Friday, July 30, 2010

ප‍්‍රධාන ධාරාවේ චිත‍්‍රපට කර්මාන්තය දැන් බිම. මට පීටර් ග‍්‍රිනවේ කියපු කතාවක් මතක් වෙනවා.


ප‍්‍රධාන ධාරාවේ චිත‍්‍රපට කර්මාන්තය දැන් බිම. මට පීටර් ග‍්‍රිනවේ කියපු කතාවක් මතක් වෙනවා.
‘චිත‍්‍රපටි කර්මාන්තය ඉවරයි‘ ග‍්‍රීනවේ කිවුවාම 2007 පූසාන් සම්මාන උළෙලේ ගොඩක් අය කලබල වුණා. මේ තරම් සිනමා උළෙලනල් පවත්වද්දි, මේ තරං චිත‍්‍රපටි කෙරෙද්දි සිනමාව මැරිලා කියන්නෙ කොහොමද?
ග‍්‍රීනවේ කලබල වුණේ නෑ. ‘ ඩයිනෝසෝර් කෙනෙක්ගෙ ඔලූවට සඳු\ා වෙඩි තිබ්බොත් වල්ගෙ මැරෙන්නෙ සිකුරාදාට. දැන් සිනමාවෙ ඔලූව ඉවරයි.” ග‍්‍රීනවේ පැහැදිලි කළා.

සිනමාව මැරුණෙ 1983 දි. ඒ රිමෝ්ට් කොන්ට්‍රෝල් එක විසිත්ත කාමරයට ආපු දවසෙ. දැන් සිනමාව පේ‍්‍රක්‍ෂකයා එක්ක කෙලින් ගණුදෙනුවකට යන්න ඕන. සිනමාව මල්ටි මීඩියා වෙන්න ඕන”
පීටර් ග‍්‍රිනවේ මෙතනදි කතා කරන්නෙ ලෝක සිනමාව ගැන. මේ වෙද්දි ලංකාවෙ සිනමාවත් බිම. දැන් ලංකාවෙ චිත‍්‍රපටි හදලා හදන්න ගිය ගාණ වත් පියව ගන්න බෑ. ඇයි?
ටෙලිවිෂන් එක. ඒක තමයි ජනප‍්‍රියම හේතුව. අපේ රටේ කාලයක් චිත‍්‍රකතා පත්තර හැටට හැටේ නැගලා ගියා. ඒත් චිත‍්‍රකතා ලියන්න කොපි කරන චිත‍්‍රපටි ටික බලා ගන්න පුළුවන් වී එච් එස් පටි ටික එළියට ආවම චිත‍්‍රකතා බිස්නස් එක එහෙම්පිටින්ම හාන්සි වුණා. සිනමාවට වුණෙත් එහෙම දෙයක්. සිද්ද වෙන සමාජ වෙනස තේරුම් ගන්න කර්මාන්තෙකට බැරි වුණාම ඒ කර්මාන්තෙ එතනදි ඉවර වෙනවා. ඉතින් දැන් සිනමාව ඉවර වෙන්න යන කාලෙ.
ජනතාව ටෙලිවිෂන් එකට මාරු වුණා. ටෙලියෙන් විඳින්න බැරි දෙයක් බෙදා ගන්න තරමට පරිණත චිත‍්‍රපටි හදන්න ලංකාවෙ සිනමාකරුවන්ට බැරි වුණා. සිනමාව කියන ආකෘතිය එක්ක පේ‍්‍රක්‍ෂකයා කියන කෙනා තියා ගත්ත සම්බන්ධතාවය අහෝසියි. දැන් ජාතික චින්තනය, ජාතක කතා, බණ කතා වගේ දේවල් අල්ල ගෙන වෙන වෙන සම්බන්ධතා හරහා චිත‍්‍රපටි විකුණන්න හදනවා. ඒ වෙනුවට චිත‍්‍රපටිය සහ නරඹන්නා අතරෙ සම්බන්ධතාව ගොඩ නගා ගන්න කිසි දැනුමක් අපේ සිනමාකරුවන්ට නෑ.

තව නොබෝ දවසකින් ඉන්දියානු චිත‍්‍රපට කර්මාන්තය ලංකාවට ඇරෙනවා. එතකොට අපේ සිනමාකරුවන් කියලා හිතාගෙන ඉන්න ගොඩ දෙනෙකුටත් ඇරෙනවා. ලංකාවෙ ජනතාව හින්දි චිත‍්‍රපටි පෝලිමේ ඉඳන් බලද්දි සිංහල චිත‍්‍රපටි වේලෙන්න ගන්නවා. ඒක අනිවාර්යක්.

චිත‍්‍රපටියත් එක්ක නරඹන්නාට තිබුණු මානසික උපයෝගිතාව මේ වෙන කොට අහවරයි. ඒ චිත‍්‍රපටි වල ජීවිතය නෑ. තොටින්ම මෙගා නාට්‍යයක තරම් වත් අපේ මිනිස්සුන්ගේ ස්පන්දනය අපේ චිත‍්‍රපටි වල නෑ. ඒ වෙනුවට සිනමා උළෙලක් හෝ වෙනයම් ලාබයක් ඉව කරන්න පුළුවන් තැනක් අතපත ගගා චිත‍්‍රපටි අටවන්න යනවා. ඒක කර්මාන්තයක් නෙමෙයි. කිසිම වෘත්තිමය තත්වයක් නෑ.

අපිට ඉන්දියාවෙ හෝ වෙනයම් රටක චිත‍්‍රපටි සම`ග අපේ රටේ තර`ග කර ගන්න බැරි ඒ චිත‍්‍රපටි වල තාක්‍ෂණය හෝ සුපිරි නළු නිළියන් නෙමෙයි. එක පැත්තකින් ඒක ඇත්තක්. අපිට සුපිරි කෙහොම වුණත් නිකං වත් නළුනිළියො නෑ. ර`ගපාන්න බැරි, හැකියාවන්ගෙන් අඩුම පිරිසක් මොකක් හරි අනියම් මාර්ගෙකින් නළුවො නිළියො වෙනවා. ඉතින් ඒ අනියම් මාර්ග ටික චිත‍්‍රපටි විදිහට ඉතුරු වෙලා චිත‍්‍රපටිය නැති වෙලා යනවා. මේ වෙනකොට චිත‍්‍රපටියක් කිව්වම නිෂ්පදකයෙක් රවට්ටා ගැනීමෙ ඉඳන් ජාවාරම් ගාණක් කෙරෙන මළගෙදරක බූරු තිප්පොලක් වගේ. ඊට වැඩි හැ`ගීම් හෝ ජීවිත සම්බන්ධ කාරණා එතන නෑ.

අනික් කාරණය අපිට චිත‍්‍රපටි හදන්න බැරි එක. අපේ චිතපටියක් යම් තරමකට හරි හොඳ එකක් වෙන්න නම් පිටරටකින් සම්බන් වෙන්නම ඕන. ඉන්දියාවෙ ශේකර් ප‍්‍රසාද් හරි සෙට් වුණෙ නැතනම් ඒක කටේ තියන්න බැරි හොද්දක් වෙනවා. නැත්තම් නිෂ්පාදනය ප‍්‍රංසෙන්, කැමරාකරණය ඇමරිකාවෙන්, මේ මොකක් හරි විදිහකට නැත්නම් චිත‍්‍රපටිය බිහිවෙන්නෙ මහින්ද චින්තනෙන්. ඒක තමයි මේ වෙලාවෙ ලංකාවෙ තියෙන බංකොලොත්ම ප්‍රොඩක්ෂන් හවුස් එක.

අපිට චිත‍්‍රපටි ගැන දැනුම හු`ගක් අඩුයි. අපිට තේරෙන්නෙ නෑ සිනමා භාෂාව ජීවිතේ අල්ලන තැන. මොකද අපිට ජීවිතයක් නෑ. අපි චිත‍්‍රපටි බැලූවට අපිට පේන්නෙ ඒකෙ තියෙන තාක්‍ෂණික කාරණා විතරයි. එඩිට් එක, ලයිට් එක වගේ න්‍යායිකව වාද කරන්න පුළුවන් ගොඩක් දේවල් හොයා ගත්තට චිත‍්‍රපටියක ජීවිතය කියවගන්න තරම් අපේ මොළේ මෝරලා නෑ. ඒකට ඉතිං දේශපාලනික, සමාජ සහ සංස්කෘතික කෙළවීම් ගාණක් බලපානවා. උදාහරණයක් විදිහට දැන් ලේස්ටර් ලා, පතිරාජලා වගේ ගැඹුරක් ඇතුව චිත‍්‍රපටියක් ඇතුලට එන්න පුළුවන් චිත‍්‍රපටිකාරයො නෑ. ටයිටස් ලා වගේ හිතුවක්කාර ඇෙ`ග් අමාරුකාරයො නෑ. ඒ වෙනුවට අපිට ඉන්නවා අන්තර් ජාතික සම්මානයෙන් පිදුම් ලත් වට්ටෝරු අධ්‍යක්‍ෂවරු ටික දෙනෙක්. සිනමාව වැටෙද්දි ‘ඉවරාාාාායි‘ කියන්න මිසක් විකල්ප අදහසක් වත් ඒ අයට නෑ.

කොහොම වුණත් ඩිජිටල් කැමරා අඩු ගාණට ආවත් එක්ක වෙන කට්ටියක් චිත‍්‍රපටි හදන්න ආවා. කාට හරි ඇසිස්ට් කරලා, සෙට් වල කට්ට කාලා, අල වෙලා එන කිසි නිර්මාණශීලී හැකියාවක් නැති අය වෙනුවට මේ කට්ටිය අලූතෙන් චිත‍්‍රපටි හදන හැටි ඉගෙන ගන්න ගත්තා. වාසනාවකට ලංකාවෙ සිනමා පාසැල් නැති හින්ද මේ කට්ටියගෙ ඔලූ කන්න ඒ පරණ පරම්පරාවට බැරි වුණා.

චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කියන එක වෙළඳ ව්‍යාපෘතියක් විතරක්ම වෙලා චිත‍්‍රපටියක් පෙන්නුවාම අධ්‍යක්‍ෂකයා අතිනුත් හේාල් එකට ගෙවන්න වෙන ගාණට පත් වුණාම අලූත චිත‍්‍රපටි හදන අයට හෝල් වලින් එලියෙ ප‍්‍රදර්ශනයක් ගැන හිතන්න වුණා. මෑතකදි අලූත් කට්ටියක් ලංකාවෙ ‘බ්ලැක් මෙට්ල්‘ ගැන කරපු ඩොකියුමෙන්ටි‍්‍රයක් ප‍්‍රංශ සංස්කෘතික කේන්ද්‍රයේදි පෙන්නුවා. කල්ට් වැඩක් විදිහට එතනට එකතු වුණු අයට ෆිල්ම් එක ගැන ඇ`ගට දැනෙන දෙයක් තිබුණා. එතන ඒ අයගේ ජීවිතය එක්ක නැත්නම් විඳීම එක්ක සම්බන්ධයක් තිබුණා. මේ ඓන්ද්‍රිය සම්බන්දෙ තමයි ප‍්‍රධාන ධාරවෙ සිනමාව සහ පේ‍්‍රක්‍ෂකයා අතර නැත්තෙ.

තවත් කණ්ඩායම් කීපයක්ම හිතාගන්නවත් බැරි අඩු ගණං වලට ඩිජිටල් කැමරා අරන් එළියට බැහැලා චිත‍්‍රපටි කරන්න අරන්. පොඩි පොඩි එඩිටින් සෙටප් වල එඩිට් කරගෙන ඒ අය පුළුවන් විකල්ප හැටියකින් චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය කරන්න ගන්නවා. ඒකෙදි වෙන වැදගත්ම කාරණය චිත‍්‍රපටිය නරඹන්නා සහ චිත‍්‍රපටිය අතර ඇත්ත සම්බන්ධයක් ගොඩ නැගෙන එක. ඒ වගේම චිත‍්‍රපටි කෙරුවාව ගැන තියෙන සාම්ප‍්‍රදායික මහප‍්‍රාණ ඉවර වෙලා අලූතෙන් චිත‍්‍රපටි පටන් ගන්න එක. මේ අලූත් පරපුරක්. අලූත් සම්ප‍්‍රදායක්.

”සිනමාව සිනමාව උඩම විනාශ වෙලා ගියා. දැන් සිනමාව කියන්නෙ නාකින්ට නින්ද යන කල් කියන කතා ටිකක්”
පීටර් ග‍්‍රිනවේ.

මෑතකදි මට අහන්න හම්බුණ ත‍්‍රිල්ම කතාව රුපියල් 1000කින් චිත‍්‍රපටක් හදන දෙන්නෙක් ගැන. ”රුපියල් 1000කින් චිත‍්‍රපට අධ්‍යක්‍ෂකයෙක් වෙන්නෙ කොහොමද?”
ඒක තමයි චිත‍්‍රපටියෙ තේමාව. මේ අලූත් සිතීමක්. තමන් කකුල් දෙක ගහලා ඉන්නෙ කොතනද කියලා හරියට බලලා ඒක කැමරාවකට ගන්න කරන ට‍්‍රයි එකක්. මං කියන්නෙ සංකල්පය ගැන. චිත‍්‍රපටිය ගැන කියන්න තාම කල් වැඩියි. ඒත් කුණුවෙවී සුරංගනා කතා කියන චිත‍්‍රපටිකාරයන්ට වඩා කුණුවෙන එක දකින මේ අලූත් උන් අපිට බලාපොරොත්තුවක් ගේනවා.

”අලූත් චිත‍්‍රපටකරුවන් අලූත් ආකෘතීන් සහ වාඩාත් නරඹන්නාව ඒ තුලට ඇතුලත් කර ගත හැකි ප‍්‍රවේශයන් ගැන හිතන්නට උවමනායි”
පීටර් ග‍්‍රීනවේ කියනවා.

3 comments:

  1. Great post and exactly what happens in Sri Lanka and what we should be gained.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Have you tried this new app: Weather by WeatherBug Apk It's really great.

    ReplyDelete