Thursday, May 5, 2011

COINS SHORT FILM FESTIVAL


අපේ‍්‍රල් 8 සහ 9 දිනයන්හි
ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී

කාලෙකින් ආයෙමත් කෙටි චිත‍්‍රපට උළෙලක් ඇවිත්. හැම දෙයක්ම කඩාගෙන වැටිලා හැමෝම චිත‍්‍රපටි කියන හීනය අත් හරිමින්, පාවා දෙමින් නැත්තං අතරමං වෙමින් ඉන්න අතරෙදි ආයෙමත් කෙටි චිත‍්‍රපට උළෙලක් වෙන්න යනවා කියලා ඇහුවම මගේ ඇෙ`ග් හිරිගඩු පිපුණා.

කාලයක් තිස්සෙ ‘කෙටි චිත‍්‍රපටි නං එපා’ කියන ගානට කටේ තියන්න බැරි ගොඩක් කෙටි චිත‍්‍රපටි හැදෙන්න ගත්තා. ඒවා ටීවී එකක වගේ පෙන්නලා තේකක් එක්ක සිගරට් එකක් බීලා ඩිරෙක්ටර් කෙනෙක්ගේ ත‍්‍රිල මිනිමලිස්ට් විදිහට ගන්න විධි පවා හැදුනා. ඒත් ඒ කොතනවත් කෙටි චිත‍්‍රපටියක් හැදුනෙ නෑ.

ලංකාවෙ කෙටි චිත‍්‍රපටිකරුවන්ට තියෙන ප‍්‍රශ්න මොනවද කියලා මයික් එකකින් කියන්න හම්බ වුණු වෙලාවකදි මම කිව්වා,
පලවෙනි එක, ඒ ගොල්ලොන්ට කියන්න දෙයක් නෑ.
දෙවෙනි එක, ඒ ගොල්ලො කියන්න දන්නෙ නෑ. (තමන්ගෙ ජීවිතයට කැමරාව අල්ලලා ඒක චිත‍්‍රපට භාෂාව ඇතුලට ගේන්න ඒ ගැන දැනුමක් ඕන. ඒ දැනුම කියන්නෙ විනයක්*
තුන්වෙනි එක, එහෙම දන්නෙ නැති බව දන්නෙ නෑ. (තමන්ගෙ කෘතියක අඩුපාඩු තේරුම් ගන්න තරමට විෂයක් හැටියෙන් චිත‍්‍රපටි තේරුම් ගන්න බැරිකම*
ඒ විදිහට අලූතෙන් හැදෙන චිත‍්‍රපටි නන්නත්තාර වුණා. විනයක් නැති ගතියක් හැම දෙයක්ම පිස්සුවක් කරන්න ගත්තා. චිත‍්‍රපටි සහ මෙගා ටෙලි අතර වෙනස නොපෙනී යන්න ගත්තා.
කොයින්ස් සංවිධානය වෙන්න ගත්තෙ මේ හිස්තැන ඇතුලෙ. ඒ චිත‍්‍රපටි උළෙල සංවිධානය වීම පිටිපස්සෙ තිබුණු සිනමාව ගැනම වුණු පෙළඹවීම මට හීනි බලාපොරොත්තුවක් ඇති කළා. දේශපාලනික හෝ මතවාදිමය (විශ්ව විද්‍යාල ආශ‍්‍රිතව සහ දේශපාලන කල්ලි වලින් සංවිධානය වෙන* පටු තැනකට වඩා විවෘත පැහැදිළි අරමුණක උළෙල සංවිධානය වුණා. චිත‍්‍රපට හදාරන අයම ඒ අය වෙනුවෙන්ම සංවිධානය කරන අන්තර්ජාතික කෙටි චිත‍්‍රපට උළෙලක් කියන්නෙ සුන්දර අත්දැකීමක්. 2005 අවුරුද්දෙ අපි (මීට වඩා කුඩාවට* සංවිධානය කරපු කෙටි චිත‍්‍රපට උළෙල මට තාමත් පොලොවෙ තියලා හිතන්න බැරි හීනයක ගතවුණු දවස් කීපයක්.

හැම දෙයක්ම නතර වෙලා තියෙන මොහොතක කෙටි චිත‍්‍රපටි එකතු කරගෙන මේ විදිහෙ ලොකු වැඩකට යනවා කියන්නෙ අමාරු වැඩක්. හුළ`ග හමන දිශාවට විරුද්ධව පීනන එක දුෂ්කරයි. ඒත් ඒ ගොල්ලොන්ගෙ ඇත්ත උවමනාව තව ගොඩක් අයගෙ උනන්දුව පත්තු කරලා තිබුණ. සීයක් විතර එකතු වුණු චිත‍්‍රපට අතරෙ හොඳ මට්ටමක ඒවා ඇත්තෙ කීපයක් වෙන්න පුළුවන්. ඒත් ඒ කීපය තව ගොඩක් අය වෙනුවෙන් දේවල් නිර්මාණය කරාවි. වැස්ස එනකල් බලන් ඉන්නෙ නැතුව කාන්තාරෙ පැල හිටවන එක අතාර්කික වෙන්න පුළුවන්. ඒත් ඒ අතාර්කික බව හින්දම ඒක අනිත් හැමදේකටම වඩා ඇත්ත වෙයි.

ආයිමත් බලාපොරොත්තු එක උඩ එක ප‍්‍රක්‍ෂේපණය වෙන රිදීතිර ගණනාවක් දැල්වෙන දවස්...

අනිත් කොයිම මාධ්‍යකටත් වඩා කැමරාවක් ඉස්සරහදි කෘතියකට අවංකකම වැඩියෙන්ම පේනන ගන්නවා. සාහිත්‍යමය නාට්‍යමය දේවල් වලට වඩා ජීවිතය චිත‍්‍රපටියක් ඇතුලෙදි වැඩියෙන් කතා කරන්නෙ ඒ හින්ද. ඒ වගේ චිත‍්‍රපටි කීපයක්ම මම දැක්කා. බංකොලොත් රටක හිතාගන්න බැරි අවදි වීමක් කොයින්ස් එක්ක මට දැණුනා. දෙයක් කියන්න තියෙන, ඒ කියන දේට භාෂාවක් තියෙන අලූත් ජීවිත ගොඩක් කැමරා ඇතුලෙ පෙලගැහිලා තිබුණ.
ඇත්තටම කියනවා නම් ඒක සිනමා දැනුම එකතු වීමේ ‘පිමි පැනීමක්’. කාලයක් දැකපු විකාර ගොඩක් වෙනුවට ආයිමත් චිත‍්‍රපටි කරන්න පුළුවන් අය චිත‍්‍රපටි කරලා තිබුණ.

වඩාත් වැදගත් වෙන්නෙ මේ හැම දෙයක්ම එකට සංවිධානය වෙන එක. කෙටි චිත‍්‍රපටි ගොඩක් එකතුවෙන් මහා සිනමාවකට වඩා දැනෙන තැනකට පෙලගැස්මක් ඇති කරන එක. මේ වෙලාවෙ තනි තනි කෘතියක අඩංගු සාධනීය ලක්ෂණ වලට වඩා වැදගත් වෙන්නෙ මේ කතිකාව. මේ විකල්පය ගොඩනැගීම. හු`ගක් පරක්කු වෙලා හරි ඒ දේ සිද්ද වෙන එක ලොකු දෙයක්.

සිනමාව කියන එක මේ රටේ මැරිලා කාලයක් ගත වෙලා තිබුණත් ආයිමත් ඉපදෙන්න යන වෙනස් සිනමාවක ජාන කොයින්ස් ඇතුලෙ පැහැදිලියි. සුබවාදී ලෝකයක් ගැන හිතාගෙන ඉපදෙන හුරතල් පොඩි එකෙකුට වඩා වඳ කරන්න බැරි කැරපොත්තො වගේ හැමදෙයක් එක්කම පරිණාමය වෙන්න පුළුවන් අලූත් චිත‍්‍රපටිකාරයො රොත්තක් මෙතනින් එලියට එයි කියලයි මගේ බලාපොරොත්තුව.

No comments:

Post a Comment