ඊට කලින් යන්නෙ බණ. ඒකෙ පරලොවට වැඩ කරගන්න හැටි කියල දෙනවා. පත්තර කියවිල්ලට පස්සෙ යන්නෙ ලෙඩ සහ ග‍්‍රහ දෝෂ.
ඊට පස්සෙ මං වැඩට යනවා. ඇඞ් ඒජන්සියට. ඉස්සර වගේ හොඳට හිතලා මතලා ඇඞ්වර්ටයිසින් දැන් වැඩක් නෑ. ඒවා මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. ඊට කලින් ක්ලයන්ට් ලට තේරෙන්නෙ නෑ. ඊටත් කලින් ඒජන්සිවල ලොක්කන්ට තේරෙන්නෙත් නෑ. හිතන්න දෙයක් නැති ඇඞ් තමයි මේ කාලෙ විකිණෙන්නෙ. වඩාත් අමුවෙන්ම කියන්නෙ කොහොමද? ඒක තමයි චැලෙන්ජ් එක.
ගොඩක් මගේ යාලූවන්ට ගළපගන්න බෑ මං ඇඞ් ඒජන්සියක වැඩ කරන එකයි ආර්ට් ගැන කතා කරන එකයි. මේවා වෙනස් සහ ප‍්‍රතිවිරුද්ධ ආකෘති විදිහටයි ඒ ගොල්ලොන්ගෙ භාෂා විෂ්වයන්වල ස්ථානගත කරලා තියෙන්නෙ. ඒක හරි පංතිමය අදහසක්. ලංකාවෙ ආර්ට් කියන්නෙ නිර්ධන පංතියෙ වැඩක්. ඇඞ්වර්ටයිසින් කියන්නෙ ධනපති පංතියෙ වැඩක් (හෝ ඒ පංතියට කඬේ යන අයගෙ)
මට අනුව පඩියක් ගත්තත් නැතත් ලංකාවෙ හැමෝම ඇඞ් ඒජන්සියක වැඩ. ඇඞ් වලින් පිට අපිට වෙන ජීවිතයක් නැති වෙලා ගොඩක් කල්. අපේ මුලූ ජීවිතේම තත්පරෙන් තත්පරේ හදන්නෙ මීඩියා වලින්. ආණ්ඩුව, වර්ජන, බුද්ධාගම, නිවන, අපේ පවුල් සම්බන්ධතා පවා හදන්නෙ මීඩියා වලින්.
‘බෙල්ල අතේ අරගෙන යන වීඩියෝ එක දැක්කෙ නැද්ද? පට්ට ආ....’
මීගමුවෙ ළ`ගදි වෙච්ච ඇක්සිඩන්ට් එකක් රටේ ලොකුම නිව්ස් එක වෙලා, ත‍්‍රිල ජනනය කරමින් තිබුණ. ඇයි මරණය මේ තරම් වර නැගෙන්නෙ? හැම පිටුවකම, හැම ගොසිප් එකකම මරණයක් ගැන කියවෙන්නෙත් ඒ මරණය ජීවිතේ ප‍්‍රධාන මාතෘකාවක් වෙන්නෙත් නිකම්ම මරණය විකුණාගෙන කන මාර්කට් අදහසක් ඇතුලෙ විතරද? එහෙම නැත්තං මේ මරණ, පිරිත්, ආණ්ඩු සහ තවත් දේ එකම මීඩියා ප්ලොට් එකක් වෙන්න බැරිද?
