Saturday, April 4, 2015

ගොම්බෙට්ටේ මල් පිපේ...




ෆේස් බුක් එකත් එක්ක දැන් හැමෝම විවේචකයො සහ විචාරකයො වෙලා. හරියට සේකර ප‍්‍රාර්ථනා කරපු  ප‍්‍රබුද්ධත්වය වගේ. හැමෝටම එකපාර. ඒක නරක දෙයක් නෙමෙයි. පළල් සංවාදයක් හදන්න හු`ගක් හොඳ තත්වයක්. මෝබයිල් ෆෝන් සහ අඩු ගානට ඩිජිටල් කැමරා ලැබීමත් එක්ක හැම කෙනෙක්ම සිනමාකරුවෙක් වීම වගේම ඒකත් නොවැලැක්විය හැකි තත්වයක්.

ඒත් මේ හින්දම විවේචනයක අර්ථය සහ ධර්මය අහෝසි වෙලා යමින් වෙන ලෙඩ ගොඩක් විවේචන/ විචාර හැටියට පෙනී ඉන්න පටන් අරන් තියෙනවා. කනගාටුදායක විදිහට රටේ සංස්කෘතික -දේශපාලන මැදිහත්වීම් කරන දැනුවත් විදිහට පෙනී කළ පිරිස්වල පවා විවේචනයේ ශික්ෂනය බිංදුවයි. සමාජීයව අතිශය දුප්පත්, පහත් පෙලේ, ‘නාසිස්මය පහ කිරීමක්’ විවේචනය විදිහට තේරුම් ගනිමින් තියෙනවා. (නාසිස්මය -තමන් ගැනම උවමනාවට වඩා ඇළුනු, පිටතින් තමන් පිළිබඳ ඇගයීම් අපේක්‍ෂාවෙන් මෙහෙයවෙන, එම්පතියෙන් (වෙන කෙනෙක් තේරුම් ගැනීමේ හැකියාවෙන්) තොර, අවිඥානකව තමන් තුල තමන් පිළිබඳ හීනමානයකින් පෙළෙන පෞර්ෂ ව්‍යාකූලතාවයක්). ගොඩක් දේවල් ගැන හොඳ කියන අතරෙම මේ රෝගී විචාරය සමාජගත කිරීමේ නරක බාරගන්නත් එක්ස් කණ්ඩායමට සිද්ද වෙනවා.

විවේචනය සහ විචාරය කියන්නෙම තේරුම් දෙකක් (ක‍්‍රිටිසයිස් සහ ක‍්‍රිටීක්). විවේචනයකදි නරක කීමක්, දොස් දැක්වීමක්, තදින් කතා කිරීමක් වගේ අදහසක් තියෙනවා. විචාරයකදි වඩාත් විධිමත්ව, පුළුල්ව, තාර්කිකව විමසා බැලීමක් බලාපොරොත්තු වෙනවා. විවේචනය විචාරය ඇතුලෙ උපකරණයක් විදිහට පාවිච්චි වෙන්න පුළුවන්.

විවේචනය කියන්නෙම තල්ලූ කිරීමක්. සමහර විට පහර දීමක්. අපේ තල්ලූව හෝ පහර කොයිතරම් ලොකුද කුඩාද කියන එකයි වෙනස. එතනදියි විවේචනයක දිග පළල ලකුණු වෙන්නෙ. හැදෙන්න කරන විවේචන තියෙනවා, නැති වෙන්න කරන විවේචන තියෙනවා, යම් කාරණා ඇතුලෙන් වෙනත්ම මානයන් මතු කරන විවේචන තියෙනවා.  ඕනම විවේචනයක ඒකට අනන්‍ය වූ ලස්සනක් තියෙනවා නම් ඒකෙ ගැටළුවක් නෑ. ඒත් සමහර විවේචන කියවද්දි අහද්දි දත් හිරිවැටෙන්න ගන්නවා.

