Wednesday, September 19, 2012

වරදක් කළත් සිතකින් නොවේ

ෆුටා  එක ගැන ලියන්න අරං දැන් පටන් ගත්ත වාක්‍යය මැකුවා තුන්හතර වතාවක්. කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව. විශ්ව විද්‍යාල ආචාර්යවරු රටේ අධ්‍යාපනය වෙනුවෙන් කියලා කරන මේ සටන ගැන මට ඇත්තට තියෙන්නෙ ගෞරවයක්. ඒ සටන් කරන අරමුණ හින්ද නෙවෙයි. ඒ තියෙන ස්ථාවරය සහ විනය හින්ද. ඒ අතරෙ සුභාරතී වගේ ආණ්ඩුවෙ වැඩසටහන් වලට ඇවිත් දීප්ති වගේ අය නිකං දෙකයි පණහෙ කතා වලින් ඒක බාල්දු කරන්න හදද්දි මට එන්නෙ අප්පිරියාවක්. තඩි පුද්ගලික වෛරයක් ඇරෙන්න එයා සතු දේශපාලනයක් නෑ කියන එක දීප්ති නැවත නැවතත් ඔප්පු කරමින් සිටිනවා. ඉංග‍්‍රීසියෙන් ‘ස්ට‍්‍රැටජි’ කියන්නෙයි ‘සකප්’ කියන්නෙයි එකක් නෙමෙයි, දෙකක්. 

මෙච්චර කල් මට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ව මතක තිබුණෙ පොදු පෙරමුණට ඡුන්දෙ දෙන්න කියලා පත්තර වල දැන්වීම් දාන කට්ටියක් විදිහට. ඊට වඩා විශාල අරමුණක් වෙනුවෙන් (හරි හෝ වැරදි) මේ වගේ කවුරුවත් සීරියස් නොවෙන වෙලාවක සීරියස් විදිහට ජනතාවක් නැති පොලොවක ජනතාව වෙනුවෙන් ෆයිට් කරනවා කියන්නෙ මගේ ඇෙ`ග් හිරිගඩු පිපෙන වැඩක්.

ලංකාවෙ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගැන (අධ්‍යාපනය ගැන තවත් ගොඩක් දේවල් ෆුටා එකේ තියෙනවා) කතා කරන්න හිතද්දිම මට මතක් වෙන පරණ අත්දැකීමක් තියෙනවා. ඒ දවස්වල පේරාදෙණියෙ දේශන වලට එද්දි ටී ෂර්ට් අඳින්න බෑ. සපත්තු දාලා එන්න  ඕනි. කෙල්ලන්ට ජීන්ස් බෑ. ඔය වගේ තවත් ගොඩක් විකාර තිබුණ. අපි මේවට විරුද්දයි කියල පොදු ශිෂ්‍යයො අපිට වට කරලා නෙළනවා. අවුරුදු ගානෙම  ඕක ඔය විදිහටම වුණා. අන්තිමට අපි අයින් වෙලා යන දවස් ළං වෙද්දි එක පොදු ශිෂ්‍යයෙක් මාව මුණගැහුන.

‘මචං, උඹලා අපිත් එක්ක අවුල් වෙන්න එපා. උඹලා කියන දේ හරි වෙන්න පුළුවන්. ඒත් මචං කැම්පස් එන්න කලින් අපි දැනගෙන හිටියෙ පඹයො හිටවන්නයි, කුරුල්ලො එළවන්නයි විතරයි. සපත්තු දෙකක් දැම්මෙ මෙහේ ආවට පස්සෙ. උඹලා කියන විදිහට අපිට වෙනස් වෙන්න බෑ මචං. අපිට මේක (විශ්ව විද්‍යාලය) ලොකු තැනක්. උඹලට පොඩි තැනක් වුණාට’

මේ කතාව ඇතුලෙ අපි පට්ට විදිහට විරුද්ද වෙච්ච රැුග් එක සහ පොදු ශිෂ්‍යාව තේරුම් ගන්න පුළුවන් තව ගොඩක් දේවල් මට තේරුම් ගියා. දැන් තත්වෙ මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒත් විශ්ව විද්‍යාල ඇතුලෙ ජවිපෙ කරමින් හිටපු කාර්යභාරය එස්බී කියනවා වගේ අපරාධයක් නෙවෙයි. කොළඹ තීරණ ගන්නා මහත්වරුන්ට සහ අපිට අමතක සහ නොතේරෙන කලාපයක සමාජ අනුවර්තනයක් වෙනුවෙන් ඒ ගොල්ලො වැඩ කළා.

ඒ කතාවෙ හැ`ගීම්මය පැත්ත. ඒත් මට අනුව තාර්කික, යතාර්ථයේ කාරණාව මීට වඩා වෙනස්. ඒකට පෙරවදනක් විදිහට ළ`ගදි දවසක රෑක ත‍්‍රීවීල් එකේ එන ගමන් ස්ටෙෆාන් කියපු කතාවක් කියන්නං.
‘මචං, මොකද්ද බං මේ රටේ එඩියුකේෂන් සිස්ටම් එක කියන්නෙ? මුංට පිස්සු. මුං කියනවා අපේ රටේ එඩියුකේෂන් එක හරි උසස් කියලා. හේතුව විභාග අමාරු එක. ගොඩක් කට්ටිය පේල් වෙනවනෙ, ඒක හින්ද එඩියුකේෂන් එක උසස්. මට නං බෑ බං...(ඌ අ`ඩන්න ගත්තා) මචං එක්සෑම් එකකින් ගොඩක් උන් පේල් වෙනවා කියන්නෙ සිස්ටම් එක අවුල්. සිස්ටම් එක හොඳ නං හැම එකෙකුටම ඒක ඇතුලෙ යන්න පාරවල් තියෙන්න  ඕන. කැමති කැමති පැති වලින් යන්න පුළුවන් විදිහට ඩිසයින් වෙලා තියෙන්න  ඕන. කොයි තරං උන් පාස් වෙනවද කියන එකයි සිස්ටම් එක හොඳයි කියන්නෙ. මෙහේ අම්මට හුඩු, මාර අමාරුයි විභාගෙ. එකයි පාස්. ඒක හින්ද එඩියුකේෂන් සිස්ටම් එක මරු. මට තේරෙන්නෙ නෑ බං...’

 ඕස්ටේ‍්‍රලියාවෙ ඉඳලා ආපු ඌට දැන් පිස්සු හැදෙන්න ඔන්න මෙන්න වගේ, මේ රටේ වෙන දේවල් බලන් ඉඳලා. මං මේ කතාව රවිඳුට කිව්වා.

‘මචං, එඩියුකේෂන් එක කියන්නෙම පට්ට අවුලක්නෙ. උඹ හිතපන් උඹට එක තැනකදි උන් කියනවා ‘උඹ පේල්’ කියල. උඹ අවුරුදු ගාණක් කට්ට කාගෙන ඇවිල්ලා ඇවිල්ලා උන් කියනවා ‘උඹ පේල්’. මොන තරං චාටර් කතාවක්ද ඒක? මට  ඕක දැණුනා. මචං එඩියුකේෂන් එකක් කොහොමද මිනිස්සු පේල් කරන්නෙ?’
ෆුටා එක ගැන මට තියෙන ගැටළු නිර්මාණය වෙන්නෙ ඔන්න ඔය කලාප හරහා. මට අනුව ලෙඩා දැන් මැරිලා ඉවරයි. අපි කරේ තියාගෙන ද`ගළන්නෙ මළකඳ. මේ රටේ අධ්‍යාපනය ගියේ අනිත් පැත්තට. සමාජය ඇතුලෙ විශේෂීකරණයක් වෙන පැත්තට මිසක් කර්මාන්තයක් ඇතුලෙ හෝ විෂයක් ඇතුලෙ විශේෂීකරණයක් වෙන කලාපයකට නෙමෙයි. විශ්ව විද්‍යාලවල හිටපු කවුරුත් දන්නවා ක්ලාස් (උපාධියෙ) එකක් කියන්නෙ සිතීමේ හෝ අදහස් විශ්වයේ පුළුල්කම හින්ද හම්බුවෙන එකක් නොවෙන වග. ඒක කොල්ලන්ට නං වනපොත් කිරීම සහ කෙල්ලන්ට නං දේශකයන් එක්ක තියෙන කුළුප`ග ආශ‍්‍රය වගේ කාරණා බලපාන තැනක්. එහෙම ක්ලාස් එකක් ගන්න අය ඊට පස්සෙ විශ්ව විද්‍යාල බාර ගන්නෙ, ආචාර්යවරු විදිහට. රටේ ජනතාවට සාපේක්ෂව ඒ ගොල්ලොන්ගෙ සිතීමත් ‘වැදගත් වෘත්තියක්’ කියන තැනින් කෙළවර වෙනවා. සරච්චන්ද්‍රලා වගේ චරිත නැවත විශ්ව විද්‍යාල වලින් බිහිවෙන්නෙ නෑ. ඒ වෙනුවට මං දන්න කාලෙක ඉඳන් ඉංජිනියරින් උන් එන්ඞීටී උන් එක්ක රණ්ඩු වෙනවා උපාධියෙ තත්වෙ රැුකගන්න. දොස්තර උපාධිය කරන උන් පුද්ගලික දොස්තර උපාධි එක්ක මරා ගන්නවා තත්වෙ රැුක ගන්න. ඒත් මේ රැුකගන්න හදන තත්වෙ මොකක්ද?

අලූත් අදහස් හෝ නිර්මාණ වෙනුවෙන් දැන් විශ්ව විද්‍යාල වල මැදිහත් වීමක් නෑ. මේ වෙද්දි කැළණියෙ විද්‍යා අංශෙන් කරන්නෙ විෂ්ණු දේව අවතාර වලින් අනාවැකි කියන එක. අන්තිමට එක්ස් කණ්ඩායම වගේ පිරිස් විශ්ව විද්‍යාලයට පිටතින් ඉඳන් අරන් එන අලූත් දැනුම් පද්ධති උඩ ලැජ්ජා නැති විදිහට යැපෙන්න සිද්ද වුණා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට (නිර්මාල් දන්නවා ඇති මේක). ඒත් කවුරුවත් දැනුම් ආකෘති වෙනසක් යෝජනා කළේ නෑ. විශ්ව විද්‍යාල පවතින්න එකම හේතුව විදිහට ගෙනාවෙ ගම්බද දරුවන්ට අනාගතයට තියෙන මග විදිහට. මේ අනුකම්පා මාවතේ දිගට යනකොට එන්න එන්නම රටේ සිතිය යුතු තැන්වල සිටිය යුතු සිතිය හැකි මිනිස්සු වෙනුවට දුප්පත්කම එකම හේතුව වුණු අය රටේ පිරෙනවා. ගෙදර පවුල සහ ළමයි ටික මූලික විෂය ප‍්‍රශ්නය වුණු බුද්ධිමතුන් පිරිසක් රටක් ගෙනියන්නෙ කොහාටද? විශ්ව විද්‍යාලවල උගත් පිරිස් කවදාවත් මේ දේවල් සංවාදයට ගත්තෙ නෑ. ඒ වෙනුවට එන්න එන්නම සමාජයෙන් වියුක්ත, අදේශපාලනික ප‍්‍රබන්ධ ඇතුලෙ විශ්ව විද්‍යාල පිරිස් හුදකලා වුණා.

ෆුටා එකේ යෝජනා අතර ප‍්‍රධාන එකක් වෙන්නෙ අධ්‍යාපනය වෙනුවෙන් රජය වියදම් කරන ප‍්‍රතිශතය වැඩි කරන එක. වෙන විදිහකට නං  රජය විසින් තවමත් අධ්‍යාපනය රැකබලා ගත යුතුයි කියන අදහස. ඒක හු`ගක් සීමිත අදහසක්. රජයෙන් නිදහස් වෙන වහාම, පුද්ගලික අංශය සමග බැඳෙන වහාම හැම අංශයක්ම අන්තර්ජාතික තත්වයන්ට සාපේක්‍ෂව වැඩ කරන්න ගන්නවා. වෙළඳපොල තරගකාරීත්වය සහ ඵලදායිතාව කියන කාරණා වලින් දේවල් මැනෙන්න පටන් ගන්නවා. ඒකෙන් දුප්පත් ගැමි ජනතාවට අවස්ථාව නැති වෙනවා කියන කාරණය හැ`ගීම්බර කතාවක් විතරයි. ඒ පරණ බාසාවෙන්ම කියනවා නං, ඉගෙන ගන්න එකා කොහොමත් ඉගෙන ගන්නේය. මගේ බාසාවෙන් කියනවා නං ගමේ රටේ හැම කෙනෙක්ම මේ එකම විදිහෙන් ඉගෙන ගන්න  ඕනෑ කියලා හිතන එකම හණමිටි. ඒ ඒ කොටස් වලට ප‍්‍රායෝගික සහ ඵලදායී වෙන වෙනස් අධ්‍යාපන ධාරා ඇති වෙන්න  ඕන. ඌව යුනිවසිටි එකේ වගේ තේ ගැන, සංචාරක කර්මාන්තය ගැන අලූත් පාඨමාලා ඇතිවෙන්න  ඕන. ඒවට පුළුවන් තරම් ශිෂ්‍යයන්ට ඇතුල්වෙන්න ඉඩ තියෙන්න  ඕන. දැනට තියෙන බෙල්ල කැපෙන විභාග තේරීම් ක‍්‍රමයට වඩා මුදල් කියන  එක එතනදි ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි මට දැනෙන විදිහට.

අනිත් අතට විශ්ව විද්‍යාල වල රාජ්‍ය ස්වරූපය ආරක්‍ෂා කරනවට වඩා ආචාර්යවරුන් ඒවා පෞද්ගලික විශ්ව විද්‍යාල බවට (ජනප‍්‍රිය සටන් පාඨවල හැටියෙන්) පරිවර්තනයේදී වඩාත් සුබ ප‍්‍රතිඵල අත්කර ගැනීම වෙනුවෙන් දියුණු සංවාදයක් ඇති කරන්න  ඕන. අධ්‍යාපනයේ හෝ වෙනයම් ක්‍ෂෙත‍්‍රයක මේ වෙන පරිවර්තනයන් පුළුල් ආර්ථිකමය බලපෑම් එක්කයි සිද්ද වෙන්නෙ. අපිට මේක කල්දමමින් ඉන්න පුළුවන්. ඒත් ඇත්ත අක‍්‍රීය සහ නිෂ්ඵලදායී වීමේ ගැටළුවක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ තියෙනවා. සමස්තයක් විදිහට අපේ අධ්‍යාපන ක‍්‍රමයේ තියෙනවා. ඒකෙ ප‍්‍රධාන හේතුවක් ඒ අධ්‍යාපන ක‍්‍රමය බාර අයගෙ තියෙන අපරිණතකම. එතනදි මේ ක‍්‍රමය බිඳවැටෙන එකට මං කැමතියි. දුප්පතුන් වෙනුවෙන් අධ්‍යාපනය කියන්නෙ සුබසාධනය ගැන කතාවක්. ඒත් ගුණාත්මක අධ්‍යාපන ප‍්‍රවේශයක් කියන්නෙ ඇත්ත අභියෝගයක්.

