Thursday, January 5, 2017

ගොළුබෙල්ලන් සුරකිමු



වායු ගෝලය උණුසුම් වෙනවා කියන එක ලෝක පරිසර සටනෙ මේ වෙද්දි ප‍්‍රධාන මාතෘකාව. ලියනාඩෝ ඩිකැප්රියො වගේ නළුවො පවා බරපතල විදිහට මේ වායු ගෝලය උණුසුම් වීම සහ කර්මාන්ත නිසා පරිසරයට වෙන බලපෑම ගැන කතා කරලා තමන්ගෙ ප‍්‍රතිරූප විශාල කරගන්නවා. ඒත් එහෙම උණුසුම් වීමක් තියෙනවද කියන එක ගැන ජනපි‍්‍රය කතිකාවට එපිටින් ගිහිල්ලා කරුණු හොයා බලන්න කාටවත්  ඕන වෙන්නෙ නෑ. මේ උණුසුම් වීම ගැන කතාව ඇත්තක් නෙමෙයි කියල ඉතාම දියුණු විතර්කයන් මතු වෙලා තියෙනවා. ඒත් වඩා වැදගත් වෙන්නෙ වායු ගෝලය උණුසුම් වීමේ අවදානම ගැන කතාව. විශාල කර්මාන්ත සහ තාක්ෂණයට විරුද්ධ වඩා සංවේදී (ඇඬෙන) කතන්දරය. ඒක ටෙ‍්‍රන්ඞ් එකක්. ෆැෂන් එකක්.

ලංකාවෙත් මේ වගෙම පරිසර කතිකාවක් මේ දවස්වල ඇවිලෙනවා. හම්බන්තොටින් අක්කර 15000ක් චීන කොම්පැනියකට දීම. පරිසර සංවිධාන කීපයක එකතුවක් මේ චීන කොම්පැනියට ඉඩම් දීම හරහා අපේ රටට ඇතිවීමට නියමිත අවදානම ගැන විරෝධතා පවා පැවැත්වුවා. ඒත් ලෝකෙ ගොඩක් පරිසර ක‍්‍රියාකාරීන්ගේ අරගලවලදි වගේම මේ ඉඩම් පවරා නොදිය යුත්තේ ඇයි කියන එකට දියුණු, ප‍්‍රායෝගික සහ තාර්කික කාරණා මතු කරන්න ඒ අය අපොහොසත් වුනා.

ලෝකෙ දැනට කාලෙක ඉඳන් මතුවෙන මේ පරිසර කාරණා මුල් කරගත්ත ඇක්ටිවිසම් රැුල්ල දැන් වාතයක් වෙන තරමට ඇවිත්. යම් ඉදිරි ක‍්‍රියාමාර්ගයක් දිහා වඩා පොසිටිව් විදිහට බලමින් එහිදී ප‍්‍රවේශම් විය යුතු හෝ වළක්වා ගත යුතු කාරණා ගැන දැනුවත් කිරීම, අවධානය යොමු කිරීම වගේ ඵලදායී දෙයක් වෙනුවට මේ ක‍්‍රියාකාරීන්ගේ පදනම වෙන්නෙම හුදු විරෝධය.

රජයක යම් කටයුත්තකදී යම්  විනාශයක් හෝ අවැඩක් සිදු වෙනවා නම් ඒවා විධිමත්ව පෙන්වා දීමයි ඇක්ටිවිස්ට්ලාගේ කාර්යභාරය. ඒ වෙනුවට වෙනත් රටකින් බාර නොගත් කොම්පැනියක් වීම හෝ චීනය රටක් හැටියෙන් නම කැත කරගෙන සිටීම හෝ වැනි තර්ක අදාල කාරණා වෙන්නෙ නෑ. ඒ නිශ්චිත කොම්පැණිය සමග ඇති කරගන්නා ගිවිසුම අනුව ඇතිවෙන්න නියමිත තාර්කික අවුල් මේසෙට ගේන්න  ඕන. ඒවා අවම කර ගැනීම වෙනුවෙන් යෝජනා ඉදිරිපත් වෙන්න  ඕන. එවන් අවුල් තත්වයන් ඇතිවීම වැලැක්වීමට ඇතිකර ගත යුතු ක‍්‍රියාමාර්ග වෙනුවෙනුයි ප‍්‍රගතිශීලී සටන දියත් වෙන්න  ඕන. ඒත් මේ සිද්ද වෙන්නෙ අපිට හැමදාම හුරුපුරුදු විකුණනවා, කපනවා, කොම්පැනි එනවා, වගේ වමේ බාල ඉමෝෂනල් කැම්පේන්.

මේ පරිසරය මූලිකකරගත් අලූත් ඇක්ටිවිසම් රැුල්ල ගැන ජෝර්ජ් කාලින් ලස්සන කතාවක් කරනවා. කාලින් කියන්නෙ ඇමරිකානු ස්ටෑන්ඞ් අප් කොමඩියන් කෙනෙක්. භාෂාව, සමාජය, පුද්ගල මනස, විවිධ තහංචි වගේ දේවල් ගැන කාලින් කියන ඉතා තියුණු අදහස් නිසා එයාව සැලකෙන්නෙ කවුන්ටර් කල්චර් කොමඩියන්ලගෙ ඞීන් විදිහට. මේ තියෙන්නෙ කාලින්ගෙ ඒ කතාවෙ සරල, වැරදි සහිත මගේ පරිවර්තනය. ස්ටෑන්ඞ් අප් කොමඩියක ලයිව් කතාවක් පිටපතකට එද්දි එන්නෙම තුන්කාලක් මැරිලා.

‘‘දන්නවනෙ මිනිස්සු කොටසක් ඉන්නවා හැමදෙයක් ගැනම කණස්සලූ වෙන. දවසෙ හැම මිනිත්තුවකම ඒ ගොල්ලො හැමදෙයක් ගැනම කණස්සලූ වෙනවා. වාතය ගැන කණස්සලූ වෙනවා. වතුර ගැන කණස්සලූ වෙනවා. පස් ගැන කණස්සලූ වෙනවා. කෘමිනාශක, කෘතිමරසකාරක, ඇස්බෙස්ටොස් ගැන වද වෙනවා, වඳවෙලා යන ජීවීන් ගලවාගැනීම ගැන වද වෙනවා. මං කියන්නං මේ වඳවෙලා යන සත්තු ගැන. මේ වඳවෙලා යන සත්තු බේර ගැනීමේ උවමනාව කියන්නෙ මනුස්සයාගෙ තවත් උද්දච්ඡු උත්සාහයක් පරිසරය පාලනය කරන්න. ඒක තමයි අපිව මුලින්ම කරදර ගොඩකට ඇදලා දැම්මෙත්. ස්වභාධර්මයට අතදාන්්න යන එක.
ඇයි මේක කාටවත් තේරෙන්නේ නැත්තේ? මේ පොලොව උඩ එදාමෙදා තුර ජීවත්වුණු සත්ව වර්ග වලින් 90%ටත් වඩා නැතිවෙලා ගිහින්. උන් වඳවෙලා ගියා. අපි උන්ඔක්කොමව මැරුවෙ නෑනෙ. උන් අතුරුදන් වුනා. ඒක තමයි ස්වභාව ධර්මයේ විදිහ. මේ දවස්වල වඳවෙලා යනවා දවසකට සත්ව වර්ග 25 බැගින්. අපි මේ පොලොවට මොනවා කළත් නොකළත්, අපේ හැසිරීම ගැන කිසිම අදාලත්වයක් නැතුව, අද ඉන්න සත්තු වර්ග 25ක් හෙට වෙද්දි වඳවෙලා යනවා. අනේ ඒ අයට ගෞරවනීය විදිහටයන්නඉඩදෙන්න. ස්වභාව ධර්මයට පාඩුවෙ ඉන්න දෙන්න. අපි කරලා තියෙනවා මදිද? අපි හිතන්නෙ අපි හරිම වැදගත් කොටසක් කියල. ලොකු ලෝකමාන්නෙකින් හැමෝටම  ඕන මොකක් හරිදෙයක් බේරගන්න.  ගස් බේරගන්න, මීමැස්සො බේරගන්න. තල්මහව බේරගන්න. මේ ගොළුබෙල්ලන්ව බේරගන්න. මේ ඔක්කොටම වඩා උද්දච්චම කතාව තමයි ලෝකෙ බේරගන්න කියන එක. මොකක්? මුං විහිළු කරනවා වත්ද? පෘතුවිය බේරගන්න? අපි තාම අපි ගැනවත් හරියට බලාගෙනනෑ. අපි තව මනුස්සයෙකුට සලකන්නෙ කොහොමද කියල දන්නෙ නෑ. එහෙම තියෙද්දි මේ පෘතුවියක් බේරගන්න? මට එපාවෙලා තියෙන්නෙ මේ වගේ විකාර කතන්දර. මට එපා වෙලා තියෙන්නෙ මේ පෘතුවි දින සමරන එක. සුදු බුර්ෂුවා ලිබරල් පරිසරකාරයො කියනවා මේ ලෝකෙ තියෙනලොකුම ප‍්‍රශ්නෙ  ඕන තරම් බයිසිකල් පාරවල් නැති එකලූ. ඒ ගොල්ලොන්ට  ඕනේ තමන්ගේ වොල්වෝ ටික පාරේ ආරක්ෂිතව තියාගන්න. ඇත්තටම නම් මේ පරිසරකාරයො ලෝකෙ ගැන තුට්ටුවකට තකන්නෙනෑ. උන්ට  ඕන ජීවත්වෙන්න පිරිසිදු වටපිටාවක්.  කවදහරි තමන්ගෙ ජීවිතේ ටිකක් අපහසුවෙයි කියල ඒ ගොල්ලො බයයි. මේ ගොල්ලොන්ගෙ පුද්ගලික උවමනාකම්වලින් මට නම් තුට්ටුවක වැඩක්නෑ.

