Thursday, August 15, 2019

ජින්ජර්ස්නැප්ස්



ලංකාවෙ ගොඩක් අය ඒ ගොල්ලොන්ගෙ ළමා කාලෙට යන්න ආසාවෙන් පෙලෙනවා. විශේෂයෙන් නව යොවුන් කාලෙට. ඉස්කෝලෙ දවස්වලට. ඒ කාලෙ මාරයි කියනවා.
මට කවදාවත් මගේ නව යොවුන් කාලෙ මාර වුනේ නෑ. ඒක මහ චාටර්ම කාලයක්. ඉස්කෝලෙ යනවා කියන්නෙ මරනවා වගේ වැඩක්. මං හිතන්නෙ ඉහල මධ්‍යම පංතියක ඉපදිලා ලංකාවෙ මාස් සංස්කෘතියෙ බලපෑමෙන් නිදහස් වුන එකෙකුට ඇරෙන්න අනිත් හැමෝටම පොදු යතාර්ථය මේක. ඉස්කෝලවල ගුරුවරු කියන්නෙ මාර ගොං මිනිස්සු පිරිසක්. අපි ඉස්කෝලෙ යන කාලෙ හිටියා බඬේ බුරිය මිරිකලා ඒකෙන් උඩට උස්සන ගෝරිල්ලෙක් වගේ සර් කෙනෙක්. මිනිහා ළමයින්ට කතා කළේ ගඞ්ඩා කියල. තනිකර මානසික රෝගීන්. තව ටීචර් කෙනෙක් මං එකේ පංතියෙදි කිව්වා මං අඳින චිත‍්‍ර කැතයි කියල. එදා ඉඳන් මට චිත‍්‍ර අඳින්න බැරි වුනා. කිසිම පරිණත දැක්මක් තිබුනු කිසිම ගුරුවරයෙක් මට මගේ ඉස්කෝලෙ කාලෙ මුනගැහිලා නෑ.

මේ ළගදි ආනන්දෙ ඉන්න කාලෙ ගෝටට සිංහල උගන්නපු ටීචර් කෙනෙක් ගෝටා ගැන චරිත සහතික දෙනවා. ඒකෙන්ම තේරුම් ගන්න පුළුවන් ගුරු මනසක තරම. හූ ඉස් ලසන්ත කියල අහපු, ජාතිවාදය වපුරපු, මිනීමැරුම්, මිනිමෝරුන් ආදී ජන විශ්වාසයන්ට බඳුන්වුනු දුෂ්ටයෙක් තමයි ඒ සිංහල ඉගැන්වීමෙන් නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ වගේම ඒ දුෂ්ටත්වය ගැන කිසිදු සමාජ අවබෝධයක් තාමත් ඒ ටීචර්ට නෑ. සිංහල කියන්නෙ භාෂාවක් නෙමෙයි. ඒක සභ්‍යත්වයක්. තමන්ගෙ මතයට විරුද්ධවාදීන් ඝාතනය කරන මානසිකත්වයක් නම් ඒ භාෂාව හරහා නිර්මාණය වෙලා තියෙන්නෙ ඒ භාෂා ඉගැන්වීමෙ තියෙනවා බරපතල ප‍්‍රශ්නයක්.

නව යොවුන් වයසෙදි මට මුනගැහුන එකම ගුරුවරයා වුනේ සන්නස්ගල. මං හිතන්නෙ ලංකාවෙ නව යොවුන් මනස පුබුදන විප්ලවය තනියම කලේ සන්නා. ඒ කාලෙ ඉස්කෝලෙ ගොං සිංහල ඉගෙනගෙන සන්නාගෙන් සිංහල ඉගෙන ගන්න ගත්තම අපේ ජීවිත වෙනස් වෙන්න ගත්තා. අපි සිංහල වෙනුවට සංස්කෘතිය හොයන්න පටන් ගත්තා. ශිෂ්ටත්වය, නිදහස ජීවිතය කියවන්න උනන්දු වුනා. අපි දේශපාලනික වුනා.

කලිසම්වල දිග මනින, සපත්තු පොලිෂ් කොන්ඩෙ ගාලා කොල්ලො ස්ටයිල් කරන එක මර්දනය කරන්න හදන, කොන්ඩ කපන, වද දෙන පාසැල් සංස්කෘතියක් තමයි ලංකාවෙ තියෙන්නෙ. හැමදාම ගිනි අව්වෙ හිටගෙන ගාතා කියනවා මෝඩ කතා අහනවා. ඉස්කෝලෙට එන ළමයි විතරක් නෙමෙයි අම්මලාවත් ඇඳුම් සංවර කිරීම හරහා ශික්ෂනය කරන්න හදනවා. මට තාම තේරුම් ගන්න බෑ මිනිස්සු කොහොමද මේ කාලෙට කැමති වෙන්නෙ කියල.

ඒ කාලෙ ආතල් කියල කියන්නෙත් හරිම ස්ටීරියො ටිපිකල් ලොන්ත ආතල් ටිකක්. ගෑනු ඉස්කෝලෙකට තාප්පෙන් පනින එක, අපේ කාලෙ නං ඉස්කෝලෙ කට් කරලා ඇඩල්ට්ස් ඔන්ලි ෆිල්ම් එකක් බලන්න යන එක, බිග්මැච් පැරඞ් එකක හැට් කලෙක්ෂන් දදා යන එක, ස්කූල් බස් එකේ ෆුට් බෝඞ් එකේ එල්ලිලා කෑ ගගහා යන එක, ඔන්න ඔය වගේ කිසි තේරුමක් නැති ආතල් ටිකක් කොලූ ආතල් විදිහට සම්මත වෙලා තිබුන.

