Thursday, December 1, 2016

අංපිටියෙ සුමන එක්ක යමු.


යමු එකෙන් කරපු අංපිටියෙ සුමන ගැන රියැක්ෂන් වීඩියෝ එක ෆේස්බුක් එකේ ලොකු ගින්නක් අවුළලා තියෙනවා. කොහොමටත් සිංහල බෞද්ද මහාඑක පැත්තෙන් එහෙම පත්තුවීමක් එන්න  ඕන සහ ඒක ආස්වාදනීය වෙන අතරෙ විකල්ප, බුද්දිමත්, මධ්‍යම පාංතික, සිංහල බෞද්ද මහා එකට එලියෙන් ඉන්න අයගෙන් මතුවෙන අදහස් ඊට වඩා තීරණාත්මකයි. ගොඩක් අය සුමනට එක`ග නැති වුනත් යමු එකේ මේ පෙනී ඉන්න පිරිසට ඊට වඩා විරුද්දයි. මේක පොලොවෙ පය ගහපු නැති, කිසි දෙයක් නොතේරෙන, පොෂ් බබ්බු ටිකක් විසින් නොදන්නා දේශපාලන කලාපයකට අත දැමීමක් කියල චෝදනා එනවා. දැන් තියෙන තත්වෙ අනුව වඩා වැදගත් වෙන්නෙ සුමන හෝ එයා වෙනුවෙන් පෙනී ඉන්න සිංහල බෞද්දයා තේරුම් ගන්න එක නෙමෙයි, අපි විසින් විකල්ප හෝ ප‍්‍රගතිශීලී හෝ බුද්දිමත් හෝ කියා උපකල්පනයක සිටි මේ පිරිසකගේ මේ ස්කිසොෆ‍්‍රිනික් තත්වය ගැන ටිකක් මයින්ඞ්ෆුල් වෙන එකයි.

ගොඩක් අය නෝන්ඩියටත් කීපදෙනෙක් ඇත්තටමත් අහලා තිබුනා යමු කියන්නෙ මොකද්ද කියල. මේ ප‍්‍රශ්නෙ අහන ගොඩක් අය නොදැන ප‍්‍රදර්ශනය කරන ඇත්ත වෙන්නෙ තමන් ලංකාවෙ ගතකරමින් ඉන්නෙ නාගරික ජීවිතයක් නෙමෙයි කියන එකයි. ෆේස්බුක් පිටුවක් තියෙන කිසිම කෙනෙක් යමු ගැන නොදැන ඉන්න බෑ. ෆේස්බුක් පිටුවක් නැත්තං එයා මේ මොහොතෙ ජීවත් වෙන්න බෑ. 

යමු, ලංකාවෙ අලූත් කෑම සංස්කෘතියක් ඇති කරපු වැඩක්. කෑම සංස්කෘතියක් නිර්මාණය කරනවා කියන එකම රටක සංස්කෘතික දේශපාලනය වෙනස් කිරීමක්. ලොකු පොඩි උස් පහත් භේදයක් නැතුව එක එක කෑම ජාති ගැන එක එක තැන් ගැන එක එක වැඩ ගැන ලියන්න යමුට පුළුවන් වුනා. මං හිතන්නෙ ලංකාවෙ මුල්ම සහ සාර්තක වුනු ස්ටාර්ට්-අප්ස් කීපය අතරට යමු වැටෙනවා. මුලින්ම ඉංග‍්‍රීසියෙන් විතරක් ගිය වැඬේ පස්සෙ සිංහලටත් පෙරළුනා. වෙබ් එකේ  ඕන වැඩක් සිංහලට පෙරලෙන තැනදියි ලංකාවෙ වැඩ කරන්න ගන්නෙ. එතනින් යමු පොඩි පොඩි එන්ටර්ටේන්මන්ට් වැඩත් කරන්න පටන් ගත්ත. ඉංග‍්‍රීසි සමාජෙට හුරුපුරුදු මේ වැඩ සහ අදහස් සිංහල සමාජයට එනකොට වෙනස් සංස්කෘතියක් නිර්මාණය කරන්න ගත්ත. වැදගත්ම දේ විදිහට මං දකින්නෙ ඉංග‍්‍රීසි මධ්‍යම පංතියෙ ජීවත් වුණු යමු බහුතරයක් දෙනා සිංහල සමාජය තේරුම් ගන්න, ඒ සමග දේවල් ෂෙයාර් කරන්න, ඒ සමාජ ජීවිතේට මැදිහත් වෙන්න දරන ඇත්ත උත්සාහයයි.

මේ උත්සාහය වඩා වැදගත් වෙන්නෙ ලංකාවෙ සිංහල සමාජය හුරුපුරුදු යටත්වැසි මානසිකත්වයෙන් එලියට හිතන්න ඉංග‍්‍රීසි සමාජය හුරුපුරුදු පුරවැසි මානසිකත්වයේ සිතීම අනිවාර්යෙන්ම  ඕන කරන හින්දයි. මතුපිටින් විතරක් ගත්තත් යමු පාවිච්චි කරන ඉතාම සරල වීඩියෝ ආකෘති ලංකාවට ගොඩක් අලූත්. වෙබ් මීඩියා කියන එක ගැන යම් අදහසක් රටට අරන් එන්න යමුට පුළුවන් වුනා.

ඒ විදිහෙ එක වැඩක් තමයි රියැක්ෂන් වීඩියෝ කියන එක. ඒක ලංකාවෙ කාටවත්ම පුරුදු වැඩක් නොවන වග සහතිකයි. රියැක්ෂන් වීඩියෝ එකක් කියන්නෙ යම් සිදුවීමක් හෝ අවස්ථාවක් ගැන යම් කෙනෙකුගෙන්, නැත්තං කීපදෙනෙකුගෙන් ඒ වෙලාවෙම ගන්න රියැක්ෂන් එක කැප්චර් කිරීමක්. ඒක ඒ පුද්ගලයා නොදැනුවත්ව වීඩියෝ කරන්න තරම් අව්‍යාජ වෙන්න  ඕන. මේක මුලින්ම පටන් ගත්තෙ ජනප‍්‍රිය ටෙලි සීරීස්වලට නරඹන්නො දක්වන ප‍්‍රතිචාර විදිහට. ඊට පස්සෙ තව ගොඩක් දේවල් වලට රියැක්ෂන් වීඩියෝ හැදෙන්න ගත්තා වගේම නැවත නරඹන්නො ඒවා අගය කිරීමට හේතුව වුනෙම ඒවයෙ අව්‍යාජකම. එකවරම හිතන දේ එඩිට් නොකර එලියට දැමීම. 

ඒක හරියට අපි යාලූවො ටිකක් කතා කර කර ඉන්නවා වගේ. මාධ්‍යයකට හෝ තවත් කාටවත් කරන අදහස් දැක්වීමක් නොවෙන ජීවිතේ විවෘත මොහොතක්. ඒ වෙලාවෙ යම් කතාවකට හෝ චරිතයකට අපිට එන ඒ මොහොතෙ ප‍්‍රතිචාරය අපේ තාර්කික ප‍්‍රතිචාරයට වඩා ආස්වාදයක් වගේම කරුණු වලට වඩා මූඞ් එකක් මුදා හරිනවා. ස්පොන්ටේනියස් රියැක්ෂන් එකකදි ඒ කතා කරන කෙනාගේ දැනුවත්භාවයන් හෝ තානාන්තරයන් අදාල නෑ. ඒකෙ සම්පූර්ණ විනෝදයම තියෙන්නෙ ඒ සියල්ලක් නැති නිරුවත් මොහොතක් වෙන එක.
සුමන ගැන කරපු වීඩියෝ එකට අදාල අපේ ගොඩක් විද්වත්තු අදහස් පළකරමින් තිබුනෙම රියැක්ෂන් වීඩියෝ කියන මාධ්‍යය භාවිතය ගැන නොදැන. ‘ඇත්ත තත්වය ගැන මීට වඩා හොයලා බලන්න  ඕන’, ‘ප‍්‍රශ්නෙ මතුපිට නැතුව ගැඹුරට බහින්න  ඕන’ වගෙ කතන්දර වල තියෙන්නෙම පරණ සබුද්දික අදහස් දැක්වීමක ඉල්ලා සිටීමක්. ඉන්ටර්නෙට් මාධ්‍යයේ ඇති සුවිශේෂීතාවයම පදනම් කරගෙන බිහිවුණු නව සන්නිවේදන අවකාශයන් නොතකා හැරීමක්. 

රියැක්ෂන් වීඩියෝ එකක් කවුරුවත් සීරියස් ගන්නෙ නෑ. ඒකෙ අරමුණම මොහොතක ආස්වාදයක් දැනවීම විතරයි. කිතිකැවීමක් හෝ කෙනිත්තීමක් විතරයි. ඊට වඩා සීරියස් වෙන්න කියල ඉල්ලන එකේ තේරුම වෙන්නෙම ‘අපේ ඉන්ටලෙක්චුවල් ආකෘති හොල්ලන්න එපා’ කියන එකයි.

අනිත් ආකර්ශනීයම වැඬේ අපේ බුද්දිමත් සමාජය මේ සීරියස් වෙන්න කියන ඉල්ලීම ඇතුලෙම මේ ඉංග‍්‍රීසි මධ්‍යම පාංතික තරුණ ජීවිත වලට ඇති විරෝදයත් ෂේප් එකේ තල්ලූ කරන හැටිය. තමන් විසින් ගොඩනගා ගත් දැනුමේ, විචාරයේ සහ දේශපාලනයේ ආධිපත්‍යයට අභියෝග කරන මේ ජනප‍්‍රිය ඉංග‍්‍රීසි කතාකරන සමාජ ක‍්‍රියාකාරී රැුල්ල පාගා දැමීමේ උවමනාවත් ගොඩක් කමෙන්ට් ඇුතුලෙ තියෙනවා. හරියටම කිව්වොත් මේ නව සමාජ සංස්කෘතියට විරුද්දව සිංහල බෞද්ද අශිෂ්ට බලවේගයන් එක්ක එකට හිට ගන්න වුනත් මේ ශිෂ්ට යැයි කියන බුද්දිමත්තු සෙට් එක මේ වගේ වෙලාවක ලෑස්තියි. එතනදි දැනෙන්න ඉස්සරහට එනවා පංති හීනමානය. තමන් ජීවිතේ ඇතුලෙ කාපු පරිප්පු ‘පොලොවෙ පය ගැහීම’ කියලා වටිනාකමකට ආදේශ කරගනිමින් ඒ පරිප්පුව නොකාපු කෙනෙක් වැඩි සංකේතීය ප‍්‍රතිලාබයක් විඳිනවා බලන් ඉන්න බැරි අතිසරල ගමේකමක් මේ විරෝදය පිටිපස්සෙ තල්ලූ වෙනවා. 

සංස්කෘතික වෙනසකදි වඩාත්ම ප‍්‍රතිගාමී අන්තයන් නියෝජනය කරන්න නියමිත මේ සමාජ බුද්දිමතුන් කට්ටියයි. ආචාර්යවරුන්, වෙදුන්, සහ ස`ගුන්ගෙන් සැදුම් ලත් මේ සෙට් එක ශිෂ්ට සමාජයේ තමන් විසින් අත්පත් කරගත් බලය අභියෝග වෙන  ඕනම තැනකදි  ඕනම ප‍්‍රතිගාමී බලවේගයක් එක්ක එකට හිටගන්න ලෑස්තියි. මේ මොහොතේ වැඩිවිස්තර නොකළත්, එක්තරා පුද්ගලික විශ්ව විද්‍යාල ගැන සාකච්ඡුාවකදී මෙවන් ප‍්‍රගතිශීලී බුද්දිමත් ආචාර්යවරයෙක් ‘උපාදිය කියන්නෙ සමාජ සහතිකයක්’ යැයි විලිලැජ්ජා නැතුව පැවසීමත් (තවත් අව්‍යාජ රියැක්ෂන් එකක්), ඉතා මෑතක දොස්තර කෙනෙක් ‘වැඩි ගනං බෙහෙත් ලියන්නෙ ධනපතින්ට, අඩු ගනං බෙහෙත් ලියන්නෙ කම්කරුවන්ට’ යැයි කියා සිටීමත් මේකට අප්ඬේටඞ් උදාහරණ දෙකක්.

කොයි විදිහක පසුබිම් හේතු තිබුනා වුනත් රාජ්‍ය නිලධාරීන්ට ඒ විදිහට බාධා කිරීම සහ අපහාස කිරීම ද`ඩුවම් ලැබිය යුතු වරදක්. විශේෂයෙන් සිවුරක් හැඳගෙන පූජ්‍ය පක්ෂ ගෞරවය ලබමින් සුමන දිගටම නිලධාරීන්ට කරන මේ අතවරය සදාචාරාත්මකවත්, රටේ නීතිය අනුවත් වරදක්. අපේ බුද්දිමත් පාර්ශ්වයේ යෝජනාව මේ මතුපිට කාරණය නොතකා ප‍්‍රශ්නයේ ගැඹුරට සාකච්ඡුාව ගෙනයන එකයි. එතකොට කාටවත් ඒ මතුපිට හිංසනය පිළිබඳ කාරණාව ඉස්මතු කරන්න අයිතියක් නැද්ද? අපි ප‍්‍රශ්න විසඳාගැනීමේ ක‍්‍රමයක් විදිහට ප‍්‍රචණ්ඩත්වය සහ අශිෂ්ටත්වය අනුමත කරනවාද?

මෙතනදි යමු මේ වීඩියෝව හදපු එකේ කිසිම වැරැුද්දක් මට පෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ වගේ සමාජ කතිකාවලට තමන්ගේ සිග්නේචර් එක ඇතුව මැදිහත් වීම ගැන අගය කිරීමක් විතරයි මට තියෙන්නෙ. එකම අවුල මේ හරහා අංපිටියෙ සුමනෙ උවමනා නැති තරම් අවකාශයකට පිම්බී විශාල වෙන එකයි. සුමන ජනප‍්‍රිය වුනේම එයා ගැන ගිය නෙගටිව් වීඩියෝ හරහා. හරියට ඩොනල්ඞ් ට‍්‍රම්ප් වගේ තමන්ගේ සදාචාරයක් නැතිකම ගැන නැගෙන සියලූ ජෝක්, විහළු, අප‍්‍රසාදයන් තමන්ට ලැබෙන මනාප බවට පත් කරගන්න සුමන නොදැනුවත්ව දැනුවත්. ඒ නිසා යමු වීඩියෝව හරහා අනිවාර්යෙන්ම සුමනගෙ බැංකු ගිණුම් පිරෙන්න පටන් ගන්නවා. නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අභීත විරුවා බවට කුණුහබ්බ පලන අංපිටියෙ සුමන අභිෂේක ලබනවා. 

සුමන විසින් පෙනී ඉන්නා ජනතාවගේ දුක පිළිබඳ කඳුළු සලන මහතුන් දැනගත යුතු දේ වන්නේ ලංකාවෙ ඉතිහාසෙ කිසිම අවස්තාවක හාමුදුරු කෙනෙක් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී ඉඳලා නැති වගයි. හැමවෙලාවකම සිද්ද වෙන්නෙ හාමුදුරුවො වෙනුවෙන් ජනතාවක් පෙනී ඉන්න එකයි. ඉතිහාසෙ දුර වැඩි නම් ඉතා මෑතක රතු පස්වල හාමදුරුවන්ගෙ ජනතා සටන සිහිකැඳවන්න පුළුවන්.

- චින්තන ධර්මදාස

Monday, October 17, 2016

A pilgrimage to the city of illicit love



An affair in office is a state that everyone should wish for. No matter how many contradictions there maybe, the experiences brought by such an encounter can never be ignored. The important thing here is that the romance at work doesn’t become another marriage. The question a lot of people bring out here is ‘what’s the whole point of it? There’s no ultimate outcome, is there?’

Just as life is all about living, love is all about loving. There’s no need for it to transform into something else. That existence, that outflow, it’s all about the moment where that space is shared. But we are used to an ultimate conclusion. A destination.To create a corporation out of love. Sometimes this even brings about an end to love. (If marriage is not sustained in a way which is unlike a marriage, I think love dies there. We meet plenty of such dead people living together on a daily basis)
Firstly, love at any given point or way cannot be in bane. On the other hand if it’s counted as bane in contrast to another construction, there can be no such construction which is worthy of securing more than love itself. By attempting to control or sensor a love that even spurs up in a moment and dies away at the next,  we expect to protect a condensed or a numbed state in our lives. Any matter can be wrong but love can never be wrong at any time under any circumstance.

A few months ago, Randu gifted me with the book “Adultery” of Paulo Coelho. There are some books that change the reader during the process of reading itself. Books that pushes you into freedom and into another layer of thinking. I have come across two such books of Coelho. One is this and the other is Eleven Minutes. I don’t feel that even the Alchemist that’s counted as his masterpiece is as influential as these two books.

Coelho goes into deep soulful discussions of illicit romances in his book Adultery.

“Learn to love better. This should be our goal in the world: learn to love. Life offers us thousands of opportunities for learning. Every man and every woman, in every day of our lives, always has a good opportunity to surrender to Love. Life is not a long vacation, but a constant learning process. And the most important lesson is learning to love. Loving better and better... But one thing will be forever marked on the soul of the universe: my Love. All in spite of my mistakes, my decisions that caused others to suffer, and the moments when I thought it didn't exist.” ― Paulo Coelho, Adultery

We spend the most amount of time of our day in office or at a place of work. In other words the best time of the day is spent there. Other than the weekends and the few hours in the night, we live our lives inside our job. From a romantic relationship, it gives a different meaning to that entire time spent there.

In terms of ‘work’ such affairs helps to shift the frustrations of a job into a condition where every moment is spent with eagerness and cheer. I think companies should also promote such relationships because it brings about such good results in terms of productivity. Also it makes way to have a romantic human vibe inside the organization.

Even in terms of the society instead of a life that’s squared into a family, a life that renews its youthfulness and freedom is proposed by this ‘ill’icity. These relationships can give a fresh breath to the lethargic or dying family lives.

The moment we speak about this, there can be criticism arising from within ourselves about the issues in this related to sex and chaos it can bring into the family. Such issues and criticism doesn’t go beyond the basics of sexual jealousy and respecting social conditionings we are accustomed to.  In truth, we enter new universes in such relationships. Our time stretches on illogical human moments. In the end we are left with a choice, if life is a straight line or weather it’s a cloud like uncertain bran.
Coelho writes a beautiful description on such sensitivities of love.

“Some people say that, as summer approaches, we start to have weird ideas; we feel smaller because we spend more time out in the open air, and that makes us aware of how large the world is. The horizon seems farther away, beyond the clouds and the walls of our house.”
― Paulo Coelho, Adultery

The negatives of such relationships really come about when these relationships attempt to replace older relationships. Meaning, these relationships also see the need of adhering to norms. It yearns again for the protection of an orderly and mechanical relationship. This can make many unpleasant things take place. Because it’s a state just like the marriage spoken of earlier.

“Going after a dream has a price. It may mean abandoning our habits, it may make us go through hardships, or it may lead us to disappointment, et cetera. But however costly it may be, it is never as high as the price paid by people who didn’t live. Because one day they will look back and hear their own heart say: ‘I wasted my life.”
― Paulo Coelho, Adultery

The most important thing is that love exists beyond the registered time of the clock. That’s a human accident. To a certain extent a parallel universe. We enter into another universe from our usual subjective universe. We stride across universes like time travelers.

An illicit affair is submission to a feeling of risk disregarding social norms or bonds. Only a very few people takes such free steps with concern matters of life. We are bound to then write letters in a paper without any lines. Its up to us to decide whether we are going to go ahead writing along straight lines even if there are no real lines or whether we are going to write everywhere all across the paper.

The most important result of office romances is that people are uprooted from the boundaries of their households. The creation of a life that’s re-shared with the society beyond the sustenance of households. The normal reality of Sri Lanka is that once you create a family you disown a life that’s beyond the four walls of that household.

“That’s why we like fish in aquariums; they remind us of ourselves, well fed but incapable of moving beyond the glass walls.”
 ― Paulo Coehlo, Adultery

I was thinking recently why every public discussion or meeting begins in Sri Lanka at 3pm and that also during weekdays. With concern to the organizations, at a least short leave is required to be given. But the meetings always happen at 3pm. A main reason for this could be the meetings are required to be held during the working time itself. Even though people are willing to commit time out of ‘working time’ for a social cause or need, they are not ready commit hours out of their ‘household time’. No matter how many positive facts there may be in creating a family, the trapped lives lived by the majority is not an effective state for the society. This is a situation similar to roads. Many vehicles refrain from crossing lines not because of accidents but for the fear of Police. On the other hand unlike vehicle accidents, human accidents are beautiful experiences.

These unauthorized romances bring people back to an open society from family society. It proposes a human space that can accept uncertainties, weaknesses and contradictions. It creates flexibility in structures that are numbed and condensed.

“Let yourself get carried away by the night from time to time. Look up at the stars and try to get drunk on the sense of infinity. The night, with all its charms, is also a path to enlightenment. Just as a dark well has thirst-quenching water at its bottom, the night, whose mystery brings us closer to the mystery of God, has a flame capable of enkindling our soul hidden in its shadows.” ― Paulo Coelho, Adultery


Even amidst of thousand insults illicit/ office romances are doing a lot of progressive work that even go beyond producing creative energy into monotonous patterns of the mind and body. It takes us back into risk. It challenges our consistency and stand. It’s a moment where life goes ablaze as fast as hydrogen.  No one who is alive can refrain from going in flames at a moment as such. 

Chitnhana Dharmadasa 

Friday, October 14, 2016

අනියම් ස්නේහයේ නගරයට වන්දනාවක්..



ඔෆිස් එකක පේ‍්‍රමයක් කියන්නෙ මං හිතන්නෙ හැමෝම ප‍්‍රාර්ථනා කළ යුතු තත්වයක්. කොයිතරම් ප‍්‍රතිවිරෝධතා තිබුනත් ඒ කිසි එකකින් එවන් පේ‍්‍රමයකින් ලැබෙන අත්දැකීම නොතකා හරින්න බෑ. මෙතනදි වැදගත් දේ වෙන්නෙ ඔෆිස් පේ‍්‍රමය තවත් ‘කසාද පේ‍්‍රමයක්’ නොවීමයි. එතකොට ගොඩක් අය අහන ප‍්‍රශ්නයක් තමයි, ‘මොකද්ද ඉතින්  ඕකෙ තේරුම? කිසි අවසානයක් නෑනෙ.

ජීවිතය කියන්නෙ ජීවත් වීම වගේම ආදරය කියන්නෙ ආදරය කිරීම. ඒක වෙන කිසි එකකටත් නැවත පරිවර්තනය වෙන්න අවශ්‍ය නෑ. ඒ ගතවීම, ඒ පැවැත්ම, ඒ අවකාශය බෙදාහදාගන්නා මොහොත විතරයි. ඒත් අපි පුරුදු වෙලා තියෙන්නෙ අවසානයකට. ගමනාන්තයකට.  ආදරය සංස්ථාවක් බවට පත් කරගන්න. සමහර විට ඒක ආදරේ අවසානය වෙන්නත් පුළුවන්. (කසාදය, කසාදයක් නොවෙන විදිහට පවත්වාගන්න බැරි වුනොත් මං හිතන්නෙ එතන ආදරේ මැරෙනවා. අපිට එදිනෙදා  ඕනතරම් මුනගැහෙනවා ඒ විදිහට එකට ජීවත් වෙන මැරිච්ච මිනිස්සු)

පළවෙනි කාරණය වෙන්නෙ ආදරය කොයිම තැනකදිවත්, කොයිම විදිහකින්වත් අනර්ථයක් වෙන්න බෑ. අනෙක් පැත්තට එහෙම අනර්ථකාරී කියල සලකන්නෙ යම් කිසි සංදර්භයකට සාපේක්ෂව නම් ආදරයට වඩා ආරක්ෂා කිරීම වැදගත් වෙන එහෙම කිසි සංදර්භයක් තියෙන්න බෑ. එක මොහොතකින් ඇතිවෙලා නැතිවෙලා යන ආදරයක් වුනත් පාලනය කිරීම හෝ සංස්කරණය කිරීම හරහා අපි බලාපොරොත්තු වෙන්නෙ ඝනීභූත වුණු තත්වයන් ආරක්ෂා කිරීමක් විතරයි. කිසිම වෙලාවක ආදරය වැරදි වෙන්න විදිහක් නෑ. අනෙක්  ඕනෑම කාරණයක් වැරදි වෙන්න ඉඩ තියෙනවා.

මීට මාස කීපයකට කලින් රන්දු මට තෑග්ගක් විදිහට පාවුලෝ කොයෙලොගෙ ඇඩල්ටි‍්‍ර පොත දෙනවා. සමහර පොත් තියෙනවා කියවන ගමන්ම කියවන්නාව වෙනස් කරන. වෙන සිතීමකට, නිදහසකට තල්ලූ කරන. කොයෙලොගේ ඒ වගේ පොත් දෙකක් මට මුනගැහිලා තියෙනවා. එකක් මේක. අනිත් එක මිනිත්තු එකොලහ. එයාගෙ මාස්ටර් පීස් එක විදිහට සැලකෙන ඇල්කෙමිස්ට් පවා මේ තරම් ඉන්ෆ්ලූවන්ෂල් විදිහට මට දැනුනෙ නෑ.

කොයෙලො ඒ පොතේ අනියම් ආදරය ගැන ගැඹුරු ආත්මීය සංවාදවලට යනවා.

‘වඩා හොඳින් ආදරය කරන්න ඉගෙන ගන්න එක.. ඒක තමයි මේ ලෝකෙ අපේ අරමුණ වෙන්න  ඕන. ජීවිතය අපිට ඉගෙන ගන්න දාහකුත් එකක් අවස්ථා විවෘත කරනවා. හැම ගැහැණියක්ම සම  ජීවිතය කියන්නෙ නිවාඩුවක් නෙමෙයි. ඒක එක දිගටම කරන ඉගෙනීමක්. වඩාත්ම වැදගත් වන පාඩම වෙන්නෙ ආදරය කරන්නෙ කොහොමද කියන එක. වඩ වඩා හොඳින් ආදරය කරන්න ඉගෙනීම. විශ්වයේ අන්තිමට සටහන් වෙන්නෙ එකම එක කාරණයයි. ඒ මගේ ආදරය විතරයි. ආදරය නොපවතී කියන දේ ඇතුලෙ මගේ අත්වැරදි, මගේ තීරණ නිසා අනිත් අයට ඇතිවුණු වේදනා, ආදරය පවතින දෙයක් නෙමෙයි කියල මං විශ්වාස කරපු මොහොතවල් යන සියල්ලටම ඉහලින් ඒ ආදරය සළකුණු වනු ඇති’
-පාවුලෝ කොයෙලො-

අපි අපේ දවසෙ කාලෙන් වැඩිහරියක් ගත කරන්නෙ ඔෆිස් එකේ. නැත්තං වැඩකරන තැනක. හරියටම කිව්වොත් දවසෙ හොඳම වෙලාව ගත වෙන්නෙ එතන. සති අන්තයක් හෝ දවසෙ රෑ පැය කීපයක් ඇරුනම අපේ ජීවිතේ වැඩිහරියක් අපි ජීවත් වෙන්නෙ රස්සාව ඇතුලෙ. එතනදි ආදර සම්බන්ධයකින් ඒ සම්පූර්ණ කාලයටම වෙනස් විදිහක තේරුමක් දෙන්න පුළුවන්.

‘වැඩ’ පැත්තෙන් ගත්තොත් රස්සාව කිව්වම ඇතිවෙන එපා කරවන සුළු තත්වය වෙනස් වෙන්නත් හැමදාම හැම මොහොතකම උනන්දුවෙන් සහ ප‍්‍රබෝදයෙන්/ප‍්‍රමෝදයෙන් වැඩ කරන්නත් මේ ආදර කතා උදව් වෙනවා. ආයතන පැත්තෙන් ගත්තත් මං හිතන්නෙ මේ විදිහෙ සම්බන්ධතා වැඩිපුර ප‍්‍රමෝට් කරන්න  ඕන. ඒක ප්‍රොඩක්ටිවිටි පැත්තෙන් ගොඩක් හොඳ ප‍්‍රතිඵල ඇති කරනවා. ආයතන ඇතුලෙ නිතරම මනුස්ස රොමැන්ටික් වයිබ් එකක් තියාගන්නත් හේතු වෙනවා.

සාමාජීය පැත්තෙන් ගත්තත් පවුල් මූලිකව කොටු ඇඳගත් ජීවිතය වෙනුවට නැවත නැවත තරුණ වෙන නිදහස් ජීවිතයක් මේ ‘අප’චාරය ඇතුලෙ යෝජනා වෙනවා.  ඕලාරික වෙමින් හෝ මියැදෙමින් යන පවුල් ජීවිත වුණත් ආයිමත් හුස්ම ගන්න මේ සම්බන්දතා හේතු වෙන්න පුළුවන්.

කියපු ගමන් මේකෙ තියෙන සෙක්ස් සම්බන්ද අවුල් ටිකයි, පවුල් අවුල් වෙන තත්ව ටිකයි අල්ලගෙන ගොඩක් සදාචාරාත්මක විවේචන අපි ඇතුලෙන්ම වුනත් එන්න ඉඩ තියෙනවා. ඒවා ලිංගික ඉරිසියාව සහ අපි දැනට එල්බගත්තු සමාජ ගිවිසුම්වලට ගරු කිරීම කියන බේසික් වලට එහා යන්නෙ නෑ. ඇත්තටම ඒ විදිහෙ සම්බන්ධතා ඇතුලෙ අපි අලූත් විශ්වයන්ට ඇතුල්වෙනවා. අතාර්කික මනුස්ස නිමේෂවල ගතවෙනවා. අන්තිමට ජීවිතේ කියන්නෙ සරල රේඛාවක්ද, වළාකුලක් වගේ අවිනිශ්චිත කුරුට්ටක්ද කියල තෝරාගැනීමක් අපිට තියෙනවා.

මේ විදිහෙ ආදර සංවේදන දැනීම ගැන කොයෙලො ලස්සන විස්තරයක් කරනවා.

‘සමහර අය කියනවා ගිම්හාන ඍතුව එනවත් එක්ක හරි අමුතු හැ`ගීම් ඇතිවෙන්න ගන්නවා කියල. අපිට අපිව පුංචියට දැනෙනවා මොකද, අපි දවසෙ වැඩි වෙලාවක් එලියෙ ගත කරන්න පටන් ගන්න හින්ද. එතකොට අපිට තේරෙන්න ගන්නවා ලෝකෙ කොයිතරම් විශාලද කියල. අපේ ගෙදර බිත්ති සහ ඒ ජනේලෙන් පේන වළාකුල්වලට වඩා සිතිජය කොයිතරම් ඈතද කියල...’

මේ සම්බන්දතාවල ඍණාත්මක ප‍්‍රතිඵල එන්නෙ ඇත්තටම ඒ සම්බන්දතා විසින් පැරණි සම්බන්ද රිප්ලේස් කරන්න හදන කොට. ඒ කියන්නෙ ඒ සම්බන්දතාවයන්ටත්  ඕනවෙනවා නැවත සම්මතයට අනුගත වෙන්න. ඒ ආදරය ඇතිවීමේ මූලික හේතුව පවා අමතක වෙලා යනවා. නැවත යාන්ත‍්‍රික සම්බන්ධතා පිළිවෙලක ආරක්ෂාව ඉල්ලා සිටිනවා. එතකොට ගොඩක් අවලස්සන දේවල් වෙන්න පුළුවන්. මොකද ඒක නැවත කලින් මතක් කළ කසාදය වගේම තත්වයක් වෙන නිසා.

‘සිහිනයක් හඹා යාමට අනිවාර්යෙන්ම මිළක් නියම වෙනවා. ඒ කියන්නෙ ඔබේ සමහර පුරුදු අත්හැරීමක් වෙන්න පුළුවන්. අපිව අනේක දුෂ්කරතාවලට මැදිවෙන්න පුළුවන්. අපිව සම්පූර්ණයෙන්ම අපේක්ෂා භංගත්වයට පත්කරන්න පුළුවන්. ඒ මිළ කොයිතරම් ඉහළ වුනත් එය, ඒ සිහිනයේ ජීවත් නොවෙන, ඒ සිහිනය කැප කළ මිනිස්සු විසින් ගෙවමින් සිටින මිළ තරම් ඉහළ එකක් නෙමෙයි. මොකද, දවසක ඒ අය නැවත හැරිලා බලලා, ‘මං මගේ ජීවිතය නාස්ති කරගත්තා’ කියල කියන්න නියමිත නිසා’
- පාවුලෝ  කොයෙලො

වැදගත්ම දේ වෙන්නෙ මේ විදිහෙ ආදරයක් පවතින්නෙම ලියාපදිංචි ඔරලෝසුවේ කාලයෙන් පිටත වෙන එක. ඒක මනුස්ස අහම්බයක්. එක්තරා විදිහකට සමාන්තර විශ්වයක්. අපි අපේ හුරුපුරුදු යටත්වාසී විශ්වයෙන් වෙනත් විශ්වයකට ඇතුල් වෙනවා. ටයිම් ට‍්‍රැවලර් කෙනෙක් වගේ විශ්වයන් අතර සක්මන් කරනවා.

අනියම් පේ‍්‍රමයක් කියන්නෙ සියලූ සමාජ සම්මතයන් සහ බැඳීම් නොතකා අවදානම්කාරී හැ`ගීමකට අවනත වීමක්. ජීවිතය සම්බන්දයෙන් ඒ තරම් නිවහල් පියවරයන් තියෙන්නෙ අල්පයයි. අපිට සිද්ද වෙනවා රූල් නැති කොලේක අකුරු ලියන්න. පරණ පුරුදු විදිහට රූල් නැතත් රූල් දිගේ ලියනවද නැත්තං පිටුව පුරා හැමතැනම ලියනවද කියන එක අපේ තීරණයක්.

කාර්යාල පේ‍්‍රමයන් නිසා සිද්ද වෙන වැදගත්ම සමාජීය කාරණය මිනිස්සු කුටුම්බයන්ගේ සීමාවලින් ගැලවෙන එක. නැවත සමාජය එක්ක බෙදාහදා ගන්නා, කුටුම්බ පැවැත්මෙන් පිටත ජීවිතයක් නිර්මාණය වෙන එක. ලංකාවෙ සාමාන්‍ය යතාර්ථය නම් කුටුම්බගත වුනාට පස්සෙ ඒ ගෙදර බිත්තිවලින් පිට ජීවිතයක් අහිමි වෙන එක.

‘ඒකයි අපි ටැංකිවල දාපු මාළුන්ට ආස. ඒ මාළු අපිට අපිව මතක් කරනවා. තමන්ව සීමා කරන වීදුරු බිත්තිවලට එහා යන්න බැරි...’
-කොයෙලො-

මේ මෑතක මං කල්පනා කළා ඇයි ලංකාවෙ හැම සංවාදයක්ම රැස්වීමක්ම හවස තුනට පටන් ගන්නෙ කියල. සතියෙ දවස්වලත් එක්ක. ආයතන පැත්තෙන් ගත්තොත් අඩුම තරමෙ ෂෝර්ට් ලීව් එකක් හරි දෙන්න වෙනවා. ඒත් රැස්වීම් තියන්නෙම තුනට. ඒකට මූලික හේතුවක් වෙන්න පුළුවන් රැුස්වීම වැඩ කරන වෙලාව ඇතුලටම ගන්න සිද්ද වෙන එක. මිනිස්සු සමාජීය දේකට රස්සාව කරන කාලෙන් කොටසක් වැය කරන්න කැමති වුනත් කුටුම්බ කාලෙන් කොටසක් වැය කරන්න සූදානම් නෑ. කුටුම්බගත වීමේ කොයිතරම් පොසිටිව් කාරණා තිබුනත් බහුතරය ගත කරමින් ඉන්න හිරගත ජීවිතය සමාජීය පැත්තෙන් සාධනීය තත්වයක් නෙමෙයි. මේක හරියටම මහපාරෙ වගේම තත්වයක්. ගොඩක් වාහන ඉර කපන්නෙ නැත්තෙ ඇක්සිඩන්ට් වෙන හින්ද නෙමෙයි, පොලිසියට බයේ. අනෙක් අතට වාහන ඇක්සිඩන්ට් වගේ නෙමෙයි මනුස්ස ඇක්සිඩන්ට් කියන්නෙ සුන්දර අත්දැකීම්.

මේ අසම්මත ආදරයන් විසින් නැවත මිනිස්සුන්ව පවුල් සමාජයෙන් නිදහස් සමාජෙට ගේනවා. අවිනිශ්චිතතාවයන්, දුර්වලතාවයන්, පරස්පරතාවයන් බාරගන්න පුළුවන් මිනිස් අවකාශයක් යෝජනා කරනවා. ඝනීභූත වෙච්ච ආකෘතිවල යම් ප‍්‍රත්‍යස්ත බවක් (නම්‍යශීලීත්වයක්) ඇති කරනවා.

‘ඉඳහිට හරි රාත‍්‍රී අන්ධකාරය තුලට ඔබට පාවී යන්න ඉඩ දෙන්න. ඈත තරු දිහා බලාගෙන ඒ අනන්තයක් ගැන හැ`ගීමෙන් මත් වෙන්න. අන්ධකාරය එහි තියෙන අනෙක් සියලූම ආශ්චර්යන් අතර අවබෝධයටත් මග කියනවා. හරියටම පවස නිවන සිසිල් දිය රැුඳුනු අන්ධකාර ලිං පතුලක් වගේ. රාත‍්‍රිය, එහි ඇති අද්භූත රහස් බව තුලින්ම දෙවියන්ගේ රහස් දැනගන්න අපට ඉඩ හදනවා. අපේ ආත්මය සැ`ගව ඇති හෙවනැලි වලින් එලියට අරන් ආලෝකමත්ව දල්වන්න එහි ගින්දරට පුළුවන්’
- පාවුලෝ කොයෙලො-

ඒකාකාරී මානසික සහ කායික රටාව වඩා නිර්මාණශීලී කරනවාට පිටින් කාර්යාල (අනියම්) පේ‍්‍රමයන් දහසක් අපවාද මැද වුනත් ඉතා ප‍්‍රගතිශීලී කාර්ය කොටසක් ඉටු කරමින් ඉන්නවා. ඒක අපිව නැවත අවදානමකට ගෙනියනවා. අපේ ස්ථාවර බවට අභියෝග කරනවා. ඒ ජීවිතය හයිඩ‍්‍රජන් තරම් වේගයෙන් ඇවිලෙන මොහොතක්. හුස්ම ගන්න කාටවත් බෑ එහෙම මොහොතක පත්තු නොවී ඉන්න.

-චින්තන ධර්මදාස

Friday, September 23, 2016

ගෑණු පිරිමි- මල් පළතුරු - චිත‍්‍රපටි


මායා කියන්නෙ කොපියක්. කාංචනා කියන ටැමිල් ෆිල්ම් එකේ රීමේක් එකක්. කාංචනා කියන්නෙ මුනි කියල ජනප‍්‍රිය වුණු රාඝව ලෝරන්ස්ගෙ ෆිල්ම් එකේ සීක්වල් එක. ලෝරන්ස්ගෙ මේ ෆිල්ම් සීරීස් එක ඉන්දියාවෙ දිව්වෙ බොක්ස් ඔෆිස් පෙරළගෙන.

මේ වැඬේ සිද්ද වෙන්නෙ හොරර්- කොමඩි කියන ජොන්රා එක ඇතුලෙ. කවුරු හරි මැරිච්ච කෙනෙකුගේ අවතාරයක් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට ආවේස වෙලා මොකක් හරි පලිගැනීමක් කරන විදිහෙ කතාවක් තමයි පාදක කරගන්නෙ. ඒත් හොලිවුඞ් ස්ක‍්‍රිප්ට් විදිහට එකම තැනකට ෆෝකස් වෙන්නෙ නැතුව මේ ප්ලොට් එක වටේ තව ගොඩක් කතා පරිකතා එලනවා. තනිකරම බර එන්ටර්ටේන්මන්ට් පොදියක් දෙන එකයි ලෝරන්ස්ගෙ අරමුණ.

