Saturday, October 13, 2012

කරුමක්කාර ජීවිතේ විඳින්න ශෘංගාර රිදී නිම්නයේ වැතිරෙන්න


කාලෙකට පස්සෙ ආපහු තිස්ස අබේසේකරගෙ කරුමක්කාරයෝ ෆිල්ම් එක බැලූවා. 1980 මුල කරපු ඒක තිස්සගෙ පළවෙනි අධ්‍යක්‍ෂණය. එතකොට මට අවුරුදු හතරක් විතර. ඒ වෙද්දි එයා වැලිකතර පිටපතත් ලියලා. මට අනුව ලංකාවෙ කෙරිච්ච හොඳම චිත‍්‍රපටිය වැලිකතර. ඒක අධ්‍යක්‍ෂණය කරන්නෙ ඞීබී නිහාල්සිංහ. තිස්ස අබේසේකර කියන්නෙ ලංකාවෙ බිහිවුණු හොඳම තිර රචකයා. ඒකෙ කතා දෙකක් නෑ. ඒත් මං තිස්ස අබේසේකර කියන චරිතෙ අඳුරගන්න කාලෙ තිස්ස නෙමෙයි. මට හයක් හතරක් නොතේරෙන කාලෙ තිස්ස. කරුමක්කාරයො චිත‍්‍රපටිය ඇතුලෙ එයාගෙ පේන අවංකත්වය සහ නිදහස මාව පුදුම කළා. ඒක 53 ගුණදාස අමරසේකර ලියපු කතාවක්. මං අඳුරගන්න කාලෙදි අමරස්කර එයාගෙ ‘යලි උපන්නෙමි’ අත්වැරැුද්දක් කියලා සිංහල ජාතිකත්වයක් කියන බෙලි කටුවක් ඇතුලෙ හිරවෙච්ච පුංචි ගුල්ලෙක්. ඞීබී නිහාල්සිංහ හිතාගන්න බැරි තරම් පටු විදිහට ලංකාවෙ සිනමාවෙ අවුල ලිහන්න හදන පොඩිහිටියෙක්. තිස්ස අබේසේකර ලොකු දුව වගේ කටේ තියන්න බැරි පිටපත් ලියන, දේශපාලනීකරණය වුණු, බංකොලොත් චිත‍්‍රපටි සංස්තාවෙ අබාපති චරිතයක්. මට මුණගැහුනෙ මැරිච්ච මිනිස්සු. කරුමක්කාරයො බලද්දි මට හිතුනෙ එහෙම. එදා තිස්ස ඒ චිත‍්‍රපටියෙ කරන ටිකවත් කරන්න අද අපේ අලූත් එවුන්ට බෑ. ණයට ගත්ත සම්භාව්‍ය හතර මායිමක අපි කුලියට ගත්ත අදහස් එහා මෙහා කරනවා. ඒත් කරුමක්කාරයෝ කියන්නෙ වැඩක්.
ෆිල්ම් එක පටන් ගන්නෙ පත වයිඞ් ෂොට් එකක. ගල් තලාවක් දිගේ විජේ කුමාරණතුංග හාමුදුරු කෙනෙක් ළ`ගට යනවා. ‘ආපෝ.....’ මට මුලින්ම හිතුණෙ එහෙම.

ඒත් ඊට පස්සෙ මුළු ෆිල්ම් එකේම හැ`ගීම වෙනස් වෙනවා. මිඞ් (මධ්‍ය රූප) සහ ක්ලෝස් අප් (සමීප රූප) ඇරුණම ආයිමත් දුර රූපයක් අපි දකින්නෙ අන්තිමට. ඒ මුල දැකපු රූපෙ අවස්ථා සම්බන්දෙ. ජීවිතේ හු`ගක් ළ`ගින්, එහා මෙහා දුර නොපෙනෙන තරම් ළ`ගින් අබේසේකර අල්ලන්නෙ. ඒ හින්ද ටිකක් වත් එහායින් තියෙන දෙයක් පේන්නෙ නෑ. ඒක තනිකරම වල්මත් ගමනක්. චිත‍්‍රපටියක රූපමය ආකෘතියකින් කතාවට ඒ තරම් ප‍්‍රබල අර්ථයක් දෙනවා ලංකාවෙ මං දැක්ක පළවෙනි වතාව. දැන් අපි හැමෝගෙම ස්ටයිල් එක පුළුවන් තරම් දුරට වෙලා බලන් ඉන්න එක. අපි ඉපදිච්ච හැදිච්චි වැඩිච්ච ජීවිතේ දිහා අපි අපේ සිනමාව ඇතුලෙ බලන්නෙ ගව් ගාණක් දුර ඉඳන්. ඒක තමයි ආධ්‍යාත්මික සහ සම්මානනීය රූප රාමුව. ඩෙනිස්ගෙ ’ත‍්‍රීවීල් ඩයරීස්’ දෙබසක් මතක් වෙනවා මට.

‘මචං තනි ගහයි ගේයි. අවෝර්ඞ් දිනන ෂොට් එකක් මචං’

අබේසේකරගෙ චිත‍්‍රපටිය බලද්දි මට මතක් වුනා තවත් චිත‍්‍රපටි දෙකක්. එකක් සර්ජි ලියෝන්ගෙ ’වන්ස් අපොන් අ ටයිම් ඉන් වෙස්ට්’. ගමට නගරෙන් කෙල්ලෙක් බැඳලා එන මිනිහෙක් ගැන කතාවක් ඒක. ඒ මිනිහට අයිති වත්ත අයිනෙන් රේල් පාර වැටෙනවා. ඒක හින්ද ගමේ චණ්ඩි මේ ඉඩම ගන්න පොර කනවා. ඒ අතරෙ මේ නගරෙන් ආපු ගෑණිගෙ සරාගිකත්වය ඉස්සරහ දණින් වැටෙනවා. කරුමක්කාරයො සංදර්භයත් මේකට හු`ගක් ළ`ගයි. දෙවෙනි ලෝක යුද්දෙට පස්සෙ සල්ලි ටිකක් හොයාගෙන ගමට එන ලොකු අයියා. ර`ගපාගන්න බැරි විජේ තමයි පොඩි මල්ලි. ඒකටත් එක්ක උපාලි අත්තනායක ර`ගපානවා තිතට. බැඳලා එන අක්කා තමයි ගමට එන ලිංගිකමය අවුල. ඒකෙන් පවුලෙ තාත්තා පුතා සම්බන්දෙ පවා අවුල් වෙනවා.
මෙතනදි තිස්ස ගීතාව ශෘංගාරකරණය කරන හැටි විශිෂ්ටයි. අමරසේකර ගමේ ඉඳන් ගම පැත්තෙන් ලියපු කතාව තිස්ස අල්ලන්නෙ නගරෙ පැත්තෙ ඉඳන්. නාගරික ඇහැකින්. ඒක මට වැඩ කරනවා වැඩියි. තිස්ස ගීතාව හැමතිස්සෙම තියන්නෙ විජේගෙ ඇ`ග උඩින්. විජේ නෙමෙයි උඩ ඉන්නෙ. එක පැත්තකින් ඒක ඒ නාගරික ගැහැණියගෙ ලිංගික ආධිපත්‍යය. ඒ චරිතය ගමට එනකොටමත් ගමේ එයා ගැන කතා පැතිරිලා ඉවරයි. සිදාදියෙන් ආපු සංකර බඞ්ඩ..

ඒ වෙනකං ගමේ කෙල්ලෙකුට කෙකර ගගා හිටපු විජේට ඒ කෙල්ලව පේන්නෙ වත් නැතුව යනවා. කන්‍යාභාවය පරිස්සං කරගෙන එයා යෝජනාවකින් කසාද බඳිනවා. විජේගෙයි මේ නෑනාගෙයි ආසාවන් ලිහෙන්නෙ කතරගමදි. ඒක අමරසේකරට ඒ කාලෙ ඉඳන්ම තිබ්බ ෆැන්ටසියක්. කතරගම කාවඩි සද්දෙට අමසේකරගෙ මස නලියනවා. කතරගම කවි පංතියට වඩා සිරා තැනක එයා කරුමක්කාරයෝ ඇතුලෙ කතරගම පිහිටුවනවා. ඒ ආවේශය-ප‍්‍රලය වීම ඇතුලෙ කරුමක්කාර ශෘංගාරය නිදහස් වෙනවා. මුලූ ෆිල්ම් එකම ගීතාගෙ ශෘංගාරයෙන් පෙ`ගිලා. තිස්ස පට්ට පිරිමියෙක් විදිහට ගීතා දිහා බලාගෙන ඉන්නවා. එතනදි මට සරජි ලියෝන් ගැහැණිය කියන විෂයෙදි තිස්සට වඩා ගොඩක් ඉස්සරහින් කියල හිතුණ.
සර්ජි ලියෝන් පට්ට පිරිමි වයිල්ඞ් වෙස්ට් කතාවක් කිව්වත් කතාව අන්තිම වෙද්දි මුහුදක් වගේ ස්ත‍්‍රීත්වයක් ඇතුලට ගිලෙනවා. තිස්ස උපරිම උත්සාහ කරනවා ඉපදෙන්න හිටපු දරුවා මැරෙන තැනදි ගීතාගෙ චරිතය විශාල කර ගන්න. ඒත් ඒකත් පොඩි පිරිමිකමක් ඇතුළෙම ගබ්සා වෙනවා. තිස්සට ගෑණු තේරෙන්නෙ නෑ....මට හිතුණ.

කරුමක්කාරයෝ එක්ක මට මතක් වුණු අනිත් ෆිල්ම් එක ‘බොර දිය පොකුණ’. ඒකත් ලංකාවෙ චූල වංස කතාවක්. ඒත් සත්‍යජිත් මාඉටිපේ ගැහැණිය ගැන තිස්සට වඩා ගොඩක් දන්නවා. ජීවිතේ ගැන සත්‍යජිත්ගෙ තේරුම් ගැනීම විශාලයි. ඒත් කරුමක්කාරයො සිනමා භාවිතය පැත්තෙන් තිස්ස ඉස්සරහින්. ඒක මාර රූප සංයෝජනයක්. එක තැනක අක්කා එකේ ඇඳේ ඉන්න මල්ලිගෙ සීන් එකත් එක්ක කැපෙන්නෙ වේගෙන් පාං බයිසිකලේ පදින මල්ලිව. ඒ අසම්මත ආස්වාදයේ තරම හොඳටම දැනෙන දර්ශන හුවමාරුවක් ඒක. සිනමාත්මක පැත්තෙන් තිස්ස අමරසේකරගෙ ගමේ කරුමක්කාර කතාව ලෝක සිනමාවෙ තැනක තියනවා.
මේ අසූ ගණන් වල අපිට තිබ්බ සිනමාව සහ ජීවිතේට මොකද වුනේ කියලා හිතාගන්න බැරුව මං ජොයින්ට් එකක් පත්තු කළා. දැන් අපි හදන්නෙ කොටළු චිත‍්‍රපටි. ඒවා වඳයි. වඳ ඒවා රැුක ගන්න යුරෝපීය රටවල් උදව් කරනවා තමයි. ඒත් මේ තරං හුස්ම ගන්න සිනමාවක් තිබුණු අපි, අපිවම පරාරෝපණය කර ගත්තු සිනමාවකට ගියේ කොහොමද? අසූව කියන්නෙ ලංකාවෙ විශිෂ්ටතම චිත‍්‍රපටි හැදිච්ච කාලයක්. පාර දිගේ, එක් ටැම් ගේ, දඩයම මේ වගේ තව ගොඩක්. ඊට පස්සෙ අනූ ගනන් වලදි අපි මේ පරාරෝපිත අවකාශෙට ඇතුල් වෙනවා. අද අපි විකල්ප සිනමාවෙ දැවැන්තයො කියල අදහන ගොඩක් අය මේ පරාරෝපිත සිනමාවෙ නිර්මාර්තෘවරු. සමහර විට ඒක තේරුම් ගන්න බැරි වුණු සමාජ දේශපාලන අවකාශෙ වෙන්න පුළුවන්. ඒත් සිනමාව අපෙන් එන්න එන්නම දුරට යන්න ගත්තා. අන්තිමට අපේ සිනමාව අන්තර්ජාතික සිනමාවක් වුණා. යුරෝපෙට  ඕන බඩු නිපදවා අපනයනය කරන කර්මාන්තයක්.

 දෙවෙනි පිටුවෙ අන්තිම. දැන් මං කතා කරන්නම කැමති කොටස. උපාලි අත්තනායක කරන අයියාගෙ චරිතෙ. මේ අයියා ගමෙන් සල්ලි හොයන්න සිදාදියට ආපු තරුණයෙක්. සිදාදියේ ජීවිතේ විසින් ඒ පිරිමියාගේ ශෘංගාරය එහෙම්පිටින්ම අහිමි කරනවා. නගරය විසින් තරුණියව ශෘංගාර කලාපයක් කරද්දි ඒ නගරයේ තරුණයාව නපුංසකයෙක් කරනවා. ගමේ හැමෝම අක්කාගේ සරාගිකත්වයෙන් කැළඹෙද්දි අයියා යන්තමින් වත් නොසැලෙන්නෙ ඒකයි. මේ නපුංසකයා හැමදෙයක් ගැනම දැනුවත්. ජීවිතේ ලොකු තාප්පවල වාහනවල හැප්පිච්ච මිනිහෙක්. මේක මට අමරසේකරට වඩා තිස්ස විසින් නිර්මාණය කරන චරිතයක්. මේ චරිතෙ එයාගෙ ගොඩක් කතා වල එනවා. මහගෙදර තිස්ස අබේසේකරම ර`ගපාන්නෙ මේ චරිතය. විරාගයෙ අරවින්ද වෙනකල් වැඩෙන්නෙ මේ එකම චරිතය. මේක තිස්සගෙන් ජීවිතය ගැන තමන්ගෙ බාර ගැනීම කියවෙන තැනක්.

මේ නපුංසකයා එක්ක ජීවිතේ අත්ඇරලා යන අනිත් අන්තය මුණගැහෙනවා. පැවිද්ද. ඒ පලා යාම බාර ගන්න යද්දි අයියා ආයිමත් තමන්ගෙ ගෑණි එක්ක නිදා ගත්ත මේ මල්ලිව හෙයාගෙන එනවා. එයා කියනවා, ‘බලපං අක්කයි මායි..අපි ජීවිතෙන් පැනලා ගියේ නෑ..අපි ජීවිතේට මූණ දුන්නා..’ අසූ ගණන් වලදි අපේ සිනමාව යෝජනා කළේ නැවත ජීවිතය. ඒත් අද අපි සිනමාව ඇතුලෙ නැවත නැවත යෝජනා කරන්නෙ මරණය..
මේ තිර පිටපත ලියවෙන අවබෝධය ඇතුලෙ හැම චරිතයක්ම පුදුම හිතෙන තරමට බැලන්ස් වෙනවා. ගෙදර අක්කාගෙ (නෑනා නෙමෙයි) චරිතය ගේන හැටි හරිම සියුම්. ඒක චිත‍්‍රපටිය ඇතුලෙ නොපෙන්නා කියන කතාව. සිදාදියෙන් ආපු අක්කා ගෙදර බින්න බහිද්දි ගෙදර අක්කා සිදාදියේ ගණිකාවකගේ තැන වෙනකං යනවා. ගෙදර පියා සහ සහෝදරයින් එකම ගෑණිව අඹු කර ගැනීමේ අපචාරය දරන්න බැරි තැන අක්කා ගමේ මුදලාලිගේ ගෙදර ගිහින් නවතිනවා. මුදලාලි පළවෙනි වතාවට අක්කා ළ`ගට එන සිදුවීම තිස්ස ගොඩනගන විදිහට මගේ ඇ`ග හිරි වැටුණා. ඒ රිද්මය.. ‘මට නැති වෙන්න දෙයක් නෑනෙ මහත්තයා’ ඒ දෙබස් කියවෙන ටෝන් එක හීනෙන් පවා බය ගන්නන සුළුයි.  තිස්ස ගෑණු ගැන දන්න දිග පළල යන්තමින් වත් එළි කරන්නෙ අක්කාගෙ චරිතය කියලයි මං හිතන්නෙ. ගීතාගේ චරිතය ශෘංගාරය ඇතුලෙ විනාස වෙද්දි තිස්ස මේ චරිතෙ ගොඩ දා ගන්නවා.

මුල දුර රූපෙ ඉඳන් සමීප රූප වලින් දිග හැරිච්ච ෆ්ලෑෂ් බැක් එක නිමා කරමින් අන්තිමට ආයිමත් දුර රූපෙකට එනවා. ඒ විජේ පැවිදි වෙන තැන. මේ ආකෘති හරඹය මාර විදිහට වැඩ කරනවා. කුණ්ඩලකේශී කතාව වගේ පටන් ගන්න ෆිල්ම් එක අවසානයෙදි ඒ ධර්ම පද්ධතියටම අභියෝග කරනවා. ඒක ජීවිතේ ගුටි කාලා ඉගෙන ගත්තු නාගරික නපුංසකයෙකුගෙ අභියෝගයක්. ඇතිවීම නැතිවීම දරා ගන්න බැරිව විජේ වගේ අය ථේරවාදී බුදුන් ළ`ග හැකිලෙද්දි, ඇතිවීම නැතිවීම විඳවීම ඇතුලෙන්ම අවබෝද කර ගත්තු අයියා මහායාන බුදුන් දක්වා විශාල වෙනවා. මට තිස්සගේ තරුණකම දැනෙන්නෙ මේ මතවාදී පරාසයන් හින්දම.
ෆිල්ම් එකේ සංගීතය ෆිල්ම් එකේ පිහිටීම ගැන හොඳ සංඥාවක් දෙනවා. ඒක හරිම රොමාන්තික නාගරික සංගීතයක්. පේ‍්‍රමසිරි කේමදාස මේ සංගීතෙ රෝගී වියුක්ත අඩිවයක් වෙනකං අරං ගියා. මේ වෙද්දිත් අපේ සිනමාවෙ මාරයි කියල හිතන්නෙ ඒ අද්භූත සංගීතය. කරුමක්කාරයො චිත‍්‍රපටියෙ පසුබිම් සංගීතය කරුමක්කාර සංගීතයක් නෙමෙයි. ඒක වාදනය වෙන්නෙ ජීවිතය පැත්තෙ ඉඳලා. ටිකක් වැඩිපුර එළලා තිබුණ. ඒත් ඒක හරි අදහසක් ඇතිව කරපු සංගීතයක්.

මං ඉපදිලා අවුරුදු කීපෙකින් මැරිච්ච ඒ දැවැන්ත සිනමාකරුවාගේ පළවෙනි වැඬේ අන්තිම ටයිට්ල් එකත් යනකං මං බලන් හිටියා. තනියම කොම්පියුටර් තිරේ ඉස්සරහ නැගිටලා තනියෙං හෙමින් අත්පුඩියක් ගැහුවා.
හු`ග කාලෙකට පස්සෙ මං ඇත්ත සිනමාවක් ඉස්සරහ පේ‍්‍රක්‍ෂකයෙක් වුණා.

-චින්තන ධර්මදාස

ගාන්ධිගේ දරුවෝ නොහොත් විෂ්ණු වාසු ගේ තහනම් කට උත්තරය 2


විෂ්ණු එක්ක ඉතුරු කතාව තව ගොඩක් දිගයි. අකමැත්තෙන් වුණත් මට වුණා සමහර ඒවා කොට කරන්න. මං අකමැතිම දෙයක් ඒක. සහ පුළුවන් තරම් මගේ මැදිහත් වීම අවම කරන්න. ඒක පිටුවක ඉඩ ගැන ආර්ථික ප‍්‍රශ්නයක්.
විෂ්ණු- මට ඇත්තටම ලස්සන ජීවිතයක් හම්බ වුණා. මං මට  ඕන විදිහට ජීවත් වුණා. කවදාවත් අනිත් මිනිස්සු මොනවද මං ගැන හිතන්නෙ කියල දැනගන්න මට  ඕන වුණේ නෑ. මං දෙවි දේවතාවියො පස්සෙ ගියෙ නෑ.

ප‍්‍රශ්නය- ඒ කියන්නෙ ඔයාට හින්දු හෝ බෞද්ධ හෝ විශ්වාස නැද්ද?
විෂ්ණු- නෑ නෑ. ඒක මෙහෙමයි. මං ගරු කරනවා. ඒවායෙ ඇත්තක් නැත්තං අවුරුදු දහස් ගාණක් පවතින්න විදිහක් නෑනෙ. ප‍්‍රශ්නෙ මේකයි. මං තාම බොළඳයි. මට ඒ ගැඹුරු දේවල් තේරෙන්නෙ නෑ. මට තේරෙන කාලෙක විශ්වාස කරන්නං. රෙස්පෙක්ට් කර ගෙන ඉන්නං දැනට. මං කෝවිල් යනවා. මං යන්නෙ මියුසික් අහන්න. කෝවිල්වල ඒ ගොල්ලො ක්ලැසිකල් කර්නාටික් සංගීතය වාදනය කරනවා. මං පන්සල් යනවා. වඳින්න මොකකටවත් නෙමෙයි. සෙන`ග නැති වෙලාවට බෝ ගහ යට ඉඳගෙන ඉන්න මං ආසයි. මට  ඕන විෂුවල් ටෝටැලිටි එකක් (සමස්තයක්). මං ආගම් වලට ගොඩක් දුරින් ඉන්නෙ.
මට චිත‍්‍රපටියක් හදන්න පුළුවන් කියලා මං දැනගත්තෙ කොහොමද දන්නවද?
ගොඩක් අය ෆේස් බුක් එකෙන් ?ට කන්නෙ මොනවද, අඳින්නෙ මොනවද වගේ දේවල් ෂෙයාර් කරද්දි මං ලෝකෙ ෆිල්ම්මේකර්ස් ලා මියුසික් කරන අය එක්ක සම්බන්ධතා හදා ගත්තා. මෙහෙම ඉන්නකොට 2008 මට කෝල් එකක් ආවා ඇමෙරිකාවෙන්. ‘එඞී කලන්’ කියලා ගෑණු කෙනෙක්. එයා ඩිස්කවරි වගේ චැනල් වලට ඩොකියුමෙන්ට්රි කරනවා. සීඑන්එන් එකේ එහෙම ප්‍රෝග‍්‍රෑම් ඩිරෙක්ට් කරනවා. එයා යාලූවෙක් ගෙන් මගේ ගැන දැනගෙන වෙබ් එකේ මං ගැන ටිකක් කියවලා මට කතා කළා. එයා ඇහුවා, ‘මං ඉන්දියාවෙ ඩොකියුමෙන්ට්රි එකක් කරනවා, උඹ කැමතිද වැඩ කරන්න?’ කියල.
එයා ඇහුවෙ එයාගෙ වාර්තා චිත‍්‍රපටියෙ පළවෙනි කැමරාමන් විදිහට වැඩකරන්න. ඒත් මං අග‍්‍රගණ්‍ය කැමරා ශිල්පියෙක් නෙමෙයි.

ප‍්‍රශ්නය- කලින් කැමරාව එක්ක වැඩ කරලා තියෙනවද?
විෂ්ණු- ඔව් ඔව්..35මිමි නෙමෙයි. වීඩියෝ කැමරාව මට පුරුදුයි. මං තනියම ඉගෙන ගත්තා. එක එක අයගෙන් ප‍්‍රායෝගිකව දේවල් ඉගෙන ගත්තා. 2008 වෙද්දි නං මට මගේම කැමරාවක් තිබුණ. මං කලින් දලයි ලාමා ගැන ෆිල්ම් එකක් කළා. ඒකත් ඒ ගොල්ලො බලලා තිබුණ. ඒ ගොල්ලො මට කිව්වෙ ‘අපිට  ඕන ඉන්දියාව ගැන ෆීල් එක තියෙන කෙනෙක්’ කියල. ඒක ස්ලේවරි (වහල්බව) ගැන ෆිල්ම් එකක්. ‘ෆ‍්‍රී ද ස්ලේව්ස්’ කියන සංවිධානෙට තමයි ඒ ෆිල්ම් එක කළේ. එඞීයි මායි විතරයි හිටියෙ.
මේ ෆිල්ම් එක කරද්දි මං දැක්කා මේ අපි දකින බොලිවුඞ් වලින් වලින් එහාට ඉන්දියාවෙ ඇත්ත කතන්දරේ මොකක්ද කියල. උදා විදිහට අපි දකිනවනෙ නාගරික දුප්පත්කම. නගරෙදි මේ දුප්පත්කම මැද පංතිය සහ සල්ලි තියෙන අය නිර්වචනය කරනවා වෙන විදිහකට.
‘මේ මිනිස්සු ගමට වෙලා ඉන්නෙ නැතුව මොකට එනවද මන්ද නගරෙට. ඇවිත් හි`ගා කනවනෙ’.
ඒත් ගමට ගියාම තමයි තේරෙන්නෙ ඇයි මේ මිනිස්සු නගරෙට එන්නෙ කියන එක.

ප‍්‍රශ්නය- මොකක් හින්දද?
විෂ්ණු- හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ගම නාගරීකරණය වෙන එක. කර්මාන්ත ගමට යනවා. ඒ ගිහින් මේ කර්මාන්ත වලට අක්කර ගණං ගන්නෙ මේ දුප්පත් මිනිස්සුන්ගෙ ඉඩම්. ඒවා තුට්ටු දෙකට පවර ගන්නවා. විශේෂයෙන් ඉන්දියාවෙ ආදිවාසිකයන් ගත්තොත් මේ අය සාම්ප‍්‍රදායිකව මේ ඉඩම් වල වැඩ කරපු අය මිසක් ඒවට ඔප්පු තිරප්පු ඒ අය ළ`ග නෑ. අවුරුදු සිය ගාණක් පරම්පරාවෙන් පරම්පරාවට ආපු මේ ඉඩම් දරුණු විදිහට කොල්ල කනවා. පාරවල් දාන්න, රත්තරං, තඹ කැණීම් වලට, එක එක දේවල් වෙනුවෙන් මේ ඉඩම් කොල්ල කනවා. මං ‘ඒක්ටා පර්ශද්’ කියලා සංවිධානයක් එක්ක වැඩ කළා එහෙදි. ඒ ගොල්ලො මේ ආදිවාසිකයන්ගෙ ඉඩම් කොල්ලකෑමට විරුද්ධව වැඩ කරන කට්ටියක්. ඒ ගොල්ලො මට පෙන්නලා දුන්නා විදි ගණනාවකින් මේ දේ සිද්ද වෙන හැටි.
සරලම විදිහක් තමයි මිනිස්සු කුඹුරු කරලා අස්වැන්න කපන්න ඔන්න මෙන්න තියෙද්දි කොහෙන් හරි ආපු කට්ටියක් කියනවා ‘මේ ඉඩම් අයිති අපිට. මෙන්න ඔප්පු කියල’. එහෙම කියලා අස්වැන්න කපාගෙන යනවා. සමහර විට අස්වැන්න කපලා ගෙට ගත්ත ගමන් ඇවිල්ලා අයිතිය කියලා අස්වැන්න අරන් යනවා. සමහර වෙලාවල් වල මුලූ ගමටම ගිනි තියනවා. එහෙම වුණාම ඒ ගොල්ලොන්ට යන්න තැනක් නෑ. ඔන්න එතකොට ලොරියක් ඇවිත් ‘අපේ අන්න අරහෙ ඉඩම් තියෙනවා. ඒවායෙ ඉන්න පුළුවන්’ කියලා දාගෙන යනවා. තමිල්නාඩුවෙ මිනිස්සු ගෙනිහිල්ලා බස්සන්නෙ ඔරිස්සා වල නැත්තං පන්ජාබ් වල. භාෂාවක් දන්නෙ නෑ මේ මිනිස්සු. සම්පූර්ණයෙන් වහල්ලූ විදිහට වැඩ කරනවා. මං ඇස් දෙකට මේ දේවල් දැක්කා. ඒ මිනිස්සුන්ට යන්න බෑ. ජුන්ටලා වටේ ඉන්නවා. ඒ කෑල්ලෙ ඉන්න  ඕනි. දවසෙම වැඩ කරනවා රුපියල් සීයයි දෙන්නෙ. මේ තැන් හතරවටෙන්ම හුදකලා තැන්. කිසි පහසුකමක් නෑ. පාරක් වත් නෑ.

ප‍්‍රශ්නය- මොනාද මේ මිනිස්සු කරන වැඩ?
විෂ්ණු- කුඹුරු වල වැඩ කරනවා. ගල් කඩනවා. ගඩොල් කපනවා. ළමයෙක් අසනීප වුණත් අරන් යන්න තියෙන්නෙ ඉඩම් අයිතිකාරයාගෙ ගෙදරට. බඩු ගන්න තියෙන්නෙ එයාගෙ කඩෙන්. මේ සල්ලි ආයිමත් යන්නෙ එයාටමයි. වැඩ කරනවට පිරිමින්ට රුපියල් සීයක් දෙනවා. ගෑණුන්ට දෙන්නෙ හාල් කිලෝ එකයි. ළමයගෙ අසනීපෙට දෙනවා පැනඩෝල් පෙති දෙකක්. දීලා කියනවා ‘මේකට රුපියල් දෙසීයයි. දවස් දෙකක කුලී උඹෙන් කැපෙනවා’ කියල. ඔය විදිහට සමහර මිනිස්සු ඉන්නවා මුලූ ජීවිත කාලෙම අරගෙන බැලූවත් ඒ ණය ගෙවාගන්න බෑ.

ප‍්‍රශ්නය- ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නැද්ද?
විෂ්ණු- ආණ්ඩුව පුළුවන් තරම් දේවල් කරනවා. ඒත් විශාල රටක් නෙ. මේක මහා පරිමාණෙන් සිද්ද වෙනවා. සමහර විට මං ගිය තැන් ආණ්ඩු දන්නෙත් නැතුව ඇති. සමහර කාලවල අස්වනු කැපුවට පස්සෙ මේ මිනිස්සුනට වැඩ නෑ. අනුන්ගෙ ඉඩම්වලනෙ වැඩ කරන්නෙ. හැතැප්ම ගණන් දුර යනවා කුලී වැඩ හොයාගෙන. බඩගින්න ඉවසන්න බැරි තැන මීයො මරාගෙන කනවා. මේක මගේ ෆිල්ම් එකෙත් තියෙනවා. ඒ මීයො මරාගෙන කන මිනිස්සුන්ට කියන්නෙ ‘මුෂාහර්’ කියල. ඒක කුල ක‍්‍රමයෙ හැටියට පහළ එකෙත් පහළම එක.
මේ වහල් සේවෙ එක එක විදි තියෙනවා. ටවුන් වල අපේ ගෙවල් සුද්ද කරන්න මිනිස්සු එනවනෙ. ඔක්කොම වැඩ කරලා ඒ මිනිස්සුන්ට රුපියල් දහයයි දෙන්නෙ. ඒකත් වහල් සේවයක් තමයි.

ප‍්‍රශ්නය- කොහොමද මේ තැන් වලට ඇතුල් වුණේ?
විෂ්ණු- සංවිධාන තියෙනවා මේ ළමයි එක්ක එහෙම වැඩ කරන. එක එක ෆන්ඞ්ස් වලින් සමහර වෙලාවට ඉස්කෝලයක් හදන්න, ගැබිණි අයටයි, පොඩි ළමයින්ටයි කැඳ කෝප්පයක් දෙන්න වගේ දේවල් හරහා එක එක සංවිධාන මේ අය එක්ක වැඩ කරනවා. ඒ අය හරහා තමයි ගියේ.

ප‍්‍රශ්නය- එඞී එක්ක හදපු චිත‍්‍රපටියට මොකද වුණේ?
විෂ්ණු- ඒ ෆිල්ම් එක ඒ ගොල්ලො ඇමරිකාවෙ පෙන්නුවා ‘නේපාල් රයිසින්ග්’ කියල. පස්සෙ ඒ ගොල්ලො සීඑන්එන් එකත් එක්ක මේ ගැන කතා කළා. ඊට පස්සෙ තමයි දැන් ඔය සීඑන්එන් එක කරන වහල් අය බේරගන්න කැම්පේන් එක පටන් ගත්තෙ.
රිකී බයස් කියලා ප‍්‍රසිද්ද ජෑස් සින්ගර් කෙනෙක් ඉන්නවා ඇමරිකාවෙ. අපි එහේ ඉන්නකොට රිකී ආවා. ඇවිත් මේ ළමයි එක්ක එයා සිංදුවක් කළා. මේ වීඩියෝ එක එම්ටීවී එකට රිලීස් වුණා. ඒක ඉතින් ලොකු කතන්දරයක්නෙ. ඒකෙන් ලොකු දැනුවත්වීමක් ලෝකෙ පුරාම සිද්ද වුණා.
මට ඒ වෙලාවෙ හිතුණ මං දකින කතන්දරත් මේ විදිහට එලියට අරන් එන්න  ඕන කියල.

ප‍්‍රශ්නය- ඒ කතන්දරද විෂ්ණු ගෙ චිත‍්‍රපටියෙ තියෙන්නෙ?
විෂ්ණු- ඔව්. මේකෙ තියෙන්නෙ කතන්දර හතරක්. ඒ හතර තියෙන්නෙ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයො පදනම් කරගෙන. එකක් මිනිස්සුන්ගෙ ඉඩම් අයිතිය නැති වෙන එක ගැන කතාවක්. තවත් එකක් මිනී පුච්චන තැනක ගංගා නම් ග`ග අයිනෙ අළු සෝදන චෞද්‍රි කියන කාන්තාව ගැන කතාව. අනිත් එක මේ ග`ග හරහා එහා මෙහා ඔරුව පදින පළතුරු වෙළෙන්දියක් ගැන කතාවක්. එයාට ජීවත් වෙන්න විදිහක් නැති කොට කතෝලික පල්ලියෙන් කියනවා දෙවියන් වහන්සේට පුළුවන් ඔයාට උදව් කරන්න කියල. ඒ ගොල්ලො පොඩියට ගෙදර හදා ගන්න එයාට උදව් වෙනවා. ඒක හින්ද එයා කතෝලික ආගමට බැඳෙනවා. ඒ වුණත් එයා ගෙදරින් එලියට බහින්නෙ හින්දු විදිහට පොට්ටුව තියල. ගෙ`ගන් එගොඩ වෙලා පල්ලිය තියෙන පැත්තට යද්දි එයා හෙමීට මේ මොට්ටුව මකා ගන්නවා. එයා පල්ලියෙන් තව උදව් ඉල්ලනවා. පල්ලිය උදව් කරන්නෙ නෑ. ඒ පාර එයා පල්ලියෙන් අයින් වෙලා හින්දු තවත් ගුරු කෙනෙක් පස්සෙ යනවා. ඒක මිනිස්සුන්ගෙ ආත්මීය අරගලය ගැන කතාවක්.

තව කතාවක් තියෙනවා කොකා කෝලා කොම්පැණිය කේරලේට ගිහින් කරපු මහා විනාසයක්. මේවා බහු ජාතික සමාගම්. මේ කොකා කෝලා කොම්පැණිය හින්ද ඒ පළාතෙ වතුර අපිරිසිදු වෙලා දැන් ඒ මිනිස්සු කිලෝමීටර් ගණං ඇවිදිනවා බොන්න වතුර ටිකක් හොයාගෙන.

මේ කතා තමයි මගේ චිත‍්‍රපටියෙ තියෙන්නෙ. ගංගා නම් ගගේ මිනී අළු හෝදන චෞද්‍රිගෙ අතින් කවුරුවත් වතුර ටිකක් වත් ගන්නෙ නෑ. මේක කුලයක්. පවුලෙන් පවුලට මේක එනවා. ඒ ගොල්ලො මිනිය පිච්චුනාම මේ අළු වතුරෙ හෝදනවා. ඒ හොයන්නෙ රත්තරං දතක්, කරාබුවක් වගේ දෙයක් ඉතුරු වෙලා තියෙයිද කියල.

ඒ දේවල් ඉතින් අපිට  ඕන වෙලාවට ප්ලෑන් කරලා ෂූට් කරන්න බෑ. දවල් දොළහට තමයි එතනට කවුරුවත් එන්නෙ නැති වෙලාව. ටොප් ලයිට් එකේ. මං ෂූට් කළා. ඒ වගේ ජෙනුයින් කැමරා වර්ක් එකක් තමයි ෆිල්ම් එක පුරාම තියෙන්නෙ. ට‍්‍රයි පෝඞ් එකක් කොහේවත් පාවිච්චි කරලා නෑ.

වායෝ කතන්දරේ එන්නෙ ගෝපාල් වල. ගෝපාල් යූනියන් කාබයිට් ෆැක්ටරියෙ ගෑස් ලීක් එකෙන් මිනිස්සු මැරුණා. අවුරුදු 25 ක් ගිහිල්ලත් තාම ඒ මිනිස්සුන්ට වන්දි ගෙවලා නෑ. ඒ මිනිස්සු අදටත් මාසෙකට දවසක් වත් මේ වෙනුවෙන් පෙළපාලි යනවා. එදා අවුරුදු 50 මිනිස්සු අද අවුරුදු 75ක් විතර. හම රැුළි වැටිලා, කෙස් සුදු වෙලා ඒත් මේ බෝඞ් අරගෙන පාරට බහිනවා. මං ඒවා ෂූට් කළා. අද වෙන කොටත් මේ ෆැක්ටරිය ඇතුලට කාටවත් යන්න දෙන්නෙ නෑ. අර ගෑස් වල විෂ තාම තියෙන්න පුළුවන් කියලා. මං කොහොම හරි සම්බන්ධතා හදාගෙන මේක ඇතුලට රිංගුවා. සමහර විට ඒක වීඩියෝ කරපු අන්තිමයා මං වෙන්න පුළුවන්.
ප‍්‍රශ්නය- ඇයි මේ ෆිල්ම් එකට ලංකාවෙ තහනමක් එන්නෙ?

මේ ෆිල්ම් එක හදද්දි මට ගොඩක් එරියස් තියෙනවනෙ. ගොඩක් දේවල් කියන්න තියෙනවා. පිළිවෙලට චිත‍්‍රපටි පාසැලකට ගිහින් චිත‍්‍රපටි ඉගෙන ගත්තෙ නැති, යූ ටියුබ් එකෙන්, වෙන චිත‍්‍රපටි හොයාගෙන බලලා පළවෙනි ෆිල්ම් එක හදන  ඕන කෙනෙකුගෙ මේ එරියස් ටික පේනවා. මගේ ජීවිතේ ලොකු එරියස් එකක් තිබුණ මාව අවුරුදු දහතුනේදි අතවරයට ලක් වුණා කියල කියා ගන්න . මට ඒක කියල ඉවර කරන්න  ඕනි. මං ඒක ෆිල්ම් එකේ කියනවා.


I was born in 23rd of june in 1962
To a country full of hypocrites
Third class politicians
And Buddhist monks…
My childhood was a misery
Infact I never had a childhood
Shifting my focus as often as Russian weather
I was aimless
I had my very first sexual encounter
With an old monk
Who was five times of my age
Behind a giant Buddha statue.


මං ෆිල්ම් එක පටන් ගන්න කොට කියන ඔය මගේ කතාව තමයි මේ ආන්දෝලනයට හේතුව..

(මං අන්තිම ප‍්‍රශ්නෙ ඇහුවා)
ප‍්‍රශ්නය- ඔයාව ඇබියුස් කරපු හාමුදුරුවො ගැන දැන් තියෙන්නෙ කොහොම හැ`ගීමක්ද?
විෂ්ණු- මං පිං දෙනවා. මොනා වුණත් මට කන්න දීලා උගන්නලා කරපු උදව් වලට. මට කිසි තරහක් නෑ. මට  ඕන මේක කියලා නිදහස් වෙන්න.

-චින්තන ධර්මදාස



ගාන්ධිගේ දරුවෝ නොහොත් විෂ්ණු වාසු ගේ තහනම් කට උත්තරය


ජීවිතේ කියල අපි හැමෝම නගින්නෙ එකම බස් එකක නෙමෙයි. සමහරු මහ පාර වෙනුවට අතුරු පාරවල් තෝර ගන්නවා. තවත් අය ග`ග දිගේ ඔරුවල එන්න ගන්නවා. වැරදීමකින් හරි දැනගෙන හරි වෙනස් වෙනස් පාරවල් වලින් ජීවිතේ වෙනස් වෙනස් ගතවීම් නිර්මාණය වෙනවා. මහපාරෙ යන අපිට හිටි ගමන් ඒ වෙන පාරවල් වල ආපු අය හන්දි වලදි මුණගැහෙනවා. ඒ මුණගැහීම් හරියට ප‍්‍රබන්ධ වගේ. ජීවිතේ ගැන අපේ කාටීසියානු තලය ඒ මුණගැසීම් හින්ද අවුල් වෙනවා. විෂ්ණු වාසු මට ඒ විදිහෙ මුණගැහීමක්.
ඒ වගේ කතා බහ වලදී දිශානතියක් තියා ගන්න බෑ. ඒ වෙනුවට දියපාරක් දිගේ වගේ ඔහේ ගලාගෙන යන්න වෙනවා. ඒක වචන වලට එහා යන අත්විඳීමක්. වෙනස් ජීවිත මිටියාවතක ඉවුරෙ ජොයින්ට් එකක් පත්තු කරන් මං බලන් හිටියා.

(මේ ලියුම ලියන්න ගත්තෙ ලබන සතියෙ 06 වෙනිදා විෂ්ණුගේ චිත‍්‍රපටිය රුසියානු කේන්ද්‍රයේ පෙන්නන්න තිබුණු හින්ද. ඒත් උඩ ෙඡ්දෙ ඉවර වෙද්දිම විෂ්ණු කෝල් කළා. ඉන්දියානු තානාපති කාර්යාලය විසින් රුසියානු කේන්ද්‍රයට දැනුම් දීලා ඒ චිත‍්‍රපටිය ප‍්‍රදර්ශනය ඉන්දියාවට හානියක් කියල. ඊට කලින් මහ නායක හාමුදුරුවරු මේ චිත‍්‍රපටිය ‘කැන්ඩි’ ෆිල්ම් ෆෙස්ටිවල් එකෙන් ඉවත් කරන්න බල කළා. මොනවා වුණත් දැන් 06 වෙනිදා චිත‍්‍රපටිය ස්ක‍්‍රීන් වෙන්නෙ නෑ. ඒක හින්ද මට මේ ලියමන එක සතියකින් අවසන් කරන්න කියල සීමාවකුත් නෑ. ඒ වෙනුවට අපේ ඉබාගාත සල්ලාපයේ සංස්කරණය නොකළ වර්ෂන් එකක් මං ලියාගෙන යනවා)

මම- මං ඉස්සෙල්ලා දැනගෙන හිටියෙ ක‍්‍රිෂ්ණ ව. ඒ ඝටම් එකත් එක්ක. කොහොමද ඝටම් ක‍්‍රිෂ්ණා විෂ්ණු වාසු වුණේ?
විෂ්ණු-  ඝටම් තමයි මං මාස්ටර් කරපු ඉන්ස්ට්රුමන්ට් එක. ඉන්දියාවෙ ගිහින් ඉගෙන ගත්තෙ. ඊට පස්සෙ මං මියුසිකොලොජි ඉගෙන ගත්තා. මියුසික් සෝෂියොලොජි. ඊට පස්සෙ මං හොංකොං ගිහින් හිටියා. ඇමරිකාවෙදි ජෑස් පර්කෂන් ඉගෙන ගත්තා.

මම- ඒ කියන්නෙ ඔයාට වියදම් කරන්න සෑහෙන සල්ලියක් තියෙන්න ඇති?
විෂ්ණු- නෑ නෑ.. මං ඉන්දියාවෙ ගිය වෙලාවෙ එහේ හිටපු ඉතාම සුන්දර මනුෂ්‍යයෙක් මුණගැහුන. මට එහේ හු`ගක් කල් ඉන්න සල්ලි තිබ්බෙ නෑ. ඒ මනුස්සයා මාව දරුකමට හදා ගත්තා. විෂ්ණු වාසු කියන නම ගත්තෙ එයාගෙන්. විෂ්ණු කියලා එයා නම තිබ්බෙ. වාසු කියන්නෙ එයාගෙ නම. මං ඒ නමත් එකතු කර ගත්තා. ඒක මගේ නිල නාමය නෙමෙයි. පාස්පෝට් එකේ තියෙන්නෙ මගේ ඒ නම නෙමෙයි.
ඒගොල්ලො හරි පෝසත් මිනිස්සු. කොම්පැණි අයිතිකාරයො. මං එහේ ඉගෙන ගන්න කල් එයා ඔක්කොම වියදම් දුන්නා. මං කොහොමත් හරිම අසාම්ප‍්‍රදායික දේවල් තමයි ඉගෙන ගත්තෙ. මං ඝානාවෙදි ඇෆ්රිකන් මිනිස්සු එක්ක ඒ ගොල්ලොන්ගෙ ඩ‍්‍රම්ස් ඉගෙන ගත්තා. කේරළ කලා මණ්ඩලම් කියන තැනට ගිහින් මං ඉගෙන ගත්තා පංච වාද්‍යම්. පංච තූර්ය වාදන අහලා තියෙනවනෙ. ඒ වගේ එකක්. මං ඒ ගැන රිසර්ච් එකක් කළා. කොහොමත් මං ආසයි දේවල් රිසර්ච් කරන්න. ඊට පස්සෙ මං ග‍්‍රාන්ට්ස් වල ඉඳිද්දිත් පොඞ්ඩක් හරි සල්ලි එකතු වුණ ගමන් ෆෙස්ටිවල්ස් වලට යනවා. මියුසික් ෆෙස්ටිවල්ස් එහෙම අතෑරියෙ නෑ. ඩාන්ස් ෆෙස්ටිවල් වුණත්. මං ඩාන්සින් එහෙම ඉගෙන ගෙන නෑ. ඒත් පොඩි කාලෙදි නුවර හොඳ ගුරුවරයෙක් ගෙන් ටිකක් නැටුම් ඉගෙන ගෙන තියෙනවා.

මම- ඔයා සිංහලද? දෙමළද?
විෂ්ණු- සිංහල. මගේ නම අර්ජුන ක‍්‍රිෂ්ණරත්නම් නෙ. ඒත් මට ඉන්දියානු සම්භවයක් ටිකක් ගෑවිලා තියෙනවා. තාත්තගේ පැත්තෙන්.
ඉතින් මං මේ ෆෙස්ටිවල් වලට යනවා. සමහර විට යුරෝපයේ පවා. මං ඩාන්සින් වලට හරි කැමතියි. ඒත් මේ රටේ කවුරුවත් එහෙම සීරියස් ඩාන්සින් රිසර්ච් එකක් කරලා නෑ. මෙහේ මිනිස්සු හරියට කොටු වෙලා. මට තියෙන ලොකුම ප‍්‍රශ්නෙ මෙහේ ලංකාවෙ කියන ආර්ට් වලට විතරක් සීමා වෙලා තියෙන එක. මේකෙන් එළියට ගිහින් ඒවාගෙන් ගන්න බයයි. ගන්න එක පැත්තකින් තියමුකො. ආර්ටිස්ට් කෙනෙක් විදිහට දේවල් බලන්න  ඕන නෙ.

අනිත් දේ තමයි මං කැමති නෑ මිනිස්සු මාව මියුසිෂන් කෙනෙක් කියලා හඳුන්වනවට. ෆිල්ම්මේකර් කෙනෙක් හරි නැටුම් විචාරකයෙක් හරි වුණත් එහෙමයි. මට  ඕන නෑ මේ වගේ සාම්ප‍්‍රදායික හැඩයකට මගේ ජීවිතේ සීමා කරන්න.

මම- කාලෙකින් මං දැක්කෙ නෑ ඔයා ඝටම් ප්ලේ කරනවා
විෂ්ණු- නැවැත්තුවා. මං මොකටද ඒකට ඇළිලා ඉන්නෙ. මං ජීවත් වෙන්නෙ සංගීතෙ කරලා නං..හෝටල් වල ප්ලේ කරලා හරි, බෑන්ඞ් ගහලා හරි, සංගීත සංදර්ශන කරලා හරි නං මං ජීවත් වෙන්නෙ මට ඒක දිගටම කරන්න වෙනවා. මට එහෙම නෑ. මං සංගීතෙ කරලා හම්බුකරන සල්ලි වලින් කවදාවත් ජීවත් වුණේ නෑ.
මං ඇඞ්වර්ටයිසින් ඒජන්සියක ක‍්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කළා. ලොකු පඩියක් ගත්තා මං. එතකොටත් මං වෙනස් දේවල් කළා. ඉස්සෙල්ලම ඇඞ් ඒජන්සියකට සරමක් ඇඳලා ගියෙ මං. ධර්ම ශ‍්‍රී මුණසිංහ මහත්තයා ෆීනික්ස් එකට රේඩියෝ කොමර්ෂල් ලියන කොට එයා සරම ඇඳන් ආවා. මං ග‍්‍රාන්ට්ස් එකට වේට්ටියයි කුර්තා එකයි ඇඳලා ගියේ. මේ බාබරා සන්සෝනි සරම් නෙමෙයි. මීටින්ස් වලට යනකොට සමහර වෙලාවට මාව හංගනවා. මුල් කාලෙදි. ඉතින් මාත් මීටින්ස් තියෙන දවසට උවමනාවෙන්ම සරම ඇඳන් යනවා.

ඉස්සෙල්ලම කොට කලිසමක් ඇඳන් ඒජන්සියක වැඩට ගියෙත් මං. ‘මාව මං විදිහට පිළිගන්න’ ඒකයි. මට ඒක කරන්න පුළුවන් වුණා. ඒ මං දක්ෂ හින්ද. මං දැනගෙන හිටියා මං දක්ෂයි කියල. පළවෙනි ස්ලිම් අවෝර්ඞ්ස් වලදි හොඳම කොමර්ෂල් එක වුණේ ‘පෑදි දියට බොර දිය එක් වෙන්න එපා’ කියන එක. ඒක මගේ කන්සෙප්ට් එකක්. රොහාන් පියදාස තමයි ඒ ලයින් එක ලිව්වෙ. කේමදාස මාස්ටර් මියුසික් කළා.
පළවෙනි පෝලියෝ ඇඞ් එක කරෙත් මම. රොහාන් පියදාස තමයි ඒකෙත් කොපි රයිටර් හිටියෙ. එයා ජින්ගල් එක ලියලා හිරවෙලා හිටියෙ. මං කිව්වා, නීලා වික‍්‍රමසිංහ කියන්නෙ පෝලියෝ හැදුණ කෙනෙක්. එයාගෙන් මේකට එනවද අහන්න, මං කොමර්ෂල් එක ලියන්නං කියලා. එහෙමයි ඒක වුණේ. අද ගොඩක් අය මේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒකට කමක් නෑ. මං කොහොමටත් පබ්ලිසිටි ඇනිමල් කෙනෙක් නෙමෙයි.

මම- ඇයි ඇඞ්වර්ටයිසින් දාලා යන්න හිතුණෙ?
විෂ්ණු- එක කාලයක් වෙනකොට, ඒ කියන්නෙ දෙදාහෙ අවුරුද්ද වගේ වෙද්දි මට හිතුණ ඇඞ්වර්ටයිසින් ලංකාවෙ හරි බෝරිං වේගෙන එනවා කියල. ඒ කාලෙ තිබුණ යම් සදාචාරයක් වගේ දෙයක් තිබුණ මේකෙ. අපි ටීවී එකට ලියන කොමර්ෂල් එකක් වුණත්, එතන හිටියා සමරනායක මහත්තයා කියල කෙනෙක්. එයා නණලළ හදලා එවනවා ආපහු. මේ ටීවී කොමර්ෂල් එකක. ඒත් එයා හරි ආදරෙන් තමයි ඒවා කළේ. ඉඳිද්දි අපිට හරි කරදරයක් වගේ වුණාට එයා ගියාට පස්සෙ තමයි අපිට ඒ මනුස්සයගෙ වටිනකම දැණුනෙ.
සමහර වෙලාවට මහ පිස්සු දේවලූත් තිබුණ. මං සිග්නල් එකට කළා ‘ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලූත් දතක් දියෝ’ කියල කැම්පේන් එකක්. ඒකෙ ඔරිජිනල් කන්සෙප්ට් එක ප‍්‍රකාශ් ජයතිලකගේ. මං ඒකෙ ප‍්‍රකාශ් එක්ක වැඩ කළා. රේඩියෝ එකේ යනකොට එතන වැඩකරපු පටබැඳි කියන එක්කෙනා කිව්වා ‘මේක උදේ කන වෙලාවෙ ගියොත් කන්න අප්පිරියා වෙනවා. ඒක හින්ද ඒක නවත්තන්න කියල’. ඊළ`ගට මගේ කොමර්ෂල් එකක් රිජෙක්ට් කළා කොමර්ෂල් බැංකුවට කරපු. මං තමයි ලිව්වෙ ‘ඔබේ ජය අපේ පැතුමයි’ කියල. මේක රේඩියෝ එකේ ගහන්න බෑ කිව්වා ඒක එස්එල්බීසී එක සුබපතනවා වගේ දැනෙයි කියල. ඒ දවස්වල ලොකු බජට් නෑ. තිස්පන්දාහක් විතර. අපි ඉතින් කියනවා එහෙනං අපි මේ තිස්පන්දහ අරන් වෙන තැනකට යනවා කියල. ඔන්න එතකොට අනුමත කරනවා. එහෙම තිබුණ. ඒත් මේ මිනිස්සු නැති වුණාට පස්සෙ සදාචාරය අතින් ගොඩක් පිරිහුණා මේ තැන්. අමු අමුවෙ ළමයින්ව දාලා බ‍්‍රෑන්ඞ් වල නම් කියන්න පටන් ගත්තා. ප්‍රොඩක්ට් එක ඉල්ලලා බල කරන විදිහෙ ඇඞ් කරන්න ගත්තා.

මේ කාලෙදි මං සර්වෝදෙ ආරියරත්න මහත්තයා එක්ක ගම් වලට යන්න පටන් අරන් තිබුණ සත අන්තෙ. අපි ඇඞ්වර්ටයිසින් කරන අය බම්බලපිටියෙ ඉඳන්නෙ ඇඹිලිපිටියට බඩු විකුණන්න හදන්නෙ. බම්බලපිටියෙ ඉඳන් අපි ඇමිලිපිටියට බිස්කට් විකුණන්න හදනවා. ටූත් පේස්ට් විකුණන්න හදනවා. ඒත් ඇඹිලිපිටියට ගියාට පස්සෙ තමයි ඇත්ත තත්වෙ තේරෙන්නෙ.

ඉතිං මට හිතුණ අපි මේ නීඞ් එක අවශ්‍යතාව මුල් කර ගත් සමාජයක් වෙනුවට ග‍්‍රීඞ්, කෑදරකම මුල්කර ගත් සමාජයක් නේද නිර්මාණය කරන්න හදන්නෙ කියල. ඇඞ්වර්ටයිසින් හරහා. ඒක දැනගත්තට පස්සෙ මට තවදුරටත් මේ වැඬේ කරන්න බැරි වුණා. ඒක නොදැනී ඉන්නකං මට ප‍්‍රශ්නයක් තිබුණෙ නෑ. ඒත් මං දැනගත්තා ගම්වල මිනිස්සු මේවා ගැන හිතන හැටි, ඒ ගොල්ලො මේ ගැන කතා කරන හැටි..විශේෂයෙන් පොඩි දරුවන්ට මේවා බලපාන හැටි.

මං හිතුවා මේ ඇති. මේ හැම දේකින්ම අයින් වෙලා ටික කාලයක් ගම්වලට ගිහින් මිනිස්සු එක්ක වැඩ කරනවා කියල. ඔය කාලෙ මං මියුසික් එහෙමත් කරමින් හිටියෙ. මං ගිහින් ගම්වල ළමයින්ට මියුසික් ඉගැන්නුවා. පර්කෂන්.. මං සරණාගත කඳවුරු වලට ගිහින් ඒ කට්ටිය එක්ක වැඩ කළා. ඊට පස්සෙ මං ආයිමත් ඇඞ්වර්ටයිසින් වලට ගියේ නෑ. එකම දේ වුණේ මගේ තාත්තා පෝසත් හින්ද මට ඒ නිදහස තිබුණ.
මම- ඔයා හොඳ උදාහරණයක් සල්ලි ප‍්‍රශ්නයක් නොවුණොත් මිනිහෙකුට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද කියන එකට.

විෂ්ණු- ඔව්. මං ඔය විදිහට ස්වේච්ඡුා වැඩ කරමින් හිටියා. ඉන්දියාවෙ වීඩියො ජර්නලිස්ට් කට්ටියක් එක්ක වැඩ කළා. එක්තර් පර්ශද් කියලා කියල සංවිධානයක් එක්ක වැඩ කළා. ගොඩක් සංවිධාන එක්ක සම්බන්ධකම් තිබුණ. මේ හැම දෙයක්ම කළේ නොමිලේ.

2005දි විතර මට හිතුණ දැන් පොඩි විනයක් ජීවිතේට හදා ගත්තොත් හොඳයි කියල. මං චිත‍්‍රපටි කරන්න ගත්තෙ එහෙම. ඒත් මට  ඕන වුණේ නෑ නළු නිළියො දාලා චිත‍්‍රපටි හදන්න. ඇක්ෂන් කට් කියන චිත‍්‍රපටි මට ගැළපුණේ නෑ. මේ තියෙන දේ සිද්ද වෙද්දි, සිද්ද වෙන විදිහ කැමරාවට ගන්නයි මට  ඕන වුණේ. ඩොකියුමෙන්ටරි, ඒක තමයි මගේ විදිහ. පොඩි කාලෙ ඉඳන්ම මට මේ චිත‍්‍රපටි කරන්න ආසාව තිබුණ. මගේ ඔලූවෙ හැමතිස්සෙම විෂුවල් වැඩ කළා.

ඒක තමයි මං මේ කැමරාවක් අරගෙන කළේ. මං හරිම අකමැතියි භූගෝලීය විදිහට මිනිස්සු බෙදා වෙන් කරන එකට. මට  ඕන වුණේ නෑ ගෝලීය සිතියමක් මැද්දට මගේ ජීවිතේ සීමා කරන්න. මං හරි අකමැතියි කියන්න මං ශ‍්‍රී ලාංකික කියල. මොකද ඒ කියද්දිම ඔයා අයිති වෙනවා මේ භූගෝල සිතියමට. ජාතික ගීය යනකොට නැගිටින්න  ඕන වෙනවා.

අපි කොච්චර මේක කඩාගෙන යන්න ගියත් ඒකටත් බාධක තියෙනවා. විශේෂයෙන් වයසට යනකොට. ජාතික ගීයට නැගිටින්නෙ නැති වුණාම අනිත් අයට ප‍්‍රශ්නයක්. මට තියෙන ප‍්‍රශ්නෙ ඇයි ජාතික ගීයට නැගිටින්නෙ කියන එක. මොකක්ද ඒකට හේතුව? ඒක කරනවා නං ඒක තමන්ගෙ හදවතින් කරන්න  ඕන. එහෙම නැතුව මේ භූගෝලීය සාධක නිසා ඒක කරන්න මං ආස නෑ.

මං ලෝකෙ හොඳට ඇවිදලා තියෙනවා. මං රටවල් 47ට ගිහින් තියෙනවා. දැන් මේ ෆේස්බුක් හරහා කරන එක 1970 ගණන් වල මං එරෝග‍්‍රෑම් හරහා කළා. පෙන්පෑල් ලට ලියපු මිනිහෙක් මම. රුපියලයි එරෝග‍්‍රෑම් එක. සති දෙක තුනක් යනවා යන්න. ඔය විදිහට අවුරුද්දටම ලියුම් දෙක තුනයි එහා මෙහා යන්නෙ. හැබැයි එහෙම යාලූවො හිටියා. නෙට්වර්කින් කියන එක ඒ කාලෙ ඉඳලම මට  ඕන වුණා.

ඔන්න උදාහරණයක් විදිහට මං ලයින්ස් ඩාන්ස් කොම්පැණිය ගැන කියවලා තියෙනවා. රවිබන්දු එක්ක මං ඒ ගොල්ලොන්ගෙ වීඩියො බලලා තියෙනවා. ඉතින් මං දවසක් සැනෆ‍්‍රැන්සිස්කෝ වල ඇවිදගෙන යනකොට පාරෙ එකපාරට මං දැක්කා උඩ ඉඳන් පහලට ලියලා තියෙනවා, ලයින්ස් ඩාන්ස් කම්පැණි කියල. ඒ ගොල්ලොන්ගෙ තියටර් එක එතන. මං තිබ්බ වැඩ ඔක්කොම පැත්තකට දාලා එතන පඩිපෙළකින් නැගලා ඒකෙ මිනිස්සු හම්බුවෙලා ලංකාවෙන් ආවා කියලා මාව අඳුන්නලා දීලා ඒ අයට ලංකාවෙ නැටුම් අඩිය, තුන් අඩිය නටලත්  පෙන්නලා තමයි ආවෙ. මට හිතෙන්නෙ ඒක තමයි ජීවිතේ කියන්නෙ. ඔයා ඒ මොහොතින් මොහොත ජීවත් වෙන්න  ඕන.

මං කසාද බැන්දෙ නෑ. ඒ මට මගේ විදිහට ජීවත් වෙන්න  ඕන නිසා.
මම- ඒ කියන්නෙ ඔයා බ‍්‍රහ්මචාරී වගේ දෙයක් පිළිපදිනවද?
විෂ්ණු- අපෝ නෑ. I am a simple human being with an erected penus (සරල මනුෂ්‍යයෙක්-ඍජුවූ ශිෂ්නයක් සහිත) මගේ ෆේස් බුක් එකෙත් මාව නිර්වචනය කරලා තියෙන්නෙ,simple village folk with urban needs' ගමෙන් ආවට මේ නාගරික අවශ්‍යතානෙ අපිට තියෙන්නෙ.

(-විෂ්ණු වාසුගේ ආන්දෝලනාත්මක වාර්තා චිත‍්‍රපටිය ලබන සතියට)
-චින්තන ධර්මදාස


Sunday, September 23, 2012

අපේ රටේ මිනිස්සු වෙනස්. නොහොත් දිලිත් -දෙරණ සිනමා සම්මාන උළෙල

ලංකාවෙ සිනමාව මැරිලා හු`ගක් කල්. අපි වළ නොදැමූ ඒ කුණ අරගෙන අබ හොයාගෙන දුවන පිස්සු පටාචාරාලා වගේ. මාත් ඇතුළු ලංකාවෙ සිනමාකරුවන්ව මට පේන්නෙ එහෙමයි. ඒත් මේ අබ හොයන්නෙ සිනමාව ගොඩගන්නද අපි ඇතුලෙම කුණුවෙමින් දියවෙමින් ගලන ජීවිතය ගොඩගන්නද කියා එකපාර හිතාගන්නට බෑ. ඒත් ජීවිතය ගොඩගන්න සිනමාවෙන් පුළුවන්කමක් නෑ. ඒත් සිනමාව ගොඩගන්න (හෝ ඒ වගේ මොකක් හරි එකකට) ජීවිත තියෙන මිනිස්සු නං  ඕන වෙලා තියෙනවා.

මේ විදිහෙ (අව)මංගල උත්සවයකට මාත් සහභාගි වුණා පහුගිය සිකුරාදා. ලක්ස් වලින් ස්පොන්සර් කරපු දෙරන පළවෙනි සිනමා සම්මාන උළෙල ඒක. ලෝන්ජ් කියලා ප‍්‍රින්ට් කරපු ඉන්විටේෂන් එක හින්ද ඊට කලින් දවසෙ ඉඳන් ලංකාවෙ කලාකාරයො ගෙවල් ගානෙ ඇවිද ඇවිද ටයි කෝට් හෙව්වා. හැමෝම තමන්ට පුළුවන් උපරිමෙන් දිලිසි දිලිසි උළෙලට ආවා. ‘දෙරණ’ අඩු තරමෙ නෝන්ඩි නැති වැඩක් කරයි කියලා හිතන් මාත් එතන හිටියා.

2011-2012 කියන්නෙ ලංකාවෙ සිනමාවෙ බංකොලොත්ම අවුරුද්ද. මහින්ද චින්තනය වෙනුවෙන් හදපු ගාමණී, මහින්දාගමනය වගේ ප්‍රොපගැන්ඩා චිත‍්‍රපටි වලට බැහැරින් ආවෙ ස්වීට් ඒන්ජල්, චැලෙන්ජර්ස් වගේ පතෝල චිත‍්‍රපටි විතරයි. දෙරන තමන්ගෙ පළවෙනි සිනමා සම්මාන උළෙල මේ බංකොලොත් සිනමා වසර වෙනුවෙන් සීමා කර ගැනීමම ලොකු අවුලක්. මේ චිත‍්‍රපටි ලැයිස්තුව දිහා බලන සිනමාව ගැන සබුද්ධිකයෙක් අඩු තරමෙ තීරණ දෙකක් ගැන හිතනවා. එක්කෝ මේ කාලය වසර දෙකක කාලයක් දක්වා දික්කර ගන්න  ඕන. නැත්තං මේ බංකොලොත් බව පිරිමහන්න වෙනත් කෘතීන් කීපයක් හෝ ඇතුලත් කර ගන්න උපක‍්‍රමයක් පාවිච්චි කරන්න  ඕන. එහෙම නැතුව මෙයාකාරේ සිනමා උළෙලවල් සිනමාව වෙනුවෙන් කරන දිරි ගැන්වීමකට වඩා (ඒ ගොල්ලො කොයිතරං කිව්වත්) වසංගත සිනමාවක් අධිතක්සේරු කරන, සිනමාව තවත් බංකොලොත් කිරීමේ ව්‍යාපෘති විදිහට අඳුරගන්න වෙනවා.

කමල් අද්දර ආරච්චි මේ කතාව වේදිකාව උඩ ලස්සනට කිව්වා. ‘
‘මං ඉන්නෙ හු`ගක් අසනීපෙන්..අමාරුවෙන්. ඒත් මේ සම්මාන උළෙලට ආවම මට හරි සතුටක් දැණුනා. ලංකාවෙ සිනමාවම මං වගේ කියලා මට හිතෙනවා’’

ප‍්‍රධාන අංශයේ ජූරිය විදිහට වැඩ කළේ ජයන්ත චන්ද්‍රසිරි, පැටි‍්‍රක් රත්නායක, රංග දසනායක, බුද්ධදාස ගලප්පත්ති සහ කාන්තා නියෝජනයක් විදිහට සබීතා පෙරේරා. හෙට දවසේ සිනමාව වෙනුවෙන් කියලා වෙනම අංශයක් වෙනම ඇරලා තිබුණ. ඒකෙ විනිශ්චය වෙනුවෙන් හිටියෙ විමුක්ති ජයසුන්දර, බූඩි කීර්තිසේන සහ අනෝමා රාජකරුණා ත‍්‍රිත්වය. නැටුම් ගැයුම් සහ රැු`ගුම් එක්ක කොමඩි ඇතුව සම්මාන දෙන්න පටන් ගත්තා. තෝරා ගෙන තිබ්බ චිත‍්‍රපටි ලැයිස්තුවෙ හැටියට වෙන්න  ඕන විදිහටම ගාමණී පැත්තට සම්මාන සුනාමියක් ආවා. කැපී පේන කාරණයක් වුණේ වෙන චිත‍්‍රපටියක් සම්මාන වෙනුවෙන් නම් යෝජනා වීම පවා සිද්ද වුණෙත් කලාතුරකින්. නගින බහින හැම නලාකාරයෙක්ම අද්මිරාල් සරත් වීරසේකරට පින් දෙන්න පටන් ගත්තා. ඒ අපේ කෘත ගුණ සැළකීමේ ගුණය හින්ද වෙන්න පුළුවන්. හමුදාව රට බේරලා දුන්නා වගේ අපේ සිනමාවත් බේරලා දෙනවා කියන පින් සිතුවිල්ල ඒ අයට ඇති වුණා වෙන්න පුළුවන්.
ගාමණී සම්මාන සහ ඇගයීම් ලැබිය යුතු චිත‍්‍රපටියක්. යම් යම් කාරණා අතින් ඒක ප‍්‍රශස්ත මට්ටමක තිබුණා. ඒත් නාම යෝජනා විදිහට වත් වෙන චිත‍්‍රපටියක් ඉදිරිපත් නොවෙන්න හේතුවක් මට හිතාගන්න බෑ.

උදාහරණයක් විදිහට ‘කිං හන්තර්’ චිත‍්‍රපටිය වෙනුවෙන් මීට වඩා පිළිගැනීමක් අවශ්‍යයෙන්ම ලැබෙන්න තිබුණා. ඒක වුණේ නැත්තෙ ජූරියේ ක‍්‍රියාත්මක වුණු ජාතිකවාදී මතවාදයක් හින්ද කියලා මට අහේතුකම නොවෙන සැකයක් එනවා. මට දැනෙන විදිහට ජයන්ත චන්ද්‍රසිරිගේ කැරිස්මාව නිසා එයාගෙ මේ මොහොතේ සිනමාව ගැන තියෙන හතරැස් විශ්වාසයට යටත් වෙන්න අනෙක් ශක්තිමත් බුද්ධිමය මතවාදයක් අහිමි ජූරි සභිකයන්ට සිද්ද වෙනවා. හොඳම චිත‍්‍රපටය විදිහට ගාමණී සම්මාන ලැබීම අඩුම තරමෙ ලංකාවෙන් පිට ඉන්දියානු චිත‍්‍රපටියක්වත් බලලා තියෙන කෙනෙකුට සෑහෙන්න පුළුවන් තීන්දුවක් නෙමෙයි.

‘අඩෝ, නැගිටලා හූ කියමු?’

මං එහා පැත්තෙ හිටපු උදයාගෙ අතින් ඇද්දා. ඒත් ඌ ආචාරධර්ම ගැන හිතලා එහෙම ආතල් එකකට වත් සෙට් වුණේ නෑ.

‘එහෙම හූ කියන්න බෑ බං. ලෝකෙ කොහේවත් එහෙම වෙන්නෙ නෑ’ විමුක්ති පස්සෙ මං කරන්න ගිය දේ ගැන කිව්වා. ඒත් විමුක්ති සම්මාන දිනපු කාන් ෆෙස්ටිවල් එකේම අන්තෝනියෝනි ගේ ලැවෙන්තුරා ෆිල්ම් එකට ඒබියන්ස් එක හූ කියනවා. ඇරත් ලෝකෙ කොහේ වුණත් නොවුණත් අත්පුඩි ගහන්න  වගේම හූ කියන්නත් පුළුවන්කමක්  ඕඩියන්ස් එකට තියෙන්න  ඕන. විශේෂයෙන් චිත‍්‍රපටකරුවො ඉන්න පේ‍්‍රක්‍ෂාගාරෙක, අනිත් පැත්තට චිත‍්‍රපටකරුවෙක් ඇතුලෙ ස්වයං විදිහට ඒ නිදහස අත්පත් කර ගන්න  ඕන. ඒත් දෙරණට ආපු සිනමාකරුවො සිනමාවෙ වැදගත්කමට වඩා ඇඳන් ඉන්න ඇඳුමෙ වැදගත්කම වැඩියෙන් තක්සේරු කළා.

ගාමණී නරක චිත‍්‍රපටියක් කියලා මං කියනවා නෙමෙයි. ඒත් ඒක වසරේ හොඳම චිත‍්‍රපටිය විදිහට තෝරන්න තරම් සිනමා දැනුමෙන් හෝ රසයෙන් හීන වීම ගැන ඒ ජූරිය ලැජ්ජ වෙන්න  ඕන. ඒ දිහා බලාගෙන අත්පුඩි ගහපු අපි ලැජ්ජා වෙන්න  ඕන. දෙරන සිනමා උළෙලට මං කැමති එකම කාරණය මේ අපේ සිනමාවෙ කට්ටිය දැන් ඉන්න තැන් හෙළුවෙන්ම පේන්න පටන් ගත්ත වේදිකාවක් වුණු හින්ද.

ඊට පස්සෙ තිබුණෙ හෙට දවසේ සිනමාව ඇගයීමේ කොටස. අන්තර් ජාතික වශයෙන් හොඳම පිළිගැනීමක් ලද චිත‍්‍රපටිය තෝරන්න නම් කීපයක් යෝජනා වුණා. ෆ්ලයින් ෆිෂ් සහ නිකිණි වැස්ස එතන තිබුණා. නිකිණි වැස්ස සම්මාන ගත්තා . ෆ්ලයින් ෆිෂ් හෙට දවසේ සිනමාවෙ කිසිම ඇගයීමක් නොලබා දැවී ගියා.
ඒක එහෙම්පිටින්ම විහිළුවක්. ඒ යෝජනා වුණු චිත‍්‍රපටි අතර (ඉනි අවන් ඇතුළුව) ෆ්ලයින් ෆිෂ් තරම් අභියෝගාත්මක සහ සිනමාත්මක කෘතියක් තිබුණෙ නැති බව සහතිකයි. අනිත් කෘති බාල හෝ පහත් කියන සරල තැනට වඩා විශිෂ්ට කෘතියක් අසාධාරණ විදිහට මගඇරීම කියන එකයි මට තියෙන අවුල.

‘පිස්සුද බං. ඒක අපි කාටවත් බලන් ඉන්න බැරි වුණා. අන්තිමයි’
‘ඒක හොඳයි චැනල් 4 එකට’
‘එහෙම ඒවා මේ රටේ යුද්දෙදි වුණාද? පට්ටපල් බොරු තියෙන්නෙ’
‘අපි බැලූවෙ දේශපාලනය නෙමෙයි. අපි බැලූවෙ සෞන්දර්ය පැත්තෙන්’
ෆ්ලයින් ෆිෂ් සඳහා අනිවාර්යෙන්ම හෘදය සාක්ෂියක් ඇති සිනමාකරුවෙක් විසින් දිය යුතු ඇගයීම නොදීම ගැන අහද්දි ජූරියේ කට්ටිය මට කිව්වෙ ඒ වගේ අදහස්.

මේ කාරණය අභියෝගාත්මකයි. ඒ සම්මාන දුන් සිනමාකරුවන්ම ඉත සිතින් පිළිගන්නා අන්තර්ජාතික සම්මාන උළෙලවල විශිෂ්ට ඇගයීම් ලත් කෘතියක් මේ විදිහට නොතකා හරිනවා නම් ඒ ගැන තමන් සතු සුවිශේෂ විග‍්‍රහය මේ ජූරි සභිකයන් විසින් ප‍්‍රසිද්ධියෙ ප‍්‍රකාශ කරන්න  ඕන. මං කියන්නෙ සිංහලෙන් විතරක් නෙමෙයි, ඉංග‍්‍රීසියෙන් පවා. මේ ආන්දෝලනාත්මක, එමෙන්ම ලෝකයේ විචාරකයන් අභියෝග කරන නව සෞන්දර්යාත්මක දෙබස එහෙම නැතුව මහින්ද චින්තන කතිකාවට බයෙන් ගත්  බයගුළු තීන්දුවක් නොවෙන්න ඒක අත්‍යාවශ්‍යයි. ඒ ගැන කවුරුන් හෝ අභියෝග කරන කල් නම් බලන් ඉන්නෙ මේ ලිපියම ඒකට අභියෝගයක් විදිහට බාර ගන්න කියලා මං ඉල්ලන්නෙ සාධනීය අරමුණකින්.

ෆ්ලයින් ෆිෂ් වල සිනමා ආඛ්‍යානයට විරුද්දව ගොඩක් තැන්වල මං කතා කළා. ඒ සමස්ත යුරෝ කේන්ද්‍රීය සිනමා කතිකාවම ගැන විවේචනයක් විදිහට මිස මේ වසරේ ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටතම සිනමා කෘතියක් විදිහට ඒකට හිමි තැන අවතක්සේරු කරමින් නෙමෙයි.  මට අනුව එතනදී තෝරා ගත් අනිත් සිනමා කෘතීන්ට සාපේක්‍ෂව ෆ්ලයින් ෆිෂ් සිනමා සෞන්දර්යයේ විධිමත් පිිළිගත් තත්වයන් මත ඉහළින්ම පිහිටි කෘතිය වෙන්නෙ නිකම්ම.

ෆ්ලයින් ෆිෂ් ඇගයීමට ලක්විය යුතු කාරණා කීපයක් තියෙනවා.

1. පළමු කෘතියක් විදිහට ඉන් ප‍්‍රකට කරන පරිණත සිනමා ගුණයන්

2. මහින්ද චින්තන දේශපාලනයේ ස්වයං, ප‍්‍රකාශිත, අප‍්‍රකාශිත සියලූ වාරණයන් යටතේ කන්තලේ තමන් අත්විඳි සැබෑ ජීවිතය තිරය මතට ගේන්නට අධ්‍යක්‍ෂවරයා කරන අවංක කැපවීම. මෙතනදි අනිත් හැම කෘතියකටම වඩා ෆ්ලයින් ෆිෂ් ඇත්ත ප‍්‍රකාශනයක්. හඳගම නොදන්න යාපනේ මත්ද්‍රව්‍ය ප‍්‍රශ්නෙකට හෑල්ලූ කරද්දි ෆ්ලයින් ෆිෂ් එක්ක සංජීව ඇත්ත සංස්කෘතිය, සමාජය අමුවෙන් ප‍්‍රශ්න කරනවා. ඒක දේශපාලනිකයි.

3.  ඇත්තටම ඒ අවුරුද්දෙ ලෝකයේ වැඩිම පිළිගැනීමක් දිනූ  ශ‍්‍රී ලාංකේය කෘතිය වුණේ ඒක. සමහර උළෙල වලදී විමුක්තිගේ මෂ්රූම් පවා මේ චිත‍්‍රපටිය නිසා අභියෝගයට ලක්වුණා.

4. සිනමාකරුවන් විදිහට තිබිය යුතු හෘදය සාක්ෂිය. සිනමාව යනු සෞන්දර්යය  පමණක් කියලා හිතනවා කියන්නෙ වන්දිභට්ට කලාවක් වෙනුවෙන් පිඹුරුපත් අඳිනවා කියන එක.  කෘතියක වැදගත්ම දේ වෙන්නෙ කන්සෙප්ට් එක. අනුභූතිය. කෘතියෙ දේශපාලනය තියෙන්නෙ එතන.  සර්ව කාලීන වූ කලා කෘති ගැන මිත්‍යාව නූතනවාදයත් එක්ක කෙලවර වුණු මතවාදයක්. ඒ ඒ සෞන්දර්ය ලක්ෂණ පිළිගැනෙන්නෙ අදාල සමාජ දේශපාලන වෙනස්කම් වලට සාපේක්‍ෂව මිසක් එහෙම දේවල් කෘතියක් විසින් යෝජනා කරන්නෙ නෑ. (නිරපේක්‍ෂ සෞන්දර්යය මතවාදයක් නෑ) මේ සම්මාන ලද කෘති වලින් ප‍්‍රකාශ කරනවා කියන සෞන්දර්යය ඒ ජූරියේ දේශපාලනය වෙන්නෙ ඒ විදිහට. හෙට දවසේ සිනමාවෙ සෞන්දර්ය මිණුම් ද`ඩු කියල මේ ජූරියේ ත‍්‍රිත්වය ගන්න තීරණ සර්වකාලීන (දෙවියන් වහන්සේ විසින් දෙන ලද) වගේ පෙණුනට ඒ අවිඥාණක දේශපාලනය වෙන්නෙ නැවතත් මහින්ද චින්තනය. මේ අපොලිටිකල් බව කියන්නෙ පාවිච්චි වීමට.
ඒ අපොලිටිකල් තීන්දු වල පොලිටිකල් හැඩය පේන්නෙ ප‍්‍රධාන ජූරියෙ තීරණ එක්ක එක පෙලට තිබ්බම. සමස්තයක් විදිහට ගත්තම. හොඳම චිත‍්‍රපටිය කියලා ජයන්ත චන්ද්‍රසිරි ගාමණීට පට්ට පොලිටිකල් තීන්දුවක් දෙද්දි හෙට දවසේ සිනමාවෙ කට්ටිය අපොලිටිකල් වෙන්න තීන්දුවක් ගන්නවා. දෙරණෙ දිලිත් ආස විදිහට වැඬේ කෙරෙනවා. ජූරියේ තුන්දෙනාගෙ පොලිටිකල් නොවෙන තෝරා ගැනීම කියන්නෙම ජයන්තගේ පොලිටිකල් තෝරා ගැනීමට සහයෝගය දැක්වීමේ පොලිටිකල් තීන්දුවක් වෙනවා.

හෙට දවසේ සිනමාව වෙනුවෙන් ඉනි අවන්ට සම්මාන ලැබුණ. හඳයා වේදිකාව උඩට ඇවිත් හැමදාම කියන විහිළු කතාව කියන්න පටන් ගත්ත. ‘මේ විනෝද වෙන්න තියෙන කාලයයි. ඉතිං අපි විනෝද වෙමු’ වගේ එක්ස් එකෙන් පස්සෙ උඩදාන්න පුළුවන් විදිහෙ කතාවක් කියලා සම්මානෙ අරන් යන එක හඳයාගෙ පුරුදු විදිහ. එතනට ඇවිත් බලන් ඉන්න  ඕඩියන්ස් එක කිතිකවන්න හදන හඳගමට මූණට මූණ එතන ඉන්න, කෙලින්ම මේ මොහොතෙ දේශපාලනය සහ විශේෂයෙන්ම ඒ සම්මාන උළෙලේ දේශපාලනයට බලපාන දිලිත්ව, තමන්ගෙ යාලූවාව අමතක වෙනවා. ‘මේක දිලිත්ගෙ පාටිය. ඉතින් මාත් ආවා බැලූමක් පුම්බන්න’ වගේ ඇත්ත කතාවක් වෙනුවට ඔහේ ගහගෙන යන විනෝද කතාවකින් හඳයා වීරයා වෙන්න ට‍්‍රයි එකක් දුන්නා. එතකොටම නිවේදකයා ආයිමත් කතා කළා. මිලියනයකින් ආධාර කළා. හඳයා මීක් නොකියා වේදිකාවෙ ඔහේ හිටං හිටියා.

සම්මාන දීපු තුන්දෙනා ට‍්‍රයි කළෙත් හඳගමගේ පරණ වීරත්වය පිටිපස්සෙ හැංගෙන්න. මට තියෙන ගැටළුව හඳගම තවදුරටත් වීරයෙක්ද කියන එක. සමහර කාලවල වීරයො තවත් කාල වලදි භයානක වර්ගයේ තක්කඩි බවට පරිවර්තනය වෙනවා. මට අනුව විදු හැදුවට පස්සෙ හඳගම ආයිමත් ආවෙ නෑ. ඉනිඅවන් කියන්නෙ එයාගෙ තක්කඩිම සිනමා කෘතිය. ඒක නිසා හඳගමට ලැබුණු උදව්ව ජගත් මනුවර්ණගේ ඊළ`ග චිත‍්‍රපටියට ලැබුණා නං මට ටිකක් හරි සතුටු වෙන්න තිබුණ.

මාත් ආසයි වීරයො විශ්වාස කරන්න. ඒත් වීරයො ඇත්තටම මැරිලා (මේ අදහස රාජිත දිසානායකට වඩා වෙනස්) අපිට සිද්ද වෙනවා අන්ධකාරෙ තනියම ඇවිදින්න. අඩු ගානෙ ඇස් දෙක ඇරිලා තියෙන එකවත් එතනදි උදව්වක් වෙයි.

අපොලිටිකල් වීම ඇතුලෙ වෙන්න පුළුවන් නරකම දේ තමන්ගෙ පුද්ගලික අගතීන් තීරණ වලට බලපාන එක. වාස්තවික සමාජ දේශපාලන තත්ව එක්ක තාර්කික ගැටුමක් විදිහට සෞන්දර්යය තීරණය වෙනවා වෙනුවට හු`ගක් දූපත් ලක්ෂණ එතනදි ඉස්සරහට එන්න පුළුවන්. හෙට දවසේ සිනමාව වෙනුවෙන් මගේ යාලූවො තුන්දෙනා කරපු තෝරා ගැනීම් දැක්කම මට මතක් වුණේ ලංකාවෙ ගොඩක් තීරණාත්මක දේවල් සම්බන්ධයෙන් අදාල සරලම කාරණයක්. ‘රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව’.

නැත්තං සුළ`ග එනු පිණිස හදපු විමුක්තිටවත් සිහින දේශයෙන් හදපු බූඩිටවත් කොලොන්නාවෙ දුමින්දට තරම් අමතක වෙන්න විදිහක් නෑ.

ලැජ්ජා නැති සම්මාන උළෙලකට පස්සෙ රෙදි ඇඳගෙන මං ගෙදර ආවෙ අමාරුවෙන්.
අපේ රටේ මිනිස්සු වෙනස්. ඒ වෙනසට ගරු කරන අපි,

-චින්තන ධර්මදාස

Wednesday, September 19, 2012

වරදක් කළත් සිතකින් නොවේ

ෆුටා  එක ගැන ලියන්න අරං දැන් පටන් ගත්ත වාක්‍යය මැකුවා තුන්හතර වතාවක්. කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව. විශ්ව විද්‍යාල ආචාර්යවරු රටේ අධ්‍යාපනය වෙනුවෙන් කියලා කරන මේ සටන ගැන මට ඇත්තට තියෙන්නෙ ගෞරවයක්. ඒ සටන් කරන අරමුණ හින්ද නෙවෙයි. ඒ තියෙන ස්ථාවරය සහ විනය හින්ද. ඒ අතරෙ සුභාරතී වගේ ආණ්ඩුවෙ වැඩසටහන් වලට ඇවිත් දීප්ති වගේ අය නිකං දෙකයි පණහෙ කතා වලින් ඒක බාල්දු කරන්න හදද්දි මට එන්නෙ අප්පිරියාවක්. තඩි පුද්ගලික වෛරයක් ඇරෙන්න එයා සතු දේශපාලනයක් නෑ කියන එක දීප්ති නැවත නැවතත් ඔප්පු කරමින් සිටිනවා. ඉංග‍්‍රීසියෙන් ‘ස්ට‍්‍රැටජි’ කියන්නෙයි ‘සකප්’ කියන්නෙයි එකක් නෙමෙයි, දෙකක්. 

මෙච්චර කල් මට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ව මතක තිබුණෙ පොදු පෙරමුණට ඡුන්දෙ දෙන්න කියලා පත්තර වල දැන්වීම් දාන කට්ටියක් විදිහට. ඊට වඩා විශාල අරමුණක් වෙනුවෙන් (හරි හෝ වැරදි) මේ වගේ කවුරුවත් සීරියස් නොවෙන වෙලාවක සීරියස් විදිහට ජනතාවක් නැති පොලොවක ජනතාව වෙනුවෙන් ෆයිට් කරනවා කියන්නෙ මගේ ඇෙ`ග් හිරිගඩු පිපෙන වැඩක්.

ලංකාවෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන (අධ්‍යාපනය ගැන තවත් ගොඩක් දේවල් ෆුටා එකේ තියෙනවා) කතා කරන්න හිතද්දිම මට මතක් වෙන පරණ අත්දැකීමක් තියෙනවා. ඒ දවස්වල පේරාදෙණියෙ දේශන වලට එද්දි ටී ෂර්ට් අඳින්න බෑ. සපත්තු දාලා එන්න  ඕනි. කෙල්ලන්ට ජීන්ස් බෑ. ඔය වගේ තවත් ගොඩක් විකාර තිබුණ. අපි මේවට විරුද්දයි කියල පොදු ශිෂ්‍යයො අපිට වට කරලා නෙළනවා. අවුරුදු ගානෙම  ඕක ඔය විදිහටම වුණා. අන්තිමට අපි අයින් වෙලා යන දවස් ළං වෙද්දි එක පොදු ශිෂ්‍යයෙක් මාව මුණගැහුන.

‘මචං, උඹලා අපිත් එක්ක අවුල් වෙන්න එපා. උඹලා කියන දේ හරි වෙන්න පුළුවන්. ඒත් මචං කැම්පස් එන්න කලින් අපි දැනගෙන හිටියෙ පඹයො හිටවන්නයි, කුරුල්ලො එළවන්නයි විතරයි. සපත්තු දෙකක් දැම්මෙ මෙහේ ආවට පස්සෙ. උඹලා කියන විදිහට අපිට වෙනස් වෙන්න බෑ මචං. අපිට මේක (විශ්ව විද්‍යාලය) ලොකු තැනක්. උඹලට පොඩි තැනක් වුණාට’

මේ කතාව ඇතුලෙ අපි පට්ට විදිහට විරුද්ද වෙච්ච රැුග් එක සහ පොදු ශිෂ්‍යාව තේරුම් ගන්න පුළුවන් තව ගොඩක් දේවල් මට තේරුම් ගියා. දැන් තත්වෙ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒත් විශ්ව විද්‍යාල ඇතුලෙ ජවිපෙ කරමින් හිටපු කාර්යභාරය එස්බී කියනවා වගේ අපරාධයක් නෙවෙයි. කොළඹ තීරණ ගන්නා මහත්වරුන්ට සහ අපිට අමතක සහ නොතේරෙන කලාපයක සමාජ අනුවර්තනයක් වෙනුවෙන් ඒ ගොල්ලො වැඩ කළා.

ඒ කතාවෙ හැ`ගීම්මය පැත්ත. ඒත් මට අනුව තාර්කික, යතාර්ථයේ කාරණාව මීට වඩා වෙනස්. ඒකට පෙරවදනක් විදිහට ළ`ගදි දවසක රෑක ත‍්‍රීවීල් එකේ එන ගමන් ස්ටෙෆාන් කියපු කතාවක් කියන්නං.
‘මචං, මොකද්ද බං මේ රටේ එඩියුකේෂන් සිස්ටම් එක කියන්නෙ? මුංට පිස්සු. මුං කියනවා අපේ රටේ එඩියුකේෂන් එක හරි උසස් කියලා. හේතුව විභාග අමාරු එක. ගොඩක් කට්ටිය පේල් වෙනවනෙ, ඒක හින්ද එඩියුකේෂන් එක උසස්. මට නං බෑ බං...(ඌ අ`ඩන්න ගත්තා) මචං එක්සෑම් එකකින් ගොඩක් උන් පේල් වෙනවා කියන්නෙ සිස්ටම් එක අවුල්. සිස්ටම් එක හොඳ නං හැම එකෙකුටම ඒක ඇතුලෙ යන්න පාරවල් තියෙන්න  ඕන. කැමති කැමති පැති වලින් යන්න පුළුවන් විදිහට ඩිසයින් වෙලා තියෙන්න  ඕන. කොයි තරං උන් පාස් වෙනවද කියන එකයි සිස්ටම් එක හොඳයි කියන්නෙ. මෙහේ අම්මට හුඩු, මාර අමාරුයි විභාගෙ. එකයි පාස්. ඒක හින්ද එඩියුකේෂන් සිස්ටම් එක මරු. මට තේරෙන්නෙ නෑ බං...’

 ඕස්ටේ‍්‍රලියාවෙ ඉඳලා ආපු ඌට දැන් පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ, මේ රටේ වෙන දේවල් බලන් ඉඳලා. මං මේ කතාව රවිඳුට කිව්වා.

‘මචං, එඩියුකේෂන් එක කියන්නෙම පට්ට අවුලක්නෙ. උඹ හිතපන් උඹට එක තැනකදි උන් කියනවා ‘උඹ පේල්’ කියල. උඹ අවුරුදු ගාණක් කට්ට කාගෙන ඇවිල්ලා ඇවිල්ලා උන් කියනවා ‘උඹ පේල්’. මොන තරං චාටර් කතාවක්ද ඒක? මට  ඕක දැණුනා. මචං එඩියුකේෂන් එකක් කොහොමද මිනිස්සු පේල් කරන්නෙ?’
ෆුටා එක ගැන මට තියෙන ගැටළු නිර්මාණය වෙන්නෙ ඔන්න ඔය කලාප හරහා. මට අනුව ලෙඩා දැන් මැරිලා ඉවරයි. අපි කරේ තියාගෙන ද`ගළන්නෙ මළකඳ. මේ රටේ අධ්‍යාපනය ගියේ අනිත් පැත්තට. සමාජය ඇතුලෙ විශේෂීකරණයක් වෙන පැත්තට මිසක් කර්මාන්තයක් ඇතුලෙ හෝ විෂයක් ඇතුලෙ විශේෂීකරණයක් වෙන කලාපයකට නෙමෙයි. විශ්ව විද්‍යාලවල හිටපු කවුරුත් දන්නවා ක්ලාස් (උපාධියෙ) එකක් කියන්නෙ සිතීමේ හෝ අදහස් විශ්වයේ පුළුල්කම හින්ද හම්බුවෙන එකක් නොවෙන වග. ඒක කොල්ලන්ට නං වනපොත් කිරීම සහ කෙල්ලන්ට නං දේශකයන් එක්ක තියෙන කුළුප`ග ආශ‍්‍රය වගේ කාරණා බලපාන තැනක්. එහෙම ක්ලාස් එකක් ගන්න අය ඊට පස්සෙ විශ්ව විද්‍යාල බාර ගන්නෙ, ආචාර්යවරු විදිහට. රටේ ජනතාවට සාපේක්ෂව ඒ ගොල්ලොන්ගෙ සිතීමත් ‘වැදගත් වෘත්තියක්’ කියන තැනින් කෙළවර වෙනවා. සරච්චන්ද්‍රලා වගේ චරිත නැවත විශ්ව විද්‍යාල වලින් බිහිවෙන්නෙ නෑ. ඒ වෙනුවට මං දන්න කාලෙක ඉඳන් ඉංජිනියරින් උන් එන්ඞීටී උන් එක්ක රණ්ඩු වෙනවා උපාධියෙ තත්වෙ රැුකගන්න. දොස්තර උපාධිය කරන උන් පුද්ගලික දොස්තර උපාධි එක්ක මරා ගන්නවා තත්වෙ රැුක ගන්න. ඒත් මේ රැුකගන්න හදන තත්වෙ මොකක්ද?

අලූත් අදහස් හෝ නිර්මාණ වෙනුවෙන් දැන් විශ්ව විද්‍යාල වල මැදිහත් වීමක් නෑ. මේ වෙද්දි කැළණියෙ විද්‍යා අංශෙන් කරන්නෙ විෂ්ණු දේව අවතාර වලින් අනාවැකි කියන එක. අන්තිමට එක්ස් කණ්ඩායම වගේ පිරිස් විශ්ව විද්‍යාලයට පිටතින් ඉඳන් අරන් එන අලූත් දැනුම් පද්ධති උඩ ලැජ්ජා නැති විදිහට යැපෙන්න සිද්ද වුණා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට (නිර්මාල් දන්නවා ඇති මේක). ඒත් කවුරුවත් දැනුම් ආකෘති වෙනසක් යෝජනා කළේ නෑ. විශ්ව විද්‍යාල පවතින්න එකම හේතුව විදිහට ගෙනාවෙ ගම්බද දරුවන්ට අනාගතයට තියෙන මග විදිහට. මේ අනුකම්පා මාවතේ දිගට යනකොට එන්න එන්නම රටේ සිතිය යුතු තැන්වල සිටිය යුතු සිතිය හැකි මිනිස්සු වෙනුවට දුප්පත්කම එකම හේතුව වුණු අය රටේ පිරෙනවා. ගෙදර පවුල සහ ළමයි ටික මූලික විෂය ප‍්‍රශ්නය වුණු බුද්ධිමතුන් පිරිසක් රටක් ගෙනියන්නෙ කොහාටද? විශ්ව විද්‍යාලවල උගත් පිරිස් කවදාවත් මේ දේවල් සංවාදයට ගත්තෙ නෑ. ඒ වෙනුවට එන්න එන්නම සමාජයෙන් වියුක්ත, අදේශපාලනික ප‍්‍රබන්ධ ඇතුලෙ විශ්ව විද්‍යාල පිරිස් හුදකලා වුණා.

ෆුටා එකේ යෝජනා අතර ප‍්‍රධාන එකක් වෙන්නෙ අධ්‍යාපනය වෙනුවෙන් රජය වියදම් කරන ප‍්‍රතිශතය වැඩි කරන එක. වෙන විදිහකට නං  රජය විසින් තවමත් අධ්‍යාපනය රැකබලා ගත යුතුයි කියන අදහස. ඒක හු`ගක් සීමිත අදහසක්. රජයෙන් නිදහස් වෙන වහාම, පුද්ගලික අංශය සමග බැඳෙන වහාම හැම අංශයක්ම අන්තර්ජාතික තත්වයන්ට සාපේක්‍ෂව වැඩ කරන්න ගන්නවා. වෙළඳපොල තරගකාරීත්වය සහ ඵලදායිතාව කියන කාරණා වලින් දේවල් මැනෙන්න පටන් ගන්නවා. ඒකෙන් දුප්පත් ගැමි ජනතාවට අවස්ථාව නැති වෙනවා කියන කාරණය හැ`ගීම්බර කතාවක් විතරයි. ඒ පරණ බාසාවෙන්ම කියනවා නං, ඉගෙන ගන්න එකා කොහොමත් ඉගෙන ගන්නේය. මගේ බාසාවෙන් කියනවා නං ගමේ රටේ හැම කෙනෙක්ම මේ එකම විදිහෙන් ඉගෙන ගන්න  ඕනෑ කියලා හිතන එකම හණමිටි. ඒ ඒ කොටස් වලට ප‍්‍රායෝගික සහ ඵලදායී වෙන වෙනස් අධ්‍යාපන ධාරා ඇති වෙන්න  ඕන. ඌව යුනිවසිටි එකේ වගේ තේ ගැන, සංචාරක කර්මාන්තය ගැන අලූත් පාඨමාලා ඇතිවෙන්න  ඕන. ඒවට පුළුවන් තරම් ශිෂ්‍යයන්ට ඇතුල්වෙන්න ඉඩ තියෙන්න  ඕන. දැනට තියෙන බෙල්ල කැපෙන විභාග තේරීම් ක‍්‍රමයට වඩා මුදල් කියන  එක එතනදි ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි මට දැනෙන විදිහට.

අනිත් අතට විශ්ව විද්‍යාල වල රාජ්‍ය ස්වරූපය ආරක්‍ෂා කරනවට වඩා ආචාර්යවරුන් ඒවා පෞද්ගලික විශ්ව විද්‍යාල බවට (ජනප‍්‍රිය සටන් පාඨවල හැටියෙන්) පරිවර්තනයේදී වඩාත් සුබ ප‍්‍රතිඵල අත්කර ගැනීම වෙනුවෙන් දියුණු සංවාදයක් ඇති කරන්න  ඕන. අධ්‍යාපනයේ හෝ වෙනයම් ක්‍ෂෙත‍්‍රයක මේ වෙන පරිවර්තනයන් පුළුල් ආර්ථිකමය බලපෑම් එක්කයි සිද්ද වෙන්නෙ. අපිට මේක කල්දමමින් ඉන්න පුළුවන්. ඒත් ඇත්ත අක‍්‍රීය සහ නිෂ්ඵලදායී වීමේ ගැටළුවක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ තියෙනවා. සමස්තයක් විදිහට අපේ අධ්‍යාපන ක‍්‍රමයේ තියෙනවා. ඒකෙ ප‍්‍රධාන හේතුවක් ඒ අධ්‍යාපන ක‍්‍රමය බාර අයගෙ තියෙන අපරිණතකම. එතනදි මේ ක‍්‍රමය බිඳවැටෙන එකට මං කැමතියි. දුප්පතුන් වෙනුවෙන් අධ්‍යාපනය කියන්නෙ සුබසාධනය ගැන කතාවක්. ඒත් ගුණාත්මක අධ්‍යාපන ප‍්‍රවේශයක් කියන්නෙ ඇත්ත අභියෝගයක්.

මට හිතෙන්නෙ සිද්ද වෙන පරිවර්තනය ඇතුලෙ විය හැකි ලොකුම හානිය ‘සිතීම’ වෙනුවට ‘ලාබය’ මූලික වෙලා හැම දෙයක්ම බංකොලොත් වෙන එක. මේ පරිවර්තනයේදි යුතෝපියානු අරමුණු වලට වඩා  සැබෑ ගතිකයන් අධ්‍යනය කරලා ඉන් වඩා සුබවාදී ප‍්‍රතිඵල ලබා ගන්න පුළුවන් ‘අවුට් ඔෆ් ද බොක්ස්’ වර්ගයේ කතිකාවක්  ඕන කියලා මං හිතන්නෙ ඒකයි. ඒ අනුව මේ වෙලාවෙත් ආචාර්යවරුන් අතින් තමන්ගෙ සැබෑ වගකීම පැහැර හැරෙනවා.  ජනතාව පොල්කට්ටකින් වහලා තියන්න මතවාදයක් ගොඩනගලා තේරුමක් නෑ.
ඒත් ආණ්ඩුව පැත්තෙන් ෆුටා කියන්නෙ ලොකු අභියෝගයක්. සර්වඥ ධාතු වගේ මොන මැජික් දාලා අමතක කරන්න හැදුවත් ෆුටා කියන්නෙත් ආණ්ඩුවෙ මතවාදෙම කෙලවරක්. එකදිගට, එක විදිහට, එක කතිකාවක් ගේන එක ඇතුලෙ ආණ්ඩුව ගැන තියෙන සියලූ ප‍්‍රතිවිරෝධතා මේ ‘හොඳ’ අරමුණ වටේ එකතු වෙනවා. ඒකෙන් ආණ්ඩුව පෙරලෙන්න වුණත් ඉඩ තියෙනවා. මොකද ආචාර්යවරුන් මේ වෙලාවෙ අනුගමනය කරන්නෙත් මහින්දගෙන්ම ඉගෙන ගත්ත න්‍යාය.

’අරමුණ හරි හෝ වැරදි විය හැකියි. ඒත් දිගටම එකම අරමුණේ එල්ලී සිටින්න. ඒ අරමුණ නිසැකව ඉටු වනු ඇත’

-චින්තන ධර්මදාස

Saturday, September 8, 2012

මරණය සමග රමණය

මැරෙන එක ගැන මං ගොඩක් දුර හිතුවා. ඇත්තටම මට ඒකෙන් ගැලවෙන්න බැරි වුණා. මරණය කියන ප‍්‍රහේලිකාව කෙලවරක තියාගෙන සරලව සැහැල්ලූවෙන් පුංචි පුංචි දේවල් කර කර ජීවත් වෙන මිනිස්සු දිහා මං ඉරිසියාවෙන් බලන් හිටියා.
හැමෝටම වගේ මරණය ගැන අදහසක් තිබුණා. ඒවා තනිකරම තමන් නොදන්නා, අනුන් දන්නා බව පිළිගන්නා සිද්ධාන්තය උඩ පදනම් වුණු අදහස්. උදා විදිහට බෞද්ධයෝ බුදුන් කියන කර්මය පුනරුත්පත්තිය වගේ දේවල් තම තම නැණ පමණින් ගැටගහලා මරණයේ අවුල විසඳන්න උත්සාහ කළා. අනිත් ක‍්‍රිස්තියානි, මුස්ලිම් අය දෙවියො ළ`ගට යන්න බලාගෙන හිටියා. තව මගේ අලූත් සිතුවිලි පරම්පරාවෙ යාලූවො මරණය රොමාන්තික කළා. සමහරු විප්ලවීය මරණයක සිහින දකින්න කැමති වුණා. පාවුලෝ කොයෙලො වගේ අය ජීවිතය සම්පූර්ණ කරන්නෙ මරණයෙන් කියල කිව්වා.  ඕෂොට එහෙම මරණය කියන්නෙ වැළඳගන්න ඉන්න පෙම්වතියක් වගේ. නොදන්නා අඳුරට යන්න, මේ ශරීරයේ සීමාවෙන් නිදහස් වෙන්න වගේ වෙනම කවි එතන තිබුණා. අන්ධකාරය දිහාවට ඇස් යොමු කරගෙන ඉන්න බකමූණට ආලෝකයේ මහිම නොපෙනෙනවා වගේ මරණය දිහා ඇස් දල්වන් බලන් ඉන්න අයට ජීවිතේ සෞන්දර්යය පේන්නෙ නෑ කියල ඛලීල් ජිබ්රාන් කිව්වා.

ඇල්බට් අයින්ස්ටයින් වර්ගයේ අය ඒක වෙනම විදිහකට මේක විස්තර කරන්න හැදුවා. එයාට අනුව මරණය කියල දෙයක් නෑ. ඒක බයෝසෙන්ටි‍්‍රක් අදහසක්. කාලය සහ අවකාශය කියන රාමුවෙන් එහාට මරණය කියන සංකල්පයක් නෑ කියල ක්වොන්ටොම් පැහැදිලි කිරීමක් ඒක. වූඩි ඇලන් මේ කතාව තවත් ලස්සනට කියනවා. මරණය මට ගැටළුවක් නෙමෙයි, මැරෙන වෙලාවට මං එතන නොඉන්නයි  ඕන. එක විදිහකට ඒක ඇත්ත. මරණය කියන්නෙ අපි කවදාවත් අත්විඳින දෙයක් නෙමෙයි. මරණය දකින්න අපි ඉන්නෙ නැති හින්ද. අපි දන්නෙ ජීවිතේ අන්තිම නිමේෂය විතරයි. මරණය කියන්නෙ ඉතුරු ටිකට ජීවත් වෙන අනිත් අය දෙන අදහස.

මට සිදුහත් ගැන මතක් වුණා. ජීවිතේ ගැන හැම ආධ්‍යාත්මික පැහැදිලි කිරීමක්ම එන්නෙ මරණය ගැන අසීමිත  බය ඇතුලෙන්. සතර පෙර නිමිති දැකලා අසාමාන්‍ය විදිහට බය වෙන සිද්ධාර්ථ කියන්නෙ දුර්වල මිනිහෙක් කියල රොහාන් පෙරේරා දවසක් කිව්වා. එක විදිහකට ඒක ඇත්ත. ඒත් ජීවිතේ හරියටම බිත්තියට හේත්තු කරන වෙලාවක් එනවා. සිද්ධාර්ථ දරුණු විදිහට ‘ඩෙත් ඇන්සයටි’ එක ඇතුලට යනවා. මරණය ගැන අහේතුක අසාමාන්‍ය බය කියන්නෙ කාංසාත්මක රෝගයක් මනෝ විද්‍යාවෙ හැටියට. මාධ්‍ය වලින් මුලූ ලෝකය සම්බන්ධ වීම වැඩි වෙන තරමට අපිට මරණය මුණගැසීම වැඩි වෙනවා. අපි ලෝකෙ වටේම ප‍්‍රවෘත්ති විදිහට දකින්නෙ නැවත නැවත මරණය. ඒ නැතත් ලංකාව ඇතුලෙ දූපත් සීමාවෙ එකම තැන පල්වෙන ජීවිතේ ඇතුලෙ අපි නැවත නැවත අත්විඳින්නෙ මරණය.

මං සිද්ධාර්ථ ගැන මං විදිහට හිතුවා. මරණය ගැන බය දැනෙන්නෙ සමාජයට සාපේක්‍ෂව. සමාජයේ සංස්කෘතික අදහස් සහ බැඳීම් එක්ක මරණය ගැන බය තව තවත් සංකල්පගත කරනවා. සිද්ධාර්ථ කැලේට ගියා. හුදකලා වුණා අවුරුදු ගාණක්. මාරයා නැවත නැවත මුණගැහුණ. එයා මරණය කියන එක බාර ගන්න පුළුවන් ආකෘතියක් නිර්මාණය කර ගත්තා. කර්මය, පුනරුත්පත්තිය වගේ දේවල් මෙතනදි කතන්දර විතරයි. අපි මරණය එක්ක අපේ පුද්ගලික එක`ගතාවයක් හදාගන්නවා. එච්චරයි.

බුදුන් වදාල ධර්මයේ කර්ම හා පුනර්භව සම්බන්ධ කාරණා ඇතුලෙන් තමන්ගෙ මරණය ගැන බලාපොරොත්තුවක් හදා ගන්න ට‍්‍රයි කරන බෞද්ධයෝ අසරණයි. කාලය හා අවකාශය කියන දෙකෙන් එහා පවතින විශ්වයක් ගැන ඒ විදිහෙ කාල අවකාශ පද්ධති විවරණයක් කරන්න තරම් ශාක්‍යමුනි ගෞතම දුර්වලයි කියල මං විශ්වාස කරන්නෙ නෑ.

මරණය කියන්නෙ බලාපොරොත්තුවක් නැති කම. හැම ආධ්‍යාත්මික ගුරු කෙනෙක්ම උත්සාහ ගන්නෙ මරණය ඇතුලට බලාපොරොත්තුවක් ගේන්න. සදාකාලික ආත්මයක් හෝ වෙනයම් මොකක් හෝ බලාපොරොත්තුවක් එතනදි කොන්දේසි විරහිතව බාර ගන්න සහ ඒකෙන් තමන්ගෙ මරණය අමතක කරන්න ජීවත් වෙන මිනිස්සු ලෑස්තියි. ඒක හරි සාංදෘෂ්ටිකයි. හරි හෝ වැරදි විශ්වාසයක් ඇතුලෙන් මරණය තරණය කිරීම. එතනදි බෞද්ධයො අසරණ වෙනවා. බුදුන් කියන්නෙ ‘මොකුත් නෑ’ කියල. පිටක තුනක් පුරා පොත් වනපොත් කර කර අපේ හාමුදුරුවරු උත්සාහ කරන්නෙ මොකක්ද? මේ නැති එක ඇති කරන්න. එතන සමීකරණ හදන්න. උදාහරණයක් විදිහට ව්‍යවහාර සිතුවිල්ල ඇතුලෙ නිර්වාණය කියන්නෙ බලාපොරොත්තුවක්. අමා මහ නිවන් සුව කියලා කියන්නෙ ඒ රොමැන්ටික් හිතුවිල්ලට. ඒත් මං දැකපු ශක්‍යමුනි කියන්නෙ ඊට වඩා වෙනස් කතාවක්.

මරණය ගැන මං ස්ටෙෆාන් ගෙන් ඇහුවා. එයා ටිපිකල් ‘ජෙන් වයි’ පොරක්. ‘මචං ඩෙත් එකට වඩා ඩෙත් එක ගැන හිතන හිතුවිල්ලයි වැදගත්. අපි මේ මොකක්ද හොයන්නෙ. මචං හැපිනස්. අපි ඩෙත් එක ගැන හිතන්නෙත් අපිට හැපිනස්  ඕන හින්ද. බුද්ධ නිර්වාණය ගැන කියන්නෙ ‘ඩෙත්’ ස්ටෝරි එකක්ද? නෑ. ඒක හැපිනස් ගැන ස්ටෝරි එකක්. ඉතිං මට හිතෙන්නෙ කොයි විදිහකට අපි ඩෙත් එක ගැන කතා කරත් ඒක කතා කරන්නෙ අපේ එකම හියුමන් තෝට් එකක් ඇතුලෙ. ඒ තමයි ‘වී නීඞ් ටු බී හැපි’. එතකොට මට කවුරු හරි ටොපියක් කාලා ගන්න හැපිනස් එකයි, බුද්ධ නිවන හොයලා ගන්න හැපිනස් එකයි අතරෙ ලොකු වෙනසක් නෑ’ ඌ පොඩි වුණාට දුර හිතන්න පුළුවන් බුද්දිමත් බට්ටෙක්.

ළ`ගදි ඩෙනිස් හම්බුණාම ඌ සිරා කතාවක් කිව්වා. ඒක සිරා වෙන්නෙ ඌ මෙච්චර කල් මං දැක්ක දෙයක් වෙනස් විදිහට පෙන්නපු හින්ද. ‘මචං අපේ ථේරවාදය මරු. අනිත් හැම ආගමක්ම කියන්නෙ සදාකාලික ආත්මයක් ගැන. මුලූ ලෝකෙම එන්නෙ හින්දු ආගමේ තැනකට. මහායානෙ වුණත් එහෙමයි. ඒත් ථේරවාදෙ හරි හෝ වැරදි තනියම මේකට විරුද්ද පැත්තෙ ඉන්නවා. අනාත්ම කියන තැන. ඒක හරි ඔරිජිනල් කියලයි මට හිතෙන්නෙ’

ඩෙනිස් කියන කතාව එක විදිහකට ඇත්ත. අවුල තියෙන්නෙ අපි බුදුන් වදාල ධර්මය අකාලිකයි කියල නිරපේක්‍ෂ තැනකින් ගන්න යන එක. කිසිම දර්ශනයක් එහෙම අකාලික හෝ ලෝකෝත්තර වෙන්න බෑ, ඒ දර්ශනය භාෂාව ඇතුලෙ කියවෙන කල්. භාෂාවෙ වෙනස්කම් එක්ක ඒකට ලැබෙන අර්ථ වෙනස් වෙන්න ගන්නවා. හොඳම උදාහරණය තමයි නිවන. ශාක්‍යමුනි ගෞතම තමන් තේරුම් ගත්ත දේ කියන්නෙ ඒ කාලෙ මුල්බැහැගත්ත මහ විශාල බ‍්‍රාහ්මණ හින්දු දර්ශනයට ප‍්‍රතිවිරුද්ධව. අපෙන් පිට පවතින මහා ආත්මයක් ගැන අදහස කුඩුපට්ටම් කරලා එයා කියනවා ‘මොකුත් නෑ’ කියල. එතනදි එයා මොකුත් හොයාගෙන යන එකත් අධෛර්ය කරනවා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පෙරුම් පුරාගෙන ඇවිත් ගත්ත අවබෝධයක් ගැනයි බුද්ධ කතා කරන්නෙ. හදිස්සියෙ මේ ආත්මෙ නිවන් යන්න ට‍්‍රයි කරනවා වෙනුවට එයා කියන්නෙ ජීවිතය ඇතුලෙන් එන අවබෝධයක් ගැන. මොකද මේ මරණය ගැන තියෙන භීතිය නිසා එයා ජීවිතේ අත්ඇරලා දුවපු කෙනෙක්. අවබෝධයෙන් පස්සෙ බුදුන් ආයිමත් ටවුමට එනවා. ඊට පස්සෙ ජීවිතේ වැඩි කාලයක් එයා ගත කරන්නෙ ටවුමෙ. රජවරු සිටුවරු එක්ක. එයා ජීවිතේ ගැන වෙනස් සිතීමේ ආකෘතියක් හදාගන්නවා. පරමාර්ථ සත්‍යය සහ සම්මුති සත්‍යය කියන දෙකම දරන අවබෝධයක් ඇති ධර්ම කායක්... බුදුන් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මැරෙන කල් තමන් විසින් ගොඩනැගූ නිදහස් සංස්කෘතියක් ඇතුලෙ ජීවත් වෙනවා. පාලියෙන් කියවෙන බුද්ධ කතාව සිංහලෙන් තේරුම් ගන්න අපේ ඇත්තො ඒක වෙනම භාෂිතයක් කරනවා. බුදුන්ව අසූ අට රියන් උස කරනවා. ඒ මරණ බයේ තරම.

ජීවිතය සහ මරණය අතර බෙදීමමයි ලෞකික සහ ආධ්‍යාත්මික බෙදීම කියන්නෙත්. ගත කරන ජීවිතයට බැහැරින් තියෙන, පිළිවෙත් පුරන, බවුන් වඩන ආධ්‍යාත්මික මාර්ගයක් කියන්නෙ ජීවිතයක් නැති මරණයක් වගේ. ඒක මානසික ප‍්‍රතිකාරයක් විදිහට හොඳ වෙන්න පුළුවන්. ඒත් මේ බෙදීම සමස්තයක් විදිහට ජීවිතේ දකින්න සහ විඳින්න තියෙන ඉඩකඩ අවුරනවා. ජීවිතය එන්න එන්න පුංචි වෙවී යන ලංකාව වගේ දූපතක මරණය විශාල වෙන්න පටන් ගන්නවා. බුඩිස්ට් චැනල් වලින්, දොර ම`ඩලාවෙන්, පෝය දවස් වලින් පිරෙන්නෙ මරණය. ඒකෙන් ජීවිතය ගැන තියෙන් අනිත් හැම මනුෂ්‍ය විෂයක්ම අහෝසි කරනවා. උදා විදිහට චන්දන ජයරත්න අපේ තාරකා විද්‍යාඥයෙක් වුණාට කතා කරන්නෙ තරු ගැන නෙමෙයි. අපේ මනෝ විද්‍යාඥයො කතා කරන්නෙ භූතයො ගැන. අපි ඡුන්දෙ දෙන්නෙ ලෞකික කාරණා වලට නෙමෙයි. ලෝකෝත්තර කාරණා වලට.

මට ලා ඕට්සුගෙ කවියක් මතක් වෙනවා.
‘රෝදයක් හදන්න ස්පෝක් කම්බි එකතු වෙනවා තමයි
ඒත් හබ් එක ඇතුලෙ තියෙන හිඩැස නිසයි රිය ඉදිරියට යන්නෙ.
බඳුනක් හදන්න මැටි  ඕන වෙනවා තමයි
ඒත් බඳුනෙ හිස්කම නිසයි ඒක වැඩදායී වෙන්නෙ
බිත්ති, දොරවල්, ජනෙල් කාමරයක් හදනවා තමයි
ඒත් ඒකෙ හිස් ඉඩ නිසයි ජීවත් වෙන්න පුළුවන්
හැමතිස්සෙම පවතින දේට
වටිනකම දෙන්නෙ නොපවතින දෙයින්.

මගේ යාලූවෙකුත් තනිකම සහ බලාපොරොත්තුවක් නැතිකම නිසා මරණය ගැන හිත හිත කාලයක් ගත කළා. ඒත් ළ`ගදි මිනිහා දකිද්දි ඇස් ආයිමත් ජීවිතෙන් පිරිලා.

‘මචං මං කාලෙකට පස්සෙ සිරා ගෑණියෙක් එක්ක නිදාගත්ත. අඩෝ එකපාරටම මාව අනිත් පැත්තට තල්ලූ වුණා. අර කාලකණ්ණි මරණ බය කොහෙන් ගියාද නෑ. මචං අපි හොඳට සෙක්ස් කරන්න  ඕන. එතකොටයි ජීවිතේ දැනෙන්නෙ. ඔය ආධ්‍යාත්මික කතා කියන්නෙ සෙක්ස් නැති වුණාම ඇ`ගට දැනෙන හිස්කම. ඇ`ග තමයි බං ජීවිතේ කියන්නෙ’
සහතික ඇත්ත.

-චින්තන ධර්මදාස


Monday, September 3, 2012

Menu එක කියන්නෙ Dish එක නෙමෙයි

අපි ලියන දේවල් කවුරු හරි කියවනවද? ටිකක් පළල් විදිහට ඇහුවොත් තවදුරටත් අපිව කවුරුවත් අහගෙන ඉන්නවද? යාලූවෙක් එක්ක ? කතාවක් මැද්දෙදි අපි පටුමගකට හැරුණ.

මං හිතන්නෙ තවදුරටත් කවුරුවත් කියවන්නෙ නෑ කියල. උදා විදිහට මේ ලිපිය වුණත් වාක්‍ය දෙක තුනකින් එහාට කියවන්නෙ නොගිණිය යුතු තරම් සුළු ප‍්‍රමාණයක්. ලංකාවෙ මේ මොහොතෙ කියවීම ගොසිප් වෙබ් නිව්ස් එකක දිග පළලින් එහාට යන්නෙ නෑ. ඒ භාෂාව, ඒ වැදගත්කම, ඒක තමයි සීමාව. ඒකෙ හොඳ හෝ නරක ගැන අපිට මොකුත් කියන්න බෑ. මොකද ඒක තවත් ගොඩක් සාධක මත අන්තර් විදිහට පදනම් වෙන කාරණයක් හින්ද.

ලංකාවෙ විනෝදය මේ වෙලාවෙදි දේශපාලනය. ඒක හින්ද මියුසික්, ෆිල්ම්, ආර්ට් ඔක්කොම අවසන් වෙලා ඉවරයි. මිනිස්සු ෆන් එකක් ගන්නෙ දේශපාලන ප‍්‍රබන්ධ වලින්. කටුගෙයි හොරකම, සරසවි ප‍්‍රශ්නය, ඉසෙඞ් ස්කෝර්...එතනින් එහාට කවුරු හරි ඒකෙන් සීරියස් දේශපාලනික වෙනසක් වෙනවා කියල විශ්වාස කරොත් මං කියන්නෙ මෝඩයි. එහෙම වෙන්න විදිහක් නෑ. එහෙම ආඛ්‍යාතයක් මේ මොහොතෙ භාෂාවෙ නෑ.

කතාව ඔය විදිහට රෝල් වෙලා මහින්ද ළ`ගට ආවා. මං මහින්දට ප‍්‍රතිපක්ෂ තැනක ඉන්නවා වගේ තැනකින් යාලූවා පටන් ගත්තෙ. ඒක වැරදියි. ඇත්තටම ඒකෙ අනිත් පැත්ත. මං මහින්දට කැමතියි. සහ මහින්ද කියන්නෙ මට අනුව ලංකාවෙ පළවෙනි පශ්චාත් නූතන නායකත්වය (ඒ පශ්චාත් වචනෙ ලියද්දි දැනෙන හිරිකිත) මහින්දගෙ දේශපාලනය ලංකාවෙ මෙතෙක් දත් දේශපාලනයෙන් කියවන්න බැරි එකක්. මෙච්චර කාලයක් රට තනි එක අදහසක් යටතේ පාලනය වෙනවා කියන එකයි අපේ දේශපාලන ඔලූ අඳුරන මොට්ට ඇත්ත. ඒක නිසා මතට තිත හරි සදාචාරය හරි මොකක් හරි කාරණයක් රටේ පාලනය ගැන පොදු අදහසක් කියලයි තේරුම් ගන්නෙ. ඒක නිසා මතට තිත තියෙද්දි බාර් අරින එක ඒ ගොල්ලොන්ට අනුව අවුලක් වෙනවා. කොළඹ කැසිනෝ අරින එක හිතා ගන්න බැරි වෙනවා. ඒත් මහින්ද කියන්නෙ එහෙම තනි අදහසක් නෙමෙයි. ලංකාවෙ එක එක පංතියට එක එක විදිහට විනෝදය සපයන්න එයාට පුළුවන්. ඒ වෙනුවෙන් එයා ළ`ග එක එක විදිහෙ විහිළුකාරයො ඉන්නවා. හිනා යන විහිළුවක් කරන්න බැරි අය කැපිලා යනවා. උදා විදිහට මතට තිත කියන්නෙ මාස් (පොදු) එකට දෙන අදහස. ඒත් කොළඹ විනෝද සමාජයට ඒකෙ බලපෑමක් නෑ. මහින්ද ඒ දෙකම වෙනුවෙන් වැඩ කරනවා. ඒ ඒ සමාජ මානසික කලාපයට අදාල දේවල් කලමනාකරණය ඇරෙන්න මහින්ද කියන්නෙ මට තනි පුද්ගලයෙක් නෙමෙයි. මතවාදයක් වගේ ආකෘතික තැනක් වෙනුවට වෙනුවට එයා වැඩකරන්නෙ ලාභය වගේ ෆන්ක්ෂනල් තැනක. ඒක හින්දම කවුරු හරි මහින්ද එක්ක මතවාදී ගැටුමකට ගියොත් ජෝක් වෙනවා. එයා සෙල්ලම් කරන්නෙ  ඕඩියන්ස් එකට. එයාගෙ ඇතුලෙ දෘෂ්ටිවාදයක් නෑ (නැත්නම් ඔබට කැමති දෘෂ්ටිවාදයක් තෝරා ගත හැකියි) මේ නායකත්ව ස්වරූපයට දේශපාලනිකව අභියෝග කරන්න නෙමෙයි අඩු තරමෙ ඒ ක‍්‍රියාකාරීත්වයෙ ගතිකයන් තේරුම් ගන්නවත් තරම් අපේ අනිත් දේශපාලන නායකයො පළල් නෑ.

මහින්ද තමන්ගෙ පාලනය කරන්නෙ තියරි වලින් නෙමෙයි. චක‍්‍ර ලේඛ, නීති වගේ දේවල් නිකං මැනර්ස් වගේ. එයා කෙලින්ම අදාල තැනට කෝල් කරනවා. නැත්තං ගෙදරට යනවා. ‘ලංකාව දූපතක්’. මහින්ද ලංකාව ගැන පළවෙනි සත්‍යය දන්නවා. මේක ස්මෝල් මිරකල් නෙමෙයි බිග් මිරකල්.. ලංකාවෙ ටුවරිස්ම් ගැන ප‍්‍රචාරක වැඩකදි මහින්ද විරුද්ද වෙනවා. එතනදි එයා ලංකාව ගැන දෙවන සත්‍යයත් දන්නවා. දූපතක් වුණාට අපි හිතන්නෙ ලෝකයක් කියල.ඒ තමයි සුද්දගෙ තේ වත්තෙ වැඩ කරන්න බෑ කියපු කාලෙ ඉඳන් අපේ තියෙන සංස්කෘතික උරුමය...හීනමානෙ.

ඒක නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ විරෝධතා රැස්වීම් වගේ දේවල් වුණත් මේ මොහොතෙ විනෝදයක් සැපයීම වගේ උපයෝගීතාවයකින් එහාට වැඩකරන්නෙ නෑ කියලයි මං හිතන්නෙ. ඒ ආචාර්යවරුන් කවදාවත් නැති තරං හයියට සහ විනයක් ඇතුව තමන්ගෙ සටන අරගෙන යනවා. ඒක ඇත්ත. ඒත් වැදගත් වෙන්නෙ අනිත් විහිළු වලට කොච්චර වඩා කොච්චර හිනස්සන්න මේ විහිළුවට පුළුවන්ද කියන කාරණය විතරයි. ඒ සටන් තවදුරටත් ඩ‍්‍රාමා එකක්. එහෙම ඇත්ත ජනතාවක් නෑ. ඉන්නෙ නාට්‍යයක් වගේ ඒ දිහා බලන් ඉන්න  ඕඩියන්ස් එකක්.

අපිව තවදුරටත් අහන් ඉන්න කවුරුත් නෑ කියල මං කිව්වෙ ඒකයි. අපි ලියද්දි කියවන්නා ඇත්තක් කියල හිතං ලියන එකෙන් අපි ජෝක් වෙන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් මේ කාරණය අනිත් පැත්තට වැඩ කරවන්න. කියවන්නෙක් නැති නිසා අපිට පුළුවන්  ඕනම දෙයක් ලියන්න. වාක්‍ය කීපයකින් එහාට අපි ලියන එක පාඨකයාට වැඩක් නෑ. එතනින් එහාට අපිට තියෙන්නෙ ලොකු හිස් වේදිකාවක්.  ඕන දෙයක් කෑ ගහලා කියන්න පුළුවන්. කවුරුවත් නෑ. හෙළුවෙන් වුණත් ඉන්න පුළුවන්. චූ කරන්න පුළුවන්. කොච්චර නිදහසක්ද..... මං කියන්නෙ අපිට දැන් ආර්ට් ගැන හිතන්න වෙන්නෙ එහෙම.

 ජනතාවට ජනතාව ඉල්ලා සිටි දේ ලැබෙමින් තියෙනවා. සිංහල බොදු මහ ජනතාව තමන්ගේ නොස්තැල්ජියාවම ආතල් එකක් කොට අනුභව කරමින් වාසය කරනවා. තමන්ගෙ මේ පොලොව ගැන තියෙන අත්දැකීමෙන් ලත් ප‍්‍රඥාව තිබුණට ආර්ථික කාරණා හරියට කළමනාකරණය කර ගන්න මහින්දට බැරි වෙනවා. අපේ ජාතික සංස්කෘතික උරුමයන් ගැන කාරණා වලින් රටක් දියුණු කරන්න දෙන උදව්ව ඍණ එකක්. බොරුවට බෞද්ධාගමික අර්ථ විද්‍යාව වගේ එකක් දෙකක් සරල කාරණා කිව්වට බුද්ධාගම මූලික අපේ කෘෂි චින්තනය දියුණුවක් පැත්තට වැඩ කරන එකක් නෙමෙයි. ඒක කුසීතයි. ඔක්කොම අනිත්‍යයි කියන අනිත්‍ය දැක්මෙ පිහිටාමයි ඉන්නෙ. කොයි තරම් ඒ කෘෂි චර්යාවන් එක්ක අපි නූතනකරණය වෙලාද කිව්වොත් ගොඩක් කොළඹ ත‍්‍රීවීල් එලවන කට්ටිය ඉන්නවා මීටර් හයි කර ගන්නෙ නෑ..හේතුව හයර් වැඩි වුණාම බජාර් එකේ කොල්ලො එක්ක ගන්න ආතල් නැති වෙන හින්ද..පුදුම අල්පේච්ඡුතාවයක්.

මේ වඩා ජනප‍්‍රිය අදහස ඉස්සරහට ගැනීමේ මහින්ද චින්තනය ඇතුලෙ (පොදු එකේදි) ජීවිතය වෙනුවට මරණය ගැන අදහස් ශක්තිමත් වෙන්න ගන්නවා. ආර්ථික අතින් ජීවත් වීමට බලාපොරොත්තුවක් අහිමි වීමේ ඇත්ත සහ තමන්ගේ නොස්තැල්ජික් සංස්කෘතික ප‍්‍රබන්ධය ඇතුලෙ ජීවත් වීම (කුඩු ගැහුවා වගේ) කියන දෙක ඇතුලෙ මේ සමස්තය ලොකු මානසික අවපීඩනයකට යනවා. මහින්දගේ ලේයර්ඞ් (තල ගණනාවකින් එකිනෙකට වෙනස්ව ක‍්‍රියාත්මක වන) දේශපාලනය ජනප‍්‍රිය තලයෙන් එහාට රටේ නිෂ්පාදන බලවේග අවදි කරන්න පුළුවන් සැබෑ ගතිකයන් දක්වා වර්ධනය කරන්න පුළුවන් මතවාදමය අවකාශයක් නිර්මාණය නොවීම ඇතුලෙ මේක සිද්ද වෙනවා කියලයි මට පේන්නෙ. ලංකාව  ඇතුලෙ මේ ඛණ්ඩිත මතවාදමය ස්වරූපය ඇත්තක්. මෙච්චර කාලයක් දේශපාලනය ඇතුලෙ සිද්ද වුණේ තමන්ට අදාල නොවන වෙනත් මතවාදයකට ජනතාව බලෙන් පරාරෝපණය වුණු එක. ඒ වෙනුවට රටේ දේශපාලන නායකත්වය ඒ ඛණ්ඩිත ස්වරූපය ආකෘතියක් විදිහට තෝර ගන්නවා. වඩාත් බලවත්ව නැගෙන ජනතා මතවාදය සමග එක`ග වීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඒක. (ජනතාවගේ මෝඩකමෙන් එහාට පාලනය යන්නෙ නෑ) එතනදි බලවත්ව නැගෙන්නෙ රෝගයක් නම් ආණ්ඩුව ඒ රෝගය සමග එක`ග වෙනවා. යුද්දයේදී තෝරා ගත් ජනප‍්‍රියවාදී අදහස් ආර්ථික කාරණා එක්ක ගැලපෙන අවකාශයකට තල්ලූ කර ගන්න බැරි වීමත් සමග ජනතාව යන්න තෝර ගන්නෙ අතීතෙට. මරණයට.

මිනිස්සු තමන් විසින් යටපත් කළ ලිංගික ආශාවන්ගෙන් මෙහෙයවෙනවා කියන ෆ්‍රොයිඩියානු අදහස අභියෝග කරමින් ජේසන් සිල්වා කියන ප‍්‍රසාංගික දාර්ශනිකයා ‘මිනිස්සු යටපත් කරගෙන ඉන්නෙ මරණයේ භීතියයි’ කියල කියනව. තමන්ගේ මරණය පිළිබඳ දැනුවත් එකම සත්ත්ව වර්ගය විදිහට මරණය ගැන භීතිය හැම මිනිස් කාරණයක් පිටිපස්සෙම තියෙනවා කියල එයා කියනවා. එතනදි මේ මරණය ගැන භීතිය මග හරින්න ශිෂ්ටාචාරය ක‍්‍රම තුනක් තෝර ගන්නවා. එකක් ආගමික විදිහ. තමන්ගේ මරණයෙන් පස්සෙ යන තැනක් ගැන ආගමික විශ්වාසයක් මේක. ඒ විශ්වාසයෙන් තමන්ගේ ජීවිතය නිර්මාණය කරනවා. උදා විදිහට අපේ බෞද්ධයන් ජීවත් වෙන්නෙ මරණෙන් පස්සෙ දෙව් ලොව සැප විඳින්න උවමනා කාරණා හිතේ තියාගෙන. ක‍්‍රිස්තියානි අය දෙවියන් වහන්සේගෙ නඩු තීන්දුවෙදි දෙන්න පුළුවන් උත්තර ගැන.. මුස්ලිම් අය, කියල වැඩක් නෑ.

ඒත් මෙතනදි බෞද්ධයො ගැන මට පුදුම හිතෙනවා. ගෞතම කියලා තමන් විසින්ම බුද්ධත්වය පසක් කළා කියන ශාස්තෘන් කෙනෙක් මරණය ගැන කල්පනා කිරීමෙන් ජීවිතය අත්හරින්න කරන යෝජනාවකට ඒ ගොල්ලො එක`ග වෙනවා. (මං කතා කරන්නෙ ව්‍යවහාරික බෞද්ධ මතය ගැන) අනිත් ආගම් හැම එකක්ම යෝජනා කරන්නෙ ජීවිතය පැත්ත (ආශාව) තවත් විශාල කර ගැනීමක් ගැන. උදා විදිහට හින්දු ආගමේ සදාතනික ආත්මය ගැන අදහස. ඒත් බුදුන් කියන්නෙ සියල්ල අත්හරින්න. ඒ අනිත්‍ය නිසා (මරණය නිසා). මේ කාරණයේ තියෙන ඇත්ත නැත්ත නෙමෙයි ප‍්‍රශ්නෙ. මේකෙ තියෙන මූඞ් එක. දුක. හිස්කම. කවුරු හරි ඒක ජීවිතය පිළිබඳ සත්‍යය කියල කියනවා නං ඒක හරි සරල කතාවක්. ඒත් බෞද්ධයන් තමන්ගෙ තනි ජීවිතය වඩා නිදහසේ විඳීම වෙනුවට කැප කිරිමේ මාර්ගය උත්පත්තියෙන් තෝර ගන්නවා. බුදුන් විසින් වදාරන පාරභෞතික ආකෘතියක් පිළිගන්න ගමන්. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මග... මේවා ගැන අද අපි කතා කරන හැම දෙයක්ම එක්තරා ප‍්‍රබන්ධයක්. ඒ ප‍්‍රබන්ධය නිසා කුතුහලය සහ විනෝදය කියන මනුස්ස කාරණා අපි පවත්වා ගන්නෙ හරිම ප‍්‍රාථමික තලයක. අපි යුද්ද කළෙත් ඒක රට බේරා ගැනීමේ මහා කුසලයක් කියල කිව්වට පස්සෙ.

මරණය මග හැරීමෙ දෙවෙනි අවස්ථාව විදිහට එයා කියන්නෙ මරණය රොමාන්තික කරන එක. අපි ආදරය එක්ක මරණය ගැටගහනවා. එයා වළාකුල්..සුළ`ග..කියල කියනව. ටික කාලෙකදි මේ මරණය පරද්දන රොමාන්තික ප‍්‍රබන්ධය දරන්න ඇත්ත ශරීරයට බැරි වෙනවා. සම්බන්ධතා ඇතුලෙ මහා පිපිරීම් ඇති වෙන්න ගන්නවා. ඒත් ටික කාලෙකට හරි අපිට මරණය ගැන අදහස අමතක කරන්න  පුළුවන් වෙනවා.

තුන්වෙනි කාරණය විදිහට කියන්නෙ නිර්මාණකරණය. අපි අපිට වඩා විශාල දේවල් නිර්මාණය කරනවා. අමරණීය වෙන්න. කලාවන්, විශාල තාක්‍ෂණයන් හැම දෙයක්ම බිහිවෙන්නෙ මේ අමරණීය සිහිනය ඇතුලෙ. අඩුම තරමෙ අපි පවුලක් හරි නිර්මාණය කරනවා, භාෂා ලෝකයක හරි අමරණීය වෙන්න.

ඒත් ජේසන් මෙතනදි හතරවැන්නක් යෝජනා කරනවා. ඒ ඇත්තටම මරණය අභියෝග කරන එක. ජාන ඉංජිනේරු විද්‍යාව සහ අප සතු සියලූ හැකියාවන් උපයෝගී කරගෙන අපේ ජීව විද්‍යාත්මක භෞතිකය වෙනස් කරන්න එයා යෝජනා කරන්නෙ. ඒක ඇත්තට පුළුවන් වෙයි. අවුරුදු 1000ක 2000ක මිනිස් ජීවිතයක්... ඒත් ලංකාව වගේ රටක අවුරුදු 50ක් වත් කරන්න තියෙන්නෙ මොනවද? අපි යන්නෙ අනිත් පැත්තට. නලින්ද සිල්වා කියනවා වගේ අපිට ක්වොන්ටම් වලට වඩා වැදගත් වෙන්නෙ මහසෝනාව. විෂ්ණු අවතාර.

කරුණු ඔක්කොම එක තැනකට එක මතයකට ගේන්න  ඕන කියල හිතුණත් මං ඒක නොකර ඉන්නවා. ඛණ්ඩිත අදහස් දැක්වීමක් එක තැනකට ලක්ෂගත වුණු මතවාදයකට වඩා විහිළුවක්, විනෝදයක් ඔලූව ඇතුලෙ නිර්මාණය කරාවි.

-චින්තන ධර්මදාස