මේක බටහිර රටක තත්වෙත් එක්ක සංසන්දනය කලොත් හරියටම පේනවා අපි ඉන්නෙ කොතනද කියල. නව යොවුන් වයස කියන්නෙ ලිංගික මහා පිපිරුමක වයස. ඒක ළමා වයසෙන් වෙන් වෙන කාරනය ඒකයි. ඊයෙ අනුරාධාගෙ නව යොවුන් පොත් එලිදැක්වීමෙදි අමරකීර්ති මේ වයස් කාන්ඩ දෙකම එකට අරගෙන කතා කළා. ඒත් මගේ අදහස මේක එකට ගැනීමම නව යොවුනන් ළමයින් ලෙස සැලකීමේ අසාධාරනයට ලක් කිරීමක් කියල.

බටහිර රටවල යෞවනයො එක එක විලාසිතා කරන්න, මත් ද්‍රව්‍ය අත්හදා බලන්න, අලූත් අලූත් මියුසික් හොයන්න, කෙල්ලො එක්ක යාලූවෙන්න, බරක් පතලක් බැම්මක් වගකීමක් නැතුව ලිංගිකත්වය අත්හදා බලන්න නිදහස ලබන වයසක් මේ වයස. ගෙවල්වල කාමරවල පවා පෙම්වතුන් පෙම්වතියන් මුනගැහෙන සංස්කෘතියක් උන්ට තියෙනවා. අපේ නව යොවුන් සංස්කෘතිය කියන්නෙ මේ සියලූ දේවල් සිර කිරීම, නරක විදිහට ගැනීම, තහනම් කිරීම හරහා ගොඩනැගුන එකක්. වැඩිහිටියො තමන්ගේ බල ආධිපත්‍යය පෙන්වන කාලයක්.

උඹලා හම්බුකරන් කන කාලෙකදි කරපන්..
මේ වහල යට ඒවා බෑ..

මේ තමයි අපේ නව යෞවනයන්ට ලැබෙන නිදහස. උපරිම වෑයම උන්ව ළමයි විදිහට පවත්වාගෙන යන්න. කොල්ලෙක් කෙල්ලෙක් යාලූවෙන්නෙ නෑ. ඒක මාර ප‍්‍රශ්නයක්. ඉතිං අපේ කාලෙ අපි සෙක්ස් කලේ කොල්ලොත් එක්කමයි. මාරුවෙන් මාරුවට. කෙල්ලෙක් හොයාගැනීම බරපතල ප‍්‍රශ්නයක්. හොයාගත්තා මදිවට සෙක්ස් කරනවා කියන එක හීනයක්.

මේ කාලෙට ආපහු යන්න හිතෙන එක මට හිතෙන්නෙ වයස ගැන ප‍්‍රශ්නයක්. අපි නාකි වෙද්දි අපිට ආපහු යන්න  ඕන වෙනවා. කවදාවත් නව යොවුනෙක් ඒ වයසෙ ඉන්න කැමති වෙන්නෙ නෑ. උන් බලන් ඉන්නෙ ලොකු වෙන්න. තව නිදහස අත්පත් කරගන්න. ආශාවන් තෘප්තිමත් කරන්න. මං තාම බලන් ඉන්නෙ ලොකු වෙන්න. කිසිම දවසක වැඩිහිටියෙක් කියන හැගීම මට දැනිලා නෑ. මං හිතන්නෙ ඒක ඇන්දිල්ලක්.

නව යොවුන් කාලෙදි ජොබ් එකක්, කසාදයක්, ගෙයක්, පවුලක් වගේ දේවල්වලට අන්දනවා වගේම ඊට පස්සෙ තාත්තෙක්, ලොකු අයියෙක්/ අක්කෙක්, වගකීමක් වගේ දේවල්වලට අන්දනවා. ඒවා හදා නිම කරපු ආකෘති. අපි ඒවට ඇඳලා වැඩිහිටියො කියල හිතනවා. මං හිතෙන්නෙ ජීවිතය කියන්නෙ තව තවත් ලොකු වෙන දෙයක් කියල. ඒක පොඩි වෙන හෝ ආපහු හැරෙන දෙයක් නෙමෙයි.

ලංකාවෙ නව යොවුන් සාහිත්‍යය කියන එක අන්තිම කසිකබල්. අනිත් සාහිත්‍යය හොඳයි කියනවා නෙමෙයි. ඒත් මාර්ටින්, ඉලංගරත්න, කුලසේන ෆොන්සේකා වගේ ලේඛකයන් ලියපු යල්පැන ගිය, ඒ වයසෙ අවශ්‍යම සාධකය වුනු සෙක්ෂුවල් ඇඞ්වෙන්චර් කියන එක මගඇරපු කොපි සාහිත්‍යයක් ඒක. කරුනාසේන ජයලත් ඇති කරපු රැුල්ල විතරයි නව යොවුන් නාඩිය ටිකක් හරි අල්ලපු තැන.

