මං මරණ ගැන ලියන්නෙ නෑ. කොටින්ම ෆේස්බුක් පිටුවල මළ මිනී දාන උන් පවා මට අරහං. මරණය ඒ තරම්ම මම නොපිළිගන්නා දෙයක්. මං හිතන්නෙ ජීවත් වෙන මිනිහෙකුට කවදාවත් මරණය මුණ නොගැහෙන දෙයක්. ඒ වගේම මැරුණා වගේ ජීවත් වෙන මිනිස්සුන්ට කවදාවත් ජීවිතය මුණ නොගැහෙන දෙයක්. ඉතින් අපි නිතර දකින්නෙ මරණය ගැන දුක්වෙන මැරුණු මිනිස්සු. ගොඩක් බෞද්ධයො එහෙමයි.
සංජය (සේනානායක) යන්න ගිය වග මං දැන ගත්තෙ ෆේස් බුක් එකෙන්. සංජයම එයාගෙ ෆේස් බුක් පිටුවෙ නික්ම යාම සටහන් කරලා තිබුණ. ආස්වාදජනක නික්මයාමක් විදිහට. පාට එළි දැල්වෙන රාත‍්‍රියක නිදහසේ නර්තනයක් විදිහට. සුරතාන්තයක් විදිහට. සංජය ජීවත් වුණා විතරයි. මැරුනෙ නෑ.
මං සංජය ගැන ගොඩක් දේවල් දන්නෙ නෑ. අහම්බෙන් අතරමග මුණගැහෙන උණුසුම් මිනිහෙක් විදිහට ඇරුණම ජීවිතේ අපිට බෙදාගන්න දේවල් තිබුනෙ ගොඩක් අඩුවෙන්. අපි චිත‍්‍රපටි ගැන නොයෙක් දේවල් බෙදා හදා ගත්තා.
සංජය මට මුණගැහෙන්නෙ කැමරාවත් එක්ක. අතේ සතේ නැතුව ෂෝර්ට් ෆිල්ම් කරන කාලෙ එයා කැමරාවත් අරගෙන ෂූට් කරන්න ආවා. සිගරට් පැකට් එකක් නිතර ළ`ග තිබුණ. හැමදේම සල්ලි සහ කාලය වුණු වටපිටාවක සංජයට කවදාවත් ඒ දෙක ගැන කතා කළේ නෑ. යෝධයෙක් වගේ කැමරාව උස්සන් කිසිම අරමුණක් නැති ෂෝර්ට් ෆිල්ම් වෙනුවෙන් සංජය මහන්සි වුණා. කවදාවත් ආපහු ලැබෙන දෙයක් ගැන නොහිතා. විකල්පයක් වෙනුවෙන්ම තිබුණු ආදරය හින්ද කැපවුණා.
සංජයගේ දේශපාලන අදහස් මං පිළිගන්න තාලෙ ඒවා නෙමෙයි. ඒත් අපි කවදාවත් ඒ ගැන කතා කළේ නෑ. ප‍්‍රධාන ධාරාවට යම් විදිහකින් විකල්පයක් සැපයීම කියන කාරණය සංජයට ඇති එකතු වෙන්න. කවදාවත් අපි කරපු චිත‍්‍රපටියකට මොකද වුනේ කියල නැවත මගෙන් අහලා නෑ. ගමනක් මිස ගමනාන්තයක් ගැන අදහසක් එතන තිබුණෙ නෑ.
සංජය ගැන මං ලියන්නෙ හැමදාම මම හිත හිත හිටපු දේකට සංජය උත්තරයක් දුන්න හින්ද. මරණය ගැන හිතනවා වෙනුවට ජීවිතය ගැන හිතන විදිහ. තමන්ගේ හුදකලා පුද්ගලික අසනීපය හෝ අවසානය ගැන තැවෙනවා වෙනුවට දහස් ගණනක් බෙදා හදා ගන්නා විශාල ජීවිතයක කොටස්කාරයෙක් වෙන එක. මරණය ඉස්සරහදි ජීවිතය තව විශාල කර ගන්න එක.
සංජය නික්ම ගිය බව කියන ෆොටෝ එක මට ගොඩක් දැණුනෙ ඒකයි. ඒක ඒ තරම්ම සුන්දර සමුගැනීමක් හින්ද. ලස්සන මිනිස්සු ඉක්මණට යන්න යනවා. වෙන විදිහකින් කිව්වොත් දේවතාවන් නික්ම යනවා, පව්කාරයන් ඉතිරි වෙනවා.
මට වූඩි ඇලන්ගේ කියමනක් මතක් වෙනවා.
‘මං මැරෙන්න බය නෑ. මැරෙන කොට මං එතන නෑ’
ආදරයේ අංශුමාත‍්‍රයක් ෆිල්ම් එකේ ඞී මෙහෙම කියනවා.
‘සිගරට් ෆිල්ටරය ඇතුලෙන් ඇවිත් පෙනහළු වලට කිඳාබහින කිරි පාට දුම් ගුලි ආදරණීය පිළිකාවක් මතක් කරනවා. ඒ පිළිකාව ඇ`ගට ඕනි....’
මේ දෙක එකට ගැලපෙන්නෙ කොහොමද කියල මං දන්නෙ නෑ. ඒත් ඒ හිස් තැන පුරවන්න මට බලාපොරොත්තුවක් ඕනි. හැම ළ`ග මරණයක් ගැනම ඇහුවම තමන්ට ලිංගික ප‍්‍රාණවත් වීමක් සිද්ද වෙනවා කියලා ලූවී සීකේ කියනවා.
මං හිතන්නෙ ඒ ජීවිතේ ලිහෙද්දි ඉහිරෙද්දි ආපහු වැළඳගැනීමේ දනිපනි ගෑම.
පහුගිය ඉරිදා චින්තක ගීතදේව ඇන්ඇම් පෙරේරා එකේ සිංදු කිව්වා. අජිත් කුමාරසිරිත් සිංදු ටිකක් කිව්වා. ඒක කොයිතරං පුංචි වැඩක් වුණත් හු`ගක් ලස්සනට සිද්ද වුණා. ඉටිපන්දම් විතරක් පත්තු වෙන ශාලාව අමුතු මූඞ් එකකට සෙට් වුණා. ඇතුල්වෙන්න ටිකට් එක වුණේ ඉටිපන්දමක්.
ගීතයා සිංදු කිව්වා. එකදිගට පැය දෙකහමාරක් ඌ සිංදු කිව්වා. එකදිගට. එකම ජවයකින්. ඒක ලේසි දෙයක් නෙමෙයි. පැය දෙකකටත් වඩා එකම මූඞ් එකකින් සිංදු කියන එක. අනික් අතට ඒ හැම සිංදුවක්ම හු`ගක් ශක්තිය ඉල්ලා සිටින වර්ගයේ ඒවා. මං මට මතක ඉතුරු වුණු සිංදු කීපයක් ගැන ෂෝර්ට් නෝට් එකක්් තියන්නං.
හෙහ්.. උයනක් කියන්නෙ මේකද?
අහා... උයනක් කියන්නෙ මේකද?
ගීතයා කිව්වෙ අපේ අලූත් උයන් කලාව ගැන. ගෑණු පුකවල් නග්ගන්නත් පිරිමි බඩවල් බස්සන්නත් දුවන අපේ අලූත් සෞඛ්‍ය සංකල්පෙට.
ලෑලි වන තුරු බඩවල්
පිරිමි ඇවිදින එකටද?
රවුම් වන තුරු පුකවල්
ගැහැණු දුවනා එකටද?
ඌ අහන්නෙ උයනක් කියන්නෙ දුවන්න ඇරුණම අනිත් හැමදේම තහනම් මේ ස්ටෙරිලයිස් තත්වෙද නැත්තං ගස්කොළං නිදහසේ වෙළුණු තහනමක් නැති සුන්දර තත්වෙකටද කියල. ඒක ඌ අහන්නෙ උපරිම උපහාසෙන්.. ආ, උයනක් කියන්නෙ මේකද එතකොට... වගේ.
වම දකුණ භේදයක් නැතුව ලංකාවෙ මෙච්චර කල් අහලා තියෙන ඔක්කොම සිංදු වල අම්මා ගැන කියනවා නං කිව්වෙ පුදුම සහ එකම රොමාන්තික කතාවක්. දස මාසයක් කුසේ දරාගෙන, කැත කුණු මගෙ අතගාගෙන, බෝ මළුවෙ ඉඳන් බස් එකේ හි`ගන්නා දක්වා මේ කතාව ෂෙයාර් කළා. පළවෙනි වතාවට ගීතයා අම්මාගෙන් වෙනස් විදිහෙ ප‍්‍රශ්නයක් ඇහුවා.
‘කිරි කිරි කිරි කිරි කිරි කිරි බෝලේ
රැුළි රැුළි රැුළි රැුළි රැුළි මාලේ.....’
සිංදුවෙ ඉතුරු වචන ටික මට මතක නෑ. ඒත් කතාව මතකයි. රෝස කැලේ හොඳට හිටපු මාව මේ වේස කැලේකට අරන් ආවෙ ඇයි කියල ඌ අහනවා. ඒක මාර ප‍්‍රශ්නයක්? මාව මේ වගේ කාලකණ්ණි ලෝකෙකට අරං ආවෙ ඇයි කියල අහන පොඩි එකෙක්.
අන්තිමට ගීතයා සිංදු ටික ආණ්ඩුවෙ පැත්තට උරුක් කළා. ඒත් ඒවයේ ආතල් එක පිරෙන්න තිබුණ.
යාමෙන් හොඳ යාම රජ ගෙදරට යාම
කීමෙන් හොඳ කීම රජුගේ ගුණ කීම
කෑමෙන් හොඳ කෑම රජ ගෙදරින් කෑම
දීමෙන් හොඳ දීම රජ ගෙදරට දීම
අපි හැමදාම අහලා තියෙන බණ කවිය ඌ අලූත් කළා. ආණ්ඩුව ගැන මළ පැනලා හිටපු හැමෝටම මාර ත‍්‍රිල්. එදා හවස ශවං ශවං ශ කාලෙකට පස්සෙ ලස්සන අත්දැකීමක් වුණා.
ඒ වගේ දේවල් පොඩියට ඔර්ගනයිස් වෙන එක ලොකු දෙයක්. කිසි දෙයක් නැති සංස්කෘතික කාන්තාරෙක නන්නත්තාර කාලයක් අපි වගේ අය ගත කරමින් ඉන්නෙ. පුංචි පුංචි උපසංස්කෘත කලාප අහෝසියි. ඉස්සර එන්ජී ඕ වලින් වත් කරපු තරම් දෙයක් සිද්ද වෙන්නෙ නැති හින්ද දැන් තියෙන්නෙ ෆේස් බුක් විතරයි. ඇත්තට මුණගැහෙන්න තැනක් නෑ.
ගීතයා කළා වගේ වැඩ වැදගත් වෙන්නෙ ඒකයි. චිත‍්‍ර අඳින එකෙක් පොඩි තැනක කරන චිත‍්‍ර ප‍්‍රදර්ශනයක්, ලියන එකෙක් උගේ ලියමන් කියවන තැනක්, මොකක් හරි විදිහක සෞන්දර්ය කතිකාවක මුණගැහෙන තැනක්. ඒ දේවල් වලට සල්ලි අය කිරීම කමක් නෑ නෙමෙයි ඇත්තටම අය කරන්න ඕන. හැම මුණගැහීමකටම ආර්ථිකයක් තියෙනවා.
මට පොඩි බයක් දැණුනෙ ගීතදේව ප‍්‍රචාරණවාදයක් ඇතුලෙ දියවෙලා යාවිද කියන එක. ගොඩක් සිංදු වලදි ඒ තත්වය අතික‍්‍රමණය කරන්න පුළුවන් වෙලා තිබුණත් තවත් ගොඩක් සිංදු කෙලින්ම ආණ්ඩු විරෝධය වගේ තැන්වල නිකංම හිර වෙලා තිබුණ. මං කියන්නෙ නන්දා මාලනී වගේ විනාසයක් නොවී ගීතදේව පණිවුඩ ගෙනියන්නාගේ භූමිකාවෙන් බැහැර වෙන්න. පොදු ජනතාවට සිංදු කියනවා වෙනුවට තෝරා ගත් ජනතාවකට සිංදු කියන්න. එතකොට ‘මාස්’ අදහස් වෙනුවට ‘රෝස කැලෙන්’ සිංදුවෙ වගේ වෙන වෙන තලයන් වල අදහස් කියන්න පුළුවන් වෙයි. ප‍්‍රකාශනය ගැඹුරු වෙයි.
