Friday, July 23, 2010

මත්වීම ආධ්‍යාත්මික ප‍්‍රවේශයක් හැටියට



මතට තිත ලංකාවෙ රජයෙ ප්‍රධාන සහ එකම ප්‍රතිපත්තිය වෙලා තියෙද්දි පුරවැසියෙක් හැටියට මට මත්වීම ගැන කියන්න වෙනස් කතාවක් ඉතුරු වෙලා. ඒක කී දෙනෙකුට වැඩක් ඇති කතාවක්ද කියල මං දන්නෙ නෑ. ඒත් ඒක කවදා හරි හුගක් වැදගත් කතාවක් වේවි.

මත්වීම ගැන ඕනම රජයකට තියෙන අවුල ප්‍රධාන වශයෙන් බදු එක්ක සම්බන්ධයි. කසිප්පු, කංසා වගේ දේවල් තහනං කරන්නයි අරක්කු නීත්යානුකූල වෙන්නෙයි මේ කාරණය හින්ද මිසක් සෞඛ් කාරණාවක් හින්ද නෙමෙයි. රජයක් කියන්නෙ system එකක්. එහෙම system එකක් පවත්වාගෙන යන්න නං ඕන වෙන්නෙ ලේසියෙන් පාලනය කරන්න පුළුවන් ජනතාව කියන රොත්තක්. තනි තනි පුරවැසියො හරි, හිතන්න පුළුවන් මිනිස්සු හරි ඉන්න එක ආණ්ඩුවකට වැඬේ අමාරු කරනවා. system එක අවුල් කරනවා. මත්වීම කියන්නෙ පුද්ගල උවමනාවක්. ඒක වෙන ගොඩක් දේවල් වගේ සාමූහික උවමනාවක් නෙමෙයි. ඇත්ත පුද්ගල උවමනා හරි බයානකයි රජයකට. මොකද ඒවා හැමතිස්සෙම ඔබ තනි පුද්ගලයෙක් නැත්නම් ජීවිතයක් වග ඔබට මතක් කරනවා. එතකොට ඔබ ජනතාව කියන රොත්තෙන් එළියට එනවා. ආණ්ඩුවට sex තහනම් කරන්නෙත් මේ අවුල ලිහා ගන්න.

කිසිම ක්‍රමවත්භාවයක් නැතුව ඉබාගාතේ සමාජය ලෙඩ කරමින් වැඩුණු නාගරීකරණය එක්ක ලංකාවෙ ජීවිත ගොඩක් අවුල් වුණා. තාමත් අපේ රටේ මිනිස්සු විස්තෘත පවුල (මහගෙදර) හොයනවා. න්‍යෂ්ටික පවුල (පුංචි පවුල) ඇතුලෙ අම්මාව හොයාගෙන යනවා. හැමෝම කැමති රජයේ රස්සාවලට යන්න. පෞද්ගලික අංශය සූරාගෙන කනවා කියලා චෝදනා කරනවා. ඇයි මේ?

අපිට තාමත් නාගරීකරණය ආගන්තුකයි. අපි වේදනා විඳිනවා. අපේ ජීවිත පරාරෝපණය වේගෙන යනවා. තාමත් අපි අලූත් ජීවිතයට ඔරොත්තු දෙන්නෙ නෑ.

ළගදි දවසක සත්‍යජිත් එක්ක කතා කර කර ඉන්න කොට හරි අපූරු කතාවක් කියවුණා.

"අපේ රටේ පරාරෝපනය ගිණිකොන ආසියාවෙ රටවල පරාරෝපණයට වඩා වෙනස්. අපි තාම අම්මව හොයාගෙන යනවා. යන හැම තැනකම පවුලක් හදා ගන්න ට්‍රයි කරනවා. කියන්නෙ අපිට තාමත් ආලෝකයක් පේනවා. ඒත් හොංකොං, මැලේසියාව වගේ රටවල අයගෙ ජීවිතය තනිකරම කරුවලයි."-

ත්‍යජිත් මාඉටිපේ.

ජීවිතය කඩාගෙන හැලෙන මේ වේගය දරා ගන්න අමාරුයි. දවසකට මොළේ ඇතුලෙන් හුවමාරු වෙන ටෙලිෆෝන් කෝල් ප්‍රමාණය දරා ගන්න අමාරුයි. මේ වේගය ජීවිතයේ අසහනයක් ඇති කරනවා. අසහනය පියවන්න, මොහොතක හරි සංසුන් බවක් දෙන්න පුළුවන් ස්වභාවික විදිහක් නෑ. භාවනා කරන්න හරි නිදහසේ ට්‍රිප් එකක් යන්න හරි කියන සෝබන කතා ඇත්තට කරන්න අමාරුයි. පැය විසි හතරක් ඇතුලෙ ගොඩක් දේවල් කරන්න ඕන. එකම ක්‍රමයයි ප්‍රයෝගිකව තියෙන්නෙ. රසායනික මත්වීම. ස්නායු අතර තරලයෙන් දත්ත හුවමාරු කරන වේගය කෘතිමව පාලනය කරන එක. කාලය සහ අවකාශය පිළිබඳ සිහිනමය නිමේෂයකට මොහොතකට මාරු වෙන එක.