රාඝව ලෝරන්ස්ගෙ මේ වැඬේ කාංචනා වලට එනකොට වෙන ලේයර් එකකට පනිනවා. කොමඩි හොල්මන් කතාව ඇතුලෙ ලෝරන්ස් ට‍්‍රාන්ස් ජෙන්ඩර් ගැන පොලිටිකල් කතාවක් ගේනවා. ඒ අතරෙ ඉන්දියාවෙ මුස්ලිම් හින්දු අවුල් වගේ තැනුත් ටච් කරගෙන යනවා. එයා එක විදිහක ස්ටේට්මන්ට් එකකට මේ විනෝද පොදිය පාවිච්චි කරනවා.

පේ‍්‍රක්‍ෂාගාරයේ සරලම තැනට කතා කරන්න පුළුවන් වෙන එක කොහොමත් ටැමිල් ෆිල්ම් වල සාර්ථක ගුණයක්. ඇත්තටම ඒ සිනමාව කර්මාන්තයක් විදිහට සාර්ථක වෙන්න හේතුවත් මේකයි. සිනමාව තියෙන තැනට පේ‍්‍රක්‍ෂකයා ගේන්න ට‍්‍රයි කරනවා වෙනුවට පේ‍්‍රක්‍ෂකයා ඉන්න තැනට ගිහින් ඒ අය සිනමාව කරනවා. නරඹන්නා එක්ක රියල් සම්බන්ධයක් හදාගන්නවා. අපේ මේන් ස්ටී‍්‍රම් ෆිල්ම් වල වුණත් හැංගිලා තියෙන මධ්‍යම පංතික හීනමානය හින්ද මේ නියම බැඳීම ඇති කරගන්න බැරි වෙනවා. දෙමළ ෆිල්ම් වල තියෙන ඇට දෙකන් අල්ලගන්න ගතිය ෆිල්ම් වලට ගේන්න අපි තාම දන්නෙ නෑ. අපි ඒක කරන්න හදන්නෙ සුදු හුරතල් පොඩි එවුන්, අලි පැටව් සහ නාඩගම් පෙන්නලා.

කොහොමටත් ලංකාවෙ ආර්ට් ගැන සංවාදෙම හැදෙන්නෙ ජනප‍්‍රිය දේට විරුද්දව. යමක් ජනප‍්‍රිය නම් ඒකෙ මොකක් හරි අවුලක් තියෙනවා කියල. ජනප‍්‍රිය දේක තියෙන ඒ ජනප‍්‍රිය වීමේ ගුණය හොයාගෙන ඒක ඇතුලෙන් අලූත් නිර්මාණ ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට ඒක පීචං කියල යටපත් කරන්නමයි ට‍්‍රයි එක. උදාහරණයක් විදිහට අජිත් මුතුකුමාරණගේ සිංදු වලට එරෙහි ප‍්‍රබුද්ද සංවාදය ගන්න පුළුවන්. ලංකාවෙ කිසිම මාධ්‍ය ප‍්‍රචාරණයක් නැතුව, උස්සලා තියෙන ඉන්ටවිව් නැතුව,  ඕපන් ස්ටේජ් වලින් කෙලින්ම මිනිස්සු එක්ක සම්බන්ද වෙලා ලොකු මාර්කට් එකක් හදාගත්ත තැනක් කිසිම බරක් නොතියා නිකම්ම බාල්දු කරනවා. වෙන විදිහකට කිව්වොත් මේ පීචං කරන්නෙ රටේ ඉන්න මහා ජනතාවකගේ රසය. එතකොට ආර්ට් හැදෙන්නෙ ඒ මහා ජනතාවගේ රසයට ප‍්‍රතිවිරුද්දව. ඒ අයව පිටමං කරලා.

මේ හින්ද සීරියස් විදිහට ජනප‍්‍රිය කලාවෙ යෙදෙන කට්ටිය ලංකාවෙ අල්පයි. කීයක් හරි හොයාගන්න පේමන්ට් විදිහට කරන වැඩවලින් තමයි අපේ ප‍්‍රධාන ධාරාව, සිනමාවෙ නම් වාණිජ සිනමාව හැදිලා තියෙන්නෙ. එක විදිහකට ගත්තොත් එහෙම පොප් වැඩක් කරන්න  ඕන කරන සිනමා තාක්‍ෂණික දැනුමත් අපිට නෑ. තාක්‍ෂණය කියන්නෙ උපකරණ සහ ඒවා පාවිච්චි කරන හැටිය විතරක් නෙමෙයි. චිත‍්‍රපටියක් ඇතුලෙ ඒක භාවයන්, කාල අවකාශයන් හසුරුවා ගැනීමත් තාක්‍ෂණික වැඩක්. හරියට කතාවක් කියාගන්න බැරි ප‍්‍රශ්නෙත් එක්ක පොරබදන අපේ සිනමාවට දෙමළ සිනමාවෙ බල්ටි හිතාගන්නවත් අමාරුයි.

මායා වගේ චිත‍්‍රපටි වලින් ලොකු වැඩක් සිද්ද වෙන්නෙ මෙතනදියි. ඉන්දියාවෙ හිට් වෙච්ච ෆිල්ම් එකක් අරගෙන ඒකට නොදෙවෙනි රීමේක් එකක් හදනවා කියන්නෙ අපේ රටේ සිනමාව සම්බන්ධයෙන් කාරණා ගොඩක් වර්ධනය වෙන තැනක්.

ප‍්‍රධානම එක කතාව කීම. මේක තමයි අපි සුබලබව නාගන්න තැන. ඉන්දියානු චිත‍්‍රපටිය තිබුණත් ඒක අපිට ගැලපෙන විදිහට යලි නිර්මාණය කිරීම හරියට සිද්ද වෙන්න  ඕන. උදා විදිහට කාංචනා ඔරිජිනල් ෆිල්ම් එකේ තිබුන සිංදු ගොඩ මට මාර වාතයක් වුනා. ඒ කතාවෙ මට ගෙවා ගන්න අමාරු ඇදෙන සුළු තැන් තිබුන. ඒත් මායා රීමේක් එක හොඳට ටයිට් විදිහට කතාව ගන්නවා විතරක් නෙමෙයි ඒක අපිට හුරු පුරුදු තැන් එක්ක හරියට ගලපනවා.

ෆිල්ම් එක ගැන කිව්වහම ගොඩක් කාංචනා බලපු මගේ යාලූවො කිව්වෙ, මචං ඒ කැරැුක්ටර්ස් නම් ගන්න බෑ කියල. විශේෂයෙන් අතුරු චරිත. ඒත් ෆිල්ම් එක බලපු හැමෝටම කොයිතරම් සාර්ථකව මේ චරිත සිංහලට ඇවිල්ලා තියෙනවද කියන එක හිතාගන්නත් බැරි වුණා. සමහර තැන්වල මායා කාංචනාටත් වඩා ඉස්සරහින්.
ඒ වගේම දෙබස් රචනයත් අති සුපිරියි. ඒ දෙමළ ජෝක් සිංහලට ගේන කොට අපිට දැනෙන තැන් වලින් අල්ලලා තියෙන විදිහත් ඒ පාවිච්චි වෙන අති සාමාන්‍ය වචනත් රස නොමරා රස විඳින්න ඉඩ ඉතුරු කරනවා.
අධ්‍යක්‍ෂණයෙදි දෙබස් උච්චාරණය පවා දෙමළ චිත‍්‍රපටියෙ තැනටම ගේන්න ට‍්‍රයි කරනවා. මට හිතෙන්නෙ ඒක හොඳට ඞීටේල් ඇතුව රෙසිපිය පරීක්ෂා කිරීමක්. එක්කෙනෙක් දෙබස් කියද්දි අනෙකා එක එක විදිහට හුමිටි තියන, ඇද කරන සද්ද පාවිච්චි කිරීම හරහා ඒ කොමඩිවල තියෙන පන්ච් එක හොඳටම පවත්වාගන්නවා.

චරිත නිරූපණය අතිනුත් මායා ගොඩ. පුබුදු සහ රංජන් නියමටම වැඬේ කරනවා. ෆිල්ම් එකේ ඉන්ටවල් එකෙනුත් පස්සෙ රංජන්ව ඉන්ට‍්‍රඩියුස් කරද්දි එයා දුවගෙන එන්නෙ සාරියක් ඇඳගෙන. චණ්ඩි ටිකක් එළවගෙන. එතනදි ලොකු අකුරෙන් සුපර් ස්ටාර් රංජන් රාමනායක කියල දාද්දි ඇත්තටම මූ ලංකාවෙ සුපර් ස්ටාර් නේද කියල හැ`ගීමක් එනවා. එයා මේ චරිතෙ කරන්න බාර ගත්ත එක එලියෙ සමාජය පැත්තෙන් වගේම චරිතෙ පැත්තෙනුත් ලොකු චැලෙන්ජ් එකක් ගේනවා. රංජන් වැඬේ ගොඩදානවා.

පුබුදු චතුරංගත් රංජන් එක්ක කරට කර ඉන්නවා. එක එක චරිත අතරෙ මාරු වෙවී පුබුදුට ලොකු වැඩක් කරන්න තියෙනවා. ඒත් රාඝව ලෝරන්ස්ට කොහෙත්ම නොදෙවෙනි විදිහට පුබුදු කැරැුක්ටර් එක කරනවා. ලංකාවෙ නළුවො හරියට ප්ලේස් වෙන්න වගේම ඒ නළුවන්ට නිළියන්ට තමන්වම අභියෝගයක් වෙන්න මේ විදිහෙ රීමේක් හැදෙන එක ලොකු දෙයක්.

මේ ෆිල්ම් එකේ අම්මා-පුතා, නැන්දා-ලේලි, සැමියා-බිරිඳ වගේම පෙම්වතා-පෙම්වතිය සම්බන්ධතාත් හොඳටම ජෝක් කරනවා. ඒ අවස්ථා අතිශය විකාර සහගත වුනත් අපි හොඳට දන්න ‘එසන්ස්’ එකකින් ඒ විකාරය ගැටගැහීම ඇතුලෙ ඒවා හොඳටම විශ්වාසනීය කරනවා. තේරෙන විදිහකට කිව්වොත් මේකෙ පුතා නිතරම ඉන්නෙ අම්මගෙ කරේ (ස්කූබි ෂැගීගේ කරේ ඉන්නවා වගේ). පුතාට චූ කරන්නත් අම්මා සිංදු කියන්න  ඕන. ඒත් මොකද්දෝ විදිහකට මේ අම්මා පුතා සම්බන්දෙ අපි දන්න එකක්. එක්සැජරේට් වුනාට එසන්ස් එක රියල්. මෙතනදි මේ අම්මගෙ චරිතෙ කරන නිළියත් ඒ චරිතෙ උපරිමයෙන්ම කරනවා.

ප‍්‍රවේගය වගේ චිත‍්‍රපටි කරද්දි නාගත්ත මියුසික් පැත්තත් මායා ගොඩදාගන්නවා. ඒ දෙමළ සිංදුවල තියෙන පන්ච් එක ඒ විදිහටම තියෙන්න සිංහල වචන වලින් ලියවෙනවා. ඔරිජිනල් කෘතියෙ ජනප‍්‍රියතාවයට හේතු වන අංශුමය ලක්ෂණයන් පවා ග‍්‍රහණය කර ගැනීම මායා ලබන ජයග‍්‍රහණයක්.

ලංකාවෙ ළමයින් සහ ආච්චිලා බලන පවුලේ සිනමාව තමයි ප‍්‍රධාන ධාරාව කියල තහවුරු කරගත්ත මනස්ගාතය මායා වගේ චිත‍්‍රපටි නිසා කැඩෙනවා. ඒ වගේම ලංකාවෙ ජවිපෙට සමලිංගිකත්වය පවා දරාගන්න බැරි මොහොතක මාස්  ඕඩියන්ස් එකක මායා ට‍්‍රාන්ස්ජෙන්ඩර් ගැන කතා කරනවා. හැමදාම ෆිල්ම් වල විහිළුවට ලක්කෙරුණු මේ ගැහැණු-පිරිමි චරිතය අන්ත කොමර්ෂල් හිට් එකක් ඇතුලෙ මානුෂීයකරණයක් ලබනවා. ඒ වගේ සංක‍්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් ස්ටේජ් එකක නැගලා කරන විසිල් වලින් ආචාර ලබන දේශනයක් පවා ෆිල්ම් එකට එනවා. සාමාන්‍යයෙන් චිත‍්‍රපටි ඇතුලෙ දේශන දෙන එක වාතයක් වුණත් මායා තියෙන්නෙ ඒ සියල්ල එකට ග‍්‍රහණය කරන්න පුළුවන් අවකාශයක. ඒක ඇතුලෙ  ඕන දෙයක් සිද්ද වෙන්න පුළුවන්, ජනප‍්‍රියතාවයට බිඳකුදු හානියක් නැතුව.

ඉන්දියාවෙ මුස්ලිම් හින්දු අර්තය ලංකාවෙ දෙමළ සිංහල විදිහට චිත‍්‍රපටිය ඇතුලෙ පරිවර්තනය වෙනවා. මං ගොඩක් කැමති හාමුදුරුවන්ව පාවිච්චි කරන විදිහට. ලේසියෙන්ම දරුණු විරෝධයක් නැගෙන්න පුළුවන් තැනක් මායා සූක්ෂම විදිහට ජයගන්නවා. ඇමතියන් අතින් අන්ත ආසාධාරණයන්ට ලක්ව ජීවිත පවා අතුරුදන් වූ අය මළවුන්ගෙන් නැගී සිටිද්දීත් හාමුදුරුවන් ඉදිරිපත් වෙන්නෙ උන්ව බෝතල් වල දමා සාගර පත්ලට යවන්නයි. නහී වේරේන වේරානි.... එච්චරයි බුද්ධ වචනය.

ඊට වඩා මානුෂිකත්වයකින් මායා දිහා බලන්න ගිහි තරුණයෙක් වුණු මාලන්ටත්, වෛරයේ දෙව`ගන වුණු කාලිටත් පුළුවන් වෙද්දි හාමුදුරුවො කරන්නෙ ‘විය යුත්තක්ම වෙයි..’ කියල අත පිහිදා ගැනීමයි.
ලංකාවෙ පේ‍්‍රක්‍ෂාගාරය ගැන නැවත විශ්වාසයක් ඇති කරන්න මායාට පුළුවන් වෙනවා. සිංහල ජනතාව පුරුදු වෙලා හිටපු හිනා කතා නැති සීරියස් නැරඹීම වෙනුවට විසිල් ගහන, හිනා පලන සජීවී පේ‍්‍රක්‍ෂාගාරයක් මායා විසින් උණුසුම් කරනවා. මෙතෙක් කල් අපි අවුලක් හැටියට දැකපු නිශ්ක‍්‍රීය නැරඹීම තිරය ඉදිරියේ ප‍්‍රශ්නයක් නෙමෙයි තිරය උඩ පෙන්නන දේවල් වල ප‍්‍රශ්නයක් වග තහවුරු කරනවා.

මේ රීමේක් සිනමාව ඇතුලෙ අපේ කර්මාන්තය ලබන පන්නරය විශාලයි. ඒ වගේම ඉතා දියුණු කර්මාන්තමය පසුබිමක් ඇති ඉන්දියාවෙ වගේ සිනමා ඇත්දැකීම් අපේ රටේ ඇතිවෙන්න තියෙන එකම ඉඩකඩත් මෙච්චරයි. අපි කොයිතරම් නිර්මාණශීලී වුණත් එහෙම වර්ධනය නොවුණු කර්මාන්තමය සම්බන්දතා මැද්දෙ අපේ සිතීමේ දුර සීමිත වෙනවා. ඒ අභියෝගය ජයගන්න තියෙන සාර්ථකම විදිහක් වෙන්නෙ දියුණු කොපි චිත‍්‍රපට රට ඇතුලෙ නිෂ්පාදනය වීමම විතරයි. වාණිජ හෝ ප‍්‍රධාන ධාරාවෙ සිනමාව මේ ශක්‍යතාව අත්පත් කර ගැනීම වැදගත් වෙන්නෙ ඒ අනුව අපේ ස්වාධීන සිනමාව පවතින තත්වයත් අනිවාර්යෙන්ම තීරණය වෙන හින්දයි.


-චින්තන ධර්මදාස

Thursday, September 15, 2016

තේරුමක් නැතුව බලන් ඉන්න - ජැක්සන් හෝල් වලට එබෙන්න

.

ලෝකෙ සදා නිමකල තේරුම් සහිත දේවල් ටිකෙන් ටික අර්බුදයට යමින් තියෙනවා. ඒ වෙනුවට විවිධ අය අතින් විවිධ තේරුම් නිර්මාණය කළ හැකි අවකාශයන් වඩා ව්‍යාප්ත වෙමින් තියෙනවා. මේ හින්ද ජීවිතේ සමාජීය, දේශපාලන හෝ සංස්කෘතික අර්ථයන් හොයන්න යන පිරිස් විකාර වෙන්න පටන් ගන්නවා. කලාව යනු කුමක්ද වගේ ප‍්‍රශ්න එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා. තමන් විසින් තමන්ට අදාල තේරුමක් සම්පාදනය කර ගැනීමෙන් සෑහීමට පත්වෙන්න පරණ කට්ටියට පුරුදු වෙන්න සිද්ද වෙනවා. නැත්තං පුළුවන් ඉවරයක් නැතුව බැන බැන නතර වෙලා ඉන්න. ඒත් ලෝකෙ ඉස්සරහට යනවා.

මේ කතාව කියන්න පෙළඹුනෙ ලෝකෙ පුරා ළ`ගදි ජනප‍්‍රිය වෙමින් උන්මාදයක් විදිහට පැතිරෙන්න ගත්ත ජැක්සන් හෝල් හන්දියෙ වීඩියෝවක් නිසා. මේක ඇමරිකාවෙ දකුණු කොණට වෙන්න තියෙන වයෝමින්ග් පළාතෙ තියෙන කඳුකර මිටියාවතක්. මේ පළාතට සංචාරකයො එන එක වැඩි කරන්න හිතාගෙන ටවුමෙ හයිකරලා තියෙන කැමරා කීපයක ‘ලයිව් ෆීඞ්’ යූ ටියුබ් එකට දෙන්න පටන් ගන්නවා. ඒත් නොහිතපු විදිහට මේ එක හන්දියක කලර් ලයිට් සහිත ක්‍රොසින් එකක් ඉහලින් තියෙන කැමරාවෙ ෆීඞ් එක ලෝකෙ පුරා ජනප‍්‍රිය වෙන්න ගන්නවා. (සමහර විට කැමරාවෙ පිහිටීම බලපාන්න ඇති) හැම මිනිත්තුවකම 2000ට ආසන්න පිරිසක් මේ කැමරාවෙන් එබිලා හන්දිය දිහා බලාගෙන ඉන්නවා.

එතන කිසි සිදුවීමක් වෙන්නෙ නෑ. අතිශය සාමාන්‍ය හන්දියක් විතරයි. වාහන එහා මෙහා යනවා. පාරෙන් එහා පැත්තෙ පොඩි ආර්ක් එකක් එහෙම තියෙනවා. ඒත් එකපාරක් මේ වීඩියෝව දිහා බලාගෙන ඉන්න කෙනෙක් ආයි ආයිත් නිවාඩු වෙලාවල ජැක්සන් හෝල්වලට එබෙන්න ඇබ්බැහි වෙනවා. උදේ එලිය වැටීගෙන එන කොට, ? බෝවීගෙන එනකොට තමන්ට කොහෙත්ම සම්බන්දයක් හෝ අදාලත්වයක් නැති කඳුකර හන්දියක් දිහා සාමූහිකව බලන් ඉන්න පිරිසක් ලෝකෙ වටේ නිර්මාණය වෙනවා.

