Friday, July 30, 2010
ප්‍රධාන ධාරාවේ චිත්‍රපට කර්මාන්තය දැන් බිම. මට පීටර් ග‍්‍රිනවේ කියපු කතාවක් මතක් වෙනවා.
ප්‍රධාන ධාරාවේ චිත්‍රපට කර්මාන්තය දැන් බිම. මට පීටර් ග‍්‍රිනවේ කියපු කතාවක් මතක් වෙනවා.
‘චිත්‍රපටි කර්මාන්තය ඉවරයි‘ ග්රීනවේ කිවුවාම 2007 පූසාන් සම්මාන උළෙලේ ගොඩක් අය කලබල වුණා. මේ තරම් සිනමා උළෙලනල් පවත්වද්දි, මේ තරං චිත්‍රපටි කෙරෙද්දි සිනමාව මැරිලා කියන්නෙ කොහොමද?
ග්රීනවේ කලබල වුණේ නෑ. ‘ ඩයිනෝසෝර් කෙනෙක්ගෙ ඔලූවට සඳු\ා වෙඩි තිබ්බොත් වල්ගෙ මැරෙන්නෙ සිකුරාදාට. දැන් සිනමාවෙ ඔලූව ඉවරයි.” ග්රීනවේ පැහැදිලි කළා.
සිනමාව මැරුණෙ 1983 දි. ඒ රිමෝ්ට් කොන්ට්‍රෝල් එක විසිත්ත කාමරයට ආපු දවසෙ. දැන් සිනමාව පේ්රක්ෂකයා එක්ක කෙලින් ගණුදෙනුවකට යන්න ඕන. සිනමාව මල්ටි මීඩියා වෙන්න ඕන”
පීටර් ග‍්‍රිනවේ මෙතනදි කතා කරන්නෙ ලෝක සිනමාව ගැන. මේ වෙද්දි ලංකාවෙ සිනමාවත් බිම. දැන් ලංකාවෙ චිත්‍රපටි හදලා හදන්න ගිය ගාණ වත් පියව ගන්න බෑ. ඇයි?
ටෙලිවිෂන් එක. ඒක තමයි ජනප්‍රියම හේතුව. අපේ රටේ කාලයක් චිත්‍රකතා පත්තර හැටට හැටේ නැගලා ගියා. ඒත් චිත්‍රකතා ලියන්න කොපි කරන චිත්‍රපටි ටික බලා ගන්න පුළුවන් වී එච් එස් පටි ටික එළියට ආවම චිත්‍රකතා බිස්නස් එක එහෙම්පිටින්ම හාන්සි වුණා. සිනමාවට වුණෙත් එහෙම දෙයක්. සිද්ද වෙන සමාජ වෙනස තේරුම් ගන්න කර්මාන්තෙකට බැරි වුණාම ඒ කර්මාන්තෙ එතනදි ඉවර වෙනවා. ඉතින් දැන් සිනමාව ඉවර වෙන්න යන කාලෙ.
ජනතාව ටෙලිවිෂන් එකට මාරු වුණා. ටෙලියෙන් විඳින්න බැරි දෙයක් බෙදා ගන්න තරමට පරිණත චිත්‍රපටි හදන්න ලංකාවෙ සිනමාකරුවන්ට බැරි වුණා. සිනමාව කියන ආකෘතිය එක්ක පේ්රක්ෂකයා කියන කෙනා තියා ගත්ත සම්බන්ධතාවය අහෝසියි. දැන් ජාතික චින්තනය, ජාතක කතා, බණ කතා වගේ දේවල් අල්ල ගෙන වෙන වෙන සම්බන්ධතා හරහා චිත්‍රපටි විකුණන්න හදනවා. ඒ වෙනුවට චිත්‍රපටිය සහ නරඹන්නා අතරෙ සම්බන්ධතාව ගොඩ නගා ගන්න කිසි දැනුමක් අපේ සිනමාකරුවන්ට නෑ.
තව නොබෝ දවසකින් ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය ලංකාවට ඇරෙනවා. එතකොට අපේ සිනමාකරුවන් කියලා හිතාගෙන ඉන්න ගොඩ දෙනෙකුටත් ඇරෙනවා. ලංකාවෙ ජනතාව හින්දි චිත්‍රපටි පෝලිමේ ඉඳන් බලද්දි සිංහල චිත්‍රපටි වේලෙන්න ගන්නවා. ඒක අනිවාර්යක්.
චිත්‍රපටියත් එක්ක නරඹන්නාට තිබුණු මානසික උපයෝගිතාව මේ වෙන කොට අහවරයි. ඒ චිත්‍රපටි වල ජීවිතය නෑ. තොටින්ම මෙගා නාට්‍යයක තරම් වත් අපේ මිනිස්සුන්ගේ ස්පන්දනය අපේ චිත්‍රපටි වල නෑ. ඒ වෙනුවට සිනමා උළෙලක් හෝ වෙනයම් ලාබයක් ඉව කරන්න පුළුවන් තැනක් අතපත ගගා චිත්‍රපටි අටවන්න යනවා. ඒක කර්මාන්තයක් නෙමෙයි. කිසිම වෘත්තිමය තත්වයක් නෑ.
අපිට ඉන්දියාවෙ හෝ වෙනයම් රටක චිත්‍රපටි සම`ග අපේ රටේ තර`ග කර ගන්න බැරි ඒ චිත්‍රපටි වල තාක්ෂණය හෝ සුපිරි නළු නිළියන් නෙමෙයි. එක පැත්තකින් ඒක ඇත්තක්. අපිට සුපිරි කෙහොම වුණත් නිකං වත් නළුනිළියො නෑ. ර`ගපාන්න බැරි, හැකියාවන්ගෙන් අඩුම පිරිසක් මොකක් හරි අනියම් මාර්ගෙකින් නළුවො නිළියො වෙනවා. ඉතින් ඒ අනියම් මාර්ග ටික චිත්‍රපටි විදිහට ඉතුරු වෙලා චිත්‍රපටිය නැති වෙලා යනවා. මේ වෙනකොට චිත්‍රපටියක් කිව්වම නිෂ්පදකයෙක් රවට්ටා ගැනීමෙ ඉඳන් ජාවාරම් ගාණක් කෙරෙන මළගෙදරක බූරු තිප්පොලක් වගේ. ඊට වැඩි හැ`ගීම් හෝ ජීවිත සම්බන්ධ කාරණා එතන නෑ.
අනික් කාරණය අපිට චිත්‍රපටි හදන්න බැරි එක. අපේ චිතපටියක් යම් තරමකට හරි හොඳ එකක් වෙන්න නම් පිටරටකින් සම්බන් වෙන්නම ඕන. ඉන්දියාවෙ ශේකර් ප්‍රසාද් හරි සෙට් වුණෙ නැතනම් ඒක කටේ තියන්න බැරි හොද්දක් වෙනවා. නැත්තම් නිෂ්පාදනය ප්රංසෙන්, කැමරාකරණය ඇමරිකාවෙන්, මේ මොකක් හරි විදිහකට නැත්නම් චිත්‍රපටිය බිහිවෙන්නෙ මහින්ද චින්තනෙන්. ඒක තමයි මේ වෙලාවෙ ලංකාවෙ තියෙන බංකොලොත්ම ප්‍රොඩක්ෂන් හවුස් එක.
අපිට චිත්‍රපටි ගැන දැනුම හු`ගක් අඩුයි. අපිට තේරෙන්නෙ නෑ සිනමා භාෂාව ජීවිතේ අල්ලන තැන. මොකද අපිට ජීවිතයක් නෑ. අපි චිත්‍රපටි බැලූවට අපිට පේන්නෙ ඒකෙ තියෙන තාක්ෂණික කාරණා විතරයි. එඩිට් එක, ලයිට් එක වගේ න්‍යායිකව වාද කරන්න පුළුවන් ගොඩක් දේවල් හොයා ගත්තට චිත්‍රපටියක ජීවිතය කියවගන්න තරම් අපේ මොළේ මෝරලා නෑ. ඒකට ඉතිං දේශපාලනික, සමාජ සහ සංස්කෘතික කෙළවීම් ගාණක් බලපානවා. උදාහරණයක් විදිහට දැන් ලේස්ටර් ලා, පතිරාජලා වගේ ගැඹුරක් ඇතුව චිත්‍රපටියක් ඇතුලට එන්න පුළුවන් චිත්රපටිකාරයො නෑ. ටයිටස් ලා වගේ හිතුවක්කාර ඇෙ`ග් අමාරුකාරයො නෑ. ඒ වෙනුවට අපිට ඉන්නවා අන්තර් ජාතික සම්මානයෙන් පිදුම් ලත් වට්ටෝරු අධ්යක්ෂවරු ටික දෙනෙක්. සිනමාව වැටෙද්දි ‘ඉවරාාාාායි‘ කියන්න මිසක් විකල්ප අදහසක් වත් ඒ අයට නෑ.
කොහොම වුණත් ඩිජිටල් කැමරා අඩු ගාණට ආවත් එක්ක වෙන කට්ටියක් චිත්‍රපටි හදන්න ආවා. කාට හරි ඇසිස්ට් කරලා, සෙට් වල කට්ට කාලා, අල වෙලා එන කිසි නිර්මාණශීලී හැකියාවක් නැති අය වෙනුවට මේ කට්ටිය අලූතෙන් චිත්‍රපටි හදන හැටි ඉගෙන ගන්න ගත්තා. වාසනාවකට ලංකාවෙ සිනමා පාසැල් නැති හින්ද මේ කට්ටියගෙ ඔලූ කන්න ඒ පරණ පරම්පරාවට බැරි වුණා.
චිත්‍රපට ප්‍රදර්ශනය කියන එක වෙළඳ ව්‍යාපෘතියක් විතරක්ම වෙලා චිත්‍රපටියක් පෙන්නුවාම අධ්යක්ෂකයා අතිනුත් හේාල් එකට ගෙවන්න වෙන ගාණට පත් වුණාම අලූත චිත්‍රපටි හදන අයට හෝල් වලින් එලියෙ ප්‍රදර්ශනයක් ගැන හිතන්න වුණා. මෑතකදි අලූත් කට්ටියක් ලංකාවෙ ‘බ්ලැක් මෙට්ල්‘ ගැන කරපු ඩොකියුමෙන්ටි්රයක් ප්‍රංශ සංස්කෘතික කේන්ද්‍රයේදි පෙන්නුවා. කල්ට් වැඩක් විදිහට එතනට එකතු වුණු අයට ෆිල්ම් එක ගැන ඇ`ගට දැනෙන දෙයක් තිබුණා. එතන ඒ අයගේ ජීවිතය එක්ක නැත්නම් විඳීම එක්ක සම්බන්ධයක් තිබුණා. මේ ඓන්ද්‍රිය සම්බන්දෙ තමයි ප්‍රධාන ධාරවෙ සිනමාව සහ පේ්රක්ෂකයා අතර නැත්තෙ.
