Saturday, July 27, 2013

අලූත් වීරයෝ පැමිණීම සහ පරණ වීරයෝ කිච වීම

ලංකාවෙ සිනමාවෙ කාලෙකින් වුණු වැදගත්ම සිද්දිය වුණේ සංජීවගේ ෆ්ලයින් ෆිෂ් තහනම් කරපු එක. මෙච්චර කාලයක් මෙහේ සිනමාවෙ (මහින්ද චින්තන සිනමාව) වීරයො වුණේ රජකතා බණකතා කරපු දෙකයි පණහෙ චිත‍්‍රපටිකාරයො ටිකක්. ඒ සිනමාව හදලා දුන්නෙත් මේ ආණ්ඩුව.
යුද්දෙන් පස්සෙ ආණ්ඩුව ගහපු තෙල් ටිකෙන් තමයි ඔය සිනමාව දුව දුව තිබුණෙ. ඒත් සංජීවගේ චිත‍්‍රපටියත් එක්ක මේ මහා සිනමාව කාණු පල්ලට වැටුන ගානයි. ආචාර්ය සෝමරත්නලා ජැක්සන්ලා ඉන්නවද වගක් වත් ලංකාවෙ මහා පේ‍්‍රක්‍ෂාගාරයටත් නැතුව ගියා. ත‍්‍රීවීල් දුවන අයියලා පවා ෆ්ලයින් ෆිෂ් කොපියක් හොයා ගන්න කෝල් කළා.

සුළ`ග එනු පිණිස, අක්ෂරය වගේ චිත‍්‍රපටිවලට යම් යම් වාරණ බාධා ආවත් මේ තරම් ඒක කවුරුවත් ඇ`ගට ගත්තෙ නෑ. මට හිතෙන්නෙ  සිනමාවෙන් පිටත වෙන සමාජ දේශපාලන ආතතියක් ජනතාව ආණ්ඩුවෙන් පිරිමැහුවා. ආණ්ඩුව කළේ අ`ඩන්න බලන් ඉන්න මිනිහගේ ඇහැට ඇ`ගිල්ලෙන් ඇන්නා වගේ වැඩක්.

ෆ්ලයින් ෆිෂ් ලංකාවෙ සාමාන්‍ය ජනතාවට පෙන්නන්න සුදුසු චිත‍්‍රපටියක් නෙමෙයි. ජනතාව බුද්ධිමත් වගේ දේශපාලන ගොං ටෝක් ආර්ට් වලටත් ගේන ළදරු නිදහස්කාමියො කීපදෙනෙක් මොනවා කිව්වත් මේ ඇතිදැඩි කළ ළමා සමාජයට ෆ්ලයින් ෆිෂ් පෙන්නුවොත් මොනවයින් මොනවා වෙයිද කියල හිතාගන්න බෑ. ඒක හින්ද ආණ්ඩුව ලංකාව ඇතුලෙ මාළුන්ට ඉගිල්ලෙන්න තහනං කරන එකට මං එක`ගයි. ඒකට ආණ්ඩුව එක්ක ආර්ට් නිදහස ගැන කතා කරලා වැඩක් නෑ. මේ රටේ ජනතාව සමස්තයක් විදිහට 18 පහළ. ඒ අයගෙ මානසිකත්වය ආරක්‍ෂා කරන එක ආණ්ඩුවක වගකීම. ආර්ට් වලට ඒ වගකීම ප‍්‍රශ්න කරන්න අයිතියක් තියෙනවා කියල මං විශ්වාස කරන්නෙ නෑ.

ආණ්ඩුව මේ තහනම දාපු වෙලාවයි විදිහයි තමයි වැරැද්ද. සිනමා උළෙලක තෝරා ගත් ආරාධිත පිරිසකට ප‍්‍රදර්ශනය කරපු චිත‍්‍රපටියක් තහනම් කරන්නත් එතනින් නවතින්නෙ නැතුව ඊට සම්බන්ධ අය දේශ ද්‍රෝහීන් කරන්නත් හදිස්සි වෙන එකෙන් ආණ්ඩුව පෙන්නුවෙ රජයක් හැටියෙන් අපරිණතකමක්. රාජ්‍ය තාන්ත‍්‍රික දැනුමක් නැති මං වගේ අදේශපාලනිකයෙක් වුණත් මීට වඩා තාර්කික තීරණයක් ගනීවි. උදා විදිහට මේ චිත‍්‍රපටියේ ඇති අන්තර්ගතය සහ මතවාදය මේ රටේ ජනතාවගේ හෘදය සාක්ෂියට අගෞරවයක් හෝ ඒ වගේ මොකක් හරි ඇති කරන නිසා මේ චිත‍්‍රපටියේ දේශපාලනය හෙළා දකින බවටත් මෙය රට තුල කිසිඳු ප‍්‍රසිද්ධ ප‍්‍රදර්ශනයකට නුසුදුසු වගට තීරණය කරන වගත් නිවේදනයකින් දන්වන්න තිබුණා. වඩාත් පරිණත විදිහට මේ චිත‍්‍රපටියේ ඇගයුම් ලත් කලාත්මක, නිර්මාණාත්මක වටිනාකම් සහ අපේ රටේ තරුණ සිනමාකරුවෙක් හැටියට සංජීව ලත් පිළිගැනීම අගය කරන අතර.... වගේ වාක්‍ය ඛණ්ඩයකුත් එකතු කරන්න තිබුණ. ඒත් අවාසනාවට රාජ්‍ය ප‍්‍රතිපත්තියක් විදිහට ආණ්ඩුව වැඩ කරන්නෙ එක්ස්ටී‍්‍රම්ස් වල විතරයි.

අනිත් අතට ආණ්ඩුවේ මේ වාරණ ගැන ලොකුවට කලබල වෙන්න හේතුවක් මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට කාලයක් ජීවත් වුණු මට නෑ. ලංකාව තහනමක් වත් හරියට ක‍්‍රියාත්මක කරන්න පුළුවන් රටක් නෙමෙයි. ඒක මේ ආණ්ඩුවෙ ආකාර්යක්‍ෂමතාවයක් නෙමෙයි. රටක් විදිහට කොහොමවත් එක සිස්ටම් එකක වැඩ කරන විනයක් ශික්ෂණයක් මේ රටේ ජීවිත වලට නෑ. වෙන විදිහකට කිව්වොත් ඒක අධ්‍යාපනයේ වැරැුද්දක්. හොඳට ළංවෙලා බැලූවොත් පේනවා මේ රටේ හැම කෙනෙක්ම කඩාකප්පල්කාරයෙක්. හොඳ දෙයක් වුණත් නරක දෙයක් වුණත් මේ කඩාකප්පල්කාරීත්වය තමයි රැුඩිකල් වෙන්නෙ. ඒක සාමාන්‍ය ජනතාවගේ පටන් ආණ්ඩුව දක්වාම පොදු යතාර්ථයක්. ඒ අවුල ආරාජිකවාදී වගේ ක්ලැසිකල් තේරුම් වලින් හඳුන්වන්න ගිහින් වැඩක් නෑ. ඒක අපතකමක්.

මේ ළ`ගදි ජපානෙ ස්ටේෂන් එකක කෝච්චියයි වේදිකාවයි අතරෙ පරතරයට හිරවුණු ගෑණු කෙනෙක් බේර ගන්න ඒ කෝච්චියෙම මිනිස්සු එළියට බැහැලා කෝච්චිය උස්සන ප‍්‍රවෘත්තියක් ඉන්ටර්නෙට් එකේ පළ වුණා. මං  ඕක අපේ කොපි ලියන කොල්ලට පෙන්නුවා.

‘අයියෝ  ඕක මීඩියා වලට කරපු බොරුවක්’

ඌ ගත්කටටම කිව්වා. ඒ තමයි ලංකාවෙ හැටි. ඒ වගේ සාමූහිකත්වයක්, මනුස්සකමක් ඇත්තක් විදිහට බාර ගන්න අපේ ලාංකීය මනසෙ ඉඩක් නෑ. අපි ගොඩක් දුප්පත්.

ආණ්ඩුවටත්  ඕන වුණේ කික් එකක්. ප‍්‍රභාකරන්ගෙන් පස්සෙ ආතල් අහිමි ජනතාවට විනෝදය දුන්නෙ ආණ්ඩුවෙ වියදමෙන්. ඒකට කාලෙන් කාලෙට ප‍්‍රශ්න  ඕන වෙනවා. මාළු ඉගිල්ලෙන එකත් ඒ වගේ විනෝද සාධකයක් විතරයි. ඒත් මේ පාර නාඩගම පෙන්නුවෙ  ඕඩියන්ස් හූ කියන්න බලාගෙන ඉන්න වෙලාවක. ඒ මදිවට පිටපත හරියට ලියලා තිබුණෙත් නෑ. අයිටීඑන් එකේ කලා අධ්‍යක්‍ෂණය එහෙමත් අන්තිමයි. ඉතින් නාට්ටිය බංකොලොත්.

කලින් ලිපියකදි මං ජෆර් පනාහි මහා සිනමාකරුවෙක් වීමේ ගෞරවයෙන් වැඩි කොටසක් ඉරාන රජයට පුදන්න  ඕන කියල ලිව්වා වගේම ෆ්ලයින් ෆිෂ් මහා චිත‍්‍රපටියක් කිරීමේ ගෞරවය ලංකා ආණ්ඩුවට හිමි වෙන්න  ඕන. ඒ විතරක් නෙමෙයි කෙළ වෙලා ළොඳ නැතුව තිබ්බ විකල්ප සිනමාව ආයිමත් නැගිට්ටීම වෙනුවෙන් ප‍්‍රණාමයත් ආණ්ඩුවට හිමි වෙන්න  ඕන. කොහොමටත් වීරයාගෙ චරිතෙ කරනවට වඩා අමාරුයි දුෂ්ටයාගෙ චරිතෙ කරන එක. ඒ වීරයා ලොකු වෙන තරම තීරණය වෙන්නෙ දුෂ්ටයා ලොකු වෙන තරම මත හින්ද.

මේ හින්ද ෆ්ලයින් ෆිෂ් වෙනුවෙන් රජය දැක්වූ සහයෝගය ගැන මට තියෙන්නෙ ප‍්‍රශංසාවක්. ඒත් මේ පිබීදීම එක්ක විකල්ප සිනමාවෙ හෙළුව තැන තැන එළිවෙන්න පටන් ගත්තා. සංජීවගේ නිර්මාණය වෙනුවෙන් විකල්ප ධාරාවෙ දැවැන්තයො කවුරුවත් ඉස්සරහට ආවෙ නෑ. කුඹුරෙන් වී කරල් අරන් අලව ගන්නවා වගේ ඔලිව් කොල ඇතුලෙ බොරු සම්මාන අලවගෙන ඉස්සරහට ආපු පඹයො ගොඩක් අතරෙ සංජීවගේ චිත‍්‍රපටිය ඇත්තට ප‍්‍රධාන පෙළේ සම්මාන උළෙල වලින් ඇගයීම් ලැබුවා. ලංකාවෙ චිත‍්‍රපටිකාරයෙක් විදිහට අන්තර්ජාතික සිනමාවෙ වැඩිම දුරක් ගියේ සංජීව (තහනම ෆිල්ම් එකට ජෙට් එන්ජිමක් හයි කළා වගේ වුණා). ඒත් ඒ කෘතිය වෙනුවෙන් කෙලින් මැදිහත් වෙන්න මේ දේශපාලනික භාවිතාවක් සහිත මහා විකල්ප පොරවල් මැළි වුනේ සංජීව කොට නිසාද?

එතනදිත් ආණ්ඩුව උදව්වට ආවා. කතාවට ගාමිනී වියන්ගොඩව එකතු කරලා දුන්නා. සංජීවගේ චිත‍්‍රපටිය වෙනුවෙන් කතා කරන්න බැරි විකල්පයො වියන්ගොඩ ගැන ලොකුවට කතා කළා. මේක ප‍්‍රකාශනයේ නිදහස හෝ වෙන පළල් අරමුණක් කියලා කවුරු හරි තේරුම් ගත්තොත් වස වැරැද්දක්. මේක චරිත අතර පුද්ගලික සටනක්.

පත්තරවලින් කරදර කර කර හැමෝගෙන්ම මොනවා හරි ඇහුවා. උත්තර දුන්නත් නහී නොදුන්නත් නහී වගේ තැනකට ප‍්‍රවීනයො පත් වුණා. එතකොට ඇල්ලූවට හපන්න බැරි උත්තර දෙමින් ඒ ගොල්ලො දාර්ශනික වුණා. ආණ්ඩුව තමන්ගෙ හීනෙන් බයට පත්වෙලා චිත‍්‍රපටිය තහනම් කළා කියල හඳයා කිව්වා. ඒත් අඩු තරමෙ චිත‍්‍රපටියෙ නම හරියට කියන්න තරමට වත් ගෞරවයක් ඒ වෙනුවෙන් දෙන්න හඳයා අකමැති වුණා. මගේ චිත‍්‍රපටියෙ නමවත් හරියට කියා ගන්න බැරි හඳගමට වඩා අයිටීඑන් හොඳයි කියල සංජීව ලිව්වා. යකඩ සපත්තුවට නිර්මාණ අයිතිය පෑගෙනවා කියලා හැමදාම කියන කතාව ධර්මසිරි රිපීට් කළා. මේක පිස්සං කොටුවක්ද කියල අයිවන් ඇහුවා. බලාගෙන යද්දි මේ ඔක්කොම බබාලා (උපුටාගැනීම දීප්ති කුමාර ගුණරත්න). අපි ඉන්නෙ බබාලන්තෙක.

චිත‍්‍රපටියෙ තහනමට වඩා දැණුනෙ චිත‍්‍රපටි කරන උන්ගෙ කුහකකම. සංජීවගේ චිත‍්‍රපටිය ගැන ආණ්ඩුවෙ තහනමට කලින් ඒ ගැන විවේචනයක් මට තිබුණ. ඒක චිත‍්‍රපටියෙ කලාත්මක භාවිතාවන් සහ චිත‍්‍රපටියක් අන්තර්ජාතික ප‍්‍රමිතිකරණයට ලක්වීම ගැන විෂයික අවුලක්. ඒත් සංජීව කැමරාව තමන්ගෙ ජීවිතේ කැමරාව ඉස්සරහට අරං ආපු ඒ නිර්භීත උත්සාහය ගැන මට තියෙන්නෙ ගෞරවයක්. ලක්ෂ තිස් පහකින් මේ තරං විශාල නිෂ්පාදනයක් කරන්නත් ඒ නිෂ්පාදනය තනියම ලෝකෙ වටේ අරං යන්නත් සංජීවට තිබුණු ශක්තිය මං වෙන කිසිම ලංකාවෙ චිත‍්‍රපටිකාරයෙක්ගෙන් දැකලා නෑ. ‘මං රාජ කුමාරයෙක් නෙමෙයි, මං ගමේ කොල්ලෙක්’ මැදමුලනෙන් ආපු මහින්ද වගේම සංජීවත් කියන්නෙ ඒක.

සංජීව අපේ සිනමාවෙ වීරයෙක්. කන්තලේ යුද්දෙන් ඉරුණු ජීවිතේ අතින් මහගෙන කොළඹ ඇවිත් නොකා නොබී රස්තියාදු වෙමින් චිත‍්‍රපටියක් තැනීම දක්වා කියවෙන්නෙ ඒ වීරත්වයෙ එක කොටසක්. ලංකාවෙ කොයි විදිහකින් වත් පෙන්නන්න බැරි බව දැන දැනත් තමන්ගේ කතාව මහා තිරයක් උඩට ගේන්න ඌ කාපු කට්ට ඒකෙ සිනමාත්මක කොටස. ආණ්ඩුවෙ තහනම් මැද තමන්ගේ ජීවිතෙන් දරන දේශපාලනය වෙනුවෙන් සංජීව අද කරන්නෙ ඒකෙ දේශපාලනික කොටස. සංජීවට අනුව තහනම් වෙන්නෙ චිත‍්‍රපටියක් නෙමෙයි, ඌ අත්විඳපු ඇත්ත ජීවිතය.

එහෙම වීරයෙක් බිහිවීම හින්ද එකපාර විකල්ප සිනමා ධාරාව උඩ පැනලා ඇහැරුණා. කොමඩියක් කරන්න හිත හිත හිටපු උන් පවා මතවාදී සිනමාවට එන්න වීරයෙක් වෙන්න ප‍්‍රාර්ථනා වලින් පිරුණ. මෑතක තිබුණු විමුක්ති ජයසුන්දර සිනමා උළෙල කියන්නෙ මේ නවෝදයේ හොඳ ප‍්‍රකාශනයක් කියල මට හිතෙන්නෙ. කලින් කීප වතාවක් නැරඹූ ඒ චිත‍්‍රපටි හිටගෙනත් බලන්න තරමට පිරුණු පේ‍්‍රක්‍ෂාගාරයේ තිබුණෙ වාරණයේ උණුසුම. ජැක්සන් ඇන්තනි පවා  ඕඩියන්ස් එකේ හිටියා. මාළුන්ට ඉගිල්ලෙන්න කළ තහනමෙන් සිනමා වසන්තයක් ඇති වුණා.