මීඩියා වලින් එහා ඇත්ත මොකක් හරි වෙයි කියල මට 6% වෙනුවෙන් ෆුටා පටන් ගත්තම හිතුණ. ඒ ඒක ෆේස්බුක්, වෙබ් හරහා වැඩකරන්න ගත්ත නාගරික මෙහෙයුමක් වුණු හින්දම. ඒත් ඒ ගැන මං කලින් ලියපු ලිපියෙදිත් මට ලියවුණා මේක මේ ‘ග‍්‍රාමීය ශරීරයට’ එරෙහිව ‘නාගරික ඔලූව’ ටෙස්ට් වෙන වැඩක් කියල. අවාසනාවන්ත විදිහට අපි අන්ත පරාද වුණා. ඒ කියන්නෙ ප‍්‍රධාන මාධ්‍ය මතවාදයට (ආණ්ඩුව-ආගම-සදාචාරය-සංස්කෘතිය ඔක්කොම එකක්) එරෙහිව අලූත් විකල්පයක් ගේන්න පුළුවන් තැනක් විදිහට වෙබ් එක ලංකාවෙ ෆේල්. ඊට ප‍්‍රතිවිරුද්ධව වෙබ් එක පිරෙන්න ප‍්‍රධාන මාධ්‍ය මතවාදය බෝවෙනවා. වර්ල්ඞ් වයිඞ් වෙබ් එක ලංකාවෙ ගමයො ඕපදූප කතා කරන කඩපිළක් වෙනවා.
උදා විදිහට ගොසිප් සයිට් පටන් ගනිද්දි මං හිතුවා දේශපාලනික ප‍්‍රවෘත්ති අධිකාරියට අහු නොවෙන කෙලින්ම පුද්ගලයා එක්ක සම්බන්ධ විකල්ප දේශපාලනික අදහසක් විසින් මේ ඉඩ පාවිච්චි කරයි කියල. ඒත් එතනත් අපි ෆේල්. මේ වෙද්දි රිවිරට වඩා දෙයක් අපේ රටේ වෙබ් එකේ වෙන්නෙ නෑ. ෆේස්බුක් එක තනිකරම බෝක්කුව ළ`ග මීටිමක්. ප‍්‍රධාන මාධ්‍ය අදහසට පිටින් අපිට ජීවිතයක් ඉතුරු වෙලා නෑ.
මීඩියා වලට පිටින් මොකවත් නැතිකම අනතුරුදායකයි. මොකද අපි ආපහු අපේ දිහා හැරිලා බලද්දි මුණගැහෙන හිස්කම භයානකයි.
මෙතනදි සමහර මීඩියා වලට හිතෙන්න පුළුවන් අපි එහෙම නෑ, අපි ජීවිතය ගැන හිතන්න පොළඹවනවා- ඇත්ත කියනවා- ඔය වගේ මොකක් හරි එකක්. උදාහරණයක් විදිහට මේ ලිපිය මේ තියෙන මාධ්‍ය වලින් හදපු ජීවිතේ වෙනස් කරන්න බල කරනවා කියලා මට හිතෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒත් ඒක එහෙම නෙමෙයි. මේ ලියන දේත් ප‍්‍රධාන මීඩියා අයිඩියා එකට සාපේක්‍ෂයි. සෙල්ලම් කරන පිට්ටනිය ඒක.
ෆුටා එකේ ආචාර්යවරු ආපහු වැඩට යනකොට ‘අවශ්‍ය ඕනම වෙලාවක ආපහු එනවා’ කියල කියනවා. මං කියන්නෙ ආවට වැඩක් නෑ, ෆේල්. ආණ්ඩුවෙ මීඩියා මතවාදයට එහායින් බලපෑමක් කරන්න ආචාර්යවරුන්ට බැරි වෙනවා. ඒ වෙනුවට ටෙලි නාට්‍ය ඊළ`ග කොටස යනකල් බලන් ඉන්න ආචාර්යවරුන්ගේ බිරින්දෑවරු හරහා ආණ්ඩුව 6% පරාද කරනවා. ප‍්‍රධාන මීඩියා ජීවිතේට පිටින් ෆුටා නැවත යෝජනා කරපු ජීවිතය (අධ්‍යාපනය, හෘදය සාක්ෂිය) ජෝක් වෙනවට වඩා දෙයක් වෙන්නෙ නෑ.
මෑතක ලාංකේය ජන ජීවිතයට බලපාපු තවත් වැදගත් ප‍්‍රවෘත්තියක් වුණේ ඉවැන්ජලික් පූජකයෙක් බුදු පිළිම කඩන්න තරුණයෙක්ව පෙළඹවීම සහ බොදු බල සේනා කියනතග් කල්ලියක් විසින් ඒ පූජකයා අල්ලා තලා පෙළා ස්වර්ණවාහිනියට ඉදිරිපත් කිරීම.
කතාවෙ හැටියට සංවිධානයක් විසින් මේ තරුණයාට බැංකුවක වැඩ කරන ඒ ආගමේ තරුණියක් මුණගස්වා එයින් විවාහයක් කර දී ඊට පස්සෙ බුදු පිළිම පොලොවෙ ගැසීමට මේ තරුණයා පොළඹවලා තියෙනවා. මේ විදිහට බුදු පිළිම පොලොවේ ගැසීම හරහා බුදු දහම නැති කරන කුමන්ත‍්‍රණයක් ගැන මහා හෙළිදරව්වක් මේක. ජාතික නාලිකාවක සජීවී අටට මේක ප‍්‍රචාරය වෙනවා. අරාබියෙ වගේ බුදු පිළිම කැඩූ පාපයට ගෙට පැනලා අල්ලගත්තු මේ පූජකවරයා ලවා ඊළ`ගට බෞද්ධ ජනතාවගෙන් සමාව ඉල්ලනවා. මේ අන්‍යාගමික පුද්ගලයාව බලෙන් බුදු පිළිමයක් ඉස්සරහ වන්දනවා. මේක කිසි හිරිකිතයකින් තොරව පෙන්නන ටීවී නාලිකාවට කිසි අවුලක් නෑ. නීතියක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගැන කිසි ප‍්‍රශ්නයක් නැතිව ජනතාවම අන්‍යාගමික කුමන්ත‍්‍රණ කතාව තලූ මරනවා. පූජකවරයා දෙමළ ජාතිකයෙක් වගේ වෙන කොනකුත් පටළනවා. මෙතන ක‍්‍රියාත්මක වන ප‍්‍රචණ්ඩත්වය ගැන කාටවත් ප‍්‍රශ්නයක් නෑ. කිසිම තාර්කික පදනමක් නැති මේ කතාව ගැන කාටවත් හරස් ප‍්‍රශ්න නෑ. අඩු ගානෙ මේ වගේ බාල තැනකට බුද්ධාගම අරන් යන එක ගැන බෞද්ධයන්ටවත් ප‍්‍රශ්නයක් නෑ.
ලංකාවෙ මේ වෙද්දි සමාජ හෝ ප‍්‍රජාවන් ගැන පර්යේෂණ කරලා වැඩක් නෑ කියන එකයි මගේ අදහස. පර්යේෂණ කරන්න ඕන මීඩියා ගැන. ජනතාව කියන්නෙ ඒ මීඩියා වල ප්‍රොජෙක්ෂන් එකක් මිස ඇත්ත භෞතිකයක් නෙමෙයි. ජනතාවගෙ සෞඛ්‍ය, අධ්‍යාපන, බඩු මිළ, කොටින්ම කන්න නැති ප‍්‍රශ්නය පවා මීඩියා ප‍්‍රශ්නයක්. ඇත්තට බඩගිනි හැදෙන්න ජීවිතයක් මේ රටේ නෑ. එහෙම රටක මගේ යාලූවො අහන ආර්ට්ද ඇඞ්වර්ටයිසින්ද වගේ ප‍්‍රශ්න අදාල නෑ මං කියන්නෙ.
මේ රටේ මාධ්‍ය වලින් දැනගෙන හා නොදැනගෙන මිනිස්සුන්ට කරමින් ඉන්න දේ ගැන හරිහමන් අධ්‍යනයක් ඉක්මණට වෙන්න ඕන. මේ හුදකලා අපරාධ සහ මරණ විදිහට ලියවෙන්නෙ එකකට එකක් සම්බන්ධ සමාජ මානසික රෝගයක් කියන එළඹුමෙන් සමස්තයක් විදිහට මේ ප‍්‍රශ්න දිහා බලන්න වෙනවා. එතනදී අපරාධ සහ අපරාධ වාර්තාකරණය කියන දෙකම ගැන සවිඥාණකව විශ්ලේෂණය කරන්න වෙනවා. මේ හොල්මන් කතා, බිහිසුණු ඝාතන, බොදු බල සේනා හැම එකක්ම දේශපාලනික කියවීමකට ගන්න පුළුවන් එතකොට. හැම රටකම මීඩියා වලින් වෙනස් යතාර්ථයන් නිර්මාණය කරන එක සිද්ද වෙනවා. ඒක වෙන්නෙ වෙළඳපොල කේන්ද්‍රීය කාලෙන් කාලෙට මාරුවෙන මාතෘකා විදිහට. ඒත් අපේ රටේ තත්වෙ වෙනස්. අපේ ආණ්ඩුව පවා මීඩියා රියැලිටි එකක්. ඇත්ත එකක් නෙමෙයි. වෙන විදිහකට නම් ආණ්ඩුව තමයි මේ මීඩියා රියැලිටි එක හදන්නෙ. වෙනස් අරමුණු වෙනුවෙන් මෙහෙයවෙන වෙනස් මාධ්‍ය විසින් නෙමෙයි. එතකොට හැම මාධ්‍යයක්ම එකක්. එකම යතාර්ථයක්. දේශපාලනය, ආර්ථිකය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හැම දෙයක්ම ඒ විදිහෙ මාධ්‍ය විසින් නිර්මාණය කරන යතාර්ථ වට පත්වෙනවා. ඔලූව අතේ අරගෙන යන මීගමුවෙ තරුණිය, බුදු පිළිම කඩන ඉවැන්ජලික් පූජකවරයා, පුනරුත්පත්තිය කියන නාගයා මේ හැම දෙයක්ම ඇඞ් එකක් විතරයි. මේ හැම කතාවකින්ම අපි නොදන්න බඩුවක් අපි නොදැන අපිට විකුණනවා. ඒ තමයි කිසිම උපයෝගීතාවයක් නැති, හැ`ගීමක් විතරක් අළෙවි කරන ආණ්ඩුවෙ මතවාදය. මේක ආණ්ඩුව තමන්ගෙ වැඬේ කර ගන්නවට ඉරිසියාකාර කතාවක් නෙමෙයි. ඊට වඩා ජීවිතය කියන එක අපිට අහිමි වීම ගැන, අපි ඉස්සරහ තියෙන හිස්කම ගැන බය හිතිලා කියන කතාවක්.
මාධ්‍යයක් ඇතුලෙන්ම මාධ්‍ය ගැන විසංයෝජන යෝජනාවක් ගේන එක එක විදිහකට විකාරරූපීයි. ඒත් වෙන විදිහක් නෑ. ෆූටා අරගලය පරදින්න හේතුව විදිහට මං දකින්නෙත් මෙ විදිහෙ නූතනවාදී සීමාවන්. ‘අපි පඩි ගන්නෙ නෑ’, වගේ හෘදය සාක්ෂිය-කන්‍යාභාවය මූලික ප‍්‍රකාශ වලට වඩා පසු නූතන මාධ්‍ය හැසිරවීමකින් මීට වඩා හොඳ බලපෑමක් කරන්න තිබුණා කියන එකයි මගේ හැ`ගීම. මොකද අපිට හැප්පෙන්න වෙන්නෙ ජනතාවක් එක්ක නෙමෙයි මාධ්‍යයත් එක්ක කියන එක අවශ්‍ය තේරුම් ගැනීමක්.
කාලෙකදි මගේ නමින්ම මම නොදන්නා ෆේස් බුක් පිටුවක් ඇරලා තිබුණ. සරලව මට මම නොදන්න මාවම මුණගැහීම ලින්චියන් වර්ගයේ ත‍්‍රිල් එකක් කියන අදහසින් මම ඒ ගැන ස්ටේටස් අප්ඬේට කළා. තවත් අයට රස විඳින්න. ඒ අතරෙ මගෙන් ප‍්‍රශ්න අහපු අයත් හිටියා.
‘අපි දන්නෙ කොහොමද ඔයාද එයාද ඇත්ත කියලා?’
ඇත්ත දේශනා කරන බුදුවරයෙකුගෙන් අහලා අවබෝධ කර ගත්ත කාලෙ ඉවරයි. අපිට ගැලපෙන ඇත්ත තෝර ගන්න අපිට සිද්ද වෙනවා. එතනදි වැදගත් වෙන්නෙ අපි කොච්චර සවිඥාණකද කියන එක මිස අනිත් කෙනා කියන්නෙ ඇත්තක්ද බොරුවක්ද කියන එක නෙමෙයි. අපි මීඩියා වලින් කියන ඇත්ත සහ බොරුව විනිශ්චය කරනවට වඩා අපිට අවශ්‍ය ඇත්තක් නිර්මාණය කරන්න ඕන කියන එකයි මගේ අදහස. ඒක තනි පුද්ගලයෙකුට වඩා අදහසක් විදිහට වැඩෙන යතාර්ථයක්. කොපි රයිට් නැති ඇත්තක්. එකම විදිහක සිතීමක් හා විශ්ලේෂණයක් ඇති අය අතින් යළි යළි ප‍්‍රතිනිර්මාණය වෙන ඇත්තක්. ඒ විදිහෙ විකල්ප මීඩියා යතාර්ථයක් අපිට නිර්මාණය කරන්න වෙනවා. වෙනස් මාතෘකා, වෙනස් ආචාර ධර්ම, සමාජයක් ගැන වෙනස් අදහසක් ඇතුව අපිට වැඩ කරන්න වෙනවා. සමහර විට අනෙකෙක් නැතුවම. අනෙකා පවා නිර්මාණය කරගෙන. හිඩැසක් නැති මේ විදිහෙ සමස්ත මීඩියා රියැලිටි ෂෝ එකකින් හුස්මක වත් නිදහසක් ගන්න තියෙන එකම විදිහ ඒ මත්වීම විතරයි. හර්බට් රංජිත් පීරිස්ගෙ වචන වලින් කියනවා නම් බුබුළක් ඇතුලෙ ජීවත් වීම.
එළියෙ හුස්ම ගන්න ඔක්සිජන් නෑ.
-චින්තන ධර්මදාස
අද මීඩිය්ස්ස් එකක් නෑ. ඔක්කොම ආතල් දෙන එක කරන්නේ. හිතට සැනසුමක් තියෙන්නේ ඉංග්‍රීසී චැනල් වල සහ පත්තර වල ඒ තත්වය නැති එක. ඒ නිසා අපට ජීවත් වෙන්න පුළුවන්. අදීන මාධ්‍යවේදියා මැරිලා ගොඩක් කල්. සමහර අය සිය දිවි නසාගත්තා, සමහර අය මැරුණා. දැන් ඉන්නෙ අදින මාද්දිය වේදියා. එයා බලන්නේ ලොක්කා ඉස්සරහ පොර වෙන හැටි. ලංකාවේ මාද්‍යවෙදියෝ ගැන ලස්සන ළිපියක් තිබුනා සමනළ විප්ලවය එකේ. ඒක තමයි ඇත්ත. මීඩීයා වලින් සමාජය දැණුවත් වෙන්නේ නෑ කියලමත් කියන්න බෑ. ඒක ලස්සනටම කරනවා නයි ටී එන් එකයි රූපවාහිනියයි. මොහාන සමරණායක ආවම අපි බලාපොරොත්තු දල්වා ගන්නවා. ඒත් එයත් ලක්ෂපතිආරච්චි කෙනෙක් වෙනවා. කඩේ ගියත් අදත් ජැකා ඇත්ත කියනවා. ඒත් එක්කම තරුණයෙක් වෙන්න ගිහින් ගොනෙක් වෙනවා. තරුණ පරපුර ඒ කියන්නේ ජේ ආර් ගේ දරුවන්ගේ දරුවෝ අම්බානක පිස්සුවක් කෙලිනවා. ඒත් දැන්නම් හති වැටිලා වගේ. ඉංග්‍රීසි දන්න එකා සැබෑ ළෝකයේ ජීවත් වෙන්න ගම රට දාලා යන්න යනවා.
ReplyDeleteඔය මොනවා උනත් මම උදේට මුල් පිටුව බලනවා. මල් කුමාරයාට ගහන්න හැමෝම ට්‍රයි කලත් එයාට ගහන්න කාටවත් බැරි උනා. එයා නැතෙයි කියලා වැඩ සටහන නොබලා ඉන්නෙත් නෑ. කෑලී දෙක ලස්සන නිසා කියවන ටික අහගෙන ඉන්නවා. ඒත් කාටුන් එක කියවන්න එයාලට බෑ.
නිව්ස් කියන එකට අළුත් නිර්වච්නයක් මම මේ දවස්වල ලියාගෙන යනවා...
ඔක්කොම හොඳට ලියලා අර පින්තුරේ ඉන්නෙ මා ප්‍රියතම තවත් පුද්ගලයෙක් වූ ගෝල් ෆේස් හෝටලයේ චුට්ටු කුට්ටන් කියලා දැම්මෙ නැති එකට නම් තරහම තරහයි!!!!!
ReplyDeleteමට මේක ගැන හිතෙන්නෙ මෙහෙම දෙයක්. මේක ලංකාවෙ මීඩියා වලින් එලියට එන ප්‍රොජෙක්ෂන් එකකට වඩා මිනිස්සුන්ගෙ ඔලුවල දුවන දෙවල්ම උත්කර්ෂයට නංවන එකක් වගේ. මිනිස්සුන්ගෙ සිතුවිලි ට්‍රෙන්ඩ්ස් සෙන්ස් කරගෙන එහෙම පට්ට ස්මාර්ට් ප්‍රොජෙක්ට් එකක් යන්න තරම් මීඩියා වල ඔලු වැඩ කරනව කියල මම නම් හිතන් නෑ. ඒක් වෙන්නෙ මීඩියා වල බලය දැන් ගිහින් තියෙන්නෙ සාමාන්ය මනුස්සය වගේ හිතන පොරවල් ටිකකට. උන්ට අමුතුවෙන් එවැලුවේට් කර කර ඉන්න ඕනෙ නෑ උන් හිතන්නෙත් ඒ විදියටමයි. කාලෙන් කාලෙට එකක් එක රැලි එන්නෙ ඒ විදියට. එවා අලුත් ප්‍රොඩක්ෂන් නෙමේ. ගෙදර ටීවී එක බලන මිනිහට මොකක් හරි හිතුනොත් මීඩියා රන් කරන මිනිහටත් හිතෙන්නෙ එහෙමම තමා. ඇඩ් ඒජන්සි වල තත්වෙත් ඕකම තමා. නිෂ්පාදකයයි පාරිබොගිකයයි ඉන්නෙ එකම ලෙවෙල් එකක. ඉල්ලුමට සැපයුම නෙමේ. ඔක්කොම කන්නෙ එකම කඩෙන්. මේක වෙනස් වෙන්න ඕනෙත් ඒ සිස්ටම් එක ඇතුලෙන්ම තමා. රැඩිකල් පොරවල් ටිකක් එකතු වුනොත් බැරි වෙන එකකුත් නෑ. හැබැයි කොච්චර කාලෙකට වතුර යට හුස්ම අල්ලන් ඉන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ උන්ටත්.
ReplyDeletemachan chintha,.. ape uni walath shape eke halagena pahu karana praayogika vikulpaya ganath podduk study ekuk dunnoth neda honda? api okkomala matter eka dress kara kara evaluate kara kara inna athere loke podi vikulpayuk me wenuwen kriyathmakai. rawanaata pana denna yana set ekakuth form wegana ena kaale meheta set wunath naththuth google karala hadaaranna "MEDIA LITTERACY" kiyana yeduma yatakiyawena adahasa gana. logical thinking ekuk ekka media,/ media agendas/media reps/concepts.....prashnakarana samajayaka oya kiyana asamathulitha bawa podduk adu wenawa . ralen wenvee thaniwa sarana ali athun rasakma me hudakalawen midenna oasis ekuk hoyana bawa amathaka karanna epa.. jayamaa wewa! KINGSLY R
ReplyDeleteIt's true, "Media Literacy" is the panacea for these chaos. "Media is constructed; Media construct reality" ...when we truly aware about it, people will not fall into this panic. Thus, we should focus on a practical methodology to literate people in media. Internet & Cinema can influence people on this scenario, as books are far away from people's mind now.
ReplyDeleteChintha, you knew it. Cinema can inject ideas into viewer's mind. That's why you & me have inspired. We need inspiring media to persuade people. What you are doing is also a part of it in a different track.