Tuesday, March 5, 2013

ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ

චිත‍්‍රපටි ගැන ලියන්න එපා කියල මගේ යාලූවො ගොඩක් කියනවා. චිත‍්‍රපටි ගැන කතා අදාල වෙන්නෙ පොඩි කට්ටියකට විතරක් හින්ද. ඒත් ඒක ඇබ්බැහියක් වගේ. චිත‍්‍රපටි ගැනම එක එක දේවල් හිතෙනවා. ලංකාවෙ චිත‍්‍රපටි හදන අයගෙ තියෙන අවුල ගැන මං කල්පනා කරමින් හිටියා කොමඞ් එක උඩ ඉඳගෙන. අන්තිමට එක එක කාරණා තුලනාත්මකව හින්ඳලා හින්ඳලා කෙලවරෙදි මං ආවා එක වචනෙ තීන්දුවකට. ‘අවංකකම’. ඒක ආයෝජනය කර ගන්න දන්නෙ නැති කම. එතනදි මට අමුතු සිද්දියක් කල්පනා වුණා. ඉංගී‍්‍රසියෙන් අවංකකමට කියන්නෙ ‘හොනස්ට්’. අවංක නැත්තං ඒක ‘ඩිස්හොනස්ට්’. එතන ප‍්‍රාථමික වචනය ‘හොනස්ට්’. ඒත් සිංහලේ වෙනස්. ප‍්‍රාථමික වචනය වෙන්නෙ ‘වංක’. ‘අ’ යන්න ඉස්සරහට වැටිලා ‘අවංක’ කියන එක එන්නෙ ද්විතීයිකව. භාෂාව හැදෙන්නෙ මිනිස්සු හිතන පිළිවෙල අනුව කියල උපකල්පනය කළොත් අපේ මූලික සංස්කෘතික කෑල්ල වෙන්නෙ ‘වංක’කම. වොරන් බෆට් මට පෙන්නන්න බැරි කුණෙක් වුණත් එක ඇත්ත කතාවක් කියනවා.

‘අවංකකම කියන්නෙ ටිකක් මිළ අධික තෑග්ගක්. ඒක බාල මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා’.
ශ‍්‍රී පාලි කැම්පස් එකේ ගෑණු ළමයෙක් එයාගෙ නිබන්ධනයට උදව් ගන්න මාව හොයාගෙන ආවා. ඒකෙ මාතෘකාව වුණේ ‘යුධ සිනමාවෙන් පිළිඹිඹු වෙන සමාජ මතය නැත්තං සමාජ මනස’. (මට ඒකට ඇත්තටම මැදිහත් වෙලා උදව් කරන්න බැරි වුණා) ඒත් අන්තිමට නිබන්ධනය දැක්කම මට ගොඩක් දේවල් පත්තු වුණා. චිත‍්‍රපටි සංස්ථාවෙ සභාපතිතුමා බය නැතුව කියනවා පවතින රාජ්‍ය මතවාදයට එක`ග චිත‍්‍රපටි වලට තමයි සංස්ථාව මනාප කියල. ළමා සහ ඉතිහාස කතා චිත‍්‍රපටි හදන්න කියල. මිනිස්සු බලන්න කැමති ඒවා තමයි කියලත් කියනවා. සභාපතිතුමා අනං මනං වහං කරන්න යන්නෙ නැතුව දන්න ඇත්ත කෙලිං කියපු එක ලොකු දෙයක්. ඒත් ඒකෙන් සංස්තාවට චිත‍්‍රපටි කර්මාන්තය ගැන තියෙන දැනුම් ප‍්‍රමාණය එළියට එනවා විතරක් නෙමෙයි මේ ගඳගහන චිත‍්‍රපටි රැුල්ල පවත්වාගෙන යන්න සංස්තාවෙන් දෙන තල්ලූවත් එළිදරව් වෙනවා.
ඊට අමතරව ඒ ගෑණු ළමයා ලංකාවෙ පළාත් කීපෙක මිනිස්සු මුණගැහිලා සමීක්‍ෂණයකුත් කරලා තිබුණ. බලාගෙන යද්දි ඇත්තටම ලංකාවෙ මිනිස්සු බලන්න කැමති ඒ චිත‍්‍රපටි තමයි. ඒකට හේතුව ජාතික හැ`ගීම, රට බේරගත්ත යුද්දෙ වගේ කාරණා කියලත් සටහන් වෙලා තිබුණ. එතකොට යුධ විරෝධී චිත‍්‍රපටි වලට තියෙන අකමැත්තට හේතු කීපයක් එතන තිබුණ. එතන ප‍්‍රධාන හේතුව වෙලා තිබුණෙ කතාව නොතේරෙන එක. පිටරටවල් දිහා බලාගෙන අපේ රටේ අග‍්‍ර පොරවල් හදන මේ චිත‍්‍රපටි වල කතන්දර අපේ රටේ ජනතාවට තේරෙන්නෙ නෑ.  ඇත්ත හේතුව චිත‍්‍රපටිය යුද්දෙ ගැනද නැද්ද කියන එක නෙමෙයි. කතාව තේරෙන්න කියනවද කියන එක.

ඒ කියන්නෙ ආර්ටිස්ට්  ඕඩියන්ස් එක තියෙන තැනට එන්න  ඕනද කියල ප‍්‍රබුද්ද අයට අර්බුදයක් මතු වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම සිනමාවක ආඛ්‍යාන ගොඩනැගෙන්න  ඕන ඒ පොලොවට සාපේක්‍ෂව නෙමෙයිද? උදා විදිහට අපේ රටේ සූරයන්ගෙත් සූරයා වර්ගයේ චිත‍්‍රපටිවල ජනප‍්‍රිය අංග අඳුරගත්තෙ නැති පිටස්තර සිනමාවක් බලන්න මේ රටේ මිනිස්සු එන්නෙ නෑ. ඒවා ගැන සංස්තාවෙ සබාපති කියන ‘බලපෑම් කණ්ඩායම් වල උවමනා’ කියන කාරනේ කොහොම වුණත් පොඩි නිකං පාවෙන සිනමාවක ලක්ෂණ තියෙනවා.
චිත‍්‍රපටි කරන අය විසින් අඳුරගන්න  ඕන විශේෂ තත්වයක් මෙතන තියෙනවා. ලොකු අවුල වෙන්නෙ සිනමාව කරන හැටි ඉගෙන ගන්න කට්ටිය එන එක. ඒ එන කට්ටියට උගන්නන්නෙ සම්මාන ලත් අය. ඒ ගොල්ලො පෙන්නන්නෙ සම්මාන ලත් චිත‍්‍රපටි විතරයි. ඒක සිනමාව කියලා බාරගන්න සිද්ද වෙන අයට බෝඩිමේදී, හන්දියෙදි කොල්ලො සෙට් එක එක්ක දාන දැට් එක අමතක වෙනවා. තමන් නොදන්න වෙන කතාවක් ඒ අතට මේ අතට පටළවලා කියන්න ද`ගදානවා. මිනිස්සු තමන්ට තේරෙන තොරන් බලලා නිකං ඉන්නවා. මට පේන විදිහට අපේ සිනමාකරුවන්ට බැරි වෙලා තියෙනවා මිනිස්සු බලන කතන්දරයක් හදන්න. ‘මේ මිනිස්සු මෝඩයි, සිනමාව තේරෙන්නෙ නෑ’ වගේ තේරුමක් කතා වලට වඩා මෙතනදි ගැලපෙන්නෙ ‘අපිට සිනමාව පාවිච්චි කරලා අපේ කතාව කියාගන්න දන්නෙ නෑ’ වගේ කෙලින් උත්තරයක්. ඒක හරියටම මුලින් ඉංග‍්‍රීසි ඉගෙන ගත්තම අපිට කියන්න වෙන්නෙ වෙන අයට  ඕන දේවල් වගේ ප‍්‍රශ්නයක්. ගලේ අඹරන පොල්සම්බෝලෙ වගේ දේවල් ගැන කියන්න ඉංග‍්‍රීසිය පාවිච්චි කරන්න කාලයක් ඒ භාෂාව ඇසුරේ ගත වෙන්න වෙනවා.

සෝමරත්න දිසානායකගෙ වගේ චිත‍්‍රපටි ලංකාවෙ දුවන්නෙ ඒ ගොල්ලො සිනමාව හොඳට දන්න නිසා නෙමෙයි. මිනිස්සු දන්න කතන්දරේම ආයිත් ආයිත් කියන හින්ද. ඉතිහාස කතා ආයිමත් හදන්න කියන්නෙ ඒකයි. චිත‍්‍රපටියක් ඇතුලෙන් කතාවක් කියාගන්න බැරි නං හොඳම දේ දන්න කතාවකට රූප අමුණන එක. එත තැන පල්වෙනවා කියන එක අපේ රටට පුරුදු දෙයක් හින්ද කාටවත් ඒ වැඬේ බෝරිං වෙන්නෙ නෑ. ජනතාව එකතැන පල්වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නොදන්න,  ‘සුජාත දියණී’ රසිකයෙක් වුණු ජනාධිපති කෙනෙක් ඉන්න රටේ සිනමාව නෙමෙයි කොයි දෙයක් ගැන වුණත් ඔයිට වඩා තත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ.

‘කන්ද මොහොමඞ් ළ`ගට එන්නෙ නැත්තං මොහොමඞ්ට වෙනවා කන්ද ළ`ගට යන්න’

ලංකාවෙ පේ‍්‍රක්‍ෂකයා කියන කෙනා තාම හැදිලා නැති එක ඇත්ත. ඒත් පේ‍්‍රක්‍ෂකයා නැති රටක සිනමාකරුවා හැදුනෙ කොහොමද කියන එකත් ප‍්‍රශ්නයක්. රටක ආර්ට් එකක් ඒ රටට ඓන්ද්‍රිය වෙන්න  ඕන. යුද්දෙට පක්ෂ වෙන්න පුළුවන්, යුධ විරෝධී වෙන්න පුළුවන් ඒක රටේ මිනිස්සුන්ගෙ භාව කලාපයක් හරහා ඇතුල් කරන එකයි ආර්ටිස්ට් කෙනෙක් මුහුණදෙන අභියෝගය. එහෙම නැතුව තමන්ගෙ දැනුම මට්ටමට මිනිස්සු එනකං බලන් ඉන්න එක වෙන  ඕන විෂයකට ගැළපුණත් වුණත් ආර්ට් වලදි නම් අසනීපයක්. අපේ සිනමාව ගැන කතා කරන ගොඩක් දෙනෙකුට මේ පැල්ම (දීප්ති නිතර කතා කරන වචනයක්) අහුවෙන්නෙ නෑ. හරියට ලංකාවෙ වාමාංශිකයන්ට වැරදුණ තැනින්ම වමට දීගෙන හැදෙන රටේ කලාවටත් වරදිනවා.

 දීප්ති ඉනිඅවන් ගැන කරපු කතාවක් ෆේස් බුක් එක පුරා උණුවට පැතිරුණා. මං කොහොමටත් ආසයි දීප්ති කතා කරනවා අහන්න. ඒත් රැුස්වීම් වලට ඇවිත් චිත‍්‍රපටියක් ගැන එක එක කතා කියනවා අහන්න මට තිබ්බ ආතල් එක දැන් හිඳිලා. දීප්ති හු`ගක් රසට මට බැන්නා. මාධ්‍ය සහ ඒවායෙ කතා කළ හැකි ඇත්ත, කරාබු දාන අයගෙ දේශපාලනය වගේ ගොඩක් කැවිලි අතරන් වෙනස් විදිහක ටොපියකුත් එයාගෙ කටෙන් විසි වුණා.
’මං හඳයට 2006දි කිව්වා ඔය කට්ටියට එන්න දෙන්න එපා කියලා. ආවොත් අපිට කරපු දේම තමයි කරන්නෙ කියල’ මීට ටිකක් වුණත් ළ`ගින් යන කතාවක් එයා එතනදි කිව්වෙ. මේ කියන්නෙ මං හිතන්නෙ 2005දි හඳගම චිත‍්‍රපට සංස්ථාවෙ කෙටි චිත‍්‍රපටි තරගෙකදි ලොකු ෆයිට් එකක් දීලා මං කරපු ‘ඉක්බිති ඔහුට නින්ද ගියේය’ කෙටි චිත‍්‍රපටිය තෝරපු එක ගැන වෙන්න  ඕන. ඇත්තටමඑ දා එතන හඳයා නොහිටියා නම් ඒ චිත‍්‍රපටිය එළියට එන්නෙ නෑ. ඒක ඇත්ත. ඒත් මං හිතන්නෙ ඒක හඳයාගෙ වගකීම කියල. මං චිත‍්‍රපටි තෝරන්න සිද්ද වෙන තැනක හිටියොත් වෙනස් විදිහක, වෙනස් දේශපාලනයක චිත‍්‍රපටියක් තෝරන එක මගේ වගකීමක්. ඒක මං කරන්න  ඕන. හඳයා එදා ඒක කළා. එයා අද කොහොම කරයිද කියල මං දන්නෙ නෑ.
ඒත් දීප්ති මෙතන නොකියා කියන කැත කතාවක් තියෙනවා. ඒ තමයි තමන්ට තර්ජනයක් වෙනවා කියල දන්නවා නම් ඒ දේවල් එළියට එන්න ඉඩ දෙන්න එපා කියන එක. තමන්ගෙ අදහස් වලට හෝ තමන්ගේ කලාවට යම් හෙයකින් විරුද්දව යන දේශපාලනයක් දරනවා නම් වාරණය කළ යුතුයි කියන එක එදා එක්ස් පක්ෂයේ නායකයා ලැජ්ජා නැතුව ප‍්‍රසිද්දියෙ කියනවා.

ලංකාවෙ ගොඩක් හොඳ වැඩ කුණු ගොඩට වැටෙන්න හේතුව මේක. ලංකාවෙ පශ්චාත් නූතන යැයි කියාගන්නා පක්ෂ වලට පවා ගැලවෙන්න බැරි සංස්කෘතික අවුල මේක. තමන්ට වෙනස් පැවැත්මක් වාරණය කරන්න තමන්ගෙ බලය පාවිච්චි කරන එක. මට අනුව ඒක අන්ත පසුගාමී තත්වයක් සහ එතනදි දීප්ති මහින්ද රාජපක්ෂටත් වඩා තමන්ගෙ ඇත්ත මිටිකමක් ප‍්‍රදර්ශනය කරනවා.
ලංකාවෙ සිනමාව කියන කලාපෙ ගැන දීප්ති මෙතනදි එළි කරන්නෙ තිත්ත ඇත්තක්. වෙනස් විදිහක සිනමාවක් එන්න ප‍්‍රවීනයි කියන අය ඉඩ දෙන්නෙ නෑ. ඒ අය තමන්ගෙ හැකියාවන් ගැන බරපතල අවිශ්වාසයකින් පෙළෙනවා. ණයට ගත්ත සිනමා භාෂාව නිසා කොයි වෙලාවක අහෝසි වෙලා යාවිද කියල සැකයි. මට අනුව තමන්ගෙ දේශපාලනය හෝ තමන්ගෙ කලාව කරන කෙනෙකුට තවත් අලූත් අදහසක් මුණගැහෙනවා කියන්නෙ ලොකු සතුටක්. අලූත් සිනමාවකට ඉඩක් හදනවා කියන්නෙ ලොකු බලාපොරොත්තුවක්.

