Thursday, May 5, 2011

සිනමාව නිරුවත් කිරීම.


දෙවෙනි වතාවට ෆෙස්ටන් චිත‍්‍රපටිය බලද්දි දැණුනු තිගැස්ම නිසා ඩොග්මෙ 95 ගැන ලියන්න මූඞ් එකක් ආවා. ෆෙස්ටන් කරන්නෙ තෝමස් වින්ටර්බ්ර්ග්. එයා ලාස් වොන් ටි‍්‍රයර් එක්ක එකතු වෙලා නිරුවත් සිනමාව අත්විඳීමේ ආසාවෙන් නිර්මාණය කරනවා අලූත් සිනමා සම්ප‍්‍රදායක්. (ඒ වගේ අමාරු හැදෙන්නෙ ඒ මහද්වීපවල ජීවත් වන මිනිස්සුන්ට විතරයි. ¥පත් වල අයට හැදෙන්නෙ රන්මිණිතැන්න හදනවා වගේ අමාරු*
ඩොග්මෙ 95 පටන් ගන්නෙ පැරීසියේ ලෝකෙ දැවැන්ත සිනමාකරුවො චලන චිත‍්‍රයෙ පලවෙනි ශතවර්ෂය සමරන්න රැුස්වෙලා ඉඳිද්දි. ලාස් වොන් ටි‍්‍රයර් ට ආරාධනයක් තිබුණ සිනමාවෙ ඉදිරි අනාගතය ගැන කතාවක් කරන්න. ඒ වෙනුවට එයා ඇවිත් හිටපු අයට ඩොග්මෙ 95 ‘පවිත‍්‍රත්වයේ ප‍්‍රතිඥාව’ ලියපු රතු කොලයක් බෙදාගෙන යනවා. ඩොග්මෙ ගැන විවේචන එද්දි වින්ටර්බර්ග් සහ වොන් ටි‍්‍රයර් කියනවා,
‘ අපිට අන්තගාමී දෙයක් තමයි ඕනි. ලොකු බජට් වල බිස්නස් එකක් විතරක් වේගෙන යන කොට අපි තීරණය කළා පුළුවන් තරමක් හරි දේවල් බැලන්ස් කරන්න’

වොන් ටි‍්‍රයර් ට සහ වින්ටර්බර්ග් ට ඕන වුණේ චිත‍්‍රපටයක අධ්‍යක්‍ෂණය එහි විශේෂ ප‍්‍ර‍්‍රයෝග, සංගීතය හෝ චිත‍්‍රපටියෙ සාරයට සම්බන්ධ නැති වෙනයම් දෙයක් වෙනුවෙන් කරන වෙහෙසීම චිත‍්‍රපටයෙ සාරයට කේන්ද්‍රගත කරන්න. කතාව සහ නළු නිළියන් සමග වැඩකිරීම සිනමාවෙ මූලික හරය කියන එක ආයිමත් තහවුරු කරන්න.

‘එහෙම වුණාම පේ‍්‍රක්‍ෂකයො වුණත් ඔවුන්ව කතාවෙන් පරාරෝපණය කරන අධිනිෂ්පාදන තත්ව නිසා පීඩනයට පත් නොවීමේ නිදහස විඳීවි’ -

මෙතනින් මම වෙන කතාවකට මාරු වෙනවා. මේක කෙලින්ම කරගෙන යන කතාවට අදාල නොවුණත් වෙන වදිහකින් අදාලයි. මට ළ`ගදි බලන්න හම්බුණා විශ්ව විද්‍යාලවල කට්ටිය කරපු කෙටි චිත‍්‍රපටි. සාමාන්‍යයෙන් එලියෙ හැදෙන කෙටි චිත‍්‍රපටි වලට සාපේක්‍ෂව ඒවා තියෙන්නෙ හිතා ගන්න බැරි තරම් පහල මට්ටමක. වඩාත් අවදානම්කාරී දේ ඒ ගොල්ලන්ට හිතන්න බෑ කියන එක හොඳටම පෙනීම සහ ඔවුන් සිනමාකරුවන් වෙන්න උත්සාහ කරන එක. ඔවුන්ට සිනමාව කියන්නෙ ඔවුන්ගෙ ඇත්ත ජීවිතෙන් හු`ගක් පරාරෝපිත තත්වයක්. ඔවුන්ට දෙයක් රූපමය ලෙස දැකීමේ හැකියාව නිල්. මම මේ කියන්නෙ චිත‍්‍රපට කීපයක අත්දැකීම් වලින් විතරක් නෙමෙයි. ටම් වෙද්දි පොදුවේ හැම විශ්ව විද්‍යාලයකම නිර්මාණශීලීත්වය එලියෙ සමාජයට සාපේක්‍ෂව අතිශය නොදියුණුයි. මෑතක කීප වතාවක්ම මට මේ ඇත්ත නැවත නැවත මුණ ගැහුනා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ ඉඳන් ශිෂ්‍යයන් දක්වාම මේ බංකොලොත්කම එලියට එනවා. මෑතක අයිනෙස්කෝ ගේ නාට්‍යයක් විශ්ව විද්‍යාල ආශ‍්‍රිත චරිතයක් විසින් පරිවර්තනය කොට වේදිකාවට ගෙනෙන ලදුව මම ගියා බලන්න. ඒක බලන් ඉන්න බෑ. විකාරයි. ඊට පස්සෙ බෝනිකි ගෙදර. කටෙ තියන්න බෑ. මේකට ප‍්‍රධානම හේතුව විදිහට මට පේන්නේ අදේශපාලනික බව. පේ‍්‍රක්‍ෂකයො හෝ පාඨකයො හෝ ඇත්තට ඉන්න තැන ගැනවත්, රටේ සමස්ත ප5වාහය ගමන් කරන දිශාව ගැනවත් ඔවුන්ට දැනුවත් කමක් නෑ. දැනුම අදාල සමාජ පරිසරය අනුව සකස් කර ගැනීම ගැන කිසිම හැකියාවක් නෑ. මට අනුව නිර්මාණශීලීත්වය කියන්නෙම ඒකට. විශ්ව වද්‍යාල ආචාර්යවරුන් දැන් නිර්මාණ කියල කරන්නෙ කෞතුක සම්ප‍්‍රදායන් පවත්වාගෙන යන එක. ඒ ගොල්ලොන්ට අනුව ශාස්ත‍්‍රිය නැත්තං ඇකඩමික් කියන්නෙ ඒකට. මේ දේවල් මේ විදිහට පවතින පද්ධතියක සහ ඒකටම ගැලපෙන නිර්මාණශීලීත්වයට එරෙහි රාජ්‍ය ප‍්‍රතිපදාවකදි නිර්මාණ කියල බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ විදිහෙ පාවෙන බැලූම් විතරයි.

ඒක හින්ද කැම්පස් වල ළමයි කරන චිත‍්‍රපටි තාම ලංකාවෙ ෆිල්ම් පටන් ගත්ත කාලෙ වගේ. ඔවුන්ට බියර් යනු නරක චරිත පෙන්වන්නට සංකේතයක්. ඔවුන්ට කියන්න ඇත්තේ ද ලක්ෂවාරයක් නැවත නැවත ජප කරපු අත්දැකීම් විතරයි. ඒවත් හරියකට ඉදිරිපත් කරන හැටියක් දන්නේ නෑ. කොටින්ම ඒ ගොල්ලො චිත‍්‍රපටි බලන්නෙ නෑ.

කොහොමත් මේ මොහොතෙ ලංකාවෙ සිනමාව කියල කියන්න දෙයක් නෑ. තියෙන්නෙ ජාති දෙකයි. එකක් අඩු වියදමෙන් කරන ටෙලි නාට්‍ය. අනික වැඩි වියදමෙන් කරන ටෙලි නාට්‍ය. තර්කොව්ස්කි ගැන කතා කරලා අපි රෝයිද සිල්වා වගේ චිත‍්‍රපටි හදනවා.

සමස්තයක් හැටියට සිතීම කියන එක අත්හරිමින් ඉන්න පොදු හේතුව පැත්තකින් තිබ්බොත් සිනමාව ගැන මේ තරම් අවුලක් එන්න හේතුව අපිට සිනමාවක් නැති කම. අපි සිනමා භාෂාව කියවන්න දන්න රටක් නෙමෙයි. සිනමාවෙ භාෂාව මෙගා ටෙලි භාෂාවට වඩා වෙනස්. ඒක කැමරා කෝණවත්, සංගීතය වත්, පාට කරපු රූප වත් නෙමෙයි. ඒක සිනමාව කොයි තරම් දැනෙන තැනකට ගේන්න පුළුවන්ද කියන කාරණයත් එක්ක සම්බන්ධ දෙයක්. සිනමාවට කොයි තරම් අවංක වෙන්න පුළුවන්ද, සිනමාව කොයි තරම් ජීවිතේ කියවන භාෂාව කර ගන්න පුළුවන්ද කියන ප‍්‍රැක්ටිස් එකයි එතනදි බලපාන්නෙ. පිරිසිදු නැත්තං පාරිශුද්ධ සිනමාව ස්පර්ශ කිරීම කියලා ඩොග්මෙ 95 දි උත්සාහ කරන්නෙ එතනට එන්න. ආයිමත් ඉපදෙන්න.

ඩොග්මෙ 95 දස පණතක් උඩ පදනම් වුණා.

1. ඩොග්මෙ චිත‍්‍රපටියක් වෙන්න නම් චිත‍්‍රපටිය ඇත්ත ලොකේෂන් එකක (සෙට් එකක බෑ* රූප ගත කරන්න ඕන. ප්‍රොප්ස් ගේන්න බෑ. ප්‍රොප්ස් ඕනම නම් ඒ ප්‍රොප්ස් තියෙන ලෝකේෂන් එකක් හොයා ගන්න ඕන.

2. සංගීතය වෙනම එකතු කරන්න බෑ. එතනදි ඇත්තට ඇහෙන සංගීතය පමණයි.
3. කැමරාව හෑන්ඞ් හෙල්ඞ් වෙන්න ඕන. අතේ තියාගෙන ඕන වැඩක් දාන්න පුළුවන්.
4. චිත‍්‍රපටිය වර්ණ විය යුතුමයි. ස්වභාවික ආලෝකය හැර ආලෝකකරණය තහනම්. එලිය මදි නම් ඒ සීන් එක කපලා දාන්න හෝ එක ලාම්පුවක් පමණක් කැමරාවට ඈඳාගන්න ඉඩ දෙනවා.
5. කාචවලින් වැඩ දාන්න බෑ. ෆිල්ටර් පාවිච්චි කරන්න බෑ.
6. බොරු ඇක්ෂන් චිත‍්‍රපටි වෙන්න බෑ. ඇත්ත ජීවිතය උඩ පාදක වෙන්න ඕන.
7. චිත‍්‍රපටිය මෙතන මේ මොහොතේ වෙන්න ඕන. කතාව එහේ මෙහේ ගෙනියන්න බෑ.
8. ෂොනර චිත‍්‍රපට බාර ගන්නෙ නෑ.
9. චිත‍්‍රපටිය අවසානයේ වයිඞ් ස්ක‍්‍රීන් නොවන 4.3 නෙගටිව් වලට මාරු කළ යුතුයි.
10. චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂකගේ නම සඳහන් කරන්න බෑ.

සිනමාව කියන නිදහස් කලා භාවිතාවට මේ විදිහෙ තහංචි දැමීම ගැන (හිනා යන කතාව කියන්නෙ ලංකාවෙ චිත‍්‍රපටි කරන අයත් මෙහෙම කියනවා* වින්ටර්බර්ග් ලස්සන විස්තරයක් කරනවා.
‘ඩොග්මෙ 95 නීති වලට මම කැමති වෙන හේතුව ඩොග්මෙ ඉන්න අනිත් අයට වඩා වෙනස්. ඒවා ඇත්තටම හරි පුද්ගලිකයි. ඒවා පුද්ගලිකයි, මම විශ්වාස කරන කලාව හා සම්බන්ධයි. දේශපාලනිකයි. මට ඕන මේ මොහොතේ සිනමාව ඇතුලෙ වැඩකරන නිශ්චිත ධාරවන් කීපයකට විරුද්ධ වෙන්න හෝ ඒවා යම් තාක් දුරට පාලනය කරන්න. මට ඕන අපේ කාලයේ වඩාත්ම කොන්සවේටිව් කලා මාධ්‍ය වන සිනමාවෙ මේ මෝඩකමට සහ ගතානුගතිකත්වට විරුද්ධ වෙන්න. අනිත් අයගෙ විතරක් නෙමෙයි. මගේ සිනමාවෙ පවා මේ තත්වයන් තියෙනවා. චිත‍්‍රපටි හදන එක අවදානම් සහගත වැඩක්. ඩොග්මෙ 95න් මගේ බලාපොරොත්තුව සිනමාව නිරුවත් කිරීම. සැබෑ සිනමාව මුණ ගැසීම. හරි පුදුම විදිහට අපි නීති විදිහට දාපු දේවල් අපිට නිර්මාණ වලදි නිදහස ලබා දුන්නා. ඒක විමුක්ති මාර්ගයක් වගේ. ඒ නීති නිසා තවත් මගේ පරිකල්පනය තියුණු වෙන්න ගත්තා. චිත‍්‍රපටියට සංගීතය පාවිච්චි කරන එක තහනම් වුණාම, මේක මගේ ෆෙස්ටන් චිත‍්‍රපටියෙදි වුණා..මගේ චරිත එක්ව ගායනා කරන්න පටන් ගත්තා. ඒක සජීවී වුණා.
අනිත් හැම උපකරණයක්ම ඉවත් කරලා නිසා චිත‍්‍රපටිය ඇතෙුල මට හු`ගක් නිදහස දැණුනා. අන්තගාමී විදිහට නළු නිළියන් සහ කතාව ගැන වෙහෙසෙන්න මට පුළුවන් වුණා.
වෙන විදිහකට ගත්තොත් මේ හින්ද මෙච්චර කල් සල්ලි වලින් යට කරලා තලාගෙන හිටපු පිරිසක් ශක්තිමත් විදිහට ඉස්සරහට ආවා. ඒකෙන් පෙරමුණක් හැදුණා.
මම කොහොමත් පැටලිලි සහගත මිනිහෙක් සහ නීති රෙගුලාසි අනුගමනය කරන එක මට විනෝදයක් වගේ..’ - තෝමස් වින්ටර්බර්ග්

අපිට සිනමා භාෂාව ඉගෙන ගන්න නම් ආයිමත් මුලට එන්න වෙනවා. ලයිට්, ලෙන්ස් ගැන දැන ගත්තට සිනමාව අහුවෙන්නෙ නෑ. ඒකට ජීවිතේ පැත්තට කැමරාව අල්ලන්න ඉගෙන ගන්න ඕන. සිනමාව සමග සංසර්ගයේ යෙදෙන්න ඕන. ස්වයං වින්දනයේ යෙදුනට අහුවෙන දෙයක් නෑ.

-චින්තන ධර්මදාස.

පුළුවන් නම් දාන්න.(ලියුම්කරුගේ හෙඩිම); රැවුල ගිනි ගනිද්දි සුරුට්ටු දැල්වීම (මගේ හෙඩිම)


පත්තරේට යවන්නෙ නැතුව මේක gmail එකට කෙලින්ම එව්වෙ අතරමැද මාධ්‍යකින් කියනවට කෙලින් මූණට කියන්න මම කැමති හින්ද. තුෂාර පෙරේරා කියන නමින් ලියන්නෙ ඔයා (චින්තන ධර්මදාස* කියල දීප්ති ෆේස් බුක් එකේ කියලා තිබුණ. (සේනක මරික්කාර් එයාගෙ ෆේස්බුක් නම* හඳයා ගැන ඔයා ලියපු ලිපිය අවුල්. ලංකාවෙ සිනමාව එක්ක දේශපාලන ගණුදෙනුවක් කරපු, සමහර තැන් වලදි තමන්ගෙ ජීවිතය පවා ඒ නිසා අවුලට දා ගත්තු හඳගමගෙ සිනමාව ගැන ඔහොම ප‍්‍රශ්න කරන්න චින්තන ධර්මදාස කියන්නෙ කවුද? ඔයාගෙ පුද්ගලික ජීවිතේ ගැන හු`ගක් දේවල් ‘මම’ දන්නවා. ඔයා දේශනා කරගෙන යන සිනමාව ගැන ප‍්‍රලාප පිටිපස්සෙ තියෙන්නෙ ඒ ජීවිතේ අවුල. හඳගම ගැන අතිශය පුද්ගලික දේවල් චිත‍්‍රපටිය හරහා ප‍්‍රශ්න කරන්න ඔයාට පුළුවන් නම් ඔයාගෙ ජීවිතේ ගැනත් ඔයාගෙ සිනමාව හරහා ප‍්‍රශ්න කරන්න අනිත් අයට පුළුවන්.
1. ඔයාගෙ ලිංගික ජීවිතේ අවුල නෙමෙයිද ඔයා හැම චිත‍්‍රපටියක් ඇතුලටම ගේන්නෙ? හඳගමගෙ ලිංගික ජීවිතේ අවුලක් නෑ. එයාට අවුල තියෙන්නෙ දේශපාලනික, සමාජීය ජීවිතේ ඇතුලෙ. ඔයා සිනමාව කියන්නෙ ඔයාගෙ පුද්ගලික නෂ්ටකාමයක් උත්කර්ෂයට නංවන එකට. චිත‍්‍රපටි එකින් එක අරගෙන ඔයාගෙ අවුල් වුණු පේ‍්‍රම සම්බන්ධතා එක්ක තුලනාත්මකව බැලූවොත් මම කියන තර්කෙ ඔයාට වැදගත් වේවි.

2. හැම තැනම පරාරෝපණයක් ගැන කතා කරන ඔයාගෙ ජීවිතේ කොයි තරම් පරාරෝපිතද? ඇඞ්වටයිසින් කොම්පැණියක කුලියට තෙල් බෙහෙත් විකුණන ඔයා හඳගමගෙ පරාරෝපණයක් ගැන කතා කරන එක විහිළුවක් වගේ නැද්ද? මම මේක කියන්නෙ ඔයා වහාම නැවත හැරිලා ඔයා දිහාම බලන්න ඕන නිසා.

3. හඳගමගෙ දුර්වල නිර්මාණයක් විදිහට මාත් සළකන විදු වුණත් ඔයා කරපු හව් අයි වොන්ඩර් කියන විකාර රූපි චිත‍්‍රපටියකට වඩා හොඳ නැද්ද? කිසිම සමාජ දේශපාලනික අවබෝධයකින් තොරව කරපු චිත‍්‍රපටයක් හව් අයි වොන්ඩර් කියන්නෙ. කවුද එහෙම චිත‍්‍රපටියක් බලන්න එන්නෙ? කොහෙද එහෙම එකක් පෙන්නන්නෙ? මොකටද එහෙම එකක් කරන්නෙ? සම්පූර්ණ අතාර්කික පෙන්න ගන්න බැරි චිත‍්‍රපටි කරපු අය හඳගම වගේ අයට කරන්න ඕන විදිහ කියන එක ජෝක් එකක්.

මේ චිත‍්‍රපටි කෙරුවාව අලූත් ආරම්භයක්, අලූත් කියවීමක් වගේ ගොඩක් නම් වලින් එක එක අය කතා වෙනවා. මම කියන්නෙ එහෙම දෙයක් වුණේ නෑ. ඒක කෙටි චිත‍්‍රපටියක් වගේ වැඩකට වඩා ලොකු නෑ. සිනමාව කියන්නෙ සංස්කෘතියක්. ඒක ගමන් කරන්නෙ රටක මහා සංස්කෘතියත් එක්ක ගණුදෙනුවක් කරමින්. අන්ඩර්ග‍්‍රවුන්ඞ් සිනමා න්‍යායන්ගෙන් රටක මහා සිනමාව කියවන්න බෑ චින්තන. හඳගම වගේ චිත‍්‍රපටිකරුවෙක්ට බෑ කෙටි චිත‍්‍රපටිකාරයෙක් වගේ වැඩ කරන්න. සිනමාකරුවෙක් විදිහට හඳයා හොඳ උත්සාහයක් දරලා තියෙනවා මහා සමාජය එක්ක යම් හෝ සංවාදයකට යන්න. ජෝන්ද සිල්වා එකේ පෙන්නන වේදිකා නාට්‍ය වල තත්වයට සිනමාව ගෙනියන්නෙ නැතුව ඒක ලොකු පේ‍්‍රක්‍ෂාගාරයක් එක්ක කරන සංවාදයක් කියන සිතීමෙන් හඳයා කරපු විදු මට අනුව නම් අගය කළ යුතුයි.

මගේ සිනමාව කියන්නෙ ශාලාවෙ අසුන් ප‍්‍රමාණයයි- ඇල්ෆ‍්‍රඞ් හිච්කොක්

ඔයාගෙ පිටුවෙම කලින් තුෂාර පෙරේරා කියන නමින් කසුන්, කපුගේ විතරක් නෙමෙයි අමරදේව මාස්ටර්වත් දෙකේ කොලේට දාලා කතා කරලා තිබුණ. මේ දේවල් ගැන තියුණු විදිහට සංවාදයක් ගොඩ නැගෙන්නෙ නැත්තෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. සංගීතය මගේ විෂය නොවන නිසා සහ මම ඔයා වගේ නොදන්නා විෂයන් ගැන කතා නොකරන නිසා ඒ ගැන ශාස්ත‍්‍රීය කාරණා වලට යන්නෙ නෑ. ඒත් ඔයා මතු කරන තර්ක පිටිපස්සෙ තිබුණෙ ‘කංසා සිතුවිල්ලක්’ විතරයි කියන එකයි මගේ අදහස. භාෂාත්මකව, සමාජීයව, දේශපාලනිකව කරුණු ගෙන එමින් සාකච්ඡුා කරන්න වෙන කාරණා ඕපා¥ප විදිහට සමාජගත කරන එක බරපතලයි. ං එක කලින් ඕක කළා. ලංකාවෙ මොකක් හරි දෙයක් කරපු සහ කරමින් ඉන්න හැමෝටම පුද්ගලික සුළු දේවල් වලින් ගහන්න පටන් ගත්තෙ ඒ ගොල්ලො. ඔයාලා වගේ චරිත හැදුනෙ එතනින්. විධිමත් ශාස්ත‍්‍රීය පර්යේෂන හරහා ඇකඩමික් සංවාද තලයට ගන්න අවශ්‍ය කරුණු උප්පැන්නෙ නම වගේ දේවල් ඇදගෙන පේමන්ට් එකේ කතා කරන එක හු`ගක් කැතයි. හැම කෙනෙක්ම තමන්ගේ නිර්මාණයක් ඇතුලෙ යම් හෝ දෙයක් කරන්න වෑයම් කරනවා. මිලියන ගාණක් වියදම් කරමින් වාණිජම පරමාර්ථ ඇතුව කරන ‘සුපර් සික්ස්’ චිත‍්‍රපටිය වුනත් කරන්න ඒ අධ්‍යක්‍ෂවරයාට හිතෙන්නෙ චිත‍්‍රපටි ගැන තියෙන කිතියක් එක්ක. ඒ දේවල් විවේචනය සිද්ද වෙන්නෙ ඊට වඩා පහත් චේතනාවක් එක්ක. සාධනීයව නිර්මාණකරුට යම් මානසික හෝ උදව්වක් නොදෙන විචාරකයන් කරන්නෙ ඒ අසීරුවෙන් බොහෝ දේ කැප කරමින් කළ නිර්මාණය දෙකේ කොලේට දමමින් තමන්ගෙ ‘කලා නිල බලයක්’ තහවුරු කර ගන්න එක. විශේෂයෙන්ම ඔයා ලියන විචාර වලින් නිර්මාණයක් ගොඩනැගෙන්න කෙරෙන උදව්වක් නෑ. ඒ වෙනුවට ඔයාම නිතර කියන ‘ කුහකකම’ වගේ දෙයක් ඒ වචන වලින් එලියට ගලනවා. ඒක බෝවෙනවා.

දීප්ති කාලෙකට පස්සෙ ජයවර්ධන කේන්ද්‍රයෙ තිබ්බ රැුස්වීමකදි කිව්වා ඔයා වගේ අය බිහිවීම ගැන හඳගම වග කියන්න ඕන කියල. ඒක ඇත්තක්. (චින්තන මුලින් කරපු ‘ඉක්බිති ඔහුට නින්ද ගියේය’ කියන කෙටි චිත‍්‍රපටිය ජාතික චිත‍්‍රපටි සංස්ථාවේදි ‘හොඳ’ නිර්මාණයක් විදිහට තෝරා ගත්තේ එතන විනිශ්චය මණ්ඩලයේ හිටපු අශෝක හඳගමයි. ඒ වෙනුවෙන් එයාට ගොඩක් පෙනී ඉන්නත් වුණා. චින්තන පෝලන්තෙ චිත‍්‍රපටි ඉගෙන ගන්න ගියෙත්, චිත‍්‍රපටිකාරයෙක් කියන ස්ටිකර් එක අලව ගත්තෙත් එදා හඳගම අතින් වුණු ඒ අත්වැරැුද්දට පිං සිද්ද වෙන්න* සිනමාවට ඔයා වගේ අයගෙන් වෙන්නෙ උදව්වකට වඩා හානියක්. සිනමාව කියන මාධ්‍යය මහා සංස්කෘතිය එක්ක ගැටගැහිලා තියෙන වටිනාකම් පද්ධතිය විනාස කරන එකයි ඔයාගෙ මතවාද හා ලිවීම් හරහා කෙරෙන්නෙ. ඔයගොල්ලො යෝජනා කරන සිනමාව කියන්නෙ හුදකලා වෙච්ච, මානසිකව රෝගී, හරිම බාල විදිහට නිෂ්පාදනය කරපු චිත‍්‍රපටි වලට. ඒ චිත‍්‍රපටි දක්වා ගමන් කරන්න කියලා අනෙක් කෘති සහ ඒවා කරන මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිත මේ විදිහට විවේචනය කරන එක තක්කඩිකමක්. මට සිනමාව එක්ක තියෙන්නෙ පේ‍්‍රක්‍ෂක ගනුදෙනුවක් විතරයි. චිත‍්‍රපටියක් අධ්‍යක්‍ෂණය කරන කෙනෙකුට, නිෂ්පාදනය නැත්නම් කැමරා කරන කෙනෙකුට ඒ සම්ප‍්‍රදාය ඇතුලෙ ආරක්‍ෂා කරන්න අවශ්‍ය වටිනාකම් පද්ධතියක් තියෙනවා. ඒවා කාලයක් තිස්සෙ අමාරුවෙන් ගොඩනැගුන දේවල්. තමන්ගෙ ජීවිතේ වටිනාකම් පද්ධතියක් (සංස්කෘතියක්* ගොඩනගා ගන්න බැරි වුණ ඔයා වගේ අය අනුන්ගෙ ජීවිත වලත්, සංස්කෘතියෙත් ඒ වටිනාකම් ඉවර කරන්න ද`ගලන එක සාමාන්‍යයි. අදහස් විදිහට ඒ දේවල් කියවන්න හෝ දරා ගන්න පුළුවන් වුණාට ත‍්‍රස්තවාදියෙක් වගේ අනුන්ගෙ ජීවිත සහ වැඩ මැද්දට පැනලා පාදඩ විදිහට ඒවායෙ පහරන්න ගන්න එක ඉවසිය යුතු නෑ. ඒකෙන් ඔයා වගේ තවත් රස්තියාදුකාරයො ගොඩක් මේ තක්කඩිකම කරන්න ගන්නවා. පස්සෙ ඒකට සිනමාව හරි වෙන මොකක් හරි කලාවක බෝඞ් එකක් ගහගන්නවා. මිනිහෙක්ගෙ ජීවිතය විචාරයක් හරි වෙන නැවත කියවන භාෂාවක හරි මනින්නෙ ඒ ජීවිතේ අනිත් ජීවිත අතර කරගෙන යන ගනුදෙනුව ගැන සමාජ කියවීමකින්. කසිප්පු පොලක මිනිස්සුන්ගෙ එකමුතුවකට අපි දේශපාලන අගයක් දෙන්නෙ නෑ. ඒ සංවාද අපිට වැඩක් වෙන්නෙත් නෑ.
ඒක නිසා විවේචනයකදි ශාස්ත‍්‍රීය වෙන්න. සමාජ වටිනාකම් කියන ඒවා තියෙන්නෙ ගංජා ගහපු වෙලාවට බෝල ගහන්න නෙමෙයි.
ඔයා හැමතිස්සෙම කියන අදහසක් අනුව ගත්තොත්,
සිනමාවට ගේන්න ඔයාට තියෙන ජීවිතේ මොකක්ද?
සමාජයක් ඇතුලෙ සංකීර්ණ වැඩක් කරන කෙනෙක්ව ගණිකාවක් වගේ ප‍්‍රශ්න කරන්න ඔයාට තියෙන සදාචාරය මොකක්ද?

-විකුම්ප‍්‍රිය මුණසිංහ

(vyadhadeva@gmail.com විද්‍යුත් තැපෑලට එවා තිබූ මේ ලිපිය වචනයකුදු, කොමාවක් හෝ නැවතීමකුදු වෙනස් නොකර පල කර ඇත. කලකට ඉහත ජයන්ත චන්ද්‍රසිරි ‘ඔත්තුකාරයා’ නම් නාට්‍යයේ කියන දෙබසක් මට මතක් වේ. ‘ඝෝෂාව මධ්‍යයේ නිදන මිනිසුන් නිෂ්ශබ්දතාවය විසින් පුබුදුවනු ලබයි’. ලියුම්කරුවාට තුති *

මට මෙගා ටෙලියක් කරන්න ආසයි



‘මට මෙගා ටෙලියක් කරන්න ආසයි.’
මං කිව්වම මගේ යාලූවො ගොඩක් අවුල් වුණා.
‘චිත‍්‍රපටියක් කරපන්.’
‘නෑ මට ඕනි මෙගා ටෙලියක් කරන්න.’

චිත‍්‍රපටි හදන හරි වෙන සම්භාව්‍ය කියන වැඩ කරන හරි ගොඩක් දෙනාට ටෙලි වගේ වැඩ හරි බාල වැඩ. ඒක හින්ද ඒ ගොල්ලො කවුරුවත් බලන්නෙ නැති චිත‍්‍රපටි හදනවා. තවත් අය දාහකට වඩා විකුණගන්න බැරි පොත් ලියනවා. බලන්න හෝ කියවන්න ඉන්න ඔලූ ගෙඩි ගණන් කරලා වැඩ කරන්න කියනවා වගේ පටු අදහසක් නෙමෙයි මම කියන්නෙ. ආර්ට් එකක් කරද්දි බොහිමියානු පරාරෝපණයකට යන්නෙ නැතුව මේ පොලොවෙ ඉඳන් ඒ දිහා බලන්න කියන එකයි. එහෙම නැතිවුණු හින්ද අපේ නිර්මාණ ජීවිත වලින් ගොඩක් ඈතයි. පිටරටවල චිත‍්‍රපටි හෝ පරිවර්තන එක්ක ගැලපෙන විදිහටයි චරිත, කතා නිර්මාණය වෙන්නෙ. අපි එදිනෙදා මුහුණ දෙන මෝඩ, විහිළුකාර ජීවිතේ වෙනුවට අපේ චිත‍්‍රපටිවල නවකතා වල තියෙන්නෙ දාර්ශනික චරිත. මායිම් ගම්මාන වල සමතලා වෙලා යන ජීවිතයක වුණත් ඛේදවාචකය හරි කාව්‍යමයයි. දාර්ශනිකයි. සංවේදියි. ඒ අපේ නිර්මාණකරුවො ජීවිතේ දිහා බලන හැටි. හරි මානව විද්‍යාත්මකයි. මානව විද්‍යාව හැදුනෙ ඈත ඉඳන් මිනිස්සු දිහා බලන්න. දුර රූපයකින්. එතකොට කතුවරයා ඉන්නෙ ඉහලින්. ඒ මඩ වල නොගෑවී. එහෙම වුණොත් තමයි පිටරට සම්මාන උළෙලවල අයට මේ ආර්ටිස්ට් කෙනෙක් කියල දැනෙන්නෙ. සමාජ විද්‍යාත්මක ඇහින් අපි දිහා බලලා කරන නිර්මාණ ඒ අයට විකුණන්න බෑ. ආර්ට් සෙන්ටර් එකේ තියෙන රටවල් පරිධියේ රටවලට කියනවා ඒ අයට අවශ්‍ය නිර්මාණ සකස් වෙන්න ඕන හැටි. අපේ ජීවිතේට කැමරාව ඇල්ලූවට ඒක ආර්ට් කියලා කියවන්නෙ නෑ. ඒ ආර්ට් කියල සම්මත කෝණෙකට කැමරාව අල්ලන්න ඕන. මේ විදිහට අපේ ආර්ට් කියන දේවල් ඇතුලෙ වෙන්නෙ වෙන මොනම වැඩකටවත් වඩා ජීවිතය පාවා දීම. කෙලවරේදි ජීවිතය අහිමි වීම. සුගතපාල සෙනරත් යාපා (හන්තානේ කතාව*, මැණික් චන්ද්‍රසාගර් (කොළඹ සන්නිය* වගේ චිත‍්‍රපටිකරුවො ආර්ටිස්ට් ලා නොවී ලෙස්ටර් ලා, නිහාල්සිංහලා ආර්ටිස්ට්ලා වෙන්නෙ ඒකයි.

මෑතකදි මගේ යාලූවෙක් කරපු චිත‍්‍රපටියක් බලලා පාලිත පෙරේරා මෙහෙම කිව්වා.
ඒ සෙක්ස් ද බං. කැමරාවට හරව හරවා සෙක්ස් කරන්නෙ ඕවා කැමරා සෙක්ස්. ඇත්ත ලයිෆ් එකේ සෙකස් කරපු උන් ඔහොම නෑ.
ටිකක් වෙලා කල්පනා කරද්දි ඒ කතාව එක්ක මට ගොඩක් දේවල් ඈඳුණා. ධර්මසිරි සුද්දිලාගේ කතාවෙ කරපු ‘සෙක්ස්‘ සීන් එකක් ගැන සයිමන් ගොඩක් විරුද්ධ වුණා. ‘ඒක හරියට පිටරට බෙඞ් රූම් සීන් එකක් වගේ. මගේ නවකතාව බ්ලූ ෆිල්ම් එකක් නෙමෙයි’ සයිමන් කිව්වා.
‘මචං අපේ උන්ගෙ ලයිෆ් සෙක්ස් නෑ. උන්ට තියෙන්නෙ සිනෙ සෙකස්’ උදයා ත‍්‍රීවිල් එකක එන ගමන් ?ක කිව්වා.
මේක සෙක්ස් වලට විතරක් නෙමෙයි, අපි ආර්ට් කියලා කරන ගොඩක් දේවලට අදාලයි. ආර්ට් එකක ජීවිතේ කියලා ජීවිතේ වගේ වෙන එකක් ගේනවා කියන්නෙ ඒක ‘අසභ්‍යයි’. මම මෙතනින් කතාව පටන් ගත්ත තැනට එනවා. මට මෙගා ටෙලියක් කරන්න උවමනා වීම.

සෝප් ඔපෙරා සහ අධ්‍යාපනය එක්වරම මහා අපරාධයක් වගේ දැනෙන්නෙ නැහැ. ඒත් කාලයක් පුරා යද්දි ඒ දෙකම මාරාන්තිකයි - මාක් ට්වයින්.

ටීවී එකේ මේක දවසට පැය හත අටක් කරගෙන යනවා. නොමිලේ දෙන හින්ද කිසි කොලිිටියක් නැති ලාංකීය පේ‍්‍රක්‍ෂකයො කට ඇරගෙන බලන් ඉන්නවා. දන්නෙම නැතුව ඒ අයගෙ ඇත්ත ජීවිතේ සම්බන්ධතා අර මෙගා ටෙලියෙ වගේ වෙන්න පටන් ගන්නවා. අද අපේ සාමාන්‍ය පොදු ජනතාවගේ මානසිකත්වය පාලනය කරන්නෙ මෙගා ටෙලි. ඒ ටෙලිවල චරිත වගේම බලන මිනිස්සුන්ගෙත් ගෙදරට සහ අල්ලපු ගෙදරට පිට දේශපාලනයක්/අවබෝධයක් නෑ. එතකොට අපේ පොත් ලියන අය, චිත‍්‍රපටි කරන අය හැමදෙයක්ම කරන්නෙ මේ ජනතාවට, නැත්තං මේ ජනතාව නොවන, ඇත්තට නැති ජනතාවකට. ඒ දෙකෙන්ම වෙන්නෙ එකම දේ. විමුක්ති ජයසුන්දරගෙ චිත‍්‍රපටියක් සහ උදයකාන්තගේ චිත‍්‍රපටියක් ලංකාවෙ පොලොවට ගේන්නෙ එකම විදිහක නරකක්. ජීවිතය විකෘති කිරීම.


කොමර්ෂල් ජෑස්, සෝප් ඔපෙරා, පල්ප් ෆික්ෂන්, කොමික් පොත්, නාගරික බහුතරය ගැන රූප මවන, ඒ අයගෙ ආචාර සමාචාර, වටිනාකම් සහ අරමුණු ගැන කතා කරන චිත‍්‍රපටි....එක විදිහකින් හෝ තව විදිහකින් හැමෝම මේ සංස්කෘතික මැෂින් ඉස්සරහ සමානයි. තාක්ෂණය වගේ ජන මාධ්‍යත් දැන් සිද්ධි සහ ඉල්ලූම අතින් කොතනත් එක වගෙයි. මේ ඔක්කොම පොදු සාධකයක් වගේ. බහුතර හැ`ගීම් සඳහා කල් ඇතුව සකස් කරපු පද්ධතියක්- සී රයිට් මිල්ස්

ලංකාවෙ මේ මොහොතෙ ඇත්ත ජීවිතයක් ගත කරන සවිඥාණක කෙනෙක් වැඩ කරන්න තෝර ගන්නෙ මෙගා ටෙලි මාධ්‍ය කියන එකයි මගේ අදහස. ආර්ථික දේශපාලනික හා සමාජීය සාදක ගාණක් විසින් මිනිස්සුන්ව ගාල් කරලා තියෙන තැනට ගිහින් එතන සංවාදයක් ගොඩනගා ගන්න බැරි නම් ඒ ආර්ට් එක මේ පොලොවෙ වඳ වෙන්න නියමිතයි.
‘කන්ද මොහොමඞ් ළ`ගට එන්නෙ නැත්තං මොහොමඞ් කන්ද ළ`ගට යන්න ඕන’

මෙගා කියන්නෙත් ලෝකෙ හැම තැනම ව්‍යාප්ත වෙච්ච ෂොනරයක්. ඒකටත් ආවේණික ආකෘති, ලක්ෂණ සහ අංග තියෙනවා. ඒක මාධ්‍යයක් විදිහට විනයක් සහ දැනුමක් ඇතුව හසුරුවන එකත් වැඩක්. ලංකාවෙ ගැඹුරු දැක්මක් නැති, හුදු සල්ලි හම්බකිරීම මිස වෙන රසයක් ගැන හැ`ගීමක් නැති බාල මිනිස්සු ටිකක් මේ මාධ්‍යය ඇතුලෙ කරගෙන යන මෝඩකම හරිම අනතුරුදායකයි. නිර්මාණ වලින් අරක්කු කපන්න කියන මාධ්‍ය සදාචාර අයට ළපටි වැඩියි මේ අවුල තේරුම් ගන්න. නැතත් මේ අදේශපාලනික, පවුල් මූලික, කුහකකම විතරක් මනුස්සකමක් විදිහට දන්න මිනිස්සු නිර්මාණය වෙන එක ඒ අයට හොඳයි.

පවුල් ජීවිතය කේන්ද්‍ර කර ගැනීම, පුද්ගලික සබඳතා, ලිංගිකමය ඇවිස්සීම්, හැ`ගීම් සහ සදාචාර ගැටුම්, වත්මන් තත්වය සම්බන්ධ සුළු සිද්ධීන්, හුරු පුරුදු අවට වටපිටාවෙම රූප ගත කිරීම් ආදිය සෝප් ඔපෙරා (මෙගා* වල සම්මත රටාවක්. මෙගා ටෙලි ඉලක්ක කර ගන්නෙම ගෙදර ඉන්න කාන්තාවන්. ඒත් මේ වෙද්දි සමාජ ජීවිතයක් නැතුව පිරිමි පෞර්ෂය අහිමි වෙච්ච හැම පිරිමියෙක්මත් 7.30ට ටීවී එක ළ`ගින් ඉඳ ගන්නවා. චැනල් භේදයක් නැතුව වෙලාව මාරුවෙන් මාරුවට චැනල් ඔක්කොම එකම කතාව කියනවා. එකම රස කුණු රස. ඒත් ඒක එකම වෙලාවක ලංකාවෙ මහා ජනතාවක් කුණු ගඳ ගස්සනවා.

ඇත්ත ජීවිතේ එක්ක ගැටගැහුණු, මීට වඩා මානුෂික හැ`ගීම් දනවන (එකම හැ`ගීම කුහකකම විතරක් වීම වෙනුවට* ආකෘතියක් විදිහට මෙගා එක්ක වැඩ කරන්න බැරිද? චිත‍්‍රපටියක් බලන්න එන පේ‍්‍රක්‍ෂාගාරය එන්න එන්නම පිරිහෙද්දි වඩාත් සාර්ථක ආරම්භයක් තියෙන්නෙ තවමත් මිනිස්සු නරඹන සජීවී විදිහට ගණුදෙනු කරන තැනකින් නෙමෙයිද? ඒත් අපේ සම්භාව්‍ය කට්ටියට මෙතනට එන්න බැරි ඇත්ත අවුල තියෙන්නෙ වෙන එකක. ඒ අයගෙ පරාරෝපිත ජීවිතය මෙතන විකුණන්න බෑ. මඩට බහින්න වෙනවා. ඒත් ඒ මඩ දිගේ ඇවිදන් එන්න බැරි නම් එතන ආර්ට් එක වෙනුවට තියෙන්නෙ බොරුවක්.

මඩ ඉහගෙන කෑම සහ මඬේ නොගෑවී හිඳීම කියන දෙකම වංචනිකයි කියන එකයි මගේ අදහස. මේ මැද්දෙ ඉන්නෙ අපි ඇත්තට ජීවත් වෙන සමාජෙ මිනිස්සු. ඒ අය එක්ක හෘදයාංගම ගනුදනුවකට යන්න නම් අපිට සිද්ද වෙනවා මීට වඩා විවෘත වෙන්න. ඒ ගොල්ලො අහන්න කැමති කතාවම වෙන විදිහකට කියන්න.

ඒත් එහෙම කියන්න හරි අපිට ඇත්ත කතාවක් තියෙන්න ඕන. අනිත් අය එක්ක බෙදා ගත්ත ජීවිතයක් තියෙන්න ඕන. අපේ හු`ගක් කලාත්මක කට්ටිය ටීවී එකට ඇවිත් ෆේල් වුණේ ඒ බොල්කම ටීවී එකේ හැමදාම දකින බොල්කමටත් වඩා බොල් වුණු හින්ද.

ඒක හින්ද මට හිතෙන්නෙ ත්ර්කොව්ස්කි, බර්ග්මාන් ගැන ඉගෙන ගන්නවට වඩා චිත‍්‍රපටිකරුවෙකුට මේ වෙලාවෙ මෙගා ගැන ඉගෙන ගන්න එක වැදගත්.

art සහ fart


අහන් ඉන්න..අහගෙන ඉන්න.
මගෙ හිත මොනවද මුමුණනවා..
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු මතින් සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා...
මේ සිංදුව අහගෙන ඉඳිද්දි මගේ ඇෙ`ග් හිරිගඩු පිපෙනවා. ඒක අන්ධ ගායිකාවක් කියන ආබාධිත ළමයින්ගෙ නාට්‍යයක සිංදුවක් කියල දැන ගත්තෙ පස්සෙ. එතෙකාට ඒ සිංදුවෙ තේරුම ඇකිලෙන්න ගත්තා. එහෙම දෙයක් නැතුව නිදහස් සිංදුවක් විදිහට ඒක දැනෙන ප‍්‍රමාණය වැඩියි.
සිංදුවට ආස හින්දම ඒ වචන එකින් එක ගැන හිතන්නත් පෙළඹුණා. එතකොට සිංදුව ගලාගෙන යන ලස්සන මිටියාවතෙන් ගැලවිලා සමහර වචන වලින් හරි බුද්ධිමය තැනකට තල්ලූ කරන වග දැණුනා. උදාහරණයක් විදිහට ‘නෙක නෙක පාටින්‘ කියන යෙදුම හිතා මතා පාවිච්චි කරපු සාහිත්‍යමය යෙදුමක්. ‘මුදු මල් පෙති‘ කියන තැන වුනත් ඒ වගේ ව්‍යාජ ගැලපීමක් දැනෙනවා. මම මෙතනදි කියන්නෙ ඒ වචන කැත හෝ ලස්සන කියන එක නෙමෙයි. ගලාගෙන යන හැ`ගීමෙන් පිට ගිහින් සබුද්ධිකව සාහිත්‍යයට ඇතුල් වෙන තැන් කියන එක. ඒවා බොරු. ඒවා ඇතුලෙ ඇත්ත හැ`ගීමක් දුවන්නෙ නෑ. අපි මාර සිංදු කියල කියන ගොඩක් ඒවා ඒ විදිහෙ වචන අහුරු. හැ`ගීම් නෙමෙයි. ක්ලීෂේ..
අමරදේව මාස්ටර්ගෙ සිංදු තොග පිටින් මේ බොරුව නියෝජනය කරනවා. හරිම අගනා කියන ‘වැලිතල අතරේ හෙමිහිට ගලනා
නේරංජන නදියේ ගයා හිස වැඩ හිඳ බුදුවුණ දා...
නටයි කොල වන්නම ලෙස මහබෝ...’
සිංදුව වුණත් අත්දැකීමක් විදිහට හරි ව්‍යාජයි. මේ කරන්නෙ වචන එක්ක පෙරලියක්. තාල එක්ක ගනුදෙනුවක්. මේ දේවල් මාර වැඩ වෙන්නෙ භාෂාව ඇතුලෙ. තමන් කොයි තරම් සාහිත්‍යයිකද වගේ දේවල් කියන්න මිස ජීවිතේ දැනෙන හැටි බෙදා ගන්න මේ පද රචනා වැඩක් නැහැ. ඒවා ජීවිතේ එක්ක බද්ධ නැහැ.
වචන සහ තාල එක්ක පෙරලි කර කර දී ඇති මාතෘකාවක් යටතේ ලස්සනට ලියනවා කියන්නෙ කොපි රයිටින් වැඩක් මිස ආර්ට් වැඩක් නෙමෙයි. අපේ ගොඩක් මාරයි කියන ගීත සාහිත්‍ය ඇතුලෙ තියෙන්නෙ කොපි රයිටර්ලගේ වැඩ. ඒවා නොස්තැල්ජියාවකින් පෙලෙන මනස්වලට පොඩි ත‍්‍රිල් එකක් දෙනවා මිස ජීවිතය වෙනත් තැනකට ගෙනියන්න උදව් වෙන්නෙ නෑ.
පසුගිය ‘රන්දිව’ කලාපයෙ සන්නස්ගල ලියන්න යන නවකතාවක ඇඞ් එකක් පල කරලා තිබුණ. සන්නස්ගල කියන්නෙ මං කියවන්න හු`ගක් ආස කතාකරුවෙක්. එයා ‘පිරිමි ගොඩයි, මං විතරයි’ කියල කතාවක් ලියන්න යනවා.
‘ නොකිළිටි මල් යහනක් වගේ සුලලිත කංකුම චන්දන ගැන, සියපත සුවඳ විහිදෙන මල් මුවරද ගැන, නේත‍්‍ර විල් තෙරේ සංසාර ආරණ්‍යය ගැන.....’ සන්නස්ගල ලියාගෙන යනවා. මේ කරමින් ඉන්නෙ මොකක්ද? වචන වලින් විතරක් පරිකල්පනයක් හදන්න හදනවා. ඒ මදිවට සංදේශ කාව්‍ය වගේ පරණ ප‍්‍රභූවරුන් වෙනුවෙන් පිටකහපු බුද්ධිමය සාහිත්‍යයක් එයා මෙතනදි අරන් එනවා. අපි මාරයි කියල කියන ගොඩක් සාහිත්‍ය නිර්මාණවල තියෙන්නෙ මේ විදිහට ක්ලීෂේ ගොඩවල් විතරයි.
මම කියන්නෙ ඒ වචන පාවිච්චි කරන එක නරකයි කියල නෙමෙයි. ඒ වචන පිටිපස්සෙ ඇත්ත අත්දැකීමක් නැති වුණාම ඒක බාල වෙනවා. ඒ සාහිත්‍යයෙන් නිර්මාණය කරන්නෙ පරාරෝපණය වෙච්ච දෙබිඩි මිනිස්සු. අත්දැකීම් රසවිඳින රසවතුන් නෙමෙයි.
‘නන්දිකඩාල් කලපුව පැත්තෙන් ආපු ශුක‍්‍රාණුවක් හීනෙන් ඇවිත් මගේ ගර්භාෂෙ තැන්පත් වුණා...’
(පිරිමි ගොඩයි. මං විතරයි*
එතනදි සාහිත්‍යය එක්ක ගැඹුරු අත්දැකීමක් ගැන ඉවක් අපිට දෙනවා. ඒක හිස් නැහැ. අමරදේව වර්ගයේ සාහිත්‍යයික ගීත වලින් පරිණාමය වුණු ඊළ`ග ක්ලැසික් තැන තමයි කසුන් කල්හාර. ‘මාර වචන...’ ‘මාර මියුසික්...’ අහන නාහන හැමෝම කියනවා. ඒත් කසුන් කියන්නෙ ඇත්තක් නෙමෙයි. එයාගෙ සිංදු ගොඩක මියුසික් කොපි. ඒ වගේම වචන බොරු රොමැන්තික ගැලපීම් විතරයි. ඒත් කසුන් සම්භාව්‍ය අතරෙම ජනප‍්‍රියයි. ඒ මොකද?
කසුන් කල්හාර ප‍්‍රවණතාව නියෝජනය කරන්නෙ අපේ සංගීතයෙ දෙබිඩි පරම්පරාව. ඒ ගොල්ලො වෙන රටවල පොප් එකත් එක්ක අපේ රටේ පැණි ටික එකතු කරනවා. ඒ පැණිවල භාෂාව අත්දැකීම් වලින් හිස් සාහිත්‍ය විතරයි. (මේ විවේචන පුද්ගලික මට්ටමෙන් බාර නොගන්න කියල ඉල්ලා සිටිනවා*
මේ සාහිත්‍ය නෑකම් කියන්නෙ පරණ ප‍්‍රභූ සාහිත්‍යයට. භාෂාව යොදා ගැනීමේ දේශපාලනය ගැන කවුරුවත් සීරියස් ඇහැකින් බැලූවෙ නෑ. සයිමන් නවගත්තේගම ලියද්දි පාවිච්චි කරන්නෙ ජාතක කතා වල භාෂාව. ජාතක කතා කියන්නෙ කාලෙකදි අපේ පන්සල් වල පොදුවෙ හ`ඩ නගා කියවපු කතන්දර. බුත්සරණ අමාවතුර වගේ බොරු ෂෝ සාහිත්‍යය නෙමෙයි. සයිමන් භාෂාව පාවිච්චි කරන්නෙ ඒ දේශපාලනය දැනගෙන. අජිත් තිලකසේන ලියද්දි පාවිච්චි කරන්නෙ හරිම නූතන සරල භාෂාවක්. නණලළ පවා නැතුව. එයා භාෂාව උපරිම ප‍්‍රයෝගික මට්ටමකට අරන් එනවා. අත්දැකීම කියන්න පාවිච්චි කරන උපකරණයක් මිස අත්දැකීම් නැති අයට බැබලෙන්න දෙයක් විදිහට භාෂාව පාවිච්චි වෙනවා නම් ඒක හරි බාලයි.
මලක් සිඹින්න දී යලි උදුරා ගන්න නම් එපා
ඔබ සෙනේ පුදා මා රවටා යන්න නම් එපා...
මේ ප‍්‍රින්ස් උදය ප‍්‍රියන්ත කියන සිංදුවක්. මේ වගේ බස්වල ඇහෙන ගොඩක් සිංදු තියෙනවා අපේ උගත් බුද්ධිමත් ජනතාවට පෙන්නන්න බැරි. ඒ වගේ සිංදු අහන එක වුණත් හරි පීචං වගේ. ඒත් මේ සිංදු වල තනු ගත්තොත් ඒවා අපේ පන්සල් වල ඇහෙන බෝධි පූජා නැත්තං කවි බණ වගේ දේවල් එක්ක සම්බන්ධයි. ඒවායෙ වචන ලියවිලා තියෙන්නෙ සාහිත්‍ය පෙන්නන්න නෙමෙයි. පපුව කඩාගෙන බැහැපු ආදරයක වේදනාව වගේ දේවල් කියන්න. ඒ වචන අහුලගත්ත ඒවා වගේ. අත්දැකීම වචන වල ආකෘතිය කඩාගෙන එලියට එනවා. දැනෙන්න ගන්නවා. මං කියන්නෙ අත්දැකීමක් බොරු සාහිත්‍යයික වචන ඇතුලෙ හිර කරනවට වඩා වචන කොයි විදිහකින් හරි පාවිච්චි කරලා අත්දැකීම එළියට දාන එක අවංකයි. ප‍්‍රබලයි. ඒත් මේ වෙද්දි පන්සල් සහ ජනකවි තාලවලට හැදුනු මේ සිංදුත් දැන් හි`ගන කවි තාල සහ වචන දක්වාම පිරිහිලා.
අනේ මහත්තයො අරගෙන ආවට දානෙ
පින් දෙන්නම් නිවනට යන්නට සංසාරේ
මටත් තාත්තෙක් හිටියා නම් ඔබ වාගේ
මොනවා නැතු වුණත් කමක් නෑ මතු ආයේ...
මේ රැුල්ල එකපාරටම මතු වුණ එකක් නෙමෙයි. ගුණදාස කපුගේ වගේ අය කියපු ‘ජනතාවාදී’ කියන සිංදු වලින් තමයි මේ පරිණාමය ආවෙ.
තුන් වේල හාමතේ ගෙවෙයි ජීවිතේ
එහෙව් අපෙන් මේ අරගෙන තොරන් බඳින්නේ..
කපුගේට පස්සෙ ඒ මග දිගේ යන දිවුල්ගනේ කියනවා. මේ අත්දැකීම් පට්ටපල් බොරු. දුක හිතෙන කවි තාලෙකට ගැට ගහලා අ`ඩ අ`ඩා වගේ කිව්වම වැඩකරනවා. ජනතාවගේ දුක ගැන කියවෙන සිංදු විදිහට ලකුණුත් ලැබෙනවා. අපි art එකක් fart එකක් වෙන තැන වෙනකල්ම රසවිඳිමින් ඉන්නවා.
රන්වන් පාටයි සමනලයා
රෝස මලේ පැණි බීලා ගියා
අයිත් ඒවිද ඒ සමනලයා
මල්වල පැණි බොන්ටා...
මේ කවිය තාමත් ළමයින්ට විතරක් නෙමෙයි අපිටත් දැනෙනවා. ඒ අත්දැකීම බොරු සාහිත්‍යයක් ඇතුලෙ මරලා දාලා නැහැ. දැණුන දේ කියනවා. වචන වලට වඩා ජීවිතයක් එතන ලියවෙනවා.
‘සුළ`ගක් වී මං එනවා...නිල් අහසේ ඇවිදින්නට...අප්පච්චී කොහොමද...මං අල්ලන්නේ....’
මේ දැන් අපි ලියන එව්වා. ලස්සනයි...ඒත් හරිම ව්‍යාජයි.
එතන ළමයෙකුත් නෑ.
අප්පච්චියෙකුත් නෑ.


තුෂාර පෙරේරා

No More Marx


නෝ මෝ මාර්ක්ස් කියන්නෙ අජිත් කුමාරසිරිගෙ සිංදුවක්. සිංදුව අහද්දි මට දැණුනෙ පට්ට කික් එකක්. ඒකට හේතුව සිංදුව දුන්න චමත්කාරෙට වඩා ලංකාවෙ තාමත් පිළුනු වෙවී ගඳගහන වාමාංශික අදහස් වලට පොප් උත්තරයක් ඒකෙන් දැණුන එක. මාක්ස්වාදය කියන්නෙ හුගක් ප‍්‍රාථමික අදහසක්.
පුද්ගලයා කියන්නෙ ඔහු හෝ ඇය ජීවත් වෙන සමාජයෙ නිර්මිතයක්. මාක්ස් කියනවා. ඒත් තමන්ගෙ සිතීම ක‍්‍රියත්මක වෙන හැටි තේරුම් ගන්න දැනුවත් උත්සාහයක් ගත්ත ඕන කෙනෙකුට තේරෙනවා සමාජය කියන පරිකල්පන එහෙම නැත්තං මවා ගත්ත අදහසින් තමන්ව කියවන්න බෑ කියන එක. සමාජය කියන අදහස කොයි තරම් විද්‍යාත්මකද? නැත්තං විද්‍යාත්මකයි කියන දේ කොයි තරං විද්‍යාත්මකද? මට කම්ැමලියි නලින් ද සිල්වා වගේ ඔය කාරණා පස්සෙ එළවන්න. ඒත් මං ගැන මට තියෙන අදහස සමාජය ගැන අදහසකින් කියවලා ඉවර කරන්න බෑ. අනික දේවල් සමස්තයක් විදිහට තේරුම් අරන් ඉවර කරන එක ජීවිතය පැත්තෙන් ලොකු අඩුවක්. මගේ පෙම්වතිය නිතරම කියන විදිහට,

Details Matter...
වෙනස්කම් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් මිනිස්සු ජීවිතේ බෙදා ගන්න තැනක් ගැන අදහසක් මගේ වමට බර යාලූවෙකුට කිව්වම එයාට ඒක ගළපගන්න බැරි වුණා. එයා හුරු වෙලා තියෙන විශ්වයේ හැටියට මිනිස්සු පිරිසක් දෘෂ්ටිවාදයකට ගොනු කරනවා ඇරෙන්න සාමාජීය විදිහට කරන්න පුළුවන් වෙන වැඩ නෑ. දේශපාලනයකින් තොර සාමූහික සම්බන්ධතා ගැන විශ්වාසයක් මාක්ස් ඒ ගොල්ලොන්ට ඉතුරු කරලා නෑ. මට මාක්ස් කියන්නෙ දේශපාලනය විශ්වාස කරපු අනිත් ගොඩක් මිනිස්සු වගේම ලෝකෙ කැත කරපු මිනිහෙක්. ජීවිතෙත් එක්ක බලද්දි දේශපාලනය කියන්නෙ හරි ගොඬේ අදහසක්. දෘෂ්ටිවාදයක් වෙනුවට ජීවිතේ බෙදාගන්න පුළුවන් තැනක් ගැන මිනිස්සුන්ට හිතා ගන්න බෑ. ඒත් අපි ඉන්නෙ විසිඑක්වෙනි ශතවර්ෂෙ.
මම මෙතනින් පනිනවා මට යන්න ඕන කරන ඩයලොග් එකට. තිමොති ලියරි එක්ක සාකච්ඡුාවක් කරද්දි මාධවේදියෙක් අහනවා ‘ ඔයා මොකද හිතන්නෙ ‘නියුරොනට්ස්‘ ල ගැන කියල. තිමොති ලියරි කවුද කියල පස්සෙ කියන්නම්. මාධ්‍යවේදියා අහන්නෙ ලියරිත් අවුරුදු 50ක් විතර තිස්සෙ වැඩකරමින් ඉන්න සවිඥාණය පුළුල් කර ගැනීමේ සමාජ ව්‍යාපාරයක් ගැන. ලියරි උත්තර දෙනවා.
‘20 වන සියවස කියන්නෙ ක්වොන්ටම් යාන්ත‍්‍රණය ප‍්‍රධාන දර්ශනවාදය වුණු සියවසක්. දැන් ක්වොන්ටම් යාන්ත‍්‍රණයෙ දේවල් ගෙවල් ඇතුලෙ ජීවිතයට පවා අවශෝෂණය වෙලා තියෙන්නෙ. දැන් මිනිස්සු දන්නවා ඒ අයගේ මොළය ඇතුලට යන්න. ඒ දේවල් නැවත තමන්ට ඕන විදිහට සකස් කරගන්න. අයින්ස්ටයින් සහ හයිසන්බර්ග් පෙන්නලා දුන්නා. නිරීක්‍ෂකයා විසින් ඔහු ගනුදෙනු කරන විශ්වය නිර්මාණය කර ගන්නවා‘ කියල. ඒක හින්ද අයින්ස්ටයින්, හයිසන්බර්ග්, බොර් වගේ මිනිස්සුන්ගෙ මොළ වෙනස් කරන තාක්‍ෂණයන් අඳුන්නලා දුන්න අයයි ‘නියුරොනට්ස්‘ ල කියල හඳුන්වන්න වෙන්නෙ.
අපේ රටේ අපි ජීවිතය කියල හදාගෙන ඉන්න සංකල්පය කොයි තරම් පටුද? ජීවිතය කියල අපි අත්විඳින විශ්වය කොයි තරම් කුඩාද? ඒ ජීවිතය කියවන්න උත්සහ කරන දෘෂ්ටිවාදයන් කොයි තරම් අපිව තවත් සීමිත කරනවද?
තිමොති ලියරි 1920 ඉඳන් 1996 වෙනකල් ජීවත් වුණු ඇමරිකානු මනෝ විදයාඥයෙක්, ලේඛකයෙක්. පස්සෙ එයා කරපු සයිකඩෙලික් ාරමටි (සිංහල වචනෙ මනෝ භ‍්‍රමික ඖෂධ කියන එක. හු`ගක් වැරදි පරිවර්තනයක් ඒක. අපේ සමාජයට මනස ගැන තියෙන දැනුමෙ අතිශය මදිකම මේකෙන් පේනවා*
වලින් සායනමය කටයුතු වලදි ලොකු ප‍්‍රයෝජන ගන්න පුළුවන් කියන එක පෙන්නපු පර්යේෂණ ලෝකෙම ප‍්‍රසිද්ධ වුණා. ලියරි 1960 ගණන් වල හිපි පරපුරේ පුරෝගාමියෙක්. එයා පෙන්නලා දුන්නා එල්එස්ඞී වල තියෙන සායනමය, භාවමය සහ ආධ්‍යාත්මික ප‍්‍රයෝජනය. ඒ වගේම එල්එස්ඞී මනෝ චිකිත්සනයේදි පාවිච්චි කරන්න පුළුවන් වටින ඖෂධයක් විදිහට එයා කරුණු ඉදිරිපත් කළා. ඇමරිකාවේ ගතානුගතික මතධාරීන් ලියරිට දැඩි ලෙස විරුද්ධ වුණා. රිචඞ් නික්සන් තිමොති ලියරි හැඳින්වුවේ ‘ඇමරිකාවේ අන්තරායකාරීම මිනිසා‘ විදිහට.
අධිතාත්විකවාදීන් :ිමරරු්ක* ආර්ටිස්ට්ලා ගත්තොත් ඒ ගොල්ලො යතාර්ථය මුළුමනින්ම විනාශ කරනවා. ඒක විසිවන ශතවර්ෂෙ දරුණු උත්සාහයක්. අපේ කාලයේ මානවයාට තියෙන ලොතුම අභියෝගෙ මොළයේ වම් අර්ධයෙන් එලියට එන එක. මනසින් එලියට එන එක. මොලයේ අනිත් ඉඩ අපි ප‍්‍රයෝජනයට ගන්න ඕන. අනිවාර්යෙන්ම පාලනයක් සහිතව වෙන්න ඕන. එතකොට අපිට පුළුවන් මොළය පුරාම ගමන් කරලා අවශ්‍ය විටෙක විතරක් වම් අර්ධයට යන්න. නූතනවාදයෙ අන්තිමට කලාකරුවො ඒක කලා. ඒ අය සම්පූර්ණයෙන්ම සිහින කැන්වස් උඩ ඇතිරුවා. ඒත් ඉතාමත් සංයමයක් සහිත පින්සල් පාරවල් එක්ක. ඒ කියන්නෙ හොඳ සිහියකින් යුතුව.
ලියරි මේ විදිහට යතාර්ථයෙන් එලියට ඒමේ වැදගත්කම අවධාරණය කරනවා. දේශපාලනය කියන්නෙ හරිම තාර්කික අදහසක්. යතාර්ථවාදයෙත් බාලම එක, මාක්ස්වාදය එහෙම්පිටින්ම පදනම් වෙන්නෙ යතාර්ථය උඩ. මාක්ස්ගෙ උපරිම හීනය පූර්ණ කොමියුනිස්ට් සමාජය වුණත් කොයිතරම් තාර්කික දුර්වල අවසානයක්ද? වාමාංශික කියන වචනෙත් හරියටම ‘මොලේ වම් පැත්ත නියෝජනය කරන’ කියන අදහසින් ආවා වගේ.
විසිවෙනි ශතවරේෂෙ සාහිත්‍ය වම් මොලයෙන් එලියට එන්න දරපු උත්සාහය ගැන ලියරි කියාගෙන යනවා. ව්‍යාකරණ කඩා බිඳ දැමීම ඒකෙ මූලික කාරණයක්. ජේම්ස් ජොයිස්, විලියම් බරොෆ් වගේ අයගෙ සාහිත්‍ය එතනදි පුරෝගාමීයි. බැරන් ගයිසන් වගේ අය වාක්‍ය කඩලා බිඳලා ව්‍යාකරණ විනාශ කලා. විසි වෙනි ශතවර්ෂෙ සංගීතය කියන්නෙ එහෙම්පිටින්ම ක්වොන්ටොම් භෞතිකය. රොක් සංගීතය, ජෑස් වම් ඉවුරෙ මොලය විනාශ කරලා සවිඥාණය පුළුල් කරන්න හොඳ වෙනසක් කරනවා. විසි වෙනි ශතවර්ෂෙ දර්ශනය, භාෂාව සහ වාග් විද්‍යාව ක්වොන්ටොම් භෞතිකයෙන් හොඳටම පරිවර්තනය වුණා. 1960 ගණන් වල ඉඳලා මනෝ විද්‍යාව කියන්නෙ තමන් විසින් වම් සහ දකුණු මොල දෙකේම පාලනය භාර ගැනීමට මිනිසා පුහුණු කිරීම.
මේ කාරණය එක්ක සයිකඩෙලික් ඖෂධ සම්බන්ධ වෙන්නෙ කොහොමද?
‘මට අර කරුණු කියාගෙන එද්දි අමතක වුණා සයිකොඩෙලික්ස් ගැන කියන්න. 1960 ගණන් වලදි ජනප‍්‍රිය වෙන්න ගත්තට සයිකඩෙලික් පාවිච්චිය විසි වෙනි ශත වර්ෂෙ මුල ඉඳන් තියෙනවා. ඒනේ සමාජගත වුනා වගේම ජනප‍්‍රිය වුණා ඔබට ඔබේ මනස වෙනස් කළ හැකියි, ඔබේ මොලය වෙනස් කළ හැකියි, ඔබේ මූඞ් එක වෙනස් කල හැකියි කියන අදහස. ‘එන්න, විඳින්න, අත් හරින්න.’ (එව බලව නෙවෙයි*

අපේ සාහිත්‍ය තාම තියෙන්නෙ කොතනද? අපේ ආර්ට් වැඩ කරන්නෙ කොතනද? අපේ චිත‍්‍රපටිවලට තාම බෑ කතාවෙන් එලියට එන්න. අපේ කවියට තාම බෑ අලංකාරෝක්ති වලින් එලියට එන්න. අපේ සංගීතයට බෑ ගීතයෙන් එලියට එන්න. අපේ යාලූකම් වලට බෑ දේශපාලනයෙන් එලියට එන්න. අපි තාම අතීතයේ ජීවත් වෙන ජාතියක්.

‘ඇලන් වොට්ස්, ඇඩොස් හක්ස්ලි, ගෙරල්ඞ් හර්ඞ් වගේ සයිකඩෙලික් දර්ශනවාදීන්ට මේ රසායනිකව මනස පුහුණු කිරීම ගැන කියා දීමේ ගෞරවය අයිති වෙන්න ඕන. ඒ වගේම හාවඞ් විශ්ව විද්‍යාලයේ අපේ යාලූවො, ස්ටැනිස්ලාවෝ ග්රොස් වගේ මේ වෙනුවෙන් බවුන් වැඩූ එල්.එස්.ඞී. ඍෂිවරුන්ට සහ සාෂා ෂුල්ගින්, වගේ සුවිශේෂ ඖෂධ නිර්මාණය කරපු අයව අමත කරන්න බෑ මෙතනදි.’ ලියරි සයිකඩෙලික් පිබිදීම ගැන විස්තර කරනවා.
මොකක්ද මේ යතාර්ථය ‘සුනු විසුනු’ කිරීම?
පුවත්පත් කලාවේදියා ප‍්‍රශ්න කරනවා.
‘යතාර්ථය කියන්නෙ අපේ නියුරෝන වලින් අපිට දනවන දේ. මේ හින්ද අපි මායාවන් කියන දේවලූත් ඇත්ත කියන එලියෙ අපිට පෙන්නන ඕන දෙයක් තරමටම ඇත්ත. මේ යතාර්ථය දෙවිදිහකින් දකින්න පුළුවන්. එකක් බාහිර යතාර්ථය. අනික අභ්‍යන්තර යතාර්ථය. මෙතනදි අභ්‍යන්තර යතාර්ථය බාහිර එකට වඩා හු`ගක් වැදගත්. බාහිර යතාර්තය ගැන තමයි අපි කතා කරන්නෙ, රණ්ඩු වෙන්නෙ, එක`ග වෙන්නෙ, සහ ජීවත් වීම වෙනුවෙන් සංවිධානය කරන්නෙ. රේගන් ගෙ හරි බුෂ්ගෙ හරි විදේශ ප‍්‍රතිපත්තියත් මේ විදිහට යතාර්ථයක්. මට පෙන්නන්න බෑ ඔය යතාර්ථය කියන එක ගැන කතා කරන මිනිස්සු.
සයිකඩෙලික්ස් කොහොමද අපිව අපේ සාමාන්‍ය ජීවිතේ දැනුමෙන් එහාට ගෙනියන්නෙ? ඒක දැනට ජනප‍්‍රිය කොම්පියුටර් සොෆ්ට්වෙයාර් එක්ක සසඳන කොට හරි පොඩියි නේද?
අපි කතා කරන්නෙ මොලය ගැන. අපිට නැත්තං මොළය ඇත්තටම වැඩකරවන ක‍්‍රමවේදයක් මිනිස්සු ඉලෙක්ට්‍රෝන කියන දේ බලය, පාලනය සහ සල්ලි වලට වැඩි තැනකට ගෙනියන්නෙ නෑ. කාටහරි සයිකඩෙලික් අත්දැකීමක් නැත්නම් ඒ අයට බැහැ ඉලෙක්ට්‍රොනික උපාංගයක් හුදෙක් ද්‍රව්‍යමය තැනකින් එහා අත්දැකීමක් වෙනුවෙන් පාවිච්චි කරන්න. ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් පුද්ගල පරිගණක සොයා ගැනීම අහම්බයක් නෙවෙයි. දෙන්නම කොණ්ඩෙ වවාගත්තු, සපත්තු නැතුව ඇවිදින ඛීෘ වලට ඇබ්බැහි වුණු අය. ත්‍කාම්පියුටර් සොෆ්ට්වෙයාර් නිර්මාණය කරන ගොඩක් අය සයිකඩෙලික් අත්දැකීම් ලබන හෝ ලබපු අය වීම පුදුම වෙන්න දෙයක් නෙවෙයි. බිල් ගේට්ස් වුණත් මයික්‍රොසොෆ්ට් පටන් ගන්න කලින් හාවඞ් වල එල්.එස්.ඞී.එක්ක ගත කරපු දවස් ගැන කටකතා තියෙනවා.
ඔය විදිහට පුළුවන් කොම්පියුටර් සොෆ්ට්වෙයාර් වල නිර්මාණශීලි අයගෙ ලැයිස්තුවක් කියවගෙන යන්න. හාඞ්වෙයාර් නෙමෙයි. ඒ අය ඔක්කොම වගේ එල්එස්ඞී හොඳ පැත්තට, නිර්මාණශීලීත්වයට, තාර්කික සිතීමෙන් එලියට එන්න පාවිච්චි කරපු අය’
තිමොති ලියරි සිගරට් එකක් දල්වා ගැනීමට ගිනිපෙට්ටිය හොයන්න යනවා.
අපේ රටේ සිතීම යතාර්ථයෙනුත් හු`ගක් ප‍්‍රාථමික තැනක තියෙන්නෙ. අපේ සමාජය ඇල්කොහොලික් සමාජයක්. ඇල්කොහොල් වලට පුළුවන් උපරිමය යතාර්ථවාදී මනස භාවමය කරන එක විතරයි. මනසින් නිදහස් වෙන්න ඇල්කොහොල්වල උදව්වක් නෑ.
මත්වීම ගැන කතා දේශපාලනික නැහැ වගේ කෙනෙකෙුට දැනෙන්න පුළුවන්. ඒක ඇත්තක්. ඒ කතාවල අරමුණම දේශපාලනයෙන් ඉවතට යන එක. ඒත් රජය ඇයි ‘මතට තිත’ වගේ දෙයක් දේශපාලනික අරමුණක් කර ගන්නෙ? සිතීමේ සීමාවන් තමන්ට අවශ්‍ය රාමුවක විතරක් හසුරුවා ගන්න රජයකට අවශ්‍ය වෙන නිසාද?

-ව්‍යාධදේව

ආදරය සඳහා හෝර්ටන් තැන්න.


ඔබට නියම රටක් වෙන්න බෑ ඔබේම කියල බියර් එකක් සහ ගුවන් සේවයක් නැතිව. ෆුට් බෝල් ටීම් එකක් (අපේ නම් ක‍්‍රිකට්* හරි න්‍යෂ්ටික අවි හරි (අපේ නම් යුද්ධය* පොඩි උදව්වක් වෙන්න පුළුවන්. ඒත් අඩුම තරමේ බියර් එකක් නම් ඕනෙමයි. - ෆ‍්‍රෑන්ක් සප්පා

ලංකාවේ ජීවිතය වේගයෙන් හැකිලෙන්න අරන්. කාටවත් එක එල්ලේ පේන්නෙ නැති වුණාට හැම දේශපාලනිකයි කියන වෙනසක් ඇතුළෙම අනිවාර්ය වෙලා තියෙන කාලකණ්ණි ඇත්ත ඒක. පාර්ලිමේන්තුව ¥ෂිතයි කියන එක සාමාන්‍ය ඇත්තක් කියල අපි පිළිගනිද්දිම අපි අපේ ඇතුලෙන් ආචාරධර්මයක් නැති නරුමවාදයක් බාරගනිමින් ඉන්නවා. ඊට පස්සෙ ඒක අපේ සම්බන්ධතා ඇතුලට එනවා. අපිට කමක් නෑ අපේ අසල්වැසියා කොයි විදිහෙ කෙනෙක් වුණත්. බොරුවට හිනාවෙලා මූනිච්චාවට කතා කරලා එන්න අපිට පුළුවන්. රස්සාව කරන ටිකටනෙ, නැත්තං පැය කීපයකටනෙ කියල අපි ඒ වෙලාවට හිත හදා ගන්නවා. ඒත් අන්තිමට අපි ඉතුරු වෙන්නෙ ඒ වගේ බොරු සම්බන්ධතා ගොඩක් ඇතුලෙ. බොරුවට හිනාවෙලා දතකට පූට්ටු වෙන්න ගන්නවා.
දේශපාලනය කියන්නෙ සමාජ ජීවිතය සම්බන්ධ දෙයක්. දේශපාලනය ඕන වෙන්නෙ වඩාත් දියුණු මනුස්ස සම්බන්ධතා හදන්න. ඒත් දැන් අපි අත්විඳින දේශපාලනය බලකරන්නෙ අයිමත් තනිවෙච්ච, පුද්ගලික, කුහක විශ්වයකට. මතට තිත කියල අරක්කු තහනම් කරද්දි අක්මාව ඉතුරු වෙනවා විතරක් නෙමෙයි. මිනිහෙක් විදිහට අපි අපිට තිබුණ ඇත්ත සම්බන්ධතා ගොඩක් ඉවර කරනවා. බදාගෙන අ`ඩපු, සිංදු කියපු, එළවෙන්නෙ නැති තරම් දිග රාත‍්‍රීන් අපිට අහිමි වෙනවා. පේ‍්‍රමකීර්ති ලා, සේකර ලා කවි ලියපු හැන්දෑවල් වෙනුවට අපි ඉක්මණට ගෙදර ඇවිත් හැමදාම නිදාගන්න ගෑණි එක්ක එකම දේවල් ටිකක් කතා කර කර මෙගා ටෙලි නාට්‍යයක් බලනවා. මේ තහනම් වෙන්නෙ ජීවිතය.
කොල්ලූපිටියෙ ගණිකා නිවාසය පොලිසියෙන් වටලලා.
කංසා හේන් ගිනි තියලා.
විනු වෙත්තමුණි මරලා.
පබාට එයාගෙ මනුස්සයා ඉස්පිරිතාලෙ දාන්න තරම් ගහලා.

මේ අපේ ජීවිතය මේ දවස් වල ගතවෙන හැටි. ඊට අමතරව, වර්ල්ඞ් කප්, ගංවතුර, බඩුමිළ, විපක්ෂය දෙකට කැඞීම වගේ ත‍්‍රිල් කීපයක් තියෙනවා. නිකමට අපි ලෝකයේ වෙන රටක මනුස්ස ජීවිතයක් එක්ක සංසන්දනය කළොත් අපේ ජීවිතයේ ගත වෙන හැම මොහොතක්ම කොයි තරම් ඇකිළීමක් නැත්තං තහනමක් ප‍්‍රකට කරනවද? හැම මොහොතකම ජීවිතයේ පරමාදර්ශ කීයක් කඩා ගෙන වැටෙනවද?
හඳයා වි¥ කරනවා.
මර්වින් මහජන සම්බන්ධතා ගැන ඇමති වෙනවා.
උදයංගනී ඇර අනිත් ඉන්ටර්නෙට් එකේ ඉන්න හැම නිරුවත් ගැහැණියකගේම පිංතූර පත්තරවල පළවෙනවා.
එම්සී එකේ ට‍්‍රයම්ෆ් බ්‍රෙසියර් විකුණන්න තියෙන ඩමි වලට ගවුම් අන්දනවා.
ෆේස් බුක් තහනම් කරන්න ලොකු ට‍්‍රයි එකක් දෙනවා.
මැතිවරණ දිනීම කොම්පියුටර් එකක් ඉස්සරහ ඉඳන් තනි මිනිහෙකුට කරන්න පුළුවන් වැඩක් වෙනවා.

මේ අපි බාර ගනිමින් ඉන්න ජීවිතය. අපි අපේ සංස්කෘතික ජීවිතය ඉවර කරමින් තලූ මරමින් ඉන්නවා. මානව අයිතිවාසිකම් කියන එක ත‍්‍රස්තවාදයක් වෙච්ච, ලෝකෙ අනිත් රටවල් ඉස්සරහ සරම උස්සන් කෑ ගහන චණ්ඩියෙකුගෙ තැනට වැටිච්ච ලංකාවක අපි පුරවැසියො.
ඒත් ඒක දේශපාලන අවුලක් විතරක් නෙමෙයි. ඒක තමයි අපේ රටේ ඇත්ත බහුතරය ජීවත්වෙන පොළොව. නගරයේ අපි කාලයක් අත්වින්ඳ, දැන් අමතකත් වෙලා යන දියුණු වෙළඳපොල සමාජය සුළු පිරිසක් බොහොම අමාරුවෙන් අල්ලගෙන හිටපු එකක්. දැන් රට යන්නෙ බහුතරයට. ගැලරියේ විසිල් එකට.
මේකට දේශපාලන වෙනසක් ඕන කියලා හිතෙන එක හරි සරලයි. ඒත් මේක දේශපාලනයෙන් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දේශපාලනය ඕන වෙන්නෙ සමාජයක් තියෙන තැනකට. ගෝත‍්‍රයක තියෙන තැනකට ඕන සංස්කෘතික වෙනසක්. පක්ෂ දේශපාලනය ඇතුලෙ කියෙව්වොත්, රනිල් දියවෙලා යාමත්, මහින්ද හා සජිත් අතරෙ වෙනසක් විතරක් නිර්මාණය වීමත් කියන්නෙ මේ ඇත්ත එළි වීමක්. මහින්ද ද සජිත් ද කියන්නෙ දෙකක් නෙමෙයි. එකක්. අපිට වෙනස අහිමි වේගෙන යනවා. එකම ජාතියක, එකම විදිහක, එක ගුලියක් වගේ වුණු ¥පතක අපි ඇත්ත අත්විඳිමින් ඉන්නවා.

”දේශපාලනය කියන්නෙ මේ කර්මාන්තෙ තියෙන විනෝදාස්වාදය සඳහා වූ අංශයයි.”

මේ අවකාශය දරන්න බැරි අය කලාව, චිත‍්‍රපටි, කල්ලි විදිහට එකතු වෙන එක ඉතාමත් අසාර්ථක සාමාන්‍යයක්. කලාව කියන එක ඉවරයි. ලංකාවෙ ඒක තහනම්. ඒ විදිහෙ කල්ලි අතර ඉඳලම මම දන්න සාමාන්‍ය දෙයක් තමයි ඒ වගේ තැන් වල ඉන්නෙත් මේ විදිහෙම අය කියන එක. සමහර වෙලාවට මීට වඩා හු`ගක් නරක. උදාහරණයක් විදිහට දැන් චිත‍්‍රපටි හදන අලූත් අය එක්ක ඉඳිද්දි දැනෙන ලොකුම අවුල උන්ට මොළයක් නැති එක. ඒක චිත‍්‍රපටි සම්බන්ධ ප‍්‍රශ්නයක් නෙමෙයි. අරමුණක් නැති, නන්නත්තාර, අචාරධර්ම රහිත රස්තියාදුකාර පිරිසක් ජොබ් හොයාගන්න කල් කලාව කරනවා. නැත්තං මෙගා ටෙලි ඇරෙන්න මේ රටේ කලාවක් නෑ. කොටින්ම දැන් බස්වල අජිත් මුතුකුමාරණගෙ සිංදුවත් නෑ.
දැන් අර්බුදය තියෙන්නෙ ආයිමත් මිනිස්සු නිර්මාණය කරන්න පුළුවන්ද කියන එක. ආධ්‍යාත්මය කියන එක සමාජයක හදන්න පුළුවන් දෙයක්ද? එහෙම දෙයක් වෙනුවෙන් වැඩකරන්න තරම් සවිඥාණක පිරිසක් තාමත් මේ ¥පතේ ඉන්නවද? මේ ප‍්‍රශ්න ඔක්කොමත් එක්ක අපිට හිතන්න වෙලා තියෙනවා අපේ ජීවිතය මේ ඇකිලීගෙන යන ගුලියෙන් බේර ගන්නෙ කොහොමද කියන එක. ඒක ඇත්තටම පදනම් වෙන්නෙ එහෙම ජීවිතය බේරගන්න උවමනා කීපදෙනෙක් හරි තාමත් ජීවත් වෙනවා කියන උපකල්පනය උඩ.
ආයිමත් එකතු වෙන්න, හිනාවෙන්න, මහින්ද චින්තනයෙන් එළියට හිතන්න, ජීවත් වෙන්න අපිට සිද්ද වෙනවා නිවාඩු ගන්න.
ඒක අමුතු කතාවක්. වැඩ කරනවා වෙනුවට නිවාඩු ගන්නවා කියන එක. ඒත් මේ වෙලාවෙ ජීවිතය වෙනුවෙන් කරන්න වෙන්නෙ මේ සමාජයෙන් නිවාඩු යන එක. සමාජය අපිට දීලා තියෙන වටිනාකම්, අච්චු, පිළිගැනීම්, රාජකාරි සියල්ලෙන් නිවාඩු ගිහින් අපිට ජීවිතය අලූතෙන් දකින්න වෙනවා. මේ රටේ මේ මොහොතේ තාර්කිකයි හෝ සැබෑ හෝ විදිහට පවතින හැම දෙයක්ම මානුෂ විරෝධීයි. ඒවා හරිම පටු විදිහට දේශපාලනිකයි. පුද්ගලිකයි. මේ හින්ද අලූත් සංස්කෘතියක් ගොඩනැගෙන මුණගැසීමක් අපිට අත්‍යාවශ්‍යයි. ඒක කලාව, දේශපාලනය හෝ සමාජයට වඩා ආධ්‍යාත්මික වුණු එකක් වීමත් අනිවාර්යයි. ඒ අපිට නැවතත් අපිය සොයාගන්න සිද්ද වෙලා හින්ද. ආයිමත් ආගම, ආදරය, සිනහව, සතු මේ පොලොවෙ නිර්මාණය කරන්න සිද්ද වෙලා තියෙන හින්ද.

තමන්ගෙ ජීවිතයත් දරාගන්න බරි තරම් ඇකිළෙමින් අවසාන වෙමින් යනවා කියල තේරෙන අය මෙතන ලියන්න. අනිත් අය උදේට ලංකාදීපෙ කියවලා හවසට ඩාන්ස් ස්ටාර් බලන්න.


ලෝකය ගින්නෙන් හෝ ජලයෙන් විනාශ වෙ යැයි සිතන්න උවමනා නෑ. තව පුළුවන් විධි දෙකක් තියෙනවා. එකක් ලියන කියන දේවල්. අනික නොස්තැල්ජියාව (අතීත කාමය*
-ෆ‍්‍රෑන්ක් සප්පා

-ව්‍යාධදේව

Tuesday, March 8, 2011

හඳගම සමඟ හෙළුවෙන්



විදු චිත්‍රපටිය තරංගනී ශාලාවෙ පෙන්නපු දවසෙ මාත් ඒක බැලූවා. ඒ චිත්‍රපටිය පෙන්නන එකට ප්‍රධාන අමුත්තා විදිහට කැඳවලා තිබුණෙ මහ බැංකු අධිපති අජිත් නවාඞ් කබ්රාල්. හඳයා එයාගෙ පැමිණීම වෙනුවෙන් ස්තුතිවන්ත වුණා. හඳයා තව කතාවක් කිව්වා. ඒ හඳයාගෙ දරුවන්ට බලන්න පුළුවන් වෙන හඳයාගෙ පළවෙනි චිත්‍රපටියත් විදු කියල. හැමෝටම හුඟක් සතුටුයි හඳයා ආපහු හොඳ වෙච්ච එකට. සෝමරත්න දිසානායක එහෙමත් හඳයාව බදාගෙන සුබපතනවා මම දැක්කා. හඳයා පවුලෙ හැමෝටම වැඩක් කරලා.
ඊට පස්සෙ මම හඳයාව දැක්කා නිතරම රූපවාහිනී වැඩසටහන් වල. ටී ටයිම් ෆන් එකට එහෙමත් එයා ඇවිත් සිංදු කිව්වා. මං ඒ දැක්කමයි හඳයා නටනවා එහෙම. පුටුව උඩම අත්පුඩි ගගහා හඳයා නැටුවා පොඩි උන්ව වට කරගෙන. නෙහාරා වැඩසටහන මෙහෙයවනවා. එතනදි චිත්පටිය ගැන එක එක කතා කිව්වා. හඳයා කිව්වා අර පොඩි ළමයි වාහනේ ඇක්සිඩන්ට් වෙන ෂොට් එක ගන්න එයාට හිත හදාගන්න ගොඩක් අමාරු වුණා කියල. ඒත් ඒ ෂොට් එක බලද්දි අපිට කිසි ෂොක් එකක් දැණුනෙ නෑ. හරි බාල විදිහට ඒක ෂූට් වෙලා තිබුණෙ. ටී පාර්ටි එකේදි තවත් විදු ගැන කතා කිව්වා. ඒකෙ රඟපාපු නළුවෙක් කියපු කතා හින්ද මට විදු ගැන වෙනම චිත්‍රපටියක් ඇඳුනා.
විදු කරන්න ඒගොල්ලො නැවතුනාලූ මීගමුව පැත්තෙ තරු පංතියෙ හෝටලයක. උදේට පහළ ජිම් එකෙන් ව්යා යාම කරලා හොඳට කාලා මුහුද අයිනෙ දුවලා එහෙම විඳපු සැප තලූ මර මර ඒ නළුවා කියන්න ගත්තා. විදු කියන්නෙ හරි සැපට කරපු චිත්‍රපටියක්. සාමාන්යෝ ලංකාවෙ චිත්‍රපටියක් කරන්න ගියහම විඳින ගැහැට වෙනුවට ඒකෙ කට්ටිය ටීවී එකට ඇවිල්ලත් කියන්නෙ තිබ්බ සැප ගැන. ඒත් චිත්‍රපටිය ගැන මොකක්ද කියන්නෙ?
විදු ගැන මම ලියන්න පරක්කු කළේ හිතාමතාම. චිත්‍රපටිය ගැනත් ඒක කරපු හඳයා ගැනත් මට තියෙන අප්පිරියාව කලින්ම එලියට දාලා හඳයගේ අලූත් සිනමා මාවතේ බැරියර් එකක් වෙන්න මට ඕන වුණේ නෑ. දැන් චිත්‍රපටිය දුවලා ඉවරයි. මට පුළුවන් මට දැණුන දේ ලියන්න.
මේ චිත්‍රපටියෙ රූ ගත කිරීම් හරිම බාලයි. අවස්ථා ගොඩ නැගිම් අඳබාලයි. චරිත වෙනුවට නිකම් පෝස්ටර් ටිකක් එහාට මෙහාට ඇවිදිනවා. මේක බලන් ඉද්දි මට මෙහෙම දෙයක් හිතුණා. ඇත්තටම හඳයා සිනමාව ගැන කිසි දෙයක් දන්නෙ නැතිව ඇති. ඒත් එයාගෙ සමාජ දේශපාලන දැක්මත් එක්ක අපිට ඒ ප්‍රකාශනවාදී ගතිය බරට දැනෙන්න ඇති. විදු වල එයා හෙළුවෙන්. අකාස කුසුම් කියන්නෙ පරිට සන්න විතානගේ අහුවෙන චිත්‍රපටිය වගේම විදු කියන්නෙ හඳයාව එළිදරවු වෙන චිත්‍රපටිය.
හඳයා එන්නෙ කෑගල්ලෙන්. කැම්පස් ඇවිල්ලා ජේවීපී කරලා පස්සෙ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න එංගලන්තෙ යනවා. එයා වැඩ කරන්නෙ මහ බැංකුවෙ තොරතුරු දෙපාර්තමේන්තුවෙ ප්‍රධානියෙක් විදිහට. පස්සෙ එයා ජවිපෙන් කැඩෙනවා. එයා තලවතුගොඩ ගෙයක් හදනවා. අලියොන් කාර් එකක් ගන්නවා. දුව ඉන්ටර්නැෂනල් යවනවා. කසාදෙ දික්කසාද වෙනවා. හඳයා X එකේ දේශපාලනය වැළඳ ගන්නවා. මෙහෙම ගඳ විදිහට මිනිහෙක්ගෙ ජීවිතේ ගැන කියන එක හරි කැතයි. ඒ වුණත් විදු විතරක් නෙමෙයි ඒත් එක්ක පෙළට එන ලංකාවේ මහා සිනමාව ජෝක් වීම වෙනුවෙන් ඒ කැත වැඬේට මම අතගහනවා. හඳයා විදු කරද්දි ඉනෝකා සත්යාංාගනී සින්ඩරෙල්ලා කරනවා. ඒකෙ ඉන්ද්‍රචාපා -රොක්, අකලංක -
ක්‍රිකට්, උපේක්ෂා -මන්ත්‍රිනී ප්‍රධාන චරිත කරනවා. මුහුරත් උළෙලේ ප්‍රධාන අමුත්තා වෙන්නෙත් මහින්දානන්ද අලූත්ගමගේ. මේ එකම විහිළුවක් ආයිත් ආයිත් සිද්ද වෙන්න පටන් ගන්නවා. හඳයාගේ පර්යේෂණ සිනමාව විදු වෙද්දි ඉනෝකාගේ පර්යේෂණ සිනමාව සින්ඩරෙල්ලා.
මේ මිනිස්සු දරාගෙන හිටපු ජීවිත මේ විදිහට අර්බුදයට යන්නෙ ඇයි? මෙතුවක් කල් විකල්පයක් ගැන කතා කරපු මේ අයට වඩා දැන් මේ ගොල්ලො පර්යේෂණ කරන තැන කලින් ඉඳන් හිටපු රෝයිද සිල්ව ලා සුනිල් ටී ලා මීට වඩා දියුණුද?
මම රජපක්ෂ ආණ්ඩුවට කැමති ප්‍රධාන හේතුවක් ඕක. කාලයක් තිස්සෙ ලංකාවෙ අධිනිශ්චය වෙලා හිටපු දැවැන්ත මතවාද දරන අය දැන් ඒ ඇඳුම් ගලවලා ඇවිත් පාර අයිනෙ විහිළු කරන්න අරන්. අපි පුදුම වෙනවා. ජනප්‍රිය, පීචං, ධනවාදී, මාක්ස්වාදී, ජනතාවාදී, ජනතා විරෝධී ඔක්කොම එක වාදෙකට ඇවිත්. මොනවා වුණත් සෝමරත්න දිසානායක තරමටවත් හඳයා දක්ෂ වෙන්නෙ නෑ.
විදු කියන්නෙ දේශපාලකයෙක් පොකට් ගහන ගෑණියෙක් එක්ක නිදා ගත්ත නිසා වැල්ලෙ ඉපදෙන කොල්ලෙක්. එයාට වැල්ලෙන් පුරුදු වෙනවා ඉංග්‍රිසි. ඊට පස්සෙ විදු පොඩි කාලෙ ඉඳන් කතා කරන්නෙ හඳයා ලොකු කාලෙ කතා කරන දේවල්. සිනමාව ගැන කිසි දෙයක් නොදැණුනත් හඳයා ඉංග්‍රිසි වලට ආස තරම විදු බලද්දි හොඳට දැනෙනවා. විදුගෙ චරිතයට එයා තෝර ගන්නෙත් ඉන්ටර්නැෂනල් කොලීජියකට යන දුර්වල පහේ ළමයෙක්. මේ චරිත කිසි එකක් ඒ චරිත පාදක වෙන දේශපාලනයෙ ජීවත් වෙන්නෙ නෑ. ඒ චරිත ඔක්කොම ජීවත් වෙන්නෙ හඳයාගෙ ඔලූව ඇතුලෙ. කතා පැවැත්වීමක් වගේ දේකට මේ තරම් අවුලක් හදාගන්න? මට තේරෙන්නෙ නෑ, මේ පිටපත ඒ තරම් මන්ද බුද්ධිකයි. චිත්‍රපටිය පුරාම මට දැණුන එකම හෘදයාංගම හැගීම තමයි හඳයා තමන්ගෙ ජීවිතය ඇතුලෙ අත්විඳින මධ්‍යම පාංතික හීනමානය. ඒ හීනමානය සහ දුන්හිඳ අද්දර වගේ ජීවිත වල හඳයා කලින් අඳුරන චරිත දැන් මූණට මුණ ගැහනවා. හඳයාට තමන් හිටගන්න තැන අපැහැදිලියි. එයා රෝගී වෙලා. ඒ නිසා එයා දැන් කරන වැඩ පොසිෂන් කර ගන්න තැනක් නෑ. මධ්‍යම පාංතික ජීවිත වලට උදාහරණයක් විදිහට එයාගෙ බැංකුවෙ ප්‍රධානියාට විඳින්න පුළුවන් වර්ගයේ චිත්‍රපටියක් ඇතුලෙ පරණ සමාජවාදී කාලෙ චරිත ගැටගහන්න හදනවා. විදු පෙන්නන්නෙ හඳයාගෙ මේ වාෂ්ප වීම. ඒක දරුණුවට එයාගෙ ජීවිතය ඇතුලෙන් එන අර්බුදයක්. ඒ නිසා ඒ අර්බුදය හොරර් චිත්‍රපටියකට වඩා භයංකාරයි.
මේ චිත්‍රපටිය 35 මී.මී කළේ ඇයි? නෙගටිව් එකකින් මේ චිත්‍රපටියෙ කරන්න තියෙන රූප රාමු මොනවද? ඒ ගැන චන්න දේශප්‍රිය උත්තර දෙන්න ඕන. කලා අධ්‍යක්ෂණය, සංගීතය, පිටපත ආදී සියල්ලම තියෙන්නෙ අන්තිම දුර්වල මට්ටමක. හඳයාගේ අපැහැදිලිකම ඒකට මූලික හේතුවක් වෙන්න ඇති. මේ ඔක්කොම මෙහෙම තියෙද්දි චිත්‍රපටියෙ හොඳට වෙලා තියෙන්නෙ හෝටල් පහසුකම් සහ සුවපහසු ෂූටිං විතරයි. ඉතිං ඒක චිත්‍රපටියෙ පේනවා. චිත්‍රපටිය ගැන හඳයා කතා කරද්දිත් පේනවා.
අපි හුඟක් අමතක කරන කාරණයක් තමයි චිත්‍රපටි තිරය උඩ අපේ ජිවිත ඇත්ත ප්‍රමාණයට වඩා විශාලනය වෙනවා කියන එක. චිත්‍රපටිය ඇත්තක් නොවෙද්දි ඒක පිටිපස්සෙ ඉන්න ඒකෙ කර්තෘ එළිදරවු වෙන්න ගන්නවා. එතකොට ලැජ්ජ හිතෙනවා.
මේ යුගයෙ තියෙන නරකම දේ තමයි ඒ ලැජ්ජාව සාමාන්‍යයක් වීම. හැමෝම බදා වැළඳගෙන ඒ ලැජ්ජාවට එක්වීම ගැන සුබ පතනවා.
-තුෂාර පෙරේරා