්පාවත් ස්වභාවිකයි. ඒක හොඳක් කරන්නෙ නෑනෙ. මැලේරියාවත් ස්වභාවිකයි. මොකක්ද ඒකෙ තියෙන හොඳේ?
දෙයක් ස්වභාවික වුණා කියලා ඒකෙ ඇති හොඳක් නෑ. ඒත් අද ටීවී එක හරහා මේ රොමාන්තික අදහස මාර්කට් කරනවා. යෝගට් එකක ඉඳන් මේස් කුට්ටමක් වෙනකල් ඕන දෙයක් නැචුරල් නම් වැඩියෙන් විකුණගන්න පුළුවන්. ඒක ඇඞ්වර්ටයිසින්. ඇත්ත නෙමෙයි.
මේ ළ`ගදි මං දැක්කා ඇමරිකාවෙත් යුරෝපයෙත් ඇති වෙලා තියෙන අලූත් ප‍්‍රවණතාවයක්. ඒ ගොල්ලො කියනවා එළදෙනුන්ගෙන් ගන්න කිරි ඒ විදිහටම බොන්න ඕනි කියලා. නටවන්නෙවත් පාස්චරීකරණය කරන්නෙවත් නැතුව. ඒත් ඇමරිකානු රජයෙන්ම නිල වශයෙන් දැනුම්දෙනවා මේක කරන්න එපා කියලා. මේක හින්ද ලිස්ටීරියාව හැදිච්ච ගොඩක් අය ඉන්නවා. කිරි ස්වභාවිකවම පාවිච්චි කරන්න ගිහිල්ලා.
එතකොට ප‍්‍රශ්න අසන්නා අහනවා ඔබ හිතන්නෙ ඇයි මිනිස්සු මේ ස්වභාවික දේවල් පැත්තට ඇදෙන්නෙ කියල.
බොටෙලා උත්තර දෙනවා. ඒක සුන්දර හින්ද. ඒක හොඳයි වගේ හින්ද. ඒක නැචුරල් හින්ද. කෘතිම දේවල් නරකයි. ස්වභාවික දේවල් විතරයි හොඳ. ඒත් අපි ගත්තොත් කෘතිම දෙයක් විදිහට විදුලිය, එච්චරම නරක නෑ. ඒත් ඒක එහෙම්පිටින්ම කෘතිමයි. එන්නත් වගේ කෘතිම දේවල් නරක නෑ. ඒත් අපි ඔලූව ඇතුලෙ සාමාන්‍යකරණය කරගෙන ඉන්නෙ ස්වභාවික දේ හොඳයි. කෘතිම දේ නරකයි.
සොබා දම් මව කවදාවත් නරක දෙයක් කරන්නෙ නෑ. ඒකයි ස්වභාවික හැමදේම හොඳ. ඒත් අපිට අමතක වෙනවා මේ සොබා දම් මාතාව අපේ විතරක් නෙමෙයි මැලේරියාව පතුරන මදුරුවා ගෙත් අප‍්‍රිකානු වනාන්තරයක ඔබව මරා දාන දරුණු සිංහයාගෙත් මව නේද කියල.
මයික්‍රොවේව් අවන් එක හැදුවම මිනිස්සු ඒක ගත්තෙ නෑ. මොකද තත්පර දහයකින් දෙයක් රත් කරන්න පුළුවන් දෙයක් හොඳ නං වෙන්න බෑ. මේ මිත්‍යාව එක්ක ගියා මයික්‍රොවේව් වලින් කෑම විකිරණශීලී කරනවා කියල. ඉතින මිනිස්සු ගත්තෙ නෑ. ඒත් දැන් හැම ගේකම මයික්‍රොවේව් එකක්. කලින් හිතලා හදාගත්ත අවදානමක් හින්ද නව්‍යකරනයක් පිළිගන්න මිනිස්සු පස්ස ගහනවා.
අසන්නා- එතකොට ජාන තාක්‍ෂණයෙන් දියුණු කළ ආහාර භෝග පාවිච්චියෙ අවදානමක් තියෙනවා කියල තියෙන පිළිගැනීම ගැන ඔයා මොකද කියන්නෙ?
බොටෙලා- එහෙම අවදානමක් ගැන තියෙන ගොඩනගාගත්ත මතය කිසිම විද්‍යාත්්මක බවක් තියෙන එකක් නෙමෙයි. අපි මේ ජානමය භෝග දැන් හු`ග කාලෙක ඉඳන් වගා කරනවා. කිසිම වාර්තා වීමක් නෑ එහෙම අහිතකර තත්වයක් ගැන. ඒ වගේම සාමාන්‍ය ආහාර කොයි තරම් විෂ වීම් වාර්තා වෙලා තියෙනවද? බාලි වල රෙස්ටුරන්ට් එකකින් කාලත් මේ ළ`ගදි ජෝඩුවක මැරුණ. ඒවා කිසි එකක් ජාන තාක්‍ෂණයෙන් දියුණු කළ කෑම නෙමෙයි.
ඒත් ජාන තාක්‍ෂණය වේවා ජාන තාක්‍ෂණික නොවන වේවා එදිනෙදා ජීවිතේ හැමදේකම අවදානමක් තියෙනවා. ඔයා පාර පැන්නත් ඔයාට අවදානමක් ගන්න වෙනවා. නැත්තං වෙන්නෙ එකම තැනක මුල්ලකට වෙලා ඉන්න. ඔයා තැන් තැන්වල යන්න ඕන. ඉතින් ඔයා දවස ගානෙ පාර මාරු වෙන්න ඕන. ඔයා කරන්නෙ අවදානම ගැනත් ඒකෙ ප‍්‍රතිඵල ගැනත් ඒක අවම කර ගන්න විදි ගැනත් කල්පනා කරනවා. ඊට පස්සෙ තීරණය කරනවා. ඔයා පාර පනිද්දි වම බලනවා, දකුණ බලනවා, වාහන නෑ, ඉතින් අවුලක් නැතුව පාර මාරු වෙනවා. ඔයා පාර දෙපැත්ත බලද්දි වාහන ගොඩක් පේනවා නං ඔයා තීරණය කරනවා, මං වෙන තැනකින් පාර මාරු වෙනවා කියල. ඒකයි අවදානම අවම කර ගන්න විදිහ.
කෑම ගැන ගත්තොත් ඇත්තටම විධි විධාන හොඳටම තද හින්ද ජාන තාක්‍ෂණික ආහාර හැම පැත්තකින්ම පරීක්‍ෂාවට ලක්වෙනවා. සාමාන්‍ය ආහාර එහෙම නෑ. ඒක හින්ද ජානමය ආහාර වල අවදානම ඇත්තටම සාමාන්‍ය ආහාර වල අවදානමට වඩා අඩුයි. ඒ ගොල්ලො කියන ‘සාමාන්‍ය’ ආහාර. ඇත්තටම දැන් කොහෙවත් සාමාන්‍ය කියල දෙයක් නෑ.
අපි කන කිසි දෙයක් තවදුරටත් ස්වභාවික නෑ. අවුරුදු දහස් ගානක ඉඳලා අපි මේ භෝග අපේ පහසුව වෙනුවෙන් කෘතිමව හැඩගස්වාගෙන තියෙනවා. ඔයාට පුළුවන් ඇට නැති කෙහෙල් කන්න. මොකද කෙහෙල් ඇට මිනිස්සුන්ට එච්චර හොඳ නෑ. ඒ වගේම ඔයාට ගන්න පුළුවන් වඩා පෝෂනීය ආහාර.
සාමාන්‍ය ස්වභාවික භෝග ගත්තොත් ඒවා පුංචියි. හෙක්ටයාරයකින් ලැබෙන ඵලදාව අඩුයි. පෝෂණයත් අඩුයි. ඒත් අපි හිතන්නෙ පරණ දේවල් හොඳයි කියල. පරණ දේවල් කියන්නෙ පරණ හින්ද. ඒකෙන් ඒවා හොඳයි කියල අදහස් වෙන්නෙ නෑ.
මං කියන්නෙ ජීවිතේ හැමදේකටම විද්‍යාව පටල ගන්න කියල නෙමෙයි. එහෙම වුනොත් ජීවිතේ කිසි දෙයක් කර ගන්න බැරි වෙයි. ඒත් සමහර දේවල් තියෙනවා විද්‍යාතමකව නැත්තං තාර්කිකත්වයක් ඇතුව හිතන්න අවශ්‍ය. මාර්කට් එකේ තියෙනවා ස්වභාවික භෝග, ඒවා ස්වභාවික හින්දම හොඳයි කියනවා නම්, හොයලා බලන්න. ඇත්තටම ඒවා එහෙමද කියල. එහෙනම් ඒවා ගන්න. ඒත් ගොඩක් වෙලාවට ඒ දේවල් එහෙම නෑ.
මම ජිමී. මම ජීවිතේ ගැන හිතනවා.
ජිමී බොටෙලා සංවාදය අවසන් කරනවා. ඒ අදහස් වල ඇත්ත නැත්තටත් වඩා එතනින් මතු කරන වැදගත්්ම කාරණයක් විදිහට මං දකින්නෙ අපි අපේ ප‍්‍රකෘතිම අදහස් කියලා හිතන දේවල් ප‍්‍රශ්න කිරීමකින් තොරවම බාර ගැනීම. ජාතික හැ`ගීම වෙන්න පුළුවන්, හොඳ නරක ගැන තේරුම් වෙන්න පුළුවන්, ලස්සන අවලස්සන ගැන තේරුම් වෙන්න පුළුවන්, අපි ස්වභාවිකයි කියල බාර ගන්න දේවල් නැවත ප‍්‍රශ්න නොකිරීමෙන් වෙන්න පුළුවන් අගතිය. බොටෙලාට විෂය වෙන්නෙ ආහාර භෝග වුණාට ඒ ස්වභාවික දේ ගැන බාර ගැනීම හැමතිස්සෙම රොමාන්තික කැලෑවක අතරමං කරනවා.
පේරාදෙණියෙ මං පළවෙනි අවුරුද්දෙ ඉන්න කොට අර කණගාටුදායක විදිහට හැ`ගුම්බර, උපාසකම්මලා අතර ප‍්‍රසිද්ද සිංහල ආචාර්යතුමා ආර්ට්ස් තියටර් එකේ නන්දා මාලනීගේ කඩමන්ඩියේ දොළ අයිනේ් උඹව පෙනේ සිංදුව විස්තර කරනවා. මේ දොල අයිනෙ, කඩමණ්ඩිය දිගේ ඇවිදන් එන යුවතිය..... කිය කිය ඒ රොමැන්ටික් හන්දිය තලූ මරනවා.
මේ නොස්තැල්ජික් කන්කෙඳිරිය ඉවසන්න බැරි තැන මං ඇහුවා ‘ඇයි කොන්ක‍්‍රීට් ලයිට් කණු ඉස්සිච්ච, කෝච්චි පාරට එහා පැත්තෙ පුක පිච්චෙන තරම් රස්නෙ කලූ ගල් ආදරණීය නැත්තෙ?’ කියල. එතන කවුරුවත් ඒක ගණන් ගත්තෙ නෑ. දොල අයිනෙ, ගමේ කඩ මන්ඩියෙ මල් කැකුළු විතරයි ආදරනීය කියල ස්වභාවිකයකට හැමෝම නොකියාම එක`ග වෙලා හිටියා.
මේ ස්වභාවික දේට යන පෙළඹවීමම තමයි අපේ අතීතෙට, උරුමයට, අපේ කියන සංස්කෘතියට යන්න පොළඹවන්නෙත්. ඒක අතාර්කික කවදාවත් නොතිබුණු අතීතයක්. හීන දකින ජාතිකත්වයක්. ඒත් ප‍්‍රශ්න කිරීමක් නැතුවම අපි මුල දැනගනිමු, මුල රැුක ගනිමු කියල දත් මදිනවා.
මේ රොමාන්තික සාරයන් සොයා පසු බැසීම, මෙතනදි බරපපතලම කාරනේ වෙන්නෙ අලූත් දේ නරක විදිහට ගැනීම සහ ප‍්‍රතික්‍ෂේප කිරීම, සමාජයක් විදිහට සංවර්ධනයට බාධා කරනවා. ලෝකයක්, විද්‍යාවක් යන ගමනට හරස්ව මිත්‍යාවක් එක්ක ගුහාගත කරනවා.
සිගරට් වලින් පිළිකා ඇති කරනවා නම් ඒකට සිගරට් බොන එක නවත්තනවා කියන්නෙ දියුණු පුරුද්දක්, සංස්කෘතියක් අත්අරිනවා කියන එක. ඒ වෙනුවට පිළිකා ඇති නොකරන සිගරට් නිෂ්පාදනය කරන්න තාක්‍ෂණය දියුණු වෙන්න ඕන. නැත්තං ඒක හරියට ඒඞ්ස් හැදෙනවා කියලා සෙක්ස් නොකර ඉන්නවා වගේ වැඩක්.
මේ විදිහට අතීතය දක්වා පසුබැහීම ගැන මෑතක හොඳම විශ්ලේෂණයක් මට අහන්න හම්බුනේ ඒ වගේ දෙයක් කොහෙත්ම බලාපොරොත්තු නොවුනු පිට්ටනියක. ඒ වඩා හොඳින් බඩුවක් විකුණන්නෙ කොහොමද කියල රිසර්ච් එකක් ඉදිරිපත් කරද්දි. ඒකට ඇවිත් හිටියා ආචාර්ය මීනා කෞෂික්. එයා හු`ගක් ලස්සන වගේම පරිණත චරිතයක්. ආචාර්ය උපාධිය විදිහට ඉන්දියාවෙ මරණය හා සම්බන්ධ සංස්කෘතික වතාවත් ගැන සමාජ විද්‍යාත්මක අධ්‍යනයක් කරලා ඊට පස්සෙ වඩා හොඳින් දේවල් විකුණනනේ කෙසේද කියන එක ගැන උනන්දු වීම අමුතු බැලන්ස් එකක්. විශේෂයෙන්ම මිනිස්සු ගැන එයාට තිබුණු සමාජ මනෝ විද්‍යාත්මක වටහා ගැනීම හරිම පළල්.
රටක් වේගයෙන් බටහිර හෝ නූතන හෝ නව සංස්කෘතියක කලාපයකට විවෘත වෙමින් යනවා නම් ඒකෙම ප‍්‍රතිඵලයක් විදිහට නැවත මූලධාර්මික ප‍්‍රවේශයන් කරා තල්ලූ වීමේ ප‍්‍රවණතා ඇතිවෙන්න පුළුවන් කියල එයා පෙන්නලා දෙනවා. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ ආගමනය, ලංකාවෙ බොදු බල සේනා වගේ සංවිධාන හරහා පිරිමහන රොමාන්තික ජාතික උවමනාව වගේ දේවල් තවදුරටත් නොවැලැක්විය හැකි, ආර්ථික සමාජමය විවෘත වීමත් එක්ක සමාජයක් විදිහට අත්විඳින අනාරක්‍ෂිත හැ`ගීමේ ප‍්‍රතිඵල නෙමෙයිද? ඒක පුද්ගලයා ඇතුලෙත් සිද්ද වෙන්නෙ ඒ විදිහටමයි. හොඳම උදාහරනෙ වෙන්නෙ ඇමරිකාව වගේ රටවල පදිංචි ශ‍්‍රී ලාංකිකයො. ඉන්දියානුවොත් එහෙමයි. ඒ අයට තමන්ගෙ මව් රටවල් ගැන තියෙන ඇහුවම ඇෙ`ඩන ගතිය උපරිමයි. වැඩියෙන්ම ජාතික හැ`ගීමෙන්, අභිමානෙන් දුක් විඳන්නෙ ඒ මිනිස්සු. මොකද ඒ නොදන්නා විශාල කලාපය ඇතුලෙ දැනෙන අනාරක්‍ෂිත හැ`ගීම විසින් නැවත බදාගන්න පොලොවක් ඉල්ලා සිටින හින්ද. පොඩි උන්ට වගේ අම්මව ඕන වෙනවා. ඒක එක විදිහකට තමන් ඇතුලෙ සිද්ද වෙන පරාරෝපණයට තමන්ටම ඇති වෙන බය.
ඒ එක්කම වසංගතයක් වගේ පැතිරෙන්න ගන්නවා සෞඛ්‍ය අමාරුව. හැමෝම පාර්ක් ගානෙ පාරවල් ගානෙ දුවන්න පටන් ගන්නවා. හෙල්ත් ෆුඞ් කනවා. චෙකප් යනවා. ඇ`ග හදනවා. තමන්ව දියවෙනවා කියල දැනෙන්න දැනෙන්න තමන්ව භෞතිකව පවත්වා ගන්න හැල්මෙ දුවනවා. මේ වෙද්දි ඒක ලොකුම මාර්කට් එකක්.
අපි ඉන්නවද කියල අපිට ඇ`ග අතගාලා බලන්න වෙනවා. අපි ඉන්නවා කියල අපිටම ඔප්පු කර ගන්න අපිට සිංහල බෞද්දකම ඕන වෙනවා. ගෝත‍්‍රයක් විදිහට ඒ දැනෙන අනාරක්‍ෂාව බෙදිලා යන හින්ද. මේ විදිහට අපි යුද්දෙන් පස්සෙ ලංකාවෙ විස්තාරණය වෙන, විවෘත වෙන ආර්ථික සමාජ දේහයට බයේ ඇතුළෙන් ඇකිලෙනවා. ඒක ස්වභාවික තත්වයක්්. මේ විපිළිසරය තව අවුරුදු කීපයක් මේ විදිහටම තියෙයි. ඊට පස්සෙ අපිට සිද්ද වෙනවා බාර ගන්න. නැත්තං උතුරු කොරියාව වගේ වහ ගන්න. (හෝ කන්න)
කිෂෝර් මහ්බුබානි, සිංගප්පුරුවෙ ලී ක්වාං යු විශ්ව විද්‍යාලෙ රාජ්‍ය ප‍්‍රතිපත්ති ගැන මහාචාර්යවරයා කියන විදිහට බටහිර නොවන රටවලට පාරවල් තුනක් මෙතනදි තෝරගන්න පුළුවන්.
1. තමන්ගේ අතීතය උරුමය සංස්කෘතිය ආරක්‍ෂා කරගෙන හුදකලා වීම. මේක මිල අධික තෝරාගැනීමක් වගේම රටවල් කීපෙකට විතරයි මේ පාර තෝර ගන්න පුළුවන්. ලංකාවට නම් කොහෙත්ම බෑ.
2. නැත්තං මේ යන පාරටම එකතු වෙන්න පුළුවන්. බටහිර යැයි කියන වටිනාකම් පද්ධති පිළිගනිමින්.
3. නැත්තං බටහිර නොවන රටවලට පුළුවන් එකතු වෙලා බටහිරට විරුද්ද නූතන, දියුණු ආර්ථිකමය, යුදමය බලයක් ගොඩනගන්න. ඒ හරහා තමන්ගේ උරුමයන් හරි වටිනාකම් හරි ආරක්‍ෂා කර ගන්න. ඒ කියන්නෙ ලෝක මට්ටමේ ඇණ ගැනීමක්.
මහ්බුබානි මං වගේම බටහිරකරණය ගැන අතිශයින්ම සුබවාදීයි. එයා කියන්නෙ බටහිර මේ වෙද්දි ගොඩක් ප‍්‍රශ්න වලට විසඳුම් සංස්කෘතියක් විදිහට හොයාගෙන අවසන් කියල. ඒ ගොල්ලොන්ට තියෙන්නෙ ඒ දේවල් හරියට ඇප්ලයි කරන එක විතරයි. ඒ වගේම බටහිර මොඩලය ලෝකයේ අනිත් රටවල ජනප‍්‍රිය වීම හරහා පේන්්නෙ ඒ ආකෘතියෙ සාධනීයතා වැඩියි කියන එක. ඉස්සර තනි තනියෙන් තමන්ගෙ නැව් පදවපු ජාතීන්ට දැන් ගෝලීයකරණය හරහා එකම නැවක වෙන වෙන කැබින් පාලනය කරන්න සිද්ද වෙලා තියෙනවා කියල එයා දකිනවා. ඒ වගේම මේ බටහිරකරණය වේවා, නූතනකරණය වේවා ඒ හරහා මේ වෙද්දිත් ලෝකයම වටිනාකම් පහක් එකට බෙදාහදාගනිමින් ඉන්න වග මහ්බුබානි මතක් කරනවා. නූතන විද්‍යා තාක්‍ෂණය, අනුපාත සහ තර්ක ක‍්‍රමය, නිදහස් වෙළඳ ආර්ථිකය, සමාජ සම්මුතිය සහ බහුවාර්ගිකත්වය පිළිගත් දේශපාලන මොඩලය.
මේ වෙද්දි ඉන්ටර්නෙට් එක හරහා අධි වේගයෙන් සියල්ල සම්බන්ද කරමින් ඉන්නවා. උදා විදිහට ෆේස් බුක් හරහා අපිට යුරෝපයේ රටක කෙනෙකුගේ ජීවිතය අපේ තරම්ම සජීවි වෙන්න පුළුවන්. තවදුරටත් ලංකාවෙ ගම්බද තරුණයෙක් සහ නාගරික තරුණයෙක් අතර පංති පරතරය තියෙන්නෙ භෞතික තත්වයන් අතරෙ විතරයි. මනෝමය තත්වයන් අතින් මේ පරතරය බිංදුවට ළං වේගෙන එනවා. අපේ ආශාව එක දිශාවකට සංවිධානය වෙනවා.
අපි ඉන්නෙ එක්තරා අවිනිශ්චිත කාලයක. එච්චරයි. ඒ ඉරිතැලීම, කැළඹීම හරහා අපි ඇමරිකාව, යුරෝපය දිහාවට හෝ චීනය අරාබිය දිහාවට ඇදී යන්න නියමිතයි. මට සිරිමල් විජේසිංහ නිතර කියන කතාවක් මතක් වෙනවා.
‘කුණාටු වෙලාවට නැව් මුහුදට දාන්න නරකයි. වෙරළක් අයිනෙ නැංගුරම් දානවා මිසක’
අපි මේ වෙලාවෙ නැව ගැටහහන්න ගල්කණුවක් හොයනවා.
ඒත් නැවක් නං වෙරළක නැංගුරම් දාගෙන ඉඳලා වැඩක් නෑ. මුහුදක යාත‍්‍රා කරන්න ඕනි.
-චින්තන ධර්මදාස