ඒත් අවංකකම වෙනුවට වංකකම මූලික සංස්කෘතික සාධකය වෙච්ච,
ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ.

-චින්තන ධර්මදාස




Tuesday, February 19, 2013

වෘකයන් අතර නග්නව

කාන්තාවන්ගෙ සහ ළමයින්ගෙ ආරක්‍ෂාවට පවත්වාගෙන යන රාජ්‍ය සංවිධානෙකින් මට කෝල් කරලා ලිපියක් ඉල්ලූවා, ඒ ගොල්ලොන්ගෙ ස`ගරාවකට. ලංකාවෙ කාන්තාවන්ගෙ සහ ළමයින්ගෙ තත්වෙ ගැන මට කියන්න තියෙන දේවල් ඒ වගේ ආයතනේක ස`ගරාවක පළකරන්න තරම් ඒ අය නිදහස් කියල විශ්වාසයක් නැති වුණත් මං ලියමන ලිව්වා. ආයිමත් කෝල් එකක් ආවෙ නැති හින්ද තාමත් ලිපිය මගේ ළ`ග.

අපේ රටේ කාන්තාවක් සහ ළමයෙක් කියන කාරණය වැදගත් වෙන්නෙ දූෂණයකදි හෝ අපචාරයකදි විතරයි. ඒකත් ගොඩක් වෙලාවට ඒ හරහා මාධ්‍ය වලින් නැවත නැවත අපයෝජනය කරමින් විකුණන්න පුළුවන් ප‍්‍රවෘත්තියක් හදන හින්ද. එහෙම නැතිව රටේ නීතියටවත් කාන්තාවක් සහ ළමයෙක් හැටියෙන් වැදගත්කමක් නෑ. නීති පොතේ ගොඩක් කතන්දර තියෙන්න පුළුවන්. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ ප‍්‍රායෝගික භාවිතාවෙන් ඔප්පු කරන ඇත්ත මොකක්ද කියන එක.

අකුරැස්සෙ පොඩි දැරිවියො තිරිසන් විදිහට පාවිච්චි කරපු සාරුවා සුනිල් කිසි ගානක් නැතුව ඇප පිට නිදහස් වුණා. එයාට අහිමි වුනේ එයාගෙ සභාපතිකම් වගේ නිලතල කීපයක් විතරයි. ළමයින් හා කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්නා සංවිධාන ඒ ගැන මොනවද කළේ? මේ රටේ වගකිය යුතු පුරවැසියන් මොනවද කළේ? අන්තිමට අපචාරයට ලක්වුණු දැරිවි සියදිවි නසා ගත්තා. අපි තාමත් ළමා හා කාන්තා අයිතීන් ගැන කතා කරනවා. ලිපි ලියනවා.

අපේ ඉතිහාසෙ එහෙම සදාචාරවත් ඉතිහාසයක් නෙමෙයි. අපේ රජවරු පොඩි ළමයින්ව වංගෙඩිවල දාලා කෙටුවා. ගෑනුන්ව ගල් බැඳලා වැව් වල ගිල්ලලා මැරුවා. හැමදාම සුද්දන්ට විරුද්දව සදාචාරෙ ගැන කතා කරන සිංහල බෞද්ධ ජනතාවට ඒ ඉතිහාසෙ ම්ලේච්ඡු දේවල් පෙනුනෙ නෑ. අපි දන්න බෞද්ධ කතා වල ළමයින් සහ ගෑණුන් ගැන එන කතා කොයි වගේද? රාජ රාජ අමාත්‍යවරුන්ගෙ ඇරුණම අනෙක් සාමාන්‍ය හුදී ජනයාගෙ තත්වය කොහොමද තිබුනෙ? සෝපාක කියන්නෙ මළ මිනියකට තියල බැඳලා බාප්පා මැරෙන්න දාලා යන දරුවෙක්. රජ්ජුමාලා බුදුන්ට මුනගැහෙන්නෙ එල්ලිලා මැරෙන්න යද්දි. මේ ඉතිහාස කතන්දර ඇතුලෙ කවුරුවත් නොකියන ඇත්ත කතාව තමයි අපේ කලාපෙ රටවල කාන්තාවන්ට හා ළමයින්ට අතිශය ඛේදජනක තත්වයන්ට මුහුණදෙන්න සිදු වුණු එක. බුදුන් පවා මෙතනදි ඒ අයව තමන් ළ`ග මහණ කර ගත්තා මිස ඒ වෙනුවෙන් නීතිමය හෝ දේශපාලනික පියවරකට යන්නෙ නෑ. මේක යුරෝපයේ අතීත කතාවෙදිත් මේ විදිහමයි. ඒත් ඒ තත්වය තේරුම් ගන්නත් ඒකට විරුද්ධ වෙන්න ඇත්ත උවමනාවක් ගොඩනගා ගන්නත් ඒ සමාජ වලට පුළුවන් වුණා. අපි මේ වෙද්දි අපේ විදිහට පෙන්නන්න හදන ළමා හා කාන්තා අයිතීන් යුරෝ-ඇමරිකානුවන් විසින් නිර්මාණය කරපු සහ සමාජගත කරපු අදහස්. නැතුව ලංකාවෙ රජවරුන් හෝ පූජ්‍ය පක්ෂය කිසි වෙලාවක මේ අයිතීන් වෙනුවෙන් ඉතිහාසය පුරාම කතා කරලා නෑ කියන එක පැහැදිලිව තේරුම් ගන්න  ඕන කාරනයක්.

මද්දුම බන්ඩාර බෙල්ල තිබ්බ හින්ද වීරයෙක් කරන අපි මද්දුම බන්ඩාරගෙ බෙල්ල කපන තැන හිටපු රාජ්‍ය බලය ගැන කතා කරන්නෙ නෑ. මේ ප‍්‍රචණ්ඩත්වය ඉන්දියාව ලංකාව සහ මැද පෙරදිග වගේ රටවල සාමාන්‍යයක් කියන එකයි මගේ අදහස. මේ අයිතීන් වෙනුවෙන් යුරෝ-ඇමරිකානු ව්‍යාපෘති යටතේ වැඩ කරන අපේ කට්ටිය වුනත් මේ කාරනා ගැන බරපතල මැදිහත් වීම් කරන බවක් පේන්නෙ නෑ. ඒ වෙනුවට ළමා හා කාන්තා අයිතීන් අපේ සංස්කෘතිය ඇතුලට අරගෙන කතා කරන්න යන එකෙන් දේශපාලනිකවත් සමාජීයවත් මේ ගැටළුව දියාරු කරනවා.

ඒත් ඉන්දියාවෙ බලපෑම් කන්ඩායම් මේ  වෙද්දි ප‍්‍රබල විදිහට මේ වෙනුවෙන් වැඩ කරන්න පටන් අරන්. වෛද්‍ය  ශිෂ්‍යාව දූෂණය කරපු සිද්ධියෙදි ඒ වරදකරුවන්ට මරණ ද`ඩුවම ලබා දීමේ  තීන්දුව ඉල්ලා සිටීම දක්වා ඒ හ`ඩ ප‍්‍රබලයි. අපේ ළමා හා කාන්තා අයිතීන් වෙනුවෙන් කතා කරන කණ්ඩායම් තෝරා ගන්නෙ අදේශපාලනික මාවතක්මයි. ඇත්ත අභියෝගෙ තියෙන පිට්ටනිය හිතා මතා මග අරිනවා කියලයි මං කියන්නෙ.

ලංකාවෙ හාමුදුරුවරු ළමයින්ට ගහන එක හරි කියල ප‍්‍රසිද්දියෙ ඉස්කෝල ඇතුලෙ බණ කියනවා. අධ්‍යාපන ඇමතිවරුන්ට ඒක ගැටළුවක් වුනේ නෑ. ‘ගුටි නොකා හැදෙන ළමයි හැඳි නොගා හදන හොද්ද වගේ’ කියන්නෙ අපේ සාමාන්‍ය ගැමි සමාජය මේ ප‍්‍රචණ්ඩත්වය අනුමත කරපු හැටියි. මගේ අදහස හැටියට අපේ රටේ සමාජය කොහොමත් අපචාරී සමාජයක්. මාධ්‍ය ඔස්සේ ඒ අපචාර තලූමරමින් රසවිඳින සමාජයක්.

උදා විදිහට යුරෝපයේ ඔස්ටේ‍්‍රලියාවෙ වගේ රටක දරුවෙක් ජීවත් වෙනවා කියන්නෙ ඒ දරුවාගෙ අයිතියක් (ආහාර, ඇඳුම්, අධ්‍යාපන, සෞඛ්‍ය සියල්ල ඇතුළත් අයිතියක්). ඒ ජීවත් වීමේ අයිතිය  කඩ වුනොත් දෙමව්පියන්ට එරෙහිව වුණත් නීත්‍යානුකූල පියවර ගන්න දරුවාට අවස්ථාව තියෙනවා. ඒත් අපේ රටේ දරුවෙක් ජීවත් වෙනවා කියන්නෙ ඒක ඒ දරුවාගෙ වාසනාව. අයිතියක් නෙමෙයි. ඒ වෙනුවට දරුවා කියන්නෙ දෙමව්පියන්ගෙ අයිතියක් කියන එකයි පිළිගැනීම.

නොදන්නා කාලෙදි වැඩිහිටියන්ගෙ කැමැත්ත අනුව පැවිදි ජීවිතේට ඇතුල් කරන එක අපේ සිංහල බෞද්ධ සමාජෙට අනුව කිසි අවුලක් නෑ. ඒ දරුවාගෙ ළමා ජීවිතේ අයිතිය ගැන කිසි කෙනෙක් ප‍්‍රශ්න කරන්නෙ නෑ. සුද්ධෝදන රජතුමා වුණත් ඉල්ලූවෙ දෙමව්පියන්ගෙ කැමැත්ත නැතුව මහණ කරන්න එපා කියල විතරයි. එතකොට ඒ දරුවාට තමන්ගෙ ජීවිතේ ගැන තියෙන අයිතිය? මුස්ලිම් ආගමේ කාන්තාවට තියෙන පීඩිත තත්වය සංස්කෘතික අංගයක් විදිහට ඉස්ලාම් භක්තිකයො ආරක්‍ෂා කරනවා වගේම සිංහල බෞද්ධ ජනතාවත් හිංසක තත්වයන් ගණනාවක් නීතිමය විදිහට ආරක්‍ෂා කරනවා. වැඩියෙන්ම ලංකාවෙ ළමා අපචාර සිද්ද වෙන්නෙ පන්සල් සහ පල්ලි (සෙමනේරි ඇතුලෙ). හරියට ඒවා සම්ප‍්‍රදායන් වගේ පරපුරෙන් පරපුරට යනවා. අපේ වගේ රටවල ළමා හා කාන්තා හිංසනයට විරුද්ද උඩින් විතරයි. ගැඹුරෙන් ඒ ප‍්‍රචණ්ඩත්වය සමාජ පැවැත්මේ කොටසක්. දේශපාලනිකව හා සමාජීයව රැුඩිකල් මැදිහත් වීමක් නොකර මේ හිංසන රැල්ලට කරන්න පුළුවන් ප්ලාස්ටර් දාන එක විතරයි.

රිසානා අරාබියේ මරා දාපු වෙලාවෙ සමස්ත සිංහල බෞද්ධ ජනතාව කළේ මුස්ලිම් ආගමට විරුද්දව එක එක කතා කියපු එක. අරාබියේ නීතිය වෙනස් කරන්න තරම් ලොකු හැ`ගීමකින් ෆේස්බුක් එකේ එහෙම පෙළගැහුනු ඒ ජනතාවට රිසානා අවුරුදු 17න් බොරු වයස් හදලා අරාබියේ වහල් සේවෙට යන්න සිද්ද කරපු අපේ රටේ ප‍්‍රචණ්ඩත්වය පෙණුනෙ නෑ. ඒ ගැන අපේ ආණ්ඩුවෙ නිහ`ඩතාවය පෙණුනෙ නෑ. අපි රටක් විදිහට රිසානා මරා දැමීම අපේ කාන්තා ප‍්‍රශ්නයේ කොටසක් කියන තැනින් මගඇරියා. කිසි කාන්තා සංවිධානයක් ඇත්ත හේතුවට විරුද්ධව නැගිට්ටෙ නෑ.

මෑතක මේ රටේ දැකපු ප‍්‍රවෘත්තියක් හින්ද මාව උඩුයටිකුරු වුණා. දැරියක් වත්තකට පැනලා පොල් ගෙඩි අටක් හොරකම්  කළා කියල පොලිසියට අරං ගිහින්. නඩුත් දාලා. නඩුවෙදි ඒ දැරිවි  රුපියල් පනස්දාහක ශරීර ඇප මත නිදහස් කරලා. පොල්ගෙඩි අට හොරකම්  කරලා තියෙන්නෙ ඉස්කෝලෙ තීන්ත ගාන ගාස්තුව ගෙවන්න. ලංකාවෙ නීතියෙ සහ පාලනයේ ඇත්ත තත්වෙ ගැන මේ සිද්දිය හොඳම උදාහරණයක්. පොල් ගෙඩි අටට මේ කෙල්ලව පොලිසියට ගෙනියන්න කලින් පොලිස් නිලධාරීන්ට මනුස්ස හදවතක් තිබුනෙ නැද්ද මේ කාරණය තේරුම් ගන්න? පොල් ගෙඩි අටට නඩු කියන්න ආපු තැනදි අධිකරණයට තිබුනෙ නැද්ද මීට වඩා සාධාරණ මිනිස් පණිවුඩයක් මෙතනදි අවධාරණය කරන්න? මේකද නීතිය? අනෙක් අතට අපේ අධ්‍යාපන ක‍්‍රමය යටතේ පාසැල් වලින් දරුවන් අත්විඳින පීඩනය ගැන මෙතනදි අධ්‍යාපන බලධාරීන්ට ප‍්‍රශ්නයක් ඇති වෙන්නෙ නැද්ද? මේ සමස්ත ක‍්‍රමය කිසි ප‍්‍රශ්නයක් නැතිව දරුවන්ට හා කාන්තාවන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය නඩත්තු කරගෙන යන වග මෙතනදි පැහැදිලියි. ලිංගික දූෂණයක් හෝ අතවරයක් කියන සීමාවට වඩා එහාට ගිහින් ළමා හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචන්ඩත්වය කියන වසංගතය තේරුම් ගන්න සිද්ද වෙනවා. අතවරයක් හෝ දූෂණයක් ගැන ලියවෙන හැම ප‍්‍රවෘත්තියක්ම තවත් ඒ වගේ අපරාධයකට පොළඹවනවා. මේ දූෂණ-අපචාර රැුල්ල පවත්වාගෙන යන්නෙ මේ දේවල් අළෙවි කරන මාධ්‍ය. ඒත් මේ අපචාරී මාධ්‍ය සංස්කෘතියට කිසි කෙනෙක් විරුද්ද නෑ. හැමෝම මේ විස්තර හරහා තමන්ගෙ යටිබඩ කිතිකවා ගන්නවා.

මේක මේ ක‍්‍රමය ඇතුළෙම දුවන පිළිකාවක්. ඇත්තට ළමා හා කාන්තා ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව වැඩ කරනවා කියන්නෙ දේශපාලනික කටයුත්තක්. ඒක අමාරු වැඩක්. ඒකෙ අමාරුම තැන වෙන්නෙ අපි පවා නොදැනුවත්වම සංස්කෘතික හෝ වෙනයම් සාධාරණීකරනයක් ඇතුලෙ එක`ග වී සිටින මේ හිංසකකාමී රෝග ලක්ෂණ අඳුරගන්න එක.

ඉන්දියාවෙ වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය මරා දැමීමෙන් පස්සෙ ජිලට් සමාගම ඉන්දියාවෙ වෙළඳ දැන්වීමක් ප‍්‍රචාරය කරනවා. ඒකෙදි කියන්නෙ ජාතියට සොල්දාදුවන් අවශ්‍යයි කියන එක. යුද්දෙට යන්න නෙමෙයි.. කාන්තාවන් ආරක්‍ෂා කරන්න. මොකද කාන්තාවන් ආරක්‍ෂා කරනවා කියන්නෙ ජාතිය ආරක්‍ෂා කරනවා කියන එක.

වෙළඳ පරමාර්ථ වලින් වුණත් මේ ඇඞ් එක ලොකු කතාවක් කියනවා. වැදගත්ම දේ කාන්තාවන් ආරක්‍ෂා කිරීම යුද්දයක් කරන තරම් දුෂ්කර මෙහෙයුමක් කියන එක. ඒක ඒ තරම් කැපවීමෙන්, විනයකින් සහ භක්තියකින් කරන්න  ඕන කියන එක. දරුවන් සහ කාන්තාවන් රැක ගැනීම කියන්නෙ තමන්ගෙ ජාතික වගකීමක් කියන එක.

ලංකාවෙ ඒ වගේ මැදිහත් වීමක් මං ආණ්ඩුවෙන්වක් කිසිම සිවිල් සංවිධානයකින්වත් දකින්නෙ නෑ. අපි අපචාරී සමාජයක්. ඇත්ත ඒකයි.

-චින්තන ධර්මදාස

Tuesday, February 5, 2013

හීතලයි. තද රස්නෙයි. තොල් පැලෙන ගානට.

මට හම්බුවෙනවා චිත‍්‍රපටියක් හදන්න, සිනමාකරුවෙක් වෙන්න නොතිත් ආශාවෙන් පෙළෙන තරුණ උන් නිතරම. මේ සිහිනය ඉතිහාසයක් පුරා නොයෙක් නොයෙක් හේතු නිසා පරම්පරා ගානක් අතින් මරා දැමුනු හීනයක් වගට ගොඩක් වෙලාවට ඒ කවුරුවත් දැනුවත් නෑ. අද ගොඩක් වෙන වෙන වැඩ කරමින් ඉන්න අය චිත‍්‍රපටි ගැන මේ හීනෙ මරා ගන්න සිද්ද වෙච්ච අය. පරපුරෙන් පරපුරට තාමත් ඒ හීනෙ ජීවත් වෙනවා. ගොඩක් වෙලාවට ඒක දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක් කියන තරමටම අභිමානවත් හීනයක්. ගඩොල් කපලා හරි චිත‍්‍රපටිකාරයෙක් වෙන්න තියෙන අධිෂ්ඨානය.. ඒ තනි ගමනෙ ගිය අය කොහොමත් තමන්ගෙ ගමන යනවා. ඒක එදත් අදත් හෙටත් එහෙමයි. ඒත් ගොඩක් අයට මගදි තමන්ගෙ ආදරේ අත්අරින්න වෙනවා. ජීවිත කාලයක් ඒ අහිමි පෙම්වතිය වෙනුවෙන් විකාර කරනවා.

ඩිජිටල්කරණයත් එක්ක මේ හීනෙ ගොඩක් අත පොවන මානෙට ආවා. නිදහස් අධ්‍යාපනේට වඩා ලොකු අවකාශයක් මේක. ඒත් අපි දූපතේ එක තැනක හිරවුණා. හදන චිත‍්‍රපටි පෙන්නන්නෙ කොතනද? තාමත් චිත‍්‍රපටි හදන්න බලාගෙන ඉන්න පිරිස නොදන්න, දන්න පිරිස තමන්ගෙ චිත‍්‍රපටිය විතරක් කොහොම හරි ෆෙස්ටිවල් එකකට විකුණගන්න පාර හොයන මාර්ග බාධකය මෙතන. මෙතනදි හැමෝටම තමන්ගෙ අයිඩෙන්ටිය පෙන්නන්න සිද්ද වෙනවා. මහින්ද චින්තනයට පිටින් චිත‍්‍රපටි හදන්න  ඕන නෑ කියලා අසෝක සේරසිංහ හන්දියෙ චන්ඩියෙක් වගේ කියල තිබුණ. කාටවත් ඇහුනෙ නෑ. නෑහෙන ගානට ඉන්න එක ජාතික ප‍්‍රතිපත්තිය වෙලා තියෙන කාලයක්. දැන් හෝල් වලට එන චිත‍්‍රපටි මොනවද? සවුදි අරාබියට වඩා දරුණු විදිහට අපේ රටේ දෘෂ්‍ය පථය අකුළලා. මහා සිනමාකරුවො ටික ගැන ඇත්තටම ලැජ්ජ වෙන්න  ඕන. මට අහන්න තියෙන්නෙ, තමුසෙලා මොනවද කළේ?

අද සිනමාකරුවෙක් වෙන්න හිතන කවුරු වුණත් එක ඇත්තක් බාර ගන්න  ඕන. හදනවා නම් හදන්න පුළුවන් පවුලේ චිත‍්‍රපටි විතරයි. එකපාරට බොරැල්ලෙ වයිඑම්බීඒ නාට්ටි වර්ගයේ කලාවක් ලංකාවෙ ජාතික කලාව වෙලා. ඒ ගැන ජනතාවට හෝ නිර්මාණකරුවන්ට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක හෝල්කාරයො සහ මහින්ද චින්තනය අතර ගිවිසුමක්. හඳගමලා එහෙම වුනත් දැන් එන්නෙ ඉන්ටර්වල් එකට විතරයි. හාස්‍යජනකම කාරණය මේක කිසිම ව්‍යාපාරික හෝ ලාබ කාරනයක් පාදක කර ගත්ත වෙනසක් නෙමෙයි. මේ අනිත් මාධ්‍ය ඔක්කොම කිසි කෙඳිරියක්වත් නොගා ‘කැමැත්තක් කර ගන්න’ කිව්වා වගේ සිනමාවත් එකග වෙන මොහොත. පේ‍්‍රක්‍ෂක රස වින්දනය කියන කතාව මෙතන අදාලම නැති එකක්. දාන  ඕන ජරාවක් ටීවී එකේ පෙන්නලා පෙන්නලා මිනිස්සු ටික දක්කන්න ඒ ගොල්ලොන්ගෙම ටීවී චැනල් තියෙනවා. පේ‍්‍රක්‍ෂකයා තව දුරටත් සිතන මිනිසෙක් නෙමෙයි. එයා බැලීමට අවශ්‍ය දේ රජය විසින් තීරණය කර ලබා දෙනවා. මේ රටේ වැඩිහිටියො නෑ. ඉන්නෙ ඔක්කොම ළමයි.

චිත‍්‍රපටි හදන්න ද`ගළන අය මුලින් උත්තර හොයන්න  ඕන ප‍්‍රශ්නෙ, කරන චිත‍්‍රපටි පෙන්නන්නෙ කොහෙද කියන එක. ඒවා නිෂ්පාදන විදිහට අරගෙන අළෙවි කරන්න කර්මාන්තමය දැක්මක් මේ රටේ නෑ. අපි නොදන්නවා වුනාට ඒක මහින්ද චින්තය යටතේ තහනම් කර්මාන්තයක් වෙන්නත් පුළුවන්. ‘අපි මේ බලන්නෙ මොනවද?’ කියල අහන පේ‍්‍රක්‍ෂාගාරයක් අපිට ලංකාවෙ බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් අඩුම තරමෙ, ‘අපේ අදහස් පෙන්නන්න තිරයක් කෝ?’ කියලා අහන එක ආන්ඩුව පෙරළන වර්ගයේ ඉල්ලීමක් නෙමෙයි කියලයි මගේ අදහස.

අද නන්නත්තාරෙ යන දවසක්. මං වෙන කතාවකට මාරු වෙනවා. මට කාලෙකට පස්සෙ මාරෙ කතා කළා. මාරෙ විනාඩි පහක් ඉල්ලලා පැයක් විතර දිග මාර කතාවක් කිව්වා. ඒ වගේ වළාකුල් අදහස් එන්නෙ ඌට විතරයි. සිංහලෙන් විතරක් කියෙව්වට මේ පොලොව ගැන ගැඹුරු කතාවක් මාරෙ ළ`ග තියෙනවා.

‘මට මැරෙන්න ඉස්සර මේ ටික කියා ගන්න  ඕනි බං’

අලූත් සීතීමේ ප්ලොට් එකක් හම්බුනාම මාරෙ පැලෙන්නෙ තරම් ත‍්‍රිලකට යනවා. උස්සන කල්ම ෆෝන් එක දහපාලොස් වතාවක් හරි රිංග් කරනවා. උස්සපු ගමන් නොඋස්සන්න කාරනා අහන්නෙවත් නෑ, කෙලින්ම කතාවට බහිනවා.

ඇත්ත අදහසක් ආවම ඒක බෙදා ගන්න කල් තියෙන නොඉවසිල්ල ඒ අදහසේ අවංකකමේ තරම කියනවා කියල මං හිතන්නෙ. ඒ අදහස ජීවත් කරවන්න, තව තව සංසර්ගයේ යොදවන්න තියෙන උවමනාව, සාමාජීය හැ`ගීම තමයි පැවැත්මේ මූලිකම කොන්දේසිය. මේ ක‍්‍රියාවලිය අහිමි සමාජයක් මැරිලා. සොම්බිකරණය වෙලා. මාරයාව පැවැත්ම විසින් කොයිතරම් හුදකලා කළත් ඌ අදහස් කැට අහුරු ෆෝන් කම්බි ඇතුලෙන් හරි සමාජය දිහාවට විසි කරනවා.

මචං, දැන් ස්ටී‍්‍රට් ප්‍රොස්ටිටියුෂන් (වීදි ගණිකා)ඉවරයි. දැන් තියෙන්නෙ අලූත් එකක්. ‘පොකට් ප්‍රොස්ටිටියුෂන්’. ඒකට සිංහලෙන් මොකද්ද කියන්නෙ? (ඒකට සිංහල වචනයක් හොයන්න මටත් අමාරු වුනා). දැන් මචං ගොඩක් ගෑණු  ඕක කරනවා. සමහරුන්ට තමන්ගෙ මිනිහට අමතර ආදරවන්තයො කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ෆෝන් බිල ගෙවනවා. තව කෙනෙක් එක්ක ෂොපින් කරනවා. තව කෙනෙක් වාහනයක් අරන් දෙනවා. නැත්තං මචං මේ ගෑණු හම්බුකරන සොච්චම් පඩියෙන් කොහොමද ඔහොම ඉන්න වියදම් කරන්නෙ? මෙගා ටෙලිවල ඉන්න බහුතරය කරන්නෙ මේක.

ඒත් මචං, වීදි ගනිකාවන්ට වඩා මේ ටෙ‍්‍රන්ඞ් එක භයානකයි. ඒඞ්ස් එහෙම බෝවෙන්න තියෙන ඉඩ වැඩියි. ඇයි මචං වීදි ගනිකාවො අම්මා මුත්තා වුනත් කොන්ඩම් එකක් නැතුව නං බෑ සර් කියනවා. මුංට එහෙම නෑ. ඒත් ඉතිං ඒඞ්ස් නං මොන ඉලව්වක්ද? බුදිය ගන්න  ඕනි නං එච්චරයි. ඒත් මේක තව හොයන්න තියෙන සබ්ජෙක්ට් එකක්. පොකට් ගනිකාවො. මීට කලින් උඹ කොහෙවත් කියවලා තියෙනවද?

මාරෙ එතනින් සෙනසුරු ගැනත් හනුමන්තා ගැනත් ජ්‍යොතිෂ කතාවලට පැන එතනින් රාම රාවණා කතාවටත් පනිනවා.

‘මේ යක්කුන්ට පිස්සු බං. රාවණා ලංකාවෙ කියලා මැරෙන්න හදනවා. රාමා ඉන්දියාවෙ කියල දාගෙන. මේක මේ ඉතිහාසෙ ගැන කියවන උන්වත් පැහැදිලි කරන්නෙ නෑ. ඒ කාලෙ කොහෙද බං ලංකාව ඉන්දියාව කියල රටවල්. මේවා ප‍්‍රදේශ. ලංකාව ඉන්දියාව කියල මේවා නම් කළේ සුද්දො. ඉන්දියාව නං ඉතිං ලොකු මහද්වීපයක් විදිහට තියෙන්න ඇති. ඒත් ලංකාව කියලා එකක් තිබ්බෙ නෑ.

රාම රාවණා යුද්දෙ කියන්නෙ ප‍්‍රදේශ අතර යුද්දයක්. රාමා තමයි ඒකෙන් දිනන්න  ඕන. එයා තමයි රාජ්‍යය. රාවණා කළේ වෙනත් ප‍්‍රදේශයක නායකයාගෙ බිසව පැහැරගෙන එන එක. ඒක මේ ලංකාව ඉන්දියාව අතර යුද්දයක් කියල කියන ගොන්නු මුං.