මේ විදිහට වැඩෙන නව යොවුනා ඊට පස්සෙ ජාතිවාදියෙක්, ආගම්වාදියෙක්, ගෙම්බෙක්, ආදි ශිෂ්‍යයෙක් වෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ.

නව යොවුන් වයස ගැන මට ආපහු හිතන්න පෙළඹුවෙ අනුරාධා පරිවර්තනය කරපු පොතක්. ඒ කැතී කැසිඩි කියන ඉංග‍්‍රීසි ලේඛිකාව 2008දි ලියන ජින්ජර්ස්නැප්ස් නවකතාව. මේ වයස අළලා නිර්මාණය වෙන සාහිත්‍ය, සිනමා ජොන්රා එකට කියන්නෙ කමින්ග් ඔෆ් ඒජ් කියල. මේ කමින්ග් ඔෆ් ඒජ් රැුල්ලෙ තියෙනවා අමුතු වැඩක්. ඒවා ගොඩක් වෙලාවට රෙට්රො. සමහර ඒවා බලන්නෙත් ඒ වයසෙ අය නෙමෙයි. උදා විදිහට මේ කාලෙ ඉතා ජනප‍්‍රිය ස්ටේ‍්‍රන්ජර් තින්ග්ස් කියන්නෙ මරු කමින්ග් ඔෆ් ඒජ් වැඩක්. ඒ කතාව පුරාම දකින්න ලැබෙන්නෙ 80 දශකෙ දේවල්. ඒ කියන්නෙ අපේ පරම්පරාවෙ නව යොවුන් වයසෙ අත්දැකීම්. මේ වැඬේ කරන ඩෆ් බ‍්‍රදර්ස් කියන නිවුන්නු දෙන්නා 80දි ඉපදිලාවත් නෑ. ඒ ගොල්ලො ඉපදෙන්නෙ අනූගනං වල. ඒත් කමින්ග් ඔෆ් ඒජ් අත්දැකීමක් විදිහට නිර්මාණය වෙන්නෙ ආපහු අසූව.

මේක සෞන්දර්ය කාරණයක් වුනත් මේ ජොන්රා එකේ පොදු ගුනයක්. යම් විදිහක නොස්තැල්ජියාවකට මේ කලාපයේ නිර්මාණ ඇබ්බැහිවෙලා තියෙනවා. මං කැසිඩිගෙ ජින්ජර්ස්නැප්ස්වලට කැමති හේතුවත් ඒකයි. ඒක අතීතය වෙනුවට පවතින මොහොතෙ යෞවනය එක්ක ගනුදෙනු කරනවා. විලාසිතා කියන එක ජීවිතේ ලොකු කොටසක් වුනු, ආදරය, ලිංගිකත්වය ප‍්‍රහර්ෂය වුනු, දඩබ්බර යෞවනය ගැන කැසිඩි අතිශය සරල විදිහට චමත්කාර භාෂාවකින් කතා කරනවා.

චමත්කාර භාෂාවක් කියන්නෙ මුල මැද අග ගැලපුන හික්මවන ලද වාක්‍යවලින් සහ භාෂාවෙන් නිමවුනු කියන අදහස නෙමෙයි. ඒ වයසෙ උන්ට සෙට්වෙන, යන එන ගමන මැද වුනත් කියවන්න හිතෙන, හරිම තරුන, බිඳුනු භාෂාවක්. ඒක අනුරාධා අතින් පරිවර්තනයෙදි යම් පමනකට හික්මවලා තියෙනවා. මං හිතන්නෙ ඒක අසාධාරණයක්. ඒත් කැසිඩිගෙ ඒ සජීවී නහරය පරිවර්තනය පුරාත් නොමැරී ජීවත්වෙනවා. ඒක වාසනාවක්.

කමින්ග් ඔෆ් ඒජ් කියන වචනෙම තියෙනවා තරමක අවුල් තේරුමක්. මේ ජොන්රා එකට යෙදෙන තව නමක් තමයි බිල්ඩුන්ග්රෝමන් කියන්නෙ. ඒක ජර්මානු භාෂාවෙන් ආපු එකක්. මේකෙ තියෙනවා අදහසක් වැඩිහිටි විය දක්වා වර්ධනය වෙනවා වගේ එකක්. යම් අපරිණත අවධියක ඉඳන් පරිණතබවක් අත්පත් කරගන්නවා වගේ අදහසක්. මේ නිර්මාණ බහුතරයකගෙ තියෙන නැරටිව් එකත් මේක. යම් යෞවනයෙක් තමන්ගේ ජීවිතේ නොයෙක් අභියෝගවල මුහුනදීලා අවසානයේ අවබෝධය සහ ජයග‍්‍රහනය ලබනවා. උදා විදිහට සමාජයෙන් ප‍්‍රතික්‍ෂේප වෙලා කොන්වෙලා ඉන්න කෙනෙක් වුනත් අන්තිමට තමන් පිළිබඳ අවබෝධයක් ලැබීම තුලින් සමාජයට වඩා හොඳින් බද්ධ වෙනවා. මේක තමයි මේ ප‍්‍රබන්ධවල එන පොසිටිව් එන්ඞ් එක.

අපිට ඉතාම කිට්ටු නැරටිව් එකකින් මේක තේරුම් ගත්තොත් සිද්ධාර්ත චරිතය ලියවෙන්නෙත් මේ කමින්ග් ඔෆ් ඒජ් ෆෝමැට් එකට. ජීවිතේ කියන්නෙ මොකක්ද කියල අවුලෙන් අවුලට පත්වෙන සිද්ධාර්ත රජකම, තාත්තාකම පවා අත්ඇරලා ගිහින් අවුරුදු ගානක් දුක්විඳලා එක දවසක, එකපාරට සියල්ල අවබෝධ කරගන්නවා. ඊට පස්සෙ මේ ලෝකෙ විතරක් නෙමෙයි අනිත් ලෝකවල දෙවි බඹුන් පවා සාදුකාර දෙනවා. මේක තමයි නව යොවුන් ප‍්‍රබන්ධ ආකෘතිය. මේ අවබෝධය ලියවිලා තියෙන්නෙ ඒ විදිහට.

මේක නූතන කමින්ග් ඔෆ් ඒජ් ප‍්‍රබන්ධ අතරට එන්නෙ ඇමරිකානු බලපෑමෙන්. අතීතයේ සිදුවූ කිසි දේකින් වැඩක් නැත, තමන්ගේ හැකියාවෙන් දක්ෂකමෙන් අනාගතය ජයගැනීම  ඕන කෙනෙකුට කළ හැකිය කියන එක තමයි ඇමරිකානු මිත් එක. මේ විදිහට ජීවිතය ජයගැනීම සිද්ද වෙන්නෙ සමාජයේ පිලිගැනීමට ලක්වීමෙන්. මේ ඇමරිකානු මිත්‍යාව බි‍්‍රතාන්‍ය සහ ජර්මානු නව යොවුන් සාහිත්‍යයට බලපාලා තියෙනවා. මේ පදනමට කියනවා ක්ලැසිෆිකේෂන් ප‍්‍රින්සිපල් කියල. ඒ අනුව චරිතය හරිම ක්ලීන් නිශ්චිත අවසානයකට ළගාවෙනවා. තමන්ගේ ජීවිතය ගැන හැගුම්මය පාපොච්චාරනය කරමින් සමාජයට එකතු වෙනවා. ඒක තමයි ජීවිතය ජයගැනීම කියන්නෙ.

ප‍්‍රංශය විතරක් මෙතනදි වෙනස් මාවතක් ගන්නවා. ඒ යොවුන් සාහිත්‍යය පදනම්වෙන්නෙ ට‍්‍රාන්ස්ෆොමටිව් පි‍්‍රන්සිපල් කියල හැඳින්විය හැකි පදනමක. ඒකෙදි හැගුම්මය පාපොච්චාරනයේ ඇති වැඩක් නෑ. නැවත සමාජයට එකතු වීමෙන් ලැබෙන නිශ්චිත ජයග‍්‍රහන නෑ. ඒ වෙනුවට චරිතය තමන් ඇතුලෙන් සිද්ද වෙන පරිවර්තන ක‍්‍රියාවලියක අත්දැකීමක් ලබනවා. ඒ පරිවර්තනයෙන් සමාජයට හෝ අන්අයට හෝ සිද්දවෙන හොඳක් නරකක් නෑ. පවතින කන්සවේටිව් අදහසක ගිලූනු යොවුන් සාහිත්‍යයට වඩා ඒක සාධනීය එළඹුමක්.

මේ ජොන්රා එක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ සෙල්ෆ් රියලයිසේෂන් එකක් වගේ අත්දැකීමක් එක්ක. තමන් යනු කවුද, තමන්ගේ සුවිශේෂතා මොනවද වගේ දේවල් ගැන ප‍්‍රධාන චරිතය යම් විදිහක අවබෝධයකට පත්වෙනවා. මේක තමයි පරිණතවීම කියන්නෙ.

ඒක එක්තරා විදිහක මිත්‍යාවක්. අපිට එහෙම ඇත්ත සෙල්ෆ් එකක් තියෙනවද? එහෙම නිශ්චිත මමක් ඉන්නවද? අපි ඒ ඒ අවස්තා අනුව නිර්මාණය වෙන මමවල් ගානක එකතුවක් නෙමෙයිද? අපේ මම කියන්නෙත් වෙනස්වීම් සන්තතියක එක අවස්තාවක් නෙමෙයිද? මේ ප‍්‍රධාන මනෝවිද්‍යාත්මක යතාර්ථය බොහෝවිට කමින්ග් ඔෆ් ඒජ් ප‍්‍රබන්ධ වලදි මගහැරෙනවා.

ඒත් කැසිඩි තමන්ගේ සාහිත්‍යය මීට වඩා පරිණත දෘෂ්ටියක හසුරුවනවා. එයා බොළඳබව තුලින්ම ගැඹුර පසක් කරනවා. ඒ ජීවිතයට බාහිර වූ අවබෝධයක් ඒ ජීවිත මත පටවනවා වෙනුවට ඒ ජීවිත සංවේදනා ඇතුලෙම විවිධත්වය, විචිත‍්‍රත්වය අරන් එනවා. නිමාවක් කියල හිතුවත් නිමා නොවෙන හැගීම් වෙනස්වීම් බිඳවැටීම් අරන් එනවා. නව යොවුන් විය පැතලි ලෑල්ලක් වගේ කරනවා වෙනුවට බහුතලීය බහුමානීය විශ්වයක් කරනවා.

කැසිඩිගෙ භාෂාව මාරයි. සෑම් ටේලර් කියන සම්මතය ගානකට ගන්නෙ නැති කොල්ලව දැක්කම ජින්ජර්ස්නැප්ස් මෙහෙම කියනවා

‘එයාට තිබුනෙ චොක්ලට් පවා උනු කරන ඇස් දෙකක්’
ඒ දෙන්නා එකට මුනගැහුනම බ්ලූ ලෙමනේඞ් බොනවා. කටවල් නිල්පාට වෙනවා. ඒ අතරෙ පලමු හාදුව දැවටෙනවා. ඒක බ්ලූ ලෙමනේඞ් හාද්දක්.

කැසිඩි කතාව අතරෙ විවිධ වූ මියුසිකල් ජොන්රාස් සහ ෆියුෂන්ස් ගැන විස්තර කියනවා. ඒවා ගැන වෙනම ගිහින් හොයලා බලන්න උනන්දු කරනවා.

එයා කිලර් ට‍්‍රැක් එක අහන්නෙ.. එක තැනකදි කෙල්ලෙක් කියනවා.
ආපෝ.. ඒකෙන් මොකුත්ම කියවෙන්නෙ නෑ.. අපේ අම්මා අහන්නෙත් කිලර්.. අනිත් කෙල්ල උත්තර දෙනවා. අහන මියුසික්වලින්, කියවන පොත්වලින් මිනිස්සු ගැන තේරුම්ගන්න පුළුවන් කියල අපි පවා අහුවෙන මිත්‍යාව කැසිඩි ලොලිපොප් එකකින් ගහලා කුඩුකරනවා.

මේ අතරෙ හන්ටර් කියල අලූත් සර් කෙනෙක් පංතියට එනවා. කෙල්ලො ඔක්කොම සර්ට් ට‍්‍රයි. පලවෙනි දවසෙම සර් අහනවා ඔයගොල්ලො මොනවා හරි ලියනවද කියල.
පොත්, කවි, බ්ලොග්, විතරක් නෙමෙයි පොත කෙලවරේ අඳින කුරුටු, එස්එම්එස්, ටොයිලට් එකේ ලියන කුනුහරුප පවා මේ ලියනවා කියන එකට අයිතියි කියල සර් විස්තර කරනවා. හැමෝම එක මොහොතෙන් ලියන්නො වෙනවා.

නව යොවුන් විය කියන්නෙ ප‍්‍රකාශනයක් තියෙන වයසක්. ඒක ළමා වියෙන් වෙන්වන ප‍්‍රධාන තැනත් ඒක. හැම නව යෞවනයෙකුටම හරි හෝ වැරදි තමන්ගේ ප‍්‍රකාශනයක් තියෙනවා. ඒක ෆැෂන් ස්ටේට්මන්ට් එකක් වෙන්න පුළුවන්, මියුසික් වෙන්න පුළුවන්, යාලූවො වෙන්න පුළුවන්, පොලිටික්ස් වෙන්න පුළුවන්, ගෙදරට වෙලා නිදාගන්න එක වෙන්න පුළුවන්. අපේ ලංකාවෙ නව යොවුන් සංස්කෘතිය හැදිලා තියෙන්නෙ මේ ප‍්‍රකාශනය මරන්න.

කැසිඩිගෙ නවකතාවෙ අපි දකිනවා ගුරුවරු සහ ළමයි අතර සම්බන්ධය. ගුරුවරුන්ට බලයක් නෑ ළමයින්ව මෙහෙයවන්න. ඒ වෙනුවට ඒ හිතුවක්කාර, කැරලිකාර වයස කළමනාකරනය කරගැනීමේ වගකීම ගුරුවරුන්ට පැවරෙනවා. බුරියෙන් අඹරන, කන්පලන ගුරුවරු වෙනුවට ඒ දගකාර වයස ඉවසන ගුරු සම්ප‍්‍රදායක් බටහිර තියෙනවා.
මං මේ පොතට ඇබ්බැහි වුනා. ඒ ලියමන හිත සැහැල්ලූ කරන, ප‍්‍රබෝදමත් කරන එකක්. ඉනසන්ස් කියන එක පොත පුරා හැම චරිතයකින්ම දැනෙන්න ගන්නවා. වැඩිහිටියො විදිහට ඇඳගත්ත නැති යෞවනයො තමන්ගේ ජීවිතේ රිද්මය හොයාගෙන යනවා. අම්මලා තාත්තලා දොරෙන් එලියෙ තියල මේ ජීවිතවලට අදාල නිදහස් අවකාශය දිගහැරෙනවා.

මට ඒ නව යොවුන් වයස ගැන නම් ඉරිසියා හිතෙනවා. මං ලොකුවෙලා අනිවාර්යෙන්ම ඒක අත්පත් කරගන්නවා.