ආයිමත් මං කියන්නෙ මේ ගෞරවයේ වැඩි කොටස නිර්ලෝභීව ආණ්ඩුවට පුද කරන්න  ඕන. හැම වීරයෙක්ම බිහිවෙන්න දුෂ්ටයා විසින් කරන වැඩ කොටස අවතක්සේරු කරන එක අසාධාරණයි. ජුදාස් නොහිටියා නම් ජේසුස් වීරයෙක් වෙන්නෙ නෑ. ප‍්‍රභාකරන් නොහිටියා නම් මහින්ද වීරයෙක් වෙන්නෙත් නෑ. මේ කාලෙ කවුරු හරි පැනපු ගමන් අහන්න පුළුවන් එතකොට බුදුන් කියල. කෙළෙස් සතුරන් පැරදූ, මාරසෙන් එළවූ කිය කිය අපි බණේ හදන්නෙ බුදුන්ගෙත් වීරත්වයම තමයි. නැතුව ගහක් යට ඉඳගෙන ඉල්ලගෙන කකා ජොබ්ලස් කොල්ලො ටිකක් වටකරගෙන කතා කිය කිය හිටපු සාමාන්‍ය මනුස්සයෙක් අපිට එච්චර ලොකු නෑ. මාරයා කිව්වම ඉතින් ඊට වඩා ලොකු දුෂ්ටයෙක් කොයින්ද?

වීර කතා බලන හැම වෙලාවකම මට දුක හිතෙන්නෙ දුෂ්ටයා ගැන. ඒක මගේ අවුලක්. උදා විදිහට බුද්ධත්වය වීරත්වයක් කරලා ගන්න කොට අපි දුෂ්ටයා කරගන්න මාරයා කියන්නෙ අපේ ජීවිතය. අපේ ආශාව. අපි.
වීරයා සහ දුෂ්ටයා කියන්නෙ දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක්. වීරයෙක් හදන්න දුෂ්ටයෙක් තමන්ගෙ පැවැත්ම කැප කරනවා. පස්සෙ කාලෙක ඒ වීරයා ආයිමත් දුෂ්ටයෙක් වෙනවා. දුෂ්ටයා විසින් තවත් වීරයෙක් නිර්මාණය කරනවා.

‘උඹ එක්කො වීරයෙක් වගේ මැරෙන්න  ඕන. නැත්තං දුෂ්ටයෙක් වෙන දිහා බලාගෙන විඳව විඳව ජීවත් වෙන්න  ඕන’
ඩාර්ක් නයිට් ෆිල්ම් එකේ හාවි ඩෙන්ට් කියනවා.

එහෙම දුෂ්ටයෙක් වෙන්න තරම් වත් හයියක් නැති වීරයො පස්සෙ කාලෙකදි කුහකයො වෙනවා.

-චින්තන ධර්මදාස

Sunday, July 21, 2013

අනුරාධපුරෙන් කෝල් එකක්

අඳුරන්නෙ නැති නොම්මරේකින් කෝල් එකක් ආවා. අඳුරන්නෙ නැති කටහ`ඩක්.

‘හලෝ චින්තනද? මං අනුරාධපුරෙන් කතා කරන්නෙ. රන්දිව පත්තරේ ඔයා ලියන කල්ට් පිටුව දිගටම මං කියවනවා’

එක මොහොතකට මට විශ්වාස නැතුව ගියා. අනුරාධපුරේ කල්ට් පාඨකයෙක් ගැන මගේ හිතේ කොහොමවත් සිතුවිල්ලක් තිබුනෙ නෑ. ජාතික පත්තරයක් ඇතුලෙන් මේ තරං ඈතට මේ අදහස් පැතිරෙන්න පුළුවන් කියල මං හිතලා තිබුනෙ නෑ.

ඒක එක විදිහක සතුටක් සහ එක විදිහක අවදානමක් කියන දෙකම එකපාර ඇති කළා.කල්ට් ලියන්නෙම මහා පාඨක පිරිසක් වෙනුවෙන් නෙමෙයි. විශේෂයෙන්ම ඒක වැඩිහිටියන්ට පමණයි.එතකොට පොඩි ළමයි ඒක කියෙව්වොත් අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. අනිත් අතටසංදර්භයෙන් ගලවලා හුදකලාව මේ අදහස් භාවිතාවට ආවොත් තියෙන අවදානම. සතුට පැත්තෙන් ගත්තොත් කීප දෙනෙක් හරි රට පුරා තැනින් තැන මේ අදහස් හුවමාරුවට එකතු වෙන එකේ දැනෙන ආස්වාදය. ඒ ආස්වාදය තවත් වැඩි කරමින් ඒ යාලූවා කරන්න යන ස`ගරාවකට ලිපියක් ලියන්නත් ආරාධනයක් කළා. මේ ලියමන ලියවෙන්නෙ ඒ විදිහට.

අදාල නැති කතා ඇතුලෙ රස්තියාදු වෙනවට වඩා කෙලින්ම අදාල දෙයක් ගැන ලියන්න මං කැමතියි.
අනුරාධපුරය ගැන. ඒ නටඹුන් අතරෙ ජීවත් වෙන මිනිස්සු ගැන.

පූජා නගරයක් ඇතුලෙ ගතවෙන සාමාන්‍ය ජීවිතය කොයි වගේද කියල මං කීප විටක් කල්පනා කරලා තියෙනවා. කොල්ලො කෙල්ලො ආදරේ කරන හැටි, තරුණ කාලෙ ගත වෙන හැටි මවා ගන්න මං උත්සාහ කළා. මට මුණගැහිලා තියෙනවා අනුරාධපුරේ ඉඳන් බ‍්‍රෑන්ඩඞ් සපත්තු ඩෙනිම් ගන්න විශේෂයෙන් කොළඹ එන කොල්ලො. කවදාවත් සරම් අඳින්නෙ නැති ඒ හාදයො කොට කලිසං ඇඳන් ස්මාර්ට් ෆෝන් මාරු කර කර ජීවත් වෙනවා. ගස්ලබු වගේ ජාති කන්න අප්පිරියයි. ගෙඩිය කටේ තියාගෙන තැඹිලි බොන්න ලැජ්ජයි. බාප්පා කෙනෙක් හරි මාමා කෙනෙක් හරි රටකට ගෙන්න ගන්න කල් දවස් ගණං කර කර ඉන්නෙ.

අනුරාධපුරේ කිව්ව ගමන් මතක් වෙන කාරණා කීපයක් එක්ක ඒ නගරෙ සමාජ මානසික උරුමය ටිකක් තේරුං ගන්න බලන්නයි මං උත්සාහ කරන්නෙ. සාමාන්‍යයෙන් අංක එකට මතක් වෙන්නෙ ගල්කණු උරුමය. වෙන විදිහකින් කිව්වොත් මළගිය උරුමය. රට වටේම ඉඳන් මිනිස්සු අනුරාධපුරේ යන්නෙ තමන්ගෙ මියැදුණු අතීතෙන් පපුව පුම්බගන්න. ඒ උරුමය සංස්කෘතිය වැට කම්බි ගහගෙන ආරක්‍ෂා  කරනවා. බෝම්බ බයට අටවපු මුරකපොලූ වල දැන් ගෑණු සාය වල දිග මනිනවා. ඒ නිශ්චිත දිගට නැත්තං උරුමය බලන්න ඇතුල් වෙන්න බෑ. එතකොට අනුරාධපුරේ ගැන අපේ රටේ තියෙන සරල හැ`ගීම තේරුං ගන්න ලේසියි. ඒක කෞතුක නගරයක්. ඒ කෞතුක නගරේ ජීවිතේ ගැන කාටවත් දැනීමක් නෑ.

ඒ මිනිස්සු ගොඩක් ජීවත් වෙන්නෙ මේ කෞතුක වටිනාකමම අළෙවි කරලා. මල් විකුණලා, වැව් මාළු විකුණලා වෙනස් ජාතික උරුමයක ත‍්‍රිලක් දීලා ජීවිකාව උපයගන්න පිරිස වැඩියි. ඊට පස්සෙ යුද්දෙත් එක්ක අනුරාධපුරේ හමුදා නගරයක් වුණා. සොල්දාදුවන් ගෙවල් බලා යන එන මග නැවතුමක් වුණා.

මායිම් ගම්මාන වල ජීවිත අවදානම් වුණා. ආර්ථිකය නතර වුණා. ඒ ආතතිය තුනී කරන නොයෙක් නොයෙක් මාර්ග විවෘත වුණා. උදා විදිහට ලංකාවෙ ගණිකා වෘත්තිය සම්බන්දයෙන් සැලකිය යුතු තැනක් අනුරාධපුරේට හිමි වෙනවා. අනුරාධපුරේ පැත්තෙන් ගත්තොත් මේක යුද්ධය එක්ක තියෙන සම්බන්ධය සළකුණු කරන්න පුළුවන් වුණත් යුද්දෙ බලපෑමක් නැති ලංකාවෙ අනිත් පූජා නගරවලත් මේ තත්වයම ඇති වෙන එකෙන් අපිට ඊට වඩා ගැඹුරු තැනක් තේරුම් ගන්න වෙනවා. උදා විදිහට රන්දිව පත්තරේම ගිය සතියෙ හෙළිදරව්වක කියවුනා කතරගම සිද්ද වෙන අඩු වයස් ගණිකා වෘත්තිය ගැන. පූජා නගරයක් වැඳ පුදා ගැනීම සහ ආශාවන් සතපවා ගැනීම කියන සාමාන්‍ය සිතීමට අනුවපටහැණි තත්ව දෙකක් එකට අතිපිහිත වීම ටිකක් අමුතු කතන්දරයක්. ශුද්ධ දෙය කෙළෙසීමේ පර්වර්ට් ආශාවෙ සමාජ අර්බුදය මට දැනෙන්නෙ මේ ඒ මළ උරුමයක වටිනාකම ලොකු වෙලා ඒ ඇතුලෙ ජීවිත වල වටිනාකම කුඩා වීම එක්ක ඇති වෙන තත්වය ඇතුලෙ.

ඉස්තෙබාන් කියන මගේ යාලූවාගෙ උපන්දිනේ තිබුනෙ දෙසැම්බර් 25. නත්තල් දවසෙ. ‘ෂා මරුනෙ’ කියල මං කිව්වෙ එතකොට කොහොමත් පාර්ටිනෙ කියල හිතලා. ‘මචං, ඒක කවදාවත් වෙන එකෙකුට තේරුං ගන්න බැරි දෙයක්. හැමෝටම පොදු දවසක මගේ උපන්දිනේට පුද්ගලික වටිනාකමක් නෑ. ඒක මගේ දවසක් නෙමෙයි. ඒක හැමෝගෙම දවසක්’

මේ පොදු උරුමයක් ලොකු වීම ඒකෙ ජීවත් වෙන මිනිස්සුන්ට ලොකු කරුමයක් වෙනවා කියන එකයි මගේ අදහස. කතරගම ගැන කතාව පැත්තකින් තියල මං අනුරාධපුරේට විතරක් නාභිගත වෙන්නං.

අනුරාධපුරේ ගැන ඊළ`ගට අපිට මතක් වෙන ලොකුම කතාව වෙන්නෙ වකුගඩු ප‍්‍රශ්නෙ. මේ වකුගඩු ප‍්‍රශ්නෙත් ඒ නගරේ ජීවත් වෙන උන්ගෙ උරුමය ගැන රූපකයක් වගේ. අනුරාධපුරේ කියන්නෙ වැව්බැඳි රාජ්‍යය. ඉතින් මේ රාජ්‍යයේ තමයි අපේ හාල් ටික වැවෙන්නෙ. වියළි කලාපෙ දාහකුත් ප‍්‍රශ්න මැද්දෙ (වී විකුණගන්න ප‍්‍රශ්න, පෝර ප‍්‍රශ්න) මේ මිනිස්සු තාමත් කුඹුරු කරනවා. ඒ කුඹුරු වලට රටින් ගෙන්නලා දෙන පෝර වල ආසනික් තියෙනවා. ඒ ආසනික් පරම්පරාවෙන් පරම්පරාවට මේ මිනිස්සුන්ට පිළිකා, වකුගඩු රෝග ආදී විවිධ විධි වලින් මරණය ගේනවා. අපේ කෘෂි උරුමය රකින අනුරාධපුරේ මේ වෙද්දි වකුගඩු මාවත කියල පාරවල් පවා තියෙනවා (ඒ පාරෙ හැම ගෙදරකම කවුරු හරි වකුගඩු රෝගයකින් මැරිලා) ඒත් කිසි කෙනෙක් වැඩි ගානකට ගන්නෙ නෑ. ගොවියො වහ බිව්වට, වකුගඩු නැති කර ගත්තට, ඒ පවුල් වල ගෑණු ළමයි වීදි ගානෙ විකිණුනාට, ළමා අපචාර එන්න එන්නම වැඩි වුණාට අතීත උරුමය ඇතුලෙ ඒ දේවල් ලේසියෙන්ම වැළලෙනවා. මට හිතෙන්නෙ අනුරාධපුරේ ජීවිත කියන්නෙත් නටඹුන් ගොඩකට එහා හැ`ගීමක් මේ රටේ මිනිස්සුන්ට දනවන දෙයක් නෙමෙයි.

අනුරාධපුරේ කියන්නෙ අපේ රටේ අනිත් පළාත් වල මිනිස්සුන්ගෙ අතීත උරුමයක් විදිහට නඩත්තු වෙන පළාතක් මිසක් මිනිස් ජීවිත සහ අනාගත වටිනාකම් ගැන සිතීමක් ඇති බිම් පෙදෙසක් නෙමෙයි (සමාජ මානසික සිතියමේ ඒක ඒ විදිහට සළකුණු වෙලා නෑ) ඒක ජාතික උරුමය ගැන මාර්කට් එකක් විතරයි. ලෝකෝත්තර රසයෙ ඉඳන් ඊට ප‍්‍රතිවිරුද්ධම ලෞකික රසයන් දක්වා දේවල් අළෙවි කරන සංචාරක තිප්පොලක්. හික්කඩුවෙ සංචාරකයො විදිහට එන්නෙ විදේශිකයො නිසා යම් යම් විදියෙන් දියුණුවක් අනාගතයක් ඒ පැතිවල දකින්න තිබුණත් අපේ රටේ සංචාරකයො වෙනුවෙන් අතීත උරුමයක් විදිහට පාවිච්චි වෙන අනුරාධපුරේට අයිති අතීතයක්ම විතරයි.

මගේ අදහස වෙන්නෙ අනුරාධපුරේ ජීවිත වලට පුද්ගලික වටිනාකම් ගොඩනැගෙන සමාජ වැඩසටහන් අවශ්‍යයි කියන එක. ඒ පළාතෙ ගල්කණු උරුමයට වඩා ඒ පළාතෙ ජීවිත විසින් ගොඩනැගූ වටිනාකම් ගැන සාකච්ඡුා ඇති වෙන්න  ඕන. නටඹුන් නගරයක් වෙනුවට මිනිස්සු ජීවත් වෙන, ඒ ජීවිත වලට අගයක් තියෙන බිමක් බවට අනුරාධපුරය කියවෙන්න  ඕන. ඒත් ඒක ලේසි දෙයක් නෙමෙයි. අනුරාධපුරේ ජීවිත මුල් ගැලවුනු ජීවිත විදිහට ජීවත් වෙන්න පටන් අරං දැන් හු`ගක් කල්. සමහර විට රුවන්වැලි සෑය හදන කාලෙ ඉඳන්ම පවා මේ ජීවිත මේ විදිහට පාවිච්චි වෙන්න ඇති.

බලාපොරොත්තුවක් නැතුව එදා දවස වෙනුවෙන් ජීවිතේ ගැන හිතන, අලූත් සෞන්දර්යයකින්, දැනුමකින්, හෝ ආස්වාදයකින් පිබිදීමක් අහිමි මේ ජීවිත ඒ වැව් වගේම ඉරි තැලිලා. වේළිලා. කාශ්ටක වෙලා.

කවදා හරි වෙන රටකට යනකං ඔරිජිනල් සපත්තු කුට්ටමක් දාගෙන බලාගෙන ඉන්න තරුණයා කියන්නෙ මේ හිස් අහස දිහා හිස් බලාපොරොත්තුවකින් බලාගෙන ඉන්න මේ පොලොවෙ මුල් ගැලවුණු උරුමය.ඒ කියන්නෙ බ‍්‍රෑන්ඩඞ් ඇඳුම් අඳින එක අවුල් වගේ වමේ කතාවක් නෙමෙයි. මේ විලාසිතා, හීන ඔක්කොම පිට පොත්තක් විතරයි කියන එක. ඒවා එම්බාම් එක ලස්සන කරනවා මිසක් මිනියට ජීවිතයක් දෙන්නෙ නෑ. මං හිතන්නෙ මේ බුබුළක් ඇතුලෙ ගතවෙන තරුණයා, වීදියේ වැඩි වෙන ශරීර අළෙවිය, දරුවන් තුල පවා තැන්පත් ආසනික් කියන්නෙ අනුරාධපුරේ ඇත්ත ජීවිතය. චින මහා ප‍්‍රාකාරෙට යටවෙලා මළ වහල්ලූ වගේ මේ ජීවිත ගල්කණු වලට යට වෙලා අතීතෙන් වැහිලා යනවා.

අරුණ ජයවර්ධනගෙ නිකිණි වැස්ස මට මතක් වෙනවා. ඉඩෝරය ඉවර වෙලා වැස්සක් වැටෙනකල් වෙලිච්ච පොලොව උඩ දුම් දාන ජීවිත බලාගෙන ඉන්නවා. ඒත් ඉඩෝරෙ රස්නෙට වැස්ස මගදිම වාෂ්ප වෙනවා. අනුරාධපුරේට වහින්නෙ මේ නිකිණි වැහි විතරයි.

වී ටික පැහෙන්න වැස්ස එනකං බලන් ඉන්න ජීවිතේට වඩා විශාල ජීවිතයක් අනුරාධපුරේට උරුම වෙන්න  ඕන. ඉතිහාසෙන් එලියට මේ මිනිස්සු වැඩෙන්න  ඕන. පිච්ච මල් පූජාවට අනුරාධපුරේට යන වයස්ගත උපාසක උපාසිකා පිරිසට වඩා (මරණය විඳින්න යන පිරිස) සිංදුවක් නැටුමක් චිත‍්‍රපටියක් බලන්න (ජීවිතේ විඳින්න) අනුරාධපුරේ යන පිරිස් වැඩි වෙන්න  ඕන.

මේ මළ උරුමයට පණ දෙන්න පුළුවන් එකම විදිහ එච්චරයි. මේ ලියමනක් කියවන සංවාද කරන කීප දෙනා හරි ඒ ජීවත් වෙන උරුමයේ කොටස්කාරයො වෙනව නං එච්චරක් වුණත් කොච්චරක්ද?

-චින්තන ධර්මදාස

Monday, July 15, 2013

වඳුරා නිදහස් කරන්න.

බොන එක කොහෙත්ම මට අල්ලලා ගිය වැඩක් නෙමෙයි. ඒ වෙනුවට ගොඩක් අප්පිරියාවක් එකතු කරපු වැඩක්. විශේෂයෙන්ම ලංකාවෙ ඇල්කොහොලික් මේන් ස්ටී‍්‍රම් සිතීමම (මේක බොන නොබොන සමස්තයටම අදාලයි) මට ගෙනාවෙ අවුලක්. ඒත් මේ ලියමනේ කතා කරන්න යන්නෙ ඊට වඩා ක්‍ෂුද්‍ර තලයෙ කතාවක්.
බොන්න සෙට් වෙන එක බීමට වඩා එපා වුණේ සෙට් වෙන කට්ටිය හින්ද කියල මං හිතන්නෙ. කතා කරන්න දෙයක් නැතුව බැරි බැරි ගානෙ පරණ සිංදු කියන්න ද`ගළන ක්ලැසික් බේබදු හිස්කම මට සෙට් වුනෙම නෑ. ඒත් ඉඳලා හිටලා දකින තමන්ට විශේෂ බේබදු ආඛ්‍යානයක් තියෙන උන් හිටියා.  සමහර විට ඒක සිරිමල් වගේ වීදුරු බිඳින එක වෙන්න පුළුවන්, මදයා වගේ කුණුහරපෙන් බණින එක වෙන්න පුළුවන්, උදයා වගේ කතා කියන එක වෙන්න පුළුවන්.

කොහොම වුණත් නොබොන උන්ට වඩා බොන උන්ව මං ප‍්‍රිය කළා. හොඳ ළ`ග යාලූවෙක් දෙන්නෙක් එක්ක (කතා කරන්න දෙයක් තියෙන) රන්දෝලියෙ හීන් අඩියක් ගහන්නත් මං ආස කළා. බොන උන් අතරෙ නොබී ඉඳන් බයිට් කන, අක්මාව අමාශය ගැන කාංසාවෙන් පෙළෙන නොබොන්නො මට ඇති කළේ දුක්ඛිත හැ`ගීමක්. ජීවිතේ නොමේරූ ළපටිකමක්.

කොයිතරං වාතයක් වුණත් බොන උන් ළ`ග මොකක් හරි ෆන් එකක් තිබුණ.  උන්ගෙ ජීවිතවල වෙනස් වෙනස් අතුරු පාරවල් තිබුණ. සමාජය විසින් උන් පිට දාපු ජීවිතේ නඩත්තු කරනවට පිටින් රහස් ජීවිතයක් උන් බෙදා හදා ගත්තා.

සරලව ගත්තොත් බොන උන්ට විරුද්ධව කැම්පේන් කරන උන්ට වඩා පවා බොන එවුන් වෙනුවෙන් කරන කැම්පේන් වල පවා නිර්මාණාත්මක බවක් තිබුණ. උදා විදිහට බියර් බිව්වත් ගඳයි වගේ ගෑණු එක්ක නිදාගැනීමටම පිළිවෙත් පුරන ඇඩික්ට් එකේ කතාවකයි චිත‍්‍රපටියක් මැද්දෙ බොන ජවනිකාවක කොටු දාද්දි ඒ වාරණයට යටින් වැටෙන ‘රස නොමරා රස විඳින්න’ කියන සරල ලයින් කතාවෙයි වෙනස මතක් කරන්න.
බොන එක සහ නිර්මාණශීලීත්වය අතරෙ මොකක් හරි නිල නොවන සම්බන්ධයක් තියෙන වග හොඳට බීලා තියෙන කවුරු වුණත් දන්නවා (ඒක පොසිටිව්ද නෙගටිව්ද කියන එක තීරණය වෙන්නෙ මිනිහා මත මිස බීම මත නෙමෙයි) ඒත් බීම සහ ක‍්‍රියේටිව් වීම අතර නිල සම්බන්ධයක් ගැන සයිකොලොජි ටුඬේ වෙබ් එකේ තිබිලා මට කියවන්න ලැබුණ.  ඒ ලිපියෙ අදහස් මැරිච්ච විදිහට සිංහලට  දානවා වෙනුවට මං ඒක පරිවර්තන- අනුවර්තන සහ පරාවර්තන (මගේ විදිහට) ලියන්නං.

ඒක ලියලා තිබුනෙ බොන අය  ඇත්තටම නොබොන අයට වඩා නිර්මාණශීලීද කියන එක ගැන කරපු පර්යේෂණයක් ගැන.  ඇල්කොහොල් බීමට ගැනීමම නව- අලූත්- නිර්මාණාත්මක දෙයක් වගේම ඒක කරන අයත් ඒ වගේ නිර්මාණශීලී ගුනයකින් පෙළෙනවද? ඒක තමයි ඒ ගොල්ලො සාකච්ඡුා කරන්න යන්නෙ.
මිනිස්සු ඇල්කොහොල් වලට පුරුදු වුණේ ගස් බෙණ වල පිරිච්ච වතුර වල පල්වෙන පළතුරු යුෂ බොන තැන ඉඳලා කියලයි කියන්නෙ. මේ යුෂ වලින් සත්තු පවා මත් වෙන හැටි දැකලා මිනිස්සුත් අත්හදා බලන්න ඇති. 4%ක් විතර ඇල්කොහොල් ප‍්‍රතිශතයක් තියෙන්න ඉඩ තියෙන මේ මත්වීම අපේ සැර අඩු බියර් එකකට ළ`ගයි.
මීට අවුරුදු 10000ට විතර කලින් වෙනකල් මිනිස්සු බිව්වෙ බොනවා කියල දැනගෙන නෙමෙයි. මත්පැන් දැනුවත්ව පෙරන්න පටන් ගත්තෙ හු`ගක් මෑත ඉතිහාසෙදි. ඒක සිද්ද වෙන්නෙ කෘෂිකර්මය, වැවිලි කර්මාන්තය වගේ නිෂ්පාදනවල ලොකු දියුණුවත් එක්ක. ඉතිහාසෙ සාක්ෂිවල හැටියට වසර 6000දි විතර තමයි මෙසපොතේමියාවෙ බියර් සහ වයින් නිෂ්පාදනය වෙලා තියෙනවා කියන්නෙ.  ඒත් ස්පිරිට් විදිහට මත්පැන් නිෂ්පාදනය වෙන්න ගන්නෙ ඊට හු`ගක් පස්සෙ ක‍්‍රිව. 700 දි විතර. ඒ මැදපෙරදිග හෝ චීනෙ වෙන්න පුළුවන්.

ඇල්- කොහ්ල් කියන නමේ අරාබි ප‍්‍රකෘතියක් තියෙන්නෙ. ඇල්ජිබ්රා, ඇල්ගොර්, ඇල්කෙමිස්ට් වගේ මේකෙත් ඉස්සරහට අල් කියන්නෙ ඉංග‍්‍රීසියෙන් ‘ද ’ කියනවා වගේ තේරුමක්. ඉතා හොඳින් පිරිසිදු කරපු පව්ඩර් එකක් වගේ තේරුමක් තමයි මේ වචනෙ මුල් අදහසේ එන්නෙ. පස්සෙ ඒක ලතින් වලට ගිහින් එතනින් ඉංග‍්‍රීසියට එනවා.

ඇල්කොහොල්් ඉතිහාසෙ මුල් කාලෙ පාවිච්චි වුණේ කෑමක් විදිහට. ඉතා මෑත ඉතිහාසෙ බීමක් විදිහට- වෙනස් නිෂ්පාදනයක් විදිහට ඇල්කොහොල් පරිණාමය වෙන්න අලූත් විදිහට හිතන, අනිත් සාමාන්‍ය පිරිසට වඩා නිර්මාණශීලී පිරිසක් මේ මත්වීම පිටිපස්සෙ ඉන්න ඇති කියල උපකල්පනය කරනවා. එතනදී නිෂ්පාදනය වුණු ද්‍රව්‍යය (දියරය) සහ ඒක පාරිභෝජනය කරන විදිහ යන දෙකම අලූත් අදහස්.

මේ උපකල්පනය මත පිහිටලා ඇමෙරිකාවෙ සහ එංගලන්තෙ මත්පැන් වලට යොමුවීම ගැන ලොකු පර්යේෂණයක් කරනවා. ඒකෙන් ඔප්පු වුණු දේ ටිකක් සංස්කෘතික පැත්තෙන් තිගැස්මක් ඇති කරන දෙයක්. වඩාත් බුද්ධිමත් යැයි පිළිගන්නා දරුවන් (අයි කිව් ලෙවල් එකේ වැඩි* අඩු බුද්ධි මට්ටමකින් යුත් දරුවන්ට වඩා ඇල්කොහොල් භාවිතයට යොමු වීමේ නැඹුරුවක් තියෙනවා කියලා මේ පර්යේෂකයො පෙන්නලා දුන්නා.  මේ පර්යේෂනයෙදි ළමයින්ගෙ වයස, ළමා කාලයේ බලපෑම්, දෙමව්පියන්, පංතිය, ජාතිය, පළාත ආදී විවිධ තත්ත්ව පාලනය කරමින් ඉතා පැහැදිලි තීරණයකට එළඹෙන්න පුළුවන් විදිහට පර්යේෂණය සැලසුම් කරලා තිබුණ කියලත් කියනවා. අන්තිමට උත්තරේ වුණේ වැඩි බුද්ධියකින් සහ නිර්මාණාත්මක බවකින් හෙබි දරුවන් වැඩියෙන් ඇල්කොහොල් වලට නැඹුරු වෙනවා කියන එක. මෙතනදි ඒ පර්යේෂකයන්ගෙන් වැදගත් ප‍්‍රශ්නයක් අහනවා. ‘ඒ කියන්නෙ බුද්ධිමත් අය ඒ ගොල්ලොන්ගෙ ශරීර සෞඛ්‍යය ගැන නොහිතන පිරිසක් කියලද?’

පර්යේෂකයන්ගෙ උත්තරේ වෙන්නෙ, ‘බුද්ධිමත් අය අලූත්, නිර්මාණශීලී දේවලට තමන්ගේ සෞඛ්‍යයට වඩා ප‍්‍රමුඛතාවයක් දෙනවා’ කියන එක.

ඒත් පුරුද්දට බීගෙන යන කණමද ජනතාව බෝවීමේ වේගය වැඩියි මේ කියන ක‍්‍රියේටිව් කට්ටියට වඩා (මංදා ලංකාවෙ නම් එහෙමයි). බීමට වෙනස් සංස්කෘතියක් නිර්මාණය වෙන්න  ඕන. බොන්න බොන්න ආයිමත් සිස්ටම් එකට ඇලීම වෙනුවට බොන්න බොන්න සිස්ටම් එකෙන් ගැලවෙන සති සම්ප‍්‍රදායක් ක‍්‍රියේට් වෙන්න  ඕන. සිහිය නැති වෙන්න බොන එක සිහිය ඇති කර ගන්න උත්සාහයක් විදිහට පාවිච්චි කරන්න බැරිද?
‘මේ මාගේ රුධිරයයි. එය රැුගෙන පානය කරව’ කියල ජේසුස් තමන්ගෙ යාලූවො ටිකට අවසාන රාත‍්‍රී භෝජනයෙදි කියනවා. ඒකෙ තේරුම් දෙකක් තියෙන්න පුළුවන්. දෙවියන් හා ඒකීයත්වයට පත්වීමක් හැටියෙන් මේ මුද්‍රික පානය කරව කියන එක එකක්. අනිත් අතට මාව පාවලා දෙන තොපි මගේ රීරි මාංසයත් කාපං කියන එක දෙක. මේ දෙකෙන් කොයික වුණත් බයිබලයේ ඊට එහායින් මේ ගැන විස්තරයක් නෑ. (අනිත් ප‍්‍රධාන ආගම් ඔක්කොම මේ බීමත් ප‍්‍රකෘතිය වාරණය කරමින්මයි ගොඩනැගෙන්නෙ) ඒත් තන්ත‍්‍රයානයේ මේ ගැන ලස්සන කතාවක් රාජනීෂ් උපුටා දක්වනවා.

‘ඔබ බේබද්දෙක් නම් බීම නවත්තලා භාවනාවට එන්න එපා. ඒ බීමම ඔබේ භාවනාව කර ගන්න. ඔබේ පැවැත්මේ කොටසක් වාරණය කිරීමෙන් ඔබට ඔබව සොයා ගන්න පුළුවන් කියල හිතනවා නම් ඒක ලොකු මුළාවක්. ඔබ ඔබ විදිහටම මේ භාවනාවට පිවිසෙන්න’
මේ තාන්ත‍්‍රික අදහස තවත් දිගේලි කරමින් කෙනෙක් මේ ගැන හිතලා තිබුණ. තනිව බීමේ සෙන් කලාව (සෙන් ඔෆ් ඩි‍්‍රන්කින් අලෝන්) එහෙමයි ඒකට නම දාලා තිබුණෙ.

සෙන් කියන දේ හැම එකකටම පාවිච්චි කරන එක සීමිත ආගමික අර්තෙකින් එක ගන්න කෙනෙකුට අවුලක් දනවන්න පුළුවන්. ඒත් කරන හැම දේකටම සෙන් එළඹුමක් තියෙනවා. ඒ සෙන් පැවැත්ම හොයා ගන්න එකයි ඒ ක‍්‍රියාවෙ අත්දැකීම වෙන්නෙ. ඒ මොහොතෙදි කසල ශෝධනය පවා ආගමික මලක් පුදන තරම් සුපිරිසිදු ආගමික පිළිවෙතක් වෙනවා.

තනියම බොනවා කිව්වම බොන අය අතරෙ වුණත් සැලකෙන්නෙ ටිකක් අර්බුද තත්වයක් කියල. ගොඩක් ඩිප්‍රෙස් වෙච්ච, දුකෙන් පිරිච්ච වගේ ෆීල් එකක් තනියම බීමත් එක්ක බැඳිලා තියෙන්නෙ. ෆිල්ම් වල නම් පරාජිත පෙම්වතා කුණු වෙන්න බොනවා. (එක අතකට ලව් එක ගැන ෆැන්ටසිය කුඬේ කුඩු වෙන ඒ මූණට දමලා අරින ඇත්ත මොහොතෙදි අරක්කු වලින් පෙෙ`ගන එක හොඳ  ඕපනින් එකක්) අරක්කු වලට හදලා තියෙන්නෙ සමාජ තේරුමක්. ඒක පුද්ගලික තේරුමක් වෙන තැනදි ඒකට තියෙන්නෙ නෙගටිව් අදහසක්. අරක්කු කියන්නෙ සංවාදයක්, ඒක ඇත්ත. ඒත් ඒක තමන් එක්ක සංවාදයක් වෙන්න බැරිද?

තනියම බීම කියන්නෙ බොරු සමාජ කතා මැද්දෙ අරක්කු අපරාදෙ නොයවා අරක්කු වල ඇත්ත වැඬේට පරක්කු නොවී සෙට් වෙන එකට. තමන්ගේ ඇත්ත පැවැත්මට, ශිෂ්ටගත නොවුණු අඳුරු මුළු වලට, නිරුවත් තමන් එක්ක කැලෑ වදින එක. අවිඥාණක බීම සවිඥාණක අත්දැකීමක් කර ගන්න එක.

මාක් ට්වේන් අපූරු කතාවක් කියනවා. මිනිහෙක් තමන්ට තරම් වෙන කිසිම දේකට බය නෑ කියල. ඇත්තටම අපි අකමැතිම දේ ඇත්ත අපිව මුණගැහෙනවට. අපි අපි කියල හිතාගෙන ඉන්න අපිට වඩා ඇත්ත අපි කොයිතරං කැතද? ඇත්තටම ඒ අපි ඉන්නෙ කැත හෝ ලස්සන වටිනාකම් වලින් එලියෙ. සමාජ ජීවිතේ හෙම්බත්, කාංසි මොහොතවල (ගෝෂාව නතර වුණු මොහොත) ඒ ඇත්ත එකාගෙ සද්දෙ අපිට ඇහෙනවා. අරක්කු මෙතෙනදි හැම දොරක්ම ඇරලා දානවා. ඒ කඩාවැදීම මගඅරින්න අපි යාලූවො එක්ක වට වෙනවා. හයියෙන් සිංදු කියනවා. ඒත් අපිට හැමදාම මේ වනසතා මගඅරින්න පුළුවන්ද?
කොයි වෙලාවක හරි ඒ ඌ එලියට එනවා. හංගන්න හංගන්න තව තවත් ප‍්‍රචණ්ඩ වුණු ඌ වෙලාවක කඩා පනිනවා. ඒ හින්ද කල් ඇතුව සතා අඳුරගෙන ඉන්න එක කෝකටත් හොඳයි.

ඇල්කොහොල් කෙනෙක්ව සමාජශීලී කරනවා වගේම තනියම තමන් ඇතුලෙ සංවාදයටත් තල්ලූ කරනවා (එලියෙ තාප්ප වගේම ඇතුලෙ තාප්පත් දියකරනවා) ලොකු පිට්ටනියක් මැද්දෙ අපිව අතරමං කරනවා. ඒත් සෙනග ඉන්න මැද්දකදි එළියට පනින වඳුරා කලබල වෙනවා. ප‍්‍රචණ්ඩ වෙනවා. තනි කාමරේක, නිදහස් වෙලාවක මේ වඳුරා එක්ක අපි හොඳ සම්බන්ධයක් ගොඩනගා ගත්තොත් පස්සෙ අපිට සමාජයක් මැද වඳුරෙක් වෙන අවදානම ගන්න වෙන්නෙ නෑ.

‘‘මං ඇඳ උඩට වෙලා බොන්න ගත්තා. බොන කොටත් ලෝකෙ ඒ විදිහටම තිබුණ. ඒත් බොන්න කලින් වගේ මාව බොටුවෙන් අල්ලං තාප්පෙට හේත්තු කරගන්න ලෝකෙට බැරි වුණා ඊට පස්සෙ’
-    චාර්ල්ස් බුකොව්ස්කි

කට්ටියක් මැද්දෙ අපේ අවිඥානක මනස විවෘත වෙන්නෙ නෑ. ඇල්කොහොල් වලින් මත්වීම ඇතුලෙ මේ අවිඥානය එක්ක කතාවක් පටන් ගන්න අපිට පුළුවන්. අනිත් හැම භාවනාවකට වගේම මේකටත් හුදකලාව  ඕන.

යාලූවො මැද්දෙ ජෝතිපාල හොඳ වුණාට මෙතනදි ගැලපෙන්නෙ ඊට වඩා ඇතුලෙ හ`ඩවලට ඉඩදෙන වැඩි වැඩියෙන් ගැඹුරට අපිව අරගෙන යන සංගීතයක්. (මට නම් ටොම් වේට්ස්)‘එතන ඉඳං මං මගේ බීමට කතාව කරගෙන යන්න ඉඩ දුන්නා’ කියල හම්ෆ‍්‍රි බොගාර්ට් වෙලාවක කියනවා. ඒ කියන්නෙ මත්වීමෙන් අවදි වුනු තමන්ගේ සතාට නිදැල්ලෙ යන්න ඉඩ දුන්නා කියන එක. පැවැත්ම එක්ක පොරබැදීම වෙනුවට පැවැත්ම බාර ගැනීම කියන උපේක්‍ෂාව.

තනියම බොන එක ආධ්‍යාත්මික චාරිකාවක්. හොඳ පොතක් හුදකලාවේ කියවන කොට දැනෙන ත‍්‍රිල පිරිසක් මැද්දෙ ඉඳන් කියවන කොට වාතයකට හැරෙනවා වගේ කට්ටිය සෙට් වෙලා බොන එක ගොඩක් වෙලාවට මරණයක්. රස නොමරා රස විඳින්න නම් තනියම බීලා බලන්න  ඕන.

අපිට යාලූවෙක් එක්ක දැනෙන්න පුළුවන් විවේකීම, නිදහස්ම, සුන්දරම මොහොත වෙන්නෙ ඒ යාලූවා එක්ක මොකුත් කතා නොකර පුඩවේ ඉන්න පුළුවන් වෙන මොහොත. ඒත් ඒ නිහැ`ඩියාව ඇතුලෙ යාලූකම තේරුම් ගන්න පුළුවන් යාලූවො ගොඩක් අඩුයි. අනිත් එකාට බෝරිං වෙයි කියල අපි කතා කියනවා. අපිට බෝරිං වෙයි කියල හිතන් ඌ කතා කියනවා. බෝතලේ ඉවර වෙලා ගෙදර යද්දි කතා කරපු කිසි වැදගැම්මක් ඇති දෙයක් නෑ. ඊට පස්සෙ ඒ හිස්කම පහුවෙනිදා වෙනකල් හොල්මං කරනවා. මේ අපි අත්විඳින බීමේ ඛේදවාචකය.

ඇල්කොහොල් වලින් මත් වෙන්න  ඕන ඇතුලෙ ඉන්න වඳුරවයි. ශිෂ්ටකම විසින් යටපත් කරපු ඒ අශිෂ්ටයාට කතා කරන්න ඉඩක් දෙන එකයි ඇල්කොහොල් වල නිදහස වෙන්න  ඕන. ඒ වෙනුවට අපේ සමාජගත කුහකයා ගෝෂාවෙන් ඔක්කොම වහලා දානවා. (බොන එක දේශපාලනික කරනවා*
‘ඔයා මිනිහෙක් ගැන කිසි දෙයක් දන්නෙ නෑ එයත් එක්ක කුණු වෙන්න බීලා නැත්තං’
-    චාර්ල්ස් රසල්

ඇතුලෙ ඉන්න වඳුරට නිදහසේ නටන්න දෙන්න. ඒ සංස්කෘතිය හෝ ජාතිය හෝ වර්ගය හෝ කිසි දේකින් කප්පාදු නොකරපු ඇත්ත ජීවිතය. ඒ තමයි අපේ ඇත්ත ආශාව. ඒ ආශාව යටපත් කිරීම තමයි හැම ඩිප්‍රෙෂන් එකකම හේතුව. ඒ වඳුරට ආදරය කරන්න පුරුදු වෙන මොහොතෙදි අපි අපේ බිඳුණු පැවැත්ම පාලමකින් යා කරනවා. අපි සමස්තයක් වෙනවා.

මත්වීමේ කෙලවරේදි අපි ආයිමත් බොරුකාර සමාජ ජීවිතේට එනවා. ඒත් කන්නාඩියකින් මූණ බලද්දි ඇහිබැම කොණකින් හරි අපි අඳුරන වඳුරගෙ ඉ`ගියක් අපි දකිනවා.
‘මගේ පරණම යාලූවා. අමතක නෑ උඹව කොහොමවත්. අපි ෂෙයාර් කරපු දේවල්. ආයිත් සෙට් වෙමු. උඹයි මමයි බෝතලෙයි විතරක්’
එතකොට අපි එහෙම හිතනවා.

(අරක්කු යෙදෙන සෑම තැනකම එය මත්පැන් ලෙස තේරුම් ගත යුතු බවත් මගේ වගේ ලිව්වත් මේ අදහස් වෙබ් අඩවි මූලාශ‍්‍ර ලිපි කීපයක් මත පදනම් බවත් කරුණාවෙන් සළකන්න)
-චින්තන ධර්මදාස


Sunday, July 7, 2013

ගල්කණු උරුමය වෙනුවට හුස්ම ගන්නා උරුමයක්.

මට කවදාවත් මහාවංසෙ ඉතිහාස කතාව මට අදාල කතාවක් කියල දැනිලා නෑ. කාලාන්තරයක් පුරා අද වගේම බලය තිබුණු උන් කරපු ජඩකම් සූරාකෑම් සහ චණ්ඩිකම් ටිකකට එහායින් ඒ ලිඛිත ඉතිහාසය ගැන මට වටිනාකමක් නෑ. කවුරුහරි අද මහින්ද ගැන ලියන ප‍්‍රශස්තියක් වගේම මහා වංසකතාවෙත් ඇත්ත කෑල්ල තියෙන්නෙ නොලියූ කතාවෙ. මේ රාජාවලිය එක්ක ගැටගැහිලා එයින් එකෙක් කියලා උද්දාම වෙන සිංහල බහුතරය දිහා බලන් ඉද්දි මට දුකයි. අපි මේ කියන රාජ කතාවෙ රදළ නෑකමක් නොතිබී ගං තුලානෙ ලබු වැලක් වවාගෙන ඉන්න හුදී ජන සන්නිපාතයෙන් එකෙක් වෙන්න ඇති ඉඩ කොයිතරං ලොකුද? රජා හෝ රදළයා හෝ එද්දි ලොකුවට හැදුණු ලබ්බ ගෙයි හංගන, වැඩිවිය පත්වෙච්චි කෙල්ලො ගැන බයවෙන ඒ ගංවැසියො මට ළ`ගයි ඒ රාජ උරුමයට වැඩියෙන්. අද ප‍්‍රජාතාන්ත‍්‍රික ආණ්ඩුව අපිට සළකන විදිහ බැලූවම රාජාණ්ඩුව කොහොම සළකන්න ඇද්ද කියල හිතාගන්න පුළුවන්.  මේ අපි පුරවැසියො වෙලා ඉඳිද්දි. එදා අපි යටත්වැසියො.

ඒත් අපි රජ වාසල ගැන කතා කියන්නමයි කැමති. ඒ කවටයන්ගෙ හැටි.

අජිත් කුමාරසිරි ලස්සන කතාවක් කියනවා.

ඉතිහාසයට ඉංග‍්‍රීසියෙන් කියන්නෙ හිස්ටරි. ඒක හිස්- ස්ටොර්ි විදිහටත් සද්දෙ අනුව කඩා ගන්න පුළුවන්. ඒ කියන්නෙ ඔහුගේ කතාව. ඒක තමයි අපි ඉතිහාසය විදිහට කියවන්නෙ. ඒක බලය මූලික පිරිමි කතාව. අපි හොයාගන්න  ඕන හර්-ස්ටොරි. ඇගේ කතාව. ජීවිතය මූලික ගැහැණු කතාව. මං හිතන්නෙ ඒක තමයි හුදී ජනීජනයාගෙ කතාව. ඒක තමයි ජාතියක ඇත්ත උරුමය වෙන්නෙ. ගල්කණුවත්, වැව් දාගැබ් වත් නෙමෙයි. මේ ගැන හිත හිත ඉඳිද්දියි හදිස්සියෙ මැණික් සන්දසාගර් මුණගැහුනෙ.

එයා ගේනවා ‘ලිවින් හෙරිටේජ්’ කියල අදහසක්. ඒක ඇත්තටම ව්‍යාපෘතියක්. අපේ චර්යාමය උරුමයන් හා ප්‍රොතෙස්තන්ත වෙන්න කලින් අපේ ඇත්ත විශ්වාස මිත්‍යා පද්ධති හොයාගෙන යන එක. මට හිතෙන්නෙ උරුමය ගැන සජීවී සංකල්පයක් සන්ද්‍රසාගර් කතා කරනවා විතරක් නෙමෙයි එයා ඒක ජීවිත පුහුණුවක් විදිහට ගන්නවා. ඒකට හේතුවත් මැණික්ම විස්තර කරනවා. න්‍යායික, විෂයික දැනුම් සංදර්භයන් බටහිර දැනුම් කලාපයට අයිති අර්ත ගැන්වීම්. ඒ වෙනුවට පෙරදිග තිබුනෙ අවබෝධය, භාවනාව සහ ඇවතුම් පැවතුම්.

අද ලංකාවෙ අපි ගත කරන ජීවිතේ ගැන එයාගෙ විස්තරය හරි අලූත්. ‘අපි එන්නෙ කොහෙන්ද කියල අපි දන්නෙ නෑ. අපි යන්නෙ කොහාටද කියල අපි දන්නෙ නෑ. මේක තමයි අරාජිකත්වය කියන්නෙ. අද මේ රටේ තියෙන්නෙ ඒ අරාජිකත්වය විතරයි’

ඇත්තටම අරාජිකත්වය ගැන ඒක හොඳ අර්ථ කතනයක්. බාහිරයේ අරාජිකත්වය ගැන කතා කරනවට වඩා අපි විසින් එලියට ප‍්‍රක්‍ෂෙපනය කරමින් ඉන්න අපේ පැවැත්මෙන් විඳවන අරාජිකත්වය එයා සාකච්ඡා මේසෙට ගේනවා. මේ අරාජිකත්වය ඇතුලෙන් අපි යන්නෙ පරාරෝපණයට.  මේ හින්ද හැම කලාවක්ම, හැම අදහසක්ම පරාරෝපිත, මේ බිමට අයිති නැති, මෙහෙට අනුගත නැති විදිහට විකෘති වෙනවා විතරක් නෙමෙයි ඒ හින්දම ඒවායෙ සෞන්දර්ය අගයක් නැති වෙලා යනවා. ජීවිත වල ලස්සනක් නැති වෙනවා.

මේ පරාරෝපණයට ස්නද්‍රසාගරියානු  අදහස වෙන්නෙ ‘ගාලූපාර’. ඒක කොළඹ ඉඳන් ගාල්ලට වැටෙන ගාලූපාර නෙමෙයි. යාපනේ ඉඳන් කතරගම වෙනකල් දිගට යන මේ ගාලූ පාර කන්සෙප්ට් එකක්. මිෂනාරීන් ඉඳන් අද වෙනකල් සිදුවුණු හැම ශිෂ්ටකරන ව්‍යාපෘතියක්ම එයා බැහැර කරන්නෙ මේ ගාලූපාර කන්සෙප්ට් එක ඇතුලෙ. මේ ගෝල් රෝඞ් සංස්කෘතිය හින්ද මැද පංතියක් බිහිවෙනවා. ඒ පංතිය සම්පූර්ණයෙන්ම එළියෙන් පරාරෝපිත වටිනාකම් ඇතුලෙ ජීවිතේ හොයන්න දුක් විඳින පරපුරක්.

මේ හින්ද සිංහලෙන් කියවීම කියන එකත් තමන් බැහැර කරන වග සන්ද්‍රසාගර් කියනවා. මුඛ පරම්පරාගත දැනුමක්, ‘ඒවං මේ සුතං ඒකං සමයං භගවා’ මවිසින් මේ සුත‍්‍රය මෙසේ අසන ලදී... මේ කනින් කනට මාරු වෙන පෙරදිග දැනුම. ඒක පොත්වල ලිව්වෙ ගෝල්රෝඞ් වර්ගයේ මිනිස්සු. මේ වෙනස ඇතුලෙ සියලූ සැබෑ කලාවන් අහෝසි වෙනවා.

කලාව කියන්නෙ අපිව අපි නොදන්නා දේ ඇතුලට අරගෙන යන ප‍්‍රවේශයක්. ඒක අභ්‍යාසයක්. ජීවත්වීමක්. ඒක මිලක් නියම කරලා අත්සනක් ගහලා බිත්තියක එල්ලන්න තියෙන දෙයක් නෙමෙයි. පෙරදිග කලාව හැමතිස්සෙම ප‍්‍රායෝගික ජීවිතේ එක්ක බැඳිලයි තිබුනෙ. ඒ කලාවෙ අයිතියක් වෙනුවෙන් අත්සනක් නෑ. ජන කවි වල, පැරණි චිත‍්‍ර වල කරපු ඒවා කරපු අයගෙ නම් නෑ. ඒකෙ නම ගහගෙන ඒකෙන් වැජඹෙනවට වඩා ජීවිතයක් ඒ ගොල්ලොන්ට තිබ්බා. ඒක මුලින්ම පටන් ගත්තෙ ලියනාඩෝ ඩාවින්සි. එයා චිත‍්‍ර ඇඳලා අත්සන් කළා මේක මගේ කියල. එතන ඉඳන් ආර්ට් ඉවරයි.

මං වැඩියෙන්ම ආස එයා ආගම් ගැන කියන කතාවට. බුද්ධ, ක‍්‍රිස්තුස්, මුහම්මද් මේ කවුරු ආවත් ලෝකෙ වෙනස් වුණේ නෑ කියල එයා කියනවා. එදා ඉඳන්ම ඉර නැගෙනහිරෙන් පායනවා. බටහිරෙන් බහිනවා. මොකද්ද වෙනස් වුණේ? ඒ ගොල්ලො වෙනස් ප්‍රොඩක්ෂන් එකක් පටන් ගත්තා. මේ හැම දෙයක්ම නිෂ්පාදනයක්. ධර්මය කියන්නෙ මෙතන මේ මොහොතෙ තියෙන දේ. ඒක කවුරුවත් අර්ථ දක්වන්න  ඕන නෑ. ඒක කාගෙවත් නෙමෙයි. ඒක මේ තියෙන ධර්මතාවය, එච්චරයි.

කවදාවත් ලංකාව එක රටක් එක ජාතියක් වුනේ නෑ කියල සන්ද්‍රසාගර් කියනවා. විසිහතරදාහක් ගම්, තවත් විසිහතරදාහක් විතර දෙවිවරු එක්ක කොහොමද එක ජාතියක් කියල කියන්නෙ? (මේ ගාන වෙනස් වෙන්න පුළුවන්)

‘‘මේ රට මුහුණ දීලා තියෙන්නෙ ආචාර ධාර්මික ව්‍යසනයකට නෙමෙයි, බුද්ධිමය (සිතීමේ) ව්‍යසනයකට’’ -සන්ද්‍රසාගර්

මේ කතාව අතරෙ එයා ආනන්ද කුමාරස්වාමි ගැන නිතර මතක් කරනවා. කුමාරස්වාමි කියනවා ‘ශ‍්‍රී ලංකන්නස්’ කියල අදහසක්. ඒක ශ‍්‍රී ලාංකේයකම වගේ පරිවර්තනය කළත් ඒ අදහස එන්නෙ නෑ මට හිතෙන්නෙ. ඒක අපි ගැන අපේ උරුමයන් ගැන ලැජ්ජ නැතුව කියන්න පුළුවන් සංකල්පයක්. අතීතය පැත්තට හැරීගෙන එන්න එන්න පුංචි වෙනවා වෙනුවට ඒ අතීතය ගල්ගහපු උරුමයක් තැනින් ජීවත් වෙන උරුමයක් දක්වා ගේන්නෙ කොහොමද කියන එකට ප‍්‍රවේශයක්.

තමන්ගෙ ජීවිතය සහ භාවිතාව ඇතුලෙන් තමන් පිළිබඳවම වුණු අධ්‍යනයක ප‍්‍රතිඵල විදිහට එන අදහස් දැනුම බෙදාහදාගත්තු මේ විශාල ජීවිත සහිත ලාංකිකයෝ වඳවෙලා ගිහින් මේ බෙලිකටු ඇතුලෙ හැංගෙන කුරුකුට්ටං ජීවිත ඉතුරු වුනේ කොහොමද කියල මට පුදුම හිතෙනවා. මැනික් සන්ද්‍රසාගර් ගැන කොළඹ සන්නිය කරපු චිත‍්‍රපටිකරුවා කියන එකට වඩා දෙයක් අපි දන්නෙ කලාතුරකින්. ඒත් චිත‍්‍රපටි කියන්නෙ එයාගෙ ආධ්‍යාත්මික භාවිතාවෙ එක චැප්ටර් එකක් විතරයි. අනිත් අතට ඇහුවොත් සන්ද්‍රසාගර්ගෙ චිත‍්‍රපටි ගැනත් අපි මොනවද දන්නෙ? එයාගෙ චිත‍්‍රපටි ගැන රිචර්ඞ් බොයිල් කියන විස්තරේ ඇහුවම මගේ ඇඟේ හිරිගඩු පිපුණ. මේ සිනමාව අපි කතාවක් නැතුවම වල දාලා.

මැනික් සන්ද්‍රසාගර් තමයි ලෙස්ටර් අධ්‍යක්‍ෂනය කරන ‘ගෝඞ් කිංග්’ චිත‍්‍රපටියෙ නිෂ්පාදකයා වෙන්නෙ. (නිෂ්පාදකයා කියන්නෙ සල්ලි දාපු කෙනා නෙමෙයි ෆිල්ම් එකට සම්පත් එක්රැුස් කරන්නා) ඒක කාශ්‍යප ගැන තවත් සිරි පැරකුම් වර්ගයේ රජ කතාවක් නෙමෙයි. මැනික් මේ කතාවට ඉන්ස්පයර් වෙන්නෙ ස්වාමි ගවුරිබාලා කියන ජර්මානු නමුත් යාපනයේ වසන යෝගීවරයෙක් හින්ද. එයා අවුරුදු තිහක් තිස්සෙ ‘සිහ ගිර’ ගැන අධ්‍යනය කරනවා.

ලෝකයේ මිත්‍යාමතික ආධ්‍යාත්මික තැන් ගොඩක් අතීත දැනුම් පරපුරකට අනුව පෘතුවි කේන්ද්‍ර. මේ කේන්ද්‍රයන් හරහා පොලොව සහ දිව්‍යමයභාවය අතර සම්බන්ධය ගොඩනැගෙනවා කියල පැරණි අය විශ්වාස කළා. මේ අදහසින්ම සීගිරිය කියන්නෙ ලංකාවෙ එබඳු කේන්ද්‍රයක් කියල ස්වාමි ගෞරිබාලා පෙන්නලා දෙනවා. බටහිර ද්‍රව්‍යවාදී දෘෂ්ටිය අනුව සීගිරියෙ කරන කැණීම් වලින් මෙම පැරණි දැනුම ගැන කියවන්නට ඇති අවකාශ බොහොමයක් ඇහිරෙන්න පුළුවන් වග එයා කියනවා.

සීගිරිය කියන්නෙ කාශ්‍යපගෙ රාජ්‍යය විතරක් නෙමෙයි ඒක එයාගෙ පන්සල. ගැඹුරු මහායානික හැදෑරීමක් ඇති කාශ්‍යප මේ කේන්ද්‍රය නගරයක් විදිහට නිර්මාණය කළා විතරක් නෙමෙයි ඒකෙ වෙනස් ගැඹුරු තේරුම් ගණනාවක් මූර්තිමත් කළා. මේ අදහස් වෙනුවෙන් පොත් වල දැනුමෙන් එපිට මිත්‍යා කතා වලට ආයිමත් එබිකම් කරන්න වෙනවා කියල ස්වාමි ගෞරිබාලා කියනවා. සීගිරියේ සත්මහල් ආකාරය මහායානික දිව්‍යලෝක හත ගැන සංකල්පයෙන් නිර්මාණය වුණා කියල එයා තර්ක කරනවා. ඒ වගේම සීගිරිය දිව්‍යත්වය පොලොව සහ නිරය අතර අක්ෂය විදිහට නිර්මාණය වුණා කියල ඒ තර්කනය ඇතුලෙ පෙන්නලා දෙනවා.

කාශ්‍යප විසින් තමන්ගේ පියා ධාතුසේන ඝාතනය කරන්නෙ රාජ්‍ය බලය අරමුණු කරගෙනම නෙමෙයි. ඊට පෙර ධාතුසේන විසින් තමන්ගේ මාහායානික ගුරු පරපුර මරා දැමීමේ පළිගැනීමකුත් හැටියට. තමන්ව රජෙක් පාලකයෙක් පමණක් නෙමෙයි ආධ්‍යාත්මික නායකයෙක් වශයෙනුත් තේරුම් ගත් මේ දැවැන්ත කාශ්‍යප චරිතය සහ සීගිරිය ගැන අපේ ඉතිහාසෙ කතා කරන්නෙ යන්තමට. මේ ඉතිහාස කතාව කියවන විල්හෙල්ම් ගයිගර් මෙහෙම කියනවා.

‘ලංකාවෙ ඉතිහාසය කියවන එකේ අසීරුව තියෙන්නෙ කියන කතාවෙ නෙමෙයි. එතන නොකියන කතාව තේරුම් ගැනීම ඇතුලෙයි’

මැනික් සන්ද්‍රසාගර් ලෙස්ටර් ලවා නිර්මාණය කරවන්නේ මේ අපූර්ව කාශ්‍යප චරිතය. ස්වාමි ගෞරිබාලා කියන්නෙත් යාපනේ අධ්‍යාත්මික පරපුරක උරුමය අරගෙන මේ පොලොවෙ උතුරෙ ඉඳන් දකුණට සක්මන් කළ විශාල චරිතයක්. එයාගෙ ගුරුවරයා වෙන්නෙ ඉන්දියාවෙ පවා සුප‍්‍රකට යෝගස්වාමි කියන යෝගීවරයා. සන්දසාගර් තමන්ගෙ කලාව හරහා අරගෙන එන්නෙ මේ විදිහෙ මේ පොලොව පුරා පැතිරුණු ආධ්‍යාත්මික වියමනක්.

ඊට පස්සෙ එයා කළුදියදහර චිත‍්‍රපටිය කරනවා. අද වෙද්දි මේකෙ එක කොපියක්වත් හොයා ගන්න බෑ. කළුදියදහරෙ කතා කරන්නෙ ලංකාවෙ තේ කර්මාන්තෙ සිද්ද වෙන වෘත්තීය සටනක් ගැන.
ස්පීල්බර්ග්ගෙ ජෝස් වගේ චිත‍්‍රපටි දැක්කම ඇති වෙන ආසාවත් එක්ක අලි මිනිස් ගැටුම ගැන අන්තර්ජාතික නිෂ්පාදනයකට සන්ද්‍රසාගර් අත තියනවා. ඒ රැම්පේජ්. මැණික් එතෙක් බටහිර සිනමාවෙ දුෂ්ටයා, ව්‍යසනය වුණු සතාගෙ පැත්තෙ ඉඳන් කතාව කියන්න පටන් ගන්නවා. එයා රැම්පේජ් වල කියන්නෙ අලියගෙ පැත්තෙන් කතාව. ඒක ලෝකෙ පළවෙනි ග‍්‍රීන් ෆිල්ම් එක කියලත් කියන්න පුළුවන්.

මේ ඔක්කොටම වඩා මං පුදුම වුනේ රිචර්ඞ් බොයිල් හා සන්ද්‍රසාගර් එකු වෙලා හදන්න ගිය ‘බ්ලඩි මේරි’ කතාව ඇහුවම. ඒකෙ තියෙන්නෙ 1942 ජපානය විසින් සිංගප්පූරුව අල්ලගත්තම ලංකාවට එවපු මේරි පැල්සර්ගෙ කතාව. එයා රජය එක්ක යන්තම් එක`ගතාවයකින් හිතවත් හමුදා පාර්ශව වලට විනෝදය සපයන කඳවුරක් කරගෙන යනවා පට්ටිපොල. ඒකෙ අශ්වයෝ සහ දඩයම් බල්ලො වගේ තවත් නොයෙක් දේ තියෙනවා. ඉතා දරුණු සහ ගැටෙන චරිතයක් වෙන මේරි රජයේ නිලධාරීන් එක්ක දිගටම හැප්පෙනවා. පට්ටිපොල ස්ටේෂන් මාස්ටර්ව බයකරගෙන ඉන්න ගිහින් එක වතාවක් දුම්රිය සේවකයො වැඩවර්ජනයක් පවා පටන් ගන්නවා මේරිව පිටුවහල් කරන මෙන් ඉල්ලමින්. මේ මේරි රටින් යද්දි තමන්ගෙ කඳවුර පුළුස්සා, සියලූ සතුන් වෙඩි තබා මරා දමා විතරක් නෙමෙයි කඳවුරේ හැම ගහක් මුලම සයනයිඞ් කරල් වළලලා තමයි යන්නෙ. මේ චරිතය අළලා මැනික් කරන්න යන චිත‍්‍රපටිය පිටපතකින් එහාට යන්නෙ නෑ. ඒත් ඒක අනිවාර්යෙන්ම පට්ට ෆිල්ම් එකක් වෙන්න තිබුණ.

මේ විස්තර ඔක්කොමත් එක්ක සාමාන්‍ය ලංකාවෙ ඔලූවකට ගළපගන්න බැරි වෙනස් කලාපෙකුත් සන්ද්‍රසාගර්ගෙ තියෙනවා. මං ගොඩක්ම කැමති එයාගෙ මේ තියෙන ප‍්‍රතිවිරෝධතා එක්ක පැවතුන රූල් නැති ජීවිතේට. එයා එකපාරක් ලංකාවට මොකක්ද මැෂිමක් ගෙනාපු එංගලන්ත සුද්දෙක් මුනගැහෙනවා. මේ මැෂිම කිසි කෙනෙකුට විකුණගන්න බැරුව කණස්සලූ වෙන සුද්දව සන්ද්‍රසාගර් වෙන අදහසකට එක`ග කර ගන්නවා. ඒ මැෂිම ඇතුලෙ කංසා පුරවලා නැවත එංගලන්තෙට යවන්න. මේ වැඬේ අතරමගදි සුද්දා එංගලන්ත පොලිසියට කොටු වෙනවා. සන්ද්‍රසාගර්ට නෝරිවිච් සිර මැදිරියක ඉතා පීඩිත සිර ද`ඩුවමක් ගෙවන්න සිද්ද වෙනවා. කොහොම හරි නැවත ඇම්ස්ටර්ඩෑම් වලට පැනලා එන සන්ද්‍රසාගර් එහේ යටිතලයේ සම්බන්ධතා හරහා බෝට්ටුවකින් ආයිමත් ලංකාවට එන්නෙ නැවත ලංකාවෙන් පිට යන්නෙ නෑ කියන තීන්දුවක් එක්ක.

මැණික් කංසා නීතිගත කිරීම වෙනුවෙන් ගොඩක් සටන් කළා. ලංකාවෙ ඉතාම වැදගත් ගස් දෙකක් තියෙනවා කියල එයා කියනවා. එකක් කිතුල් ගහ. අනික කංසා ගහ. ලංකාවෙ සංස්කෘතිය හැඩගස්වන්න මූලික වුණු මේ ගස් දෙකම සුද්දන් විසින් තහනම් කරනවා.

1977දි ඒ කියන්නෙ විවෘත ආර්ථිකය ලංකාවට අඩිය ගැහුවා විතරයි සන්ද්‍රසාගර් චිත‍්‍රපටියක් කරන්න යනවා ක‍්‍රයිටේරියන් කියල. ඒක හරියට ක්‍රොනන්බර්ග්ගෙ වීඩියෝඩ්‍රෝම් වගේ වැඩක්. ලංකාවෙ ටීවී එකක ධර්මවාහිනී කියල විකාශය වෙන නාලිකාවක තරංග දියුණු අභ්‍යවකාශ ජීවින් පිරිසක් විසින් ග‍්‍රහනය කරනවා. ඒ ගොල්ලො මේ දැනල් එකේ ප‍්‍රසන්ටර් එක්ක කෙලින් සම්බන්ධ වෙනවා. ධර්මය ගැන මේ රූපවාහිනී තරංගමය සාකච්ඡුාවත් එක්ක රටේ සිද්ද වෙන වෙනත් අපූර්ව වෙන්සකම් මේ කතාවට විෂය වෙනවා. වැදගත්ම දේ වෙන්නෙ ටීවී ලංකාවට එන්නත් කලින් ටීවී හරහා මේ තරම් රැඩිකල් ප්ලොට් එකකට යන්න ඒ ඔලූවෙ තිබුණු ඉඩ ගැන (පරිකල්පනය) කාරණය.

පත්තර පිටුවකින් කියන්න බැරි තරම් මැනික් සන්ද්‍රසාගර්ගෙ චරිතය විශාලයි. ඒ වගේම චිත‍්‍රපටියකට වඩා විචිත‍්‍රයි. ඒ සංකල්ප, අදහස් සහ භාවිතාවන් හැමතිස්සෙම යුග ගනනාවක් ඉස්සරහට විහිදුණු ඒවා. තමන්ගේ කාලෙට වඩා ඉස්සරහින් ජීවත් වුණු මේ අතිශය නිර්මාණාත්මක චරිතය ලංකාවෙ පොට්ට සමාජයට මගහැරෙන එක ඒ තරං පුදුම වෙන්න දෙයක් නෙමෙයි.

ඒ වගේම මේ චරිත අනාගතේදී මීට වඩා විශාලව ආයිමත් කියවන්න ගන්න එකත් වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.

-චින්තන ධර්මදාස



Sunday, June 30, 2013

රාජ පැරකුම්බා- ඇයි දෝ කළේ ගෙම්බා?

සිරි පැරකුම් බලන්න මං තල්ලූ වුණේ ඒක ගැන ආපු ලොකු සද්දෙ හින්දමයි. හෝල් 55ක නඩු කියලා දාපු චණ්ඩි ෆිල්ම් එකක් වීම වගේම සෝමරත්නගේ දෙරන අවෝර්ඞ්ස් වලදි වගේ දාපු චණ්ජි ටෝක්ස් වුණත් මට බලපාන්න ඇති. අනිත් පැත්තට සූරිය අරණ, සරෝජා වගේ සෝමරත්නගේ කලින් චිත‍්‍රපටි කීපෙකට මං කැමතියි. ළමයි පාවිච්චි කරලා කරන වැඩිහිටි චිත‍්‍රපටි වට්ටෝරුවක් ගැන එයාගෙම දැනුමක් සෝමරත්නට තිබුණ. ඒක හොඳයිද නරකයිද කියන කාරණය කොහොම වුණත් ඒ වට්ටෝරුව අලූත්. සිංදු ටිකක් දාලා ලස්සන කරලා ලංකාවේ හුදී ජන පේ‍්‍රක්‍ෂකයාට විකුණන්න පුළුවන් දෙයක් හදන්න එයාට පුළුවන් වුණා. ඒ වගේම එයා පුළුවන් හැම වතාවකදිම එලියෙ දේශපාලනය ඇඞ් එකක් විදිහට පාවිච්චි කළා. උදා විදිහට සූරිය අරණෙදි හාමුදුරුවරු එක්ක වෙනම දෙබසක් පටන් ගත්තා. සරෝජා සිංහල දෙමළ ප‍්‍රශ්නෙ. එහෙම නැතුව අටවපු සිරි රජ සිරි ෆ්ලොප්. ඊට පස්සෙ සිරි පැරකුම් මේ කාලෙ නැගලා යන රජකතා  සහ ආණ්ඩුවෙන් නොමිලේ උස්සලා තියෙන ජාති ආගම්වාදී රැුල්ල උඩ තියනවා. ඒ ආපු කිසි රජ කතාවක් මේ වෙනකල් පාඩු වෙලා නෑ.

මං මේ ලිහාගන්න උත්සාහ කරන්නෙ සිරි පැරකුම් බලන්න මං මොකට ගියාද කියන ප‍්‍රශ්නෙ. සැවෝයි එකේ කලින් ෆිල්ම් එකක් බලද්දි සිරි පැරකුම් ටේ‍්‍රලර් එක දැකීමත් මට යම් හෝ බලාපොරොත්තුවක් දෙන්න හේතුවක් වෙන්න ඇති. ඒ ටේ‍්‍රලර් එක හොඳටම කරලා තිබුණ. මං කැමරා කරපු පාලිත පෙරේරාට කතා කරලා සුබ පැතුවත් එක්ක. අන්තිමට හවුස් ෆුල් දවස් කීපයක් පහුකරලා දවසක හවස ලිබර්ටි එකේ සිරි පැරකුම් බලන මහා පේ‍්‍රක්‍ෂාගාරය මැද්දෙ මාත් ඉඳගෙන හිටියා.

ඒක සම්පූර්ණ වමනෙ ගොඩක්. කියා ගන්න කතාවක් නැතුව කුඹුරෙ හරක් ටික වගේ චරිත ටික තිරය පුරා ඇවිදිනවා. අපේ ඉතිහාසෙ හැම රජකෙනෙකුටම තියෙන්නෙ එකම කතාව. රජ වාසලේ කවුරු හරි එයාව මරන්න හොයනවා. පෙට්ටියක් අස්සෙ හරි රෙද්දක් අස්සෙ හරි හැංගිලා ගමකට පැනලා යනවා. එහේදි ලොකු මහත් වෙලා බලය පාලා රජකම ගන්නවා. ඒක හරියට හින්දි චිත‍්‍රපටියක් වගේ නැගලා යන ප්ලොට් එකක් තමයි. ඒත් සිද්ධි සහ අතුරු කතා වලින් ඒක ගොඩනැගෙන්න අවශ්‍යයි. රසය තීවර කරමින් අරගෙන යන්න උවමනායි. සෝමරත්නගෙ කතාවෙ තියෙන්නෙ ආරම්භයක් විතරයි. මැදක් සහ අවසානයක් නෑ (කතාව ඉවර වෙන්නෙ නෑ කියනවා නෙමෙයි. ඉවර වුණාට වගක් නෑ) සිරි පැරකුම්බා චරිතෙ අඩු වියදමට කරන්න ගිහින් චිත‍්‍රපටිය කෙලවර වෙලා තියෙන්නෙ පැරකුම්බා ගෙයි ගෙම්බා වගේ තැනකින්. ඒ පීරියොඩිකල් චිත‍්‍රපටියක දැනෙන විශාලත්වය, දැවැන්ත බව, අභිමානය මොකක්වත් මේ චිත‍්‍රපටියෙ නෑ. යුද්ධ දර්ශන පොලොව කොටන දර්ශන තරම්වත් හොඳින් රූගත වෙලා නෑ. මේ තරම් දියුණු ත‍්‍රීඞී තාක්‍ෂණයන් නිකම්ම පීසී වල පවා තියෙද්දි සිරි පැරකුම් වල ග‍්‍රැෆික් අනාතයි. ආචාර්ය සෝමරත්නට මේ නම් කොහෙත්ම සමාව දිය හැකි කාරණා නෙමෙයි.

මං කියන්න යන කතාවට එච්චර අදාල නොවුණත් මේ කතාවෙ මට දැණුන ආතල්ජනක තැන් ටිකක් සටහන් කරගෙනම යන්නං. උඩින් කියපු රජ කතාවක් ජනප‍්‍රිය වීමේ ලා ඇති කොන්දේසි ටික ඇරුණම සෝමරත්න චිත‍්‍රපටියෙ දුවන අංශයේ ආයෝජනය තනිකරම කරලා තියෙන්නෙ පොඩි දරුවාගෙ චරිතය හරහා. මධ්‍යම පාංතික, ඉන්ටර්නැෂනල් ස්කූල් පන්නයේ දරුවන්ට ලාංකේය පොදු ජනතාවගේ තියෙන ඇඞ්වර්ටයිසින් ආකර්ශනය සෝමරත්න මෙතනදි පාවිච්චි කරනවා. පරාක‍්‍රමබාහු රජ වාසලේ හැදෙද්දිත් අපේ රටේ රජ පවුල් වල දරුවො වගේ තමයි කියුට් කියන අදහසින් (හුරතල් නෙමෙයි කියුට්). ඒ ළමයා බැරි බැරි ගානෙ දෙබස් කියන කොට, නුහුරු ඉරියව් වලින් කතා කරන කොට  ඕඩියන්ස් එකට පැරකුම්බා අමතක වෙනවා. ‘අනේ........’ කියල හිතෙනවා.

ඒ ඇරුණම චිත‍්‍රපටියෙ සිංදු ටික. ‘රට රැුකුනේ උඹ හින්දයි අම්බරුවෝ’ කියද්දි මට ඇත්තටම හිනා ගියා. මීට ටික කාලෙකට ඉස්සර රට රැුකුනේ රණ විරුවෝ හින්ද කිව්වට දැන් අපි කියන්නෙ රට රකින්නෙ හරක් කියල. සිංහල බෞද්ද හරක් මස් විරෝධයත් එක්ක පැරකුම්බා නියම දත් බෙහෙත. ඒත් ගායනය, සංගීතය අතින් ඒ සිංදු චිත‍්‍රපටියට ලොකු එලියක් දෙනවා. ඇත්තටම මට හිතුනෙ ෆිල්ම් එකේ අගය කළ යුතු එකම තැනක් විදිහට තිබුණෙ ඒ ගීත කීපය කියල. (වචන සහ අදහස් වලට මං එක`ග නොවුණත් නිමාව සහ සෞන්දර්යය අතින් හොඳ වෙහෙසක් එතන තිබුණ)

චිත‍්‍රපටිය ඇතුලෙ සෝමරත්න අතීතෙ ඉඳන් එන හාමුදුරුවරුන්ගේ බිහිසුණු බව එලිපිටම කියනවා. ඒක ඇත්තටම වෙන කවුරු හරි කළා නම් චිත‍්‍රපටිය තහනම් වෙන්නත් තිබුණ. එහෙම නැත්තං ලංකාවෙ බුද්ධ ශාසනය හැමදාම මිනීමරන තරම් ප‍්‍රචණ්ඩයි කියන එක මේ වෙද්දි අභිමානයක් වෙලා වෙන්නත් පුළුවන්. සංඝරක්ඛිත කිසිම පැකිලීමක් නැතුව පරාක‍්‍රමබාහුට රජකම දීම වෙනුවෙන් ඒ වෙද්දි රජකම් කරන එයාගෙ සොයුරා සැලසුම් සහගතව මරා දානවා. හාමුදුරුවරු පිරිසක් රැුස්වෙලා පිරිත් කියන අතරෙ අට්ටාලය ගලෙන් පහලට තල්ලූ කරන්න උපදෙස් දෙනවා. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි. ඒ රජාගේ මව සිංහල බෞද්ධ නොවීම නිසා විතරයි. (මේ මරා දාන රජු පස්සෙ ගලේ බණ්ඩාර යකා වෙලා ගම් බිම් වනසන්න ගන්නවා (ගිල්ටිය). ඊට පස්සෙ ගලේ බණ්ඩාර දෙවියො කියල අදහන්න ගන්නෙ එයාව. මේ ගලේ බණ්ඩාර දෙවියන්ට සිංහල වගේම මුස්ලිම් මිනිස්සුත් පුද පූජා කරනවා. එක ගලේ බණ්ඩාර දේවාලෙක වතාවත් ඔක්කොම කරන්නෙත් මුස්ලිම් කපුවො) ඒ තරම් දැන උගත් සංඝනායක හිමිවරුන් පවා සිංහල බෞද්ධ නොවීමේ වරදට රජු වුණත් මරා දැමූ වග සෝමරත්න ලොකු තිරේ උඩ කියනවා (පිරිත් කියමින්ම ඒ අසන්නට ආ රජාව ඇතුගලෙන් පහළට තල්ලූ කර මරා දැමීම කොයිතරම් සාහසිකද?)  කළුන්දෑවේ ගමේ පන්සලේ හාමුදුරුවො පවා තමනුත් හොඳ චණ්ඩියෙක් වග කියන්නේ කිසිඳු හිරිකිතයකින් නෙමෙයි. එක්කෝ බුදු දහම කියල මේ ලංකාවට ඇවිත් තියෙන්නෙ සිවුර විතරක්ද කොහෙද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා හෝ අවිහිංසාව, දැමුණු ඉඳුරන් ඇති බව, නුවණින් අවබෝධය වගේ බෞද්ධ දර්ශනයෙ කිසිවක් පැරකුම්බා කාලෙ ඉඳන්වත් තිබිලා නැති වගට සෝමරත්න සාක්කි කියනවා.

විජයබාගේ (පැරකුම්බාගේ තාත්තාගෙ) අන්තපුරය දැක්කම සසර කළකිරෙනවා. රජෙක් වුණත් අනේ පව් කියල හිතෙනවා. අඩු තරමෙන් මේ අන්තපුර මහේෂිකාවන්ගේ අලංකාරය පවත්වාගන්න තරම් වත් මුදලක් වියදම් කරන්න සෝමරත්න මැළි වෙලා වග පැහැදිලියි. ඒ වගේ විස්තර වෙනුවෙන් කිසි වියදමක් නොකරන්න තරම් බඩ තද කරගෙන ෆිල්ම් එක කළ වගට රූප රාමුවෙන් රාමුව දුප්පත්කම සාක්කි කියනවා. ආර්ට් ඩිරෙක්ෂන් (කලා අධ්‍යක්‍ෂණය) වෙසක් නාට්ටියක් ගානයි. සෙනෙවියාගෙ අතේ තියෙන කඩුවත් ඇලූමිනියම් කෑල්ලක්. රැුවුල් කොණ්ඩ දැක්කම හිනා යනවා (විජයබාගේ රැුවුල මාර ෆනී) මට හිතුනෙ අඩු තරමෙ ‘ග්ලැඩියේටර්’  ඕන නෑ අශෝක් තරම් වත් චිත‍්‍රපටියක් බැලූවා නම් මේ ගැන ලැජ්ජ හිතෙනවා. කොටින්ම පේ‍්‍රක්‍ෂාගාරෙ ඉඳන් මගේ හිරිගඩු පිපුණා සමහර තැන් වල අඳබාලකම් පෙනෙද්දි.
කොයිතරම් නිෂ්පාදනයේ අඩුපාඩු තිබුණත් චිත‍්‍රපටියෙ අරටුවෙ, නිර්මාණශීලීත්වයෙ දියුණුවක් පේනවා නම් කෘතියක් අගය වෙන්න  ඕන කියලයි මගේ අදහස. ඒත් මේ චිත‍්‍රපටියෙ කෘතියක් විදිහටත් පේන්න තියෙන්නෙ නැවත නැවත දුප්පත්කම නම්, නොගැඹුරු, පේ‍්‍රක්‍ෂක වින්දනය අවතක්සේරු කරන  වංචාවක් නම් එතනදි ඒ නිර්මාපකයා දෙස දෙපාරක් හැරිලා බලන්න වෙනවා.

දැන් මං මේ ලියමන පටන් ගන්න හේතු වුණු කතාවට එන්නම්. ඇත්තටම සෝමරත්න මොනවද කරන්නෙ කියන කාරණයට වඩා වැදගත් වෙන්නෙ මේ තේරුම් ගැනීම. රජකතාවක් මේ කාලෙ කරන්න තෝර ගන්න මූලික හේතුව වෙන්නෙම වාණිජ අරමුණක්. විශේෂයෙන් දන්න කතාවක් හින්ද විශේෂ දක්ෂතාවයක් නැතුවත් කතාව කියාගෙන යන්න පුළුවන්. මිනිස්සු ඔලූවෙන් කරුණු සම්පූර්ණ කර ගන්නවා. සෝමරත්නගේ මේ මෙගා ටෙලියක් වගේ එපික් එකේ අදහස ඒකයි. අපි ඔලූවෙන් විශාල කරගෙන නරඹන්න  ඕන. කතාවෙ කොයි විදිහක අඩුපාඩු තිබුණත් මිනිස්සුන්ට කතාව තේරෙනවා. වෙසක් නාට්‍යයක් ලියා ගන්න තරමේ හැකියාවක් තිබ්බ නම් ඇති. රජ වාසලෙන් පැනලා ආපු දවසෙ ඉඳන් කෙල්ලො දෙන්නෙක් එක්ක පීල්ලෙන් නාන එකට වඩා දෙයක් නොකරපු පැණි පැරකුම්බා වීරයෙක් වෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලූ ඇතුලෙ මිසක් චිත‍්‍රපටියෙ නෙමෙයි. කඩුව වන වන සටන් කළාට වීරත්වය පළවෙන එකඳු ඉරියව්වක්වත් (ඇ`ග විතරයි* මේ චරිතෙන් ප‍්‍රකට වෙන්නෙ නෑ. ඒ වෙනුවට න`ගා දැක්ක ගමන් අඩවන් නෙතින් ලාංකේය සෙවල පෙරීමේ උරුමය විතරක් සහතික කරනවා. කෙටියෙන් කිව්වොත් චිත‍්‍රපටියෙ මං දැක්කෙ දෙවෙනි පැරකුම්බා නෙමෙයි සෙවළ පැරකුම්බා කෙනෙක්.

ආයිමත් කතාවෙන් පිට පැන්නා. ඒකට හේතුවම මේ චිත‍්‍රපටිය විතරක් නෙමෙයි මේ වර්ගයේ චිත‍්‍රපටි ධාරාව විසින්ම කරන ලැජ්ජා හිතෙන පික්පොකට් ගැහීම ගැන තරහ. සහ ඒක කර්මාන්තමය දියුණුවක් විදිහට පෙන්නන්න ක්‍ෂේත‍්‍රයේ අයම නැවෙන නැවිල්ල.

‘මොනා වුණත් මචං, ඌ ලංකාවෙ මිනිස්සුන්ට  ඕන දේ දන්නවා. බලපං කෝටි විස්සෙන් එහා දුවන්නෙ නැද්ද කියල’
‘මචං මොනවා වුණත් හෝල් වලට මිනිස්සු එනවනෙ. මුං ඒ ටිකවත් නොකළා නම් සිනමාව ඉවරයි’

මේ මගේ යාලූවො සමහරක් මට කියපු අදහස්. ඒත් මගේ කතාව වෙනස්. සිනමාවට මිනිස්සු ගෙන්න ගන්න නං  ඕන තරම් ක‍්‍රම තියෙනවා. මෙගා ටෙලියක් පැය තුනකට කපලා ගැහුවත් මිනිස්සු ආයිමත් බලන්න පිරෙනවා. ඒත් අපි මේ සමාජය දක්කන්නෙ කොහාටද කියන එකයි ගැටළුව. හෝල් වලට මිනිස්සු පුරවන්නද සිනමාවට මිනිස්සු හුරු කරන්නද  ඕන කියන එකයි හිතන්න වෙන්නෙ. මේ දෙක පැහැදිලිවම දෙකක්.
මං සිනමාව කියන්නෙ සම්භාව්‍ය, ආත්ම කථන, සම්මානලාභී සිනමාව නෙමෙයි. මාධ්‍යයක් වශයෙන් දැනුමක් වශයෙන් ගොඩනැගුණු විෂයක් සහිත, සිතීමක් සහිත, කලාවක් සහිත සිනමාවට. ටෙලි නාට්‍යයක් ලොකු තිරයක පෙන්නුවාට ඒක සිනමාවක් නොවෙන්නෙ ඒකයි (ද`ඩුබස්නාමානය, වෙද හාමිනේ වැනි ටෙලි නාට්‍ය නෙමෙයි. ටෙලි නාට්‍ය කියල ඒ කාලෙ අපේ අය කළේ චිත‍්‍රපටි)  අපේ රටේ මිනිස්සු ඉල්ලන්නෙ මේක කියන එක තමයි මේ කාලෙ අපි අහන නරුමම කතාව.

පත්තරේ මිනීමැරුම් පිටුව ලියන අයගෙන් ඇහුවත් කියන්නෙ මේ උත්තරේ. මෙගා ටෙලි කරන උන්ගෙන් ඇහුවත් කියන්නෙ මේ උත්තරේ. සිනමාව කියල එකක් කරන අයගෙන් ඇහුවත් කියන්නෙ එකම උත්තරේ. මේක කුඩු විකුණනවා වගේ වැඩක්

දීප්ති කුමාර ගුණරත්න මෑත ඉන්ටවිව් එකකදි කිව්වා, ‘ මිනිස්සු හිරිවැටිලා ඉන්නෙ. මත්ද්‍රව්‍යයකින් වගේ නිර්වින්දනය වෙලා’. මේකයි ඇත්ත. සියලූ මාධ්‍ය එක විදිහට දෙකයි පණහෙ රසයක් නිෂ්පාදනය කරන්න තීරණය කරලා. තමන්ගේ මාධ්‍ය වෙතින් නැවත පරාරෝපණය වෙන සමාජය ගැන කිසි අදහසක් නැතුව. වගකීමක් නැතුව. මේක සදාචාරය අතින් විතරක් නෙමෙයි කර්මාන්තමය අතිනුත් සිද්ද වෙන පිරිහීමක්. තාවකාලික ලාභයක් හැටියට පෙණුනත් මේ ගමන හු`ගක් කෙටියි. මේක පික් පොකට් ආර්ට් එකක් මිස වෙන ආර්ට් එකක් නෙමෙයි.

පත්තරවල මිනීමැරුම් පිටුව කියවලා රට හැම තැනම පෝලිමට එක විදිහට මිනී මරනවා. කොල්ලො කෙල්ලො ලව් කරන්නෙ මෙගා ටෙලි දෙබස් කිය කිය. බොබසෙ ටීවී එකේ කියන එක ඒ විදිහටම ගමේ හාමුදුරුවොත් සිවුර උඩ දාලා කියනවා. බොබසෙ නෝ ලිමිට් එක වට කරන කොට ගමේ එවුන් පල්ලිය ඉස්සරහ සඳකඩ පහන ගලවනවා. මේ අපේ මාධ්‍ය සමාජය. මං කියන්නෙ මහින්ද රාජපක්‍ෂ විසින් පසක් කර දුන් වැදගත්ම කාරණය ඒක. මේක ඇත්ත සමාජයක් නෙමෙයි.  අපි මාධ්‍ය වල දකින්නෙ ඇත්ත සමාජ උවමනාව නෙමෙයි. ඒක සමාජ උවමනාව විදිහට විකුණන්න හදන වෙළෙන්දො විතරයි.

ආයිමත් කියන්නෙ, මේක රජකතා වලින් චිත‍්‍රපටි හදන එක බාලයි වගේ අදහසක් නෙමෙයි. පරාක‍්‍රමබාහු ගැන සෝමරත්නගෙ ෆිල්ම් එකයි පරකුම්බා කතාවෙන්ම සන්තෝෂ් සිවන් ගේ අසෝක වගේ ෆිල්ම් එකකුයි නිෂ්පාදනය වුනොත් මිනිස්සු සන්තෝෂ් සිවන්ගෙ ෆිල්ම් එක (ඒ නිර්මාණශීලී ගුණය) නොබලා සෝමරත්නගේ ෆිල්ම් එක බලයිද? මේක වෙන කිසි දෙයක් නෙමෙයි ලැජ්ජාවක් නැති වංචාව. මේ කාලෙ බුදු දහම කියන්නෙ ප‍්‍රචණ්ඩත්වයට වගේ කලාව කියන්නෙ වංචාවට.
දීප්ති අර ඉන්ටවිව් එකේ තව ලස්සන කතාවක් කියනවා.

‘දැන් තියෙන විදිහ තමයි ලැජ්ජාවක් නැතුව  ඕන දෙයක් කරන්න පුළුවන්. කරලා ඇවිත් ලැජ්ජ නැතුව මිනිස්සු ඉස්සරහ හිටගෙන ඉන්නවා. බලන් ඉන්න අයට ලැජ්ජ හිතෙනවා.’
සිරි පැරකුම් බලලා මට වුණෙත් ඒ ටික.

-චින්තන ධර්මදාස

Monday, June 24, 2013

බොලිවුඞ් වැහුවට පස්සෙ - කාන් දැන් වෙනස්

බම්බලපිටියෙ බොලිවුඞ් එක වහල දාලා. කිසි කෙනෙකුට ගානක් තිබුණෙ නෑ. කවදාවත් ඞීවීඞී ෂොප් වලට එන්නෙ නැති යුරෝපියානු, ඉන්දියානු විකල්ප චිත‍්‍රපටි හොයාගන්න කොළඹ තිබ්බ එකම තැන ඒක. (ලංකාවෙ වෙන කොහෙවත් එහෙම තැනක් තියෙනවා කියන එක නෙමෙයි) බුද්ධිමය දේපොල හරි වෙන මොකක් හරි හින්ද ඒ කඬේ වහලා දාන්න ඒ මුස්ලිම් මනුස්සයට සිද්ද වෙන්න ඇති. ඒත් ලංකාවෙ සිනමාව ඉගෙන ගන්න උන්ට මොනම සිනමා පාසැලකටත් වඩා අධ්‍යාපනයක් දුන්නෙ මේ බොලිවුඞ් එකෙන්. අපි නමක් කිව්වොත් ඒ චිත‍්‍රපටිය ඩවුන්ලෝඞ් කරලා හරි ඞීවීඞී එකකට ගහලා දෙන කැපවීමක් බොලිවුඞ් එකට තිබුණ. තමන් විකුණන්නෙ වෙනස් විදිහක චිත‍්‍රපටි වෙනස් විදිහක මාර්කට් එකකට කියන දැනීමක් තිබුණ. ලංකාවෙ ලොක ලොකු සිනමාකාරයො, කලාකාරයො, පත්තරකාරයො බොලිවුඞ් එකෙන් ෆිල්ම් තෝරනවා මං දැකලා තියෙනවා. ඒත් බොලිවුඞ් එක වහලා දැම්මම එතනින් නවතින ඒ දැනුම් හුවමාරුව (මේ චිත‍්‍රපටි වෙන කිසි ඞීවීඞී කඬේකින් ගෙන්නන්නෙ නෑ) ගැන කිසි හැ`ගීමක් ඒ කිසි කෙනෙකුට තිබුණෙ නෑ.

‘ටොරන්ට් වලින් ඩවුන්ලෝඞ් කරගන්න පුළුවන්නෙ’
මේක සරල උත්තරයක් වෙන්න පුළුවන්. ඒත් ලංකාවෙ ඉන්ටර්නෙට් වල වේගය සහ ඉන්ටර්නෙට් තියෙන ජනතාව එක්ක හිතලා බැලූවොත් ඒක ප‍්‍රායෝගික උත්තරයක් වෙන්නෙ නෑ. අපිට විතරක් නෙමෙයි වෙන අය වෙනුවෙන් ඩවුන්ලෝඞ් කරපු චිත‍්‍රපටත් අපිට ඒ රාක්ක මැද්දෙ මුණගැහෙනවා. අපි නොදැන හිටපු විශිෂ්ට චිත‍්‍රපටි එක්ක අපි අහම්බෙන් හැප්පෙනවා. ඒක පුස්තකාලයක්.

ඒත් ඒක බිස්නස් එකකින් එහා වටිනාකමකින් තේරුම්ගන්න කාටවත් උවමනාවක් තිබ්බෙ නෑ. ඒ මුස්ලිම් මුදලාලිට ඒකට සමාජ-දේශපාලන තේරුම් දෙන්න  ඕනකමක් තිබුණෙත් නෑ. ඒ හිඩැස පියවන විදිහක් ගැන, අඩුම තරමෙ සාමාජිකයන්ට පමණක් සීමා වුණු වෙනස් චිත‍්‍රපට පුස්තකාලයක් ගැනවත් (ලොකු බිල්ඩින් නෙමෙයි පොඩි කාමරයක් වත්) මැදිහත් වෙන්න තරම් දැනුවත් සිනමා කට්ටියක් අපිට නෑ. රටේ වෙනත් සෝඩා බෝතල් දේශපාලනයන් වෙනුවෙන් ගුටිකාගෙන මඩ නාගෙන  මැදිහත් වෙන ඒ කලා මාධ්‍ය ප‍්‍රබුද්ධයන්ට බොලිවුඞ් එකේ මෙහෙවර තේරුම් ගැනීමේ උවමනාවක් වත් පළලක් වත් නොතිබුණු එක රටේ අවාසනාව.

ජෆර් පනාහි මං මුලින්ම අඳුරගත්තෙ බොලිවුඞ් එකෙන්. ඒ වයිට් බැලූන් ෆිල්ම් එකත් එක්ක. මට කොහෙත්ම අල්ලලා ගිය අධ්‍යක්‍ෂවරයෙක් නෙමෙයි. කොහොමත් ඒ ඉරාන නව රැුල්ල මට කවදත් පෙණුනෙ බොළඳ විදිහට. සම්භාව්‍ය විදිහට ඉරාන පීඩනය ගැන කියන්න යන ඒ හැම කතාවකම මට ඉරානියානු නොවෙන බොරුවක් දැනෙන්න ගත්තා. විශේෂයෙන්ම මජීඩි මජීඞී, ජෆර් පනාහි වගේ අයගෙ ළමයි පාවිච්චි කරලා ඉමෝෂනල් වෙන්න යන එක මට පෙණුනෙ වංචාවක් විදිහට.

වෙන්න  ඕන විදිහටම පනාහි යුරෝපියානු සිනමා උළෙල වල හුරතලෙක් වුණා. අනිත් පැත්තෙන් බලාපොරොත්තු විය යුතු විදිහටම ඉරානයට විරුද්ධ ජනමතයක් ලෝකයට ගෙන යාමේ වරදට පනාහි සිරගත කළා. ඒක අවුරුදු 6ක සිර ද`ඩුවමක් සහ අවුරුදු 20ක පිටපත් ලිවීමේ තහනමක්. මට හැම තිස්සෙම හිතෙන දෙයක් තමයි මේ චිත‍්‍රපටකරුවන් ලෝකයේ පිළිගැනීමට ලක්වීම වෙනුවෙන් ඉරාන රජයට ගරුත්වයෙන් වැඩි කොටසක් හිමි වෙන්න  ඕන කියන එක. ඒ තහංචිය නිසාම ප‍්‍රකාශනයන්ට ලැබෙන අවධානය සුවිශේෂී වෙනවා විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් ප‍්‍රකාශන හැකියාවන්ද තීව්ර වෙනවා.
පනාහි මේ වෙද්දි ඉන්නෙ නිවාස අඩස්සියෙ. එයාගෙ ද`ඩුවමට දාපු ඇපීල් එකේ ප‍්‍රතිඵල එනකල් බලාගෙන. මේ අතරෙ ද`ඩුවම් නීති සීමා ඇතුලෙන් එයා තව චිත‍්‍රපටියක් හදනවා. ඒකෙ නම ‘දිස් ඉස් නොට් අ ෆිල්ම්’ (මේක චිත‍්‍රපටියක් නොවේ)

‘අපිට චිත‍්‍රපටියක් කියන්න පුළුවන් නම් ඇයි අපි චිත‍්‍රපටියක් හදන්නෙ’ ජෆර් පනාහි අහන ප‍්‍රශ්නෙ ඒක.
මේ චිත‍්‍රපටියට පිටපතක් නෑ. ඒක චිත‍්‍රපටියක් නෙමෙයි. පනාහි කරන්නෙ තමන්ගෙ කතාව කැමරාවට කියන එක. තමන්ගෙ ජීවිතේ පටිගත කරන්න එයාට නීතියෙන් තහනමක් නෑ.

එයා එයාව ෂූට් කරනවා. මගදි තව යාලූවෙක් එකතු කර ගන්නවා. මේ අතරෙ සාම්ප‍්‍රදායික ඉරාන සිනමා උළෙලක උත්සව සද්දෙ අතරෙ ඇහෙන වෙඩි හ`ඩක් හින්ද පනාහි කලබල වෙනවා. එයා වහාම ප්‍රොජෙක්ට් එක නවත්තලා ටීවී එක දානවා. ජපානෙ සුනාමියක් ගැන ප‍්‍රවෘත්තියකට පස්සෙ කියවෙන්නෙ ඉරාන රජය ඒ සිනමා උළෙල සම්බන්ද සියලූ උත්සව තහනම් කරපු ප‍්‍රවෘත්තිය.

පනාහි ඊට පස්සෙ තමන්ගෙ ගෙදර කුණු එකතු කරන්න එන කොල්ලව වීඩියෝ කරනවා. ලිෆ්ට් එකක් ඇතුලෙ ඉඳගෙන ඒ කොල්ලගෙ අනාගත බලාපොරොත්තු ගැන එයා කතා කරනවා. ෆිල්ම් එක ඉවර වෙන්නෙ කොල්ලා එකතු කර ගත්ත කුණු ටික එලියට දාන්න ලිෆ්ට් එකේ දොර අරින තැනින්.
මේ චිත‍්‍රපටිය ෆ්ලෑෂ් ඩ‍්‍රයිව් එකක බර්ත් ඬේ කේක් එකක් ඇතුලෙ හංගලා පනාහි ඉරානෙන් පිටමං කරනවා. 2011 කාන් චිත‍්‍රපට උළෙලේ සහ නිව්යෝර්ක් චිත‍්‍රපට උළෙලේ විශේෂ ගෞරව සහිතව මේක ප‍්‍රදර්ශනය වෙනවා. ඇකඩමි අවෝර්ඞ්ස් වල හොඳම වාර්තා- ප‍්‍රබන්ධ චිත‍්‍රපටි 15 අතරට ෂෝර්ට් ලිස්ට් වෙනවා.
මේ චිත‍්‍රපටිය චිත‍්‍රපටි ගැන තියෙන වටහා ගැනීම එහෙම්පිටින්ම වෙනස් කරනවා. මං මේකට කියන්නෙ සිනමාව වෙනස් කරනවා කියල. පනාහි තමන්ගේ චිත‍්‍රපටියේ තමන් දකින නමුත් ෂූට් කරන්න බැරි දර්ශන පිටපතක් විදිහට කැමරාවට කියවනවා. ආණ්ඩුවේ මර්දනය ජනෙල් වලින් එලියෙ තියෙද්දි එයා මේ කරන්නෙ ලේයර්ඞ් (තල ගණනාවක කියවීමක් ඇති) වැඩක්. තහනම ඇතුලෙ තමන්ගෙ නිර්මාණශීලීත්වය ඉවර වෙයිද, ඒ රූප දැකීම නතර වෙයිද කියන බයෙන් ගැලවෙන්නයි පනාහි තමන්ට කැමරාව හරවන්නෙ. තමන්ම නළුවෙක් වෙන, පිටපතක් අහිමි තමන්ගේ ජීවිතය දිහාවට පනාහි හරවන කැමරාව ආර්ට් කැමරාවක් නෙමෙයි. නළුවන් නැති, පිටපත් නැති, කලා අධ්‍යක්‍ෂණ හෝ කැමරා අධ්‍යක්‍ෂණ නැති, සංස්කරණ ප‍්‍රයෝග නැති නිරුවත් සිනමාවක් එයා යෝජනා කරනවා. ඉරාන රජය ගැන සහ ඒ මර්දනයෙන් තව තවත් පන්නරය ලද පනාහි ගැන මට ඇති වුනේ ගෞරව පූර්වක හැ`ගීමක්.

2013 කාන් චිත‍්‍රපටි උළෙල මැයි මාසෙ තිබුණ. මේ පාර ප‍්‍රධාන තරගකාරී අංශයේ ජූරියෙ ලොක්කා වුණේ ස්ටීවන් ස්පීල්බර්ග්. කාන් සිනමා උළෙලේ චිත‍්‍රපටි තෝරන්න ස්පීල්බර්ග්ව කැඳවීම මට හිනා යන තත්වයක්. ඒ මදිවට නිකොලි කිඞ්මනුත් ජූරියෙ හිටියා. ඒත් අන්සර්ට්න් රිගාර්ඞ් සෙක්ෂන් එකේ නම් ඩොග්මෙ සිනමාව හඳුන්වාදීපු තෝමස් වින්ටර්බර්ග් ප‍්‍රධානත්වය ගත්තා. පාම් දෝ ගත්තෙ ‘බ්ලූ ඊස් ද වෝමස්ට් කලර්’ කියන ප‍්‍රංශ ලෙස්බියන් ෆිල්ම් එක. මේ තෝරා ගැනීමත් එක්ක ආයිමත් කාන් සම්මාන දෘෂ්ටිය වෙනසකට ලක් වෙනවද කියල මට හිතුන.

මේ වෙලාවෙ ප‍්‍රංසෙ සමලිංගික විවාහ වලට විරුද්ධව සාම්ප‍්‍රදායික කතෝලික පිරිස් සැරට එලියට බහින වෙලාව. ඒ අතරෙ ටියුනීසියානු ප‍්‍රංශ අධ්‍යක්‍ෂවරයෙක් වුණු ඇඩෙලයිෆ් කෙචිචෙ (උච්චාරණය වැරදි විය හැකියි* තමන්ගෙ ආන්දෝලනාත්මක සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අතිශය දේශපාලනික කෘතිය එලියට දානවා. මෙච්චර කාලයක් හිරි වැටුණු අපිචත්පොන්ග්, සායි මින්ග් ලියෑන් වගේ නතර වුණු රූප වලින් සිනමාව කියවපු කාන් සම්මාන දෘෂ්ටිය මේ පාර කෙචිචෙ ගේ කෘතිය උඩට උස්සනවා. ඒක එසේ මෙසේ ඉස්සිල්ලක් නෙමෙයි. පාම්දෝ එක දෙකට බෙදලා කාන් සම්මාන ඉතිහාසයේ පළවෙනි වතාවට නිළියන් දෙදෙනාටත් පාම්දෝ දෙනවා.

කෙචිචේගෙ සම්ප‍්‍රදාය මෙතෙක් කාන්වලට හුරුපුරුදු ජීවිතය දිහා දුර ඉඳන් බලා ඉන්න පරාරෝපණය තේමාව කර ගත් බෝරිං සිනමා සම්ප‍්‍රදාය නෙමෙයි. සක‍්‍රීයව සමානව චරිත එක්ක ගැටෙන හුස්මෙහි වේගයට කැමරාව මෙහෙයවෙන අරගලකාරී සම්ප‍්‍රදායක්. පළවෙනි වතාවට ග‍්‍රැෆික් නවල් එකකින් අනුවර්තනය කළ සිනමා කෘතියකට කාන් සම්මාන ලැබෙන්නෙත් මේ වතාවෙදි.
කෙචිචෙ තමන්ගේ සම්මාන ගෞරවයෙන් යුතුව ප‍්‍රංශ තාරුණ්‍යය වෙනුවෙන් සහ ටියුනීසියාවේ අරගලය වෙනුවෙන් කැප කරනවා.

‘ඒ අයට නිදහස් වීමේ අධිෂ්ඨානය තියෙනවා. ඔවුන්ව, ඔවුන්ගේ ආදරය නිදහසේ ප‍්‍රකාශ කරන්න උවමනාව තියෙනවා’ කෙචිචෙ කියනවා.

‘මගේ රූප අතිශය ස්වභාවික වීම වැදගත්. සිනමාව නිසා අනිවාර්ය නිර්මාණකරනයක් තිබුණා වුනත් ඒක පුළුවන් තරම් අවම වෙන්නයි  ඕන. චරිතෙ ඇතුලෙ තියෙන ඇත්තට අපිට කොයි තරම් ලං වෙන්න පුළුවන්ද කියන එකයි කාරණය. චරිත ර`ගපාන එකෙන් අයින් වෙන්න  ඕන. තමන් ර`ගපාන බව දන්න අතරෙම’
තමන්ගෙ සිනමාවෙ වෙනස ඔහු කියනවා. ‘චිත‍්‍රපටිය ඉවර වුණු ගමන් මං දැන ගත්තා මේක ටියුනීසියානු තාරුණ්‍යයට යම් හොඳක් කරනවා කියල. කිසි විප්ලවයක් සාර්ථක වෙන්නෙ නෑ ඒක ලිංගික විප්ලවයක් හැටියට ජයගන්න කල්’

ඈත ඉඳන් බලන් ඉන්න සාංදෘෂ්ටික සිනමාව වෙනුවට අරගලය සහ සංස්කෘතිය දේශපාලනය වෙනුවෙන් මැදිහත් වෙන ඇ`ග රිදෙන සිනමාව ආයිමත් කාන් වලට ඇවිත්. මං කියන මේ නිමිත්ත ඇත්තක් වුනොත් අන්තර්ජාතික සම්මාන වෙනුවෙන් හදන ලංකාවෙ අච්චු චිත‍්‍රපටි වලත් ආඛ්‍යානය වෙනස් වෙන්න වෙනවා. එතකොට දෙබස් නොකියා බලන් ඉන්න සම්භාව්‍ය ර`ගපෑම්, ඔහේ තියාගෙන ඉන්න රූප රාමු, යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ ප‍්‍රශ්න උත්තර....මේ ආකෘතිය කඩන් වැටෙනවා.

කතාවක් කියන්න  ඕන. ඒක බලන් ඉන්න මිනිස්සු සජීවීව මැදිහත් කරන කතාවක් වෙන්න  ඕන. දාර්ශනික බැලූම් වලින් උඩයන්න අමාරු වෙන්නයි යන්නෙ..

මේ මට මේ පාර කාන් පෙනිච්ච හැටි.

-චින්තන ධර්මදාස

Sunday, June 16, 2013

හරකා ලකුණද? මිනිස් ලකුණද?

ඉස්තෙපාන් අපේ ඔෆිස් එකෙන් අයින් වෙලා ගියා. ‘ඉස්තෙපාන් ගැන ලියන්න  ඕන’ මං හිතුවා. ඒත් කවුද කියවන්න කැමති කවුරුවත් නොවුණු කෙනෙක් ගැන විස්තර? කවුරුවත් නොකියෙව්වට කමක් නෑ. හු`ගක් කලාතුරකින් මුණගැහෙන හිතන්න පුළුවන් එකෙක් ගැන ලියන එකමත් ස්වයං වින්දනයක් වගේ ඉන්ස්පයරින්.

ඌ මට ගොඩක් අලූත් දේවල් මුණගස්සපු යාලූවෙක්. ජේසන් සිල්වා, ගොස්වාමි, ජෝ රෝගන් වගේ හාදයන් වගේම ඇනිමි කාටූන්, මික්ස් මාර්ෂල් ආර්ට්ස් වගේ තවත් අලූත් විෂය පථයන් ගොඩක් ඉස්තෙපාන් කතාවට ගත්තා.

‘මචං ලෝකෙ ශිෂ්ටත්වෙ දියුණුවත් එක්ක මිනිස්සු මෘදු වෙන එක සංවේදී වෙන එක භයානකයි. හැම තිස්සෙම ඉතිහාසෙ වෙලා තියෙන්නෙ ඒ විදිහෙ සංවේදී සීමාවකට ආවට පස්සෙ  ප‍්‍රචන්ඩ රළු ශිෂ්ටත්වයෙන් අඩු කණ්ඩායමක් ඒ වඩා ශිෂ්ට අයව යටත් කර ගන්න එක’ ඉස්තෙපාන් කරුණු සහිතව කියන්න ගත්ත එක කතාවක් ඒක.

‘මට මගේ කියල සංස්කෘතියක්වත් රටක්වත් නෑ මචං. මං ඉපදිච්ච රටේ මං ඉඳලා තියෙන්නෙ මට තේරෙන්නෙ නැති කාලෙ විතරයි. ඊට පස්සෙ ඔස්ටේ‍්‍රලියාව, ඇමරිකාව හැම තැනම මට ජීවත් වෙන්න වුණා. මචං ඒ හැම රටකම මං පිටස්තරයෙක්. මං උන් නෙමෙයි. මං උඹලා නෙමෙයි. ඒක මාර අවුලක්’

ඇමරිකානු සුපිරි වීරත්වය ගැන හරිම විස්තරාත්මක කතාවක් ඉස්තෙපාන්ට තිබුණ. කොමික් බුක්ස්, වීඩියෝ ගේම් හරහා පරිණත වුණු තෙවෙනි සිතීමක් ඌට තිබුණ. ඒක ඩිජිටල් විදිහට මනුස්ස පැවැත්ම විස්තර කිරීමක් වගේ. කොහෙට හරි ඈඳුණු දෘෂ්ටිවාදයක් උඩ කතා කරගෙන යනවට වඩා ජීවිතය ඇතුල් පැත්තට ප‍්‍රශ්න කර කර යන්න පුළුවන් විදිහෙ ගැඹුරු සංවාද විනයක් ඌට තිබුණ. අවුරුදු විසි ගානකට ඌ පැහිලා වැඩියි හොඳටම.

‘ඇමරිකාවට මචං ඇතුලක් නෑ. එලියක් විතරයි තියෙන්නෙ. උඹ හිතුවට ඇමරිකාව නිදහස් කියල ඇමරිකාව තරම් කන්වෙන්ෂනල් රටක් වෙන නැතුව ඇති. ඔස්ටේ‍්‍රලියාව එහෙම ඇමරිකාවට වඩා ගොඩක් නිදහස්. කොටින්ම ඉන්ග්ලන්ඞ් වලටත් වඩා ඇමරිකාව ගතානුගතිකයි. ඒත් ලෝකෙ වෙන කොහේවත් කිසි දෙයක් සිද්ද වුණාට ඒක ලොකුවට කතා වෙන්නෙ නෑ.  ඕන ආර්ට් එකක් ලෝකෙ වෙන කොහෙන් හරි මතු වෙලා ඇමරිකාවට ගියාම විතරයි ඒක ලෝකෙ හැම තැනම හිට් එකක් වෙන්නෙ. ඒක උන්ගෙ මාර්කට් එක’

ඒ වුණත් ඒවා කියලා මං ඇමරිකාවට දෙන දීම නතර කරන්න ඌට බැරි වුණා. ඇන්ඩි වාර්හෝල් වගේ චරිත ඇමරිකාවෙන් විතරක් බිහිවෙන්නෙ ඇයි කියන එකට පිළිගත හැකි උත්තරයක් ඉස්තෙපාන්ට තිබුණෙත් නෑ. ඌට අනුව ‘සීරෝ ඩාර්ක් තර්ටි’ ෆිල්ම් එකේ මායා කියන්නෙ ඇමරිකාවෙ නව සුපිරි වීරත්වයේ මනස. තමන්ව හොයා ගන්න බැරි අවුලක් ඇතුලෙ සම්පූර්ණ පිටස්තර මෙහෙයුමක් වෙනුවෙන් ජීවත් වෙන එක. තමන්ට කොහෙත්ම අදාල නැති ඒ බාහිර වීර චාරිකාව යන එක. ඒ වීරත්වයෙන් නොපිරෙන තමන්ගේ තමන් සොයා ගැනීමට නොහැකි ඛේදවාචකය ජීවිතය කර ගන්න එක. පරාරෝපණය සහ සුපිරි වීරයා අතර හොලිවුඞ් සම්බන්ධය ඉස්තෙපාන් විස්තර කළා.

බොදු බල සේනාව ගැන ඌට තිබ්බ උනන්දුව මට තේරුං ගන්න බැරි වුණා. ඌට නොතේරෙන සංදර්භ ඇතුලෙ ඒ සිද්ද වෙන අවුල තේරුම් ගන්න ඌ ද`ග දැම්මා. ඉංගී‍්‍රසි මැද පංතියට එන ලෝකල් පොලිටික්ස් ගැන ළදරු වලිප්පු තත්වයක් කියලා මං වැඩිය නොහිත හිටියා.

‘මචං උඹ හිතුවට මේක තව දරුණු පැත්තට යන්න පුළුවන්. බොබසෙ ඉවර වෙයි. ඒත් බොබසෙ කියන මිනිස්සුන්ගෙ ඔලූ ඇතුලෙ තියෙන අදහස ඉවර වෙන්නෙ නෑ. ආයිත් කාලෙක වෙන කෙනෙක්  ඕක ඇදලා උන්ගෙ පොලිටික්ස් වලට පාවිච්චි කරනවා’

‘ඉතිං හැමදාම එහෙම තමයි. ඒක  ඕන කාලෙක කැම්පේන් කරන්න පුළුවන් අයිඩියා එකක්, ධර්මපාලගෙ කාලෙ ඉඳන් හෝද හෝද මඬේ දාන’ මං සමූහ දේශපාලනය ගැන මගේ තියෙන නොපැහැදීම පළ කලා.

‘ඒත් මචං උඹට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නං කරපං. මේ ඇති කරන්න හදන මුස්ලිම් සිංහල ප‍්‍රශ්නෙදි මොන විදිහකින් හරි උඹ උඹේ කොටස කරපං’

ඉස්තෙපාන් නැවත නැවත කිව්වා. ඊමේල් වලත් ලිව්වා. මං එච්චර ගානකට ගත්තෙ නෑ. ඒත් ඉස්තෙපාන් යන දවසෙ ආයිමත් ඊමේල් එකක් එව්වා. ඒකෙ ඌ පළවෙනි වතාවට ඌ ගැන ලියලා තිබුණ.

‘මගේ තාත්තා උඹේ වයසෙදි ඒ කියන්නෙ අපේ අම්මව කසාද බැඳලා මාව වඩාගෙන ඉන්න කාලෙදි සිංහල මිනිස්සු වගයක් මගේ තාත්තව මැරුවා. එයා පල්ලියෙ බේස්මන්ට් එකේ හැංගිලා හිටියෙ. දෙමළ වුණු එක ඇරෙන්න උන්ට තාත්තව මරන්න වෙන කිසි හේතුවක් තිබ්බෙ නෑ.

මට දැනෙනවා මචං අපි ආයිත් ඒ වගේ කාලෙකට යන්න හදනවා කියලා. ඒ ගමන වළක්වන්න උඹට පුළුවන් දෙයක් තියෙනවා නම් කරපං’

ඉස්තෙපාන්ගෙ හැම අමුත්තක්ම විස්තර කරන තනි ඉර මං කියෙව්වෙ එහෙම. උගේ පරාරෝපණයට මං කවදාවත් නොහිතපු විදිහක මුදුන් මුලක් තිබුණ.

ඉන්ෂල්ලා.

කෙටි කාලෙකට මුණගැහුණු දාර්ශනික යාලූවට ආයුබෝවන්

( ඉන්ෂල්ලා කියන්නෙ දෙවියන්ගෙ කැමැත්ත අනුව සිදුවේවා කියන එක. දෙයක් වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය කිරීමෙන් පස්සෙ තමන්ට සැපිරිය නොහැකි දහසකුත් කාරණා වෙනුවෙන් නිහතමානී භාර ගැනීම, දණ නැවීම කියන ආධ්‍යාත්මික අදහසෙන් ඉස්තෙපාන් ඒ වචනෙ පාවිච්චි කළා. ‘ඒක පට්ට මචං’ ඌ කිව්වෙ එහෙම.

වාසනාවකට හෝ අවාසනාවකට මේ ලියන කිසි දෙයක් කියවන්න ඌට බෑ. ඒක හින්ද පුද්ගල සම්බන්ධයක් ඇතුලෙ ලියවෙන ආදර ලියමනක සීමාවෙන් එලියට මේ ලියවිල්ල වැටේවි)

රාවණාගේ බාප්පද මල්ලිද කියල කෙනෙක් ෆේස් බුක් එකේ හරක් මරන එක ගැන අමුතු කතාවක් දාලා තිබුණ. කීප දවසකට කලින් මාරෙ අයියත් කතා කරලා මේ කතාවම මාත් එක්ක කිව්වා. මාරෙත් වැඩි කැමැත්තක් නෑ හරක් මරන එකට.

කතාවෙ සරල අදහස මේකයි.

‘අපි (පිරිමි) වෙන වෙන කොයි ගෑණු එක්ක නිදා ගත්තත් අපේ අම්මා එක්ක නිදා ගන්නෙ නෑනෙ. ඒ අපේ සංස්කෘතික සීමාව. දකුණු ආසියාවෙ විශේෂයෙන්ම අපේ වගේ රටවල මනුස්ස ශ‍්‍රමය අඩු කරන්න ඒ තරං දායක වුණු අපිත් එක්ක ළ`ග සම්බන්ධයක් හදා ගත්තු හරකා කියන සතා අපි මස් කරන්නෙ නෑ. ඒක හරියට අපි වෙන කවුරු එක්ක රමණයේ යෙදුනත් මව හා රමණය නොකරනු හා සමයි’

මටත් මේ ගැන උත්තරයක් නැති වුණා.  සිතීමේ උරුමය, චෛතසික උරුමය පැත්තෙන් ආපු අදහසක් හින්ද මට පොඩි වැදගත්කමකුත් පෙණුනා.

මං ඒ කතාව අපේ අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලගෙන් ඇහුවා. ඌ ඔලූව දෙපැත්තට වනලා පොඞ්ඩක් කල්පනා කරලා මගෙන් ආපිට ප‍්‍රශ්නයක් ඇහුවා.

‘අයියෙ, ඒ කතාවෙ පොඩි ප‍්‍රශ්නයක් තියෙනවනෙ’

‘අපි අපේ ගෙදර අම්මා එක්ක රමණය නොකරනවා ඇති. ඒත් අපි රමණය කරන අනිත් ගෑණු කියන්නෙත් කාගෙ හරි අම්මා කෙනෙක් සහෝදරියෙක් තමයිනෙ. ඒකෙ අපිට අවුලක් දැනෙන්නෙ නෑනෙ. ඒ වගේ ඉතිං ගෙදර හරකාව මරාගෙන නොකෑවට කමක් නෑ. වෙන කාගෙ හරි හරකෙක් මරාගෙන කන්න පුළුවන්’

හරක් මස් කන එක අශිෂ්ට නමුත් අනුන්ගේ  ගෑණු හොරකම් කරන එක ශිෂ්ට වුණු රාවණාගෙ නෑදෑයන්ගෙ කතාව එතනම හාන්සියි (රාවණා කියන්නෙ ගෑණු හොරෙක්). හරක් මස් කෑමෙන් මානසික බලපෑමක් දැනෙන අය ඒ මස් නොකා ඉන්න  ඕන. ඒක ගිල්ටියක්. පවක්. ඒත් ඒ පුද්ගලික ගිල්ටිය සදාචාරයකිනුත් එහාට අරගෙන ගිහින් නීතියක් තත්වෙට ගේන්න යනවා කියන්නෙ ටිකක් ‘ඔබ්සෙසිව්’ චර්යාවක්, ලෙඩක්. ඒක හරක් මරනවට වඩා අතිශය ප‍්‍රචන්ඩවාදී තැනකට සමාජය තල්ලූ කරන හරක් අදහසක්.

බුද්ධාගම ලංකාවට තෑග්ගක් විදිහට එවපු අශෝක රජු සෙල්ලිපියක ලියන්නෙ මෙහෙමයි.

 ‘ස්වකීය ලබ්ධියට පමණක් ගරු කරමින් අන්‍ය ලබ්ධීන්ට ගර්හා නොකට යුතුයි. යම් යම් කාරණා නිසා අන්‍ය භක්තිකයන්ටද පූජා කටයුතු වේ. එයින් උභය පක්ෂයේම අභිවෘද්ධිය සිදුවේ. එසේ නොකළහොත් තමන්ගේ ලබ්ධියට පාඩුද අන්‍ය ලබ්ධිකයන්ට අපකාරද වේ. ඉදින් යමෙක් තමන්ගේ නිකාය කෙරෙහි ආදරය නිසා හෝ තම නිකාය කෙරෙහි ගෞරවය පිණිස හෝ ස්වකීය ලබ්දියට පූජා කරමින් අන්‍ය ලබ්ධීන්ට නිග‍්‍රහ කෙරේ නම් හෙතෙම තම නිකායට හානි පමුණුවයි. එබැවින් සාමග‍්‍රිය උතුම් වේ. සියල්ලෝම ඔවුනොවුන්ගේ ආගම ධර්මයන් දැන ශ‍්‍රවණය කරත්වා. අනුන් අදහන ධර්මය ඇසීමට රුචි උපදවත්වා’

-අශෝක 12 සෙල්ලිපිය (ලක්දිව බුදුසමයේ ඉතිහාසය- වල්පොල රාහුල හිමි)

ඒත් අශෝකටත් වඩා බෞද්ධ බොබසෙ හරක් අදහස ගොඩක් හරක් එක්ක නෑකම් තියෙන පිරිස් විසින් කරට අරගෙන තිබුණ. සිංහල බෞද්ධයාට අප්සෙට් නිසා රටේම හරක් මරන එක තහනං කරන්න තමයි ඒ අයගෙ ඉල්ලීම වුණේ. බුදුන් දෙසූ දහමට වඩා හරක් එක්ක ළ`ග ජානගත සම්බන්ධයක් තියෙන චීවරයක් ලාගත් මනුස්සයෙක් දළදාව ඉස්සරහ ගිනි තියාගෙනත් මැරුණ. තව ගොඩක් අය ගිනි තියාගන්න පෝලිමේ ඉන්න වගත් කියල තිබුණ. තමන් ගිනි තියාගත්තත් අනුන් ගිනි තිබ්බත් මේ අවුළන්නෙ ප‍්‍රචන්ඩත්වය මිස අවිහිංසාවාදය ගැන කතාවක් නෙමෙයි.

හරක් මස් නොකන්නෙක් වුණත් හරකා ලකුණින් මේ අරගෙන යන සංස්කෘතික වාරණය, තහංචිය, පීඩනය ඉවසන්න අමාරු තැන මං හරක් මස් වලට මාරු වුණා. මේ වගේ ළමා සමාජ ඉල්ලීම් වලට විරුද්දව වීදි බහින්නවත් කැම්පේන් කරන්නවත් මහන්සි වෙන්නවත්  අවශ්‍ය නෑ. තමුන්ගෙ පාඩුවෙ වැඩිපුර බෙදාගෙන දිගටම හරක් මස් කන්න. ඒක මෙතැන් පටන් නිකං මස් කෑමක් නෙමෙයි තමන්ගෙ සහෝදර ප‍්‍රජාවකගේ ආහාර සංස්කෘතික නිදහස වෙනුවෙන් තමන්ගෙ කෑම පි`ගානෙන් ඇරඹෙන අරගලයක් වෙනවා. කවදාවත් නැතුව හරක් මස් කන එක සාමයේ, නිදහසේ, සහෝදරත්වයේ ප‍්‍රකාශනයක් වෙලා. ඒ වගේම වෙන රටවලින් මස් ආනයනය කරන්න සිද්ද වීමෙන් ජාතික ආර්ථිකය තවත් කඩන් වැටෙන එක නවත්තන්නත් ඒ පොඩි බීෆ් පි`ගාන ලොකු දායකත්වයක් දෙනවා.

ඔබ හරකා ලකුණද මිනිස් ලකුණද? තෝරා ගැනීම ඒ තරම් සරලයි.
ඉන්ෂල්ලා.

-චින්තන ධර්මදාස