දීප්ති
ගැන මේ විදිහෙ හඳුන්වාදීමක් දැක්ක පළවෙනි වතාව. ඒත් මාත් ඒ ගැන කල්පනා කෙරුවා. දීප්ති ලංකාවෙ සංස්කෘතික විශ්වයක් නිර්මාණය කරපු චරිතයක්. ඒක කණ්ඩායම් වැඩක් කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒ කණ්ඩායම දීප්තිගෙ නිර්මාණය. කණ්ඩායමේ අභ්යන්තරය විසින් ඒකාධිපතියෙක්, ආඥාදායකයෙක් වගේ දීප්ති ගැන කරපු චෝදනා මට ඒ තරං බරපතල නෑ. හැම සංස්කෘතික වෙනසක් යෝජනා කරන්නෙක්ම ආඥාදායකයෙක් තමයි මට අනුව. බුදුන් ගත්තත් ජේසුන් ගත්තත් නබිනායක ගත්තත් ඒක එහෙමයි. ප්‍රජාතාන්ත්‍රවාදය හෝ වෙනයම් පරණ ආකෘතියක අදහසින් ඒ වගේ අලූත් වෙනසක් නිශේධනය වෙනවා මිසක් කොහොමවත් ඵලදායී දෙයක් සිද්ද වෙන්නෙ නෑ. ඒක වැඩි දෙනෙක් එක`ග අන්තය තෝරා ගැනීමෙන් ශක්තිමත් වීම. වැඩිදෙනෙක් එක`ග අදහසක් දියුණු අදහසක් වෙන්නෙ කලාතුරකින්. හිට්ලර් වුණත් අපිට තියන්න වෙන්නෙ ඒ පේලියෙ. සමහරු සොඳුරු අඥාදායකයො. තවත් සමහරු භයානක අන්ත වලට යනවා.
එක්ස්
කියන්නෙ ලංකාවෙ එක්තරා සංස්කෘතික අවකාශයක්. විප්ලවයක්. තව ඕන
නමකින් හඳුන්වන්න පුළුවන්. අපේ කතිකා නිර්මාණය වුණේ ඒ සංස්කෘතික විශ්වය ඇතුලෙ. ලංකාවෙ ඇකඩමික් චරිත විසින් මස්තබාල්දු කරල තිබ්බ දාර්ශනික සිතීම් දේශපාලනික භාවිතයක් ඇතුලට අරන් ආවෙ ඒ සංවාද වලින්. ඒත් ලංකාවෙ දීප්තිට ඒ අවශ්‍ය සීරියස් පිළිගැනීම ලැබුණෙ නෑ. ඒ නොලැබීම පුද්ගලික තැනකට වඩා සමාජමය තැනකින් එක්තරා ඉදිරි පියවරක් ප‍්‍රමාද කළා කියල මට හිතෙනවා. දීප්ති ඉවර වෙන්න පටන් ගත්තා. අන්තිමට පැපරාසියා දක්වා පල්ලම් බැස්සා.
පැපරාසියා
කියන්නෙත් කල්ට් වැඩක්. ඒත් ඒක සිද්ද වෙන්නෙ එක්ස් කණ්ඩායම විසින් නිර්මාණය කරපු අඳුරු පැත්ත හරහා. අඩුම තරමෙ පැපරාසියා අරාජිකවාදී වත් වුණා නම් මොකක් හරි දෙයක් වෙන්න තිබුණා. ඒ වෙනුවට ඒ ප්‍රකාශනය හැම තිස්සෙම කන්යා සිවි වර්ගයේ සදාචාර මිණුම් ද`ඩු උඩ නවතිනවා. බඩු ගහපු කතා, සල්ලි වංචා මේවා උඩ සදාචාරීද නැද්ද කියන එක තමයි මං කියවපු ගොඩක් ලිපි වල විවේචනයෙ පාදම වුණේ. ඒක ග‍්‍රාම්‍යයි. නාගරික වෙනසක් වෙනුවෙන් සංවාද කරත් එක්ස් කණ්ඩායම ෆේල් වුණේ මේ ග‍්‍රාමීය ඇත්ත එලියට එන්න ගත්ත හින්ද. පැපරාසියා ඒකෙ නෂ්ටාවශේෂයක් විදිහටයි මං දකින්නෙ. එතකොට දීප්ති සහ පැපරාසියා එක්වීම අපි කියවාගන්නෙ ඕන
කොහොමද? මං තාමත් කැමතියි ඒක උපාය මාර්ගයක් විතරයි කියල පිළිගන්න. ඒත් මේ දවස් වල ගොඩක් වෙලාවට උපාය මාර්ගයට පිටින් මොකක් වත් නෑ.
කාලෙකට
පස්සෙ ඉස්තෙබාන්ව හම්බුණා ඔෆිස් එකෙන් පස්සෙ චැට් එකක් දාන්න.
