Saturday, January 18, 2014

චුට්ටෙයි -පොඞ්ඩෙයි

ලංකාවෙ කොමඩියන්ලා කියන්නෙ අපි කිති කවාගෙන හිනාවෙන්න  ඕන වර්ගයේ විහිළු කරන කට්ටියක්. ඇ`ග අඹරනවා සහ දෙපැත්ත කැපෙන කතා කියනවා ඇරුණම මෙහේ කොමඩි වලට ගැඹුරක් හෝ අදහසක් නෑ. විශේෂයෙන්ම මේ අවුල පේන්නෙ සිනමාව හරහා බිහිවෙන කොමඩි චරිත වලින්. ඇත්තටම මට දුක හිතිලා තියෙනවා බැරි බැරි ගානෙ මිනිස්සු හිනස්සවන්න ද`ග දාන විදිහට. අපි කොමඩි කියල මෙහේ දකින්නෙ කෝලං. මේක හින්දම මං හිතන්නෙ මහින්දගේ ආණ්ඩුවෙ කට්ටිය අමතර සේවාවක් විදිහට විහිළු සපයන්න ගත්තම මේ වෘත්තීය පිරිස අර්බුදයට ගියා. දැන් ආණ්ඩුවේ කොමඩි සහ ආණ්ඩුව ගැන කොමඩි වලට එලියෙන් අපිට කොමඩි නෑ. මෑතක මාර ජනප‍්‍රිය වෙච්ච පුස් වෙඩිල්ල ගත්තත් එතනින් එහාට මොකුත් නෑ.

කොමඩි කියන එකේ හාස්‍යජනක- හිනා යන කියන මතුපිට තේරුමට වඩා (කෝලං වලට එහා) ගොඩක් ගැඹුරු තැන් තියෙනවා. උදා විදිහට කොමික් තියටර් කියන පැත්ත. මේකෙ බටහිර පටන්ගැන්ම විදිහට ගන්නෙ පැරණි ග‍්‍රීසිය. මෙතනදි තරුණයන්ගේ සමාජය සහ වැඩිහිටියන්ගේ සමාජය විදිහට දෙපැත්තක ගැටුමක් විදිහට කොමඩිය එනවා.  පස්සෙ වෙද්දි මේක ගතානුගතික සමාජය ඉස්සරහ බලයෙන් හීන තරුණයන්ගේ අර්බුදය විදිහට එලියට එන්න ගත්තා. හිනා ගියාට ඒ හිනාවට යටින් ලොකු දේශපාලන කතාවක් කියනවා. අද වෙද්දි මේ කොමඩි විශේෂයෙන් ස්ටෑන්ඞ්- අප් කොමඩි එහෙම (අපිට මේවා නෑ) සංකීර්ණ තලයන් (සබ්ජෙක්ටිව් සහ ඔබ්ජෙක්ටිව් දෙපැත්තෙන්ම) එක්ක ගනුදෙනු කරනවා. උදා විදිහට ලූවිස් සීකේ වගේ චරිත.

‘කසාද නොබැඳ ඉන්න නම් ඔයා ගොඩක් සුබවාදී/ධනාත්මක වෙන්න  ඕන. මෝඩයි. ඒ කියන්නෙ ඔයා මෝඩයෙක් වෙන්න  ඕන. ඒක තමයි සුබවාදී කියන්නෙ. සුබවාදී/ ධනාත්මක කියන්නෙ මෝඩයි කියන එක. සුබවාදියෙක් කොහොමද යන්නෙ? මොකක් හරි හොඳ දෙයක් වෙයි කියලා හිතාගෙන. මොන බම්බුවකටද එහෙම හොඳ දෙයක් වෙන්නෙ?’’
-ලූවිස් සීකේ.

සිනමාවෙන් බිහිවුණු ලංකාවෙ ලොකුම කොමඩි නළුවා (විදිහට සැලකෙන) ෆ්‍රෙඞී සිල්වාගෙ ඉඳන් බන්දු ටෙනී සහ එකී නොකී කිසිම චරිතයකට කොමඩිය කෝලමෙන් එහාට ගේන්න බැරි වුණා. මෙතනදි ෆ්‍රෙඞී ටිකක් වෙනස් වගේ හිතෙන්නෙ පේ‍්‍රමකීර්ති ලියපු සිංදු කියපු හින්ද මිසක් කරපු කොමඩි හින්ද නෙමෙයි. ඊට වඩා ඇත්තටම ජෝ අබේවික‍්‍රම හොඳ කොමඩියන් කෙනෙක් (චරිතාංග නළුවෙක් විදිහට)
ලංකාවෙ යම් පමණකට හරි හොඳ කොමඩියන්ලා බිහිවුනේ රේඩියෝ එකෙන්. උදා විදිහට බර්ටි ඇනස්ලි සැමුවෙල් තුන්දෙනා. මට හිතෙන්නෙ අපේ රටේ හ`ඩ පැත්තෙන් එන කොමඩිය ගොඩක් වැඩ කරන ගතියකුත් එනවා. මේ හ`ඩ අරගෙන ඒ ගොල්ලො ටීවී එකට ආවමත් ඒක ෂෝ එකක් විදිහට වැඩ කරනවා. ඒත් මූලික දේ වෙන්නෙ හ`ඩ. චරිත හැදෙන්නෙ, විහිළුව හැදෙන්නෙ ඒ හ`ඩ එක්ක. විෂුවල් පැත්තෙන් අපේ කොමඩි අතිශය ප‍්‍රාථමිකයි. (මේ කියන්නෙ කැමරා තාක්‍ෂණය ගැන නෙමෙයි. චරිතයේ විෂුවල් පොලිටික්ස් පැත්තෙන්)

මට කතාව ගෙනියන්න  ඕන වෙන පැත්තකට. ඒ චූටි මල්ලියි පොඩි මල්ලියි අලූතෙන් කරගෙන යන රේඩියෝ ප්‍රෝග‍්‍රෑම් එකකට. මේ රේඩියෝ ප්‍රෝගෑම් එක අහන අතරෙ මං මේ ඩබල කරමින් එන වැඬේ ගැන ටිකක් දිගට හිතුවා. කෙලින්ම නිගමනය තැනින් පටන් ගත්තොත් මං හිතන්නෙ කොමඩියන් කියන සංකීර්ණ තේරුමෙන් අඳුරගන්න පුළුවන් ලංකාවෙ පළවෙනි චරිත දෙක වෙන්නෙ මේ දෙන්නා. එකපාරට අපිට සමකාලීන දේවල් වල ගැඹුර පිළිගන්න බැරි වීමේ ආතතියෙන් මේක ප‍්‍රතික්‍ෂේප වෙන්න පුළුවන් වුණත් මේක කරුණු සහිත කතාවක්.

‘විහිළුවක් ඇනලයිස් කරනවා කියන්නෙ ගෙම්බෙක් කපනවා වගේ වැඩක්. කීප දෙනෙක් ෆන් එකක් ගනීවි. ඒත් ගෙම්බා මැරෙනවා’
-ඊ.බී වයිට්.

මං අර ආතල් ගන්න කීපදෙනාගෙන් එක්කෙනෙක්. විශ්ලේෂණයෙන් පස්සෙ කොමඩිය ඉවර වෙන්න පුළුවන්. ඒත් මේ විදිහට සමකාලීනව බිහිවෙන වෙනස් නිර්මාණශීලීත්වයන් වඩා උවමනාවකින් තේරුම් ගන්න සහ පිළිගන්න  ඕන කියල මට හිතෙනවා. එහෙම නැතුවම මේ දේවල් ලේසියෙන්ම මගඇරෙන්න පුළුවන්. කොමිඩිය පටන් ගත්ත දවසෙ ඉඳන්ම ඒකට අවශ්‍ය සීරියස් පිළිගැනීම ලැබුනෙ නෑ කියල ඇරිස්ටෝටල් ‘පොයෙටික්ස්’ වලදි කියනවා.

 චූටි මල්ලියි පොඩි මල්ලියි වගේම සීරියස් කියවීමක් අවශ්‍ය නමුත් ඒත් නොදුන්න චරිතයක් ‘පොඩි ළමයා’ (දීපාල් සිල්වා). එයා විවෘත වේදිකාවල ලොකු උඩු රැුවුලක් සහිත පොඩි ළමයෙක් විදිහට ගොඩක් ලොකු ප‍්‍රශ්න ඇහුවා. සමහර ඒවා ආණ්ඩුවට ඇහිලා තහනම් කළා. ඉතුරු ඒවා මිනිස්සු නෑහුන ගානට හිටියා. ඒත් ඒක හරිම අපූරු නිර්මාණාත්මක වැඩක්.

ආනන්ද භවන් එකට ගිහින් තෝසෙ ගිලිනවා
ඊට පස්සෙ යාපනේ දෙමළුන්ට බනිනවා..

මේක වෙනස් තලයක්. විවෘත වේදිකා සහිත සජීවී සංගීත වලට මේ චරිතය නාට්‍යමය එකතු කිරීමක් කළා. පොඩි ළමයා කියන්නෙ දීපාල්ගේ ප‍්‍රකාශනය. ඒක නිකං ජොලි සීයා වගේ රැුවුලක් විතරක් නෙමෙයි (ජොලි සීයාගේ ලලක්කා ගීතයට මේ උපහාසය අදාල නොවෙන වග සළකන්න). පොඩි ළමයා කියන්නෙ සමාජ දේශපාලන අදහසක්. මට හිතෙන්නෙ අපිට ඒක මගඅරුණ.

චූටි මල්ලියි පොඩි මල්ලියි කියන්නෙත් එහෙම චරිත දෙකක්. ඒත් මේ චරිත ඊට වඩා, ලංකාවෙ මං කලින් අත් නොවිඳපු ගැඹුරු තල ගණනාවක් හරහා තමන්ගේ කොමඩිය අරගෙන යනවා. මට හිතෙන්නෙ මේ චරිත වලට කලින් අපිට මේ ළ`ගින් තියන්න පුළුවන් ත‍්‍රිත්වය වෙන්නෙ ඇනස්ලි-බර්ටි- සැමුවෙල්. මේ චරිත තුන විවිධ විවිධ විදිහට ඇඳගනිමින් අපිට කතන්දර කියනවා. මේ කතා වල විහිළු ගොඩක් වෙලාවට අදේශපාලනික විහිළු. ඒත් රසවත් සමාජ - සංස්කෘතික දේවල් මේවා ඇතුලෙ තිබුණ. සහ කොමඩියන්ලා විදිහට ඒ ගොල්ලො ඒ නූතනවාදී රාමුවෙ ලොකු වැඩ කොටසක් කළා. 

ඒත් චූටි මල්ලියි පොඩි මල්ලියි කියන චරිත දෙක සංස්කෘතික දේශපාලනය ඇතුලට ඒ ගොල්ලන්ගෙ විහිළුව අරගෙන එනවා. මට ඒ දෙන්නා වඩා සීරියස් වෙන්නෙ මේ හින්ද. ඇඞ්වර්ටයිසින් විදිහට ගත්තොත් මේ ද්විත්ව චරිත අරගෙන එන එකටමත් ලංකාවෙ ඉන්සයිට් තියෙනවා. හතර රියන් සහ දෙරියන්, රයිගමයයි ගම්පොලයයි වගේ මේ විහිළු චරිත දෙකට හැඩයක් අපේ මනසෙ නිර්මාණය වෙලා තියෙනවා. ඒක චූටි මල්ලියි පොඩි මල්ලියි පසු- නූතන අවකාශයකට තල්ලූ කරනවා. 

චූටි මල්ලි ගත්තොත් එයා සම්ප‍්‍රදාය නියෝජනය කරන, ගැමි පැත්තට බර, පරණ දේවල් අගය කරන, ඒත් අලූත් වෙන්නත් ද`ගළන වගේ ලක්ෂණ දරන චරිතයක්. පොඩි මල්ලි ඊට වඩා මොඞ්, අලූත් දේට කර තියන, අලූත් තාලෙ චරිතයක්. ගමයා සහ නාගරිකයා වගේ දේශපාලනික සීමාවක් ඇතුලෙයි මේ චරිත දෙක හැදෙන්නෙ. (ගමයා කියන්නෙ ගමේ ඉන්න අයට නෙමෙයි. ගමේදි ගමයා නෑ. ගමයා හැදෙන්නෙ නාගරිකයා එක්ක මුනගැහෙන තැනදි. එක අවකාශයක් බෙදා ගනිද්දි)

මුලින් ඒ ගොල්ලො රේඩියෝවෙ ‘ලයිට් එනකල්’ කරනවා. ඇත්තටමත් ඒ ලයිට් කපන කාලෙ. වාහනේක හරි බැට්රි දාන හරි රේඩියෝවකින් හරි තමයි අහන්න වෙන්නෙ (සෙල් ෆෝන් ඒ තරමට තිබුණද කියල මට නිච්චි නෑ). සමහර වෙලාවට අහන්නෙම නැති වෙලාවක් හින්ද ටෙස්ට් එකකට දුන්නා වෙන්නත් පුළුවන්. මෙතනදි ලයිට් නැති හින්ද එකතු වෙන වයසක අංකල්ලා දෙන්නෙක් (චමින්දලා) අතර මොකක් හරි ගැන සංවාදයක් හැදෙනවා. මේ එක අංකල් කෙනෙක් මොඞ් වෙන්න කැමතියි. අනිකා පරණ එකටමයි කැමති. මේ හරහා එදා භාෂාව සහ අද භාෂාව ගැන, එදා විනෝදය සහ අද විනෝදය ගැන වගේ ගොඩක් මති මතාන්තර මේ නාගරිකයා (මොඞ්) සහ ගැමියා (ට‍්‍රැඩිෂන්) ආකෘතිය ඇතුලෙන් ඒ ගොල්ලො ඉදිරිපත් කරනවා.

එතනින් ටීවී එකට ආවම (අපි නොදන්න ලයිව්) වැඬේ නැගලම යනවා. වොයිස් ආර්ටිස්ට්ලා විදිහට තිබුණු නිර්මාණාත්මක බවම වැඩි වැඩ කොටසක් කළා කියලයි මට හිතෙන්නෙ. චූටි මල්ලියි පොඩි මල්ලියි කියන චරිත දෙක අඳුන්නා දෙන්නෙ එතනදි. මූන පෙනෙද්දි නාකි වොයිස් දාන එක මඤ්ඤං වගේ හින්ද ඒ ගොල්ලො එතනදි මල්ලිලා වෙනවා. ඒ කොමඩිය හැදෙන්නෙම ලයිව් ටීවී ප්‍රෝග‍්‍රෑම් ගැන. අපි මීඩියා ඇතුලෙ දකින නිමාව, දැනුම, දේශපාලනය මෙතනදී විහිළුවක් වෙනවා. මීඩියා සංස්කෘතිය තමන්ගේ වේදිකාව විදිහට ඒ ගොල්ලො පාවිච්චි කරනවා. මේ විහිළු රස විඳපු පිරිසත් මෙතනදි වෙනස් වෙනවා.

බර්ටි- ඇනෙස්ලි- සැමුවෙල් කාලෙ ඒ විහිළු රස විඳපු, අද බල්ලොත් එක්ක බෑ වගේ නාට්‍ය බලන රජයේ සේවකයා වෙනුවට වඩා කෝපරේට්, විවෘත, දැනුවත් පිරිසක් ටීවී එක ඉස්සරහ පුටුවෙ වාඩි වෙනවා. ඒ විහිළුව හරියට විඳින්න නම් මීඩියා ගැන යම් දැනුමක්/ දැනීමක්  ඕනම වෙනවා.

ඒක ඉස්සර විහිළු වලින් වෙනස් තැනක්. වෙනස් සංස්කෘතික දේශපාලනික පිහිටීමක්. ‘මාස්’ එක වෙනුවට නිශ්චිත පිරිසක් තෝරා ගැනීමක්. මං කලින් කියපු පසු- නූතන අවකාශයකට කොමඩිය අරගෙන යාම කියන වැදගත්ම දේ මේ හරහා සිද්ද වෙනවා.

මේ එක්කම තවත් යුගලයන් කීපයක් තැනින් තැන බිහිවෙනවා. ගොඩක් එලියට ආපු දෙන්නෙක් වුනේ රාජ සභාවෙ චරිත දෙක. සමකාලීනව බිහිවුනත් චූටි මල්ලි- පොඩි මල්ලි සහ රාජ සභාව දෙක අතරෙ පිහිටීම තේරුම් ගන්න එකෙන් ලේසියෙන්ම මේ වෙනස ගැන ප‍්‍රායෝගික වැටහීමක් ගන්න පුළුවන්. රාජ සභාව කරන දෙන්නා ආයිමත් යන්නෙ සුපුරුදු රජ විහිළුවට. ඒ කොමඩිය හසුරුවන්නෙ ග‍්‍රාම්‍ය දෘෂ්ටියකින්. ඒ වගේම ඒක ලේයර්ඞ් නෑ.

ඒත් චූටි මල්ලියි- පොඩි මල්ලියි පාර්ලිමේන්තුවෙ නොදුටු පැත්ත කියලා කැලෑ පැත්තකින් ඈතට පේන පාර්ලිමේන්තුව පෙන්නීම (වගේ දේවල්) හරහා තල ගණනාවක සාකච්ඡුාවක් එක විට කරනවා. එක අතකින් මීඩියා වල සීරියස් දේශපාලනික ප‍්‍රවාදයක් විදිහට නොදුටු පැත්ත අනාවරණය කිරීමේ මිත්‍යාව. අනෙක් අතට ඉදිරිපත් කරන්නන් තමන්වත් නොදන්නා දේවල් ගැන ලොකු කතා කියමින් කරන ඇන්දිල්ල (මීඩියා චරිත ගොඩනැගීම). තුන්වෙනුව හැම වෙලාවකම නොදුටු දෙයක් බලන්න කට ඇරගෙන ටීවී එක දිහා බලා ඉන්නා අපේ ජීවිතේ ජෝක් එක.

මේ වගේ එක එක සෙග්මන්ට් හරහා මෙගා ටෙලි නාට්‍ය, ප‍්‍රවෘත්ති, සජීවී සාකච්ඡුා, ඒවාට සහභාගි වන පිරිස් වල ඇත්ත තත්වයන්, මේ ආදී ගොඩක් මීඩියා පොලිටික්ස් කතා වෙනවා. ඒ වගේම චූටි මල්ලියි, පොඩි මල්ලියි හරහා සංස්කෘතික දේශපාලනයේ තියෙන ලොකුම අර්බුදය, ගැටුම වෙන නාගරික- ග‍්‍රාමීය වෙනස සාකච්ඡුා කරනවා. මේ විදිහෙ කතිකා ගණනාවක් හරහා නොයෙක් දේ විසංයෝජනය වෙමින්, ආකෘති සහ පිළිගැනීම් බිඳ වට්ටමින්, හප්පමින් මේ කොමඩිය ලොකු කතිකාවක් කරනවා. 

නැවත නැවත ටීවී එකේ ඒ කොමඩියම කරන්න ගත්ත උත්සාහය ඒ තරම් සාර්තක වුනේ නෑ. ඊට කාලෙකට පස්සෙ ඒ ගොල්ලො ආයිමත් රේඩියෝවට ගියා. එතන චුට්ටියි පොඞ්ඩෙයි විදිහට පරණ කරේ-මරේ නාකි කොල්ලො දෙන්නා ආපහු ගේන්න ඒ ගොල්ලොන්ට පුළුවන් වෙනවා. 

කරේ- මරේ කාලෙ නොතිබුණු තල ගණනාවක් හරහා චුට්ටෙයි පොඞ්ඩෙයි නිර්මාණය වෙනවා. ඒක හරියට ‘ලයිට් එනකල්’ සහ ‘අපි නොදන්න ලයිව්’ අතර සංසර්ගයකින් බිහිවුනා වගේ. ගතානුගතික නාකියා සහ මොඞ් නාකියා අතර සුපුරුදු ගැටුම, රේඩියෝ මාධ්‍යය ඇතුලෙ වෙන මීඩියා විහිළුව (සජීවී වැඩසටහන් සහ ගීත ප‍්‍රචාරය කිරීමේ සහ හිනැස්සීමේ විහිළුව) වගේම එලියෙ සංස්කෘතික දේශපාලනයේ වෙන විහිළුව ඒ ගොල්ලො එක වැඩසටහනකට පෙළ ගස්සනවා. උදා විදිහට ෆේස් බුක්, රිංග් ටෝන් වගේ සංසිද්ධි වල ඉඳන් භාෂාව, ආදරය වගේ කාරණා තේරුම් ගැනීමේ වෙනස්කම් දක්වා දේවල් විහිළු වලට එකතු වෙනවා. ෂෝ එකක් මේ විදිහෙ වෙනස් වෙනස් තල ගණනාවක ප‍්‍රකාශනයක් විදිහට ගොඩනගා ගැනීමම ලොකු වැඩක්. 