විවේචනයක ගැඹුර හෝ ගතයුත්ත තියෙන්නෙ එක කාරණයක් උඩයි. ඒ ඒක පුද්ගල ක‍්‍රියාවක ඉඳන් සමාජ ක‍්‍රියාවක් දක්වා කොයිතරම් දුරක් ඇවිත් තියෙනවද එකයි. පුද්ගල සීමාවෙන් කරන විවේචන (නාසිස්මය විවේචන) ත‍්‍රිල් එකක් දෙන්නෙ හන්දිවල නැවතීගෙන අනුන්ගෙ රන්ඩු බලන ජනතාවට විතරයි.

මාර්ක් ට්වේන් විවේචකයන්/ විචාරකයන් ගැන ටිකක් රිදෙන්න කතා කරනවා. විචාරකයන් හරියට අසූචි ගොඩවල බිත්තර දාන කුරුමිනියො වගේ කියලයි එයා කියන්නෙ. මේක මෙහෙම නෙමෙයි කියල මගඅරිනවට වඩා මට හිතෙන්නෙ විවේචකයෙකුට වැදගත් වෙන්නෙ මේක බාර ගැනීම. ඒ තමන් කරමින් ඉන්නෙ ද්විතියික කාර්යයක් කියන මූලික කොන්දේසිය බාර ගන්න තරමට නිහතමානී වීම. තමන් තව කෙනෙක් විසින් හපා කොටා දිරවා පහ කළ යමක් උඩ වැඩ කරමින් ඉන්නවා කියල පිලිගන්න එක. එතනදි විවේචකයා වීමෙන්ම අපි එක දෙයක් සනාථ කරනවා. ඒ අප විසින් විවේචනය කරනු ලබන්නා අපිට දැනෙන සුළු බලපෑමක් කළ කෙනෙක් කියන එක. ඒ බලපෑම තමයි අපිව (විවේචනය) ඉන්ස්පයර් කරන්නෙ.

ඒ නිහතමානීත්වය ඇතුලෙ විවේචකයෙකුට බෑ ‘විවේචනය කරනු ලබන්නාගේ’ පැවැත්ම ප‍්‍රශ්න කරන්න. ඒක අවිචාරී දෙයක්. විවේචනය කරනු ලබන දේ නැතුව විවේචනයට පැවැත්මකුත් නෑ. මේ විදිහෙ අවිචාරී විචාර තමයි ගොඩක් වෙලාවට නාසිස්මය පහ කිරීම් විදිහට අපිට කියවන්න ලැබෙන්නෙ.

නාසිස්මය විචාරයක හැටියක් තමයි ඒක ආර්ට් එකකට වඩා ආවේගයක් විසින් මෙහෙයවීම. මෙතනදී විවේචකයාව මේ ආවේගය විසින් පාලනය කරන්න ගන්නවා. කරුණු හෝ තාර්කික හෝ පදනම් නොතකා හරිමින් තමන්ව යලි යලිත් සනාථ කරන්න හදනවා. විවේචනය පුරාම ලොකු ඊගෝ ප‍්‍රශ්නයක් දැනෙනවා. තමන්ගේ ආත්මය විශාල කර ගැනීමම, පුම්බා ගැනීමම හැර ඊට වඩා දිගක් පළලක් ඇති කිසි දෙයක් කියන්න  නාසිස්මය විවේචකයා අසමත්. එයා කරමින් ඉන්නෙ එයාගෙ ඇතුලෙ අරගලයක්. ඒක පුද්ගල ක‍්‍රියාවක්. සමාජයේ අනෙක් අයට සම්බන්ද වෙන්න ඒකෙ තැනක් නෑ.

එක්ස් කණ්ඩායම මේ වර්ගයේ විවේචන තොග පිටින් කළා. එක එක චරිත නිදා ගත්ත ගෑනු ගැන, ඒ අය කන බොන දේවල් ගැන ලියන එක දේශපාලනිකයි කිව්වා. ඒක අනෙක් පැත්තෙන් ලියන්නා තුල තියෙන හීනමානයේ ප‍්‍රකාශනයක් වෙන වග අමතක කළා.