‘මචං,
උඹ රූස්වෙල්ට් ගෙ ස්පීච් එක අහලා තියෙනවද?’ ඌ කතාව පටන් ගත්තෙ එහෙම. රූස්වෙල්ට් කියල ඉස්තෙබාන් කිව්වෙ තියොඩෝර් රූස්වෙල්ට් (ටෙඞී) ට. ඇමරිකාවෙ 26 වෙනි ජනාධිපතිට. එයා රිපබ්ලිකන් පක්ෂෙන් බලයට ආවෙ. ප්‍රගතිශීලී පෙරමුණට එයා දීපු නායකත්වය නිසා වගේම එයාගෙ කව්බෝයි ස්ටයිල් එකේ පෞර්ෂය නිසා රූස්වෙල්ට් කැපී පෙනෙන ජනාධිපතිවරයෙක් වුණා. ස්වභාවවාදියෙක්, ගවේෂකයෙක්, දඩයක්කාරයෙක්, ලේඛකයෙක් සහ සොල්දාදුවෙක් විදිහට එයාට තියෙන ප්‍රසිද්ධියත් දේශපාලනඥයෙක් විදිහට තියෙන ප්‍රසිද්දිය තරම්මයි. ඉස්තෙබාන් මතක් කළේ රූස්වෙල්ට් ගෙ ප‍්‍රසිද්ද කතාවක්.
‘විචාරකයා
නෙමෙයි වැදගත් වෙන්නෙ. ශක්තිමත් මිනිස්සු ගත්ත මහන්සිය ගැන දොඩවන හෝ ඒ දේ වඩා හොඳින් කරන්න තිබුණු විදිහ කියන අය නෙමෙයි වැදගත් වෙන්නෙ.
පූර්ණ
ගෞරවය ලැබෙන්න ඕන
ඇත්තට ඒ සටනෙ ඉන්න මිනිහට. දූවිල්ලෙන් දහඩියෙන් සහ ලෙයින් මුහුණෙ කැළැල් වැටුණු ඒ සටන්කාමියාට. වැරදි වැරදි ආපහු උත්සාහ කරන ඒ මිනිහට. වැරදීම් නැති උත්සාහයන් ලෝකෙ නෑ. ඒත් ඒ දේ කරන්න ඇත්තට මහන්සි වෙන මිනිස්සු, ඒ ගැන අධිකතර ආශාවකින් කැපවෙන මිනිස්සු, ඒ අරමුණ වෙනුවෙන් ජීවිතය පුදන මිනිස්සු, අවසානයේ ජයග්‍රරහණයේ උත්තුංග ප්‍රීතිය හොඳින්ම දන්නේ ඔවුන්. පරාජය
වුණත් නිර්භීතව පරාජය ලබන ඒ මිනිස්සුන්ටයි ඒ ගෞරවය හිමි වෙන්නෙ. එහෙම නැතුව මේ බියගුළු යටත් උන් ජයක් වත් පරාජයක් වත් ගැන දන්න උන් නෙමෙයි’
තියඩෝර්
රූස්වෙල්ට් මේ කතාව කියන්නෙ පැරීසියෙදි, ජනරජයක් තුල පුරවැසියන් ගැන කතාවක් කරගෙන යන අතරෙ.
’මචං
මං කියන්නෙ රූස්වෙල්ට් මේ කියන කතාව පරණයි. අපි හැමෝම මේක දන්නවා. මේවා එක කාලෙක මොනාට හරි වැඩ කරන්න ඇති. ඒත් දැන් අපි මීට වඩා එහාට යන්න ඕනි.
මේවා ලස්සන බොරු’
ඉස්තෙබාන්
කියන කතාව මට ටිකක් දිගට පැහැදිලි කරන්න වෙනවා. එයා කියන්නෙ,
‘එපා,
එපා, එපා, එපා කවදාවත් උත්සාහය අත් අරින්න එපා’ වගේ කතන්දර දැන් හැමෝම බොරු කියලා දන්න ඒත් ලස්සන නිසා ෆේස් බුක් අප්ඬේට් කරන්න වගේ තියන් ඉන්න අදහස් කියලා.
උදාහරණයක්
විදිහට දෙන්නෙක් තරගෙකට ඉදිරිපත් වෙද්දි අපි ඇවිත් කියනවා,
‘උඹට
පුළුවන්. අනිවාර්යෙන්ම උඹ දිනනවාමයි’ කියලා.
අපි දෙන්නටම මේ එකම කතාව කියනවා.
මේ
කියන මොහොතෙම අපි දන්නවා මෙතනින් එක්කෙනයි දිනන්නෙ කියන එක. ඒක තරග කරන දෙන්නත් දන්නවා. ඒත් ‘හොඳ හිත’ වගේ අදහසකින් අපි මේ බොරුව කියනවා. ඉස්තෙබාන් ගෙ අදහස මේවා ‘ලස්සන බොරු’ කියන එක.
ඒ
අනුව ඇඞ්වර්ටයිසින් වලින් හැම තිස්සෙම නිර්මාණය කරන්නෙ ‘ලස්සන බොරු’.