මට හිතෙන්නෙ සිද්ද වෙන පරිවර්තනය ඇතුලෙ විය හැකි ලොකුම හානිය ‘සිතීම’ වෙනුවට ‘ලාබය’ මූලික වෙලා හැම දෙයක්ම බංකොලොත් වෙන එක. මේ පරිවර්තනයේදි යුතෝපියානු අරමුණු වලට වඩා  සැබෑ ගතිකයන් අධ්‍යනය කරලා ඉන් වඩා සුබවාදී ප‍්‍රතිඵල ලබා ගන්න පුළුවන් ‘අවුට් ඔෆ් ද බොක්ස්’ වර්ගයේ කතිකාවක්  ඕන කියලා මං හිතන්නෙ ඒකයි. ඒ අනුව මේ වෙලාවෙත් ආචාර්යවරුන් අතින් තමන්ගෙ සැබෑ වගකීම පැහැර හැරෙනවා.  ජනතාව පොල්කට්ටකින් වහලා තියන්න මතවාදයක් ගොඩනගලා තේරුමක් නෑ.
ඒත් ආණ්ඩුව පැත්තෙන් ෆුටා කියන්නෙ ලොකු අභියෝගයක්. සර්වඥ ධාතු වගේ මොන මැජික් දාලා අමතක කරන්න හැදුවත් ෆුටා කියන්නෙත් ආණ්ඩුවෙ මතවාදෙම කෙලවරක්. එකදිගට, එක විදිහට, එක කතිකාවක් ගේන එක ඇතුලෙ ආණ්ඩුව ගැන තියෙන සියලූ ප‍්‍රතිවිරෝධතා මේ ‘හොඳ’ අරමුණ වටේ එකතු වෙනවා. ඒකෙන් ආණ්ඩුව පෙරලෙන්න වුණත් ඉඩ තියෙනවා. මොකද ආචාර්යවරුන් මේ වෙලාවෙ අනුගමනය කරන්නෙත් මහින්දගෙන්ම ඉගෙන ගත්ත න්‍යාය.

’අරමුණ හරි හෝ වැරදි විය හැකියි. ඒත් දිගටම එකම අරමුණේ එල්ලී සිටින්න. ඒ අරමුණ නිසැකව ඉටු වනු ඇත’

-චින්තන ධර්මදාස

Saturday, September 8, 2012

මරණය සමග රමණය

මැරෙන එක ගැන මං ගොඩක් දුර හිතුවා. ඇත්තටම මට ඒකෙන් ගැලවෙන්න බැරි වුණා. මරණය කියන ප‍්‍රහේලිකාව කෙලවරක තියාගෙන සරලව සැහැල්ලූවෙන් පුංචි පුංචි දේවල් කර කර ජීවත් වෙන මිනිස්සු දිහා මං ඉරිසියාවෙන් බලන් හිටියා.
හැමෝටම වගේ මරණය ගැන අදහසක් තිබුණා. ඒවා තනිකරම තමන් නොදන්නා, අනුන් දන්නා බව පිළිගන්නා සිද්ධාන්තය උඩ පදනම් වුණු අදහස්. උදා විදිහට බෞද්ධයෝ බුදුන් කියන කර්මය පුනරුත්පත්තිය වගේ දේවල් තම තම නැණ පමණින් ගැටගහලා මරණයේ අවුල විසඳන්න උත්සාහ කළා. අනිත් ක‍්‍රිස්තියානි, මුස්ලිම් අය දෙවියො ළ`ගට යන්න බලාගෙන හිටියා. තව මගේ අලූත් සිතුවිලි පරම්පරාවෙ යාලූවො මරණය රොමාන්තික කළා. සමහරු විප්ලවීය මරණයක සිහින දකින්න කැමති වුණා. පාවුලෝ කොයෙලො වගේ අය ජීවිතය සම්පූර්ණ කරන්නෙ මරණයෙන් කියල කිව්වා.  ඕෂොට එහෙම මරණය කියන්නෙ වැළඳගන්න ඉන්න පෙම්වතියක් වගේ. නොදන්නා අඳුරට යන්න, මේ ශරීරයේ සීමාවෙන් නිදහස් වෙන්න වගේ වෙනම කවි එතන තිබුණා. අන්ධකාරය දිහාවට ඇස් යොමු කරගෙන ඉන්න බකමූණට ආලෝකයේ මහිම නොපෙනෙනවා වගේ මරණය දිහා ඇස් දල්වන් බලන් ඉන්න අයට ජීවිතේ සෞන්දර්යය පේන්නෙ නෑ කියල ඛලීල් ජිබ්රාන් කිව්වා.

ඇල්බට් අයින්ස්ටයින් වර්ගයේ අය ඒක වෙනම විදිහකට මේක විස්තර කරන්න හැදුවා. එයාට අනුව මරණය කියල දෙයක් නෑ. ඒක බයෝසෙන්ටි‍්‍රක් අදහසක්. කාලය සහ අවකාශය කියන රාමුවෙන් එහාට මරණය කියන සංකල්පයක් නෑ කියල ක්වොන්ටොම් පැහැදිලි කිරීමක් ඒක. වූඩි ඇලන් මේ කතාව තවත් ලස්සනට කියනවා. මරණය මට ගැටළුවක් නෙමෙයි, මැරෙන වෙලාවට මං එතන නොඉන්නයි  ඕන. එක විදිහකට ඒක ඇත්ත. මරණය කියන්නෙ අපි කවදාවත් අත්විඳින දෙයක් නෙමෙයි. මරණය දකින්න අපි ඉන්නෙ නැති හින්ද. අපි දන්නෙ ජීවිතේ අන්තිම නිමේෂය විතරයි. මරණය කියන්නෙ ඉතුරු ටිකට ජීවත් වෙන අනිත් අය දෙන අදහස.

මට සිදුහත් ගැන මතක් වුණා. ජීවිතේ ගැන හැම ආධ්‍යාත්මික පැහැදිලි කිරීමක්ම එන්නෙ මරණය ගැන අසීමිත  බය ඇතුලෙන්. සතර පෙර නිමිති දැකලා අසාමාන්‍ය විදිහට බය වෙන සිද්ධාර්ථ කියන්නෙ දුර්වල මිනිහෙක් කියල රොහාන් පෙරේරා දවසක් කිව්වා. එක විදිහකට ඒක ඇත්ත. ඒත් ජීවිතේ හරියටම බිත්තියට හේත්තු කරන වෙලාවක් එනවා. සිද්ධාර්ථ දරුණු විදිහට ‘ඩෙත් ඇන්සයටි’ එක ඇතුලට යනවා. මරණය ගැන අහේතුක අසාමාන්‍ය බය කියන්නෙ කාංසාත්මක රෝගයක් මනෝ විද්‍යාවෙ හැටියට. මාධ්‍ය වලින් මුලූ ලෝකය සම්බන්ධ වීම වැඩි වෙන තරමට අපිට මරණය මුණගැසීම වැඩි වෙනවා. අපි ලෝකෙ වටේම ප‍්‍රවෘත්ති විදිහට දකින්නෙ නැවත නැවත මරණය. ඒ නැතත් ලංකාව ඇතුලෙ දූපත් සීමාවෙ එකම තැන පල්වෙන ජීවිතේ ඇතුලෙ අපි නැවත නැවත අත්විඳින්නෙ මරණය.

මං සිද්ධාර්ථ ගැන මං විදිහට හිතුවා. මරණය ගැන බය දැනෙන්නෙ සමාජයට සාපේක්‍ෂව. සමාජයේ සංස්කෘතික අදහස් සහ බැඳීම් එක්ක මරණය ගැන බය තව තවත් සංකල්පගත කරනවා. සිද්ධාර්ථ කැලේට ගියා. හුදකලා වුණා අවුරුදු ගාණක්. මාරයා නැවත නැවත මුණගැහුණ. එයා මරණය කියන එක බාර ගන්න පුළුවන් ආකෘතියක් නිර්මාණය කර ගත්තා. කර්මය, පුනරුත්පත්තිය වගේ දේවල් මෙතනදි කතන්දර විතරයි. අපි මරණය එක්ක අපේ පුද්ගලික එක`ගතාවයක් හදාගන්නවා. එච්චරයි.

බුදුන් වදාල ධර්මයේ කර්ම හා පුනර්භව සම්බන්ධ කාරණා ඇතුලෙන් තමන්ගෙ මරණය ගැන බලාපොරොත්තුවක් හදා ගන්න ට‍්‍රයි කරන බෞද්ධයෝ අසරණයි. කාලය හා අවකාශය කියන දෙකෙන් එහා පවතින විශ්වයක් ගැන ඒ විදිහෙ කාල අවකාශ පද්ධති විවරණයක් කරන්න තරම් ශාක්‍යමුනි ගෞතම දුර්වලයි කියල මං විශ්වාස කරන්නෙ නෑ.

මරණය කියන්නෙ බලාපොරොත්තුවක් නැති කම. හැම ආධ්‍යාත්මික ගුරු කෙනෙක්ම උත්සාහ ගන්නෙ මරණය ඇතුලට බලාපොරොත්තුවක් ගේන්න. සදාකාලික ආත්මයක් හෝ වෙනයම් මොකක් හෝ බලාපොරොත්තුවක් එතනදි කොන්දේසි විරහිතව බාර ගන්න සහ ඒකෙන් තමන්ගෙ මරණය අමතක කරන්න ජීවත් වෙන මිනිස්සු ලෑස්තියි. ඒක හරි සාංදෘෂ්ටිකයි. හරි හෝ වැරදි විශ්වාසයක් ඇතුලෙන් මරණය තරණය කිරීම. එතනදි බෞද්ධයො අසරණ වෙනවා. බුදුන් කියන්නෙ ‘මොකුත් නෑ’ කියල. පිටක තුනක් පුරා පොත් වනපොත් කර කර අපේ හාමුදුරුවරු උත්සාහ කරන්නෙ මොකක්ද? මේ නැති එක ඇති කරන්න. එතන සමීකරණ හදන්න. උදාහරණයක් විදිහට ව්‍යවහාර සිතුවිල්ල ඇතුලෙ නිර්වාණය කියන්නෙ බලාපොරොත්තුවක්. අමා මහ නිවන් සුව කියලා කියන්නෙ ඒ රොමැන්ටික් හිතුවිල්ලට. ඒත් මං දැකපු ශක්‍යමුනි කියන්නෙ ඊට වඩා වෙනස් කතාවක්.

මරණය ගැන මං ස්ටෙෆාන් ගෙන් ඇහුවා. එයා ටිපිකල් ‘ජෙන් වයි’ පොරක්. ‘මචං ඩෙත් එකට වඩා ඩෙත් එක ගැන හිතන හිතුවිල්ලයි වැදගත්. අපි මේ මොකක්ද හොයන්නෙ. මචං හැපිනස්. අපි ඩෙත් එක ගැන හිතන්නෙත් අපිට හැපිනස්  ඕන හින්ද. බුද්ධ නිර්වාණය ගැන කියන්නෙ ‘ඩෙත්’ ස්ටෝරි එකක්ද? නෑ. ඒක හැපිනස් ගැන ස්ටෝරි එකක්. ඉතිං මට හිතෙන්නෙ කොයි විදිහකට අපි ඩෙත් එක ගැන කතා කරත් ඒක කතා කරන්නෙ අපේ එකම හියුමන් තෝට් එකක් ඇතුලෙ. ඒ තමයි ‘වී නීඞ් ටු බී හැපි’. එතකොට මට කවුරු හරි ටොපියක් කාලා ගන්න හැපිනස් එකයි, බුද්ධ නිවන හොයලා ගන්න හැපිනස් එකයි අතරෙ ලොකු වෙනසක් නෑ’ ඌ පොඩි වුණාට දුර හිතන්න පුළුවන් බුද්දිමත් බට්ටෙක්.

ළ`ගදි ඩෙනිස් හම්බුණාම ඌ සිරා කතාවක් කිව්වා. ඒක සිරා වෙන්නෙ ඌ මෙච්චර කල් මං දැක්ක දෙයක් වෙනස් විදිහට පෙන්නපු හින්ද. ‘මචං අපේ ථේරවාදය මරු. අනිත් හැම ආගමක්ම කියන්නෙ සදාකාලික ආත්මයක් ගැන. මුලූ ලෝකෙම එන්නෙ හින්දු ආගමේ තැනකට. මහායානෙ වුණත් එහෙමයි. ඒත් ථේරවාදෙ හරි හෝ වැරදි තනියම මේකට විරුද්ද පැත්තෙ ඉන්නවා. අනාත්ම කියන තැන. ඒක හරි ඔරිජිනල් කියලයි මට හිතෙන්නෙ’

ඩෙනිස් කියන කතාව එක විදිහකට ඇත්ත. අවුල තියෙන්නෙ අපි බුදුන් වදාල ධර්මය අකාලිකයි කියල නිරපේක්‍ෂ තැනකින් ගන්න යන එක. කිසිම දර්ශනයක් එහෙම අකාලික හෝ ලෝකෝත්තර වෙන්න බෑ, ඒ දර්ශනය භාෂාව ඇතුලෙ කියවෙන කල්. භාෂාවෙ වෙනස්කම් එක්ක ඒකට ලැබෙන අර්ථ වෙනස් වෙන්න ගන්නවා. හොඳම උදාහරණය තමයි නිවන. ශාක්‍යමුනි ගෞතම තමන් තේරුම් ගත්ත දේ කියන්නෙ ඒ කාලෙ මුල්බැහැගත්ත මහ විශාල බ‍්‍රාහ්මණ හින්දු දර්ශනයට ප‍්‍රතිවිරුද්ධව. අපෙන් පිට පවතින මහා ආත්මයක් ගැන අදහස කුඩුපට්ටම් කරලා එයා කියනවා ‘මොකුත් නෑ’ කියල. එතනදි එයා මොකුත් හොයාගෙන යන එකත් අධෛර්ය කරනවා. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් පෙරුම් පුරාගෙන ඇවිත් ගත්ත අවබෝධයක් ගැනයි බුද්ධ කතා කරන්නෙ. හදිස්සියෙ මේ ආත්මෙ නිවන් යන්න ට‍්‍රයි කරනවා වෙනුවට එයා කියන්නෙ ජීවිතය ඇතුලෙන් එන අවබෝධයක් ගැන. මොකද මේ මරණය ගැන තියෙන භීතිය නිසා එයා ජීවිතේ අත්ඇරලා දුවපු කෙනෙක්. අවබෝධයෙන් පස්සෙ බුදුන් ආයිමත් ටවුමට එනවා. ඊට පස්සෙ ජීවිතේ වැඩි කාලයක් එයා ගත කරන්නෙ ටවුමෙ. රජවරු සිටුවරු එක්ක. එයා ජීවිතේ ගැන වෙනස් සිතීමේ ආකෘතියක් හදාගන්නවා. පරමාර්ථ සත්‍යය සහ සම්මුති සත්‍යය කියන දෙකම දරන අවබෝධයක් ඇති ධර්ම කායක්... බුදුන් සාමාන්‍ය මනුස්සයෙක් විදිහට මැරෙන කල් තමන් විසින් ගොඩනැගූ නිදහස් සංස්කෘතියක් ඇතුලෙ ජීවත් වෙනවා. පාලියෙන් කියවෙන බුද්ධ කතාව සිංහලෙන් තේරුම් ගන්න අපේ ඇත්තො ඒක වෙනම භාෂිතයක් කරනවා. බුදුන්ව අසූ අට රියන් උස කරනවා. ඒ මරණ බයේ තරම.

ජීවිතය සහ මරණය අතර බෙදීමමයි ලෞකික සහ ආධ්‍යාත්මික බෙදීම කියන්නෙත්. ගත කරන ජීවිතයට බැහැරින් තියෙන, පිළිවෙත් පුරන, බවුන් වඩන ආධ්‍යාත්මික මාර්ගයක් කියන්නෙ ජීවිතයක් නැති මරණයක් වගේ. ඒක මානසික ප‍්‍රතිකාරයක් විදිහට හොඳ වෙන්න පුළුවන්. ඒත් මේ බෙදීම සමස්තයක් විදිහට ජීවිතේ දකින්න සහ විඳින්න තියෙන ඉඩකඩ අවුරනවා. ජීවිතය එන්න එන්න පුංචි වෙවී යන ලංකාව වගේ දූපතක මරණය විශාල වෙන්න පටන් ගන්නවා. බුඩිස්ට් චැනල් වලින්, දොර ම`ඩලාවෙන්, පෝය දවස් වලින් පිරෙන්නෙ මරණය. ඒකෙන් ජීවිතය ගැන තියෙන් අනිත් හැම මනුෂ්‍ය විෂයක්ම අහෝසි කරනවා. උදා විදිහට චන්දන ජයරත්න අපේ තාරකා විද්‍යාඥයෙක් වුණාට කතා කරන්නෙ තරු ගැන නෙමෙයි. අපේ මනෝ විද්‍යාඥයො කතා කරන්නෙ භූතයො ගැන. අපි ඡුන්දෙ දෙන්නෙ ලෞකික කාරණා වලට නෙමෙයි. ලෝකෝත්තර කාරණා වලට.

මට ලා ඕට්සුගෙ කවියක් මතක් වෙනවා.
‘රෝදයක් හදන්න ස්පෝක් කම්බි එකතු වෙනවා තමයි
ඒත් හබ් එක ඇතුලෙ තියෙන හිඩැස නිසයි රිය ඉදිරියට යන්නෙ.
බඳුනක් හදන්න මැටි  ඕන වෙනවා තමයි
ඒත් බඳුනෙ හිස්කම නිසයි ඒක වැඩදායී වෙන්නෙ
බිත්ති, දොරවල්, ජනෙල් කාමරයක් හදනවා තමයි
ඒත් ඒකෙ හිස් ඉඩ නිසයි ජීවත් වෙන්න පුළුවන්
හැමතිස්සෙම පවතින දේට
වටිනකම දෙන්නෙ නොපවතින දෙයින්.

මගේ යාලූවෙකුත් තනිකම සහ බලාපොරොත්තුවක් නැතිකම නිසා මරණය ගැන හිත හිත කාලයක් ගත කළා. ඒත් ළ`ගදි මිනිහා දකිද්දි ඇස් ආයිමත් ජීවිතෙන් පිරිලා.

‘මචං මං කාලෙකට පස්සෙ සිරා ගෑණියෙක් එක්ක නිදාගත්ත. අඩෝ එකපාරටම මාව අනිත් පැත්තට තල්ලූ වුණා. අර කාලකණ්ණි මරණ බය කොහෙන් ගියාද නෑ. මචං අපි හොඳට සෙක්ස් කරන්න  ඕන. එතකොටයි ජීවිතේ දැනෙන්නෙ. ඔය ආධ්‍යාත්මික කතා කියන්නෙ සෙක්ස් නැති වුණාම ඇ`ගට දැනෙන හිස්කම. ඇ`ග තමයි බං ජීවිතේ කියන්නෙ’
සහතික ඇත්ත.

-චින්තන ධර්මදාස


Monday, September 3, 2012

Menu එක කියන්නෙ Dish එක නෙමෙයි

අපි ලියන දේවල් කවුරු හරි කියවනවද? ටිකක් පළල් විදිහට ඇහුවොත් තවදුරටත් අපිව කවුරුවත් අහගෙන ඉන්නවද? යාලූවෙක් එක්ක ? කතාවක් මැද්දෙදි අපි පටුමගකට හැරුණ.

මං හිතන්නෙ තවදුරටත් කවුරුවත් කියවන්නෙ නෑ කියල. උදා විදිහට මේ ලිපිය වුණත් වාක්‍ය දෙක තුනකින් එහාට කියවන්නෙ නොගිණිය යුතු තරම් සුළු ප‍්‍රමාණයක්. ලංකාවෙ මේ මොහොතෙ කියවීම ගොසිප් වෙබ් නිව්ස් එකක දිග පළලින් එහාට යන්නෙ නෑ. ඒ භාෂාව, ඒ වැදගත්කම, ඒක තමයි සීමාව. ඒකෙ හොඳ හෝ නරක ගැන අපිට මොකුත් කියන්න බෑ. මොකද ඒක තවත් ගොඩක් සාධක මත අන්තර් විදිහට පදනම් වෙන කාරණයක් හින්ද.

ලංකාවෙ විනෝදය මේ වෙලාවෙදි දේශපාලනය. ඒක හින්ද මියුසික්, ෆිල්ම්, ආර්ට් ඔක්කොම අවසන් වෙලා ඉවරයි. මිනිස්සු ෆන් එකක් ගන්නෙ දේශපාලන ප‍්‍රබන්ධ වලින්. කටුගෙයි හොරකම, සරසවි ප‍්‍රශ්නය, ඉසෙඞ් ස්කෝර්...එතනින් එහාට කවුරු හරි ඒකෙන් සීරියස් දේශපාලනික වෙනසක් වෙනවා කියල විශ්වාස කරොත් මං කියන්නෙ මෝඩයි. එහෙම වෙන්න විදිහක් නෑ. එහෙම ආඛ්‍යාතයක් මේ මොහොතෙ භාෂාවෙ නෑ.

කතාව ඔය විදිහට රෝල් වෙලා මහින්ද ළ`ගට ආවා. මං මහින්දට ප‍්‍රතිපක්ෂ තැනක ඉන්නවා වගේ තැනකින් යාලූවා පටන් ගත්තෙ. ඒක වැරදියි. ඇත්තටම ඒකෙ අනිත් පැත්ත. මං මහින්දට කැමතියි. සහ මහින්ද කියන්නෙ මට අනුව ලංකාවෙ පළවෙනි පශ්චාත් නූතන නායකත්වය (ඒ පශ්චාත් වචනෙ ලියද්දි දැනෙන හිරිකිත) මහින්දගෙ දේශපාලනය ලංකාවෙ මෙතෙක් දත් දේශපාලනයෙන් කියවන්න බැරි එකක්. මෙච්චර කාලයක් රට තනි එක අදහසක් යටතේ පාලනය වෙනවා කියන එකයි අපේ දේශපාලන ඔලූ අඳුරන මොට්ට ඇත්ත. ඒක නිසා මතට තිත හරි සදාචාරය හරි මොකක් හරි කාරණයක් රටේ පාලනය ගැන පොදු අදහසක් කියලයි තේරුම් ගන්නෙ. ඒක නිසා මතට තිත තියෙද්දි බාර් අරින එක ඒ ගොල්ලොන්ට අනුව අවුලක් වෙනවා. කොළඹ කැසිනෝ අරින එක හිතා ගන්න බැරි වෙනවා. ඒත් මහින්ද කියන්නෙ එහෙම තනි අදහසක් නෙමෙයි. ලංකාවෙ එක එක පංතියට එක එක විදිහට විනෝදය සපයන්න එයාට පුළුවන්. ඒ වෙනුවෙන් එයා ළ`ග එක එක විදිහෙ විහිළුකාරයො ඉන්නවා. හිනා යන විහිළුවක් කරන්න බැරි අය කැපිලා යනවා. උදා විදිහට මතට තිත කියන්නෙ මාස් (පොදු) එකට දෙන අදහස. ඒත් කොළඹ විනෝද සමාජයට ඒකෙ බලපෑමක් නෑ. මහින්ද ඒ දෙකම වෙනුවෙන් වැඩ කරනවා. ඒ ඒ සමාජ මානසික කලාපයට අදාල දේවල් කලමනාකරණය ඇරෙන්න මහින්ද කියන්නෙ මට තනි පුද්ගලයෙක් නෙමෙයි. මතවාදයක් වගේ ආකෘතික තැනක් වෙනුවට වෙනුවට එයා වැඩකරන්නෙ ලාභය වගේ ෆන්ක්ෂනල් තැනක. ඒක හින්දම කවුරු හරි මහින්ද එක්ක මතවාදී ගැටුමකට ගියොත් ජෝක් වෙනවා. එයා සෙල්ලම් කරන්නෙ  ඕඩියන්ස් එකට. එයාගෙ ඇතුලෙ දෘෂ්ටිවාදයක් නෑ (නැත්නම් ඔබට කැමති දෘෂ්ටිවාදයක් තෝරා ගත හැකියි) මේ නායකත්ව ස්වරූපයට දේශපාලනිකව අභියෝග කරන්න නෙමෙයි අඩු තරමෙ ඒ ක‍්‍රියාකාරීත්වයෙ ගතිකයන් තේරුම් ගන්නවත් තරම් අපේ අනිත් දේශපාලන නායකයො පළල් නෑ.

මහින්ද තමන්ගෙ පාලනය කරන්නෙ තියරි වලින් නෙමෙයි. චක‍්‍ර ලේඛ, නීති වගේ දේවල් නිකං මැනර්ස් වගේ. එයා කෙලින්ම අදාල තැනට කෝල් කරනවා. නැත්තං ගෙදරට යනවා. ‘ලංකාව දූපතක්’. මහින්ද ලංකාව ගැන පළවෙනි සත්‍යය දන්නවා. මේක ස්මෝල් මිරකල් නෙමෙයි බිග් මිරකල්.. ලංකාවෙ ටුවරිස්ම් ගැන ප‍්‍රචාරක වැඩකදි මහින්ද විරුද්ද වෙනවා. එතනදි එයා ලංකාව ගැන දෙවන සත්‍යයත් දන්නවා. දූපතක් වුණාට අපි හිතන්නෙ ලෝකයක් කියල.ඒ තමයි සුද්දගෙ තේ වත්තෙ වැඩ කරන්න බෑ කියපු කාලෙ ඉඳන් අපේ තියෙන සංස්කෘතික උරුමය...හීනමානෙ.

ඒක නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙ විරෝධතා රැස්වීම් වගේ දේවල් වුණත් මේ මොහොතෙ විනෝදයක් සැපයීම වගේ උපයෝගීතාවයකින් එහාට වැඩකරන්නෙ නෑ කියලයි මං හිතන්නෙ. ඒ ආචාර්යවරුන් කවදාවත් නැති තරං හයියට සහ විනයක් ඇතුව තමන්ගෙ සටන අරගෙන යනවා. ඒක ඇත්ත. ඒත් වැදගත් වෙන්නෙ අනිත් විහිළු වලට කොච්චර වඩා කොච්චර හිනස්සන්න මේ විහිළුවට පුළුවන්ද කියන කාරණය විතරයි. ඒ සටන් තවදුරටත් ඩ‍්‍රාමා එකක්. එහෙම ඇත්ත ජනතාවක් නෑ. ඉන්නෙ නාට්‍යයක් වගේ ඒ දිහා බලන් ඉන්න  ඕඩියන්ස් එකක්.

අපිව තවදුරටත් අහන් ඉන්න කවුරුත් නෑ කියල මං කිව්වෙ ඒකයි. අපි ලියද්දි කියවන්නා ඇත්තක් කියල හිතං ලියන එකෙන් අපි ජෝක් වෙන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් මේ කාරණය අනිත් පැත්තට වැඩ කරවන්න. කියවන්නෙක් නැති නිසා අපිට පුළුවන්  ඕනම දෙයක් ලියන්න. වාක්‍ය කීපයකින් එහාට අපි ලියන එක පාඨකයාට වැඩක් නෑ. එතනින් එහාට අපිට තියෙන්නෙ ලොකු හිස් වේදිකාවක්.  ඕන දෙයක් කෑ ගහලා කියන්න පුළුවන්. කවුරුවත් නෑ. හෙළුවෙන් වුණත් ඉන්න පුළුවන්. චූ කරන්න පුළුවන්. කොච්චර නිදහසක්ද..... මං කියන්නෙ අපිට දැන් ආර්ට් ගැන හිතන්න වෙන්නෙ එහෙම.

 ජනතාවට ජනතාව ඉල්ලා සිටි දේ ලැබෙමින් තියෙනවා. සිංහල බොදු මහ ජනතාව තමන්ගේ නොස්තැල්ජියාවම ආතල් එකක් කොට අනුභව කරමින් වාසය කරනවා. තමන්ගෙ මේ පොලොව ගැන තියෙන අත්දැකීමෙන් ලත් ප‍්‍රඥාව තිබුණට ආර්ථික කාරණා හරියට කළමනාකරණය කර ගන්න මහින්දට බැරි වෙනවා. අපේ ජාතික සංස්කෘතික උරුමයන් ගැන කාරණා වලින් රටක් දියුණු කරන්න දෙන උදව්ව ඍණ එකක්. බොරුවට බෞද්ධාගමික අර්ථ විද්‍යාව වගේ එකක් දෙකක් සරල කාරණා කිව්වට බුද්ධාගම මූලික අපේ කෘෂි චින්තනය දියුණුවක් පැත්තට වැඩ කරන එකක් නෙමෙයි. ඒක කුසීතයි. ඔක්කොම අනිත්‍යයි කියන අනිත්‍ය දැක්මෙ පිහිටාමයි ඉන්නෙ. කොයි තරම් ඒ කෘෂි චර්යාවන් එක්ක අපි නූතනකරණය වෙලාද කිව්වොත් ගොඩක් කොළඹ ත‍්‍රීවීල් එලවන කට්ටිය ඉන්නවා මීටර් හයි කර ගන්නෙ නෑ..හේතුව හයර් වැඩි වුණාම බජාර් එකේ කොල්ලො එක්ක ගන්න ආතල් නැති වෙන හින්ද..පුදුම අල්පේච්ඡුතාවයක්.

මේ වඩා ජනප‍්‍රිය අදහස ඉස්සරහට ගැනීමේ මහින්ද චින්තනය ඇතුලෙ (පොදු එකේදි) ජීවිතය වෙනුවට මරණය ගැන අදහස් ශක්තිමත් වෙන්න ගන්නවා. ආර්ථික අතින් ජීවත් වීමට බලාපොරොත්තුවක් අහිමි වීමේ ඇත්ත සහ තමන්ගේ නොස්තැල්ජික් සංස්කෘතික ප‍්‍රබන්ධය ඇතුලෙ ජීවත් වීම (කුඩු ගැහුවා වගේ) කියන දෙක ඇතුලෙ මේ සමස්තය ලොකු මානසික අවපීඩනයකට යනවා. මහින්දගේ ලේයර්ඞ් (තල ගණනාවකින් එකිනෙකට වෙනස්ව ක‍්‍රියාත්මක වන) දේශපාලනය ජනප‍්‍රිය තලයෙන් එහාට රටේ නිෂ්පාදන බලවේග අවදි කරන්න පුළුවන් සැබෑ ගතිකයන් දක්වා වර්ධනය කරන්න පුළුවන් මතවාදමය අවකාශයක් නිර්මාණය නොවීම ඇතුලෙ මේක සිද්ද වෙනවා කියලයි මට පේන්නෙ. ලංකාව  ඇතුලෙ මේ ඛණ්ඩිත මතවාදමය ස්වරූපය ඇත්තක්. මෙච්චර කාලයක් දේශපාලනය ඇතුලෙ සිද්ද වුණේ තමන්ට අදාල නොවන වෙනත් මතවාදයකට ජනතාව බලෙන් පරාරෝපණය වුණු එක. ඒ වෙනුවට රටේ දේශපාලන නායකත්වය ඒ ඛණ්ඩිත ස්වරූපය ආකෘතියක් විදිහට තෝර ගන්නවා. වඩාත් බලවත්ව නැගෙන ජනතා මතවාදය සමග එක`ග වීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඒක. (ජනතාවගේ මෝඩකමෙන් එහාට පාලනය යන්නෙ නෑ) එතනදි බලවත්ව නැගෙන්නෙ රෝගයක් නම් ආණ්ඩුව ඒ රෝගය සමග එක`ග වෙනවා. යුද්දයේදී තෝරා ගත් ජනප‍්‍රියවාදී අදහස් ආර්ථික කාරණා එක්ක ගැලපෙන අවකාශයකට තල්ලූ කර ගන්න බැරි වීමත් සමග ජනතාව යන්න තෝර ගන්නෙ අතීතෙට. මරණයට.

