සාමාන්‍යයෙන් ප‍්‍රසිද්ද කියමන් කියන ඒවා කියවන්න මිසක් වැඩකට ගන්න පුළුවන් ඒවා නෙමෙයි. උදාහරණයක් විදිහට ‘තමන්ගේ හීනය කිසි හේතුවක් නිසා අත් නොහරින්න’ වගේ කියමන් වචන වලට එහායින් ජීවිතේ කිසි ගැඹුරක් ස්පර්ශ කරන්නෙ නෑ. ඇත්තට ගත කරන ජීවිතේ ඇතුළෙ මේ වචන අනුව ජීවත් වෙන්න බෑ.
කොහොමටත් මේ වගේ උදෘත කියමන් නිෂ්පාදනය වෙන්නෙ ඒ ඒ චරිතයේ ඒ ඒ කාල වකවානු අනුවයි කියලයි මට හිතෙන්නෙ. හුදකලාව තනි වාක්‍යයක් විදිහට ගත්තම මාර ලොකු කතා වෙන මේවා සමහර විට ඒ ජීවිත ඇතුලෙ තියලා කියවද්දි දෙන්නෙ වෙනස් අදහසක්. අපේ බුද්දාගමේ උගන්නනවා කියලා කියන ධර්ම පාඨත් මීට දෙවෙනි නෑ. ඒ ඉතිහාස, සිද්ධි ඇතුලෙදි ඒවා සමහර විට ණයට ගත්තු වචන වෙනවා. සමහර විට වෙන අරමුණක්, හේතුවක් වෙනුවෙන් එළියට දාපුවා වෙනවා. තවත් සමහර විට අතින් දාපුවා වෙනවා.
ඒක නිසා කියන්නාගේ ජීවිත කලාපෙ ඇතුළෙන් ඒ කියන වචන වලට තේරුමක් හොයා ගන්න පුළුවන් නම් විතරයි මං හිතන්නෙ ඒ වචන වලට අර්තයක් එන්නෙ. ඒ ජීවිතේට පිටින් ඒ වචන වලට වාස්තවික තේරුමක් නෑ. එහෙම වාස්තවික තේරුම් දෙන්න යන එකෙන් අනිත් අයගේ ජීවිත බාල්දු වෙනවා.
ඒක නිසා මං ඒ වගේ වචන හෑලි කියවන එක අත්ඇරලා දාපු පුරුද්දක්. ඒත් අහම්බෙන් හන්ටර් තොම්ප්සන් ජීවිතේ ගැන කියපු කෙටි අදහස් වැලක් මුණගැහුනම ඒක නොකියවා ඉන්න බැරි වුණා. හේතුව මේ කියන්නෙ හන්ටර් තොම්ප්සන් නිසා. එයා අනිත් තොම්සන් ලට වඩා ගොඩක් වෙනස් නිසා. තමන්ගේ ජීවිතේ අවුරුදු 20දි ජීවිතේ අල්ලගන්න ඕන විදිහ ගැන උදෘත කීපයක් එයා මෝචනය කරනවා. ඒ එයාගෙ යාලූවෙකුට (හියුම් ලෝගන්) ලියපු ලියමනක් උඩට. (හන්ටර් තොම්ප්සන්ගෙ විස්තර ටිකක් මං කලින් ලිපියක ලිව්වා)
මිනිහෙකුට අවවාදයක් දෙනවා නම් ඒක දෙන්න වෙන්නෙ කොහොමද කියන තැනින්ම තොම්ප්සන් පටන් ගන්නවා. එතනින්ම එයා අනිත් අය කියන උදාන වාක්‍ය වලින් තමන් වෙනස් වෙන තැන ලකුණු කරනවා.
