ඇත්තටම ඒ ඉතිහාසෙ (අජිත් කුමාරසිරි කියන විදිහට හිස්- ස්ටෝරි වෙනුවට හර්- ස්ටෝරි /ඔහුගේ කතාව වෙනුවට ඇගේ කතාව) කියවන එක අපි අද හිරවෙන ගොඩක් සිතීම් නිරවුල් කරන්න තිබුණ.
‘අවුරුදු 3000ක අතීතෙන් කිසි දෙයක් ඉගෙන නොගත්තු මිනිහා ජීවත් වෙන්නෙ කන්න විතරයි’ කියල ගොතේ කියන්නෙ මේ ගැන.
මේකට කියන්න පුළුවන් ඇප්ලයිඞ් හිස්ටරි කියල. ව්‍යවහාර ඉතිහාසය. මේ ඉතිහාසය එක්ක අද අපේ මනුස්ස සම්බන්ධතා සාපේක්‍ෂව තියලා රෝමන් ක‍්‍රිස්නරික් කියන සංස්කෘතික චින්තකයා (ඉතිහාසඥයෙක් සහ දාර්ශනිකයෙක්) නොගැලපීම් ගනනාවක් යටට හාරන්න පටන් ගන්නවා. මේ නොගැලපීම් වර්ෂ හෝ කාබන් පර්යේෂණ දත්ත නොගැලපීම් නෙමෙයි. ඒ වෙනුවට මිනිස් සිතීම ඇතුලෙ වුණු වෙනස්කම්.
ඒ විදිහට බලලා ක‍්‍රිස්නරික් යෝජනා කරන්නෙ අපි අපේ ජීවිතය කුඩා කරගනිමින් යනවා කියල. (කෙනෙකුගේ ජීවිතේ කියන්නෙ එයාගෙ සිතීමේ පරාසය කියන පිළිගැනීම ඇතුලෙ) ඒ පැහැදිලි කිරීමට එයා මනුස්ස සම්බන්ධතා වල කේන්ද්‍ර කීපයක් තෝර ගන්නවා. ආදරය එයින් එකක්.
අපි අද කියන රොමාන්තික ආදරය, නැත්තං ආත්මෙන් ආත්මය පතා ආ එකම කෙනෙක් ගැන විශ්වාසය ක‍්‍රිස්නරික් ග‍්‍රීක කාලෙත් එක්ක සංසන්දනය කරනවා. එයා කියන්නෙ ග‍්‍රීකයන් අතරෙ මේ රොමාන්තික පේ‍්‍රමය නැත්නම්, එක් අයෙකු සමග පමණක් ලිංගිකව එක්වීමේ ගිවිසුම ආදරයේ එක ආකාරයක් විතරක් වුණා කියල. ඒක ඊරොස් කියන ආදරයේ ප‍්‍රභේදය වෙද්දි ඒ හා සමානවම කෙනෙක් ජීවත් වෙන තව ආදර ප‍්‍රභේදයන් කීපයක් ග‍්‍රීක සිතීම ඇතුලෙ තිබුණ. ෆීලියා, මිතුරන් සමග ආදරය, ලූඩුස්, ආගන්තුකයන් සමග ආදරය, ප‍්‍රැග්මා හෙවත් පරිණත අවබෝධයේ ආදරය, ඇගපෙ, ඒ කියන්නෙ තමන්ව දිය කර හරින විශාල මානව පේ‍්‍රමය වගේ එක සහ ෆිලව්ටියා, තමන් ගැනම ඇති පොසිටිව් ආදරය, මේ විදිහට.
මේක හරි ලස්සන කතාවක්. ක‍්‍රිස්නරික් කියන්නෙ ඉතිහාසයේ මෑත අවධියක මේ ඊරොස් යන සරාගික පේ‍්‍රමය අධිතක්සේරු වීම නිසා මේ රොමාන්තික මිත්‍යාව ඉපදුනා කියල. ඒ වගේම කතෝලික පල්ලියේ ආගමිකත්වයත් මේකට ගැටගැහීමෙන් තත්වෙ තවත් උග‍්‍ර වුණා කියල. ඒත් ග‍්‍රීකයන් මේ ප‍්‍රභේදය බාරගෙන තියෙන්නෙ අවදානම්කාරීම, නැත්තං භයානකම ආදර විශේෂය විදිහට. මේක ආදරය කරන කෙනාගෙ සවිඥාණක බව අහෝසි කරන හින්දම ඒ පිස්සුව විනාශකාරී ආදරයක් විදිහටයි ග‍්‍රීකයො දකින්නෙ. ඒත් මේ වෙද්දි ඒක ජීවිතේ එකම දොරටුව වෙනවා. එතනින් පවුල, ඊට පස්සෙ දරුවන්... ටිකෙන් ටික කටුවක් ඇතුලට යනවා මිස කටුවෙන් එළියට ඒමක් නැති පාරක්. ඒක තමයි මිනිස් සමාජයේ තෝරා ගැනීම වෙලා තියෙන්නෙ. ඒකට විවිධ සමාජ දේශපාලන හේතු ඇති. ඒ හේතු වලින් මේ සිතීමේ ඇකිලීම සාධාරනීකරණය කර ගන්නවට මේ කුඩා වීම තේරුම් ගන්න එකෙන් අපිට ආපහු හිතන්න පුළුවන්කමක් ලැබෙනවා කියන එකයි රෝමන් ක‍්‍රිස්නරික්ගෙ යෝජනාව.
ෆීලියා නැත්තං මිතුරන් සමග ආලය සමහර වෙලාවක ලිංගික පේ‍්‍රමයෙන් කවදාකවත් යන්න බැරි පරාසයන් ස්පර්ශ කරනවා. උදා විදිහට යුද්දයේ භයානකම අදියරක තමන් ළ`ගම ඉන්න සහෝදර සොල්දාදුවා එක්ක තියෙන සම්බන්ධය. මේ පක්ෂපාත බව, විශ්වාසය සමහර විට මේ තරං තදට දැනෙන්නෙ මේ කලාපයේම විතරක් වෙන්න පුළුවන්. යාලූවො එක්ක බෙදාගන්න මේ ආදරය සරාගී ආලයට වඩා අතිශය ප‍්‍රගතිශීලියි කියලයි ග‍්‍රීකයො පිළිගත්තෙ.
ක‍්‍රිස්නරික් කියන්නෙ මේ එක පේ‍්‍රම ප‍්‍රවර්ගයක් විතරක් අධිනිශ්චය වීමෙන් අනිත් හැම ආදර කතාවක්ම වැහිලා ගියා කියල. උදා විදිහට තමන්ගෙ පවුල සමග සම්බන්ධය විතරක් එකම ඇත්ත සම්බන්ධය වෙනවා සමාජයේ අනිත් හැම මිනිස් ගනුදෙනුවක්ම බොරුවක් වෙනවා කියන එක. නැත්තං අර එකම සම්බන්ධය වෙනුවෙන් පාවිච්චි වෙනවා. ඒකෙන් ජීවිතේ එකම කොටුවක කැරකෙන්න ගන්නවා.
ඊළ`ගට මෙතනට මාර්කට් එක සෙට් වෙනවා. වෙළඳ පොල හරහා මේ මිත්‍යාව නැවත නැවත යතාර්ථයක් කරමින් ඉන්නවා. ටීවී එකේ දුවන්නෙ රූප නෙමෙයි තනි තිතත් කියල නොපෙනෙන තරම් වේගයෙන් වෙළඳපොල හරහා මේ ආදර කාණ්ඩය උත්කර්ෂයට නංවමින් ස්වභාවිකත්වයට අරගෙන එනවා.
ලූඩුස් කියන්නෙ ආගන්තුකයන් සමග ආදරය. සැමියා හෝ බිරිඳ නොවෙන වෙන කෙනෙකු සමග ටැංගො නර්තනයක යෙදීමෙ ඉඳන් පොඩි උන් රැලක් එක්ක ප‍්‍රීතියෙන් උඩ පැනීම දක්වා ලොකු පරාසයක් මේ ආදරය ඇතුලෙ කතා වෙනවා.
ඇගපෙ කියන්නෙ ත්‍යාගවන්ත පේ‍්‍රමය. මේකට ඕනම කරනවා එම්පති නැත්තං අනෙකාව දැනීම කියන කාරණය. රෝමන් ක‍්‍රිස්නරික් එම්පති ගැන වෙනම පරිච්ෙඡ්දයක් කතා කරනවා. ඇගපෙ කියන වචනෙ ලතින් වචනෙන් කැඩිලා තමයි චැරිටි (පුන්‍යාධාර) කියන එක හැදෙන්නෙ. ඒත් එම්පති ගැන කරන පැහැදිලි කිරීමත් එක්ක තේරෙනවා මේ මානව දයාව කියන පරාසයට ඇතුල් වෙන්න කොයිතරං ඇතුළතින් විශාල වීමක් ඕනද කියල.