ජින්ජර්ස්නැප්ස් සිංහල පරිවර්තනය- සරත් සමයේ හැලුනු පත්
අහස ප‍්‍රකාශනයක්






Tuesday, August 6, 2019

උරග බුද්දියට ඉඩ දීම






මිනිස්සුන්ගෙ මොලේ බාහිකයේ අලූතෙන්ම පරිනාමය වුනු කොටසට කියන්නෙ නියෝකෝටෙක්ස් කියල. වෙන කිසිම සතෙකුට නැති තරම් ලොකුවට මේක මිනිස්සුන්ට පිහිටලා තියෙනවා. මිනිස්සු වර්ගයක් විදිහට අත්පත් කරගෙන තියෙන සියලූ දියුණුවට මේ නියෝකෝටෙක්ස් එක හේතු වෙනවා. කියන්නෙ සංගීතය, සාහිත්යය සහ ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නෙ මෙන්න මේ නියෝකෝටෙක්ස් එකේ රාතිහාර්යෙයන්.
මේක තමයි අපේ නිර්මාණශීලී කොටස. අපිව වානරයාගෙන් සුපිරි මානවයා දක්වා පරිවර්තනය කරන කොටස. අපේ අනාගතය නිර්මාණය කරන කොටස. ලංකාව වගේ රටක නං අඩුවෙන්ම පාවිච්චි වෙන කොටස කියලත් කියන්න පුළුවන්.

ඊට අමතරව මොලේ ඇතුලෙම ගුලිගැහිලා තියෙනවා රෙප්ටීලියන් බ්රේන් කියල හඳුන්වන කොටසක්. මේක හයීනාවන්ට මීයන්ට පවා තියෙන කෑල්ලක්. අපේ ආවේගශීලී, යාන්තරිකමය, ඉන්ද්රිය තෘප්තිය මූලික කොටස් බද්ධ වෙන්නෙ මෙතනට. ජාතිවාදය, ආගම්වාදය, ඇනකොටා ගැනීම් පත්තුවෙන්නෙ මෙතන. අතීතකාමය, ආපස්සට යාම සංඥා වෙන්නෙ මෙතන.

මේ රෙප්ටීලියන් බ්රේන් එක හින්ද මිනිස්සු වර්ගයක් විදිහට කාරණා තුනකින් අර්බුදයට යනවා. පලවෙනි එක ගෝතරවාදය. අපේ ගෝතරයට පිටින් එන එකා හතුරෙක් විදිහට ගැනීම. අයට විරුද්ධව රචන්ඩත්වය මුදාහැරීම. සිංහල බෞද්ද යැයි දැන් ආඩම්බරෙන් කියන ගොඩක් ලක්ෂන. එල්ලූං ගහ  ඕන කියන අයගෙ වගේම පැලෝපීය නාල බුද්දිමතුන්ගේ ලොකුවටම වැඩ කරන්නෙ මේ හයිනාවන්ගේ මොලය.

දෙවෙනි එක තමයි කෙටි කාලීන සිතීම. දුර බලලා පළල් විදිහට කරුණු තේරුම් ගැනීමේ හැකියාවක් මේ උරග බුද්දියට නෑ. වෙනුවට ` වාසි බලාගෙන ගන්න තීරණ හින්ද පසුව කෙලවාගැනීමක් තමයි මේ බුද්දියේ උරුමය. කොයිතරම් කරුනු කාරණා දත්ත විදිහට ඔප්පු වුනත් තමන් එල්බගෙන ඉන්න අදහස උරග බුද්දිමතුන් වෙනස් කරන්නෙ නෑ. ෂාෆි වඳ සැත්කම් කළේ නෑ කියල විද්යාත්මකව ඔප්පු කරත් පිලිගන්න බෑ කියලා මොරදෙනවා ඇහෙන්නෙ මේ උරග බුද්දි මහිමය. මේකෙන් වෙන ලොකුම හානිය සමාජයේ පුද්ගලික සහ සාමූහික අනාගතයට කෙලවෙන එකයි.

උරග බුද්දිය නිසා ඇතිවෙන තුන්වෙනි ලක්ෂනය තමයි තමන් වෙත නැවත හැරී බැලීමේ දැක්මක් අහිමි වීම. තමන්ගේ අදහස් දිහා තාර්කිකව බලන්න බැරි වීම.  ඇකඩමික් ආචාර්ය මහාචාර්යවරුන් පවා මේ උරග බුද්දියේ සීමාවට යටත් වෙනවා. විද්යාව බැහැර කරනවා. නාත දෙයියො වගේ මිත්යා පතුරනවා.

මිනිස්සු මේ උරග බුද්දිය නිසා තමන්ට කෙලවෙන වග අවබෝද කරගත්තා. හින්ද හයිනා චර්යාවන්ගෙන් ගැලවෙන්න නීතිය, දර්ශනය, අධ්යාපනය, විද්යාව, වගේම රාජ්යයන් නිර්මාණය කරගත්තා. මේ හැම දේකම මූලික අරමුන වුනේ උරග බුද්දියේ බලපෑමෙන් නිදහස් වෙලා නියෝකෝටෙක්ස් එකේ රාතිහාර්යයන් අත්විඳින එක. යම් පමනකට මේ විදිහට කෙලවාගැනීම අවම කරගන්න පුළුවන් වුනා. ඒත් මේ නිර්මාණය වුනු දේවල්ම නැවත උරග බුද්දිය විසින් අත්පත් කරගන්න පටන් ගත්තා.

මිනිස්සු වර්ගයක් විදිහට මුහුන දෙන දරුණුම තත්වය වෙන්නෙ මේක. අපේම මොලය ඇතුලෙ තියෙන මේ අසමතුලිතතාම. වෙන විදිහකට කිව්වොත් ඉතාමත් නිර්මාණශීලී අදහස් උරග බුද්දිමතුන් අතින් මෙහෙයවන එක. උදා විදිහට ලෝකයේ න්යෂ්ටික බලය කියන්නෙ ඉතා දියුණු සොයාගැනීමක්. ඒත් ඒක වඳුරෙකුගේ අතේදී අන්තිම භයානක ආයුදයක්. වඳ සැත්කම් ගැන පත්තර නිව්ස් එකේ ඉඳන් මහා යුද්ද ඇතුලූ මිනිස් වර්ගයාම අතුගෑවී යන තරමෙ දැවැන්ත ව්යසන සිද්ද වෙන්න විශාල නියෝකෝටෙක්ස් එකක් සහ ඒක සම්පූර්නයෙන්ම පාලනය කරන්න පුළුවන් තරමෙ උරග බුද්දියක් පැවතීම හේතු වෙනවා.

ආචාර්ය මහාචාර්යවරුන් වෙලා දැනුම පවා ඉතාම පටු ගුහාවාසී අරමුනු වෙනුවෙන් පාවිච්චි වෙන්නෙ මෙන්න මේ නොගැලපෙන ගැලපීම හින්ද.

එක එක පුද්ගලයා ඇතුලෙ වගේම සමාජයක් විදිහටත් මේ නියෝකෝටෙක්ස් සහ රෙප්ටයිල් බ්රේන් ගැටුම තේරුම් ගන්න පුළුවන්. නිර්මාණශීලී අදහස්, නිදහස, සමානාත්මතාව වගේ දේවල් යෝජනා කරන සුලූතරයක් පරයා අබසරන දෙසන බහුතරයක නියෝජනය එලියට කියන්නෙ ලංකාව සමස්ත බුද්දියක් විදිහට වැඩ කරන දිශාව. අපි ජාතියක් හැටියටම නියෝකෝටෙක්ස් එකේ හැකියාවන් ඊට සරිලන පරිණත බුද්දියකින් මෙහෙයවන උත්සාහයනට වඩා උරග බුද්දියෙන් මෙහෙයවෙන එකටයි පක්ෂපාත. අපිව පාලනය කරන ඒකාධිපතියෙක් ගැන ඉල්ලීම්, කෙටිකතාවක් ලිව්වට හිරේ දාන නීතිය කනපිට ගැසීම්, චයිත්ති හදලා රට ගොඩනගන අනාගත නායකයො බිහිවෙන්නෙ මේ උරග බුද්දියේ උරුමයෙන්.

රෙප්ටයිල් බ්රේන් එකේ බලපෑමෙන් මිනිස්සුන්ට නිදහස් වෙන්න පුළුවන් මාර්ගය කියල යෝජනා වෙන්නෙ ආදරය. මේ කියන්නෙ නැවතත් මගේ ගෑනි මගේ මිනිහා කියල මරාගෙන මැරෙන උරග සීමාවෙම පවතින පේරමය නෙමෙයි. වෙනුවට ආදරයේ වර්ග තුනක් ගැන මෙතනදි කතා වෙනවා.

පලවෙනි ආදර විදිහ අනෙකාට ආදරය කිරීම. අනෙකාත් තමන් වගේම හැගීම් දැනීම් ඇති මනුස්සයෙක් විදිහට තේරුම් ගැනීම. තමන්ට කෙලවන්න හෝ හතුරුකම් කරන්න එන දුෂ්ටයෙක් විදිහට දකින දැක්මෙන් බැහැර වීම.

දෙවෙනි ආදරය නූපන් පරපුරට ආදරය කිරීම. කියන්නෙ තමන්ගෙන් පස්සෙ පවතින මිනිස්සු ගැනත් හිතලා කටයුතු කිරීම. ගහකොල සතාසීපාවා වගේ ස්වභාවික සම්පත් අනාගතය වෙනුවෙනුත් ඉතිරි කරන ¥රදර්ශීබවකින් වැඩ කරන එක.

තුන්වෙනි ආදරය සත්යයට ආදරය කිරීම. තමන් පිලිගන්න හෝ එල්බගත් මතය මොකක් වුනත් තාර්කකිව, විද යාත්මකව කරුණු සලකා බලමින් සත්යය තේරුම් ගන්න තියෙන විවෘත මනස. සුගතපාලද සිල්වා කියන විදිහට තමන්ව කනපිට ගහලා බලන්න පුළුවන් හැකියාව.

මෙන්න මේ ආදර පිළිවෙත් තුන වෑයමෙන් පිරීමෙන් උරග බුද්දියේ හූනියමට අහු නොවී ඉන්න පුළුවන් කියල අදහස් කරනවා.

වයි හියුමිනිටි ඩිස්ට්රොයිඞ් ඉට්සෙල්ෆ් කියන ස්කූල් ඔෆ් ලයිෆ් වීඩියෝවෙ මේ කතාව අහගෙන ඉන්න අතරෙ අනිත් පැත්තෙන් යෝජනා වුනා ලෙනාඞ් කොහෙන්ගෙ කතාවක්. මං ලෙනාඞ් කොහෙන්ට ආස හින්දම ලින්ක් එක ක්ලික් කළා.

නියෝකෝටෙක්ස් එකෙන් ලැබෙන සංගීතමය හැකියාව ආශ්චර්යයක් විදිහට එලියට අරන් එන්න පුළුවන් වුන කෙනෙක් ලෙනාඞ් කොහෙන්. කැනේඩියානු සංගීතඥයෙක් වුනු කොහෙන්ට තියෙන්නෙ පුදුම තරම් දැනෙන ගැඹුරු හඩක්. වගේම එයා ලියනවා විශ්මිත වචන..