‘තමන්ගෙ ජීවිතේ කොහොම හදා ගන්න ඕනද කියල අහන මිනිහෙකුට උපදේශයක් දෙන්න යන එකම ඊගොමේනියාවක්. වෙන කාගෙ හරි ජීවිතයක් යන්න ඕන පැත්ත, එයාගෙ අවසාන ඉලක්කය වෙන්න ඕන දේ ගැන ඇ`ගිල්ලක් දික් කරලා කියන්න පුළුවන් මෝඩයෙකුටම විතරයි’
-හන්ටර් තොම්ප්සන්
කාටවත් ජීවත් වෙන්න ඕන හැටි කියලා දෙන්න වෙන කාටවත් බෑ. ඒක ඒ ඒ ජීවිතේට සාපේක්‍ෂ ගමනක්. එක ජීවිතයක් තවත් ජීවිතේකට වඩා හොඳ හෝ නරක වෙන්නෙ නෑ. උදා විදිහට මහා කලාකරුවෙක් ගත්තොත් උගේ පුද්ගලික ජීවිතේ පට්ට අවුලක් වෙන්න පුළුවන්. ඒත් අපි කතා කරන්නෙ එයාගෙ මහා කලාව ගැන හින්ද අනිත් පැත්ත අපිට මග ඇරෙනවා. ඒ වගේම රජයේ ලිපිකරුවෙක් ගත්තොත් එයාගෙ සමාජ ජීවිතේ බිංදුවක් වුණත් පවුල් ළමයි එක්ක ගත කරන කුටුම්බෙ ආතල්ජනක වෙන්න පුළුවන් (සම්භාවිතාවක්). ඒත් ඒ කුටුම්බ ගැන පොත් ලියවෙන්නෙ නෑ.
‘ජීවත් වෙන්නද, නොවෙන්නද? ඒකයි ප‍්‍රශ්නය. පිස්සු වැටුණු දෛවයේ ඊතල පාරවල් කමින් හිස ඔබාගෙන ජීවත් වෙනවද? නැත්තං මේ බාධක මහමුහදට එරෙහිව අවි අතට ගන්නවද?
ඇත්තටම මේක තමයි ප‍්‍රශ්නය. රැුල්ලත් එක්ක ඔහේ ගහගෙන යනවද, නැත්තං ඉලක්කයක් කරා පීනන්න පටන් ගන්නවද? මේක අපේ ජීවිතේ දැනගෙන හෝ නොදැනගෙන අපි හැමෝම එකවරක් කරන තෝරා ගැනීමක්. බොහොම කීපදෙනෙකුටයි මේක තේරෙන්නෙ. අපේ අනාගතයට බලපාන තීරණ ගත්ත ඕනම අවස්ථාවක් ගැන කල්පනා කරලා බලන්න. මං වැරදි වෙන්න පුළුවන්. ඒත් ඒක වක‍්‍රව වුණත් කරන මං කලින් කියපු දෙක අතරින් තෝරා ගැනීමකට වඩා කිසි දෙයක් වෙන්න ඉඩක් නෑ. පීනනවද? පාවෙනවද?’
- තොම්ප්සන්
ජීවිතය කියන බාර ගැනීමේ මූනට කෙළගහන්න තරම් හිතුවක්කාර වුණු, උද්ධච්ඡු හන්ටර් තොම්ප්සන් නැතුව වෙන යෝගියෙක් හරි බවුන් වඩන්නෙක් හරි මේ කතාව කිව්වා නං මං පිච්චියකට මායිම් කරන්නෙ නෑ. විලියම් ගිබ්සන් මේක ගැන කියන්නෙ පර්සනල් මයික්‍රො කල්චර් කියල. පුද්ගලික ක්ෂුද්‍ර සංස්කෘතිය විදිහට සිංහලට නමන්න පුළුවන් වෙයි. ඒ කියන්නෙ අපි අපිව නිර්මාණය කර ගැනීමේදි ඇතුළට ගන්න දේවල් නිර්මාණාත්මකව තීරණය කරන ප‍්‍රවේශයක්. මගේ ජීවිතේ හැම තත්පරයක්ම, හැම අත්දැකීමක්ම මාව නිර්මාණය කර ගැනීමේ කොටස් වෙනවා. මෙහෙම කියන්නෙ පෝලා ෂර් කියන සුප‍්‍රකට ඩිසයිනර්.