මේ ධ්‍යාමික අවශ්‍යතාවයක්. විමුක්තිය පිළිබඳ හැගීමක්. මොහොතකට හෝ යතාර්ථය වශයෙන් පෙනී සිටින විකාරරූපී අධිවේගී ලෝකයෙන් මිදීමට ඇති නිරාමිස ප්‍රවේශයක්.

රජයක් හෝ ඔනෑම system එකක් මේකට විරුද්ධයි. ආයතනයක් වශයෙන් ස්ථාපනය වෙලා බලය එක්ක ගැට ගැහිලා නොතිබ්බා නම් බෞද්ධ පුහුණුවට පවා මේ අය විරුද්ධ වෙනවා. මාධ් වලින් විකෘති විදිහට වාර්තා කරමින් ලංකාවෙ, ඉන්දියාවෙ විතරක් නෙමෙයි ඇමරිකාවෙ වුණත් වරින් වර අත්අඩංගුවට ගන්නා ආධ්‍යාත්මික ගුරුවරුන් කරනවා යැයි කියන වැරැද්ද මේකයි. ඔබේ හුදකලා නිදහස වෙනුවෙන් වැඩ කිරීම. ඔබේ පීඩනය නිදහස් කිරීම. ලෝකයේ මිනිස් ඝාතනයටත් වඩා වැරදිකාර ලෙස පොදුවේ රජයන් සහ පිළිගත් ආගමික සංස්ථා කියන්නේම වැරදි දෙකක් ගැනයි. මත්වීම සහ ලිංගික සංසර්ගයයි. මේ සියල්ලන් තහනම් කරන්නේ පුද්ගලික ආධ්‍යාත්මික නිදහසට ඇති ප්‍රවේශයි.

කෙනෙක් අරක්කු බීමෙන් හෝ වෙනයම් මතවීමකින් අපරාධ කරනවා යැයි කීම මෝඩ කතාවක්. කෙනෙක් අතින් එබඳු අපරාධ වෙනවා නම් ඊට හේතු වෙන්නේ ඔහුගේ සමාජ ජීවිතය විසින් ඔහුට දෙන පීඩනය මත්වීමේදී නිදහස් වීමයි. මත්වීමේදී ඔහු තමන්ට ජීවිතය අහිමි කිරීම ගැන සමාජය පිළිබඳ වෛරය මුදා හැරීමයි.

අනුව මත්වීම් යනු ඔහුගේ ජීවිතයේ ඔහුට ඇති එකම අවංක මොහොතයි.

කවර හෝ ත්ද්‍රව්‍යක් පාවිච්චි කරන්නෙක් ත්ද්‍රව්‍යයෙන් ඉල්ලා සිටින්නේ ඉතා අහිංසක දෙයක්. සැබෑ යැයි කියන ජීවිතයේදී මෙන් සල්ලි නෙවෙයි. නිල තානාන්තර හෝ සුපිරි ජීවිත නෙවෙයි. මත්වීම වෙනුවෙන් ඔහු හෝ ඇය සියල්ල කැප කරයි. මතට තිතේ අය පිරිහෙනවා යැයි කියන්නේ මේකටයි. ඇත්තෙන්ම මත්වීමේදී කෙනෙක් ඉල්ලා සිටින්නේ මොකක්ද?

තමන්ට අවංක, තමන්ට අහිමි, තමන් මරණය තෙක් වියෝ දුකින් විඳවන, සමාජය විසින් මරා දමූ ඔහුගේ හෝ ඇයගේ ඇත්ත ජීවිතයයි. ජීවිතයට වඩා ඒකට පැවැත්ම යැයි කීම ගැලපෙයි. තමන්ට අහිමි පැවැත්මේ නිදහසයි. සිංදු කියමින් නටන්නේත්, කෑ ගසමින් පෙරලි කරන්නේත් විනෝදය නෙවෙයි. ප්‍රමෝදයයි. මොහොතකට හෝ නිදහස් වීම, ලිහිල් වීම ගැන උදාන වාක්‍යයයි ඔවුන් කියන්නේ.