ඇත්තටම ලෝකෙ කිසි වැරැුද්දක් නෑ. ලෝකෙ හොඳට තියෙනවා. ඒකෙ ජීවත්වෙන මිනිස්සුන්ටයි කෙලවෙලා තියෙන්නෙ. ලෝකෙ මේවෙද්දි අවුරුදු බිලියන හතරහමාරකට වඩා පැවතිලා තියෙනවා. අපි ඉඳලා තියෙන්නෙ කොච්චරද? අවුරුදු ලක්ෂයක් විතර. සමහරවිට ලක්ෂ දෙකක් විතර. අපි ලොකු කර්මාන්තවල යෙදෙන්න පටන් අරන් යන්තම් අවුරුදු 200ක් විතර ඇති. අවුරුදු බිලියන හතරහමාරක් එක්ක අවුරුදු දෙසීයක්? අපි මේ ලෝකෙට තර්ජනයක් කියල හිතන්න තරම් උද්දච්ඡු වෙන්න පුළුවන්ද? ඉර වටේ කැරකෙන නිල්කොල බෝලෙ අනතුරක දාන්න අපිට පුළුවන් කියල හිතන්න තරම්? මේ ලෝකෙ අපිට වඩා ගොඩක් ලොකු අවදානම් පහුකරලා තියෙනවා. අවුරුදු සියදහස් ගානක් අපිට හිතාගන්න පුළුවන් නරකම දේවල් හරහා ඇවිත් තියෙනවා. ගිනිකඳු, භූකම්පා, මැගන්ටික් ස්ටෝර්ම්ස්, පෘතුවි අක්ෂය උඩුයටිකුරු වීම්, ඇස්ටරොයිඞ්, පුපුරායාම් හරහා ඇවිත් තියෙනවා. ගංවතුර, සුනාමි, ඛාදන, කොස්මික් කිරණ, අයිස් යුගයන්.. ඒ අතරෙ අපිහිතනවා මේ ප්ලාස්ටික් බෑග් එකක්, ඇලූමිනියම් ටින් ටිකක් ලොකු දෙයක් කරයි කියල. මේ ලෝකෙට කිසිදෙයක් වෙන්නෙනෑ. අපිටයි වෙන්නෙ. අපි නැතිවෙලා යනවා. අපි වැඩිදෙයක් ඉතුරු කරලත් නෑ ඇත්තටම. සමහරවිට පොඩි ස්ටයිරෆෝම් කෑලි ටිකක් ඇති. අපි ගිහිල්ලා තව ගොඩක් කල් යනකලූත් මේ ලෝකෙ පවතීවි. අපි නැතිවෙලා යනවා හරියට පොඩි ජීවවිද්‍යාත්මක අත්වැරැද්දක් වගේ. ලෝකෙ පොඞ්ඩක් ඇ`ග හොල්ලාවි හරියට මැක්කො පොදියක් ගසලා දාන්න වගේ.

ලෝකෙ කොහොමද වැඩකරන්නෙ කියල දැනගන්න  ඕනද? එහෙනං අහන්න පොම්පෙ හිටපු මිනිස්සුන්ගෙන්. ගිනිකඳුවලින් පිටවුණු අලූවලින්හිටි තැනම ගල්වෙලා ගිය මිනිස්සුන්ගෙන්. භූමිකම්පාවලින් පොලොව යට නැතිවෙලා ගිය මිනිස්සුන්ගෙන් අහන්න ඒ ගොල්ලො ලෝකෙට තර්ජනයක් වුනාද කියල. එතකොට අර හවායි වල නැතිවෙලා ගියපු මිනිස්සු ටික, ඒ ගොල්ලො ක‍්‍රියාකාරී ගිනිකඳු පාමුල ගෙවල් හදලා ඊටපස්සේ එකපාර පුදුමවෙලා බලනවා මොකද මේ ලාවා පිරිලා තියෙන්නෙ විසිත්ත කාමරේ කියල. අපි ගිහිල්ලත් ගොඩාක් ගොඩාක් ගොඩාක් කාලයක් යනකල් මේලෝකෙ පවතිනවා. ඒ විසින්ම ඒක සුවපත් කරගනීවි. පිරිසිදු කරගනීවි. එහෙම තමයි ලෝකෙ වැඩකරන්නෙ. ලෝකෙ පවතින්නෙ තමන් විසින්ම සියල්ල යලි සකස් කරගන්නා ක‍්‍රමයකින්. වාතය අලූත් වෙයි. ජලය ආපහු පිරිසිදු වෙයි. ඔව් ප්ලාස්ටික් දිරන්නෙ නෑ තමයි. එතකොට ලෝකෙ අලූත් පැරඩයිමයක් හදා ගන්නවා පස් සහ ප්ලාස්ටික් එකතුවක් හැටියට. අපි ප්ලාස්ටික් දිහා බලන විදිහට ලෝකෙ ඒ දිහා බලන්නෙ නෑ. ප්ලාස්ටික් හැදුනෙ මේ ලෝකෙම තමයි.

සමහරවිට ලෝකෙ ප්ලාස්ටික් දිහා බලන්නෙ තමන්ගෙම දරුවෙක් විදිහට වෙන්න පුළුවන්. සමහරවිට ලෝකෙ අපිට බෝවෙන්න ඉඩදුන්නෙම ඒක හින්ද වෙන්නත් පුළුවන්. ප්ලාස්ටික් හදාගන්න  ඕන හින්ද.  ඕන වුනාට එයා දන්නෙ නෑ ඒක හොඳට හදාගන්නෙ කොහොමද කියල. ඒක හින්දා අපිව හැදුවා. ‘ඇයි අපි මේ ලෝකෙ පවතින්නෙ?’ කියන මාර ඓතිහාසික දාර්ශනික ගැටලූවට උත්තරේ ඒක වෙන්න පුළුවන්.  දැන් ප්ලාස්ටික් තියෙනවා, අපේ වැඬේ ඉවරයි, හෙමින් මැකිලා යන එකයි අපිට තියෙන්නෙ. ඔව් ඇත්තටම ගත්තොත් ලෝකෙ අපිව පුංචි තර්ජනයක් විදිහට ගන්නවා වෙන්න පුළුවන්.  ඕනම විශාල සජීවී පදාර්තයක් ඒ විදිහෙ තර්ජනයකට ක‍්‍රියාත්මක වෙන විදිහට ලෝක ක‍්‍රියා කරාවි.