මිනිස්සු තමන් විසින් යටපත් කළ ලිංගික ආශාවන්ගෙන් මෙහෙයවෙනවා කියන ෆ්‍රොයිඩියානු අදහස අභියෝග කරමින් ජේසන් සිල්වා කියන ප‍්‍රසාංගික දාර්ශනිකයා ‘මිනිස්සු යටපත් කරගෙන ඉන්නෙ මරණයේ භීතියයි’ කියල කියනව. තමන්ගේ මරණය පිළිබඳ දැනුවත් එකම සත්ත්ව වර්ගය විදිහට මරණය ගැන භීතිය හැම මිනිස් කාරණයක් පිටිපස්සෙම තියෙනවා කියල එයා කියනවා. එතනදි මේ මරණය ගැන භීතිය මග හරින්න ශිෂ්ටාචාරය ක‍්‍රම තුනක් තෝර ගන්නවා. එකක් ආගමික විදිහ. තමන්ගේ මරණයෙන් පස්සෙ යන තැනක් ගැන ආගමික විශ්වාසයක් මේක. ඒ විශ්වාසයෙන් තමන්ගේ ජීවිතය නිර්මාණය කරනවා. උදා විදිහට අපේ බෞද්ධයන් ජීවත් වෙන්නෙ මරණෙන් පස්සෙ දෙව් ලොව සැප විඳින්න උවමනා කාරණා හිතේ තියාගෙන. ක‍්‍රිස්තියානි අය දෙවියන් වහන්සේගෙ නඩු තීන්දුවෙදි දෙන්න පුළුවන් උත්තර ගැන.. මුස්ලිම් අය, කියල වැඩක් නෑ.

ඒත් මෙතනදි බෞද්ධයො ගැන මට පුදුම හිතෙනවා. ගෞතම කියලා තමන් විසින්ම බුද්ධත්වය පසක් කළා කියන ශාස්තෘන් කෙනෙක් මරණය ගැන කල්පනා කිරීමෙන් ජීවිතය අත්හරින්න කරන යෝජනාවකට ඒ ගොල්ලො එක`ග වෙනවා. (මං කතා කරන්නෙ ව්‍යවහාරික බෞද්ධ මතය ගැන) අනිත් ආගම් හැම එකක්ම යෝජනා කරන්නෙ ජීවිතය පැත්ත (ආශාව) තවත් විශාල කර ගැනීමක් ගැන. උදා විදිහට හින්දු ආගමේ සදාතනික ආත්මය ගැන අදහස. ඒත් බුදුන් කියන්නෙ සියල්ල අත්හරින්න. ඒ අනිත්‍ය නිසා (මරණය නිසා). මේ කාරණයේ තියෙන ඇත්ත නැත්ත නෙමෙයි ප‍්‍රශ්නෙ. මේකෙ තියෙන මූඞ් එක. දුක. හිස්කම. කවුරු හරි ඒක ජීවිතය පිළිබඳ සත්‍යය කියල කියනවා නං ඒක හරි සරල කතාවක්. ඒත් බෞද්ධයන් තමන්ගෙ තනි ජීවිතය වඩා නිදහසේ විඳීම වෙනුවට කැප කිරිමේ මාර්ගය උත්පත්තියෙන් තෝර ගන්නවා. බුදුන් විසින් වදාරන පාරභෞතික ආකෘතියක් පිළිගන්න ගමන්. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මග... මේවා ගැන අද අපි කතා කරන හැම දෙයක්ම එක්තරා ප‍්‍රබන්ධයක්. ඒ ප‍්‍රබන්ධය නිසා කුතුහලය සහ විනෝදය කියන මනුස්ස කාරණා අපි පවත්වා ගන්නෙ හරිම ප‍්‍රාථමික තලයක. අපි යුද්ද කළෙත් ඒක රට බේරා ගැනීමේ මහා කුසලයක් කියල කිව්වට පස්සෙ.

මරණය මග හැරීමෙ දෙවෙනි අවස්ථාව විදිහට එයා කියන්නෙ මරණය රොමාන්තික කරන එක. අපි ආදරය එක්ක මරණය ගැටගහනවා. එයා වළාකුල්..සුළ`ග..කියල කියනව. ටික කාලෙකදි මේ මරණය පරද්දන රොමාන්තික ප‍්‍රබන්ධය දරන්න ඇත්ත ශරීරයට බැරි වෙනවා. සම්බන්ධතා ඇතුලෙ මහා පිපිරීම් ඇති වෙන්න ගන්නවා. ඒත් ටික කාලෙකට හරි අපිට මරණය ගැන අදහස අමතක කරන්න  පුළුවන් වෙනවා.

තුන්වෙනි කාරණය විදිහට කියන්නෙ නිර්මාණකරණය. අපි අපිට වඩා විශාල දේවල් නිර්මාණය කරනවා. අමරණීය වෙන්න. කලාවන්, විශාල තාක්‍ෂණයන් හැම දෙයක්ම බිහිවෙන්නෙ මේ අමරණීය සිහිනය ඇතුලෙ. අඩුම තරමෙ අපි පවුලක් හරි නිර්මාණය කරනවා, භාෂා ලෝකයක හරි අමරණීය වෙන්න.

ඒත් ජේසන් මෙතනදි හතරවැන්නක් යෝජනා කරනවා. ඒ ඇත්තටම මරණය අභියෝග කරන එක. ජාන ඉංජිනේරු විද්‍යාව සහ අප සතු සියලූ හැකියාවන් උපයෝගී කරගෙන අපේ ජීව විද්‍යාත්මක භෞතිකය වෙනස් කරන්න එයා යෝජනා කරන්නෙ. ඒක ඇත්තට පුළුවන් වෙයි. අවුරුදු 1000ක 2000ක මිනිස් ජීවිතයක්... ඒත් ලංකාව වගේ රටක අවුරුදු 50ක් වත් කරන්න තියෙන්නෙ මොනවද? අපි යන්නෙ අනිත් පැත්තට. නලින්ද සිල්වා කියනවා වගේ අපිට ක්වොන්ටම් වලට වඩා වැදගත් වෙන්නෙ මහසෝනාව. විෂ්ණු අවතාර.

කරුණු ඔක්කොම එක තැනකට එක මතයකට ගේන්න  ඕන කියල හිතුණත් මං ඒක නොකර ඉන්නවා. ඛණ්ඩිත අදහස් දැක්වීමක් එක තැනකට ලක්ෂගත වුණු මතවාදයකට වඩා විහිළුවක්, විනෝදයක් ඔලූව ඇතුලෙ නිර්මාණය කරාවි.

-චින්තන ධර්මදාස



Monday, August 27, 2012

දෙවියෝ සහ භූතයෝ (සිනමා සොහොනකදී තර්කොව්ස්කිගේ අවතාරය හමුවීම)

’අපි අපේකම කියල පෙන්නන්නෙ මොනාද? අර පරණ ගල්කණු ටිකනෙ අයියෙ. උන්ට එහෙමද? කෑම ගත්තත්, ඇඳුම් ගත්තත්, ඒ ඔක්කොටම වඩා උන්ගෙ භක්තිය අයියෙ. ඔච්චර යුද්දෙකටත් පස්සෙ තාම ඒ භක්තිය පොඞ්ඩක් වත් අඩු වෙලා නෑ’
යාපනේ ගිහින් ආපු අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා එහෙම්පිටින්ම වෙනස් වෙලා.

‘මේ වවුනියාවෙන් එහාට සිංහල වචනයක් වත් තේරෙන්නෙ නෑ අයියෙ. ඒ ටික උන්ටම දීලා දාන්න තිබුණෙ’
දෙමළ ජනතාවගේ ජීවිතය උගේ ජීවිතය කණපිට පෙරලා ඇත. මටත් දෙමළ මිනිස්සු ගැන පුදුම හිතෙන දේ ඒක. හැම පවුලකින්ම එකෙක් හෝ බිලිවුණු යුද්දෙකින් පස්සෙත් තවමත් දෙවියන් ඉදිරියේ කඳුළු පිරිච්ච ඇස් වලින් ගලාහැලෙන ඒ භක්තිය... ඒ භක්තිය දරන්න පුළුවන් පොලොවෙ ගැඹුරටම මුල් ඇදපු විශාල ජීවිතයකටම විතරයි. හැම ලෞකික ව්‍යසනයක් ඉස්සරහම ආපහු නැගිටින්න පුළුවන් හයිය දෙමළ මිනිස්සුන්ට දුන්නෙ ඒ සදාතනික භක්තිය.. දෙමළ මිනිහෙක් ඉස්සරහදි හැම ඇත්ත සිංහල මිනිහෙක්ම අවුල් වෙන්නෙ ඒ හින්ද. වරදකාරී හැ`ගීම අපේ උරුමය. දෙවියන් ඒ මිනිස්සුන්ගෙ උරුමය.

තර්කොව්ස්කිගෙ චිත‍්‍රපටි ගැන කීප තැනකදිම කතා බහ ඇති වුණා. චිත‍්‍රපටි ඔක්කොම එක දිගට පෙන්නගෙන ගිය උණුසුමත් එක්ක. මට තර්කොව්ස්කි දිරවා ගන්න බැරි වීමත් එක්ක මේ කතා ටිකක් දික්ගැස්සුණා. ‘මාරයි නේ....’ කියල ගන්න ආස්වාදනීය හුස්ම මගේ මොට්ට ආයුදේ හින්ද බාධා වුණා.
’ඒ වුණත් උඹ මොකුත්ම නැතුව උගේ සිනමාව ඇතුලෙ ඔහේ දියවෙලා යන්න ඉඩ ඇරියොත් උඹට ඒක දැනෙයි. උඹේ අදහස් එක්ක ඇතුලට ගිහින් ඒක ගන්න බෑ’
ඩෙනිස් මට කිව්වා. ‘කර්තෘ මැරලා. රෝලන්ඞ් බාත් කිව්වා.
‘ඌ කවුද කියන එක අදාල නෑ කියලයි මං කියන්නෙ. අපි ගන්න  ඕන උගේ සිනමාව විතරයි’ ඩෙනිස් අපේ කතාවෙ සීමාවක් ලකුණු කළා.

මට කර්තෘ නැතුව කෘතිය කියවන්න බෑ. කෘතිය ඇතුලෙන්ම කර්තෘව නිර්මාණය කරන නිසා. විශේෂයෙන් තර්කොව්ස්කි වගේ කෙනෙකුගේ කෘතියක්. කර්තෘ මරලා කෘතිය කියවන්න මං එක`ගයි. ඒත් කෘතිය ඇතුලෙ කර්තෘ ක‍්‍රියාකාරීත්වයන් (මැදිහත්වීම්) දැනෙද්දි මං ඒවා ගැනත් කියනවා. ඒක කෘතිය ඉල්ලා සිටින දේශපාලනය. එතනදි ඒ දේශපාලනේ ඉතිහාසෙට මං ඇතුල්වෙනවා. ඒ සමස්ත කෘතිය ඇතුලෙදි මට තර්කොව්ස්කි පේල්. මොකද මට අනුව තර්කොව්ස්කි කියන එකයි කෘතිය. තනි තනි චිත‍්‍රපටි කියන්නෙ ඒ කෘතියෙ කොටස් විතරයි.

කෘතියක් ඇතුලෙන් මං බලාපොරොත්තු වෙන්නෙ කර්තෘගේ ලෝකයේ ඇවිදින්න යන්න. කර්තෘ කෘතියට වඩා විශාල තැනකදි ඒක වැඩියෙන්ම වෙනවා. මට කර්තෘගේ මානසිකත්වයට ඇතුල්වෙන්න යතුරු  ඕනි. ඒ යතුරු සම්පාදනය කෘතිය කිරීම වගේම කර්තෘගේ වගකීමක් විදිහටයි මං ගන්නෙ.
ඒත් කෘතිය විතරක් රස විඳින පේ‍්‍රක්‍ෂක උත්තෝමවාදය නරකයි කියල කියන්න බෑ. ඒක ඉතින් වෙන ඉස්කෝලයක්. වෙන සම්ප‍්‍රදායක්. ඒක තමයි අදේශපාලනික විදිහ. පැසිව් වර්ෂන් එක. ගෑණු එක. එතනදී කෘතිය ගැන හෝ කර්තෘ ගැන දේශපාලනික විචාරයකට යන්න පුළුවන්කමක් නෑ. අපි ගිහින් තියෙන්නෙ ආත්මීය චාරිකාවක්. වාස්තවික දෙබසකට එතන ටිකට් නෑ.

මට තර්කොව්ස්කි කියන්නෙ කලාව පරමාදර්ශීයි කියල විශ්වාස කරපු පටු ජීවිතයක් (කෘතියක්). ජීවිතය ඇතුලෙ පරමාදර්ශ ගොඩනගන්න බැරි වෙද්දි අපි අපේ නිර්මාණ ඇතුලෙන් පරමාදර්ශී දේවල් හොයන්න යනවා. කොහොමටත් කලාව කියන්නෙ මරණය පරාජය කරන්න අපි ගන්න ට‍්‍රයි එකක් කියලා ෆුකෝ කියනවා (මිචෙල් ෆුකෝ)

පරමාදර්ශී කලාව කියන්නෙ ඒ යුතොපියානු සිහිනය. අපි මේ කර්තෘගේ ළදරුකම ආධ්‍යාත්මික විදිහට කියවන්න උත්සාහ කරනවා. තර්කොව්ස්කි ‘ස්පිරිචුවල්’ ඩිරෙක්ටර් කෙනෙක් වෙනවා. එයා ගැන දේශපාලනික කියවීම පමා වීමෙන් එතන පරිණත බවක් පෙන්නන්න යන නොණ්ඩි ගහන යුරෝ ක‍්‍රිස්තියානු වාමාංශික කලා විචාරය නොස්තැල්ජියාවක් හදනවා. මේ කල්පිතය-රෝගය- මිත්‍යාව සම්මාන උළෙලවල් හරහා අධිනිශ්චය කරනවා.

ආදරය සහ මානවීයත්වය ගැන ගොඩක් දේවල් ආන්ද්‍රෙයි තර්කොව්ස්කි කියනවා. එයා ආධ්‍යාත්මික ගුරු කෙනෙක් තත්වයේ සිනමාකරුවෙක් කියල හඳුන්වන විචාරකයො ගොඩක් මේ කතා උපුටා දක්වනවා. ඒත් ආන්ද්‍රෙයි රුබලොව් චිත‍්‍රපටිය වෙනුවෙන් තර්කොව්ස්කි කෲර විදිහට අශ්වයෙක් මරා දානවා. කුරුස යුද්දයේ මානසිකත්වයෙන් ආර්ට් වෙනුවෙන් කළ මහා මොකක්ද වගේ සියලූ විචාරකයො ඒක උත්කර්ෂවත් අන්දමින් ඒක බාර ගන්නවා.  ඒත් මට එතනදී තර්කොව්ස්කි කියන ඒ කෘතියෙ සෙන්ටර් පොයින්ට් එකක් වෙලා තිබ්බ මානවීයත්වය කොටුවක් ඇතුලෙ හිර වෙනවා. ඬේවිඞ් ලින්ච්, ජිම් ජාර්මුෂ් වගේ අධ්‍යක්‍ෂවරුන් තරම් මාව වස`ගයට ගන්න ආන්ද්‍රෙයිට බැරි වෙනවා.
‘හැම මිනිහෙක්ම කියන දේයි කරන දේයි අතරෙ වෙනසක් තියෙනවා. ඒ වෙනස ප‍්‍රශ්න කරන එක තේරුමක් නෑ කියල මං කියන්නෙ’
ප‍්‍රියන්ත කිව්වා.

ඒ කතාව ඇත්ත. හැම මිනිහෙක්ගෙම ඒ ගැප් එක තියෙනවා. ඒත් ආර්ටිස්ට් කෙනෙක් කියන්නෙ එහෙම මිනිහෙක් නෙමෙයි. කර්තෘ මැරිලා කියන පෝස්ට් මොඩර්න් දෙබස ඇතුලෙන් එන කතාව ආයිමත් කර්තෘ කියන විශ්වයක් නිර්මාණය කරනවා. රෝලන්ඞ් බාත් කියන අදහසට මිචෙල් ෆුකො වෙනසක් යෝජනා කරන්නෙ ඒකයි. කර්තෘ මැරිලා. ඒක හරි. ෆ්‍රෙඞ්රික් නීට්ෂේත් ඒක කියනවා. ඒත් කර්තෘ එතැනින් වෙන ක‍්‍රියාකාරීත්වයකට මාරු වෙනවා. කෘති හරහා නැවත කර්තෘ කෙනෙක් ගොඩනැංවෙනවා. ඒ කර්තෘ විවිධ මාධ්‍යයන්ගෙන් විශාල විදිහට ප්‍රොජෙක්ට් කරනවා. ඒක දේශපාලනික කරනවා. විශේෂයෙන් තර්කොව්ස්කි වගේ චරිතයක් ඩිස්කර්සිව් චරිත බුදුවරු වගේ. ඒවා ගැන පුද්ගලික දේවල් මොකුත්ම අපි දන්නෙ නෑ. දන්න ඔක්කොම ප‍්‍රබන්ධ. කෘතීන්. සහ ඒ කෘතීන් විසින් දිශානුගත කරන දේශපාලනයක් සහ මතවාදයක් තියෙනවා. කෘතියක් සවිඥාණකව කියවීම කියල මං කියන්නෙ ඒකට. අනිත් එක බෙඞ් ටයිම් ස්ටෝරීස්.
එක්තරා රතු ඉන්දියානු ගෝත‍්‍රික නායකයෙක් මුණගැහෙන්න මාධ්‍යවේදියෙක් යනවා. ගෝත‍්‍ර නායකයා එක්ක කතා කරද්දි එයා ඒ පොලොව ගැන එයා දන්න තරම කියන තැනකට කතාව එනවා.
‘උදැල්ලකින් කොටන ගැඹුරෙ ඉඳන් ලිඳක් හාරන ගැඹුර වෙනකල් මේ පොලොව අපි දන්නවා’ ඉන්දියානු ගෝත‍්‍රිකයා නළල රැුලි කරලා මේ අහන අමුතු ප‍්‍රශ්න ගැන හිත හිත උත්තර දෙනවා.

මේක මාධ්‍යවේදියාගෙ ඔලූවෙ දාර්ශනීකරණය වෙනවා. ඒකට ආධ්‍යාත්මික වගේ එයාගෙ ඔලූවෙ තියෙන ගිල්ටීස් සහ එරියස් එකතු වෙනවා. අන්තිමට මේ ගෝත‍්‍ර නායකයා මාධ්‍යවේදියාගෙ සමාජ දේශපාලන දැනුම ඇතුලෙන් ආධ්‍යාත්මික/සවිඥාණක/ බුදු වගේ තැනකට තල්ලූ වෙනවා.
ඒත් ගෝත‍්‍ර නායකයා කියන්නෙ සරල කතාවක්. එයා උදැල්ලෙන් කොටලා තියෙනවා. ලිඳක් හාරලා තියෙනවා. එයා පොලොව ගැන දන්නෙ එච්චරයි.

මේ විදිහට අපි විසින් කරන දාර්ශනීකරණය කරන ලද කර්තෘට ඇත්ත ලියන්නා හෝ මිනිසා සමග ඇති සම්බන්දයක් නෑ. ඒක කෘතියක්. ඒ කෘතිය කියන්නෙම විෂයක්. තර්කොව්ස්කි සම්බන්දයෙන් මේ අවුල වැඩියෙන් සිද්ද වෙලා තියෙන්නෙ ඒ දාර්ශනීකරණය රුසියානු විප්ලවය සහ ජේසුන් වගේ කොන් දෙකක් සම්බන්ද කරමින් ගොඩනැගෙන නිසා. ඒක කම්බයින් සබ්ජෙක්ට් එකක්.

අපි අත්විඳින කෘතියක් පිළිබඳව ගැඹුරු දැනීමක් අපිට උවමනායි කියල මං හොඳටම විශ්වාස කරනවා. මේ වෙද්දි හුදකලා කෘතීන් නැහැ. ඒවා එකිනෙක සම්බන්දයි. කර්තෘ හා කෘතිය කියන්නෙ දෙකක් නෙමෙයි. එකක්. උදා වදිහට ජැක්සන් ඇන්තනි කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. ඒක කෘතියක්. ඒ කෘතිය තවත් කෘතීන් ගණනාවක් එක්ක සම්බන්දයි. කවුරු හරි ජැක්සන් කියන කෘතිය බාත් කියපු නිසා මගඇරලා ජැක්සන් කරපු වැඩවල ගංජා ආතල් එකක් ගන්න ගියොත්... (ගියාට කමක් නෑ) සහ ඒ ආතල් එක දැනුමක් විදිහට පාවිච්චි කරන්න ගියොත් ලොකු අවුලක් සිද්ද වෙනවා. ඒක රාවණා ආපහු එනකං බලන් ඉන්නවා වගේ අවුලක්. ඉතිහාසය ඇත්ත කියල පිළිගන්නවා වගේ අවුලක්.

අනික් අතට කෘතිය ගැන වාස්තවික දැනුමකින් එහා ආත්මීය අත්විඳීමක් වුණත් මේ තමන්ගේම වූ ආත්මීය චාරිකාවෙන් එහාට යන්න  ඕනි කියලයි මං හිතන්නෙ. නැත්තං අපිට එක එක නම් වලින් ආයිමත් ආයිමත් මුණගැහෙන්නෙ අපේ මනෝභාවයන්ම විතරයි. හරියට ඒක පාර්ශ්වික පේ‍්‍රමයක් වගේ. අන්තිමට සිද්ද වෙන්නෙ ස්වයං වින්දනයක් විතරයි.

ඒ වගේ ආත්මීය සුරතාන්තෙක පරිපූර්ණ තෘප්තිය ලබන්න කර්තෘ එක්ක යහන්ගත වීම අනිවාර්යයි කියලයි මං කියන්නෙ. ඒකෙදි කෘතිය සහ කර්තෘ එකට ගන්න වෙනවා. නැත්තං අපි අල්ලන් ඉන්නෙ ජංගියක් විතරයි. කෘතිය ඇතුලෙන් කර්තෘ සමග සංවාසයකට අපි යනවා. ඒ කර්තෘගෙම වෙනත් පොත් අපි කියවනවා. එක තැනකදි එයා අපිව අවුල්  කරනවා. ආතල් කඩනවා. අපි ටික ටික එයාව මගඅරිනවා. දැන් මාව අවදි කරන්න තර්කොව්ස්කිට බෑ. ඒත් එයා වෙන අයට මාර පොරක් වෙන්න ඒකෙන් බාධාවක් නෑ.

කර්තෘ කියන ස්වභාවික මිනිහාගේ මරණය සිද්ද වෙන්නෙ ඒක ප‍්‍රකාශනයක් විදිහට නිෂ්පාදනය වෙද්දිමයි. එතැනින් එහාට ඉන්නෙ කෘතියට සාපේක්‍ෂ කර්තෘ කෙනෙක්. ලිජන්ඞ්ස් හැදෙන්නෙ ඒ කර්තෘත්වය එක දිගට තවත් තවත් විශාල අවකාශයන් දක්වා පුළුල් කරන එකෙන්. අන්තිමට එයා පුංචි හිලක් නම් අපි ඒකට හුලං ගහලා මොකටද?

කර්තෘ කියන කාරණය මේ වෙද්දි වඩාත් සංකීර්ණ අවකාශයක් වෙලා කියල ෆුකෝ විස්තර කරනවා (වට් ඉස් ඇන්  ඕතර්?) ඒක තවදුරටත් යම් කතිකාවක් නිෂ්පාදනය කිරීම කියන ඍජු කාරණය එක්ක සම්බන්ද නෑ. කර්තෘ තවදුරටත් පුද්ගලයෙක් නෙමෙයි. ඒක පුද්ගල එකතුවක්. කතිකා සමූහයක්. සංකීර්ණයක්. පුද්ගලයා සහ කර්තෘ කියන එක අතර මේ හැම දෙයක්ම තියෙනවා. ෆ්‍රොයිඞ්, මාර්ක්ස් වගේ අය මෙතනදි වැටෙන්නෙ මහා ආඛ්‍යාන ගොඩට. සිනමාවෙදි තර්කොව්ස්කිත් ඒ වගේ කියලයි මගේ අදහස.

කර්තෘ මැරිලා කියන බාත්ගේ අදහසට අවුරුදු දෙකකට පස්සෙ මිචෙල් ෆුකෝ කර්තෘත්වයේ ඉතිහාසය සහ බලය ගැන තමන්ගෙ කතිකාව එලියට ගේනවා. එතනදි කර්තෘ සංකීර්ණයක් වෙනවා. සමහර විට කෘතියට වඩා විශාල සංකීර්ණයක් වෙනවා. කර්තෘ අමතක කර කෘති කියවන්න යාමෙන් මේ සංකීර්ණ අතිවිශාල වෙන්නත් එතනින් බෝවෙන රෝගයක් වෙන්නත් පුළුවන්. තර්කොව්ස්කි සින්ඩ්‍රෝමය දැනටමත් තියෙන්නෙ වසංගත මට්ටමට ටිකක් අඩුවෙන්. වැළඳුණු අය අඩුවෙන් වාර්තා වුණත් වාර්තා නොවූ ආසාදිතයන් ප‍්‍රමාණය විශාලයි.

-චින්තන ධර්මදාස

Monday, August 20, 2012

මට ගෙදර යන්න ඕනි..

කොළඹ එකම පාරවල් ආයිමත් ආයිමත් දැකලා එන ඔක්කාරෙන් මිදෙන්න හික්කඩු ගියා. මුහුද දිහා බලාගෙන හීනියට ජොයින්ට් එකක් එක්ක චිලී වයින් බෝතලයක් ගත වෙද්දි අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා සිංදු වගයක් දැම්මා යූ ටියුබ් එකේ.





‘බ්‍රෝකන් හාර්ට්ස් සිංහල කියල ගහන්න’ ඌ කිව්වෙ එහෙම.
ආදරයේ උණුසුම ළ`ග දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ...

මං කවදාවත් සෝමතිලක ජයමහ කියද්දි ඔය සිංදුව කණේ තියන්නෙ නෑ. ඒත් තිළිණ දුලාන් කියන මේ කොල්ලා කියද්දි ඒකෙ තිබුණෙ සෝමතිලක කියන කතාව නෙමෙයි. ඒක වෙනම තනුවක්. වෙනම සිංදුවක්..ගිටාර් එකකට යන්තම් තට්ටු කර කර කියන සිංදු කීපයක් එක දිගට ඇහුණා. ඒ හැම සිංදුවකම තිබුණෙ එකම කතාවක්.
මරණය....

‘මේ කොල්ලට බූට් එකක් තියල. එයා යාලූවො එක්ක ඒ දුකට සෙට් වෙලා තමයි මේ සිංදු කියල තියෙන්නෙ. ඊට පස්සෙ බයික් එකට නැගලා ඇහුවලූ,
මචං මං මැරෙන්න යනවා. කවුද එන්නෙ?’ කියල.
‘මං එනවා’ කියල තව එකෙක් නැග්ගලූ.

ඒ යන අතරෙ වෑන් එකක වැදිලා දෙන්නම එතනම මැරිලා. ඇක්සිඩන්ට් එකේ ෆොටෝ ටිකත් වීඩියෝ එකක දාලා තිබුණ. අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා කතාව කියාගෙන ගියා. ඒ හුදකලාව, ඒ කාංසිය ඒ තරමට වචන වලට ගේන්න කිසිම ගායකයෙකුට බෑ. ඇත්තටම එතනදි වචන වැදගත් නෑ. එයා කියන්නෙ මරණය. ඒක තනිකරම මරණය.

හවස ඒ තෝන්තුව මකා ගන්නත් එක්ක පාර දිගේ ඇවිදින්න ගියා. හික්කඩුව හරිම උණුසුම් නගරයක්. මූඞ් ෆික්ස් කරන්න මරු. රාස්සිගේ අව්ව වැල්ල දිගේ මැකීගෙන යද්දි ඒ අහසෙ පාට කැන්වස් පෝලිමක් දැකලා අපි නතර වුණා. ‘සැෆ්රන් රෝබ්ස්’ පොඩි චිත‍්‍ර කඩයක් වුණාට ගොඩක් ගැඹුරු වර්ණ පදාස එතන තිබුණ. ගහක ගෙඩියක් කහ පාට ඉඳන් ගුරු පාට වෙනකල් ඉදිලා නටුවෙන් ගැලවිලා විමුක්තිය ලබන තාක් පැහැ මුහු වුණු සිවුරු ගැන අදහස භාවනාවක් වගේ කැන්වස් ගණනාවක් උඩ එළලා තිබුණ. ඒක බෞද්ධ නෙමෙයි. ඊට වඩා විමුක්තියෙ පාට ගැන කතාවක්. මනුස්ස රූප වැදගත් වුණේ හරි යන්තමට.

වැඩියෙන්ම ඒ පොඩි කඬේ හැම දේකටම අදහසක් තිබුණ. ඒ ආර්ටිස්ට්ගෙ එකම තේමාවක් වෙනුවෙන් හැම පොඩි ලී කෑල්ලක් පවාම කැපවෙලා තිබුණ. පැන්සල්, බුක් මාර්ක් වගේ පුංචිම පුංචි එක්තැන් කිරීමකින් පවා ඒ ගාථාව කියවුණා. මරණය ගැන මගේ ඇතුලෙ අවුල මරණානුස්සතියකට පෙරළන්න ඒ පොඩි කඬේ පිංතූර ටිකට පුළුවන් වුණා.

 කාලෙකට පස්සෙ ආයිමත් තර්කොව්ස්කි පෙන්නනවා එස්එල්ටීටීඅයි එකේ. මුලින් බලද්දි මට තර්කොව්ස්කිව වැදුණෙ නෑ. ඒක හින්ද පස්සෙ මං ගොඩක් එයා ගැන කියෙව්වා.

‘මිනිස්සු තනිකමට හරි බයයි. තනිකම කියන්නෙ බය වෙන්න  ඕන දෙයක් නෙමෙයි. ඒක හරි ලස්සන දෙයක්. මිනිස්සු ඉගෙන ගන්න  ඕන තනි වෙන්න. ඒ තනිකම ඇතුලෙන් තමයි නියම කලාව ප‍්‍රකාශ වෙන්නෙ’ තර්කොව්ස්කි කියනවා.

‘මං ඇත්තටම හිතනවා මං චිත‍්‍රපටි කරන්නෙ ඇයි කියල. විශේෂයෙන්ම චිත‍්‍රපටි දෙකක් අතර ගතවෙන දිග කාලෙදි. මේ තරං දුක් විඳගෙන මං චිත‍්‍රපටි කරන්නෙ ඇයි?’ එයා එායවම ප‍්‍රශ්න කරනවා.

මං නොස්තැල්ජියා බලන්න ගියේ හු`ගක් විශාල තර්කොව්ස්කි කෙනෙක් හිතේ තියාගෙන. මං යද්දි සමන් වික‍්‍රමාරච්චි චිත‍්‍රපටිය ගැන කතා කරනවා. ෆේ‍්‍රම් එකෙන් ෆේ‍්‍රම් එකට ගැඹුරු විශ්ලේෂණ කරමින් ඇවිත් එයා අන්තිම ෆේ‍්‍රම් එක ගැන කතාවක් කිව්වා. ඒ ප‍්‍රධාන චරිතය හරියට ෆොටෝ එකකට වගේ කැමරාව දිහා බලාගෙන එයාගෙ ගම්බද ගෙදර ඉදිරිපිට ඉන්න දර්ශනය. කැමරාව ඈතට යද්දි අපි දකිනවා ඒ ගෙදර තියෙන්නෙ රෝම බලකොටුවක් ඇතුළෙ වග.

‘මේ කිසි දෙයක් බාල සංකේත නෙමෙයි’ තර්කොව්ස්කි කියනවා කියල සමන් එතනදි කිව්වා.
ඒත් මේ ෂොට් එක මට අනුව පට්ට චාටර්. තනිකර අමුම අමු සංකේතයක්. කොලේක ලියන්න පුළුවන් තරම් ද්විමානයි ඒක. තර්කොව්ස්කි මගේ ඉස්සරහ ඇකිලෙන්න පටන් ගත්ත.

තර්කොව්ස්කි හරියට අපේ ජේවීපීකාරයෙක් වගේ. ගඩොලක් වගේ තදයි. පට්ට සීරියස්. එයා ‘ආර්ට්’ කියල එයාගෙම පරමාදර්ශයක් හදාගෙන ඒක වෙනුවෙන් කැපවෙලා වැඩ කරන්නෙ. ඒ පණ්ඩිතකම ඇතුලෙ මං දැක්කෙ ළදරුකමක්. චිත‍්‍රපටියක කාලය සහ අවකාශය ගැන තාක්‍ෂණික කාරණා අතින් එයා උපරිමයෙන් පරිණතයි. ඒත් ඒ තාක්‍ෂණය නිසාම එයා ජීවිතය පැත්තෙන් සීමිතයි. මට පුදුම හිතෙනම කාරණය වුණේ විචාරකයන් බොහොමයක් තර්කොව්ස්කි ආධ්‍යාත්මික සිනමාකරුවෙක් විදිහට හඳුනාගන්න එක. එයා දර්ශනික චිත‍්‍රපටිකරුවෙක්. ඒ දර්ශනය ඇතුලෙම එයා පුංචි වෙලා.

’‘මං ඊයෙ දෙවෙනි පාරට තර්කොව්ස්කිගෙ නොස්තැල්ජියා බලන්න ගියා. පළවෙනි වතාවෙ මං ඒක බැලූවෙ ලැප්ටොප් එකක. වැඩි ආස්වාදයක් බලාපොරොත්තුවෙන් මං කලින්ම ගොඩක් විස්තර ඒ ගැන කියෙව්වා. ඒත් ෆිල්ම් එක බැලූවම....ඒක ඛේදවාචකයක්. ඒක තර්කොව්ස්කිගෙ අවංකකම ගැන අවුලක් නෙමෙයි. ඒත් මට හිතෙන්නෙ ආර්ට් කියන්නෙ ජීවිතයට පරිබාහිරින් තියෙන වෙනම දෙයක් කියල ගන්න එකයි, සෞන්දර්යාත්මක අගයන්  ඕනවට වඩා තක්සේරු කරන එකයි හින්ද වෙන අපරාදයක් කියල. හැම ෂොට් එකක්ම ප්ලෑන් කරලා කියල දැනෙනවා. චරිත කැමරාවටම හරියට හැරෙනවා, නැගිටිනවා, නවතිනවා. මේ වගේ නිශ්චිත හැසිරීමක් ඇතුලෙ ෆිල්ම් එකක් පට්ට බෝරිං. ජීවත් වෙන කතාව කියනවට වඩා එයා ට‍්‍රයි කරන්නෙ ඒකෙ දර්ශනය කියන්න. මං හිතන්නෙ රුසියානු පොදු සින්ඩ්‍රෝමය එයාටත් තියෙනවා. මට හිතාගන්න බෑ මිනිස්සු මේ චිත‍්‍රපටි ගැන මහ ලොකුවට කතා කරන්නෙ ඇයි කියල’’
මං ෆිල්ම් එක බලලා ඇවිත් සත්‍යට කිව්ව. ඌ පට්ට උත්තරයක් දුන්න.

‘‘ඒක හින්ද තමයි මං කීප පාරක් ට‍්‍රයි කරල බැරි වුණාම තර්කොව්ස්කිව බලන්න කරදර නොවුණෙ. අනිවාර්යෙන්ම එයා සිනමා සෞන්දර්ය ගැන දෙවියෙක් වගේ වෙන්න ඇති. එයා මුදුන් මල්කඩ වගේ තමයි.
ඒත් ඉතින් දිව්‍යලෝකෙට ගියත් ඔයා ලොකුම එක්කෙනා හම්බුවෙන්න  ඕනද? මං නං ආසයි දිව්‍ය ලෝකෙ ගේට්ටුව ළ`ග ඉන්න අයට, මල් විකුණන අයට, කෝකියන්ට සහ ඩෝබි කෙල්ලන්ට’’

නොස්තැල්ජියා ඇතුලෙ කියන්නෙ මේ රුසියානු මාස්ටර්වරයාගේ ඇත්ත අත්දැකීමක්. තර්කොව්ස්කිගෙ අනිත් චිත‍්‍රපටි වලට වඩා මේක ගොඩක් වෙනස් සහ මට අනුව දුර්වලම එක. රුසියාවෙන් පිට තර්කොව්ස්කි කරන පළවෙනි වැඬේ. හැමදෙයක්ම අලූත්. වැඩ කරන අය අලූත්. එයා හිටියෙ රුසියාව ගැන වේදනාවෙන්. හෝම්සික් එක නිසා තර්කොව්ස්කි අත්විඳින භාවයන් මේ චිත‍්‍රපටිය ඇතුලට ගේන්නයි එයා ට‍්‍රයි කරන්නෙ. ආපහු ගෙදර යන්න එයාට තියෙන උවමනාව. ඒත් ඒක දාර්ශනීකරණය කරන්න යන එකෙන් එපාම වෙලා යනවා.

‘‘කලාවේ කාර්යය වෙන්නෙ අදහස් ප‍්‍රකාශ කරන එක නෙමෙයි. හැ`ගීම් අවුස්සන එක නෙමෙයි. කලාවෙන් කරන්න  ඕන මිනිහෙක්ව මරණයට සූදානම් කරන එක. එයාගෙ ආත්මය හාන්න සහ වපුරන්න පොළඹවන එක. ඒ ආත්මය වඩාත් හොඳ කරන්න පුළුවන් අවස්ථා යෝජනා කරන එක’’ ආන්ද්‍රෙයි තර්කොව්ස්කි.
මේ කියන අදහස් මාර වුණාට එයා ෆිල්ම් ඇතුලට මේක ගෙනියන විදිහ හු`ගක් ශාස්ත‍්‍රීයයි. ඒ හින්දම අජීවියි. තර්කොව්ස්කි කියන්නෙ මන්දගාමී සිනමාවේ පුරෝගාමී චරිතයක්. හොලිවුඞ් සිනමාව සංස්කරණයත් එක්ක වඩාත් ප‍්‍රවේගකාරී වෙන්න ට‍්‍රයි කරද්දි යුරෝපියානු ආර්ට්හවුස් කට්ටිය සිනමා රූපය නවත්තලා තියන්න ට‍්‍රයි කළා. මේක අන්ත දෙකක්. පස්සෙ මේ මන්දගාමී රූප වින්‍යාසය යුරෝපියානු ෆෙස්ටිවල් සිනමාවෙ සළකූනම වුණා. අපේ අලූත් සිනමාකරුවො ගොඩක් අයත් ෆේ‍්‍රම් එක නතර කරලා තියන්න සහ දෙබස් නැති චිත‍්‍රපටි හදන්න පෙළඹෙන එකේ ආභාෂය තියෙන්නෙ මෙතන.

‘‘අන්තිමට හැම දෙයක්ම පැවැත්ම සම්බන්ධ එකම එක තැනකට එනවා. ඒ තමයි ආදරය කරන්න තියෙන ඉඩ. ඒක කෙනෙකුගෙ ජීවිතයෙ හැම දේකම මූලික දේ වෙන තැන දක්වා වැඩෙන්න පුළුවන්. මගේ චිත‍්‍රපටිවල අරමුණ වෙන්නෙ ඒවා නරඹන අය ආදරය කරන්න තමා තුළ ඇති අවශ්‍යතාව ගැන සාවධාන කරන එක. ඒ ආදරය බෙදා ගන්න ඇති අවශ්‍යතාව ගැන සංවේදී කරන එක. ඔවුන්ව කැඳවන ඒ අලංකාරය ගැන ඇහෙන්න සලස්සන එක’’
-තර්කොව්ස්කි

නොස්තැල්ජියා බැලූවට පස්සෙ එක දිගට තිබුණු ඉතුරු චිත‍්‍රපටි ටික බලන්න මට තිබුණු උනන්දුව නැති වෙලා ගියා. ජීවිතය ගැන අර්ථයක් දෙන්න සිනමාවෙන් උත්සාහ කරනවා කියන එකම බොළඳ වැඩක්. ජීවිතේ තේරුං කරන්න හදන සිනමාව එක විදිහකින් නැත්තං වෙන විදිහකින් මතවාදීයි. ඒ මතවාදී සිනමාවට ජීවිතේ ගැඹුරු අහුමුළු ඉව කරන්න බෑ. කතෝලික ආධ්‍යාත්මයක් ඇතුලෙන් ජීවිතයේ වේදනාව ගැන සත්‍යයන් පසක් කරන්න තර්කොව්ස්කි වෙන මහන්සිය මට බලන් ඉන්න අමාරුයි.

 ඒත් අඩු තරමෙ ඒක අවංකයි. තර්කොව්ස්කිගෙ සිනමාව ඇතුලෙන් තමන්ගෙ ජීවිතය දකින්න හදන අපේ සිනමාකාරයො එතනදි කොයි තරං අවංකද?

මට වොරන් බෆට් කියන කතාවක් මතක් වෙනවා.
‘අවංකකම කියන එක හු`ගක් වටින දෙයක්. බාල මිනිස්සුන්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා’

-චින්තන ධර්මදාස


Monday, August 13, 2012

අදහස් සංසර්ගයක සුරතාන්තය


කාලයක් තිස්සෙ කමකට නැති ජෝක් කර කර හිටපු කාලෝ ෆොන්සේකා ටිකක් විතර හිනා යන ජෝක් එකක් ළ`ගදි කරලා තිබුණ. හේතුවාදී සංගමෙන් ලක්ෂ 10ක් දිනන්න හොල්මන් ඇත්ත කියල ඔප්පු කරන අභියෝග දහයක් දොළහක් ඉදිරිපත් කරලා තිබුණ. ඒබ‍්‍රහම් ටී කොවුර් ඉස්සෙල්ලා කරපු වැඬේ පාර්ට් ටූ එක. ලංකාවෙ මේ වෙලාවෙ භූත පිස්සුව හැදීගෙන යන වේගෙට මේ වගේ ප‍්‍රධාන ධාරාවෙ අභියෝගයක් ඉදිරිපත් වීම වැදගත්. මේක පුළුවන් තරම් පබ්ලිසිටි දීලා රට වටේ ගෙනියන එකත් වැදගත්. නැත්තං සතිපතා පත්තර වලින් හොල්මන් හදන වේගෙට, වැඩිවෙන කට්ටඩි, කේන්දරකාර තොගේට මේ කොදෙව්වෙ ඉන්න බැරි වෙනවා සිහියක් ඇති උන්ට.

රටකට එක කාලෙක පිස්සු වැස්සක් වැස්සලූ. ඒ ගැන කලින් දැනගත්ත පොරක් රජාට මේ ගැන කිව්වලූ. ඒ වැස්ස ආවෙත් පට්ට පෑවිල්ලකට පස්සෙලූ. ඉතින් පිස්සු වුණත් රජාටයි රටටයි වැස්ස රත්තරං වගේ වුණාලූ. වැස්ස වැටෙද්දි ඒ ගැන දන්න පොර විතරක් ගේ ඇතුළට වෙලා නොතෙමි ඉද්දි මුලූ රටම වැස්සෙ පිස්සු කෙලින්න ගත්තලූ. අන්තිමට ඔක්කොම පිස්සො මේ සිහියෙන් ඉන්න එකාට හිනාවෙන්න ගත්තලූ. හොඳ වෙලාවට ගෙයි පිළිකන්නෙ එකතු වෙලා තිබ්බ වතුර මුට්ටිය සිය කැමැත්තෙන්ම ඔලූවෙ නමා ගන්නවා ඇරෙන්න පොරට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ.

මොනවා වුණත් අර්බුදය තියෙන්නෙ මේ අද්භූත පිස්සුව කාලෝ තමන්ම පෙනී සිටින මහින්ද රාජපක්‍ෂවාදී ජාතිකවාදී සීමිතකමේම ප‍්‍රතිඵලයක් වෙන එක. අපේ කම, අපේ ගම කියන කොදෙව්කරණයෙම අතුරු කතාවක් වෙන එක. කාලෝ විසින් මුග්ධ විදිහට පෙනී ඉන්න මතට තිත ව්‍යාපාරයේ දායකත්වයක් වෙන එක. ප‍්‍රධාන ධාරාවෙ සටනකින් මූණ දෙන්න බැරි ගැටළුවක් ඉතුරු වෙන්නෙ ඒ හින්ද. ලංකාව දූපතක් වීම අපේ භූගෝලීය සීමාවක් නෙමෙයි. ඒක අපේ මානසික සීමාවක්. අන්තර්ජාතික වෙන්න කියල හිතාගෙන අපි ගන්න මාක්ස්වාදී, පශ්චාත් නූතනවාදී කොයිවාදී වුණත් මතවාදයක් සහ නලින්ද සිල්වා වර්ගයේ ජාතිකවාදී මතවාදයක් එක පෙළට ඉඳගෙන බෙදා ගන්න ඇත්ත මේක. උදාහරණයක් විදිහට ලංකාවෙ කොයි බුද්ධිමතෙක් වත් අලූත් තාක්‍ෂණය බාර ගන්න කැමති නෑ. ජාතිකවාදීන් ඒක බටහිර දැනුම කියල බැහැර කරද්දි මාක්ස්වාදීන් ඒක බටහිර උගුලක් කියල බැහැර කරනවා. අධ්‍යාත්මිකවාදීන් ඒක අල්පේච්ඡු ජීවිතේ කියල බැහැර කරනවා. මේ වෙද්දි ලෝක මනුෂ්‍යයා බුදුවරුන් රහතුන් වහන්සේලා විසින් අධිඥාණ ලබා හිමිකරගත් හැකියාවන් තාක්‍ෂණයෙන් අත්පත් කර ගනිමින් ඉන්නවා. ලෝකෙ මේ කොනේ ඉඳන් එහා කොණට තත්පර දශම ගාණකින් සම්බන්ධ වෙන්න අපිට පුළුවන්. අන්තර්ජාලයේ විවිධ වේශයන්ගෙන් සැරිසරන්න අපිට පුළුවන්. එක තත්පරයකින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අපිට දැනෙන දේ සන්නිවේදනය කරන්න පුළුවන්. එකවර කීප තැනක පෙනී ඉන්න පුළුවන්. දැන් ඇත්තටම අධිඥාණ සමාපත්ති ගැන කතා නයිට් රයිඩර් කාර් එක තරම් පරණයි.

ඒත් ඒ තාක්‍ෂණය බාර ගන්න අපි ලෑස්තිද කියන එක ප‍්‍රශ්නයක්. මේ දූපත් මානසික සීමාවෙන් අපිට ඒ මානව තාක්‍ෂණයේ ආශ්චර්යයන් දකින්න බෑ. අපි ඒ අදහස් හුවමාරුව ඇතුළට යන්නෙ නෑ. මේ වෙද්දි මනුෂ්‍යයා සම්බන්ධ භෞතික පරිණාමය ඉවරයි. ඉතුරු ටික තියෙන්නෙ අදහස් පරිණාමය ඇතුලෙ. ඒත් ඒ සංවාදයට අපි එකතු වෙන්නෙ කොහොමද මේ දූපත් වැට මායිමත් එක්ක? බුදුන්ට පස්සෙ බිහිවුණු කිසිම බුද්ධිමතෙක් බාර ගන්න ලංකාවෙ ඔලූ පරිණත නෑ. අපි සෙක්ස් වලට විරුද්ධයි. ඩ‍්‍රග්ස් වලට විරුද්ධයි... කිසි හේතුවක් නැතුව. අපේ සංස්කෘතිය කියල අපිම කූඩුවක් හදාගෙන. අනාගතය වෙනුවට අපි යන්න ලෑස්ති අතීතෙට.

ටෙඞ් ටෝක්ස් වල මැට් රිඞ්ලි ලස්සන කතාවක් කියනවා. මැට් රිඞ්ලි කියන්නෙ බි‍්‍රතාන්‍ය විද්‍යාඥයෙක්. මාධ්‍යවේදියෙක්. රචකයෙක්. එයා කියනවා ලෝකෙ හැමදාම අනාගතය ගැන අසුබ කතා කීම පැවතුණා කියල. ජනගහණය වැඩිවෙනවා. කැන්සර් ඒඞ්ස් පැතිරෙනවා. කාන්තාර වැඩි වෙනවා. අම්ල වර්ෂා වැටෙනවා. තෙල් ඉවර වෙනවා...හැමදාම මේ වගේ කතා කිව්වා. ඒත් ඇත්තටම මොනවද වුණේ?
අපේ ජීවිත කාලය ඇතුලෙදි ඒක පුද්ගල ආදායම තුන්ගුනේකින් වැඩි වුණා. මිනිස් ආයු කාලය 30%න් වැඩි වුණා. ළදරු මරණ සංඛ්‍යාව 2/3කින් අඩු වුණා. තාක්‍ෂණයත් එක්ක ජීවන තත්වයන් සංවර්ධනය වුණා. ඒත් අපි තාම අනාගතේ ගැන දකින්නෙ භයානක හීන. අතීතෙ අපිට වඩාත් ආරක්‍ෂිතයි කියල හිතෙනව.

ලෝක ජනගහණය වැඩිවෙද්දි කොහොමද සංවර්ධනය වැඩිවෙන්න පටන් ගත්තෙ? මැට් විස්තර කරනවා. මිනිස් මොළ එකතු වෙලා හිතන්න පටන් ගත්ත. අදහස් වැඩි වැඩියෙන් සංසර්ගය කරන්න ගත්තා. මැට් කියන්නෙ අදහස් ලිංගිකව එක්විය යුතුයි කියල. අදහස් තමයි ශරීරය. අපි හැදිලා තියෙන්නෙ අදහස් වලින්. සමේ ෙසෙල ගැන අදහස, මොළයේ ෙසෙල ගැන අදහස මේ විදිහෙ අදහස් සමුදායක් තමයි ලෝකය. මේ අදහස් වැඩි වැඩියෙන් සංසර්ගය වෙමින් තනි මිනිස් මොළයට හිතාගන්නවත් බැරි පරිමාවක නිර්මාණ කරනවා. ඒකට කියන්නෙ හුවමාරුව (එක්ස්චේන්ජ්)

මැට් හෝමෝ ඉරෙක්ටස් විසින් පාවිච්චි කළ පොරොවක් සහ පරිගණක මීයෙක් තිරය මතට ගේනවා. මේ දෙකම මිනිස් අතට ගැලපෙන විදිහට නිර්මාණය කරපු තාක්‍ෂණයන්. ඒ ගල්පතුර ජීවත් වුණු පොලොවට සීමා වුණු තාක්‍ෂණයක්. ඒත් පරිගණක මීයා... පෙට්‍රෝලියම්, ප්ලාස්ටික්, සිලිකන් වගේ ලෝකෙ පුරාම විසිරුණු අදහස් ගණනාවක් එක්තැන් වුණු සංකීර්ණ තාක්‍ෂණයක්. ගල් පතුර ගැන අපිට හිතාගන්න පුළුවන්. ඒ පරිගණක මීයා කියන තාක්‍ෂණය ගැන හිතාගන්නවත් පුළුවන්ද? ඒක සිද්ද වෙන්නෙ ලෝකෙ පුරා අදහස් ලිංගිකව එක්වීමෙන්.

එතකොට ලංකාවෙ අපි ආයිමත් යන්න හදන්නෙ අපිම වවාගෙන කන පරණ තාක්‍ෂණයට. තනි තනි ඔලූ වලින් නිපදවෙන අදහස් වලට. කොකා කෝලා එපා කිය කිය, රාවණා තමයි පොර කිය කිය අපි ඉගිල්ලෙනවා වෙනුවට මීයො වගේ පොලොව යට ගුල් හාරනවා. මේක වුණා තස්මේනියාවට. මුහුදෙන් තස්මේනියාව වටවෙලා ප‍්‍රධාන බිමත් එක්ක සම්බන්ධය නැති වුණාම තස්මේනියාවෙ සියලූ තත්වයන් ආපස්සට යන්න ගත්තා. කිසි අලූත් නිෂ්පාදනයක් අවශ්‍ය වුණේ නෑ. ඒ පොඩි ජනතාව වෙනුවෙන් නිෂ්පාදනය කරන්න යන ශ‍්‍රමය ඵලදායී වුණේ නෑ. හුවමාරුව නතර වුණා. සංවර්ධනය එතනම නතර වුණා. ලංකාවෙ අපි දැන් අත්විඳිමින් ඉන්නෙ ඒ වගේ තත්වයක්. ලෝකෙත් එක්ක අපේ හුවමාරුවක් නෑ. ඇත්තටම අපිට අදහසක් නෑ. එන්න එන්න අතීතෙට යන ජාතියකට අතීත විශ්වාස ආයිමත් මුණගැහෙනවා. අනාගතයේ වෙනුවට අද්භූත ලෝකෙ ජීවත් වෙන්න පටන් ගන්නවා.

මිනිස් පරිණාමය සිද්ද වෙන්නෙ ලිංගික සංසර්ගයෙන්. ලිංගික සංසර්ගය නොවුණු සත්ත්ව වර්ග සංකීර්ණ තත්ව හමුවේ වඳවෙන්න පටන් ගන්නවා. සෙක්ස් වලදී වෙනස් වෙනස් කලාප වල අදහස් එකතු වෙලා සංකීර්ණ අදහස් ගොඩනැගෙනවා. සෙක්ස් වලින් පුළුවන් සමස්තයක අදහස් ගන්න. ජීව විද්‍යාවෙ ඒක වෙන්නෙ ජාන වලින්. සංස්කෘතියෙ ඒක වෙන්නෙ හුවමාරුවෙන්. ඒකෙන් සංකීර්ණ තත්ව ඉක්මවා වැඩෙන්න මිනිස් අදහසට පුළුවන් වෙනවා.

ඬේවිඞ් රිකාඩෝ මේ එක්ස්චේන්ජ් කියන එකේ වටිනාකම ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. ඇඩම්ට පැය4න් හෙල්ලක් සහ පැය 3න් පොරොවක් හදන්න පුළුවන් කියල හිතමු.  ඕස්ට පැයකින් හෙල්ලක් සහ පැය දෙකකින් පොරොවක් හදන්න පුළුවන්.  ඕස්ට හැම එකක්ම ඇඩම්ට් වඩා වේගයෙන් කර ගන්න පුළුවන්. ඒත්  ඕස් හෙලි 2ක් සහ ඇඩම් පොරෝ දෙකක් හදන්න එක`ග වුණොත් දෙන්නටම පැයක කාලයක් ඉතුරු වෙනවා. ඒකෙන්  ඕස් සහ ඇඩම් හෙලි සහ පොරොව හදන තාක්‍ෂණයේ දියුණුවත් එන්න එන්න වැඩිවෙනවා. රිකාඩෝ මෙහෙම කිව්වට ලංකාවෙ අපි ට‍්‍රයි කරන්නෙම එක්ස්චේන්ජ් එක නවත්තන්න. මාක්ස්වාදීන් ඒකෙ සූරාකෑමක් ගැන කියනවා. ජාතිකවාදීන් අපේ උරුමය රකින්න කියනවා.

මැට් තව උදාහරණයක් කියනවා. ලූවී රජතුමාට තමන්ගෙ හැම දේටම තොග ගණන් සේවකයො හිටියා. එයාගෙ අර හිනා යන ඇඳුම්, විහිළු කොන්ඩෙ මේ ඔක්කොම හදන්න කට්ටිය හිටියා. කෑම උයන්න විතරක් 398ක් හිටියා. ඒත් සාමාන්‍ය ජනතාවගෙන් කාටවත් මේ එකක් වත් තිබ්බෙ නෑ. ඒත් දැන් අපි වෙනුවෙන් මුලූ ලෝකයක ජනතාවක් ඉන්නවා. පරිගණක මීයා එක රටක අදහසක් නෙමෙයි. අපේ රෙස්ටුරන්ට් වල ලූවී ට හිතාගන්නවත් බැරි තරම් රස කෑම ජාති තියෙනවා. අපේ විලාසිතා වෙනුවෙන් ලෝකයක අදහස් එකතු වෙනවා. ඒත් අපි තාම හිතන්නෙ දුටුගැමුණු හරි පැරකුම්බා හරි නැත්තං ඊටත් වඩා එහා රාවණා හරි කාලෙකට යන විදිහක් ගැන.

මානව ඉතිහාසයේ වෙළඳාම කෘෂිකර්මාන්තයට වඩා දහගුණයක් පැරණි වග අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා. ලෝකෙ පුරා තැනින් තැන හමුවෙන සමාන ආයුධ වලින් කියවෙන්නෙ මිනිස්සු ගිය ගමනක් ගැන නෙමෙයි. සිද්ද වුණු වෙළඳාමෙ ප‍්‍රමාණය ගැන. මිනිස් සංවර්ධනය තීරණය වුණේ මේ හුවමාරුවේ ප‍්‍රමාණය උඩ. භාෂාවකින් අපිට කියන්න පුළුවන් වෙන්නෙ අපි දැනටමත් දන්න දෙයක් ගැන විතරයි. ඒත් පරිගණක මීයෙක්..එහෙම නැත්තං පැන්සලක් වුණත් කියන්නෙ තනි මිනිස් මොළයක පරිමාවට වඩා කොයි තරම් ලොකු දේවල්ද? ඒ අදහස් සංසර්ගයේ ප‍්‍රතිඵල

අයිකිව් වලින් මිනිස් මොළයේ තරම මනින එක තේරුමක් නෑ. තනි තනි මිනිස් මොළවලින් දැන් ඇති වැඩක් නෑ. වැදගත් වෙන්නෙ කොයිතරම් අදහස් ප‍්‍රමාණයක් එකතු වෙනවද කියන එකයි. හැම මිනිස් මොළයකම ධාරිතාවන් ගොනුවෙන සාමූහික මොළයක් ඇතුලෙයි අපිට හිතන්න වෙන්නෙ. අපි එතනදි නියුරෝන විතරයි.

ජ්‍යොතිෂයෙන්, අනාවැකි වලින් කියන නරකම දේවල් මනුෂ්‍ය ප‍්‍රජාවට සිද්ද වෙන්න පුළුවන්. ඒත් ඒ වෙද්දි මේ සාමූහික සිතීමෙන් නිර්මාණය වෙන තාක්‍ෂණය ඒ ව්‍යසන මතින් ඉගිල්ලෙන්න අපිට අත්තටු දීලා ඉවරයි. (ලංකාවෙ අපිට නෙමෙයි. අපි වර්තමාන මනුෂ්‍ය සිතීමෙන් හු`ගක් දුර අතීතෙක හුදකලා වෙච්ච කූඹි වගේ මිනිස්සු. වැස්සක්  ඕන නෑ. චූ පාරකින් වුණත් අපි හේදිලා යාවි)

-මැට් රිඞ්ලිගේ කතාවක් ඇසුරෙන්
චින්තන ධර්මදාස

Saturday, August 4, 2012

ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ

ඊයේ ඩෙනිස් එක්ක බීච් එක අයිනෙ ගරා වැටිච්ච රෙස්ටුරන්ට් එකක පරණ ෆ‍්‍රයිඞ් රයිස් එකක් කකා බොන අතරෙදි ඌ මාර කතාවක් කිව්වා. වන්දනා ගමන් ගැන. ලෝකෙ වන්දනා ගමන් කියන සංකල්පෙ හැදිලා තියෙන්නෙම වයසක පරම්පරාවෙන් සමාජයට දැනෙන බර සැහැල්ලූ කරන්න කියන එක. ඉස්සර දේපොල ලියලා දීලා වන්දනාවෙ යනවා කියලා ආච්චිලා සීයලා මේ විදිහට පිටත් වෙන්නෙ තමන්ගෙ මරණය බලාපොරොත්තුවෙන් කියන එකයි එයාගෙ අදහස. ලෝකෙ හැම සංස්කෘතියකම වගේ මේ වන්දනාවෙ යන චාරිත‍්‍රය පවතින විදිහ එයා විස්තර කළා.

1950 ගණන් වල කෙරෙන උගිත්සු කියලා ජපන් චිත‍්‍රපටියක් ඩෙනිස් උදාහරණයක් විදිහට පෙන්නුවා. ඉස්සරහ දතක් වැටීමත් සමග වයසක අය අපේ සිරීපාදෙ වගේ කන්දක වන්දනාවෙ යන එක ඒ සමාජෙ චාරිත‍්‍රයක් විදිහට තිබුණු කාලය ගැන කතාවක්. දතක් නොවැටී තියෙද්දිත් ඊළ`ග පරම්පරාවට සුබසාධන පහසුකම් සැලසීම වෙනුවෙන් දත බලෙන් කඩාගෙන කන්ද නගින ආච්චි කෙනෙක් ගැන ඒ කතාවෙ එනවා. අද වෙද්දි ආර්ථික කාරණා දියුණු වීමත් එක්ක මානුෂික සංකල්ප රොමාන්තික වීමෙන් ඒ වයසක පරපුර සදාචාරාත්මක වගකීමක් බවට පත්වෙනවා. ගොඩක් ඇමරිකානු චිත‍්‍රපටිවල බට දාලා වෙජිටබල් වෙලා ඇඳ උඩ ඉන්න වයස්ගත චරිත එන්නෙ මේ ප‍්‍රශ්නෙ සංකේත විදිහට.

මේ කතාව අසංවේදී වගේ පෙණුනත් හු`ගක් ඉන්ටරෙස්ටින්. හැමතිස්සෙම අපේ පරණ සදාචාරය ගැන සිහින කියනවට වඩා භෞතික විදිහට අතීතය පැත්තට හැරුණොත් අපිට ආපහු දකින්න වෙන්නෙ මේ කාලෙට වඩා රළු සහ සරල ඇගයීම් පද්ධතියක් එක්ක ගනුදෙණු කරන සමාජයක්. අපේ ජන කතා ගොඩක අමු සොහොනට සහ වනන්තරේට ගිහින් දාන දෙමව්පියන් ගැන කතා එන්නෙ මේ සංස්කෘතිය ඇතුලෙන්. වයසට යාම කියන්නෙ ජීවිතේ ඛේදාන්තයක්. සදාචාරයට එහා ගිය ප‍්‍රායෝගික විසඳුමක් ඒ වෙනුවෙන් දෙන්න තාම අපිට බැරි වෙලා තියෙනවා.

හැම දෙයක්ම කොපියක්
කොපියකින් කොපියක්
තව මිනිස්සු කොපි හදනවා
ස්ටාර් බක්ස් කෝප්ප තොල ගගා
ජැක් එයාගෙ කෝප්පය සහ
කොපි ටික ගත්තා
....යන්න ගියා
-ෆයිට් ක්ලබ්

නිමල් ලක්ෂපතිආරච්චි මැරුණු එක ගැන ෆේස් බුක් එකේ අ`ඩන තරම දැක්කම මුලින් ආවෙ අප්පිරියාවක්. දැන් ෆේස් බුක් ශෝක ප‍්‍රකාශ මොකක්ද අසනීපයක් වගේ වෙලා. හැ`ගීමක් ඇතුව හෝ නැතුව හැමෝම මීගමුවෙ ගෑණු වගේ බොරුවට අ`ඩන්න පටන් ගන්නවා. ඒත් තව ටිකක් ඒ ගැන හිතද්දි මට ඒකෙ හොඳකුත් පේන්න ගත්තා. හැමෝටම එකතු වෙන්න පුළුවන්, තමන්වත් යම් කුලකයකට හෝ සමාජයකට අයිති කියලා දැනෙන මොකක් හරි හැ`ගීමක් හෝ අදහසක් වෙනුවෙන් එකතු වෙන එක. ඒක හොඳ තත්වයක්. ඒ එකතු වීම් ප‍්‍රායෝගිකව කොයි විදිහටද වැඩ කරන්නෙ වගේ මාක්ස්වාදී කොණකට කොන් වෙන්න මං කැමති නෑ. වර්චුවල් හරි ඒ විදිහෙ එකතු වීමක් කියන්නෙ එක්තරා ප‍්‍රකාශනයක්.

නිමල් ගැන ලියන්න මං හිතුවට මට එයාව දැනෙන්නෙ නැති විත්තිය තේරුණා. මං නිමල්ගෙ යාලුවෙක් නොවුණත් කාලෙක ඉඳන් එයාගෙ හොඳ නිරීක්‍ෂකයෙක්. මීඩියා සංස්කෘතියක පාප්වරයා විදිහට කේ කේ සමන් හඳුන්වන, ඒ සංස්කෘතියෙම ලෙනින් විදිහට දීප්ති ඇතුළු පිරිස විසින් හඳුන්වන නිමල් ඇත්තටම ඒ තරම් ගැඹුරුද කියලා මං බලන් හිටියා. අඩු වැඩි විදිහට මේ කට්ටිය මේ අලූත් ධනවාදී ප‍්‍රවාදයේ නිර්මාපකයන් විදිහට අරන් තිබුණෙ සරත් අමුණුගම සහ රොහාන් පෙරේරා. මේ කතිකාව ප‍්‍රායෝගිකකරණය කිරීමේ පෞර්ෂය විදිහටයි නිමල්ව සළකුණු කරන්න ට‍්‍රයි කරන්නෙ. ඒත් ඒක එහෙමද? මට ෂුවර් නෑ.

ධනවාදයේ අලූත් ප‍්‍රවාදයේ නිර්මාපකයන් වෙන්න අමුණුගම සහ රොහාන් කවුද? වාමාංශික ඇස්වලින් සිද්ද වෙන ධනවාදී වෙනස්කම් පූර්ණ ලෙස වටහා ගැනීමේ මිත්‍යාව මිසක් ඒ ජීවිත වලට ධනවාදය අහුවෙන්නෙ කොහොමද? උදාහරණයක් විදිහට ධනවාදයේ විසිතුරු මැවුම්කරුවන් වන ඇන්ඩි වාර්හෝල්, මයිකල් ජැක්සන් වැනි අයිකොන් එක්ක බලද්දි මේ ඇකඩමික් වර්ගයේ සරල උත්සාහයන් දරමින් හිටි චරිත මේ විදිහට අධිතක්සේරු වෙන්නෙ කොහොමද? ලංකාවෙ න්‍යාය හැමතිස්සෙම වැඩ කරන්නෙ වමට. ඒකෙ හේතුව ඒක.

නිමල් ගැන මට දැනෙන්නේත් එහෙමයි. නිමල් පුද්ගලයෙක් හැටියට කොයිතරම් විශාලද සහ කාර්යක්ෂමද වගේ කාරණා වලින් පිටත මේ කියන අලූත් මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කළා කියන කතාව මට තරමක අතිශයෝක්තියක්. නිමල් කරපු මහා කාර්යය වෙන්නෙ සිරස එක්ක එෆ්එම් රැුල්ල පටන් ගත්ත එක. වෙන රටක මීඩියා ඇතුලෙ සිද්ද වෙන දෙයක් අදහසක් නැතුව බද්ධ කිරීම සහ ඒකෙන් සිද්ද වෙන  ඕනම ප‍්‍රතිඵලයක් හරි විදිහට බාර ගැනීමේ හිස්කමක් මට ඒ එෆ්එම් උත්සාහය ඇතුලෙ පේනවා. නිමල්ගෙ ව්‍යාපෘතිය සාර්ථක වෙන්නෙ මහරාජාගෙ දේශපාලනය ඇතුලෙ. අනික් පැත්තට කිව්වොත් මහරාජාට ඒ ව්‍යාපෘතිය ඇතුලෙ දේශපාලනයක් තියෙනවා නිමල්ට නැති. එතනින් එක්තරා මොහොතක නිමල් ඉවත් වෙන්නෙ ඒකයි.

ඊට පස්සෙ නිමල් කරන ව්‍යාපෘති අලූත් වගේ පෙණුනත් සාර්ථක වෙන්නෙ නෑ. ඒකට හේතුව ඒ ව්‍යාපෘති වැඩ කරවන දේශපාලනයක් අවශ්‍ය වෙන එක. නිමල්ගෙ දර්ශනය වෙලා තිබුණෙ ‘ඉල්ලන දේ දෙන එක’. ඒක ධනවාදයේ ලක්ෂණයක් කියන්නෙ වාමාංශික මැට්ටො විතරයි. මට නිමල් සහ ස්ටීව් ජොබ්ස් වගේ හෝ ඇන්ඩි වාර්හෝල් වගේ චරිතයක් අතර තියෙන වෙනස ඒකයි. නිමල් කියන්නෙ ක‍්‍රියාකාරීත්වයක් මිසක් සංකල්පයක් නෙමෙයි. ඒක  ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් තාක්‍ෂණයක්. කොතනකවත් නිමල් සතු සුවිශේෂ රසයක් හෝ වෙනස් මනුෂ්‍ය ගුණාංගයක් නොකියවෙන්නට හේතුවත් ඒක.

නිමල්ගෙ මළ ගෙදරට ජෝතිපාලට වගේ සෙන`ග ආපු නැති එක කතාවක් වුණා. ජෝතිපාල කියන්නෙ හදවතක්. නිමල් කියන්නෙ ඇ`ගක් විතරයි. ඒ ඇ`ග ගොඩක් දේවල් කරා. ගොඩක් දොරවල් විවෘත කළා. ඒත් ඒ දොරවල් වලින් එන දේ ගැන අදහසක් එයාට තිබුණෙ නෑ. ජනතාව එකතු වෙන්නෙ අදහසක් වෙනුවෙන්. තාක්‍ෂණයක් වෙනුවෙන් එකතු වෙන්නෙ වෙළෙන්දො විතරයි. මට දැනෙන්නෙ නිමල් මීඩියා රෙප් කෙනෙක්. එයා වෙන රටවල මීඩියා අවකාශයන් මේ රටේ ඇති කරන්න ව්‍යවසායකයො එක්ක ගනුදනු කළා. ඒත් ඒ මීඞීයා මේ සංස්කෘතිය හා සමාජය එක්ක ගැටගහන්න එයාට දැනුමක් වත් අභ්‍යාසයක්වත් තිබුණෙ නෑ. මේ කියන කාරණයේ ඇත්ත බලන්න නිමල් විසින් ඇති කළ එෆ්එම් සංස්කෘතියෙන් නිර්මාණය කරපු චරිත දිහා බලන්න. හිස්කම සහ තමන්ගේ ජීවිතය පවා අහිමි වීම ඇරණම ඒ ජීවිත තාම මේ පොලොවෙ ඇඩ‍්‍රස් හොයාගෙන ඇවිදිනවා.

නිමල්ගෙ හැම ව්‍යාපෘතියක්ම අසාර්ථක වුණා. ඒක මේ රටේ ජනතාවගේ නොදැනීම කියන එක ලේසියෙන් මගඇරීමක් කියල මට හිතෙන්නෙ. සිරස පවා මේ වෙද්දි ආගිය අතක් නෑ. හිරු ටීවී එයා පටන් ගන්නෙ ඩිජිටල් විප්ලවයක් විදිහට. ඩිජිටල් කතාව ඇත්ත. ඒත් ඩිජිටල් පෙන්නන්නෙ මොනවද කියල එයා හිතුවෙ නෑ. ඉන්දියානු එම්ටීවී එක ලංකාවෙ කොහොම හිටවන්නද කියල අවම සමාජ විද්‍යාත්මක දැනුමක් එයාට තිබුණෙ නෑ කියන එකයි මගේ අදහස. නිමල් හැමතිස්සෙම වෙනසක් කරනවා. ඒ වෙනස මේ රටට අලූත් වුණාට වෙන රටක කොපියක්. සහ ඒ කොපියට අදහසක් නෑ. රැුල්ලක් විදිහට ආවට වැල්ලට එන්න කලින් නිමල්ගෙ ව්‍යාපෘති ගිලෙන්නෙ මේ දේශපාලනික හිස්කම හින්ද. මහින්ද රජාපක්ෂගේ දේශපාලනය ඇතුලෙ නිමල් මිය යන්න නියමිතයි. ඒ හෘදය සාක්ෂි දේශපාලනය එක්ක ගනුදෙණු කරන්න නිමල්ගෙ පරාරෝපිත හඳුන්වාදීම් වලට බැරි වෙනවා. ඒක ධනවාදයේ අර්බුදයක් නෙමෙයි. ධනවාදය එක්ක ගනුදෙනු කරන අපේ දැනුමෙ සීමාවක්.

‘ඔයගොල්ලො වැඩිය කතා කරන්න එපා. සිංදු දාන්න. මිනිස්සු ආස සිංදු අහන්න’ නිමල් කිව්වා කියලා සත් එෆ්එම් එකේ හාදයෙක් පෝස්ට් කරලා තිබුණ. ඒක ධනවාදයේ හැඩයක් කියලා ලංකාවෙ වම්බට්ටො පිළිගන්න කැමති වුණාට ඒක පේමන්ට් ධනවාදයේ හැටියක්. ධනවාදය කියන්නෙ ඉල්ලන දේ දෙන එකට නෙමෙයි. ඉල්ලන්න ආශාව උපද්දන එකට. අපේ ආශා විශ්වය යළි සකස් කරන එකට. සංකල්පයක් නැතුව එතන ඇවිදින්න කාටවත් බෑ. සරත් අමුණුගම හෝ රොහාන් පෙරේරා හෝ කියන ඇකඩමික් වර්ගයේ හේදීගිය දාර්ශනිකයන්ට වඩා සයිබර් විශ්වය තුල ජීවත් වෙන වෙනස් විදිහෙ දාර්ශනිකයො අපිට මෙතනදි  ඕන වෙනවා.

හපුතල් කන්දට බර ගෙනියන කොට
සීපද කිය කිය ගොන්නු දැක්කුවට
සිංදුව වය වය
මිනිස්සුන්ව දක්කන්නෙ කොහාටද?
-අජිත් කුමාරසිරි

අනික් අතට ධනවාදයේ කාල් මාක්ස් එංගල්ස් හොයන්න යන එකමත් විහිළුවක්. මාක්ස්වාදයේ නිර්මාණ හැඩරුව ඒ විදිහට ධනාවාදය තුලත් තියේවි කියන ආරක්‍ෂිත සුන්දර උපකල්පන ඇතුලෙන් ගිහින් අපිට පුළුවන් වෙන්නෙ අලංකාරෝක්ති කියන්න විතරයි. ඒත් අපේ මාධ්‍ය හෝ වෙනත් සංස්කෘතියක් ගැන අලූත් කතිකාවකට යන්න අපිට ඒක මදි.

නිමල් කියන්නෙ පුද්ගලයෙක් නෙමෙයි. එක්තරා මීඩියා ආකෘතියක් ලංකාවෙ අත්හදා බලපු මෙහෙයුමක්. පොලොව ගැන තිබුණු අඩු දැනුම හින්දම ඒ මෙහෙයුම ලංකාවෙ විපරීතයක් වුණා කියන එකයි මගේ අදහස. නිමල් ගැන කතා කරද්දි එයාගෙ මාධ්‍ය ජීවිතයට වඩා සුදර්ශියෙ නුග ගහ යට ජීවිතේ ගැන කතා කරන්න මං කැමති ඒකයි. එතන ජොයින්ට් එකක් සහ යාලූවො එක්ක නිමල් ගත වුණා. කොච්චර කාර්ය බහුල වුණත්, වයසට ගියත් හැමදාම එතනට එන්න අමතක නොකරපු යාලූවා ගැන කතා කරන්න ගොඩක් දේවල් තිබුණ. ඒත් හැමෝම නිමල්ගෙ ජීවිතය අමතක කරලා කර්මාන්තය ගැන කතා කළා.

-චින්තන ධර්මදාස