මේක පටන් ගන්නෙ එක්කෙනෙක් මේ ලින්ක් එක ෂෙයාර් කරමින් එයාට මේ පලාතට ගිහින් මේ කැමරාව ඉස්සරහ මොකක් හරි පිස්සුවක් කරන්න ආසයි කියල දාන කමෙන්ට් එකකින්. ඊට පස්සෙ උන්මාදයක් විදිහට මේ නැරඹීම ඇවිලිලා යනවා. මේකට වැටෙන කමෙන්ට් දැක්කම පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. කට්ටියක් නිහ`ඩව මේ නගරයේ පරිසරය නරඹනවා. 

තව කට්ටියක් අමුතුම දේවල් කියනවා. ‘ෂා මේ පැත්තෙ මාර ඉනිමං තියෙනවනෙ...’ 

තවත් කට්ටියක් එක එක ඉවෙන්ට් හදා ගන්නවා. ‘අර පනුවෙක් වගේ නටන මනුස්සයා දැක්කද?’

ඒ මොකුත්ම නැති අය එක පාරට දකින දේවල් ගැන කෑ ගහනවා. ‘අන්න රතු පාට ට‍්‍රක් එකක්....’

ඒත් කාටවත් හිතාගන්න බෑ ඇයි මේ ලයිව් කැමරාව මේ තරම් ජනප‍්‍රිය වුනේ කියල. මෙතන මොකක් වෙන්න පුළුවන්ද? අපි චිත‍්‍රපටියක හෝ කතාවක නරඹන කියවන කිසි දෙයක් නැතුව මේ හන්දියක් දිහා බලන් ඉන්න සාමූහික ආශාව මොකක්ද? වෙන විදිහකට ඇහුවොත් ජැක්සන් හෝල් හරහා අපි මුහුණදෙන විෂුවල් රියැලිටිය මොකක්ද?

පළවෙනි කාරනේ මේ නැරඹීම කරන්න පුළුවන් වෙබ් එකේ විතරයි. මේක අපි චිත‍්‍රපට තිරයක් ඉස්සරහ එකිනෙකා ඉඳගෙන කරන නැරඹීමකට වඩා වෙනස්. මෙතන තියෙනවා පොදු නැරඹීමක්. ඒත් එක්කම හුදකලා තනි නැරඹීමක්. ප‍්‍රයිවෙට් සහ පබ්ලික් කියන දෙක එකතු වෙන තැනක්. ත‍්‍රිල් එක තියෙන්නෙ එතන. අපි තනි තනිව වොයෙරිස්ටික් විදිහට ජැක්සන් හෝල් ජීවිතය දිහා සත්තු වත්තක් දිහා වගේ නැත්තං මාලූ ටැංකියක් දිහා වගේ බලන් ඉන්නවා. ඒ වෙලාවෙම අපි සාමූහික බෙදාහදා ගැනීමකුත් කරනවා.  එක්තරා විදිහකට පෝර්න් එකක් බලනවා වගේ.

යම් දෙයක් දැන් දැන් සිද්ද වෙයි කියල බලාපොරොත්තුවක් අපි ළ`ග තියෙනවා. ඒත් කිසි දෙයක් සිද්ද වෙන්නෙ නැති අනන්තයක් ඒක. ඒ හින්දම යමක් සිද්ද වීමේ බලාපොරොත්තුව දිගටම ආස්වාදනීය විදිහට පවතිනවා. යම්කිසි කෙනෙකුගේ අධ්‍යක්‍ෂණයකදී යමක් සිද්ද නොවුනම අපිට වෙන බිඳ වැටීම මේ නිදහස් අවකාශයෙදි වෙන්නෙ නෑ. වෙන විදිහකට කිව්වොත් තේරුමක් සහිත දෙයක් දිහා වැඩි වෙලාවක් බලන් ඉන්න අමාරුයි. ඒත් තේරුමක් රහිත දෙයක් දිහා දිග වෙලාවක් බලන් ඉන්න පුළුවන්.

ඕනම මොහොතක අලූතෙන් යමක් සිදුවිය හැකිය කියන පළල් දැක්මකින් අපි දෙවියන් වහන්සේ වගේ මේ ක්ෂුද්‍ර හන්දිය නරඹමින් ඉන්නවා.

මේ හන්දියෙ මිනීමැරුමක් වගේ දෙයක් සිද්ද වුනොත් මේ ජනප‍්‍රියතාවය තවත් වැඩි වෙයිද? මං නිකමට කල්පනා කළා. ඒත් මේ වියුක්ත ආස්වාදය ඒ වගේ සංයුක්ත සිද්දියකින් ආමන්ත‍්‍රණය කරන්න බෑ කියල මට හිතෙන්නෙ. ඒ වෙනුවට මිනිස්සුන්ට තේරුමක් හිතාගන්න බැරි යමක් සිද්ද වුනොත්, හරියට අර පනුවෙක් විදිහට නටන මිනිහා වගේ, ඒකෙන් මේ ආස්වාදය ගුණනය වෙන්න පුළුවන්.

එක්තරා විදිහකට මේක අලූත් මිනිස් සවිඥාන අත්දැකීමක් ස්පර්ශ කරනවා. අපිට කියන්න පුළුවන් මේක ‘සාමූහික-පුද්ගලික සවිඥාන අත්දැකීමක්’ collective- private consciousness (definition by Stefan Sebestian)   කියල. පුද්ගලිකව ඉන්න අතරම සාමූහිකත්වයක් දනවන මිනිස් අත්දැකීමක්. එහෙම වින්දන අවකාශයක් මෙතෙක් පැවතුනේ නෑ. ඒක මේ අලූත් වෙබ් කැමරා හරහා නිර්මාණය වෙන තත්වයක්. 
කාට හරි ලේසියෙන්ම කියන්න පුළුවන් මේක තවත් එක විපරීත තත්වයක් කියල. ඒත් ඒකෙන් කිසි දෙයක් කියවෙන්නෙ නෑ. විපරීත නොවෙන කවුද ඉන්නෙ? ලෝකෙ පුරා පැතිරී යන උන්මාදයක් විපරීතයි කියන එකම ප‍්‍රකෘතියක්ද?

මට හිතෙන්නෙ මේ අත්දැකීම හරහා අපිට අලූත් නිර්මාණ අවකාශයන් ගැන හිතන්න පුළුවන්. උදා විදිහට මේ වෙද්දිත් ජැක්සන් හෝල් කැමරාව විවිධ අයගෙ විවිධ ජනප‍්‍රිය වීමේ උවමනා වෙනුවෙන් පාවිච්චි වෙනවා. ලෝකයක් තමන් දෙස බලා සිටින නිකම්ම එල්ල වුනු කැමරාවක්. ඒ හරහා  ඕනෑම ප‍්‍රකාශනයක් කරන්න පුළුවන්. 

අපි දන්නා සීමිත කාලයක, සීමිත කතා අවකාශයක දිවෙන සිනමාවට වඩා දැවැන්ත සදාකාලික සිනමාවක් මේ කැමරාව ඉස්සරහ නිර්මාණය වෙන්නෙ නැද්ද? තමන් නොදන්නා වූ තමන්ටම විශේෂ වූ උවමනාවකින් මේ පරාරෝපිත කැමරාව සමග බැඳුනු දැවැන්ත පේ‍්‍රක්‍ෂාගාරයක් මේ පිටිපස්සෙ නැද්ද? 

ජැක්සන් හෝල් කියන්නෙ අර්තයක් වෙනුවට තාමත් නොදන්නා මිනිස් අත්දැකීමක්. මේ ගැන මම මෙතන සපයන අර්තයන් වුනත් කැමරාවෙන් බලන් ඉඳලා කෑ ගහන තවත් කෙනෙකුගේ කමෙන්ට් එකක් විතරයි. තාක්‍ෂණය හරහා තව තවත් අපි නොදන්නා මිනිස් විශ්වයන්ට අපි ඇතුල් වෙන්න නියමිතයි. ජැක්සන් හෝල් කියන්නෙ ඒ විදිහට අපි ඇතුලට එබෙන්න වගේම අපි සහ සමාජය අතර අප‍්‍රකාශිත සම්බන්දතා හොයන්න ඇරුනු තවත් ලොකු විවරයක් විතරයි..

- චින්තන ධර්මදාස

Saturday, September 3, 2016

හැකර් තරුණයා වැඩර් කෙනෙක්ද?


මෑතකදී ජනපති වෙබ් මැදුරට හොරෙන් කඩා පැන්නා යැයි අල්ලා ගත් හැකර් තරුණයාට දිය යුතු ද`ඩුවම ගැන ෆේස් බුක් එකේ විවිද අය විවිද මත පළ කරනවා. එක පිරිසක් මේ .තරුණයාට වෙබ් ත‍්‍රස්තවාදියෙකු ලෙස සලකා ද`ඩුවම් කළ යුතු යැයි කියන අතර තව පිරිසක් මේ තරුණයා සම්පතක් ලෙස සලකා සංවර්ධනය කළ යුතු යැයි කියනවා.

සමාජයේ සිදුවන  ඕනෑම පවතින නීතිය අනුව අපරාධයක්යැයි සැලකෙන සිදුවීමක් දෙස සමාජ ශෝධක ඇහැකින් බලන එක අවුල් කියලයි මට හිතෙන්නෙ. මේ අයට ද`ඩුවම් කිරීම හරහා සමාජයට යම් හොඳ පණිවුඩයක් දීම, වඩා හොඳ සමාජයක් වෙනුවෙන් අදාල පුද්ගලයන්ට ද`ඩුවම් පැමිණවීම වගේ එළඹුම් වලට වඩා ඒ මොහොතේ වඩා ඵලදායී සමාජ කළමනාකරණය ගැන අදහසකින් පියවර ගන්න එකයි වඩා පරිණත වෙන්නෙ.

එතනදි සමාජයෙන් නරක තුරන් කිරීම හෝ සමාජය යහපත් කිරීමේ බොළඳ උත්සාහය වෙනුවට එය වඩා ප‍්‍රයෝජනවත් පරිදි කළමනාකරණය ගැනයි සිතීම යොමුවෙන්නෙ. හොඳ හෝ නරක යන ආචාර ධාර්මික තලයට වඩා ප‍්‍රායෝගික අවස්ථාවෝචිත එළඹුම් වලට ඒ හරහා යන්න පුළුවන්. හොඳට වගේම නරකටත් එතන ඉඩක් තියෙනවා.

සුවිශේෂ නිර්මාණශීලීත්වයක්, ප‍්‍රකාශනයක් හා බැඳුණුථ සම්මත තත්ව යටතේ සාපරාධී යැයි සැලකෙන සිදුවීම් වලදි මේ විදිහෙ දැක්මක අවශ්‍යතාවය වඩාත් දැනෙනවා. නීතිය හෝ රජය වැනි ආයතනයක් මේ සිදුවීම් ගැන කොයිතරම් ෆ්ලැට් විදිහට, සාම්ප‍්‍රදායික විදිහට බැලූවත් නිදහස් සමාජ සිතන්නන් මේ කාරණා විෂයෙහි වඩා සබුද්දික අදහස් ගනුදෙනුවකට යන්න  ඕන කියලයි මට හිතෙන්නෙ.

මේ හැකර් තරුණයා ගැන මෑතකදී එක අදහසක් පළවුනා හැක් කිරීම වගේ නරකට යොමුවූ නිර්මාණශීලිත්වයන් වෙනුවට නව නිපැයුම් කරන හොඳ අතට යොමුවූ නිර්මාණශීලීත්වයන් ඇගයීමට ලක් කරන්න අපි උන්නදු විය යුතුයි කියල.

ඒත් මං දකින විදිහට මේ කියන විදිහෙ ‘හොඳ’ නිර්මාණකරුවන්ට වඩා නරක නිර්මාණකරුවන් සමාජයකට වටිනවා. ඒකට හේතුව හොඳ නිර්මාණ කියන්නෙම සමාජය විසින් නිතර අනුදැන වදාල සහ පැසසුම් ලබා දෙන ක‍්‍රමයට අනුගත දේවල්. ඒත් නරක නිර්මාණ කියන්නෙ ප‍්‍රබල පුද්ගලික ප‍්‍රකාශන. ඒවා සමස්ත සමාජයක් තමන් සමග නොසිටින බව දැන දැනම තමන්ගේ නිර්මාණ ශක්තිය මුදාහරින තැන්.

උදා විදිහට මේ හැකර් තරුණයා ජනාදිපති වෙබ් අඩිවය හැක් කරන්නේ යම් මුදල්මය පරමාර්තයකින් නෙමෙයි. ඒක මං දකින්නෙ අධිකාරියට, රාජ්‍යයට කරන අභියෝගයක් හැටියටයි. ඒකෙ දිග පළල ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් අන්තර්ජාලය තුල තමන්ට අවශ්‍ය නීතින් සහ අධිකාරීන් සම්මත කර ගනිමින් නැවත ඒ මාධ්‍යයන්ද තමන් සතු කර ගැනීමට පවතින බල අරගලයේදී හැකර්වරුන් කියන්නෙ විමුක්තිකාමීන් පිරිසක්.
උදා විදිහට ජුලියන් අසාන්ජ් වැනි මිනිස්සු කියන්නෙ මේ හැකියාව ලෝක බලවතුන්ට එරෙහිව පාවිච්චි කරන චරිතයක්. මේ හා සමානම තවත් විශේෂයක් වන පයිරෙට්ස්ලා කියන්නෙත් නීති ප‍්‍රකාරව ද`ඩුවම් ලැබිය යුතු පිරිසක්. ඒත් අද අපි නරඹන කියවන බුක්ති විඳින ටොරන්ට් හරහා දැවැන්ත දැනුමක් ලෝකය හරහා හුවමාරු කරන්නේ ඔවුන්. කාර් හෝ මැෂින් හදන නිර්මානකරුවන් ලංකාවෙ අපි නිතර දෙවේලේ දකිනවා. ඒත් ලංකාවෙන් හැකර් කෙනෙක් බිහිවෙන්නෙ කලාතුරකින්.  මගේ අදහස නම් මේ කර්මාන්ත පුළුල් කරන නව නිර්මාණකරුවන්ට වඩා අන්තර්ජාලයේ මිනිස් නිදහස වෙනුවෙන් අධිකාරීන් අභියෝග කරන සයිබර් වැඩකරුවන් මේ යුගයේ වඩාත් අවශ්‍යයි කියන එකයි.

මේ තරුණයා සම්බන්දයෙන් නීතිය කොයිවිදිහකට ක‍්‍රියාත්මක කළත් ලැබෙන ප‍්‍රතිඵල තරමක් සංකීර්ණයි. ඔහු නිදහස් කිරීම සහ ඔහුට අනුග‍්‍රහ දැක්වීම අනිවාර්යෙන්ම මේ වගේ කොපි ගොඩක් බිහිවෙන්න බලපානවා. ඔරිජිනල් එවුන් වගේ නෙමෙයි සමාජ පිළිගැනීම හෝ පොසිෂන් වීම අරමුණු කර ගන්නා මේ කොපි අනිවාර්යෙන්ම වාතයක් වෙනවා. ඒත් මේ තරුණයාගේ වටිනාකම පරිවාසයක් හෝ හිර කූඩුවක් ඇතුලෙ දියවෙලා යන්න දීම අපරාදයක්. අඩුම තරමෙ පුරවැසියන් විදිහට රජයෙන් මේ තරුණයා නිදහස් කරන මෙන් ඉල්ලා සිටීම සමාජය පැත්තෙන් අපිට ගන්න පුළුවන් දියුණු ස්ථාවරයක්.

-චින්තන ධර්මදාස

Wednesday, August 31, 2016

ඔබේ රෝගය ඔවුන්ගේ ලාභය


මේ ලිපියෙ තියෙන කාරණා ඇත්තමයි කියල ඔප්පු කිරීමේ උවමනාවක් මට නෑ. ඒ වෙනුවට අපි දේව වාක්‍යයන් විදිහට පිළිගන්නා බටහිර වෛද්‍ය විද්‍යාවේ මතයට බාහිර සහ එය අභියෝග කරන තවත් අදහසක් මතු කිරීමයි මගේ අරමුණ. ලිපිය ලියන්නෙ රික් කැන්ට‍්‍රල් කියල වෛද්‍යවරයෙක්. මේ පුද්ගලයා කවුද කියන එකට වඩා වැදගත් වෙන්නෙ මේ හරහා ඇතිකරන සාකච්ඡුාවයි. අපේ ශරීරය සහ අපේ සෞඛ්‍ය ගැන අධිකාරිමය බලය හිමි ඇලොපති පල්ලියේ සත්‍යය වෙනුවට වඩා මානුෂික සෞඛ්‍යය සත්‍යයන් බිහිවීමයි.

අවශ්‍ය අයට පුළුවන් මේ කාරණා ඔස්සේ වැඩිදුර දේවල් හොයාගෙන යන්න. නැවත නැවත සංවාද කරන්න. බටහිර වෛද්‍ය විද්‍යාව තුල අපිට තියලා නැති මිනිස් අවකාශයක් විවෘත කර ගන්න. (මේ සමහර වෛද්‍යමය යෙදුම් පරිවර්තනයේ අඩුපාඩු තියෙන්න පුළුවන්)

රික් කැන්ට‍්‍රල් දරුණු පිළිකාවකින් රෝගාතුර වෙලයි ඉන්නෙ. ඒත් එයා සාම්ප‍්‍රදායික බටහිර වෛද්‍ය විද්‍යාවට යන්න පුළුවන් උපරිම සීමාව වුණු කීමෝ- රේඩියේෂන් ආදී ප‍්‍රතිකාර ක‍්‍රමයන් පාවිච්චි කරන්නෙ නෑ. ඒ වෙනුවට එයා විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් අත්හදා බලනවා.

පිළිකා රෝග ප‍්‍රතිකාර කියන්නෙ තනිකරම මුදල් මත පදනම් ජාවාරමක්. ඒකයි එයාගෙ අදහස.
‘‘මේ ලියමනේ තියෙන්නෙ 100%ක් සත්‍යය වන අතර මේ කතාව මම දැනට අවුරුදු 15ක විතර ඉඳන් මගේ රෝගීන්ට කියන දෙයක්. ඒත් කිසි කෙනෙකුට උවමනා නෑ අහන්නවත්.

පිළිකා රෝග ප‍්‍රතිකර්ම කියන්නෙ ඇමරිකාවෙ විතරක් අවුරුද්දට බිලියන 120ක බිස්නස් එකක් වෙන අතරෙ ලෝක මට්ටමෙන් ගත්තොත් අවුරුද්දට බිලියන 600ක විතර බිස්නස් එකක්.

ඇමරිකානු පිළිකා සංගමයට සහ ඇමරිකානු ඔන්කොලොජි සහ හෙමටොලොජි පාසැලට අනුව සාර්ථක පිළිකා ප‍්‍රතිකර්මයක් කියන්නෙ රෝගියා අවුරුදු 05ක කාලයක් ජීවත් කරවීම. ඒත් මේ ආයතන දෙකම පිළිගන්නවා පිළිකා රෝගියෙක් කිසිම ප‍්‍රතිකර්මයක් නොකර පවා අවුරුදු 07-10 දක්වා කාලයක් ජීවත් විය හැකියි කියන එක. රෝගීන් අතට පත්නොවෙන, වෛද්‍යවරුන්ට පමණක් කියවන්න ලැබෙන ස`ගරාවල  මේ තොරතුරු පළවෙනවා.

විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් වල ට‍්‍රැක් රෙකෝර්ඞ්ස් ගත්තොත් ඒවා සාම්ප‍්‍රදායික බටහිර වෛද්‍ය ක‍්‍රමයට වඩා 10 ගුණයකින් පිළිකා සුව කිරීම් වාර්තා කරලා තියෙනවා. මං නැවත අවධාරණය කරන්නෙ මේ  කියන්නෙ ‘සුවකිරීම’ කියන කාරණය ගැන.

තව දෙයක් මතක තියාගන්න  ඕන. ගෙඩිය හෝ ගැටිත්ත කියන්නෙ පිළිකාවෙ රෝග ලක්ෂණය විතරයි. ඒක පිළිකාවෙ රෝග හේතුව නෙමෙයි. විද්‍යාව පදනම් වෙන්නෙ හේතුව සහ ඵලය මත. හේතුව අයින් කළොත් ඒකෙ ඵලයත් නැති වෙලා යනවා.

මම මේ වෙද්දි ඉන්නෙ පිළිකාවක් එක්ක තුන්වෙනි වතාවට සටන් කරමින්. කිසිම අවස්ථාවක සැත්කමක් හෝ, කීමෝ, රේඩියේෂන් ප‍්‍රතිකාර ක‍්‍රම මං පාවිච්චි කළේ නෑ.
මම ලියුකේමියාවෙන් සුව වුනා.

‘නොන් හොජ්කින්ස් ලිම්ෆෝමා’ වලින් සුව වුනා.

දැන් කිසිසේත්ම සුව කළ නොහැකි යැයි කියන මොළයේ ඇතිවෙන ග්ලියොබ්ලාස්ටොමා පිළිකා විශේෂයෙන් මං පීඩා විඳිනවා. මීට මාස 05ට කලින් මට කිව්වෙ තව ජීවත්වෙන්නෙ මාස දෙකයි කියල.
මම චයිනීස් හර්බ්ස් පාවිච්චි කරනවා.

ඒ වගේම විටමින් සී ඉහළ මාත‍්‍රාවන්, චීන කටු චික්තිසාව, චයිරොප‍්‍රැක්ටික්, හෝමියෝපති, සහ නියුටි‍්‍රෂනල් ප‍්‍රතිකාර ගන්නවා.

මුලින්ම රෝගී තත්වය ගොඩක් දරුණු වුනා.

මගේ වසා පද්ධතියට, පෙනහළුවලට සහ ඇටකටුවලට පිළිකාව පැතිරුනා.

කියන්න සතුටුයි, මේ සතියේ පරීක්ෂාවලින් මගේ වසා පද්ධතියේ හෝ ඇටකටුවල තවදුරටත් කිසිදු පිළිකා ෙසෙල පැතිරීමක් නැති බව අනාවරණය වුනා.

මගේ පෙනහළුවල ටියුමර්ස් 06ක් තිබුන. මේ වෙද්දි තියෙන්නෙ එයින් දෙකක් විතරයි. මොළයේ ටියුමර්ස් පවා වේගයෙන් හැකිලීයමින් පවතිනවා.

මම කිසිම කීමෝ, රේඩියේෂන් තෙරපියක් හෝ සැත්කමක් සිදු කරලා නෑ.

මගේ ළ`ග තියෙනවා හරිම කුතුහලය දනවන සුළු තොරතුරු බොහෝවිට වෛද්‍යවරුන් පමණක් දන්න.
හැම අවුරුද්දකම පිළිකා වෛද්‍යවරුන් 1000ට අධික ගණනක් පිළිකා රෝගයට බඳුන් වෙනවා. එයින් 10%ක් පමණයි ඔවුන් විසින් රෝගීන්ට නියම කරන ප‍්‍රතිකාර ක‍්‍රමයන්ට යන්නෙ.

මේක හරියටම ළමා වෛද්‍යවරුන්ගෙන් තමන්ගේ දරුවන්ට එන්නත් ලබා දෙන්නේ 25%ක පිරිසක් පමණක් වීම වගේමයි.  ඒ මෙම එන්නත් නිසා සිදුවිය හැකි හදිසි මරණ හෝ දැඩි අතුරු ආබාධ තත්වයන් එන්නතෙන් ආරක්ෂා කරන රෝගයට වඩා බරපතල වෙන්න පුළුවන්. මේකයි ඇත්ත තත්වය.

බෙහෙත් කියන්නෙ සල්ලි. ඒක ඔබේ සෞඛ්‍ය සම්බන්ද කාරණයක් නෙමෙයි. මේ සිස්ටම් එක විසින් මිනිස්සුන්ව, විශේෂයෙන් මහළු, ආබාධිත සහ දුගී පිරිස් මාරාන්තික ප‍්‍රතිකාර චක‍්‍රයකට ඇතුල් කරනවා. ජීවත් කරන මුවාවෙන්  ඔවුන්ව නොමරා මරනවා. මේ අතරෙ සල්ලි තියෙන ධනවත්තු යුරෝපා රටවලට ගිහින් වැඩි මුදල් ගෙවා මේ විකල්ප වෛද්‍ය ක‍්‍රමයන්ගෙන් සුවපත් වෙනවා.

විකල්ප වෛද්‍ය ක‍්‍රමයන් හැමවෙලාවකම හරි යනවද?
කොහෙත්ම නෑ.

කිසිම දෙයක් හැමවෙලාවකම හරියන්නෙ නෑ. ඒකට හේතුවක් තියෙනවා. ඔබ මැරෙන වෙලාව ආවම ඔබ මැරෙන එක වළක්වන්න බෑ.

ජීවිතේ ගුනාත්මක තත්වය කියන කාරණය අදාල වෙන්නෙ මෙතනදියි. විකල්ප වෛද්‍ය ක‍්‍රම පාවිච්චි කරන පිළිකා රෝගීන් මිය ගියත් ඒ අයට වඩා හොඳ ජීවිත තත්වයක් පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒ අයට තමන්ගේ පවුලේ පිරිස් සමග ගත කරන්න වගේම අඩුම තරමෙන් අවසාන මොහොත දක්වා ඒ අයගෙ ඥාතීන්ව හඳුනාගැනීමේ හැකියාව පවතිනවා.

ඔවුන් කීමෝ හෝ රේඩියේෂන් කරන අය වගේ අසාමාන්‍ය විදිහට දුර්වල වී යන්නෙ නෑ. මේ සාම්ප‍්‍රදායික ප‍්‍රතිකාරවලට යන අයගෙන් බහුතරයක් අවසාන මොහොත වන විට ඒ අයගේ කිට්ටුම පිරිස් පවා හඳුනාගත නොහැකි තරමේ දුර්වල වීමකට මුහුණ පානවා. ඒ අයගේ ශරීර ඒ අයටවත් හඳුනාගත නොහැකි විදිහට විකෘති වී යනවා. වෛද්‍යවරුන් විසින් ඔවුන් සනසන්නට ‘ආ දැන් ටිකක් සනීපයි’ වගේ කතා කිව්වත් ඇත්තටම සිද්ද වෙන්නෙ වතාවෙන් වතාවට ඔවුන් වඩාත් දුර්වල වීම සහ වැඩි මාත‍්‍රාවලින් කීමෝ සහ රේඩියේෂන් ලබා දීමට සිදුවීමත් පමණයි.

මේ තත්වයේ ඇති සාපරාධීම කාරණය වෙන්නෙ වෛදයවරුන් මේ සියල්ල දැනගෙන නොදන්නවා මෙන් සිටීමයි. (මේ ලංකාවේ දොස්තරල නම් ඇත්තටම දන්නේ නෑ මං හිතන්නේ)

මම වෛද්‍යවරයෙක් හැටියට දිවුරුම් දුන් කෙනෙක්. මම ඒ දිවුරුම හැම විටෙකම ආරක්ෂා කළා. ඒ නිසාම මුදල්මය අතින් සාර්ථක දොස්තර කෙනෙක් වුනේ නෑ. මොකද කිසි විටෙකත් මේ සාම්ප‍්‍රදායික ඇලොපති වෛද්‍ය මිත්‍යාව ඒ විදිහටම බාරගන්න මම ලෑස්ති වුනේ නෑ.’’

-තවත් කොටසක් බලාපොරොත්තු වන්න-

කැඩිච්ච පරිවර්තනය : චින්තන ධර්මදාස

Monday, August 29, 2016

ලයිසන් නැති ආදරේ



සමීර ෆිල්ම් එකක් කළා කියල අහලා තිබුනත් සමීර මුනගැහුනු කිසිම තැනකදි මට ඒ ෆිල්ම් එක මොන වගේ වෙන්න පුළුවන්ද කියල හිතාගන්න අමාරු වුනා. වෙන විදිහකට කිව්වොත් සමීරගේ ක‍්‍රියේටිවිටි එක ගැන මට දැනීමක් ඇති කරන්න අපේ මුනගැසීම් වලට බැරි වුනා. විශේෂයෙන්ම ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට සිස්ටම් එකට පත්තියං වෙලා ඉන්න කෙනෙක් ඩිරෙක්ටර් කෙනෙක් වෙද්දි මුහුණපාන දරුණු සීමාවන් මං දැකලා තිබුන. අපි නිතර මුනගැහුනු පෙ.බැ.චි.ස යෙ (පෙන්නා ගැනීමට බැරිවූ චිත‍්‍රපටකරුවන්ගේ සංසදයෙ) වුනත් සමීර වැඩිපුර කළේ  ඕගනයිසින් පැත්ත. අදහස් හැමතිස්සෙම උවමනාවටත් වඩා ප‍්‍රායෝගිකයි. මේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් කෙනෙකුගේ සුවිශේෂතා ඇතුලෙ ඩිරෙක්ටර් කෙනෙක් කියවගන්න එක අමාරු වැඩක්.

පෙ.බැ.චි.ස කියන්නෙ අමුතු විදිහක එකතුවක්. චිත‍්‍රපටි හදලා පෙන්නගන්න තිරයක් නැතුව බලාගෙන ඉන්න ඩිරෙක්ටර්ස්ලා තමන්ගෙ ප‍්‍රශ්න වලට විසඳුම් හොයන්න ගත්ත උත්සාහයක්. විශේෂයෙන්ම සිනමා අධ්‍යක්‍ෂවරුන් විදිහට දැනට ඉන්න පිරිසට තමන්ගේ ප‍්‍රශ්නය තීරණාත්මක ලෙස අදාල නොවීම/ තමන්ගේ ඊළ`ග කෘතිය එලියට දාගැනීමේ මාරාන්තික සටනක ඒ අයද උපරිමයෙන් වැයවෙමින් සිටීම/එහෙම සිනමාව විවෘත කරන්නට මේ ප‍්‍රවීනයන් අවිඥානකව හෝ සවිඥානකව අකමැති වීම ආදී කවර හෝ කාරණාවක් මේ වෙනම එකමුතුවට බලපෑවා. 

අපේ චිත‍්‍රපටි පෙන්නා ගන්නේ කොහොමද කියන ප‍්‍රශ්නෙ ගැන කතාව පටන් ගත්තට විසඳුම් හොයන්න වෙන්නෙ සමස්ත සිනමාවෙ අර්බුදයකට. මේකෙ තියෙන කර්මාන්තමය සීමාවන් වලට. ඩිජිටල් තාක්‍ෂණය විසින් මගඅරින්න බැරි විදිහට මූන ඉස්සරහට ගෙනාපු අභියෝගය මේ ප‍්‍රතිසංස්කරණ වලට හොඳ අවස්තාවක් දෙනවා. මාස ගානක් පුරා කරුණු හොයමින්, විවිධ අය මුනගැසෙමින්, නැවත නැවත සංස්කරණය කරමින් පෙ.බැ.චි.ස ප‍්‍රධාන ධාරවෙ සිනමාව වෙනුවෙන් යම්තාක් ප‍්‍රගතිශීලී ලියවිල්ලක් සම්පාදනය කරන්න සමත් වුනා. ඒක අවධානයට ලක්වෙයිද නැත්නම් දරුණු මගහැරීමකට ලක්වෙයිද කියන එක ඉදිරියට බාර කාරනයක්. ඒ මොනවා වුනත් මේ සාකච්ඡුාව යට සමීරගේ ෆිල්ම් එක පෙන්නා ගැනීම අරගලයක් විදිහට තිබුන. 

විවිධ සම්මාන ඇගයුම් ලබද්දී පවා කර්මාන්තමය ඇහැකින් ඒ මොහොතේ මේ ෆිල්ම් එක රිලීස් කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වුනේ නෑ. තමන්ගේ වැහැරුනු සිනමා කෘතිය පොඞ්ඩකට පමා කරමින් මේ වෙනුවෙන් ඉඩක් දෙන්න ප‍්‍රවීනයෙක් හිටියෙ නෑ. සමීර සටන අත්ඇරියෙත් නෑ.

ලංකාවෙ චිත‍්‍රපටකාරයෙක් වෙන්න නම් වැදගත්ම දේ තියෙන්නෙ එතන. චිත‍්‍රපටිය ලියන එක, ෂූට් කරන එක, එඩිට් කරන එක මේවා නතිං. ඒත් ෆිල්ම් එක රිලීස් කරන එක කියන්නෙ ඛේදවාචකයක්. 

මෝටර් බයිසිකල්  කීප සැරයක් කීප තැනක ප‍්‍රදර්ශනය වුනත් ඒ වටා ඇතිවුනු දරාගන්න බැරි හීට් එක හින්ද මට යාගන්න බැරි වුනා. ෆිල්ම් එකක විශේෂ දර්ශනවාර වලදි ඒක නරඹන්න ඇතිවෙන පොරබදය මාව ටිකක් එලියට තල්ලූ කරනවා. 

මට පස්සෙ බලන්න පුළුවන්. හදිස්සියක් නෑ...

මං තියටර් එකට එනකංම හිටිය. සෙනසුරාදා රෑ 7.30 කියන්නෙ හෝල් එකක ෆිල්ම් එකක් බලන්න මරු වෙලාවක්. විශේෂයෙන්ම රීගල් වගේ තැනක, මෝටර් බයිසිකල් වගේ ෆිල්ම් එකක්.

සමීර ලොකු කතාවක් කියන්න ද`ගලන්නෙ නෑ. දස්සයි සමනලීයි එක දවසක් මුනගැහිලා ලව් කරන්න හදනවා විතරයි. කතාවකට වඩා ඒක එක්ස්පීරියන්ස් එකක්. සමීර ඒක කියන්නෙත් හරිම  ඕෆ්බීට් විදිහට.

ෆිල්ම් එකේ කතාවෙ චරිත දෙක දස්සයි සමනලීයි වුනාට ෆිල්ම් එක තියෙන්නෙ දස්සයි මෝටර් බයිසිකලෙයි ගැන. කෙල්ලට වඩා සමීර බයික් එක ඉස්සර කරනවා. හරිම මෙටීරියලිස්ටික් තැනක් ඉමෝෂනල් කරනවා. බයික් එක වඩාත් රොමැන්ටික් වෙන්නෙ සමනලීගේ ආදරෙත් එක්ක. ඒත් සමනලීට වඩා ගොඩ දුරක් බයික් එක දස්සා එක්ක එනවා.

ෆිල්ම් එකේ සෑහෙන දුරක් අපි දස්සා එක්ක ආවම බස්හෝල්ට් එකකදි ෂාව (සමනලීව) මුනගැහෙනවා. සමීර ෂාට දෙනවා ග‍්‍රෑන්ඞ් එන්ට්රන්ස් එකක්. සෙනග අතරින් රතු ඇඳුමක් ඇඳන් ෂා එද්දි මට මං වහවැටුණු දෙමළ ෆිල්ම් පෙලක් එකදිගට මතක් වුනා.

දස්සයි සමනලීයි ෆිල්ම් එකේ ඇක්ට් කරනවට වඩා ලොකු දෙයක් කරනවා. ලංකාවෙ අපි  ඕනතරම් දැකලා තියෙනවා ඇක්ට් කරන නළුනිළියො. ඒත් ඒ චරිතවල ජීවත් වෙන උන් අපිට මුනගැහෙන්නෙ අන්තිම කලාතුරකින්. උන් දෙන්නා මේ චරිත අතරෙ මාර කෙමිස්ටි‍්‍රයක් හදාගන්නවා. නිදහසක් බුක්ති විඳිනවා. වෙනම විදිහක ආදරයක් ගොඩනගනවා.

ෆිල්ම් එකේ දස්සටයි සමනලීටයි උන්ම වෙන්න ඇරලා සමීර බලන් ඉන්නවා. ඒ චරිත දෙක හැදෙන්නෙ උන් දෙන්නගේ ඇත්ත ජීවිතේ කොටස් වලින්. එහෙම වෙද්දි අපිට පුළුවන් කිසි දෙයක් සිද්ද නොවුනත් තිරයක් දිහා බලන් ඉන්න. 

මේ විදිහට සිංහල සිනමාවෙ ඊළ`ග නළුවා සහ නිළිය බිහිවෙන්නෙ සමීරගෙ චිත‍්‍රපටිය ඇතුලෙ. දසුන් සහ සමනලී අනිවාර්යෙන්ම අනාගත සිනමාවෙ  අමරසිරි සහ මාලනී වගේ වෙනවා. (රූපක දෙකක් විදිහට කිව්වට මුන් දෙන්නා ඒ පරණ දෙන්නට වඩා ගොඩක් ලොකුයි)

සමීර ෆිල්ම් එකේ කරලා තියෙන ලොකුම ජයග‍්‍රහනය මේකයි. ගොඩක් ඇත්ත දේවල් වලට ඒ විදිහටම පවතින්න තමන්ගෙ නිර්මානෙ ඇතුලෙ ඉඩ දෙන එක. ඩිරෙක්ටර් කෙනෙක් විදිහට මේක අන්තිම අමාරු වැඩක්. හැමදේකම තමන්ගේ සළකුන තියන්න නිර්මාණකරුවෙකුට ඇතිවෙන ස්වභාවික පෙළඹවීමෙන් එලියට ගිහින් කරන්න  ඕන වැඩක් මේක.

අජියාගේ සංගීතය වුනත් ෆිල්ම් එකේ පාවිච්චි වෙන්නෙ ඒ විදිහට. මේ කතාව හෝ චරිත අපි ඉල්ලා සිටින රිද්මයක පවතින්නෙ නෑ. මේවා හරියට සොසයටි එකේ ‘පිච්’ වෙලා නෑ. එතකොට ඒ අයව කියවන සංගීතය සමීර සම්මත ‘ලස්සනට’ අදාල නොවෙන තැනකම තියනවා.  

අම්ම මගේ.... මං අම්මගේ...

සිංදුවල පාවිච්චි වෙන වචන වුනත් ආර්ට් කරන්න යන්තම්වත් උත්සාහයක් දරලා නෑ. ඒ අමුකමම අව්‍යාජත්වයක් එක්ක අපූර්වත්වයක් නිර්මාණය කරනවා. ඒක තමයි ක‍්‍රියේටිව් වැඩකින් වෙන්න පුළුවන් උපරිමය.

ෆිල්ම් එකේ මං කැමතිම දෙබස් කන්ඩෙ එන්නෙ පාරෙ කුකුල්ලූ විකුනන මිනිහගෙන්. ඒක ඒ මනුස්සයා ඇත්තටම ඒවා විකුනන විදිහ. සමීර ඒක ඒ විදිහටම ෆිල්ම් එකට ප්ලග් කරනවා. කවදාවත් අපිට ලියලා දනවන්න බැරි සජීවිකමක් වගේම තේරුමක් එතනින් එකතු වෙනවා.

එක විදිහකට මේක චිත‍්‍රපටිය කියන්නෙ කොළඹ එකලස් කිරීමක්. සරල කතාවක් ඇතුලෙ සමීර කොළඹ වටේ අපිව අරගෙන යනවා. පුංචි පුංචි ඞීටේල් ළ`ග නතර වෙලා බලන් ඉන්නවා. අපි හැමදාම දකින ඒත් ස්ක‍්‍රිප්ට් එකක් ලියන්න ගත්තම නොලියවෙන ගොඩක් සුන්දර පුංචි පුංචි ජීවිත අංශූ සමීර මෝටර් බයිසිකලේකින් එකතු කරනවා. 

කතාව ඇතුලෙ  අතුරු චරිත නිර්මාණය වෙලා තියෙන විදිහත් ගොඩක් පරිණතයි. උදා විදිහට කළණ කරන පාතාලේ චරිතය ගැන අපි කිසිම අගක් මුලක් දන්නෙ නෑ. පොඩි සිදුවීම් ටිකක් හරහා ඒ චරිතය ගැන අපිට ඇති කරන දැනීම මාර ලොකුයි. කළණ ඒක කරන විදිහත් මරු.

සමීර මෝටර් බයිසිකල් ඇතුලෙ සම්මාන සිනමා වට්ටෝරුවට වැටෙන්නෙ නෑ (කලාපීය සම්මාන කීපයක් ලැබුනත්) . සම්මාන සිනමාව ඇතුලෙ හැදුන වියලි කලාපීය වනචර ගම වෙනුවට සමීර කොළඹ කොටුව තෝර ගන්නවා. අජීවී එකතැන පැය ගනං පැලවෙන රූපරාමු වෙනුවට සරල සජීවී චරිතවල රිද්මයට කැපෙන රූපරාමු කලාවකින් එයා කතාව කියනවා.

ලංකාවෙ මහා පේ‍්‍රක්‍ෂාගාරය වෙනුවෙන්  ඕෆ්බීට් වැඩක් කරන්න සමීර ට‍්‍රයි කරනවා. මේ කතාව ගත්තොත් ඒක මේන්ස්ටී‍්‍රම් කතාවක්. ඒත් සමීර ඒ කතාව ගොතන්නෙ මේන්ස්ටී‍්‍රම් නොවෙන එලිමන්ට්ස් එකතු කරලා. පල්සර් එකක් වෙනුවට කොල්ලට තියෙන්නෙ කෑලි හැලෙන නයින්ටියක්. මේකෙ ගහගන්න යන, හොඳට සිංදු කියන, හැන්ඩි වීරයෙක් නෑ. කොල්ලා වෙනුවෙන් මරාගෙන මැරෙන, පාට තවරපු,, මොඞ්ල් කෙනෙක් වගේ වීරවරියෙකුත් නෑ. ඒ වෙනුවට සරල කොට ජීවිත දෙකක පාරෙ දුවන ලව් එකක්.

පළවෙනි වතාවට චිත‍්‍රපටියක් කරන ඩිරෙක්ටර් කෙනෙක් අතින් මේ තරම් හොඳට දේවල් ගැලපෙනවා කියන්නෙ මැජික් එකක්. අපේ සිනමාව ඇතුලෙ කවදාවත් කොල්ලෙක් සහ කෙල්ලෙකුගෙ ආදරේ ඇතුලෙ පාවිච්චි නොකරපු ‘කියුට්නස්’ කියන එක මෝටර් බයිසිකල් වලින් අලූතෙන් ස්ථානගත කරන රසයක්. ඒ ඉනසන්ස් එකයි ඇත්ත සමාජ පසුතලය විසින් විනාස කරමින් ඉන්නෙ. නිශ්චිත දුෂ්ටයෙක් නෑ. මුලූ මහත් ක‍්‍රමයම මේ ආදරයට දුෂ්ටයි.  එදිනෙදා වැල්ලෙ ගල් උඩ, වික්ටෝරියා පාර්ක් එකේ විසිල් මැද්දෙ, නිදහස් චතුරශ්‍රෙ අත් අල්ලන්නවත් බැරුව විඳවන කොල්ලො කෙල්ලො ගානක් ගැන සමීර නරඹන්නාව සංවේදී කරනවා. 

ආදරේ වල්කමක්, පාදඩකමක්, හෝ තහනම් කළ යුතු දෙයක් විදිහට දකිනවට වඩා ඒ දිහා ‘ඉනසන්ස්’ කියන එක ඇතුලෙන් බලන්න මෝටර් බයිසිකල් රවුමක් සමීර තිරය උඩට අරන් එනවා.

මේ තරම් සමූහ දර්ශන සහ අසීරු දර්ශන තල හසුරුවා ගැනීම කියන්නෙ පළවෙනි වතාවට ෆිල්ම් එකක් කරන එකෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තත්වයක්. ප‍්‍රවීනයන් පවා ඉතා හොඳින් ඇනගන්නා ප‍්‍රදේශයක මෝටර් බයිසිකලේ කිසි ගානක් නැතුව දුවනවා. ඒ හැම අතුරු චරිතයක්ම පාහේ මතක හිටින තරම් සුවිශේෂීව නිර්මාණය කරන්න සමීරට පුළුවන් වෙනවා.

විශ්වගේ කැමරාවත් ෆිල්ම් එකට උපරිම සාධාරණයක් කරනවා. ඒ නාගරික බව කැප්චර් කරන රූප රාමු හරිම ආකර්ශනීයයි.  ඕනකරන පොප් ගතිය තමන්ගෙ රූපයේ රඳවාගන්න වගේම හරිම නිරායාසික බවක් දනවන්න විශ්වගේ සරල කැමරා ආඛ්‍යානයට පුළුවන් වෙනවා.

ෆිල්ම් එකේ අවසානයට නම් මගේ බරපතල අකමැත්තක් තියෙනවා. ඒ නිසාම බලන නරඹන්නො ගොඩක් හිස් ගතියකට, බිඳ වැටීමකට යන්න පුළුවන්. මුල එක්ක බැලන්ස් වෙන විදිහට අමුණලා අතිසංවේදී නිමේෂයකින් කතාව කූටප‍්‍රාප්තියට ගේන්න සමීර කෘතිමව කරන ට‍්‍රයි එක ඇතුලෙ ෆිල්ම් එකේ අවසානය ලොකු හිලක් හදනවා. 

එලියට එනකොට ඉතුරු වෙන්නෙ ඒ හිස්කම වුනත් ඒක ෆිල්ම් එක ගැන ඇත්ත නෙමෙයි. 
මේක සෑම කොල්ලෙක් සහ කෙල්ලෙක්ම පංති කට් කරලා ගිහින් නරඹන්න  ඕන ෆිල්ම් එකක්. ගල් උඩ, කණු යට ලව් කරලා සෙකියුරිටි පොලිසි නලා සද්ද මතක හැම වැඩිහිටියෙක්මත් බැන බැන එන්න හරි ගිහින් නරඹන්න  ඕන ෆිල්ම් එකක්. 

රුපියල් පන්සීයක් විතර අරන් ඇවිත්, යන්න එන්න තැනක් නැතුව, විසිල් පාරවල් කමින් ගතවුණු දහඅටේ ආදරේ ආතල් එක ආයි ආයිමත් මිස් කරවන පැය එකයි විනාඩි හතලිස් පහක්.

-චින්තන ධර්මදාස

Friday, August 26, 2016

බල්ලො ගොඩක් මැද පූසෙක්..


(රාවය පුවත්පතේ "කියනු මැන දිවි අරුත" අතිරේකය වෙනුවෙන් ලියන ලද්දකි)

මං මිනිස්සුන්ව දකිනවා ප‍්‍රධාන කොටස් දෙකක් විදිහට. පූසො සහ බල්ලො. එතනින් මං වැටෙන්නෙ පූසන්ගෙ කාන්ඩෙට. තනියි. පොකුරුවාසී ජීවිතේට අකමැතියි. තනි නිදහස ගැන උපරිමෙන් හිතනවා. ඒත් ගොඩක් වෙලාවට සමාජ දේශපාලන වැඩවලදි අපිට මුනගැහෙන්නෙ බල්ලො. සාමූහිකයි. රැලේ තීරණයට යනවා. ඉතිං මගේ බරපතල නොපෑහීමක් තියෙනවා මං ගැවසෙන විෂය ප‍්‍රදේශයත් එක්ක.

ඇත්තටම ඇයි පූසෙක් සමාජ කාරණා ගැන උනන්දු වෙන්නෙ? එතනදි මේ අවුල අහුවෙනවා. මට සමාජය කියන්නෙ මගෙන් පිටත පවතින දෙයක් නෙමෙයි. ඒක මගේ පුද්ගලික ජීවිතය සමබන්ද කාරණයක්. මං නොදන්නා කලාපයක මගෙන් බාහිර දෙයක් වෙනුවෙන් මං පෙනී ඉන්නෙ නෑ. මගේ සාකච්ඡුාව තියෙන්නෙ මගේ අවට ගැන. මගේ නිදහස ගැන. මට හිතෙන්නෙ හැම මනුස්සයෙක්ම ඒ විදිහට තමන්ගෙ ජීවිතේට දැනෙන තැනින් ප‍්‍රශ්න ගැන කතා කළොත්, තමන්ගෙන් බාහිර ඔබ්ජෙක්ටිව් කියල මවාගත් තැනකින් නැතුව, අපිට විවාදයක් නෑ. එතන තියෙන්නෙ සංවාදයක්. මනුස්ස ජීවිත හුවමාරුවක්.

මං නැවත නැවත පරීක්ෂා කරන්නෙ මාව. ගොගොල්ස් දෙකක් සහ ඔක්සිජන් ටැංකියක් අරගෙන සහ නැතුව මං නැවත නැවත කිමිදෙන්නෙ මගේ හිතුවිලි පතුලට. මට දේශපාලනය, දර්ශනය, විද්‍යාව, මිත්‍යාව හැමදේම මුනගැහෙන්නෙ මගේ ආත්ම පතුලෙදි. ඒක අන්තිම සාපේක්ෂයි. මං කැමතියි සාපේක්ෂ පුංචි පුංචි සත්‍යයන් දහස් ගානකින් හැදිච්ච ලෝකෙකට. අනිත් පැත්තට මං අකමැතියි එක සත්‍යයකින් ජීවිතේ ඉසව්වක්ම වහගන්න සමතල ලෝකෙකට. මං සමානකම් වලට වඩා වෙනස්කම් වලට ආසයි.

මං ලෝකෙ සියල්ල විශ්වාස කරන කෙනෙක්. ඒ මතුපිට සත්‍යය හෝ අසත්‍යය කියන කාරනයට වඩා මං ආකර්ශනය වෙන්නෙ ඒ සත්‍යය හෝ අසත්‍යය පැන නගින උවමනාව ගැන. ඒකට සම්බන්ද පැවැත්මීය කාරණය ගැන. එතනදි මට අපේ රටේ ගොඩක් වෙලාවට මුනගැහෙන්නෙ සර්වයිවල් කියන උත්තරේ. ඒක හරිම බාල තැනක්. අපි සර්වයිවල් කියන තැනින් තීරණ ගන්නවා කියන්නෙ කිසිම දවසක මනුස්ස පැවැත්මෙ උපරිම ආනන්දයන් (ආතල්) ගන්න ලැබෙන්නෙ නෑ. ලෝක ලංකාව වගේ වුනානම් කවදාවත් කවුරුවත් අභ්‍යවකාශෙට යන්නෙ නෑ.

තේරුම් ගැනීමේ ගැඹුරු සාධනාවක් විදිහට මං සයිකඩෙලික්ස් විශ්වාස කරනවා. එක්ස්ටී‍්‍රම් එකකට ගිහින් කියනවා නම් සයිකඩෙලික්ස් පාවිච්චි නොකරන මිනිස්සු ජීවිතේ ගැන කියන ගැඹුරු කාරණා මම සීරියස් ගන්නෙ නෑ. අපිට සයිකඩෙලික්ස් අනිවාර්යෙන්ම  ඕන වෙනවා සාමාන්‍ය පොදු පැවැත්ම විසින් අපි ඇතුලෙ හදපු ආකෘතීන් ගලවගෙන යන්න. උදා විදිහට එල්එස්ඞී වගේ සයිකඩෙලික් එකක් තමන්ගේ පැවැත්ම ගැන දෙන ගැඹුරු අවබෝධය හැම සිතීමක් සහිත මනුස්සයෙකුටම ලැබෙන්න  ඕන දෙයක්. එහෙම නැති වුනාම අපි විකාරසහගත විදිහට මනුස්ස ජීවිතය බාල්දු කරන සුළු සාමූහිකත්වයක් නඩත්තු කරමින් ඉන්නවා.

මට පුළුවන් තාර්කිකත්වය වගේම අතාර්කිකත්වය ඇතුලෙත් ජීවත් වෙන්න. ඇත්තටම නං මට තාර්කික දේවල් සෑහෙන බෝරිං. ඒ වගේම මිත්‍යාව ඇතුලෙ මට විද්‍යාවට වඩා ගොඩක් ඇත්තවල් මුනගැහෙනවා. මට ලෝකෙ කිසි දෙයක් සැබෑ හෝ ස්වාභාවික නෑ. හැම දෙයක්ම ගොඩනැංවීම් වගේම හැම මනුස්සයෙක්ම තමන්ගෙ ජීවිතය ඇතුලෙන් ඒ ගොඩනැංවීම් යම් පමනකින් හෝ සංස්කරණය කරන්න  ඕන. ඒක තමයි ශිෂ්ටාචාරය.

පුද්ගලික පටන් ආයතනික දේවල් දක්වා පාලනය හෝ අධිකාරිමය සියල්ල මට අවුල්. ඒ වෙනුවට මං විශ්වාස කරන්නෙ සියලූ හොඳ සහ නරක මිනිස් ආශාවන් අනෙකාට හානිකර නොවන විදිහට මුදාහැරිය හැකි සමාජ අවකාශයක් ගැන. ඒත් ඒ අවකාශය නිර්මාණය කරන්න අපිට  ඕන වෙනව සවිඳාණක පුරවැසියෙක්.

ඒ ගැන සිද්ද වෙන සාකච්ඡුාවෙදි හැමතිස්සෙම,
මම බල්ලො ගොඩක් මැද පූසෙක්..

-චින්තන ධර්මදාස

Thursday, August 11, 2016

ළිදේම සිටීම මැඩියන්ගේ අයිතියකි



ලංකාවේ අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිව ඇතිවෙලා තියෙන සංවාදය ටිකක් නෙමෙයි ගොඩක් විකාරරූපී එකක්. ඒත් ඇත්තටම අපේ වගේ රටවල අධ්‍යාපනය හැසිරෙන්නෙ කොහොමද සහ එයින් නිෂ්පාදනය වෙන්නෙ මොනවද කියන එක තේරුම් ගන්න ඒක හොඳ සංදර්භයක් සපයනවා. මේ සංවාදය වඩාත් ආකර්ශනීය වෙන්නෙ මේකටම ගැටගැහිලා සයිටම් එකෙන් පුද්ගලික දොස්තරලා බිහිකරනවාට එරෙහි අරගලයකුත් දියත් වෙන නිසා. 

මේ වෙනුවෙන් ‘නිදහස් අධ්‍යාපනය සුරකිනු’ කියල බෝඞ් ලෑල්ලක් ගහගෙන මං පොඩිකාලෙ ඉඳන්ම අහපු සටන් පාට කියමින් ආචාර්ය මහාචාර්ය සහ ශිෂ්‍ය අනුගාමික පිරිසක් එක පැත්තක ඉන්නවා. ‘අධ්‍යාපනයේ නිදහස සුරකිනු’ කියලා තව බෝඞ් ලෑල්ලක් ගහගෙන තවත් ආචාර්ය මහාචාර්ය ශිෂ්‍ය අනුගාමික පිරිසක් අනිත් පැත්තෙ ඉන්නවා. ඒතනදි අලූත් අදහසක් තියෙන්නෙ දෙවෙනි කට්ටියට. පලවෙනි එක ටිකක් පිළුනුයි.
ෆේස්බුක් වගේ වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මීඩියා නිසා  ඕනම බුද්දිමතෙක්ගෙන් නැවත හැරිලා ප‍්‍රශ්න කිරීමේ අයිතියක් හැදිලා තියෙනවා. ඒක නිසා ‘කියවලා එන්න’‘තව හදාරන්න’ වගේ ඇකඩමික් තගවල් වැඩකරන්නෙ නැතුව යනවා. ඉස්සර නම් මාධ්‍ය කීපයකට ඇවිත් ඒ සිවිල් ආරක්ෂාව යටතේ තමන්ගෙ මතය දමා ගැසීමෙන් සහ මහජන පුස්තකාලෙ රැුස්වීමක් පැවැත්වීමෙන් තමන්ගෙ තත්වය ආරක්ෂා කරගන්න බුද්දිමතුන්ට පුළුවන් වුණා. ඒත් දැන් ඒ අය කොයිතරම් අකමැති වුනත් ඊට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් විවෘත වෙලා තියෙනවා. 

මේ විදිහට හිත හිත ඉන්නකොට එක දවසක් විශ්ව විද්‍යාල ප‍්‍රයිවෙට් කරන එක ගැන කරපු ‘විද්වත්’ වර්ගයේ සාකච්චාවක් යූටියුබ් එකේ තියෙනවා දැක්ක. ඉස්සරහට ලියන්න යන අදහස් ඇත්තටම ඉන්ස්පයර් වුනේ ඒ සාකච්චාවෙන්. (ලින්කුව පහතින්)

අධ්‍යාපනය ප‍්‍රයිවටයිස් වෙන එකෙන් සිද්ද වෙන්න පුළුවන් මොකක්ද? මේකට විරුද්දව පෙනී ඉන්න කට්ටියට අනුව මේකෙන් අධ්‍යාපනයේ තත්වය බාල වෙන්න පුළුවන්. තරගය ඇතුලෙ කොලිටිය බාල වෙනවා කියල ඇහුවමයි මම. එතනදි අමතක කරන කාරනේ වෙන්නෙ කොලිටිය නැත්නම් ගුනාත්මකය කියන එක පටන්ගන්නෙම තරගය ඇතුලෙ කියන එකයි. සමස්තයක් හැටියට නැත්තං පුළුල්ව දෙයක් දිහා බලන්න තියෙන නොහැකියාවෙන් පෙලෙන්නෙ නැති   ඕන කෙනෙකුට තරගය හරහා  ඕනම අංශයක ඍජුව සහ වක‍්‍රව සිද්ද වෙන ගුනාත්මක වර්ධනයන් දැකගන්න පුළුවන්. බාල දේවල් ගොඩක් ප්‍රොඩියුස් වෙනවා නම් ඊළ`ග මාර්කට් එක හැදෙන්නෙ ඊට වඩා යම් පමණක් හෝ කොලිටි ප්‍රොඩක්ට් එකකට. පරිභෝජනය කළ හැකි පිරිස අඩු වෙන්න පුළුවන්. ඒත් ඒක නැවත සමස්තයේ කොලිටිය ඉහල නැංවෙන්න බලපානවා. උදා විදිහට අද අපි පාවිච්චි කරන චයිනීස් ෆෝන් එකක් වුනත් සාපේක්‍ෂව ඉහල කොලිටියක් මේන්ටේන් කරනවා. 
ආර්තික විද්‍යාව පැත්තකට දැම්මත් මේ කොලිටි ප‍්‍රශ්නෙදි සාමාන්‍ය පෘතග්ජන ජනතාවට එනවා ප‍්‍රශ්නයක්. ඒ තමයි, 
එතකොට දැනට මේ පවත්වාගෙන යන අධ්‍යාපනයේ කොලිටිය මාරයිද? 

ඒක ගොඩදාන්න ප‍්‍රයිවෙට් අරහං පිරිස නැවත යෝජනා කරන්නෙ රාජ්‍ය කළමනාකාරීත්වය. මේ රටේ ආචාර්ය මහාචාර්යවරු නොවෙන  ඕනම සාමාන්‍ය මනුස්සයෙක් දන්න කාරණයක් අපේ රටේ ඒ රාජ්‍ය කටයුතු කොයි වගේද කියන එක.

මේ සාකච්චාවෙදිම ප‍්‍රයිවෙට් එපා කියන පැත්තට කතා කරන ආචාර්යවරයෙක් පැහැදිලිව කියනවා ලංකාවෙ ඒ ලෙවල් වලින් කැම්පස් එකට තෝර ගැනීමේ ක‍්‍රමයෙ ලොකු ප‍්‍රශ්නයක් තියෙනවා කියල. කිසිම දෙයක් කරගන්න විශාල පිරිසක් ආර්ට් ෆැකල්ටිවලට තෝරගන්නවා කියල. මේ තෝරා ගැනීමේ වැරැුද්ද කරන්නෙ ඒ කියන රාජ්‍ය ක‍්‍රමයම තමයි. මං දන්න කාලෙ ඉඳන් අහන මේ අවුලට තාම විසඳුමක් හදාගන්න බැරි රාජ්‍ය අංශයට නැවත අධ්‍යාපනය පැවරිය යුතුයි කියන එකේ සිහිබුද්දිය මොකක්ද?

තව මාර කතා වගයක් එයා කියනවා. තොග පිටින් එලියට දාන උපාදිදාරීන්ට රැුකියා නැති වීම උපාදියෙ ප‍්‍රශ්නයක් විතරක් නෙමෙයි, ඒක ආර්තික කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රශ්නයක් කියල එයා බෝලෙ කැම්පස් එකෙන් එලියට දානවා. එතකොට ඒ ආර්තික කටයුතු අමාත්‍යංසෙ ඉන්නෙ කවුද? ඒ අය මේ විශ්ව විද්‍යාලවල උපාදිදාරීන් නෙමෙයිද? මේ රටේ ආර්තික ප‍්‍රතිපත්තිවලට උපදෙස් දෙන ඒවා සකස් කරන අය මේ කැම්පස්වලින් එලියට ආපු අය නෙමෙයිද? එතකොට මේ දැවැන්ත අර්බුදයට හේතුවම නැවත රාජ්‍ය අධ්‍යාපනයේ අවුල නෙමෙයිද?

අධ්‍යාපනයේ ගුනාත්මක තත්වය ගැන උනන්දු වෙන මේ පිරිස කවදාවත් තොග පිටින් උපාදිදාරීන් රාජ්‍ය සේවයට බඳවාගනිද්දි ඒකට විරුද්ද වෙන්නෙ නෑ. මේ තොග පිටින් සහතිකය විතරක් හින්ද රස්සාවලට ගන්නා පිරිස් නිසා රාජ්‍ය අංශයෙන් විශාල ජනතාවකට සැපයෙන සේවාවන් පිරිසක් අර්බුදයට යාමේදී මේ අයට කොලිටිය ගැන කිසි කතාවක් නෑ. 

මේ ආචාර්යවරයා පැහැදිලිව කියනවා විශ්ව විද්‍යාල වලින් සැපයෙන්නෙ ක‍්‍රිඩෙන්ෂල් එකක් කියල. ඊට පස්සෙ කියනවා අපේ අධ්‍යාපනය ඉස්සරහින් ආර්තිකය පස්සෙන් කියල. ඒක හින්ද උපාදිදාරීන්ට රැකියා නෑ කියල. ක‍්‍රිඩෙන්ෂල් වලට දෙන අධ්‍යාපනයක් කොහොමද මර්වින් සිල්වාට දෙන ආචාර්ය උපාදියකින් වෙනස් වෙන්නෙ? එතකොට විශ්ව විද්‍යාල ඇතුලෙ අධ්‍යාපනය යනු තවදුරටත් දැනුම නෙමෙයි. අධ්‍යාපනය යනු සහතිකයක්. මොකද්ද මේ සහතිකය?

මෙතනදි මේ ආචාර්යවරයා විසින්ම අතිශය හිරිකිත කතාවක් කියනවා. ඒ කතාව අධ්‍යාපනය පුද්ගලීකරණය ගැන සංවාදය ඇතුලෙ ඉන්න අය නැවත නැවත අහන්න  ඕන එකක්. එයා කියනවා, විශ්ව විද්‍යාල වලින් දෙන්නෙ අධ්‍යාපනයක් නෙමෙයි සමාජ සහතිකයක් කියල. ඒක ආවාට ගියාට දෙන්නත් බෑ කියල. 
ඒකයි අධ්‍යාපනය පුද්ගලීකරණයට විරුද්ද ඇත්ත තැන.

විශ්ව විද්‍යාලවලින් අපිට සමාජ සහතික  ඕනද? මේ කියන්නෙ සමාජ තත්වය ගැන රදල වැඩවසම් කතාවක් නෙමෙයිද? මේක බමුණු කුලයක් ගැන අදහසක් නෙමෙයිද? විශ්ව විද්‍යාලවලින් අවශ්‍ය දැනුම හෝ හැකියාව වෙනුවට සමාජ තත්වයක් සහතික කිරීමේ අදහසම මේ විද්‍යාල වර්තමානයට නොගැලපෙන වගට සහතිකය නෙමෙයිද?

අධ්‍යාපනයේ තත්වය ගැන කතා කරාට මේ ප‍්‍රයිවෙට් විරෝදී පිරිස ලෝක මට්ටමේ රෑන්කින් පිලිගන්නෙත් නෑ. අපේ කතාවෙ ප‍්‍රධාන චරිතය විදිහට එන ආචාර්යවරයා ඒ ගැන ලොකු අධ්‍යනයක් කරලා ඒ රෑන්කින් අපිට පිළිගන්න බෑ කියල ඔප්පු කරනවා. ඒක මාර සොයා ගැනීමක්. 

එතකොට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ඉන්න ඉදිරිපෙල චරිත විදිහට මේ රෑන්කින් අවුල ගැන මේ අය මොනවද කළේ? අධ්‍යාපනය කියන්නෙ ලොකු වෙළඳපොලක්. අපේ රටේ අධ්‍යාපනය අසමසම මට්ටමකින් තියෙද්දිත් ලෝකය මේ විදිහට ඒ තත්වය අවතක්සේරු කිරීමට එරෙහිව අඩු ගානෙ කලාපයටවත් එකග විය හැකි රෑන්කින් ක‍්‍රමයක් මේ අය අඳුන්නලා දීලා තියෙනවද? ඒ වගේ රෑන්කින් ක‍්‍රමයකට අඩු තරමෙ කලාපයවත් එකග කර ගන්න මේ අයට පුළුවන් වෙලා තියෙනවද? ඇකඩමික්ලා විදිහට තමන්ගෙ වගකීම මේ අය ඉටු කරලා තියෙනවද?

මේක මහින්ද රාජපක්ෂ වර්ගයේ සිතීමක්. ලෝකෙ අඩුම බජට් මාර එෆිෂන්ට් හෙල්ත් සර්විස් එක කියල ලෝකෙ රෑන්කින් අනුව ලංකාව පිළිගනිද්දි ඒකෙ අවුලක් නෑ. රටේ ඇත්ත සෞඛ්‍ය වියදම මේ බජට් එකේ පරාවර්තනය වෙන්නෙ නෑ නේද කියල ඒ අයට මතක් වෙන්නෙ නෑ. ඒත් රජයේ කැම්පස් ටික ?න්කින් වලින් එහා කොනට විසි වෙද්දි ඒ ?න්කින් අවුල්. ඒවා විදේශීය කුමන්ත‍්‍රණ.

තමන්ගෙ සමාජ තත්ව සහතිකය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ අය සටන් වැදීම ස්වබාවිකයි වගේම වෙන්න  ඕන දෙයක්. ඒත් ඒ වෙනුවෙන් පෙනී ඉන්න රටේ මිනිස්සුන්ට තියෙන උවමනාව මොකක්ද? අධ්‍යාපනය පෞද්ගලීකරණය හරහා අභියෝග වෙන්නෙ ඒ සමාජ සහතිකය නම් කළ යුත්තෙ වහාම ඒ ක‍්‍රියාවලිය ඉක්මන් කරන එකයි. රදල වැඩවසම් අගයන් පුළුවන් තරම් ඉක්මනට වලදාන්න කටයුතු කරන එකයි.

මේක චිත‍්‍රපටි වලදිත් වුනා. ලංකාවට ඩිජිටල් කැමරා ගේනකොට ඒ ක්‍ෂේත‍්‍රයේ දැනමුත්තො කිව්වෙ, දැන් ඉතින් කොල්ලයි බල්ලයි ඔක්කොම ෆිල්ම් හදයි කියල. එක එක කඩතුරා වලින් වහගෙන හිටපු තමන්ගෙ වැඩවසම් ආදිපත්‍යයන් හෙල්ලෙන කොට ප‍්‍රතිවිරෝදයන් එනවා. ඒත් තාක්‍ෂණය විසින් අනිවාර්යෙන්ම පරණ සිස්ටම් එක පරාද කරනවා. උදා විදිහට ඉන්ටර්නෙට් එක විසින් රාජ්‍ය උසස් අධ්‍යාපනයේ ඔය කියන අගය දෙකේ කොලේට වට්ටනවා.

පුද්ගලික විශ්ව විද්‍යාල හරහා තොග පිටින් උපාදිදාරීන් බිහි වුනාම මොකද වෙන්නෙ? එතකොට උපාදියට රස්සාවක් කියන කතාව ඉවර වෙලා යනවා. ඒ වෙනුවට දක්ෂතා ඇති අයට රැුකියා වෙළඳපොල විවෘත වෙනවා. උපාදිදාරීන්ට රැුකියා නැති වීම ආර්තික කටයුතු අමාත්‍යංසෙ ප‍්‍රශ්නයක් කියපු ආචාර්යවරයා නිතරම අමතක කරන්නෙ තමන් ජීවත් වෙන යුගයයි. මේ උපාදිදාරීන් ඔය කියන තරම් ගුනාත්මක නම් ආසාර්තක රාජ්‍ය යාන්ත‍්‍රනයෙන්ම රැකියා ඉල්ලන්නෙ ඇයි? තමන්ගේ හැකියාවෙන්, තමන්ගෙම අදහස් ආයෝජනයෙන් ස්ටාර්ට්-අප්ස් වගේ දේවල් පටන් ගන්නෙ නැත්තෙ ඇයි? අන්තිමට කිසිදු නිර්මාණාත්මක හැකියාවක් නැති සමාජෙන් යැපෙන්නො පිරිසක් බවට පත්වෙලා තියෙන්නෙ ඇයි?

මේක සිතීම ගැන ප‍්‍රශ්නයක්. අභ්‍යන්තර තත්ව පාලන ක‍්‍රම හරහා තමන්ගෙ හැකියා පුහුණුව යම් මට්ටමකින් පවත්වාගෙන යන වෛද්‍ය අංශයට පවා මේ සිතීමේ බංකොලොත් බව අදාලයි. වෛද්‍යවරුන් සයිටම් එකට විරුද්ද වන්නේත් මූලිකවම මේ සමාජ තත්ව සහතිකය අර්බුදයට යාමේ වැඩවසම් ප‍්‍රශ්නය උඩයි. ඒ කිසිදු නිර්මාණාත්මක දැක්මක් වර්ධනය කරගෙන නැති නිසා තමන්ගේ හැකියාව (ස්කිල් එක) ලේසියෙන්ම තවත් කෙනෙකුට රිප්ලේස් කළ හැකි බව දන්නා නිසයි. එතකොට ජනතාවගේ පැත්තෙන් මට කියන්නෙ තියෙන්නෙ මොකක්ද?

‘බළලා මැට්ටෙන්ද ලීයෙන්ද කියල මට අදාල නෑ. ඌ මීයො අල්ලනවා නම්...’ 

මේ මාතෘකා කරගත් යූටියුබ් වීඩියෝවෙ එක තැනකදි මේ ප‍්‍රධාන ආචාර්යවරයාට සපෝර්ට් එක පිනිස තව අචාර්යවරයෙක් උදාහරනයක් ගේනවා. ඒ උදාහරනෙ ඇත්තටම මරු තැනක් පෙන්නනවා මේ ප‍්‍රයිවෙට් විරෝදී සිතීමේ දුප්පත්කමට.

ඔන්න එයා අහනවා,
‘තරගය ඇතුලෙ ගුනාත්මක තත්වය වැඩිවෙනවා නම් ඉස්සර ගුවන් විදුලි සංස්තාවෙ තිබුන ගුනාත්මක තත්වය දැන් ඔය කිසි රේඩියෝ චැනල් එකක තියෙනවද?’ 

එතකොටම අනිත් ආචාර්යවරයා කියනවා, අද ටෙලි නාට්‍ය කලාවට මොකද වෙලා තියෙන්නෙ? (ඉස්සර තිබ්බ එක කොච්චර හොඳද) කියල.

මේක අහපු ගමන් මාව ෂොක් වුනා. ලංකාවෙ ගුවන් විදුලි සංස්තාව කියන්නෙ මොකක්ද? තමන්ට උවමනා දේ බලෙන් ඇස්සවීමට පිටින් ලංකාවෙ ගුවන් විදුලිය මිනිස්සුන්ගෙ උවමනාවලට කන්දීපු මාධ්‍යයක් නෙමෙයි. මේ ආචාර්යවරුන් වගේ පිරිස් විසින් නඩත්තු කරපු සම්භාව්‍යවාදයට කඬේ ගියා මිස ගුවන් විදුලිය ජන මාධ්‍යයක භූමිකාව කළේ නෑ. 

මේ ආචාර්යවරයා විසින් කියන්නෙ සුප‍්‍රිමසි ගැන කතාවක්. තමන්ගේ ඇගයුම් පද්දතියට පිටින් බහුතරයක උවමනා වෙනුවෙන් මාධ්‍ය හැඩගැසීම ගැන චෝදනාවක්. මොකක්ද මේ ගුනාත්මක තත්වය ගැන කියන්න එයාට ගන්න පුළුවන් නිර්නායක?

තාක්‍ෂණික උපකරණ අතින්, භාවිතාවන් අතින්, විවිධත්වය අතින්, මිනිස්සු එක්ක සම්බන්ද වීම අතින් දැන් තියෙන රේඩියෝ චැනල් හැම එකක්ම වගේ හොඳටම දියුණුයි. ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් පරණ ගුවන් විදුලි සංස්තාව එක්ක සමාන කරන්න යනවා කියන්නෙ වොල්වො එකකුයි බක්කි කරත්තෙකුයි කම්පෙයාර් කළා වගේ වැඩක්. ඒත් මේ ආචාර්යවරයාගේ ඔලූව තියෙන්නෙ තාම අර නොස්තැල්ජියාව උත්තරීතරයි කියල. පැහැදිලියි කතාව. අධ්‍යාපනයත් පරණ ගුවන් විදුලි සංස්තාව වගේ කරන එකයි මේ ප‍්‍රයිවෙට් විරෝදී උවමනාවේ ෆිලොසොෆිය.

ලංකාවෙ ගුවන් විදුලි මාධ්‍ය මිනිස්සු ඉන්න තැනට ගෙනල්ලා ඒකෙ ගුනාත්මක තත්වය දැන් තියෙන තැනට ගේන්න මුල් වුනෙ සිරස එෆ්එම් එක. එතනදි විශ්ව විද්‍යාලෙ නොගිය නිමල් ලක්ෂපතිආරච්චිට දැක්මක් තිබුන ගුවන් විදුලියෙ ළිඳෙන් එලියට එන්න. මේ ආචාර්යවරයා කරන්නෙ ඒ නිර්මාණශීලීත්වය අවතක්සේරු කරන එක. මොකද ඒක ඇකඩමික් නෑනෙ. ප‍්‍රබුද්ද කට්ටියට සම්බාව්‍ය දේවල් රස විඳින්නත් මාධ්‍ය තියෙන්න  ඕන. ඒත් මහ ජනතාවට තමන් කැමති දේවල් කොලිටියක් ඇතුව රස විඳින්න ඊට වඩා මාධ්‍ය  ඕන.

මේ සම්භාව්‍ය කිතිය දකිද්දි මට මතක් වුනේ චාමර ගුරුගේ ළ`ගදි දාපු පෝස්ට් එකක්. එයා 83 අවුරුදු උදාවෙදි මරියසෙල් කියන යොවුන් සිහින ලෝකෙ සිංදුව ෆේස්බුක් දාන ගමන් අහලා තිබුන, 83දි මරියසෙල් කියපු දේ ඇහුවා නම් මීට වඩා දේවල් කොච්චර වෙනස්ද කියල. හොඳට ඇස් ඇරෙන කතාවක් ඒක. මේ සම්බාව්‍ය බලහත්කාරය නිසා අපිට මරියසෙල් මගඇරුන. ඒ වෙනුවට අපි ඇහුවෙ නන්දා කියපු දේ. ඒ පාර දිගේ අපි ආපු ගමන ගැන බලනකොට අහන්න තියෙන්නේ, ආචාර්යවරුනි ඔබට සතුටුයිද දැන්?

ජිප්සීස් සුනිල් පෙරේරා පවා තහනම් කරපු ගුවන් විදුලි සංස්තාවක කොලිටියක් ඉල්ලා සිටින ආචාර්ය පරපුරක් අපේ ඇකඩමියාවෙන් බිහි කරලා තියෙනවා. ආඩම්බරයි තේරුමක් නැතුව.
මේ සංවාදෙ හිටපු මහාචාර්ය සුනේත‍්‍රා වීරකෝන් ඇත්තම කාරනේ එලිපිට කියනවා. 

”ක‍්‍රිඩෙන්ෂල්ස් කියන එක දෙන්න විතරයි අපි උත්සාහ කරන්නෙ. ළමයින්ව ටේ‍්‍රන් කරන්න උත්සාහ කරන්නෙ නෑ. ඒ ගැනයි අපි කතා කරන්න  ඕන. රටේ ක‍්‍රීම් එක අපි ගන්නවා නම් අපේ ප්‍රොඩක්ට් එක අපි හරියට දෙන්න  ඕන. මට තියෙන ප‍්‍රශ්නෙ ඒකයි. මම කියන්නෙ නෑ පෞද්ගලික විශ්ව විද්‍යාල නතර කරන්න  ඕන කියල. ඒක එතිකලි රෝන්ග්. මේක නිදහස් ලෝකයක්. මිනිස්සුන්ට  ඕන දෙයක් කරගන්න තියෙන්න  ඕන. අපේ එක අපි හදාගන්න  ඕන. මම සයිටම් එක උස්සන්නෙත් නෑ. අපේ එක පාත් කරන්නෙත් නෑ. මං දකින දේ තමයි අපේ විශ්ව විද්‍යාල වල ඔය කියන තත්වය කියන එක කාලයට ඔබින විදිහට පවතින්නෙ නෑ”
සහතික වලින් තමන්ගෙ සමාජ තත්වෙ හදාගන්න හීනමානයක් නැති උගත් මිනිස්සු කීපදෙනෙක් හරි තාම ඉතුරුවෙලා ඉන්න එක ගැන ඒ කතාවෙන් හීනි සතුටක් ඇති වුනා.  

-චින්තන ධර්මදාස




Monday, May 23, 2016

ෆැන්ටසිය ගෙට ගමුද?


රටටම ගංවතුර ගලලා තියෙද්දි හඳයගෙ ඇගේ ඇස අග දෙවෙනි පාරටත් බලන්න රීගල් එකට ගියා. ඒක නරුම විදිහට පෙනුනත් පුද්ගලික මට්ටමෙන් ඒ විදිහෙ පවතින තත්වයෙන් දුරස්ත වීමක්  ඕනවෙනවා. නැත්තං අපි හුස්ම ගන්න අමාරු තරමට ඒ ඉමෝෂනල් ගංවතුරෙ ගිලිලා යනවා.

ඇගේ ඇස අග කොහොමටත් නැවත නැවත නරඹන්න පුළුවන් ෆිල්ම් එකක්. ඔලූවෙ ලොකු බරක් පටවනවා වෙනුවට ජීවිතේ ගැන ගැඹුරු ආදරේකින් බැඳෙන්න පොළඹවන කෘතියක්. මට හිතෙන්නෙ එක විදිහකට මේ ෆිල්ම් එක නරඹන සුවහසක් කසාද බැම්මෙන් බැඳුනු ලාංකිකයන්ව අප‍්‍රකාශිත මානසික බරකින් නිදහස් කරනවා.

බූපති නලින් නිතර චිත‍්‍රපටි ගැන කතා කරන කොට කියන ‘වැඩබිමක්’ කතාව මෙතනට ගොඩක් ගැලපෙනවා. ඇගේ ඇස අග කියන්නෙ ගොඩක් සමාජ-සංස්කෘතික- දේශපාලන සංවාදයන්ට හොඳ වැඩබිමක්. මේකෙ කෑලි කෑලි වෙනස් වෙනස් විෂයන් ඇතුලෙ විවිධාකාර සාකච්චා බවට පත් කරන්න පුළුවන්. හඳයා අලූත් අදහස් බිමක් යෝජනා කරනවා.

මේ ෆිල්ම් එක ඉසබෙල් කෝක්සෙට් (ස්පාඤ්ඤ නිසා හ`ඩ වරදින්න පුළුවන්* කියන අධ්‍යක්‍ෂවරියගෙ ‘එලිජි’ ෆිල්ම් එකේ කොපියක් කියල සේපාල් චෝදනාවක් ගෙනාවා. මේ චිත‍්‍රපටි දෙකම බලපු කෙනෙක් දන්නවා ඒක කිසි තේරුමක් නැති කතාවක් වග. රිලේටඞ් ෆිල්ම් එකක් කියන අදහසට මාත් එක`ගයි. ඒත් ඇමරිකානු නවකතාකාරයෙක් වන ෆිලිප් රොත්ගෙ ‘ඩයින්ග් ඇනිමල්’ පොත උඩ නිර්මාණය වෙන එලිජි ෆිල්ම් එකයි ඇගේ ඇස අගයි කියන්නෙ වෙනස්ම කතා දෙකක්. තේමා දෙකක් සහ සිනමාවන් දෙකක්.

ඒත් සේපාල් මේ විදිහට කරන දමා ගැසීමක් මට නරක විදිහට පේන්නෙ නෑ. ඒක එක්තරා විදිහකට දියාරු  ඕලාරිකා පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරය ඉන්ටෙන්ස් කරනවා. ප‍්‍රතිවාදයක් නිර්මාණය කරනවා. අනෙක් අතට සංවාදය පුළුල් කරනවා. ඇගේ ඇස අග බලපු අයට එලිජිත් බලන්න පොළඹවනවා.

ෆිලිප් රොත් එයාගෙ පසුකාලීන පොත් ඔක්කොම ලියන්නෙ ඇමරිකාව මුහුණ දෙන සමාජ ගැටළුවක් පාදක කරගෙන. ඒ මහළු වයස, රෝගී වීම සහ දුර්වලවීම කියන තත්වය. රොත් එකදිගට මේ විදිහෙ ඉන්ටලෙක්චුවල් මහල්ලොත් එක්ක තරුණියන් නිදිවදින කතාම ලියලා එපා වෙලා කියලත් සමහර විචාරකයො බනිනවා.

ඒ කොහොම වුණත් එලිජි කියන්නෙ පුද්ගලික මහළු බව සහ මරණය සම්බන්ද කතාවක්. ඒ මහළුබවට ආශාව සහ තාරුණ්‍යය මුණගැසෙන තැන අභියෝගය ගැන කතාවක්. ඒක ආත්මීය ගමනක්.

ඒත් හඳයා කරන්නෙ සමාජ දේශපාලනික වැඩක්. සමානරූපී චරිත පාවිච්චි කළ පමණින් චිත‍්‍රපටියක් කොපි කළා කියන එක චිත‍්‍රපටිය පේන්නෙ නෑ කියන එකට සමාන තත්වයක්. අනෙක් අතට කවදාවත් කිසි කෙනෙකුට කිසිම දෙයක් කොපි කරන්න බෑ කියන එකයි මගේ අදහස. අපි කොපි කරන්න උත්සාහ කරන සෑම තැනකදිම අපේ දේකුත් එතනට එකතු වෙනවා. අපි දකින්නෙ අපිට පේන දේ. ඒක හැමෝටම පේන දේ නෙමෙයි. උදා විදිහට ඇගේ ඇස අග කියල මං දකින්නෙ හඳයා නිර්මාණය කරපු දේම නෙමෙයි.

හඳයා ඇගේ ඇස අග හරහා මධ්‍යම පාංතික විවාහ සංස්තාවේ පැවැත්ම ගැන කතා කරනවා. එක ඌනිත ආකාරයකට කියෙව්වොත් යතාර්ථය සහ ෆැන්ටසිය මුනගැහෙන තැනක් ලකුණු කරනවා.

යතාර්ථය බෝරිං. හිස්. ඒකෙ ගන්න කිසි දෙයක් නෑ. ඒකෙ පැවැත්මට ෆැන්ටසියක් ඉල්ලා සිටිනවා. ඒත් ෆැන්ටසියේ දිශාව වෙන්නෙ (ආශාව වෙන්නෙ) යතාර්ථයක් බවට පත්වීම. ඒත් යතාර්ථයක් බවට පත්වෙන මොහොතේම ඒක ෆැන්ටසියක් නොවී යනවා. ලංකාවෙ ගැහැණියගෙ මේ අතර ගතවෙන ජීවිතය මෙච්චර කාලයක් කළමනාකරණය කළේ පන්සල.

පන්සලේදී ආශාව කළමනාකරනය වෙන හැටි තමයි ඇගේ අස අග ෆිල්ම් එකේ තියෙන කූට ප‍්‍රාප්තිය වගේම ලස්සනම තැන. රියැලිටිය විසින් ෆැන්ටසියට ගහන්න පහන් කනුව පිටින් උස්සලා ගන්න එක ක්ලැසික්.
ඒත් තවදුරටත් ලාංකේය මධ්‍යම පංතිය මේ විදිහට එලිමහනෙ හෙළුවෙන් නටන්න ලෑස්තිද? පන්සල වෙනුවට මේ එක්වීම නැවත ගෙදරට ගේන්න හඳයා යෝජනා කරනවා. ඒ කියන්නෙ කසාදයේ ආකෘතිය මාරු කිරීමක්. වඩා නිදහස්, සවිඥාණක සම්බන්ධතාවයක් හැටියට මිසක් තවදුරටත් මේ සංස්ථාව පවත්වාගෙන යාමේ ව්‍යාජය මතු කිරීමක් ඇගේ ඇස අගින් සිද්ද වෙනවා.

හඳගමව මං දකින්නෙ ලංකාවෙ පරාරෝපණයේ සිනමාකරුවා විදිහට. ඒක එයාගෙ ටෙලිනාට්‍ය වල පටන්ම මං ආශක්ත කාරණයක්. ඇල්බෙයා කැමූට කැමති  ඕන කෙනෙක් හඳයාගේ මේ පිටස්තර බව එක්ක අනුරාගයෙන් බැඳෙනවා. පවතින සිනමාවෙන් හඳයාගෙ සිනමාව කියවන්න බෑ. ඒකට හේතුව හඳයා යෝජනා කරන්නෙම වෙනත් සිනමාවක්.

ඒක සිනමාව කියන විෂය සම්බන්ධ ඊස්තටික් වලට වග කියන්නෙ නෑ. ඒ වෙනුවට හඳයා දේශපාලනික අදහසක් වෙනුවෙන් සිනමාව කියන මීඩියම් එක පාවිච්චි කරනවා. එක විදිහකට ඒක ප්‍රොපගැන්ඩා වැඩක්. හඳයා අනිත් ගොඩක් චිත‍්‍රපටකරුවො වගේ භාවමය සෞන්දර්යෙන් දියවී යන තැනක තමන්ගෙ කෘතිය අවසන් කරන්නෙ නෑ (එලිජි ෆිල්ම් එක වගේ). ඒ වෙනුවට එයා දිශානතියක් පෙන්නනවා. විසඳුමක් යෝජනා කරනවා. ඒක හින්ද හඳයාගෙ ෆිල්ම් බලලා ඉවර වෙනකොට අර මනුස්ස ආත්මය පිලිබඳ කාලකණ්ණි මුස්පේන්තු ගතිය ඉතුරු වෙන්නෙ නෑ.

සිනමාව පැත්තෙ ඉඳලා බැලූවොත් හඳයාට සමාන වෙන තවත් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට මට මතක් වෙන්නෙ කිම්-කිඩුක්. ඒත් කතා තේමාව සහ සිනමා උවමනාව පැත්තෙන් නෙමෙයි. රූප ගොඩනැංවීමේ වින්‍යාසය පැත්තෙන්. යතාර්ථයෙන් පිට රූපකමය අර්තයෙන් චරිත ගොඩනැංවීම පැත්තෙන්. ඒ වගේම හඳයාගේ සිනමාවෙ දැනෙන පරාරෝපණයත් මේ නැගෙනහිර ආසියා කලාපයට ළ`ගයි. මේ ඒකෙ අපේ මොඞ්ල් එක.

ඇගේ ඇස අග චරිත කිසිම යතාර්ථවාදී පසුතලයක් උඩ හැසිරෙනවා කියල මං හිතන්නෙ නෑ. ඒ වෙනුවට ලාංකේය සංඥාර්ථවේදයන් අඩංගු ඇබ්ස්ට‍්‍රෑක්ට් චරිත කීපයක් හඳයා නිර්මාණය කරනවා. උදා විදිහට මේ චිත‍්‍රපටියෙ අනුරාගය. නැත්තං කැම්පස් යන කෙල්ල (ෆිල්ම් එකේ කිසි චරිතයක් හඳුන්වන්න නමක් ගමක් නෑ. මේ රූපකමය බව තේරුම් ගන්න ඒකමත් හොඳ තැනක්) මේ කෙල්ල කොහේ හරි ප‍්‍රාදේශීය පළාතකින් කැම්පස් ආපු ලිහලා දාපු එකියක් වෙන අතරෙම ෆැන්ටසියේ මනුස්ස රූපයද වෙනවා. (මේ චරිතය මතු කරන්න එයා අඳින පළඳින විදිහ හොඳට ගැලපිලා තිබුණ) මේ ගති දෙක චරිතය ඇතුලෙ සියුම්ව ගොඩනගන සම්බන්දයක් කරන්න හඳයා මහන්සි වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ අසම්බන්ධිත වියුක්ත බවම ඒකෙ ආර්ට් එක කරනවා.

මේ වයස්ගත මිඞ්ල් ක්ලාස් පිරිමියාගෙ ෆැන්ටසිය වෙන්නෙ මේ ගමේ කෙල්ල. එහෙම නැතුව නාගරික පොෂ් තරුණිය නෙමෙයි. මේ පිරිමියා බීඞීඑස්එම් ඇඳුම් අන්දවා පවා රස විඳින්න කැමති වෙන්නෙ නැවත ගමේ ෆැන්ටසිය.

හඳයා සමහර දේවල් ඉතා හොඳට කරනවා. යතාර්ථය- ෆැන්ටසිය සහ අනාගතය විදිහට මේ චිත‍්‍රපටියෙ ප‍්‍රධාන චරිත කඩා ගත්තොත් අනාගතය විදිහට ඉන්නෙ සඳලි ඈෂ් නිරූපනය කරන ටීනේජ් දුව. කිසිම තේරුමක් නැති කේන්ති යාම් සහ තමන්ට තමන්වම නොතේරී යාම නිසා ඇතිවෙන නව යොවුන් වියවුල හඳයා මේ චරිතෙ ඇතුලෙන් ගොඩක් ලස්සනට එලියට ගන්නවා. ලංකාවෙ සිනමාවෙ ටීනේජ් කැරැක්ටර් එකක් සමාජ මානසික පදනමකින් නිර්මාණය වුණාමද කොහෙද. ඒ වගේම වයස්ගත විවාහකයන්ගේ ඇඳ. ඒ ඇඳ මේ තරම් ළ`ගට ගෙනාපු කෘතියක් මට මතක් වෙන්නෙ නෑ. නිවෙමින් යන ආශාවේ උණුසුමවත් රඳවා ගන්නට මේ ඇඳ උඩ ගැහැනිය දරන තේරුමක් නැති තැත ඇ`ගට දැනෙනවා. පිටස්තරයෙක් විදිහට දකින නිසාමත් චරිත ඇතුලෙන් ආවොත් නොදැනෙන, කල්චර් එක ඇතුලෙ ජෙනරලයිස් වෙලා යන්න ඉඩ තියෙන, මේ සියුම් තැන් හඳයට අහුවෙනවා.

ඇගේ ඇස අග ඇතුලෙ කෑම මේසෙ නියම අනියම් පේ‍්‍රමයන් සහ දියණිය එකට ඉඳගෙන කෑම ගනිද්දි නියම් බිරිඳ ජාතක පොතෙන් කතාවක් මතක් කරනවා. ඒ සද්දන්ත ජාතකය. අපේ ශාසන සංස්කෘතික අධිකාරිය විසින් අපිට නොදන්වාම බැහැර කරන බෞද්ද ජනශ‍්‍රැති උරුමයේ කොටසක් හඳයා මේසෙට ගේනවා.

(ඡ)සද්දන්ත ජාතකයෙ එන්නෙ අපේ බෝසතුන් පෙර ආත්මයක හොඳම පෙඩිග‍්‍රියකින් එන ඇත් රජෙක් වෙලා ඉපදිලා හිටපු කතාවක්. මේ ඇතා ජීවත් වෙන්නෙ බිරින්දෑවරු (ඇතින්නියො) දෙන්නෙක් එක්ක. එක දවසක් ග`ගක් ගාව සල් ගහක් යට මේ තුන් දෙනා එකට ආදරෙන් වෙළිලා ඉන්නකොට ඇතා ලව් එක වැඩිකමට සල් ගහ හොල්ලනවා. මෙතනදි එක ඇතින්නකගෙ පිටට සල් මල් ටික වැටෙද්දි අනිත් ඇතින්නගෙ පිටට කෝටුබෝටු සහ කූඹි ටික වැටෙනවා.

මේ තරහ හිතේ තියාගෙන මැරෙන මේ ඇතින්න වෙන ආත්මයක ඉපදිලා රජ බිසවක් වෙනවා. ඒත් හිතේ තියෙන තරහ ඉවර නෑ. දඩයක්කාරයන් කැඳවලා අර ඇතාව හොයාගෙන දළ දෙක ගේන්න නියෝග කරනවා. අවුරුදු හතකුත් මාස හතකුත් දවස් හතකුත් ගිය තැන දඩයක්කාරයෙක් මේ ඇතාව හොයාගෙන උගුල් අටවලා විෂ ඊතල විදලා මෙල්ල කර ගන්නවා. ඒත් ඇතාගෙ දළ කපන්න දඩයක්කාරයාගෙ හයිය මදි. ඇතා නැගිට ගන්නවා. ඒත් දඩයක්කාරයා ගැන අනුකම්පාවෙන් ඌ නොමරා දළ දෙක ඉල්ලපු කෙනා ගැන අහගන්නවා.

ඊට පස්සෙ ඇතාට දුක හිතිලා එයාම දළ දෙක කපලා දඩයක්කාරයට දෙනවා. දඩයක්කාරයා විසින් මේ දළ ගෙනැත් බිසව අතට දුන් සැණින් එයාට පරණ පේ‍්‍රමය සිහිපත් වෙනවා. ඒ ගැන විස්සෝපයෙන් පපුව පැළිලා එතනම මැරුණ කියලයි කියන්නෙ.

ඇත්තටම මේ ජාතක කතාව තුන්කොන් පේ‍්‍රමය ගැන හිතාගන්නවත් බැරි තරම් ගැඹුරු කතාවක් කියනවා. ඒ කතාවම හඳයා ඇගේ ඇස අගින් මොඩර්න් ජාතක කතාවක් විදිහට ගේනවා.

ඇගේ ඇස අග චිත‍්‍රපටියෙ කැමරාව ගැන මට සංවාද කළ යුතු කාරණා ගොඩක් තියෙනවා. උදා විදිහ ස්වර්ණා කාමරයට එනකොට නිතර පාවිච්චි වෙන ට‍්‍රැක්බැක් එක (හෑන්ඞ් හෙල්ඞ්). එතන වෙන කිසිම තැනකට වඩා වෙනස් විදිහට මේ චරිතෙ විතරක් අභ්‍යන්තරය කැමරාවෙන් දනවන්න යනවා වගේ. එකපැත්තකින් මේ වගේ සිනමාවකදි වැදගත් වෙන්නෙ කොයිතරම් සරලව සහ ඍජුව (අලංකාරවලින් තොරව) සිදුවීම කැප්චර් කරනවද කියන එක. ඒ අතරෙ බෙඞ්ෂීට් එක ඇතුලෙන් රිංගලා ඒ ඇතුලෙ හැංගුන ෆැන්ටසියෙ චමත්කාරය අල්ලන්න ගත්ත උත්සාහය වගේ තැන් ගොඩක් අලූත්.

සංගීතය චිටීට බාර දීපු එකත් හඳයාගෙ පරාරෝපිත මූඞ් එකට ලොකු සාධාරණයක් කරනවා. කිසිම ලාංකේය කියන හැඩයකට නොගිහින් හැ`ගීම විතරක් අල්ලගන්නත්, චිත‍්‍රපටයෙ රූපකමය අර්තය පවත්වාගෙන යන්නත් චිටීගෙ මියුසික් වැඩකරනවා. විශේෂයෙන්ම ‘ඇහැරෙන්න’ කියන තීම් සෝන්ග් එක චිත‍්‍රපටයෙ අවසානයත් එක්ක මයිල් කෙලින් වෙන අත්දැකීමක් ඉතිරි කරනවා.

චිටී අතින් නිර්මාණය වුණු තේමා වාදනයත් ෆිල්ම් එකට අවශ්‍ය තුන්වෙනි ලේයරය නිර්මාණය කරනවා. ඒත් සමහර තැන්වලදි චිටී අතින් සිද්ධිය විස්තර කෙරෙන විදිහෙ සංගීත ඛණ්ඩ නිර්මාණය වෙනවා කියල මට හිතෙනවා. ඒ තැන්වලදි නිර්මාණයට සම්බන්ද නමුත් එයින් වියුක්ත භාවිතාවක් විදිහට සංගීතය කරන වැඩෙන් එලියට විසිවෙනවා. සංගීතය සිදුවීමෙ කොටසක් වෙනවා.
ඒත් චිටී, හිතුවක්කාර වැඩවලට හොඳ හොයා ගැනීමක්.

ෆිල්ම් එකේ එක තැනක වයසක ප්‍රොෆෙසර් ගෙදර තනියම ඉතුරු වෙනවා. කසාද පේ‍්‍රමයත් නැති, අනියම් පේ‍්‍රමයත් නැති, වගකීම් රහිත තමන් විතරක් වුණු, විවාහකයෙකුට අන්තිම විරල අවස්ථාවක්. එතනදි එයා තමන්ගෙ උමතුව මුදාහරිනවා. තමන් වෙත සමාජය විසින් පවරා දුන් සියලූ අනන්‍යතාවයන්ගෙන් මිදී නිදහසේ පුපුරා යනවා. ඒ වෙලාවෙදි දුවගෙ හෙඞ් ෆෝන් එකෙන් රෙඞ් සර්කිට් බෑන්ඞ් එකේ ( චිටී සින්ග් කරන) සිංදුවක් ඇහෙනවා.‘කැනොනයිස් යුර් සින්ස්’ (ඔබේ පාපයන් ශුද්ධත්වයට පමණුවමු). ඒක පට්ට.

‘ජීවිතය සුරංගනා කතාවක් නොවේ
එය අමිහිරි යතාර්ථයක්ද නොවේ
ඒ ඔබට පේන හැටියයි...
පොලොව හරහා යන
ලේ වැකි අකුණු පහරක් කියන්නේ
ලෝකය මංමුලා වුණු වග නොවේ..

මට කියන්න, ඔබේ ඇතුලාන්තය පෙන්වන්න..
හැම රහසකටම එහිම වූ හේතුවක් තිබේ
පව්කාරයන් පවා පේ‍්‍රමයෙන් බැඳේ...

මේ ඒ සිංදුවෙ වැරදි සහිත සරල තේරුම සිංහලෙන්. එක විදිහකට ඒක ෆිල්ම් එක අන්තිමට ගේන තීම් සෝන්ග් එකත් එක්කත් බද්ධයි. ඇහැරෙන්න සිංදුව අහපු ෆිල්ම් එක නොබලපු සමහර මගේ යාලූවො ඇහුවා ‘ඔය කියන්නෙ ෆැන්ටසියෙන් ඇහැරෙන්න’ නේද කියල. ඒත් ඒ කියන්නෙ යතාර්ථයෙන් ඇහැරෙන්න වග කිව්වම ගොඩක් අය අන්දමන්ද වුණා.

හඳයා විප්ලවීය පියවරක් තියන්නෙ එතන. සාමාන්‍ය හුරුපුරුදු ආපහු ගමන වෙනුවට ඇගේ ඇස අගින් යෝජනා කරන්නෙ යතාර්ථය වෙනස් කළ යුතුයි කියන එක. ෆැන්ටසියට ඉඩ දිය යුතුයි කියන එක. අවුරුදු දහයකට පස්සෙ ලාංකේය  ඕලාරික, ළදරු මානසික සිනමාවේ සිතියම එයා වෙනස් කරනවා.

මේක වැඩිහිටි කතාවක්. ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් ප‍්‍රකාශ වෙන්න අයිතියක් තියෙනවා. හඳයා ආයිමත් ලංකාවෙ වැඩිහිටියන්ට ඇඳ උඩට කතා කරනවා.

පන්සලට වෙනුවට ඇඳ උඩට එන්න.




- චින්තන ධර්මදාස