Thursday, May 5, 2011

No More Marx


නෝ මෝ මාර්ක්ස් කියන්නෙ අජිත් කුමාරසිරිගෙ සිංදුවක්. සිංදුව අහද්දි මට දැණුනෙ පට්ට කික් එකක්. ඒකට හේතුව සිංදුව දුන්න චමත්කාරෙට වඩා ලංකාවෙ තාමත් පිළුනු වෙවී ගඳගහන වාමාංශික අදහස් වලට පොප් උත්තරයක් ඒකෙන් දැණුන එක. මාක්ස්වාදය කියන්නෙ හුගක් ප‍්‍රාථමික අදහසක්.
පුද්ගලයා කියන්නෙ ඔහු හෝ ඇය ජීවත් වෙන සමාජයෙ නිර්මිතයක්. මාක්ස් කියනවා. ඒත් තමන්ගෙ සිතීම ක‍්‍රියත්මක වෙන හැටි තේරුම් ගන්න දැනුවත් උත්සාහයක් ගත්ත ඕන කෙනෙකුට තේරෙනවා සමාජය කියන පරිකල්පන එහෙම නැත්තං මවා ගත්ත අදහසින් තමන්ව කියවන්න බෑ කියන එක. සමාජය කියන අදහස කොයි තරම් විද්‍යාත්මකද? නැත්තං විද්‍යාත්මකයි කියන දේ කොයි තරං විද්‍යාත්මකද? මට කම්ැමලියි නලින් ද සිල්වා වගේ ඔය කාරණා පස්සෙ එළවන්න. ඒත් මං ගැන මට තියෙන අදහස සමාජය ගැන අදහසකින් කියවලා ඉවර කරන්න බෑ. අනික දේවල් සමස්තයක් විදිහට තේරුම් අරන් ඉවර කරන එක ජීවිතය පැත්තෙන් ලොකු අඩුවක්. මගේ පෙම්වතිය නිතරම කියන විදිහට,

Details Matter...
වෙනස්කම් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් මිනිස්සු ජීවිතේ බෙදා ගන්න තැනක් ගැන අදහසක් මගේ වමට බර යාලූවෙකුට කිව්වම එයාට ඒක ගළපගන්න බැරි වුණා. එයා හුරු වෙලා තියෙන විශ්වයේ හැටියට මිනිස්සු පිරිසක් දෘෂ්ටිවාදයකට ගොනු කරනවා ඇරෙන්න සාමාජීය විදිහට කරන්න පුළුවන් වෙන වැඩ නෑ. දේශපාලනයකින් තොර සාමූහික සම්බන්ධතා ගැන විශ්වාසයක් මාක්ස් ඒ ගොල්ලොන්ට ඉතුරු කරලා නෑ. මට මාක්ස් කියන්නෙ දේශපාලනය විශ්වාස කරපු අනිත් ගොඩක් මිනිස්සු වගේම ලෝකෙ කැත කරපු මිනිහෙක්. ජීවිතෙත් එක්ක බලද්දි දේශපාලනය කියන්නෙ හරි ගොඬේ අදහසක්. දෘෂ්ටිවාදයක් වෙනුවට ජීවිතේ බෙදාගන්න පුළුවන් තැනක් ගැන මිනිස්සුන්ට හිතා ගන්න බෑ. ඒත් අපි ඉන්නෙ විසිඑක්වෙනි ශතවර්ෂෙ.
මම මෙතනින් පනිනවා මට යන්න ඕන කරන ඩයලොග් එකට. තිමොති ලියරි එක්ක සාකච්ඡුාවක් කරද්දි මාධවේදියෙක් අහනවා ‘ ඔයා මොකද හිතන්නෙ ‘නියුරොනට්ස්‘ ල ගැන කියල. තිමොති ලියරි කවුද කියල පස්සෙ කියන්නම්. මාධ්‍යවේදියා අහන්නෙ ලියරිත් අවුරුදු 50ක් විතර තිස්සෙ වැඩකරමින් ඉන්න සවිඥාණය පුළුල් කර ගැනීමේ සමාජ ව්‍යාපාරයක් ගැන. ලියරි උත්තර දෙනවා.
‘20 වන සියවස කියන්නෙ ක්වොන්ටම් යාන්ත‍්‍රණය ප‍්‍රධාන දර්ශනවාදය වුණු සියවසක්. දැන් ක්වොන්ටම් යාන්ත‍්‍රණයෙ දේවල් ගෙවල් ඇතුලෙ ජීවිතයට පවා අවශෝෂණය වෙලා තියෙන්නෙ. දැන් මිනිස්සු දන්නවා ඒ අයගේ මොළය ඇතුලට යන්න. ඒ දේවල් නැවත තමන්ට ඕන විදිහට සකස් කරගන්න. අයින්ස්ටයින් සහ හයිසන්බර්ග් පෙන්නලා දුන්නා. නිරීක්‍ෂකයා විසින් ඔහු ගනුදෙනු කරන විශ්වය නිර්මාණය කර ගන්නවා‘ කියල. ඒක හින්ද අයින්ස්ටයින්, හයිසන්බර්ග්, බොර් වගේ මිනිස්සුන්ගෙ මොළ වෙනස් කරන තාක්‍ෂණයන් අඳුන්නලා දුන්න අයයි ‘නියුරොනට්ස්‘ ල කියල හඳුන්වන්න වෙන්නෙ.
අපේ රටේ අපි ජීවිතය කියල හදාගෙන ඉන්න සංකල්පය කොයි තරම් පටුද? ජීවිතය කියල අපි අත්විඳින විශ්වය කොයි තරම් කුඩාද? ඒ ජීවිතය කියවන්න උත්සහ කරන දෘෂ්ටිවාදයන් කොයි තරම් අපිව තවත් සීමිත කරනවද?
තිමොති ලියරි 1920 ඉඳන් 1996 වෙනකල් ජීවත් වුණු ඇමරිකානු මනෝ විදයාඥයෙක්, ලේඛකයෙක්. පස්සෙ එයා කරපු සයිකඩෙලික් ාරමටි (සිංහල වචනෙ මනෝ භ‍්‍රමික ඖෂධ කියන එක. හු`ගක් වැරදි පරිවර්තනයක් ඒක. අපේ සමාජයට මනස ගැන තියෙන දැනුමෙ අතිශය මදිකම මේකෙන් පේනවා*