ප‍්‍රැග්මා, පරිණත පේ‍්‍රමය. ගත කිරීමෙන් සහ එක්ව වයස්ගත වීමෙන් ඇති වෙන ගැඹුරු අවබෝධය. ආදරේදි සාමාන්‍යයෙන් කියන්නෙ ෆෝලින් ඉන් ලව් කියල. ආදරේට වැටෙනවා. ඒත් එරික් ෆ්‍රොම් කියන ඇමරිකානු මනෝ විද්‍යාඥයා කියනවා වැටෙන්න ආදරේ කරන්න එපා කියල. හිටගෙන ඉන්න පුළුවන් තරමට විතරක් ආදරේ කරන්න කියල. තමන්ගේ දෙපයින්, අවබෝධයෙන් අනිකා එක්ක ජීවිතය බෙදා ගැනීමක් මිස දුර්වලයෙක් වගේ අනිකා මත වැටීම ආදරය නොවෙන වගයි එරික් ෆ්‍රොම් කියන්නෙ. මේ අදහස එක්ක ප‍්‍රැග්මා ආදරය ගොඩක් ළ`ගයි කියලයි ක‍්‍රිස්නරික්ගෙ අදහස.
හය වෙනි ආදර කතාව ෆිලව්ටියා කියන්නෙ තමන් ගැන ඇති ආදරය. මේක නාසිස්මය හරි ඔබ්සෙෂනල් එකක් හරි නෙමෙයි. ඒ වෙනුවට තමන් ගැන තියෙන ධනාත්මක බාර ගැනීම. ස්වයං විනාශකාරී නොවීම. මේ ලව් එක නැත්තං වෙන කිසිම ලව් එකක් සිද්ද වෙන්න බෑ කියල මෙයා අවධාරණය කරනවා.
කොහොම වුණත් මේ ආදර වර්ග හයක් තනි එකකට ඇකිලීමෙන් ජීවිත පරාසයේ වෙන්න ඉඩ තියෙන කුඩා වීම තේරුම් ගන්න පුළුවන්. ඒ මදිවට මේ හයම එක්කෙනෙක්ගෙන් හෙවීම දක්වා මේ රොමාන්තිකකරණය උඩු දුවනවා. ඒක කිසි දවසක සිද්ද වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියල මේ සංස්කෘතික චින්තකයා පෙන්නලා දෙනවා. මේ ආදර කලාප හය පුද්ගලයා සමාජය එක්ක ඇත්ත සම්බන්දෙකින් වෙළනවා. ඒත් පුද්ගලික ජීවිතට හෝ ශෘංගාර පේ‍්‍රමය කියන කලාපයටත් ඉඩක් තියනවා. නැවත මිත‍්‍ර සමාජ ඇති වෙන්න, විශ්වාසය හා බෙදාහදා ගැනීම පුළුල් වෙන්න, පරිණත වෙන්න සහ නිරෝගී වෙන්න මේ සය විධ ආදරයේ බාර ගැනීම පොළඹවනවා.
ඇගපෙ නැත්තං ත්‍යාගවන්ත පේ‍්‍රමයට අදාල එම්පති, අනෙකාව දැනීම කියන එක ගැන පොතේ තියෙන දේ ලියන්න කලින් කටේ තියෙන කතාවක් ලියන්න මං හදිස්සි වෙනවා. මේක ජන වරහක්.
ඔන්න එක ෂූට් එකක් ඉවර වෙලා විජය කුමාරතුංග කෑම කනවලූ. එයාට බිරියානිලූ. අනිත් අයට රයිස් ඇන්ඞ් කරී ලූ. විජය බත් බෙදන කොල්ලගෙන් අනිත් අයව පෙන්නලා අහනවලූ, මොනවද මේ මල්ලිලට? කියල. සර්ට බිරියානි මේ ගොල්ලොන්ට රයිස් ඇන්ඞ් කරී කියල කොල්ලා කණට කරලා කියනවලූ. විජය තියනවලූ බිරියානි එක පැත්තකින්. ‘මටත් ගේනවා රයිස් ඇන්ඞ් කරී’ එයා අනිත් අය ගානට එනවලූ.
මේකම වෙනවා ගාමිනීට. ‘සර්ට බිරියානි, මේ ගොල්ලොන්ට රයිස් ඇන්ඞ් කරී’ කොල්ලා කණට කරලා කියනවලූ. ‘ගේනවා ඔක්කොමටම බිරියානි’ ගාමිනී අනිත් අයවත් එයා ගානට ගේනවලූ.
මේ යාං එක කොහොම වුණත් මෙතන තියෙන්නෙ අපි අනිකාව තේරුම් ගැනීම කියන කාරනේ.
‘එම්පති කියන්නෙ ඔබ ඔබට සිදු වෙනු දකින්නට කැමති පරිදි අනෙකාට සළකව කියන ගෝල්ඩන් රූල් එක නෙමෙයි. ඒක හොඳ කතාවක්. ඒත් එම්පති කියන්නෙ ඒකට නෙමෙයි. ඔයාගෙ ආශාවන්, ඔයා ගැන තියෙන විශ්වාසයන් සහ මතාන්තර අනුව අනෙකා තක්සේරු කරන කල් ඒක එම්පති වෙන්නෙ නෑ. එම්පති කියන එක අමාරුයි. අනිත් කෙනාගෙ සපත්තුවට බැහැලා එයාව තේරුම් ගන්න ඕනි. අපි ඉන්න තැන ඉඳන් එයා ගැන හිතලා වැඩක් නෑ. ජෝර්ජ් බර්නාඞ් ෂෝට මේක තේරුණා. ඔයා ඔයාට වෙනවා දකින්න කැමති විදිහට අනිත් අයට කරන්න යන්න එපා. ඒ ගොල්ලොන්ට වෙනස් රසයන්, කැමැත්තන් ඇති, බර්නාඞ් ෂෝ කියන්නෙ ඒකයි’
-අපි ජීවත් විය යුත්තේ කෙසේද?
රෝමන් ක‍්‍රිස්නරික්
උදා විදිහට අපේ ගීත රචකයො වීදි ගණිකාවන් ගැන ලඳුනේ ලඳුනේ වගේ සිංදු ලියන එක සහනුභූතිය (එම්පති කියන එකට සාහිත්‍යමය වචනෙ) නෙමෙයි. සමහර විට ඊට වඩා බජාර් එකේ ලලක්කා කියද්දි මේ දැනීම තියෙන්න පුළුවන්. ජොර්ජ් ඕවෙල් දුප්පතුන් ගැන දැනෙන කල් දුප්පතෙක් විදිහට පාරවල් ගානෙ රස්තියාදු වෙමින් ගත කරපු ඉතිහාසයක් මේ ලේඛකයා උපුටා ගන්නවා. ඒ දුප්පත්කම ඇතුලෙන් දුප්පත්කම කියන එක දැනගන්න කල් ඕවෙල් දුප්පත්කම ගැන ලිව්වෙ නෑ.
‘එම්පති කියන අදහස අද පාවිච්චි වෙන්නෙ ‘හොඳ’ වගේ තේරුමක් එක්ක. ඒත් ඇත්ත එම්පති කියන එක නොදන්නා කලාපයක සැලසුම් නොකරපු චාරිකාවක් වගේ’
රෝමන් ක‍්‍රිස්නරික්
එතකොට චැරිටි කියල අද මාධ්‍ය අනුග‍්‍රහයෙන් දියත් වෙන මානව පේ‍්‍රමයට වඩා වෙනස් පේ‍්‍රමයක් ඇගපෙ විදිහට ග‍්‍රීකයො හඳුන්නපු වග තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ විශාලතර වූ සය විධ පේ‍්‍රමයන් වෙනුවෙන් තමන් ඉන්න කටුව බිඳගෙන යන්න දරන අනවබෝධී වෑයම විනාශකාරී වෙන්න පුළුවන් කියලත් ක‍්‍රිස්නරික් මතක් කරනවා. විශේෂයෙන්ම අපි තුල ඇති ලිංගික ඊර්ශ්‍යාව වගේ සීමාවන්ට ගරු කරමින් වැඩි වැඩියෙන් සමාජය පැත්තට නැවත විවෘත වීමක් එයා ආදරය හරහා යෝජනා කරනවා.
සමහර සම්බන්ධතා ශෘංගාර ආලයෙන් පටන් අරගෙන ෆීලියා සහ ප‍්‍රැග්මා කලාප වලට මාරු වෙන්න පුළුවන්. එතකොට
යෙහෙලියක සේ සොයුරියක සේ ඔබ කියන අයුරින්... මා කෙසේ ඔබ දෙස බලන්නද පෙම් කඳුළු දෑසින්’ වගේ නොමේරූ ආදර කතා නොකියා ඒ අලූත් තත්වයේ ආදරයට නතු වෙන්න කියල එයා යෝජනා කරනවා. ආදරයේ පරිණත වීමට මේ අත්හැරීම කියන කාරණය අවශ්‍යම වග ක‍්‍රිස්නරික් මතක් කරනවා.
මේ සංස්කෘතිකමය සිතීමේ පරාසය හැකිලීම ආදරයේ හැකිලීමක් විදිහට අරගෙන නැවත සමාජය කියන්නෙ විශාල ආදර සම්බන්ධතා ගොන්නක් වෙත දෑත දිගු කිරීම කියන එකයි රෝමන් ක‍්‍රිස්නරික්ගෙ මේ ආදර පිළිබඳ තිසීසයේ පදනම.
අපිට නැවත ගොඩක් උත්තර කියන්න පුළුවන්. මේ සමාජ දේශපාලන වෙනස්කම් වල විකාශනය, නැත්තං තනි ශෘංගාර පේ‍්‍රමය තුල මේ සෑම මුහුණුවරක්ම මුණගැහීම වගේ ප‍්‍රලාප ගොඩක් අපිට තියේවි. ඒත් අන්තිමට අපි ආරක්‍ෂා කරන්න උත්සාහ කරන මේ කටුව මොකක්ද? අනාරක්‍ෂිත බවට බයෙන් අපි ලොකු කරන මේ තාප්පෙ මොකක්ද?
ඇත්තටම අපි ඒකට ආදරය කියනවද?
අනිත් ආදර සම්බන්ධතා සියල්ල වසාගෙන වැඞීම හරහා මේ රැුකගත් එකම පේ‍්‍රමයත් වඳ වෙමින් යන වගට මේ සිතන්නා කියන තර්කය අපිට බාර ගන්න වෙනවා මං හිතන්නෙ. ආදරය ගමක් කර ගන්නවා වෙනුවට ආදර නගරයක අපි පුරවැසියො වෙන්නට එයා කරන මේ යෝජනාවෙ සිත්ගන්නා සුළු බව නිසාම මං හැරෙන තැපෑලෙන් පාවිච්චි කරපු පොතක් ඊබේ එකෙන් ඉල්ලූවා.
(අපි ජීවත් විය යුත්තේ කෙසේද? පොතෙන් උපුටා ගත් පරිච්ෙඡ්ද කීපයක් ඇසුරෙන්)
චින්තන ධර්මදාස
ටිබෙටයට තරමක් උතුරට වගේ වෙන්න චීනයේ තියෙන ගමක සැමියා සහ බිරිඳ කියා සංකල්පයක් නැහැ. ඒ වෙනුවට දරුවන් හදන්නේ මව සහ අගේ සහෝදරයින්. පියා කියා සංකල්පයකුත් නැහැ. ළමයි තාත්තව දන්නෙත් නැහැ. ගෑනියෙකුට ඒක මිනිහෙක් ඇත්තෙත් නැහැ.
ReplyDeleteමේක ඇතුලේ ආදරය කරුණාව බැඳීම පවුල කියන සියල්ල අප දන්නා ස්වරූපයෙන් කෑලි කැඩිලා නවතැහැ අලුත් විදිහකින් එකතු වෙනවා. ඒ පවුල මාර වෙනස් පවුලක්.
මෙසේ වන්න හේතුව දීර්ඝ කාලින වහල් බැම්මෙන් බන්දී උන්නු පවුල් අතර සහ සම්බන්ධ ඇතිවීම නවතන්න ඉඩම් හිමියන් ගත්තු උත්සාහය නිසා කියා අසා ඇතත් ඊට ස්වායත්තව මේ සිද්ධියේ තියෙන වෙනස් පවුල, වෙනස් බැඳීම්, වෙනස් ආදරය ගැන කතා කල හැකියි.
[කොමෙන්ට් දාන එකනම් අඩුයි වගේ. නිකම් හිතට ආ නිසා දැම්මේ]
Thank u Chintha
ReplyDelete