තවත් කණ්ඩායම් කීපයක්ම හිතාගන්නවත් බැරි අඩු ගණං වලට ඩිජිටල් කැමරා අරන් එළියට බැහැලා චිත්‍රපටි කරන්න අරන්. පොඩි පොඩි එඩිටින් සෙටප් වල එඩිට් කරගෙන ඒ අය පුළුවන් විකල්ප හැටියකින් චිත්‍රපටි ප්‍රදර්ශනය කරන්න ගන්නවා. ඒකෙදි වෙන වැදගත්ම කාරණය චිත්‍රපටිය නරඹන්නා සහ චිත්‍රපටිය අතර ඇත්ත සම්බන්ධයක් ගොඩ නැගෙන එක. ඒ වගේම චිත්‍රපටි කෙරුවාව ගැන තියෙන සාම්ප්‍රදායික මහප්‍රාණ ඉවර වෙලා අලූතෙන් චිත්‍රපටි පටන් ගන්න එක. මේ අලූත් පරපුරක්. අලූත් සම්ප්රදායක්.
”සිනමාව සිනමාව උඩම විනාශ වෙලා ගියා. දැන් සිනමාව කියන්නෙ නාකින්ට නින්ද යන කල් කියන කතා ටිකක්”
පීටර් ග‍්‍රිනවේ.
මෑතකදි මට අහන්න හම්බුණ ත්රිල්ම කතාව රුපියල් 1000කින් චිත්‍රපටක් හදන දෙන්නෙක් ගැන. ”රුපියල් 1000කින් චිත්‍රපට අධ්‍යක්ෂකයෙක් වෙන්නෙ කොහොමද?”
ඒක තමයි චිත්රපටියෙ තේමාව. මේ අලූත් සිතීමක්. තමන් කකුල් දෙක ගහලා ඉන්නෙ කොතනද කියලා හරියට බලලා ඒක කැමරාවකට ගන්න කරන ට්‍රයි එකක්. මං කියන්නෙ සංකල්පය ගැන. චිත්‍රපටිය ගැන කියන්න තාම කල් වැඩියි. ඒත් කුණුවෙවී සුරංගනා කතා කියන චිත්රපටිකාරයන්ට වඩා කුණුවෙන එක දකින මේ අලූත් උන් අපිට බලාපොරොත්තුවක් ගේනවා.
”අලූත් චිත්රපටකරුවන් අලූත් ආකෘතීන් සහ වාඩාත් නරඹන්නාව ඒ තුලට ඇතුලත් කර ගත හැකි ප්රවේශයන් ගැන හිතන්නට උවමනායි”
පීටර් ග්රීනවේ කියනවා.
අවබෝධය ලත් අය සහ අවබෝධය නොලත් අය කියල කොටස් දෙකක් ලෝකෙ නෑ. විමුක්තිය දේශනා කරන ඔක්කොමල්ලා මංකොල්ලකාරයො.-යූ. ජී. ක්‍රිෂ්ණමූර්ති
මිනිස්සු මට කියනවා මං අවබෝධය ලද්දෙක් කියල. මං පිළිගන්නෙ නෑ ඒ වචනය. ඒත් ඒ අයට හොයා ගන්න බැරුව ඇති වෙන වචනයක් මං ජීවත් වෙන හැටි ගැන කියන්න. මං කියන්නෙ එහෙම අවබෝධය ලැබීම කියල දෙයක් නෑ. මං එහෙම කියන්නෙ මගේ මුලූ ජීවිතේම මං ඔය කියන අවබෝධය ලබා ගන්න කැප කළ හින්ද. අන්තිමට මං තේරුම් ගත්තා අවබෝධය ලැබීම කියල් සිද්ධියක් නැති වග. ඒ හින්ද අවබෝධය ලත් අය සහ අවබෝධය නොලත් අය කියල කොටස් දෙකක් ලෝකෙ නැහැ. බුද්ධ වර්ෂ 600ට එහා ඉපදුණු බුද්ධ ගැන මං තුට්ටුවකටවත් ගණං ගන්නෙ නෑ. ඒ වගේමයි ඊට පස්සෙ ආපු බුදු වුණා කියල කියන කට්ටිය ගැනත්. ඔවුන් ඔක්කොම බොරුකාරයො. මිනිස්සුන්ගෙ දුර්වලතාවයක් තමන්ගෙ වැඩක් වෙනුවෙන් පාවිච්චි කරපු සූරාකන්නො රොත්තක්. මිනිසාට මිනිසාගේ ශක්තිය ඇරෙන්න වෙන ශක්තියක් නැහැ. දෙවියන්ව මැව්වෙත් මිනිසාමයි. ඒ ඔහුගේ බය නිසා. ඒක නිසා ප්රශ්නය තියෙන්නෙ බය කියන කාරණේ ගැනයි. දෙවියන් ගැන නෙමෙයි.
මං මා වෙනුවෙන්ම සහ මා විසින්ම තේරුම් ගත්තා අවබෝධ කර ගන්න කියලා ආත්මයක් නැති වග. මං කතා කරන්නෙ ඒ තේරුම් ගැනීම ගැනයි. ඒක එක්වරම එන කුණාටුවක් වගේ දැනෙන තේරුම් යාමක්. හරියට අකුණක් වගේ. ඔබ හැම දෙයක්ම ආත්මය අවබෝධ කර ගැනීම කියන කාරණය වෙනුවෙන් කැප කරල තියෙද්දි එකපාරටම ඔබට තේරුම් යනවා අවබෝධ කර ගන්න කියල ආත්මයක් නැති වග. ඒතකොට ඔබට හිතෙනවා මොන ඉලව්වක්ද මං මුළු ජීවිතේම කර කර හිටියෙ කියල. මේ තේරුම් ගැනීමත් එක්ක ඔබව පුපුරා යනවා.
මට හැම විදිහකම දේවල් සිද්ද වුණා. මං ඒ දේවල් ඇතුලෙන් ගමන් කළා. මට දැණුන කායික වේදනාව හු`ගක් දරුණුයි. ඒකයි මං කියන්නෙ ඔබ කීයටවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ මේ දේ කියල. මං හු`ගක් කැමතියි එයින් බිංදු මාත්‍රයක් වත් ඔබට දනවන්න මට පුළුවන් නම්. එතකොට ආයිමත් කවදාවත් ඔබ මේ දේ හොයා ගෙන යන්නෙ නෑ. ඔබ හොයා ගෙන යන දේ මේ ලෝකෙ තියෙන දෙයක් නෙමෙයි. ඒක මිත්‍යාවක්. ඒකත් එක්ක ඔබට කරන්න කිසි දෙයක් ඇත්තෙ නෑ.
ක්‍රිෂ්ණමූර්ති - මං කැමති නෑ අවබෝධය ලැබීම, නිදහස, හෝ මෝක්ෂය වගේ වචන පාවිච්චි කරන්න. ඒ හැම වචනයක්ම පට්ට ගහපු වචන. ඒවා ඇතළෙ හැංගිච්ච වෙන තේරුම් තියෙනවා. මේ දේ ඔබට උත්සාහ කරල ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සිද්ද වෙනවා. ඒත් ඒ දේ එක්කෙනෙකුට වෙන්නයි තව කෙනෙකුට නොවෙන්නයි හේතුව මං දන්නෙ නෑ.
ප්රශ්නය- ඉතිං ඔබට ඒ දේ සිද්ද වුණාද?
ක්‍රිෂ්ණමූර්ති - ඔව් මට ඒ දේ වුණා
ප්රශ්නය - කවදද?
ක්‍රිෂ්ණමූර්ති - මගේ 49 වෙනි අවුරුද්දෙදි
ඒත් විමුක්තිය කියල ඔබ හොයාගෙන යන දේ වෙනුවෙන් ඔබ කරන කිසිම උත්සාහයක් මේකට අදාල නෑ. ඒ හැම උත්සාහයකින්ම ඔබට ඔබව අහිමි කරනවා. මේ දේ ඔබ උත්සාහ කිරීමෙන් හෝ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට ලැබෙන දෙයක් නෙමෙයි. ඒ නිසයි මං මේකට අහේතුකයි කියන්නෙ. කිසි හේතුවක් නෑ. ඒත් ඒ සොයා යාම කෙළවරක් වෙනවා.
ප්රශ්නය - ඔබ කියන්නෙ මේ ඔෙබ් සොයා යාමේ ප්‍රතිඵලයක් නෙවෙයි කියලද? මං අහන්නෙ ඔබ දර්ශනය හදාරලා තියෙනවා. බොහෝ ආධ්‍යාත්මික මිනිසුන් ආශ්‍රය කරල තියෙනවා....
ක්‍රිෂ්ණමූර්ති - ඒ සොයා යාම හරි අස්වාභාවිකයි. ඇත්ටම ඉන් ඔබව ගෙන යන්නෙ විරුද්ධ දිශාවටයි. මේකට ඒ උත්සාහයේ සම්බන්ධයක් නැහැ.
ප්රශ්නය - ඒ දේ වෙනුවෙන් නොසිටියදීත් ඒ දේ සිදු වුනා. නමුත් ඒ ඔබ එසේ සිටීම නිසා නෙමෙයිද?
ක්‍රිෂ්ණමූර්ති - අන්න හරි. ඔබ නිවැරදියි. ඔබ කරන හැම දෙයකින්ම වෙන්නෙ දැනටමත් ඔබ ළ`ග තියෙන ඒ දේ ප්‍රකාශ වෙන්න විදිහක් නැති වෙන එකයි. ගෙදර වැටිච්ච ඉඳිකටුවක් ඔබ මහපාරේ සොයමින් ඉන්නවා වගේ. මං කියන මේ දේ හරිම ස්වභාවිකයි. ඔබ හිතන ශුද්ධ දේ හෝ ආධ්‍යාත්මික විමුක්තිය එක්ක ඒකෙ සම්බන්ධයක් නෑ. ඒ හැම දෙයක්ම විකාර (සිනා නගයි)
මට පුළුවන් නම් මං මේ දේ ඔබට දෙනවා. ඒත් කොහොම දෙන්නද? ඒක දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබ ගාව දැනටමත් තියෙන දෙයක් මං දෙන්නෙ කොහොමද? මොනවටද?
ප්රශ්නය -ඒත් මට ඒක දැනෙන්නෙ නෑ. ඔබට දැනෙනවා.
ක්‍රිෂ්ණමූර්ති - නෑ නෑ. ඒක දැනීම ගැන කාරණයක් නෙමෙයි. දැන ගන්න තියෙන දේකුත් නෙමෙයි. ඔබට කවදාවත් බෑ ඒ දේ දැන ගන්න. ඒ දේ ඒ දෙය විසින්ම ප්‍රකාශ වෙන්න උවමනායි. ඒක සවිඥාණක වීම ගැන කාරණයක් නෙමෙයි. එතන සවිඥාණයක් හෝ අවිඥාණයක් පවතින්නෙ නැහැ.
ප්රශ්නය - මං කැමතියි ඔබ පුද්ගලිකව මේ තත්වයට පත්වුණු හැටි විස්තර කරනවා නම්...
ක්‍රිෂ්ණමූර්ති - වැඩක් නෑ. ඒක දිග කතාවක් වෙයි. මට මගේ ගැන ගොඩක් දේවල් කියාගෙන යන්න වෙයි. මගේ ජීවිතය එක තැනකට වෙන කල් ගමන් කළා. එැතිනින් එහාට ගමනක් නෑ. කතාව ඉවරයි.
මගේ ජීවිත කතාව ලියන්න ආපු රචකයො දෙන්නෙක් දෙවිදිහකට ලියන්න උත්සාහ කළා. එක්කෙනෙක් කියනවා මගේ සාධනාව (ආධ්‍යාත්මික පුහුණුව) සහ අධ්‍යාපනය මාව මෙතැනට ගෙනාවා කියල. ඒත් මං කියන්නෙ ඒ දේවල් හැරුණු කොට අනිත් හැම දේම මාව මෙතැනට ගෙනාවා කියල. දෙවැනි එක්කෙනත් උනන්දු වුණේ නෑ ඒ විදිහනේ ලියන්න. මොකද එයාට වැඩි දෙයක් නෑ එතකොට මගේ ගැන ලියාගෙන යන්න. ප්රකාශකයන්ටත් ඕන හේතුවක් තියෙන දේවල් ගැන ලියන්න නෙ. ඒක ස්වභාවිකයි. අපි ජීවත් වෙන්නෙ හේතු ඵල සම්බන්ධතා වැඩ කරන දේවල් එක්ක. ඉතිං හැමදේම අපිට ඒ විදිහට ඕන. ඒකයි ඔබ අහන්නෙ කොහොමද මං මේ තත්වෙට පත්වුණේ කියල. අපි ආයිමත් මුල්ම තැන. කොච්චර වුණත් එකේ වර්ගයත් එකමයි. තාම අපි අහනවා කොහොමද ? කියල.
මගේ කතාව වැදගැම්මකට නෑ. මොකද කාටවත් ඒ වගේ වෙන්න බෑ. ඔබේ කතාව විශේෂයි. ඒක කාගෙවත් වගේ වෙන්න උවමනා නෑ. ඔබට සිද්ද වෙන හැම සිදුවීමක්ම ඊටම විශේෂ වූ ආකාරයක් දරනවා. ඔබේ තත්වය, ඔබේ පරිසරය, ඔබේ අතීතය, මේ හැම දෙයක්ම වෙනස්. ඔබේ ජීවිතයේ දේවල් වෙන්නෙ මගේ විදිහට නෙමෙයි.
Saturday, July 24, 2010
Facebook එකේ ලියන කවි
දිය කිඳුරියක්
ආදරේ කරන්න
පටන් අරං
පීනන්නවත්
බැරි
මට
Facebook කවියෝ වැහි වැහැලා නිකං තියෙන හින්ද වැදගැම්මකට නැති කවි අම්බානක ලිය ලියා දාන හින්ද මං කවි කියවන එක නවත්තලා තිබුණෙ. පොත් වල කවි කියල ලියවෙන්නෙත් පට්ට පරණ, කටේ තියන්න බැරි පිළුනු අත්දැකීම් සහ ඒකටම හරියන බාසාවක් හින්ද පත්තරේක කවියක් දකින එක වුණත් ඉක්මණට අනිත් පිටුවට පෙරළන එක සාමාන්‍යයක්. ඒක හින්ද ඉන්දික ගේ කවි මට මුණ ගැහුණෙ අහම්බෙන්.
ඒ කවි present කරල තිබුණ විදිහ අවුල්. ඇස් වලට අමාරු, තනි පාට කොල තීරු වල නිකම්ම අකුරු ටයිප් තිබුණෙ web එකේ කවියක් එක්ක කරන්න පුළුවන් හුගක් දේවල් අමතක කරල. ඒ වෙනුවට තාමත් කවියේ ඉදිරිපත් කිරීම පොතක මට්ටමෙන් හිතන වගක් ඒකෙ දැණුන.
ඒත් ඒ කවි මට කතා කළා. වචන වලින් තනිකරම කියල ඉවර කරන්න බැරි ඇත්ත අත්දැකීම වලින් ඒ වචන බඩ වෙලා තිබුණා. ඉන්දික හුගක් හොඳ කවියෙක් වෙන්නෙ ඒ විදිහට වචන බඩ කරන්න තියෙන දුර්ලබ හැකියාව හින්දමයි. ඒ එක්කම කවි පේලි අතර වැටෙන හුස්ම, ඒකෙන්ම ගොඩ නැගෙන නිරායාස තාලය කවියේ පරිපූර්ණත්වය ස්පර්ශ කරමින් තිබුණ. ආයිමත් වතාවක් කවියෙක් මුණ ගැසීමේ ත්‍රිල් එකෙන් මං කවි ඔක්කොම එක හුස්මට කියෙව්වා.
ඉන්දික කවි වලදි වචන පේලි අතර හිඩැස් හදනවා. අත්දැකීම එතැනින් මාරු වෙන්නෙ කියවන කෙනාගේ මතක හෝ අත්දැකීම් හරහායි. සම්පූර්ණ කතාවක් හරි සිද්ධියක් හරි වෙනුවට ඉන්දික කරන්නෙ විෂුවල් එකක්. ඒ අතර සොඳුරු භාෂාමය ෙඡ්දන ඔහු පාවිච්චි කරනවා. එතකොට අත්දැකීම ප්රක්ෂේපණය වෙන්නෙ කවි කොලය උඩ නෙමෙයි. කියවන කෙනාගේ මනස උඩ. ඒ අත්දැකීම විඳින්නෙ කියවන්නාම හින්ද හිරිගඩු පිපෙන ආතල් එකකින් එකපාර හිත කිතිකැවෙනවා. ඉන්දික කවියෙක් වෙන්නෙ මේ හින්ද.
මං හීතලෙන්
බැට කකා
ඉන්න කොට
මහ රෑ
තට්ට තනියම
ඔයා
දුම් දමන
උණුම උණු
කෝපි කෝප්පයක් හදා ගෙන
බලා සිටි බව
මං දන්නෙ පස්සෙ
එතකොට
හොඳටෝම
ඇල්වෙන්න
නිමිලා
මේ කවි වල දේශපාලනේ කතා කරන්න නෑ. ඒ වෙනුවට ජීවිතය කතා කරනවා. හරිම abstract විදිහට. කවි එකතුවේ නමක් abstract. පුංචි තැනකින් කතාව කියනවා ඕනම කෙනෙකුගේ අත්දැකීමට ඇතුල් වෙන්න ඉඩ තියලා. මේ කවි වල දොරවල් වැහිලා නෑ. හයිකු නැත්නම් සෙන් කවි වගේ කවිය ඇතුලෙ කියවන්නාට සක්මන් කරන්න පුළුවන්. ඒ වියුක්ත අත්දැකීම තම තමන්ගේ මනස් ඇතුලෙ සංයුක්ත කර ගන්න පුළුවන්. ඉන්දික නිදහස් කවියෙක්. ඒ එක්කම එයා පුංචි තැන්වලින් ජීවිතය කියවන්න දන්න රොමැන්ටික් කවියෙක්.
මේ කවි web එකේ දිග ඇරෙන එකත් හරි විශේෂයි. හේතුව කවි පොතක් කියලා ඕක print කරලා ලොකු නමක් තියෙන පරණ කවියෙකුට කියලා බෞතිස්ම නොකර Facebook යාලූවො අතරෙ බෙදා ගන්න ඇත්ත ආදරයක් විදිහට එළියට දාපු එක ගැන ඉන්දිකට සැලියුට් කරනවා. කවි මේ විදිහට නිදහසේ බෙදෙන්න ඕන. පොත් විදිහට සීමා වෙන්නෙ නැතුව, ජීවිතේ පාලූව, කාන්සිය, අසහනය, ආදරය වගේම අසනීප බෙදා ගන්නා මිළක් නැති තැන් වල art හුවමාරු වෙන එක හුගක් ලස්සනයි. ඒත් මේ කවි ඊට වඩා පිරිසක් අතරට යන්න ඕන. මිනිස්සු සජීවිව මුණ ගැහෙන තැන් වලට මේ අත්දැකීම් එන්න ඕන. ඒකට කවි ගැන කතා කරන්න, මුහුදු වෙරළක්, කනත්තක්, බෝඩිමක් හරි කොහේ හරි තැනක් ගැළපේවි. රස වින්දනයත් එක්ක අලූත් ඇගට දැනෙන love එකක් එකතු කරන්න එතකොට මේ කවි වලට පුළුවන් වේවි. ඉන්දික හොඳ කවියෙක් වෙන්නෙ ඒ නිසා. මේ හිස් කාන්තාරෙට එයා ආපහු ලැබෙන දෙයක් ගැන බලාපොරොත්තුවක් නැතුව ලියපු නිසා.
මහරජ
ඔබට ඒ ඥාතීත්
මේ ඥාතීත් හැර
තවත් ඥාතීන්
සිටිත්ද??
ඉන්දිකගේ කවි සමහර තැන් වලදී තියුණු විදිහටම දේශපාලනිකයි. ඒ දේශපාලනයට වැඩි දෙයක් ඒ කවි ඇතුලෙ තියෙද්දි. ඒත් වෙන්න පුළුවන් විදිහටම සමහර තැන් වලදී ඉන්දික පටුයි. සුලබ දේශපාලනික හෝ ජනතාවාදී පණිවුඩයට කොටු වෙනවා. කවිය පරණ වෙලා තියෙන තරමට කොයි තරම් අලූතෙන් හිතුවත් පරණ පුස් ගඳ දැනෙන්න ගන්නවා. හැබැයි එතැනින් එහාට දේශපාලනය විඳින්න පුළුවන් තැනක් වෙනකල් නැත්තං රහට හපන්න පුළුවන් තැනක් වෙනකල් ගේන්න ඉන්දිකට ගොඩක් තැන් වලදි පුළුවන් වෙනවා.
මෙතැනදි මං උපුටා ගත්ත කවි හැම එකකම අර්ථය මතුවෙන්නෙ ඒ කවි වලට එයා දීලා තියෙන මාතෘකාවත් එක්කයි. මං උවමනාවෙන්ම මාතෘකා මග හැරියේ ඉන්දිකගේ original කවි වලටම ගිහින් ඒවා කියවන්න ඕන නිසයි. ඒක හින්ද ඒ කවි කියවන්න කවියාගේ අඩවියට යන්න. ගිහින් එයාව වැළඳ ගන්න.
නොහිතුවට
අපි
හැමෝම
ටොම්ලා.
හැමදාම
ජෙරී
පස්සෙන්
පන්නන
ඉන්දිකගේ කවි වල visual හැඩයකුත් තියෙනවා. ඒ කවි වල පේලි ගැලපෙන්නෙ තාලෙට වගේම visual එකක් විදිහටත් හැඩයක් මතු කරන ගමන්. මේක ආකෘතියක් විදිහට ගන්න ගිහින් ඉන්දික ඇණ ගත්ත තැනුත් තියෙනවා. මොකක් වුණත් ඒක ආකෘතියක් විදිහට එන්න ගත්තම ඇතුලෙ දේවල් අවුල් වෙන්න ගන්නවා.
ඒත් ඉන්දිකගේ කවි කාලෙකට පස්සෙ මට කවියක ආතල් එක අරන් ආවා. මගේ ඇතුලෙ ජීවිතය එක්ක ගණුදෙනු කළා. ඒක හින්ද අනික් ගොඩක් අයගේ කවි බොරු වෙද්දි මට ඒ කවි ඇත්ත.
අලූත් චිත්‍රපටි ෂානරයක් ගැන හීනයක්
චිත්‍රපටි ගැන ලියන්න තරම් මං පොරක් නෙමෙයි. ඒත් මං කියපු අදහසක් කොලේකට දාලා දෙන්න කියල චින්තන කියපු හින්ද මං ලියන්න try කරනවා. චිත්‍රපට කර්මාන්තය කියල එකක් ගැන අපි නිතරම අහනවා. ඒක කොහෙත්ම ලාබ ලබන්නෙ නැති මහ කාලකණ්ණි කර්මාන්තයක්. මං ඒ ගැන අහපු දවසෙ ඉඳන් ඒ කර්මාන්තෙ පාඩුයි. ඒත් තාමත් මිනිස්සු චිත්‍රපටි හදනවා. හදලා චිත්‍රපටි කර්මාන්තෙ ගැන කතා කරනවා.
ලංකාවෙ චිත්‍රපටි හදලා පෙන්නලා සල්ලි හොයන්න බෑ. චිත්‍රපටියක් දිව්වොත් දුවන්නෙ ඒ චිත්‍රපටියට පිටින් තියෙන කාරණා වගයක් හින්ද මිසක් ජනතාව චිත්‍රපටි බලන හින්ද නෙමෙයි. නැත්තං ජනතාව බලන්නෙ පිටරට චිත්‍රපටි. ඇත්තටම ලංකාවෙ චිත්‍රපටි අජූතයි තමයි.
ටිකක් වෙන රටවල හදන චිත්‍රපටි බැලූවොත් හරියටම තේරෙන්න ගන්නවා ලංකාවෙ අයට චිත්‍රපටි හදන්න බැරි වග. ෂොට් එකක් ගන්න හැටි, ලයිට් අල්ලන හැටි, කැමරාව කරකවන හැටි දැනගත්තට හැම චිත්රපටියකම වගේ rhythm අවුල්. දෙන්නෙක් අතර සංවාදයක් උණුහුම් වෙන හැටි වගේ සරල දෙයක් හරියට build up කරන්න අපේ ප්රවීණයෙකුටවත් බෑ. film වල රගපාන නළු නිළියන්ගෙ rhythm පිස්සු වගේ. edit එකේදි රූප කැපෙන්නෙ මෙලෝ රහකට නැතුව. අපේ කවුරුවත් චිත්‍රපටි කරන්න දන්නෙ නෑ. ඉතිං අපි හදන චිත්‍රපටි වල සෞන්දර්ය අගය බින්දුවයි. ඒ මදිවට කර්මාන්තයක් ගැන කතා කර කර ලෝක සිනමාවට යන්න කෘතිමව දගළද්දි ඒ චිත්‍රපටිවල ආත්මයක් පවා නැති වෙනවා. චිත්‍රපටියක් පෙන්නද්දි ඒ චිත්රපටියෙ රූපරාමු හුස්ම ගන්න හැටියෙන් කියන්න පුළුවන් අධ්යක්ෂවරයාගේ පරිණතකම. අනික් අතට චිත්‍රපටියක් පරිණත වෙන්නෙ ඒ චිත්රපටියෙ තියෙන ශිල්ප හරඹ නිසා නෙමෙයි. චිත්‍රපටියට අධ්යක්ෂවරයා ගේන ජීවිතේ ගැඹුර නිසා. ඒක චිත්‍රපටියක් බලද්දි පේ්රක්ෂකයාට දැනෙන්න ගන්නවා. තමන්ට නොතේරෙන චිත්‍රපටියක් වුණත් ඒ ගැඹුරු මනුස්ස හැගීම දැනෙද්දි බලාගෙන ඉන්න පුළුවන්. අපේ චිත්‍රපටි වල ඒ හෘදයාංගම බව නැහැ.
මං චින්තනත් එක්ක කතා කළේ කර්මාන්තයක් වෙනුවට ආර්ට් එකක් විදිහට චිත්‍රපටි හදන්න බැරිද කියන එක ගැන. කවියක්, කතාවක් ලියන තරමටම චිත්‍රපටි හදන එකත් සරල වෙන්න බැරිද කියන එක ගැන. චිත්‍රපටියක් හදන්න මහන්සි වෙන්න සිද්ද වෙන පිරිස සහ වැයවන කාලයත් එක්ක චිත්‍රපටිය බලන්න මිළක් නියම වීම අනිවාර්යක්. ඒත් ඒක හුගක් සරල ඇත්තක් කියන එකයි මගේ හැගීම. digital තාක්ෂණය මේ තරම් සුලබ වෙද්දි, web එක මේ තරම් දනෙක් අතේ ගැවසෙද්දි ඔය පර චිත්‍රපටි ගැන කියන කතා තව දුරටත් වලංගු නෑ. දැන් චිත්‍රපටියක් වෙන්න ඒක ශාලා වල දුවන්නම ඕන නෑ. නිදහස් පේ‍්‍රක්‍ෂාගාරයක් ඕනම චිත්‍රපටියක් වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. දැන් චිත්‍රපටියක් චිත්‍රපටියක් නොවෙන් තියෙන්නෙ කාරණා දෙකයි. එකක් ඒ චිත්‍රපටිය කරන අයගේ ඔලූවෙ චිත්‍රපටි ගැන තියෙන අදහස වැඩවසම් වීම.
මේක ඇත්තක්. එක දවසක් මට ඇහුණ මං හිටපු තැනකදි චිත්‍රපටි පොරක් කියන කතාවක්.
‘ ඔය digital ලෙඩෙන් වුණේ film director කෙනෙක් කිව්වම රටේ තිබ්බ තැන බාල්දු වුණ එක විතරයි. තැන් ඕන එකෙකුට පුළුවන්නෙ චිත්‍රපටි හදන්න. කර්මාන්ෙත් ඉවරයි ඕකෙන්”
මොලේ ඇතුලෙ තියන මේ හං ගඳ ඇරුණම දෙවෙනි බාධාව මුදල්. ඒත් අපිට චිත්‍රපටියකින් කියන්න ඇත්ත කතාවක් තියෙනවා නම් අපි කොහොමත් චිත්‍රපටියක් හදනවා. දැන් අවුල තියෙන්නෙ එහෙම කියන්න දෙයක් නැති අය චිත්‍රපටි හදන එක.
‘චිත්‍රපටි හදන්න එන්නෙ ඉතින් අනිත් වැඩ මොකක්වත්ම බැරි අයනෙ” තවත් director කෙනෙක් ජෝන්ද සිල්වා එකේදි කිව්වා.
චිත්‍රපටිය වලින් සල්ලි හොයන්න බෑ. අපේ ආත්ම ප්‍රකාශන බලන්න මිනිස්සු සල්ලි ගෙවන්නෙ මොකටද? චිත්‍රපටි පෙන්නන්න ඕන නොමිලේ. නොමිලේ පෙන්නනවා කියන අදහසින්මයි චිත්‍රපටිය කරන්න ඕන. එතකොට ඒ චිත්‍රපටිය හැදෙන්නෙම මනුෂ්‍ය ආත්ම ප්රකාශනයක් විදිහට. ඒක කර්මාන්තයක් නෙමෙයි. art එකක්. හුගක් ගැඹුරු, පුද්ගලික සීමාවන් දක්වා චිත්‍රපටි අරගෙන යන්න අපිට එතනදි පුළුවන්. මුදල කියන සාධකයම ප්රකාශනය පාවා දීමක්. ආත්ම ප්රකාශනයක් කොහොමද පොදු පේ්රක්ෂාගාරය කියන කරණය එක්ක හෙට්ටු කරන්නෙ?
අනික් අතට දැන් ප්‍රධාන ධාරාව මැරිලා. එක එක විදිහට චිත්‍රපටි හදලා try කළත් ඒ ධාරාව ආයිමත් නැගිටින්නෙ නෑ. පේ්රක්ෂකයා චිත්රපටිශාලාව අත්ඇරලා ගිහින් හුගක් කල්. අපේ චිත්‍රපටි අධ්‍යක්ෂවරුන්ට අපේ මිනිස්සුන්ගෙ ජීවිතේ අහු වුණේ නෑ. ඒ වෙනුවට ඒ ගොල්ලො විකුණන්න කියල චිත්‍රපටි ජාතියක් හදන්න ගත්තා. කට්ටියක් මෙහේ විකුණන්න, තව කට්ටියක් එහේ රට රටවල විකුණන්න චිත්‍රපටි හැදුවා. චිත්‍රපටි වල ඇතුලෙ හරි බොල්කමක්, බොරුවක් දැනෙන්න ගත්තා. හඳයාගෙ අක්ෂරය ළමා අපචාර කියල ආණ්ඩුවෙන් තහනම් කළා. හඳයාව හිරේ දාන්න ගියා. ඊට පස්සෙ හඳයා ළමා චිත්‍රපටියක් හදනවා ‘විදු‘ කියල. ඒකට ආණ්ඩුවේ නිල සිනමා පොරක් වුණු සෝමරත්න දිසානායක ‘මාර වැඩක්‘ කියනවා. ප්‍රධාන ධාරව මැරුණෙ ඔය විදිහට.
මගේ අදහස වුණේ ලංකාවෙ අලූත් චිත්‍රපටි ධාරාවක් ගැන. මුදල් කියන කාරණය අදාල නොවෙන, මිනිස්සු ළ`ගට යන, මිනිස්සුන්ට නිකං පෙන්නන ඇෙග් අමාරුවටම හදන ඇත්ත චිත්‍රපටි රැල්ලක් ගැන. චින්තගෙයි උදයගෙයි චිත්‍රපටිය තැනින් තැන අරන් යන කතාවත් එක්කයි මට මේ අදහස ආවෙ. දැනට තියෙන බිමේ දේශපාලනය එක්ක ගත්තොත් මං කියන්නෙ පිස්සු කතාවක්. ඒත් සංකල්පයක් විදිහට හිතුවොත් මං කියන්නෙ වැඩ කරන්න පුළුවන් අලූත් දේහපාලනයක්. මුල ඉඳන් පටන් ගන්න වෙනවා. ආයිමත් මිනිස්සු එක්ක ඇත්තට ජීවිතය බෙදා ගන්න සිද්ද වෙනවා. සල්ලි නැතුව හිතන්න වෙනවා.
අලූත් ෂානරයක්. සල්ලි නැතුව නිෂ්පාදනය කරලා සල්ලි නැතුව පෙන්නන චිත්‍රපටි ෂානරයක්.
ලෝකෙ වෙන කොහේවත් මේක තියෙනවද කියල බලන්න මට උවමනා වුණේ නෑ. අලූතෙන් සිනමාව ගැන හිතන්න, ඒ එක්කම හැමදාම අපිට මග ඇරුණු සිනමාව සහ ජීවිතය අතර rhythm එක අඳුන ගන්න, වැඩියෙන්ම චිත්‍රපටියක විනය ගැන හැගීමක් ඇති කර ගන්න මේ විදිහෙ විකල්ප සිනමාවක් හොඳ පටන් ගැන්මක් වේවි.
ඒත් අපිට art එකක් විදිහට සිනමාවක් ඕනද කියන කාරණය මට කල්පනා කරන්න අමතක වුණා.
-තුෂාර පෙරේරා
Porn වලට බය මොකද?
රාගය යනු ඔබ දකින දේ නොවේ. ඔබ හිතන දේයි -පාවුලෝ කොයියෝ
ලංකාවෙ porn නැත්නම් අසභ්‍ය යැයි කියන දේවල් වලට එරෙහිව ලොකු විරෝධයක් පටන් අරන්. porn කියන එක ලංකාවෙ අර්ථයෙන් ගෑනු කකුලක් වෙළඳ ප්‍රචාරණ පුවරුවක පාවිච්චි වුණත් ඒක porn වෙන තරමට පටුයි. ලංකාවෙ සභ්‍ය දේවල් කියල හඳුන්වන්නෙ තමන්ගෙ ශරීරය ගැන තමන්ම ලැජ්ජා වෙන වර්ගයේ ප්‍රකාශනයි. ප්‍රකාශන කියන අදහස මෙතනට ගෙනාවෙ porn (මං කැමති නෑ අසභ්‍ය කියන වචනෙ නැවත නැවත ලියලා ඒ අදහසට පක්ෂ වෙන්න) කියන්නෙත් මේ සමාජයේ තවත් ප්රකාශනයක් නිසා. ඒ එක්කම ඒක ජනතාවගේ ඉල්ලූමක් ඇති ප්රකාශනයක්. කොටින්ම බුද්ධාගම තරම් වත් බලහත්කාරී ප්රකාශනයක් නෙමෙයි. බුද්ධාගම ලංකාවෙ පැතිරුණේ ඉන්දියාවෙන් අපේ තිස්සව ගෙන්නලා ‘දේවානම් පිය‘ කියල අභිෂේක කරලා මහින්දයි තවත් කට්ටියකුයි එක්ක මෙහාට එවපු බලහත්කාරයක් හැටියටයි. (මෙතනදී කතා කරන්නේ බුද්ධ විසින් කියන ලද දාර්ශනික අදහස් ගැන නොවේ. එයින් හැදී ලංකාවට පැමිණි බෞද්ධ යැයි කියන සංස්කෘතිය ගැනයි* ඒත් porn කියන්නෙ මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයක්. ඒක එක පැත්තකින් කාලකණ්ණි රාජ්‍ය තන්ත්රයක් විසින් දුකම දෙමින් පාලනය කරන ජනතාවකගේ පීඩනයේ ප්රකාශනයක්. අදේශපාලනික හුදකලා නිදහසක්. නැත්තම් කැරැල්ලක්. ඒත් බෞද්ධ කියල අපි හදාගත්තෙම ජීවිතය වාරණය කරන සංස්කෘතියක්. දැන් ඒක සිංහල- බෞද්ධ. ඒකෙ හැටියට රාජ්‍ය කරනවා කියන්නෙ මත- porn පුළුවන් නම් ගවමස් වුණත් තහනං කරන එකයි. ඒකෙ හැටියට දැන් මතට තිත පාර්ට් දෙක. porn තිත.
porn වලින් ලිංගික අපරාධ වැඩි කරනවා කියන එක මේ මර්දනය කරන්නම ඕන කියන අයගෙ ලාබ කතාව. මේ porn හැමදාම අපේ සංස්කෘතියෙ තිබ්බ ඒවා නෙවෙයිද? පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn. අපේ ජාතක පොත අරන් කියවන්න. අසනග ජාතකය, නලිනී ජාතකය porn රබ නෙමෙයිද? එතකොට සීගිරිය ? එහෙනම් ඒ කාලෙ නොතිබිච්ච ලිංගික ප්‍රශ්නයක් දැන් ඇයි? කාම අපරාධ විදිහට මුදා හැරෙන මානසික කායික පීඩන ඇති කළ විශේෂ සමාජ වෙනස මොකක්ද?
අලූතෙන් එන තාක්ෂණයට බයෙන් ඒකෙ යක්කු දකින ගොඬේ ටයිකාරයො ටික පැත්තකින් තිබ්බොත් (ඉන්ටර්නෙට් හින්ද ජනතාව නරක් වෙනවා යැයි කියන) මේ විදිහට කාම අපරාධ වැඩිවීම ඇත්තක් නම්, ඒකට බලපෑ හැකි ආසන්නතම සමාජ හේතුව තිස් වසරක් පුරා පැවතුණු යුද්ධයේ නිමාවයි. යුද්ධය කරන්නට රජය විසින් ප්රහර්ශයට පත් කොට එළියට ඇද ගත්තේ ජනතාවගේ හිරවුණු ලිංගික පීඩනයයි. විවෘත ආර්ථිකය එක්ක ගාට ගන්න දැනුමක් සමාජයේ නැතුව නෝන්ඩි වෙවී හිටපු ජනතාව ඒ ලිංගික පීඩනය ජාතික රාගය නිදිහට මෝචනය කළා. කොටට අඳින කෙල්ලෙක් දැක්ක ගමන් හිත හෙල්ලෙන ලිංගික අවුලට රජයෙන් තේරුමක් දුන්නා. විමුක්තිය දුන්නා. දැන් යුද්දෙ ඉවරයි. ජාතික රාගයට සංසර්ගයේ යෙදෙන්න නිමිත්තක් නෑ. අයිමත් ඒ රාගය පහුබහිනවා පුද්ගලික ජීවිතයේ අඳුරු අහුමුළු වලට. යකා එළියට එන්න ගන්නවා. කාරණය මෙතැන තියෙද්දී ආණ්ඩුව වෙන වෙන බැලූම් උඩ යවමින් සිටී. දැන් porn සටනයි.
උදාහරණයක් හැටියට ජපානය සියලූ වර්ගයේ පොporn ෂානරයන් සමග වැඩෙන ලෝකයට porn නිෂ්පාදනය කරන රටක්. ජපානයේ කාම අපරාධ අනික් සෑම රටකටම සාපේක්ෂව ඉතා අඩුයි. පිටරටින් නිකං හම්බුවෙන porn බලන අපේ රටේ කාම අපරාධ වැඩියි. ඒ වගේම හැම සතියෙ පත්තරේකම දෙවන පිටුවෙ රූමත් තරුණියක් දූෂණය කරපු කතාවක්. පත්තරේ දේශපාලනයට වඩා වැඩි විකිණුමක් තියෙන්නේ ඒ පිටුවට. මේකෙ තේරුම මේ සිංහල බෞද්ධ ජනතාව දැඩි ලිංගික අසහනයකින් පෙළෙනවා කියන එක නෙමෙයිද? ඒ අසහනයේ ප්රකාශනයක් වුණු porn වාරණය කරනවා කරනවා කියන්නේ ඒ අසහනය වාරණය වෙනවා කියන එකද?
