2014 දිහා මං හිස් කාමරයක් දිහා බලන් ඉන්නවා වගේ බලාගෙන හිටියා. ආයිමත් මොකක්වත් ලියන්න බලාගෙන ඉන්න හිස් කරදාසියක් නෙමෙයි, බඩු මුට්ටු ඔක්කොම හිස් කරපු, ආයිමත් කුලියට නොදෙන හිස් කාමරයක්. බිත්ති වල විතරක් අතීතයක් පිරෙන්න ගාපු කුරුටු. ළං වෙලා කියවන්න නොගිහින් කාලයක් යද්දි ඒ කුරුටුත් මැකිලා යනවා. නැත්තං නොපෙනී යනවා. කුරුට්ටක්වත් නැති හිස් ජීවිතේ මැද්දෙ පළවෙනිදා මං ඉඳගෙන ඔහේ ඉන්නවා.
හරි අමාරු ගෝසාවක් අවුරුද්දක් පටන් ගන්නවා වගේ දවසක දැනෙන්නෙ. එලියෙ විතරක් නෙමෙයි, ඇ`ග ඇතුලෙමත්. මං හිතන්නෙ මිනිස්සු නලියන්නෙ, ද`ගලන්නෙ ඒ ගෝසාව දරා ගන්න බැරුව. දෙසැම්බර් වෙනකොට හිස් වෙලා ගිය හැම දෙයක්ම ඊටත් වඩා ආයිමත් පුරවගන්නයි අපිට ඕනි. දැනුම වේවා, ආදරය වේවා, මනුස්සකම් වේවා, සල්ලි හෝ ඇඳුම් ආයිත්තම් වේවා, තම තමන්ගේ දැනීමේ ප‍්‍රමානයට අපි පුරවගන්න හදනවා. ඒකයි සතුට.
ඊට පස්සෙ සුබ සුබ සුබ සුබ සුබ සුබ කියල කෙලවරක් නැති සුබ පැතීම්. ඇත්තටම සුබ පැතීමක් හොඳයි ඒක පතන මිනිහට, ඒ හැ`ගීම ඇත්තට දැනෙන වචනයක් වුනා නම්. සුබ අලූත් අවුරුද්දක් වගේ වචන කියන්නෙ කිසිම හැ`ගීමක් නොදැනෙන හෑලි. ඒවා ඔහේ රිපීට් වෙවී චාරිත‍්‍ර විදිහට ගලාගෙන යනවා. ගුඞ් මෝනිං, ගුඞ් ඊව්නිං වගේම. පළවෙනිදා වෙද්දි මිනිස්සු මුනගැහෙන්න මහන්සියි. සුබ පතලම හති. විරිත්තලම කට රිදෙනවා.
මේ අලූත් වෙන වේගෙ අත් ඇරලා ඉන්න කොට පලවෙනිදා ලේසියෙන්ම හිස් තැනකට වැටෙනවා. කිරිබත් හදාගෙන, අලූත් ඇඳුම් ඇඳගෙන මුලූ ලෝකෙම උන් වැඩට ගියාම ජොයින්ට් එකක් පත්තු කරන් පාලූ කාමරේ මැද්දෙ ඉඳගෙන ඉන්න මට ලැබෙනවා. නමක් ගමක් වයසක් දිනයක් මොකුත් නැති හිස්කම එක්ක විතරක්. ඒක හරි දුර්ලභ අත්දැකීමක් මට මේ වෙද්දි.
පැය අටේ දහයෙ දොලහෙ සමහර වෙලාවට විසි හතරෙ කුලී සේවයට ඇතුල් වෙන්න කලින් මට ඔරලෝසුවක් නැති දවස් ගොඩක් තිබුණ. ඒත් ඒ දවස් මහ කාලකණ්ණිකමකින් පිරුණ. හරියටම හව් අයි වොන්ඩර් වට් යූ ආර් ෆිල්ම් එකේ ඞී හිටියා වගේම. එතකොට ඉන්නෙ කැතී එනකං බලාගෙන. මොකක් හරි වෙනකං බලාගෙන මොකුත් නොකර ඉන්න වෙනවා කියන්නෙ හිස්කමක් නෙමෙයි. ඒක ඒක පුක මහලා බඩ යන්න බෙහෙත් දුන්නා වගේ වැඩක්.