තියරියේ හැටියට කිසි කෙනෙක් උත්පත්තියෙන් නාසිස්මිකයෙක් වෙන්නෙ නෑ. විශේෂයෙන් ළමා කාලෙ අත්විඳින්න සිද්ද වෙන නොතකා හැරීම, වටිනාකමක් හිමි නොවීම වගේ දේවල් එක්කයි නාසිස්මිකයෙක් හැදෙන්නෙ. ෆේස් බුක් වගේ මාධ්‍ය මේ නාසිස්මික ආවේග පහ කිරීම සඳහා වැඩිපුර පාවිච්චි වෙනවා. ඒක එහෙම වෙන එක වැදගත්. නැත්තං ඒවා වෙන වැදගත් තැන්වලදි පහවෙන්න පටන් ගන්නවා. සංස්කෘත- දේශපාලන කතිකා විදිහට වේදිකා වලට ගොඩවෙන්න ගන්නවා.

විවේචනයක් ආර්ට් එකක් වෙන්නෙම ඒක කොයිතරම් සවිඥානකද කියන එකත් එක්ක. මුලින්ම ඒ විවේචනය කරන්න අපිට අදාල හේතුව ගැන දැනීමක් අපිට තියෙන්න  ඕන. ඒ කාරණය මොකක් වුනත් ඒක ගැන ඇත්ත වැටහීමක් විවේචනය පිටිපස්සෙ තියෙන්න  ඕන.

විවේචනයක ලස්සන තියෙන්නෙම ඒකෙ තියෙන ‘රඳා පැවැත්ම’ කියන කාරනයත් එක්ක. ඒක යෝජනා කරන්නෙම සම්බන්ධයක්. සංවාදයක්. අසූචි ගොඩක වුනත් මාර්ක් ට්වේන්ගෙ කුරුමිනියො හැදෙන්නත් පුළුවන්, ඇසිඞ් (එල්එස්ඞී) හතු පිපෙන්නත් පුළුවන්.

ඒ රඳා පැවැත්ම කියන කාරණය බාර ගැනීම හරහා විවේචකයෙක් ‘එම්පති’ කියන හැ`ගීමට ඇතුල් වෙනවා. අනෙකාව දැනීම. ඔහු හෝ ඇය ගැන තමන්ගෙ විනිශ්චය නෙමෙයි, මැදිහත් දැනීම. ඒ දැනීම ඇතුලෙන් ගොඩනැගෙන විවේචනයකයි සංවේදී බවක් තියෙන්නෙ. පුද්ගල ක‍්‍රියාව යම් බෙදා ගැනීමක්, සමාජ ක‍්‍රියාවක් දක්වා වර්ධනය වීම සිද්ද වෙන්නෙ. තමන් විසින් විවේචනය කරනු ලබන්නාගේ ජීවිතය සහ පැවැත්ම ගැන ගෞරවයක් නැති කිසිවෙකුට හොඳ විවේචනයක් කරන්න බෑ. සටන් කලාවක වගේම විවේචනයකදිත් අනෙකා පිළිබඳ ගැඹුරු ගෞරවය වැදගත්. නාසිස්මික විචාරයකදි නැති වෙන්නෙ ඒක.

ඒත් එන්න එන්නම ඩිජිටල් මාධ්‍ය බෝවීමත් එක්ක අපේ විවේචනය ඇකිලීගෙන යනවා. තමන්ගේ කුදු බවම මිස විවේචනයක ප‍්‍රමෝදය දෙන්න අසමත් වෙමින් යනවා. හිරිකිතයක්ම මිස ත‍්‍රිලක් ජනනය කරන්න බැරිවෙමින් යනවා. තේරෙන වචන වලින් කිව්වොත් විවේචනය ගූ වෙමින් යනවා.