මට හිතෙන්නේ ලෝකෙ අනිවාර්යයෙන් මොකක් හරි විදියක් කල්පනා කරනවා. ඔයා පෘතුවිය වුනානම් මේ කරදරකාරයන්ගෙන් බේරෙන්න මොකද්ද කරන්නේ? හ්ම්... වයිරස් හොඳ විදිහක් වෙයි නේද? මුන් වයිරස්වලට බයයි වගේ. කොහොමත් වයිරස් සූක්ෂමයිනෙ.  හැම වෙලේම ස්වභාවය වෙනස් කරකර, හදන හදන හැම එන්නතකටම එහා යන අලූත් ක‍්‍රියාදාම හදහද.

සමහරවිට පළවෙනි වයිරස් එක මේ මිනිස්සු කියන ජාතියේ ප‍්‍රතිශක්ති පද්ධතිය බෙලහීන කරන එකක් වෙන්න පුළුවන්. සමහරවිට මේ මිනිස් ප‍්‍රතිශක්ති බෙලහීන වයිරසය ඔවුන්ව තවත් ලෙඩරෝග ආසාදනවලට ගොදුරු කරන්න පුළුවන්. සමහරවිට ඒක පැතිරෙන්නෙ ලිංගිකව වෙන්නත් පුළුවන්. ඔවුන්ව ප‍්‍රජනනයේ යෙදීම අධෛර්ය කරන්න.

ඔව් ඒක හොඳ පොයෙටික් ආස්ථානයක් නේද? ඒ මොනාවුනත් මට සිහින මවන්න පුළුවන්නෙ කොහොමත්. මම පොඩි දේවල් ගැන වද වෙන්නේනෑ. මී මැස්සෝ, ගස්කොලන්, තල්මස්සු, ගොලූබෙල්ලො..
මම හිතන්නෙ අපි කවදාවත් තේරුම් ගන්න බැරි තරම් ලොකු දැනුමක කොටසක් කියලා. ඒකට  ඕන එකක් කියාගන්න. මම ඒකට කියන්නේ මහා ඉලෙක්ට්‍රෝනය කියලා. ඒක ද`ඩුවම් දෙන්නෙ නෑ.  විනිශ්චයන් දෙන්නෙ නෑ. ඒක එහෙම පවතිනවා. අපිත් පවතිනවා, ටික කාලෙකට වුනත්.’’

- චින්තන ධර්මදාස


29 comments:

  1. ස්තුතියි කාර්ලින්ව හඳුන්වාදීමට! එත් ඔයාගේ දුප්පත් පෙරවදන නැත්නම් මේ පරිවර්තනයෙ වටිනාකම කියල නිම කරන්න බැහැ. කාර්ලින් තේරුම් ගන්න පුලුවන් එයාගෙ සමස්තය එක්කයි එයාගෙ උත්ප්‍රාසය එක්කයි කියල කාර්ලින්ම කියනවා.

    ඔයා හදන්නේ බයිට් එකේ රටකජු ඇහිඳින එකෙක් වගේ කෑලි කෑලි ටිකක් තෝරා ගෙන, චචනවල මතුපිට අර්ථ පෙන්නලා කාර්ලින්ව ඔයාගේ ලිබරල් පොජෙක්ට් එකට කඩේ යවන්න. ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් කියන්නෙ ඇමරිකාවට, බ්‍රෑන්ඩ්වලට, ලොකු කොම්පැනිවලට, මිනීමරුවන්ට, දේශපාලකයින්ට, ඇඩ්වටයිසින්වලට, අධ්‍යාත්මික ආගමික කුණුබක්කිවලට හරි හැම දේම විකිණිමට හරි කඩේ යාම නෙමෙයි.

    ඒත් මේ අන්තර්ජාල යුගේනෙ. හොඳ වෙලාවට මිනිස්සු හැමදේමට ඕපන්.

    https://www.youtube.com/watch?v=QZRYz9KGlbs

    ReplyDelete
    Replies
    1. George Carlin was one of the greatest promoters of liberal causes, using his comedy and his knack for elaboration to deliver to his audience a powerful explanation as to what makes liberals believe the things we believe. For this reason, I'm proud to declare George Carlin as one of history's greatest Liberals.https://matt-rock.newsvine.com/_news/2011/04/25/6525049-historys-greatest-liberals-george-carlin

      Delete
    2. හැබැයි ඒ ලිපියේ ලිබරල් විස්තර කරන්නේ මෙහෙමයි!

      His views on religion, women's rights, gay rights, minority equality, abortion, gun control, the death penalty, evolution, consumerism, corporate influence, the poor, the middle class, the wealthy, and patriotism not only define the core foundation of the beliefs that identify someone as liberal, but have helped refine and reinforce those beliefs in millions upon millions of people.

      ඉතින් ඒ ලිබරලුයි අර ලිබරලුයි මේ ලිබරලුයි කියලා ජාති ගොඩකුත් තියෙන බව දැනං ඉන්න ඕනැ ඒකයි. ඔයාගේ ලිබරල් වෙනම හඳුනා ගන්න ඕනැත් ඒකයි...


      ඒ ඇරත් ඔයා හිතුවද ඔයා විතරයි මේ ලෝකෙ ඉන්න ඔයාගෙ ජාතියෙ එකම එක්කෙනා කියලා. කාර්ලින් ධනවාදියෙක් සමාජවාදියෙක් මාක්ස්වාදියෙක් ශූන්‍යතාවාදියෙක් ආදී වශයෙන් කියන අය ඕන තරම් ඉන්නවා. ඒක තමයි සමස්තය කියවන්න ඕනැ කියන්නේ. බ්ලොග්කාරයො වෙනුවට කාර්ලින්ගේම වචන අහන්න ඕනැ කියන්නේ. මෙන්න කාර්ලින්ගේ ම වචන. ලෝකෙ ඔයා කියන විදිහෙ සුන්දර තැනක් කියලද මේ කියන්නෙ?

      http://hollowverse.com/george-carlin/
      https://www.youtube.com/watch?v=dWY5AmTfXYw
      https://www.youtube.com/watch?v=G9n8Xp8DWf8
      https://www.youtube.com/watch?v=DzHVv_U6L-k

      Delete
  2. හඃ හඃ, දිවිය ලෝක පෙන්වමින් සාතන්ට කඩේ යන කැත. කාලින් කියන්නේ ලොකේ කොහොමත් විනාස වෙනවා ඒ නිසා චීන කොම්පැනිවලට දීලා දාපන් කියල වෙන්නැති නේ? යකෝ කාලින්වත් එපා නොකර හිටු. ඌ කියන්නේ ප්ලාස්ටික් හැදුවට පස්සෙ අපි මැරෙනවා. ඒක මරැ කියන එකද? තේරෙන්නෙම නැත්නං කියන්නං බබාට. ඌ කියන්නේ ලෝකෙ විනාස කරමින් බොරුවට එවා බේරගන්න බව පෙන්නන වියාපාර එන්නෙත් එකම තැනකිං කියන එකයි. ඒවා වහලා දාන, black humor වලිනුත් වැඩ ගන්න, කඩේ යවන උඹලා වගේ උන් එක්ක ඉන්නවට වඩා අපි මේකෙං තොලොංචි වෙන එක හොදයි කියලයි. ඌ ඩ්‍රග්ස් ගහන්න ඇත්තෙත් ඒකයි. ඌ කියන්නේ ලෝකෙ ආතල් කියල නෙමෙයි යකෝ. ඌ ලොකෙම දැක්කේ උඹ ඔය හිනාවෙන කලු පාටින්.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=PEeHkPpDvQQ

      Delete
    2. මාතෘකාව නිසාද චින්තො මේක දැම්මෙ. කියන ෙේදවල් අහල බැලුවෙ නැද්ද

      Delete
  3. තුන්කාලක් මැරිලට වඩා දහ පාරක් විතර පොලේ ගගහ මරලා!

    ReplyDelete
  4. අම්මද බොල. එතකොට මායි චින්තයි විතරද කාලින් ගැන දැනං ඉදල නැත්තෙ?

    ReplyDelete
  5. පව් බං චිංතන. ඌ කොච්චර හීන මවා ගෙනද මේක පරිවර්තනය කරන්න ඇත්තෙ? නොදකිම් මේ කොමෙන්ට්ස් කාරයො. පරපුටුවො.

    ReplyDelete
    Replies
    1. Quite the contrary. I was relieved by the comments!