මට හිතෙන්නෙ මේක නිකංම රැුඩිකල් වීමකට හෝ ‘මට ඕන මේක නෙමෙයි’ වගේ ළදරු කැමැත්තකට වඩා එහා දෙයක්. සවිඥාණක බාර ගැනීමක්. නිකංම ඔහේ සිද්දි උඩින් ගලා යන ජීවිතයක් වෙනවට වඩා ඒ සිද්දි වලට තමන්ට ඕන කරන හැඩයක් දෙන්න කරන උත්සාහයක්. එළිය වෙනස් කරනවට වඩා තමන්ගෙ ඇතුලෙන් සාවධාන වීමක් තොම්ප්සන් මෙතනදි කියනවා කියලයි මං ගන්නෙ.
එයා ඊළ`ගට කියන කතාවෙන් මේක තවත් පැහැදිලි වෙනවා.
‘හැම මිනිහෙක් කියන්නෙම එයාගෙ අත්දැකීම් වලට දක්වන ප‍්‍රතිචාර එකතුවක්. අත්දැකීම් වැඩි වෙනකොට සහ වෙනස් වෙනකොට අපි වෙනස් වෙනවා. අපි දකින විදිහ වෙනස් වෙනවා. මේක දිගටම යනවා. හැම ප‍්‍රතිචාරයක් කියන්නෙම අපි ඉගෙන ගත්ත ක‍්‍රියාවලියක්. හැම විශේෂ අත්දැකීමකින්ම ඔයාගෙ දැක්ම දශමයකින් හරි වෙනස් කරනවා.
එතකොට අපි මේ වෙනස් විදි අනුව අපේ අරමුණ වෙනස් නොකරන එක හරි කරන එක හරි මෝඩකමක් නෙමෙයිද? අන්තිමේදි වැඩිවෙන නියුරෝසියාවකට වඩා යමක් ලැබෙයි කියල අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
හොඳම උත්තරේ අරමුණු තියාගෙන ජීවත් නොවෙන එක. විශේෂයෙන්ම බාහිර අරමුණු. මේක ගැන ලියන්න කොල රීම් ගානක් ඕන වෙයි. ජීවිතයේ තේරුම මොකක්ද කියන එක ගැන ලියවුණු පොත් ගාන දන්නෙ දෙවියො විතරයි. ඒ ගැන හිතලා තියෙන මිනිස්සු ගාන දෙයියොත් දන්නෙ නැතුව ඇති. මේක නිකං රුවන් වැකියක් වගේ කියන්න මං උත්සාහ කරන එක තේරුමක් නැති වැඩක්. ඇත්තටම ජීවිතේ තේරුම ඡේද දෙකකින් ලඝු කරලා කියන්න මගේ සුදුසුකම් අඩු වග පිළිගන්න පළවෙනි කෙනා මං වෙන්නැති’
තොම්ප්සන් නිරුවත් සාංදෘෂ්ටිකවාදය ඇතුලෙ ගිලී නානවා. සාත‍්‍ර ගේ ‘නතින්ග්නස්’ පොත කියවන්න කියලා එයා යාලූවාට කියනවා. දොස්තයෙව්ස්කි සිට සාත‍්‍ර දක්වා සාංදෘෂ්ටිකවාදයේ එකතුවත් එයා යෝජනා කරනවා. කිසිම භෞතිකමය හෝ ආධ්‍යාත්මික පැවැත්මකට හේත්තුවක් දාන්නෙ නැතුව හෙළුවැලි පැවැත්ම බාර ගන්න, ස්ටයිල් එකක් ඇතුව ඒ මත චාරිකාවක යන්න මේ අවුරුදු විස්ස වෙද්දි තොම්ප්සන් ගැටයා මෝරනවා. තමන්ට වෙන අර්තකථන, පිළිසරණ නැතුව තමන්ව බාර ගන්න පුළුවන් වෙන එකයි පරිණත වීම කියල මං හිතන්නෙ. ඒ අර්තයෙන් ගත්තම අපේ රටේ යෝදයෝ විදිහට එක එක විෂයන් උඩ හිටගෙන ඉන්න දැවැන්ත චරිත තාමත් ගොඩක් ළදරුයි. තමන්ගෙ ජීවිතේ විස්තර කරන්න මාක්ස්ගෙන්, ලැකාන්ගෙන්, නැත්තං ජිජැක්ගෙන් හරි උදව්වක් නැතුව කොච්චර අමාරුද?
