Monday, May 16, 2011

රිදී නිම්නයේ තිරිහන් කැරැල්ල


2005 අවුරුද්දෙ ජාතික චිත‍්‍රපට සංස්ථාවෙ පවත්වපු කෙටි චිත‍්‍රපට සැණකෙලිය අපි නම් කළේ ඒ විදිහට. නෙගටිව්ම ඉල්ලලා සංස්ථාවෙ ලොක්කො පස්සෙ ඇවිදපු කීප දෙනෙක් ඇරුණම ඉතුරු අපි ඔක්කොම එක ඩිජිටල් චිත‍්‍රපටියක් කරන්න පහසුකම් ඉල්ලූවා, රුපියල් ලක්ෂ 10ක්. ‘ඔක්කොම කොහොමද එක චිත‍්‍රපටියක් කරන්නෙ?’ ඒ වෙලාවෙ තනි තනි අධ්‍යක්‍ෂවරුන් වෙන්න හීන දැකපු සමහරු ඇහුවා. ඒත් අපි චිත‍්‍රපටි සංස්ථාවෙ කැන්ටිමට වෙලා එහෙම චිත‍්‍රපටියක් ලිව්වා. සංස්ථාවෙන් සතයක් වත් දෙනවා කියලා නොකියාමත් අපි එහෙම පිටපතක් ලිව්වා. ඇත්තටම එකක් නෙමෙයි දෙකක් ලිව්වා. ඒක කෙරුණෙ නෑ.

ඒත් එතන අපි කට්ටියක් හිටියා.
ඊට පස්සෙ මියුසික් වීඩියෝ, ටීවී වැඩසටහන්, ටෙලි නාට්ටි ගොඩක් අත්හදා බැලීම් කළේ ඒ අපේ කට්ටිය. ඒත් ඒ කිසි එකක් හිතපු විදිහට වැඩ කළේ නෑ. එතකොට අපෙන් ගොඩක් අය ඇහුවා, කෝ ඉතිං හරි ගියාද? කියල.

වැරදුණා. ඒත් හරි ගියා.
අපිට පුළුවන් වුණා සාමූහිකව විෂුවල් ගැන හිතන, ෆිල්ම් මේකර්ස් කියන සංස්කෘතියට ඇතුල් වෙන්න. අපිට පුළුවන් වුණා සල්ලි නැතුව විෂුවල් මීඩියම් එක ගැන හිතන්න. අපිට පුළුවන් වුණා ලක්ෂ 3න් වෘත්තාන්ත චිත‍්‍රපටියක් හදන්න.
කෝ ඉතිං හරි ගියාද?

වැරදුණා. ඒත් හරි ගියා.
ප‍්‍රධාන ධාරාවෙ ලක්ෂ 100ට එහා යන හීනෙ කුඩු පට්ටම් වෙන්න ගත්තා. ප‍්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂවරුන්ට ආයිමත් හිතන්න වුණා. ඩිජිටල් කැමරා අරගෙන අතේ තියෙන ගාණට ලියැවෙච්ච චිත‍්‍රපටි එක දිගට හැදෙන්න පටන් ගත්තා. සංජීව පුෂ්පකුමාර ලක්ෂ 25ට කරපු චිත‍්‍රපටියත් අරගෙන රොටර්ඩෑම් ගියා. අවුරුදු කීපයක් ඇතුලත ලංකාවෙ සිනමාව වෙනස් වුණා. රටේ සිනමාව ගැන තිබුණු හැම කියවීමක්ම අවලංගු වෙන්න පටන් ගත්තා. මේ වෙනස කියවා ගන්න බැරි අය තාම නූතනවාදී දැනුම් කෑලි වලින් මේ අලූත් සිනමාව ප‍්‍රශ්න කරන්න බැරි බැරි ගාතෙ ද`ගලනවා. ඒත් ‘වෙනස’ ඒ හැම කෙනෙක්ම පරණ කරගෙන අධිවේගයෙන් අලූත් වෙනවා.