      Delete
  6. Q: You're known as a very liberal comic. Are you trying to change people's political views when you go out there? Do you have an underlying agenda?

    A: No. First of all, I'm not liberal. I'm just about (being) anti-United States. I don't like the way this country operates. I think we've ruined this place. And I think it's largely because of businessmen. And businessmen are not liberals. So if that makes me a liberal, then that's just an association. It's not a choice. ...

    http://www.democraticunderground.com/discuss/duboard.php?az=view_all&address=103x31533

    ReplyDelete
  7. Quite the contrary. I was relieved by the comments!

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ජෝර්ජ් කාලින් ඇත්තටම ප්‍රශ්න කරන්නේ අපේ දෙබිඩි, කුහක බොරු පිළිවෙත් සහ ආකල්ප. මිනිස් ක්‍රියාකාරකම්වලින් පෘතුවිය විනාශ වෙනවා කියන අපේ උද්දච්ච ස්ථාවරය. ඔහුට අනුව අවසාන විග්‍රහයෙදි මිනිස් ක්‍රියාකාරීත්වය මොන මට්ටමකින්වත් පෘතුවියටවත්, විශ්වයටවත් කරන අමුතු බලපෑමක් නැහැ; හැම දෙයක්ම සොබාදහමෙ කොටසක්. අපිව මැව්ව සොබා දහමට අපිව නැති කරන එකත් සුළු දෙයක්. එහෙනම් අපි සොබාදහමට ඉහළින් ඉන්න බව පෙන්වමින්, එය පාලනය කරන, එහි බාරකාරයා හැටියට රඟපාන එක නිකං බොරු උද්දච්ච කමක් විතරයි. මේ ඉතාම විශිෂ්ට ගණයේ පැහැදිලි කිරීමක්; ඔහු ඉතාම ලස්සනට ඒක ඉදිරිපත් කරනවා.

    දැන් මේ අදහස මෙහෙම තේරුම් ගන්න පුළුවන්. එහෙම නම් අපි පරිසරය ගැන වදවීම මුළාවක් විතරයි. සූර්ය බල ශක්තිය ගැන වදවීම, සුළං ශක්තිය ගැන වදවීම, ගස් වැවීම ගැන වදවීම, කැලෑ කැපීම ගැන වදවීම, කර්මාන්තශාලා ගැන වදවීම තේරුමක් නැති දෙයක්. ඕනැ තරම් ගස් කපලා, පරිසරය විනාශ කරලා, අවිචාරාත්මක කර්මාන්තවලින් එදිනෙදාට විතරක් ජීවත් වීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක එහෙම නම් ජෝර්ජ් කාලින් අපිට ඒක කිව්වත් එකත් නැතත් එක යි. එයා කරන්නෙත් නිකං කාල නාස්තියක් විතරයි.

    නමුත් මේක තේරුම් ගන්න පුළුවන් තවත් විදිහක් තියෙනවා. අපි කරන කිසිම දෙයකින් පෘතුවියට හරි, සොබාදහමට හරි අමුතු වෙනසක් නැති වුණත්, අපිට වෙනසක් තියෙනවා. ලෝකෙට ඕනැ මගුලක් වුණත් අපිට කමක් නැති වුණාට, අපි ගැන හිතන්න අපිට අයිතියක් තියෙනවා. ඒක නිසා තමයි අපි මුණ හෝදන්නෙ, නාන්නෙ, ඇඳුම් හෝදන්නෙ, ගෙවල් අතුගාන්නෙ, වටපිටාව පිරිසිදු කරන්නෙ. දුම් පිරුණු අපිරිසිදු වාතය, කුණු ගොඩ ගැහුණු පරිසරය අපිට අපහසුවක්. පිරිසිදු පරිසරය, සංවිධානය කළ සැලසුම්, සමනය කළ උෂ්ණත්වය, පරිසරයට සංවේදී කර්මාන්ත අපිට සැනසිල්ලක්. ඛණිජ ඉන්ධන හැමදාටම ඇති වෙන්න තිබුණත් නැතත්, දුම් පිටවෙන්නැති, නඩත්තු අවම ශක්ති විකල්ප අපිට පහසුවක්; ඉදිරි පියවරක්.

    පෘතුවිය අපිව නිකම්ම ගසලා හලලා දාන්න හදනව නම්, ප්ලාස්ටික් හදාගෙන ඊට පස්සෙ අපිව අත ඇරලා දානව නම් ඒකට විරුද්ධව පොඩි හරි සටනක් දෙන එක මරු වැඩක්! මෙච්චර දුර ආපු එකේ, පොඩි හරි ආත්ම ගරුත්වයක් තියෙනව නම්, සොබාදහමත් එක්ක ගේම ඉල්ලන හරිම විදිහ හොයා ගන්න කියන එක නෙමෙයි ද ජෝර්ජ් කාලින් කියන්නේ?

    ReplyDelete
    Replies
    1. එකඟයි!

      Delete
    2. නමුත් කාර්ලින් කියන්නෙ ජීවිත කාලෙම ලොකු කොම්පැනි පතුරු ගහපු මිනිහෙක්. සොබා දහමත් එක්ක ගේම ඉල්ලන්න කලින් ලොකු කොම්පැනි එක්ක ගේම ඉල්ලන්න වෙනවා.

      Delete
    3. යම් යම් තත්ව යටතේ ඒක අදාළ යි. නමුත් ඕනෑම අරගලයක් අද තත්ව යටතේ ප්‍රගතිශීලී අරගලයක් විදිහට හඳුනාගැනීම තරමක් අනතුරුදායකයි. නිදසුනක් විදියට යම් යම් බහුජාතික සමාගම් ඉඩම් මිල පහත දමා ගැනීමට, රජයන් සමග ආයෝජන කොන්දේසි වඩා වාසිදායක තත්වලට කෙවල් කර ගැනීමට තමන්ටම විරුද්ධව ව්‍යාජ අරගල සංවිධානය කළ අවස්ථා විවිධ රටවල දකින්න පුළුවන්. සමහරවිට දේවල් දෘශ්‍යමානයට වඩා සංකීර්ණයි.

      Delete
  10. උඩ පළවෙන කමෙන්ට් කියවද්දි එක ලස්සන දෙයක් පැහැදිලි වෙනවා. ගොඩක් අය උත්සාහ කරනවා කාලින්ව බේරගන්න. සේව් කාලින්.. ඒ හරහා ඇත්ත උත්සාහය වෙන්නෙ තමන්ව බේරගන්න එක. මට හිතෙන්නෙ ජෝජ් කාලින්ගෙ මේ පරිවර්තනය කරපු කතාවම වෙන්නෙ ඒකයි. පරිසරය බේරගන්න හදනවා කියන එකේ තියෙන මිත්‍යාව. ඒ හරහා තමන්ගෙ උද්දච්චකම ආරක්ෂා කර ගන්න හදන එක. කාලින්ගෙ මේ කතාවෙන් ලංකාවෙ වම කියල පෙනී ඉන්න හදන ගොඩක් අය කලබල වෙන එක හරිම සාමාන්‍යයක්. ඇත්තටම මේ කතාවෙන් පස්සෙ ලෝකෙම වම්මු කලබල වුනා. ඒත් ජෝර්ජ් කාලින් තමන්ගෙ අදහස, තමන්ගෙ ක‍්‍රිටික් එක නිදහසේ කරනවා. ඉතින් හිත රිදුනු අයට සිද්ද වෙනවා කාලින් සමස්තයක් විදිහට ගන්නයි, එයාගෙ කලින් කතා එක්ක තක්සේරු කරන්නයි, එයාව තමන්ට උවමනා විදිහට අන්දන්නයි නොසෑහෙන මහන්සියක් ගන්න. ඒත් කාලින් මෙතන කියන දේ පැහැදිලියි. ඒක ඍජුයි. ඒ අදහස තේරුම් ගන්න වෙන අදහස්වල ආධාර ඔ්න වෙන්නෙ නෑ. එහෙම සමස්ත තේරුම් ගැනීම් වලට යන්නෙම අසරණ වීම වළක්වාගන්න. කාලින්ව තමන්ගෙ ආකෘතිය ඇතුලෙ තියාගන්න. කොටින්ම ගනීභූත කාලින්ට තමන් විසින් දීලා තියෙන ආකෘතිය පරිස්සම් කරගන්න. සමහරුන්ට අනුව කාලින් ලිබරල්. තව සමහරුන්ට අනුව කාලින් ඇනාකිස්ට්. තව කට්ටියකට කාලින් කොමියුනිස්ට්. එතකොට කාලින්ට අනුව කාලින් ඒ කිසි එකක් නෙමෙයි. මම කාලින්වාදියෙක් නෙමෙයි. කාලින්ගෙ හැම අදහසකටම මම එකග නෑ. ඒත් එයා පරිසරය රැුකීම ගැන මෙතන කියන කතාව ඔන්ද ස්පොට්. කාලීන්වාදීන්ට පුළුවන් තමතමන්ගෙ කාලින්ලව පරිස්සම් කරගන්න. මට අදාල වෙන්නෙ එයාගෙ අදහස විතරයි. කාලින් මොන වාදියෙක්ද කියල හොයන්න මට කිසි ඉන්ටරෙස්ට් එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයා අදාල දේ තේරුම් ගන්නෙම නෑනේ. නැත්නම් තේරෙන්නෑ වගේ පෙන්නනවා. මෙහෙමයි. සේව් කාර්ලින්, කිල් කාර්ලින්, ෆක් කාර්ලින් කියලා වැඩට බහින හැහමා්ම හදන්නෙ කාර්ලින්ගෙන් වැඩ ගන්න තමයි. මුලින් කාර්ලින් ලිබරල්ය කියල බ්ලොග් එකකින් පේස්ට් කරලා ලේසියෙන් ගොඩ යන්න හැදුව ඔයා දැන් ඉන්ටරස්ට් එක නැති කර ගෙන ෆක් කාර්ලින් කියන්නෙත් හිත රිදුන නිසා තමයි. වම කියල පෙනී ඉන්න හදන දකුණක් මිසක් ලේා්කෙ දැන් ඇත්ත වමක් නැති නිසා තමයි කාර්ලින්ට ඇඳුම් අන්දන අය, ගල් කරන අය වගේම කාර්ලින්ගෙ ඇඳුම් ගලවන්න හදන අයත් දිය කරන්න හදන අයත් එක වගේ වෙන්නේ.

      මම කියන්නෙ පරිසරය බේරගන්න හදන එක මිත්‍යාවක් කියලා ඔයා කියන එක ඔයාගෙ අදහස මිස කාර්ලින්ගෙ අදහස නෙමෙයි කියන එකයි. එයා ගේන්නෙ ඒක කරන උද්දච්ඡ විදිහෙ වැරැද්ද ගැනයි. එයාගෙ මුළු ෂෝ එකම බැලුවොත් තමයි ඒ අදහස පැහැදිලි වෙන්නේ. ඔයාගේ පරිවර්තනයෙත් මුල් හරියට වඩා පහලට එනකොට ඒක ටිකක් පැහැදිලියි.

      //පෘතුවිය බේරගන්න? අපි තාම අපි ගැනවත් හරියට බලාගෙනනෑ. අපි තව මනුස්සයෙකුට සලකන්නෙ කොහොමද කියල දන්නෙ නෑ. එහෙම තියෙද්දි මේ පෘතුවියක් බේරගන්න? මට එපාවෙලා තියෙන්නෙ මේ වගේ විකාර කතන්දර. මට එපා වෙලා තියෙන්නෙ මේ පෘතුවි දින සමරන එක. සුදු බුර්ෂුවා ලිබරල් පරිසරකාරයො කියනවා මේ ලෝකෙ තියෙනලොකුම ප‍්‍රශ්නෙ ඕන තරම් බයිසිකල් පාරවල් නැති එකලූ. ඒ ගොල්ලොන්ට ඕනේ තමන්ගේ වොල්වෝ ටික පාරේ ආරක්ෂිතව තියාගන්න.//


      මේ ගැන මගේ අදහස ටිකක් ෙෙවනස් එකක්. ඒ වුනත් කාර්ලින්ගේ සමස්තයෙ දෙපැත්ත රැහැලා දාලා මං හිතන එක තමයි කාර්ලින් කියන්නෙ කියල කියන්න මට සදාචාරාත්මක අයිතියක් නෑ. කාර්ලින් වුණත් දන්නවා සුදු බුර්ෂුවා ලිබරල් පරිසරකාරයො ලොකු කරන ප්‍රශ්න වලට වඩා ලොකු ප්‍රශ්න තියෙන බව. ඒකනේ එයා කියන්නෙ.

      චීන කොම්පැනියකට නිකම්ම ඉඩම් දීලා දාපල්ලා කියන්න කාර්ලින් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා බලන්න නම් කාලින්ගෙ සමස්තය කියවන එක වැදගත් කියන එකයි මම කිව්වෙ. නැත්නම් //අපි තව මනුස්සයෙකුට සලකන්නෙ කොහොමද කියල දන්නෙ නෑ.// කියලා කාර්ලින් කිව්වෙ දේ තමයි අපිත් කරන්නෙ. මේ ඕනැ ගොන් අරගලයකින් වුනත් චීනෙ ඊලඟට වැඩ කරන විදිය දශමෙකින් හරි වෙනස් කරයි. බොරුවට හරි පරිසර ප්‍රතිපත්තියක් හදයි. ඔයාගේ මැදිහත් වීම කාර්ලින් කියවීමකට වඩා චීනෙට හරි හොර දේශපාලකයින්ට හරි වැඩ ලේසි කරල දෙන්න දඟලන උත්සහයක් විතරයි. එතනටයි ඔයාගේ ඉන්ටරස්ට් එක.

      Delete
  11. චින්තගෙ ඊලග බ්ලොග් එක එන්ඩ ඕනැ "හෝකස්" වැගන් කොම්පැණිය ගැන කඩේ යන්ඩ යි. හිහ් හිහ්!ර්‍ කාලින්ගේ වීඩියෝ එකක් තියෙනවා වචන වැඩක් නෑ කන්ටෙක්ස් එකයි වැදගත් කියලා. නරකද ඊලඟට ඒක ගත්තොත්.

    https://www.youtube.com/watch?v=PdtHZ_6oz9Q

    ReplyDelete
  12. මට මේ ගැන හිතෙන්නේ මේ විදියට.

    පරිසරය සහ ආර්ථික සංවර්ධනය ගැන ලෝක බැංකුවේ ඇප්‍රෝච් එක ගන්න. එහි පරිසර සුරකීමේ ප්‍රතිපත්ති සහ එයින් ණය ලබාගන්නා ව්‍යාපෘති සඳහා ණය අනුමත කරගැනීමට ප්‍රථම සහ පසුව පිලිපැදිය යුතු පියවරයන් ඉතා සවිස්තරාත්මකව, පරිසරය සමග අදාල සියලු අංශ ඇතුලත් වන සේ ගැඹුරු අධ්‍යයනයන් අනුව පිලියෙල කර ඇති මාර්ගෝපදේශ, ලෝකයේ මේ සම්බන්ධයෙන් ඉහලින්ම සැලකෙනවා. (මේ ලෝක බැංකු ලේඛන තමයි අද ලෝකයේ බොහෝ රටවල තමන්ගේ පරිසර ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ නීති සඳහා මාර්ගෝපදේශයන් ලෙස භාවිතා කරන්නේ) ලෝක බැංකුව ඇයි පරිසර සංරක්ශනය සඳහා මෙතරම් බරක් දෙන්නේ? ලෝක බැංකුව කියන්නේ පරිසරවේදීන් හෝ ඔය කියන ඇක්ටිවිස්ට්ස් ලා කොහොමටත් ඉන්න තැනක් නෙවෙයිනේ.

    මට හිතෙන විදියට මේ කියන්නේ මේ විධියට ගියොත් (- ස්වභාවික සම්පත් කලමනාකරනය -) ලෝකෙ අර්බුදයකට යනු ඇත කියන එක ගැන ලෝක බැංකුවට තියෙන තක්සේරුව. (වෙන විදියකට කිව්වොත්, අපි -හියුමන්කයින්ඩ්- බිත්තියට හේත්තුවෙන්න පුලුවන් කියන එක) ඉතින් මේ තක්සේරුවට චැලේන්ජ් කරන්න නම් ප්‍රබල ෆැක්ට්ස් ඇන්ඩ් ෆිගර්ස් එක්ක එන්න ඕන. එහෙම නොකරන ඔක්කොම ඉතින් 'සිතට නැගෙන කලාත්මක සිතුවිලි' විතරයි. (මේ 'සිතට නැගෙන කලාත්මක සිතුවිලි' සියල්ල කොන්ඩෝම් කිරීමක් නෙමෙයි).