යුද්ධයකට පසු සෑම රටකම ලිංගික අපරාධ වැඩිවීම සාක්ෂි ඇතුව ඔප්පු කරපු කාරණයක්. ඒකට රජයක් මුහුකුරා ගිහින් තියෙන්න උවමනායි මේ රික්තකය පියවා ගන්න සමාජ- මනෝ විද්‍යාත්මක ප්‍රතිකර්ම යොදන්න තරමට. ඒත් දැන් වෙන්නෙ රජය ජනතාවට පොඩි ළමයින්ට වගේ සළකන්න අරන්. යුද්දෙන් අල්ල ගත්තු පතුරම් පෙන්න පෙන්නා තුවාලෙ පවත්වාගෙන යනවා. මෙතන porn සහ අපරාධ අතර සම්බන්ධයක් නෑ. කිසිම සමීක්ෂණයකින් කාම අපරාධ එක්ක porn වල සම්බන්ධතාවක් ඔප්පු කරල නැහැ. ඒ වෙනුවට porn තහනං කිරීමෙන් පස්සෙ කාම අපරාධ වැඩිවීමක් සමහර සමීක්ෂණ වලදි ඔප්පු වුණා. porn කියන්නෙ සමාජ පීඩන අවශෝෂකයක්, මත් වීම වගේම. නමුත් සිංහල බෞද්ධ සංස්කෘතිය යනු ජීවිතය තහනම් කිරීමයි. ඒක හරිම ස්වයං පීඩක කාමීයි.
ඔයාට පේනවද ගග, එතනට එන දිය පාර, පල්ලිය? අවුරුදු පන්සීයකට කලිනුත් ඔය ටික ඔහොම තිබුණා . ඒත් නගරය පාලූ වෙලා තිබුණා. වසංගයක් යුරෝපය පුරා පැතිරෙන්න ගත්තා. කාටවත් හොයා ගන්න බැරිවුණා ඇයි මේ තරං මිනිස්සු මැරෙන්නෙ කියල. ඒ ගොල්ලො මේ වසංගතයට කිව්වා ‘කලූ මරණය‘ කියල. මිනිස්සුන්ගෙ පව් වලට දෙවියන් එවපු. මෙතනදි එක කට්ටියක් ඉදිරිපත් වුණා මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න. ඒ අය වඩාත්ම බයානක දේ කරන්න එක`ග වුණා. කායික වේදනාව. ඔවුන් දවල් ? දෙකේ පාලම් හරහා,පාරවල් දිගේ, දම්වැල් වලින්, කස වලින් තමන්ගෙම ශරීරයට දරුණු ලෙස පහර දෙමින් ඇවිද්දා. ඔවුන් දෙවියන් ගෙ නමින් වේදනා විඳිමින් ඒ වේදනාව ගැන දෙවියන්ට ප්‍රශංසා කළා. ඔවුන්ට තේරුම් ගියා ඔවුන් බේකරියේ පාන් පුච්චනවට වඩා, කුඹුරු වල වැඩ කරනවට වඩා මේ වේදනාවෙන් සතුටු වෙන වග.. පාවුලෝ කොයියෝ එකොලොස්වෙනි මිනිත්තුව
චදරබ බලන අයට වඩා විශේෂයෙන් චදරබ වලට බය මහත්තුරු බයානකය. වාරණය නොකළ ජීවිතයක් ගැන ඔවුන්ට හැගීමක් ඇත්තේම නැත. වාරණය තුල ඔවුන්ගේ මානසික අනාරක්ෂිතභාවයට රැකවරණ තිබේ. ඔවුන් තමන්ගේ යටිසිතේ ආශාවන් ගැන බියපත්ය. දෙමව්පියන්ගෙන් පරිදි රජයෙන්ද, සමාජයෙන්ද ඔවුන් වාරණයක් ඉල්ලා සිටී. වාරණයෙන් තොර ජීවිතය ඔවුන්ට බයානකය. නිදහස තුලදී ඔවුන්ට ඔවුන් මුණ ගැසෙන්නට ඉඩ තිබෙන බැවිනි. පසුගියදා Nation පුවත්පතට කතා කරමින් කාන්තා හා ළමා කාර්යාංශයේ එබඳු ලොක්කෙක් කියා තිබුණේ, අවුරුදු 10ට අඩු සහ අවුරුදු 50ට වැඩි අය porn නිසා වැඩියෙන්ම නරක් වන බවයි. porn තහනම් කරන්න යන්නෙ මේ පිරිස බේර ගන්නද? ළමා අපචාර වැඩි වශයෙන් පන්සල් සහ සෙමනේරි ආශ්‍රිතව සිදුවන බවට මේ රටේ උවමනා තරම සාක්ෂි තිබේ. ඒ නිසා පන්සල් සහ සෙමනේරි තහනම් කරන්න පියවර ගන්නවාද?
porn වලින් නරක් වෙන තරමට අතදරු සමාජයක අපි ජීවත් වෙමින් සිටී. පාරේ ගෑනු කකුලක් දුටු සැණින් අපචාරයක් කරන තරමට අපේ රට වලත්ත වෙමින් සිටී. porn ෆැන්ටසියක සහ සමාජයේ අත්දකින ඇත්තක වෙනස තේරුම් ගන්නට බැරි තරම් අපේ රට ගොන්ය. ඒ බව දැන් ආණ්ඩුව ජනතාවට මූණටම කියයි. බලන්න හොඳ සහ නරක දේවල් ජනතාව වෙනුවෙන් තෝරා දෙන්නේ ආණ්ඩුවයි. බොන්න කන්න හොඳ නරක පවා කියා දෙන්නේ ආණ්ඩුවයි. ආණ්ඩුව දැන් කියන විදිහට මේ රට බාල වයස්කාර අසහනකාරයන්ගෙන් පිරුණු රටකි. porn වගේ දෙයක් දරා ගන්නට තරම් අපේ සමාජය වැඞී නැත.
කවුරු හරි අහස කොළ පාටට දකිනවා නම්...තැනිතලා නිල්පාටට දකිනවා නම්. ඔහුව වඳ කළ යුතුයි- ඇඩොල්ෆ් හිට්ලර්
ජනතාවද සූප්පුව කටේ ගහගෙන හුරතල් වෙමින් සිටී. ආණ්ඩුව අහිංසක තරමටම ජනතාවද අහිංසකය. ආණ්ඩුව සිල්වත් තරමටම ජනතාවද සිල්වත්ය. එසේ නම් ආණ්ඩුව බයානක තරමටම ජනතාවද බයානකය. ආණ්ඩුව දූෂිත තරම්ම ජනතාවද දූෂිතය. ඒ porn නිසා නොවේ. අපේ සංස්කෘතික උරුමය එසේ නිසාය.
පරා ගේ Art එක
සියත ටීවී එකේ රසවාහිනී, ශබ්ද කෝෂය, ස්වරූපන වැඩසටහන් කරන්නෙ පරාක්‍රම. පාරාක්රම ඒකනායක. කලින් සිරසෙ art එක කළෙත් එයා. පරාක්‍රම කරන වැඩ වල අමුත්තක් තිබුණ. අනිත් ටෙලිවිෂන් වැඩ වලට පිටින් වෙනම ධාරාවක ඒවා තිබුණ. වෙනස් අන්තර්ගතයක් වගේම වෙනම රිද්මයක්, රූප භාවිතාවක් ඒ program වල තිබුණ.
පරාක්‍රම ඒ විදිහෙ මොකක් හරි හැඩයක් දැනගෙන කරනවද?
මං ටෙලිවිෂන් වලට ආවෙ පත්තරෙන්. එතකොට මට ඕන වෙනවා ඒ මීඩියා එක ඇතුලෙ හරියට ස්ථානගත වෙන්න. ඒකට මට සිද්ද වෙනවා වෙන අය නොකරපු දෙයක් කරන්න. එක පැත්තකින් මට පුළුවන් ටෙලි නාට්‍ය කරන්න යන්න. අනිත් පැත්තෙන් මට තියෙනවා පත්තරකාරයෙක් විදිහට මං අතපත ගාපු පොත පත. මං මුලින්ම කළේ පොත් ගැන වැඩසටහනක්. ඊළගට art ගැන. මං ලියද්දි ලියන දේ කොහොමද ටෙලිවිෂන් එකට ගේන්නෙ කියන එක තමයි මට හිතන්න තිබුණෙ.
මට කලින් සෙනේෂ් මේ විදිහෙ වැඩක් කළා. ‘යාත්‍රා‘ කියල. මං කළේ ඊට පස්සෙ. යාත්‍රා වලින් කතා කරපු අවකාශයටම මම වෙන ආකෘතියකින් කතා කළා.
ටෙලිවිෂන් එකේ වැඩක් කරන්න පුළුවන් කියල හිතනවද?
පුළුවන් වෙන්න එපැයි. ටෙලිවිෂන් පටන්ගත්ත කාලෙ හොඳ වැඩ ටිකක් කළානෙ. පළිගු මැණිකෙ වගේ ටෙලි නාට්‍ය වුණත් හොඳ මට්ටමක තිබුණ. මෑතක් වෙනකල්ම ටෙලිවිෂන් එකෙන් වැඩක් කරන්න හදපු කට්ටිය හිටියා. පස්සෙ ඒක අත් ඇරෙනවා. දැන් නිකං ටීවී කියන්නෙ ලොලිපොප් වගේ නෙ.
උදාහරණයක් විදිහට සුපර්ස්ටාර් වගේ ප්‍රෝග්‍රෑම් එකක් බටහරි හැදෙන්නෙ එහේ ටෙලිවිෂන් එක ලොකු කාලයක් තිස්සෙ පරිණාමය වුණාට පස්සෙ. ඒ ප්‍රෝග්‍රෑම් එකට හොඳ බේස් එකක් එහේ තියෙනවා. ඒත් අපිට ටෙලිවිෂන් ඇවිල්ලා තාම අවුරුදු තිහක් විතර. ඉතින් අපි සුපර්ස්ටාර් කරන්නෙ උඩින් පැනලා. මැද හිස්.
මගේ වැඩසටහන් වල මැජික් නෑ. සාහිත්‍ය, කලාව කියන්නෙ ඉතින් තරු විසිවෙන මැජික් නෙමෙයි. පොතකට කවුද sms ගහන්නෙ?
ඉතිං මැජික් මැද්දෙ ඔයාගෙ වැඩ වලට මොකද වෙන්නෙ?
මැජික් අතරෙ ඇත්ත ලොකු හිස්කමක් තියෙනවා. ඒවා බලාගෙන අපි හිතනවා අපේ life එක පිරිලා කියල. ඒත් අපි තාම අඩනවා. කෙල්ල දාලා ගියාම අඩනවා. fone එක නැති වුණාම අඩනවා. මේ හිස් තැන අපිට දැනෙනවා. book fair එකට ගියහම එතන තියෙන ඔක්කොම පොත් ගන්නවා. ඒත් කියවන්නෙ නෑ. ඔය පොත් කියවිල්ල කියෙව්වා නම් ලංකාව වෙනස් වෙන්න එපැයි. ඒ හිස්කම පුරවන හැටි. ඔය ජනප්‍රිය ප්‍රෝග්‍රෑම් වලින් පෙන්නන තරම් අපේ ජීවිත පිරිලා නෑ. ඒවා දුප්පත්.
සමහර අය මගේ ප්‍රෝග්‍රෑම් බලන්නෙ fashion එකක් විදිහට. මං ‘art එක‘ බලන කෙනෙක් කියන්න. ඒත් ඇත්තට ජීවිතේ හිස්කම දැනෙන අයත් ඒවා බලනවා. මේ මැජික් අතරෙ වැඩ කරන්න පුළුවන් හිස්තැනක් තියෙනවා. හැමෝගෙම ජීවිත වල ඇත්ත හිස්තැනක එහෙම වැඩකට ඉඩක් තියෙනවා. මට වෙන්නෙ පළවෙනි සබන් කෑල්ල හදපු මිනිහට වුණු වැඬේ. හදපු එකා දැනගන්න ඕන විකුණන්න.
ඔබ ටීවී එකේ අතාර්කික වෙයිද?
මං අතාර්කික වෙන්න පුළුවන්. මං කරන්නෙ කහ ඉර තියෙද්දි වෙන තැනකින් පාර පනිනවා වගේ වැඩක්. එතකොට හැප්පෙනවා තමයි. ඒත් මං පාර පැන්නොත්....
මං හිතනවා මට පුළුවන් වෙයි මෙතනින් පාර පනින කට්ටිය එකතු කර ගන්න. මං ආස නෑ ඒ කහ ඉරට.
ජනප්‍රිය වෙන්න ඕන නැද්ද?
නෑ. ඒක සුනාමි වගේ වැඩක්. එද්දි හරි ලොකුයි. ඒත් ගියහම කාටවත් මතක නෑ. ජනප්‍රිය වෙනවා වෙනුවට මං කැමතියි ප්‍රසිද්ධ වෙන්න. ජනප්‍රියකම කියන්නෙ පොප් කෝර්න් වගේ. අනික දැන් හැමෝම ජනප්‍රියයි නෙ. මට මෙහෙම හොඳයි.
පරා ආදර කතා ලියනවා. දුසිම් ගාණට ආදර කතා එද්දි ඔයාටත් ලියන්න දෙයක් තියෙනවද?
අපි හැමෝටම කියන්න කතාවක් තියෙනවා. ඒත් අපි ගොඩක් අය ඒ කතාව කියන්නෙ නෑ. මං පොත් ලියන කාලෙදි ලියවුණු ආදර කතා හරි පවිත්‍රයි. සුන්දරයි. ඒ සම්බන්ධතා පිටිපස්සෙ තියෙන මිනිස්සුන්ගෙ ඛේදවාචක ඒවායෙ කියවෙන්නෙ නෑ. මට මුණගැහුණ මිනිස්සු හැමෝගෙම ජීවිතේ ලොකු ඛේදවාචකයක් වෙමින් තිබුණා. මං ඒ අයගෙ කතා ලියනවා. අපි හැමෝම ආසයි අනිත් අයගෙ වේදනාව කියවන්න. ඒත් ඒක කියවද්දි අපිත් ඒ ඛේදවාචකේම කොටසක්.
මං එන්නෙ ගමෙන්. කොළඹට ආවට පස්සෙ මට මිනිස්සු හම්බුවෙන්නෙ නෑ. හම්බුවෙන අයටත් ඒ අයගෙ ඛේදවාචක තියෙනවා. මට මනුස්සකම කියන එක කවදාවත් හම්බුණේ නෑ. හැම තැනම ඒක ගැන කතා කරනවා. හැමෝම ඒක තියෙනවා වගේ ඉන්නවා. මං අහන්නෙ කෝ ඒක?
පරාට දැනෙන්නෙ හුදකලාවක්ද?
හුදකලාවක් නෙමෙයි. ඒක හිස් තැනක්. ඒක පුරවන්න මං වැඩ කරනවා. කොළඹදී මට මිනිස්සු හම්බුණේ කීප දෙනයි. හැමෝම ඉන්නෙ අවුලක. ඒක නිසාම දුකක් කියන්න ගියොත් අනිත් කෙනා ඒක පාවිච්චි කරන්න ගන්නවා. ඒවා තමයි නාගරික සම්බන්ධතා. මේ හිස්කමයි මට කියන්න ඕන.
මට ජීවිතේ හම්බු වෙන මිනිස්සුන්ගෙ ඇත්ත ලංකාවෙ හැටියට හරි අවුල්. හැබැයි ඒ අවුලම තමයි උන්ගෙ සුන්දර. සමහර අය තමන්ගෙ පළවෙනි පේ‍්‍රමය වෙනුවෙන් දුක් විඳිනවා. ඒත් බැඳලා. තව කෙල්ලෙක් බලන් ඉන්නවා මුල්ම පෙම්වතාගෙන් දරුවෙක් හදා ගන්න කසාද බැඳපු මිනිහට හොරෙන්. මේවා සංස්කෘතික විරෝධීයි. ඒත් මාර ලස්සන ජීවිත. මං ආස කරපු පොත් වල තිබුණෙ මේ වගේ ජීවිත. මගේ කතාව ලියද්දි මං ඒ කිසි දෙයක් ලස්සන කළේ නෑ. නිල්ල නිලන දේදුනු යට කතා ලිව්වෙ නෑ. මං ඒ අවුල කියාගෙන ගියා.
මට පරා ව හම්බුවෙන්නෙ පාරාදීසෙ පත්තරේදි
පාරාදීසෙ කියන්නෙ මගේ මුල්ම ස්ථිර රස්සාව. සිරිමල් එක්ක. මට කියන්න තිබුණ දේවල් එක්ක එතන මාරට ගැලපුණා. මගේ ප්‍රශ්න කියන්න මට භාෂාවක් හම්බුණා. මං තාම විශ්වාස කරනවා ඒ වගේ සගරාවක් අදටත් ඕන. මේ වගේ ෆෝන් කනේ ගහගෙන ඉන්න පරම්පරාවට ඒ අයගෙ ඇත්ත අවුල ගැන කතා කරන තැනක් නෑ. අයාලෙ යනවා කියන්නෙ ඒ විදිහට දෙබසක් අහිමි වුණහම. අද ඒ වගේ මැගසින් එකක් නැති අඩුව හොඳටම දැනෙනවා. අනික අපි තමයි ඒ කාලෙ fashion එක (සිනා)
-චින්තන
Friday, July 23, 2010
මත්වීම ආධ්‍යාත්මික ප්‍රවේශයක් හැටියට
මතට තිත ලංකාවෙ රජයෙ ප්‍රධාන සහ එකම ප්‍රතිපත්තිය වෙලා තියෙද්දි පුරවැසියෙක් හැටියට මට මත්වීම ගැන කියන්න වෙනස් කතාවක් ඉතුරු වෙලා. ඒක කී දෙනෙකුට වැඩක් ඇති කතාවක්ද කියල මං දන්නෙ නෑ. ඒත් ඒක කවදා හරි හුගක් වැදගත් කතාවක් වේවි.
මත්වීම ගැන ඕනම රජයකට තියෙන අවුල ප්‍රධාන වශයෙන් බදු එක්ක සම්බන්ධයි. කසිප්පු, කංසා වගේ දේවල් තහනං කරන්නයි අරක්කු නීත්‍යානුකූල වෙන්නෙයි මේ කාරණය හින්ද මිසක් සෞඛ්‍ය කාරණාවක් හින්ද නෙමෙයි. රජයක් කියන්නෙ system එකක්. එහෙම system එකක් පවත්වාගෙන යන්න නං ඕන වෙන්නෙ ලේසියෙන් පාලනය කරන්න පුළුවන් ජනතාව කියන රොත්තක්. තනි තනි පුරවැසියො හරි, හිතන්න පුළුවන් මිනිස්සු හරි ඉන්න එක ආණ්ඩුවකට වැඬේ අමාරු කරනවා. system එක අවුල් කරනවා. මත්වීම කියන්නෙ පුද්ගල උවමනාවක්. ඒක වෙන ගොඩක් දේවල් වගේ සාමූහික උවමනාවක් නෙමෙයි. ඇත්ත පුද්ගල උවමනා හරි බයානකයි රජයකට. මොකද ඒවා හැමතිස්සෙම ඔබ තනි පුද්ගලයෙක් නැත්නම් ජීවිතයක් වග ඔබට මතක් කරනවා. එතකොට ඔබ ජනතාව කියන රොත්තෙන් එළියට එනවා. ආණ්ඩුවට sex තහනම් කරන්නෙත් මේ අවුල ලිහා ගන්න.
කිසිම ක්‍රමවත්භාවයක් නැතුව ඉබාගාතේ සමාජය ලෙඩ කරමින් වැඩුණු නාගරීකරණය එක්ක ලංකාවෙ ජීවිත ගොඩක් අවුල් වුණා. තාමත් අපේ රටේ මිනිස්සු විස්තෘත පවුල (මහගෙදර) හොයනවා. න්‍යෂ්ටික පවුල (පුංචි පවුල) ඇතුලෙ අම්මාව හොයාගෙන යනවා. හැමෝම කැමති රජයේ රස්සාවලට යන්න. පෞද්ගලික අංශය සූරාගෙන කනවා කියලා චෝදනා කරනවා. ඇයි මේ?
අපිට තාමත් නාගරීකරණය ආගන්තුකයි. අපි වේදනා විඳිනවා. අපේ ජීවිත පරාරෝපණය වේගෙන යනවා. තාමත් අපි ඒ අලූත් ජීවිතයට ඔරොත්තු දෙන්නෙ නෑ.
ළගදි දවසක සත්‍යජිත් එක්ක කතා කර කර ඉන්න කොට හරි අපූරු කතාවක් කියවුණා.
"අපේ රටේ පරාරෝපනය ගිණිකොන ආසියාවෙ රටවල පරාරෝපණයට වඩා වෙනස්. අපි තාම අම්මව හොයාගෙන යනවා. යන හැම තැනකම පවුලක් හදා ගන්න ට්‍රයි කරනවා. ඒ කියන්නෙ අපිට තාමත් ආලෝකයක් පේනවා. ඒත් හොංකොං, මැලේසියාව වගේ රටවල අයගෙ ජීවිතය තනිකරම කරුවලයි."-
සත්‍යජිත් මාඉටිපේ.
ජීවිතය කඩාගෙන හැලෙන මේ වේගය දරා ගන්න අමාරුයි. දවසකට මොළේ ඇතුලෙන් හුවමාරු වෙන ටෙලිෆෝන් කෝල් ප්‍රමාණය දරා ගන්න අමාරුයි. මේ වේගය ජීවිතයේ අසහනයක් ඇති කරනවා. ඒ අසහනය පියවන්න, මොහොතක හරි සංසුන් බවක් දෙන්න පුළුවන් ස්වභාවික විදිහක් නෑ. භාවනා කරන්න හරි නිදහසේ ට්‍රිප් එකක් යන්න හරි කියන සෝබන කතා ඇත්තට කරන්න අමාරුයි. පැය විසි හතරක් ඇතුලෙ ගොඩක් දේවල් කරන්න ඕන. එකම ක්‍රමයයි ප්‍රයෝගිකව තියෙන්නෙ. ඒ රසායනික මත්වීම. ස්නායු අතර තරලයෙන් දත්ත හුවමාරු කරන වේගය කෘතිමව පාලනය කරන එක. කාලය සහ අවකාශය පිළිබඳ සිහිනමය නිමේෂයකට මොහොතකට මාරු වෙන එක.
මේ ආධ්යාමික අවශ්‍යතාවයක්. විමුක්තිය පිළිබඳ හැගීමක්. මොහොතකට හෝ යතාර්ථය වශයෙන් පෙනී සිටින විකාරරූපී අධිවේගී ලෝකයෙන් මිදීමට ඇති නිරාමිස ප්‍රවේශයක්.
රජයක් හෝ ඔනෑම system එකක් මේකට විරුද්ධයි. ආයතනයක් වශයෙන් ස්ථාපනය වෙලා බලය එක්ක ගැට ගැහිලා නොතිබ්බා නම් බෞද්ධ පුහුණුවට පවා මේ අය විරුද්ධ වෙනවා. මාධ්‍ය වලින් විකෘති විදිහට වාර්තා කරමින් ලංකාවෙ, ඉන්දියාවෙ විතරක් නෙමෙයි ඇමරිකාවෙ වුණත් වරින් වර අත්අඩංගුවට ගන්නා ආධ්‍යාත්මික ගුරුවරුන් කරනවා යැයි කියන වැරැද්ද මේකයි. ඔබේ හුදකලා නිදහස වෙනුවෙන් වැඩ කිරීම. ඔබේ පීඩනය නිදහස් කිරීම. ලෝකයේ මිනිස් ඝාතනයටත් වඩා වැරදිකාර ලෙස පොදුවේ රජයන් සහ පිළිගත් ආගමික සංස්ථා කියන්නේම වැරදි දෙකක් ගැනයි. ඒ මත්වීම සහ ලිංගික සංසර්ගයයි. මේ සියල්ලන් තහනම් කරන්නේ පුද්ගලික ආධ්‍යාත්මික නිදහසට ඇති ප්රවේශයි.
කෙනෙක් අරක්කු බීමෙන් හෝ වෙනයම් මතවීමකින් අපරාධ කරනවා යැයි කීම මෝඩ කතාවක්. කෙනෙක් අතින් එබඳු අපරාධ වෙනවා නම් ඊට හේතු වෙන්නේ ඔහුගේ සමාජ ජීවිතය විසින් ඔහුට දෙන පීඩනය මත්වීමේදී නිදහස් වීමයි. මත්වීමේදී ඔහු තමන්ට ජීවිතය අහිමි කිරීම ගැන සමාජය පිළිබඳ වෛරය මුදා හැරීමයි.
ඒ අනුව මත්වීම් යනු ඔහුගේ ජීවිතයේ ඔහුට ඇති එකම අවංක මොහොතයි.
කවර හෝ මත්ද්‍රව්‍යක් පාවිච්චි කරන්නෙක් ඒ මත්ද්‍රව්‍යයෙන් ඉල්ලා සිටින්නේ ඉතා අහිංසක දෙයක්. ඒ සැබෑ යැයි කියන ජීවිතයේදී මෙන් සල්ලි නෙවෙයි. නිල තානාන්තර හෝ සුපිරි ජීවිත නෙවෙයි. මත්වීම වෙනුවෙන් ඔහු හෝ ඇය ඒ සියල්ල කැප කරයි. මතට තිතේ අය පිරිහෙනවා යැයි කියන්නේ මේකටයි. ඇත්තෙන්ම මත්වීමේදී කෙනෙක් ඉල්ලා සිටින්නේ මොකක්ද?
තමන්ට අවංක, තමන්ට අහිමි, තමන් මරණය තෙක් වියෝ දුකින් විඳවන, සමාජය විසින් මරා දමූ ඔහුගේ හෝ ඇයගේ ඇත්ත ජීවිතයයි. ජීවිතයට වඩා ඒකට පැවැත්ම යැයි කීම ගැලපෙයි. තමන්ට අහිමි පැවැත්මේ නිදහසයි. සිංදු කියමින් නටන්නේත්, කෑ ගසමින් පෙරලි කරන්නේත් විනෝදය නෙවෙයි. ඒ ප්‍රමෝදයයි. මොහොතකට හෝ නිදහස් වීම, ලිහිල් වීම ගැන උදාන වාක්‍යයයි ඔවුන් කියන්නේ.
අපරාධ ගැන? අපරාධ සහ මත්වීම අතර සම්බන්ධයක් ඔප්පු කළ හැකි තැනක් නැහැ. මත්වීම යනු ඔබ තුල ඇති දේ නිදහස් කිරීමක් මිස ඔබ තුල නැති දෙයක් ඇති කිරීමක් නෙවෙයි. අපරාධකරුවෙක් තත්වයට බේ මනස සමාජය විසින් පිරිහෙලා ඇත්නම්, දවාලට ටයිකෝට් ඇඳ බෙල්ල හරකරගෙන සිටින ඒ අපරාධකරුවා මත්වීමේදී නිදහස ලබනවා. අහිංසකව සරලව සියලූ වේදනා සමාජය වෙත නැවත දමා ගසනවා. ඒක බයානක වෙන්නට පුළුවන්. නමුත් ඒ කෙනෙකුට ගත කරන්නට බල කර ඇති ජීවිතය විසින් නිර්මාණය කළ යක්ෂයායි. සැබෑවයි.
ඔබ අපරාධකරුවෙක් නම් මත්වූ විට ඔබ මිනීමරනු ඇති. ඔබ සල්ලාලයෙක් නම් මත් වූ විට ඔබ එය ප්‍රදර්ශනය කරනු ඇති. ඔබ දුකෙන් නම් මත් වූ විට ඔබ අඩනු ඇති. ඔබ සතුටෙන් නම් මත්වූ විට ඔබ සිනාසෙනු ඇති. ඔබ සාන්තුවරයෙක් නම් මත්වීමෙන් ඔබට කිසිවක් සිදු නොවනු ඇති.
මත්වීම යනු භාවනාව පරිදිම ප්‍රකෘතියට යන කෙටි මාවතක්. එය තාවකාලිකයි. කෘතිමයි. නමුත් ඉන් ඔබ කවර පීඩාකාරී තත්වයන් තුල වුවත් ඔබේ ප්‍රකෘතිය හා සම්බන්ධ කර තබනවා. මත්වීම ඔබ සුන්දර මිනිසෙක් කරනවා.
එයින් ශරීර සෞඛ්‍ය හානි කරයි. ඔබට ඉක්මන් මරණයක් අත් කර දෙයි. අනිවාර්යෙන්ම. ඒ ඔබ මැරෙන්නේ සමාජය විසින් ඔබ තුල තැන්පත් කළ පිළිකාවෙනුයි. ඔබේ අක්මාව දියවී යන්නේ සමාජය විසින් ඔබේ ජීවිතය අහිමි කළ වේදනාවෙනුයි. මත්වීම ඔබේ ශරීරයේ ජීවත්වන පරාරෝපිතයා පලාගෙන සැබෑ ඔබේ පැවැත්ම ඔබට විවර කර දෙනවා. එය ආධ්‍යාත්මික ප්‍රවේශයක් හැටියෙන් කියන්නේ ඒ නිසයි. එය රසායනික ප්‍රවේශයක්.
නමුත් මත්වීමට එරෙහි වෙමින් සුරාවෙන් සූදුවෙන් තොරව ජීවත් වන ‘හොඳ‘ මිනිසුන්ට වඩා සැබෑ ජීවිතයක් මත් වීමෙන් ඉක්මණින් මිය යන්නා අත් විඳිනවා. මත්වීම නරක ලෙස දකිමින් ජීවත් වෙනවා කියා කන්න විතරක් සල්ලි හොයන හොඳ අය ප්‍රකාශ කරන්නේ එකම ඇත්තක්. එනම් මේ පවතින සමාජය, මේ වේගය, මේ අහිමි වීම, මේ විකෘතිය ඔවුන්ට ස්වභාවික බවයි. system එකේ ඇණයක් මුරිච්චියක්ම වෙනවා හැරෙන්නට ජීවිතයක් ඔවුන් නොදන්නා බවයි. රජයෙන් සහ ආගම් විසින් මේ හොඳ ළමයින් බිහි කරමින් යාම පුදුමයක් නෙවෙයි. එය අනිවාර්යක්. ඒ රොබෝලා. ජීවිතයේ අභ්‍යන්තර පැවැත්මක් ගැන කිසිඳු හසරක් නොදැනෙන පව්කාර ජීවිත. මත්වීමෙන් මිය නොගොස් ඔවුන් ජීවත් කරන්නේ බොහෝ කාලයකට කලින් මිය ගිය මළ මිනියක්.
මත්වීම භාවනාවක්. එය විමුක්තිය කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒක විමුක්ති මාර්ගයක්. අඩුම තරමින් ඒක කලාතුරකින් හෝ ඔබේ හුදකලා, වේදනා විඳින, සැබෑ පැවැත්ම මුණගැසෙන එක් නිමේෂයක්.
එය තහනම් කරනවා යනු ආධ්‍යාත්මය තහනම් කිරීමයි.
සෑම විටම විමුක්තිය පවතින්නේ තහනම් කළ මාවතක මිසක රජයෙන් තැනූ කොන්ක්‍රීට් හයිවේ එකක නෙවෙයි.
-චින්තන ධර්මදාස