ඊට පස්සෙ මේ ඔරලෝසුවෙ නැති කාලය හරි පුංචි, අලූකුත්තේරුකම් වලින් පිරෙන්න ගන්නවා. ඒ කියන්නෙ අපේ පැවැත්මෙ සීමාව පුංචි කරන පුංචි අදහස් කලාප. ගොඩක් වෙලාවට වාමාංශික අදහස් මට දැනෙන්නෙ මේ විදිහට. ඊට පස්සෙ ඒ පුංචි සිතියමේ අපි සෙල්ලම් කරනවා. පුංචි රස්සාවක්, පුංචි පවුලක්, පුංචි ගෙදරක්..
සමහර වෙලාවට අපි මේක වෙනස් විදිහට කරනවා. ලොකු රස්සාවක්, සල්ලි කන්දරාවක්, ගෑනු ගොඩක්... එතකොට අපි තත්පරෙන් තත්පරේට අපේ ඔරලෝසු වෙලාව මිළ කරනවා. මේ මොකක් හරි විදිහට චක්කරයක් හදාගෙන අපි ජීවිතේට පිලිවෙලක් දෙනවා. ඒ මැද්දෙ ඉඳලා හිටලා එනවා අසනීප දවස්. අර පිලිවෙලේ නැති දවස්. අපිට අපි හිටපු අපිලිවෙල ජීවිතේ ආයිමත් මතක් කරන දවස්. මං හිතන්නෙ රස්සාවක ජීවිතේට පුරුදු වෙච්ච මිනිහෙකුට මේ අහම්බ අනිවාර්ය වෙන නිවාඩු දවස් මරණවා වගේ. දොර ගාව නතර වෙලා ඉන්න කාලකණ්ණිකම උළුවහුත් ගලෝගෙන කඩා වදිනවා ඇතුලට.
ඉස්සර බස් වලට නැගපු හි`ගන්නො දැන් නෑ. ආරස්සක ලේකම් තුමා නගරෙ ලස්සන කරන්න මේ කැත මිනිස්සුන්ව අයින් කළා කියල තමයි රට්ටු කතා වුනේ. ඒත් මට හිතෙන්නෙ මේ හි`ගන්නො අපේ පැවැත්ම පැත්තෙන් අපිට ලොකු උදව්වක් කරමින් හිටියා. උදේ ඇඳගෙන, කාල සටහනක් කොටාගෙන, හැමදේම හරි යන්න කියල පහනක් එහෙම පත්තු කරලා එලියට බහින අපිට බස් එකකදි අත දික් කරගෙන, බඩක් කපාගෙන, කකුලක් ගලෝගෙන එන මේ මිනිස්සු මූනට මුනගැහෙනවා. ඒ මිනිස්සු අපිට කතා කරනවා. අපේ පිළිවෙලක් වුණු හීනෙ අවුල් කරනවා. ‘මොන මූසලකමක්ද?’ කියල මූන අකුලගන්න එක පිටිපස්සෙ තියෙන්නෙ අපිට වෙන තිගැස්ම. අපේ සැලසුම්ගත ජීවිතේ මරණය. සිදුහත් බුදුවුනේ ඇත්තටම මේ නිමිති ගෙනාපු මිනිස්සු හින්ද. මං හිතන්නෙ බුදු කෙනෙක් දකිනවට වඩා වටිනවා මේ පෙර නිමිති මුනගැහෙන එක අපිට.