''ඇවිලෙන වයලීනයක් සමග ඔබේ සුන්දරත්වය තෙක් නැටුමෙන් මා රැුගෙන යන්න
වික්ෂිප්තබව තුලින් මා නැවත ආරක්ෂාවෙන් එකලස්වන තුරු නැටුමෙන් මා රැුගෙන යන්න.
ආදරයේ කෙලවර දක්වා නැටුමෙන් මා රැුගෙන යන්න..''

ඝාතන කඳවුරුවල මරා දමන්න ගෙන යන අතර වැයෙන සංගීතය ගැන කොහෙන් ගායනා කරනවා. ආගම, දේශපාලනය, ආදරය, ආධ්යාත්මය වගේ පැතිරුනු කාරණා ගැන රඥාවේ ස්වරයෙන් ගායනා කරන  කොහෙන්ගේ ` ආනුභාවසම්පන්නයි. හින්ද එයාට ස්පාඤ්ඤයේදී රාජකීය ගෞරවය පිරිනමනවා. එතනදි කොහේන් කතාවක් කරනවා. උරග මනසෙන් අතිමිදෙන්න පුළුවන් වුනු මිනිහෙකුගෙ පැවැත්ම මට කතාව ඇතුලෙන් දැනුනා.

මට මගේ සිංදු වෙනුවෙන් සම්මානයක් ගන්න එක ටිකක් නුහුරුයි, අමුතුයි වගේ. මොකද මං ඇත්තටම දන්නෙ නෑ සිංදු කොහෙන් එනවද කියල. එහෙම දන්නවා නං මං නිතරම එතනට යනවා. හින්ද මේක හරියට මං නොකරපු දේකට සම්මානයක් ගන්නවා වගේ. කොහෙන් නිරංහකාරව කියනවා.

දෙවනුව එයා ස්පාඤ්ඤ පොලොවට තමන්ගේ රනාමය පලකරනවා. එයාගෙ ගිටාරය ස්පාඤ්ඤයේ නිෂ්පාදිත කොන්ඩෙ වර්ගයේ ගිටාරයක්. ගිටාරය හීලියම් තරම් සැහැල්ලූයි කියල එයා කියනවා. ලීයෙන් දැනුන ජීවමාන සුවඳ එයා මතක් කරනවා. එවන් සුන්දර නාදයන් නිර්මාණය කරන ලී හැදෙන ස්පාඤ්ඤ පොලොවට කොහෙන් ආචාර කරනවා.

තුන්වෙනුව එයා එයාගෙ ගුරුවරයෙක් ගැන මතක් කරනවා. ගෙවල් එහා පැත්තෙ පිට්ටනියට ඇවිත් ගිටාර් ගහමින් හිටපු නාඳුනන ස්පාඤ්ඤ තරුණයෙක්. එයා ඉතාමත් ලස්සනට ගිටාරය වයනවා. කොහෙන් එයාට කියනවා ඇවිත් තමන්ට වාදනය උගන්නන්න කියල. තරුනයා එනවා. ඇවිත් දවස් කීපයක් කෝඞ් කීපයක් වාදනය කරන්න කියල දෙනවා. ඊට පස්සෙ තරුණයා අතුරුදන් වෙනවා. පස්සෙ කෝල් කරලා බලද්දි තරුණයා සියදිවි නසාගෙන වග කොහෙන් දැනගන්නවා. තරුණයා කවුද, එයා මොනවා කරමින්ද හිටියෙ, දිවිනසා ගත්තෙ ඇයි ආදී කිසි දෙයක් කොහෙන් දන්නෙ නෑ. ඒත් තරුණයා කියල දීපු කෝඞ් කීපය පාවිච්චි කරලා තමන්ගේ සිංදු සියල්ලම නිර්මානය වුනු වග කොහෙන් මතක් කරනවා.

එදා ස්පාඤ්ඤයෙදි තමන්ට ලැබෙන රාජ් ගෞරවය එයා තමන්ගේ සංගීතය හා බැඳුනු ස්පාඤ්ඤ ආත්මයන් එක්ක බෙදාගන්නෙ විදිහට.

උරග බුද්දියෙන් ගැලවෙන්න පුළුවන් වුනු නියෝකෝටෙක්්ස් මානවයෙක් තමන්ගේ  නිර්මාණශීලී දක්ෂතා එක්ක පළල් විදිහට ලෝකය නැවත සම්බන්ද කරන්නෙ කොහොමද කියන එකට කොහෙන් මේ කරන කතාව මට දැනෙන උදාහරනයක් වුනා. තමන්ගේ ගෝතරය, තමන්ගේ බිම, තමන්ගේ පවුල, තමන්ගේ ජයගරහන ගැන උද්දාම වෙන කුඩා වානර මනස් අතර වගේ ආර්ටිස්ට්ලා බිහිවීම බුදුවරුන් බිහිවෙනවා වගේ දෙයක්.

''ගනුදෙනුකරුවා ඔබ නම් මං තරගයෙන් ඉවත් වෙන්නම්
සුවකරන්නා ඔබ නම් පෙලෙන්නා මං විය යුතුයි
ජයගරහනය ඔබේ නම් ලැජ්ජාව මගේ විය යුතුයි
ඔබට  ඕන වුනේ අඳුරයි
අපි නිවා දැම්මේ පහනයි...''