    //ස්වභාව ධර්මයට පාඩුවෙ ඉන්න දෙන්න// කියල කියනවනම්, ඇයි අපි ගංවතුර කාලෙදි කලුගඟ මෝය කට කපන්න ඔච්චර මහන්සි වෙන්නේ? ඒක අදාල වෙන්න ඕනේ ගොලුබෙල්ලන්ට විතරද?

    මම දැකලා තියෙනවා චින්තන කාලගුන විපර්යාස සැක කරන කෙනෙක් (අර ක්ලයිමට් චේන්ජ් ඩිනයර්ස් /ස්කෙප්ටිසිස්ට්ස් කියලා සිංහලෙන් කියන්නේ) ලෙස අදහස් ලියා තිබෙනවා. මේකෙ පයනියර්ලා තමයි (ට්‍රම්ප්ටත් කලින් ඉඳලා) රිපබ්ලිකන්ස් - ඒ නම් ආර්ථික හේතු හින්දා (හිලවු කරන්න යන වියදම මගින් ආර්ථිකයට වියහැකි බලපෑම ගැන ඇති බිය). තවත් ඉන්නවා ඒ අය විද්‍යා දැනුම විරෝධීන්.. සමහර විද්‍යාඥයොත් ඉන්නවා මේ ගොඩේ! තව ඉන්නවා බටහිර විරෝධීන්. (මම මේ ලේබල් ටිකක් පෙන්නලා 'ඇයි චින්තන එහෙම වෙන්නේ' කියලා අහන්න යනවා නෙමෙයි). ධනවාදී ලෝකයේ ලෝක බැංකුව කාලගුන විපර්යාස මුල් අංක අතරට අරගෙන තියෙනවා. ඒ දැනට ලෝකය සතුව ඇති විද්‍යා දැනුම මගින් සාධාරන ලෙස, පිලිගත හැකි විදියට, මගහැර යා නොහැකි ලෙසට ලෝකයට ඒත්තුගන්වා ඇති නිසා කියලයි මට හිතෙන්නේ. (එකිනෙකට ඉතා අසමාන විශයන් වුවත් - මානව හිමිකම් වැන්නක් ටිකක් මේ වගේ. ලෝකය පිලිගත්තේ සෑහෙන කාලෙකට පස්සේ. දැන් මගහැර යා නොහැකියි. නමුත් තාමත් පිලිගන්න/නොගන්න අය දෙගොල්ලොම ඉන්නවා!පිලි නොගන්නේ එක එක හේතු හින්දා - ලංකාවේ අපි මේ හේතු මොනවද කියලා හොඳට දන්නවා!)

    - Dimithri

    ReplyDelete
    Replies
    1. ණය දීමේ දී සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, නිමිද්‍රව්‍ය මිලට ගත යුත්තේ කොහෙන්ද, උපදේශකත්ව සේවා, අභ්‍යන්තර නියාමනය සහ පරිසර හිතකාමී සේවා ලබා ගත යුත්තේ කොහෙන්ද ආදී බලහත්කාරී කොන්දේසි රාශියක් අද නිර්දේශ වෙන්නේ ලෝක පරිසර ප්‍රතිපත්ති සහ මානව හිමිකම් වාර්තාවලට මුවා වෙලා කියන එක අද ලෝක බැංකුවට සහ එහි ආයෝජකයින්ට එන ලොකු විවේචනයක්.

      අනිත් අතින් පරිසර ව්‍යාපාර සහ එහි විවේචකයින්ට කියන දෙපැත්තටම ප්‍රබල දත්ත සහ තර්ක ඉදිරිපත් වෙලා තිබුණත් ආපහු ප්‍රතිපත්ති තීරණය වෙන්නේ වඩා බලවත් පාර්ශවය දෙන අර්ථකථන මත. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ විපාක සෙවීම විශ්ව විද්‍යාලවල පර්යේෂණවලට විශාල අරමුදල් ලැබෙන මූලික විදිහක්. විකල්ප ඉන්ධන, සුළං මෝල් ආදිය පාවිච්චි කිරීමට කෙරෙන බල කිරීම් ඒ තාක්ෂණය පේටන්ට් කර ඇති, නිපදවන, විශේෂඥ ඥානය සපයන රටවලට ආදායම් ගලන මගක්. ඒ වගේම පරිසරය සුරකීමේ ව්‍යාපාර අද සංවිධානය වෙන්නේ ව්‍යාපාර හැටියට නිසා, ව්‍යාපාර නඩත්තු වීම සහ ලාබ ලැබීම වෙනුවෙන් බොහෝ විට ඒවායේ අරමුණු ඉක්මවා යනවා. ඒනිසා අද තත්ව යටතේ ලෝක බැංකුවේ ප්‍රමුඛතා නම් සාර්ථක නිර්ණායකයක් වෙන්න තියෙන ඉඩ අඩුයි.

      නමුත් පරිසරය ගැන වදවීමේ උද්දච්ච විලාසිතා සහ ඒ එක්ක එන මර්ධනයට විරුද්ධ වෙන අතරේ, පරිසරය නඩත්තු කිරීම මිත්‍යාවක් යන අදහස නම් සීමාකාරී සහ තවත් උද්දච්ච අදහසක් විතරයි. දියුණු රටවල් සහ දැන් දැන් චීනය පවා වඩා කාර්යක්ෂම පරිසර හානිය අඩු ජෛව ඉන්ධනවලට සහ පරිසර ප්‍රතිපත්තිවලට යාම අනිවාර්යෙන්ම දියුණු තත්වයක්.

      Delete
    2. "ණය දීමේ දී සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, නිමිද්‍රව්‍ය මිලට ගත යුත්තේ කොහෙන්ද, උපදේශකත්ව සේවා, අභ්‍යන්තර නියාමනය සහ පරිසර හිතකාමී සේවා ලබා ගත යුත්තේ කොහෙන්ද ආදී බලහත්කාරී කොන්දේසි" යනාදිය එහි විනිවිදභාවය හෝ යහපාලනය පිලිබඳ ප්‍රශ්න මිස එහි පරිසර අවශ්‍යතා (ව්‍යාපෘති ණය සඳහා මූලික අනුමැතිය ලබාදීමේ සහ ඉදිකිරීමේදී, පවත්වාගෙන යෑමේ ක්‍රියාවලිය සඳහා වන පරිසරය සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති, නීති, මාර්ගෝපදේශ ) බයි පාස් කිරීමට දමන කොන්දේසි ලෙස ගන්න පුලුවන්ද? මම කියන්නේ නැහැ ප්‍රායෝගික තලයේදී ඉහලම ප්‍රමිතියකින් මේ සියල්ල පරිසර නීතීන්ට අනුකූල ව කෙරෙනවා යැයි කියා. නමුත් සරලව කිව්වොත්, සාපේක්ශ වශයෙන් ලෝක බැංකු ඇප්‍රෝච් එක චීන රුසියානු ඉන්දියානු ඇප්‍රෝච් වලට වඩා ඉතා ඉතා ඉහලින් තියෙන බවයි මා කියන්නට තැත් කරන්නේ. එනම් මේ මොහොතේදී එයට වඩා පෘථුල ඇප්‍රෝච් එකක් ලෝකයේ නැහැ කියන එකයි. තියෙනවානම් යෝජනා කරන්න. සියලු දේශප්‍රේමීන්ට, පරිසර හිතවාදීන්ට, රැඩිකල් තරුන කොටස් වලට 'පීටර් හැරල්ඩ් ගෙදර යනු' කියන ගමන් භාවිතා කලහැකි සහ දැනටමත් දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිතා කරන ඉතාමත්ම ඩීටේල්ඩ් තත්වයේ මාර්ගෝපදේශන ලෝක බැංකුව සතුයි.

      ඔබ දෙවන ඡේදයේ කියන තාක්ශනික දේවල් නම් තරමක කුමන්ත්‍රන න්‍යායවල්.

      පර්යේශන කිරීම, කොන්ත්‍රාත්තු ලබාදීම, තාක්ශනික සේවා / විශේෂඥ ඥානය සපයන්නන් නිර්දේශ කිරීම වැනි දේවලදී තෝරාගැනෙන්නේ ඒද බීද සීද යන්න මම කලින් කිව්වා වගේ යහපාලනය සහ විනිවිදභාවය පිලිබඳ ප්‍රශ්න. "ලෝක බැංකුවේ ප්‍රමුඛතා නම් සාර්ථක නිර්ණායකයක් වෙන්න තියෙන ඉඩ අඩුයි." කියන්න නම් (යහපාලනය සහ විනිවිදභාවය පිලිබඳව නොව) පරිසරය පිලිබඳ තර්ක ගෙන එන්න වෙනවා.

      ඔබ කියන උද්දච්ච අදහස නම් මට පැහැදිලි නැහැ.

      - Dimithri

      Delete
    3. පරිසරය සම්බන්ධ සමහර කොන්දේසි ණය ගිවිසුම්වලට ඇතුලත් කිරීම සහ ඒවායේ ස්වභාවය ආදී ඕනෑම ප්‍රශ්නයක් අවසානයේදී සදාචාරය, යහපාලනය සහ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න තමයි. එතනදි යම් ව්‍යාපෘතියකට අදාළව ඒවා සැබෑ පරිසර අවශ්‍යතා ඇත්තටම නියෝජනය කරනවද නැද්ද කියන එක සජීවී සංවාදයක් හැටියට තිබිය යුතු දෙයක් මිස, ලෝක බැංකු නිර්දේශ පරිපූර්ණ සහ අවසාන නිදර්ශකය හැටියට ගැනීම අනතුරුදායක යි. ඊට විකල්ප අවශ්‍ය බව හඳුනාගන්න වෙලා තියෙන්නේ අතුරු ප්‍රතිපල සහ අත්දැකීම් එක්ක එන බරපතල පර්යේෂණ සහ පසු වටහා ගැනීම් එක්ක. ලෝක බැංකු නිර්දේශ එක්ක ආපු අසාර්ථක පරිසර ව්‍යාපෘති සහ ඒවා ආශ්‍රිත වෙනත් සාධක සැලකිල්ලට නොගැනීම (යම් රටවල දූෂිත දේශපාලනය, පරිසර ප්‍රතිපත්ති බාල සහ ඉක්මන් පර්යේෂණ මත පදනම් වීම වැනි) අවස්ථා ඕනැ තරම් තියෙනවා. ඒ නිසා පුළුවන්නම් විකල්ප කියන්න කියන එක නොගැඹුරු අභියෝගයක් විතරයි. විකල්ප පරිසර ප්‍රතිපත්ති සහ තර්ක ඕනැ තරම් තිබුණත් ඒවාට නිල තත්වය නොලැබෙන හේතු තීරණය වෙන්නේ විවිධ න්‍යාය පත්‍ර එක්ක.

      ඒ නිසා අද ලෝකයේ වෙන හැම දෙයක්ම ප්‍රධාන න්‍යාය සහ කුමන්ත්‍රණ න්‍යාය අතර සංවාදයක් හැටියට ගන්න එක වැදගත්. නමුත් සමහරවිට ක්‍රමන්ත්‍රණ න්‍යායත් ප්‍රධාන ධාරාවෙම නිශ්පාදන. ඒ නිසා හැම විකල්ප පද්ධතියක් එක්කම බැඳුණු සජීවි සංවාදයක් හැටියට මිසක් නිල ධාරාව ඇදහීම හොඳ තත්වයක් නෙමෙයි. ඒක උද්දච්ච කමක් හරි කපටි කමක් හරි විතරයි.

      Delete
    4. අපි එකතැන වටේ කැරකෙන්නෙ. ඔබේ කියන හැම දෙයක්ම ලෝක බැංකුව වැනි ආයතන වල පරන කල්ක්‍රියාවන් පදනම් කරගෙන ඇතිවුන ගැන සැකය මත කියන්නේ. මම කියන්නේ ඒක ගැන නෙවෙයි. ලෝක බැංකුවේ පැරනි අසාර්ථක හානිකර වූ සමහර ව්‍යාපෘතීන් ගැන වාදයක් නැහැ. මම කියන්නේ ලෝක බැංකුව මාර්ගෝපදේශ කට්ටලයක් හදා තියෙනවා. ඒක පදනම් වෙලා තියෙන්නේ මේ ලෝකෙ යන විදිය (බිස්නස් ඈස් යූශුවල් ) අනාගතයට එච්චර සුවදායක නොවන හින්දා. බිත්තියට හේත්තුවෙන්නට යන හින්දා. ඒ මාර්ගෝපදේශ, මේ ලෝකෙ දැනට තියෙන නවීනතම විද්‍යාත්මක දැනුම පදනම් කරගෙනයි කර තිබෙන්නේ. උදා. කාලගුන විපර්යාස. මම විශ්වාස කරනවා හරිතාගාර වායු විමෝචන සීමා කිරීමේ ඉලක්ක ලබා දී ඇති රටවල් එම ටාර්ගට්ස් වලට යනවා නම් තත්වය පාලනය කරගත හැකියි කියා. මොන විකල්ප මත ආවත් කලයුතුව තිබෙන්නේ එය පමනයි! එය හොඳින්ම මේ මොහොතේ ක්‍රියාවට නගන්න මූලිකත්වය ගෙන ඇති ආයතන නම් එජා සංවිධානය සහ ලෝක බැංකුව ප්‍රමුඛ ඒ මට්ටමේ ණය දෙන ආයතනයි.

      විකල්ප කියන්න කියන එක නොගැඹුරු අභියෝගයක් නොවෙන්නේ මෙහෙමයි. දැන් ප්‍රසිද්ධ "තිරසාර සංවර්ධනය" කියන සංකල්පය ගන්න. ඕක වැඩි අතීතෙට යන්න ඕනෙ නැහැ 70 ගනන්වලදිවත් ධනවාදී අර්ථක්‍රමය යටතේ හීනෙකින්වත් හිතපු නැති සංකල්පයක්. මීට විකල්පව ඉදිරිපත්ව ඇති සංකල්පය මොකක්ද? ඊට වෙනස්ව අපිට කියන්න පුලුවන් "ලාභය සඳහා නොව අවශ්‍යතාවය සඳහා නිශ්පාදනය" කලොත් පරිසරය සුරක්ශිත වෙනවායැයි කියලා. නමුත් ඒකෙන් මෙලෝ වැඩක් වෙන්නේ නැහැ පවතින තත්වය කලමනාකරනය කරගන්න. මම කියන්නේ හදන්නේ විකල්ප මත අර තරම් ඩීටේල්ස් වලට ගිහින් නැහැ. ඇත්තටම යන්න එච්චර අවශ්‍යතාවයක් නැහැ. "විකල්ප පරිසර ප්‍රතිපත්ති සහ තර්ක ඕනැ තරම් තිබුණත් ඒවාට නිල තත්වය නොලැබෙන හේතු තීරණය වෙන්නේ විවිධ න්‍යාය පත්‍ර හින්දා" කියල ඔබට හිත හදාගෙන ඉන්න පුලුවන්. මේක ටිකක් නලින් ද සිල්වාගේ කතාවක් වගේ.

      මම කියන්නේ නැහැ ලෝක බැංකු නිර්දේශ පරිපූර්ණ සහ අවසාන නිදර්ශක යැයි කියලා. දැනට පවතින පෘථුලම සහ වඩාත් නවීන විද්‍යාත්මක දැනුම මත පදනම් වුනු එක කියල විතරයි කියන්නේ.

      ඔබ 'පරිසර ව්‍යාපෘති' යැයි නම් කරන්නේ මොනවාදැයි පැහැදිලි නැහැ.

      කුමන්ත්‍රන න්‍යායන් කියලා මම කියන්නේ හැම එකම බලවත් පාර්ශවයන් ( අධිරාජ්‍යවාදීන්! ) අපේ රටවල්වලට කෙලවන්න කරනවාය, එම බලවත් රටවලට ආදායම් ගලා ඒම සඳහාය යැයි කියන ඒවා ගැනයි. විකල්ප මත හෝ සංකල්ප ගැන නෙවෙයි.

