Thursday, May 5, 2011

සිනමාව නිරුවත් කිරීම.


දෙවෙනි වතාවට ෆෙස්ටන් චිත‍්‍රපටිය බලද්දි දැණුනු තිගැස්ම නිසා ඩොග්මෙ 95 ගැන ලියන්න මූඞ් එකක් ආවා. ෆෙස්ටන් කරන්නෙ තෝමස් වින්ටර්බ්ර්ග්. එයා ලාස් වොන් ටි‍්‍රයර් එක්ක එකතු වෙලා නිරුවත් සිනමාව අත්විඳීමේ ආසාවෙන් නිර්මාණය කරනවා අලූත් සිනමා සම්ප‍්‍රදායක්. (ඒ වගේ අමාරු හැදෙන්නෙ ඒ මහද්වීපවල ජීවත් වන මිනිස්සුන්ට විතරයි. ¥පත් වල අයට හැදෙන්නෙ රන්මිණිතැන්න හදනවා වගේ අමාරු*
ඩොග්මෙ 95 පටන් ගන්නෙ පැරීසියේ ලෝකෙ දැවැන්ත සිනමාකරුවො චලන චිත‍්‍රයෙ පලවෙනි ශතවර්ෂය සමරන්න රැුස්වෙලා ඉඳිද්දි. ලාස් වොන් ටි‍්‍රයර් ට ආරාධනයක් තිබුණ සිනමාවෙ ඉදිරි අනාගතය ගැන කතාවක් කරන්න. ඒ වෙනුවට එයා ඇවිත් හිටපු අයට ඩොග්මෙ 95 ‘පවිත‍්‍රත්වයේ ප‍්‍රතිඥාව’ ලියපු රතු කොලයක් බෙදාගෙන යනවා. ඩොග්මෙ ගැන විවේචන එද්දි වින්ටර්බර්ග් සහ වොන් ටි‍්‍රයර් කියනවා,
‘ අපිට අන්තගාමී දෙයක් තමයි ඕනි. ලොකු බජට් වල බිස්නස් එකක් විතරක් වේගෙන යන කොට අපි තීරණය කළා පුළුවන් තරමක් හරි දේවල් බැලන්ස් කරන්න’

වොන් ටි‍්‍රයර් ට සහ වින්ටර්බර්ග් ට ඕන වුණේ චිත‍්‍රපටයක අධ්‍යක්‍ෂණය එහි විශේෂ ප‍්‍ර‍්‍රයෝග, සංගීතය හෝ චිත‍්‍රපටියෙ සාරයට සම්බන්ධ නැති වෙනයම් දෙයක් වෙනුවෙන් කරන වෙහෙසීම චිත‍්‍රපටයෙ සාරයට කේන්ද්‍රගත කරන්න. කතාව සහ නළු නිළියන් සමග වැඩකිරීම සිනමාවෙ මූලික හරය කියන එක ආයිමත් තහවුරු කරන්න.

‘එහෙම වුණාම පේ‍්‍රක්‍ෂකයො වුණත් ඔවුන්ව කතාවෙන් පරාරෝපණය කරන අධිනිෂ්පාදන තත්ව නිසා පීඩනයට පත් නොවීමේ නිදහස විඳීවි’ -

මෙතනින් මම වෙන කතාවකට මාරු වෙනවා. මේක කෙලින්ම කරගෙන යන කතාවට අදාල නොවුණත් වෙන වදිහකින් අදාලයි. මට ළ`ගදි බලන්න හම්බුණා විශ්ව විද්‍යාලවල කට්ටිය කරපු කෙටි චිත‍්‍රපටි. සාමාන්‍යයෙන් එලියෙ හැදෙන කෙටි චිත‍්‍රපටි වලට සාපේක්‍ෂව ඒවා තියෙන්නෙ හිතා ගන්න බැරි තරම් පහල මට්ටමක. වඩාත් අවදානම්කාරී දේ ඒ ගොල්ලන්ට හිතන්න බෑ කියන එක හොඳටම පෙනීම සහ ඔවුන් සිනමාකරුවන් වෙන්න උත්සාහ කරන එක. ඔවුන්ට සිනමාව කියන්නෙ ඔවුන්ගෙ ඇත්ත ජීවිතෙන් හු`ගක් පරාරෝපිත තත්වයක්. ඔවුන්ට දෙයක් රූපමය ලෙස දැකීමේ හැකියාව නිල්. මම මේ කියන්නෙ චිත‍්‍රපට කීපයක අත්දැකීම් වලින් විතරක් නෙමෙයි. ටම් වෙද්දි පොදුවේ හැම විශ්ව විද්‍යාලයකම නිර්මාණශීලීත්වය එලියෙ සමාජයට සාපේක්‍ෂව අතිශය නොදියුණුයි. මෑතක කීප වතාවක්ම මට මේ ඇත්ත නැවත නැවත මුණ ගැහුනා. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ ඉඳන් ශිෂ්‍යයන් දක්වාම මේ බංකොලොත්කම එලියට එනවා. මෑතක අයිනෙස්කෝ ගේ නාට්‍යයක් විශ්ව විද්‍යාල ආශ‍්‍රිත චරිතයක් විසින් පරිවර්තනය කොට වේදිකාවට ගෙනෙන ලදුව මම ගියා බලන්න. ඒක බලන් ඉන්න බෑ. විකාරයි. ඊට පස්සෙ බෝනිකි ගෙදර. කටෙ තියන්න බෑ. මේකට ප‍්‍රධානම හේතුව විදිහට මට පේන්නේ අදේශපාලනික බව. පේ‍්‍රක්‍ෂකයො හෝ පාඨකයො හෝ ඇත්තට ඉන්න තැන ගැනවත්, රටේ සමස්ත ප5වාහය ගමන් කරන දිශාව ගැනවත් ඔවුන්ට දැනුවත් කමක් නෑ. දැනුම අදාල සමාජ පරිසරය අනුව සකස් කර ගැනීම ගැන කිසිම හැකියාවක් නෑ. මට අනුව නිර්මාණශීලීත්වය කියන්නෙම ඒකට. විශ්ව වද්‍යාල ආචාර්යවරුන් දැන් නිර්මාණ කියල කරන්නෙ කෞතුක සම්ප‍්‍රදායන් පවත්වාගෙන යන එක. ඒ ගොල්ලොන්ට අනුව ශාස්ත‍්‍රිය නැත්තං ඇකඩමික් කියන්නෙ ඒකට. මේ දේවල් මේ විදිහට පවතින පද්ධතියක සහ ඒකටම ගැලපෙන නිර්මාණශීලීත්වයට එරෙහි රාජ්‍ය ප‍්‍රතිපදාවකදි නිර්මාණ කියල බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ විදිහෙ පාවෙන බැලූම් විතරයි.

ඒක හින්ද කැම්පස් වල ළමයි කරන චිත‍්‍රපටි තාම ලංකාවෙ ෆිල්ම් පටන් ගත්ත කාලෙ වගේ. ඔවුන්ට බියර් යනු නරක චරිත පෙන්වන්නට සංකේතයක්. ඔවුන්ට කියන්න ඇත්තේ ද ලක්ෂවාරයක් නැවත නැවත ජප කරපු අත්දැකීම් විතරයි. ඒවත් හරියකට ඉදිරිපත් කරන හැටියක් දන්නේ නෑ. කොටින්ම ඒ ගොල්ලො චිත‍්‍රපටි බලන්නෙ නෑ.

කොහොමත් මේ මොහොතෙ ලංකාවෙ සිනමාව කියල කියන්න දෙයක් නෑ. තියෙන්නෙ ජාති දෙකයි. එකක් අඩු වියදමෙන් කරන ටෙලි නාට්‍ය. අනික වැඩි වියදමෙන් කරන ටෙලි නාට්‍ය. තර්කොව්ස්කි ගැන කතා කරලා අපි රෝයිද සිල්වා වගේ චිත‍්‍රපටි හදනවා.

සමස්තයක් හැටියට සිතීම කියන එක අත්හරිමින් ඉන්න පොදු හේතුව පැත්තකින් තිබ්බොත් සිනමාව ගැන මේ තරම් අවුලක් එන්න හේතුව අපිට සිනමාවක් නැති කම. අපි සිනමා භාෂාව කියවන්න දන්න රටක් නෙමෙයි. සිනමාවෙ භාෂාව මෙගා ටෙලි භාෂාවට වඩා වෙනස්. ඒක කැමරා කෝණවත්, සංගීතය වත්, පාට කරපු රූප වත් නෙමෙයි. ඒක සිනමාව කොයි තරම් දැනෙන තැනකට ගේන්න පුළුවන්ද කියන කාරණයත් එක්ක සම්බන්ධ දෙයක්. සිනමාවට කොයි තරම් අවංක වෙන්න පුළුවන්ද, සිනමාව කොයි තරම් ජීවිතේ කියවන භාෂාව කර ගන්න පුළුවන්ද කියන ප‍්‍රැක්ටිස් එකයි එතනදි බලපාන්නෙ. පිරිසිදු නැත්තං පාරිශුද්ධ සිනමාව ස්පර්ශ කිරීම කියලා ඩොග්මෙ 95 දි උත්සාහ කරන්නෙ එතනට එන්න. ආයිමත් ඉපදෙන්න.

ඩොග්මෙ 95 දස පණතක් උඩ පදනම් වුණා.

1. ඩොග්මෙ චිත‍්‍රපටියක් වෙන්න නම් චිත‍්‍රපටිය ඇත්ත ලොකේෂන් එකක (සෙට් එකක බෑ* රූප ගත කරන්න ඕන. ප්‍රොප්ස් ගේන්න බෑ. ප්‍රොප්ස් ඕනම නම් ඒ ප්‍රොප්ස් තියෙන ලෝකේෂන් එකක් හොයා ගන්න ඕන.

2. සංගීතය වෙනම එකතු කරන්න බෑ. එතනදි ඇත්තට ඇහෙන සංගීතය පමණයි.
3. කැමරාව හෑන්ඞ් හෙල්ඞ් වෙන්න ඕන. අතේ තියාගෙන ඕන වැඩක් දාන්න පුළුවන්.
4. චිත‍්‍රපටිය වර්ණ විය යුතුමයි. ස්වභාවික ආලෝකය හැර ආලෝකකරණය තහනම්. එලිය මදි නම් ඒ සීන් එක කපලා දාන්න හෝ එක ලාම්පුවක් පමණක් කැමරාවට ඈඳාගන්න ඉඩ දෙනවා.
5. කාචවලින් වැඩ දාන්න බෑ. ෆිල්ටර් පාවිච්චි කරන්න බෑ.
6. බොරු ඇක්ෂන් චිත‍්‍රපටි වෙන්න බෑ. ඇත්ත ජීවිතය උඩ පාදක වෙන්න ඕන.
7. චිත‍්‍රපටිය මෙතන මේ මොහොතේ වෙන්න ඕන. කතාව එහේ මෙහේ ගෙනියන්න බෑ.
8. ෂොනර චිත‍්‍රපට බාර ගන්නෙ නෑ.
9. චිත‍්‍රපටිය අවසානයේ වයිඞ් ස්ක‍්‍රීන් නොවන 4.3 නෙගටිව් වලට මාරු කළ යුතුයි.
10. චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂකගේ නම සඳහන් කරන්න බෑ.

සිනමාව කියන නිදහස් කලා භාවිතාවට මේ විදිහෙ තහංචි දැමීම ගැන (හිනා යන කතාව කියන්නෙ ලංකාවෙ චිත‍්‍රපටි කරන අයත් මෙහෙම කියනවා* වින්ටර්බර්ග් ලස්සන විස්තරයක් කරනවා.
‘ඩොග්මෙ 95 නීති වලට මම කැමති වෙන හේතුව ඩොග්මෙ ඉන්න අනිත් අයට වඩා වෙනස්. ඒවා ඇත්තටම හරි පුද්ගලිකයි. ඒවා පුද්ගලිකයි, මම විශ්වාස කරන කලාව හා සම්බන්ධයි. දේශපාලනිකයි. මට ඕන මේ මොහොතේ සිනමාව ඇතුලෙ වැඩකරන නිශ්චිත ධාරවන් කීපයකට විරුද්ධ වෙන්න හෝ ඒවා යම් තාක් දුරට පාලනය කරන්න. මට ඕන අපේ කාලයේ වඩාත්ම කොන්සවේටිව් කලා මාධ්‍ය වන සිනමාවෙ මේ මෝඩකමට සහ ගතානුගතිකත්වට විරුද්ධ වෙන්න. අනිත් අයගෙ විතරක් නෙමෙයි. මගේ සිනමාවෙ පවා මේ තත්වයන් තියෙනවා. චිත‍්‍රපටි හදන එක අවදානම් සහගත වැඩක්. ඩොග්මෙ 95න් මගේ බලාපොරොත්තුව සිනමාව නිරුවත් කිරීම. සැබෑ සිනමාව මුණ ගැසීම. හරි පුදුම විදිහට අපි නීති විදිහට දාපු දේවල් අපිට නිර්මාණ වලදි නිදහස ලබා දුන්නා. ඒක විමුක්ති මාර්ගයක් වගේ. ඒ නීති නිසා තවත් මගේ පරිකල්පනය තියුණු වෙන්න ගත්තා. චිත‍්‍රපටියට සංගීතය පාවිච්චි කරන එක තහනම් වුණාම, මේක මගේ ෆෙස්ටන් චිත‍්‍රපටියෙදි වුණා..මගේ චරිත එක්ව ගායනා කරන්න පටන් ගත්තා. ඒක සජීවී වුණා.
අනිත් හැම උපකරණයක්ම ඉවත් කරලා නිසා චිත‍්‍රපටිය ඇතෙුල මට හු`ගක් නිදහස දැණුනා. අන්තගාමී විදිහට නළු නිළියන් සහ කතාව ගැන වෙහෙසෙන්න මට පුළුවන් වුණා.
වෙන විදිහකට ගත්තොත් මේ හින්ද මෙච්චර කල් සල්ලි වලින් යට කරලා තලාගෙන හිටපු පිරිසක් ශක්තිමත් විදිහට ඉස්සරහට ආවා. ඒකෙන් පෙරමුණක් හැදුණා.
මම කොහොමත් පැටලිලි සහගත මිනිහෙක් සහ නීති රෙගුලාසි අනුගමනය කරන එක මට විනෝදයක් වගේ..’ - තෝමස් වින්ටර්බර්ග්

අපිට සිනමා භාෂාව ඉගෙන ගන්න නම් ආයිමත් මුලට එන්න වෙනවා. ලයිට්, ලෙන්ස් ගැන දැන ගත්තට සිනමාව අහුවෙන්නෙ නෑ. ඒකට ජීවිතේ පැත්තට කැමරාව අල්ලන්න ඉගෙන ගන්න ඕන. සිනමාව සමග සංසර්ගයේ යෙදෙන්න ඕන. ස්වයං වින්දනයේ යෙදුනට අහුවෙන දෙයක් නෑ.

-චින්තන ධර්මදාස.

No comments:

Post a Comment