‘මං රාජ කුමාරයෙක් නෙමෙයි.. මං ගමේ කොල්ලෙක්..’
පපර පා....ං.... සිරි පැරකුම් අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක... ඔන්න එතකොට සෝමරත්න කතා කරනවා. චෝගම් හින්ද අපේ රටට මාර එකක් වෙනවා කියලා කියනවා. මේ දවස්වල අයිරාංගනී සේරසිංහ ඉඳන් පෝලිමට එක එක අය ඔය කතාව කියනවා. ඒත් සෝමරත්න ඒ කතාව කියන්නෙ නිකං නෙමෙයි. එයාගෙ ෆිල්ම් එකටත් ඇඞ් එකක් දාගන්න ගමන්.
චෝගම් මාරයි කියද්දි පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව මාරයි කියන අදහස වචන වලින් කිව්වට වචන වලින් නොකියන කතාව වෙන්නෙ ආණ්ඩුව මාරයි කියන එක.
ඒත් ආණ්ඩුවෙ අනුග‍්‍රහයෙන් ප‍්‍රචාරය වෙන රජයේ විද්වත්- කලා කීප දෙනාගෙ මේ ඇඞ් ඇරුණම යන්තම් ඉස්කෝලෙ ගිය ත‍්‍රීවීල්කාරයෙක්වත් මේ දවස් වල මහින්දගේ හොඳක් කියනවා අහන්න අමාරුයි.
චෝගම් හින්ද නගරයට ත‍්‍රීවීල් ඇතුල් කරන්න ඉඩ නොදීමත් එක්ක ආණ්ඩුවට ඡුන්දෙ ගහපු නොගහපු හැම ත‍්‍රීවීල් ඩ‍්‍රයිවර් කෙනෙක්ගෙම බඩට වදිනවා එපා නොකියන්න. ඒ කොහොම වැදුනත් ආණ්ඩුව සැලෙන්නෙ නෑ. ඡන්දයක් තිබ්බොත් පෝලිමේ ගිහින් ජනතාව කතිරෙ ගහනවා ආණ්ඩුවට.
මෑතකදි කතාබහක් මැද්දෙ ආන්ඩුව වෙනස් කරන අදහස් පෝලිමක් මැද්දට පැනලා මං නිර්මාල්ගෙන් ඇහුවා, ‘ඇයි ඔයා මහින්දට අකමැති?’ කියල. නිර්මාල්ට එකපාරට උත්තරයක් හොයාගන්න ගොඩක් වෙලා ගියා. ඇත්තටම ලිපියකදි ලියන්න එයාට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ඒත් අහපු ගමන් මහින්දට අකමැති හේතුව කියන්න ලංකාවෙ සාමාන්‍ය ජනතාවට විතරක් නෙමෙයි ඇකඩමික් චරිත වලට පවා අමාරු වෙනවා.
මහින්දගෙ ආන්ඩුව පෙරළන විසඳුම යෝජනා කරන ගොඩක් විකල්පයන්ගෙන් මං අහන්නෙ ප‍්‍රශ්නෙ මොකද්ද කියල. හරියට ප‍්‍රශ්නය පැහැදිලි නැතුව යෝජනා කරන විසඳුම් කොච්චර දියුණු වුණත් වැඩක් නෑ මගෙ හිතේ. ඒක නිසා මාත් ඇතුළු මහින්දව වෙනස් කරන්න හිතන හැමෝම ‘ඇයි අපි මහින්දට අකමැති’ කියන එකට පපුවට දැනෙන උත්තරයක් හොයා ගන්න ඕන.