ඒ හැමදේකටම වඩා වැදගත් වෙන්නෙ ගීතදේව තමන්ගෙ වචන ඇතුලෙ තියා ගන්න තමන්ට අවංක මූඞ් එක. ඒක සංගීතයට අවංක වීමක් නෙමෙයි. සිංදුවෙන් කියන මනුස්ස අත්දැකීමට අවංක වීමක්. අපි දැකලා තියෙනවා ඕනතරම් ගායකයො සංගීතයට අවංක වෙන. ඒ ස්වර පරාසය වෙනුවෙන් තමන්ව දියකර හරින. ඒ අය මහා සංගීතකරුවන් වෙන්න පුළුවන්.
ඒත් තමන්ගෙ අත්දැකීමට අවංක වෙන ගායකයො මුණගැහෙන්නෙ හු`ගක් අඩුවෙන්. ඒ අත්දැකීමේ භාවයට සමවදින, ඒ නොමැදුණු, අපරිණත මනුස්ස අඩුපාඩු එක්ක ඒ අත්දැකීම බෙදා ගන්න ගායකයො අල්පයි. ආර්ටිස්ට්ලා කියන්නෙ එහෙම අය.
අජිත් කුමාරසිරි කියන විදිහට උගුරෙ ඇතුලෙ කඩයක් දාගෙන ඉන්න අයටයි අපි ගායකයො කියන්නෙ. අඩු ගානෙ ඒකෙ තමන්ගෙ බඩු විකුණන්න ඕන. අනුන්ගෙ බඩු වලින් කොමිස් නොගහා.
ගීතදේව තමන්ගෙ අත්දැකීම තමන්ගෙ මූඞ් එකක ඉඳන් කියනවා. ඌ අතරමැද්දෙ මුණු මුණු ගාන කිසි දෙයක් ඇහෙන්නෙ නෑ. ඌව ඇහෙන්නෙ ඌ සිංදු කියන කොට විතරයි. ගිටාර් එකට වද දිදී, යටිගිරියෙන් කෑ ගගහා, තාල කාල පරාස ගැන නොහිතා ගීතදේව සිංදු කියනවා. කොයිතරම් ගොරහැ`ඩි වුණත් ඒ ප‍්‍රකාශනය අවංක නම් මිනිස්සු අහගෙන ඉන්නවා.
හැම මරණයක් එක්කම තව රමණයක් සිද්ද වෙනවා. මරණයේ පාර්ශ්වය වඩා ජීවිතය එක්ක රමණයේ පාර්ශ්වය විශාලයි. හුස්ම ගන්න ඉඩ නොදී පෙනහළු පුරා දුවන පිළිකාවක් එක්ක හිනාවෙවී ජීවත් වුණු සංජය කියන්නෙ ඒ කතාව. එදා ඇන්ඇම් පෙරේරා එකේ ගීතදේව කෑ ගහලා කිව්වෙ ඒක.
ජීවිතය. නැවත ජීවිතය. සදා අමරණීය ජීවිතය.
-චින්තන ධර්මදාස
පින්න මල්...!
ReplyDeleteපින්න මල්..!
පින්න මල්.!
පින්න මල්.
සන්ජීවගෙ සිරුර තිබුනු තැන ජනේලෙ අද්දර පිපිලා තිබුණු..පින්න මල්..!
agreed after sm long time
ReplyDeleteසංජය ඔබට සුව නින්දක් පතමි!
ReplyDeleteසංජයගේ පියා බොහෝ කාලයකට පෙර ජවිපෙ විමුක්ති ගී සහ පක්ෂයේ ප්‍රභල ක්‍රියාකාරියෙකුවූ කෙලී සේනානායකයි. මව සුනිලා අබේසේකරයි.