විවේචනයක් ස්වභාවයෙන්ම රළුයි. ඒත් ඒ රළුබව බොරළු කැටයක ඉඳන් මහ මුහුදක් වෙනකල් වෙනස් වෙන්න පුළුවන්. විවේචනයක ආර්ට් එක කියන්නෙ ඒ රළු බවේ චමත්කාරය.

දේශපාලනය කරන්න වගේම විවේචනය කරන්නත් විශාල මමත්වයන්  ඕන කරනවා. අවාසනාවකට ලංකාවෙ දේශපාලනය කරන අය වගේම විවේචනය කරන අයත් ක්ෂුද්‍ර මමත්වයන්ගෙන් පීඩා විඳින අය. මේ හින්ද විශාල විෂයන් විදිහට අපිට මුනගැහෙන්නෙ තමන්ගේ කටු ඇතුලෙ තමන්ව හිර කර ගත්තු, හීනමාන පුංචි ජීවිත. අපේ ආර්ට් ඇතුලෙ, පොලිටික්ස් ඇතුලෙ, ක‍්‍රිටික්ස් ඇතුලෙ තියෙන ලොකුම අර්බුදය ඒක. පුංචි ජීවිත වල අර්බුද විශාල විෂයන් දක්වා මාරුවීම. එතකොට අපි දාර්ශනික හෝ විදග්ධ වචන යටින් බෙදා ගනිමින් ඉන්නෙ දෙකයි පණහෙ ගැලරි රසයක්.

අද අපි සංවාද වේදිකාවල විවේචන හෝ විචාර කියල දකින්නෙ මේ කෝන්තර. පත්තරවල, බ්ලොග්වල, ෆේස්බුක් වල කියවන්නෙ මේ පඩංගු විස්තර. වැඩියෙන්ම අර්බුදය වෙන්නෙ අපි මේවා කියවමින් ඉන්නෙ බුද්්ධිමය සංවාද කියන ලේබලය යටතෙ වෙන එක. මේ ගොඩනැගෙමින් යන හීනමානී විචාර කතිකාව ඉතා ඉක්මනින් ශරීරය කරා එනවා. ශරීරයෙන් ඈත් වෙමින් අදහස් සමග ගැටීමක් විදිහට නිර්මාණය වුණු විචාර විෂය නැවත අතින් පයින් බේරා ගැනීම දක්වා පල්ලම් බහිනවා. නාසිස්මික විචාරයේ තියෙන ගතිකයක් ඒක. තමන් විසින් අනුන්ව විවේචනය කළත් අනුන් විසින් තමන්ට කරන විවේචනය බාර ගන්න බැරිකම. ඉන් කුපිත වීම සහ ඊට පස්සෙ කුජීත වීම.

අපිට ලැජ්ජාවෙන් අහක බලන් ඉන්න සිද්ද වෙලා තියෙන ගොඩක් දාර්ශනික ගුටිකෙළ ගැනීම් වල යටිතලය මේක. නාසිස්මික ආවේගයන් එකිනෙකා මුනගැහීම. ඒ හරහා දරුණු අනන්‍යතා අර්බුදවලට යාම. න්‍යාය නෙමෙයි කලිසම පවා ගලවලා පැත්තකින් තියල තමන් ආරක්‍ෂා කර ගන්න දිවි හිමියෙන් සටන් වැදීම.
නාසිස්මික විචාර ඇබ්බැහියෙන් ගැලවෙන්න අපිට විවේචනයකදි විධි දෙකක් අභ්‍යාස කරන්න පුළුවන්. එකක් අපි හෝ මම වෙනුවට අදහසක් වෙනුවෙන් පෙනී සිටීම. අපිව ආරක්‍ෂා කරන්න යනවා වෙනුවට අදහස් ගැටෙමින්, සංසර්ගයේ යෙදෙමින් නව අදහස් බිහිවෙන්න ඉඩ හැරීම. දෙවෙනි එක පුද්ගලයෙක් වෙනුවට ක‍්‍රියාවක් අනෙකා කර ගැනීම. පුද්ගලික දේ වෙනුවට සමාජයට බලපාන ක‍්‍රියාව විවේචනයට පාදක කර ගන්න එක. අපි කරමින් ඉන්නෙම මේකෙ රිවර්ස් එක.

විවේචකයා අසූචි ගොඩක කුරුමිනියෙක් කියල මාර්ක් ට්වේන් කියපු කතාවට ඩැනියෙල් ඩෙනට් කියන මොඩර්න් දාර්ශනිකයා එක`ග වෙන්නෙ නෑ. එයා යෝජනා කරනවා විවේචකයාට/ විචාරකයාට එතනින් එහාට වැඩෙන්න පුළුවන් කියල. මේකට විවේචනාත්මක වෙන අතරෙම ත්‍යාගශීලී වෙන්නත් අවශ්‍යයි කියලයි ඩෙනට් කියන්නෙ. ‘පරාජය කිරීම වෙනුවට සත්‍යය මතු කර ගැනීම, සියල්ල පරදුවට තබා තමා නිවැරදි වීම වෙනුවට සාමූහිකව සිතීම වඩාත් පළල් තැනකට ගෙනයාම විවේචනයකදි අරමුණු කර ගන්න  ඕන කියල එයා විස්තර කරනවා.

මේ හැම කාරණයක්ම අදාල වෙන්නෙ එක කොන්දේසියක් උඩ.
ඒ අපි කොච්චර අපි කරමින් ඉන්න දේ ගැන දන්නවද කියන එක උඩ.

-චින්තන ධර්මදාස

5 comments:

  1. බ්ලොග් එක අපේ බ්ලොග් දර්ශකේටත් එකතු කරන්න අපට බ්ලොග් එකේ ලින්ක් එක එවන්න. පහතින් අපේ සින්ඩියට පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. චින්තන ඔයා පටන් ගන්නෙම විවෙචනයකින්. ඒක විවේචනයකට වඩා පොඩි කුහක කතන්දරයක්. හොද අහැක් සහ රහක් තියන වැඩ දන්න ඒත් වැඩක් කරන්න සල්ලි නැති උන්ට ෙමාබයිල් ෆොන් එකත් සෑහෙන්න වටින දෙයක් බවට පත්වෙනවා. විවේචනය හොද සහ නරක වෙන්නේ ඒක කරන කෙනා මත නෙමේ. ඒක බාර ගන්න කෙනා මත. ඒ වගේම ඔයා ඔය කියන ධර්මය සහ ශික්ශනය හරි සාපෙක්ශයි.එක්තරා ගුවන් විදුලි නාලිකාවක ගීත තේරීමේ වැඩසටහනකදි ඔයා ඇඩ්වටයිසින් ගැන මෙහෙම කියනවා.

    ' මේ රටේ මාර ඇඩ් හදන්න බෑ. ශැම්පු ඇඩ් එකක් නම් ගාල පෙන්නන්න ඕනේ. නැත්තන් අපෙ රටේ මිනිස්සු ඒක කොහෙ ගායිද දන්නේ නෑ. කෑමක් නම් කාල පෙන්නන්න ඕනේ. එ තරමට ලංකාවෙ මිනිස්සුන්ගෙ සාක්ශරතාවය බින්දුවයි ‘

    ඉතින් පොදුවේ ලංකාවෙ සමාජයට ඔයා මේ කරන විවේචනය අයිති වෙන්නේ හොද විවේචනයකටද??? නරක විවේචනයකට ???එතකොට ඔයා කියන විදියට ලංකාවෙ කොන්ඩම් ඇඩ් එකක් නම් වැඩේ කරලම පෙන්නන්න වෙයි..

