හෙඩොනිස්ම් සිංහලෙන් කිව්වොත් සුඛපරමවාදය ගැන සුඛයෙන් යුතුව භාවනාවක ඉන්න කොට එක එක අදහස් වීදි දිගේ හිත නන්නත්තාර වෙන්න ගත්තා. අපි කැමති වුණත් අකමැති වුණත් ලෝකෙ සුඛපරම දිශාවට මෙහෙයවෙන එක නවත්තන්න බෑ. වාමාංශික විදිහට මේක ධනේශ්වරයෙ පරිභෝජනවාදී හරි වෙන මොකක් හරි විදිහට කියන්න පුළුවන් වුණත් මිනිස්සු වඩ වඩාත් ආශාවෙ දිශාවට මෙහෙයවෙන එක ඇතුලෙ ලෞකික ජීවිතේ යළි යළිත් නිර්මාණය වෙනවා. පිනවීම සංතර්පනය ගැඹුරු ආධ්‍යාත්මික හඹා යාම වෙනවා.
සදාචාරාත්මක විදිහට පෙළන්නන් සහ අවසනාවන්තයන් ගැන හැ`ගීම්බර විදිහට අපි සතුට ‘පොදුයි’ කියන මනක්කල්පිත අරමුණු වෙනුවෙන් පාවා දෙමින් ඉන්නවා. මට හිතෙන විදිහට පුද්ගල සතුට හා සංතර්පනය නරක දෙයක් නෙමෙයි. අඩුම තරමෙ ඒක පොදු සතුටට වඩා ගොඩක් හොඳයි. හේතුව පොදු කියන එක ඇතුලෙ දැනගෙන සහ නොදැනගෙන කරන විකාර සහගත එක`ගවීම් එක්ක අපි දුක වගා කර ගන්න හින්ද. සීමාවන් සහ මායිම් පණවා ගන්න හින්ද.
මට හිතෙන්නෙ හෙඩොනිස්ට් අදහස් මේ වෙද්දි පාවිච්චි වෙන සංදර්භයයි අර්බුදය. කොකා කෝලා වර්ගයේ ක්ෂණික තෘප්තීන් මිස ගැඹුරු, විශාල තෘප්තීන් අපි අත්හරිමින් ඉන්නවා. එපිකියුරිස් යෝජනා කරන සුඛයේ ඒ ගැඹුරු පදනම සිල්ලර වෙමින් යනවා. පැවැත්ම පරිපාකයට පත් කිරීම වෙනුවට කොහෙත්ම අපේක්‍ෂා නොකළ මුදල් ආර්තිකයක බර අපි කර දරමින් ඉන්නවා. මට හිතෙන්නෙ තෘප්තිය නැවත එයට අදාල පූර්ණ ගැඹුර කරා අරගෙන යන්න ඕන.
‘ප‍්‍රඥා සම්පන්නව සහ සාධාරණව ජීවත් නොවන්නෙකුට සතුටු සහගත ජීවිතයක් ගත කිරීමට නොහැකි වනු ඇත. සතුටු සහගත ජීවිතයක් ගත නොකරන්නෙකුට ප‍්‍රඥා සම්පන්නව සහ සාධාරනව ජීවත් වීමටද නොහැකි වනු ඇත’
-එපිකියුරස්
දුක වෙනුවට සතුට මුල් කර ගැනීම මට හිතෙන්නෙ ලංකාවෙ නම් සංස්කෘතියක් විදිහටම යලි ගොඩනගන්න සිද්ද වෙන තත්වයක්. බුදුන් වදාල ධර්මය කියලා දුකම අනුභව කරමින්, නැවත දේශපාලනය හෝ විප්ලවය කියලත් කලාව සහ සෞන්දර්යය කියලත් දුකම විඳිමින් විඳවමින් ප‍්‍රතිනිර්මාණය කරමින් ඉන්න ලංකාවෙ මනසට සතුට බාර ගන්න පුළුවන්කමක් නෑ. සතුට අකැප වුණු ජීවිතයක් බාරගෙන අපි සංසාරයක් විඳවමින් යනවා. එපිකියුරස් අපිට ආපහු කියවන්න වෙන්නෙ ඒකයි. ස්වර්ගයක් හෝ මරණින් මතු ජීවිතයක් නැති මේ එකම පේන දකින ජීවිතයේ සෞන්දර්යය නිර්මාණය කරන්න. පුද්ගලයාගේ ජීවිතය ආයිමත් පුද්ගලයාට බාර දෙන්න.
‘මං වැරදි දේවල් දිහාවටම යොමු වුණු මිනිහෙක්. මං බොන්න ආසයි. මං කම්මැලියි. මට දෙවියන්, දේශපාලනය, අදහස් හෝ ප‍්‍රතිරූප නෑ. මං හිස්කමට පුරුදුයි. ඒක හරියට නොපැවැත්මක් වගේ. මට ආකර්ශනීය මිනිහෙක් වෙන්න ඕන නෑ. ඒක හරි වාත වැඩක්. මට ඕන මෘදු සුවපහසු තැනක් ඉන්න, එච්චරයි. මං බිව්වම මං කෑ ගහනවා. මට පිස්සු වගේ හැදෙනවා. ඒක වෙන කෙනෙක් කැමති වෙන චර්යාවක් නෙමෙයි. ඒත් මට මොකටද ඒ වගක්’
- චාර්ල්ස් බුකොව්ස්කි.
ඉන්ටර්නෙට් එකේ හෙඩොනිස්ට් ඇවනියු එකක් දිගේ ඇවිත් මං අතුරු පාරකට හැරුණා අහම්බෙන්. ඒ අලූත් බොහොමියානු ජීවිත ගැන ජෙෆ් කැම්පෙනා ලියලා තිබ්බ ලියවිල්ලක් එක්ක. ජෙෆ් කැම්පෙනාම එයාව අඳුන්නලා දෙන විදිහට ලේඛකයෙක්, මාධ්‍යවේදියෙක්, සංචාරකයෙක් සහ බොන්නෙක්. එයා අද කාලෙට ගැලපෙන බොහිමියානු ජීවිත ගැන ලිපියක් ලියනවා.
හෙඩොනිස්ට් අදහස් සහ බොහිමියානු ජීවිත අතරෙ හොඳ සම්බන්ධයක් හැදුවෙ බීට් පරපුරේ අය. ඇලන් ගින්ස්බර්ග්, විලියම් එස් බරොෆ්, ජැක් කැරෝ ප‍්‍රමුඛ මේ පරපුර ඒ ඒ විකල්ප ජීවන විලාසිතාව හැඳින්නුවෙ හෙඩොනිස්ට් බොහීමියන් විදිහට. ඒක හරි ලස්සන සංයෝජනයක්.
බොහිමියානු කියපු ගමන් අපිට මතක් වෙන්නෙ වැරහැලි වගේ ඇඳුම් අඳින, කොණ්ඩෙ දිගට වවා ගත්ත, රැුවුල් වවපු, කාමරේ පිරෙන්න හිස් අරක්කු බෝතල් පිරිච්ච, පරණ ටයිප් රයිටරයක් එක්ක වතුරත් නැති, තීන්ත ගැලවිච්ච ෆ්ලැට් එකක ජීවත් වෙන අමුතු චරිත. මේ අය ගොඩක් වෙලාවට පාදඩයො පීඩිතයො එක්ක ළ`ගින් ඇසුරු කරනවා. නිතර බඩගින්නෙ වීදි දිගේ ඇවිදිනවා. ඔවුන්ගෙ නිර්මාණ සම්භාව්‍ය ගැලරිවල ලොකු ගණං වලට විකිණෙනවා. ඒත් පොෂ් සල්ලිකාර ආර්ටිස්ට්ලාගෙන් දුරස්ව මේ අය ‘මහපොලොවෙ’ ජීවත් වෙනවා. (මහ පොලොව කිව්වම විදර්ශන වගේ තවත් ගොඩක් අයට මේ අදහස තේරුම් ගන්න ලේසි වෙනවා)
මගේ යාලූවො ගොඩක් මේ විදිහෙ කට්ටිය. ඇත්තටම මං ඒක ගැන ආඩම්බරයි. ඒත් ඒ ගොල්ලො හැමදාම ගත කරන කණස්සලූ සහගත ජීවිතේ දිහා බලාගෙන ඉන්න කොට මට දුකයි. මොකක් හරි වාසනාවකට මේ වෙද්දි කීප දෙනෙකුගේ ඇරෙන්න ගොඩක් දෙනෙකුගේ තත්වය වෙනස් වෙමින් යනවා. නාගරික සමාජයේ සුඛෝපභෝගිතා ගිල්ටියක් නැතුව විඳින්න ඒ අය මානසිකත්වයක් ගොඩනගා ගෙන තියෙනවා. ඒක මට සතුටක්. මං හිතන්නෙ කැම්පෙනා එයාගෙ ලියමන හරහා මේ පරණ බොහීමියානුවාගේ ඉඳන් අලූත් බොහිමියානුවා දක්වා අවශ්‍ය පරිණාමය විස්තර කරනවා. (ඇත්තටම මේ වගේ වෙනස් වීම් ඉවොලූෂන් එකක් විදිහට කියවනවට වඩා රෙවලූෂන් එකක් විදිහට කියවන්න ඕන. මොකද ඒ සවිඥානක මානසික අත්පත් කර ගැනීමක් හින්ද)