ලෝකෙ තියෙනවා මචං ශිෂ්ටාචාර වර්ග දෙකක්. මාරෙ කතාවෙ තවත් දිගුවකට මාරු වුණා. එකක් ගංගා නිම්න ආශ‍්‍රිතව ඇති වෙච්ච ශිෂ්ටාචාර. ඒවා තමයි මහා ශිෂ්ටාචාර වුනේ. අපි ඉන්නෙ වැව් ආශ‍්‍රිත ශිෂ්ටාචාර වර්ගයෙ. මේ වැව් කියන්නෙ අපේ ජාතික පොරවල් කියන විදිහට රජවරු මාර විදිහට හිතලා කරපු මහා වැඩ නෙමෙයි. ලංකාවෙ පිහිටීමෙ හැටියට කොහොමත් තැන් තැන් වල වතුර එකතු වෙනවා. වලවල් වල වගේ. මේකට ඉතිං කානු ටිකක් බැඳලා වතුර ටික බෙදෙන්න හදන එක මාර දියුණු හිතීමක්ද? මේවා තමයි උගන්නන බොරු.

මෙතනින් කොහොම හරි කතාව සමාජ ව්‍යාපාර වලට මාරු වුනා. ඒකෙ සම්බන්දෙ දැන් මටත් මතක නෑ. ඒත් මාරෙ පට්ට කතාවක් කිව්වා.

‘මචං ලංකාවෙ තිබ්බෙ එක සමාජ ව්‍යාපාරයයි ඇත්ත වැඩක් කරපු. කියපං බලන්න?’

මං දහඅතේ කල්පනා කළා.

‘හෙළ හවුල බං. උන් විතරයි වැඩක් කළේ’

‘ආපෝ....ඒක පිස්සුවක්’ මට ගත් කටටම කියවුනා.

‘මචං උන්ගෙ අනිත් වැඩ පැත්තකින් තියපං. උන් මේ යක්කුන්ට ඇඳුමක් අන්දපු එකම මදිද?’

‘මොන?’ ඒ මම.

‘ඇයි බං ජාතික ඇඳුම. මුංට ඇඳුමක් තිබ්බෙ නෑනෙ. කට්ටියක් අමුඩ ගහනවා, කට්ටියක් රෙදි නැතුව යනවා. මචං ලැජ්ජාවක් නැතුව එලියට බහින්න ජාතික ඇඳුමයි ඔසරියයි උන් හදලා දුන්නා. අන්න ඒවයි සංස්කෘතික වැඩ කියන්නෙ’

‘ඔන්න මචං දවසක් තෝමස් කියල එකෙක් කුමාරතුංග මුනිදාස හම්බු වෙන්න ඇවිත්. උගේ දරුවට නමක් දාගන්න. දැන් ඉස්සරහ ඉඳන් ඌ කැරකෙනවා කෙලින් කියා ගන්න බැරුව. කුමාරතුංග අහනවා,

‘මොකෝ තෝමස්’

‘කොල්ලෙක් උපන්නා. නමක් හදාගන්න කියල’

‘හා...තෝමස්ට මහ සතුටක් නේද?’ කුමාරතුංග අහනවා.

‘අනේ ඔව්’

‘එහෙනං අපි මාතොස් (මහ තොස්) කියල දාමු’

මචං බලපං. ලයිෆ් නෙ.

මාරෙ තවත් දිගට කතා කරනවා. මට දැන් යන්න  ඕනි.

‘හරි මචං. කතාවෙ  ඕන ටික තාම කිව්වෙ නෑ. මට විනාඩි තුනක් දියං’

මාරෙගෙ සුරතාන්තය තව ගොඩක් ඈත.



-චින්තන ධර්මදාස

Sunday, January 27, 2013

මේ කවුද? මොනවද කරන්නෙ?


මුස්ලිම් විරෝධී ජාතික දුමාරයකින් ෆේස් බුක් එක වැහිලා ගිහින්. නෝ ලිමිට් එක ඉස්සරහ පිකට් කරලා, හලාල් බඩු තහනම් කරලා අමුතු සිංහල බෞද්ධ ත‍්‍රිලකට ජනතාව සෙට් වෙලා. තවත් කට්ටියක් මේ විනෝදයට එරෙහිව, ජාතිවාදයට එරෙහිව ලොකු ෆේස් බුක් කැරළි ගහනවා.

සනීපාරක්‍ෂක තුවා වර්ගයක වඳ වෙන තෙලක් ගානවා කියල අද ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය කියල එකකින් පෝස්ට් කරලා තිබුණ. බෞද්ධ සහ සනීපාරක්‍ෂක තුවා අතර සම්බන්ධය කොයි වගේ එකක්ද කියලා මේ ඇත්තන්ට හිතෙන්නෙම නෑ. ඊට වඩා විනෝදය ලොකුයි. ඉස්සෙල්ලා දෙමළා ගෙන් රට නිදහස් කර ගැනීම වෙනුවෙන් බුදුන් වදාල බණ අහන් හිටපු අපිට දැන් ගෑණු වඳ කරන තෙල් ගැන බුදුන් වදාල බණ අහන් ඉන්න වෙනවා.

මුස්ලිම් අය ගැන සිංහල බෞද්ද බහුතරය බාර ගන්න කැමති කරුණු දෙකයි. ඒ බිරියානි සහ වටලප්පන්. අනිත් ඔක්කොම ගැන අපි නෙගටිව්. ඒ ගොල්ලොන්ගෙ බිස්නස් හැකියාව ගැන (මට අනුව මුස්ලිම් ව්‍යාපාරික ක‍්‍රම විෂයක් විදිහට ඉගෙන ගන්න එක චාර්ටඞ් වලට වඩා වටිනවා) සිංහල බෞද්දයා හොඳටම නෙගටිව්. සියවසකටත් එහා කාලෙක ඉඳන් අපිත් එක්ක ඉන්න, මේ රටේ සිංහල ගෑණුන්වම කරකාර බැඳගෙන පවුල් විදිහට ව්‍යාප්ත වුණු  (මුස්ලිම් ජාතිකයන් ලංකාවට අරාබියෙන් ගෑනු ගෙනාවේ නෑ)  මේ සහෝදර ප‍්‍රජාව එක්ක අපි කොයි තරම් උසට තාප්ප හදාගෙනද? මෙච්චර කාලයක් අපි නොදැකපු මේ තාප්ප දෙමළා ඉවර කළාට පස්සෙ බර්ලින් තරම් උසට පේන්න පටන් අරන්.

හාමුදුරුවරු බහුතරයක් මේ වෙද්දි කියන්නෙ මුස්ලිම් විරෝධි බණ. හලාල් සහතිකේ ගැන. මුස්ලිම් ජනතාව සහ උපත් පාලනය තමයි ජනප‍්‍රියම බණ තේමාව. මෙතනදි මට කතාවෙන් පිට පැනලා වෙන කතාවක් කියල එන්න වෙනවා. ළ`ගදි අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා ෆේස් බුක් එකේ ෂෙයාර් කරලා තිබුණ ‘ගස් ගල් අදහන්න එපා කියලා බුදුන් කිව්වට අපි ඒකමනෙ කරන්නෙ’ වගේ ශුද්ධ වූ බුද්ධාගමක් ගැන කියන මේ වෙලාවෙ ‘ප‍්‍රතිපිල’ට අයිති වගේ කියමනක්. දැන් ගොඩක් හාමුදුරුවරු ෆේස් බුක් ඉන්නවනෙ. ඔන්න එහෙම ඉන්න ගමන් මාර්ෂල් ආර්ට් එහෙමත් කරන හාමුදුරු කෙනෙක් මේකට උත්තර දෙනවා.

‘බුදුන් ගස් ගල් වඳින්න එපා කිව්වා නම් ජේතවනාරාමෙන් එලියට යද්දි ඒ නැති අතරෙ වඳින්න යමක් දෙන්න කියලා ආනන්ද ඉල්ලූවාම බෝ ගහට වඳින්න කිව්වෙ ඇයි?’ කියල ප‍්‍රශ්නෙකින් පටන් අරන් එයා බුදු දහම ගැන නොදැන කතා කිරීම කියන වරදට කොපි ලියන කොල්ලව කෝචොක් කරනවා. ඊට පස්සෙ තවත් බෞද්ද පිරිවර උඩ පැන පැන ඌව කමෙන්ට් වලින් තලනවා.

මේ වෙද්දි  පෙනී ඉන්නෙ මොකක් වෙනුවෙන්ද කියන කාරනේ පවා බෞද්දයන්ට අමතක වෙලා ගිහින්. ප‍්‍රඥාවේ කෙලවර විදිහට කියන බුදුන් වගේ චරිතයක් තමන් වෙනුවෙන් තමන් නැති වෙලාවට ගහකට වැඳ වැඳ ඉන්න කියලා කියපු විස්තරයක් එකට සමපාත කර ගන්න කිසි අර්බුදයක් බෞද්දයන්ට නෑ. භක්ති මාර්ගයට එරෙහිව ඥාණ මාර්ගය ගේන්න තමන්ගේ සමස්ත මෙහෙයුම කළ ගෞතම බුද්ධ ගස් ගල්, පිළිම, ධාතු වඳින අන්ත භක්ති මාර්ගයක් දක්වා අරන් ඇවිත් ඒ මදිවට ජාතීන් අතර අවුල් වෙනුවෙන් පවා පාවිච්ච කරන පාපය ගැන කිසිම විචිකිච්ඡවක් නෑ.

‘මිත්‍යා දෘෂ්ටික වන්නේ බුදුන් නැතුව වෙන කෙනෙක් ගැන හිතාගෙන ගස් ගල් අදහන එකයි’ කියලත් ඒ හාමුදුරුවො අගට පැහැදිලි කිරීමක් කරනවා.  මේවා දකින්න බුදුන් හිටියා නම් මොනවා හිතෙයිද? බුදු පිළිම අඹන අය ඒ ගොල්ලොන්ගෙ ඔලූවෙ තියෙන බිරින්දෑවරුන්ගේ දියණිවරුන්ගෙ මූණු දාලා බුදු පිළිම අඹනවා වගේ (ගොඩක් ඔය තැන තැන අඹලා තියෙන බුදු පිළිම ගැන බලන්න. ඒවා ඇත්තටම නං විකෘති කිරීම්) තම තමන්ගෙ ඔලූවෙ පමණින් දැන් එක එක බුදුවරුන් බණ කියන්න අරගෙන. අන්තිමට බුද්දාගම ඇවිත් නතර වුනේ නෝ-ලිමිට් එක වහලා දාන අරගලේකින්.
‘ ඕනම මයිනොරිටි එකක් එකට ගුලි ගැහිලා වගේ තමයි ජීවත් වෙන්නෙ. ඒ ගොල්ලො කල්ට් එකක් වගේ ටිකක් තද නීති වලින් බැඳ ගන්නවා. ඒ ගොල්ලො බයයි. ඒ කණ්ඩායම නැතුව ඒ ගොල්ලොන්ට පවතින්න විදිහක් නෑ. මුස්ලිම් කියන්නෙ ජාතියක් විතරක් නෙමෙයි. ඒක ආගමක්. එතකොට තත්වෙ ගොඩක් සීරියස්. මොකුත් කියන්න බෑ, ඒක දෙවියන්ට ගැටගහලා තියෙන්නෙ’
ඉස්තෙපාන් චූ කරන්න යන එක නවත්තලා විස්තර කළා.

‘ඒ ගොල්ලො ගොඩක් ලීගල් ඉෂුස් රිලීජස් විදිහට අරගෙන නෙ තියෙන්නෙ. ගෑණුන්ට වැරදි විදිහට සළකන එක නීතිමය ප‍්‍රශ්නයක් වුනාට මොකුත් කරන්න බෑ. ඒක ඉස්ලාම් ආගමේ විදිහ. මචං අපිට මොකද්ද අපි කරමින් ඉන්නෙ කියල අපේ දිහාම බලන්න පුළුවන් වෙනකල් මොකුත් කරන්න බෑ. එලියෙන් මේ විදිහට ෆයිට් කරන එකෙන් ඒ ගොල්ලො තවත් ඇතුලට යනවා. එලියට එන්නෙ නෑ’

සිංහල ජනතාවත් සිංහල-බෞද්ද නමින් ජාතියත් ආගමත් එකක් විදිහට හරවගෙන ඒ සුළු ජාතික ගානටම බැහැලා රන්ඩු කරන්න අරගෙන. හලාල් තියෙන ඒවා ඒ ගොල්ලොන්ට නම් හලාල් නැති ඒවා අපිට  ඕන...හෙළ උරුමය කියනවා. මේ ලංකාවෙ ජාතික දේශපාලනය කරන පක්ෂ වල ඉන්න ඉස පැහුණු මිනිස්සු.
මේ මුස්ලිම් අවුලෙන් කෙලින් හෝ වටෙන් වාසි වෙන කට්ටි දෙකක් ඉන්නවා. එකක් මුස්ලිම් නොවෙන බිස්නස් කට්ටිය. මූලිකව සිංහල. මුස්ලිම් අයට බිස්නස් ගැන තියෙන දැනීම සහ හැකියාව රටේ කවුරු වුණත් දන්නවා. ඒක ඒගොල්ලොන්ගෙ ජාන වලින්ම එන තරං ගැඹුරුයි. නිරායාසයි.

ටිකක් ඉස්සර එන්ජී ඕ එකක් එක්ක යුද්දෙ හින්ද අනාත වෙච්ච සිංහල ගමකටයි ඊට යාබද මුස්ලිම් ගමකටයි මං ගියා වීඩියෝ එකක් කරන්න. සිංහල ගමේ උදවිය ඔක්කොම කිව්වෙ වතුර නෑ, අරක නෑ, මේක නෑ, ආන්ඩුවෙන් තමන්ව බලාගන්නෙ නෑ වගේ කතන්දර. ඒත් මුස්ලිම් ගමේ හැමෝම කිව්වෙ ‘අපිට එළුවො දෙන්නෙකුයි කුකුල්ලූ ටිකකුයි දෙන්න. අපි අනිත් ඒවා හදා ගන්නම්’ කියල. ඒක ඒ ප‍්‍රජාවෙ තියෙන පුදුම හැකියාවක්.

මේ විදිහෙ ජාතික බෙදීමක් ඇතුලෙන් මේ මුස්ලිම් ව්‍යාපාර බලය තමන් අතට ගන්න තවත් ව්‍යාපාරික පිරිසක් ගන්න උත්සාහය මේ ගොඩක් තැන් වලදි පැහැදිලියි. මේ සංවිධානාත්මක අවුලක් ඇති කිරීමේ ව්‍යාපාරයේ ලණු තියෙන එක පැත්තක් මේක. නෝ ලිමිට්, හේමාස් වගේ ආයතන වලට විරුද්ද මඩ ව්‍යාපාර පිටිපස්සෙ තියෙන්නෙ මේ බාල උවමනාව.
අනික ආන්ඩුව. කොටි ඉවර වුනාට පස්සෙ ටික ටික අමතක වෙමින් යන ජාතික අභිමානය කියන්නෙ මේ ආන්ඩුවෙ පැවැත්ම තීරනය කරන සාදකයක්. කෝටි ගනන් වියදමෙන් රට පුරා ඇවිදිමින් යුද්දෙ නැවත නැවත පෙන්නන්නෙ මේ අභිමානය කොහොම හරි එම්බාම් කර කර තියාගන්න. දේශාභිමානය කියන එක කොහොමත් කැම්පේන් එකක් මිසක් ස්වභාවික හැ`ගීමක් නෙමෙයි. සිංහලයන්ට මේක මුලින්ම ඇති කළේ සුද්දො. ඒ අපි සුද්දො දෙන දෙයක් කකා නිකං බලන් ඉන්න ගත්ත හින්ද. දේශාභිමානය ඇති කරලා කොහොම හරි අපේ අයව කුඹුරු ටිකට බස්ස ගත්තා. ඒ දේශාභිමානය අද පාවිච්චි වෙන්නෙත් ඒ වගේම කැම්පේන් එකක් ඇතුලෙ.

මේ වෙද්දි මහා ප‍්‍රජාව වෙච්ච සිංහල බෞද්දයා මුස්ලිම් සුළු ප‍්‍රජාව පස්සෙන් වැටිලා. ඒ ගොල්ලො හදන ළමයි ගානට ළමයි හදන්න පවා උපදෙස් දෙනවා. මේක සංකෝචනය වීමක්. අපි කොයිතරම් විශාල සහ පැතිරුණු සංස්කෘතියක් වුනත් වැඩක් වෙන්නෙ නෑ අපි මනසින් සුළු ප‍්‍රජාවක් තරමටම සංකෝචනය වෙලා නම්. බයට පත් වෙලා නම්..අනාරක්‍ෂිත නම්. ඇත්ත තත්වෙ වෙන්නෙ අපි අපිවම සුළු ප‍්‍රජාව කොට සිතීමේ ෆෝබියා එකකට ගොදුරු වෙලා. ජාතියක් විදිහට අපේ අනාරක්‍ෂිත බව එක එක තැනින් පිටාර යන්න පටන් අරන්. මුලින් දෙමළ. දැන් මුස්ලිම්. ඊළ`ගට ක‍්‍රිස්තියානි.. ඊට පස්සෙ...

අපිට මනක්කල්පිත හෝ හතුරෙක් නැතුව ජාතියක් විදිහට පවතින්න බැරි තරම් දුර්වල වෙලා. මුස්ලිම් හො වෙනයම් හෝ සංස්කෘතික බාධකයක් මගහරවන්න නම් ගෝලීය ප‍්‍රාග්ධන තත්වයන් එක්ක වඩා වේගයෙන් මුහුවෙමින් වඩාත් විශාල සංස්කෘතික අවකාශයක් විවෘත කර ගැනීමේ දියුණු සිතීමකට යනවා වෙනුවට සිද්ද වෙන්නෙ අපි ඉන්ටර්නෙට් තහනම් කරගෙන, කොට ගවුම් තහනම් කරගෙන ඒ සංස්කෘතික ගුල ඇතුලටම රිංගන එක. දැන් අපිත් මුස්ලිම් සංස්කෘතියෙ තරම්ම සීමාවලට ළං වුණු සංස්කෘතියක්. ඒවා අප‍්‍රකාශිත වුනත් පැහැදිලි සීමා. ඉතින් අපිට අපිව පේන්නෙත් ඒ තරමටම පුංචියට.

රිසානා මැරුණු එක සහ ඒක බේරගන්න අරාබියට එරෙහිව සටන් නොකිරීම ගැන මගේ සිංහල යාලූවෙක් මුස්ලිම් යාලූවෙක්ට දොස් කියන්න ගත්තා. මුස්ලිම් යාලූවා කරබාගෙන ඉඳලා හොඳ උත්තරයක් දුන්නා.
‘මචං මේ, මං ලංකාවෙ ඉඳන් අරාබියෙ නීති වෙනස් කරන්න යන්නෙ නෑ. ඒක ඒ රටේ නීතිය. ඒත් අපිට රිසානාව බේර ගන්න තිබුණ. අපේ ආන්ඩුව ඒක කලේ නෑ. අපි අහන්න  ඕනි අපේ ආන්ඩුවෙන් ඇයි රිසානාව බේර ගත්තෙ නැත්තෙ කියල. අරාබියට බැනලා වැඩක් නෑ.

මචං,  ඕන රටක නීතිය හැදෙන්නෙ ඒ රටේ මිනිස්සුන්ට සාපේක්‍ෂව. සවුදියෙ ඔහොම නීතිය තිබුණට ඩුබායි වලදි ඒක වෙනස් වෙනවා. එහෙම තදට පාලනය කරලා තිබ්බෙ නැත්තං සවුදියෙ ඔයිට වඩා ගොඩක් අපරාද වැඩිවෙන්න පුළුවන්’

මගේ සිංහල යාලූවගේ කතාවට වඩා මුස්ලිම් යාලූවාගෙ තර්කයේ හිතන්න දෙයක් තිබුන. ඒත් සිංහල යාලූවා එක දේම දිගටම කිව්වා.

‘රිසානා මැරුවා...රිසානා මැරුවා....’
අපිට ජීවිතයක් නෑ. කාගෙ හෝ ඉත්තො වෙනවා ඇරුණම අපිට අපි හුස්ම ගන්නවද කියලවත් ෂුවර් නෑ. කොයිතරං සංස්කෘතික ආගමික සීමා ඇතුලෙ වුනත් මුස්ලිම් අයට තාමත් ජීවිතයක් තියෙනවා. සමාජයක් තියෙනවා. අපි කරන්න  ඕන උන්ට ඉරිසියා කරන එක නෙමෙයි  අපිට ජීවිතේ මගඇරුණු තැන හොයා ගන්න එකයි.
කොහොම වුනත් ඒක තියෙන්නෙ ෆේස්බුක් එකෙන් එලියෙ.

-චින්තන ධර්මදාස

Tuesday, January 22, 2013

අතිශයින්ම පිරිමින්ට පමණයි; Manic Pixie Dream Girl


ගිම්හානයේ දවස් පන්සීයක් (500 ඬේස් විත් සමර්) සහ උද්‍යාන ප‍්‍රාන්තය (ගාර්ඞ්න් ස්ටේට්) කියන්නෙ මං හු`ගක් ආස චිත‍්‍රපටි. ඒ චිත‍්‍රපටිවල මං වැඩියෙන් කැමති වෙන්නෙ මොකකටද කියලා හිතදාගෙන යද්දි අන්තිමට මං තේරුම් ගත්තෙ මං ආස වෙන්නෙ චිත‍්‍රපටියෙ සිනමා කාරණාවකට වඩා මේ කතාවල ඉන්න ගෑණු චරිතෙට කියල. ගිම්හානයේ දවස් පන්සීයක් චිත‍්‍රපටියෙ මේ චරිතෙ කරන්නෙ සුයී ඩිස්චැනල්. උද්‍යාන නගරයේ මේ චරිතය නතාලි පෝර්ට්මන්. මේක පසුකාලීනව බටහිර චිත‍්‍රපටි ඇතුලෙ නිර්මාණය වෙන ‘ස්ටොක්’ වර්ගයේ චරිතයක්.
ඒ කියන්නෙ එක්තාරා ෂොනරයක් හොඳින් ඇසුරු කරන අය බැලූබැල්මෙන්ම අඳුර ගන්න විදිහෙ ජීවිත ආකෘතියක්. එක්තරා නිර්මිත හැඩයක්. විකිපීඩියා එකේ විදිහට මේ පෙම්වතියට කියන්නෙ ‘මැනික් පික්සි ඞී‍්‍රම් ගර්ල්’ කියල. දුක්මුසු, හැ`ගීම්බර, පරාජිත ජීවිතයෙන් පලා යන කොල්ලන්ට මුණගැහෙන දේවතාවිය. අපි ‘ආදරයේ අංශූමාත‍්‍රයක්’ කරද්දිත් අපේ ජීවිත උවමනාව (හි`ගය) මේ හීනය දිසාවට අපිව තල්ලූ කළාද කියල දැන් හිතෙනවා. මේ පෙම්වතිය සම්පූර්ණයෙන්ම කැප වෙන්නෙ පෙම්වතාගෙ ජීවිතය ගොඩ දැමීම වෙනුවෙන්. නැවත ජීවිතයට පෙම්බැන්ඳවීම වෙනුවෙන්. ඒ ඇරුණම තමන්ගෙ ජීවිතේ පැත්තෙන් එන උවමනාවන් ආශාවන් සහ ආත්මාර්ථයන් ‘මැනික් පික්සි’ට නෑ. ගොඩක් වෙලාවට මේ ජීවිතේ ආයිමත් නිර්මාණය කරලා දීලා මේ ගෑණු ළමයා යන්න යනවා.

මේ ස්ටොක් කැරැක්ටර් එක මුලින්ම අඳුන්නලා දුන්නෙ ‘නේදන් රේබන්’ කියන විචාරකයා. ඒ ක‍්‍රිස්ටන් ඩන්ස්ට් ‘එලිසබෙත්ටවුන්’ ෆිල්ම් එකේ කරන චරිතෙ දැක්කට පස්සෙ. ‘මේ බුබුළක් වගේ සැහැල්ලූ දේවතාමය පෙම්වතිය පවතින්නේ උණ විකාරෙන් පෙළෙන දුක්මුසු ලේඛක-අධ්‍යක්‍ෂවරුන්ගේ මනස් ඇතුලෙ විතරයි’ එයා කියනවා. මේ චරිතෙ හින්ද පෙම්වතාට සිද්ද වෙන ලොකු අභාග්‍යයක් තියෙනවා. ඒක මේ චිත‍්‍රපටි පෝලිමම බලලත් මට නොතේරුණු තැනක්. තමන්ගෙ ජීවිතේ අර්බුද වලට මූණ නොපාන නිසාම මේ සහමුලින්ම පරාර්ථකාමී ගෑණු චරිතය කතාව පටන් ගත්ත තැන ඉඳන් අවසන් වෙන තැනට වෙනකල්ම නොවැඩෙන චරිතයක්. එකම තැන හිරවුණ ජීවිතයක්. ඒ හින්දම මේ පෙම්වතාගෙ භාව කලාපයන් වර්ධනය වෙන්නෙත් නෑ. සදාතනික හිරිවැටීමක් වගේ කලාපයක එක්ව ගැවසෙමින් මේ යන ගමන පොඩි ඩ‍්‍රග් ටි‍්‍රප් එකක් වගේ.

වැඩියෙන් දරුණු තත්වෙ වෙන්නෙ අපි වගේ දුක්මුසු පිරිමින්ට මේ චරිතය ලංකාවෙ කොළඹ තැන් තැන් වලදි මුනගැහෙන එක. අපි ඇඳගන්නවාද නැත්තං අන්ඳනවාද කියලා හිතාගන්න බැරි කලාපයක අතරමං වෙන එක. එක්ස් එකේ කලින් දෛව ස්ත‍්‍රිය විදිහට හඳුනාගත්තෙ මේ චරිතයෙ ඒ කාලෙ වර්ෂන් එක. මේ බුබුළු නගින, පිස්සු කෙළින, හුරතල් දේවතාවිය එක එක යුග වලදි වෙන වෙන විදිහට පිරිමින්ට මුනගැහෙනවා ඇති.

මේ ගැහැණිය කෙළි ගති අතින් පරිපූර්ණ අතරෙම එයාට ගතානුගතික සීමාවන් අතික‍්‍රමණය කරන හැසිරීම් රටාවකුත් තියෙනවා. 1938 කරපු ‘බි‍්‍රන්ගින් අප් බේබි’ චිත‍්‍රපටියෙ කැතරින් හෙබන්ස් කරන චරිතයෙ ඉඳන් සිනමාව ඇතුලෙ මේ ගැහැණිය ඇවිදගෙන ආවා කියල විචාරකයො කියනවා. ‘ෆිල්ම් ස්පොටින්’ කියන පොඞ්කාස්ට් එක සිනමාවෙ හොඳම ‘මැනික් පික්සි ඞී‍්‍රම් ගර්ල්ස්ලා’ 5 දෙනා ලැයිස්තුගත කළා. ඒත් නේදන් රේබන් තමන්ගේම වෙනම ලැයිස්තුවක් ඉදිරිපත් කළා. ඒකෙ හැටියට, ‘ජූල්ස් ඇන් ජිම්’ ෆිල්ම් එකේ කැතරින්, ‘ද ලේඩි ඊව්’ ෆිල්ම් එකේ ජීන්, ‘සම් ලයික් ඉට් හොට්’ ෆිල්ම් එකේ සුගර්, ‘පාම් බීච් ස්ටෝරි’ වල ජෙරි ජෙෆර්ස් මේ ගෑණු චරිතෙ විස්තර සම්පූර්ණ කරනවා.

‘ඉටර්නල් සන්ෂයින් ඔන් ස්පොට්ලස් මයින්ඞ්’ කියන තවත් මගේ ආසම චිත‍්‍රපටියක කේට් වින්ස්ලට් මේ මැනික් පික්සි හීන කෙල්ලගේ චරිතයේ දිගුවක් හැටියෙන් හඳුන්වන්න විචාරකයො පෙළඹෙද්දි කේට්ට මළ පැන්නා.

‘ගොඩක් පිරිමි හිතන්නෙ මං කන්සෙප්ට් එකක් කියල. ඒ ගොල්ලොන්ගෙ ජීවිත සම්පූර්ණ කරන අදහසක් කියල. මං ඒ පිරිමින්ව ජීවත් කරන දේවතාවා කියල. ඒත් මාත් මගේ ඇතුලෙ විසඳුමක් හොයාගෙන යන අනිත් හැමෝම වගේ වල්මත් චරිතයක්. කරුනාකරලා මාව ලියාගන්න හදන්න එපා’
කේට් උත්තර දෙනවා.

මේ ස්ටොක් චරිතය නිර්වචනය කිරීම ගැන ගොඩක් කාන්තා සහ කාන්තා පක්ෂපාතී විචාරකයො අවුල් වුනා. ‘මේක ස්ත‍්‍රී විරෝධී, ඒ ජීවිත අවතක්සේරු කරන, එම පැවැත්ම අවම කරන වර්ගයේ නිර්වචනයක්’ ඒ ගොල්ලො කිව්වා. ඒත් 2012 ‘ ඕල් මුවි’ විචාරක කැමිලා කොලර් මේ නිර්වචනය සරල රේඛීය විදිහට ලියැවුණු, පිරිමියාගේ ජීවිතය අල්ලා දීම විතරක්ම අරමුණු කර ගත් ගෑණු චරිත හඳුනාගැනීම සඳහා අර්ථවත් වග එලිපිට කිව්වා. ඒ වගේම මේ චරිත ලේඛකයා විසින් චරිතයට අදාල අවකාශයන් දක්වා වර්ධනය වීමට අවකාශ නොදීමක් හැටියෙනුත් තේරුම් කරලා තිබුණ.

ඇත්ත ප‍්‍රශ්නෙ වෙන්නෙ මේ මැනික් පික්සි ඞී‍්‍රම් ගර්ල් කොයිතරම් සිනමාවෙන් පිටතදි පිරිමින්ට මුණගැහෙනවද කියන එක. කොයි තරම් පිරිමි මේ ගෑණු අවතාරය නිසා සදාකාලික ළමා වියේ පසුවෙනවද කියන එක. මේ හීනෙ ඇතුලෙ කාලෙ ගත වෙනවා. ඒත් වයස යන්නෙ නෑ. ඇහැරිලා බලනකොට හැම විනාසයක්ම වෙලා තියෙන්නෙ අපි නිදි අතරෙ. මං මේ කියන කතාව මගේ පිරිමි යාලූවො කොයිතරම් ගොඩ දෙනෙක් අත්විඳලා තියෙනවද කියල මං දන්නවා.

මැනික් පික්සි ඞී‍්‍රම් ගර්ල් මුනගැහෙන්නෙ නාගරික චරිත වලට.  බංකොලොත් රොමාන්තික හුදකලා පිරිමින්ට.  කවිකාර දුක්මුසු තරුණයො සමහර වෙලාවට මෝහිනී පවා මැනික් පික්සි ඞී‍්‍රම් ගර්ල් විදිහට දකින්න ඉඩ තියෙනවා.

‘මේ චරිත අමුතුයි අපූරුයි කියන එක බොරුවක්. ඇත්තටම ඒ ගොල්ලොන්ගෙ එහෙම දෙයක් නෑ. මේ චරිත ඒ ගොල්ලොන්ගෙ කිසිම දෙයක් ගැන නොහිතා ඉන්න හින්දම ඇති වෙන ආකර්ශනයක් විතරයි. එහෙම නැත්තං මේ ගොල්ලො එහෙම්පිටින්ම මේන්ස්ටී‍්‍රම්. ලොකු ටැටු එකක් ගහලා හරි ෂවර් එකක් යට හයියෙන් සිංදු කියලා හරි වෙනස් චරිත වෙන්න බෑ’ ජෙසිකා ග්‍රෝස් මූණටම කියල තිබුණ.

මේ චරිතෙ තියෙන වැදගත්ම ලකුණක් වෙන්නෙ තමන්ට වෙන්වුණු තමන්ගේ ඇතුළතක් නැති එක. තියෙන්නෙ බාහිරයක් විතරයි. මේක තාවකාලිකව සුන්දර අත්දැකීමක්. විශේෂයෙන්ම ලොකු මමත්වයන් සහිත පිරිමි චරිත වලට. අනෙකා වෙනුවෙන් කැපකිරීමක්, දැරීමක්, ඉවසීමක් නැතුව ජීවත් වෙන්න ලැබෙන ඉඩ පහසුව හින්දම. ඒත් අනුන් වෙනුවෙන් තමන්ගේ සතුට කැප කිරීම කියන්නෙ රෝගයක් කියල තේරුම් ගන්න ඒ පිරිමින්ට කාලයක් ගත වෙනවා. එතකොට ඛේදවාචකය පටන් අරන් ඉවරයි.

චිත‍්‍රපටිවල මුණගැහෙන මේ ගෑණු චරිතයෙ තියෙන විශේෂත්වය අපි එයා ගැන හු`ගක් දේවල් දන්නෙ නැති එක. ඒ වෙනුවට අපි කතාව පුරාම යන්නෙ පිරිමි චරිතයෙ යතාර්ථයත් එක්ක. මේ සුන්දර ගෑණු ජීවිතේ ඇත්ත දේවල් හොයන්න අපි පෙළඹෙන්නෙ නෑ. ඒ චිත‍්‍රය ඒ තරම් පරිපූර්ණ නිසා, රොමාන්තික නිසා අපි යතාර්ථය අහලකටවත් වද්දගන්නෙ නෑ. පැය එකහමාරකින් චිත‍්‍රපටියක කතාවක් ඉවර වුණාට ජීවිතේ එහෙම වෙන්නෙ නෑ. අපි අකමැති ඒ විස්තර දිහා ඇස් ඇරන් බලන් ඉන්න අවුරුදු ගානක් ඊට පස්සෙ ගත කරන්න සිද්ද වෙන එක මේ අවතාරය මුණගැසීමේ අහම්බයට පස්සෙ එන අනිවාර්යයක්.

’මෙහෙම ගෑණුන්ට මොන පිරිමියද අකමැති? මේ තමයි ලබාගන්න බැරි, උත්තරීතරම දේවතාවන්. කිසිම ඉල්ලීමක් ඒ ගොල්ලො කරන්නෙ නෑ. වදකාර නෑ. හැම දෙයක්ම ෆැන්ටසියක සීමාවෙ තියා ගන්න ඒ ගොල්ලො දන්නවා. ඒ ගොල්ලො හරියට ‘ද රූල්ස්’ කියවන අතරෙ එලියට් ස්මිත් අහන ගෑණු වගේ. ‘සමර්’ වගේ කෙල්ලෙකුගෙ විදිහ තේරුම් ගන්න අමාරු නෑ. තීරණාත්මක අවස්ථා සහ ප‍්‍රශ්න කලාත්මක විදිහට මග හැර යනවා. ඒවාට එයා ළ`ග උත්තර නෑ’

ඒ වෙනුවට කොහොමද ඇත්තටම එයාගෙ අදහසක් තියෙන පෙම්වතියක්, ඇල්ලූවට හපන්න පුළුවන්ද වගේ සෙල්ලම් නොකරන, තමන්ගේ සිහින සහ බලාපොරොත්තු ගැනත් පැහැදිලි සිතීමක් තියෙන, ඒ වෙනුවෙන් පෙම්වතාගෙ උනන්දුවත් බලාපොරොත්තු වෙන පෙම්වතියක්? ඒ ඉල්ලීම අසාධාරණද?’
ද ඬේලි බීස්ට් වෙබ් ස`ගරාව ප‍්‍රශ්න කරලා තිබුණ.

මේ විදිහෙ මැනික් පික්සිලාගෙ ඇත්තට මුණගැහෙද්දි තමන් ඇතුළෙන් හු`ගක්ම ව්‍යාකූල වුණු චරිත. තමන් කවුද කියල සංස්කරණය කර ගන්න බැරි තරමට. ගොඩක් වෙලාවට තමන්ගෙ අනන්‍යතා අර්බුදය හින්දම මේ ගෑණු චරිත දුක්මුසු රොමාන්තික පිරිමින්ගෙ සිහින වලට අඳිනවා. ඒ සිහින එක්කම අර්බුදයට යනවා. ‘ගලවාගැනීමේ දේව දූතියන්’ එනකං බලන් ඉන්න ඒ රෝගී සිහින විතරක් නෙමෙයි සමස්ත ජීවිතයම ලෙඩ කරලා ඒ දේව දූතියන් ආයිමත් යනවා.

‘දේව දූතියන්ට කන් ඇහෙන්නෙ නෑ. ඒත් ඒ ගොල්ලො ඇහෙනවා වගේ පෙන්නනවා’
- ආදරයේ අංශූමාත‍්‍රයක්

ඒත් අපිට චිත‍්‍රපටි ලෝකෙවත් මේකෙ අනිත් පැත්ත, මැනික් පික්සි ඞී‍්‍රම් ගයිසලා (පිරිමි චරිත) මුණ නොගැහෙන්නෙ ඇයි?

-චින්තන ධර්මදාස


   

Thursday, January 17, 2013

අපි රජ ඉබ්බෝ

”මචං, මං ආස නෑ රිලීජස් (ආගමික) මිනිහෙක් වෙන්න. රිලීජස් වෙනවා කියන්නෙ රිචුවල්ස් වගයකට පුරුදු වෙනවා කියන එකනෙ. උදේම නැගිටින්න  ඕනි, භාවනා කරන්න  ඕනි, එක එක වතාවත් තියෙනවා, මං ආස නෑ මචං එහෙම ඩිසිප්ලින් වෙන්න. හැබැයි මේ රිලීජස් එකෙන් එලියෙ තියෙන අනිත් එක ඊට වඩා දරුණුයි. ඒක ඉකොනොමිකල්. ඒකෙත් රිචුවල්ස් තියෙනවා. වැඩට යන්න  ඕනි, අත්සන් කරන්න  ඕනි, ඒක ඔරලෝසුවෙ හැම තත්පරයක්ම රිචුවලයිස් කරනවා. රිලීජස් වෙන්නෙ නෑ කියන කට්ටිය ගොඩක් වෙලාවට මේකට වැටෙනවා. මං කියන්නෙ මට රිලීජස් එකත් එපා, ඉකොනොමිකල් එකත් එපා’’

අජිත් කුමාරසිරි වයින් වීදුරුවක් තොල ගගා විස්කි වගේ කතාවක් කිව්වා.


‘මචං ලංකාව ගූගල් සර්ච්වල  සෙක්ස් වැඩියෙන්ම හොයපු රට වෙච්ච එක ගැන උඹ මොකද හිතන්නෙ? අනිත් කලාකාරයො ගොඩක් ඒ ගැන ඒ අය හිතන එව්වා කියලා තිබුණ’ මං අජිත්ගෙන් ඇහුවෙ එහෙම කට්ටියක් පත්තරේකට කියලා තිබ්බ කතා ටිකක් කියවපු හින්ද.

ජැක්සන් ඇන්තනි කියන විදිහට එයා හු`ගක් කණගාටු වෙනවා සහ වැඩිහිටියෙක් විදිහට අවුල් වෙලා තියෙනවා මේ ගූගල් සර්ච් හෙලිදරව්ව හින්ද. ඒ අතරෙ එයා වීරවංසගෙ කුමන්ත‍්‍රණ න්‍යායෙනුත් ටිකක් කළතනවා.

 ‘ඔය ගූගල් දත්ත කොයි තරං නිවැරදිද කියලා හොයලා බලන්න  ඕනි’ ඇන්තනිට ගූගල් එකත් ෂුවර් නෑ.
අශෝක හඳගම කියන විදිහට චීනෙට ජපානෙට නැති ප‍්‍රශ්නයක් අපිට තියෙන එක ගැන හිතන්න  ඕනි. චීනෙ ගූගල් පවා නැති එක හඳගමට අමතක වෙනවා. අනික සෙක්ස් අතින් ජපානය ඇත්තට ඉන්නෙ කොහෙද? ඉන්ටර්නෙට් එකේ වැඩිම පර්වර්ට් (විපරීත) පෝර්න් ෂොනරයන් පිරෙන්නෙ ජපන් වීඩියෝ වලින්.
ඉනෝකා සත්‍යාංගනීට අනුව මේක ‘වැඩිහිටියන්ට පමණයි’ කියලා සෙක්ස් ලේබල් වීම හින්ද ඇති වුණු ප‍්‍රශ්නයක්. වහන් ඉන්න හදන එක නිසා වෙච්ච අවුලක්.

‘ මචං උන් සෙක්ස් කියලා රිසර්ච් කරපු හින්ද හොඳයි. ‘ෆක්’ කියලා හෙව්වා නං එහෙම  ඕක ඔයිටත් වඩා පුදුම හිතෙන තැනකට එනවා. අපේ අය දන්නෙ වචන දෙකයි. මුලින්ම ෆක් කියලා ගහලා බැලූවා. බැරි වුනාම සෙක්ස් කියල ගහලා බැලූවා’ අජිත් කිව්වෙ අපේ ඉන්ටර්නෙට් බහුතරයකගෙ පෝර්න් සාක්ෂරතාවය ගැන.

මට හිතාගන්න බැරි වුනේ සෙක්ස් කියන වචනෙ වැඩියෙන් හොයලා ලංකාව පලවෙනි තැනට ආපු එක අර්බුදයක් වෙන්නෙ කොහොමද කියන එක. ඒක සමාජ පරිහාණියක හෝ සංස්කෘතික සෝදාපාළු තත්වයක් වගේ අරන් කතා කරන පදනම මොකද්ද කියන එක. මට අනුව අපි ආඩම්බර වෙන්න  ඕන සෙක්ස් කියන එක වැඩියෙන් හොයපු ජාතියක් වීම ගැන. සෙක්ස් කියන්නෙ පොසිටිව් තත්වයක්. ඉන්ටර්නෙට් එකේ සෙක්ස් බැලීම හින්ද ස්ත‍්‍රී දූෂණ වැඩිවෙනවා වගේ මනස්ගාත වල එල්ලිලා ඉන්නවා නම් ඇරුණම ඒක ජීවිතේ ආශාව පැත්තෙන් හොඳ දෙයක්. අනිත් අතට මේ විවෘත වීමත් එක්ක අපේ ලිංගික කලාප තවත් පුළුල් වෙන්න ගන්නවා. ගෑණු කලවයක් දැකපු ගමන් මඳ කිපෙන සදාචාරවත් ජාතියකට වඩා පරිණත විදිහට ලිංගිකත්වය රස විඳින, නිරුවත කියන එක මැජික් නොවුණු, අන්තර්ජාතික ලිංගිකත්ව වින්දන කලාපයන් හා සමගාමී පරපුරක් ඉන්න එක දියුණු තත්වයක් කියලයි මට හිතෙන්නෙ.

මෑතක ඉන්දියාවෙ වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කිරීමට විරෝධය පාමින් ඉන්දියානු කාන්තාවක් සිරා වචන පේලියක් බෝඞ් එක ලියලා උස්සගෙන හිටියා.
‘අපිට ඇඳුම් අඳින හැටි කියලා දෙන්න එන්න එපා. ඔයාගෙ පුතාට උගන්නන්න ගෑණු දූෂණය නොකර ජීවත් වෙන්න’

මේ පාලනය කළ නොහැකි ලිංගික ප‍්‍රචණ්ඩත්වය ඉන්දියාවට වගේම ලංකාවටත් පොදුයි. වෙනසකට තියෙන්නෙ ස්ත‍්‍රී දූෂණයක් නෙමෙයි ඊට වඩා දෙයක් වෙනුවෙන්වත් පාරට බහින්න ජනතාවක් අපේ රටේ නැති එක. පෝර්න් බලන එක වැඩි වෙන එකෙන් තමන්ගෙ ආශාවන් සයිබර් විශ්වයක මෝචනය කරන්න මේ නොදියුණු ඉන්දු- ලාංකිකයා පුරුදු වෙනවා.  ඒක ඇත්තටම වඩා දියුණු සංස්කෘතිකකරණයක්.

වෙබ් එකට නිරුවත් වීඩියෝ ෆොටෝ එන්න පටන් ගත්තම අපේ දූපත් ආණ්ඩුව කළේ ඉන්ටර්නෙට් එක බ්ලොක් කරන්න ද`ගළන එක. අපි වගේම අපේ ආණ්ඩුවත් කොයිතරං ළපටිද? ළ`ගදි ගංජා නීතිගත කිරීම වෙනුවෙන් ඇමරිකාවෙ සමාජ කණ්ඩයම් සටන් කිරීම ගැන ඩොකියුමෙන්ටි‍්‍රයක් බැලූවා. ඇත්තටම මට පුදුම හිතුනෙ මේ අයිතිය දෙනවද නැද්ද කියන කාරණයට වඩා මේක සටනක් විදිහට පිළිගැනීම දක්වා ඒ සමාජය වැඩිමල් වෙලා තියෙන හැටි ගැන. කිසි හේතුවක් හෝ දැනීමක් නැතුව ලංකාවෙ සමස්ත ලාංකිකයා ගංජා සෞඛ්‍යයට අහිතකරයි ඒ නිසා තහනම් කියන ආණ්ඩුවෙ ප‍්‍රවාදය එක්ක එක`ගයි. එහෙනං සිගරට් තහනං නැත්තෙ ඇයි වගේ ගැටළුවක් හිතන්න තරමට අපේ ලාංකිකයා වැඩිමල් වෙලා නෑ. පොලොවෙ කැනීමක් කරද්දි අපායෙ සද්ද ඇහුණ කියලා හාමුදුරු කෙනෙක් බණට කියපු පමණින් ඒක අපේ රටේ විද්‍යාත්මක ඔප්පු කිරීමක් වෙනවා. වැඩියෙන් බය හිතෙන කාරණය ලාංකිකයා එන්න එන්නම නැවත මනස ළමා විය දක්වා ගමන් කරන රෝගයකින් පෙළෙන ගතියක් පෙන්නන එක.

කොහොම වුණත් ඉන්ටර්නෙට් එකට නිරුවත් වීඩියෝ සහ ෆොටෝ එන එක සහ ඒකෙන් වෙන සමාජ හානිය වළක්වන්න තියෙන බුද්ධිමත් විදිහ ඉන්ටර්නෙට් එකේ මුරට කට්ටිය දාන එක නෙමෙයි. අනන්ත සංඛ්‍යාවක් ඒ වගේ රූප වලින් ඉන්ටර්නෙට් එක පිරෙන්න ඉඩ අරින එක. ඒක සාමාන්‍යයක් බවට පත් කරන එක. ඒ වගේ අහම්බයක් හින්ද සිදු විය හැකි දිවි නසා ගැනීම් සහ ඊළ`ගට ඒ ජීවිත දඩයමක් කර ගන්න ද`ගළන සදාචාරවත් ලාංකිකයා මගහැර යන්න තෝරා ගන්න තිබුණු විශාල අවකාශය මේක. ඒත් අපි රටේ ගැලරියෙ විසිල් එකට තීරණ ගත්තා. වාරණය සහ තහනම කියන පරණ තුවක්කු දැන් පත්තු වෙන්නෙ නෑ කියලා තේරුම් ගන්නවත් අපේ ආදිවාසික ඔලූගෙඩිවලට බැරි වුණා.

මට කියන්න  ඕන වුනේ සෙක්ස් කිව්වම ලාංකේය මහජනතාවට දැනෙන අවුලම තමයි කලාකාරයො කියන අය ඒ ගැන දීලා තිබ්බ උත්තර වලිනුත් එලියට එන්නෙ. අදහස් අතින් වෙනස් වුණත් ඒ හැමෝම එක මූලික කාරණයකදි එක`ගයි.
‘මේක අර්බුදයක්’

ඒ ගොල්ලො උත්තර දෙන්නෙ එතන ඉඳන්. ගූගල් වලින් සෙක්ස් සර්ච් කරපු රටවල් අතරින් පළමුවැන්නා වෙන එකෙන් කියවෙන ලිංගික කුතුහලයම තමයි මේ කලාකාරයො කරලා තියෙන විස්තර වලින් කියවෙන්නෙත්. වෙන විදිහකට කිව්වොත් ඒ සමීක්‍ෂණයෙ නිවැරදිභාවය තහවුරු කරන ප‍්‍රකාශ ඒවා. එතනින් කියවෙන ඊට වඩා ගැඹුරු සමාජ අවුල වෙන්නෙ සමාජයට අදහස් ගේන සක‍්‍රීය පිරිස් පවා තාමත් සෙක්ස් ගැන මේ ළදරු හැ`ගීමෙන් පෙලීම අපේ අනාගතය ගැන ගොඩක් හීන කුඩුවෙන ඇත්තක් වෙන එක.
දියුණු සමාජයක නම් මේ වගේ සොයාගැනීමකින් පස්සෙ ගොඩක් සමාජ විද්‍යාත්මක කාරණා වැඩ කරන්න ගන්න  ඕනි. අපි පිළිගත්තත් නොපිළිගත්තත් ඇත්ත කාරණය වෙන්නෙ තාමත් අපි ඉන්නෙ පශ්චාත් යුධ භ‍්‍රාන්තියක. වැඩි වෙන මිනීමැරුම්, දූෂණ සහ අපරාධ වලින් කියවෙන පොදු කතන්දරය මේක. යුද්දෙන් අපි දැනුවත්ව සහ නොදැනුවත්ව බිඳවැටුණු ගොඩක් දේවල් තියෙනවා. සදාචාර පද්ධතිය කියන්නෙ එයින් එකක්. මානව සදාචාර පද්ධතිය වෙනුවට අපි විපරීත සදාචාර කලාපයකට ඇතුල් වුණා. රට වෙනුවෙන් මිනී මැරීම කුසලයක් වුණු බුදු සමයක්, දෙමළා වීම නිසා මනුස්ස කොන්දේසි කවර වුණත් ඝාතනය යුක්ති සහගත කළ ස්වයං මානසිකත්වයක් ආදී තවත් බොහෝ විපරීත පද්ධතීන්ට ලාංකිකයා අනුගත වුණා. මේ ආතතියේ අනෙක් අන්තය හිස්වී යාම නොහොත් සතුරා අහිමි වීමෙන් පස්සෙ මේ අර්ථයන් පිරෙන්නෙ නෑ. පුද්ගලයන් විදිහට ලාංකිකයා තමන් ඇතුලෙම අර්බුදයට යනවා. හොඳ නරක දෙක එකක් වෙනවා. දෙකට හතරට පැලෙනවා.

උදා විදිහට මුදල් වංචාවන් ගැන නීතිය පැත්තකින් තියෙද්දි අපේ එක්කෙනෙක් හින්ද වෙනම සළකන්න ගිය විදිහක් ජනාධිපති ප‍්‍රසිද්ද මාධ්‍යයේ කියනවා (ශිරානි බන්ඩාරනායකගේ සැමියා ගැන). එතකොට වංචාව දූෂණය ගැන මෙච්චර කාලයක් තිබ්බ ධර්මතා අර්බුදයට යනවා. මේ සමාජ සුලි සුලං තත්වය තමයි පත්තර පිටු පිරෙන්න තලූ මර මර ලියවෙන්නෙ. අපරාධකරු, ලියන්නා සහ එය කියවන්නා යන තුන්දෙනාම එතනදි එක්කෙනෙක්. සෙක්ස් වැඩිපුරම බලපු රට විදිහට අපි ස්ථානගත වෙන්න ඒ ඉන්ටර්නෙට් පේ‍්‍රක්‍ෂකයා සහ පසුව ඒ ගැන කතා කරන කලාකරුවන් යන දෙපිරිසම දායක වෙනවා වගේම.

ලිංගික ප‍්‍රචන්ඩත්වයක් විදිහට මේ අර්බුදය තව තවත් දැඩි වෙමින් ප‍්‍රකාශමාන වෙන වග සහතිකයි. එකම සුබ පණිවුඩය වෙන්නෙ ආතතියෙ වැඩි කොටසක් අන්තර්ජාලය විසින් අවශෝෂණය කර ගනිමින් තියෙන එකයි. සංස්කෘතික අමුඩ ගහලා මේ අතීසාරෙ නවත්තන්න හදනවා වෙනුවට කරන්න  ඕන මේ දොරටු තවත් පුළුල්ව ඇරලා තියන එක. මේ තරමෙන් වත් ලිංගික අපරාධ රැුල්ල පාලනය වෙන්න ඉන්ටර්නෙට් එක ආන්ඩුවට වැඩිය විශාල වැඩකොටසක් කරමින් ඉන්නවා.

ඒත් මේ පෝර්න් ගැන අපේ තියෙන නොදැනුම එලිවීම නං ටිකක් විතර ලැජ්ජ හිතෙන තත්වයක්. හැම සියුම් මාත‍්‍රමය ලිංගික වෙනසක් වෙනුවෙන්ම විවෘත වුනු අනන්ත සංඛ්‍යාත මංතීරු සහිත සයිබර් අවකාශයේ ලිංගික විශ්වය ‘සෙක්ස්’ වගේ පතෝල වචනයක් ඔස්සේ වැඩිම වාර ගාණක් සර්ච් වෙන එක අපි ඒ විෂයෙත් කොයි තරං ළදරුවොද කියලා පෙන්නන සහතිකයක්.



Monday, January 7, 2013

මග හැර යා නොහැකි කර්ම


ප‍්‍රසන්නගෙ කර්ම ෆිල්ම් එකේ මං ආසම ටැග් ලයින් එකට. ඒක චිත‍්‍රපටිය සම්බන්දයෙන් කියන කතාව කොහොම වුණත් ප‍්‍රසන්න ගැන කියන කතාව මාර ඇත්ත. මේ චිත‍්‍රපටිය ප‍්‍රසන්නට මග හැර යා නොහැකි වුණු කර්මයක්.

ෆිල්ම් එක ගිහින් බලන්න කියල මං කියපු ගොඩක් එවුන් මට ආපහු ඇවිත් පලූ යන්න බැන්නා.

‘මොකද්ද බං ඒ?’
‘ප‍්‍රසන්නගෙ සංකාර නං පට්ට. මේක නං හරිම අමාරුයි බලන් ඉන්න’
මේ කිසි කතාවක් මං බලාපොරොත්තු නොවුණු ඒවා නෙමෙයි.
‘උඹ ඇයි ඒ ෆිල්ම් එකට හොඳයි කිව්වෙ?’

කර්ම ගැන පෙරවදනක් ලිවීම හින්ද උන් පෙරලා මාව ප‍්‍රශ්න කරනවා. ඒත් කර්ම ‘හොඳ’ චිත‍්‍රපටියක් කියල මං කොතනවත් කිව්වෙ නෑ. කර්ම මං කැමති චිත‍්‍රපටියක්. ඒක සිනමාවට අයිති නැති ඊට වඩා විශාල මං කැමති කලාපයකට චිත‍්‍රපටිය මාව අරගෙන යන හින්ද. ඒ ප‍්‍රසන්නගෙ මග හැර යා නොහැකි කර්ම කලාපයට. මට ප‍්‍රසන්නගෙ සංකාර වලට වඩා අවංක ප‍්‍රකාශනය වෙන්නෙ කර්ම. ඒකෙ සිනමාත්මක කාරණා අයිති කලාත්මක ඉඩට වඩා පැවැත්ම ගැන කාරණා අයිති සාංදෘෂ්ටික කලාපෙකට මං ඇතුල්වෙනවා.

මට අනුව සිනමාකරුවෙක් කියන පරණ කාලෙට අයිති තර්කොව්ස්කි, බර්ග්මාන්, අන්තෝනියෝනි ගුරු වුණු මහා සම්ප‍්‍රදායෙ ආඛ්‍යානයෙදි කෘතියට වඩා ඒ සම්ප‍්‍රදාය විසින් නිර්මාණය කරපු කර්තෘ වැදගත්. උදා විදිහට තර්කොව්ස්කිගෙ චිත‍්‍රපටියකට වඩා මට තර්කොව්ස්කි කියන චරිතය විශාල අත්දැකීමක් දෙනවා. මං කියන්නෙ ඒක ස්වභාවික පුද්ගලික ජීවිතයක් නෙමෙයි. ඒක නිර්මාණයක්. එයාගෙ චිත‍්‍රපටි කියන්නෙ ඒ දැවැන්ත පාර-නිර්මාණය විඳින්න අංශුමාත‍්‍ර විස්තර විතරයි. මේ නූතනවාදී කර්තෘ අවකාශය නිර්මාණය වෙන එක දැන් ඉවරයි. සිනමාකරුවා කියන ආඛ්‍යානය ඉවරයි. එතකොට මේ සාම්ප‍්‍රදායෙ ලංකාවෙ ඛේදජනක අවසාන පරම්පරාව වුණු ප‍්‍රසන්න ජයකොඩි, විතානගේ, හඳගම ආදීන්ගේ කර්තෘ අවකාශ අර්බුදයට යනවා. එතනදි හොඳ නිර්මාණ බිහිවෙනවට වඩා පට්ට ඇත්ත ප‍්‍රකාශන එලියට එනවා. ජයකොඩිගෙ කර්ම වගේම විතානගේ ගේ (ගේ දෙකයි) ආකාස කුසුම් මං කැමති චිත‍්‍රපටි වෙන්නෙ මේ අවකාශය විවෘත කරන හින්ද. ඊළ`ග සිනමාවක් ගැන විෂය අවකාශයක් ඇතුලෙ ඩෙනිස් වගේ අය කෙලින් කර්ම ප‍්‍රශ්න කරන එකට මං එක`ගයි. ඒත් සමහර චූල කාරණා මග ඇරෙන්න දෙන්න නරකයි කියන එකයි මගේ යෝජනාව.