ලංකාවෙ අලූත් සිනමාකරුවන් බිහිවෙනවා. පරණ අයට යන්න වෙනවා. ඩිජිටල් සිනමාවෙ ගතිකයන් එක්ක මුහුවෙන්න ඒ අයගේ මතවාද ඇන්ටික් වැඩියි.
හැමෝටම තමන්ගෙ චිත‍්‍රපටියක් තියෙනවා කරන්න. ඒ හැම ජීවිතේකටම සිනමාවක් තියෙනවා. චිත‍්‍රපටියක් ගැන තිබුණු ඩිරෙක්ටර්, එඩිටර්, ඞී ඕපී වගේ පුද්ගල ආකෘති වලින් එලියට ආවට පස්සෙ සාමූහික හුවමාරුවක් ඇතුලෙ චිත‍්‍රපටියක් හැදෙන එක වේගවත්. ඒක සෞන්දර්යාත්මකයි. අනික මාර්කට් එකේ සීමා නොතකා යන්න පුළුවන්. එහෙම චිත‍්‍රපටි හැදෙන කණ්ඩායම් එක්ක වැඩ කරද්දියි ලංකාවෙ මෙච්චර කල් අපි මාරයි කියපු සිනමා කෘති ඇතුලෙ තියෙන මැටි කම දැනෙන්නෙ. බෙදා හදා ගැනීම සහ එකිනෙකා තුල දියවීම කියන කාරණා චිත‍්‍රපටිය කියන මාර්කට් වටිනාකමට වඩා හු`ගක් වැඩියි. ආශ්වාදනීයයි. ඒ වගේම ප‍්‍රතිඵලදායකයි. උදාහරණයක් විදිහට ‘ආදරයේ අංශුමාත‍්‍රයක්’ චිත‍්‍රපටියෙ රෝස මල් උඩ වැතිර ඉන්නා ‘ඞී’ ගේ දර්ශනය අපිට තිබ්බ දර්ශන තලයෙ ඉඩ මදිකමත් එක්ක කැමරාවට ගන්නම බැරි වුණා. ඒ වෙලාවෙ කැමරා උපකරණ බාරව හිටපු ස්ටැන්ලි ඒ සීන් එක හිතුවටත් වඩා ගොඩ දැම්මා. ඒක සෙට් එකක් ඇතුලෙ අපි අපේ චිත‍්‍රපටිය ගැන හුවමාරු කරගත් හැ`ගීමක ප‍්‍රතිඵලය.

අපි හැමෝටම අපේ චිත‍්‍රපටිය කරන්න පුළුවන්. ඒක ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල තාක්‍ෂණය විසින් අපිට අත්කර දුන් නිදහසක් මිස මහා පරාක‍්‍රමබාහු ගෙනැත් දුන් එකක් නෙවෙයි. අපේ රටේ පාලකයො වගේම කලාකරුවොත් පුළුවන් තරම් බලන්නෙ ඒ නිදහස අත්හිටුවන්න. ආණ්ඩුව ඉන්ටර්නෙට් පාලනය කරන්න හදද්දි අපේ ප‍්‍රවීණ සිනමාකරුවො ඩිජිටල් කරාට පෙන්නන්නෙ කොහොමද කියලා අපෙන් අහනවා. (ඇල්ලූවට හපන්න පුළුවන්ද?*

අපි අපේ සිනමාව පෙන්නන්නෙ කොහොමද? අපි හිර වෙන තැන් ගොඩක් එනවා. එකක් අපේ චිත‍්‍රපටි වල අන්තර්ගතය මහින්ද චින්තනයට සහ ඒ ප‍්‍රදර්ශන මණ්ඩලවල චිත්තනය එක`ගද කියන එක. මහින්ද චින්තනයට එක`ග නම් වැඬේ කොහොමත් ලේසියි. ජනාධිපති මන්දිරයට ගිහින් චිත‍්‍රපටිය එතුමාට පිළිගන්නලා එතුමාගේ යාලූවො හෝ කියන ආයතනේකින් හොඳ ගාණකට ෆිල්ම් එක විකුණ ගන්න විතරක් නෙමෙයි එක දවසකින් මහා සිනමාකරුවෙක් බිහිකිරීම දක්වා වූ මහා මාධ්‍ය අනුග‍්‍රහයක් ලබන්නත් පුළුවන්. රජය චිත‍්‍රපට කර්මාන්තය ගොඩ දාන්නෙ ඒ විදිහට. මණ්ඩල වල චිනතනයට අනුව චිත‍්‍රපටිය තියෙනවා නම් අපිට පුළුවන් ඒ අයගෙන් ෆිල්ම් හෝල් වල පෙන්නන්න නෙගටිව් ගහන සල්ලි ඉල්ලගෙන රිදී තිරය දක්වා වැඬේ ගෙනැල්ලා ඒ ගොල්ලො දෙන ගාණක් අරං නිකං ඉන්න. මේ දෙකටම අයිති නැති වුණත් කාන්ස්, වෙනිස් වගේ නම් දරපු සිනමා උළෙල වල චින්තනයට එක`ග නම් ඒවා මේ සිනමා උළෙල වලදී විකුණගෙන අන්තර් ජාතික සිනමාකරුවෙක් වෙන්නත් පුළුවන්. බාධාව ඇත්තටම එන්නෙ ඒ ගසත් නොවෙන, මේ ගසත් නොවෙන වෙනත් ගස් වලටයි.
අපේ චිත‍්‍රපටි වලටයි. නෙගටිව් එකක් දක්වා ගේන වැඩපිලිවෙල පවා චිත‍්‍රපටිය හදන්න ගිය වියදමට වඩා වැඩි වුණාම සහ චිත‍්‍රපටය ඞීවීඞී එකක් විදිහට ප‍්‍රදර්ශනය කරන්න පහසුකම් රටේ නැති වුණාම. එතනදි අපිට ඉතිරි වෙන්නෙ තවමත් අපේ රටේ හරියට ව්‍යාප්ත වී නැති අන්තර්ජාල සහ ඞීවීඞී ලෙස බෙදා හැරීමේ ක‍්‍රමය විතරයි. නමුත් ඒ දෙකම මේ රටේ තමන්ගෙ පිරිස් අතරෙ අත්දැකීමක් බෙදා ගන්න චිත‍්‍රපටියක් කරන චිත‍්‍රපටකරුවෙක් තෘප්තිමත් කරන්නේ නෑ.

විකල්ප ප‍්‍රදර්ශන ක‍්‍රමයක්.

චිත‍්‍රපට ප‍්‍රදර්ශනයේ පවා පවතින අකෘතියෙන් එලියට හිතන්න අපිට සිද්ද වෙනවා. නගරයෙන් නගරයට අපේ සංවිධානය වීමක් යටතේ චිත‍්‍රපට මුදා හරින ආකාරයක් අපිට නිර්මාණය කර ගන්න වෙනවා. චිත‍්‍රපටය නිෂ්පාදනයේ දී වගේම එය පේ‍්‍රක්‍ෂකයා වෙත ළ`ගා වීම දක්වා හැමදෙයක්ම සැලසුම් කිරීමේ අභියෝගයක් අපි ඉදිරියේ තියෙනවා.
ඒ අභියෝගය වෙනුවෙන් විකල්පයක් විශ්වාස කරන සහ ඒ විකල්පය වෙනුවෙන් ජීවත් වෙන සහෝදර කණ්ඩායම් අවශ්‍යයි. පලාතෙන් පලාතට වේදිකා නාට්‍යයක් සංවිධානය කරන්නා බඳුව නගර ශාලා වල, එලිමහන් තැනිතලා වල රාත‍්‍රී දර්ශන හැටියට, කොහේ හෝ පිරිසක් එක් කරගෙන නරඹන අත්දැකීමක් සංවිධානය කළ හැකි පිරිස් එකතු වීමක් අවශ්‍යයි. මේ විකල්ප ප‍්‍රදර්ශන ප‍්‍රවේශය තවදුරටත් අහම්බයක් නෙමෙයි. ඒක අනිවාර්යක්.

ප‍්‍රධාන ධාරවෙ චිත‍්‍රපටශාලා වල පේ‍්‍රක්‍ෂාගාරය ශීග‍්‍රයෙන් හිස්වෙමින් යනවා. චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනයෙන් ඒකෙ වියදම වත් පියවා ගන්න තරම් පේ‍්‍රක්‍ෂක පිරිසක් ඉතිරි වී නෑ. මාධ්‍යයක් විදිහට චිත‍්‍රපටය එයින් මිනිස්සු අත්විඳි තෘප්තිය අතර සම්බන්ධය ගිලිහෙන්න අරගෙන. විනෝදය සඳහා චිත‍්‍රපටි උදයාකාන්ත මට්ටමින් වත් ඉතිරි වෙලා (දැන් ඒකත් නිෂ්පාදකයම කර ගන්නවා* ප‍්‍රමෝදය සඳහා තිබුණු චිත‍්‍රපටි අතුරුදන් වෙමින් යනවා. ඒකට හේතුව ටීවී හෝ හෝම් තියටර් නෙවෙයි. මෙගා ටෙලියකින් දෙන රසය වත් ස්පර්ශ කරන්නට අපේ ප‍්‍රවීනයන්ට බැරි කම. ඒ අය යුරෝපියානු සම්භාව්‍ය සිනමාවෙ මනෝ විශ්ලේෂණය හෝ යුද්ධයේ ලිංගික ප‍්‍රහර්ෂය වගේ දේවල් පස්සෙ යද්දි පේ‍්‍රක්‍ෂකයො චිත‍්‍රපටි නොබලා ගෙදර යනවා. පස්සෙ ඒ ගොල්ලො ළමා චිත‍්‍රපටි කරනවා.

ලංකාවෙ සිනමාවට නැවත පේ‍්‍රක්‍ෂාගාරයක් ගොඩනැගිය යුතුව තිබෙනවා. පේ‍්‍රක්‍ෂකයා සහ කෘතිය අතර සම්බන්ධය, ප‍්‍රමෝදය අයිමත් හඳුන්වා දිය යුතුව තිබෙනවා. ඒකට අලූත් සිනමාවක් වගේම අලූත් ප‍්‍රදර්ශන මාදිලියකුත් ඕන කරනවා. අද ලංකාවෙ චිත‍්‍රපටි දුවන්නෙ මණ්ඩල දෙකයි. ඊඒපී එක පවුලේ සහ ළමා විතරයි. ඉතුරු ඔක්කොම පොර කන්නෙ සීඊඑල් එකට. රිද්ම මණ්ඩලය හාන්සියි. මේ කොයිකෙ වුණත් බලන්න සෙන`ග නෑ.

ඩිජිටල් කැමරාවක් අරං යාලූවො කීපෙ දෙනක් එකතු කරං කරන තමන්ගේ පුද්ගලික සිනමාව මිනිස්සු ළ`ගට ගෙනියන්න මේ ආකෘතියෙ ඉඩක් නෑ. මිනිස්සු ඒක බලන්න එනකල් නොඉඳ මිනිස්සු ඉන්න තැන දක්වා යන්න මේ මොහොතේ විකල්ප සිනමාකරුවා නිහතමානී වෙන්න ඕන. ඒ වගේම ඒ සිනමාව විශ්වාස කරන අය මේ වෙනුවෙන් එකතු වෙන්නත් ඕන.

අපිට පුළුවන් නම් නගරයෙන් නගරයට ප‍්‍රදර්ශන සංවිධානය කරන්න, ඒ ප‍්‍රදර්ශන ගැන කතිකා සහ සංවාද මතු කරමින් මිනිස්සුන්ට කතා කරන්න, තැනින් තැනට යන ඇත්ත සිනමා ප‍්‍රදර්ශනයක් ගැන උණුහුම් සිහිනය සැබෑ වේවි. ආයිමත් මේ පොලොවෙ දෙයක් වැඩ කරනවා කියන එක අපිට දැනෙන්න ගනීවි. ඒ හුස්ම වෙනුවෙනුයි මේ සටහන.

ඉන්න පළාතෙ අලූත් චිත‍්‍රපටයක් වෙනුවෙන් අවකාශයක් නිර්මාණය කරන්න පුළුවන් අය ලියන්න. (vyadhadeva@gmail.com) අපි අලූත් සිනමාවක් වෙනුවෙන් එකතු වෙමු. අපි හැමෝගෙම චිත‍්‍රපටි හැදෙන්න පුළුවන්, පෙන්නන්න පුළුවන් අලූත් ඉඩක් හදා ගන්න නිර්මාණශීලී වෙමු. දැන් පටන් ගන්න කාලෙ හරි.
කෝ හරි ගියාද? ආයිමත් ඉතුරු කට්ටිය දුක්මුසුව අහවි.
වැරදුනා. ඒත් හු`ගක් දේවල් හරි ගියා. අපිට හිනාවෙවී කියන්න පුළුවන් වේවි.
javascript:void(0)

-චින්තන ධර්මදාස
Guerilla Filmmakers වෙනුවෙන්.

No comments:

Post a Comment