    එතකොට ඔයා කියනව වගෙ සමහර විවේචන වලින් මිනිස්සු නැති වෙන්නත් පුලුවන්ලු, සමහර විවේචන කියෙව්වහම දත් හිරිවැටෙනවලු.. එතන අවුල තියෙන්නෙ විවේචනය කරන මිනිහගෙද නැත්තන් ලාමක ටින් ටින් ලාගෙද???
    හරි වැරද්ද . අශිශ්ට ශිශ්ට විවේචන අපහාස කියන මෙවා හරි සාපෙශයි. එවා මිනිස්සු බාර ගන්න/ කියවගන්න තැනදි වෙනස් වෙනවා.
    හිතන්න ඔයා ලොකු බෙට්ටක් පාර මද්දෙ දැම්ම කියල. එතකොට සමහරු කියයි චින්තා ඒක පට්ට සුවදයි කියල.. තව උන් දැක්කෙ නෑ වගෙ අහක බලන් යයි. තව සෙට් එකක් කියයි චින්තා ඔයා පාර මැදම රීල එක හරි ගදයි කියල. එතකොට ඔයා මේ විවේචන වලින් මොන විවේචනයටද වැඩිපුර කැමති??
    එක හෙලාම බෙට්ට සුවදයි කියපු උන් ඒක්ක ඔයාට අවුලක් නෑ. ඔයා කැමතියි
    අහක බලන් ගිය උන්ට ගූ ගොඩවල් වලට තව එක බෙට්ටක් වැටුනා කියල ගානක් නෑ.උන් කරන්නෙ බලලා ආතල් ගන්න එක
    එතකොට බෙට්ට නම් ගදයි කියල මූනට කියපු උන් ??? ඔයාට අනුව උන්ගෙ විවේචනය අශික්කිතයි. නරකයි. රිදෙනව. දත් හිරිවැටෙනවා. කඩන් වැටෙනවා
    දැන් ඔයා හිතන්න . . . . . .
    චින්තන අන්තිමට කියන්න තියෙන්නෙ ගොන්බෙට්ටෙ මල් පිපෙන එක අවුලක් නෑ. රත්නපුරෙ පැත්තෙ නම් ගූ ගොඩවල් වල මැණිකුත් තියනවා.. අවුල තියෙන්න ඔයා දාන බෙටි ගදයි කියල අහන්න ඔයාට තියන අකමැත්ත සහ හීනමානෙ .. ඔයා කිව්ව වගෙ විවෙචනය ලස්සන වෙන්න ඕනේ නම් බෙට්ට උඩට මලක් ගහගන්න. අවුලක් නෑ.

    ReplyDelete
  3. //මං මේ කතාව කියන්නෙ කොහෙත්ම දීප්තිට පහර ගැහීමේ උවමනාවකින් නෙමෙයි. දීප්ති කියන්නෙ එක්තරා වකවානුවක වඩාත්ම ඉදිරිගාමී අදහස පළකරපු විචාරකයා. විලාසිතා ගැන, පෙනී සිටීම ගැන, දියුණු සංස්කෘතික කතිකාවක් ඇති කරපු කෙනෙක්. ඒත් මේ වෙද්දි කොල පාට තාප්පයක් ඉස්සරහ ඒකට නොගැලපෙන කමිසයකුත් එක්ක අදාල නොවෙන කතාවක් කියමින් එයා මෙගා බෝතලේක වතුර හලනවා.
    මේකයි ඛේදවාචකය. අපේ දැනුමත් එක්ක අපිව සමාජ කතිකාවෙන් එලියට තල්ලූ වෙනවා. අපි දැනුම කියල විශ්වාස කරන දේම අපේ බාධාව වෙනවා. අපි අදාල නොවෙන ප‍්‍රදේශයේ කතිකාවලට පිටමං වෙනවා. අපි දන්නෙ නෑ. අපි ළ`ග ඉන්න කවුරුවත් කියන්නෙ නෑ. දීප්ති කියන්නෙ එතන ඉන්න ඕන මිනිහෙක් නෙමෙයි.//

    චින්තන ඡන්දයට කලින් ලියපු එකක් මේක...
    එහෙත් දැන් චින්තන අර බොරැල්ලේ නදීකාත් වංගීසත් සම්බන්ධ සිදුවීම එක්ක දීප්තිලා එළපු උගුලට අහුවෙලා කියලයි පෙනෙන්නේ..