ඒත් ආන්ඩුව විසින් තීරණය කළා සමස්ත ජනතාව අවබෝධය කරා ගෙනියන මේ පෙර නිමිති අහෝසි කරලා එකම අලංකාර සිහිනයක රඳවන්න. ඒත් වාහනේ යනකොට රතු එලිය යට තාමත් මේ දෙවි දේවතාවන් වැඩ ඉන්නවා. කොළ එළිය කියන්නෙ ඒ අවබෝධය ලබන්න තරම් හේතු වාසනා නෑ කියන එක. තැඹිලි කියන්නෙ යන්තං බණ පද ඇහෙන්න විතරයි පින තියෙන්නෙ. රතු කියන්නෙ අවබෝධය ඔයා හොයාගෙන ඇවිත් ඔයාගෙ ජනේලෙට තට්ටු කරනවා කියන එක.
අපිට හොඳටම මළ පනින්නෙ අපේ ජනේලෙට අනවසරයෙන් එහෙම තට්ටු කරද්දි. අපේ සීමාව තල්ලූ කරද්දි. ‘ච...’ ගගා ඉන්න යාබද වාහන වල උන් දිහා බලලා ත‍්‍රිල් ගන්න තරමට මේකට පදං වෙලා මං දැන්. ඒත් එක දවසක් මං රෝද පටුවකින් ආපු මේ දෙවියෙක් දිහා බලන් හිටියා. කෙළ පෙරාගෙන, දත් නැතුව කට විරිත්තං ගොරොද්දයක් විතරක් දාන මේ පුංචි මතක් කිරීමට කීයක් වත් දෙන්න ඉක්මන් නොවී මං ඒ දිහා බලාගෙන හිටියා. අත දික් කරගෙන ඒ මනුස්සයත් දිගටම එතන හිටියා. අම්බානක කුඩු ගහලා කියලා ලේසියෙන් මග ඇරලා නොගියොත් මං දැක්කා ඔන් ඕෆ් වෙන මිනිහෙක්. කපටිකම හෝ පාදඩකම කියන අපේ තේරුම් ගැනීමේ නිශ්චයන්ට වඩා එහාට ගිය, බඩගින්න වගේ බේසික් විතරක් යන්තමට දැනෙන ශරීරයක් ඇතුලෙ ඉන්න නොඉන්න පැවැත්මක්. ඒ වයසට යනකල් ජීවිතේ අල්ල ගන්න කරපු පොර බැදීම් වලින් පස්සෙ ඒ විපාකයන්ගෙන් හා පරිපාකයන්ගෙන් එයා හැමදේම අත්ඇරලා වග පැහැදිලියි. ජීවිතය හා මරණය කියන සීමාවන්ගෙන් එහාට මේ කෝටු මිනිහා ගිහින් තිබුණ. මං රුපියල් පහක් දුන්නද නැද්ද කියන එක ගැන හිතන්න තරමටවත් එයා මේ ලෝකෙට අඩිය නොතියන වග සහතිකයි. ඇස් මං දිහාවට හැරිලා තිබුණට ඒ ඇස් පිටිපස්සෙ ඉඳන් කවුරුවත් මං දිහා බලාගෙන හිටියෙ නෑ.
මට හිතෙන්නෙ මේ වගේ හදිසි කඩා පැනීම් කියන්නෙ පැවැත්මෙන් එන ආදර පණිවුඩ. සිද්ධාර්ත මේවා දැකලා බයවුනා. එයාගෙ සැලසුම් ඔක්කොම අවුල් වුණා. එයා කැලේට පැනලා ගියා. මේ හැම දෙයක්ම පැහැදිලි කරන කේවල සත්‍යයක් සොයා නොගෙන එතනින් එහාට ජීවත් වෙන්න බැරි වුණා. ඒත් මං කියන්නෙ මේ ඩිප්‍රෙෂන් එක නෙමෙයි. ඒක හිස්කමෙන් පැනලා යන්නවත් ඒක තේරුම් ගන්න හෝ ජය ගන්න දාන ට‍්‍රයි එකක්වත් නෙමෙයි. මේ සැලසුම් අවුල් වෙන පොඩි පරතර වල ඔහේ වැතිරිලා ඉන්න එක.
මට රුවන් බන්දුජීවගේ කවි වල දැනෙන්නෙ මේ ත‍්‍රිල් එක. ෆේස් බුක් එකේ වමනෙ දානවා වගේ දෝරෙ ගලන කවි ජරාව මැද්දෙ ඒ කවි ෆේස් බුක් එක ඇතුලෙත් පොඩි හිඩැසක් හැදුවා. තොරතෝංචියක් නැති හැමෝගෙම කතා බහ ගෝසාවෙ ඒක පොඞ්ඩක් ඉඳගෙන ඉන්න පුළුවන් තැනක්, බෝ ගහක් යට වගේ (බෝධි පූජා නොතියන).
රෝස උයනට පැමිනි කුමරිය
උයන් පල්ලා දෙස බලා
සියලූ වල් පැල උගුලගෙන ගොස්
පුළුස්සන්නට අණ කළා
ළංව බැලූවොත් මිසක් නොපෙනෙන
පුංචි තණකොල මල් දිහා
බලාගෙන සිටි උයන්පල්ලා
තදින් සුසුමක් පිටකළා..
මේ කවිය කියාගෙන යන සරලකම, තාලෙ වගේම කවිය ඇතුලෙ පේන කට් කීපයට මං ගොඩක් ආසයි. පොඩි මිනිහෙකුටයි පොඩි උන් ගැන දෙයක් දැනෙන්නෙ වගේ ෆ්ලැට් තේරුමට නොගිහින් ටිකක් එතන ඉඳගෙන හිටියොත්, කුමරියගේ රෝස උයන අවුල් කරන වල් පැල ගැන එයාට එන කේන්තිය එක පැත්තකින්, ඒ රෝස පැල යට වැවෙන වල්පැල කියන රොත්ත මැද්දෙත් පිපිච්ච පුංචිම පුංචි ඞීටේල් වලින් ලස්සන වෙච්ච තණකොල මල් තව පැත්තකින්. කුමාරිට පේන්නෙ ලොකු රෝස මල් විතරයි. ඒත් උයන්පල්ලාට පුංචි තණකොල මලූත් පේනවා. කුමාරිගේ රෝස සිහිනය අවුල් වුනාට වල්පැල වලින් උයන් පල්ලාගේ සිහිනය අවුල් වෙන්නෙ නෑ. එයා ඒ වල්පැල මැද්දෙත් ලස්සන මල් දකිනවා. හි`ගන්නො ඉන්නකොට කොළඹ උයන ගැන ආරස්සක ලේකම් තුමාගේ හීනය අවුල් වෙනවා. ඒ හි`ගන්නො ඔක්කොම එලවලා දාන්න හරි මකවලා දාන්න හරි නියම කරනවා. ඒත් ඒ මිනිස්සුන්ටත් පුංචි හරි මල් පිපෙන හීන තියෙනවා. ඒත් අපි උයන් පල්ලා තරං සංවේදී නෑ. අපිට ඒ ගැන තදින් හුස්ම වැටෙන්නෙ නෑ..
රුවන් ගේ කවි වල ගොඩක් වෙලාවට මං කැමති මුල් කෑල්ලට. හොඳට අඳින්න දන්න සිත්තරෙක් මුලින්ම පින්සලෙන් කැන්වස් එක උඩ ගාන නිදහස් බ‍්‍රෂ් පාරවල් කීපයක් වගේ. ගොඩක් අදහස් පිරෙන ඉඩක් හදනවා. ඒත් සමහර වෙලාවට රුවන් එතනින් එහාට ගිහින් කතාව සම්පූර්ණ කරන්න හදනවා. එතනදි මගේ ආතල් කැඩෙනවා.
මේ දැනුත් පිටකොටුවේ
ජෑම් බෝ කොට්ටම්බා පැල් තුල
පිපිරෙමින් ඇත කපුටු බිත්තර
පැටව් එලියට ආවම
උන් අහන පැණ වලට
කපුටන්ට කෝ උත්තර?
