Thursday, May 5, 2011

Taqwacore: ඉස්ලාම් පන්ක් රොක් සංගීතයේ උපත


මට තේරුණා මම පල්ලිය ඇතුලෙ ඉඳන් එලියට චූ කරන එක හොඳයි එලියෙ ඉඳලා පල්ලිය ඇතුලට චූ කරනවට වැඩිය කියල.- මයික් නයිට්

අවුරුදු 5ට කලින් ඇමෙරිකාවේ මුස්ලිම් තරුණ තරුණියෝ අතරෙ ෆොටෝ කොපි ගහපු, කොල දියවෙලා ගිය පොතක් අතින් අතට මාරුවෙන්න ගන්නවා. ඒකෙ නම ‘ටක්වාකෝර්ස්’. ඒක බෆලෝ වල පරිකල්පිත මුස්ලිම් පන්ක් රොක් සංගීත කණ්ඩායමක් ගැන ලියවුණු පොතක්.

‘මේ පොත මට මගේ කියල අනන්‍යතාවයක් හදලා දුන්නා’ අවුරුදු 14ක් වයස නයිනා සයිඞ් කියනවා.
පාකිස්ථානයේ ඉපදුණු මුස්ලිම් ජාතික නයිනා පැය ගණන් ටෙලිෆෝන් එකේ එල්ලිලා එයාගේ අක්කා එයාට සම්පූර්ණ පොත කියවන කල් අහගෙන ඉන්නවා.
‘මගේ අතටම ඒ පොත හම්බුණාම...ඒක මට කියා ගන්න බැරි අත්දැකීමක්’ නයිනා කියනවා.

‘මේ පොත මුස්ලිම් තාරුණ්‍යයට ලොකු බලපෑමක් කළා. මයිකල් මුහම්මද් නයිට් ගේ පරිකල්පනයක් උඩ ලියවිච්ච මේ පොතෙන් පස්සෙ ඇමරිකාව ඇතුලෙ නොයෙක් කෙනෙහිලිකම් අත්විඳිමින් හිටපු මුස්ලිම් තරුණ තරුණියො ඇත්තටම මේ විදිහෙ මුස්ලිම් පන්ක් රොක් කණ්ඩායම් හදා ගත්තා. ඒක උපසංස්කෘතියක් වුණා’ උතුරු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ඉස්ලාම් ධර්මය ගැන මහාචාර්යවරයෙක් වන කාර්ල් ඩබ් අර්නස්ට් පැහැදිලි කරනවා.

මේ පොතේ ජනප‍්‍රියතාවය නිසාම ලෝ බජට් ඉන්ඩිපෙන්ඩන්ට් චිත‍්‍රපටයක් නිර්මාණය වෙනවා.
ක්ලීව්ලන්ඞ් වල පොදු නිවාසයක ජීවත් වෙන පන්ක් ආර්ටිස්ට්ලා කණ්ඩායමක් ඔවුන්ගේ නිවස චිත‍්‍රපටයට ‘සෙට්’ එකක් විදිහට දෙනවා. ඒ අවට ගරා වැටුණු ගොඩනැගිලි සහ පාලූවට ඇරුණු පාරවල් ‘බෆලෝ’ පැත්තෙ පරිසරයට හු`ගක් කිට්ටුයි. චිත‍්‍රපටිය අධ්‍යක්‍ෂණය කරන්නෙ එයාඞ් සහ්රා.
‘මගේ ඔලූව ඇතුලෙ ජීවත් වුණු චරිත මගේ ඉස්සරහ එහා මෙහා ඇවිදින කොට, මගේ පොතේ කොටස් විදිහට මේ කොල්ලො කෙල්ලො දකින කොට ඒක මට හරි සූරියල් අත්දැකීමක් වුණා’ පොතේ කර්තෘ මුහම්මද් නයිට් චිත‍්‍රපටයේ සෙට් එකේ ඇවිදන අතරේ කිව්වා.

චිත‍්‍රපටියෙ සෙට් එකේ කොටසක් විදිහට මුස්ලිම් පන්ක් රොක් වාදකයෙක් වන අවුරුදු 23ක මාර්වන් කැමල් ‘ඔසාමා මැක්ඩොනල්ඞ්’ කියලා චිත‍්‍රයක් අඳිනවා. ඒක ඔසාමා බින් ලාඩන් ගේ ඔලූව රොනල්ඞ් මැක්ඩොනල්ඞ් ගෙ ඇ`ගට හයි කරපු රූපයක්. ඇමරිකානු සමාගම් වල ඇති අධිරාජ්‍යවාදයට සහ මුස්ලිම් අන්තවාදය කියන දෙකටම විරෝධයක් විදිහට කැමල් තමන්ගේ චිත‍්‍රය ගැන අදහස් කියනවා.

‘මම මුස්ලිම්. ඒ වගේම 100%ක් ම ඇමරිකන්. ඒක නිසා මට, මගේ විශ්වාසයත්, මගේ රටත් දෙකම විවේචනය කරන්න අයිතියක් තියෙනවා. කැරලිකාරීත්වය සහ පන්ක් කියන දෙකම සම්පූර්ණයෙන්ම ඇමරිකන්’ චිත‍්‍රපටයේ නිළියක් වන නවුරින් ඩිවුල්ෆ් චිත‍්‍රපටිය ගැන තමන්ගෙ හැ`ගීම ප‍්‍රකාශ කලා.

‘ටක්වා’ කියන්නේ ‘දැඩි ලෙස දෙවියන් හා බැඳුණු’ කියන අදහස. ඒක ‘හාඞ් කෝර්’ කියන තමන්ගේ වෛරය ප‍්‍රකාශ කරන බටහිර සංගීත ෂොනර හඳුන්වන යෙදුමත් එක්ක මුහුවෙලා ‘ටක්වාකෝර්’ කියන නම හැදෙනවා.

සැප්තැම්බර් 11 වෙනිදට පස්සෙ ඇමරිකාවෙ හු`ගක් තරුණ මුස්ලිම් අය ඒ ගොල්ලොන්ගෙ යාලූවො අතර පවා කොන් වෙන්න ගත්තා. බුෂ්ගෙ පාලනය සැප්තැම්බර් 11 සිද්ධියට ප‍්‍රතිචාර දක්වපු විදිහෙන් සහ ගොඩක් මුස්ලිම් නායකයන්ගෙ දැඩි ගතානුගතිකත්වය අතරෙ මේ තරුණ තරුණියන්ට මේ මුහම්මද් නයිට්ගෙ නවකතාව අත්පොතක් වුණා.

‘මේ පොත කියවද්දි මාව සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා වගේ හැ`ගීමක් මට දැනෙන්න ගත්තා’ ඔරලෝන්ඩෝහි වැලන්සියා ප‍්‍රජා පාසැලේ මුස්ලිම් සහ මානව ශාස්ත‍්‍ර ආචාර්යවරිය ඇරී සුෆාරි කියනවා.
සුෆාරි අර්කන්සාස් හි නැගී ගෙන එන පන්ක් සංගීතය රසවිඳින අතරෙ ‘ටක්වාකෝර්ස්’ කියවලා තියෙන්නෙ අවුරුදු හතරකට කලින්.
‘මෙතන ඉන්නෙ මං වගේම ඉස්ලාම් ආගම ගැන කළකිරුණ කෙනෙක්. ඒ එක්කම එයා මම කැමති ‘ඩෙඞ් කෙනඞීස්’ වගේ සංගීත කණ්ඩායම් පාවිච්චි කරමින් ඒ කළකිරීම ප‍්‍රකාශ කරනවා. අපි හු`ගක් ළ`ගයි’

නවකතාවෙ ‘රබෙයියා’ නමින් එන කැරලිකාර මුස්ලිම් තරුණිය බුර්කාව පිටින්ම ස්ටේජ් එකේ ගිටාර් ගහනවා. එයා තවත් තරුණ තරුණියන්ගේ යාඥාවන් පවා මෙහෙයවනවා. ඒ එක්කම කංසා පානය කරන ෆසීක් කියන චරිතයත්, හොඳට බොන ජෙහන්ගීර් කියන චරිතයත් පොතේ අන්දෝලනය තවත් වැඩි කරනවා. මේ වගේ දේවල්, ඒ කියන්නෙ බටහිර සංගීත වාදනය, කාන්තාවන් යාඥා මෙහෙයවීම, මත්පැන්, දුම්බීම වගේ දේවල් මිලියන ගාණක් මුස්ලිම ජාතිකයන් සළකන්නෙ ‘හරාම්’ නැත්තං ‘තහනම්’ විදිහට.

නිව්යෝර්ක් වල අයිරිෂ් කතෝලිකයෙක් විදිහට ඉපදුණු මුහම්මද් නයිට් (පොතේ කර්තෘ* නව යොවුන් වයසෙදිම ඉස්ලාම් ආගම වැළඳ ගන්නවා. ඒ දෙමව්පියන්ගෙ කතෝලික භක්තියට විරුද්ධ කැරැුල්ලක් විදිහට. පකිස්ථානෙට ගිහින් පල්ලියේ ඉගෙනීම් කරද්දි එයා මුහම්මද් (නබි* මිය ගිය පසු ඇති වුණු යුද්ධ ගැන දැන ගත්තම ගතානුගතික මුස්ලිම් භක්තිය ගැන කළකිරෙන්න ගන්නවා.
එයා ටක්වාකෝර්ස් ලියන්නෙ තමන් තුල ජීවත් වෙන වෛරය ප‍්‍රකාශ කරන ඇමරිකානු තරුණයා සහ මුස්ලිම් භක්තිකයා අතර වෙනස යා කරන්න. තමන්ගේ නායකයන්ව සහ ඔවුන්ගේ බාල දේව ඇදහිලි නොතකා ‘අල්ලා’ දෙවියන් පමණක් විශ්වාස කළ මුහම්මද් (නබි* ගේ ජීවිතය එයාව ආකර්ශනය කර ගන්නවා.

මේ පොත කියවීමෙන් පස්සෙ හු`ගක් අය මුහම්මද් නයිට් ට ඊ මේල් එවන්න ගත්තා ඊළ`ග පන්ක් ෂෝ එක තියෙන තැන ගැන විස්තර අහලා. එහෙම කණ්ඩායම් නැති වග කිව්වම ඔවුන් තමන්ගේම පන්ක් කණ්ඩායම් නිර්මාණය කරන්න ගත්තා. ඒ වගේ එකක් තමයි, ‘කොමිනාස්’. ඔවුන්ගේ ‘ීමසජසාැ ඊදපඉ එයැ ඨ්ච’ කියන සිංදුව තමයි මුලින්ම මුස්ලිම් පන්ක් රොක් ජාතික ගීය වගේ වෙන්නෙ.

‘මුස්ලිම් ජාතිකයන් විදිහට අපි ඉස්සෙල්ලා අපිවම විවේචනය කර ගන්නෙ නැතිව ඇමරිකාව විවේචනය කරන්න ගියොත් මං හිතන්නෙ ඒක අවංක නෑ’ චිකාගෝ වල සිරියානු පවුලක හැදී වැඩුණු අවු 23ක් වයස කාමෙල් කියනවා. එයා ‘අල් තව්රා’ (විප්ලවය* කියන පන්ක් රොක් කණ්ඩායමේ ගායකයෙක්.

ගොඩක් ඇමරිකානු මුස්ලිම් තරුණ තරුණියන්ට මේ කැරලිකාරීත්වය සහ ඉස්ලාම් ආගම හොඳින් ගැලපුනා.

හනාන් අර්සාෆ් කියන්නෙ නිව්යෝක් වල ජීවත් වෙන මොරොක්කෝවෙන් ආපු මුස්ලිම් පවුලක හැදී වැඩෙන අවුරුදු 15ක කෙල්ලක්. සැප්තැම්බර් 11 සිද්ධියෙන් පස්සෙ එයා මුස්ලිම් පාසැලට යන වෑන් එකට පාරෙදි මිනිස්සු බිත්තර සහ කෝපි කෝප්ප විසි කරන්න ගන්නවා. ‘එක්කෙනෙක් වයින් බෝතලයකින් පවා දමා ගැහුවා’ ඇය කියනවා.
ඇගේ පංතියේ උගන්වන කොරියන් ගුරුවරිය පවා වචනයක තේරුමක් ඇසූ නිසා ඇයට හුණු කූරෙන් දමා ගැහුවලූ. පාසැල් දෙකකින්ම ඉවත් වෙන්නට සිදු වුණු පසු ඇගේ මාමා කෙනෙක් ඇයට ‘ටක්වාකෝර්ස්’ පොත ගෙනත් දෙනවා.

‘මේ පොත මගේ ජීවිතේ. ඒක මගේ විශ්වාසය බේරලා දුන්නා’ ඇය කියනවා.

(2009 දි ඕමාර් මජීඞ් විසින් ‘ටක්වාකෝර්ස්’ නමින් තවත් වාර්තා චිත‍්‍රපටියක් නිර්මාණය කරනවා. ඇමරිකානු සහ පාකිස්තානු මුස්ලිම් පන්ක් රොක් කණ්ඩායම් වල සංචාරයක් විදිහටයි මේ චිත‍්‍රපටිය හැදෙන්නෙ. 2010 අවුරුද්දෙ සන්ඩාන්ස් චිත‍්‍රපට උළෙලෙදි මේ චිත‍්‍රපටිය පළමුවරට ප‍්‍රදර්ශනය වෙනවා. *

පරිවර්තනය- තුෂාර පෙරේරා.

No comments:

Post a Comment