වලින් සායනමය කටයුතු වලදි ලොකු ප‍්‍රයෝජන ගන්න පුළුවන් කියන එක පෙන්නපු පර්යේෂණ ලෝකෙම ප‍්‍රසිද්ධ වුණා. ලියරි 1960 ගණන් වල හිපි පරපුරේ පුරෝගාමියෙක්. එයා පෙන්නලා දුන්නා එල්එස්ඞී වල තියෙන සායනමය, භාවමය සහ ආධ්‍යාත්මික ප‍්‍රයෝජනය. ඒ වගේම එල්එස්ඞී මනෝ චිකිත්සනයේදි පාවිච්චි කරන්න පුළුවන් වටින ඖෂධයක් විදිහට එයා කරුණු ඉදිරිපත් කළා. ඇමරිකාවේ ගතානුගතික මතධාරීන් ලියරිට දැඩි ලෙස විරුද්ධ වුණා. රිචඞ් නික්සන් තිමොති ලියරි හැඳින්වුවේ ‘ඇමරිකාවේ අන්තරායකාරීම මිනිසා‘ විදිහට.
අධිතාත්විකවාදීන් :ිමරරු්ක* ආර්ටිස්ට්ලා ගත්තොත් ඒ ගොල්ලො යතාර්ථය මුළුමනින්ම විනාශ කරනවා. ඒක විසිවන ශතවර්ෂෙ දරුණු උත්සාහයක්. අපේ කාලයේ මානවයාට තියෙන ලොතුම අභියෝගෙ මොළයේ වම් අර්ධයෙන් එලියට එන එක. මනසින් එලියට එන එක. මොලයේ අනිත් ඉඩ අපි ප‍්‍රයෝජනයට ගන්න ඕන. අනිවාර්යෙන්ම පාලනයක් සහිතව වෙන්න ඕන. එතකොට අපිට පුළුවන් මොළය පුරාම ගමන් කරලා අවශ්‍ය විටෙක විතරක් වම් අර්ධයට යන්න. නූතනවාදයෙ අන්තිමට කලාකරුවො ඒක කලා. ඒ අය සම්පූර්ණයෙන්ම සිහින කැන්වස් උඩ ඇතිරුවා. ඒත් ඉතාමත් සංයමයක් සහිත පින්සල් පාරවල් එක්ක. ඒ කියන්නෙ හොඳ සිහියකින් යුතුව.
ලියරි මේ විදිහට යතාර්ථයෙන් එලියට ඒමේ වැදගත්කම අවධාරණය කරනවා. දේශපාලනය කියන්නෙ හරිම තාර්කික අදහසක්. යතාර්ථවාදයෙත් බාලම එක, මාක්ස්වාදය එහෙම්පිටින්ම පදනම් වෙන්නෙ යතාර්ථය උඩ. මාක්ස්ගෙ උපරිම හීනය පූර්ණ කොමියුනිස්ට් සමාජය වුණත් කොයිතරම් තාර්කික දුර්වල අවසානයක්ද? වාමාංශික කියන වචනෙත් හරියටම ‘මොලේ වම් පැත්ත නියෝජනය කරන’ කියන අදහසින් ආවා වගේ.
විසිවෙනි ශතවරේෂෙ සාහිත්‍ය වම් මොලයෙන් එලියට එන්න දරපු උත්සාහය ගැන ලියරි කියාගෙන යනවා. ව්‍යාකරණ කඩා බිඳ දැමීම ඒකෙ මූලික කාරණයක්. ජේම්ස් ජොයිස්, විලියම් බරොෆ් වගේ අයගෙ සාහිත්‍ය එතනදි පුරෝගාමීයි. බැරන් ගයිසන් වගේ අය වාක්‍ය කඩලා බිඳලා ව්‍යාකරණ විනාශ කලා. විසි වෙනි ශතවර්ෂෙ සංගීතය කියන්නෙ එහෙම්පිටින්ම ක්වොන්ටොම් භෞතිකය. රොක් සංගීතය, ජෑස් වම් ඉවුරෙ මොලය විනාශ කරලා සවිඥාණය පුළුල් කරන්න හොඳ වෙනසක් කරනවා. විසි වෙනි ශතවර්ෂෙ දර්ශනය, භාෂාව සහ වාග් විද්‍යාව ක්වොන්ටොම් භෞතිකයෙන් හොඳටම පරිවර්තනය වුණා. 1960 ගණන් වල ඉඳලා මනෝ විද්‍යාව කියන්නෙ තමන් විසින් වම් සහ දකුණු මොල දෙකේම පාලනය භාර ගැනීමට මිනිසා පුහුණු කිරීම.
මේ කාරණය එක්ක සයිකඩෙලික් ඖෂධ සම්බන්ධ වෙන්නෙ කොහොමද?
‘මට අර කරුණු කියාගෙන එද්දි අමතක වුණා සයිකොඩෙලික්ස් ගැන කියන්න. 1960 ගණන් වලදි ජනප‍්‍රිය වෙන්න ගත්තට සයිකඩෙලික් පාවිච්චිය විසි වෙනි ශත වර්ෂෙ මුල ඉඳන් තියෙනවා. ඒනේ සමාජගත වුනා වගේම ජනප‍්‍රිය වුණා ඔබට ඔබේ මනස වෙනස් කළ හැකියි, ඔබේ මොලය වෙනස් කළ හැකියි, ඔබේ මූඞ් එක වෙනස් කල හැකියි කියන අදහස. ‘එන්න, විඳින්න, අත් හරින්න.’ (එව බලව නෙවෙයි*

අපේ සාහිත්‍ය තාම තියෙන්නෙ කොතනද? අපේ ආර්ට් වැඩ කරන්නෙ කොතනද? අපේ චිත‍්‍රපටිවලට තාම බෑ කතාවෙන් එලියට එන්න. අපේ කවියට තාම බෑ අලංකාරෝක්ති වලින් එලියට එන්න. අපේ සංගීතයට බෑ ගීතයෙන් එලියට එන්න. අපේ යාලූකම් වලට බෑ දේශපාලනයෙන් එලියට එන්න. අපි තාම අතීතයේ ජීවත් වෙන ජාතියක්.

‘ඇලන් වොට්ස්, ඇඩොස් හක්ස්ලි, ගෙරල්ඞ් හර්ඞ් වගේ සයිකඩෙලික් දර්ශනවාදීන්ට මේ රසායනිකව මනස පුහුණු කිරීම ගැන කියා දීමේ ගෞරවය අයිති වෙන්න ඕන. ඒ වගේම හාවඞ් විශ්ව විද්‍යාලයේ අපේ යාලූවො, ස්ටැනිස්ලාවෝ ග්රොස් වගේ මේ වෙනුවෙන් බවුන් වැඩූ එල්.එස්.ඞී. ඍෂිවරුන්ට සහ සාෂා ෂුල්ගින්, වගේ සුවිශේෂ ඖෂධ නිර්මාණය කරපු අයව අමත කරන්න බෑ මෙතනදි.’ ලියරි සයිකඩෙලික් පිබිදීම ගැන විස්තර කරනවා.
මොකක්ද මේ යතාර්ථය ‘සුනු විසුනු’ කිරීම?
පුවත්පත් කලාවේදියා ප‍්‍රශ්න කරනවා.
‘යතාර්ථය කියන්නෙ අපේ නියුරෝන වලින් අපිට දනවන දේ. මේ හින්ද අපි මායාවන් කියන දේවලූත් ඇත්ත කියන එලියෙ අපිට පෙන්නන ඕන දෙයක් තරමටම ඇත්ත. මේ යතාර්ථය දෙවිදිහකින් දකින්න පුළුවන්. එකක් බාහිර යතාර්ථය. අනික අභ්‍යන්තර යතාර්ථය. මෙතනදි අභ්‍යන්තර යතාර්ථය බාහිර එකට වඩා හු`ගක් වැදගත්. බාහිර යතාර්තය ගැන තමයි අපි කතා කරන්නෙ, රණ්ඩු වෙන්නෙ, එක`ග වෙන්නෙ, සහ ජීවත් වීම වෙනුවෙන් සංවිධානය කරන්නෙ. රේගන් ගෙ හරි බුෂ්ගෙ හරි විදේශ ප‍්‍රතිපත්තියත් මේ විදිහට යතාර්ථයක්. මට පෙන්නන්න බෑ ඔය යතාර්ථය කියන එක ගැන කතා කරන මිනිස්සු.
සයිකඩෙලික්ස් කොහොමද අපිව අපේ සාමාන්‍ය ජීවිතේ දැනුමෙන් එහාට ගෙනියන්නෙ? ඒක දැනට ජනප‍්‍රිය කොම්පියුටර් සොෆ්ට්වෙයාර් එක්ක සසඳන කොට හරි පොඩියි නේද?
අපි කතා කරන්නෙ මොලය ගැන. අපිට නැත්තං මොළය ඇත්තටම වැඩකරවන ක‍්‍රමවේදයක් මිනිස්සු ඉලෙක්ට්‍රෝන කියන දේ බලය, පාලනය සහ සල්ලි වලට වැඩි තැනකට ගෙනියන්නෙ නෑ. කාටහරි සයිකඩෙලික් අත්දැකීමක් නැත්නම් ඒ අයට බැහැ ඉලෙක්ට්‍රොනික උපාංගයක් හුදෙක් ද්‍රව්‍යමය තැනකින් එහා අත්දැකීමක් වෙනුවෙන් පාවිච්චි කරන්න. ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් පුද්ගල පරිගණක සොයා ගැනීම අහම්බයක් නෙවෙයි. දෙන්නම කොණ්ඩෙ වවාගත්තු, සපත්තු නැතුව ඇවිදින ඛීෘ වලට ඇබ්බැහි වුණු අය. ත්‍කාම්පියුටර් සොෆ්ට්වෙයාර් නිර්මාණය කරන ගොඩක් අය සයිකඩෙලික් අත්දැකීම් ලබන හෝ ලබපු අය වීම පුදුම වෙන්න දෙයක් නෙවෙයි. බිල් ගේට්ස් වුණත් මයික්‍රොසොෆ්ට් පටන් ගන්න කලින් හාවඞ් වල එල්.එස්.ඞී.එක්ක ගත කරපු දවස් ගැන කටකතා තියෙනවා.
ඔය විදිහට පුළුවන් කොම්පියුටර් සොෆ්ට්වෙයාර් වල නිර්මාණශීලි අයගෙ ලැයිස්තුවක් කියවගෙන යන්න. හාඞ්වෙයාර් නෙමෙයි. ඒ අය ඔක්කොම වගේ එල්එස්ඞී හොඳ පැත්තට, නිර්මාණශීලීත්වයට, තාර්කික සිතීමෙන් එලියට එන්න පාවිච්චි කරපු අය’
තිමොති ලියරි සිගරට් එකක් දල්වා ගැනීමට ගිනිපෙට්ටිය හොයන්න යනවා.
අපේ රටේ සිතීම යතාර්ථයෙනුත් හු`ගක් ප‍්‍රාථමික තැනක තියෙන්නෙ. අපේ සමාජය ඇල්කොහොලික් සමාජයක්. ඇල්කොහොල් වලට පුළුවන් උපරිමය යතාර්ථවාදී මනස භාවමය කරන එක විතරයි. මනසින් නිදහස් වෙන්න ඇල්කොහොල්වල උදව්වක් නෑ.
මත්වීම ගැන කතා දේශපාලනික නැහැ වගේ කෙනෙකෙුට දැනෙන්න පුළුවන්. ඒක ඇත්තක්. ඒ කතාවල අරමුණම දේශපාලනයෙන් ඉවතට යන එක. ඒත් රජය ඇයි ‘මතට තිත’ වගේ දෙයක් දේශපාලනික අරමුණක් කර ගන්නෙ? සිතීමේ සීමාවන් තමන්ට අවශ්‍ය රාමුවක විතරක් හසුරුවා ගන්න රජයකට අවශ්‍ය වෙන නිසාද?

-ව්‍යාධදේව

1 comment: