Thursday, May 5, 2011

පුළුවන් නම් දාන්න.(ලියුම්කරුගේ හෙඩිම); රැවුල ගිනි ගනිද්දි සුරුට්ටු දැල්වීම (මගේ හෙඩිම)


පත්තරේට යවන්නෙ නැතුව මේක gmail එකට කෙලින්ම එව්වෙ අතරමැද මාධ්‍යකින් කියනවට කෙලින් මූණට කියන්න මම කැමති හින්ද. තුෂාර පෙරේරා කියන නමින් ලියන්නෙ ඔයා (චින්තන ධර්මදාස* කියල දීප්ති ෆේස් බුක් එකේ කියලා තිබුණ. (සේනක මරික්කාර් එයාගෙ ෆේස්බුක් නම* හඳයා ගැන ඔයා ලියපු ලිපිය අවුල්. ලංකාවෙ සිනමාව එක්ක දේශපාලන ගණුදෙනුවක් කරපු, සමහර තැන් වලදි තමන්ගෙ ජීවිතය පවා ඒ නිසා අවුලට දා ගත්තු හඳගමගෙ සිනමාව ගැන ඔහොම ප‍්‍රශ්න කරන්න චින්තන ධර්මදාස කියන්නෙ කවුද? ඔයාගෙ පුද්ගලික ජීවිතේ ගැන හු`ගක් දේවල් ‘මම’ දන්නවා. ඔයා දේශනා කරගෙන යන සිනමාව ගැන ප‍්‍රලාප පිටිපස්සෙ තියෙන්නෙ ඒ ජීවිතේ අවුල. හඳගම ගැන අතිශය පුද්ගලික දේවල් චිත‍්‍රපටිය හරහා ප‍්‍රශ්න කරන්න ඔයාට පුළුවන් නම් ඔයාගෙ ජීවිතේ ගැනත් ඔයාගෙ සිනමාව හරහා ප‍්‍රශ්න කරන්න අනිත් අයට පුළුවන්.
1. ඔයාගෙ ලිංගික ජීවිතේ අවුල නෙමෙයිද ඔයා හැම චිත‍්‍රපටියක් ඇතුලටම ගේන්නෙ? හඳගමගෙ ලිංගික ජීවිතේ අවුලක් නෑ. එයාට අවුල තියෙන්නෙ දේශපාලනික, සමාජීය ජීවිතේ ඇතුලෙ. ඔයා සිනමාව කියන්නෙ ඔයාගෙ පුද්ගලික නෂ්ටකාමයක් උත්කර්ෂයට නංවන එකට. චිත‍්‍රපටි එකින් එක අරගෙන ඔයාගෙ අවුල් වුණු පේ‍්‍රම සම්බන්ධතා එක්ක තුලනාත්මකව බැලූවොත් මම කියන තර්කෙ ඔයාට වැදගත් වේවි.

2. හැම තැනම පරාරෝපණයක් ගැන කතා කරන ඔයාගෙ ජීවිතේ කොයි තරම් පරාරෝපිතද? ඇඞ්වටයිසින් කොම්පැණියක කුලියට තෙල් බෙහෙත් විකුණන ඔයා හඳගමගෙ පරාරෝපණයක් ගැන කතා කරන එක විහිළුවක් වගේ නැද්ද? මම මේක කියන්නෙ ඔයා වහාම නැවත හැරිලා ඔයා දිහාම බලන්න ඕන නිසා.

3. හඳගමගෙ දුර්වල නිර්මාණයක් විදිහට මාත් සළකන විදු වුණත් ඔයා කරපු හව් අයි වොන්ඩර් කියන විකාර රූපි චිත‍්‍රපටියකට වඩා හොඳ නැද්ද? කිසිම සමාජ දේශපාලනික අවබෝධයකින් තොරව කරපු චිත‍්‍රපටයක් හව් අයි වොන්ඩර් කියන්නෙ. කවුද එහෙම චිත‍්‍රපටියක් බලන්න එන්නෙ? කොහෙද එහෙම එකක් පෙන්නන්නෙ? මොකටද එහෙම එකක් කරන්නෙ? සම්පූර්ණ අතාර්කික පෙන්න ගන්න බැරි චිත‍්‍රපටි කරපු අය හඳගම වගේ අයට කරන්න ඕන විදිහ කියන එක ජෝක් එකක්.

මේ චිත‍්‍රපටි කෙරුවාව අලූත් ආරම්භයක්, අලූත් කියවීමක් වගේ ගොඩක් නම් වලින් එක එක අය කතා වෙනවා. මම කියන්නෙ එහෙම දෙයක් වුණේ නෑ. ඒක කෙටි චිත‍්‍රපටියක් වගේ වැඩකට වඩා ලොකු නෑ. සිනමාව කියන්නෙ සංස්කෘතියක්. ඒක ගමන් කරන්නෙ රටක මහා සංස්කෘතියත් එක්ක ගණුදෙනුවක් කරමින්. අන්ඩර්ග‍්‍රවුන්ඞ් සිනමා න්‍යායන්ගෙන් රටක මහා සිනමාව කියවන්න බෑ චින්තන. හඳගම වගේ චිත‍්‍රපටිකරුවෙක්ට බෑ කෙටි චිත‍්‍රපටිකාරයෙක් වගේ වැඩ කරන්න. සිනමාකරුවෙක් විදිහට හඳයා හොඳ උත්සාහයක් දරලා තියෙනවා මහා සමාජය එක්ක යම් හෝ සංවාදයකට යන්න. ජෝන්ද සිල්වා එකේ පෙන්නන වේදිකා නාට්‍ය වල තත්වයට සිනමාව ගෙනියන්නෙ නැතුව ඒක ලොකු පේ‍්‍රක්‍ෂාගාරයක් එක්ක කරන සංවාදයක් කියන සිතීමෙන් හඳයා කරපු විදු මට අනුව නම් අගය කළ යුතුයි.

මගේ සිනමාව කියන්නෙ ශාලාවෙ අසුන් ප‍්‍රමාණයයි- ඇල්ෆ‍්‍රඞ් හිච්කොක්

ඔයාගෙ පිටුවෙම කලින් තුෂාර පෙරේරා කියන නමින් කසුන්, කපුගේ විතරක් නෙමෙයි අමරදේව මාස්ටර්වත් දෙකේ කොලේට දාලා කතා කරලා තිබුණ. මේ දේවල් ගැන තියුණු විදිහට සංවාදයක් ගොඩ නැගෙන්නෙ නැත්තෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. සංගීතය මගේ විෂය නොවන නිසා සහ මම ඔයා වගේ නොදන්නා විෂයන් ගැන කතා නොකරන නිසා ඒ ගැන ශාස්ත‍්‍රීය කාරණා වලට යන්නෙ නෑ. ඒත් ඔයා මතු කරන තර්ක පිටිපස්සෙ තිබුණෙ ‘කංසා සිතුවිල්ලක්’ විතරයි කියන එකයි මගේ අදහස. භාෂාත්මකව, සමාජීයව, දේශපාලනිකව කරුණු ගෙන එමින් සාකච්ඡුා කරන්න වෙන කාරණා ඕපා¥ප විදිහට සමාජගත කරන එක බරපතලයි. ං එක කලින් ඕක කළා. ලංකාවෙ මොකක් හරි දෙයක් කරපු සහ කරමින් ඉන්න හැමෝටම පුද්ගලික සුළු දේවල් වලින් ගහන්න පටන් ගත්තෙ ඒ ගොල්ලො. ඔයාලා වගේ චරිත හැදුනෙ එතනින්. විධිමත් ශාස්ත‍්‍රීය පර්යේෂන හරහා ඇකඩමික් සංවාද තලයට ගන්න අවශ්‍ය කරුණු උප්පැන්නෙ නම වගේ දේවල් ඇදගෙන පේමන්ට් එකේ කතා කරන එක හු`ගක් කැතයි. හැම කෙනෙක්ම තමන්ගේ නිර්මාණයක් ඇතුලෙ යම් හෝ දෙයක් කරන්න වෑයම් කරනවා. මිලියන ගාණක් වියදම් කරමින් වාණිජම පරමාර්ථ ඇතුව කරන ‘සුපර් සික්ස්’ චිත‍්‍රපටිය වුනත් කරන්න ඒ අධ්‍යක්‍ෂවරයාට හිතෙන්නෙ චිත‍්‍රපටි ගැන තියෙන කිතියක් එක්ක. ඒ දේවල් විවේචනය සිද්ද වෙන්නෙ ඊට වඩා පහත් චේතනාවක් එක්ක. සාධනීයව නිර්මාණකරුට යම් මානසික හෝ උදව්වක් නොදෙන විචාරකයන් කරන්නෙ ඒ අසීරුවෙන් බොහෝ දේ කැප කරමින් කළ නිර්මාණය දෙකේ කොලේට දමමින් තමන්ගෙ ‘කලා නිල බලයක්’ තහවුරු කර ගන්න එක. විශේෂයෙන්ම ඔයා ලියන විචාර වලින් නිර්මාණයක් ගොඩනැගෙන්න කෙරෙන උදව්වක් නෑ. ඒ වෙනුවට ඔයාම නිතර කියන ‘ කුහකකම’ වගේ දෙයක් ඒ වචන වලින් එලියට ගලනවා. ඒක බෝවෙනවා.

දීප්ති කාලෙකට පස්සෙ ජයවර්ධන කේන්ද්‍රයෙ තිබ්බ රැුස්වීමකදි කිව්වා ඔයා වගේ අය බිහිවීම ගැන හඳගම වග කියන්න ඕන කියල. ඒක ඇත්තක්. (චින්තන මුලින් කරපු ‘ඉක්බිති ඔහුට නින්ද ගියේය’ කියන කෙටි චිත‍්‍රපටිය ජාතික චිත‍්‍රපටි සංස්ථාවේදි ‘හොඳ’ නිර්මාණයක් විදිහට තෝරා ගත්තේ එතන විනිශ්චය මණ්ඩලයේ හිටපු අශෝක හඳගමයි. ඒ වෙනුවෙන් එයාට ගොඩක් පෙනී ඉන්නත් වුණා. චින්තන පෝලන්තෙ චිත‍්‍රපටි ඉගෙන ගන්න ගියෙත්, චිත‍්‍රපටිකාරයෙක් කියන ස්ටිකර් එක අලව ගත්තෙත් එදා හඳගම අතින් වුණු ඒ අත්වැරැුද්දට පිං සිද්ද වෙන්න* සිනමාවට ඔයා වගේ අයගෙන් වෙන්නෙ උදව්වකට වඩා හානියක්. සිනමාව කියන මාධ්‍යය මහා සංස්කෘතිය එක්ක ගැටගැහිලා තියෙන වටිනාකම් පද්ධතිය විනාස කරන එකයි ඔයාගෙ මතවාද හා ලිවීම් හරහා කෙරෙන්නෙ. ඔයගොල්ලො යෝජනා කරන සිනමාව කියන්නෙ හුදකලා වෙච්ච, මානසිකව රෝගී, හරිම බාල විදිහට නිෂ්පාදනය කරපු චිත‍්‍රපටි වලට. ඒ චිත‍්‍රපටි දක්වා ගමන් කරන්න කියලා අනෙක් කෘති සහ ඒවා කරන මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිත මේ විදිහට විවේචනය කරන එක තක්කඩිකමක්. මට සිනමාව එක්ක තියෙන්නෙ පේ‍්‍රක්‍ෂක ගනුදෙනුවක් විතරයි. චිත‍්‍රපටියක් අධ්‍යක්‍ෂණය කරන කෙනෙකුට, නිෂ්පාදනය නැත්නම් කැමරා කරන කෙනෙකුට ඒ සම්ප‍්‍රදාය ඇතුලෙ ආරක්‍ෂා කරන්න අවශ්‍ය වටිනාකම් පද්ධතියක් තියෙනවා. ඒවා කාලයක් තිස්සෙ අමාරුවෙන් ගොඩනැගුන දේවල්. තමන්ගෙ ජීවිතේ වටිනාකම් පද්ධතියක් (සංස්කෘතියක්* ගොඩනගා ගන්න බැරි වුණ ඔයා වගේ අය අනුන්ගෙ ජීවිත වලත්, සංස්කෘතියෙත් ඒ වටිනාකම් ඉවර කරන්න ද`ගලන එක සාමාන්‍යයි. අදහස් විදිහට ඒ දේවල් කියවන්න හෝ දරා ගන්න පුළුවන් වුණාට ත‍්‍රස්තවාදියෙක් වගේ අනුන්ගෙ ජීවිත සහ වැඩ මැද්දට පැනලා පාදඩ විදිහට ඒවායෙ පහරන්න ගන්න එක ඉවසිය යුතු නෑ. ඒකෙන් ඔයා වගේ තවත් රස්තියාදුකාරයො ගොඩක් මේ තක්කඩිකම කරන්න ගන්නවා. පස්සෙ ඒකට සිනමාව හරි වෙන මොකක් හරි කලාවක බෝඞ් එකක් ගහගන්නවා. මිනිහෙක්ගෙ ජීවිතය විචාරයක් හරි වෙන නැවත කියවන භාෂාවක හරි මනින්නෙ ඒ ජීවිතේ අනිත් ජීවිත අතර කරගෙන යන ගනුදෙනුව ගැන සමාජ කියවීමකින්. කසිප්පු පොලක මිනිස්සුන්ගෙ එකමුතුවකට අපි දේශපාලන අගයක් දෙන්නෙ නෑ. ඒ සංවාද අපිට වැඩක් වෙන්නෙත් නෑ.
ඒක නිසා විවේචනයකදි ශාස්ත‍්‍රීය වෙන්න. සමාජ වටිනාකම් කියන ඒවා තියෙන්නෙ ගංජා ගහපු වෙලාවට බෝල ගහන්න නෙමෙයි.
ඔයා හැමතිස්සෙම කියන අදහසක් අනුව ගත්තොත්,
සිනමාවට ගේන්න ඔයාට තියෙන ජීවිතේ මොකක්ද?
සමාජයක් ඇතුලෙ සංකීර්ණ වැඩක් කරන කෙනෙක්ව ගණිකාවක් වගේ ප‍්‍රශ්න කරන්න ඔයාට තියෙන සදාචාරය මොකක්ද?

-විකුම්ප‍්‍රිය මුණසිංහ

(vyadhadeva@gmail.com විද්‍යුත් තැපෑලට එවා තිබූ මේ ලිපිය වචනයකුදු, කොමාවක් හෝ නැවතීමකුදු වෙනස් නොකර පල කර ඇත. කලකට ඉහත ජයන්ත චන්ද්‍රසිරි ‘ඔත්තුකාරයා’ නම් නාට්‍යයේ කියන දෙබසක් මට මතක් වේ. ‘ඝෝෂාව මධ්‍යයේ නිදන මිනිසුන් නිෂ්ශබ්දතාවය විසින් පුබුදුවනු ලබයි’. ලියුම්කරුවාට තුති *

No comments:

Post a Comment