Saturday, August 4, 2012

ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ

ඊයේ ඩෙනිස් එක්ක බීච් එක අයිනෙ ගරා වැටිච්ච රෙස්ටුරන්ට් එකක පරණ ෆ‍්‍රයිඞ් රයිස් එකක් කකා බොන අතරෙදි ඌ මාර කතාවක් කිව්වා. වන්දනා ගමන් ගැන. ලෝකෙ වන්දනා ගමන් කියන සංකල්පෙ හැදිලා තියෙන්නෙම වයසක පරම්පරාවෙන් සමාජයට දැනෙන බර සැහැල්ලූ කරන්න කියන එක. ඉස්සර දේපොල ලියලා දීලා වන්දනාවෙ යනවා කියලා ආච්චිලා සීයලා මේ විදිහට පිටත් වෙන්නෙ තමන්ගෙ මරණය බලාපොරොත්තුවෙන් කියන එකයි එයාගෙ අදහස. ලෝකෙ හැම සංස්කෘතියකම වගේ මේ වන්දනාවෙ යන චාරිත‍්‍රය පවතින විදිහ එයා විස්තර කළා.

1950 ගණන් වල කෙරෙන උගිත්සු කියලා ජපන් චිත‍්‍රපටියක් ඩෙනිස් උදාහරණයක් විදිහට පෙන්නුවා. ඉස්සරහ දතක් වැටීමත් සමග වයසක අය අපේ සිරීපාදෙ වගේ කන්දක වන්දනාවෙ යන එක ඒ සමාජෙ චාරිත‍්‍රයක් විදිහට තිබුණු කාලය ගැන කතාවක්. දතක් නොවැටී තියෙද්දිත් ඊළ`ග පරම්පරාවට සුබසාධන පහසුකම් සැලසීම වෙනුවෙන් දත බලෙන් කඩාගෙන කන්ද නගින ආච්චි කෙනෙක් ගැන ඒ කතාවෙ එනවා. අද වෙද්දි ආර්ථික කාරණා දියුණු වීමත් එක්ක මානුෂික සංකල්ප රොමාන්තික වීමෙන් ඒ වයසක පරපුර සදාචාරාත්මක වගකීමක් බවට පත්වෙනවා. ගොඩක් ඇමරිකානු චිත‍්‍රපටිවල බට දාලා වෙජිටබල් වෙලා ඇඳ උඩ ඉන්න වයස්ගත චරිත එන්නෙ මේ ප‍්‍රශ්නෙ සංකේත විදිහට.

මේ කතාව අසංවේදී වගේ පෙණුනත් හු`ගක් ඉන්ටරෙස්ටින්. හැමතිස්සෙම අපේ පරණ සදාචාරය ගැන සිහින කියනවට වඩා භෞතික විදිහට අතීතය පැත්තට හැරුණොත් අපිට ආපහු දකින්න වෙන්නෙ මේ කාලෙට වඩා රළු සහ සරල ඇගයීම් පද්ධතියක් එක්ක ගනුදෙණු කරන සමාජයක්. අපේ ජන කතා ගොඩක අමු සොහොනට සහ වනන්තරේට ගිහින් දාන දෙමව්පියන් ගැන කතා එන්නෙ මේ සංස්කෘතිය ඇතුලෙන්. වයසට යාම කියන්නෙ ජීවිතේ ඛේදාන්තයක්. සදාචාරයට එහා ගිය ප‍්‍රායෝගික විසඳුමක් ඒ වෙනුවෙන් දෙන්න තාම අපිට බැරි වෙලා තියෙනවා.

හැම දෙයක්ම කොපියක්
කොපියකින් කොපියක්
තව මිනිස්සු කොපි හදනවා
ස්ටාර් බක්ස් කෝප්ප තොල ගගා
ජැක් එයාගෙ කෝප්පය සහ
කොපි ටික ගත්තා
....යන්න ගියා
-ෆයිට් ක්ලබ්

නිමල් ලක්ෂපතිආරච්චි මැරුණු එක ගැන ෆේස් බුක් එකේ අ`ඩන තරම දැක්කම මුලින් ආවෙ අප්පිරියාවක්. දැන් ෆේස් බුක් ශෝක ප‍්‍රකාශ මොකක්ද අසනීපයක් වගේ වෙලා. හැ`ගීමක් ඇතුව හෝ නැතුව හැමෝම මීගමුවෙ ගෑණු වගේ බොරුවට අ`ඩන්න පටන් ගන්නවා. ඒත් තව ටිකක් ඒ ගැන හිතද්දි මට ඒකෙ හොඳකුත් පේන්න ගත්තා. හැමෝටම එකතු වෙන්න පුළුවන්, තමන්වත් යම් කුලකයකට හෝ සමාජයකට අයිති කියලා දැනෙන මොකක් හරි හැ`ගීමක් හෝ අදහසක් වෙනුවෙන් එකතු වෙන එක. ඒක හොඳ තත්වයක්. ඒ එකතු වීම් ප‍්‍රායෝගිකව කොයි විදිහටද වැඩ කරන්නෙ වගේ මාක්ස්වාදී කොණකට කොන් වෙන්න මං කැමති නෑ. වර්චුවල් හරි ඒ විදිහෙ එකතු වීමක් කියන්නෙ එක්තරා ප‍්‍රකාශනයක්.

නිමල් ගැන ලියන්න මං හිතුවට මට එයාව දැනෙන්නෙ නැති විත්තිය තේරුණා. මං නිමල්ගෙ යාලුවෙක් නොවුණත් කාලෙක ඉඳන් එයාගෙ හොඳ නිරීක්‍ෂකයෙක්. මීඩියා සංස්කෘතියක පාප්වරයා විදිහට කේ කේ සමන් හඳුන්වන, ඒ සංස්කෘතියෙම ලෙනින් විදිහට දීප්ති ඇතුළු පිරිස විසින් හඳුන්වන නිමල් ඇත්තටම ඒ තරම් ගැඹුරුද කියලා මං බලන් හිටියා. අඩු වැඩි විදිහට මේ කට්ටිය මේ අලූත් ධනවාදී ප‍්‍රවාදයේ නිර්මාපකයන් විදිහට අරන් තිබුණෙ සරත් අමුණුගම සහ රොහාන් පෙරේරා. මේ කතිකාව ප‍්‍රායෝගිකකරණය කිරීමේ පෞර්ෂය විදිහටයි නිමල්ව සළකුණු කරන්න ට‍්‍රයි කරන්නෙ. ඒත් ඒක එහෙමද? මට ෂුවර් නෑ.

ධනවාදයේ අලූත් ප‍්‍රවාදයේ නිර්මාපකයන් වෙන්න අමුණුගම සහ රොහාන් කවුද? වාමාංශික ඇස්වලින් සිද්ද වෙන ධනවාදී වෙනස්කම් පූර්ණ ලෙස වටහා ගැනීමේ මිත්‍යාව මිසක් ඒ ජීවිත වලට ධනවාදය අහුවෙන්නෙ කොහොමද? උදාහරණයක් විදිහට ධනවාදයේ විසිතුරු මැවුම්කරුවන් වන ඇන්ඩි වාර්හෝල්, මයිකල් ජැක්සන් වැනි අයිකොන් එක්ක බලද්දි මේ ඇකඩමික් වර්ගයේ සරල උත්සාහයන් දරමින් හිටි චරිත මේ විදිහට අධිතක්සේරු වෙන්නෙ කොහොමද? ලංකාවෙ න්‍යාය හැමතිස්සෙම වැඩ කරන්නෙ වමට. ඒකෙ හේතුව ඒක.

නිමල් ගැන මට දැනෙන්නේත් එහෙමයි. නිමල් පුද්ගලයෙක් හැටියට කොයිතරම් විශාලද සහ කාර්යක්ෂමද වගේ කාරණා වලින් පිටත මේ කියන අලූත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කළා කියන කතාව මට තරමක අතිශයෝක්තියක්. නිමල් කරපු මහා කාර්යය වෙන්නෙ සිරස එක්ක එෆ්එම් රැුල්ල පටන් ගත්ත එක. වෙන රටක මීඩියා ඇතුලෙ සිද්ද වෙන දෙයක් අදහසක් නැතුව බද්ධ කිරීම සහ ඒකෙන් සිද්ද වෙන  ඕනම ප‍්‍රතිඵලයක් හරි විදිහට බාර ගැනීමේ හිස්කමක් මට ඒ එෆ්එම් උත්සාහය ඇතුලෙ පේනවා. නිමල්ගෙ ව්‍යාපෘතිය සාර්ථක වෙන්නෙ මහරාජාගෙ දේශපාලනය ඇතුලෙ. අනික් පැත්තට කිව්වොත් මහරාජාට ඒ ව්‍යාපෘතිය ඇතුලෙ දේශපාලනයක් තියෙනවා නිමල්ට නැති. එතනින් එක්තරා මොහොතක නිමල් ඉවත් වෙන්නෙ ඒකයි.

ඊට පස්සෙ නිමල් කරන ව්‍යාපෘති අලූත් වගේ පෙණුනත් සාර්ථක වෙන්නෙ නෑ. ඒකට හේතුව ඒ ව්‍යාපෘති වැඩ කරවන දේශපාලනයක් අවශ්‍ය වෙන එක. නිමල්ගෙ දර්ශනය වෙලා තිබුණෙ ‘ඉල්ලන දේ දෙන එක’. ඒක ධනවාදයේ ලක්ෂණයක් කියන්නෙ වාමාංශික මැට්ටො විතරයි. මට නිමල් සහ ස්ටීව් ජොබ්ස් වගේ හෝ ඇන්ඩි වාර්හෝල් වගේ චරිතයක් අතර තියෙන වෙනස ඒකයි. නිමල් කියන්නෙ ක‍්‍රියාකාරීත්වයක් මිසක් සංකල්පයක් නෙමෙයි. ඒක  ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් තාක්‍ෂණයක්. කොතනකවත් නිමල් සතු සුවිශේෂ රසයක් හෝ වෙනස් මනුෂ්‍ය ගුණාංගයක් නොකියවෙන්නට හේතුවත් ඒක.

නිමල්ගෙ මළ ගෙදරට ජෝතිපාලට වගේ සෙන`ග ආපු නැති එක කතාවක් වුණා. ජෝතිපාල කියන්නෙ හදවතක්. නිමල් කියන්නෙ ඇ`ගක් විතරයි. ඒ ඇ`ග ගොඩක් දේවල් කරා. ගොඩක් දොරවල් විවෘත කළා. ඒත් ඒ දොරවල් වලින් එන දේ ගැන අදහසක් එයාට තිබුණෙ නෑ. ජනතාව එකතු වෙන්නෙ අදහසක් වෙනුවෙන්. තාක්‍ෂණයක් වෙනුවෙන් එකතු වෙන්නෙ වෙළෙන්දො විතරයි. මට දැනෙන්නෙ නිමල් මීඩියා රෙප් කෙනෙක්. එයා වෙන රටවල මීඩියා අවකාශයන් මේ රටේ ඇති කරන්න ව්‍යවසායකයො එක්ක ගනුදනු කළා. ඒත් ඒ මීඞීයා මේ සංස්කෘතිය හා සමාජය එක්ක ගැටගහන්න එයාට දැනුමක් වත් අභ්‍යාසයක්වත් තිබුණෙ නෑ. මේ කියන කාරණයේ ඇත්ත බලන්න නිමල් විසින් ඇති කළ එෆ්එම් සංස්කෘතියෙන් නිර්මාණය කරපු චරිත දිහා බලන්න. හිස්කම සහ තමන්ගේ ජීවිතය පවා අහිමි වීම ඇරණම ඒ ජීවිත තාම මේ පොලොවෙ ඇඩ‍්‍රස් හොයාගෙන ඇවිදිනවා.

නිමල්ගෙ හැම ව්‍යාපෘතියක්ම අසාර්ථක වුණා. ඒක මේ රටේ ජනතාවගේ නොදැනීම කියන එක ලේසියෙන් මගඇරීමක් කියල මට හිතෙන්නෙ. සිරස පවා මේ වෙද්දි ආගිය අතක් නෑ. හිරු ටීවී එයා පටන් ගන්නෙ ඩිජිටල් විප්ලවයක් විදිහට. ඩිජිටල් කතාව ඇත්ත. ඒත් ඩිජිටල් පෙන්නන්නෙ මොනවද කියල එයා හිතුවෙ නෑ. ඉන්දියානු එම්ටීවී එක ලංකාවෙ කොහොම හිටවන්නද කියල අවම සමාජ විද්‍යාත්මක දැනුමක් එයාට තිබුණෙ නෑ කියන එකයි මගේ අදහස. නිමල් හැමතිස්සෙම වෙනසක් කරනවා. ඒ වෙනස මේ රටට අලූත් වුණාට වෙන රටක කොපියක්. සහ ඒ කොපියට අදහසක් නෑ. රැුල්ලක් විදිහට ආවට වැල්ලට එන්න කලින් නිමල්ගෙ ව්‍යාපෘති ගිලෙන්නෙ මේ දේශපාලනික හිස්කම හින්ද. මහින්ද රජාපක්ෂගේ දේශපාලනය ඇතුලෙ නිමල් මිය යන්න නියමිතයි. ඒ හෘදය සාක්ෂි දේශපාලනය එක්ක ගනුදෙණු කරන්න නිමල්ගෙ පරාරෝපිත හඳුන්වාදීම් වලට බැරි වෙනවා. ඒක ධනවාදයේ අර්බුදයක් නෙමෙයි. ධනවාදය එක්ක ගනුදෙනු කරන අපේ දැනුමෙ සීමාවක්.

‘ඔයගොල්ලො වැඩිය කතා කරන්න එපා. සිංදු දාන්න. මිනිස්සු ආස සිංදු අහන්න’ නිමල් කිව්වා කියලා සත් එෆ්එම් එකේ හාදයෙක් පෝස්ට් කරලා තිබුණ. ඒක ධනවාදයේ හැඩයක් කියලා ලංකාවෙ වම්බට්ටො පිළිගන්න කැමති වුණාට ඒක පේමන්ට් ධනවාදයේ හැටියක්. ධනවාදය කියන්නෙ ඉල්ලන දේ දෙන එකට නෙමෙයි. ඉල්ලන්න ආශාව උපද්දන එකට. අපේ ආශා විශ්වය යළි සකස් කරන එකට. සංකල්පයක් නැතුව එතන ඇවිදින්න කාටවත් බෑ. සරත් අමුණුගම හෝ රොහාන් පෙරේරා හෝ කියන ඇකඩමික් වර්ගයේ හේදීගිය දාර්ශනිකයන්ට වඩා සයිබර් විශ්වය තුල ජීවත් වෙන වෙනස් විදිහෙ දාර්ශනිකයො අපිට මෙතනදි  ඕන වෙනවා.

හපුතල් කන්දට බර ගෙනියන කොට
සීපද කිය කිය ගොන්නු දැක්කුවට
සිංදුව වය වය
මිනිස්සුන්ව දක්කන්නෙ කොහාටද?
-අජිත් කුමාරසිරි

අනික් අතට ධනවාදයේ කාල් මාක්ස් එංගල්ස් හොයන්න යන එකමත් විහිළුවක්. මාක්ස්වාදයේ නිර්මාණ හැඩරුව ඒ විදිහට ධනාවාදය තුලත් තියේවි කියන ආරක්‍ෂිත සුන්දර උපකල්පන ඇතුලෙන් ගිහින් අපිට පුළුවන් වෙන්නෙ අලංකාරෝක්ති කියන්න විතරයි. ඒත් අපේ මාධ්‍ය හෝ වෙනත් සංස්කෘතියක් ගැන අලූත් කතිකාවකට යන්න අපිට ඒක මදි.

නිමල් කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. එක්තරා මීඩියා ආකෘතියක් ලංකාවෙ අත්හදා බලපු මෙහෙයුමක්. පොලොව ගැන තිබුණු අඩු දැනුම හින්දම ඒ මෙහෙයුම ලංකාවෙ විපරීතයක් වුණා කියන එකයි මගේ අදහස. නිමල් ගැන කතා කරද්දි එයාගෙ මාධ්‍ය ජීවිතයට වඩා සුදර්ශියෙ නුග ගහ යට ජීවිතේ ගැන කතා කරන්න මං කැමති ඒකයි. එතන ජොයින්ට් එකක් සහ යාලූවො එක්ක නිමල් ගත වුණා. කොච්චර කාර්ය බහුල වුණත්, වයසට ගියත් හැමදාම එතනට එන්න අමතක නොකරපු යාලූවා ගැන කතා කරන්න ගොඩක් දේවල් තිබුණ. ඒත් හැමෝම නිමල්ගෙ ජීවිතය අමතක කරලා කර්මාන්තය ගැන කතා කළා.

-චින්තන ධර්මදාස

17 comments:

  1. මට නිමල් ලක්ෂපතිආරච්චිගෙ මරණය ගාමිණී හත්තොටුවේගමගෙ මරණය තරම්, ෂෙල්ටන් පයාගලගෙ මරණය තරම් නැත්නම් සයිමන් නවගත්තේගමගෙ මරණය තරම්වත් දැණුනෙ නෑ.
    චින්තන නිමල් ලක්ෂපතිආරච්චි ගැන චන්දන ප්‍රසන්නගෙ පෝස්ට් එකක් ෂෙයා කරපුදා වුණත් මට වැදගත් වුණේ නිමල්ව නෙවේ. ඇයි චින්තන ධර්මදාස මේක ෂෙයාර් කලේ කියන එක.
    දැන් චින්තන විසින්ම මගේ විචිකිච්ඡාව නැති කරල තියෙනවා.
    ස්තූතියි...!

    ReplyDelete
  2. real nimal hitiye sudarshiye. aththa..

    ReplyDelete
  3. මේක මහ උදාසීන කතාවක් ,උඹ සීනි ගෝනි පටලවාගෙන තියෙන්නේ ,
    උබට ඕනේ වෙන අය නොකියන දෙයක් කියන්න.එක විතරක් මේකෙන් පැහැදිලි වෙනවා .එක පට්ට අප්සෙට්
    උඹ ගලිවර් වෙන්න හදන්නේ කුරුමිට්ටෝ ටික උබව ඇවිල්ල හිර කරලා බදී කියල හිතාගෙනද?
    උඹ නැවත මේක කියවල බලපන් ..
    උඹ චින්තනව මරල ....
    නිමල් කියන්නේ හදවතක් දර්මදාස,...උබට ශරීරයක් ලැබුණු දවසට එක තෙරෙඉ..
    උඹ ඉක්මනට ශරීරයක් ගනින් ...එතකොට නිමල්ව තෙරෙඉ..
    දන්නේ නැති කෙහෙල්මල් දන්නවා කියල පෙන්නන්න යන්න එපා ...එක හදාරපන්...උඹ දන්නේ නෑ කියන එක අපි දැනගෙන හිටියම ඇති.....
    උඹේ මේ රොමැන්ටික් ලියුම සුදර්ශියේ එල්ලාපන් ...උඹට සුදර්ශියේ ජෝකර්වත් වෙන්නපුළුවන් අඩුගානේ ,
    සුදර්ශියේ නිමල්ව තියා , එකේ පාටවත් දන්නේ නැති උඹ, බලෙන් කන්වර්ට් වෙන්න යන්න එපා ..
    උඹේ කන්වෙර්ටෙරෙත් කැඩිලා ....
    ජෝතිපාල කියන්නේ හදවතක් ...නිමල් කියන්නේ හදවත් සීයක් .....නිමලුඉ,අපී ,ජෝති,හැමෝම එනවා උඹ, උඹේ ශරීරය හොයාගට්ට දවසට ...උඹට හොද හදවතක් ලැබෙන්න ප්‍රාර්ථනා කරන්න...
    උඹට මය්කල් ජැක්සන් pihitai ..මාස්ක් සරණි...
    ආ මේ ...හොද බල්ලෙක් ගනින් හදන්න.....උබට තෙරෙඉ උබේ වෙනසක් තියනවා කියල...
    take care bro.....

    ReplyDelete
    Replies
    1. 100% agree with u..

      Delete
    2. JD ට දැනුයි තේරෙන්නෙ එයාගේ පුක් ගැට්ට නිමල් වගේම කැඩිලා කියලා..

      Delete
    3. good jd mama kamathi ube commentekata.. nimal maharaje pragdanaya athule lankawa cultural wenasakata geniccha.. jothi tharam nimal markaet nathi wennapuluwan.. habai jothi ape loke market wenne nimal karapu cultural wenasa nisa.. nimalge simawa sirasen iwarai.. eka aluth karanna porak apu nathi eka nimalge awulak namai..

      Delete
  4. නිමල් හින්දා තමයි අද ඔය කල්ට් කියන වැඩසටහනේ ඉන්නේ නිකන් බූරෙවෙක් වගේ කතා කරන්න එපා

    ReplyDelete
  5. AnonymousAugust 6, 2012 11:27 PM

    නිමල් හින්දා තමයි අද ඔය කල්ට් කියන වැඩසටහනේ ඉන්නේ නිකන් බූරෙවෙක් වගේ කතා කරන්න එපා

    __________________________________________

    ඇයි ඔයා නිමල්ගේ පෙම්වතියද?

    ReplyDelete
    Replies
    1. uba me blog ekata podi wadiii...uba hari itin..mokada uba taama dalabuwane..samanalayek wela waren.

      Delete
  6. machan, umba samange artical ekawath deepthige artical ekawath hariyata kiyawala neh, kiyawala thiyenne 1st para eka witarai. anika machan umba danawade gene danna ekek neh, parana matota hari, london hari tikak kiyawala balapan, mokada umba poth kiyawanne nethi bawa mama dannawa.

    - RK

    ReplyDelete
    Replies
    1. AGREEE...CHNINTHANA GE gENDER EKA WITARAI mALE..OOTA FEMALE STRUCTURE EKAK TIBUNE..TAAMAT EHEMAI..HABAI OO DAGALANNE mALE WENNA..EKA APAHADILI WEGANA ENAKOTA OO HAMADAAMA ME WAGEE GON ARTICLE EKAK DANAWA...KOTINMA UGE GENDER BALENCE NA...PAW..KOHE HARI NAWATHEEWI..Habai deepthila hariyata hitiyanam mun lowet na lowi gahet na..cult eket na..

      Delete
  7. චින්තන, ඊලඟ පෝස්ට් එක දාන්න කලින් X කියල ගෑවිච්ච එකෙක්ගෙන් හරි සහතිකයක් ගනින්. මොකද කියවන්නෙ, හදාරන්නෙ ඒ අය විතරයි.

    අනිත් එක නිමල් ලක්ෂපතිආරච්චි කල්ට් එකට උඹවම ගත්තෙ ඇයි දන්නෙ නෑ නේද? එයාට තිබුණනෙ මාව ගන්න. මේ නිකං පාරෙ ඇවිද ඇවිද හිටපු උඹව රස්සාවකට දැම්මට නම් ඔහොම ලියන්න හොඳ නෑ තමයි.

    ReplyDelete
  8. machanla..matanam meken terenne eka deyai mooi denis kiyana ekai meka post karanna kalin dawase biwwa kiyala witarai..
    anit eka chintana dvd kadayak daaganin ubata eka tamai set wenne..

    ReplyDelete
    Replies
    1. ow oita kalin vimukthi ekka ara iraj kottu kana kadema kottuwak kapu ekak kapu eka liyala thibuna.den denis ekka biwwa kiyala liyapan.ammapa muu wage eun hadana film kohoma da kiyala ithin hitaganna puluwan ne

      Delete
  9. yariyata sarpyagei deepthi gei article eka kiyawapan ekko ubata eka therum ganna tharam molayak nehe.

    ReplyDelete
  10. http://c-u-l-t.blogspot.com/2012/08/blog-post.html?showComment=1345933556289#c2368266196877738382 මට මේක ලියන්න හිතු‍ණේ මේ ලිපිය දැකලා.. මට මුලින්ම කියන්න ඕන මේක ලියපු චින්තන ගැන මගේ මතය... චින්තන කියන්නෙ තාම මාර්කට් වෙන්න ජොයින්ට් එකක් හමු
    බුණේ නැති මාර්කට් වෙන්න දගලන පොරක්.. ගරිල්ලා සිනමා ව්‍යාපෘතියේ ඉදන් තාම එහෙමයි..(මම උඹත් එකක් පුද්ගලික අවුලක් නැහැ.. මම සංවාදයකට කැමතියි) මීගමුවේ ගෑනුන්ගේ වැඩෙයි එප් බී එකේයි ලොකුවෙනසක් නැහැ.. මම උඹ හැමෝම කරන්නෙ මීගමුවෙ ගෑනුන්ගේ වැඩේ තමයි.. උන් සල්ලි වලට ඇඩුවා.. අපි සල්ලි නැතුව අඩනවා.. මලගෙදර ඉන්න අය විතරයි දකින්නෙ අපි අඩනවා.. උන්ට සල්ලි හම්බුනා අපිට ඒකත් නැහැ.. උඔ කොහොමද ගාමිණි හත්තේටවේගමවයි ෂෙල්ටන් සහෝදරවරැන්වයි සමාන කරන්නේ නිමල් ලක්ෂපතිආරච්චි මහත්තයට.. ඒ දෙන්නා සමාජ වෙනසක් වෙනුවෙන් කැපවුණු මිනිස්සු.. නිමල් ලිබරල් එක ිවනුිවන් කැප වුණු මිනිහෙක්.. හැබැයි මම නිමල් ලිබරල් එකට කරපු සේවය අගය කරනවා.. ගාමීනී ෂෙල්ටන් තරම්ම නිමල්ගේ ලිබරල් වැඩේ ගැනත් සංවාදයක් කර යුතුයි.. මට මේකට උත්තර දිපං මම සහෝදරාත්මක මතවාදී සංවාදයකට සුදානම්..fb eken mata message karapn. please.. mokada mama ida hita me blog ekata enne

    ReplyDelete