Tuesday, March 6, 2012

පාර දිගේ ආයිමත් ඇවිදන් යන්න එන්න - 2 කොටස


සම්මාන සිනමාව සහ අපේ සිනමාව 
යුරෝපීය සම්මාන උළෙල වල නියෝජනය වෙන අපේ චිත‍්‍රපටි ඒ සම්මාන උළෙලවල් වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච ඒවා වෙන එක ගැන මට අවුලක් තිබුණ සහ තියෙනවා. ෆෙස්ටිවල් වලට හරියන්න හදපු චිත‍්‍රපටියක් බලපු ගමන් කියන්න අපේ ත‍්‍රීවිල් එළවන අයියාත් දන්නවා.
‘ ඕක අර සම්මාන වලට සෙට් වෙනවා. අපිට සෙට් වෙන්නෙ නෑ‘
ඒ වගේ චිත‍්‍රපටි බලද්දි එයා කියනවා. මේක හරියට වෙන ෂෝනර් එකක් වගේ. දළ විදිහට කිව්වොත්, අසීමිත දුර රූපය තමයි ප‍්‍රධාන වෙන්න  ඕන. මට අනුව මේක මානව විද්‍යාත්මක ඇහැකින් අපේ මනුස්ස ගණුදෙනු දිහා බැලීමක්. මානව විද්‍යාත්මක දෘෂ්ටිය අදාල වෙන්නෙ ගෝත‍්‍ර සමාජ වලට. රංචු හෝ ගෝත‍්‍ර වශයෙන් වෙන සමූහ ඉරණමක් ගැන කතාවක් මිස තනි පුද්ගල අභ්‍යන්තරයක කතාවලට යොමු වෙන ඇහැක් නෙමෙයි මේක. මෙතනදි අපි මේ සිද්ධියෙන් ඈත ඉඳගෙනයි බලන්නෙ. ඒ චරිත එක්ක එකතුවීමක් වෙනුවට දුරස් වීමක් යෝජනා කරන්නෙ. මේක උදාසීන බලා ඉඳීමක්.

මගේ අදහස වුණේ සම්මාන උළෙල වලින්, විශේෂයෙන්ම යුරෝපීය, රටවල් හෝ කලාපයන්ට නොකියාම තහවුරු කරපු ගයිඞ්ලයින්ස් තියෙනවා. ඒවා කතාවට විතරක් නෙමෙයි පාවිච්චි කරන ෆේ‍්‍රම් එකේ ඉඳන්ම බලපෑම් කරන්න පුළුවන්. මෙතනදි සිද්ද වෙන ආර්ට් කියන එක හැදෙන්නෙ ඒ යුරෝපීය උවමනාවට සහ ඔවුන්ගේ පරිකල්පනයට අදාලව කියන එක. මේ පොලොවෙ ඇත්ත ජීවිත එක්ක හැප්පිලා හැදෙන සිනමා භාෂාවක් අපිට නෑ.

මේකට සංජීව විරුද්ධ වුණා. සංජීව විතරක් නෙමෙයි පතිරාජත් විරුද්ධ වුණා. සිනමාවේ දුර, මධ්‍යම, සමීප රූප භාවිතා වෙනවා සහ ඒක සිනමාකරුවාගේ නිර්මාණාත්මක ස්වරූපය වගේ දේකින් එහාට පතිරාජට මේක දකින්න බැරි වුණා. ඒ වෙනුවට එයා ‘ව්‍යූහවාදය‘ ගැන විස්තර කරන්න ගත්තා. ‘එක්ස්’ එකෙන් ත‍්‍රස්තවාදී විදිහට අඳුන්නලා දුන්නු ව්‍යූහවාදය සහ විශේෂයෙන් මනෝ විශ්ලේෂණය වගේ තියරි වලින් අපේ ආර්ට් කරපු අය නන්නත්තාර වුණා.

මේ වෙද්දි ජාත්‍යන්තර සම්මාන උළෙල වල ඉහළින්ම ඇගයෙන තමන්ගේ චිත‍්‍රපටිය තියෙද්දි මං කියන කතාවට සංජීවට එක`ග වෙන්න බැරි වීම සාධාරණයි. ඒ චිත‍්‍රපටියෙ තිරකතාව ලියන්න එකතු වුණු යාලූවෙක් විදිහට ඒ සතුට මටත් තියෙනවා. සහ ඒ චිත‍්‍රපටිය ඇතුලෙ සංජීවගේ ජීවිතේ ඇත්ත දේවල් ගොඩක් තියෙනවා. මං හිතන්නෙ නෑ සංජීවට මීට වඩා ඇත්ත චිත‍්‍රපටියක් ආයිමත් කරන්න පුළුවන් වෙයි කියලත්. ඒ වගේම ඉතාම අඩු පිරිවැයකින්, පට්ට කට්ටක් කාගෙන ඒ ෆිල්ම් එක කරලා තියෙන ඉවසීම, සෞන්දර්යය මං විඳිනවා. ඒත් මේ කිසි දෙයක් අදාල වෙන්නෙ නෑ මගේ කතාවට.

මං කියන්නෙ මේ සෞන්දර්යවේදය යුරෝපීය ඇහැකින් අපි දිහා බලන විදිහක් කියන එක අපි තේරුම් ගමු. ලෙස්ටර් කුඹුරට ගිහින් කැමරාව තියලා ගැහුවෙ අපේ චිත‍්‍රපටිය නෙමෙයි. ඒ ලෙනාඞ් වුල්ෆ් ලා, අයිවර් ජෙනිංග්ස් ලා අපිව දැකපු විදිහ. ඒකෙ වැරැුද්දක් නෑ. අපි ඒ සෞන්දර්යවේදයේ ගොඩක් දුර ආවා. අපි ඒක අලූත් කරමු. ඒකයි මගේ යෝජනාව.

අපේ සිනමාවෙ තියෙන මෙහේ ඇත්ත ජීවිතේ එක්ක හැප්පිලා කරපු චිත‍්‍රපටි ආයිමත් කියවන්න  ඕන කියන එකයි මගේ අදහස. සිනමාවෙ හොඳ හෝ නරක කියලා චිත‍්‍රපටි නෑ. ඒ චිත‍්‍රපටිවල තියෙන්නෙ වෙනස් වෙනස් සෞන්දර්ය විධීන් විතරයි. ඉතින් රටක ඉස්සර ඉඳන් හැදෙන චිත‍්‍රපටිවල ලක්ෂණ එකතු වෙලා  ඕන ඒ රටේ අලූත් සිනමා භාෂාවන් නිර්මාණය වෙන්න (වෙන රටවල දියුණු යැයි සම්මත සිනමා ව්‍යාකරණ අමුවෙන්ම මෙහේ සිනමාව කියලා පාවිච්චි වෙන එක අර්බුදයක්* එතනදි අපි වඩාත් අපේ ජීවිතයට සහ මේ පොලොවට අනන්‍ය තැනක ප‍්‍රකාශනයට එළඹෙනවා. ආර්ට් එකක් සිද්ද වෙන්න පටන් ගන්නවා. ඒ විදිහෙ සිනමාවක් එක්ක අපි ගැන යුරෝපීය ආර්ට් ඇකඩමියාවට අලූත් අදහසක් දෙමු කියන රොමැන්ටික් කතාවයි මට කියන්න  ඕන වුණේ.

බොලිවුඞ් චිත‍්‍රපටි කවදාවත් යුරෝපීය උවමනාවට තමන්ගේ සිංදු සහ නැටුම් චිත‍්‍රපටි වලින් ඈත් කළේ නෑ. ඒ ලක්ෂණත් එක්කම වඩාත් දියුණු තාක්‍ෂණික තලයන් දක්වා බොලිවුඞ් චිත‍්‍රපටි වර්ධනය වුණා. දැන් සිංදු එක්කම සම්මාන උළෙල වල නියෝජනය වෙන්න බොලිවුඩයට පුළුවන්.

”මං අවධාරණයෙන් කියන්න කැමතියි, අපි ලෝක සිනමාවෙ කොටසක් සහ ඒ වගේම අපි චිත‍්‍රපටි හදන විත්තිය. අපි හදන්නෙ අපි කැමති චිත‍්‍රපටි. ෆෙස්ටිවල් කැමති ඒවා නෙමෙයි. අපිට තියෙන අවම පහසුකම් යටතේ පුදුමයි අපි කරන වැඩ ගැන. ස්ටීවන් ස්පීල්බර්ග්ට මේ පහසුකම් යටතේ වැඩ කරන්න වුණා නම් එයාට ෆිල්ම් එකක් තියා බාලම තත්වයේ ටීවී සීරියල් එකක් වත් හදාගන්න බැරි වෙයි. අපි පාවිච්චි කරන කැමරා ඔලිම්පික් ෂූට් කරන්න ගිය ඒවා තරම් පරණයි. අපිට තාක්‍ෂණය නිසා තර`ගය අවාසි වෙලා තියෙනවා. ඒත් මං අද කියනවා, ඉන්දියානු සිනමාව මේ ලෝකය පාලනය කරන්න ගන්නවා. ” ෂාරුක් කාන්

මං කියන්නෙ ජාතිකවාදී කතාවක් නෙමෙයි. ඊට පස්සෙ අබා, කුස පබා වගේ ජහජරාවල් හැදෙන්න  ඕන කියලත් නෙමෙයි. මං කියන්නෙ අපි අපේ රටේ අය බලන එක පළවෙනි කොන්දේසිය කරගත් සිනමාවක් ගැන උත්සාහ කරමු කියල. කොහොමත් සම්මාන සිනමාව දැන් පරණ වැඩියි. යුද්ධය සහ වියළි කලාපය ගැන චිත‍්‍රපටියක් කරන එකත් බෝරිං. අපි ටවුම ගැන කතා කරන්න ගමු. ක්ලෝස් අප් ෂොට් වලින් අපේ මානසිකත්වය ගැන සංවාදයට එමු. රංචු වෙනුවට තනි තනිව ජීවිතේ බාර ගමු.

අපි ‘පාර දිගේ’ පළවෙනි චිත‍්‍රපටිය විදිහට පෙන්නන්න මූලික හේතුව වුණේ ඒක. හංස විලක්, පාර දිගේ, වගේ චිත‍්‍රපටි හරහා ලංකාවෙ කියන්න පටන් ගත්ත නාගරික ජීවිතේ ගැන කතාව අතරමග නතර වුණා. ඒ කතාව අහන්න කැමති පේ‍්‍රක්‍ෂාගාරයක් අපිට තියෙනවා.

සංජීවගේ උත්තරේ වුණේ මගේ අදහස පරණ වැඩියි කියන එකයි. ඒ විදිහට සිනමා උළෙල වලින් ගයිඞ්ලයින් දීමක් නොකරන බව තමයි එයාට කියන්න  ඕන වුණේ. උදා විදිහට ඉරාන සිනමාවෙ මේ විදිහෙ දුර රූප පාවිච්චියක් නෑ කියලා එයා පෙන්නලා දුන්නා.

මට තාමත් තේරුම් ගන්න බැරි මේ තරං පැහැදිලි සරල කාරණය තේරුම් ගන්න එක අපේ චිත‍්‍රපටි හදන බහුතරය මග හරින්නෙ උවමනාවෙන්ද නැත්නම් බොරුවටද කියන එක. ඉරානෙට තියෙන ප‍්‍රමිතිය වෙනස්. ඒක ගැන යුරෝපය දන්නෙ ඉස්ලාම් පීඩනය විතරයි. ඒකට යෝජනා වෙන්නෙ ක්ලෝස් අප් සහ මිඞ් ෂොට් පදනම් වුණු රූප භාෂාවක්. මහා සිනමාකරුවෙක් විදිහට ලංකාවෙත් ගොඩක් අය ඉස්සරහට ගේන ජෆර් පනාහි කියන්නෙ මේ සම්මාන සිනමා වළල්ලෙ කෙනෙක්. මට එයා තුට්ටු දෙකේ චිත‍්‍රපටිකාරයෙක්. කළු ලෝගු ඇඳගෙන ඉන්න ගමන් පවන් ගගහා ඉන්න ගෑණු ඒ චිත‍්‍රපටි වල නිතර පෙන්නන්නෙ ඇයි?

(දේශපාලන සිනමාකරුවෙක් හැටියට පනාහි සිරගත කිරීම ගැන මගේ තියෙන්නෙ විරෝධයක්. ඒත් සිරගත වූ පමණින් එයා හොඳ චිත‍්‍රපටිකරුවෙක් කරන්න යාම ගැනත් මගේ තියෙන්නෙ ඊට වඩා ටිකක් අඩු ඒත් විරෝධයක්*

යුරෝපයෙන් අපට අප‍්‍රකාශිතව පැවරූ ඒ විදිහෙ කලා රීති පද්ධතියක් වගේ එකක් තියෙනවා කියන්න මං සංජීවගෙන් ප‍්‍රශ්නයක් ඇහුවා. ඒ මං කියන දුර රූප සිනමාවෙන් එලියට ඇවිත් සමීප රූප වල පුද්ගල අභ්‍යන්තරය මතු කරන්න උත්සාහ කරපු චිත‍්‍රපටි මේ සම්මාන උළෙල වල අවධානයට ලක් නොවුණේ ඇයි කියල මං ඇහුවා. උදා විදිහට මහගමසේකර ගේ තුංමං හන්දිය, පතිරාජ ගේ පාර දිගේ, ධර්මසිරි ගේ හංස විලක් වගේ චිත‍්‍රපටි එක්ක සම්මාන ගත්ත චිත‍්‍රපටි සසඳලා බලලා චිත‍්‍රපටිකරුවෙක් විදිහට තමන්ගේ අදහස කියන්න කියලා සංජීවට මං යෝජනා කළා.

මේ විදිහෙ යුරෝපය විසින් පවරන කලා ආධිපත්‍යයක් (යටත් විජිතකරණයේ ඉඳන්ම එන* තියෙන නිසාම ‘තුන්වෙනි ලෝකයේ සිනමාව’ (තර්ඞ් සිනමා* කියලා ප‍්‍රවණතාවයක් පටන් ගන්නවා. ඒක අප‍්‍රිකාව, ආසියාව සහ ලතින් ඇමෙරිකාව යන රටවලින් එන සිනමා කැරැුල්ලක්. මේ චිත‍්‍රපටි හැදෙන්න පටන් ගන්නෙ 60-70 වගේ කාලෙ. ඒත් මේ වෙනකොටත් මේ ප‍්‍රවණතාවෙ වැඩ සිද්ද වෙනවා.

මේ තුන්වෙනි සිනමාව ඇරඹෙන්නෙ අධිරාජ්‍යවාදයේ බලපෑම තිබුණ, යටත්විජිත වෙලා හිටපු සහ ඒ අනුව දේශපාලන, සංස්කෘතික දේවල් හැඩගැසුණු රටවල. මේ වචනෙන්ම කියන විදිහට මේ සිනමා ප‍්‍රකාශනය යුරෝපීය රටවල් ප‍්‍රමුඛ පළමු ලෝකයේ රටවල සිනමා ප‍්‍රකාශනයට එරෙහිවයි එන්නෙ. පාරිභෝජනය සහ මධ්‍යම පංතිය මූලික හොලිවුඞ් සිනමාවත්, පුහු සෞන්දර්යය මිස සැබෑ දේශපාලන, සමාජ, ආර්ථික තත්ව ගැන වැටහීමක් නැති යුරෝපීය කලාත්මක සිනමාවත් යන දෙකම බැහැර කරමින් වඩාත් සක‍්‍රීය සිනමාවක් වෙනුවෙන් මේ තුන්වෙනි සිනමාවෙ චිත‍්‍රපටි හැදෙනවා.

මගේ අදහස අපි තුන්වෙනි සිනමාවට අනන්‍ය වෙන්න  ඕන කියන එක නෙමෙයි. යුරෝපීය සහ හොලිවුඞ් සිනමා සෞන්දර්යවේදයක බලහත්කාරය අපිට තියෙනවා කියන එකට සාක්ෂියක් ඒක. ඒ වගේම පසුව යුරෝපීය ආර්ට් හවුස් සිනමාවෙ දැවැන්තයෙක් වුණු සත්‍යජිත් රායිගෙ ‘පාතර් පංචාලි’ බලද්දි යුරෝපීය ආර්ට් හවුස් සිනමාවෙ දැවැන්තයෙක් වුණු ෆ‍්‍රන්සුවා ටෲෆෝ නැගිටලා යනවා. ඒකට හේතු වශයෙන් එයා අපූරු කතාවක් කියනවා.

‘ඔය ගම්මු අතින් අන අනා බත් කන හිරිකිත චිත‍්‍රපටි බලා ඉන්න මට  ඕනකමක් නෑ’

යුරෝපීය සිනමාවට නව සෞන්දර්යවේදයක් හඳුන්වා දුන් ටෲෆෝ බඳු සිනමාකරුවෙකුටත් රායිගේ ඉන්දියාව පෙණුන හැටි මේකෙන් තේරෙනවා. අඩුම තරමේ ටෲෆෝ අවංකයි ඒක එලිපිට කියන්න. ඒක හරිම සාධාරණ අත්දැකීමක්. මේ සංවේදිතා ගැන සවිඥාණක නොවී සම්මාන උළෙල වල එහෙම අප‍්‍රකාශිත එක`ගතාවයන් නෑ කියන එක නොමග යවන සුළුයි.

‘‘සිනමාව හදාරන අයට සිනමා සම්මාන උළෙලවල් ගැන තියෙන වැදගත්කම එන්න එන්නම වැඩිවෙනවා. චිත‍්‍රපටි බෙදා හැරීම සහ ප‍්‍රදර්ශනය, සංස්කෘතික වශයෙන් නව තත්වයන් නිර්මාණ කිරීම, ජාතික සහ අන්තර්ජාතික මට්ටමෙන්  මාධ්‍ය  මගින් මේ සම්මාන වලට ලබා දෙන වැදගත්කම ආදිය නිසාම මේ වාර්ෂික සම්මාන උළෙල වල භූමිකාව ගැන පරීක්‍ෂා කිරීමේ වැදගත්කම තවත් වැඩි කරනවා. බිල් නිකලස් පුරෝගාමීව අරඹන ලද මේ පර්යේෂණ තුලින් පැහැදිලි වුණු කාරණයක් වුණේ මේ සම්මාන උළෙලවල් වෙනත් ක‍්‍රියාකාරීත්වයන්ට සහාය සලසන සහ ඒවා එක්තැන් කරන කාර්යයට වඩා ඔවුන්ගේම අදහසක්, න්‍යාය පත‍්‍රයක් වෙනුවෙන් වැඩ කරන බවයි. සිනමාවේ සංස්කෘතික සහ කර්මාන්තමය වශයෙන් වැදගත් ක්‍ෂේත‍්‍ර ගණනාවක් ඒකාබද්ධ කරන අතරම මේ සම්මාන උළෙලවල් ඔවුන්ගේම ආර්ථිකයක්, සමාජ ආර්ථික පෙළඹවීම්, වෘත්තිමය සහ දේශපාලනික ගතිකයන් ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයකට අදාල ලෙස මෙහෙයවන බව පැහැදිලි වුණා.’’

-ඬේවිඞ් ආච්බෝල්ඞ් සහ මිචෙල් මිලර්

(එක කොටසකින් මේ කතාව ඉවර කරන්නයි  ඕන වුණේ. ඒත් ඉඩ මදි. ඒත් කතාව දික්ගැස්සුණා. පත්තරේ තව දවසක් මේකෙ ඉතුරු කොටස ලියනවා වෙනුවට කල්ට් බ්ලොග් එකේ මේ කතිකාව සමාප්ත කරන්න මං හිතාගත්තා*

-චින්තන ධර්මදාස


පාරදිගේ ආයිමත් ඇවිදින්න යන්න එන්න - 1 කොටස

ගිය සෙනසුරාදා කොළඹ හැම තැනම එක එක ආර්ට් වැඩ. අපි ෆ්‍රෙන්ච් අලියොන්ස් එකේ පතිරාජ ගෙ ‘පාර දිගේ’ පෙන්නුවා. කොළඹ තැන් කීපයකම ආර්ට් බියනාල් එකේ වැඩසටහන් තිබුණා. හවස මහින්ද, ගෝඨාභය එහෙමත් ඇවිත් ප‍්‍රදීපා ගේ සංගීතෙ තිබුණ. ඊට එහා පැත්තෙන් සෝනු නිගම් ගෙ ප‍්‍රසංගෙ. මේ හැමවැඩක්ම හවුස් ෆුල් වෙන්න තරම් සෙනග හිටියා. ආයිමත් කොළඹ ආර්ට් වැඩ වලට මිනිස්සු එකතු වෙන්න පටන් අරගෙන. දේශපාලනය, ආර්ථික සහ සාමාජීය හැම පැත්තකින්ම මිනිස්සුන්ගෙ බලාපොරොත්තු කුඩුපට්ටම් වෙද්දි ඒ අය ආර්ට් වලින් මොකක් හරි දෙයක් හොයනවා. ඒ හොයන එක හම්බුවෙනවද නැද්ද කියන්න මං දන්නෙ නෑ.

පාරදිගේ අපේ වැඬේට අජිත් තිලකසේනයි පතිරාජයි ඇවිත් හිටියා. ෆිල්ම් එක බලන්න තැනක් නැති හින්දම මං තිලකසේනගෙ පිටපත කීප සැරයක් කියවලා තිබුණ. මතක අමතක ගාණට මතක ටීවී එකේ පෙන්නපු ෆිල්ම් එකත් එක්ක පිටපතේ කතාව එකතු වෙලා මගේ ඔලූවෙ ‘මාර’ චිත‍්‍රපටියක් හැදිලා තිබුණ. පිටපතක් කියවලා ෆිල්ම් එකක් බලනවා කියන්නෙ ඒ ෆිල්ම් එකට කරන අසාධාරණයක්. කවදාවත් අපේ ඔලූව ඇතුලෙ හැදෙන රූපාවලියට සමපාත වෙන්න ඇත්ත චිත‍්‍රපටියට බැරි වෙනවා. ඒකෙන් අපිට ඇත්ත චිත‍්‍රපටිය මග ඇරෙනවා. එද ාමට ඒක වුණා.

අජිත් තිලකසේන කියන්නෙ මහ පුදුම මිනිහෙක්. සුදු පාට කොණ්ඩෙයි සුදු පාට ඇහි බැමයි එක්ක සුදු පාට දත් පෙන්නලා හිනාවෙච්ච ගමන් ඉන්න ඒ නිරහංකාර මිනිහා මාව ගොඩක් අවුල් කළා. තිලකසේනගේ කතා කියවද්දි මට තිලකසේන ගැන දැනිච්ච දේවල් හොය හොය මං ගොඩක් වෙලා බලන් හිටියා. ඒ කිසි දෙයක් කිසි විදිහකට සමපාත කරන්න බැරි වෙනස්ම මනුස්සයෙක්. එයා තමයි පාර දිගේ ලිව්වෙ.

අපි එදා පටන් ගත්තෙ ‘ෆෝරම්’ එකක් වගේ වැඩක්. ඒ කියන්නෙ චිත‍්‍රපටියක් එක්ක හැමෝම තමන්ට දැනිච්ච දේවල් හුවමාරු කර ගන්න විදිහෙ තැනක්. දේශකයෙක් සහ අහගෙන ඉන්න පිරිසක් කියන ආකෘතියෙන් එලියට ගිහින් හැම අදහසක්ම එලියට දාන්න පුළුවන්, ගැටෙන්න පුළුවන් විදිහෙ කතිකාවතක් ගැන අත්හදාබැලීමක් ඒක. රූපවාහිනියෙන් ගත්ත පාට පිච්චිච්ච, පැන පැන යන කොපියක් තමයි ඉතුරු වෙලා තිබුණෙ.

පාර දිගේ ෆිල්ම් එක 1980 දි ලංකාවෙ රිලීස් වෙනවා. ඒත් සුමානයක් වත් දුවන්නෙ නැතුව ඒක ගැලවිලා යනවා. විවෘත ආර්ථිකයත් එක්ක කොළඹ එන ගමේ මැද පංතිය ගැන, ඒ ගොල්ලො කොකා කෝලා බීපු හැටි ගැන කතාව 80 කට්ටියට දරා ගන්න බැරි වෙනවා.

‘ඔය ෆිල්ම් එක පුච්චලා නළලෙ අළු ගාගන්න කියන්න’ අරුණ ගුණරත්න ෆිල්ම් එක ගැන ඇහුවම මට කිව්වා.

‘පතී ගෙ ෆිල්ම් වලින් මං කැමතිම එක’ සත්‍යා කිව්වා.
ෆිල්ම් එකේ තිරකතාවට ලියන පෙරවදනෙ තිලකසේන ලස්සන කතාවක් කියනවා. ‘මේ තිර කතාව සාහිත්‍ය කෘතියක් හෝ වෙනම ගත හැකි කලා කෘතියක් නොවේ. කෘතිය වන්නේ අධ්‍යක්‍ෂ විසින් මේ පිටපතින් කරන නිර්මාණයයි.’ රචකයා හැටියට ඒ කියන වෙනස්, විෂයයික අදහස ගැන මට ඇති වුණේ ගෞරවයක්. ඒත් මට අනුව රචකයා තමයි කෘතිය. විශේෂයෙන්ම පාර දිගේ තිර කතාව කියවද්දි ඒක හොඳටම දැනෙනවා. ඇත්තටම පතීගෙ අතින් තිරකතාව දුර්වල වෙනවා කියන එකයි මගේ අදහස.

පතීගෙ චිත‍්‍රපටි වලින් ගොඩක් අය කැමති, බඹරු ඇවිත්, අහස් ගව්ව වගේ ඒවා මට ‘මාර’ නෑ. ඒවයෙ මට පේන්නෙ පතීගෙ වාමාංශික දේශපාලනයේ සීමාව. ඒ චරිත මට කෘතිමයි. ඒත් පතී අතින් අහම්බෙන් හැදුණ ‘එයා දැන් ලොකු ළමයෙක්’ සහ ‘පාර දිගේ’ මට ‘මාරයි’. අධ්‍යක්‍ෂක හැටියට ඒ චිත‍්‍රපටිවලදි පතී ‘කන්ෆිඩන්ට්’ නෑ. ඒ කතා අල්ලන්න පතීගේ දේශපාලනික දෘෂ්ටියට බැරි වෙනවා. ඒත් ඒවා ඇතුලෙ ජීවත් වෙන චරිත අපිට දැනෙන්න ගන්නවා. උදා විදිහට මාලනීගේ මට අනුව විශිෂ්ටතම රංගනය තියෙන්නෙ ‘එයා දැන් ලොකු ළමයෙක්’ ෆිල්ම් එකේ. ඒ වගේම විජේ ගෙ හොඳම රංගනයත් ‘පාර දිගේ’.

විවෘත ආර්ථිකේ එක්ක කොළඹ ඇවිත් නන්නත්තාර වෙන ගමේ තාරණ්‍යය ගැන කතාවක් වුණාට තිලකසේන ඒක ලියන්නෙ වාමාංශික දෘෂ්ටිවාදයක් ඇතුළෙන් නෙවෙයි. ඒ වෙනුවට ජීවිතේ සහ සිහින ගැන කතාවක් ඇතුළෙන් එයා ඒ සමාජ සංස්කෘතික පෙරලිය විස්තර කරනවා. ඒකයි පාර දිගේ අනන්‍යතාව. ගමේ වතුකාරයාගේ නිවුන් දුවලා තුන් දෙනා මුණගැහෙන උපන් දින සාදය ගැන කොටස 80 වගේ කාලෙක කොහොම ලිව්වද කියල මට හිතාගන්න බෑ.
‘පතිරාජ කියන්නෙ ලංකාවෙ ජිම් ජාර්මුෂ්. පාර දිගේ ෆිල්ම් එකත් එක්ක ජාර්මුෂ් ගේ ‘ඩවුන් බයි ද ලෝ’ හරි ‘ස්ටේ‍්‍රන්ජර් දෑන් පැරඩයිස්’ හරි බැලූවොත් ඒක හොඳට පේනවා’
- බූඩි කීර්තිසේන

ඒත් මං කියන්නෙ ඒ මැජික් එක පතිරාජගෙ නෙමෙයි. තිලකසේනගෙ. ෆිල්ම් එකේ දර්ශනයකට අදාල හැද අංශුමාත‍්‍ර විස්තරයක්ම තිලකසේන පිටපතේ ලියනවා. ඒත් 80 වගේ කාලෙක එක පැත්තකින් පතිරාජට සම්පත් නෑ මේ හැම එකක්ම ෂූට් කරන්න. අනෙක් අතට පතීට මේ කතාවෙ ගැඹුර ඇල්ලෙන්නෙ නෑ. තිලකසේන ගේන ‘සාරයක් අහිමි’ චරිත අල්ලන්න සහ බිඳිච්ච ආඛ්‍යාන රටාව ඇතුලෙ යන්න පතීට අමාරුයි. තිර කතාව කියවපු කෙනෙකුට ෆිල්ම් එක බලද්දි එන ලොකුම අවුල ඒක.

චන්දරේ ගමේදි කොළඹ ගැන හීනයක් දකිනවා. කොළඹ පාරක පාළු වෙලාවක ඇවිදගෙන යද්දි කඬේක ප්ලාස්ටික් ගෑණු රූපයක් තමන්ට සංඥාවක් කරනවා වගේ චන්දරේට පේනවා. ඒ අවුලෙන් ඇවිත් බස් හෝල්ට් එකක ඉඳිද්දි හෝල්ට් එකේ ‘නවතිනු’ කියන බෝඞ් එක ඔලූවට කඩාගෙන වැටෙනවා. ඒක කොහේ හරි හේත්තු කරලා තමන්ගෙ ගමන යන්න චන්දරේට බැරි වෙනවා. එයා ඒකත් අරන් බස් එකේ නගිනවා.

මේ හීනෙ චිත‍්‍රපටිය ඇතුලෙ කෙටි චිත‍්‍රපටියක් කියන සිනමාත්මක තර්කයකින් පතී අත් අරිනවා. ඒත් මේ හීනෙ ගමේ නිවුන්නු තුන් දෙනා තරම්ම වැදගත්. පතීගෙ දේශපාලනික දැක්මට හීන කොටස එච්චර සෙට් වෙන්නෙ නෑ. මේ වගේ තවත් ගොඩක් තැන්වලදි පතී අතින් පාර දිගේ මග ඇරෙනවා. ඒත් රංගනයේ, දෙබස් වල තියෙන සියුම් එකින් එක අසම්බන්ධතා ඇතුලෙන් පතී ෆිල්ම් එක ජාර්මුෂ් ගෙ අවකාශයට අරගෙන යනවා. මට  ඕන කරපු සුරතාන්තය දෙන්න ඇත්ත චිත‍්‍රපටියට බැරි වුණාම මට පාර දිගේ රීමේක් එකක උවමනාව වෘෂණ කෝෂ වල ඉඳන්ම දැනෙන්න ගත්තා.

මේ කතාව තිලකසේනගේ ඔරිජිනල් එකක් නෙමෙයි කියල මට සත්‍යා කිව්වා. පාර දිගේ ලියන්න තිලකසේන ප‍්‍රංශ කතාවක් අනුවර්තනය කරනවා. ඒ ප‍්‍රංශ කතාවෙ නම සත්‍යාට මතක තිබුණෙ නෑ. ඒත් ඒ කතාවෙ අන්තිමටත් මේ විදිහටම මේ දෙබසම තියෙනවා කියලා සත්‍යාට මතක තිබුණ. වාහන සීස් කරන චන්දරේ සහ යතුරුලියන්නියක් අතර පේ‍්‍රමය වගේ හු`ගක් ආගන්තුක තැනක කතාව ගොඩනැගෙද්දි මට දැණුන නුහුර/ අපූර්වත්වයට හේතුව ඒ ඔත්තුවේ තිබුණ. ඒත් ඒකෙන් තිලකසේනට කිසි අඩුවක් වෙන්නෙ නෑ. ඒ කාලෙ මේ අදහස් මේ රටට මේ තරම් නිර්මාණාත්මකව හැඩගස්සන්න එයාට තිබුණ හැකියාව වෙන කාටවත් තිබුණෙ නෑ.

පේ‍්‍රමසිරි කේමදාසගෙ සංගීතය ෆිල්ම් එක කනවා. එයාගෙ අත්හදා බැලීම් වලටත් යම් ඉඩක් දෙන්න වුණා කියල පතිරාජ කිව්වා. ඒත් ඒ අත්හදා බැලීම් පුදුම තරම් මෝඩයි. රූපයේ භාවය ගැන තියෙන නොදැනුම එලිපිටම කියන ගාණයි. ඒ වගේම චිත‍්‍රපටිය පුරා එක තේමාවක් ඔස්සේ සංගීතය නිර්මාණය කරන්න වත් කේමදාසට බැරි වෙනවා. පාර දිගේ වගේ ෆිල්ම් එකක මියුසික් කියන්නෙ ඒකෙ ලොකු කොටසක්. මේ කතා කරන්නෙ පොප් සංස්කෘතියෙ ආගමනය ගැන. එතනදි කේමදාසටත් තමන්ගෙ ජීවිතේ පැටලෙනවා.

ෆිල්ම් එක ඉවර වුණාට පස්සෙ අපි කෝපි බීලා කතා බහ පටන් ගත්තා. අපි කරගෙන යන වැඬේ ඇතුලෙ සිනමා උළෙල වල් වෙනුවෙන් නිර්මාණය වෙච්ච සම්භාව්‍ය ප‍්‍රධාන ධාරාවෙ චිත‍්‍රපටි වෙනුවට යටවෙලා ගිය ලංකාවෙ ඇත්ත නාඩි අල්ලපු චිත‍්‍රපටි සංවාදයට ගන්නවා කියන අදහස මං කිව්වා. 56 රේඛාවෙන් පටන් ගත්ත මේ යුරෝපීය සිනමා උළෙලවල් වලට  ඕන විදිහට චිත‍්‍රපටි හදන ධාරව නිසා ලංකාවෙ ඇත්ත සිනමාවට කෙළවුණා කියන එකයි මගේ අදහස. උද විදිහට මහගමසේකර ගෙ තුංමං හන්දිය, සුගතපාල සෙනරත් යාපා ගෙ චිත‍්‍රපටි වලට අවශ්‍ය කරපු කියවීම සහ පිළිගැනීම ඒ හින්ද ලැබුණෙ නෑ. කළු දිය පොකුණ වගේ චිත‍්‍රපටි වලින් අපේ ඊළ`ග සිනමා පරම්පරාව පන්නරයක් ගත්තෙ නෑ. මේ මගහැරුණු ඉතිහාසය අයිමත් ඇහිඳින්න  ඕන කියලා මං කිව්වා. ඒකෙන් පාර දිගෙන් එලියට විසිවෙලා අපි වෙනස් සංවාදයකට වැටුණ.

සම්මාන සිනමාව සහ අපේ ඇත්ත සිනමාව ගැන මාත් සංජීව පුෂ්පකුමාරත් අතරෙ වුණු කතාබහ විනාඩි කීපෙකින් ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒත් එහෙම ඉවර කරන්න සිද්ද වුණු නිසාම හු`ගක් වැරදි විදිහෙ චිත‍්‍ර එතනදි මතුවෙන්න ඉඩ තිබුණ.

(සම්මාන සිනමාව සහ අපේ සිනමාව- ඉතිරි කොටස ලබන සතියට*

-චින්තන ධර්මදාස




Friday, February 24, 2012

කොත්තු රොටියෙ තාලෙ අහං සල්සා හිපොප් නටමු....


සෙනසුරාදා හවස බේකරියෙ කරනවා කියල තිබ්බ ෂෝ එක බලන්න ගියා. ඇත්තටම අපි (පහේ කල්ලිය) පෙන්නන්න හිටපු ‘පාර දිගේ’ ෆිල්ම් එක ඊළ`ග සතියට කල්දැම්මෙත් ඒක හින්ද. මේ හැම දේකදිම අපි මුණගැහෙන්න ඉන්නෙ පොඩි පිරිසක්. තනි තනියෙන් අඳුරන යාලූවො ටිකක්. වෙනස් වෙනස් විදිහෙ පාරවල් වුණත් අපි මුණගැහෙන, විඳින තැන් එකක්. ඉතිං හවස බේකරියෙ ‘සැටර්ඩෙ නයිට්’ එකට යන එකත් ‘අපේ වැඩක්’.

බේකරිය ගැන මං දැනගත්තෙ හු`ගක් මෑතක. ෆේස් බුක් එකේ කවි ලියන විරාජ් (රාජා) සහ යාලූවො ටිකක් පොඩි පොඩි වෙනස් හමුවීම් වෙනුවෙන් මේ බේකරියෙ පිටිපස්සෙ ඉඩ පාවිච්චි කරනවා. වෙසක් එකට කූඩුවකුත් ගහනවා. අනික් පැත්තට සැටර්ඩෙ නයිට් එකත් කරනවා. ඒත් ඒ කරන හැම එකකදිම තමන්ගෙ වෙච්ච හැඩයකට ඒ වැඩ අරන් එන්න බේකරියෙ සෙට් එකට පුළුවන් වුණා.

මේ කතාව සැටර්ඩෙ නයිට් එක පටන් ගනිද්දි ඒකෙ නිවේදකයා කියන්න ගිහින් අනාගත්තා. ‘හැමතිස්සෙම වෙනස් දෙයක්..වෙනස් විදිහක්...’ වගේ එක දිගට වෙනසක් ගැන කියන්න ගිය නිසා ඒකෙ වෙනසක් නැති වෙලා ගියා. අනික් අතට සැටර්ඩෙ නයිට් කියන නම. කිිසිම හැ`ගීමක් නැති පට්ට ගහලා කාණුවට විසිකරපු නමක් ඒක. ඒත් මේ හැම පැටලිල්ලක් එක්කම වුණත් ඒ වැඬේ ‘මාර’ විදිහට සෙට් වෙලා තිබුණ. ස්ටේජ් එකක් ගහලා, බෑන්ඞ් හතක් සෙල්ලම් කරන ඒ වගේ ලොකු වැඩක් කිසිම මුදලක් අය නොකර කරන්න හයියක් උන්ට තිබුණ.

චිත‍්‍රපටියක් එහෙම පෙන්නන විදිහක් තාම හදාගන්න බැරි එක ගැන මට දුක හිතුණ. මේ වෙද්දි ලංකාවෙ අලූතෙන් චිත‍්‍රපටි හදන අයට තියෙන ලොකුම ගැටළුව ඒ චිත‍්‍රපටි පෙන්නන්න තැනක් නැති එක. නිනෝ ලයිව් හදලා අවුරුදු දෙකකටත් ළ`ගයි, තාම හෝල් එකකට නිදහස් කර ගන්න විදිහක් නෑ. ඒත් කුස පබා වගේ කටේ තියන්න බැරි ජරාවල් කරන පරක්කුවෙන් හෝල් එකට එනවා. හොඳට දුවන්න හැකියාවක් තිබුණත් අලූත් එකෙකුට චිත‍්‍රපටියක් දා ගන්න මේ පරණ සම්ප‍්‍රදායෙ ඉඩක් නෑ. ඩිජිටල් හෝල් අරින්න යන එක ගැන මට තිබ්බ ලොකුම ත‍්‍රිල ඒක. ඒත් ඒකත් තවත් එක ප‍්‍රධාන ධාරාවෙම කෑල්ලක් වෙනවා මිස අලූත් චිත‍්‍රපටි සම්ප‍්‍රදායක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් හැටියක් මට පේන්නෙ නෑ. මේ වෙද්දි ඔක්කොම නෙගටිව් අධ්‍යක්‍ෂවරු ඩිජිටල් වලටත් එතැනිනුත් එහාට ලක්ෂ පහට හයට චිත‍්‍රපටි කරන තැනටත් මාරු වෙලා. ඒක අලූතෙන් එන එකෙකුට පිවිසුම් මාර්ගයක් විදිහට ඉතුරු කරලා තවත් කර්මාන්තමය ඉඩකඩ ලොකු කරන්න දැනීමක් ඒ ලොකු උන්ට නෑ. ඉතින් මේක තවත් ඇකිළෙනවා.

බේකරියෙ ඉස්සරහ සෙනසුරාදා එකතු වුණා වගේ පොඩි පිරිස් වලට තැනින් තැන ගිහින් චිත‍්‍රපටි පෙන්නන හරිම ඇ`ගට දැනෙන සම්ප‍්‍රදායක්...ඒ විදිහට වෙනස් වෙනස් වැඩ කරන චිත‍්‍රපටි හදන උන්ගෙ සංස්කෘතියක්...එහෙම එකක් හදාගන්නවා වෙනුවට තාමත් හැම චිත‍්‍රපටි හදන එකෙක්ම උත්සාහ කරන්නෙ ප‍්‍රධාන ධාරාව ඇතුළට රිංගන්න. නැත්නම් සම්මාන උළෙලවල් වලින් ජාත්‍යන්තරත්වයට පත් වෙන්න. ‘ඇට දෙකෙන්’ චිත‍්‍රපටි කරන උන් අතලොස්සක් කල්චර් එකක් නැති කමට හූල්ල හූල්ල බලන් ඉන්නවා. මං බේකරිය ඉස්සරහ බලන් හිටියා වගේ.

සැටර්ඩෙ නයිට් එක පටන් ගනිද්දිම කූල් බියර් බොන්න පුළුවන් තැනක් ඇරුණ. වේදිකා නාට්‍ය වල විදිහට ආලෝකමත් වුනු ස්ටේජ් එකක් ඉස්සරහ ජෙහාන්, අමිල, පාලිත සහ තවත් දෙන්නෙක් ඉඳගෙන හිටියා. මියුසික් ස්ටේජ් එක උඩ ලොකු ලයිට් වැඩ දාන්න සල්ලි තමන්ට නැත්නම් ඒක කන්සෙප්ට් එකක් විදිහටම වෙනස් තැනකින් හිතන එක හොඳ විදිහක්. සමහර විට ඒ වැඬේ එක්ක හිටපු හැමෝම වේදිකාවට හු`ගක් ළ`ග හින්ද වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඒ ලයිට් කරලා තිබ්බ විදිහ ඒ වැඬේ එක්ක හොඳට සෙට් වුණා. පළවෙනි සිංදුව පටන් ගනිද්දි ඇ`ග හිරිවැටිලා ඇස් වලට කඳුළු ආවා.

අමිල ජෝන් සීනා සිංදුව කිව්වා. ජෝන් සීනා කියන්නෙ ලංකාවෙ වෙච්ච පට්ට අහම්බයක්. ඒක එහෙම්පිටින්ම සූස්ති සිංදුවක්. ඒ අත්චැකීම විතරක් නෙමෙයි, හිනාවත් එක්ක සිංදුව කියන විදිහ වගේ හැම අතකින්ම ඒක ‘කල්ට්’ වැඩක්. ඒත් එකපාරටම ඒ සිංදුව ප‍්‍රධාන ධාරාවෙන් උස්ස ගන්නවා. සිංදුවත් එක්ක ජෙහාන් කරලා තිබුණ විෂුවල් එකත් පට්ට. ඒ තරම් සරලව, ඒ උපහාසයත් එක්ක යන විෂුවල් එකක් හිතන්න ජෙහාන්ට පුළුවන් වුණ එකත් මට මාර ආතල්. මේ හැම එකක්ම ප‍්‍රධාන ධාරාවෙන් ගත්තත් අමිලව සුපර් ස්ටාර් කෙනෙක් කරන්න මීඩියා වලට බැරි වෙනවා. මොකක් හරි දෙයක් හින්ද (ගොඩක් වෙලාවට වාමාංශික අදහසක් වෙන්න ඇති* අමිල මීඩියා වෙනුවට ජීවිතේ තෝර ගන්නවා. එදා බේකරිය ඉස්සරහ මට දැණුන හොඳම ආර්ටිස්ට් අමිල. ඒ සිංදු කියන ස්ටයිල් එක, ඒ වචන, ඒ අත්විඳීම අමිලටම අනන්‍ය එකක්. මීඩියා ඉස්සරහට ඇවිත් කුණු වෙලා නොගිය අමිල බේකරියෙ ස්ටේජ් එක උඩ ඒ සිංදු කියද්දි වාමාංශික ත‍්‍රිලකින් මාව ආයිමත් හිරිවැටුණ.

පාලිත එයාගෙ සිංදු කීපයක් එක්ක ලොකු ගමනක් ඇවිත් තිබුණ. කටහ`ඩ එහා මෙහා ගෙන යාම් වලින් සහ ඒ වචන වලට හැ`ගීමක් දෙන්න ගත්ත වෑයමත් එක්ක පාලිත ගෙ සිංදු හැමෝටම වැදුණ. මාරයි කිය කිය ලංකාවෙ මිනිස්සු අහන අපේ ප‍්‍රවීණයන්ගෙ සිංදු මට කණ අහලකට ගන්න බැරි හේතුව ඒක. උදා විදිහට අමරසිරි පීරිස් ගෙ සිංදු ඇහෙන මානෙක මට ඉන්න බෑ. කිසි හැ`ගීමක් නැති වේලිච්ච කටහ`ඩක් ගාණට සීරුවට ස්වර උඩින් එහා මෙහා යද්දි මට ලැජ්ජ හිතෙනවා. මැෂින් එකක සද්දයක් අහගෙන ඉන්නවා වගේ. නන්දා මාලනීගේ සිංදු නං දැන් ඇහෙද්දි වමනෙ යනවා. මේ ගායකයොත් ඒ අයගෙ මුල් කාලෙදි මේ වචන එක්ක ඒ හැ`ගීම් එක්ක ඉන්න ඇති. ඒත් දැන් ඒ ගොල්ලො වයසයි. ඒ ගොල්ලොන්ට හැ`ගීම් තියෙන්නෙ හාල්, පොල් වගේ දේවල් එක්ක. ඒ වචන කියන්න දැන් ඒ අයට බෑ. මේ සිංදු අලූත් අය කියනවට මං කැමති ඒ හින්ද. උන් දන්න වැඩ ඔක්කොම දාලා ආයිමත් මේ වචන පණ ගහන්න හදනවා. ඒත් ගයාන් පෙරේරා ජයමංගල ගාථා රැුප් කරා කියලා මැරෙන්න හදන සිංහල බෞද්ධ ජනතාව මේ මැරිච්ච මිනිස්සු කරේ තියාගෙන යනවා. ජාතික ගීය අලූතෙන් සංගීතවත් කරන්නවත් ඉඩක් නෑ. අහද්දි හිනා යන ඒ පරණ යල්පැනපු මියුසික් අහගෙන ජාතිය ගැන ආඩම්බරේකින් නැගී ඉන්නෙ කොහොමද? එම්සී එකේ ෆිල්ම් එකක් බලද්දි මේ ජෝක් වැඬේ කරනකොට මගේ ඇෙ`ග් හිරිගඩු පිපෙනවා ලැජ්ජාවට. කසුන් කල්හාර වගේ කෙනෙකුට දීලා (රෝහණ වීරසිංහට එහෙම දෙනවට වඩා තියෙන විදිහ හොඳයි* ජාතික ගීය අලූතෙන් සංගීතවත් කළොත් ආයිමත් අලූත් හැ`ගීමකින් අපිට ඒක ඇහේවි. ඒත් ඉතිං අලූත් ශ‍්‍රී ලංකාවක් කිය කිය පරණ ටිකම කරගෙන යන ලාංකේය සිංහල බෞද්ධ ජනතාවට මේ වෙනස දරා ගන්න අමාරුයි.

ඒ වුණත් දෙවෙනියට ස්ටේජ් එකට ආපු ස්කිට්සො බෑන්ඞ් එක වැඬේ කෑවා. හරිම වැදගත් විදිහට, ආරිය සිංහල ආචාරශීලත්වයකින් විජේවීර තරුණ කාලෙ වගේ සිංදු කියපු ඒ බෑන්ඞ් එකේ ගායකයා මුලින් කට්ටිය අරගෙන දීපු ගැම්ම එහෙම්පිටින්ම නැති කළා. ඊට පස්සෙ වෙන වෙන දේවල් පේන්න පටන් ගත්ත.

පාලිතගේ සිංදු වල පවා වචන වල මට දැණුන ලොකු අවුලක් තිබුණ. වේදනාව ගැන කියන්න යන හැමතැනකදිම මේ කට්ටිය ‘අම්මේ’ කියලා කෑ ගහන්න ගත්තා. ඒ වගේම පොඩියට පොඩියට ඇවිත් ස්කිට්සො කට්ටිය කියද්දි වාමාංශික දේශපාලනික අවුල් ගතිය හොඳටම දැනෙන්න පටන් ගත්තා. දේශපාලනය ගැන කතා කරන මේ තාරුණ්‍යය වේදනාවකදි අම්මාගේ තුරුල්ලට දුවන්න තියෙන සූදානම සහ ඒකම අවධාරණය මට ඒ සෙට් එක ගැන තිබ්බ අලූත් කියන හැ`ගීම නැති කළා.

ඊට පස්සෙ චින්තක ගීතදේව කියපු සිංදු නම් අහන් ඉන්නම අමාරු ගාණට ආවා. මොනවා කියනවද නොකියනවද නොතේරෙන ගාණට ගීතදේවට බොබ්මාලේ ව ආවේශ වෙලා තිබුණ. බොබ් මාලෙ සිංදු කියද්දි යන ට‍්‍රාන්ස් එකට ගීතදේව ගියේ අපේ ජේවීපී ස්ටේජ් වල පට්ට ගහපු වචන කිය කිය. චේ ගුවේරා, බොබ් මාලේ ගැන වාමාංශිකයන්ට තියෙන්නෙ ළදරු වළිප්පුවක්. ඒක එක්කො ඒ බටහිර මානයන්ගෙන්ම අල්ලගෙන ඒ සංස්කෘතිය අත්පත් කර ගන්න  ඕන. නැත්තං වැල්ලෙ බීච් බෝයිස් ලා වගේ සුද්දියො අල්ල ගන්න පාවිච්චි කරන්න  ඕන. බොබ් මාලෙ වගේ ඇවිත් සිංහල සංස්කෘතික සීමා ඇතුලෙම හැප්පෙන කොට දැනෙන්නෙ හරි පොඩිකමක්. ගීතදේව අන්තිම වෙද්දි තොවිල් බෙර ගාණටම එයාගෙ මියුසික් අරගෙන ආවා. අහන් ඉන්න බැරුව ගොඩක් අය ගෙදර ගියා. මටත් ඉන්ටර්වල් එකෙන් පස්සෙ සිංදු ටික අහන්න ඉන්න බය හිතුණෙ අන්තිම වෙද්දි තත්වය එන්න එන්නම දරුණු වෙමින් ආපු නිසා.

සිංදු ටික කියලා අවසන් කරන්න කලින් ගීතදේව ඇත්ත කතාවක් කිව්වා. ඉස්සර බස්වල කෝච්චි වල සිංදු කියලා මෙතනට ආපු කතාවක් එයා මොන හේතුවකට මන්දා එතන කිව්වා. ඒ වගේම ඒක කියද්දි එයාගෙ කටහ`ඩ ඒ බස්වල කෝච්චි වල අපි අහලා පුරුදු තැනටම ගියා. ඒක බොරුවක් නෙමෙයි. ඇත්තක්. ගීතදේව ඒ බස්වල මිනිස්සුන්ව ඇහැරවලා, සල්ලි දෙන්න හිතෙන ගාණට ගේන්න තිබ්බ ටැලන්ට් එක මේ දේශපාලනික සීමාවල් ඇතුලෙ හිර කර ගත්තෙ නැත්තං ඌ මාර වෙන්න තිබුණ. ආර්ටිස්ට් කෙනෙකුට බොබ් මාලෙගෙ හරි කාල් මාක්ස් ගෙ හරි රැුවුලෙ එල්ලෙන්නෙ නැතුව දුර ඇවිදින්න පුළුවන් වෙන්න  ඕන. දේශපාලනය වෙනුවෙන් ආර්ට් පාවිච්චි කරනවා කියන්නෙ නාස්තියක්.

බේකරියෙ වැඬේදි මට දැනිච්ච ලොකුම අවුල ඒක. සිංදු කියපු හැම කෙනෙක්ම (මං අහපු* තමන්ගෙ ආර්ට් එක ඇතුලෙ ට‍්‍රයි කරලා තිබුණෙ උපරිම දේශපාලනික වෙන්න. (මේ කාරණය අමිලටත් පොදුයි* ඒත් මේ මොහොතෙ දේශපාලනික වෙන්නෙ අදේශපාලනය කියල තේරුම් ගන්න තරමටවත් ඒ අය පරිණත වෙලා හිටියෙ නෑ. තර්කොව්ස්කි කොමියුනිස්ට් පාලනය යටතෙ ස්ටෝල්කර් චිත‍්‍රපටිය හදනවා. ඒ වෙලාවෙ ආණ්ඩුව ඒක මාර වැඩක් විදිහට බාර ගන්නවා. ආණ්ඩුවට අවුරුදු පහක් විතර (මට මතක හැටියට* ඒක තමන්ට විරුද්ධව හදපු ෆිල්ම් එකක් කියල තේරෙන්න.

ආර්ට් එකක් දේශපාලනයක් හරි මතවාදයක් හරි ඇතුලෙ කොටු කරන්න හදන හැම තැනකදිම ඒකෙ තියෙන ආර්ට් එක නැති වෙලා යනවා. දේශපාලනය කියන්නෙ ගොඬේ වැඩක්. ආර්ට් කියන්නෙ ඊට වඩා දියුණු තැනක්. (ෆිල්ම් හදන්න බැරි වුණ අය දේශපාලනය කරන්නෙ යන්නෙ ඒකයි)

මේ මොන දේවල් තිබුණත් බේකරියෙ සෙනසුරාදා ? වැඬේ මගේ ඇතුලෙ ගොඩක් බලාපොරොත්තු පත්තු කළා. එතන ලොකු යාලූකමක්, උණුහුමක් තිබුණ. ගතවෙන ජීවිතෙ ඇතුලෙ හැමදාම තියෙන පාළුව (සමාජ-සංස්කෘතික) පොඩි වෙලාවකට අමතක වෙලා ගියා. ඒත් ඉන්ටර්වල් එකේ පෙට්ටි කඬේකින් ආප්ප කාලා මං ගෙදර ගියා.

-චින්තන ධර්මදාස

Wednesday, February 15, 2012

බල්ලට ගිය ස්ටයිල් එක


දවසක් දා හැන්දෑවක ෂෝර්ට් ෆිල්ම් එකක් බලන්න ගියා. ෆිල්ම් එක දිහා බලාගෙන හිටියට කිසි දෙයක් තේරුං ගන්න බැරිවුණා. ගෙදර ඇවිත් මං ජොයින්ට් එකකතුත් ඔතාගෙන ෆේ‍්‍රම් එකෙන් ෆේ‍්‍රම් එකට සෙමියොටික්ස් (ෆිල්්ම් එකේ සහ ඉන් පිටත* කියවන්න ගත්තා. ස්ටයිල් එකක් සහ ෆැෂන් එකක් අතර වෙනසෙ මං නතර වුණා.

මට දැනිච්ච එක චාල්ස් බුකොව්ස්කි මෙහෙම කිව්වා.

‘හරි, අපි පටන් ගමු. අනං මනං විකාර නැතුව කෙලින්ම ඔය කියන කලාව ඇතුලට බහිමු..ස්ටයිල්..ඒක තමයි හැම දේකටම දෙන්න තියෙන උත්තරේ. කම්මැලි දේකට හරි අන්තරායකාරී දේකට හරි බහින්න තියෙන අලූත් විදිහක් කියන එක. අනතුරුදායක දෙයක් වුණත් ස්ටයිල් එකක් නැතුව කරනවට වඩා හොඳයි කම්මැලි වැඩක් ස්ටයිල් එකට කරන එක. ඒත් මං ආර්ට් කියන්නෙ අනතුරුදායක දේවල් ස්ටයිල් එකක් ඇතුව කරන එකට. බුල් ෆයිටින් කියන්නෙ ආර්ට් එකක්. බොක්සින් කියන්නෙ ආර්ට් එකක්. ආදරය කරන එකත් එහෙමයි. සාඩින් ටින් එකක් අරින එක වුණත් ආර්ට් එකක් වෙන්න පුළුවන්. ගොඩක් අයට ස්ටයිල් එකක් නෑ. ගොඩක් අයට ස්ටයිල් එකක් තියාගන්න බෑ. මං දැකලා තියෙනවා මිනිස්සුන්ට වඩා ස්ටයිල් එකක් තියෙන බල්ලො. ඒත් ගොඩක් බල්ලන්ට ස්ටයිල් එකක් නෑ. පූසො හැමෝටම වගේ ස්ටයිල් එකක් තියෙනවා. හෙමින්වේ ෂොට් ගන් එකකින් එයාගෙ මොළ කෑලි බිත්තියෙ ඇලවෙන්න වෙඩි තියාගනිද්දි එතන ස්ටයිල් එකක් තියෙනවා. සමහර වෙලාවට ඔයාට ස්ටයිල් එකක් දෙන්නෙ අනිත් මිනිස්සු. ජෝන් ඔෆ් ආර්ක් ට ස්ටයිල් එකක් තිබුණ. ක‍්‍රිස්තුස්ට, සොක‍්‍රටීස්ට, සීසර්ට, ගාර්සියා ලෝකාට ස්ටයිල් එකක් තිබුණ. මට හිරගෙදරදි ස්ටයිල් එකක් තියෙන මිනිස්සු මුණගැහිලා තියෙනවා. මට හිරගෙදරදි එලියෙ ඉන්නවට වඩා ස්ටයිල් එකක් තියෙන මිනිස්සු හම්බුවෙලා තියෙනවා. ස්ටයිල් එක කියන්නෙ වෙනස. ඒක කරන විදිහ. ඒක කරපු විදිහ. වතුර වලක් ළ`ග කොක්කු හය දෙනෙක් හිටගෙන ඉන්නකොට...නැත්නම් ඔයා මාව දකින්නෙ නැතුව හෙළුවෙන් නානකාමරෙන් එලියට ඇවිදන් යනකොට...එතන ඒක තියෙනවා.’

-චාර්ල්ස් බුකොව්ස්කි

ලංකාවෙ ගොඩක් අයට ස්ටයිල් එකක් නෑ. ඒ වෙනුවට තියෙන්නෙ ෆැෂන් එකක්. ස්ටයිල් එකක් කියන්නෙ විලාසයට. ඒක ජීවිතෙන් හැදෙන හැඩයක්. ඒක ඇතුලෙ තියෙන්නෙ අත්දැකීම්. ඔයාගෙ ස්ටයිල් එක තියෙන්නෙ ඔයාට විතරයි. ඒත් ෆැෂන් කියන්නෙ විලාසිතා වලට. විලාසයක් ඇතුලෙ විලාසිතා ගොඩක් තියෙන්න පුළුවන්. ඒ ඔයාගෙ විලාසය එලියට කියන්න. ඒත් ඔයාට තියෙන්නෙ විලාසිතාවක් විතර නම්, ඒක බොරුවට මැජෙස්ටික් සිටි එකේ ඇවිදලා නැත්තං බැරිස්ටා කෝපි බීලා මිඞ්ල් ක්ලාස් ගතියක් පෙන්නන්න යනවට වැඩි දෙයක් නෙමෙයි. අපි ආර්ට් කියල ලංකාවෙ දකින තරමක් දකින්නෙ මේ විලාසිතා විතරයි. කොහේ හරි තියෙන රාමුවකට හැඩයක් දෙනවා මිසක් තමන්ගෙ ජීවිතෙන් ඒ හැඩය තීරණය කරන්න පරිණතකමක් ලංකාවෙ ජීවිත වල අඩුයි. මේ ෂෝර්ට් ෆිල්ම් එකෙත් රූප, සංස්කරණ, මියුසික් ඔක්කොම තිබ්බත් මොකක්ද කියන්න  ඕන කියන එක හිස්තැනක්. 

මියුසික් වීඩියෝ ඇතුලෙ මේ ‘ෆැෂන් විතරක්’ ගතිය නැගලා යනවා. පිටරට මියුසික් වීඩියෝ දිහා බලාගෙන ඉඳලා ඒකට ළ`ගින් යන මියුසික් ට‍්‍රැක් එකක් හම්බවුණු ගමන් ඒ රූප සංස්කරණ රොත්ත මෙහාට දානවා. ඒ වෙනුවට ක‍්‍රිස් කනින්හැම් වගේ රූපය තත්පර දශම දක්වා අංශූ කරමින් අදහසක් ගොඩනගන මියුසික් වීඩියෝ ඩිරෙක්ටර් ලා පවා ඒ රූප ඇතුලෙන් තමන්ගේ සංවේදනා හොයාගෙන යනවා. ඒ රූප ඇතුලෙ තමන්ගෙ අවිඥාණය ප‍්‍රකාශ කරන්න පාරවල් හොයනවා. ඒත් ලංකාවෙ අයට ඒ විදිහෙ ප‍්‍රකාශනයක් නෑ. තාක්‍ෂණික කොපියක ආතල් එක විතරයි. කඩින් කඩ තැනින් තැන අපිට එන ආර්ට් ටෙ‍්‍රන්ඞ් එක්ක (කැටලොග් එකක් නැතිව* මේ පොඩි පොඩි බොරු දාර්ශනික වෙනවා. ආර්ට් ඇතුලෙ නිශ්චිත, විචාරයක් සහිත කතිකාවක් නැති වීමත් එක්ක කොපි මෙහෙදි ඔරිජිනල් වෙනවා. මේකෙ අවදානම තියෙන්නෙ ඒ අය ලබන පුද්ගලික ලාබ වල නෙමෙයි. ඒ ෆැෂන් එක ස්ටයිල් එකක් කියල හිතාගෙන ඒ එක්ක ගනුදෙනු කරන සමාජය ඇතුලෙ. උදා විදිහට රොක් කියන එකේ වෙන රටවල තියෙන ප‍්‍රකාශනය කොයි තරම් සංකීර්ණ වුණත් ලංකාවෙදි ඒක ‘වෙන්න රොක්’ තැනකින් එහාට යන්නෙ නෑ. මෙට්ල් රොක් ගහන ලංකාවෙ කණ්ඩායම් එක්ක කතා කළාම දුක හිතෙන ගානයි. ඒ අය මෙට්ල් වෙන්නෙ ස්ටේජ් එක උඩ ඇඳුම් වලින් විතරයි. ඒ අයට මෙට්ල් වලින් කියන්න අදහසක් නෑ. ලංකාවෙ ඉංග‍්‍රීසියෙන් කවි කතා ලියන ගොඩක් අයගෙත් මේ පොත්ත විතරක් ගතිය මට මුණගැහිලා තියෙනවා. සම්මාන දිනපු ලංකාවෙ ඉඳන් ඉංග‍්‍රීසි කවියෙක්ගෙ කවි සිංහලෙන් ලියන කවියෙක් එක්ක සංසන්දනය කරලා බලන්න. ගේ‍්‍රෂන් සම්මාන දින්නත් ඒ කවි පට්ට බොළඳයි. එක්කෝ කොලෝනියල් අච්චුවට, නැත්නම් පොඩි ළමයි වගේ. ඒවා ෆැෂන්. මාර්කට් එකේ එහා මෙහා යනවා විතරයි.

”ෆැෂන් නැති වෙලා යනවා. ඒත් ස්ටයිල් කියන එක සදාතනිකයි”

මට අනුව කෘතියක අඳුරගන්න  ඕන ඔච්චරයි. නාට්‍යයක් හරි චිත‍්‍රපටියක් හරි බලද්දි මං හැමතිස්සෙම ඒක කරපු කෙනා ගැන දැනගන්න උනන්දුයි. එතකොට ඒ වැඬේ විඳිනවා නෙමෙයි කියල මට ගොඩක් අය සාම්ප‍්‍රදායික චෝදනාවක් කරනවා. ඒත් ඒ කරපු කෙනා ගැන නොදැන කෘතියක් විඳින්න මං ලෑස්ති නෑ. මට දැනගන්න  ඕන ඒක ෆැෂන් එකක්ද, නැත්තං එයාගෙ අභ්‍යන්තරය එක්ක ගැටගැහුණු ස්ටයිල් එකක්ද කියන එක. එතනින් එහාට කෘතියක හොඳ හෝ නරක මට අදාල නෑ. තමන්ගේ විලාසයක්, ප‍්‍රකාශනයක් විදිහට එන හැම දෙයක්ම ඒකටම අනන්‍ය සෞන්දර්යක් ගේනවා. තාක්‍ෂණික දෝෂ පොඩි මතුපිට කාරණා විතරයි. කෙනෙක්ට තමන්ගෙ ස්ටයිල් එකක් තියෙනවා නම් එච්චරයි.

”ඇඳුමක වටිනාකම තියෙන්නෙ ඒක ඇඳන් ඉන්න ගෑණි මත කියන එක අවුරුදු ගාණක් තිස්සෙ මං නැවත නැවත තේරුම් ගත්තා”

ස්ටයිල් එකක් ඇතුලෙ ෆැෂන් එකක් පාවිච්චි වෙද්දි ගොඩක් දේවල් කරන්න පුළුවන්. ටැරන්ටිනෝගේ ෆිල්ම් වල අපි විඳින්නෙ ඒක. රොඞ්රිගුඅස්ගෙ ‘මචෙටි’ වල කිසි ගැඹුරක් නැති වුණත් දැනෙන ෆීල් එක ඒක. මට එදා ෂෝර්ට් ෆිල්ම් එකේ දැණුනෙ නැත්තෙ ඒක.

ලංකාවෙ දැන් ස්ටයිල් කියන එක වඳ වෙමින් යන්නෙ. ආණ්ඩුවේ සමස්ත වෑයම වෙන්නෙම ජනතාවම සිංහල කියල එක ගොඩකට දාලා ඒකට බෞද්ධ කියලා සීල් එකක් ගහලා පැත්තකින් තියන එක. කැම්පස් වලට දැන් වෙමින් යන්නෙ ඒක. සිංහල බෞද්ධ කියන්නෙ විලාසිතාවක්. ඒක විලාසයක් නෙමෙයි. ඒක එන්නෙ තවත් එකකට ප‍්‍රතිවිරුද්ධ දෙයක් විදිහට මිසක් ඔරිජිනල් දෙයක් විදිහට නෙමෙයි. ඒ සිංහල බෞද්ධකමට අදාල පොදු රීතින් සම්පාදනය වෙනවා. අපේ කම, අපේ සංස්කෘතිය කියලා. මතට තිත, රොෂාන් රණවන ගේ අවිහිංසාවාදය වගේ දේවලූත් එන්නෙ මේ විලාසිතා පිටුවෙම තමයි. සිගරට් බොන මිනිහෙකුට සිගරට් නොබොන්නෙකුට වඩා ස්ටයිල් එකක් තියෙනවා කියල මං කියන්නෙ ඒකයි. 

‘ෆැෂන් කියන්නෙ ඔබ ඔබ කවුද කියා නොදන්නා විට  ඔබ කරන හැඩගැසීමක්’

ෆැෂන් එක්ක යන එකේ අවුලක් නෑ. ඒත් ඒකෙන් දිගට දිගටම අපිට ජීවිතේ මගඇරෙනවා. ජීවිතේ කියන්නෙ ස්ටයිල් එක. ඇත්ත කියන්නෙ ස්ටයිල් එක. ඒ ස්ටයිල් එකෙන් ජීවිතේ කියන අදහස අයින් වුණාම ඒක ෆැෂන් එකක් වෙනවා. ඒක දහස්වාරයක් අයිමත් ප‍්‍රතිනිෂ්පාදනය වෙන්න ගන්නවා. ආයිමත් එහෙම ෆැෂන් එකකින් ඇත්ත අදහසක් කියන්න නම් ඒ ෆැෂන් එක ස්ටයිල් එකක් ඇතුලෙ පාවිච්චි වෙන්න  ඕන. හොඳම උදා තමයි ජෝන් ට‍්‍රැවෝල්ටාව ටැරන්ටිනෝ කාලෙකට පස්සෙ පල්ප් ෆික්ෂන් එකට පාවිච්චි කරන විදිහ. 

ෂෝර්ට් ෆිල්ම් එකක් ගැන කතා කරගෙන යද්දි මේ විදිහට ඇදුනත් මේක මේ වෙලාවෙ ලංකාවෙ දේශපාලනය. අපි ජාතික ඇඳුම, කුරහන් සාටකය, නීතිය, මාධ්‍ය, සදාචාරය, අරක මේක, කියන්නෙ ෆැෂන් විතරයි. අනෙක් පැත්තට උද්ඝෝෂණ, විප්ලව, වර්ජන කියන්නෙත් ඒකට සාපේක්‍ෂ ෆැෂන්ම විතරයි. ඒක නිසා  ඕන දෙයක්  ඕන විදිහට වුණාට ජනතාවටත් කමක් නෑ. ජනතාව කියන්නෙමත් තනි සිංහල බෞද්ධ ෆැෂන් එකක් නිසා. ආර්ථිකය, විදේශ කුමන්ත‍්‍රණ විතරක් නෙමෙයි අන්තිමට අපේ මහ බැංකු වාර්තා පවා ෆැෂන් එකක් විතරක් වුණා. දැන් ශ‍්‍රී ලංකාව කියල අපි ලෝකෙට පෙන්නන ප‍්‍රතිරූපෙත් නිකංම විලාසිතාවක් විතරයි. ඒකට අනුරූප ජීවිත හැඩයක් නෑ.

ෆැෂන් වලට වෙන රටවලින් පිළිගැනීමක් හම්බුවෙනවා. අදහස් වල ඉඳන් හැම දෙයක්ම අපි වෙන රටවලින් කොපි කරන නිසා ඒවාට සාපේක්‍ෂ අගයක් ලැබෙනවා. ඒත් ඇත්ත විලාසයකට (ස්ටයිල් එකකට* ඒ පිළිගැනීම ලැබෙන්නෙ නෑ. ලංකාවෙ දැවැන්ත සිනමාකරුවෙක් විදිහට පිළිගන්න ලෙස්ටර්ගේ චිත‍්‍රපටි ඇතුලෙත් මට පේන්නෙ මේ විලාසිතාව විතරයි. ඊට එලියෙන් ලෙස්ටර්ගේ ජීවිතය ඇතුලෙන් ඒ චිත‍්‍රපටිවලට ආපු හැඩයක් නෑ. ඒත් ලෙස්ටර් යුරෝපය පවා පිළිගන්නා සිනමාකරුවෙක් වෙද්දි තුංමං හන්දිය කරපු සේකර හැලිලා යනවා. සේකරගෙ චිත‍්‍රපටිය ඇතුලෙ ජීවිතය තිබුණ. සේකරට ස්ටයිල් එකක් තිබුණ. ඒත් සේකරගෙ තුංමං හන්දිය සිනමාත්මකයක් විදිහට කියවන්න කාටවත්  ඕන වෙන්නෙ නෑ. මොකද සිනමාත්මකය කියන එකත් ආනයනය කරපු තනා නිමවපු එකක් නිසා. 

ඉතිං ඒ ෂෝර්ට් ෆිල්ම් එකේ විලාසිතාවට මං කැමති වුණේ නෑ. සහ නැවත නැවත ජීවිතය කියලා ඒ විලාසිතාව විලාසයක් කරන්න හදද්දි මගේ අකමැත්ත විරෝධයක් වුණා.

ආර්ට් කියන්නෙ ෆැෂන් වලට නෙමෙයි. ෆැෂන් වලට අදාල කෘතිම ජීවිත හැඩයක් හොයලා දෙන එක අයිති ඇඞ්වර්ටයිසින් වලට. ආර්ට් කියන්නෙ ස්ටයිල් එකට. ඒක ෆැෂන් කරනවට වඩා ගොඩක් අමාරුයි.

ෆැෂන් කියන්නෙ මොන තරං විකෘති හොරෙක්ද? කියල විලියම් ෂේක්ස්පියර් කියල තිබුණ.

-චින්තන ධර්මදාස


Saturday, February 4, 2012

කාමරයක් ඇතුලෙ දොළහක්



 ලයනල් වෙන්ඞ්ට් එකේ දොළහක් බලන්න ගියා' කට කපලා සෙනග' ඇඞ්වර්ටයිසින්" ඉන්ග්ලිෂ් තියටර්" ජෝන්ද සිල්වා" නළු නිළියන් සහ පොලිටික්කන් හැම කාණ්ඩෙකම කට්ටිය එක  ඕඩියන්සa එකක' බකමූණා වගේම තව ජෝක් පොලිටිකල් වැඩක් වෙන්න ඇතs කියල මට හිතුණ' නාට්ටිය පටන් ගත්ත' ජූරි කාමරයක් ඇතුලෙ සෙට් එකක්' කොල්ලෙක් විසින් තාත්තාව පිහියෙන් ඇන මරා දැමීමක් ගැන විනිශ්චයකාරවරයාගේ කතාවක් ඇහෙන්න ගන්නවා' ජූරි කාමරේ හිස් පුටු උඩ' ඒ ගැන ඒකමතික තීරණයක් අරන් එන්න ජූරියෙ දොලොස් දෙනා කාමරේට එනවා' අම්මට හුඩු' ඒ නළුවො දොලොස් දෙනා එකට එකතු කර ගත්තෙ කෙහොමද කියල පුදුම හිතුණ' මේ තරම් මෙගා තියෙද්දි කොහොම රිහර්සල් ආවද@ ඒ තරං කැපකිරීමක් වත් කරන්න ඉඩක් ඉතුරු වෙලා තිබ්බ එක ගැන ඒ දොලහට ර`ගපාපු දොලහට මගේ ප‍්‍රණාමය'

නාට්ටිය පටන් ගත්තා' මට පරිවර්තන නාට්ටි දිරවන්නෙම නෑ' හිම කබා ඇඳගෙන තොප්පි දාගෙන සිංහලෙන් කතා කර කර ලංකාවෙ වේදිකාවෙ ඒ චරිත කරද්දි මට එන්නෙ අප්පිරියාවක්' ඒ නාට්ටි වල දෙබස් කියන්නෙත් දැදිගම රුද්රිගූ ගේ පරිවර්තන පොත්වල භාෂාවෙන්' ඒත් දොළහක් එහෙම තිබුණෙ නෑ' පරිවර්තනයෙන් හරිම සියුම් අනුවර්තනයක් දක්වා අතුල පතිරණ නාට්‍ය අරගෙන ගිහින් තිබුණ' ඒ වෙනස හරිම සියුම් වෙනසක්' හාඞ්කෝර් වෙනසක් නෙමෙයි' මුලදි නාට්ටියේ රංගනය එහේ මෙහේ යනවා මං දැක්කා' ඩබ්. ජයසිරි වෙන කොහේදෝ තැනකින් දෙබස් පටන් ගත්තෙ' ඒත් අටවෙනි ජූරි සභිකයා ^මෙයා තමයි ප‍්‍රධාන චරිතය& ඊට වෙනස්ම අන්තයකින් රංගනයට ඇතුල් වෙනවත් එක්ක දොළහම බැලන්ස් වෙන්න පටන් ගත්ත'

ඒක හරිම හොලිවුඞ් ලක්ෂණ තියෙන නාට්‍යයක්' එකම කාමරයක් ඇතුලෙ ගතවුණත් හරිම ප්ලොට් පොයින්ට් වලදි නාට්ටිය වෙනස් වෙන්න ගත්ත' ඒක ඇමරිකන් පරිවර්තනයක්' ඉස්සර යුරෝපීය පරිවර්තන වලටම ගිය අපේ වේදිකාව වෙනස් වෙලා දැන් ඇමරිකානු කතා හොයාගෙන යන්න පටන් අරගෙන' දොළහක්" කලම්බු කලම්බු වගේ නාට්ටි බලන්න එන  ඕඩියන්ස් එකේ මං කලින් කියපු වෙනසට ඒකත් හේතුවක්' නාට්‍යයේ පෙළත් එක්ක මට ආස හිතුණා දොළහක් මුල් කෘතිය හොයාගෙන යන්න'

දොළහක් මුලින්ම එන්නෙ 1954 zටුවෙල් ඇන්ග්රි මෙන්Z කියල ටෙලි සීරිස් එකක් විදිහට' මේක ලියන්නෙ රෙජිනෝල්ඞ් රෝස්' නාට්‍යය බලාගෙන යද්දි මට පුදුම හිතුණෙ මේ තරම් වෙනස්කම් ගොඩක් එක්ක රචකයෙක් ^frdaia& වැඩ කරන්නෙ කොහොමද කියන එක' චරිත දොළහක්' ටිකින් ටික වෙනස් වේගෙන යන ජූරි තීරණයක්" ඒ ඇතුලෙ එලියට පුද්ගලික ආත්මීය ස්වභාවයන්" හු`ගක් සියුම් දේවල්' කොහොමද මේක ලිව්වෙ@ 

මේක රෙජිනෝල්ඞ් රෝස් ගේ පුද්ගලික අත්දැකීමක් උඩයි ලියවෙන්නෙ' එයා දවසක යනවා ජූරි සභිකයෙක් විදිහට' එතනදි වෙන වෙනස්කම් දැක්කම රෝස්ට හිතෙනවා මේක මාරයි කතාවකට කියල' ටුවෙල් ඇන්ග්රි මෙන් ලියවෙන්නෙ ඒ විදිහට' ඒත් රෙජිනෝල්ඞ් පුදුම තරම් සමීපව චරිත දිහා බලන්න පුරුදු වෙච්ච කෙනෙක්' උදා විදිහට ටෙලි සීරිස් එකේ අටfjනි ජූරි සභිකයා මුල් වතාවට මරණයට කැපවුණු කොල්ලා වෙනුවෙන් අඩුම තරමේ පැයක සාකච්ඡdවක් ඉල්ලද්දි" හැම දෙයක්ම මේ තරම් පැහැදිලි නිසාම තමන්ට මේ ගැන සැකයක් තියෙන වග කියද්දි එයාගෙ කටහ`ඩ ඇතුලෙන් වෙව්ලන්න ගන්නවා' ^මේ ටෙලි සීරිස් එක මං බලලා නෑ' මං මෙතන කියන්නෙ ඒ ගැන විචාරකයන් පළ කරන අදහස්& ඒක මේ චරිතය නිරූපණය කරපු රොබර්ට් කමින්ග්ස් ගේ සුවිශේෂ දක්ෂතාවයක් විදිහට කතා බහ වෙනවා' අතුලගේ නාට්‍යයේදිත් අටවෙනි ජූරි සභිකයා ^විශ්වජිත් ගුණසේකර& මුලින් කතා කරද්දි අපිට මේ වෙව්ලිල්ල ඇහෙනවා' ටෙලියේ අතිශය සියුම් වුණු මේ වගේ වෙනසක් පවා වේදිකාවට අරන් එන්න පුළුවන් වීම අතුලගේ දක්ෂකම'

ඊට පස්සෙ මේ ටෙලි සීරිස් එක වේදිකාවට එනවා' අතුල පෝස්ටරය පවා ඩිසයින් කරන්නෙ මේ ඔරිජිනල් ස්ටේජ් ප්ලේ එකේ විදිහට' මේක තනිකරම පිරිමි නාට්‍යයක්' පිරිමි දොළහකගේ කතාවක්' සාක්කි දෙන්න ආපු ගෑණු චරිතයක් ගැන ඇරෙන්න කතාවෙ කොතනකවත් ගෑණු පුළුටක් නෑ' ඒත් නීතිය වගේ තාර්කික කාරණයක් හරහා කියාගෙන යන කතාවක පිරිමි විතරක් ඉන්න එක්ක කොච්චර ගැලපෙනවද@ ඒත් රෝස් මේ වේදිකා නාට්‍යයේ නිෂ්පාදන කීපයක් කරනවා' එයා එකපාරක් zටුවෙල් ඇන්ග්රි විමෙන්Z කියල ගැහැණු ජූරි සභිකයො දොළොස් දෙනෙක් එක්කත් මේ නාට්‍යය කරනවා' මට හිතෙන්නෙ ඒක වැරදීමක්'

57දි මේ කතාව සිඞ්නි ලූමේ අතින් චිත‍්‍රපටියකට එනවා' ඒ චිත‍්‍රපටිය මං බැලූවා' නාට්‍යයේදී අධිරංගයක් විදිහට එන හැ`ගීමක් ෆිල්ම් එකේ ක්ලෝස් අප් එකේදි සියුම් තාත්විකත්වයෙන් නිර්මාණය වෙන විදිහ විඳින්න මරු අත්දැකීමක්' 57 වගේ කාලෙක එකම සෙට් එකක් ඇතුලෙ" එකම නමක් වත් පාවිච්චි නොවී ^නම් දෙකක සුළු හුවමාරු වීමක් ඇරණම& ලූමේ කරන මේ ෆිල්ම් එක සිරා වැඩක්' අතුලගේ නිෂ්පාදනය මට දැණුනෙ ෆිල්ම් එකට ගොඩක් ළ`ගයි වගේ' දොළහක් වේදිකා නාට්‍යය බලපු හැමෝටම මං කියන්නෙ ටොරන්ට් එක ඩවුන් ලෝඞ් කරලා සිඞ්නි ලූමේ ගේ ෆිල්ම් එකත් බලන්න' ඊට පස්සෙ 97දි මේක ආයිමත් ෆිල්ම් එකකට එනවා' විලියම් ෆ්‍රෙඞ්කින් කරන ඒ වැඬේට 57 දි කරපු එකේ ළ`ගටවත් එන්න බැරි වෙනවා'

අතුල වේදිකාවට අරගෙන එන්නෙ මේ වගේ ලොකු ඉතිහාසයක් තියෙන වැඩක්' ඒ හින්දම වඩාත් පිරිමැදුණු කෘතියක් කරන්න  ඕන තරම් සම්පත් අතුලට තියෙනවා' මේ ප්‍රොඩක්ෂන් එක වුණත් අඩු වියදමකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි' අතුල ලංකාවෙ මේ මොහොතෙ කලාත්මක වෙළඳ අගයකින් පාවිච්චි කරන්න පුළුවන් ඔක්කොම ^තරු& මෙතනදි පාවිච්චි කරනවා' ඒක හොඳ වැඩක්'  ඕඩියන්ස් එකක් ගැන අදහස අතුලට තිබුණ එක අගය කරන්න  ඕන' ලංකාවෙ වේදිකාවට කෙළවුණෙම මේ අදහස නැති දාර්ශනික මනස්ගාතම වේදිකාවට ආපු එකෙන්' ඒ වගෙම ඉන්දික ෆර්ඩිනැන්ඩස් ගෙ" රාජිතගේ" දැන් අතුලගේ විදිහට ගොඩනැගෙන අලූත් වේදිකාවෙ ආයිමත් චරිත ගොඩක් හැසිරෙන්න ගන්න එකත් විශේෂයක්' වේදිකාව චරිත දෙකෙන් එක චරිතය දක්වා අඩුවෙලා ගිහින් වින්දනය කියන නාමයක් නැති තැනකට වැටිලයි හිටියෙ' දැන් ආයිමත් එකිනෙකට වෙනස් චරිත ගණනාවක විචිත‍්‍රත්වය වේදිකාවට එන්න පටන් අරං' ඒක සාධනීය ලකුණක්'

1954 ලියවෙන මේ කෘතිය 2012ටත් විඳින්න පුළුවන් එකක් වීම රෝස් ගේ පරිණතකම ගැන සාක්කියක්' නිශ්චිත කාල වකවානු" දේශපාලන හෝ දාර්ශනික රාමුවල හිර නොවී මේක නීතිය ^තර්කය& ඇතුලෙන් ජීවිතය ඇතුලට රිංගන්න කරන නිර්මාණාත්මක උත්සාහයක්' ඒක නිසාම කිසිම රටකටවත්" ජාතියකටවත් සීමා නැති ලොකු පාදරසයක් දක්වා පැතිරෙන්න zකේන්තිකාර පිරිමි දොළහටZ පුළුවන් වෙනවා' ඒ කොහොම වුණත් අතුලගේ පරිවර්තනය හෑල්ලූ කරන්න  බෑ' ඒක පරිවර්තනයකට වඩා අනුවර්තනයකට කිට්ටු වෙනවා' වේදිකාව උඩ පරාරෝපිත දෙයක් දිහා බලාගෙන ජරාජීර්ණ රසයක් විඳිනවා වෙනුවට අපිට ළ`ග දෙයක් එක්ක ළ`ග සංවාදයකට යන්න අතුල ඉඩ හදනවා' මං මේ නාට්‍ය පුරාම දකින සුවිශේෂීම නැත්නම් අතුලට අනන්‍යම දෙයක් වෙන්නෙ මේ සියුම් කම' ඒක එහේ හෝ මෙහේ කියන අන්ත දෙක අතර වෙනස් තැනක පිහිටන්නෙ' ඒක අලූත් ගණුදෙනුවක්' ලංකාවෙ ගොඩක් නාට්ටි විහින් පරිවර්තන තැනකට යන්න ට‍්‍රයි කරද්දි අතුල පරිවර්තනයක් අපේ තැනකට ගේන්න ට‍්‍රයි කරනවා'

අපේ කට්ටිය මේක ගන්නෙ ලංකාවෙ අධිකරණය ගැන කතාවක් වගේ හු`ගක් පටු තැනකින්' ඒත් දොළහක් කියන්නෙ දේශපාලනය ගැන කතාවක් නෙමෙයි' දේශපාලනයේ දේශපාලනය ගැන කතාවක්' මට අනුව 54දි රෙජිනෝල්ඞ් රෝස් zපර්වර්ට්Zනැත්නම් විකෘතිය කියන එක මේක ඇතුලෙ එලියට ගේනවා' ධර්මප‍්‍රිය ඩයස් නිරූපණය කරන තමන්ගේ පුතා මරණයට පත්කිරීමට වේදනාත්මක ආශාවකින් පෙළෙන පියා මට අනුව ඒ විකෘතියේ හොඳම ප‍්‍රකාශනය' වයසකම ජූරි සභිකයා සතු පැහැදිලි" සංයමයක් සහිත දැක්ම මේ වෙනස කපලා මතු කරනවා' මේක පුතා අතින් නොදැනුවත්ව හෝ අවිඥාණිකව පියා ඝාතනය වීමට එරෙහිව පියා විසින් දැනුවත්ව සවිඥාණකව පුතා මරා දැමීමට සැලසුම් කරන සමාජයක් ගැන යටි පෙළක්' ඒක ඇතුලෙ ක‍්‍රිකට්" කොටස් වෙළඳපොල" ඇඞ්වර්ටයිසින් වගේ ගොඩක් දේවල් එහා මෙහා මාරු වෙන්න පුළුවන්' ඒත් මේ හු`ගක් පැහැදිලියි වගේ පේන සැලසුම ප‍්‍රශ්න කරන කෙනෙක් ඉන්නවා' ඒ ප‍්‍රශ්න කිරීම බාරගන්නවත් පුළුවන් තරම් තැනක ඉන්නෙ ඒ වෙද්දි සීයාවරුන්ගේ වයසට ආපු ජූරි සභිකයා විතරයි' අනිත් අය තමන්ගේ පුද්ගලික අනාරක්‍ෂිතතා සහ ආශාවන් අතර තීරණ වලට එද්දි ඒ වයස්ගත සාමාජිකයා හු`ගක් දේවල් බලාගෙන ඉඳලා තියෙනවා' මට අනුව දොළහක් කියන්නෙ නීතිය කියන ස්ථාවරය පිටිපස්සෙ ඇති zපර්වර්ට්Z නැත්නම් විකෘතිය ගැන මනුස්ස සංවාදයක්' ඒක දැන් තියෙන දේශපාලනික රාමුවක් ඇතුලෙ නිශ්චිත කරන එකම ආයිමත් අර මැච් එක බලන්න යන්න බලන් ඉන්න ජූරි සභිකයා කොල්ලා නිවැරදියි කියන එකට එක`ග වීම වගේමයි' ඒක තේරුම් ගැනීම වෙනුවට රාමුවක් තෝරා ගැනීමක්'

රෝස් නාට්‍යය ඉවර කරන්නෙත් දොළහක් ඉවර වෙන්නෙත් එකම තැනකින්' ඒ තාත්තා පුතා ගැන ඇති තමන්ගේ වෛරය පිළිබඳ ආත්මීය පශ්චත්තාපයකට යන තැනින්' ඒක 54දි සෙට් වුණාට 2012 වෙන්ඞ්ට් එකේදි මට අවුලක් දැKqkd' ඒක හු`ගක් පරණ තැනක්' පෝය නාට්‍යයක අවසානයක් වගේ' මට අනුව මේ යතාර්ථවාදී අවසානය පහුවෙලා හු`ගක් කල්' මේ විපරීතය මෙබඳු වටහාගැනීමේ අවසානයක් කරා යයි කියන බලාපොරොත්තුව 54දි තියෙන්න පුළුවන් වුණාට මේ වෙද්දි ඒක එහෙම නෙමෙයි කියල ඔප්පු කරලා ඉවරයි' මේ අවසානයත් එක්ක නාට්‍යය ගොඩක් බැස්සා'

ඒ වගේම ඩබ් ජයසිරි  ඕඩියන්ස් එකේ විසිල් එකට තමන්ගෙ ටෙම්පො එක උස්පහත් කරන්න ගන්න එක හු`ගක් අවලස්සනට පෙණුන' ඒක නාට්‍යයේ රිද්මය අවුල් කරනවා' ගිහාන් ඩි චිකේරා මුඩුක්කුවෙන් ආපු කොල්ලගෙ චරිතයට කොයි විදිහෙකින්වත් සාධාරණයක් කරන්නෙ නෑ' ලක්ෂ්මන් මෙන්ඩිස් කල්පනා කරනවා වගේ වේදිකාව ඉස්සරහට ඇවිත් උඩ බලන් ඉද්දි එයා නිකංu ksx හිටගෙන ඉන්kjd විතරයි කියල නිතර පේනවා' මේ විදිහට සීරියස් විදිහට නිකං බලාගෙන ඉන්න එක අපේ නළුනිළියන්ට තියෙන සම්භාව්‍ය රෝගයක්' මේ වගේ බලා ඉඳීමකos පේ‍්‍රක්‍ෂකයාට දැනෙන්න  ඕන එයාගෙ ඇතුලෙ සිද්ද වෙන මානසික පෙරළිය' වේදිකාව ඉස්සරහ ලයිට් එකක් යටට එයාව f.aන්නෙ සාත්වික අභිනයන්ට පවා වැඩි ඉඩක් හදන්න' ඒත් ලක්ෂ්මන් මේකෙන් ප‍්‍රයෝජනයක් ගන්නෙ නෑ'

ඒ කොහොම වුණත් දොළහක් බලලා එලියට එද්දි මට දැණුනෙ පරිපූර්ණ හැ`ගීමක්' නිකම් විනෝදාස්වාදී නාට්‍යයක් බලලා එද්දි දැනෙන හිස්කම වෙනුවට T,qjg oefkk වින්දනයක් ^බ්රේන් *ක්& ඒ පැය දෙක පුරා අතුල අරගෙන ආවා' ඒ රසය ලංකාව ඇතුලෙ ගොඩ කාලයකට නොදැණුන රසයක්' මං දොළහට කැමති ලොකුම හේතුව ඒකයි' ඒක මොළේ කිතිකැවිලා එන ත‍්‍රිල් එකක්'

ඒ පරිපූර්ණ අත්දැකීමට අතුලට පහක් දාන්න  ඕනි'

-චින්තන ධර්මදාස


පරණ සබන් කෑල්ලට යන්න කියන්න.



 -ලාංකේය සිනමාවට අවුරුදු 65ක් පිරීම නිමිත්තෙන් -

ලංකාවේ සිනමාවට අවුරුදු 65ක් පිරිලා (මං දැනගත්තෙ පස්සෙ). ඒ වෙද්දි ජාතික චිත‍්‍රපට සංස්ථාවට අවුරුදු 40ක්ලූ. මහින්ද චින්තනය අනුව යමින් ලංකාවෙ සිනමාව නගා සිටුවන්නට චිත‍්‍රපටි සංස්ථාව ඇප කැප වෙනව කියලා එක එක තැන්වල කියනවා මං අහගෙන. මහින්ද චින්තනය අනුව ගිහින් සිනමාව කෙලින් කරන හැටියක් මට නං පේන්නෙ නෑ. අබා, මහින්දාගමනය, දැන් කුස පබා, ඉස්සරහට එන කටේ තියන්න බැරි ‘සුපර් සික්ස්’ වගේ චිත‍්‍රපටි දිහා බලද්දි මේ නගා සිටුවීමේ හැටි ටික ටික පේන්න ගන්නවා. මහින්ද චින්තනය අනුව චිත‍්‍රපටි කරන්න  ඕනෑ යයි කියන කතාව ආපු තැන ඉඳන් චිත‍්‍රපටි වලට කෙළවීම ඒකෙ ස්වභාවයක් විදිහට සහතික වුණා. මේ මගේ සඳයි, තනි තටුව වගේ චිත‍්‍රපටි හදපු හඳගම වි¥ හදන තැනට වැටුණ.

චිත‍්‍රපට සංස්ථාව ආරම්භ කරපු තැන ඉඳන්ම මේ වැරැද්ද සිද්ද වෙනවා. චිත‍්‍රපට සංස්ථාවක් ගැන ඔය කියන අරගලය එන්නෙ චිත‍්‍රපට වලට සම්බන්ධ තැනකින් නෙමෙයි. ඒ වෙනුවට සිංහල බහුතරයක් ඉන්න රටේ සිංහල චිත‍්‍රපටියට තැනක් නෑ වගේ පටු දේශපාලනික තැනකින්. මේක කර්මාන්තමය දැක්මක් ඇති ඉල්ලීමක් නෙමෙයි. පිටරටින් එන චිත‍්‍රපටි නරඹන පේ‍්‍රක්‍ෂාගාරයක් තියෙනවා නම් එතනට දේශපාලනිකව බලහත්කාරෙන් සිංහල චිත‍්‍රපටි ඇතුල් කරන එක මෝඩ වාමාංශික ක‍්‍රියා මාර්ගයක්. අද ගොඩක් අය ‘මාරයි’ කියන ඞීබී නිහාල්සිංහ එදා ගත්ත තීරණය මොළේ ඇති එකක් නෙමෙයි. කර්මාන්තමය සිතීමක් නැති නිසා ගත්ත පටු තීරණයක්. ඒක 56 සිංහල රාජ්‍ය භාෂාව කිරීම තරම්ම පටුයි. (එදා 77%ක්ම පෙන්නුවේ විදේශ චිත‍්‍රපටි. ඒකෙන් 66%ක් දෙමළ චිත‍්‍රපටි. ලංකාවෙ චිත‍්‍රපටි වලට තිබුණු ඉල්ලූම 23%ක් විතර)

ඒ අරගලය කරන්න ඒ කාලෙ ආණ්ඩුව වෙනුවෙන් ස්ටේජ් නැගපු කලාකාරයන්ගෙන් දැන් ඉතුරු වෙලා ඉන්නෙ (නොමැරී) රෝයිද සිල්වා විතරක් වුණ එකත් එක විදිහක ව්‍යාංගාර්තයක්. මේ සංවත්සරේ වෙනුවෙන් සනත් ගුණතිලක තරංගනී එකට  ඇවිත් චිත‍්‍රපටි සංස්ථාව වෙනුවෙන් එයා කරපු කැපකිරීම් ගැන හරි ආවේගයෙන් කතා කළා. තනියම සටන් කරලා තරංගනී හෝල් එක එයා අරන් දීපු හැටි ඔක්කොම කියලා අන්තිමට ගොඩක් වටින කතාවක් කිව්වා.
‘මං මැරුණට පස්සෙ මගේ මිනිය කලා භවනේ තියන්න එපා. ඒක මෙතන තියන්න’
කලා භවන වැඩක් ඇති කාලෙ ඒකෙ තිබුණෙ කලා කටයුතු වලට. ඒක වැඩක් නැති වුණාම ඒකෙ කලාකරුවන් කියන අයගෙ මිනී තියන්න පාවිච්චි කළා. දැන් චිත‍්‍රපටි සංස්ථාවත් ඒ විදිහට මිනී තියන්න පාවිච්චි කරන්න කාලෙ හරි කියලයි සනත් එදා කියනවා මට ඇහුණෙ. ඒක සහතික ඇත්ත.

චිත‍්‍රපටි සංස්ථාවක් මොකටද? කර්මාන්තයක් විදිහට සිනමාව ඉස්සරහට ගන්න වෙන වෙළඳ සමාගම් විසින් නොගන්නා වූ පියවර ගන්නයි මේ විදිහෙ සංස්ථාවක් අදට  ඕන වෙන්නෙ. ඒත් අපේ චිත‍්‍රපට සංස්ථාවෙ දැක්ම හරි පටුයි. ඒක එහෙම්පිටින්ම දේශපාලනීකරණය වෙලා ඉවරයි. ලියුම් අත්සන් කරන හම්පඩ රජයේ කාර්යාලයකට වඩා දෙයක් චිත‍්‍රපට සංස්ථාවෙන් වෙන්නෙ නෑ. (සමහර විට අනියම් ලාභ ඉපැයීමේ ක‍්‍රම තියෙනවා නම් ඇරුණම) ඒත් චිත‍්‍රපට සංස්ථාව ආශ්චර්යය කරා අපේ සිනමාව ගෙනියන්න කතා කරනවා.

අපි චිත‍්‍රපටියක් ගැන වැඩකට ළ`ගදි සංස්ථාවට ගියා (ලියුම් වැඩකට). එතනදි අපේ කලින් චිත‍්‍රපටිය (හව් අයි වොන්ඩර්) ගැන කතාවක් මතු වුණා.
‘කෝ කෝ ඒ චිත‍්‍රපටිය?’ සංස්ථාවෙ නිලධාරියා ඇහුව.
‘ඒක ප‍්‍රින්ට් කරන්න සල්ලි නෑ. ඒක හින්ද තැනින් තැන ගිහින් පෙන්නනවා’ අපි කිව්වා.
‘එහෙම කොහොමද? ඒක තහනම්’
‘අපිට රැු`ගුම් පාලක මණ්ඩලෙන් අසීමිත ප‍්‍රදර්ශනය සඳහා අවසර ලැබිලා තියෙනවා’
‘ඒක හරියන්නෙ නෑ. අපි ළ`ගට එන්න  ඕන. අපියි අවසර දෙන්නෙ. පණත ගැන දන්නෙ නැද්ද? රාජ සන්තක කරනවා චිත‍්‍රපටිය’

මේකයි චිත‍්‍රපටි සංස්ථාවෙ ඇත්ත. මේ විදිහටයි චිත‍්‍රපටි සංස්ථාව ආශ්චර්යය කරා අපේ සිනමාව අරගෙන යන්න හදන්නෙ.

මේ සංස්ථාවෙ ඵලදායිතාව කවුරුවත් තක්සේරු කරන්නෙ නෑ. ප‍්‍රායෝගික නැති න්‍යාය විතරක් උගන්නන පංති පවත්වන එකයි, ගම් වල ඉස්කෝලෙ ගානෙ ගිහින් අවුරුදු ගාණක් එකම වැඩමුළුව කරගෙන ය එකයි, ලියුම් කියුම් අත්සන් කරන එකයි ඇරුණම චිත‍්‍රපටි ගැන සංස්ථාවෙන් සිද්ද වෙන්නෙ මොනවද? ඉස්සර බලෙන් සිංහල චිත‍්‍රපටි පෙන්නන්න හරි පුළුවන් වුණාට මේ වෙද්දි සංස්ථාව කියන්නෙ සිනමාවට තියෙන බාධාවක්. මහින්ද චින්තනය වෙනුවෙන් චිත‍්‍රපටි කප්පාදු කිරීම පැවරෙන්නෙ සංස්ථාවට. එදා කතාව මැද්දෙ සංස්ථාවෙ නිලධාරියා අතින් වටිනා අදහසක් මතු වුණා.
‘ඔය වගේ චිත‍්‍රපටි හදන්න එපා (හව් අයි වොන්ඩර් වගේ). කාගෙ හරි සල්ලිනේ. ඔය විමුක්ති වගේ අය කරන්නෙත් ඔය වැඬේමයි. නිෂ්පාදකයෝ අමාරුවෙ’

තම තමන්ගේ දැන හැඳුනුම්කම් මත ලෝන් පාස් කර ගැනීමේ විදිහක් තිබුණට අලූතෙන් එන චිත‍්‍රපටකරුවන්ට සංස්ථාව කියන්නෙ තහනමක්. අක්ෂරය චිත‍්‍රපටියෙදි සංස්ථාව ක‍්‍රියාත්මක වුණේ සිනමාව වෙනුවෙන් නෙමෙයි. වාරණය වෙනුවෙන්. ඩිජිටල් තාක්‍ෂණය චිත‍්‍රපටි වලට එද්දි සංස්ථාව විරුද්ද වුණේ තමන් එක්ක ඉන්න පරණ කට්ටිය ආරක්ෂා කරන්න හිතාගෙන. ඒත් තාක්ෂණය ආවා. චිත‍්‍රපටි සංස්ථාවත් ඩිජිටල් වලට එකතු වෙන්න තීරණය කළා. ඒත් ඒ ඔලූ තාම ඇනලොග්.

මේ වෙද්දි එලියෙ සිද්ද වෙන සිනමාව ගැන චිත‍්‍රපටි සංස්ථාවෙ දැනීම බිංදුවයි. වෙන රටවල සිනමා ප‍්‍රවණතා ගැන විතරක් නෙමෙයි ලංකාවෙ මේ වෙද්දි මාක් 5ඞී වලින් කෙරෙන චිත‍්‍රපටි ගැනවත් සංස්ථාව දන්නෙ නෑ. අලූත් ප‍්‍රවණතා වලට උදව් වෙනවා වෙනුවට සංස්ථාව පටන් ගත්ත කෙටි චිත‍්‍රපට උළෙලත් පන්සල් නාට්‍ය මට්ටමට ගෙනාවා. 2005දි මේ කෙටි චිත‍්‍රපට උළෙල පටන් ගත්තෙ අහම්බෙන් අශෝක හඳගම එතන හිටපු හින්ද. ඒක කෙටි චිත‍්‍රපට උළෙලක් නෙමෙයි සැණකෙලියක් විදිහටයි අඳුන්නලා දුන්නෙ. ඒ වාණිජමය තැනකට පොඩි තල්ලූවක් ගන්න. තැන් තැන්වල කූඩාරම් වල බර්ගර් කකා චිත‍්‍රපටි බලන්න පුළුවන් දවස් කීපයක් ඒ අවුරුද්දෙ ගතවුණා. ඒත් දේශපාලනික අරමුණු වලට පටන් ගත්ත චිත‍්‍රපටි සංස්ථාවට වාණිජ ලෝකය ගැන අදහසක් නෑ. ඒ ගොල්ලො ඊළ`ග අවුරුද්දෙ ඉඳන් බල්ලෙකුට කටේ තියන්න බැරි චිත‍්‍රපටි වෙනුවෙන් සංස්කෘතික සම්මාන දෙන්න පටන් ගත්තා.

”ලංකාවෙ සිනමාව ඇත්තටම වැටිලා. ඇත්තටම කිව්වෙ මං හිතන් හිටිය පුංචි හරි පණත් සිනමාවෙ මහගෙදරදී ඇස් පනා පිටම මිය ගිය නිසා. 2011 වසර ලංකාවෙ කෙටි චිත‍්‍රපටකරුවන්ට හු`ගක් වැදගත් අවුරුද්දක් වුණා. හරිහමන් කතිකාවක් නොතිබුණු මාධ්‍යයකට යම් කතිකාවක් ඇතිවුණු අවුරුද්දක්. ඒත් ඒකෙ කෙලවර නම් ඛේදනීයයි. කෙටි චිත‍්‍රපටියක් කියන්නෙ මොකක්ද කියලා නිර්වචන නැති වගේම ලංකාවෙ කෙටි චිත‍්‍රපටියකටත් මොකක්වත් නෑ කියල දෙසැම්බර් 29 හොඳටම තේරුණා. ...
චිත‍්‍රපට උළෙලක් තුල නිශ්චිත තේමාවක්, කාලයක් තිබීම අවශ්‍යය. ඒත් රටක ප‍්‍රධානතම සිනමා උළෙලක් ලෙස ක‍්‍රියාත්මක වීමේදී එලෙස නිර්ණායක ගෙන ඒම තුලින් සිනමාවේ අනාගතයට අංකුර යැයි කියන නිර්මාණකරුවන් බිහිවේද? මෙවැනි ගොන් පාට් වලට හරියන ගොන්පාට් වලින්ම එතන වර්ණවත් වුණා. ආරම්භයේදී ‘ටෙක්’ යනවා වගේ කළු සුදු ඇඳගත් අංකුරයන් ඒමේදී අවසානය ගැන හු`ගක් පැහැදිලි වෙන්න ගත්තා. ජාත්‍යන්තර සිනමාව ජයගත් ලාංකේය ළමා සිනමාකරුවා ප‍්‍රධාන විනිශ්චයකරුවෙක් වීම තුල සිනමා උළෙලම මොන්ටිසෝරියක් ”
- නලින් යාපා (2011 චිත‍්‍රපට සංස්ථාවේ කෙටි චිත‍්‍රපට උළෙල ගැන)

චිත‍්‍රපටි සංස්ථාව කියන සංකල්පය දැන් පරණ වැඩියි. ඒක දේශපාලනයක් සහිත ආයතනයක් නිසාම කොහොමවත් කර්මාන්තමය දියුණුවකට වැඩක් ගන්න අමාරුයි. අපිට කල්පනා කරන්න වෙලා තියෙන්නෙ එකපාරට අහෝසි කරන්න බැරි නම් අඩු ගානෙ සංස්ථාව බාධාවක් නොවී තියාගන්නෙ කොහොමද කියන එක. අලූත් අදහස් වලට ඉඩක් දෙන්න, අලූත් සිනමාවක් බාර ගන්න සංස්ථාව දැන් නාකියි. ඩිජිටල් යුගය දක්වා ලාංකේය චිත‍්‍රපටි අරගෙන යන්න දැන් සංස්ථාවෙ ඉන්න සභාපතිවරයා අශෝක සේරසිංහ. ”අපිට  ඕනෙ සිකුරු හතේ වගේ චිත‍්‍රපටි” සේරසිංහ දවසක් කතාවක් මැද්දෙදි මට කිව්වා.
”එදා හිටියෙ නිහාල්සිංහ, අද ඉන්නෙ සේරසිංහ. දෙන්නම සිංහයෝ” සනත් එයාගෙ කතවෙදි කිව්වා. වෙන තේරුමකින් වුණත් මේ තරං ඇත්තක් කියවුණේ කොහොමද කියල මං දන්නෙ නෑ. මේ දෙන්නටම සිනමාව ගැන තියෙන්නෙ මතවාද. ඒ මතවාද ඇතුලෙ සිනමාටම වුණත් විරුද්ධව යන්න ඒ ගොල්ලොන්ට පුළුවන්. ඒත් සිනමාව කියන්නෙ මතවාදයක් නෙමෙයි.
ඒත් ඉතිහාසය නැවත නැවත එකම විදිහට සිද්ද වෙනවා. එදා සිරිමාවෝ ආණ්ඩුවට කඬේ ගිහින් චිත‍්‍රපටි සංස්ථාව අටවපු විදිහ ගැන මෙදා ආණ්ඩුවට කඬේ යන සංස්ථාවේ ලොක්කො (එදත් සිරිමා ආණ්ඩුව පත්කරන්නට කලාකාරයන් කියල ස්ටේජ් නගින කට්ටිය සහ මෙදා පොදු පෙරමුණ පත් කරන්නට කලාකාරයො කියල ස්ටේජ් නගින කට්ටිය* ආඩම්බර වෙනවා.
ඒකට කමක් නෑ.
සිනමාවට සුබ උපන් දිනයක්.
සංස්ථාවට ‘සුබ අනාගතයක්’

-චින්තන ධර්මදාස

පුංචි ළමයින්ගෙ පුංචි රට


නායකයෙකු විශිෂ්ටයෙකු වන්නේ ඔහු සිටින බවක් වත් ජනතාව නොදන්නේ නම්ය' ඔහු ඔහුගේ අරමුණ සාක්ෂාත් කර ගත් විට ජනතාව ඔවුන් විසින් ඒ කළ බව කියනු ඇත'
-ලා ඕසු

ඇමරිකාවෙ හමුදා සොල්දාදුවො ටිකක් මරා දැමූ තලෙයිබාන් සටන්කාමියෙකුගෙ ඇ`ගට චූ කරන වීඩියෝ එකක් ඉන්ටර්නෙට් එකේ රිලීස් වුණා. ඇමරිකාව ඒ ගැන ප‍්‍රකාශයක් කළා'
‘‘zඅපි මේ සිද්ධිය තරයේ හෙළා දකිනවා' අදාල අයට විරුද්ධව වහාම නීතිය ක‍්‍රියාත්මක කරනවා' ඇමරිකාව කිව්වාZ මේක අපේ රටේ තත්වෙට වඩා කොයිතරං වෙනස්ද@ රාජ්‍ය තාන්ත‍්‍රිකත්වය සහ දේශපාලනය කියන විෂයේ පරිණත බව ගැන ඇත්තක් මේකෙන් එලියට එනවා' අපේ රටේ පාලකයො පාරෙ යන ප‍්‍රයිවට් බස්කාරයෙකුට වඩා දෙවෙනි නෑ' ප‍්‍රයිවට් බස්වල ඩ‍්‍රයිවර් ලා තමන් බස් එකක් එළවනවා කියලා දන්නෙ නෑ' ඒ බස් එක තමයි ඒ ගොල්ලන්ගෙ ඇ`ග' පොඩි එවුන් සෙල්ලමට කෝටු කෑල්ලෙන් වාහන එලවන්නෙත් ඒ විදිහට' අපේ රටේ දේශපාලනය කරන්නෙත් ඒ විදිහට'
විපක්ෂ නායකයා තමන්ව මරන්න ආවා කියලා තමන්ගෙම පක්ෂෙ අයට විරුද්ධව මාධ්‍ය වල කෑ ගහනවා' ආණ්ඩුවෙන් ආරක්‍ෂාව ඉල්ලනවා' ගල් උස්සගෙන ස්ටේජ් වල නගිනවා' මේ වෙන කවුරුවත් නෙමෙයි' අපේ රටේ විපක්ෂ නායක' විපක්ෂ නායකට තමන්ගෙ පක්ෂය ගැන විතරක් නෙමෙයි සමස්ත විපක්ෂය ගැනම වගකීමක් තියෙනවා' අපේ විපක්ෂ නායක විපක්ෂෙටම විරුද්ධව තමන්ගෙ දේශපාලනය කරනවා' එයා බලයට ආපු ගමන් මේ ඉසෙඞ්ස්කෝ එක අහෝසි කරනවා කියලා වටිනා ප‍්‍රකාශයක් කරලා තිබුණ' zඉසෙඞ්ස්කෝ එක නෙමෙයි ඔයාව අහෝසි කරන ක‍්‍රමයක් අපි හොයන්නෙZ කියල ඒකට වටිනා කමෙන්ට් එකකුත් එෆ්බී එකේ දාලා තිබුණ' මේ වගේ කතා ලියලා දෙන උපදේශකයන්ගෙ ඔලූ ගැන නම් හිතාගන්න බෑ' දේශපාලනයේ විතරක් නෙමෙයි රට පුරාම තියෙන මේ ළදරුකම තේරුම්ගන්න බැරි අවුලක්'

ටියුනීසියාව ලිබියාව වගේ ලංකාවෙ ආණ්ඩුව පෙරලන්නත් කුමන්ත‍්‍රණ තියෙනවා කියලා ආරක්‍ෂක ලේකම් ටීවී කියනවා මං අහගෙන' ඒ කතාව යටින් මට තේරුණෙ වෙන කතාවක්' මේ තරං පාරවල් හදනවා නං, නගර හදනවා නං වෙන මොනවද ආණ්ඩුවකින්  ඕන@ මේක තමයි ආණ්ඩුවට දේශපාලනය තේරෙන විදිහ' පාරවල්" වරායවල් වලට එහායින් ජනතාවට  ඕන කරන සමාජ දේශපාලන අවකාශයක් ගැන තේරුම් ගන්න ආණ්ඩුව පරිණත මදි' ඒ විදිහට පාලනය දේශපාලනයෙන් අදේශපාලනික ග‍්‍රාම්‍ය තැනකට යද්දි සමස්තයක් විදිහට සමාජයම කඩාගෙන වැටෙනවා' ඒක බුද්ධි පරිහාණියක්' ආයිමත් රටට දේශපාලනික" වඩා විවෘත සංස්කෘතික පුහුණුවක් දෙන්න දශක ගාණක් ගතවේවි'

‘zඇමරිකාවත් මේ වගේම තමයි' යටින් ඔක්කොම මගඩි කරනවාZ මගේ යාලූවෙක් පට්ට ගහපු කතාවක් ආයිමත් කිව්වා' ඒක ඇත්ත' පාරිශුද්ධ ඇමරිකාවක් ගැන මං කතා කරනවා නෙමෙයි' රටක්" රාජ්‍ය තන්ත‍්‍රයක් හා සමාජයක් විදිහට ඒ රට නිල වශයෙන් ලෝකෙට ප‍්‍රකාශ කරන්නෙ මොකක්ද කියන එකයි ගැටළුව' අපි අපේ ප‍්‍රතිරූපය නිර්මාණය කරමින් ඉන්නෙ කොහොමද කියන එකයි අවුල' දේශපාලනය කියන්නෙ ඇත්තක් නෙමෙයි' ඒක ඇත්ත ප‍්‍රතිනිර්මාණය කිරීම ගැන විෂයක් වගේම පුහුණුවක්' ප‍්‍රයිවට් බස් එළවනවට වඩා ඒක වෙනස්'

මේ අදේශපාලනික හිස්තැන සමාජීය ගණුදෙනු සීමා කරනවා' මිනිස්සු තනි කරනවා' සංවාද අහෝසි කරනවා' අවසාන වශයෙන් මරණය මුණ ගස්සනවා' බුඩිස්ට් වගේ නාළිකා ජනප‍්‍රිය වෙන්නෙත්" රේඩියෝ වල පිරිත් වැඩිම රේටින් ගන්නෙත් මේ මානසික අවපාතය ඇතුලෙ' ඒක හැදියාව හෝ සංස්කෘතික පුනරුදයක් විදිහට ගන්නවට වඩා ආණ්ඩුවක් මේ කඩා වැටීම, ඉච්ඡd භංගත්වය සීරියස් විදිහට දකින්න  ඕන' නැත්නම් සමාජ විද්‍යාඥයන් හෝ වෙනයම් පිරිසක් මේ කතිකාව ගේන්න  ඕන' සමාජයක මිනිස්සු ජීවිතය වෙනුවට මරණය ගැන හිතනවා කියන්නෙ ඒ සමාජයේ සංවර්ධනය ඉවරයි' 
හැම බුදුවරයෙක්ම පහළවෙන්නෙ එක සරල හේතුවක් හින්ද' ඒ මරණයට තියෙන බය' නිවන සහ අනික් හැම මනක්කල්පිතයක්ම ගොඩනැගෙන්නෙ මේ භීතිය ඇතුලෙ' විමුක්තිය කියන්නෙ මරණයෙන් ගැලවීම මිසක් ජීවිතය කියන එක නෙමෙයි' හැම බුදුවරයෙක්ම ජීවිතයට විරුද්ධයි' ස්වභාවිකත්වයට විරුද්ධයි' ලිංගික ජීවිතය ndr .kak nE' ඕෂෝ වගේ පසු-නූතන බුදුවරුන් ඇරුණම හැම පරණ බුදුවරයෙක්ම ජීවිතයෙන් පලා යනවා' කෙනෙක් තමන්ගෙ පුද්ගලික විමුක්ති මාර්ගයක් විදිහට මේ පලායාම තෝරා ගැනීම අවුලක් නෙමෙයි' ඒත් සමාජය විදිහට මේ පලායාම තෝරා ගත්තොත් ඒ සමාජයේ සියල්ල ඇණහිටිනවා' සමාජීය අර්ථයකින් ආධ්‍යාත්මික දේවල් ප‍්‍රචාරය කිරීම ඒ ආධ්‍යාත්මික අර්ථයටත් සමාජයටත් දෙකටම හානියක්' උදාහරණයක් විදිහට දොරමඩලාව වගේ බහුබූත වැඩසටහන් නිසා අපේ සාමාන්‍ය වයසක උපාසක අම්මලාත් දැන් කතා බහ කරන්නෙ සූත‍්‍ර පිටකයේ කරුණු' හාමුදුරුවරු ටීවී එකට  ඇවිත් මේ සූත‍්‍ර මාර්කට් කරනවා' ඒත් සූත‍්‍ර පිටකය ගිහියන්ට අදාල එකක් නෙමෙයි' ඒක සංඝයාගේ පරිහරණයට තියෙන එකක්' සංඝයා ඇවිත් ඒක ටීවී එක ඉස්සරහ වැඳගෙන ඉන්න උපාසක අම්මට කියනවා' මැරිලා දිව්‍ය ලෝකෙ යයිද කියල විතරක් දැනගන්න  ඕන වෙලා හිටිය ඒ උපාසකම්මා අන්දොස් වෙනවා'

මේ ළ`ගදි බුද්ධදාස විතානාච්චි ස්වර්ණවාහිනියට ආවා' එයාට අනුව ලංකාවෙ සුබ උදෑසනක්" සුබ රාත‍්‍රියක් කියන එක අවුලක් ලූ' අපි ආයිබෝවන් කියලා කියන්න  ඕන ලූ' එයා රූපවාහිනියෙ කරපු ඒ හඳුන්වාදීම අනුගමනය කරලා දැන් අනිත් නාලිකා වලත් ආයුබෝවන් කියනවා කියලා එයා කිව්වෙ හරි ආඩම්බරෙන්' zමේ තරං පුංචි ජීවිත ගත කරන මිනිස්සුZකියලා මට හිතුණ' රටක සංස්කෘතියකට zසුබ රාත‍්‍රියක්Z වගේ දෙයක් ඇතුලත් වීම පවා ඒ අයට අපේ සංස්කෘතිය මගහැරීමක්' සංස්කෘතිය කියන එකත් ඒ අයගේ ජීවිත තරම්ම පුංචියි කියල විශ්වාස කරද්දි ඒ ගැන සැකයක් ඇති නොවීම සාමාන්‍යයි' ඒත් දකින දකින හැම වෙලාවකම අයුබෝවන් කියන එක අපේ සංස්කෘතියෙ ලකුණක් කියනවා නම් ඒක ඇතිවුණේ කාලය ගැන වැටහීමක් නැතුව ඔහේ ජීවිතේ ගතවීමත් එක්ක' කෘෂිකර්මය වගේ කම්මැලි වෘත්තීන් එක්ක පරිණාමය වුණු සමාජයක දවසේ වෙන වෙන ඞීටේල් ^විස්තර& එක්ක විඳීමක් නෑ' ඒක ඒකාකාරී me;,s තැටියක් වගේ ජීවිතයක්' යුරෝපයේ සමාජීය දියුණුවත් එක්ක ඒ අය දවසෙ පැයෙන් පැය වෙනස්කම් දැක්කා' පැයෙන් පැයට අලූත් වෙන විධි හොයා ගත්තා' ඒත් බුද්ධදාස කැමති තාම ආයුබෝවන් කියන එක වචනෙ මිනිහෙක් වෙලා ඉන්න' ඒක අවුලක් නෑ' ඒත් ඒ වගේ පුංචි කොටුවක් ඇතුලෙ ඉන්න කෙනෙක්ට ලොකු ආයතනයක් වගේ බාර දුන්නොතa''' අන්න අර පුංචිකම සමාජයට අර්බුදයක් ගේනවා'

මේ පුංචිකම ඇතුලෙ ගොඩක් අවුල් සිද්ද වෙනවා' එකපාරක් එස්බී යි එයාගෙ ලේකම්තුමයි උසස්පෙළ ප‍්‍රතිඵල .ek l;djla මැද්දෙ වාද කරගන්නවා වහ දීලා මැරුවෙ ගැලීලියෝද සොක‍්‍රටීස්ද කියල' ඒ අස්සෙ අධ්‍යාපන ඇමති කියනවා ඉසෙඞ් ස්කෝ එක එයාට තේරෙන්නෙත් නෑ කියල' මේ පුංචිකම ඇතුලෙ රටේ ජනතාවගේ පරමාදර්ශ කඩාගෙන වැටෙනවා' බලාපොරොත්තු රහිත නන්නත්තාරකමක් සමාජයේ පැතිරෙන්න පටන් ගන්නවා' හමුදා සොල්දාදුවො පොඩි ප‍්‍රශ්න වලට පවුල් පිටින් මිනිස්සු මරන්න ගන්නවා' හෝටල් වල ප‍්‍රසිද්ධියේ විදේශික කාන්තාවො ¥ෂණය වෙනවා' ඒත් බණ කියන අය සහ බණ අහන අය එන්න එන්නම වැඩිවෙනවා' මේ පැල්ම" මේ හිස්කම" දේශපාලනික හිස්කමක් කියන එකයි මගේ අදහස' සමාජයක් විදිහට සංවිධානය වෙන්න" ගණුදෙනු කරන්න සහ පවතින්න නිසි දේශපාලනික රාමුවක් නැති වුණාම සමාජ මානසික අවපීඩනයක් ඇතිවෙන්න ගන්නවා' පාරවල් හැදුවට" නගර සංවර්දනය කළාට විසඳෙන්නෙ නැති ආණ්ඩුවට නොතේරෙන අවුල තියෙන්නෙ මෙතන' රටට වහාම ප‍්‍රමිතියක් ඇති දේශපාලනයක් අවශ්‍යයි' ආණ්ඩුව වගේම විපක්ෂයත් මේ කාරණය අත්ඇරලා නන්නත්තාර දේශපාලනය තෝරගෙන' හැම අවුලක් මැද්දෙම මොනතරං සීමිත මතවාද ඇතුලෙ වුණත් නිශ්චිත දේශපාලන ප‍්‍රමිතියක් ආරක්‍ෂා කළේ ලංකාවෙ ජේවීපී එක විතරයි' ග‍්‍රාමීය මූලයන් එක්ක වැඩුණත් මේ මොහොතේ නාගරික පක්ෂ හැම එකකටම ඉහලින් සමාජය වෙනුවෙන් මේ රාමුව ආරක්‍ෂා කරන්න ජවිපෙ කැපවීම ඇත්තට අගය කරන්න  ඕන' ඒ වගේම ඒක දේශපාලනික සවිඥාණයක් සහිතව කිරීම ඒ පක්ෂයේ පරිණතබව දක්වන්නක්' මං ජේවීපී මතවාද වලට සෙට් වෙන කෙනෙක් නෙමෙයි' ඒත් මේ මොහොතෙ රටක්ම විදිහට ගිලීගෙන යන මේ ගොහොරුවේ ජවිපෙ තවමත් බුද්ධිමය සහ න්‍යායික රාමුවක් වෙනුවෙන් කරන්නෙ අමාරු වැඩක්'

රටේ අදේශපාලනික ^නන්නත්තාරබව& එක්ක සංස්කෘතික දේශපාලනයත් ඉවර වුණා' දැන් අපි චිත‍්‍රපටි කියලා බලන්නෙ ළමා චිත‍්‍රපටි' ටීවී එකේ නම් මෙගා' සිංහල චිත‍්‍රපටි කියල හෝල් වලට එන්නෙ zතෑන්ක් යූ බර්ටිZ වගේ මන්දබුද්දික බයිස්කෝප්' නැත්තං සෙල්වම් සිංහල චිත‍්‍රපටිය වගේ කොමඩි' පොත්පත් ගැන" අලූත් අදහස් ගැන සංස්කෘතික කතිකා දැන් සිද්ද වෙන්නෙ බාර් එකක එක්කෙනෙක් දෙන්නෙක් අතර විතරයි' ඒකත් වෙරි හිඳෙන කොට මතක නෑ' 
ෆේස් බුක් එක අපේ රටේ සංස්කෘතික අවදි වීමක් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් කියල හිතෙන එක මුළාවක්' ෆේස් බුක් හරහා අදහස්, සංවාද ඇතිවෙන්න තරම් තාම අපේ රටේ සමාජ මනස වැඩිලා නෑ' තාක්ෂණයක් ආවට ඒ තාක්‍ෂණය එක්ක සීරියස් ගණුදෙනුවකට යන්න කාලයක් ගතවෙනවා' ඒ තරං කල් මේ මරණයත් එක්ක ජිවත් වෙන්න බෑ'

මොකක් හරි සිද්ද වෙන්න  ඕන' වැඩිහිටියන් වෙනුවෙන් වූ සංස්කෘතික කතිකාවක් පටන් ගන්න  ඕන' ඉර නැගෙද්දි අපි ඇහැරිලා හිටියොත් අපිට කලින් වැඩ පටන් ගන්න පුළුවන්'

-චින්තන ධර්මදාස