‘ඉදිරිගාමීව හිතන ක‍්‍රියේටිව් එවුන් වතුර බේරෙන ගුබ්බෑයම් වල ඉඳන්, නිවිලා දියවෙච්ච කෝපි බොමින්, හැමදේටම විරුද්ද ඒ අයගෙ අදහස් තම්බමින් හිටපු ඒ කාලෙ අහවරයි’
බොහිමියානුවා සහ ව්‍යාපාරිකයා කිසිදාක එකිනෙකා මුණනොගැහෙන පාරවල් දෙකක ගිය කාලය අවසන්. මේ මුණගැහීමයි ජෙෆ් කැම්පෙනා අලූත් බොහිමියානු ජීවිතය විදිහට හඳුන්වන්නෙ.
මේ අලූත් බොහිමියානුවා මෘදුකාංග ඉංජිනේරුවෙක්, නව නිපැයුම්කරුවෙක්, රෙකෝඞ් ලේබල් එකක හෝ ෆිල්ම් ස්ටුඩියෝ එකක විධායකයෙක් වෙන්න පුළුවන්. ඔහු පිළිගත්, මිත‍්‍රශීලී, ආකර්ශනයක් සහිත යමක් කමක් ඇති කෙනෙක්. තව දුරටත් ඔහු ස්ථාපිත සියල්ලට එරෙහි කැරළිකාරයෙක් නෙමෙයි. මුඩුක්කු අතීතයේ ලට්ට ලොට්ට අත්ඇරලා එයා සුන්දර නවාතැන් තෝර ගන්නවා. ඉබාගාතෙ ඇවිදින්නෙක් වෙනුවට දැන් එයා සංචාරකයෙක්.
ඒ මොහොතේ පමණක් ජීවත් වුණු බොහිමියානුවා මේ වෙද්දි අනාගතය අත්පත් කර ගැනීම වෙනුවෙන් වැඩ කරන්න අරගෙන. ආර්ථිකයෙන් පලා යාම වෙනුවට ඒ ආර්ථිකය නිර්මාණශීලීව වෙනස් කිරීම සඳහා ආර්ථිකය අත්පත් කර ගැනීම පටන් අරගෙන. වෙනසක් වෙනුවෙන් අවශ්‍ය බලය අතට ගන්න ඔවුන් පසුබාන්නෙ නෑ.
මේ බොහිමියානු කියන තේරුම හැදුණු ඉතිහාසයක් තියෙනවා. බොහිමියානුවො කියලා මුලින් හැඳින්නුවෙ ප‍්‍රංශයට බටහිර යුරෝපෙ බොහීමියාවෙන් සංක‍්‍රමණය වුණා කියලා විශ්වාස කරන ඔරු පදින රොමානි මිනිස්සු පිරිසක්. ඒ ගොල්ලො සම්පූර්ණයෙන්ම ඒ සමාජයට පිටස්තරයි වගේම සම්ප‍්‍රදායන් ගැන තැකීමක් කළෙත් නෑ. මහා සමාජෙ විවේචනය හෝ පිළිගැනීම ඒ අයට අදාල වුනෙත් නෑ. පස්සෙ 19 වෙනි ශතවර්ෂෙදි වගේ යුරෝපෙ නගර කේන්ද්‍රීයව ජීවත් වෙන මේ පිටස්තර ජීවන විලාසිතාවෙ ලේඛකයො, පත්තරකාරයො, සංගීතකාරයො හඳුන්වන්න මේ නම පාවිච්චි කළා. බොහිමියානු කියන වචනෙ පිටිපස්සෙ නිදහස් ආදරය, අල්පේච්ඡුතාවය සහ කැමැත්තෙන් දුප්පත්කම තෝරා ගැනීම වගේ තේරුම් ගැනීම් තිබුණ. මේ බොහිමියානු ජීවිතේ ගැන අර්ථයන් සමාජගත කරන්න සහ ඒවා පිළිගැනීම් බවට පත් කරන්න ඒ චරිත අතින් නිර්මාණය වුණු නිර්මාණ වලට (නිෂ්පාදන වලට) පුළුවන් වුණා. මහා සමාජයක විනෝදාස්වාදී කලාපය කළඹන, පුබුදන නිර්මාණ හැම විෂයකින්ම පාහේ බිහිවෙන්න ගත්තා.
ඒ වගේ උප සංස්කෘතියකට පැවැත්මක් හදන්න ඒ විදිහෙ නිර්මාණාත්මක නිෂ්පාදන ප‍්‍රවේශයක් ඕනමයි. එහෙම හදපු සමාජ අඩිතාලම මත තමයි මේ වෙනකල් අපි දන්න අඳුනන බොහිමියානු ජීවිත ජීවත් වෙන්නෙ. ඒත් අලූත් සමාජ වෙනසත් එක්ක මේ බොහිමියානු අර්ථයන් අර්බුදයට යනවා. ඒක සිද්ද වෙන්නෙ තාක්‍ෂණය හරහා. රේඩියෝව, ප්ලේන් එක, පේස්මේකර්ස්, මයික්‍රොප්‍රොසෙසර් එක, සෙල්ෆෝන් එක, ඇපල් මැකින්ටොෂ් සහ විශේෂයෙන්ම ඉන්ටර්නෙට් එක මේ තාක්‍ෂණ විප්ලවයේ මංහංදි. මේ තාක්‍ෂණයන්ගෙන් අපිට කරපු සහ කරමින් ඉන්න වෙනස්කම් මේ වෙද්දිවත් තේරුම් ගන්න බෑ. ඒ වගේම ඩිජිටල් යුගයත් එක්ක අපේ ඇනලොග් සංකල්ප වලට සිතීම් වලට සහ තේරුම් ගැනීම් වලට කරපු වෙනස අපි තාම ග‍්‍රහණය කරගෙන නෑ. බොහිමියානු අදහසත් ඒ වගේ ඇනලොග් තැනක නතර වුණා.
ඒත් තවත් බොහිමියානුවන් පිරිසක් මේ වෙනසේ හිඩැස වාසියට ගත්තා. ලෝකයම මිල්ක්ෂේක් බිබී, ටෙක්ස්ට් කරමින් චැට් කරමින් ගත වෙද්දි මේ කීප දෙනා නිර්මාණාත්මක ආර්ථිකයට අතපෙව්වා. තාක්‍ෂණික වෙනස සේවය කරන්නේ සමාගම් වලට විතරක් නෙමෙයි. වඩා නිර්මාණාත්මක සිතීම්, නිර්මාණාත්මක දේශපාලනයන්, නිර්මාණාත්මක ජීවිත රටාවන් වෙනුවෙන් තාක්‍ෂණය කරන වැඩ කොටස ගොඩක් ලොකුයි. අන්තර්ජාල යුගයේ සමාගම් වල තීරණ වලදි ඒ සමාගමේ ප‍්‍රතිලාභ ඉහළ නැංවීම විතරක් නෙමෙයි ඒ අයගේ පාරිභෝගිකයන්, පහළම ලේයරයේ උවමනාවන් පවා සැලකිල්ලට ගන්න සිද්ද වෙනවා. නෑෂ්ගේ සමතුලිතතා න්‍යාය වැඩ කරන්නෙ ඒ විදිහට. (නෑෂ් ඉක්විලිබ්රියම්)
එතකොට මේ කියන අලූත් බොහිමියානුවා කොයි විදිහෙ කෙනෙක් වෙයිද?
එයා ස්ටීව් ජොබ්ස් වගේ කෙනෙක්. අපි සිංදු අහන විදිහ, ෆිල්ම් බලන විදිහ, අපි කියවන විදිහ පවා වෙනස් කරපු. එයා මේ විප්ලවය කරන්නෙ ලොකු බ්රීෆ් කේස් එකක් අරගෙන ටයි එකක් එල්ලගෙන නෙමෙයි. විසඳුම් පදනම් කරගත්තු අලූත් අදහස් වලින්. එයාට වෙනමම මේ විනෝදාස්වාදී කලාප වල පාරිභෝගිකයෙක් වෙන්න ඕන නෑ. ඒ කොහොමත් එයා කැමති දේ. මියුසික් වල ප්‍රොෆිට්ස් පරිස්සං කරන අතරෙම එයාට මිලියන ගානක් එන විසඳුමක් ක‍්‍රියාවට නගන්න ජොබ්ස්ට පුළුවන් වෙනවා. ඒක පැරඩයිමය සිතීමක්. නිර්මාණාත්මක සිතීමක්. බොහිමියානු සිතීමක්.
ආර්ට් ගැන, ක‍්‍රියේටිව් ගැන, නිදහස ගැන විශ්වාස කරන ඕනම වෘත්තිකයෙන් නව බොහිමියානුවෙක් වෙන්න පුළුවන්. ඇඞ්වර්ටයිසින්, මීඩියා, ෆයිනෑන්ස් ඕනම තැනක මේ බොහිමියානුවන් ඉන්න පුළුවන්. ඒ අය නිර්මාණාත්මක බව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ඇනලොග් සිස්ටම් එක කඩාබිඳ යළි සකස් කිරීමේ නිරත වෙලා ඉන්නවා. සමහරු දැනුවත්ව. තවත් අය නොදැනුවත්ව. ඉස්සර නිර්මාණ විකුණන්න උත්සාහ කළ බොහිමියානුවන් දැන් විකුණන්නෙ අදහස්.
කාලය වෙනස් වුණා. ඒත් එක දෙයක් තාමත් එහෙමමයි. බොහිමියානුවා තමන්ගේ ජීවිතය තමන්ගෙ විදිහට ගත කරනවා. ඒ ගත කිරීම ඇතුලෙ කොයිම මොහොතකවත් එයා තමන් කවුද කියන එක අමතක කරන්නෙ නෑ. තමන්ගෙ සහෘදයා සහ තමන් ජීවත් වෙන ලෝකය එයා අමතක කරන්නෙ නෑ.
ගැලට් බර්ගස් ඒක ලස්සනට කියනවා. එහෙනං මොකක්ද මේ අද්භූත බොහිමියා පුරවරයේ විශේෂත්වය? මොකද්ද මේ සුරංගනා ලෝකයේ ආකර්ශනය? ඒ මේකයි. බොහිමියාවෙ පාරවල් නෑ. කෙනෙක් එයාගෙ පාර එයා විසින් තෝරා ගන්න ඕන. එයා එයාම බවට පත්වෙන්න ඕන. එයා එයාගෙ ජීවිතේ ගත කරන්න ඕන.
-චින්තන ධර්මදාස
මේ ලිපිය කියවූ පසු මට සිතුනේ මාත් එක විදිහක බොහිමියානුවෙක් නේද යන්නයි.මා ආබාධිතයි රෝදපුටුවක කාලය ගත කරන්නේ.මම අවිවාහකයි ඒත් ඉඩක් ලැබුන විට ලිංගික සම්බන්දතා පවත්වනවා.ඒවා සම්මතද,අසම්මතද කියන කාරණය මට අදාළ නැහැ.කාල පරතරයක් තබාගෙන මත්පැන් බොනවා ෆිල්ම් බලනවා,සංචාරකයෙක් වෙන්න බැරි උනත් දවස මට කැමති විදිහට ගත කරනවා.මට සමාජ සම්බන්ධතා පවත්වාගතයුතුය යන්නත් අදාළ නැහැ.මා මටම ආවේනික ක්‍රමයකට සතුටින් ජීවත් වෙනවා.
ReplyDeleteඑළ..!
ReplyDelete////කෙනෙක් එයාගෙ පාර එයා විසින් තෝරා ගන්න ඕන. එයා එයාම බවට පත්වෙන්න ඕන. එයා එයාගෙ ජීවිතේ ගත කරන්න ඕන./////
ReplyDelete+++++++++++++++
Me Article eka hodai!! Bohemiyanuwa yanu mata fantasy ekaki. Maage victoriyanu manasata bohimiyanuwa durastha yathaarthayaki !!
ReplyDelete- T.S.V
මේ නව බොහීමියානු සංකල්පයට මම කැමතියි.මේ යුගයේ ඇතුලේ කොහොමත් සාමිප්‍රදායික බොහීමියානුවෙකුට සර්වයිවු වෙන්න හරිම අමාරුයි,මාත් ඇත්තමට ආස ඒ වගේ ජීවිතයකට වගේම මම දැනට ගෙවන්නේත් ඒ වගේ ජීවිතයක් තමා
ReplyDeleteරසවත් ලිපියක්
ReplyDeleteblog එක ජය වේවා !
ReplyDeleteඅදහසක් ගත්තා!