      - Dimithri

      Delete
    5. මෙතෙක් කල් අන්තර්ජාතික ආයතන ලෝකේ දුවවපු විදිහ බිත්තියට හේත්තු කිරීමකින් කෙළවර වෙන්න යන බව හඳුනගැනීමම අද ජයග්‍රහණයක්. ඒක කාලෙකට ඉස්සෙල්ල කිව්වහම කුමන්ත්‍රණ න්‍යායක්. පරිසර දත්ත පිළිබඳ විකල්ප විග්‍රහයන් එන්නෙත් නවීනතම විද්‍යාත්මක ආස්ථන සහ පර්යේෂණවලින් මිසක් නලින් ද සිල්වා වර්ගයේ දමා ගැසීම්වලින් නෙමෙයි (පොඩ්ඩක් හොයා බලන්න). මේක වෙන්නේ නව සංනිවේදන මාධ්‍යවලින් විකල්පවලට ඉඩ ලැබීම නිසාමයි.

      බිත්තියට හේත්තු නොවන්න නම් මෙච්චර කල් කරපු විදියට ප්‍රධාන ධාරවෙන්ම යැපෙන්නේ නැතුව, විකල්ප එක්ක සජීවී විද්‍යාත්මක සංවාදයක් අවශ්‍ය බවයි මගේ මූලික තර්කය වුණේ. ඒක හිත හදා ගෙන ඉඳීමක් නොවේ. විකල්ප කීපයක් විවෘතව තබා ගැනීමක්; ඔබ කියන විදිහට බිත්තියට හේත්තු වීම වළක්වන්න දොරවල් කීපයක් හැර තැබීමක්. බිස්නස් ඈස් යූෂුවල් වෙනුවට, ඒ අය දැන් හැදිලා වගේ ආරාධනාවක් බාර ගන්න එක යූෂුවල් බිස්නස් විත් අ නිව් ෆේස් කියලත් කියව ගන්න පුළුවන්. ඒක දවල් වැටුණු වලේ රෑත් වැටීමක්. මම කියන්නේ ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙමෙයි. නමුත් තව දුරටත් නිල මතය හරි මතය විය හැකියැයි බාර ගැනීම සාර්ථක සහ ප්‍රමාණවත් වැඩක් නොවෙන බවයි.

      නමුත් මේ සංවාදය නතර කරන්න යම්කිසි දෙයක් එක්ක එකඟ වෙන්න ඕනැ නම් මට කියන්න තියෙන්නෙ ඔබ හරි... අපි එකතැන වටේ කැරකෙන්නෙ...

      Delete
    6. ඔබ තර්ක කරන්නේ ඉතා ඉහල තලයක ඉඳන්. අවංකවම මා එපමන ඔය ගැන (පරිසරය පිළිබඳ විකල්ප විග්‍රහයන් ගැන ) හොයා බලා නැහැ. මගේ දැනුම ලංකාව තුල වැඩිම වුනොත් දශක 3ක පමන කාලයකදී ක්‍රියාත්මක වුන සංවර්ධන ව්‍යාපෘති සහ ඒ හා බැඳුනු පරිසරය සම්බන්ධ කාරනා (ජාත්‍යන්තර සහ ජාතික ප්‍රවනතාවන්) වලට සීමා වෙනවා. ඒ සීමාසහිත දැනුමෙන් දේවල් තේරුම් ගන්න මොඩලයක් හදාගෙන ඉන්නවා. ඒ හැර පරිසරය-ස්වභාවික සම්පත් පරිහරනය-සමාජ/යටිතල පහසුකම් සංවර්ධනය පිලිබඳ ගැඹුරු රෙඩිමේඩ් දර්ශනයක් මට නැහැ. සමහරවිට මා ලෝක බැංකුව පරිසරය සම්බන්ධයෙන් ඉහල තැනක තබන්නේ පසුගිය දශකයේ චීන ආධාර යටතේ සිදුකල විනාශකාරී ව්‍යාපෘතීන් මගින් ඇස් ඉදිරිපිට සිදුවුන දේවල් නිසා වන්නට පුලුවන් (එහි තිබෙනවා අඩුවශයෙන් ලෝක බැංකුවට වෙනස් විකල්ප ඇප්‍රෝච් දෙකක්! චීන සහ ලාංකික දේශීය!!). එය ඉතා සරල සංසංදනයක්. වෙනත් තිබිය හැකි විකල්ප (හුදු විරෝධ නොවේ) සංසංදනයට අභිමුඛ වන්නේ නැති ගතියක් තියෙන බවයි මගේ නිරීක්ශනය. ඒවා හඹා නොගිය බව, හොයා නොබැලූ බව මා පිලිගන්නවා.

      ලෝකය ගමන් කරන විදිය කොයි කාලෙකවත් සරල වුනේවත් වන එකක්වත් නැහැ. ඕනෑම සමාජ මාදිලියක අභියෝග තිබිය හැකියි. ඉතින් හැමවිට විකල්ප මාදිලි ගැන විමසිලිමත්ව සිටිය යුතුයි කියන එක නොවරදින ආස්ථානයක්!

      නිල මතය (කලාතුරකින් හෝ) සාපේක්ශව හෝ හරි මතය විය හැකි අවස්ථාවලදී එය භාරගැනීමට ඇලජික් එකක් නොතිබිය යුතුයි. ලංකාව අරභයා වන හයිබ්‍රිඩ් අධිකරනය ලෝකයේ නිල මතය වන දවසට මම ඒක පිලිගන්න මැලිවන්නේ නැහැ.

      - Dimithri

      Delete
  13. මෙතෙක් කල් අන්තර්ජාතික ආයතන ලෝකේ දුවවපු විදිහ බිත්තියට හේත්තු කිරීමකින් කෙළවර වෙන්න යන බව හඳුනගැනීමම අද ජයග්‍රහණයක්. ඒක කාලෙකට ඉස්සෙල්ල කිව්වහම කුමන්ත්‍රණ න්‍යායක්. පරිසර දත්ත පිළිබඳ විකල්ප විග්‍රහයන් එන්නෙත් නවීනතම විද්‍යාත්මක ආස්ථන සහ පර්යේෂණවලින් මිසක් නලින් ද සිල්වා වර්ගයේ දමා ගැසීම්වලින් නෙමෙයි (පොඩ්ඩක් හොයා බලන්න). මේක වෙන්නේ නව සංනිවේදන මාධ්‍යවලින් විකල්පවලට ඉඩ ලැබීම නිසාමයි.

    බිත්තියට හේත්තු නොවන්න නම් මෙච්චර කල් කරපු විදියට ප්‍රධාන ධාරවෙන්ම යැපෙන්නේ නැතුව, විකල්ප එක්ක සජීවී විද්‍යාත්මක සංවාදයක් අවශ්‍ය බවයි මගේ මූලික තර්කය වුණේ. ඒක හිත හදා ගෙන ඉඳීමක් නොවේ. විකල්ප කීපයක් විවෘතව තබා ගැනීමක්; ඔබ කියන විදිහට බිත්තියට හේත්තු වීම වළක්වන්න දොරවල් කීපයක් හැර තැබීමක්. බිස්නස් ඈස් යූෂුවල් වෙනුවට, ඒ අය දැන් හැදිලා වගේ ආරාධනාවක් බාර ගන්න එක යූෂුවල් බිස්නස් විත් අ නිව් ෆේස් කියලත් කියව ගන්න පුළුවන්. ඒක දවල් වැටුණු වලේ රෑත් වැටීමක්. මම කියන්නේ ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන්න කියන එක නෙමෙයි. නමුත් තව දුරටත් නිල මතය හරි මතය විය හැකියැයි බාර ගැනීම සාර්ථක සහ ප්‍රමාණවත් වැඩක් නොවෙන බවයි.

    නමුත් මේ සංවාදය නතර කරන්න යම්කිසි දෙයක් එක්ක එකඟ වෙන්න ඕනැ නම් මට කියන්න තියෙන්නෙ ඔබ හරි... අපි එකතැන වටේ කැරකෙන්නෙ...

    ReplyDelete