විෂ්ණු එක්ක ඉතුරු කතාව තව ගොඩක් දිගයි. අකමැත්තෙන් වුණත් මට වුණා සමහර ඒවා කොට කරන්න. මං අකමැතිම දෙයක් ඒක. සහ පුළුවන් තරම් මගේ මැදිහත් වීම අවම කරන්න. ඒක පිටුවක ඉඩ ගැන ආර්ථික ප‍්‍රශ්නයක්.
විෂ්ණු- මට ඇත්තටම ලස්සන ජීවිතයක් හම්බ වුණා. මං මට ඕන විදිහට ජීවත් වුණා. කවදාවත් අනිත් මිනිස්සු මොනවද මං ගැන හිතන්නෙ කියල දැනගන්න මට ඕන වුණේ නෑ. මං දෙවි දේවතාවියො පස්සෙ ගියෙ නෑ.
ප‍්‍රශ්නය- ඒ කියන්නෙ ඔයාට හින්දු හෝ බෞද්ධ හෝ විශ්වාස නැද්ද?
විෂ්ණු- නෑ නෑ. ඒක මෙහෙමයි. මං ගරු කරනවා. ඒවායෙ ඇත්තක් නැත්තං අවුරුදු දහස් ගාණක් පවතින්න විදිහක් නෑනෙ. ප‍්‍රශ්නෙ මේකයි. මං තාම බොළඳයි. මට ඒ ගැඹුරු දේවල් තේරෙන්නෙ නෑ. මට තේරෙන කාලෙක විශ්වාස කරන්නං. රෙස්පෙක්ට් කර ගෙන ඉන්නං දැනට. මං කෝවිල් යනවා. මං යන්නෙ මියුසික් අහන්න. කෝවිල්වල ඒ ගොල්ලො ක්ලැසිකල් කර්නාටික් සංගීතය වාදනය කරනවා. මං පන්සල් යනවා. වඳින්න මොකකටවත් නෙමෙයි. සෙන`ග නැති වෙලාවට බෝ ගහ යට ඉඳගෙන ඉන්න මං ආසයි. මට ඕන විෂුවල් ටෝටැලිටි එකක් (සමස්තයක්). මං ආගම් වලට ගොඩක් දුරින් ඉන්නෙ.
මට චිත‍්‍රපටියක් හදන්න පුළුවන් කියලා මං දැනගත්තෙ කොහොමද දන්නවද?
ගොඩක් අය ෆේස් බුක් එකෙන් ?ට කන්නෙ මොනවද, අඳින්නෙ මොනවද වගේ දේවල් ෂෙයාර් කරද්දි මං ලෝකෙ ෆිල්ම්මේකර්ස් ලා මියුසික් කරන අය එක්ක සම්බන්ධතා හදා ගත්තා. මෙහෙම ඉන්නකොට 2008 මට කෝල් එකක් ආවා ඇමෙරිකාවෙන්. ‘එඞී කලන්’ කියලා ගෑණු කෙනෙක්. එයා ඩිස්කවරි වගේ චැනල් වලට ඩොකියුමෙන්ට්රි කරනවා. සීඑන්එන් එකේ එහෙම ප්‍රෝග‍්‍රෑම් ඩිරෙක්ට් කරනවා. එයා යාලූවෙක් ගෙන් මගේ ගැන දැනගෙන වෙබ් එකේ මං ගැන ටිකක් කියවලා මට කතා කළා. එයා ඇහුවා, ‘මං ඉන්දියාවෙ ඩොකියුමෙන්ට්රි එකක් කරනවා, උඹ කැමතිද වැඩ කරන්න?’ කියල.
එයා ඇහුවෙ එයාගෙ වාර්තා චිත‍්‍රපටියෙ පළවෙනි කැමරාමන් විදිහට වැඩකරන්න. ඒත් මං අග‍්‍රගණ්‍ය කැමරා ශිල්පියෙක් නෙමෙයි.
ප‍්‍රශ්නය- කලින් කැමරාව එක්ක වැඩ කරලා තියෙනවද?
විෂ්ණු- ඔව් ඔව්..35මිමි නෙමෙයි. වීඩියෝ කැමරාව මට පුරුදුයි. මං තනියම ඉගෙන ගත්තා. එක එක අයගෙන් ප‍්‍රායෝගිකව දේවල් ඉගෙන ගත්තා. 2008 වෙද්දි නං මට මගේම කැමරාවක් තිබුණ. මං කලින් දලයි ලාමා ගැන ෆිල්ම් එකක් කළා. ඒකත් ඒ ගොල්ලො බලලා තිබුණ. ඒ ගොල්ලො මට කිව්වෙ ‘අපිට ඕන ඉන්දියාව ගැන ෆීල් එක තියෙන කෙනෙක්’ කියල. ඒක ස්ලේවරි (වහල්බව) ගැන ෆිල්ම් එකක්. ‘ෆ‍්‍රී ද ස්ලේව්ස්’ කියන සංවිධානෙට තමයි ඒ ෆිල්ම් එක කළේ. එඞීයි මායි විතරයි හිටියෙ.
මේ ෆිල්ම් එක කරද්දි මං දැක්කා මේ අපි දකින බොලිවුඞ් වලින් වලින් එහාට ඉන්දියාවෙ ඇත්ත කතන්දරේ මොකක්ද කියල. උදා විදිහට අපි දකිනවනෙ නාගරික දුප්පත්කම. නගරෙදි මේ දුප්පත්කම මැද පංතිය සහ සල්ලි තියෙන අය නිර්වචනය කරනවා වෙන විදිහකට.
‘මේ මිනිස්සු ගමට වෙලා ඉන්නෙ නැතුව මොකට එනවද මන්ද නගරෙට. ඇවිත් හි`ගා කනවනෙ’.
ඒත් ගමට ගියාම තමයි තේරෙන්නෙ ඇයි මේ මිනිස්සු නගරෙට එන්නෙ කියන එක.
ප‍්‍රශ්නය- මොකක් හින්දද?
විෂ්ණු- හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ගම නාගරීකරණය වෙන එක. කර්මාන්ත ගමට යනවා. ඒ ගිහින් මේ කර්මාන්ත වලට අක්කර ගණං ගන්නෙ මේ දුප්පත් මිනිස්සුන්ගෙ ඉඩම්. ඒවා තුට්ටු දෙකට පවර ගන්නවා. විශේෂයෙන් ඉන්දියාවෙ ආදිවාසිකයන් ගත්තොත් මේ අය සාම්ප‍්‍රදායිකව මේ ඉඩම් වල වැඩ කරපු අය මිසක් ඒවට ඔප්පු තිරප්පු ඒ අය ළ`ග නෑ. අවුරුදු සිය ගාණක් පරම්පරාවෙන් පරම්පරාවට ආපු මේ ඉඩම් දරුණු විදිහට කොල්ල කනවා. පාරවල් දාන්න, රත්තරං, තඹ කැණීම් වලට, එක එක දේවල් වෙනුවෙන් මේ ඉඩම් කොල්ල කනවා. මං ‘ඒක්ටා පර්ශද්’ කියලා සංවිධානයක් එක්ක වැඩ කළා එහෙදි. ඒ ගොල්ලො මේ ආදිවාසිකයන්ගෙ ඉඩම් කොල්ලකෑමට විරුද්ධව වැඩ කරන කට්ටියක්. ඒ ගොල්ලො මට පෙන්නලා දුන්නා විදි ගණනාවකින් මේ දේ සිද්ද වෙන හැටි.
සරලම විදිහක් තමයි මිනිස්සු කුඹුරු කරලා අස්වැන්න කපන්න ඔන්න මෙන්න තියෙද්දි කොහෙන් හරි ආපු කට්ටියක් කියනවා ‘මේ ඉඩම් අයිති අපිට. මෙන්න ඔප්පු කියල’. එහෙම කියලා අස්වැන්න කපාගෙන යනවා. සමහර විට අස්වැන්න කපලා ගෙට ගත්ත ගමන් ඇවිල්ලා අයිතිය කියලා අස්වැන්න අරන් යනවා. සමහර වෙලාවල් වල මුලූ ගමටම ගිනි තියනවා. එහෙම වුණාම ඒ ගොල්ලොන්ට යන්න තැනක් නෑ. ඔන්න එතකොට ලොරියක් ඇවිත් ‘අපේ අන්න අරහෙ ඉඩම් තියෙනවා. ඒවායෙ ඉන්න පුළුවන්’ කියලා දාගෙන යනවා. තමිල්නාඩුවෙ මිනිස්සු ගෙනිහිල්ලා බස්සන්නෙ ඔරිස්සා වල නැත්තං පන්ජාබ් වල. භාෂාවක් දන්නෙ නෑ මේ මිනිස්සු. සම්පූර්ණයෙන් වහල්ලූ විදිහට වැඩ කරනවා. මං ඇස් දෙකට මේ දේවල් දැක්කා. ඒ මිනිස්සුන්ට යන්න බෑ. ජුන්ටලා වටේ ඉන්නවා. ඒ කෑල්ලෙ ඉන්න ඕනි. දවසෙම වැඩ කරනවා රුපියල් සීයයි දෙන්නෙ. මේ තැන් හතරවටෙන්ම හුදකලා තැන්. කිසි පහසුකමක් නෑ. පාරක් වත් නෑ.
ප‍්‍රශ්නය- මොනාද මේ මිනිස්සු කරන වැඩ?
විෂ්ණු- කුඹුරු වල වැඩ කරනවා. ගල් කඩනවා. ගඩොල් කපනවා. ළමයෙක් අසනීප වුණත් අරන් යන්න තියෙන්නෙ ඉඩම් අයිතිකාරයාගෙ ගෙදරට. බඩු ගන්න තියෙන්නෙ එයාගෙ කඩෙන්. මේ සල්ලි ආයිමත් යන්නෙ එයාටමයි. වැඩ කරනවට පිරිමින්ට රුපියල් සීයක් දෙනවා. ගෑණුන්ට දෙන්නෙ හාල් කිලෝ එකයි. ළමයගෙ අසනීපෙට දෙනවා පැනඩෝල් පෙති දෙකක්. දීලා කියනවා ‘මේකට රුපියල් දෙසීයයි. දවස් දෙකක කුලී උඹෙන් කැපෙනවා’ කියල. ඔය විදිහට සමහර මිනිස්සු ඉන්නවා මුලූ ජීවිත කාලෙම අරගෙන බැලූවත් ඒ ණය ගෙවාගන්න බෑ.
ප‍්‍රශ්නය- ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නැද්ද?
විෂ්ණු- ආණ්ඩුව පුළුවන් තරම් දේවල් කරනවා. ඒත් විශාල රටක් නෙ. මේක මහා පරිමාණෙන් සිද්ද වෙනවා. සමහර විට මං ගිය තැන් ආණ්ඩු දන්නෙත් නැතුව ඇති. සමහර කාලවල අස්වනු කැපුවට පස්සෙ මේ මිනිස්සුනට වැඩ නෑ. අනුන්ගෙ ඉඩම්වලනෙ වැඩ කරන්නෙ. හැතැප්ම ගණන් දුර යනවා කුලී වැඩ හොයාගෙන. බඩගින්න ඉවසන්න බැරි තැන මීයො මරාගෙන කනවා. මේක මගේ ෆිල්ම් එකෙත් තියෙනවා. ඒ මීයො මරාගෙන කන මිනිස්සුන්ට කියන්නෙ ‘මුෂාහර්’ කියල. ඒක කුල ක‍්‍රමයෙ හැටියට පහළ එකෙත් පහළම එක.
මේ වහල් සේවෙ එක එක විදි තියෙනවා. ටවුන් වල අපේ ගෙවල් සුද්ද කරන්න මිනිස්සු එනවනෙ. ඔක්කොම වැඩ කරලා ඒ මිනිස්සුන්ට රුපියල් දහයයි දෙන්නෙ. ඒකත් වහල් සේවයක් තමයි.
ප‍්‍රශ්නය- කොහොමද මේ තැන් වලට ඇතුල් වුණේ?
විෂ්ණු- සංවිධාන තියෙනවා මේ ළමයි එක්ක එහෙම වැඩ කරන. එක එක ෆන්ඞ්ස් වලින් සමහර වෙලාවට ඉස්කෝලයක් හදන්න, ගැබිණි අයටයි, පොඩි ළමයින්ටයි කැඳ කෝප්පයක් දෙන්න වගේ දේවල් හරහා එක එක සංවිධාන මේ අය එක්ක වැඩ කරනවා. ඒ අය හරහා තමයි ගියේ.
ප‍්‍රශ්නය- එඞී එක්ක හදපු චිත‍්‍රපටියට මොකද වුණේ?
විෂ්ණු- ඒ ෆිල්ම් එක ඒ ගොල්ලො ඇමරිකාවෙ පෙන්නුවා ‘නේපාල් රයිසින්ග්’ කියල. පස්සෙ ඒ ගොල්ලො සීඑන්එන් එකත් එක්ක මේ ගැන කතා කළා. ඊට පස්සෙ තමයි දැන් ඔය සීඑන්එන් එක කරන වහල් අය බේරගන්න කැම්පේන් එක පටන් ගත්තෙ.
රිකී බයස් කියලා ප‍්‍රසිද්ද ජෑස් සින්ගර් කෙනෙක් ඉන්නවා ඇමරිකාවෙ. අපි එහේ ඉන්නකොට රිකී ආවා. ඇවිත් මේ ළමයි එක්ක එයා සිංදුවක් කළා. මේ වීඩියෝ එක එම්ටීවී එකට රිලීස් වුණා. ඒක ඉතින් ලොකු කතන්දරයක්නෙ. ඒකෙන් ලොකු දැනුවත්වීමක් ලෝකෙ පුරාම සිද්ද වුණා.
මට ඒ වෙලාවෙ හිතුණ මං දකින කතන්දරත් මේ විදිහට එලියට අරන් එන්න ඕන කියල.
ප‍්‍රශ්නය- ඒ කතන්දරද විෂ්ණු ගෙ චිත‍්‍රපටියෙ තියෙන්නෙ?
විෂ්ණු- ඔව්. මේකෙ තියෙන්නෙ කතන්දර හතරක්. ඒ හතර තියෙන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයො පදනම් කරගෙන. එකක් මිනිස්සුන්ගෙ ඉඩම් අයිතිය නැති වෙන එක ගැන කතාවක්. තවත් එකක් මිනී පුච්චන තැනක ගංගා නම් ග`ග අයිනෙ අළු සෝදන චෞද්‍රි කියන කාන්තාව ගැන කතාව. අනිත් එක මේ ග`ග හරහා එහා මෙහා ඔරුව පදින පළතුරු වෙළෙන්දියක් ගැන කතාවක්. එයාට ජීවත් වෙන්න විදිහක් නැති කොට කතෝලික පල්ලියෙන් කියනවා දෙවියන් වහන්සේට පුළුවන් ඔයාට උදව් කරන්න කියල. ඒ ගොල්ලො පොඩියට ගෙදර හදා ගන්න එයාට උදව් වෙනවා. ඒක හින්ද එයා කතෝලික ආගමට බැඳෙනවා. ඒ වුණත් එයා ගෙදරින් එලියට බහින්නෙ හින්දු විදිහට පොට්ටුව තියල. ගෙ`ගන් එගොඩ වෙලා පල්ලිය තියෙන පැත්තට යද්දි එයා හෙමීට මේ මොට්ටුව මකා ගන්නවා. එයා පල්ලියෙන් තව උදව් ඉල්ලනවා. පල්ලිය උදව් කරන්නෙ නෑ. ඒ පාර එයා පල්ලියෙන් අයින් වෙලා හින්දු තවත් ගුරු කෙනෙක් පස්සෙ යනවා. ඒක මිනිස්සුන්ගෙ ආත්මීය අරගලය ගැන කතාවක්.
තව කතාවක් තියෙනවා කොකා කෝලා කොම්පැණිය කේරලේට ගිහින් කරපු මහා විනාසයක්. මේවා බහු ජාතික සමාගම්. මේ කොකා කෝලා කොම්පැණිය හින්ද ඒ පළාතෙ වතුර අපිරිසිදු වෙලා දැන් ඒ මිනිස්සු කිලෝමීටර් ගණං ඇවිදිනවා බොන්න වතුර ටිකක් හොයාගෙන.
මේ කතා තමයි මගේ චිත‍්‍රපටියෙ තියෙන්නෙ. ගංගා නම් ගගේ මිනී අළු හෝදන චෞද්‍රිගෙ අතින් කවුරුවත් වතුර ටිකක් වත් ගන්නෙ නෑ. මේක කුලයක්. පවුලෙන් පවුලට මේක එනවා. ඒ ගොල්ලො මිනිය පිච්චුනාම මේ අළු වතුරෙ හෝදනවා. ඒ හොයන්නෙ රත්තරං දතක්, කරාබුවක් වගේ දෙයක් ඉතුරු වෙලා තියෙයිද කියල.
ඒ දේවල් ඉතින් අපිට ඕන වෙලාවට ප්ලෑන් කරලා ෂූට් කරන්න බෑ. දවල් දොළහට තමයි එතනට කවුරුවත් එන්නෙ නැති වෙලාව. ටොප් ලයිට් එකේ. මං ෂූට් කළා. ඒ වගේ ජෙනුයින් කැමරා වර්ක් එකක් තමයි ෆිල්ම් එක පුරාම තියෙන්නෙ. ට‍්‍රයි පෝඞ් එකක් කොහේවත් පාවිච්චි කරලා නෑ.
වායෝ කතන්දරේ එන්නෙ ගෝපාල් වල. ගෝපාල් යූනියන් කාබයිට් ෆැක්ටරියෙ ගෑස් ලීක් එකෙන් මිනිස්සු මැරුණා. අවුරුදු 25 ක් ගිහිල්ලත් තාම ඒ මිනිස්සුන්ට වන්දි ගෙවලා නෑ. ඒ මිනිස්සු අදටත් මාසෙකට දවසක් වත් මේ වෙනුවෙන් පෙළපාලි යනවා. එදා අවුරුදු 50 මිනිස්සු අද අවුරුදු 75ක් විතර. හම රැුළි වැටිලා, කෙස් සුදු වෙලා ඒත් මේ බෝඞ් අරගෙන පාරට බහිනවා. මං ඒවා ෂූට් කළා. අද වෙන කොටත් මේ ෆැක්ටරිය ඇතුලට කාටවත් යන්න දෙන්නෙ නෑ. අර ගෑස් වල විෂ තාම තියෙන්න පුළුවන් කියලා. මං කොහොම හරි සම්බන්ධතා හදාගෙන මේක ඇතුලට රිංගුවා. සමහර විට ඒක වීඩියෝ කරපු අන්තිමයා මං වෙන්න පුළුවන්.
ප‍්‍රශ්නය- ඇයි මේ ෆිල්ම් එකට ලංකාවෙ තහනමක් එන්නෙ?
මේ ෆිල්ම් එක හදද්දි මට ගොඩක් එරියස් තියෙනවනෙ. ගොඩක් දේවල් කියන්න තියෙනවා. පිළිවෙලට චිත‍්‍රපටි පාසැලකට ගිහින් චිත‍්‍රපටි ඉගෙන ගත්තෙ නැති, යූ ටියුබ් එකෙන්, වෙන චිත‍්‍රපටි හොයාගෙන බලලා පළවෙනි ෆිල්ම් එක හදන ඕන කෙනෙකුගෙ මේ එරියස් ටික පේනවා. මගේ ජීවිතේ ලොකු එරියස් එකක් තිබුණ මාව අවුරුදු දහතුනේදි අතවරයට ලක් වුණා කියල කියා ගන්න . මට ඒක කියල ඉවර කරන්න ඕනි. මං ඒක ෆිල්ම් එකේ කියනවා.
I was born in 23rd of june in 1962
To a country full of hypocrites
Third class politicians
And Buddhist monks…
My childhood was a misery
Infact I never had a childhood
Shifting my focus as often as Russian weather
I was aimless
I had my very first sexual encounter
With an old monk
Who was five times of my age
Behind a giant Buddha statue.
මං ෆිල්ම් එක පටන් ගන්න කොට කියන ඔය මගේ කතාව තමයි මේ ආන්දෝලනයට හේතුව..
(මං අන්තිම ප‍්‍රශ්නෙ ඇහුවා)
ප‍්‍රශ්නය- ඔයාව ඇබියුස් කරපු හාමුදුරුවො ගැන දැන් තියෙන්නෙ කොහොම හැ`ගීමක්ද?
විෂ්ණු- මං පිං දෙනවා. මොනා වුණත් මට කන්න දීලා උගන්නලා කරපු උදව් වලට. මට කිසි තරහක් නෑ. මට ඕන මේක කියලා නිදහස් වෙන්න.
-චින්තන ධර්මදාස
I have watched that documentary film. :)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete