Monday, October 29, 2012

පොද වැස්සක්. සමුගැනීමක් සහ මුණගැහීමක්.


බූඩි ළ`ගදි ආයිමත් ලොකු වැඩක් කළා. පොඩි විදිහට. ඉතාලියානු ශ‍්‍රී ලංකා කෙටි චිත‍්‍රපටි උළෙලක්. සිනෙසිටියෙ. ලංකාවෙ මේ වෙලාවෙ හැටියට ඒක හු`ගක් ලොකු වැඩක්. ඒත් ගොඩක් කට්ටිය දැනගෙන හිටියෙ නෑ. කාටවත් හරිහමන් විදිහට දන්වන්නෙ නැතුව මේ විදිහෙ වැඩ කරන එක ගැන ප‍්‍රවීණයො අතර කුසු කුසු ඇති වුණා. ඒකට ප‍්‍රධාන හේතුව බූඩි ඩිජිටල් වීම මං හිතන්නෙ. එයා ෆේස් බුක් එකෙන් කියනවා. එස්එම්එස් ගහනවා. එච්චරයි. ගොඩක් ප‍්‍රවීණයො මේ මාධ්‍ය එක්ක දුරයි. ඒ පුෂ් එක මදි. ඒක වැරැද්දක් නෙමෙයි. බූඩි ටිකක් වයසට වඩා මොඩර්න් වැඩියි.

ඒ වගේ පොඩි පණිවුඩයකින් එකතු වෙන්න පුළුවන් විශ්වාසයක් ගොඩනැගෙන එක ගොඩක් වැදගත්. ඒත් ඒක තාම ඒ විදිහට වෙන්නෙ නෑ. කතා කරන්නෙ ගෙයක් හදා ගන්න, තාප්පයක් බඳින්න නෙමෙයි. සමාජ වැඩක් කරන්න. කරන්නෙ කවුද කියන එකට වඩා එතනදි කරන වැඬේ වැදගත් වෙන එකයි මොඩර්න්. කරන මිනිහගෙ අරමුණු හොයාගෙන යන එක ටිකක් පරණ පුරුද්දක්.

බූඩි මට කතා කළා. මේ වැඬේට උදව් වෙන්න. එක පැත්තකින් බඩු විකුණන ජීවිතේ ඇතුලෙ මට ආයිමත් ඒ වගේ ලස්සන වැඩකට නිදහසක් නෑ. ඒ විදිහෙ වැඩ අසංවිධානාත්මකයි. ඒ කියන්නෙ කාල කලමනාකරණය පැත්තෙන් ව්‍යාපාරික සංදර්භයට වඩා වෙනස්. මේ ඔරලෝසු මාරු වෙන එක දරන්න අමාරුයි. ඒක අත්විඳින කෙනෙකුට මිසක් තේරුම් ගන්න අමාරු දෙයක්.

බූඩි එක්ක මේ වැඬේ කරන්න යනවා නම් අත්විඳින්න වෙන මේ මගේ සංවිධානාත්මක ජීවිතය අවුල් වීමේ අර්බුදය මට බලපාන්න ඇති. ඒත් චිත‍්‍රපටි උළෙලට යද්දි මට දැනුනෙ හු`ගක් ලොකු ගිල්ටියක්. මේ ලියමන ඒ පශ්චත්තාපය හින්ද වෙන්නැති.

ඒක හරි අමුතු දෙයක්. ජීවිතේ ආර්ථිකකරණය වීම. ඉස්සර මං ගත කරපු ජීවිතේ කාලය කියන එක අනන්තයක්. ජීවත් වෙනවා කියන්නෙ ඒකට. වනාන්තරය වගේ. ඒත් ආර්ථිකය වෙනුවෙන් ජීවිතය කළමනාකරණය කරන්න වෙනවා. මං ලියන විනාඩි පහකට පවා මුදලක් තීරණය වෙනවා. ආර්ථික වටිනාකමක් නැති පොත් ගණන් ලියන වකවානුවකින් පස්සෙ මං එක වචනෙ පවා මිළක් තීරණය වෙන වකවානුවකට එනවා. එතන කළමනාකරණය වෙන්නෙ කාලය. මගේ යාලූවො ඇඞ්වර්ටයිසින් වලට ඇවිත් ‘මගේ ජීවිතය නැති වෙනවා වගේ දැනෙනවා’ කියලා කියන්නෙ මේකට. මේක ඇතුලෙ මල් පිපෙන්නෙ නෑ. මේක ඇතුලෙ වෙන්නෙ මල් නිෂ්පාදන.

ඒ සොඳුරු අසංවිධානාත්මක බව ඇතුලෙ නිදහස එක්ක ආර්ට් කියන එක තියාගෙන බූඩි සිනමා උළෙල සංවිධානය කළා, තනියම. ඉරිසියා හිතෙනවා ඒකා ඒ වයසෙදිත් තාම එහෙම ඉන්න එක ගැන. ඒත් රස්සාවල් කරන මිනිස්සුන්ගෙ නිවාඩුව වෙන් කරන්න තරම් ඒ පණිවුඩය ප‍්‍රබල වුණේ නෑ. අනිත් එක එදා ලාල් අයියගෙ මළගෙදර.

ලාල් පියසේන කියන්නෙ ලංකාවෙ ඇත්ත සංස්කාරකයෙක්. ‘එඩිටර්’ කෙනෙක්. මට මුණගැහෙන ගොඩක් සංස්කරණය කරන අය ශිල්පීන්. ඒ කියන්නෙ මැෂින් එක පාවිච්චි කරන දැනුම මිස රූපමය භාෂාවෙ දැනුමෙන් පෝසත් නෑ. එතකොට එඩිටර් වෙන්න සිද්ද වෙන්නෙ අපිට. ඒකෙන් තවත් පරිකල්පන අවකාශයක් එක්ක එකතු වෙලා වැඩෙන්න අපි කරන වැඬේට තියෙන ඉඩ කැන්සල් වෙනවා. අන්තිමට කැමරාව, එඩිටින්, ලියන එක, අන්තිමට ර`ගපාන එක පවා කරලා තියෙන්නෙ එක්කෙනෙක්. සිනමාව වගේ ලොකු මාධ්‍යයක් ඒකෙන් පොතක් වගේ පොඩි පිටුවක් දක්වා ඇකිළෙනවා. ලාල් පියසේන කියන්නෙ එහෙම රසයක් තිබුණු දුර්ලභ ගණයෙ එඩිටර් කෙනෙක්. ඇත්තටම අපි චිත‍්‍රපටි කරන්න පටන් ගන්න කොට එයා එඩිටින් නවත්තලා.

ලාල් අයියා චිත‍්‍රපටි එඩිට් කළේ රස්සාවක් විදිහට නෙමෙයි. ඒක එයාගෙ ආර්ට් එක. නෙගටිව් කපලා අලවන ක්ලැසික් විදිහ එක්ක බැඳිච්ච එයා චිත‍්‍රපටියක් කපන්න අවුරුද්දක් විතර ගන්නවා. කාලය ආර්ථිකකරණය වීමේ කලාපෙ වෙනුවට එයා වැඩ කළේ ඒ සමග කාලය ගත කිරීම. රමණය කිරීම වගේ කලාපයක. ඒ හින්දම ලාල් අයියට සිනමාව ගැන ජීවිතයක් තිබුණා. හැන්දෑවල සංවාද කතා විඳින්න දන්න බොහිමියානු පැවැත්මක් තිබුණ. ලාල් අයියා ප‍්‍රසන්න විතානගේ ‘ගේ’ පවුරු වළලූ එඩිට් එක ගැන ලස්සන කතාවක් කියනවා. ඒකෙ තියෙනවා සංගීතා වතුර බාල්දියක් අරන් තරප්පුව උඩට දුවන අවස්ථාවක්. හදිස්සියකට. ප‍්‍රසන්න ඒක ලියලා තිබුණෙ වතුර බාල්දිය අරන් දුවලා ඒක එතනට වත්කරලා එන අඛණ්ඩ විදිහට. ඒත් ලාල් අයියා චිත‍්‍රපටියෙ ඒක දුවන තැනින්ම ජම්ප් කපනවා එන තැනට. ඒක ප‍්‍රසන්න දරා ගන්න බැරි වුණාලූ. ඒත් ලාල් අයියා තමන්ගේ ප‍්‍රවීණත්වයේ ආධිපත්‍ය පාවිච්චි කරලා ඒ එඩිට් එක එතන තියාගෙන තියෙනවා. ඒ හදිස්සිය, වේගය සංස්කරණය ඇතුලෙ පෙන්නන්න තියෙන දුර්ලභ අවස්ථාවක් පාවිච්චි කිරීමක්.

අපේ අලූත් පරම්පරාවට පවා දරා ගන්න බැරි අලූත්කමක් ලාල් අයියගෙ තිබුණ. ක්ලැසිකල් ජීවිතයක්....හරි වචනෙ ඒක. මට ලාල් අයියා මුණගැහෙන්නෙ මං කොරළවැල්ල ගැන කරපු ඩොකියුමෙන්ටරි එකක් හින්ද. ඒක විනිශ්චය කරන්න එයා ඉන්නවා. හු`ගක් අඩු කොලිටි එකකින්, වාවගන්න බැරි නොයිස් එකක් එක්ක වුණත් තිබුණු අසාම්ප‍්‍රදායික සංස්කරණය ලාල් අයියා අගය කරනවා. මරණය දැනෙන්න තරම් ලස්සන ජීවිතයක් එයාට තිබුණා. ලාල් අයියා ඒක සම්පූර්ණ කළා. ගොඩක් ලස්සන විදිහට ජීවිත් වෙන මිනිස්සු කැන්සර් වලින් මැරෙන්නෙ ඇයි කියල මට තේරුම් ගන්න බෑ.

බූඩිගෙ චිත‍්‍රපටි උළෙල බලන්න පටන් ගන්න දවසෙවත් යන්න මට බැරි වුණා. එදා මං රක්ෂණ සමාගමකට කැම්පේන් එකක් විකුණනවා. ඒත් අන්තිම දවසෙ මං ගියා. හු`ගක් පොඩි සෙන`ගක්..ඒත් කලින් දවස් වලට වඩා වැඩියි...ඒක අවුල් සහගත තත්වයක්. ඒත් ඒ සිනමා උළෙල මං ඊට කලින් දැකපු උළෙල වලට වඩා මාව වෙනස් කළා. මීට කලින් කෙටි චිත‍්‍රපටි බලන හැම වෙලාවකම මම එන්නෙ පුදුම සහගත කළකිරීමකින්. ඒ තරම් දුර්වල නිර්මාණ. ඒත් මේ චිත‍්‍රපටි හැම එකක්ම වගේ හු`ගක් දියුණු තැන්වල තිබුණ (එකක් දෙකක් තිබුණා අසරණ නිර්මාණ) විශේෂයෙන්ම තාක්‍ෂණික පැත්තෙන් ලොකු ප‍්‍රගතියක් තිබුණ.

සිනමා උළෙලට මාතෘකාවක් තිබුණ. රට පනින එක ගැන. ඒ මාතෘකාව හින්දම මං හිතුවා ලොකු අවුලක් වෙයි කියල. අඩු වියදමකින් ඒ වගේ තේමාවකට චිත‍්‍රපටියක් හදන එක ලොකු අභියෝගයක්. ඉල්හාම් පළවෙනි වතාවට කරපු චිත‍්‍රපටිය හොඳම චිත‍්‍රපටිය විදිහට තේරුණා. ඒකට රුපියල් ලක්ෂයක් තෑගි. තෑග්ග හම්බුණොත් අපිට බොන්න පුළුවන්. පෙට්ටියක් ඇතුලෙ විතරක් ෂූට් කරලා ඉතාලියට පනින කතාවක් හු`ගක් හොඳට ගොනු කරලා තිබුණ. ඒ පිටපත ගැන මං තාම පුදුම වෙනවා. පළවෙනි වතාවට ඒ වගේ පිටපතක් ලියනවා කියන්නෙ අමාරු වැඩක්.

නිනෝ ලයිව් කරපු (තාම පෙන්නගන්න විදිහක් නැතුව ඉන්න) තිසර (ඉඹුලාන) පට්ට ෆිල්ම් එකක් කරලා තිබුණ. ඒක හරිම ඇඞ්වර්ටයිසින් වර්ගයේ සිතීමක්. ඇඞ් ෆෙස්ට් වගේ ගියා නම් අවෝර්ඞ් එකක්. අපේ රටේ ප‍්‍රසිද්ද ජනකතාවක් වුණු ලබ්බෙ තොයිලෙ එක්ක එයා රට පැනීම එකතු කරලා තිබුණා. ඒ මදිවට ඒක කාටූන්. කිසි වියදමක් නැතුව උපරිම නිර්මාණශීලීත්වය එලියට ආපු වැඩක්. අන්තිමට විතරක් චන්දන අයියව ඉතාලියානු පොලිසියෙ දෙන්නෙක් ප‍්‍රශ්න කරන සමීප රූපයක් එනවා. ඒ වෙනකං අපි කතාව විදිහට අහන් ඉන්නෙ ඉතාලියට පනින්න ගිහින් අහු වෙච්ච චන්දන අයියා කියන කතාව. ඒ කටහ`ඩ පට්ට ආතල්. ඒ වගේම සිරා ට්විස්ට් එකක් (පෙරළියක්). මට එහෙම හිතන්න බැරි වුණු එකට ඇත්තටම ඉරිසියාවක් ආවා මට.
ඒ උළෙලේ තිබුණා තරගකාරී නොවෙන අංශයක්. ඒකෙ තිබුණෙ වෙනස් තේමාවන්ට හැදුණු චිත‍්‍රපටි. එතන තිබුණා ‘ලෙට් ගෝ’ කියලා මට නම මතක නැති අධ්‍යක්‍ෂවරයෙක්ගෙ ෆිල්ම් එකක්. එක මේසයක් දෙපැත්තෙ මිනීමැරුමක් ගැන ගෑණියෙක්ව ප‍්‍රශ්න කරන පොලිස් නිලධාරියෙක්. කතාව පටන් ගත්ත විදිහට මං හිතුවා ගොං ඉමෝෂනල් කතාවක් කියල. ඒත් මේ චරිත දෙක විතරක් පාවිච්චි කරලා මේ අධ්‍යක්‍ෂවරයා අපිව නොහිතන අන්ත වලට අරන් යනවා. මේ දවස් වල ජනපි‍්‍රය මිනිමැරුම් ගැන ගොසිප් ත‍්‍රිලත් එක්ක බලන් ඉන්න අය කතාවෙ ඇළෙනවා. ඒත් චිත‍්‍රපටිය අපිව අරන් යන කෙළවර ගොසිප් අන්තයක් නෙමෙයි. ඒ වෙනුවට ජීවිතේ ගැන සංවේදී අපේක්‍ෂා නොකළ කෙලවරක එයා අපිව කොටු කරනවා. මේ දෙබස් මූලික සරල දර්ශනය ඇතුලෙන් විතරක් මේ තරම් ගැඹුරු සංකල්පනාවලියක් ඇති කරන්න මේ වැඬේ කරපු කෙනාට තියෙන දක්ෂතාවය ඇගයෙන්න  ඕන. ඒත් ජූරියේ විශේෂ සම්මානය ආයිමත් ගියේ පිළුණු වෙච්ච අත්දැකීමකට. මට අනුව මිනිසා සහ කපුටාට පස්සෙ මං දැකපු විශිෂ්ටතම කෙටි චිත‍්‍රපටිය ‘ලෙට් ගෝ’.
සම්මාන උළෙල ඉවර වෙලා මං කනත්තට ගියා. ඒ වෙද්දි ලාල් අයියට සමු දීලා හැමෝම එලියට එන ගමන්. කරුවලයි, පොද වැස්සයි. මං ටිකක් වෙලා එතන ගත කරලා කනත්ත වැට අයිනෙන් ඇවිදගෙන හන්දිය පැත්තට ආවා. මගේ ඇස්වල නළියන කඳුළු වැස්ස නිසා නිදහසේ අත්අරින්න පුළුවන්. බලාපොරොත්තු ඇති කරපු ගොඩක් ජීවිත අපිව අත් ඇරලා යනකොට හු`ගක් ලොකු තනිකමක් දැනෙනවා.

 ඒ අතරෙ තනියෙන් හරි ආයිමත් බලාපොරොත්තුවක් ඇති කරන වැඩක් කරමින් ඉන්න බූඩිට පින්.

-චින්තන ධර්මදාස

15 comments:

  1. මේ කමෙන්ට් එක මේ පෝස්ට් එකට අදාල නෑ. ඒ වුනාට මේක කියන්න ඕන.

    උඹ "CULT එක" හිරුට විකුණුවේ ඇයි..?

    ඒකේ ට්‍රේලර් එකක් මම දැක්කා. එනවුන්ස් කරන එකා [මොකා වුනත්] බකුසු මූණක් දාගෙන කැමරාවට කඩා වැදිලා "සීනි දියවුනාට ගෝනී දියවෙන්නේ නෑ" කියලා අපිත් එක්ක මළෙන් වගේ හැරිලා යන්න හදලා ආයේ ඇවිත් නිකන් පල් එකට වගේ "සීනි දිය වුනාට... ගෝනි දියවෙන්නේ නෑ" කියලා කිව්වා.

    "ඉතින් මට මොකද යකෝ..?" මට උගේ හොම්බ තලන්න හිතුනා.

    ඇයි බන් උන් අපිට තර්ජනය කරන්නේ..?

    අවංකවම කිව්වොත් උඹේ CULT එක සහ උන්ගේ CULT එක පට්ට වෙනස්. උඹේ CULT එක සොඳුරුයි, උන්ගේ CULT එක ත්‍රස්තවාදී. උඹේ CULT එකේ උඹ අපිව මල් මල් ගමනක් එක්ක යනවා. ["වරෙන් මල්ලි මල් කඩන්න"]. උන්ගේ CULT එකේ "පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න". උබේ CULT එක ආමණ්ත්‍රණයක්, උන්ගේ CULT එක තර්ජනයක්.

    [මොටාගෙදර වනිගරත්නගේ ගුරුගෝල චිත්‍රය වගේ මට කියාගෙන යන්න පුළුවන්].

    එකම කල්ට් එක දෙකක් වෙන්නේ ඇයි මචන්.
    ඒ කල්ට් එකේ ඉන්නේත් උඹමද..? එතකොට මෙතන වැරදිලා තියෙන්නේ මටද..?

    ReplyDelete
    Replies
    1. මාලන් සමග 100% එකඟයි.. ඒකේ සද්දේ තරම් වැඩ නෑ.. දැන්නම් ඔක්කෝම චැනල් එකයි. කවුරු හරි හොඳ එකක් පටන් ගත්තොත් හොඳ ඉල්ලුමක් තියෙයි...

      Delete
  2. "සීනි දියවුනාට ගෝනි දිය වෙන්නෙ නෑ" කියන කෑල්ල ඉස්සර ටෙලියක ගිය කෑල්ලක්. ඒක ලිවෙ චින්තන ද කියල නම් මා දන්නෙ නෑ

    ReplyDelete
  3. මේ post එකේ මගේ short film එක ගැන ලියවුනු නිසා හෙමොටම බලන්න එකේ link එක දන්නා හිතුන...චින්තක අයියගේ කමෙන්ට් එකට තැන්ක්ස්....ජය වේවා..

    http://www.youtube.com/watch?v=h9tA7oRz57M&feature=share

    ReplyDelete
    Replies
    1. මේක Shortfilm කාණ්ඩයට වැටෙන්නේ නෑ නේද? Film සහ Shortfilm පටලවගෙනද.

      Delete
    2. @Anonymous මචං ඒ ඉස්සර. උඹ මැරෙන්න ඉස්සර short films වගේ නෙමේ දැන්.

      Delete
    3. @Anon Anon,

      රෙන්න වලක් කපුවහම ඇති, ඒකට ළිදක් කපන්න ඕනේ නැ.

      Delete
    4. කෝට්ටෙන්October 30, 2012 at 10:58 PM

      @Anon Anon
      ,ahhhh ඒ කියන්නේ උබල දැන් රෙන්න වැලක් වෙනුවට කපන්නේ ළිදක් ද

      lol

      Delete
    5. @Anon Anon,
      මචං Chintho,තව අවුරුදු 200 ක් ගියත් ලබ්බ ලබ්බමයි.එකේ හැඩෙ වෙනස් වෙන්නේ නැ.එකත් හරියට උබ අහුල ගත්තු "සීනි දියවුනාට ගෝනී දියවෙන්නේ නෑ" වගේ කතාවක්.

      Delete
  4. චින්තා උබ කියනවා වගෙ අපි බලන් ඉන්නවා

    ReplyDelete
  5. මේක Shortfilm කාණ්ඩයට වැටෙන්නේ නෑ නේද? Film සහ Shortfilm පටලවගෙනද.

    ReplyDelete
  6. පරපෝෂිකයාNovember 1, 2012 at 9:45 AM

    චින්තෝ උබලගේ වඳ රාමුව ඇතුලේ කරපු බොක Film එකට වඩා මේක ගොඩක් හොද තැනක තියනවා, අඩුම තරමේ උබට අයිතියක් නැ මේ short film එක හොදයි කියන්න තරම් වත්.කියවන මිනිස්සුන්ගේ වැඩ න කියන කතාව ඇත්ත.

    ReplyDelete
  7. අනේ මන්ද ..
    මොනව ලියන්නද?
    මොකට ලියන්න?
    කාට ලියන්නද?
    කාට බලන්නද?
    මොනව ලියන්න?
    තනි දියවෙමක් ද?
    සාමුහික දියවෙමක් ද?
    අනේ මම දන්නෙ නෑ
    මොනව ලියන්න?

    ReplyDelete