මට ඒ කවියෙ ඕන එච්චරයි. ඒකෙන් මාව මං ඇතුලෙ හිඩසකට තල්ලූ කරනවා. ඒක විස්තර කරන ඉතිරි පේලි වලින් ඒ හිඩස පුරවලා මට ඒක මගේ අත්දැකීමක් නොකර වෙන කාගෙ හරි දෙයක් කියවන තැනට ගේනවා. ඒත් ඒක මගේ පුද්ගලික අදහස. වෙන කෙනෙකුට ඒ විස්තරය වෙන්න පුළුවන් ති‍්‍රල.
මේ කවි වල තියෙන ආනයනය නොකරපු අපිට ළ`ග ඇබ්ස්ට‍්‍රෑක්ට් ගතිය මගේ චූන් එක තවත් වැඩි කරනවා. ඒක ආනන්දයෙන් ප‍්‍රඥාව කරා ගෙනියනවා වගේ එකක් නෙමෙයි. එහෙම ප‍්‍රඥාව පැත්තට ගෙනියන්න හදන කවි ටිකට තමයි මං රුවන්ගෙ අකමැතිම. මං කැමති ආනන්දයෙන් නතර වෙච්ච කවි වලට. සෙන් කවි වගේ ඇතුලෙ දේවල් ලිහෙන්න හදපු ගැලපිලි වලට. ඒක මං කලින් කියපු හිස්කම අපිට දනවනවා.
මේ උයන්පල්ලා තදින් හුස්මක් හෙළලා ඊළ`ගට උදැල්ල ගෙනැත් තනකොල මල් එක්කම වල්පැල ටික ගාලා දානවා. ඒක හරියටම සයිමන්ගෙ දඩයක්කාරයා කුරුළු පැටව් ටික මුලින් ලව් එකේ කූඩුව උඩින් තියලා ඊට ටිකකට පස්සෙ කිරිල්ලිව අතේ මිරිච්චං කරලා මැරුවා වගේ.
සමහර කවි පට්ට විෂුවල් හදනවා. නුවර වැව එක්ක වෙරි වෙන කවිය කියවන්න කියවන්න වදිනවා. මහ ජලාසය ඉස්සරහ හිටගෙන බෝතලයක් වැවට වක්කරන හැටි පේනවා. වැවක් එක්ක වෙරි වෙන්න...වැවක් තරමට වෙරි වෙන්න...මේ වගේ එකී නොකී තේරුම් මවන වචන පේලි එක්ක අපි පරණ ලව් මතක් කරනවා. ඒ මදිවට නුවර වැව ළ`ග..
හිස් පිටුවක පොඩියට කලූ අකුරෙන් කවි ප‍්‍රින්ට් වුනාමත් ලස්සනයි. ඒ ලොකු සුදු ඉඩ මැද ඒ ඉඩට තේරුං හදන කවි කියවන්න වගේම බලන් ඉන්නත් පුළුවන්. මං කියන්නෙ කවියක ලස්සන ඒ හිස්කම. කේවල තේරුමක්, දිශාවක් වෙන විදිහකින් නම් ‘ප‍්‍රඥාවක්’ දෙන්න යනවා වෙනුවට ගමනාන්තයක් නැති ගමනක් එක්කං යන එකයි මාව කවි කියවන්න පොළඹවන හේතුව. ඒක හරියට පිල් එකක් වගේ. ගන්න කෙනා යන්නෙ තමන්ගෙ ටි‍්‍රප් එක.
පළවෙනිදා ඉවර වෙන්න තව තියෙන්නෙ ඔරලෝසු පැය කීපයයි. හෙට ඉඳන් ආපහු කැලෙන්ඩරේ දවස් පටන් ගන්නවා. මේ ආශීර්වාද ලත් හිස්කම ඇතුලෙ වැතිරිලා ඉන්න හෙට ඉඳන් මං අකමැති වෙනවා.
හොඳ හුස්මක් හෙළලා මං වල් පැල උදලූ ගාන්න පටන් ගන්නවා.
-චින්තන ධර්මදාස
ආතල් එකේ ඉන්න...මමත් ආසයි
ReplyDeleteරෝල් කර ගන්න......තමයි අමාරු
ජීවිතයද?
ජොයින්ට් එකද?
දෙකම.