මහින්ද කියන්නෙ ලංකාවෙ නාගරික දේශපාලනය අර්බුදයට යවන චරිතය. ජේවීපී එක ග‍්‍රාමීය දේශපාලනය නියෝජනය කරනවා කියලා තිබුණු පොදු පිළිගැනීම මහින්දාගමනයත් එක්ක පච වෙලා යනවා. ජවිපෙ කියන්නෙ ගමට නගරෙ ගැන තියෙන හීනමානය. මාක්ස් ලෙනින්වාද හරහා තේරුම්ගන්න හදන ඒ අයගෙ ප‍්‍රශ්නෙ වෙනුවට මහින්ද සිතියම වෙනස් කළා. මානව අයිතීන්, ව්‍යවස්ථාවන්, ආචාර ධර්මයන් එක්ක අධිනිශ්චය වුණු නාගරික දේශපාලනයෙ දොරවල් මහින්ද සරනේරු වලින්ම ගලවලා දානවා. හරියටම ගම් වල ජනතාව අරලිය ගහ මන්දිරේට ගේනවා වගේ එයා ග‍්‍රාමීය දේශපාලනයෙන් ව්‍යවස්තා, විධායක, අධිකරන තුනම හෝදලා ගන්නවා.
මහින්ද ලංකාවෙ කොයිම ජනාධිපති කෙනෙකුටත් වඩා මේ රටේ සංඥාර්ත පාවිච්චි කරනවා (සෙමියොටික්ස්*. හැමෝම ඡුන්දෙට මාර කැම්පේන් කරද්දි එයා රටටම අරලිය ගහ මන්දිරේට කතා කරලා කෑමක් දෙනවා. රජයේ සේවකයො, කලාකාරයො, අරගොල්ලො මේ ගොල්ලො ඔක්කොම කට්ටි කට්ටි මන්දිරේට යනවා. මහින්ද ඒ හැමෝම එක්ක කතා කරනවා. පළු යන්න බැණ බැණ හිටියත් මුණගැහිලා වචන කීපයක් කතා කරන පරක්කුවෙන් කෙනෙකුට හිතෙනවා, ‘ඇත්තටම මේ මිනිහා කියන තරං නරක වෙන්න බෑ’ කියල.
රනිල් ගත්තොත් ඒකෙ අනිත් පැත්ත. ඒ උද්දච්චකමට (සමාවෙන්න කෙලින්ම කියනවට), අනිකාව පිළි නොගන්නා ඒ හිස්කමට මළ පනිනවා ඕන කෙනෙකුට. අපි කතා කරන වචනෙන් කිව්වොත් පීආර් එක නිල්. ඉතින් හැමෝම ලොකු ඇඞ්වර්ටයිසින් කැම්පේන් ගැන කතා කරන කොට මහින්ද කරන්නෙ පොඩි දෙයයි. ගෙදරට කතා කරනවා, හැමෝටම කෑමක් දෙනවා. හැමෝම එයාගෙ ගේ ඇතුලට ගන්නවා. කන්න දීපු මිනිහෙකුට හතුරුකමක් කරන්නෙ නෑ කියන ලංකාවෙ ජීවිත ව්‍යවහාරය එයා ඉන්සයිට් එකක් කර ගන්නවා.
ඉතිං කට්ටියම කාලා මහින්දගේ නෑයො වුණා. මහත්මා දේශපාලනය වගේ ප‍්‍රලාප විශ්වාස නොකර බැලූවොත් මහින්ද ලංකාවෙ මිනිස්සුන්ගෙ අවිඥාණක කලාප හරහා ඒ අයට අනන්‍ය වෙනවා. ඒ ගොල්ලොන්ගෙ කෙනෙක් වෙනවා. ඇත්තටම මහත්මා දේශපාලනය කියන්නෙ එළියට කියන වචනයක් මිස ඊට එහා ගිය ඇතුළත තේරුමක් නැති කතාවක් කියන එක හැමෝම ප‍්‍රායෝගිකව දන්නවා. (බලය එහා මෙහා මාරු කරන ගේම් එකක මහත්මා කියන්නෙ මොකක්ද?)
ඇත්තටම ලංකාවෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ ජනතා කැමැත්ත කියල හිතලා ගත්තොත් (මෙච්චර කාලයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වුණේ නාගරික ජනතාවගේ කැමැත්ත. ග‍්‍රාමීය ජනතාව එක`ග වුණා විතරයි. මේ ප‍්‍රභූ ව්‍යවස්තාවෙන් එලියට ගිහින් මහින්ද ගැලරියට සෙල්ලං කරනවා. අලයක් බතලයක් තම්බගෙන කෑමට එහා ආර්තික දේශපාලන දාමයට සම්බන්දයක් නැති විශාල බහුතරයකගේ අවිඥාණය දේශපාලනීකරණය කරනවා) ලංකාවෙ ජනතාව සැබෑ නායකයා මහින්ද. මානව අයිතීන්, බඩුමිළ, පවුල්වාද මොනවා කතා කළත් ඒක ඒ චරිතයට අදාල නොවෙන්නෙ ඒ හින්ද. මිනිස්සු ඡුන්දෙ දෙන්නෙ වෙන දේශපාලනික තලයක.
වෙන උදාහරණයකින් කිව්වොත් යූඑන්පී එක ජෝක් එකක් වෙලා ඉඳිද්දි මාතරදි රනිල් පන්නන්න ආපු පෙළපාලියට මංගලගේ කට්ටිය ගහනවා. මාධ්‍ය ඔක්කොම මේක මැරකමක් විදිහට පත්තු කරන්න හදනවා. ඒත් වෙන්නෙ කාලෙකට පස්සෙ යූඑන්පියට ජනතාවගෙන් ලකුණු ටිකක් වැටෙන එක. ඒ චණ්ඩිකමට ලංකාවෙ ජනතාව ප‍්‍රසිද්දියෙ අකමැති වුනාට අප‍්‍රසිද්දියෙ ආසයි .
කොමිස් ගහනවා, පගා ගන්නවා වගේ දේවල් වුණත් එහෙමයි. ඒවා චාටර් කියලා පොදුවෙ කතා කළාට සැබෑ ශ‍්‍රී ලාංකිකයෙක් කවදාවත් හදවතින් එහෙම නෑ. පගාව, කොමිස් සැබෑ ආත්මීය පිළිගැනීම ඇතුලෙ සාධාරණයි. ඒ කවුරු වුණත් තම තමන් ඉන්න පොඩි පොඩි තැන්වල ඉඳන් පවා කරමින් ඉන්නෙ ඒ ටිකමයි. ඇත්තටම කිව්වොත් එහෙම නොකෙරුවොත් ඌ හින්ද සමාජ සම්බන්දතා ජාලය අවුල් වෙනවා.
රනිල්ගෙ ආණ්ඩුව බලයෙ ඉන්න කොට එයා කිසි කෙනෙකුට රජයේ රැකියා නොදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා. රටේ ආර්තිකය ගැන බලලා, මාර සාධාරණ විදිහට ගත්ත ආඩම්බර තීරණයක් ඒක.
ඒත් ආන්ඩුව ගේන්න වැඩ කරපු ජනතාවට යකා නැග්ගා. ඒ මිනිස්සුන්ට අලූත් ආණ්ඩුවත් එක්ක ගොඩක් බලාපොරොත්තු තිබුණ. ආර්තික තර්ක කතා හොඳයි පිරිසක් මැද්දෙ අහගෙන ඉන්න. ඒත් තනි තනි ඕනකං වෙනස්. ඒ වෙනස් අවශ්‍යතාවලට ගැලපෙන හැම විසඳුමක්ම මහින්ද ගාව තියෙනවා.
මහින්ද කතා කරන්නෙ මේ තනි මිනිහට. එයා ගොඩනගන්නෙ පුද්ගලික සම්බන්දතා. ඒ සම්බන්දතා දාමය රටක් තරම්ම ලොකුයි. මං හිතන විදිහට උතුර ඇරෙන්න ජනතාවගෙන් හැම පස් හය දෙනෙකුගෙන්ම එක්කෙනෙක්වත් මහින්දගේ යාලූවෙක්. ඒ කියන්නෙ කොයි විදහකින් හරි රජයේ පාරවල් හදන, ප‍්‍රසංග කරන සල්ලි බෙදාහැරීමේ දාමයට සම්බන්දයක් තියෙනවා. හැමෝටම සරු වෙන රටක් කියන්නෙ ඒකට. ණය සල්ලි වුණත් මිනිස්සු අතරෙ බෙදෙනවා.
මෑතකදි විග්නේෂ්වරන් මහින්දව මුණගැහීමත් තවත් ඒ වගේ මරු තැනක්. මහින්ද විග්නේෂ්වරන්ට දෙන්න හොඳ ගණදෙවි රූපයක් හොයලා නැති තැන තමන්ගෙ බුදුමැදුරෙ තිබ්බ තමන් වතාවත් කරන ගණදෙවි රූපෙ විග්නේෂ්වරන්ට තෑගි කරනවා (ඒ ගණදෙවි රූපෙ කලින් දවසෙ මලයාලි කට්ටඩි ගෙනැල්ලා ජප කරපු එකක් වෙන්නත් පුළුවන්. ඒත් මීඩියා වලට කිව්ව කතාව මේක) මහින්ද විග්නේෂ්වරන්ට දෙන්නෙ එයාගෙ ආධ්‍යාත්මය. ඒක 13 දෙනවද නැද්ද කියන දේශපාලන කතාවලට එහා ගිය වෙනම සංදර්භයක්. මහින්ද කතා කරන්නෙ ඔලූවට නෙමෙයි පපුවට.
යුද්දෙ දිනපු ගමන් ප්ලේන් එකෙන් ඇවිත් පොළව ඉඹින තැන ඉඳන්ම එයා ජනතාවගේ ‘මනුස්ස’ වීරයා ගොඩනගනවා. පිරිමිකමෙන් පරිපූර්ණ, ඒ වගේම මනුස්සකමෙන් පිරිච්ච නායකත්වය. මනුස්සකම කියන්නෙ හොඳ දෙයක් නෙමෙයි. මනුස්සකම කියන්නෙ දෙවියන්ගෙන් අපි වෙනස් වෙන තැන. පව් කරන්න, වැරදි කරන්න තියෙන නිදහස. පිලිගත් සදාචාර සම්පන්න දේශපාලනය කියන දේවත්වයට වඩා මේ සියලූ හොඳ නරක එකට කැටිවුනු මනුස්සයා අපිට ළ`ගයි.
ඇමරිකාවෙ වුණත් තුවක්කු පිළිගන්නෙ නැති, වීරත්වය වෙනුවට සාමයම යෝජනා කරන, සමලිංගිකත්වයට නිදහස දෙන, ඔබාමා මේ වෙද්දි ප‍්‍රතික්‍ෂේප වෙමින් යනවා. සුබසාදනවාදී පැත්තට වැඩියි වගේ නොයෙක් සාධාරණ කාරණා මේ ගැන කියන්න පුළුවන් වුණත් නොකියන බරපතල කාරණය වෙන්නෙ ඉතිහාසයක් පුරා ඇමරිකාව ජාතියක් විදිහට හැදී වැඩුණු සෙමියොටික්ස් වලින් ඔබාමා ඈත් වෙන එක. ඒ නිසා වෙන නොකැමැත්ත. තුවක්කුව කියන්නෙ ඇමරිකාවෙ ජාතික උරුමයක්.
සාමය ගැන කතා කොහොම වුණත් වීරත්වය, වලියට බර වීම එහේ ජාතික ලකුණක්. ඒ දේවල් ආමන්ත‍්‍රණය කරන්න තරමට නිර්මාණශීලී නොවීම ඔබාමා විරෝධයේ කැපී පේන තැනක්. ඔබාමාට වැරදුනාට මහින්දගේ අතින් ඒ වැරැද්ද වෙන්නෙ නෑ.
අපේ රටේ ගත්තත් ජාතියක් විදිහට අපි මාරයි කියලා මහා ඉහළින් පිළිගන්න හැම චරිතයක්ම පාදඩ චරිත. අපිට බුද්දාගම එවපු අශෝක අධිරාජයා ගත්තොත් එයා තමන්ගේ සහෝදරවරු සීයක් මරලා රජකම ගන්න චරිතයක්. මේ වෙද්දි අපේ ජාතික ලකුණ වෙන දුටුගැමුණු තමන්ගේ තාත්තාට ගෑණු ජංගි යවපු පුතෙක්. නායකත්වය ගැන මේ විදිහෙ සංඥාර්ත කලාපයක් එක්කයි මෙහේ මිනිස්සු හැදෙන්නෙ. ඒ දෙවියා සහ යකා එකට සමපාත කරන අපේ සෙමියොටික්ස් අඳුරගත්ත එක මං මහින්දගේ දකින පට්ට තැනක්.
මහින්දට විරුද්දව ව්‍යවස්තාව ඇතුලෙ කරන අරගල කිසි දෙයක් සාර්තක නොවෙන හේතුව මේක. එයා වැඩ කරන්නෙ වෙන ව්‍යවස්තාවක. කිසිම භාවිතමය හෝ ප‍්‍රායෝගික අත්දැකීමක් නැති, නිකංම නිකං කරදාසියක් වුණු පාර්ලිමේන්තු ව්‍යවස්තාවට වඩා මහින්ද වැඩ කරන ඇත්ත සමාජ දේශපාලන ව්‍යවස්තාව විශාලයි. ගැඹුරුයි. ඒ වගේම බද්ධයි.
මහින්ද එක්ක යන්තං වචන දෙක්ක කතා කරපු අපේ රටේ මිනිහෙක් වුණත් කියන පුරුදු කතාවක් තියෙනවා. ‘රටේ කරන වංචා දූෂණ අපරාද ගැන ඔය කියන කතා මං දන්නෙ නෑ, ඒත් මනුස්සයෙක් විදිහට මහින්ද මහත්තයා ඉස්තරං’
මහින්ද එක්ක ජනතාවට තියෙන්නෙ මේ පුද්ගලික සම්බන්දය. හැමෝම එයත් එක්ක ඇතුලෙන් සම්බන්ද වෙන්නෙ. එතකොට පිටතක් නෑ. සමාජයක් නෑ. ඇත්තටම එහෙම සමාජයක් රටක් කියලා අත්දැකීමක් ලංකාවෙ ජනතාවට නෑ. ඒවා නිකං අහසෙන් පාත්වුණා වගේ වචන මිසක් එහෙම පුහුණුවක් තිවෙන පුරවැසියො මේ රටේ නෑ. මෙහේ ඉන්නෙ දැන ඇඳුනුම්කම් හරහා ගනුදෙනු කරන පොඩි මිනිස් රංචුවක්.
මහින්ද එක්ක ගොඩනැගෙන පුද්ගලික සම්බන්දය ඇතුලෙ රටක් විදිහට එයා දිහා බලන මහා දෘෂ්ටිකෝණය බිඳ වැටෙනවා (එයා කරන්නෙ මැක්‍රො පොලිටික්ස් නෙමෙයි මයික්‍රො පොලිටික්ස්) වැරැද්දක් කළත් යාලූවෙක් නිසා ආරක්‍ෂා කරන තැනට මිනිස්සු එනවා. වෙන විදිහකට කිව්වොත් එයා ‘දේශපාලනය’ කියන එකේ රටේ අදහස හරියට ස්පර්ශ කළා. ‘අපිට දෙයක් කරගන්න බලය’. ඊට වඩා දේශපාලනයක් ලංකාවෙ සමාජය දන්නෙ නෑ. ඒක ජනතාවගේ වැරැද්දක් නෙමෙයි. එහෙම ගොඩනැංවීමක් සිද්ද වෙලා නෑ.
මේක හරියටම මේ රටේ බුද්දාගම ගැන ඉන්දියාවෙ ගෞතම බුදුන් වදාල ධර්මයක් එක්ක සංසන්දනය කරලා කතා කරනවා වගේ වැඩක්. මේ දෙක අතරෙ සම්බන්දයක් නෑ. ලංකාවෙ බුද්දාගම කියන්නෙ සිංහල ජාතිය කියන එක ගොඩනගන මෙහෙයුමක්. ඒක ඉතිහාසෙ ඉඳන් එන්නෙම එහෙම. ආධ්‍යාත්මික මාර්ගයක් විදිහට වඩා ඒක ගොඩනැගෙන්නෙ සෝෂියෝ පොලිටිකල් කැම්පේන් එකක් ඇතුලෙ. එතකොට බොදු බල සේනා වගේ ක‍්‍රියාකාරීත්වයක් ඉන්දියාවෙ බුදුන්ගේ වචන එක්ක ගලපලා ප‍්‍රශ්න කරන එකම විහිළුවක් වෙනවා. මොකද ඒක මේ ග‍්‍රවුන්ඞ් එකට අදාල නෑ.
ඒ වගේම මහින්ද ගැනත් විරුද්ද වෙන්න කලින් පිළිගන්න ඕන කාරණා ගැන හිතන්න වෙනවා කියන එකයි මගේ අදහස. ඒ තේරුම් ගැනීම නැතුව කරන්න හදන හැම වෙනසක්ම අසාර්තක වීමට නියමිතයි වගේම ඒක වෙන සංඥාර්තයන් ගොන්නක් බලෙන් පැටවීමකුත් වෙනවා. විජාතික කුමන්ත‍්‍රණ කියල රජපක්ෂ ශබ්දකෝෂෙ එන්නෙ මේ තේරුම. පිටින් ඉඳන් බලන උන් දේශ ද්‍රෝහියො වෙනවා. ඇතුලට ඇවිත් බලන උන් දේශපේ‍්‍රමියො වෙනවා.
මේක ලංකාවෙ අවුලක් විදිහට සරල කර ගන්න උත්සාහ කරන අයට මං කියන්නෙ ‘හවුස් ඔෆ් කාර්ඞ්ස්’ වගේ ටීවී සීරීස් එකක් බලන්න පටන් ගන්න. ඇත්තටම මහින්ද කරන දේශපාලනයේ තියුණු බව එතකොට තේරුං ගන්න ලේසි වෙයි. දේශපාලනය කියන්නෙ මේකට. අවාසනාවට විපක්ෂ අය කරමින් ඉන්නෙ ඉස්කෝලෙ අච්චු පොත් කියවන එක.
යටි අදහස- මේ ලිපිය මහින්ද අහම්බෙන් කියවනවා. ඒක කියවලා සතුටට පත් වෙලා එයා මටත් කෑමකට ආරාධනා කරනවා. එතකොට ඇතිවෙන හිතමිතුරු කමට එයා මට චිත‍්‍රපටියක් කරගන්න සල්ලි දෙනවා. ඒ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ දොඩං ගහ හන්දිය සියලූ ආදායම් වාර්තා බිඳහෙලන චිත‍්‍රපටියක් වෙලා පෝලිං කඩාගෙන හෝල් වලට එනවා.
චින්තා උබ කියන කතාවට මම එකගයි. මහින්ද කියන්නෙ විකලප චරිතයක් කාටවත් කොපී කරන්න බැරි..මහින්දට වඩා ලොකුයි එයගේ හෙවනැල්ල...
ReplyDeleteඑයා මිනිස්සු එක්ක කරන සෙල්ලම කරන්නෙ එහා පැත්තේ ඉන්නෙ ලංකාව වගෙ දුපතක ඉන්න දුපත් වැසියෝ කියලා හොදට දැන ගෙන...මහින්ද මෙතනදි ගහන්නෙ තනි ගෙමක්..ඒකයි එයා පදිරි නැතුව ඔනේ ගෙමකට එන්නේ..කාතාව කොලේ ලියලා තිබ්බට ඔලුවේ මවලා තියේන්නෙ හොදට...
මහින්ද කියන්නෙ සිග්නල් වමට දලා දකුනට හරවන කෙනෙක්...අපි එයා ගැන දන් නැතුව පස්සෙන් ගියොත් අපි අනිවා අතරමං...
Nikan Ape Janadhipathithumata baninna epa. Yuddhaya navathuve kauda kiyala hithala balanna.. Demalungen apiva aaraksha kale kauda kiyala hithala balanna.
ReplyDelete, මතකද අර සුධර්මන් යකඩගොඩ ලක්ෂාන් මධුසංක කියන්නේ මේ උගේ පුතා ......
Deleteජනමූල නායකත්වය.
ReplyDeleteමාලන්......තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නම්..
Delete............පෝලිං කඩාගෙන හෝල් වලට එනවා. ජනාධිපතිවරනෙදි පත්තරේ දාන කලාකරුවන්ගෙ සහය පලකිරීමේ දැන්වීමේ ජැක්සන්ට යටින් අස්සන් කරනවා. ටීවී එකේ ජයසූරියභාතියසන්තුශ්ල එක්ක තාරුන්‍යයට හෙටක් මරු කියනවා....
ReplyDeleteඒ ඔබේ කැමැත්ත, අයිතියනෙ කියල අපි අනික් ඊලඟ එක්කෙනා දිහාට හැරෙනවා. කිසි තරහක් නැහැ! ඔබේ දොඩංගහ හන්දිය අපි හැමදා අගය කරනවා....
- Dimithri
ලැජ්ජාව නැතිකම සහ හර්ද ශාක්ෂියක් නොමැති වීමේ ආනුභාවය හැර අන්යමක් නැහැ.
ReplyDeleteමේ ඉන්න ජනතාව අස් කරලා දාලා අලුත් ජනතාවක් පත් කරගත්තොත් වැඩේ ගොඩදාගන්න පුලුවන් වෙයි. :D
ReplyDeleteඔය ප්‍රශ්නෙට විතරක් නෙමේ ගොඩක් ප්‍රශ්න වලට නිර්මාල් ගාව උත්තර නැහැ.
ReplyDeleteඊයේ ෆෝන් එකෙන් කියෙවුවෙ ,, කොමෙන්ට් කරන්න බැරි වුනා ,,, හොද ලිපියක් දෙවැනි පාරටත් කියෙවුවා ,, ,,ඔබේ ලියවිල්ල හරිම රසවත් සහ යතාර්ථවාදී මගේ ඇස් වලට
ReplyDeleteයටි අදහස- මේ ලිපිය මහින්ද අහම්බෙන් කියවනවා. ඒක කියවලා සතුටට පත් වෙලා එයා මටත් කෑමකට ආරාධනා කරනවා. එතකොට ඇතිවෙන හිතමිතුරු කමට එයා මට චිත‍්‍රපටියක් කරගන්න සල්ලි දෙනවා. ඒ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ දොඩං ගහ හන්දිය සියලූ ආදායම් වාර්තා බිඳහෙලන චිත‍්‍රපටියක් වෙලා පෝලිං කඩාගෙන හෝල් වලට එනවා.
ReplyDelete--- එතැන තමා බ්ලොග් පෝස්ට් එකේ climax එක. ෆැන්ටසි අපේ සාමාන්‍ය ජීවිතවලට වඩා කොච්චර ලස්සනද .. එල !!!!
සාමාන්‍යයෙන් මේ බ්ලොග් රචකායාගේ අනෙකුත් රචනාවගේම මෙහිත් කතෘ වියුක්තයි. අපෙ රටේ ගොඩක් විචාරකයො එහෙම තමා, තමාගෙන් පරිබාහිර කතාවක් කියන්නේ. තමන් අදාල සිද්ධියේ ඉන්නවා කියලා අමතක වෙනවා, බොරුවට බබාපාට්. ඔයකියන ඉහත චිත්‍රපටිය හැදුවනේ, ඒකේ නම මාතා. මෙයත් ඒකේ ඉන්නවා.
ReplyDeleteඇයි අප්සට් ද? තමුන්ගේ වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න. මු ආව කතෘ වියුක්ත හුක්ත කතාකරන්න. මේ කමෙන්ට් එක දාපු එකාත් එහෙමනේ කරලා තියෙන්නේ .
Deleteඔබේ බ්ලොග් එක ෆලෝ කරන්න විදිහක නැත්ද?
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමේ ලිපිය කියවන මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනෙක්ට දෙන්න උත්සාහ කරන අදහස තේරුම් යයිද ? :)
ReplyDeleteඇත්තටම හොඳ ලිපියක් ! මිනිස්සුන්ට තේරෙනවා මේ වෙන දේ ඒත් මොකුත් කරගන්න බැරි කමට ඉන්නේ.. ආර්ථිකබර ණය බර. සේරම ඔවුන් පිට වැටිලා
ReplyDelete