මේ කොමඩිය කරන හැඩයෙන් සහ ඒ කරන භාෂාවෙන්ම ඒකට අදාල විඳීමේ පරිමාණයන් සළකුනු කරනවා (සෙමියොටික්ස්). මේ දෙන්නා කරන්නෙ මාස් කොමඩි නෙමෙයි කියල මං කියන්නෙ ඒකයි. උදා ‘ෆැන්ටසිය කඩන්න නං එපා...’ කියල නාකියෙක් කියද්දි දැනෙන මතුපිට විහිළුවට අමතරව ඒ භාෂා භාවිතය ඇතුලෙ ලකුණු කරන සිතීමේ කලාපය පැහැදිලි කාරණයක්. ඒක ෆේස් බුක්, යූ ටියුබ් වල සරන, මෙතෙක් රේඩියෝව ඉදිරියේ ඇතැයි නොසිතපු කල්පිත පේ‍්‍රක්‍ෂාගාරයක්. ඒකෙන් වුනේ රේඩියෝවෙන් මේ කොමඩිය උන් ඇහුවෙ නෑ. ඒ වෙනුවට ඇඞ් කපලා අප්ලෝඞ් කරලා තියෙන යූ ටියුබ් වර්ෂන් එක ෂෙයාර් වෙන්න පටන් ගත්තා.

මේ පසු නූතන අවකාශයක නිර්මාණය වෙන කොමඩි චරිත වීම නිසාම චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි බ‍්‍රෑන්ඞ් එකක් වෙන්න පුළුවන් වෙනවා. මේ බ‍්‍රෑන්ඞ් එකත් එක්ක බද්ධ කරලා තවත් බ‍්‍රෑන්ඞ් විකුනන්න පුළුවන් වෙනවා. මෙතනදී වැදගත් වෙන්නෙ ඇඞ් එකක තවත් චරිතයක් වෙනවට වඩා (වෙන අයට වෙන දේ) චූටි මල්ලියි පොඩි මල්ලියි විදිහටම මේ දෙන්නා බඩු විකුණන එක. ඒ ගොල්ලො ඒ ගොල්ලොන්ගෙ ප්‍රොඩක්ට් එක ඇතුලෙන් (ප‍්‍රවාදය ඇතුලෙන්) විකුණන්න  ඕන දේට මොකක් හරි සම්බන්ධයක් හදනවා. ඒක නැගලා යනවා. උදාහරණයක් විදිහට කි‍්‍රකට් මැච් මැද්දෙ මොබිටෙල් කරපු ෆෑන් ටෝක්ස්.  

නූතන සිංහල නාගරික තරුණයාගේ විහිළුව වෙන්න අවශ්‍ය සංස්කෘතික දේශපාලන කාරණා සම්පූර්ණ කිරීම හරහා ඒ පිරිස අතර රැුඳෙන මොඩර්න් යාන්ස්, ගොසිප් වගේ දේවල් අතට ගන්න චූටි මල්ලිටයි පොඩි මල්ලිටයි පුළුවන් වෙනවා. කටින් කට යන විහිළුවක් වුණත් හිනා යන විදිහට අලූත් යමක් එක්ක ආපහු නිර්මාණය වෙන්න  ඕන. විහිළුවක් කරද්දි වැදගත්ම දේ වෙන්නෙ මේ ප‍්‍රතිනිර්මාණ හැකියාව. මේ චරිත දෙක හරහා කාලයක් තිස්සෙ ගොඩනැගුණු විස්තර එක්ක සහ විශේෂයෙන්ම හ`ඩ ඇතුළෙන් මේ චරිත ස්පර්ශ කරන (ඇස් ඉදිරියේ මවන) සියුම් දේශපාලනයන් නිසා නිතර අසා ඇති විහිළුවලට පවා වෙනස් ආකෘතීන්, පසුතලයන් යලි නිර්මාණය වෙනවා. මේ පෝස්ට්-මොඩර්න් ෆෝක්ලෝර් කියන කලාපය චූටි මල්ලියි පොඩි මල්ලියි නිතර ඇසුරු කරන කලාපයක් වෙනවා.

බොරුවට මහින්දගේ හරි ආණ්ඩුවේ හරි ඇෙ`ග් එල්ලිලා හිනස්සවන්න හදන විහිළුවට වඩා අපි පසුකරමින් ඉන්න සංස්කෘතික නිමේෂයන් හරහා අපේ සම්බන්ධතා වෙනස් වෙන විදිහ ගැන කියන මේ විහිළු හිනාවෙන් පස්සෙ සිතීමකට අපිව තල්ලූ කරනවා. අනුන්ට හිනාවෙලා නිකං ඉන්නවා වෙනුවට අපි ඇතුලෙ අපේ දෙපැත්තක් ගැන සදාතනික කොමඩිය අවදි කරනවා.

නාගරිකයා සහ ගමයා අතර මේ විහිළුකාර සංවාදය සමාජ අර්ථයෙන් ගම සහ නගරය විදිහට ගන්නවට වඩා බරපතලයි. ලංකාවෙ ඉන්නවට වඩා ගමයො ඉන්නෙ බටහිර පදිංචි ලාංකිකයො අතර.  සෑම නාගරිකයෙක් තුලම විඳවන ගමයා සහ සෑම ගමයෙක් ආසාවෙන් බලා ඉන්නා නාගරිකයා කියන නූතන ලාංකේය මනසේ දෙබිඞ්ඩ චූටි මල්ලියි පොඩි මල්ලියි වෙනවා.
ඒක සෑහෙන ඇබ්ස්ට‍්‍රෑක්ට් වැඩක්. 

-චින්තන ධර්මදාස

4 comments:

  1. චූටි මල්ලි සහ පොඩි මල්ලි මම කාලයක් තිස්සේ අහනවා. ඔවුන් මතුකරන හාස්‍ය නිවැරදි තැනින් අල්ල ගන්න පුළුවන් අයට අමුතුවෙන් නිව්ස් බලන්න ඕන නැහැ. මොකද නිව්ස් කියන්නේ හිනා නොයන කොමඩි ගානට වැටිලා නිසා.

    මේ මල්ලිලා දෙන්නා ස්ටෑන්ඩ් අප් කොමඩියක් ගැන කතාකරා. ඒකට මොනවා උනාද දන්නේ නැහැ.

    ReplyDelete
  2. කාලෙකින් හොඳ පෝස්ට් එකක් කියෙව්වා.
    අර මුලින් කියපු ඈයො හිතන් ඉන්නෙ එයාලා කොමඩි කරනවා කියලා. හැබැයි අමතක කරන්න නරකයි ශා මරුනෙ එලනෙ පට්ටනෙ කිය කියා පුංචි ළමයිනුත් අරන් ඒ අදවියගෙ ෆිල්ම්ස් කියන නරිනාටක බලන්න යන දෙමාපියනුත් අද කාලේ ඕන තරම් ඉන්නවා.
    මුල ඉඳන් ලංකාවෙ සිස්ටම් එක වෙනස් විය යුතු කාලයක් මේ. හැබැයි මේක මේ විදිහටම තිබුණොත් මේව ගැන කතා කරන්නවත් කිසි කෙනෙක් ඉතිරි වෙන එකක් නැ මේ යන විදිහට

    ReplyDelete
  3. මම දැන් මාස ගණනකට ඉහතදී තමා යූ ටියුබ් එකෙන් අහන්න පටන් ගත්තේ. මට නම් අපි නොදන්න ලයිව් එකටත් වඩා චුට්ටෙයි පොඩ්ඩෙයි රේඩියෝ වැඩේ අල්ලලා ගියා. හඬ කැවීම අතින් මාරම හැකියාවක් තියෙන දෙන්නෙක්. දවසක් මං අහගෙන ටීවි එකේදී කිව්වා දෙන්නගේ හීනයක් තියෙනවා කියලා ඔවුන්ගේම චිත්‍රපටියක් හදන්න.

    ReplyDelete
  4. මම දන්නා කාලේ ඉදන්ම මේ දෙන්නගේ ප්‍රෝග්‍රෑම් බලනවා..අහනවා.. ඉස්සර ලිඝ්ට් එනකන් ප්‍රෝග්‍රෑම් එක යද්දී අපේ රේඩියෝ එකෙන් මම මේ ප්‍රෝග්‍රෑම් record කළා, අ අපේ තාත්තාගේ පරණ කැසට් ටේප් වලට..ඒවගේ තිබුණ ටී.එම් ගේ අමරදේව මහත්තයාගේ සින්දු උඩිනුයි ඒවා record වෙලා තිබුනේ.මම බැනුම් අහපු වාර අනන්තයි..එත් මන් වැඩේ අතාරියේ නෑ. ඒ මම පොඩි කාලේ.2002 විතර වගේ. ඊට පස්සේ මෙයාලා සිරසේ අපි නොදන්න live වැඩ සටහන කළා..අපිට ඉස්සර සිරස tv චැනල් එක හොදට පෙන්නේ නෑ..ඉති මගේ වැඩේ ඇන්ටනාව කරකවන එක. ඊට පස්සේ අපි නොදන්නා live වැඩසටහන නැවත්තුවාම ඇත්තටම මට අඩුනා. ඒ වෙනකොටත් මන් සිරසේ ගිය කාටුන් වැඩ සටහන් වලට ඇබ්බැහි වෙලා ඉවරයි, මොකද ඒ කාටුන් බොහොමයකට හඬ යෙදුවේ ගාමින්ද අයියයි සුනෙත් අයියයි නිසයි..ඉතින් මන් දවසක් එයාලව බලන්න හිතාගෙන සහ (හඬ කැවීම් අංශයට මන් ගොඩක් ආසා කරපු නිසා) සිරස tv එකට ගියා..කොහොම හරි තුසිත කරවිට කියන අයියගේ 4න් නුම්බර් එකත් හොයාගෙන එයාට call කරලා කිවා මට ගොඩක් ආසයි හඬ කැවීම් අංශයට එකතු වෙන්න කියලා.ඉතින් ඒ වෙනකොට සුනෙත් අයියලා සිරසේ හිටියේ නෑ..දැන් මම විශ්ව විද්‍යාලයේ 3න් වන වසරේ සිසුවෙක්..අන්තර්ජාලයට පින් සිද්ද වෙන්න (දෙරණ fm අහන්න වෙලාවක් නෑ අපිට ) සුනෙත් ,ගාමින්ද අයියලාගේ චුටි මල්ලියි පොඩි මල්ලියි ප්‍රෝග්‍රෑම් එක නම් අනිවා අහනවා,, හැබෙයි එයාලගේ කතා ආවට ගියාට කරන ඒවා නම් නෙවෙයි,ඒවායේ ගැඹුරු තේරුම් තියනවා.. එක්කෝ දේශපාලනේ ගැන, එක්කෝ සමාජේ වෙන දෙයක් ගැන.. අපි අතරේම තියන තාත්වික දේවල් අපිටම හාස්‍යක් ඉපිදෙන පරිදි පෙන්වා දෙනවා.. ඉතින් ටවමත් මගේ බලා පොරොත්තුව එයාලව හමු වෙලා වචනයක් දෙකක් හෝ කතා කිරීමයි. මම හඬ කැවීම් වලට ආස නිසාම නිර්මාණ කිහිපයක් තනියම කළා..

    https://www.youtube.com/watch?v=00fp3zGv9Zw
    https://www.youtube.com/watch?v=m4_-MXHVfII
    https://www.youtube.com/watch?v=5vZdcq2mLVg
    https://www.youtube.com/watch?v=KurjvqQjiWA
    https://www.youtube.com/watch?v=iBzxPWVCMxc
    https://www.youtube.com/watch?v=NphuLvlNE2w
    https://www.youtube.com/watch?v=uC84p9Zpki8&list=UUyIrwahmmc1YYf1AdlwQQQg
    https://www.youtube.com/watch?v=MJom5aReE2A&list=UUyIrwahmmc1YYf1AdlwQQQg

    මේ හැම නිර්මාණයකටම මං අදහසක් ගත්තේ සුනෙත්,සහ ගාමින්ද අයියලා ගේ ආභාෂයෙන්.. ඉතින් ඒ දෙන්නට ගොඩක් පින්..

    ReplyDelete