අපි පැණි රහට බොරුවක් හදලා විකුණන්න දානවා. ඒත් ඉස්තෙබාන්ගෙ මේ උදාහරණෙට මං විරුද්ද වුණා.
‘අපි
ලංකාවෙ ඇඞ්වර්ටයිසින් වලින් නං හදන්නෙ ‘කැත බොරු’.
කටේ තියන්න බැරි ඒවා. මට තාම හිතාගන්න බෑ ඒවා විකිණෙන්නෙ කොහොමද කියල’
ඉස්තෙබාන්
කියන්නෙ තවදුරටත් මේ විදිහෙ ලස්සන බොරු වලින් සමාජය ගෙනියන්න ඕන
නෑ කියල. ඒවා එක්ස්පයර්ඞ් සහ ඒවායින් තවදුරටත් සමාජ ඵලදායිතාවක් අත් වෙන්නෙ නෑ කියන අදහස. ඒ වෙනුවට එයා යෝජනා කරන්නෙ අපි ඇත්ත ලස්සන කරමු කියල.
මේක
නිකං සරල පෝස්ට් කාඞ් වර්ගයේ කතාවකට වඩා ගැඹුරකින් ඉස්තෙබාන් යෝජනා කරනවා. උදාහරණයක් විදිහට තරගකාරයන් දෙන්නව දිරිමත් කරන කතාව වෙනස් විදිහකට කරන්නත් පුළුවන්.
‘මේ
තරගෙන් දින්නනෙ දෙන්නගෙන් එක්කෙනයි. ඒත් ඒ එක්කෙනෙක් දිනන්නෙ අනිත් කෙනත් තරග කරන නිසා. තරග කිරීමයි වැදගත් වෙන්නෙ’ බොරුව
ලස්සන කරනවා වෙනුවට ඇත්ත බාර ගන්න පුළුවන් තැනකට ගේනවා. මරණය ගැන බයට නිර්වාණය හෝ ස්වර්ගය යෝජනා කරනවා වෙනුවට මරණය බාර ගන්න පුළුවන් තැනකට ජීවිතය පරිණත කරනවා.
ඇඞ්වර්ටයිසින්
පැත්තෙන් ගත්තොත් මේ වෙනස මං කාලෙක ඉඳන් බලාපොරොත්තු සහගතව බලන් ඉන්න වෙනසක්. මොකක් හරි බඩුවක නැති ගුණ ගැන බොරු කියනවා වෙනුවට පොඩි හරි වෙනසක් වෙනුවෙන් බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන විදිහෙ කැම්පේන්. අලූත් අදහසක්, සංස්කෘතික වෙනසක් (හොඳ හෝ නරක
) වෙනුවෙන් ආයෝජනය කරලා ඒ වෙනස තමන්ගෙ වෙළඳපොල කර ගන්න එක. වෙළඳපොලක් ඇති කිරීම කියන්නෙ මට අනුව නෙගටිව් දෙයක් නෙමෙයි. ඒත් ඒක නිකම්ම පොලක් නොවෙන්න ඕන.
සංස්කෘතික ආයෝජනයක් සිද්ද වෙන්න ඕන
කියන අදහස. ලස්සන බොරුවක් වෙනුවට ඇත්තක් ලස්සන කරන එක.
ඉස්තෙබාන්
එයා දන්න සටන් කලාව ඇතුලෙන් එයාගෙ අදහස පැහැදිලි කරන්න ටරයි කළා.
‘මචං
මං ආසම ෆයිටර් කෙනෙක් ඉන්නවා ෂෝගන් රුආ කියල. ඌ මාර කැපවීමකින් ඒ වැඬේ කරන්නෙ. උගේ ලයිෆ් එකම ෆයිටින්. ඌත් එක්ක ෆයිට් කරන්න වැටුණා ජොන් ජෝන්ස් කියල එක්කෙනෙක්. එයා එච්චර ඩෙඩිකේටඞ් නෑ. ඒත් ඇ`ගපත පට්ට ලොකුයි. අත් දෙක දිග ඇරියම අඩි හතක් විතර. ඉතින් මේ දෙන්නා ෆයිට් කරලා චැම්පියන් වුණේ ජොන් ජෝන්ස්. ඒක අපි කලින්ම දන්නවා මචං. ඒක බේස් එක විදිහට බාර ගන්න ඕන.
ෂෝගන් කොච්චර ට්‍රයි කළත් අර යකා උගේ ඉපදෙන කොට ආපු දේවල් හින්ද ඌ දිනනවා. එතකොට උත්සාහවන්තයා ජයගනී වගේ කතා බොරු මචං. ඒවා හින්ද මිනිස්සු වේස්ට් වෙනවා. අපි හිතන ස්ටයිල් එක මාරු කරන්න ඕන’
ඉස්තෙබාන්
කියන්නෙ ඒ වගේ බොරු වෙනුවට ඇත්ත බාර ගන්න තරමට අපි ලොකු ළමයි වෙන්න ඕන
කියල. ඒක ලස්සන අදහසක්. තව ටික ටික පැතිරෙන්න වටිනවා.
-චින්තන
ධර්මදාස