    ReplyDelete
  4. ගොම්බෙට්ටේ පිපුණ මල්

    චින්තන දැන් උඹට අවශ්‍ය පොරක් වෙන්නද ? එහෙනම් උඹට ගොඩක් දේවල් ඉගෙනගන්න වෙනවා.. උඹ X එකට අවිඥාණිකව ආශා කළාට ඒකෙ උගන්වපු දේවල් හරියට ඔලුවට දාගෙන නැහැනෙ.. නැත්නම් උඹවත් දන්නේ නැති වචන සෙට් එකක් ගැන මහලොකුවට ලියල උඹ තමයි පොර කියල පෙන්වන්න යන්නේ නැහැ.. අපි දේශපාලනය නොකළාට උඹල වගේ තක්කඩීන් ගැන ඉස්සර ඉදන්ම අවධානයෙන් හිටියා.. අනේ උඹේ කල්ට් එක.. උඹට කේ.ජී. ධර්මෙ කියන්නෙ නිකන් නෙවෙයි..
    මිනිසුන්ගේ පුද්ගලික ජීවිතයේ අශ්ලීලත්වයන් මතු කරමින් කණ්ඩායම උත්සහ කළේ දෘෂ්ටිවාදය විවේචනය කිරීමක්ය.. ඒ ගැන නොදන්නා චින්තන උඹ වගේ එකෙකුට කියන්නට තිබෙන්නේ කේ.ජී පාරක් ගහගෙන ඉන්නා ලෙසයි..
    ඉතින් මහාචාර්ය කේ.ජී. චින්තන ධර්මදාස (කේ.එන්.ඔ්.ධර්මදාස නොවේ. ) ඔයා කාලෙන් කාලෙට එක එක දේවල් ගැන ලියනවා.. මේ ලියන ඒවා කියවපුවම අපිටනම් තේරෙන්නේ ඔයාගේ ඉතිහාසයද ඒ තරම් හොද එකක් නොවන බවයි.. සාමාන්‍යයෙන් රොහාන් පෙරේරා වගේ කෙනෙක්ගෙන් වැළදෙන රෝගයක් ලේසියෙන් හොද වෙන්නේ නැහැ.. ඒ නිසා මම හිතන්නෙ ඔයාට තරමක සැර බෙහෙත් ටිකක් අවශ්‍ය වෙනවා ඔය ලෙඩේ හොදකර ගන්න.. හැබැයි මේ විදිහට ගියොත්නම් ඔයාට සමාජයෙන්ම අවශ්‍ය කරන බෙහෙත් වැඩියෙනුත් එක්ක ලැබෙයි.
    චින්තන ධර්මදාස එයාගෙ බ්ලොග් එකට ලියල තියෙන ලිපි වලින් පෙනී යන්නේ ඔහුට ඇති එකම අභියෝගය ඔහුගේම ඉතිහාසය වන බවයි. ඒ අනුව ඔහු ,,,
    90 දශකයේ අග චින්තන ධර්මදාසට X කණ්ඩායමේ අසනීපය වැළදී තිබුණ අතර අද දවසේ ඔහු අප්පිරියාවකින් සහ ගදකින් යුතුව කථා කරන්නේ තමන්ම ඒ කාලයේ කළ කී දේවල්ය. අද X යනු ඔහුට කක්කා ගොඩක් වුවත් එදා X යනු සුවද පඩයක් බව ඔහු අමතක කර ඇත. සාමාන්‍යයෙන් තමන් නොදන්නා දෙයක් දන්නේ නැති බව ප‍්‍රකාශ නොකර නොදන්න වචන ගැන චන්ඩියෙකු මෙන් දෙඩවීමෙන් කේ.ජී. ධර්මෙ පොරක් වීමට උත්සහ ගන්නා අතරම නොදන්නා වචන දමා පොත් ගසා හොද ආර්ථික ලංභයක්ද උපයා ගනියි.. උගෙ පොත් කියවන උන් ද අමු මැට්ටන් නිසා ඒ පොත්වල තියෙන විකාර දේවල් ගැන හොයාබැලීමක් සිදුවන්නේ නැහැ.
    ඒ අනුව කෙටියෙන් කීවොත් ධර්මදාස ප‍්‍රසිද්ධියේ අකමැති යැයි කීවත් ඔහු ආශා කරන්නේ X කණ්ඩායමේ වැඩවලටය. ඔහු අකමැති වන්නේ X කණ්ඩායම මිනිසුන්ගේ පුද්ගලික ජීවිතයේ අශ්ලීලත්වයන් ගැන කථා කිරීම ගැනය. තමන්ගේ පුද්ගලික ජීවිතය ගැන ආපස්සට හැරී බැලීමට චින්තන ධර්මදාසටවත් නොහැකිය. එය පිරී ඇත්තේ ආත්ම වංචාවෙන්, තක්කඩි වැඩවලින්, ගැහැණුන්ව ඇන්දවීම් වලින්ය. අවශ්‍ය වම් ඒවා ගැන දීර්ඝව සාකච්චා කළ හැකිය.
    අනෙක් අතට හැමදාම අනුන් ගැන කථා කරන කේ.ජී. ධර්මයා තමුන් ගැන කථා කිරීම හැමවිටම මගහරියි. ඔහු ගැන කථා කිරීම සදහා වෙනත් අයෙකුට ගොඩක් දේවල් ඉතිරි කරවයි. දහවල් කාලයේ පවතින සමාජ ක‍්‍රමය සමග අනුගත වී මහත්මයකු සේ සිටින චින්තන රාත‍්‍රී කාලයට ගුද මාර්ගයේ ඇගිල්ල ගසා ගැනීම වැනි රැුඩිකල් ක‍්‍රියා කරයි. අද තරුණ පිරිස් කරන ඒවා සමග සසදන විට චින්තන කරන්නේ සෙල්ලම් වැඩය.. ඒ නිසා දැන් චින්තනට අලුත් කල්ට් එකක් අවශ්‍ය වී සිටින අතර ඒ සදහා X කණ්ඩායම හෝ එහි දේශපාලන වැඩ පටලවා ගැනීමට අවශ්‍ය නැත
    පවතින ක‍්‍රමය සමග හොදින් අවශෝෂණය වී සිටින මේ තක්කඩියා පාලු ගෙදර වළං බිදිමින් X කණ්ඩායම සමග පැටලීමට නැවත උත්සහ කරයි. ඉන් ඔහුට ප‍්‍රචාරයක් ලැබෙනවා යැයි ඔහු සිතන්නේ නම් ඊට ඉඩ දී අපි ඔහුගේ අශ්ලීල ජීවිතය සහ සයිමන්ගේ දුවට දණ ගසා වැද නමස්කාර කර මිත‍්‍ර වී පසුව කළ කී දෑ ඇතුලු තවත් දේවල් ඉදිරියේ දී මතුවිය හැකිය..
    වචන වලින් පොරක් වීමට උත්සහ කළත් ඔයාගේ නොදන්නා කම අපේ පරම්පරාවට තේරෙනවා.. මොකද අපි හදාරනවා.. ඒ නිසා දෙයක් ලියන්න කලින් ඒ ගැන හිතල බලන්න.. නැත්නම් ඉදිරියේදී බොරුවට නෝන්ඩි වෙන්න සිදුවේවි.

    Sasanka Yakandhawala

    ReplyDelete
  5. අතීත කතා සහ මෙතන සිද්දීන් ගැන අවබෝධයක් නැහැ,, නමුත් ඔබේ ලිපිය තුලින් මං යම් යම් දේවල් ඉගෙන ගත්තා, ස්තුතී.

    ReplyDelete