අපරාධ ගැන? අපරාධ සහ මත්වීම අතර සම්බන්ධයක් ඔප්පු කළ හැකි තැනක් නැහැ. මත්වීම යනු ඔබ තුල ඇති දේ නිදහස් කිරීමක් මිස ඔබ තුල නැති දෙයක් ඇති කිරීමක් නෙවෙයි. අපරාධකරුවෙක් තත්වයට බේ මනස සමාජය විසින් පිරිහෙලා ඇත්නම්, දවාලට ටයිකෝට් ඇඳ බෙල්ල හරකරගෙන සිටින අපරාධකරුවා මත්වීමේදී නිදහස ලබනවා. අහිංසකව සරලව සියලූ වේදනා සමාජය වෙත නැවත දමා ගසනවා. ඒක බයානක වෙන්නට පුළුවන්. නමුත් කෙනෙකුට ගත කරන්නට බල කර ඇති ජීවිතය විසින් නිර්මාණය කළ යක්ෂයායි. සැබෑවයි.

ඔබ අපරාධකරුවෙක් නම් මත්වූ විට ඔබ මිනීමරනු ඇති. ඔබ සල්ලාලයෙක් නම් මත් වූ විට ඔබ එය ප්‍රදර්ශනය කරනු ඇති. ඔබ දුකෙන් නම් මත් වූ විට ඔබ ඩනු ඇති. ඔබ සතුටෙන් නම් මත්වූ විට ඔබ සිනාසෙනු ඇති. ඔබ සාන්තුවරයෙක් නම් මත්වීමෙන් ඔබට කිසිවක් සිදු නොවනු ඇති.

මත්වීම යනු භාවනාව පරිදිම ප්‍රකෘතියට යන කෙටි මාවතක්. එය තාවකාලිකයි. කෘතිමයි. නමුත් ඉන් ඔබ කවර පීඩාකාරී තත්වයන් තුල වුවත් ඔබේ ප්‍රකෘතිය හා සම්බන්ධ කර තබනවා. මත්වීම ඔබ සුන්දර මිනිසෙක් කරනවා.

එයින් ශරීර සෞඛ්‍ය හානි කරයි. ඔබට ඉක්මන් මරණයක් අත් කර දෙයි. අනිවාර්යෙන්ම. ඔබ මැරෙන්නේ සමාජය විසින් ඔබ තුල තැන්පත් කළ පිළිකාවෙනුයි. ඔබේ අක්මාව දියවී යන්නේ සමාජය විසින් ඔබේ ජීවිතය අහිමි කළ වේදනාවෙනුයි. මත්වීම ඔබේ ශරීරයේ ජීවත්වන පරාරෝපිතයා පලාගෙන සැබෑ ඔබේ පැවැත්ම ඔබට විවර කර දෙනවා. එය ආධ්‍යාත්මික ප්‍රවේශයක් හැටියෙන් කියන්නේ නිසයි. එය රසායනික ප්‍රවේශයක්.

නමුත් මත්වීමට එරෙහි වෙමින් සුරාවෙන් සූදුවෙන් තොරව ජීවත් වන හොඳ මිනිසුන්ට වඩා සැබෑ ජීවිතයක් මත් වීමෙන් ඉක්මණින් මිය යන්නා අත් විඳිනවා. මත්වීම නරක ලෙස දකිමින් ජීවත් වෙනවා කියා කන්න විතරක් සල්ලි හොයන හොඳ අය ප්‍රකාශ කරන්නේ එකම ඇත්තක්. එනම් මේ පවතින සමාජය, මේ වේගය, මේ අහිමි වීම, මේ විකෘතිය ඔවුන්ට ස්වභාවික බවයි. system එකේ ඇණයක් මුරිච්චියක්ම වෙනවා හැරෙන්නට ජීවිතයක් ඔවුන් නොදන්නා බවයි. රජයෙන් සහ ආගම් විසින් මේ හොඳ ළමයින් බිහි කරමින් යාම පුදුමයක් නෙවෙයි. එය අනිවාර්යක්. රොබෝලා. ජීවිතයේ අභ්‍යන්තර පැවැත්මක් ගැන කිසිඳු හසරක් නොදැනෙන පව්කාර ජීවිත. මත්වීමෙන් මිය නොගොස් ඔවුන් ජීවත් කරන්නේ බොහෝ කාලයකට කලින් මිය ගිය මළ මිනියක්.

මත්වීම භාවනාවක්. එය විමුක්තිය කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒක විමුක්ති මාර්ගයක්. අඩුම තරමින් ඒක කලාතුරකින් හෝ ඔබේ හුදකලා, වේදනා විඳින, සැබෑ පැවැත්ම මුණගැසෙන එක් නිමේෂයක්.

එය තහනම් කරනවා යනු ධ්‍යාත්මය තහනම් කිරීමයි.

සෑම විටම විමුක්තිය පවතින්නේ තහනම් කළ මාවතක මිසක රජයෙන් තැනූ කොන්ක්‍රීට් හයිවේ එකක නෙවෙයි.


-චින්තන ධර්මදාස

1 comment: