Sunday, January 8, 2012

වඳ චිත‍්‍රපටි හදන්න වද වෙන්න එපා (කෙටි චිත‍්‍රපටි ගැන සංවාදයක්)




14 මැගසින් එකෙන් ෂෝර්ට් ෆිල්ම්  ෆෙස්ටිවල් එකක් කළා. ෂෝර්ට් ෆිල්ම් හදන අය මුහුණදෙන අභියෝග සහ ඉදිරි මග ගැන සාකච්ඡුාවක් කරන්න මට කතා කළා. මං බූඩිවයි, ධනුෂ්කවයි එකතු කර ගත්තා. ස්ත‍්‍රී/පුරුෂභාවය බැලන්ස් කරන්න කියල අනෝමා චතුරිකා වත් එකතු කළා. (චතුරිකා කියන්නෙ කෙටි චිත‍්‍රපටි හදන මගේ ගෑණු යාලූවෙක්. එයාගෙ බෝනික්කෝ චිත‍්‍රපටිය ගොඩක් කතාබහට ලක්වුණා*

ඒ කොහොම වුණත් මේ විදිහට ජෙන්ඩර්  (ස්ත‍්‍රී/පුරුෂ භාවය* බැලන්ස් කරන එකට මං එච්චර සතුටු නෑ. පිරිමි කතිකාවක, පිරිමි සංකල්ප ගැන ගෑණියෙක් කතා කරන්න ගියාම එයා එතන අසරණ වෙනව. කෙටි  නෙමෙයි දිග චිත‍්‍රපටියකවත් ගැහැණුකම (ෆෙමිනින්* මට තාම ලංකාවෙ මුණගැහිල නෑ. ඒ වෙනුවට හැම කලා මාධ්‍යයකම වගේ පිරිමි අනුකරණය කරන ගෑණු දකිද්දි  මට එන්නෙ දුකක්. උදා විදිහට සුනේත‍්‍රා රාජකරුණානායකගෙ නවකතා ඇතුලෙත් මං දකින්නෙ මේ පිරිමි පස්සෙ යන සංකල්ප ධාරාවක් ඇතුලෙ ගැහැණිය පාවා දීමක් විතරයි. ගෑණුකම කියන්නෙ නැත්තං ගෑණු ජීවිතය කියන්නෙ පිරිමි කියවන විදිහට වඩා වෙනස් විදිහක්. ජීවිතේ ගැන ගෑණියෙක් කතා කරන්නෙ වෙන විශ්වයක ඉඳන්. කාටහරි ලේසියෙන් ඒක තේරුම් ගන්න  ඕන නම් ‘වීඞ්ස්’ ටෙලි සීරිස් එක බලන්න. ජෙන්ජි කොහාන් කියන යුදෙව් රචිකාව ඒ ටෙලි කතා මාලාව ඇතුලෙ පිරිමි ඔලූ හතර කොණේ ගහනව. ඒක දේශපාලනික දෙයක් නෙමෙයි. ජීවිතේ වෙනස් විදිහක කියවීමක් ඇතුලෙ එන නිරායාස ප‍්‍රකාශනයක්. චතුරිකා පිරිමි අදහස් ඉතිහාසයේ තියෙන හු`ගක් පරණ තැනකින් කතාව පටන් ගත්ත. ‘සමාජ යතාර්ථය නිරූපණය කිරීම’ චිත‍්‍රපටියක කාර්ය විදිහට. සහ කාන්තාවක් චිත‍්‍රපටියක් කරන්න යද්දි අත්විඳින විශේෂ වේදනා ගැන එයා කතා කළා.

මං විරුද්ධ වුණා. මගේ කෙටි චිත‍්‍රපටි  කරපු අත්දැකීම් ඇතුලෙ මුණගැහුණු හැම කාන්තාවකටම පිරිමියෙකුට වඩා ලේසියෙන් චිත‍්‍රපටි කරන්න පුළුවන් වුණා. ඒ අය කියන  ඕන දෙයක් කරලා දෙන්න ක්‍ෂේත්‍රෙ පිරිමි පෙලගැහිලයි හිටියෙ. ප‍්‍රශ්නෙ තිබුණෙ ඒ අයට ඒ අයගෙ ගෑණු දෙයක් ඒ චිත‍්‍රපටි ඇතුලෙ කියන්න නොතිබිච්ච එක. චිත‍්‍රපටි  ගැන නෙමෙයි සමස්ත කලාව ගැනම ලංකාවෙ ගැහැණු ඩයලොග් එකක් නැති කම. එතකොට එන්නෙ හරි කෘතිම මැද තැනක්. නන්දා මාලනීගේ සිංදු වගේ. කොටින්ම ගෑණුන්ට චිත5පටියක් කරන්න තියාම ඇතිවෙන වේදනා කියන්නෙත් පිරිමි කතාවක්. ඒ වගේම පිරිමි යතුරක්.

කෙටි චිත‍්‍රපටිය කියන එක සහ එන්ටර්ටේන්මන්ට්  (නැත්තං වින්දනය* කියන එක ගැන කතා කරන්න මට  ඕන වුණා. ලංකාවෙ කෙටි  චිත‍්‍රපටි කියන්නෙ විකාරයක්. ඒක හරිම දුප්පත් උත්සාහයක් (මාත් ඒක කරපු කෙනෙක්*. කෙටි චිත‍්‍රපටියක ලොකුම අරමුණ වෙන්නෙ පේ‍්‍රක්‍ෂාගාරයක් නොවෙන එකයි ප‍්‍රධානම ගැටළුව. ඒවා හැදෙන්නෙම සිනමා උළෙලවල් වෙනුවෙන්. සිනමා උළෙලක් කියන්නෙ චිත‍්‍රපටියට බාහිර අරමුණක්. සහ චිත‍්‍රපටිවලට ලංකාවෙදි  නං හානිකර අරමුණක්. පේ‍්‍රක්‍ෂාගාරයක අභියෝගයක් නැතිව චිත‍්‍රපටියක් කරන්න හැදෙන අවකාශය කියන්නෙම මට අනුව අවදානමක්. හානියක්. යම් කිසි ජනතාවක් එක්ක කතා බහක යන චිත‍්‍රපටිකරුවෙක් ගොඩනැගෙන එක ඒකෙන් කැන්සල් වෙනව.

ලංකාවෙ කෙටි චිත‍්‍රපටිවල තියෙන්නෙ දුක්ඛ සත්‍යයම විතරයි. ඇත්තටම ඒක දුක්ඛ අසත්‍යය. මොකක් හරි කාලකණ්ණි සිද්ධියක් පත්තරවල මවන විදිහෙ හුදු දේශපාලනික හෝ භාවාතිෂය විදිහකට ඉතාම දුර්වල චිත‍්‍රපටි භාෂාවක් ඇතුලට ගේනවා. පිරිමි නම් ඒක දේශපාලනික විදිහටත් ගැහැණු නම් ඒක භාවාතිෂය විදිහටත් කරනව. ඒත් මේ අත්දැකීම් අපි දැකලා විඳලා පිළුණු වෙලා ගියපු දේවල්. හැමකෙනෙක්ම හොඳ චිත‍්‍රපටියක් කරන්න කියල මේ අත්දැකීම් වලට යන හේතුව මේ දේවල් ‘සම්භාව්‍ය’ විදිහට ස්ථානගත කරලා, ලේබල් කරල තියෙන එක. මේ අත්දැකීම් සෙකන්ඞ් හෑන්ඞ් මිසක් ඔරිජිනල් නෙමෙයි.

එක කෙටි චිත‍්‍රපටියක් මං දැක්කා තාත්තා ඉස්පිරිතාලෙ මැරුණම ඒ මිනිය බස් එකේ ගමට අරගෙන යන කතාවක්. ඒ චිත‍්‍රපටිකරුවා උනන්දු වෙලා තියෙන්නෙ ප‍්‍රවෘත්තිය ගැන විතරයි. ඒ තාත්තා ගැන හෝ දුව ගැන අපි නොදන්න අලූත් කතාවක් කියන්න චිත‍්‍රපටිකරුවා දන්නෙ නෑ. ඒත් ලංකාවෙ ගොඩක් දෙනා මේ දුර්වලතාව කියන්නෙ නෑ. ඒක ‘මාර’ විදිහට බාර ගන්නව.  ඊට පස්සෙ ඒ වගේ ප‍්‍රවෘත්ති ගොඩක් චිත‍්‍රපටි  විදිහට කෙරෙනව.

සාකච්ඡුාව ඉවර වුණාම කොල්ලෙක් මාත් එක්ක කතා කළා.

‘මේ වගේ චිත‍්‍රපටිම හැදෙන එකට ලෙස්ටර් ලා හඳගමලා එහෙමත් වග කියන්න  ඕන නේද?’ එයා ඇහුව.

‘මේකට ඒ ගොල්ලො වග කියන්න  ඕන නෑ. ලංකාවෙ හොඳ මේන් ස්ට්රීම් එකක් නැති හින්ද ඇත්තට විකල්ප සිනමාකරුවො ලංකාවෙදි ප‍්‍රධාන ධාරාව වෙනව. කවුරුහරි චිත‍්‍රපටියක් කරද්දි  චිත‍්‍රපටිකාරයො කියල දකින්නෙ මේ අයව. ඉතිං හැමෝම ඒ වගේ චිත‍්‍රපටි  කරන්න ගන්නව. ඒක ඒ අයගෙ වැරැුද්දක් නෙමෙයි. මෙහෙ ප‍්‍රධාන ධාරවෙ සිනමාවක් ගැන ඩයලොග් එකක් නැතිකමේ අවුල. හැමෝටම  ඕනෙ සම්භාව්‍ය වෙන්න. ඒකෙන් මේක අභාව්‍ය වෙනව’

මං එන්ටර්ටේන්මන්ට් කියල කියපු කතාව ගොඩක් අය වැරදියට ගත්ත. ‘ඔයගොල්ලො කරපු ‘හව් අයි වොන්ඩර්’ එන්ටර්ටේන්මන්ට් ෆිල්ම් එකක්ද?’ ළහිරු ඇහුව.

මං කතා කරමින් හිටියෙ ප‍්‍රධාන ධාරාවක් නැතිව විකල්ප ධාරාවක් ගොඩනැගෙන එකේ අවුල ගැන. අපේ චිත‍්‍රපටිය ප‍්‍රධාන ධාරව නියෝජනය කරන චිත‍්‍රපටියක් නෙමෙයි. ඒක අපි ‘කල්ට්’ ෆිල්ම් එකක් කියන තැනට කරපු උත්සාහයක්. ඒත් කල්ට් ෆිල්ම් එකකට නිශ්චිත පේ‍්‍රක්‍ෂාගාරයක් තියෙනව. ඒක හුදු දාර්ශනික හෝ හදාරන කණ්ඩායම් වලට සීමිත එකක් නෙමෙයි. ඒක වෙන වැඩක්. ඒත් එතන මං කතා කරමින් හිටපු කතිකාවට ඒක බාහිරයි.

‘හව් අයි වොන්ඩර්’ කියන්නෙ මේ  කතාවට අනුව ෆේලියර් එකක්’

මං කිව්වා. ගොඩක් අය හිනාවුණා. චිත‍්‍රපටියක් ගැන මා සහ මගේ ඉස්සරහ ඉන්න ඔක්කොම අයිති සංවාදයකට වඩා වේදිකාවක් උඩ මාව දෙවියෙක් විදිහට බාර ගන්න හෝ මට තක්කාලි ගහන්න බලන් ඉන්න පිරිසක් ඉස්සරහ මං තනියි කියල මට තේරුණ. ඒ කියන්නෙ මං කරගෙන යන කතාව එතනට වැඩක් නෑ. ඒ අදහස් එතනදි නැවත සිතීමකට අහුවෙන්නෙ නෑ කියන එක.


කොහොම වුණත් මං කියමින් හිටියෙ ඬේවිඞ්  ලින්ච්ට චිත‍්‍රපටි හදන්න බෑ කියල නෙමෙයි. ලින්ච් හදන චිත‍්‍රපටිවල මට එන්ටර්ටේන්මන්ට් (වින්දනය* තියෙනව. හැබැයි ලින්ච් චිත‍්‍රපටි  හදන්නෙ ස්පීල්බර්ග් පවා චිත‍්‍රපටි හදන ඇමෙරිකාවෙ. ලින්ච් ගෙ චිත‍්‍රපටියකට එතනදි තියෙන්නෙ ‘කල්ට්’ වටිනාකමක්. ඒවා සෙකන්ඞ් හෑන්ඞ් ඇත්දැකීම් නෙමෙයි. හැම ඔරිජිනල් අත්දැකීමකම එන්ටර්ටේන්මන්ට් තියෙනව. ඒත් ‘කල්ට්’ එකක් ප‍්‍රධාන ධාරාවක් විදිහට ගන්න එකයි අවුල.

අපේ මේ ෂෝර්ට් ෆිල්ම්  ‘කල්ට්’ කියන තැනකට වත් වැටෙන්නෙ නෑ. ඒවා බොරු. අනුන්ගෙන් කුලියට ගත්ත අත්දැකීම්. රසයක් වෙනුවට පට්ටගහපු මතවාදයන් වෙනුවෙන් හැදෙන පැවැත්මක් නැති දේවල්. ‘කල්ට්’ එකකට පැවැත්මක් තියෙනව. ඒකට ඇත්ත පේ‍්‍රක්‍ෂකයෙක් ඉන්නව. අපේ ෂෝර්ට් ෆිල්ම් වලට ඉන්නෙ ත‍්‍රිකෝණි එකේ එකතු වුණු ‘තමන්ගෙ මට්ටං තංමට්ටං’ වගේ පිරිසක් විතරයි. මේ කතාව ටිකක් සංකීර්ණ අදහසක්. දැනට ලෝකෙ සාර්ථක වෙමින් අලූත් ප‍්‍රවණතාවයක් ගොඩනගමින් ඉන්න දැවැන්ත ෂෝර්ට් ෆිල්ම් ෆෙස්ටිවල් එකක් තමයි සිඞ්නි වල ‘ට්‍රොප් ෆෙස්ට්’. මේක පටන්ගත්තෙ කැෆේ එකකින්. ඒ ෆෙස්ටිවල් එක වෙනුවෙන්ම කෙටි චිත‍්‍රපටි හැදෙනව. ඔවුන් විසින් එක එක අවුරුද්දට තීරණය කරන සංකේතයක් (යතුරක්, අංකයක්, මොන යම් හෝ දෙයක්* ඇසුරු කරමින් චිත‍්‍රපටි හැදෙන්න  ඕන. ඒ චිත‍්‍රපටි ලක්ෂ ගාණක පේ‍්‍රක්‍ෂාගාරයක් එකතු වෙන විශාල පිට්ටනි වල ප‍්‍රදර්ශනය වෙනවා. එකම වෙලාවක රටේ එක එක පලාත් වල, කැෆේ වල, ඉන්ටර්නෙට් එකේ මේ චිත‍්‍රපටි පෙන්නනවා. ඒක වුඞ්ස්ටොක් වගේ සම්ප‍්‍රදායක්.

අපේ කෙටි චිත‍්‍රපටි වලට එහෙම සම්ප‍්‍රදායක් නෑ. ඒ වෙනුවට ඒවා එක එක ඇජෙන්ඩා වලට කොටු වෙනවා. චිත‍්‍රපටියට බාහිර වෙන වෙන කාරණා වෙනුවෙන් එක එක සංස්කෘතික මධ්‍යස්ථාන ඇතුලෙ ඇරෙන්න මේ චිත‍්‍රපටිවලට ඇත්ත පැවැත්මක් නෑ.

(බූඩියි ධනුෂ්කයි කෙටි චිත‍්‍රපටි  ගැන කිව්වෙ මොනවද? ලබන සතියේ)

1 comment:

  1. මේක මටත් පට්ට ආධුනිකයෙක් හැටියට තිබුන ලොකුම ගැටළුවක්. අවුරුදු 3 කට කලින් මගේ පලවන Short Film එක කරලා Youtube එකට දැම්මම මිනිස්සු ඇහුව "ඇයි එහෙම කරේ Festival එකකට දාන්න තිබ්බනේ" කියල... එක බලපු සමහරු කිව්වා "එකේ ඇති දෙයක් නැහැ, ඊළඟ පාර තේමාව ගැන ඔයිට වැඩ හිතන්න කියල"... ෆිල්ම් නොකරන ෆිල්ම් බලන මිනිස්සු එක බලල මට කිව්වේ "එක හරි Sweet , මට මගේ ඉස්කෝලේ කාලේ මතක් උනා, Funny ...etc " වගේ දේවල්. මට කරන්න උවමන උනෙත් ඒ ටිකමයි... මිනිස්සුන්ට බල විඳින්න පුළුවන් ෆිල්ම් එකක් මිසක් සමාජය හදන්නවත් පණිවිඩ ගෙනියන්නවත් නෙමෙයි. Festival එකකින් දිනන්න පුළුවන් වෙන ගොඩක් නිර්මාණකරුවන්ට අනාගතය සුභ දායී විදිහට හදාගන්න පුළුවන් බව ඇත්ත, නමුත් ලෝකයේ එහෙම දිනපු ගොඩක් නිර්මාණකරුවන් ඒ නිර්මාණ කරේ Festival කියන අරමුණ මුල් කරගෙන නෙමෙයි, එක එයාලට හම්බ වෙන bonus එකක්, ෆිල්ම් කරද්දී හම්බවෙන තව ලොකු චාන්ස් එකක්.. අපේ අය Festival වලට විතරක් ෆිල්ම් හැදිල්ල පිටිපස්සේ තියෙන්නේ අර හැමදාමත් කියන "කාලකන්නි දූපත් ජීවිත". එක්කෝ Fund එකක් ගන්න ඒ ඔක්කොටමත් වඩා මේ දූපතෙන් පිටවෙන්න හොයන චාන්ස් එකක්. එක අතකට පව්... මෙගොල්ලන්ටත් (හැමෝම නොවුනත් මම දැකපු ගොඩක් අයට) හරියටම අර වමේ කියාගන්න, පාන් කෑල්ලයි ප්ලේන්ටියයි බීල එන ඕනෙම ආණ්ඩුවකටම හෝ ඕනෙම යෝජනාවකට විරුද්දව බෙරිහන්දෙන, පිකටින් කරන, ලියන සහ ඊට පස්සේ Political asylum පිට රට පනින්න බලාගෙන ඉන්න දේශප්‍රේමියෝ සෙට් එකේ බොහෝ සමාන කම් තියෙනවා. Cults විදිහට හරි තමන්ට කියල audience එකක් හදාගෙන කිහිප දෙනෙක් හරි යන මේ ගමන ඉතාම ප්‍රසංශනීයයි. ඒ විදිහටම ලංකාවේ main stream සිනේමාවත් ගොඩනැගුනොත් කවදාහරි එක ලොකු දෙයක්...

    ReplyDelete