”ප‍්‍රසන්නගෙ ඉල්ලීම මත විචාරකයො ලෙස ප‍්‍රසිද්ද ගොඩක් දෙනා කර්ම ෆිල්ම් එක ගැන නරකක් ලිව්වෙ නැහැ.. ෆිල්ම් එක හොදයි කියන අදහස සමාජගත කරන එක කැම්පේන් එකක් විදිහට බාර අරන් සල්ලි වලට ලියපු අය තමයි මෙතනිනුත් බහුතරය උනේ.. සමහරු නරකක් ලිව්වෙ නැත්තෙ මේ වෙලාවෙ කර්මාන්තයක් විදිහට සිනමාව වැටිල තියෙන අර්බුදෙත් එක්ක මොකක් හරි ෆිල්ම් එකක් හැදුනහම ඒක බේර ගන්න  ඕන කියන අදහස ඇතිවයි.. ඒත් මටනම් හිතෙන්නෙ මේ අදහස් දෙකම කුඩුකල යුතු අදහස් දෙකක් කියලයි..

ඒකට හේතුව වෙන්නෙ ඒ ක‍්‍රම දෙකෙන්ම තේරුමක් නැති මෝඩ කර්මාන්තමය ආකෘතියක් ගොඩ දාගන්න තමයි අපි මිනිස්සුන්ව මැනිපියුලේට් කරන්න හදන්නෙ. දැනට තියෙන හෝල් වල ෆිල්ම් පෙන්වන ආකෘතියට අනාගතයක් නෑ කියන එක පැහැදිලියි. ඒක ඩිජිටල් වලට මාරු උනාට පස්සෙත් ලොකු වෙනසක් වෙන්නැහැ. ඊට පස්සෙ දැන් ටෙලි නාට්ටි හදන එවුන් ටික ගේමට බැහැල ටෙලි වලට කරපුදේම  ඕකටත් කරයි කියන එක මට මාර ෂුවර්..උන් අඩු ගනන් වලට මල ජරාවල් හදන හින්ද බිස්නස් කාරයොත් උඩින්ම උන්ට කැමතිවෙනව. ඒක හින්ද කර්ම වගේ චිැමාද සබඑැකකැජඑම්ක (සියුඩො ඉන්ටලෙක්චුවල්)ෆිල්ම් මරු කියන්න දාන බොරු වෙහෙස වෙනත් සිනමා මාදිලියක් ගොඩ නගන්න පාවිච්චි කලානම් හොදයි කියලයි මට හිතෙන්නෙ. මොකද විචාර මගින් අපි මොන බොරු කියල යැව්වත්, හෝල් එකට ගියාට පස්සෙ මිනිස්සුන්ට දකින්න හම්බවෙන්නෙ කිසි බරක් නැති,ඉමෝෂනල් චැලෙන්ජ් එකක් නැති අමාරුවෙන් අටෝපු බැරිමරගාතෙ ඩිරෙක්ට් කරපු කිසි යුනික්නස් එකක් නැති ප‍්‍රසන්න වගේම නීරස ෆිල්ම් එකක්. කවුරු මොනව කිව්වත් ටිකක් ෆිල්ම් බලපු මිනිස්සු දන්නව කිසි තේරුමක් නැතුව පාවිච්චි කරල තියෙන තර්කොව්ස්කිගෙ ස්ටෝකර් එකේ  ඕපනින් ෂොට් එකෙන් පටන් අරන් නොස්ටැල්ජියා එක එන්ඞ් වෙන ෂොට් එකෙන් එන්ඞ් කරන තැනට එනකන් කර්ම එකේ කිසිම නිර්මානශීලී සිනමා භාවිතාවක් සිද්දවෙලා නැති බව.

තර්කොව්ස්කිගෙ ෂොට් පාවිච්චිකලාට ඒ ස්පිරිචුවල් ඩෙප්ත් එක නැති හින්ද මිනිස්සුන්ව මෙඩිටේටිව් මූඞ් එකකට අරන් යන්න කර්ම එකට පුලූවන් වෙලා නැහැ. ඊට අමතරව මිචෙල්ගෙ ක්ලාස් එකේ ගෑනු සම්බන්දයෙන් ප‍්‍රසන්නගෙ තියෙන හීනමානය ,බය කැත විදිහට මේ ෆිල්ම් එකෙන් එලියට පේනව.. ෆිල්ම් එක ෂූට් කරන අතරතුර දර්ශන තලයෙ සිද්ද් වෙච්ච ප‍්‍රදානම දේ මොකක්ද කියන එක ෆිල්ම් එක බැලූවහම  ඕන කෙනෙකුට තෙරෙනව. ඒක තමයි මිචෙල්ලගෙ ක්ලාස් එකේ අය ගාව මොකක්දෝ අමුතු දෙයක් තියෙනවයි කියල හිතන ප‍්‍රසන්න ඇතුලූ පිරිස නිලියට මලකට වගේ සලකල තියෙන එක. ෆිල්ම් එකටත් වැඩිය නිලියට සලකල තියෙනව..ෆිල්ම් එක අවුල් වෙන්න ඒකත් ගොඩක් බලපාල තියෙනව.කෙලින් ලියල තිබ්බ සරල කතාවක් බහුශ‍්‍රැත කරන්න එඩිට් එකේදි නන්ලීනියර් කරපු බවත් මේකෙදි නෝන්ඩි විදිහට පේනව ..ඉතින් මට හිතෙන්නෙ මේ ජාතියෙ බොරු සම්භාව්ය ෆිල්ම් මේ ඇති .මේව ගොඩ දාන්න ට‍්‍රයි කරල වැඩක් නැහැ..ලංකාවෙ හරි වෙන රටවල හරි සම්මාන ඉලක්ක කරනොගත්තු, යුරෝපීය කලාත්මක සිනමාවේ දේශපාලන ගැටයට මෙන්ම ලාන්කීය ජනතාවාදී දේශපාලන ගැටයටද අහු නොවිච්ච කර්මාන්තමය මාදිලියෙ අලූත් සිනමාවක් හදාගන්න ට‍්‍රයි කරමු කියන එකයි මගෙ අදහස”
-ඩෙනිස් පෙරේරා (ෆේස් බුක්)

හෝල් වලට ගිහින් චිත‍්‍රපටි බලන ගොඩක් අය මට කිව්වෙ සංකාර වල තිබ්බ ප‍්‍රසන්නගෙ ගතිය කර්ම වල නෑ කියල. මං කියන්නෙ සංකාර ප‍්‍රසන්න තාත්තා ගැන කරපු චිත‍්‍රපටිය. කර්ම කියන්නෙ ප‍්‍රසන්න අම්මා ගැන කරපු චිත‍්‍රපටිය. අම්මා ගැන කියන්න යද්දි ප‍්‍රසන්න ගොඩක් පැටළෙනවා. ලංකාවෙ පිරිමියෙකුට අමාරු කලාපයක් මේක. විශේෂයෙන් හොරණ බෞද්ධ පරිසරයක හැදිච්ච ප‍්‍රසන්න ජයකොඩිට මේක ඇ`ග ඉරෙන වැඩක්. ඒ අතරෙ මෙච්චර කාලයක් දූවිලි පිරුණු වියලි කලාපෙ කරක්ගහපු ප‍්‍රසන්නගෙ කතා කලාපය නාගරික සිනමාවට මාරු වෙන්න දරුණු තීරණයක් ගන්නවා. එතනදි නාගරික හැඩහුරුකම කියලා ප‍්‍රසන්න ගන්න ගොඩක් තීරණ වරදිනවා. මිෂෙල් හර්ෆට් වගේම නදීක ගුරුගේ කියන්නෙත් එහෙම වැරදිච්ච තීරණ. හැබැයි ඒක තමයි ප‍්‍රසන්නගෙ ඇත්ත. විතානගේ ගේ චිත‍්‍රපටි වල නිම්මි හරස්ගම කියන්නෙත් එහෙම වැරැුද්දක්.  ඒ වැරදි අපිව කර්තෘගෙ ජීවිත ලෝකයට අරන් යන විවෘත වීම් විදිහටයි මං දකින්නෙ. කර්ම මට අනුව ප‍්‍රසන්නගෙ ඇත්ත මානසික අරගලයක්. ඒ හින්දම සිද්ද වුණු අර්බුදයක්.

ප‍්‍රසන්න උත්සාහ කරන්නෙ පියයුරු එක්ක එයාගෙ තියෙන සංකීර්ණයට ඇතුල් වෙන්න. ඒකට කලින් ව්‍යසනයක් එතනට ඇතුල් කරනවා. පිළිකාව කියන්නෙ ප‍්‍රසන්න පියයුරු හා සම්බන්ධ සංකීර්ණය තමන් ඇතුලෙ සාධාරණීකරනය කරන මානුෂික මෙහෙයුම. ඒකට රැුවුල් වවාගත් නාගරික සංගීතමය රකුසෙක් නිර්මාණය කරනවා. ඒ රකුසා බයංකාර විදිහට කළල ගැන ගීත ගායනා කරනවා.

ප‍්‍රසන්න ෆේල් වෙන්නෙ මේ ඇත්ත තමන් දිහාට එල්ල නොවී කෘතිය ඇතුලටම ‘කලාත්මක’ හෝ ‘සිනමාත්මක’ හෝ විදිහකින් පරාවර්තනය කරන්න යන එකෙන්. වසන් කිරීම සහ එළි කිරීම අතර ස්වයං මනෝමය සටන කෘතියක් විදිහට කර්ම දුර්වල කරනවා. ප‍්‍රසන්න මේ චරිත ජීවත් කරන්නෙ නෑ. ඒවා මැරිච්ච චරිත. තමන් විදිහට නිරූපණය කරන ජගත් මනුවර්ණට පවා සතුටක් දෙන්න ප‍්‍රසන්න කැමරාව ඇතුලෙ ඉඩක් දෙන්නෙ නෑ. මේ හොරණ ඉඳන් අරන් එන ප‍්‍රසන්නගෙ බෞද්දකම. ආශාව යටපත් කිරීමේ බෞද්ද වෑයම. සංකාර සහ කර්ම දෙකම එකම ප‍්‍රකාශනයක දෙපැත්තක් කියල මං කියන්නෙ මේ සම්මා වායාමයේ සමානකමත් එක්ක.

ප‍්‍රසන්නගෙ නාගරික පිරිමියා ගොරහැඩියෙක්. එයා ගායකයෙක් වුනාට එයා අසුන්දර රකුසෙක්. ඒත් ගමෙන් ඉඳන් එන තරුණයා කුතුහලය පිරුණු තුවාලයක්. ආසා කරන තරුණිය නාන කාමරෙන් නාද්දි කාණුව දිගේ එලියට එන සබන් පෙණ කකුලෙන් හුරතල් කරන තැන වගේ ඒවා මට හරිම නැවුම්. ඒ වගේම ජගත් තමන්ගේ කාමරේට ඇතුල්වෙන්නෙ පඩිපෙලක් බැහැගෙන. කුටීරෙකට වගේ. නාන ටැංකිය ඇතුලෙ රූපකමය සිද්දිය කොයි තරම් නොගැඹුරු වුනත් මේ පොලොව යට අපායට වරින් වර ඇතුල් වෙන තරුණයාට මං කැමතියි.

ඒ වගේම ප‍්‍රසන්නගේ නාගරික ස්ත‍්‍රිය හරි මටසිළුටු ලෙඩ ගෑණියෙක්. නාගරික ශෘංගාරය සහ එය බාර ගන්නා ජීවිතය තමන්ගෙ සිනමාව ඇතුලෙ පිළිගන්න ප‍්‍රසන්නලා දෙන්නටම බෑ. මං යෝජනා කරන්නෙ ආකාස කුසුම් සහ කර්ම එක ළ`ග තියාගෙන මේ කර්තෘ විශ්වයන් ඇතුලෙ කියවන්න කියල. ඒක තිරය උඩ කතාවට වඩා ලංකාවෙ ලොකු නූතනවාදී මානසික අර්බුදයක් ගැන කියනවා.

ප‍්‍රසන්න ජයකොඩි කර්ම ඇතුලෙ තමන්ව එලියට දාන්න ලොකු සටනක් දෙනවා. ශබ්ද ආකෘතිය ගත්තොත් ගොඩක් වෙලාවට එයා පාවිච්චි කරන්නෙ පිටස්තර ශබ්ද වලට වඩා ශරීර අභ්‍යන්තරයෙන් ඇහෙන සද්ද.
‘කන් දෙක වහ ගත්තම ඇහෙන සද්දෙ දෝංකාරය මට ඇහෙන්න  ඕන වුනා’
-ප‍්‍රසන්න ජයකොඩි
\
නදීකව සංගීතය සඳහා තෝරා ගන්නෙත් මේ ගුප්ත අන්ධකාරය දනවන්න කියලයි මට හිතෙන්නෙ. මේ ඔක්කොම පසුබිම් කාරණා සකස් කළත් එයා කතාව ගිලිනවා. ඒක කියන්න පසුබානවා. ඉන්ටර්නෙට් එකේ මෝබයිල් ෆෝන් එකකින් කොල්ලා වීඩියෝ කරලා දාපු කෙල්ලෙකුගෙ නිරුවතක් නැරඹීමෙන් සහ ස්වයං වින්දනයෙන් පස්සෙ එන ගිල්ටියකින් කරන කන්ෆෙෂන් එකක් වගේ හැ`ගීමක් මට චිත‍්‍රපටිය පුරාම දැනෙනවා. ඒක නාගරිකතවයේ මානසික අර්බුදය ඉස්සරහ ප‍්‍රසන්න අත්විඳින මානසික ඇත්ත.

මේ හැම දෙයක් අතරෙම රූප අතර හුස්ම ගන්න තියෙන කාලයේ ඉඩ ගැන රිද්මය අතින් මට ඒ පරම්පරාවෙ මුණගැහුනු විශිෂ්ටයා වෙන්නෙ ප‍්‍රසන්න ජයකොඩි. කොයිතරම් අර්බුදයකට ගියත් ඒක මට කර්ම ඇතුලෙත් ප‍්‍රබලව දැනෙනවා. ඒත් ප‍්‍රසන්න තමන්ගේ සිනමා වපසරිය ඇතුලෙන්ම මේ කතාව කියන්න ට‍්‍රයි කළා නම් මීට වඩා දැනෙන තැනකට ගේන්න තිබුණ. නාගරික සිනමා හැඩයක් ඇතුලෙ මේ ග‍්‍රාමීය මානසික අවුල කියන්න යන එකෙන් චිත‍්‍රපටිය පරාරෝපිත තැනකට එනවා. ගොඩක් අයට මේ අත්දැකීම අවුලක් වෙන්නෙ ඒ හින්ද.

ඒත් මං කියන්නෙ මේක ප‍්‍රසන්නට මග හැර යා නොහැකි කර්මයක් කියල.

-චින්තන ධර්මදාස