‘භෞතික ඉලක්ක උඩ ජීවිතය අරගෙන යන එක තමයි මං හිතන්නෙ කරන්න තියෙන හොඳම මෝඩකම. ගිනි නිවන භටයෙක් වෙන්න, බෑන්කර් කෙනෙක් වෙන්න, දොස්තර කෙනෙක් වෙන්න උත්සාහ කරන එකේ තේරුමක් නෑ. ඉලක්කය වෙන්න ඕන අපි අපි වෙන්නෙ කොහොමද කියන එක.
මං මේ කියන්නෙ ගිනි නිවන භටයෙක්, බෑංකර් කෙනෙක් හෝ දොස්තර කෙනෙක් වෙන්න බෑ කියන එක නෙමෙයි. මං කියන්නෙ ඉලක්කය පදනම් වෙන්න ඕන පුද්ගලයා මත කියන එක. ඉලක්කය මත පුද්ගලයා පදනම් වෙන එකේ තේරුමක් නෑ. අපි හැමෝටම උරුමය සහ පරිසරය එකතු වෙලා නිශ්චය කළ වෙනස් වෙනස් සුවිශේෂ හැකියාවන් සහ ආශාවන් තියෙනවා. ඒ පුද්ගලයාගේ ජීවිතේ තේරුමක් ඇතිව ගත වෙන්නෙ ඒ දිශාවන්වල ගමන් කළොත් විතරයි. මිනිහෙක් එයාට වෙන්න අවශ්‍ය කෙනා වෙන්න ඕනි.
මේ ෆෝර්මියුලා එක වැඩ කරන්නෙ මෙහෙමයි. මිනිහෙක් තෝරා ගන්න ඕන එයාගෙ ආශාවන් ඉෂ්ට කර ගැනීම පිණිස එයාගෙ හැකියාවන් වඩා කාර්යක්‍ෂම විදිහට යොදවන්න පුළුවන් පාරක්. කලින් තනා නිම කළ පාරක් වෙනුවෙන් මිනිහෙක් යෙදවෙන එකේ තේරුමක් නෑ. එයා විසින් පාර තීරණය කරද්දි එයා එයාගෙ අවශ්‍යතාවයක් සම්පූර්ණ කරන්නෙ. එයාගෙ බලාපෙරොත්තු කඩ වෙන්න එයා ඉඩ තියන්නෙ නෑ (එයාගෙ ස්ව වර්ධනයට බාධා වෙන පාරක් තෝරා නොගැනීමෙන්). එයාගෙ ඉලක්කය දියාරු වෙන්න හෝ ළං වෙනකොට එපා වෙන්න තියෙන හැම අවස්ථාවක්ම එයා මග අරිනවා. (තත්වයට අනුව තමන් හැඩ ගැස්වීම වෙනුවට තමන්ගෙ හැකියාවන්ට සහ ආශාවන්ට අනුව තත්වය හැඩගස්වා ගන්නවා)
කෙටියෙන් කිව්වොත් මෙහෙම වෙද්දි ඒ මනුස්සයා කලින් තීරණය කරන ලද ඉලක්කයක් වෙනුවෙන් තමන්ව කැප කරනවා වෙනුවට තමන් දන්න තමන් විඳින ජීවිත ක‍්‍රමයක් ගත කරනවා. ඉලක්කය කියන්නෙ අංක දෙක. ඒ ඉලක්කය දක්වා යන ක‍්‍රියාකාරීත්වයයි වැදගත් වෙන්නෙ. මිනිහෙක් එයා විසින් තෝරා ගත් ඉලක්කයක් වෙනුවෙන් යම් රටාවකට අනුගත වෙන්න ඕන කියලා හිතන එකම විහිළුවක්. වෙන කෙනෙකුට ඔයාගෙ ඉලක්කයන් තීරණය කරන්න දෙනවා කියන්නෙ ජීවිතේ වැදගත්ම කොටසක් අනුන්ට බාර දීමක් විදිහටයි මං දකින්නෙ. එතනදි වෙන්නෙ තමන් කවුද කියලා තීරණය කරන ක‍්‍රියාව අනුන්ගේ උවමනාවකට පාවා දෙන එක’
තොම්ප්සන් දන්නවා එයාගෙ යාලූවට සිරස් පැවැත්මක් මිස තිරස් පැවැත්මක් අහිමි වග. ඒක නිසා එයා අවධාරණයෙන් කියනවා නිකං හරි තමන් තමන් වෙනුවෙන් මේ තීරණය ගැනීමේ අවස්තාව මග ඇරියොත් ඒ අවස්ථාව සමාජයේ ගල්ගැහුණු ආකෘති අතරෙ නිකරුනේ දියවෙලා යනවා කියල. ඒ අවස්තාව එහෙම දියවෙලා යන්නෙ අපේ ජීවිතත් එක්ක. මට හිතෙන්නෙ අපේ රටේ මේ වෙනකොට පොදු මහත් ජනතාවක් විදිහට තමන්ට අනන්‍ය මේ තීරණ ගැනීම අත්ඇරලා. අපි ඒකමිතික, සමතලීය ගුලියක් වගේ එකක එක තැන කැරකෙන්නෙ ඒ හින්ද.
‘තමන්ට අනුව සිද්දි තීරණය කරන එක අත්අරින මනුස්සයාට වෙන්නෙ සිද්දි අනුව තමන්ව තීරණය කරන්න. ඒ නිසා ඔයා ඒ වගේ වරප‍්‍රසාද අහිමි පිරිසෙන් කෙනෙක් කියල හිතනවා නම් ඔය එන විදිහටම දේවල් බාර ගන්න. නැත්තං ඔයාට සීරියස් විදිහට වැඩට බහින්න වෙනවා. ඉලක්ක දිහා බලාගෙන යන්න එපා. ජීවත් වීමේ රටාව හොයාගෙන යන්න. ඔයාට ජීවතේ ගත කරන්න ඕන කොයි විදිහටද කියලා හිතලා ඊට පස්සෙ කල්පනා කරන්න එහෙම ජීවත් වෙන අතරෙ කරන්න පුළුවන් මොනවද කියල. ඒත් ඔයා මට කියන්නෙ, මං කොහේ බලන්නද දන්නෙ නෑ, මොකක් බලන්නද දන්නෙ නෑ කියල.
ඒත් එහෙම හිතා බලන එක අත් අරින්න පුළුවන්ද? ඒක ඔයාගෙ තීරණයක්. ඒත් හිතීමක් ඇතිව බලන්න ඕන කියල ඔයා හිතන එකෙන්මත් තෝරා ගැනීමක් තියෙන මිනිස්සුන්ගෙ පැත්තට ඔයා අඩියක් තියනවා’
-තොම්ප්සන්
ජීවත් වෙන්න ඕන කොහොමද කියලා විස්තරයක් කරන එක පැත්තකින් තියලා හන්ටර් තොම්ප්සන් උපදෙස් දෙන්නෙ තෝරා ගන්නෙ මොකක්ද, කොහොමද කියන එක ගැන. මේ වෙද්දි ‘අපි’ කියන්නෙ එහෙම තෝරා ගැනීමක් තියෙන පිරිසක්ද කියන එක පවා අමතක වෙලා ගිහින්. ඔහේ ගලාගෙන ධාරාවක අපි පහළට ගහගෙන යන කූඹි රොත්තක් විතරයි.
‘මං ඔයාට ස්වර්ගයට යන පාර කියනවා නෙමෙයි. මං කියන්නෙ ජීවිතය විසින් දෙන තෝරා ගැනීම් බාර ගන්නවට වඩා විකල්පයක් තියෙනවා කියන එක. මිනිහෙකුට ඊට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්’
- හන්ටර් තොම්ප්සන්
තොම්ප්සන් මොනවා කිව්වත් ඒක තමන්ට අදාල වෙන විදිහ හිතලා බලන එක කියවන තොම්සන්ලට බාරයි. ඒත් තොම්සන් සහ තොම්සන්ලාගේ පරපුරක ජීවත් වෙන ලංකාවෙ අපිට වෙනස් තොම්සන් කෙනෙක් වෙන්න තව දුරටත් ඕනද කියන එක සැකයි. අපිට අපි නැති වෙලා ගොඩක් කල්. මේ වෙද්දි අපි තොග පිටින් විකුණන ගඩොල් වලට වෙනස් නෑ. සමූහ තේරුම් මිසක් පුද්ගලයො විදිහට තේරුමක් අහෝසියි. ඒක ලේසියි. පීනන්න අමාරුයි. පාවෙන්න ලේසියි.
මං අන්තිම බීර උගුරත් බීලා රන්දෝලියෙන් එළියට බැස්සා. ඉතිං ටික වෙලාවක් යනකල් මං හන්ටර් තොම්සන් කෙනෙක්. හෙට උදේ ඉඳන් ආයිමත් තෝරා ගැනීමක් අහිමි නිකංම නිකං තොම්සන් කෙනෙක්.
-අනුවර්තනය- චින්තන ධර්මදාස
මේ ලිපිය මම උවමනාවෙන් කියෙව්වා. මම හන්ටර් තොම්සන් කියවා නැහැ. මා ජීවිතයේ ආ ගමන සහ යමින් පවතින ගමන, මා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ලිපියේ ඇති බොහෝ කරුණු හා සමපාතියි. වඩාත්ම මේ කොටස හා කිට්ටුයි
ReplyDelete///// මං කියන්නෙ ඉලක්කය පදනම් වෙන්න ඕන පුද්ගලයා මත කියන එක. ඉලක්කය මත පුද්ගලයා පදනම් වෙන එකේ තේරුමක් නෑ. අපි හැමෝටම උරුමය සහ පරිසරය එකතු වෙලා නිශ්චය කළ වෙනස් වෙනස් සුවිශේෂ හැකියාවන් සහ ආශාවන් තියෙනවා. ඒ පුද්ගලයාගේ ජීවිතේ තේරුමක් ඇතිව ගත වෙන්නෙ ඒ දිශාවන්වල ගමන් කළොත් විතරයි. මිනිහෙක් එයාට වෙන්න අවශ්‍ය කෙනා වෙන්න ඕනි.//////
//කාටවත් ජීවත් වෙන්න ඕන හැටි කියලා දෙන්න වෙන කාටවත් බෑ. ඒක ඒ ඒ ජීවිතේට සාපේක්‍ෂ ගමනක්. එක ජීවිතයක් තවත් ජීවිතේකට වඩා හොඳ හෝ නරක වෙන්නෙ නෑ. උදා විදිහට මහා කලාකරුවෙක් ගත්තොත් උගේ පුද්ගලික ජීවිතේ පට්ට අවුලක් වෙන්න පුළුවන්.// ඇත්ත. කලාකරුවෙක් ඕනෙ නෑ. සිදුහත් අරන් බලන්න. හැබැයි ජීවිතේකට අරමුණු ඕනෙ කියල යි මම නම් හිතන්නෙ. මොකද අපිව ජීවත් කරවන්නෙ ම අරමුණු.
ReplyDelete